.

.

Jan 3, 2013

කුණු කරෝල, කුණු අල, කුණු සීනී - Sri Lanka Smells Bad


උන්නොත් දාහයි.... මලොත් දෙදාහයි.....
බැන්දොත් නම් පන්දාහයි නෝනේ...
දුප්පත් අපි රජවරු සුදු මා.....මේ.....
දුප්පත් අපි රජවරු සුදු මා....මේ.....

ඔය උඩ තියෙන සින්දු කෑල්ල, නිකන් ජොලියට වගේ කිව්වාට අවුලක් නැතිය. ඒ ගැන පොඩි ආතල් එකක් තියෙන්නේය. ඕවා ගැන මම කලින්ම කිව්වාම, එකෙක්වත් පිලිගත්තේ නැතිය. (මෙතනින් බලන්න.) දැන් ඉතින් බඳින්නනම්, සුපියල් 5000 ක්ම ගෙවන්න වෙනවාය. දුප්පත් එකෙකුට බඳින්න වෙන්නේ සමෘධි බැකුංවෙන ණයක් අරගෙනය. නැත්නම් කරේ දාන්න ඉන්න මාලේ උකස් කඩේ පරෙස්සමට තියලාය. ආදහණයත් ගනන් ගිහිල්ලාය ඒ නිසා බුදු සමයේ වගේ, කැලේට විසි කරාම අහවරය, මට හිතන්නේ හලාල් කේස් එක නැගලාම යන නිසා. ඒවා ප්‍රවර්ධනය සඳහා ආන්ඩුව ගත්ත පියවරක් වෙන්ට ඇතිය.


පොස්ට් එක, ඒක ගැන නෙමේය. කුණු ගැනය. පිටකොටුවෙන් හෝ ගාලා කුණු බඩු අහු වෙනවාය. කොහොමත් පිටකොටුවේ තියෙන්නේ කුණු බඩුය. ඒක වෙනම කතාවක්ය. කොටුවේ, මොන්ටිකාලෝවල වගේ කාර් රේස් දිව්වාට. ඊට අල්ලපු වැටේ තියෙන්නේ රටේ සැබෑ තත්වයය. මම මේ ගැන පෝස්ට් කීපයක්ම ලිව්වාය. ඒත් ඝෝඨභය මහත්තයා තාමත් ඒ පැත්තේ ඇවිත් නෑ වගේය. පිටකොටුවෙන් ගාළු පැත්ත දිවිය ළෝකේ උනාට, නුවර පැත්ත මිහිපිට අපායය.

ඔය කුණු එළෝළු ඔතන තියෙන්නේ අද ඊයේ සිට නෙමේය. තරු පහේ හෝටල්වලට සහ හමුදාවට ඇර ආන්ඩුවේ මහ ඉස්පිරිතාලෙට, මහජනයාට, කොළඹ හෝටල්වලට, බේකරිවලට පමණක් නොව පොලීසියේ කුස්සියට පවා දෙන්නේ කුණු ගොඩවල්ය. ඔය කුණු ගොඩවල් සුද්ද කොරන්නේ කුඩු කාරයෝය. උන්ට කුඩු පැකට් එකක් දුන්නාම භාවනා කරනවා වගේ ඇන තියාගෙන ඔක්කෝම කුණු ගොඩවල් සුද්ද කරණවාය. ඔය පිටකොටුවේ බෝධිය පිටිපස්සෙ සහ ඒ කිට්ටුව තියෙන අතුරු පාරවල්වල මහ දවාලේත් මේ වැඩේ නැගලාම යන්නේය. ඒ පැත්තේ වැඩිපුර තියෙන්නේ කරවල කඩ නිසා කුණු ගඳ කරවල ගඳට කැපිලා යනවාය.

එහෙම සුද්ද කරනා හොඳම ටික, නැවතත් ගෝනි වලට දමා, පස්වන හරස් වීදියට යනවාය. ජරාම ඒවා ගන්න ටෙන්ඩර් කැන්ටින් කාරයෝ, හෝටල් කාරයෝ, බේකරි කාරයෝ පේවී ඉන්නවාය. පිකොටුවේ හෝටල් සහ බේකරි වලට නම්, උදේ පාන්දර හෝ රෑ ජාමේ සප්ලයි කොරනවාය. කැන්ටින් කාරයෝ පාන්දර ඇවිත් අරගෙන යනවාය. ඇත්ත කතාව ඕකය. ඔය ඔක්කෝම කුණු බේරුවල් බොක්කට දමන්නේ නැතිය. ගෙනියන්නේ කොළොන්නාවේ කුණු කන්දටය. ඒ පාර එතනිනුත් කස්ටියක් ගන්නවාය. ඒවා ඒ පැත්තේ හෝටල්වලට යනවා ඇතිය.

කොළොන්නාවේ කුණු ගඳ, දැන් අළුත් පාලමෙන් කොළොම්පූර් වලට ඇතුල් වෙන කොටම දැනෙනවාය. උදේට බොරැල්ල රාජගිරියට විතරක් නොව, පිටකොටුවටත් දැනෙනවාය. දැන් ඒ කුණු කන්ද මහ පොළොවටත් දරා ගන්න බැරි තරම් බර වේලා, ගිලා බහිනවාය. ඒ ගිලා බහින කොට, අහල පහල තියෙන ගෙවල් විතරක් නොව ඉස්කෝලත් ගිලෙනවාය. මේ සියල්ලටම හේතුව 94 සිට ආන්ඩුවේ කළමණාකරන දුර්වලතාය. කිසිම කළමණාකරණයක් නැතිය, සැලසුමක් නැතිය, එදා වේල ටුවර්ස්ය. හැම තැනම එහෙමය. ඒ කියන්නේ හැම තැනම කුණු වෙලාය.

කුණු කරවල, කුණු අල, කුණු ලූණූ පමනක් නොව, ඉස්තරම් බ්‍රවුන් සුගරුත් කුණු වෙලාය. මාළු ටිකක් ගත්තත් කුණු වෙලාය. එළෝළුත් එහෙමය. පළතුරුත් එහෙමය. ටින් කෑමත් කුණු වෙලාය, අජ්ජාපනෙත් කුණු වෙලා ඕජස් ගලනවාය, ගන්දස්කාරේ බැරිය, ඉස්පිරිතාලත් කුණු වෙලාය, දෙන බේතුත් කුණු වෙලාය, නිළධාරිත් කුණු වෙලාය, අම්බානට දුෂණය, හොර ගුහාවල්ය, කොමිස් කාක්කෝය, ප්‍රාදේශිය සභාත් කුණු වෙලාය, කතා කොරන්නත් බැරි තරම්ය. ඒවාවල ඉන්නේ ලයිසන් මිනීමරුවෝය, රේප් කේස් කාරයෝය, කුඩු කාරයෝය, බඩු කාරයෝය, ගංජා කාරයෝය.

පලා බබාත් කුණු වෙලාය, තනිකර සුදු අලියෙක්ය, කරනා මෙලෝ දෙයක් නැත්තේය, හොර ගුහාවල්ය, පාර්ලිමේන්තුවත් කුණු වෙලාය, මහත්තුරු නැතිය, සඝ වෙද ගුරු ගොවි කම්කරුවෝ ඇවිල්ලා මාළු විකුනනවාය. වැදගත් කතාවක් ඇත්තේ නැතිය, ඇත්තේ පට්ට ජෝක්ස්ය, මේ දවස්වල යන්නේ ඒක උත්තරතීරද නැතිය කියාය. ඒකට උත්තරතීරයි කිව්වොත් හෙම, එහා ගෙදර ඉන්න සූස්ති ජිනේත් උත්තරතීරය, මොකෝ ඌත් මලක් ගහපු ගමන්, අම්මමෝ නැතිව කෑ ගහනවාය. කියන්නේ මොනවාද කියා ඌ දන්නේ නැතිය. 

අනිත් ඒවා ගැන කියන්න ඕන නැතිය, ඒ විතරක් නොව, මගජනතාවත් කුණු වෙලාය, ගෑණියි ළමයි, බෙල්ල මිරිකලා මරලා ලොලිටාවන් එක්ක ෆන් ගන්න යනවාය. වතුර පොවන්න ගියපු එකා ආච්චිට කෙලිනවාය. ආච්චිගේ දුව ඇවිත් වැඩේ කනවාය. ඕන් ආච්චිටත් මල පනිනවාය, උපන් ගමන් දරුවා මරා දමනවාය, අවුරුදු හතරේ බොනික්කෝ දූෂණය කොරනවාය, ප්ලාස්ටික් බෝනික්කෙක්වත් බේර ගන්න බැරි සයිස් එකක්ය. මේවාට සොලියුෂන්ස් අපි කිව්වාම අපේ අම්මලා, නංගිලා, ගෑණී, වේස කමේ යවන්නෙයි කියා සුදනෝ බෙරිහන් දෙනවාය. එහෙම බැලුවාම අන්තීමේදි මේක කුණුම කුණු රටක්ය.

87 comments:

  1. අනේ මංදා මාතලන්.. අනේ කාලේ වනේ වාසේ කියලා ඉන්න තියෙන්නේ ... මට නිකං පිස්සු වගේ කියාගෙන.

    ReplyDelete
    Replies
    1. වනේ වාසේ වගේ තමා... වනවාසල කිට්ටුව තමයි ඉන්නේ...

      Delete
  2. කුණු උනත් කන්න එපායැයි කියා නැත. දැන්නං පිළිගන්නවා ඔහේ ඉන්නේ ලොක්කගේ අඩුම ගානේ කුස්සිය පැත්තෙවත් කියල. මං කලින් එකෙත් කිව්වා උඹ තමා ඉස් ඉස්සෙල්ලම 5000 කේස් එක කිව්වේ කියල

    ReplyDelete
    Replies
    1. දෙකක් කියන්න හදලත් කෝකටත් බුවා සුවර් නැති හින්දා බලලම ආවේ, හෙහ් ඔක්කොටම උත්තර දීල තමා මේක දාලා තියෙන්නේ.. පරමාදර්ශි මාතලං

      Delete
    2. කන්න එපයි කියන්නෙ කොහොමද ජරාව රස කර කර කන ජාතියකට. මල්ලී යුතුකම් ඉටුකරලා ඇති හරිය.....

      Delete
  3. මොකද බන් 2013 පටන් ගත්තා විතරයි කුණු කුණු ගාන්නේ ? මුළු රටම කුණු වේගන යනකොට කුණු නැති තැනක් හොයන්න බොටයි, මටයි පුළුවනැ?

    සුබ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. දැන්ද යකෝ විස් කොරන්නේ....

      එසේම වේවා....!!!

      Delete
  4. අය්ස්ලන්තෙ කුනු කන අයනෙ ගොඩාක් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිශතයක් වසයෙන් හොයා ගන්න පුළුවන්නම් සන්තෝස වෙන්න තිබුනා....

      Delete
    2. මැතිවරණ ප්‍රතිපල බැලුවනම් ආසන්න වශයෙන් හොයාගන්න තිබ්බ

      Delete
  5. කියවන්නෙක් පමණිJanuary 3, 2013 at 10:41 PM

    මේවාට වගකිවයුතු අය ඉක්මනින් කුණුවී මැරැනොත් 2014 සුභ වෙනවා. ගැලවුම්කරැවා රෝමයට වී 2014 ගැන වීණා වයනවාය.

    ReplyDelete
    Replies
    1. //ගැලවුම්කරැවා රෝමයට වී 2014 ගැන වීණා වයනවාය.//

      :D :D :D

      Delete
    2. රාවණා එන්න කල් යනවා.. එතකන් ඉතින් ආතල් එකේ තමයි ඉන්නේ.. ඒ මනුස්සයා මොනවා කියලා කරන්නෙයි... ප්‍රජාචන්ත්‍රවාදි රටක් නේ...

      Delete
  6. මේ රටේ වැඩිපුරම කුණු ගඳ ගහන කුණු ගොඩ තියෙන්නේ දියවන්නාව මැදනේ මාතලන්.. ඒකේ ඉන්න උන්ට වෙන කුණු ගඳවල් දැනෙන්නෙ නැති එක අහන්න දෙයක් යෑ....

    ReplyDelete
  7. කුණු ගඳ ගගහා අපි යන්නේ අර කියන කුණූ ආස්චර්යෙට වෙන්න ඇතිය

    ReplyDelete
    Replies
    1. කුණු කොහෙද බන් ආස්චර්යයක්

      Delete
  8. මොනව උනත් ලංකාව කියන්නේ කැබිනට් ඇමතිකෙනෙක් ගේ හැන්ඩ් ෆෝන් එකටම කෝල් අරන් මරන තර්ජනය කරන්න පුලුවන් තරම් නිදහසක් තියන රටක් , ඉතින් පොඩ්ඩක් කුණු කැවට මොකෝ වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. අඩේ... ඒකට නම් මට මාර දුක හිතුනා අයියෝ.. එයාගේ නෝනටත් කුණුහබ්බෙන් බැනලලු... මම නම් ඒක තරයේ හෙලා දකිනවා... වෙන මක්කා කොරන්නෙයි.. එයාලත් කොරන්නේ ඒකනේ....

      Delete


  9. //http://en.wikipedia.org/wiki/Prostitution_by_country//

    අන්තිම ජේදයේ අන්තිම කැල්ල ගැන . ඔය ලින්කුවෙන් බලහන් අපේ ලොකු අය්යලාගේ දිහාවේ උඹ කියන විදිහට වැඩේ ලිගල් , ඒත් වෙච්ච හරිය දැක්කනේ . අහක යන කෙල්ලෙක්ව අල්ලගන්නේ නැතුව අර පාහරයො හතර දෙනාටත් තිබුනනේ නිත්‍යානුකුල , මිල අඩු සේවාව ලබාගන්න .

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් දෙනකොට වැඩ කරන එකක් දියන්. ඉන්දියාව ගැන නෙමෙයි නේ මම කතාකරන්නේ ලංකාව ගැන.

      Delete
    2. ලින්ක් එකේ මුලින් තියන // දෙක අයින් කරල බලහන් . උඹ ලංකාව ගැන තමයි කථා කරන්නේ නමුත් උඹේ තර්කයට පදනම් තියෙන්න ඔනිනේ . උඹ අන්තිම ඡේදේ කියනවා ස්ත්‍රි දූෂණ සිද්ධවෙන ලිංගික අසහනයට ගණිකා වෘත්තිය නිතිගත කිරීම විසඳුමක්ය කියල , ඒක එහෙමමයි කියන්න බෑය කියලයි මම එදත් කිව්වේ අදත් කියන්නේ . ලංකාවේ තියන සමාජය වට පිටාවට ආසන්නම රටේ තත්වයෙන් උදාහරණ ගත්තේ සංකල්පය හොඳ වුනාට අපේ රටවල මේ තියන තත්වය යටතේ වැඩක් වෙන්නේ නෑය කියන්න . එපමණයි !

      Delete
    3. එහෙනම් ඉතින් අන්තර් ජාලේ සෙක්ස් හොය හොය අහුවෙන එකක් රේප් කරගෙන හිටපන්.. අපිට පස්සෙ ඉන්නේ ඉන්දියාවනේ..

      Delete
  10. මේ ලිපිය ගැන අව්‍යාජ මාරයියාගේ මතය දැන ගැනීමට කැමැතියි. මොකද මාතලන් ලියන්නෙ එක පැත්තක් ගැන විතරයිනෙ. අව්‍යාජ මාරයියා ඕකෙ අනෙක් පැත්ත කියන්න එපායැ. නැත්නම් බැලන්ස් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් බැලන්ස් තියෙන්නේ... අන්ඩවෙයාර් එකේ විතරයි තියෙන්නේ... බෝල බැලන්ස්...

      Delete
  11. ලලයි ලිලයි ලයි සිසිලයි සුළගයි කියල ඉන්න ජනතාවට ඇමරිකාවෙ පොලුවල එල්ලිලා ගල්/පුකවල්කවර් කරගෙන අබරනව වගේද,31 එක රෑ ලංකාවෙ බතල ගෙඩි 25 න්දාහක් ගෙවල ටාජ් හෝටලේ අබරපෝපු "ගල්" සහ හිල්ටන් එකේ කළු ජංගි ඇදගත්ත කුඩු වෙච්ච් රුසියාවෙ ගෑල් ළමයි පෙන්නපු පුකවල්.මේවා දකින ජනතාවට බඩගින්න අහලකට එන්නේ නැහැ.මේවගේ"FUN"එක දෙන රජයකට මිසක ,කොල්ලන්ගේ "ගල්"වලට සහ "පුකවල්"වලට කෑදර නායකයන්ට චන්දය නොදෙනු ඇත.ගැහැනියගේ වටිනාකම පොඩි දැරියගේ පටන් උපරිම වටිනාකමක් ලබාදෙන "ජාතියේ පියාට"මාගේ උපහාරය!

    ReplyDelete
    Replies
    1. සාරුව සුනිල්ලා ජාතික වීරයෝ උන රටක් නේ...

      Delete
  12. ටැකොස් ඉවර නෑ. ඒ මදිවට කසාදයක් බඳින්නත් සුපීස් 5000ක් ඊලඟ අවුරුදේ 7500යි. සිරා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කලින් බැඳලා උන්නේ.... තාරුණ්‍යයට හොටක්....

      Delete
  13. මාත් දැක්ක tv news අල කන්ටේනර් එකක්ම කුණුවෙලා ,බදින්නනම් දැන් ඉතින් ගෙවපල්ලකෝ 5000 ක්ම

    ReplyDelete
    Replies
    1. ඇයි ඒක චෙක් කරන්න ආපු කුණු කෑලී දැක්කෙ නැතෙයි...

      Delete
  14. 1500 ක් විතර දීලා, ජනේලෙන් පන්නගෙන යන ගමන්, සහතිකේ ලාවට ලියාගෙන යන්න කෙරමයක් හදාගන්ට බැරිවෙයිද දන්නෑ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් රෙජිස්ටාර්ගේ දුවව පන්න ගන්න වෙනවා පොතත් එක්ක...

      Delete
  15. Replies
    1. උඹ හැමදාම කියන්නෙ ඕක නේද....

      Delete
  16. හයියෝ බන් අවුරුද්දේ මුල් සතියවත් ආතල් කඩන්න
    එපා බන් .. :D

    ReplyDelete
    Replies
    1. කොහොම ඉන්නෙයි බන් ගන්දස්කාරේ ඉන්න බැරුව ඉන්න කොට...

      Delete
  17. තව ලැබෙයි ඉස්සරහට.. කොච්චර මොනව උනත් එකෙක් ඇවිත් හිනා වෙලා කතාවක් කිව්වම ඔය ඔක්කොම අමතකයි අපේ අයට.

    ReplyDelete
    Replies
    1. අමතර දෙයක්.. මාතලන්ගේ බ්ලොග් එකේ වෙලාව වෙනස් නේ. දැන් හවස තුනයි. කමෙන්ටුවේ උදේ 1.30 යි.

      Delete
    2. මේ තමයි හොඳම වෙලාව.. අපේ අය ජෝක්ස් වලට හරි මනාපයිනේ....

      Delete
  18. මෙයිට ආතල් 12% සුපර් මාර්කට් ටැක්ස් එක, කවුරුවත් අය්යාගේ ආන්ඩුවේ ෆිස්කල් පොලිසිය ගැන කතා කරන්නෙ නෑ. ඔක්කොම ආච්චිගේ විජ්ජාඥයො කට/පුක වහගෙන ඉන්නෙ මොකුත්ම නොකියා. මිලියන 5ට වඩා ආදායම තියෙන ඔක්කොම සිල්ලර මුදලාලිලා මේක ජහමනයා ගේ පිටේ පැටෙව්වාම අටෙන් පංගුවක් මිළ වැඩිවෙන එක වහගන්න සිර්-ආනි නෝනා ගේ පළ හිලව්ව පාවිච්චි කරන අපූරුව අම්මාපල්ල.. හලාල් මිළ එක්ක 12% කුත ගෙවපියවු කො කුණු කරවල වලට. ඒ අස්සේ කබරාල ආර්තික වර්දනේ 6% පල්ලම් බස්සලා USD 4000 per capita GDP තව ඩිංගක් දුරයි කියලා කියන්න පටං ඇරගෙන නෙව.
    ඔහොම යමව් බූරු පුතේ..

    ReplyDelete
  19. බඳින්නෙ මොකටද 5000 දීලා ? ලිවිං ටුගෙදර් හිටපල්ලකො ! ඕනි නැති කාලෙක ආයි ගෑණිව මරන්න ඕනි නෑ, මිනිහව මරන්න ඕනි නෑ..යන්ඩ ගියා.. ඔය බැඳ ගෙනනෙ සේරම පටලැවිලි කරන්නෙ

    ReplyDelete
    Replies
    1. දවසේ කථාව ඉදිරිපත් කළ වෙනි අයියා දි..නවමු.

      Delete
    2. කොල්ලො ඔහොම හිතුවට කෙල්ලෝ ඔහොම හිතන්නේ නෑ නොවැ

      Delete
  20. Replies
    1. මට ඔබේ කොමෙන්ටුව දැකීමත් සතුටක්... මා සිතුවේ ඔබ මා හා අමනාප වන්න ඇති කියායි...

      Delete
  21. මම හාස්‍යයට උපහාසයට අකමැති නෑ... ඒත් වෙලාවකට හිතෙනවා සමාජ ප්‍රශ්න ගැන දිගින් දිගට මේ ස්ටයිල් එකෙන් ලියනකොට, අපිත් ඒවා කියවලා නිකං කුණු රසයක් අරං ඔහේ ඉන්නවද කියලා. ඒ එක්කම හිතෙනවා අපේම කුණු අරන් අපිටම හිනාවෙනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් තියේද කියලත්....

    ReplyDelete
    Replies
    1. තිසර මාතලන් දැන් ටික ටික පුබුදු සිරිවංස වේගෙන එනව වගේ මට දැනෙන්නේ ඌ IT ගැන ලියන්නෙත් ටිකක් මේ වගේ කාලින මාතෘකා. මූ පොලිටික්ස්. කවුරුහරි මාතලන්ට නොමිලේ ගල් බෝතලයක් දීපං මුගේ හොඳ සිහිය ගන්න.

      Delete
    2. මචෝ අපි අපිටම හිනාවෙනවා කියන එකේ විශාල සැඟවුන අරුතක් තියෙනවා.. චාලි චැප්ලින්.. කලෙත් මිස්ට බීන් කරන්නෙත් ඒ දේමයි...

      Delete
  22. මෙයාට තෙරෙන්නෙ නෑ අපේ රටේ කිසිම දෙයක් අපතෙ යවන්නෙ නෑ. හැමදෙම අන්තිම කෑල්ල වෙනකන් පාවිච්චියට ගන්නවා.

    ReplyDelete
    Replies
    1. අපේ රට ළෝකේ අනිත් රටවලට වඩා වෙනස්නේ...

      Delete
  23. හැම තැනම කුණ්‍ර, කතාව ඇත්තය. ගාල්ල පැත්ත සුවඳ හමන විට නුවර පැත්ත මිහිපිට අපාය ය. ඒකත් ඇත්ත ය. එක වරම සියල්ල කළ නොහැකි ය. තව ටික කලකින් ඒ පැත්තටත් අත තියා වි. මේ ගඳ ගැහිල්ල නැවැත්තිල්ල පුද්ගලයෙකුට පමණක් කළ නොහැකිය. එයට සමස්ථ සමාජයේම දායකත්වය ලැබිය යුතුය. ඒ සැබෑ කුණු ගැනය. ඔබේ ලිපියේ එන අනෙක් කුණු ගැන කිව යුත්තේ සුද්ධ විය යුතු ය කියා ය. මෙතැන කුණු ගොඩ ඉවත්කොට වෙනත් කුණු ගොඩක් ගෙනත් දා ගැනිමෙන් වන්නේ ද අවැඩක් ම ය. කුණු නැති ලංකාවක්? කවදා මේ සිහිනය සැබෑ වේ ද?

    ReplyDelete
    Replies
    1. ඕන් තවත් කුණු ගොඩක් කැළණියේ ඇවිස්සිලා.. ගන්දස්කාරේ බෑ...

      Delete
  24. මම බලපු ෆිල්ම් එකක මේකට ගැලපෙන මරු දෙබස් ටිකක් තිබුනා

    "මල්ලි මේ ජිවිතේ කුණු වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ........මේක ලොකු රටක් එහෙමනම් අපිට ඇවිදලා අනිත් පැත්තෙන් පටන් ගන්න හරි පුළුවන්. මේක.........මේකේ කොහේ ගියත් එහා මෙහා පේන දුරනේ......කාලකන්නි දුපත් ජිවිත මල්ලි.......ඉපදෙනවා විතරයි ඊට පස්සේ කුණු වෙනවා. වැටක් වගේනේ මල්ලි ඔය මුහුද..... ඔය වටේ තියන මුහුද වැටක් වගේනේ.......පුදුම මුස්පේන්තු ජිවිතයක් මල්ලි.....හුස්ම ගන්නවත් ඉඩක් නැති."

    ReplyDelete
    Replies
    1. දූපත් මානසිකත්වය කියන්නේ ඕක තමයි.. වැටෙන් එහා ළෝකය දකින්න පීනන්න ඕනම නෑ...

      Delete
  25. මොනවා කරන්නද.. කුණු ගැන දැනුවත් වෙනවා ඇරෙන්න

    ReplyDelete
  26. කුණු ගඳේ බෑ .... ස්වීඩන් පැටෙව්වා නම් වැඩියෙන් ම විදේශ ආදායම හොයාගන්න පුලුවන්!!!!!!!

    ReplyDelete
    Replies
    1. නෑ අනේ මෙහේම බලංගොඩ ප්‍රාදේශීය සභාවෙන් ආදර්ශමත් වැඩසටහනක් කරනවා.. හේතුව මේ කුණු යට විශාල ගණුදෙනුවක් යනවා...

      Delete
  27. අපිට ඕව ඇහෙන්නේ නැහැනේ පේන්නෙ නැහැනේ.මොනාද මේ කියන විකාර කතා.මේවා දැකලා අපි අඬන්න ඕනද හිනා වෙන්න ඕනද කියල හිතාගන්න බැරුව අපි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හිනාවෙනවා ඇර වෙන මොකක් කරන්නද....?

      Delete
  28. කතා කරලා වැඩක් නෑ,,

    [වතුර පොවන්න ගියපු එකා ආච්චිට කෙලිනවාය. ආච්චිගේ දුව ඇවිත් වැඩේ කනවාය. ඕන් ආච්චිටත් මල පනිනවාය,] සීන් එක අඬන්න ඕනි එකක් උනත් මේකට බකස් ගාලා හිනා ගියා.

    ReplyDelete
    Replies
    1. ඕන නැති වැඩක් නේ බන් දුව කරලා තියෙන්නේ.. ඔන්න දත් කොටුවේ කෙල්ලෙක්ගෙ බෙල්ල කපලා මරලා... කෙල්ල පොලිස් කෙල්ලෙක්...

      Delete
  29. මෙව්වට මාතලන් අයියේ කරන්න තියෙන්නේ ඔය ඉහල ඉඳන් පහලටම ඉන්න දේසපාලුවෝ ටික මකබාවෙලා යන එකයි. පාලන ක්‍රමේ වෙනසක් වෙන්න ඕනේ බඩ වඩාගැනීමේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඒක වෙයි වගේ සර්පයා විසින් සර්පයා ගිලීම ආරම්භ වෙලා වගෙයි පේන්නේ....

      Delete
  30. ලංකාවේ මිනිස්සුන්ට මේ දවස්වල තියෙන ප්‍රශ්න වල හැටියට මේවා මොනාද අප්පා? දැවෙන ප්‍රශ්නයක් ගැන ලියන්න එපැයි නානා~ *if you know what I mean*

    ReplyDelete
    Replies
    1. හලාල් කෑම???

      Delete
    2. ලියන්න බයයි මචෝ.. අල්ලලා ජුන්ඩා හලාල් කලොත් හෙම...

      Delete
  31. අනේ මංද බං.. උදේ හවස කෑ ගහනව. අන්තිමට කතිරෙත් ගහනව..
    තව ටික දවසකින් ගෑණිත් එක්ක නිදාගන්න වාර ගානටත් බද්දක් ගහවි.....

    ReplyDelete
    Replies
    1. කතා දෙක්ක නෑ... බඩු ෂුවර්

      Delete
  32. මේ ගෙන එන බදු ගෙවන්න බෑ කියන්න අපට පුළුවන් ද?
    විවාහ කීයක් වනවා ද දිනකට. දෙවෙනි තෙවෙනි වර බඳින උනුත් එක්ක ගත්තාම ලොකු ගාණක් හොයා ගත්තෑහැකි මුන්නැහේලාට. එනම් එක් එක් පුද්ගලයා දැනට ගෙවන්න වී ඇති මුදලට තවත් 2,500/- (5000/2) ක් වත් අළුතින් එකතු වෙනවා.
    2012 විවාහ සංඛ්‍යාව 205,000 පමණ වෙනවා. 2013 දී එය 210,000 පමණ විය හැකියි.
    (2,100,000 * 5,000/- = 1,050,000,000/- (මිලියන 1050)
    වසරක උපන් සංඛ්‍යාව 500000 ක් පමණ නම්, මිලියන 500 යි
    වසරක මරණ සංඛයාව (මරණ ඒවත් එක්කම) 450,000 ක් නම් මිලියන 900 යි
    එකතුව 2,450
    අය වැය පරතරය මිලියන 42,200 යි.
    තව මිලියන 39,750 ක් හොයන්න ඕන. ලැස්තිවෙලා හිටහල්ලා.

    ReplyDelete
    Replies
    1. මේවගේ කොමෙන්ට් දාලා කැපුවහමත් උඹලා අපිටයි බනින්නේ.. ආන්ඩුවේ උන් දන්නෙ නැති ඒවත් මෙතන දානවා..

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. උත්තරීතර පාර්ලිමේන්තුව ............

    ReplyDelete
  35. ලොකු අයියෙ බද්ද වැඩි වෙච්ච නිසා හොරෙන් වහං වීම් වැඩි වෙයිද ? මට හොදටම ෂුවර් හොර කසාද සහතික රු 1000/- වැනි සහන මිළකට ලබාදෙන සත්ගුණවත් පිරිසක් හෙට අනිද්දාම බිහිවෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. වෙන්නේ ඒක තමයි... හැමතැනම හොරුන්ට මංකොල්ලකාරයන්ට වාසි වෙන වැඩ තමයි කරන්නේ..

      Delete
  36. කියල තියෙන හැමදේම ඇත්ත...පිට දේශයක අනුන්ට සේවය කරමින් ඉද්දි අපේ රට යන දිශාව ගැන අපිට දැනෙන්නෙ විශාල දුකක්...ඔය කොලඹ අවට සිද්ධවෙන ටික විතරයි...ඈත හද්ද පිටිසර ජීවත් වෙන දුප්පත් කමේ පතුලෙම හිරවෙලා ඉන්න අන්ත අසරණ මිනිස්සු කුණුවෙච්චි දේශපාලකයො නිසා විඳින්නෙ එසේ මෙසේ දුකක් නොවෙයි...නිය‍ඟෙට දෙන ආධාර ටිකත් ගිලිනව...ගංවතුරට දෙන ආධාර ටිකත් ගිලිනව....අඩි විස්සක ගඟක් හරහා අඩිපාරක පලළටවත් පාලමක් හදාගන්න විදිහක් නැතුව ගස් උඩින් බඩගාගෙන,මඩ වගුරු තරනය කරගෙන අකුරක් ඉගෙනගන්න ඉස්කොලෙට යන දරුවො විඳින දුක දකින්න කෙනෙක් නෑ. හැත්ත බුරුතක් නායකයො හිටියට.... අවංකව රට ගැන හිතල දූෂිතයොයි හොරුයි ටික එලවල දාල පිරිසිදු පාලනයක් ගෙනියන්න පුලුවන් නායකයෙක් බිහිවෙන්නෙම නැද්ද අපිට ඔය රට ඇතුලෙන්. ?

    ReplyDelete
    Replies
    1. ඉවසන්න රාවණා එනවා... ළඟදීම... මොකෝ දියසේන ආවට වැඩක් උනේ නෑනේ....

      Delete
  37. මාතලංල වාසුදේවල එක බෝට්ටුවෙ කට්ටිය. මේ අය තමයි ආන්ඩුවෙම ඉඳන් ඒකෙම්ම කකා ඒකෙ වැරදි අපිට කියල අපිව අන්දන සහ බොරුවට උඩ පැනල ආන්ඩුව ප්‍රගතීශීලීයි කියන, වැර්දි ඇමතිල මිසක් ලොක්ක නෙමෙයි කියන මත හදන ගොබෙල්ස්ල.

    අර බලංගොඩ නගරසභාව කුණු වලින් සල්ලි හොයන විදිය ආදර්ශෙන්ම ආසියාවට උගන්නද්දි රටෙ අනික් උන් කුණු කනව. ලොක්ක බලංගොඩ කේසෙ එක ගැන දන්නෙ නැතුව ඇති, නේද මචං?

    සුභ අළුත් අවුරුද්දක්..!

    ReplyDelete
    Replies
    1. ලොක්කා තමයි සෙරටම වැරදි කියලා මම කියන්න ඕන නෑනේ. ඒක ඕන ගොනෙකුට තේරෙනවා. නමුත් කළු ගලේ ඔළුව ගහගෙන මෙහෙම ලියන්න තියෙන එක නවත්තගන්න ඕන නෑනේ.

      උඹටත් සුබ අනාගතයක්....!!!

      Delete
  38. Mata welawakata hithenawa mathalan oya parlimenthuwe inna ewun aluth drug ekakwath test karanawada kiyala..ey ban unta mewwa therenne ehenne neththe ee...?

    ReplyDelete
    Replies
    1. ඔතන ඉන්න එකෙකුටවත් රට ගැන හැඟිමක් නෑ... එහෙම තියෙනවනම් ඔතන ඉන්න බෑනේ.. අඩුගානෙ ඔතන උත්තරීතර නැතෙයි කියපු උන් ටික ගැන වත් සලකා බලමු....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න