.

.

Feb 22, 2012

පයිරට්ස්, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව - Pirates, Somalia and Sri Lanka


පයිරට්ස් කියන්නේ මුහුදු මංකොල්ළකාරයන්ටය. ඉතිහාසයේ ඔය වැඩේට කප් ගසා තිබුනේ අරාබීකාරයෝය. දැන් ඒකට ප්‍රසිද්ධ ඒ කිට්ටුවම ඉන්න කස්ටියක්ය. ඒ සෝමාලියාවේ පයිරට්ස්ලාය. දෙන්නේ නියම ගේම්ය. ඒ රටේ නීතියක් නැතිය. රටම ජිවත් කරවන්නේ පයිරට්ස්ලාය. තුවක්කු, කඩු, පොලු අරගෙන බෝට්ටුවල නැගලා ගොස් නැව් මංකොල්ලකනවාය. නැවියෝ, මාළුකාරයෝ ප්‍රාණ ඇපේට අරන් කප්පම් ඉල්ලනවාය. නියම ඉන්කම් එකය. උන්ව මතක් උනේ මෙහෙත් වෙන්නේ ඒකම නිසාය. ආචාරියෙක් හා ගෝලයෝ රොත්ත රඟපෑ අලිබබා සහ හොරු හතලිහ, එකිනෙකා මරාගත්තේ ඊයේ පෙරේදාය. එකෙකුටවත් අනතුරක් නැතිය. එසේ වන්නත් බැරිය. මොකෝ නඩු අහන උනුත් කරන්නේ ඒකමය. ආචාරියා ප්‍රසිද්ධියේ කොරන දේ අනික් උන් කරන්නේ මාට්ටූ නොවෙන්නය. රට සාසනේ ආරක්සා කරන බුද්ධ පුත්‍රයෝ උන් සම්මාන වලින් පුදනවාය. අවුලකුත් නැත්තේය. උන්වහන්සේලාත් කරන්නේ ඒකමය.

ඊයේ පෙරේදා අපේ මාළු කස්ටියක් සෝමලියන් එවුන් අල්ලගෙන කෝටී 60 ක් ඉල්ලනවාය. එහෙම දෙන්න අපේ ළඟ සල්ලි නැතෙයි කියා මාළු ඇමති අඬනවාය. එහෙම කියලා අපේ මංකොල්ලකාරයෝ ඩීසල්, පැස්ටෝල්, බූමීතෙල්, විදුලි බිල ඔරොත්තු නොදෙන ප්‍රතිශතවලින් වැඩිකරලාය. බුද්ධිමත් ජනතාවට මල පැනලාය. ලොක්කාටත් පැනලාය. විමලේටත් පැනලාය. යුද්දේ තියෙන කාළේ යුද්දේ පෙන්නා සුද්ද කලාය. දැන් ඇති යුද්ධයක් නැත්තේය. දැන්..

ඔන්න බබෝ බිලු එනවෝ..
ලොක්කා බෙල්ලෙන් අල්ලනවෝ..
ජිනීවාවේ ගෙනයනවෝ...
විදුලි පුටුවේ ඉන්දනවෝ....

කියා අපිව බය කරනවාය. එතකොට බුද්ධිමත් ජනතාව ලොක්කා බේර ගන්න මරාගෙන මැරෙනවාය. නමුත් එහෙම මැරෙන්නේ කන්න දෙනවානම් විතරය.

කන්න දෙනවනම් බොන්න දෙනවානම් අපේ උන් ඕන දෙයක් කොරනවාය. ලොකකලා, විමලෙලා, ඩල්ස්ලා තේරුම් නොගත්තේත් එයමය. මේ සැරේ බිල්ලා පෙන්නා දේශප්‍රේමේ වමාරන්නේ විමලේ සහ ඩලස් පමණය. අනෙක් කස්ටිය සද්දේ වහලාය. මොකද උන්ට ගමට යන්න බැරි නිසාය. අඩුවට කන්න දෙනවානම් කේ පී රජ උනත් අපේ උන්ට කමක් නැතිය. වැඩිකිරීමක සාධාරනත්වයක් තීබිය යුතුය. මේ අවස්ථාවේ තෙල් වැඩිකලේ කිසිම හේතුවක් නැතිවය. වැඩිකල මොහොතේ තෙල් මිලදීගෙන තිබුනේ ඊට පෙර මිළදී ගත්තාට වඩා අඩුවෙන්ය. ප්‍රධාන හේතුව පාඩු මකා ගැනීමය. විදුලි බල මණ්ඩලයට, රේල්ල්ලුවට, මිහින් හා ශ්‍රී ලංකන් සුදු අලි දෙන්නා උඩ යවන්න ගහපු තෙල් වල සල්ලි දෙන්නේ නැතිය. ඒවා අම්බානක පාඩුය. ඒවාට ගෙවන්න වෙලා තියෙන්නේත් අපිටය. කරන්න  බැරි මළදාන බදාගෙන ඉන්නේ නැතුව විකුණලා දැම්මානම් ඉවරය.

හැබයි මෙහෙම රටකට ආයෝජකයෝ එන්නේ නැතිය. මේ කෙළි නිසා හැම දේම ගනං ගියොත් සංචාරකයෝ එන්නේත් නැතිය. මොකෝ මේ රටට සුපිරි පන්තියේ සංචාරකයෝ එන්නේ නැතිය. පැකේජ් එකට එන උන් හා අනික් උන් හිපියෝය. ගනන් වැඩි උනොත් උන්ට් මෙහේ එන්න ඕන නැතිය. ලාබෙට බැංකොක් යා හැකිය. අන්තීමේදී ඒකත් ඇනගන්නවාය. 40% - 50% තෙල් වැඩිකරන්න උපදෙස් දෙන උන් කුමන්ත්‍රණ කාරයෝය. එක එකා මරන් කන්න හදන්නේ නැතුව ආන්ඩුවේම ඉන්න කුමන්ත්‍රණ කාරයෝ හඳුනාගන්න එක කොහොමත් හොඳය. අයි. ඇම්. එෆ්. එක කියලා තියෙන්නේ තෙල් හා විදුලිය පාඩු ලබන තත්වයෙන් මුදවන්න කියාය. විමලේලා බයිලා ගැසුවාට, හරක් ඒවා ඇසුවාට. මෙහේ ඉන්න ළෝක බැංකුවේ නිත්‍ය නියෝජිතයා එසේ කියනවාය. ඒකට බුද්ධිමත් ජනතාවට කෙලලා හරියන්නේ නැතිය. කීයක් හෝ දී සත පහක වැඩක් නොකරන අති විශාල සේවක රොත්ත සහ පිනට කන නිළධාරින් ටික එලවා දැමිය යුතුය. හෙජින් ගිවිසුම් ගැහුවේ, බාල පෙට්‍රල් ගෙන්නුවේ අපි නෙමේය. ඇමතිහොරු හා නිළධාරිහොරුය. මේවා මේ ආන්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය. රස්සාවල් දෙනවා කියා මේවා කාළකන්නින්ගෙන් පුරවනවාය. උන් ගෙදර ඉඳන් පඩි ගන්නවාය.

දැන් කරපු ගොන් කම තේරිලා සහනාධාර දෙනවාය. අන්තිමේදී හැම එකාටම සහනාධාර කූපන් එකක් ලැබෙන්නත් හැකිය. ඒකත් අරන් පෝලිමේ තෙල් ගහන්න ඉන්න අය මට හීනෙන් පේනවාය. මැතිනිගේ කාලේ හාල් ගන්න ගියා වගේය. ඒ උනාට ආන්ඩුව කෙලින්නේ කෙප්පම නිසා ඒ පොරොන්දු දැන් බුද්ධිමත් ජනතාව පිලිගන්නේ නැතිය. බලාගෙන ගියාම අපි හම්බ කරන්නේ අපේ ගෑනිටයි ළමයින්ට විතරක් නෙමෙය. ඒකේන් ලොක්කගේ පවුල, එයාගේ ආරක්ෂයන්ගේ පවුල්, උපදේශකයන්ගේ පවුල්, සභාපතිවරුන්ගේ පවුල්, තානාපතිවරුන්ගේ පවුල්, මැති ඇමති, උන්ගේ ආරක්ෂයින්ගෙ පවුල්. උන්ගේ කප්පම් කල්ලිවල පවුල්, පලා බබාවරුන්ගේ පවුල්, උන්ගේ කප්පම් කාරයෝ සහ ආරක්ෂකයන්ගේ පවුල් ආදි සියල්ලන්ටම හම්බ කරනවාය. ඉතින් ඉතුරු කරන්න විදියක් නැත්තේමය. බලාගෙන ගියාම මේ රටේ ජනතාව මාරම පින්වන්තයින් පිරිසක්ය. සියල්ලෝම මැරුණු ගමන් මේ කරගන්නාවූ කුසළ කර්මයෙන් නිවන්ම දකිනවාය. සෝමාලියාවේ කොල්ලකන්නේ මුහුදු මංකොල්ලකරුවන්ය. මෙහේ මංකොල්ලකන්නේ ජනතාවගේ නියෝජිතයෝ කියලා කස්ටියක්ය. දෙගොල්ලාම කරන්නේ එකය. අනික් උන් හම්බ කරන දේ බලෙන් ගන්නවාය. කිසිම වෙනසක් නැත්තේය. ඒ වගත් මෙසේය.

විශේෂ - කියවීමෙන් පසු කෙටි කොමෙන්ටුවක් හෝ ක්ලික් කර යන්න.. මගේ විතරක් නෙමෙයි ඕන බ්ලොග් පෝස්ට් එකක. ඒක දිරිගැන්වීමක්. උදව්වක්, අනික සුළු දෙයක්.. 

බොහොම ස්තූතියි..!!!

83 comments:

  1. කියල වැඩක් නෑ මේ රට යන අත ගැන. ඔය කොච්චර වුනත් හෙට චන්දයක් තිබ්බොත් රජතුමා ලෝක වාර්තා තබමින් ජයගන්න බවට මං නොවරදින අනාවැකියක් කියන්නම්.

    කමක් නෑ... මේකේ කිව වගේ මේ රටේ සෑහෙන්න ගානකට ඇති වෙන්න අපි හම්බකරන නිසා ඒ පින් බලයෙන් නිවන්දකින්න ලැබෙයිනේ...

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ දැන් ඉන්නේ නිකං කන හෙන්චයියෝ ටික විතරයි.. බලමුකෝ උද්ඝෝෂන වලට සහභාගීත්වය....

      Delete
  2. සහතික ඇත්ත කියල තියෙන්නෙ. ආණ්ඩුව සහ නිළධාරීන් අද තමන් ඉන්න ගහේ කඳ කපන්න පටන් අරන්. මේ යන විදිහට ගියොත් ගහ බිම දාන එක ඒ අයම කරගනී.

    ReplyDelete
    Replies
    1. ආර්ථිකය ගැන කීර විකුණන එකෙක්ට තියෙන දැනුම වත් නෑ....

      Delete
  3. එහෙම කියන්න එපා බං. ලෝක වෙලදපොලේ බෝරතෙල් මිල කොච්චර වැඩිවුනාද? එහෙමට තියාගෙනත් පාඩුපිට ටික කාලයක් දුවල තමයි ඒ උත්තමෙයො චුට්ටක් වැඩිකලේ. උඹල ඒකටත් කැගහනව. දැං බලපං එතුමන්ල අපිට වැඩිය වාහන පාවිච්චි කරන ඇත්තො වෙච්චි. ඒත් කවදාවත් කෑගහනවද තෙල් මිල වැඩිවුනා කියල. නෑනේ! අතේ වියදමිං කොහොමහරි තෙල්ටික ගහගෙන ගමන් කොරන්නෙ අපි වෙනුවෙන් නේද? නිකං බොරුවට ඒ උත්තමයන්ට බනින්න එපා. ඕං මං නොකීවයි කියන්ට එපා.

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් තෙල් මිළ වැඩි උනේ... පොලොව පැලෙන කෙප්ප නේ...හැබැයි දැන්නම් ඇත්ත කියනවා.. පාඩුව ජනතාව මත පැටවූවා කියලා

      Delete
  4. නියම කතාව.

    ReplyDelete
  5. මගේ ප්‍රශ්නේ මේකයි.. වැරදි විදියට තේරුම් ගන්න එපා. දැන් ඔය රනිල්ල කෑ ගහන්නෙ මොකද ? එයා ළඟ මේකට විසඳුම් තියෙනවද ? එහෙම නම් එයාට දීල දැම්ම නම් ඉවරයි නෙ. ලොක්කටත් දැන් කර ගන්න බැරි සයිස් එකක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දේශපාලන පක්ෂ ඇතුලෙ ඉඳන් කෑ ගහන එකෙක් ළඟවත් විසඳුම් නෑ බන්... හැබැයි බැරි වෙලාවත් රනිල්ගෙ මොලෙයි, රජාගෙ මොලෙයි එකට එකතු වෙලා විසඳුමක් ගෙනාවොත් එදාට නම් බඩුම තමා....

      Delete
    2. ඔය පුරස්නෙ මටත් තියෙන එකක් තමා. දැන් ඔය බෙදන පතිකාවක් ඇරන් බැළුවනම් එඒවා ඇතුලෙ තියෙන්නේ අරක කරන්න මේක කරන්න කියන එක විතරයි ඒක කරන්නේ කොහොමද කියලා නෑ. තෙල් මිල අඩු කරනු කියලා කෑ ගහන එකෙක් වත් හරියකට කියන්නෑ ඒක කොහොමද කරන්නේ කියලා. නිකන්ම නිකන් නාස්තිය නවත්වනු කියලා ඕවට ප්‍රායෝ ගික උත්තර දෙන්න බෑ. රටට ආදරේනම් අපි මෙහෙම කළ යුතුයි කියලා ජනතාව දැනුවත් කිරීමයි කළ යුත්තේ... ඒත් දැන් රටට ආදරේ එවුන් නෑ. වැඩි හරියක් ඉන්නේ බඩට ආදරේ එවුන්..

      Delete
    3. තෙල් මිල අඩු කරන්න බෑ.අපිට කරන්න පුලුවන් අපේ ආදායම වැඩි කිරීමයි.ඒකට ජාතික නිශ්පාදනය වැඩි කරන්න ඕනි.ඔනෑ එකයි එපා එකයි හැම දේම ආනයනය කරල ඒක කරන්න බෑ.

      Delete
    4. කල යුතු විදිහ පිලිබඳ අදහසක් රනිලුත් , හර්ෂද සිල්වාත් ඉදිරිපත් කරල තිබුනා . ඒවා ඒ ගොල්ල බලයේ ඉත්දිවත් කරනවාද නැද්ද කියන එක වෙනම කථාවක්

      නාස්තිය නතර කරන්නම් තියෙන්නේ ඔය කෙහෙල් මල් කුලුණු , නැව් නැති වරාය වගේ ණයට කරන ව්‍යාපෘති නතර කරන එක තමයි

      Delete
    5. මොකා ආවත් මේ තියෙන සිස්ටම් එක මේන්ටේන් කරන්න ජනතාව හූරන් කන්නෙ නැතුව බෑ.. කරන්න ඕන අපි හම්බ කරන එකෙන් කන උන් ටිකයි.. කන ප්‍රමාණයයි අඩු කරන එක...

      Delete
  6. "අඩුවට කන්න දෙනවානම් කේ පී රජ උනත් අපේ උන්ට කමක් නැතිය. "
    මම මෙතනින් පටන් ගන්නවා. හැමදේම කරන්නේ කාලා බීලා සතුටින් ඉන්න කියලා තමයි මම විස්වාශ කරන්නේ. ඒත් හුගක් එවුන් මොනවත් නොකර කන්න තමයි බලන්නේ. ඒකනේ ඔය සහනාධාර දිහා වැඩිපුර බලන්නේ. එහෙම නැතුව කන්න විදියක් නැතුවම නෙමේ. අපේ මිනිස්සු හ‍‍‍‍ඳේ හාල් නිසා ආණුඩු පෙරළපු අයය. දැන් බලන්න අපේ පැතිවල කුළී වැඩ කරන මිනිස්සු දවසට රු 1000ක් උපයනවා. හැම දාම වැඩ නැතත් අඩුම දවස් විස්සක්වත් වැඩ කරනවා. ඒත් නගරබද මිනිස්සු 10000 පඩියට ඔපීස් වල වැඩ කරනවා. ඉතින් ජීවත් වෙන්න ඒ ගාන කොහොමටත් මදි තමා.ඉතින් බත්පත වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දෙනවා.

    තේරෙන උපමාවක් ගමු. දැන් ලංකාවෙ පිටි මිල වැඩි වුනාම බේකරි හිමියො පාන් මිල අනිවා ඉහල දානවනේ. මොකෝ අතින් පාඩු කරගෙන අනුන්ට කවන්න බෑනේ. දවසක් දෙකක් කලත් හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ. ඒ වගේ තමයි ඉන්ධන වැඩි වීමත්. ඒත් මේ රජයේ තියෙන පුහු වියදම් අවමවත් කරගත්තනම් මේක සාධාරණීකරණය කරන්න තිබුනා. එහෙම නොවන නිසා මේ තීරණය සම්බන්ධව මහජන අප්‍රසාදය ඇතිවෙනව‍ තමා. මාත් ඒ ගොඩේ කෙනෙක්.
    අනික තවත් දෙයක් දැන් බලන්න "නාස්තිය දූෂණය නවත්වනු" කියන තේමාව මහජනයා අතරට ගෙනියන්න කරලා තියෙන නාස්තිය. පෝස්ටර් වලටම කී දාහක් යන්න ඇත්ද? අනික් වියදම් ගැන කවර කතාද? ල'කාවෙ මිනිස්සු ඒවා තේරුම් ගන්නෑ. තමන් පෙනී සිටින මතය දරන උනුත් මෙපමණ නාස්තියක් කරනවා කියලා පිලිගන්න කවුරුත් කැමති නෑ.

    අර අසරණ ධීවරයො අහුවුන වෙලාවෙ ධීවර ඇමති කිව්වලු නේද "මොකටද ඔහෙ ගියෙ මාළු අල්ලන්න" කියලා..
    අන්න ඒ වගේ තව ටික කාලෙකින් අපේ රාජ්‍ය නායකයෙක් ජනතාවගෙන් මෙහෙම අහන්නත් ඉඩ තියෙනවා.
    " මොකටද ලංකාවෙ ඉපදුනේ?"

    ReplyDelete
    Replies
    1. මරු කොමෙන්ට් එක... සොරි මචං ස්පෑම් ගොඩේ තිබුනේ තව ටිකෙන් මිස් වෙනවා.. එහම අහන කාලෙකුත් එයි.. පාන් වැඩි වෙන එක හොඳයි කියන කස්ටියනේ ඉන්නේ.. උන් දන්නේ නෑ දුප්පත් මිනිස්සු කන්නේ පාන් කියලා..

      Delete
  7. මාතලන් අයියටත් හිතෙන දේවල්... ඇත්තට අපි කීදෙනෙක්ට කියල හම්බුකරනවද ‍:)

    මම ඔන්න කමෙන්ට් කලේ අර විශේෂ කැල්ල හින්ද... නැත්තන් නම් මලාට කමෙන්ට් කරන්නෙ නෑ ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... බොහොම ස්තූතියි මුල්ම කොමෙන්ට් එකට...

      Delete
  8. කියවන්නෙක් පමණිFebruary 22, 2012 at 10:07 PM

    බුදු මාතලන් මහත්තයෝ මේ වගේ දේවල් කියන්න එපාය. අපි දේශප්‍රේමි දේශ මාමක ජනතාවය. කතිර සටනෙදි ලොක්කා කීවේ කලගුණ දත් ජනාතාව මට කතිරය ගහයි කියාය. අපි කෙලෙහි ගුණ දත් ජාතියකි. යුද්ධය දිණුවාට කතිරය ගසා එය පෙන්වීය. ඒත් ලොක්කා ඒකේ අනික් පැත්තය. දැන් හැමතැනටම අරිනවාය. මේ වැහි නැති කාලයේ ඒ උත්තමයට.බීප්.ගහන්නත් බැරි නැතිය. ශක්තිමත් ආණුඩුවේ මංකොල්ල කාරයින් රජ කරනවාය. අපිට නිකන් පිස්සු වගේය.

    මාතලන් වැනි පුද්ගලයන් ලංකාවේ ආසනයට එකා බැගින් බිහිවී ආසන ක්‍රමයට කතිර සටන පැවැත්වීමට ඉක්මනට ලැබේවායැයි පතමි. ලිවිල්ලත් කීවත් නොකීවත් සත්‍යය, සුපිරිය. ඔබ දිරි ගැන්වුනා යැයි සිතමි

    ReplyDelete
    Replies
    1. කෙලෙහි ගුණ පෙන්වීමට කටේ කෙළ තිබිය යුතුය.. දැන් කටට කෙළ උනන්නේ නැත. දුප්පත් ජනතාව වේලක් පිරිමසාගන්නේ ඉතා අමාරුවෙනි. මේ ආන්ඩුව ගෙනයන්නේ ඔවුන්ය. ආන්ඩුව කෙලින්නේත් ඔවුන්ටමය..

      Delete
  9. හයියෝ....මට හිතෙන්නෙනම් මෙහෙමයි....කොයි ආණ්ඩුව ආවත්...දැන් තියෙන තත්වෙන් රට ගොඩගන්නවනම් බොරු...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවටනං මාත් එකඟයි. නිසපුගෙ කටේ රුපියලක් දාන්න වටිනවා.

      Delete
    2. එහෙම කියන්න එපා 2002 - 2004 අතර ආර්ථිකයේ ළොකු වෙනසක් කළා. නමුත් ඒකට හරියන්න අමු ගොන් බූරූ වැඩකුත් කළා. කොටියත් එක්ක ගිවිසුමක් ගහලා කෑම්ප් අයින් කල එක..

      Delete
  10. අපේ පයිරට්ස්ලා සහ සෝමාලියානු පයිරට්ස් ලා අතර වෙනසක් තිබේ. සෝමාලියානු පයිරට්ස්ලා හම්බ කර දෙන්නේ ඒ රටේ ජනතාවටයි. අපේ පයිරට්ස්ලා කරන්නේ අප අමාරැවෙන් හම්බ කරන තුට්ටු දෙකට විදීමයි. ඒවායින් උන්ගේ පවුල් වලට රජ සැප දීමයි. රොබින්හුඩ්ලා සහ සරදියල්ලා වෙනුවට මහරජා සහ හොරු හැටහුටහමාර

    ReplyDelete
    Replies
    1. පොඩි එකතුවක්... අපේ පයිරට්ස්ල කොල්ල කන දේවල් රටෙත් නැහැ... එක්කො ඒවයින් කොහෙ හරි රටක ප්‍රොපටීස් අරන්, නැත්තන් උන්ගෙ ලමයි පිට රට ඉඳන් ඒව වියදම් කරල ආතල් ගන්නව...

      Delete
    2. @ තිසර & අහවලා
      දෙදෙනාම සමඟ එකඟයි.. මගේ ලිපිය දැකලා ළෝක නායකයොත් කැළඹිලා ඔන්න එංගලන්තෙට රැස්වෙලා..

      Delete
  11. Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි.. මොකෝ අපායේ යනවනේ...

      Delete
  12. එපා වෙලා තියෙන්නෙ.... මෙවා ගැන කතාකොල්ලා වැඩක් තියේද බං... ඊට වඩා නරකද ජංගියක් ගැන, පටි ජොකෙක් ගැන ලිව්වනං.... ඒවයින් ගන්ඩ දෙයක් හරි තියෙනවා......!

    ReplyDelete
    Replies
    1. ජොකෙක් ගන්නවත් බැරි තත්වෙට නේ ඇදලා දාන්න හදන්නේ...

      Delete
  13. blogger ලාගෙ අලුත් කමෙන්ට් රිප්ලයි මෙතඩ් එක ආවාට පසු එක පාර කමෙන්ට් පෙට්ටිය ලෝඩ් වෙන්නේ නැත..දෙපාරක් හෝ තුන්පාරක් රිලෝඩ් කරන්න වෙනවා.. වෘත්තීය කමෙන්ට් කරුවන්ට ඒක ලොකු අපහසුතාවක්...

    ලිපිය ගැන නම් කියන්න තියෙන්නෙ මුහුදු කොල්ලකරුවෝ හොඳ බවයි..උන් කප්පම් ගෙන නිකා සිටිති..
    අනික් උන් අපෙන්ම කා කතා කරන්නේ උන්ගෙන් අපි කන්නා සේය..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්තය.. අපෙන් කකා. අපිටම කෙල.. අපිටම බනිති...

      Delete
  14. හොරු බබා පවුල සහ හොරු හැට හුටහමාර..

    ReplyDelete
    Replies
    1. 94 ඉඳලා කාලා තවත් කන්න තියෙන එකනේ පුදුමේ.. යුද්දේ දින්න එක විතරයි ප්ලස් මාක් එකකට තියෙන්නේ..

      Delete
  15. ක්ලැසික් පික්.. ලෝඩ් වෙන්නැ ක්‍රෝම් වලත්, ඊ අකුරෙත්. මොකෝ දල්ලැ නේ....!

    ReplyDelete
    Replies
    1. නැරඹීම ගිනිගත් නරියාගෙන් පමණි. පෝස්ට් එකක් දාගන්නේත් අමාරුවෙනි...

      Delete
    2. ඉතිං දැනගෙනත් නිකා ඉන්නෙ... හදාංකෝ.....!!!!

      Delete
  16. ඔය කිව්ව රට තියෙන්නෙ කොහෙද....????

    ReplyDelete
    Replies
    1. ඒ රට ගැන හා එහි පුරවැසියන් ගැන වැඩි විස්තර මෙතැනින් ලබා ගත හැකිය. "ජිල්ලබකිටියාව"

      http://www.facebook.com/jillabakitiyawa

      Delete
    2. ලෝකෙන් උතුම් රට කියා ගැසුවාම එන්නේ මෙයය..

      Delete
  17. සෝමාලියාවේ එවුන් මංකොල්ල කාලේ ඒ රටේ දුප්පත් මිනිස්සුන්ට කන්නවත් දෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇයි අපෙත් දෙන්නේ ඔය ආතල්.. සැනකෙලි, කාර් රේස්, බීච් ඩාන්ස් එහෙම..

      Delete
  18. අපොයි අර පින්තූර ටික දැක්කාම බය හිතෙනවා. කලින් පෝස්ට් එකට දාන්ට කමෙන්ට් එකක් හිතට ආවේ නෑ. වැඩිපුරම නොදන්න දේවලට කට දාන්ට බැරි හන්දා. :D

    ReplyDelete
    Replies
    1. ඒක පිරිමින්ට පමණයි නේ කාන්තවන්ට පමණක් එකක් ළඟදීම බලාපොරොත්තු වන්න...

      Delete
  19. මාත් ඇවිත් කියවලා ගියා කියල විතරක් ලියනවා .

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමී කස්ටියනේ...

      Delete
  20. කට්ටිය කියන්න ඕනෙ හරිය කියල තියෙන්නෙ...මගෙ සත දෙකත් මේන් එහෙනං....

    මොනව වුනත් ලිවිල්ල නං එන්ජෝය් කොලා

    ReplyDelete
    Replies
    1. පින් සිද්ද වෙනවා මහත්තයෝ.. සත දෙකත් ළොකු ගානක්..

      Delete
  21. මට හිතෙන්නෙනත් මෙහෙමයි....කොයි ආණ්ඩුව ආවත්...දැන් තියෙන තත්වෙන් රට ගොඩගන්නවනම් බොරු...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ධනාත්මකව හිතන්න අනේ.. යුද්දේ ගැන හිතුවෙත් ඔහොමනේ..

      Delete
  22. බලාගෙන ගියාම බිල්ලා ඕනේ වෙන්නේ පොඩි උන්ට කවන්න විතරක් නෙමෙයි, රටක් කරගෙන යන්නත් බිල්ල නැත්වම බැහැ

    ReplyDelete
    Replies
    1. ඇයි බුද්ධිමත් ජනතාවක්නේ ඉන්නේ.. පොඩ්ඩක් බය කළාම.. මාර බයයි...

      Delete
  23. සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ට කරන්න ඕන දේ ගැන ලොකු සම්මන්ත්‍රණයක් අද ලොකු ලොකු රටවල්වල කස්ටිය එකතුවෙලා ලන්ඩන් නුවර තියනවා කියලා වෑර්ලස් එකේ කියනවා ඇහුනා..... අපේ ගොඩබිමේ කොල්ලකාරයන්ට මොකද කරන්න්නේ කියලා කතාකරගන්න අපේම කස්ටිය එකතු කරනවා කියන්නේ ලාහට ගෙම්බො එකතු කරනවා වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඒ මගේ පෝස්ට් එක දැකලා.. මෙහෙත් කස්ටිය එක්කහු වෙයි කියලා බය වෙලා.. ඔන්න දේශ මාමක ජනතාව පාරට බස්සන්න යන්නේ..

      Delete
  24. අද බැලුම්ගල ඇහුවද? නැතිනම් හොයාගෙන බලන්ට
    අන්න ඒ වගේ හොර හැත්ත තමයි වැඩි හරියක් දේශපාලනේ කරන්නේ!

    ReplyDelete
    Replies
    1. අහන්න දෙයක් නෑ.. සමාජය ඇස් කන් ඇරන් ජීවත් වෙනව නම් ඕවා අහන්න ඕන නෑ.. නමුත් ඒ වැඩසටහන ලොකු සේවයක් කරනවා.. ගොඩක් අයගේ රෙදි ගලවනවා.. ඒ උනාට හෙළුවෙන් යන එක සුළු දෙයක් අද...

      Delete
  25. නයි කයිද රෝස් පාන් කිව්වලු..

    ReplyDelete
  26. දේශද්‍රෝහී ඊනියා එන් ජී ඕ කාරයෙක් මාතලන්!!!

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්න එපා බන්.... අනික් අය දැන ගනියි...

      Delete
  27. මාතලං මේ ඔයා දැනගන්න මහ රජතුමා තෙල් මිල වැඩි කලේ මේ ඔයාල අපි ගැන හිතල. බලන්න දැං අපිට වැඩට එහෙම යන්න පුලුවං පයිං විතරනෙ . . ඔෆිස් එක දුරනං පුටාර් එකේ යතෑකි. ඒ කියන්නෙ අපේ අල ඇගවල් වලට එක්සයිස් පාරක් ලැබෙනව නේද ??? ටිකක් හිතල බලන්න පාරෙ පුටාර්, ගොං කරත්ත වැඩිවෙද්දි ඒක පරිසරයට කොච්චර හිතකාමීද ??? අනික උදේ හවා හැතැප්ම ගනං පයිං යද්දි සෞක්‍යයට කොච්චර හොදද ??? ඔයවගේ තව ඕනෙ තරං උදාහරන දෙන්න පුලුවං. රජතුමා ඒ විදියට දුර දක්නා නුවන මෙහෙයවල වැඩ කරන්නෙ කා වෙනුවෙන්ද ??? අපේ අනාගත පරපුර වෙනුවෙන් නෙ . . . එහෙවු මනුස්සයට ඇයි මෙහෙම ????

    ReplyDelete
    Replies
    1. ශරීර හදන් ඉන්න අයට මොකෑ වෙන්නේ...

      Delete
  28. ලොක්ක මොකද මිහින් ලංක එකෙ වහන්න නොදී තියන් ඉන්නෙ කියලයි මට හිතාගන්න බැරි! රටට ආදරේ තීන මනුස්සයත් වෙච්චි....අනේ මංද බං....!

    ReplyDelete
    Replies
    1. ජාතික අපරාධයක් ඒක නම්.. කතාකරලා වැඩක් නෑ..

      Delete
  29. මේ ප්‍රශ්න තාවකාලිකය. ඉවසා ගත යුත්තෝය. කෑ ගසන්න එපාය. එසේ කරන්නෝ දේශද්‍රෝහියෝය. බරහිර රටවල් අපි බිල්ලට ගන්නට බලා සිටින්නෙමි. උන්ට උඩගෙඩි දීම නොකළ යුත්තාහ.
    - හංභංතොටයා.

    ReplyDelete
    Replies
    1. බටහිර රටවලට මේකට කෙලින්න උවමනා නැතිය. එපා වෙලා දාලා ගිය එකක්ය. කෑ ගහන්නේ නැතිය. දුකට කියන කවිය...

      Delete
  30. Kathawanam sahathika eththa

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි... අපායේ යන්න බයට

      Delete
  31. මේ සිස්ටම් එක මේන්ටේන් කරනකම් අපිට මේක විඳවන්න වෙනවා.
    කළ යුත්තේ අනිවාර්්‍යෙයන්ම අනවශ්‍ය වියදම් නැවැත්වීමයි.
    අනවශ්‍ය වියදම් යනු අප රටට නොගැලපෙන හෝ එසේත් නැතිනම් අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ව්‍යාපෘති ආරම්භ කිරීමයි.
    යම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ශක්‍යතා වාර්ථාවක් අනිවාර්්‍යෙයන්ම ලබාගත යුතු අතර එය දේශපාලන අවශ්‍යතාවලට අනුව සකස් විය යුතු නොවිය යුතු අතර සත්‍ය විය යුතුයි. එම ව්‍යාපෘතිය රටට ගැලපේද, ඒ සඳහා වන වියදම් කොපමණ කාලයකින් අය කර ගත හැකිද යනු සොයා බැලිය යුතුයි. වැදගත්ම දේ එම ව්‍යාපෘති වලට ආදේශකයක් තිබේද යන්න සොයා බැලීම සහ වෙනත් තරඟකාරී ව්‍යාපෘති මොනවාද යන්න සොයා බලා ආරම්භ කිරීමට යන නව ව්‍යාපෘතිය ලාභ ලැබිය හැකිද යන්න සොයා බැලීමයි.
    අප රටට වී ඇති ලොකුම විපත මේ ආකාරයට ශක්‍යතා වාර්ථා නොමැතිව දේශපාලය අවශතා සඳහා කරන්නන් වාලේ ව්‍යාපෘති ආරම්භ කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියලා ලිපියක් "විය යුත්තේ කුමක්ද" කියලා මම ලිපි දෙක තුනකට ඉස්සෙල්ලා ලිව්වා.. ඔබ සඳහන කළ දේත් සහතික ඇත්ත. අවශ්‍ය දෑ තිබියදි අනවශ්‍ය දෑ වලට කරන ආයෝජන ජාතික අපරාධයක්..

      Delete
  32. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු!
    (දැන් ඒ සින්දුවත් දැන් තහනම්ය)

    ReplyDelete
    Replies
    1. ජාතික ගීය කොලානම් තමා වටින්නේ...

      Delete
  33. මාතලන්ගේ ටෝක්ස් වලින් විමලයා ගැන වෙනම ලිපියක් ලිව්වා නම් මරුය.

    ReplyDelete
    Replies
    1. එයාගේ හාමිනේ ගැනනම් කවි ටිකක් ලිව්වා ළඟදී...

      Delete
  34. මයියට හිතෙන විදිහට නම් අපේ රටේ ගොඩක් ප්‍රශ්ණ වලට හේතුව නීතිය නො‍රැකීම හා අපේ චන්ද ක්‍රමයයි....නීතීය බල්ලට ගිහින් තියෙන හින්ද මිනිස්සු නීතියට බය නෑ..තියෙන චන්ද ක්‍රමය අනුව පාර්ලිමෙන්තු යන්න පුලුවන් හොරුන්ටයි, බොරුකාරයන්ටයි විතරයි...ඉතින් උන් ගන්න තීරනත් උන්ව පත් කොරල එවන ගොනුන් ‍රැනටම හරි යන එවා තමයි...වැඩ ගැන නම් ඉතින් කොහොමත් කථා කරන්න දේය්ක් නෑනේ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මේ කාළකන්නි මනාප ක්‍රම්ය තමයි මූලික හේතුව. අනිවාර්යයෙන් කේවල ක්‍රමයට යා යුතුමයි.. දැන් තනිකර ඉන්නේ පාදඩයෝ...

      Delete
  35. අපෝ කියලා වැඩක් නැහැ. මේ රටේ තනිකර තියෙන්නේ ප්‍රෝඩාව

    ReplyDelete
  36. අපේ යහපත් රටට මුකුත් කියනවා එහෙම නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. පිච්චුද අනේ... මේ වෙන රටක්...

      Delete
  37. එල පුතා එළ.... කතව නම් සහතික ඇත්ත, එත් එ තිත්ත ඇත්ත දැන දැන අපිට නිය කකා ඉන්න වෙලා තියෙන එක නම් ලංකාවේ නිදහස බල්ලට ගිහින් කියල කියන්න පුලුවන්.එලියට බැස්සොත් එකෙක් මැරෙනවා.. එහෙනම් දිවි පුදා රට ද ? නැත්නම් නිවටුන් වී කුසගිනේ මැරෙමුද ?

    ReplyDelete
  38. වෙනදේ හිතා ගන්න බැරුව ඉන්නේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න