.

.

Feb 24, 2012

මාළු පාන් කවි - Inflation Poems



මාළු කයිය.. 

කන්න දීලා ඇති කරලා වගෙයි මුන්ගෙ ගනන්
නටයි ඇඟේ මාළු මුන්ගේ ගනන් අහල බොලන්
හෙට්ටු කරල පීචං වී කන්න මාළු ගෙනෙන්
එහෙම ගෙනත් කාපු එකට කෙලපි බූමී තෙලෙන්

තොපි හිතන්නේ මාළු එයිද කතා කලොත් පෙමින්
වැල්ලෙ ඉඳන් කතා කලොත් අනේ ගොඩට වරෙන්
බූමීතෙලුත් එක්ක මාළු කන්නම ඕන නම්
සහනධාර ඉල්ල ගනින් ගොහින් ඇමති යගෙන්

ආධාරේ දුන්නට බන් මාළු අස්ප ගනන්
පොඩි මාළුත් උස්සලානේ තෝරූ මෝරූ ලෙසින්
ලොකු මාළුවෝ කන්න ඉතින් මගුලක් එනකන්
ඉන්නෙ නැතුව පිත්ත අරන් මාළු බාමූ බන්

අරෙහෙ මෙහේ යන්නෙ නැතුව සතියේ අන්තෙට
මදුරු දැලුයි පිතියි අරන් පවුල එක්ක හෙට
විසිල් ගහල මාළු අරන් වෙරලේ අයිනට
බොගක් දාලා වරෙන් මචන් උන්ටත් කන්නට

පාන් කවිය ළඟදීම බලාපොරොත්තු වන්න...

කිරිපුතා කියලා එකෙක් කවි කතන්දර ලියනවා.. සෑහෙන රහයි.. ඔයාලත් ගිහින් බලන්න රසද නැතිද කියලා... මෙතන ක්ලික් කරන්න

65 comments:

  1. Replies
    1. හික්ස් නෙමෙයි ... වැල්ලේ යමු මසුන් මරන්න..

      Delete
  2. අනේ මන්ද වැඩ අස්සෙම වුනත් මාතලන්ට කමෙන්ට් නොකර කොහොමද? කයිය නම් අපූරුය. පාන් කියාගන්නවත් දැන් බැරුවනේ ජහමනයා ඉන්නේ. කා..පාන් කියලා ඒ කාලේ ප්‍රේමදාස ලොක්ක රැස්වීමවල පාන් පතුරු ගැහැව්ව. ඒකට අර නොට්ටිගේ පුතා. ප්‍රේමදාස මහත්තයාගේ ජානනම් ගෑවිලාවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වෙද මහත්තයෝ.. මම උන්නා ආයෙත් රවුමක් ගියාද කියලා.. කෙන්තියට... හෙහ් හෙහ්....

      Delete
    2. වෙද මහත්තය,
      ප්‍රේමදාස උන්නැහේට උනත් පොඩි පොඩි මිස්ටේක් වෙන්න පුලුවං . . මොකද ගෙදර ගරන හොයාබලන්න ඉස්පාසුවක් තිබ්බ කියලෑ

      Delete
  3. කියවන්නෙක් පමණිFebruary 24, 2012 at 8:33 PM

    ජනතාවගේ නායකයෝ ටික එකතුවෙලා මාළු,පාන්,බස්ගාස්තු වගේ ඒවට ජනතාවට සහනාධාර දෙන්න වැඩ පිළීවෙලක් හදනවාලු.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් දැනුවත් කරහන්... පාන් කියා ගන්න බැරුව ඉන්නේ..

      Delete
    2. කියවන්නෙක් පමණිFebruary 24, 2012 at 10:17 PM

      පෝලිමටලු සහනාධෘර දෙන්නේ. හිට....පාන්

      Delete
    3. පෝලිම් පාරක් දාලාද සහනාදාර දෙන්නෙ... එතකොටනං කොහොමත් ඇලක දොලක බැස්සාම මාලි පැටවු නිකනම රිංගාවි..

      Delete
    4. කොහොමත් පෝලිම් යුගේ එයි මේ යන විදියට

      Delete
  4. සිරිමත් මගෙ සකි
    දැන් ලොකු ළමයෙකි
    යංතං ඇති හැකි
    වැදගත් මහ‍තෙකි

    තෙල් මිල නැග්ගත්
    රුපියල බැස්සත්
    ලයිට් බිලෙන් වත්
    සිරිමත් නොසැලෙත්

    මූණුපොතේ වත්
    බ්ලොග් ලියුමෙන් වත්
    පාරට බැහැලත්
    අරගල නොකරත්

    දෙන දේ කෑමත්
    වෙන දේ බැලුමත්
    කී දේ කෙරුමත්
    දැං පුරුදුයි කොහොමත්

    තිත් දෙයයි ඩී!

    ReplyDelete
    Replies
    1. මෙන්න මූනෙ බොලේ කවියා!

      Delete
    2. සිංහයා දැනුයි දැක්කෙ...... හෙහ් හෙ.....

      Delete
  5. ayiyo] පාන් කාලත් ඉවරයි.. හොද වෙලාවට මම මාළු කන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඇයි වැජිටේරියන්ද. එහෙම නම් ලාබයි... මේ දවස්වල එළවළු පට්ට ලාබයි... ඇත්තටම...

      Delete
    2. ඔහොම කිව්වට බැන්දට පස්සෙ කාවි!

      Delete
    3. ඒත් ඉතින් වෙජිටේරියන් නේ.. බනානා.. එග් ප්ලාන්ට්..

      Delete
  6. මාලු කයියට වඩා මේකට කියන්න තිබ්බේ පාළු කයිය.... එච්චරකට වැඩක් නැද්ද මංදා දැන් මේ මාතෘකා ගැන කථා කරලා.... :( :(

    ReplyDelete
    Replies
    1. පාන් කයිය ඔයිට රහයි.. ලියලා තියෙන්නේ දැම්මම බලපන්

      Delete
  7. ඈ බන් අයියෙ, සහනාධාරෙත් අරන් ගනනුත් වැඩි කරලද?... මම කලින් හිටිය වගේම වෙජිටේරියන් වෙනව ;)

    ReplyDelete
    Replies
    1. මාළුවගෙයි.. මාළු කෑල්ලගෙයි.. අම්මල මතක් වෙනවා ගනන් ඇහුවම..

      Delete
  8. සිංහල බෞද්ධ ජනතාව ප්‍රාණඝාත අකුසලයෙන් වැලකිය යුතුය , මස් මාංශ අනුභවය බටහිර ක්‍රිස්තියානු බලවේග විසින් ලාංකීය ජනතාව වෙත පුරුදු කරවන ලද්දක් බැවින් එය අධෛර්යයට පත්කරනු වස් සාලයාගේ ග්‍රැම් 500ක මිල අවම වශයෙන් රුපියල් 1000 වන තෙක් වත් මාලු මිල වැඩි කල යුතුය

    පාන් අනුභවයද එවැනිම ඇන්ගලෝ කාර චර්යාවක් වන නිසා මෙරට සිංහල බෞද්ධ ජනතාව පාන් කැමෙන් මුදවා ගත යුතුය ඒ සඳහා පාන් රාත්තලක මිල අවම වශයෙන් රුපියල් 250ක් දක්වා වත් වැඩි කල යුතුය .


    -විකාරාචාර්ය (නල)ලිං මැඩි සිල්වා
    (මාධ්‍ය ප්‍රකාශක - සම්‍යක් දෘශ්ටික දේව සභාව )

    ReplyDelete
    Replies
    1. සාලයා 500 ළඟදීම රු. 1000 කට තොග මිළ එනවා ඇත..
      පාන් කයීය බලාපොරොත්තු වන්න...

      Delete
  9. වැල්ල අයියෙන් බොග දැම්මම මාලු එනවද කන්න.. කෝ කීප දවසක් බොග දාල ආවට ඕක බලං ඉදියෙ නෑනෙ... සික්....!!! අද හෙටම ආයෙ යන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. බූස්සෙ ගල උඩට නැගල දාපං . . . වැලි ගොව්වො ටිකක් හරි අල්ලගන්න පුලුවං

      Delete
    2. බලාගෙන දාන කොටත් පුකට කොටනවා...

      Delete
    3. ගාලු කොටුවෙ පහල ගල් අස්සට රිංගල දාපන්. දවස ගානෙ කකුළුවො කන්න පුළුවන්.

      Delete
    4. බලං ගියාම මුන් ඔක්කොම බොග දාල මාලු අල්ලපු උන්නෙ... .... අපරාදෙ කලින් දවස්වල මගෙ මාලු ටික...

      Delete
  10. දීපු සහයෝගයට ගොඩක් ස්තූතියි. ලාබෙට මාළු පාන් ලැබේවා........!

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි හොඳ දේ අගය කරනවා වගේම බෙදා හදාගෙන කනවා...

      Delete
  11. මාළු නැත්නම්....පානුයි ලුයියයි ...නැත්නම් පානුයි ලුකයි...හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. Kandian නරක් වෙලා වගේ...අර ඕනය වගේ උන්ද ආස්සරේ කොරන්නෙ ?

      Delete
    2. ඒකත් කන්න බැරි සයිස් එකක් එන්නේ.. පාන් කයිය බලාපොරොත්තු වන්න...

      Delete
    3. ඔබා..ඕනයා..මාතලන්ලා ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ ආයම පරණ vocabulary එක retrieve වෙන්න ගත්තනෙ...:-)

      Delete
  12. //කන්න දීල ඇති කරල, වගෙයි මුන්ගෙ ගනන්//

    දවසේ කියමන

    ReplyDelete
    Replies
    1. ෆේමස් සේයින් එකක්... පේටන්ට් එක මගේ නෙමෙයි

      Delete
    2. මම නං ඉස්සෙල්ලම ඇහුවෙ ඔබී ඕක කියනව. ඔබී වෙජිටේරියන්, ඒ වුනාට අපි දෙන්න ගෙදරට බඩු ගන්න මෙහෙ සුපර් මාකට් එකක අයිල් අතරෙ යන ගමං ටින් මාළු වල ගණන් බලල එක පාරටම කිව්ව ' හරියට කන්න දීල ඇති කරල වගේ ' කියල. මේ වෙලාවෙ ඔබී ගෙදර නෑ, ආපුවම අහන්නං කොහෙන්වත් අහුල ගත්ත වාක්‍ය ඛණ්ඩයක්ද කියල :-)

      P.S.
      මම වෙජිටේරියන් නෙමේ, නොකන්නෙ මිනී මස් විතරද දන්නෑ...

      Delete
  13. කිරිපුතාගෙ පැත්තෙත් ගිහින් ආව මරුනෙ, විරහ කවිම කියෝල කවි එපා වෙලා හිටියෙ...අන්න කවි...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. අපි රෙකමන්ඩ් කලොත් ඉතින් එළ කිරි ඒවා තමයි.. මටත් ඔය විරහව කියන එක පොඩි කාළේ ඉඳන් පෙන්නන්න බෑ.. මම බූට් කාලා තියෙන හැටියට. අඳොනා ඇර වෙන ලියන්න දෙයක් නැතිවෙනවා.. මහා පසුගාමී චින්තනයක්.. තුහ්... නොදකින්

      Delete
    2. යකෝ ඕකෙ පොසිටිව් පැත්ත ගනිං. බූට් දෙන්නෙ කෙල්ලෙක් යාළු උනෝතින්නෙ. එහෙම බූටක් දෙන්නවත් කෙල්ලක් යාළු නොවුන උන් කොච්චරක්ද?

      Delete
    3. ඒකට කවි ලියල හරියනවයි.. හෝල්ට් ගානේ සෙම හලන්නේ නැතුව.. බඩුවක් දාගන්න එක සෙල්ලමක්ද.. කවි ලියලා හරියන්නේ නෑ. අඩු ගානේ සුපරිස්ටාර්ලයි පළවන වටයට හරි යන්න එපාය..

      Delete
  14. වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා!;)

    ReplyDelete
    Replies
    1. ඔන්න මචං මාළු ගොඩට පීනලා එනවා

      Delete
  15. මාතලනුත් හොඳ කවි කාරයෙක්නෙ

    ReplyDelete
  16. කා පාං ලඟදිම ගෑස් වැඩි උනාම රෙද්ද උස්ස පාං

    ReplyDelete
    Replies
    1. ගෑස් බටේ පුකේ ගහගන්නවා...

      Delete
  17. පාන් නැත්තන් කේක් කාපන් කිව්වට දැන් කේක් කන්න නෙවෙයි වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කන රෝස් පාන් එකටත් කෙලල නේ බන්...

      Delete
  18. සන්තෝසයි අප්පා.ටැංකියේ ඉන්න මාළුවත් කන්න ඕනේ දැන්.

    ReplyDelete
    Replies
    1. ඌ පව්.. උඹේම මාළු කාපන්.. මේ ළඟදි එකෙක් කිව්වා උගේ ළමයි මස්ම කන්න බෑ කියලා මාළු ඉල්ලනවා. දැන් ඉතින් මගේ මාළු තමයි කපල දෙන්න වෙන්නේ කියලා..

      Delete
  19. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඔබේ ලියාපදිංචිය සඳහා සියළුම විස්තර අවශ්‍ය බැවින් ඒ සඳහා කැමැත්තක් නැත. නමුත් අවශ්‍යම නම් මගේ ඊ ළිපිනය හා සම්බන්ධ විය හැක
      happyjay65@gmail.com

      Delete
  20. ආඳෙක් ,කොරලියෙක් , කනයෙක්, සූඩයෙක් අල්ලංගෙන ගැඹුරු තෙලේ බැදලා කලා. වැව දිහෑ බලාන අපේ පෞඩ ඉතිහාසය ගැන මෙනෙහි කරමින් ඉමු බං ඔය ගනං උස්සන එවුන්ට උස්සගන්න කියලා .

    පාං නැත්තං කේක් කාපල්ලා කිවලා කවුදෝ පඬියෙකුත් කියලා තියෙන්නේ ..

    ඒ වාගේ මාළු නැත්තම් ආනමාලු කාපල්ලා ..

    ReplyDelete
    Replies
    1. කොළඹ ගෙඩියක් රුපියල්ම 15 යි.. ඊට වඩා ලාබයි දත් මිටි කන එක...

      Delete
  21. මාලු නේද.... ඔව්වට මුකුත් කියන්න බැහැ අන්තිමට කියයි... මාළුවා නහින්නේ කට නිසා කියලා...

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හොඳ එක්ස්කියුස් එක

      Delete
  22. ලංකාව වටේම මුහුද තිබිලත් මාළු මෙච්චර ගනන්.. අවුරුද්දේ එක කාලෙකට විතරක් මුහුදු යන ඉතාලියෙවත් මාළු මෙච්චර ගනන් නෑනේ..

    ReplyDelete
    Replies
    1. මාළු විතරයැ.. ඇයි හාල්.. කෑම ජාති ඔක්කොම ගනන්.. අනෙක් රටවල කෑම කොච්චර ලාබද.. මේ දවස්වල එළවළු නම් ටිකක් ලාබයි.. දේශප්‍රේමෙත් තියෙනෙවා කුණු කොල්ලෙට..

      Delete
    2. හපොයි...
      කමක් නෑ ඕව හිතන්න එපා..කොච්චර ගණන් වුනත් මිනිස්සු,මාළු කන එක නවත්තන්නේ නෑ කියලා මට යාලුවෙක් කිව්වා...

      Delete
  23. අර මාලුවගේ ලොකූඌඌඌඌඌඌ ඔයාලට පේන්නේ නැද්ද? :D:D:D

    ReplyDelete
    Replies
    1. කෙල්ල ලංකාවේ ධීවර වරායකට ගොහින් නෑ වගේ. ලංකාවට ආපූ වෙලාවක ළඟ පාත ධීවර වරායකට යන්ට.. රට වටේට 130 ක් විතර තියෙන්වා... ළොඋ ඒවා 5ක්ද කොහෙද තියෙනවා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න