මාළු පාන් කයිය, දෙවන කොටස "පාන් කයිය".. "මාළු කයිය" මෙතනින් බලන්න..
ජාතික ආහාරය වන පාන් වලට නැවතත් කෙළලාය. මෙය දේශද්‍රෝහීන්ගේ ප්‍රධාන ආහාරය මිස දේශප්‍රේමීන්ගේ පුධාන ආහාරය නොවේ. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය කුරහන්ය. නමුත් ඒවා ගෙනෙන්නෙද පිට රටවලිනි. සම හරක් වී ගොවිතැන් කොට, සහල් වගා කර, පාන් කියා ගන්නට නොහැකිව, ඒවා පොළොන්නරුවේ සත් ගුණවත් මුදලාලිලා දෙදෙනෙකුට අඩු මිළට දී, රූපවාහිනියට පුක පෙන්වති. මේ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරය පුනක්කු කරලීම සඳහා ළෝක නායකයන්ගේ පවා ගෞරවාදරයට (බයම නිසා..) පත්වූ රාජ්‍ය නොවන දේශීය සංවිධානයක් වන ජා.නී.පේ... අමරසේකර නම් ළෝ පතල දොස්තර මහතෙක් හා නාථ දෙවියන්ගේ දේශීය නියෝජිත මහාචාර්ය ඇන්ද සිල්වා හා පර්යේෂණ පවත්වමින් සිටී.
තාලය - පෝල් පෙරේරාගේ "පාන් මාමා" ගීය
ඔබේ පහසුව සඳහා ඔරිජිනල් ගීය මෙන්න
http://www.youtube.com/watch?v=EzWEPlp3Em8
ජිනිවවල දේශද්‍රොහී යකා නටනවා
අපොයි අපේ ලොක්කව එල්ලන්න හදනවා
විමලේ මෙහේ ඉඳගෙන වැල් බයිලා කියනවා
ඒ අස්සේ පාන් වලට කෙලල අරිනවා
පාන්දරින් පාන් ගන්න ගියාම දුවලා
හෙන ගහපිය ඇමතියාට පහකින් කෙලලා
පාන් කෑවේ ප්ලේන්ටියේ කාල පොඟවලා
වහ කීයද දන්නේ නෑනේ බලනවා හොයලා
ජිනිවවල දේශද්‍රොහී යකා නටනවා....
රෝල්ස් පැටිස් පේස්ට්‍රි මට ඕන කියාලා
පොඩි ඒවුන් අඬනවා පා.. රේ.... දිගාවෙලා
මගුල් මුද්ද පොලි කඩේ උකස් තියාලා
ඒවා අරන් දෙනවා මුන්ගේ මව් සිහි කරලා
ජිනිවවල දේශද්‍රොහී යකා නටනවා....
පාන් ගන්න තොපේ අතේ නැත්නම් සල්ලි
බෝඩ් අරන් නටන් නැතුව හංදියෙ ජල්ලි
දේශප්‍රේමි පෙති දෙකකට ගා ගූ තල්ලි
කාලා වරෙන් ලොක්ක බේරගන්නට මල්ලි
ජිනිවවල දේශද්‍රොහී යකා නටනවා....
යුද්දේ කාලේ බඳ පටි තද කොරන් ඉන්නවා
දින්න පසුත් ගනං අහල පිස්සු හැදෙනවා
ඒත් කෙලෙහි ගුණත් එක්ක මුන් රජවෙනවා
රජ්ජුරුවෝ දිගටම අපේ බඩට කෙලිනවා
මෙහි අවසාන පදය වන "බඩට කෙලිනවා" යන්නට තමන් කැමති වචනයක් දමා ගායනා කල හැක. මේ ගීය 108 වරක් ගායනා කල හිගන්නෙකුට පාන් සහනාධාරයක් ලැබුන අතර. මෙය ගායන නොකල, මාතලන් රසිකයකු පාන් කියා ගන්න බැරුව.. වස පානය කොට මිය ගිය බව අපායේ සිට වාර්ථා කොට තිබිනි. පාන් සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම ගීතය 20 දෙනෙකුට ඊයකින් විදින්න..එසේ නොකරන අයට පාන් කියා ගන්න බැරුව හතේ හත වදිනා බැව්.. කනගාටුවෙන් උනත් දැණුම් දිය යුතුය...
ඔන්න අපේ ගෙදරට නම ඊයේ රෑ පාන් ගෙඩියක් ගෙනැල්ලා ගෙදර ඉන්න හැමෝම කෑවා..පුදුම සන්තෝසයක් නොවෑ තියෙන්නේ , රජ බොජුනක් නොවෑ මොනවා උනත්...
ReplyDeleteප.ලි : මට මේ නිකන් මතක් උනේ , කාලයක් ඔය පාන් ගෙඩිම 3.50 තිබ්බනේ..කාලය මැවූ වෙනසක අරුමේ !!
ඕං 100කට යැව්වා..
Delete@ චම්මා
Deleteමට මතක කාළේ ශත 99 යි.. ඉතිරියට ටාටා එකක්. හැබයි පෝළිමේ ඉඳලා තමයි ගන්න ඕන. එක්කෙනාට එක ගෙඩියයි දෙන්නේ..
@ හරී..
ඔබට පාන් 5ක් තැපෑලෙන් ලැබෙනවා ඇත. තැපෑලේදී අන්ත්‍රද්දහන වන ඒවාට වලට වග කියනු නොලැබේ...
/දේශප්‍රේමි පෙති දෙකකට ගා ගූ තල්ලි
ReplyDeleteකාලා වරෙන් ලොක්ක බේරගන්නට මල්ලි/
පට්ට පට පට බන් අයියෙ :) අනිව මේක 20කට යවනවමයි... මූණු පොතෙත් දාන්න අවසර තියෙනව කියල හිතාගත්ත හරි...
හප්පේ කියලවත් කර ගන්න බැරි වැඩක් නේ..
Deleteහිකිස්...
ReplyDeleteහැබැයි මමම් ඔය පාන් ගණන් යන වැඩේට ටිකක් කැමතී....
මිනිස්සු අකමැත්තෙන් හරි මොන මොනාමහරි අපේ දේවල්වලට පුරුදු වෙනවනේ.....
විමලෙලයි නෑ කෙනෙක් වගේ.. විමලෙගෙද.. අගමැතිගෙද...
Deleteහාපෝ....ඔය දේසපාලුවො එකෙක්ගෙවත් නෑයෙක් නෙවේ...:/
Deleteකඩේ යෑමක් නෙමෙයි අප්ප...ඇත්තටම කිව්වෙ...:(
වීලු කලන්නෙපා මාතලන් මාමේ...අපි හලි සූටි ළමයි...}:'(
Deleteඔයා එහෙනම් ඩීසල් ගණන් යන එකටත් කැමති ඇති මොකද කරත්තෙන් හරි පාපැදියෙන් ගමන් යන්න හැකිනේ
Deleteබඩු ගණන් යන විදිහට කොහොමත් මාසෙට හත් අට දාහකින් වැය ඉහළ යනවා. මම හිතන්නේ ඒක මහ එවුන්ගේ අය පැත්තට එකතු වෙනවා. කන්න නැති වුනත් ලෙවකාල හරි ලොක්ක බේරගන්න එපායැ. ලයිට් කයිය බිල ආවමද? ගැස් කයිය, වතුර කයිය එහෙමත් ලියලා තියාගන්න. හිතේ දුකට කවි කියනවා ඇර වෙන මොනවා කරන්නද?
ReplyDeleteනෙට් එකේ යන ඒවා බලලා ලොක්කට වාර්ථා කරන්න කවුද ගෑණු පරාණයක් පත් කොල්ලාලු. මාතලන් කැමති ජනාධිපති උපදේශක කමකටද සුදු වෑන් එකකටද?
මම කැමති ගෑණු අයට
Deleteඑළකිරි. ඒ කිව්වේ ජනාධිපති උපදේශක කමට කියන එකනේ.
Deleteමරු කයිය.
ReplyDeleteදැන් නම් අපිට කියන්න වෙන්නේ "කා... පාන්" කියල නේද?
කා කෑල්ල කෙසේ වෙතත්... පාන් කියා ගන්න බැරුව ඉන්නේ..
Deleteඅයෙත් කියන්නේ... නයි කයිද රෝස් පාන්...
ReplyDeleteඕන් උඹගේ රෝස් පානුත් ගනන් ගිහින්
DeleteI remember when it was 64 cents. I was in 3rd or 4th grade.
ReplyDeletemust be early 70's
Deleteතව ටිකදවසකින් ඔය් මාලු කයිය පන් කයිය නෙවෙයි තමන්ගෙ කයියම පටේ දාගන්න තමයි වෙන්නෙ...
ReplyDeleteඒකත් අමාරුයි.. කෙලින් වෙන්නේ නෑ.. මානසික ආතතිය
Deleteමේ වැඩි කරන වැඩ කිරිල්ලට මුන්ගේ අම්මලාට ....පාන් කියන්න තමයි දැන් වෙලා තියෙන්නේ. අපේ සීයට තිබ්බ බේකරියක්. දැන් කරුමෙට ඒකත් වහලා. නැත්නම් හදිස්සිකයට පාන් රාත්තලක් හරි ඉල්ල ගන්න තිබ්බා.
ReplyDeleteදැන් ඉතින් කයිය පඩන් කන්ඩ තමා වෙන්නේ.
@ ක්සැන්ඩර් | Xander
හපලනම් කයි
වන කානම් කයිය පඩං පා කං
Deleteකීලා ලෙෂ්ෂන ටෙමිස් සෝ ඔක්කොම පැලුවත අයියා..
පාන් නොකා බත්ම කාපල්ල...ඉවරනෙ
ReplyDeleteබත් නෑනේ කඩේ ගන්න.. හාල් තියෙන්නේ.. ඒක බත් කරන්න ගෑස් හරි බූමිතෙල් හරි එපයි.
Deleteහුයනු කායනු පායනු හල්නයනු
ReplyDeleteඒක කොරන්නත් කන්න එපාය...
Deleteහෙට උද්ගෝෂණේට යන එවුන්ට පාන් දෙනවලු.
ReplyDeleteපාන් කෙසේ වෙතත් බොන්න දෙනවලු.. මාත් යනවා.. බයිට් එකට දේෂඵ්‍රේමී කෑල්ලක්....
Deleteපාන් ගණන් නං කේක් කාපල්ලා !
ReplyDeleteඑක ලාබයි දැන්.. කොහොමත් කේක් කනවා වගේ තමා පාන් කෑමත්
Deleteදේශීය දේ අගය කරලා තුන් වේලම බත් කමු... අපි දේශප්‍රේමී ජනතාව.. මේවට සැලෙන්නේනෑ...
ReplyDeleteඊට වඩා ලාබයි.. දත් මිටි
Deleteඅයියෝ මචෝ...ඕවා මොනවද...අවුරුදු ගානක් පාන් පෝලින් වල ළැගපු අපට.කටුගස්තොට පාරේ සුප්‍රකට බේකරියක උදේ 6.30ට දෙන බාගෙට තැම්බිච්ච පාන් ගන්න 5.30ට යන්න ඕන. ගෙදර එන්නේ 7ට. ආය හවස 4ට පෝලිමට යන්න ඕන. ඇන් ලොකු ලොකු අයත් ඒකාලේ අපිව පෝලින් වලට දක්කාපු අයම තමා. වැඩි වෙනසක් නෑ.
ReplyDeleteඅපොයි මටත් හොඳට මතකයි.. ඒ ඉඳලත් එකයි දෙන්නේ..
Delete.....බත් හරිම ජාතිය
ReplyDeleteපාන් රොඩු නම් විජාතිය......
(රෝහණ පොතුලියද්ද-අහස හැඩි වී ඇත)
දුප්පතාගේ ප්‍රධාන ආහාරය
Deleteමොන බයිලා කවි ලිව්වත්
මට නම් සීයක් හොයාගන්ට බැරි උනානේ. දැන් මොනවා වෙයිද දන්නේ නෑ කියලා බයෙන් ඉන්නවා. :D:D:D
ReplyDeleteඔයා ඉන්නේ මෙහෙ නෙමේනේ... අවුලක් නෑ...
Deleteවැඩි වැඩියෙං බත් කමු . . . .
ReplyDeleteදේශප්‍රේම හොදිත් එක්ක
Deleteපාන් කයිය තාලයට ගායනා කලෙමි. පාන් සහනාධාරය ආයෙත් පාන් ගනන් යන්නට පෙර ලැබේයයි සිතමි.
ReplyDeleteපාන් තැපෑලෙන් එනු ඇත..
DeleteNimal Siripala kiyal thibuna Aanduwe nasthikara viyadam monavada kiyala.Maathalan ane puluwnnam hoda KAVIyak eyatath e.mail karannako.
ReplyDeleteඑකක් තමයි ඒ වගේ පට්ටි ගොනෙක් ජනතාවගේ මුදලින් නඩත්තු කිරීම
Delete\\පාන් ගන්න තොපේ අතේ නැත්නම් සල්ලි
ReplyDeleteබෝඩ් අරන් නටන් නැතුව හංදියෙ ජල්ලි
දේශප්‍රේමි පෙති දෙකකට ගා ගූ තල්ලි
කාලා වරෙන් ලොක්ක බේරගන්නට මල්ලි//
සිරා කතාව ඈ
අපි නම් පාන් කන්නේ නැහැ ඊට වඩා ලාබයි හාල් කිලෝ එකක්
මගේ නම් ප්‍රධාන ආහාරය පාන්
Deleteමම නම් පුද්ගලිකව පාන් ගනන් යනවට කැමතියි. හේතුව අර උඩ අහලා තිබ්බ එකක් නෙමේ. අපි ගොවියො නිසා. පාන් නෑ කියන්නේ හාල් ගනන් යන එකනේ.
ReplyDeleteඑත් ඉතින් අන්තිමට බැළුවාම පානුත් ගනන් හාලුත් ලාබයි... හාල් කිලෝ දෙකක් විකුණනන්න ඕනේ දැනටමත් පාන් රාත්තලක් (ග්රෑම් 450ක් ) ගන්න.. ඉතින් අපි හැමදාම කුඹුරේ :( / :)
" හාල් කිලෝ දෙකක් විකුණනන්න ඕනේ දැනටමත් පාන් රාත්තලක් (ග්රෑම් 450ක් ) ගන්න.."
Delete"හාල්" යන්න "වී" යනුවෙන් නිවැරදි විය යුතුය.
(මටත් විමලෙගේ පාන් කැවිලවත්ද? මන්දා..)
උඹලා වවන නිසා.. විකුණගන්න බැරි නිසා ලාබෙට හාල් කෑවට. මෙහේ ඒවා ගිනි ගනන්..
Deleteකා----පාන්...
ReplyDeleteකඩේ ගිය සැමට මදි නොකියන්ට 'කළගුණ' සැලකීම.. :)
බුද්ධිමත් ජනතාවට මහරජතුමාගෙන් තුටු පඬුරු
Deleteමාතලන් ඇත්තටම ගීත රචකයෙක්ද? නියමයි. මේව වගකිවයුතු තැන් වල ඇහැගැටුනොත්....
ReplyDeleteසුදු වෑන් එක එවයි නේ....
Deleteපානුයි, පරිප්පුයි, දවසක බුදු වේවා
ReplyDeleteගෝවයි, අලයි, සැරියුත් මුගලන් වේවා
බුදුවීම කෙසේ වෙතත් ළඟදීම නිවන් දකියිද මන්දා
Deleteහප්පේ ඉස්සර පාන් ගෙඩියක් .25 ටත් තිබිලද? (චාර්ට් එකේ හැටියට.)
ReplyDeleteමට මතක අඩුම මිල තමයි 3.50
දැන් ඉතින් කේක් කන එක මීට ලාබ වෙයි..
අනිවාර්යයෙන්. ඒක ඊට ලාබයි
Delete