.

.

Feb 27, 2012

බූමිතෙල් ලාම්පු - Kerosene lamps


බූමීතෙල් ලාම්පුව
විහිදනා එළියෙන්ම
ඝනදුරෙන් මිදුන උන්
නැගී හිමගිර මතට
සිනහසෙයි වියරුවෙන්
බලා පාමුල ගිරෙහි

ශිල්පයන් ප්‍රගුණකර
උසස් තක්සලාවට
ගිය දිනේ මතකයිද
සෙයිලමේ මුල් දිනේ

මේක පෙර කළ පවකි
ශිල්පයෙහි කෙළ පැමිණ
නැවත එමි මා ගමට
කියූ තොප නැවතුනේ
ඔයක් මැද සෙයිලමේ

ශිල්ප ලබනුයේ තොප
රටේ පාලනයටද
ඇසු ප්‍රභු කුටුම්බය
කළ දේම කරයි නුඹ
සොයුරියගේ දරුවනට

එකවරම ගිනි ගත්ත
බූමිතෙල් ලාම්පුව
නිවා මෙත් සිසිලසෙන්
එලිය දෙමි
නුඹට මෙන්
ඝනදුරෙන් මිදෙන්නට

o0o
 බූමීතෙල් ලාම්පුවෙන් පාඩම් කරන දරුවන්ට උපහාර පිණිස

39 comments:

  1. සිරාවට තාමත් එහෙම කොටසක් ඉන්නව නේද අපේ රටේ..... :(

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ විදුලි බලය නැති නිවෙස් ප්‍රමානය සියයට විස්සකට වැඩියි.(මට මතක හැටියට 23%) උතුරැ නැගෙනහිර 40%

      Delete
    2. ඔය තියෙන්නේ උත්තරේ දීලා ආයූබෝවන්ඩ

      Delete
  2. කීප‍සැරයක්ම කියවන්න වුනා... නියමයි මාතලන් අයිය

    ReplyDelete
    Replies
    1. ප්‍රබුද්ධ ඒවා එහෙම තමයි.. හෙහ් හෙහ්

      Delete
  3. ආයම ගල් යුගයට යනවා ද මන්ද....කැකුණ තෙල්, මී ඉටි පහන්....නරක නෑ...
    'ළමයිනේ රෑ බෝවෙන්ට කළින් පාඩම් කරලා නිදාගන්න' කියලා කියන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කළාමැදිරියෝ අල්ලගෙන බෝතල් වලට දාන්න කියයිද දන්නේ නෑ අගමැතිතුමා හරි වීරවංශ සහෝ හරි

      Delete
  4. භුමි තෙල් නිසා මුද්දර මිල ඉහල ගිය සැටි සෑමා පෝස්ටුවක් ඩ්‍රාෆ්ට් කර ඇත. ලගදීම දමමි.

    මේක සුපිරි බොල.. ජය ශ්‍රී !

    ReplyDelete
    Replies
    1. තැන් කූ.... දාපන්කො බලන්න

      Delete
  5. ස්තුතියි එහෙම ළමයින්ව මතක් කලාට .

    ReplyDelete
    Replies
    1. බොහෝ කළකින්.. මම හැමදාම ඒ මිනිස්සුන්ගේ පැත්තේ..

      Delete
  6. අශ්චර්යට යන ගමනනේ!
    ඔහොම දේවල් වෙනව!:-/

    ReplyDelete
    Replies
    1. සමෘධියත් ළඟදීම අහෝසි වෙයි වගේ..

      Delete
  7. අඳුරෙහිම සිටිම්න්
    අඳුරමට පෙම්කරමින්
    අඳුරම පතනා
    අඳුරැ සිත්වල
    අඳුර දුර ලන්නට
    අඳුනක් සොයමි

    ReplyDelete
    Replies
    1. උන් ඕකට කියන්නේ කරුමේ කියලා. බුද්ධාගමත් ඕකට සෑහෙන වගකියන්න ඕන. යැපුම් මානසිකත්වයෙන් මුදවන එක තමයි මුලින්ම කරන්න ඕන..

      කවිය රසයි

      Delete
  8. හතර පාරක් විතර කියවන්න උනා ඕයි . . . .

    ReplyDelete
    Replies
    1. මට ඊටත් එහා... :)

      @ මාතලන්- නිසැදැසට වඩා උපහාරය හිතට වැදුනා..

      Delete
    2. පුබුද්ධ එව්වා එහෙම තමා... හෙහ් හෙහ්... කෙලින්ම ලියනවා වගේ නෙමේනේ...

      Delete
  9. මං ඒ ලේවල් කළෙත් චිමිනි ලාම්පුවේ එළියෙන්.
    කක්කුස්සියට යැම වගේ මොබයිල් වැඩවලට පාවිච්චි කළේ ටෝච් එකක්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කවියක් ලියන්න සිතීමම වැදගත්.... ස්තුතියි!

      Delete
    2. අපිට නම් පොඩිකාලේ ඉඳන් තිබුනත්. මගේ තාත්තගේ ගමේ ගෙදර ඒ කාළේ තිබුනේ නෑ. අදත් කොච්චරනම් ගෙවල් තියෙනවද.. Thanks

      Delete
  10. දෙපාරක්ම කියෙවුවා.. ඇත්තටම සමහර පැති වල තාමත් විදුලියක් දැක්ක නැති මිනිස්සු ඉන්නවා.. අපි ගාල්ලේ ඉද්දි අපේ ගෙදරට ලයිට් තිබ්බේ නෑ..

    ReplyDelete
    Replies
    1. මම මෑතකදි සූර්යාලෝකයෙන් විදුලිය දීපු ගමකට ගියා. එ මිනිස්සු විදුලිය දීපූ සුද්දට දන ගහලා වඳිනවා.. ඒ යකා දුවනවා

      Delete
  11. ඒ භූමිතෙල් සුවඳ තවම දැනේ,...

    මට අගෙයි ඒ සුවඳ ගූචි, පොයිසොන් වලට වඩා
    භූමිතෙල් කුප්පියට පයින් ගහපු එවුන්
    බැබලුනත් විදුලි ආලෝකයෙන් වෛවර්ණ
    තවමත් ඝනඳුරේ උන්

    උන් බබලවන
    විදුලියෙ ස්විච් යතුර
    ජනයා අත බව
    දනු මිතුර

    ReplyDelete
    Replies
    1. ඒ උනාට තව කාලෙකට බැබලෙයි වගේ....

      Delete
  12. පද පෙල සුපිරියි, ඔබේ පන්හිඳට මගේ ආචාරය.

    මා ද කුප්පි ලාම්පුවෙන් එළිය ලද කෙනෙක්. අදටත් කුප්පි ලාම්පු එළිය ලබන පිරිස බොහෝය.

    විෂයට ආදාල පොඩි සටහනකට අවසර:

    ශ්‍රී ලංකාවේ කුප්පිලාම්පු වලින් සිදුවන අනතුරු වලකාලීම පිණිස වෙහෙසෙන ස්වේච්චා ආයතනයකි විශ්‍රාමික ශෛල්‍ය වෛද්‍ය ගොඩකුඹුර මහතා විසින් 1992 දී ආරම්භ කරන ලද Safe Bottle Lamp Project. 2009 වසරේ එම ආයතනය BBC, Newsweek හා Shellආයතන ඒකාබද්ධව පිරිණමන World Challenge 09 නම් ජාත්‍යන්තර තරඟයකින් මුල් තැන දිනාගත්තා. එය ලාංකික ආයතනයකින් එම තරඟයේ මුල්තැන දිනාගත් දෙවන වතාවයි. ඒ දෙවතාවේදීම විදේශ වල විසිරී සිටින ලාංකිකයින් බොහෝ දෙනෙක් අත්වැල් බඳගත්තා විවෘත තරඟයකට අවශ්‍ය චන්ද ප්‍රමාණය ලබා ගැනීමට. 2009 වසරේ දිණුම විශේෂත්වයක් පෙන්නුම් කලා, ඒ World Challenge තරඟ ඉතිහාසයේ වැඩිම චන්ද ගනනාවක් ලබා ගෙන පලමුතැන ලබා ගැනිමයි.

    එම ආයතනය අඩු වරප්‍රසාද හිමි අපේ ජනතාව උදෙසා ඉටුකරන සමාජ මෙහෙවර පිලිබඳව දැනුවත් කිරීම උදෙසා මෙම සටහන තබන්නෙමි. එම ආයතනයට පරිත්‍යාග ඉදිරිපත් කරන්නත් පුලුවන්.

    http://www.safebottlelamp.org/index.html

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට මේ පින්තූරේ ගත්තෙත් ඒ මහත්තයා ගැන පලවුන ලිපියකින්ද කොහෙද...

      Delete
  13. light බිල 40% නැග්ග නිසාද බූමිතෙල් ලාම්පුව මතක් වුනේ.

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නවද කොළඹ නගරයේ නිවාස කීයක බූමිතෙල් ලාම්පු තියෙනවද කියලා. බූමිතෙල් ලිප් කීයක් තියෙනවද කියලා.. ඒවා මම දකිනවා.. ඒ මිනිස්සු මේ වැඩිකිරීමෙන් පුදුම අමාරුවක වැටුනේ. එයාලා කාගෙන්වත් යැපෙන මිනිස්සු නෙමෙයි මහන්සිවෙලා කීයක් හරි හොයාගන්න මිනිස්සු. කොහොමත් අපිටත් ඒ තත්වේ උදාවෙයි වගේ මේ විදියට ගියොත්...

      Delete
    2. අපේ ගෙදර උයන්නෙත් බූමිතෙල් ලිපෙං බං . .

      Delete
  14. මමත් පොඩි කාලේ පාඩං කරේ භුමිතෙල් ලාම්පුවෙන්..සහෝදරයෝ ටික ලයිට් කනු ටික කැපුවනේ...ඒ කාලේ තිබුනේ ලී ලයිට් කනු...

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ මාර දේශප්‍රේමයක් නේ තිබුනේ. දේශයෙම ඒව නැති බංගස්තාන කොරලා කස්ටියත් මකබෑවිලා ගියා. ඔය ඉන්නේ බේරිච්ච හාල් පාරුවෝ.. විප්ලව දෙකෙන්ම..

      Delete
  15. //බූමීතෙල් ලාම්පුව-
    විහිදනා එළියෙන්ම-
    ඝනදුරෙන් මිදුන උන්-
    නැගී හිමගිර මතට-
    සිනහසෙයි වියරුවෙන්-
    බලා පාමුල ගිරෙහි....//
    //ශිල්ප ලබනුයේ තොප-
    රටේ පාලනයටද-
    ඇසු ප්‍රභු කුටුම්බය-
    කළ දේම කරයි නුඹ-
    සොයුරියගේ දරුවනට...//
    ...උපහාසය නියමයි

    ReplyDelete
    Replies
    1. මටත් පස්සේ හිතුනා මේ දෙක තිබුනා නම් ඇති කියලා...

      Delete
  16. පාන් නැත්තන් කේක් කාපල්ලා කීහැකි,
    භූමිතෙල් වෙනුවට මක්කෙයි කොරන්නෙ ?
    වහ බීපල්ලා කියයිද ?

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔබාටත් තේරිලා.. මම උන්නේ බනීවත්ද කියලා.. මොනවද බන් මේ ලියලා තියෙන්නේ කියලා...

      Delete
  17. ඇත්තටම ඒ ගැන හිතද්දී ගොඩාක් දුකයි.. ඒ ළමයින්ට විදුලිය කවදා එයිද? ඒ අතින් අපි ගොඩාක් වාසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. සංවේදි අයට විතරයි ඕවා තේරෙන්නේ...

      Delete
  18. Hello! I'm at work surfing around your blog from my new iphone 3gs! Just wanted to say I love reading your blog and look forward to all your posts! Carry on the outstanding work!

    Have a look at my website great point

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න