.

.

Feb 19, 2012

අතරමං වූ ශෂී සොයුරියට - Dear Shashi



නොහැකි විය සිත හදා ගන්නට
ඇසූ ඒ පුවතින් අසුබ
සිත කඩා වැටුනේය
දෙපා ළඟ උඩුකුරුව
වැටුනු සිත විමසුවා
වෙව්ලමින් මුමුනමින්
විය හැකිද මෙවන් දෑ
තනිවමද කොහිද ඇය....

කැබලිත්ත වනය මැද
කාල් මාක්ස් හමුවුනිද
ලෙනින් එහි සිටියාද
මිටිය දෑ කැති දරා
කෝපවී දෙවිවරුන්
අතරමං කලෙද නුඹ
සිඳුවෙච්චි බාරයක්
ඔප්පු නොකෙරූ නිසා...

සාර්ථක ජීවයක
භාර්යාවෝ නුඹයි
නොසෑලීම උන් නිසා
පිහිටවෙයි දෙවිවරුන්.. 
මැදමුලන සිට ඇවිත්
එහෙත් සොයුරිය ශෂී
මං මුලා වෙලා ඇත..
සොහොයුරන් සොයුරියන්..
සිටි හිමි පසුපසින්..

.o0O0o.
 නිමිත්ත - බාරයක් ඔප්පූ කිරීමට කැබලිත්ත දේවාලයට ගිය ශෂී වීරවංශ මැතිනිය මහ වනයේ අතරමං වෙයි....

48 comments:

  1. මෙයාට මොනවත් වුනේ නැහැ. ඔය දවසේ මමත් හිටියේ කිට්ටුව පාතක. කැලේ ජීජ් ගෙනියන්න එපා කියද්දි මෙයාල බලෙන් වගේ අරන් ගියේ. එදා හොදටම වැස්ස. වැස්සට ගඟ ගලලා ජීප් මඩේ එරුනා. මෙයාලව වෙන වාහනවලින් කැලෙන් එලියට ගෙනාව බව තමයි අපිට ආරංචි වුනේ. අර හමුදාවයි එස්. ටී. එෆ්. එකයි තමයි කට්ට කෑවේ.

    ඉතාමත් හොද විරු ගී ගායිකාවක්. මුලින්ම ඉතාම හොඳට හිටියා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බලය වැඩියෙන් බුක්ති විඳින්නේ භාර්යාවෝ නොවැ.. ඒ උනාට මම මේ මනුස්සයට කැමතියි. මිනිස්සුන්ගේ වැරදි වලට ගෑණූන්ට බැනලා වැඩක් තියෙයි..

      Delete
    2. ඇත්ත කියපන් මහවෙදනා.... මෙකි ගියේ උබත් එක්ක නේද? , මේ මහාවේදන කියන එකා එලියන්ත වයිට් ද කියල මට පොඩි සැකයක් තියෙනවා

      Delete
    3. එලියන්ත වයිට් කියන්නෙත් මුන්ගෙම එකෙක් තමයි. හැබැයි මා එක්ක වැඩියෙන්ම මලෙන් ඉන්න එකෙක්. මොකද මා ඇතුළු තව කීපදෙනෙක් නොවෙන්න අද එලියන්ත වයිට් කියන්නේ රටේ පිලිගත් වෛද්‍යවරයෙක්. ඉතාමත් ඉහල බලපෑම් මතත් ඒදේ නොකල අපි කීපදෙනෙක්ගේ සියලුම අයිතීන් අහිමි වුනා. වෙනත් වෙනත් ක්‍රමවලට අදටත් අපෙන් පලිගන්නවා. අපි වැටෙන්නේ නැහැ. අපි අදටත් උන්ට වඩා කෙලින් ඉන්නවා. ඒ නිසා ඉවසන්න මම කවුද කියන එක බ්ලොග් ලෝකෙ ගොඩක් අය දන්නවා. අහල බලන්න.

      Delete
    4. ඒලියන්ත වයිට්ට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ.. ඇපොයිමන්ට් වැහිවැහලනේ...

      Delete
    5. අනේ මාතලන් එහෙමම කියන්න එපා එතකොට නිකන් අපේ මහවෙදනට වැඩ නැති හින්ද බ්ලොග් ලියනවා වගේ නේ .. LOL

      Delete
    6. ඒ ජාතියේ එපොයින්මන්ට්ස් මට නැහැ. අපිට තියන්නේ තුට්ටු දෙකක් හම්බකර ගන්න ජාතියේ ඒවා. ලොකු ලොකු ඒවා නැහැ. ..D

      Delete
  2. ඊයේ සොනු නිගම් ප්‍රසංගයේදී මෙයාටයි හස්බන්ඩටයි හූ කිව්වයි කියල කොහේදෝ තිබුනා

    ReplyDelete
    Replies
    1. මෙයාට නෙමෙයි අනේ හබියට. මහින්දානන්ද මැතිඳුටත් හූ සංග්‍රහයක් දුන්නලු සුපිරි පන්තියෙන්..

      Delete
  3. Replies
    1. විමල් වීරවංශගේ හාමිනේ...

      @ සබිත්
      සොරි... කොමෙන්ට් එක ඩිලීට් කලා

      Delete
  4. මෙයාලටත් වෙන කරදර....

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ අනේ.. කොහෙද කියන දෙයක් අහනවය...

      Delete
  5. ඉස්සරනං හොඳට හිටිය . . පස්සෙ පස්සෙ තමයි සැර පෙන්නන්න ගත්තෙ . . . මං හිතන්නෙ විමලෙටත් වඩා විමලෙගෙ හයිය පාවිච්චිකරනවද කොහෙද

    ReplyDelete
    Replies
    1. අනිවා.... අපේ ඒවත් එහෙමමනේ....

      Delete
  6. අනේ කාලෙ වනෙ වාසෙ කියුවලු

    ReplyDelete
    Replies
    1. ටික වෙලාවකින් හොයාගෙන.. නැත්නම් අරූ කියයි.. මේකත් බටහිර කුමණ්ත්‍රන කරුවන්ගේ... ඇන් ජී ඕ කාරයින්ගේ වැඩක් කියලා...

      Delete
  7. වඳින්ඩ ගිය දේවාලෙ හිසේ කඩා වැටිල නේද.......

    ReplyDelete
    Replies
    1. තවම වැටුනේ නෑ... ඔළුවටම කඩා වැටෙයි ළඟදීම...

      Delete
  8. භාර්යාවෝ එකෙනුත් අයින් කොලාලු. මොකෝ දන්නැ... බැලු බැල්මටනං වස පාටක් නෑ:p

    ReplyDelete
    Replies
    1. වන්දිබට්ටයොන්ගේ වැඩ ගැන දන්නේ නැතිව උන දෙයක් ඒක. ඒ කියන්නේ තව ඉගෙන ගන්න තියෙනවා...

      Delete
  9. මෙයා නේද වණේ අතරමං වූ යුවතී ?

    ReplyDelete
    Replies
    1. මෙයානම් අතරමං උනේ නෑ. වටේ හිටිය උන් නම් අතරමං

      Delete
  10. මචෝ...උඹත් එහෙනම් මෙයාට පිටුවක් වෙන් කොරා එහනම්....තව ටිකෙන් උඹගෙ අනික් සයිට් එකේ විට්නි හූස්ටන්ට කළින් වැටෙන්නෙ මෙයා....

    ReplyDelete
    Replies
    1. :) :) :).... පිටුවක් වෙන් කොලාට පාඩූ නෑ.. බලහන්කෝ කොමෙන්ට්ස්..

      Delete
  11. අර උපවාසෙ කියල බිස්කට් කාපු එක්කෙනාගෙ පවුල නේද මේ. ලොකු මාම ගිහින් වතුර පෙව්වේ !

    මතකද මෙයා ටීවි එකේ ඇවිත් චොර වුණා අර කාත් එක්කද කේ.‍එෆ්.සී එකේ කෑම කාලා. පත්තර වාර්ථා කාරයෙක් එක්ක මට මතක විදිහට. විමලේ එතකොට විපක්ශේ. එකත් ලොකු මාමගේ උගුලක් මයෙ හිතේ..

    කස්ටියට ඒ සීන් අමතක ඇති..

    ReplyDelete
    Replies
    1. ඒවා ඇවිල්ලා පොලිටිකල් ගේම්ස්. ඒකෙන් තමයි මෙයා ජනප්‍රිය උනේ.. ප්‍රැන්සිස්කුකරණය වගේ වැඩ තමා ඒ....

      Delete
  12. මේක මාතලන් ගේ පරණ crush එකක් ද කොහේදෝ .... ඇත්ත කියපන් මාතලන් උඹ මේකට ලව් නේද ?

    ReplyDelete
    Replies
    1. කව්ද බන් ලස්සන දේවල් වලට ආදරේ නොකරන්නේ...

      Delete
    2. කාගේ කාට උනත්, කාගේ කාගැන උනත් හිතේ හයියෙන් කතා කරන මාතලන් දකුනේ හයිය පෙන්නනවා... මමත් පැවතෙන්නේ ඒ පැත්තෙන් හින්දා හීනියට වගේ ආඩම්බරේකුත් හිතෙනවා

      Delete
  13. මෙයාට සිංදු කියන්ටත් පුලුවන්ද? :D

    ReplyDelete
    Replies
    1. මාත් දන්නේ නෑ සින්දු කියනව කියල . සින්දුද බයිලද ?

      Delete
    2. ඉස්සර එහෙම කලා කියලයි ආරංචී. කොහොම හරි ඒ කාළේ ඉඳලා එක දෙයක් දන්නවා.. මේයා හබීටත් වඩා ධෛර්යවන්ත කාන්තාවක් කියන එක..

      Delete
  14. කාලයට ගැලපෙන කවියක්.

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕන උනෙත් ඒකයි...

      Delete
  15. විමලේ අයියනම් පුල් ආතල් එකේළු හිටියේ. එහෙම හරි ගැලවෙන්න ලැබෙනවනම් කියලා. පිටුවක් වෙන්කලාට අවුලක් නෑ. ශෂී කියන්නේ ලංකාවේ දේශපාලනයේ සංකේතයක්. හේමා ප්‍රේමදාස, ශිරන්ති රාජපක්ෂ වගේම ඒ තරම්ම වැදගත්. විමලයාව කියවන්න ශෂි නැතුව බෑ. ඒ වගේම ශෂී කියන්නේ ජවිපේ සාමාජිකයෙක් වූ අජිත් කුමාරගේ සහෝදරිය. එහෙම බලපුවහම ජවිපේ කියවීමේදීත් ශෂී අයිකනයක්.

    කවිය අපූරැය. අද දෙවියන් සිටින්නේද මැදමූලනය. එසේ නොමැති නම් මැදමූලන උත්තමයෝ දෙවියන් වෙලාය. සූරපප්පාහි සාධාරණ කොටා ගෙන්වා චෙක් කර ගත යුතුය. මාක්ස්වාදී ජවිපේ පූර්ණ ක්‍රියාකාරීයෙකුගේ නැගණියක්, බිරිදක් දෙවියන්ගේ පිහිට පැතීමද කොයිතරම් ආශ්චර්යයක්ද? හාස්‍යයක්ද? කලක් ඔවුන්ට දෙවිවරැ වූ කාල් මාක්ස් - ලෙනින් පවා දෙවියන් සමීපයට ගොස්ද? නිර්ධන පන්තියට සැබෑ ලෙසම උදව් කරන්නේ නොපෙනෙන දෙවිවරැද. ලොව සැම දේශපාලන න්‍යායක්ම අවසානයේ නවතින්නේ න්‍යාය විසින් ගැරහූ විශ්වාසයන් මතමද?

    අන්තිමට මගේ හිත නවතින්නේ මෙතැන. ශෂි ඇත්තටම ඔබ වර්තමාන ලාංකික ගැහැණියයි.

    (තෙල් මිල ඉහල ගිය නිසා කස්ටමස්ලා අඩුය. බිස්නස්ද අඩුය. කාලෙකින් දිග කමෙන්ටුවක් දානන ලැබුනේ ඒ නිසාය. ජීවිතේ බරයි. වියදම සැරයි.)

    ReplyDelete
    Replies
    1. මම හිතුවා මේකට උඹ කොමෙන්ට් එකක් දායි කියලා.. අනිවාර්යයෙන්.. ශෂී කියන්නේ වත්මන් දේශපාලනයේ නියම ප්‍රතිමූර්තියක්.. මගේ සිතේ තුබුනු සියළු දේ උඹේ කොමෙන්ට් එකේ අඩංගුයි.. ගොඩක් ස්තූතියි.. තව ටික දවසකින් බිස්නස් හරියයි.. ධීවර ප්‍රශ්නෙත් තියෙන්නෙත් මීගමුවෙයි හලාවතයි විතරනේ. එතකොට බන් අනික් පැතිවල උන් යන්නේ හබල් ගහලද...

      Delete
  16. මරු නෙ ශෂී.... :)))

    ReplyDelete
    Replies
    1. ළඟට ඔයිටත් වඩා ලස්සනයි.. ෆෝටෝ ජෙනික් නෑ මයේ හිතේ...

      Delete
  17. නයි කයිද ඇහුවලු රෝස් පාන්

    ReplyDelete
  18. හ්ම්ම්..... මොකවත් නොකියා ඉන්නම්..

    ReplyDelete
  19. විමල් ගොයිය සන්තෝසෙන් ඉන්න ඇති මුන්දැ නැති උනා කිව්වම

    ReplyDelete
  20. මතකද 2001 unp රන්න කළින් ෙජප්ෙපා් සබරගමු පළාත් සභාෙව් මන්ත්‍රී ෙකෙනක්ව අයින් කළා වාහන පර්මිට් ඒක වික්කා කියලාගඋෙග් නම තමයි අජිත් කුමාර. ඒ් තමයි ෙමතුමිය ෙග් අය්යා කාරයා.අජිත් කුමාර. මුල්ම ෙපාරත් විමෙල් ෙනෙම්්.

    ReplyDelete
  21. හැදිගෑවිලා රෙන්ට පුකේ ගූ නැතුව හිටි‍ය බඩ්ඩට කටක් හින්දා ගිය කලක්.. කලින් මිනිහා දැං හොටු පෙරාගෙන අඩනවා ඇති. පව් අප්පා අසන සුවාමි පුරුෂයා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න