.

.

Feb 5, 2012

උත්තම පුරුෂ - Faithful Hubby


එකවර මියගිය මිතුරන් තිදෙනා කෙලින්ම දිව්‍යා ළෝකයටම් ගියේය. එහිදි සාදරයෙන් පිලිගත් ඔවුන් සක් දෙවි වෙත කැඳවා ගෙන ගියේය..

ආ හොඳ යාළුවෝ තුන්දෙනෙක් වගේ දැන් බලමු කට්ටියගේ කෙරුවාව කොහොමද තම තමන් තමන්ගේ බිරිඳට අවංක උනේ කියලා ඒ අනුව තමයි මෙහේ වාහනයක් ලැබෙන්නේ.

පළවෙනියා : මම ස්වාමිනී මගේ වයිෆ්ට කවදාවත් බොරු කරලා නෑ. පුදුම ආදරයකින් උන්නේ. වෙන කාන්තවක් දිහා ඇහක් ඇරලවත් බලලා නෑ.

ප්‍රෝෆයිල් එක චෙක් කල සක් දෙවිඳු.. හ්ම් ඔහේ හරි අවංක මනුස්සයෙක්. මෙන්න තියෙනවා ඔහේට අලුත්ම මොඩල් එකේ රෝල්ස් රොයිස් එකක්..

දෙවනියා :- මම නම් ඔය ඉඳලා හිටලා වෙන අයත් එක්ක ගියත් නොවරදවාම රෑට ගෙදර එනවා. මොකද මම එහෙ මෙහෙ ගියත් මගේ නෝනට ආදරේ නිසා..

හ්ම් ... පේනවා පේන්වා.. මෙන්න ඔහේට තියෙනවා ටොයෝටා කාර් එකක්

තුන්වැනියා :- බොරු කියන්නේ මොකටෙයි. මම නම් ගෑනී ගැන එච්චර කෙයාර් කලේ නෑ. ඒ උනාට මම මගේ ඔක්කෝම ගෑනුන්ට ආදරෙයි..

හ්ම් පේනවා.... පේනවා... ඔන්න ඔහේට තියෙනවා පල්සර් එකක් අරගෙන යනවා. මෙහේදි බලාගෙන... පරෙස්සමෙන්

පල්සර් එක ලැබුනු එකා ඊළඟ දවසේ පොඩි ටුවර් එකක් යනකොට රෝල්ස් රොයිස් එක හම්බ වෙච්ච එකා වළාකුලක් උඩ අඬ අඬා ඉන්නවා..

මොකද බන් මේ රෝල්ස් රොයිස් එකකුත් හම්බ වෙලා අඬ අඬා ඉන්නේ

මම ඒකේ ගියාට.... ෆයිෆ් යන්නේ පයින් මචං.. වාහනයක් හම්බ වෙලා නෑ.. පව් මචං
-0-
විශේෂ : "ලට්ට ලොට්ට" ලියන "පොඩි මෑන්" පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා.. පොඩ්ඩක් තුවාලයි.. දැන් ගෙදරලු ඉන්නේ.. ඒ උනාට පත්තරේ නම් තිබුනේ බනිස් කන්න ගිහින් කනෙන් ලේ එන්නම දීලයි කියලයි....

57 comments:

  1. බට ලයිට් වගේ........
    කියන්නේ පලවෙනිය ගොඩක්ම බිරිඳට ආදරෙයි කියලද

    ReplyDelete
    Replies
    1. මාතෘකාව Faithful Wife උනානම් තේරෙයි..

      Delete
    2. මෙව්වා ටිකක් ඇඩ්වාන්ස්... හෙහ් හෙහ්..

      Delete
  2. ටික වෙලාවක් ගියා....හික්ස්..ඒ වුනාට තේරුනා...

    ReplyDelete
    Replies
    1. එහෙම හරි තේරුම් ගියානේ...

      Delete
  3. වයිෆ් පව්ඌෟෟෟෟ....

    ReplyDelete
  4. ඔන්න ගෑනුන්ගෙ තරම.... :D :D

    යකෝ රෙදි ගලවලනෙ මගේ... :( මාතලං කොහොමද මං කන්න යන බනිස් ගැන ඔච්චර දන්නෙ... ??

    ReplyDelete
    Replies
    1. මොන වැඩේ කරන්න ගිහින් තුවාල කරගත්තත් පොඩි එකාට මමත් ඉක්මන් සුවය පතමි !

      Delete
    2. උඹට රෙද්දක් තියෙයි ගලවන්න. අනික බනිස් ගැන උඹේ පෝස්ට් එකෙත් තියෙන්නේ ව්‍යගයෙන් කියලා

      Delete
  5. වයිපරේ ගේ හැටි බලහල්ලකෝ :D

    ReplyDelete
    Replies
    1. එතකොට අනික් හබියෝ.. අවුලක් නෑනේ...

      Delete
  6. ඔහොම දුං අල්ල අල්ල ඉන්දැද්දි පිට යන "කොට" කොයිතරංද?

    ReplyDelete
    Replies
    1. ඒක නොවැ අරූ අඬන්නේ....

      Delete
  7. ELa kathaawa :))))))))))))))))))))))

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් එහෙම තමා

      Delete
  8. ඒ කියන්නේ.... පල්සර් එක ගත්ත කෙනා තරම් වත් හොඳ කෙනෙක් නෙමෙයි වයිෆ්...

    හ්ම්.....සහර විට පල්සර් එකෙන් යන කෙනාගේ බිරිඳ යනව ඇත්තේ රෝල්ස් රොයිස් එකෙන් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සමහර විට නොවෙන්නත් බැරි නෑ...

      Delete
  9. ඔය කතාවේ female version මම අහල තියෙනවා.ඔය විදියටම කාණ්තාවෝ 3දෙනෙක් දිවියලෝකේදී සක්දෙවිදු interview කරනවා.මේ කතාවේ චරිත වලට ඒ කතාවේ චරිත ආදේශයි.ඒ අයට දෙන්නේ නිවාස.පළමු වෙනියට සුඛෝපභොගී නිවසක්.දෙවැන්නියට සාමාන්‍ය නිවසක්.තුන්වැන්නියට............. තමන්ගෙම නිවසේ ඇනෙක්ෂිය.

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු නේ.. තමන්ගෙම ගෙදර ඇනෙක්සිය... හෙහ් හෙහ්

      Delete
  10. 'ෆයිෆ් යන්නේ පයින් මචං.' අඩේ මම බැලුව ෆයිෆ් කවුද කියල. වැරදිලාද මන්දා වයෆ් ෆයිෆ් වෙලා..

    අපිටත් හම්බවෙයිද දන්නෙ නැහැ පුට් සයිකල්.. !

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් පින් පොතෙන් මාට්ටු වෙනවා.. බලාගෙන පලයන්...

      Delete
    2. මචං පිං පොත වෙනුවට 'බ්ලොග් එක' භාවිත කොරන්ට බැලිද ?

      Delete
  11. මහත්තයා හොඳායි..වයිෆ් හොඳා.....යි...

    ReplyDelete
  12. Replies
    1. වාහනයක් දුන්න නම් පාරේ ඉඳන් ජොබ් එක කොරන්න බෑනේ...

      Delete
  13. වයිෆ්ට ඩ්‍රයිවිං බැරුව ඇති !

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒකද දන්නෙත් නෑ හැබෑට. අපි කොච්චර කැත විදියටද හිතුවේ ඒ මනුස්සයා ගැන. ඒකනේ අරූ අඬන්නේ..

      Delete
  14. ඇත්තටම පොර උත්තම පුරුෂ තමා නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි වැඩි පිරිසක් එහෙම තමා

      Delete
  15. ගෑනු උදවියනේ!

    ReplyDelete
  16. කළින් කිව්ව එක හොඳයි...යන්න කළින් කියන්නේ මොකක්ද කියලා වයිෆ් එක්ක කතාකරගන්න ඕන. නැත්නම් මං බයික් එකක හරි පයින් හරි යනවා දැක්කොත් වයිෆ් ට දුක හිතෙයි :-)

    ReplyDelete
    Replies
    1. උඹ කාර් වලට කැමතී නෑම කියපන්.. නැත්නම් මේ එක්සයිස් එකට පයින් යනවා කියපන්.. හම්බ උනොත් අපි එක්කත් කතා කරපන්..

      Delete
    2. උඹත් මාර ඇඩ්වයිස් දෙන්නේ...හදිසියකටවත් යාර සීයක් එහා තියන කඩේට පයින් යන්නැති මං ඕව කියලා සක්‍රයා මට දන ගාන්න සැට් කලොත් තමයි ලෙඩේ?????

      Delete
  17. මනුස්ස ලෝකේ ඉතින් වාහන නිකන් හම්බෙන්නේ නෑනේ.. අන්න දිව්‍ය ලෝකේ වගේ සක්‍රයෙක් වයිෆ්ටත් හම්බුනානම් හරි..

    ReplyDelete
    Replies
    1. සෑහෙන බොන්න වෙන කොමෙන්ට් එකක්

      Delete
  18. ඇත්තටම හරි හොඳ හබියෙක්නේ....:D

    ReplyDelete
    Replies
    1. දෙවනි එක්කෙනාද තුන් වෙනි එක්කෙනාද මෙයා...

      Delete
  19. පොඩි මෑන්ට නිවන්/ඉක්මන් සුව!

    ReplyDelete
    Replies
    1. ඌ අන්න අදත් පෝස්ට් එකක් දාලා.. කනේ පාරට හරියන්න..

      Delete
  20. හ්ම්..'මල් වත්තෙ හාමුදුරුවොත් වඩින්නෙ පයින්' කියන කතාව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ලියපං මචං අනික් උන්ටත් දනගන්න. හැබයි ඉෂූ එකක් එන්නත් පුළුවන්.. නිකං ඉන්න එක ඊට හොඳයි..

      Delete
    2. ඒකත් ඇත්ත තමා බොදු තලිබාන් කට්ටියත් ඉන්නවනෙ...හෙහ්...හෙහ්...

      Delete
  21. දෙයියනේ මට බට ලයිට්‌ වත් නෑ තේරෙන්නේ නැතෝ........ කවුරුහරි කියල දෙන්නකෝ අනේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං කොමෙන්ට් ටික කියවපන්කෝ...

      Delete
  22. හලේ මෙහෙමත් ගෑණු කිවුවලු...

    ReplyDelete
    Replies
    1. පිරිමි හොඳා.......................යි.. නාවලා ගෙට ගත්තම

      Delete
  23. ඔන්න වයිප් ලගෙ හැටි.. මතලං ට රෑ කෑම හම්බුනාද මන්ද මේක වයිප් දැක්කට පස්සෙ

    ReplyDelete
    Replies
    1. හම්බ උනා .... කොස්සකින්ම

      Delete
  24. පළවෙනි පොරගෙ වයිෆ්ට දීපු කාර් එකට තෙල් ගහන්න විදිහක් නෑලු. මෙහෙදි වගේ මහත්තයගෙ පොකට් එකෙන් මාටිය ගහල ගන්න ආදායමකුත් නෑ කියල කිව්වෙ මම වාහනේට දාගත්ත වෙලාවෙ.

    ReplyDelete
    Replies
    1. වාහනේ ෆුට් සයිකලයක් වෙන්ටෑ...

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. මාතලන්, විහිළු කතාවක් කියලා ඊට පස්සෙ ඒක වරනගන්නත් වුනාම මාර ආතල් නේද. මටත් ඒ වෙලාවට හිතෙනවා මොන මගුලටද මං එක් කතාව කිව්වෙ කිව්වෙ කියලා. ජයවේවා!

    henryblogwalker the Dude

    ReplyDelete
  27. අම්මෝ ඉතින් මෙහෙම ඉඳල හරි යයිද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න