.

.

Feb 28, 2015

ජනපති සිරිසේන මයා. වෙත ආදරයෙන් - To Mr. President with Love



සෙත් වේවා...!!!

ගරු ජනාධිපති තුමා වෙත,

ඔබගේ සැපදුක් කෙසේද? මාතලන් නම් කවදත් ඉන්නේ, ආතල් එකේය. ඔබ තුමාත් සැපෙන් ඉන්න බව මුහුණෙන් පෙනුනත්, ඉන්නේ දත් තිස් දෙකක් මැද්දේ ඉන්නා දිව වගේ කියා, සිරි ලංකා නිදහස් පක්ෂෙන් එන නිව්ස් වලින් පේනවාය. ඔබතුමාට උපදෙස් දෙන්න අපි දන්නා තරමින්, ඕනෑ තරම් කස්ටිය ඉන්නවාය. මේ බ්ලොග් පඩංගුවක් ලියාගෙන ඉන්නා හාල් පාරුවෙක්ගෙ උපදෙස්, පයිසයක් වටින්නේ නැති වෙන්නත් පුළුවන්ය. එහෙත් අපි ඉන්නේ ජනතාව සමගය, ඒ ජනතාවත් බොහෝ සමාජ පන්තීන් නියෝජනය කරනා පිරිසකි.


ඔබ තුමා බලයට පත් නොවූයේ නම්, ඔබට අත් වන ඉරණම ගැන, ඔබම අපට කියා දුන්නේය. ඇත්තටම සිඳු වන්නේ එයයි. සමහර විට අපේ බ්ලොග් කෙරුවාව මෙන්ම, සමාජ ජාලාද අහිමි වන්නට ඉඩ තිබිනි. නැවතත් බලයට පත් වූයේ නම්, ළොව මේ තාක් බිහි වූ කුරීරුම පාළකයාගේ හා මිනීමරු මැති අමතිවරුන්ගේ මෙන්ම, මිනීමරු ජනතාවකගේ බලයට මේ රට නතු වන්නට තිබූ බව, හිටපු ජනපති මැදමුලනේ මෙගා පෝන් එකකින් ආතල් දෙන වෙලාවේ, එතන උන් එකා කියූ දෙයින් බොහෝම පැහැදිලිය.

අප ඔබ තුමාට බලය ලබා දුන්නේ, සාමුහිකව ලැබු යුධ ජය තම මුක්තියට සරි කර ගත්, ඉතිහාසයේ කිසිඳු හෝ පාළකයකු රටට නොකළ තරමේ විනාශයකට මේ රට ගෙන ගිය පාළකයාව ගෙදර යැවීමට පමණක්ම නොවේ. ඔහු වටා එකතුව සිටි කටු කන බල්ලන්ද බලයෙන් එලවා දැමීමටය. ඔබ බලයට පත් වූ වහාම, රනිල් වික්‍රමසිංහ අගමැති කරනවා කියූවේ ඔබමය. ඔහු එය කුමන්ත්‍රණයක් මගින් හෝ අසාධාරණ අයුරින් ලබා ගත්තේ නැත. ඔහු ඉටු කළේ ඔබගේ බලාපොරොත්තුවක් පමණි.

එහෙත් දින් 50 ක් යෑමටත් ප්‍රථම, පොදු හතුරා වී ඇත්තේ මිස්ට ක්ලීන් ලෙස නමක් දිනා සිටිනා, රනිල් වික්‍රමසිංහයන්ය. ඔහුට විරුද්ධව සෑම අතින්ම විරෝධතා මතු වෙද්දි, ඔබ නිහඬව සිටීමෙන් කරනුයේ එම මතවලට ශක්තියක් ලබා දීමය. එය අසාධාරන ක්‍රියාවක් හා සිඳු නොවිය යුත්තක් බව අපගේ මතයයි. අඩුම ගනනේ මේ පිළිබඳව ඔබේ මතය ජනතාවට ප්‍රකාෂ කරන්නේ නම්, ඔබේ අවංකභාවය පිළිබඳව මේ රටේ යහ පාළණයක් බලාපොරොත්තු වන පිරිසට පෙන්වා සිටීමකි. එසේ නොමැතිව ඔබේ හැසිරීමෙන් පෙනෙනුයේ, ඔබ රැවුලත් කැඳත් දෙකම අවශ්‍ය කශේරුකාවක් නැති නායකයකු බවය.

ඔබ ජනාධිපති වූයේත්, අද ලෝකයේ සියළුම රාජ‍යයන්හී නායකත්වයෙන් ඔබ වීරයකු ලෙස සලකන්නේත්, විදෙස් සංචාරයන් සඳහා ආරාධනා ලැබෙන්නේත්, එහිදි ඉහළම පිළිගැනීමට ලක් වන්නේත්, ඔබ සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයා නිසා නොවේ. එජාපයේ අති බහුතරයක් සිටිනා එජාප ආන්ඩුවක් පවතින හේතුවෙන්මය. එම පක්ෂය ඉතිහාසයේ පටන් පවත්වාගෙන යන විදෙස් සබඳතා නිසාමය. ඔබ ජනාධිපති වී, නැවතත් පොදු පෙරමුණේ කාළකන්නි හොරුන් සමඟ එක පෙලට සිට ගත්තේ නම්, මේ කිසිම ගෞරවක් හා ආධාර, උපකාර, උපහාර ලැබෙන්නේ නැත.

එකා දෙන්නා හෝ එක්ව ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම, දින 100 යේ පොරොන්දු ප්‍රකාශය නිවසක් ඇර නිවසක් කරා බෙදා ගියේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ උන්වත්, පොදු පෙරමුණේ උන්වත් නොවේ. පොදු පෙරමුණේ උන් සියල්ලන්ම ඔබව උපමා කළේ කැඳයෙක් ලෙසටය. එකියක් කිව්වේ, ඔබ ඉතිහාසයේ උන් අසාර්ථකම සෞඛ්‍ය ඇමතිවරයා කියාය, එස් බී කිව්වේ, ඔබ පොන්නයෙක් කියලාය. තවත් උන් කිව්වේ හාල්පාරුවෙක් කියලාය.

කරන්නට හැකි සියළුම පරිභවයන් කල උන්, අද ඔබ පසු පස "සෑර්" ගාමින්, නැවතත් උන්ගේ නීතී විරෝධි ගණුදෙණු හා ව්‍යාපාර කර ගෙන යාමට එයි. එපමණක් නොව, හැම එකාම දත කන්නේ මහින්ද මහත්තයා නැවත පාර්ලිමේන්තුවට ගෙනවිත්, ඔබගෙන් මෙන්ම එජාපයෙන් පලි ගැනීමටය.

හිටපු ජනපතිට නොව, මේ රටේ ඕනෑම එකෙකුට දේශපාළණය කිරිමේ නිදහසක් තිබිය යුතුය. එහෙත් සිර ගෙවල් වල සිටිය යුතු උන් පාර්ලිමේන්තුවට ගෙන ඒම හා ඊට ආවැඩීමද ජාතියේ කරුමයක් මිස වෙන කිසිවකුත් නොවේ. මේ හොර නඩය හිස් මුදුනින් පිලිගන්නා 46% ක හරක් රැලක් අම්මට සිරි ලංකාවේ ජීවත් වන බවද අමතක කළ යුතු නොවේ.

මේ රට තුල යහපාළණයක් ඇති කිරීමට ප්‍රථම, ඔබ තුමා සභාපතීත්වය දරණ පක්ෂයේ යහ පාළණයක් ඇති කළ යුතුය. ලැබෙන ආරංචි වලින් පෙනෙනුයේ පොදු පෙරමුණේ බහුතරයකට මෙන්ම හිටපු ජනපතිටද නාම යෝජනා නොලැබෙන බවකි. එය සතුටට කරුණකි. එහෙත් ඔබ තුමාගේ නිහතමානි බව සම හරක් උන් අදටත් පිලි අරගෙන තියෙනුයේ නිවට කමක් ලෙස බව, පක්ෂයේ සමහර හාල්පාරුවන්ගේ ප්‍රකාෂ වලින් මනාව ගම්‍ය වේ. මෙයට එක හේතුවක් වන්නේ ඔබම කල කට වරද්දා ගැනීමකි. එනම් ඔබ වසර පහකින් විශ්‍රාම යන බවට කළ ප්‍රකාශයයි. එය නැවතත් නිවැරදි කිරීමට ගියයොත් පච වන්නේද ඔබයි.

දැනට පෙනෙන ආකාරයට ඔබ වන් නායකයකුට විශ්‍රාම ගැනීමට ජනතාව සමහර විට ඉඩ නොදී සිටීමටද පුළුවන. ඒ ඔබේ සරළ බව හා නිහතමානී කම නිසාමය. එහෙත් ඒ නිහතමානි කම එජාපයේ මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම, ඔබේ පක්ෂයෙන්ද ලැබිය යුතුමය. ඕනෑවට වඩා උඩ පනිනා මැති ඇමතිවරුන්ට බලපෑම කිරීමට කිරි සේත් බිය විය විය යුතු නැත. ඔවුනට ඒ බව සැලකිරීමට අකමැති නම්, අඩුම තරමේ අගමැතිට හෝ අවවාද මෙන්ම අනතුරු ඇඟවීම් කළ යුතුමය. මන්ද තවමත් ඔබ මේ රටේ විධායක ජනපති වීම නිසාය.

එජාපයේ ප්‍රොබේෂන් පාළණය තුල, කම්බ හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක බවක් නොපෙනේ. එහි අගෞරවය හිමිවන්නේද ඔබටමය. ඇවන් ගාඩ් සිද්ධිය සමඟ එලියට එන, තිලක් මාරපන හා විජේදාස රාජපක්ෂ ඩීල් ගැහීම නිසා, උන් හොරු අල්ලන්නේ නැති බව ඉතාමත් පැහැදිලිය. විජේදාස රාජපක්ෂ කියනුයේ එම සමාගම නීතියට අනුව පවත්වාගෙන යන්නක් බවයි. එහෙත් පර්යේෂන මගින් ඔප්පු වූයේ ඇවන් ගාඩ් පමණක් නොව, රක්නා ලංකා ආයතනය පවා පෞදගලික ආරක්ෂක සේවාවලට භාවිත කළ නොහැකි අවි ගණුදෙනු වල යෙදුනු බවයි.

එමෙන්ම වෙලේ සුදාගේ කට උත්තර අනුව අත් අඩංගුවට පත් වූ එකෙක් හෝ නැතිය.  මන්ද, ප්‍රශ්ණ කිරීම අවසානයේ එජාපයේ නායකයන්ගේද නම් ගම එලියට එන බැවිනි. මේ රටේ නීති ගරුක ජනතාවට අවශ්‍ය වන්නේ පක්ෂ බේදයෙන් තොරව සැමට එක සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමය. දින 100 යේ පොරොන්දු මෙන්ම සතියක් තුල ඔබතුමා විසින් ආරම්බ කිරීමට පොරොන්දු වූ විශේෂ කොමිසමද අද වන තෙක් නැත.

මාතලන්ගේ මතය, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ප්‍රථමයෙන් ව්‍යවස්ථාව වෙනස් කිරීම නුවණක්කාර ක්‍රියාවක් නම් නොවනා බවයි. මන්ද? මේ රටේ තිබූ කාළකන්නි දේශපාළණ ක්‍රමය තුල හැදි වඩුනු පක්ෂ විපක්ෂ සියළුම දේශපාළඥ්ඥයන් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකි නිසා වෙන්මය.

එජාපයේ උන්ද, පොදු පෙරමුණේ උන්ද, ඔබ පතනා ජාතික ආන්ඩු සංකල්පයකට කැමති නැත. එමෙන්ම මේ රටට ය කිසි සේත්ම ගැලපෙන්නේත් නැත. එවිට සිඳු වන්නේ, දෙපිරසම එකතුව, කිසි අවුලක් නැතිව මේ රට විනාශ කිරීමයි. අනෙක පක්ෂ දෙකම ව්‍යවස්ථාව වෙනස් කිරීමට වලි කන්නේ, ඔබේ විධායක බලයට කෙළවීමටයි. 

මේ රටේ ඔබතුමා බලාපොරොත්තු වන පරිදි, එක රැයකින් යහ පාළණයක් ඇති කළ හැකි රටක් නොවේ. ඒ බව නව එජාප පාළණය තුලද පැහැදිලිවම පෙනේ. එබැවින් අඩුම තරමින් මී ළඟ මැතිවරණය තෙක් විධාය
බලය භාවිතා කිරීම තුලින්, ජනතාව බලාපොරොත්තු වූ සැබෑ වෙනස අත් කිරීමට කටයුතු කරන්නේ නම්, එය ජනතාව ලබනා ජයග්‍රහණයයි.

දින 100 ක් බැරි නම් 500ක් හෝ අරගෙන මෙම පොරොන්දු වැඩි ප්‍රමාණයක් ඉටුකිරීමට හැකි කාළය හා ශක්තිය ඔබට ඇති බව අප විශ්වාස කරන අතරම, ඒ සඳහා සියළු ධෛර්යය හා ශක්තියද ඔබ තුමාට ලැබේවා යන්න අපේ පැතුමයි.

දිණූ ජය කිසිවකුටත් පැහැර ගැනීමට ඉඩ දෙන්න එපා...

මීට,
කවදත්, රාජ්‍ය නායකයාට හිතැති...
මාතලන්.

84 comments:

  1. අනේ ජනාධිපතිතුමනි, මේකා කියන දෙයක් විස්වාසේට නොගන්නය. ඔබතුමාට හැබවින්ම ආදරය කොරන්නේ හිටපු අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේය. එතුමා ඊයේ පෙරේදාත් කියලා තිබුනා (කටෙන්මයි කියලා තිබුනේ) උන්නාන්සේ ළඟ කිසිම වෛරී දේශපාලනයක් නැත කියලා. ඔය පොන්සේකලා ශිරානිලා උන්නාන්සේගේ නම කැත කොරන්ඩ කරපු දේවල් ගැන හිතලා බැලුවම එහෙම පේනවය.

    ඔබතුමාට හොඳ අගසව්වන් දෙන්නෙක් ඕනෑ බව පෙනෙනවාය. ඒ සඳහා සුදුසුම අර මහ ආචාරි නලියා ද සිල්වරයා හෙවත් නාථ මැජික් කාරයා සහ බෙංගමුවේ මකර කට උන්නාන්සේය. ඒ දෙන්න ඔබතුමාව ඉක්මනින් සක්දෙවි තනතුර දක්වා ඉහලට ගෙනයනවා නොඅනුමානය.

    ප.ලි. - ජනාධිපතිතුමනි, රනිල් නැතුවාට අගමැතිකොමට ගැලපෙන සැට් එකක්ම ඉන්නවාය. මමනං පළවැනි තැන දෙන්නේ කුඩු දුමීටය. දෙවනුව ජින් ගහන වාස්ටය. ලැයිස්තුව දිගය. මේ විදිහට ගිහින් ඔබතුමාට කෙලනොවේවා!

    ReplyDelete
    Replies
    1. ප්‍රාගේ කොමෙන්ට් එක වගේ එකක්.. සුපිරි ඉරි ඉතිරි...

      Delete
    2. අනේ ජනාධිපතිතුමනි. බැරිවෙලා හරි විචාරකතුමා වුනාට මේ කියන දේවල් එහෙමම කරන්න යන්න එපා. හිටිවන කවි කියන්නත් දස්ස හින්ද පඤ්චතන්ත්‍රය වත් කියවන්න. කරටකලා දමනකලා සංජීවකලා ගැනයි ඔය විචාරක තුමා කියන්නෙ

      Delete
    3. මේ ලිපියෙ මුඛ්‍ය අදහස:

      ''අනේ වඳින්නම් ජනපතිඳුනි, මගේ රනිල් ව නම් අසරණ කරන්න එපා...හ්!''

      Delete

    4. සියලු ඇනෝලා ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ හඩු බ්ලොග් එකට නොපැමිනෙන ලෙස සහ කමෙන්ට් නොකරන ලෙසයි.

      Delete
  2. මාත මචෝ,

    මෙතන තේරුම් ගත යුතු දෙයක් තියනවා විජේදාස රාජපක්ස සමග එකග වීමට සිදුවන්නේ ඇවන්ගාර්ඩ් අයිතිකරුට බලපත්‍රය රජයෙන් ලබා දීඇති නිසයි.
    උදා :- පුද්ගලික පුද්ගලයනට විශාල අවි තොග තබාගැනීමට නීති විරෝදී යයි සිතමු. නමුත් රජය බලපත්රකකින් පුද්ගලයකුට අවි විසාල තොගයක් තබාගැනීමට අවසර දුන්නනම් (එම ක්‍රියාව නීති විරෝදී උවත් ) වැරදි කරු අවන්ගර්ඩ් නොව ශ්‍රී ලංකා රජයයි (මෙහිදී ආරක්ෂක ලේකම් මිට වරදකරු වේ )
    නමුත් අව්න්ගර්ඩ් අයිතිකරු මෙම සිදුවීමට වරදකරු නොවේ මන්ද ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබාදී ඇති බැවින්.

    මෙහි මෙම කරනාවේ ඩීල් දැමීමක් සිදු නොවුනත්, නිතිය නිසිලෙස ක්‍රියාත්මක උනොත් සිදුවන්නේ හිටපු ආරක්ෂක ලේකම් සිරගත්විමයි.

    දැන් මට කියන්න "හිටපු ආරක්ෂක ලේකම් සිරගත්විම" මගින් නැතිවන්නේ කාගේ චන්දද කියා ?

    මෙහිදී ජනාදිපති තුමත් අගමැති තුමත් අනුගමනය කරන්නේ නිවැරදි ප්‍රතිපත්තියයි.

    මගේ අදහසනම් වියවස්තා සංසෝදනයට කිසුදු බයක් නැතිව පාර්ලිමේන්තුවට ගෙන ආවොත්, විපක්ෂයට සිදුවන්නේ එයට පක්ෂ වීමයි.
    එයට විරුද්ද උනොත් ජනතාවට නිසි දඩුවම් ඔවුන්ට ලබාදිය හැකියි!

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි ඩීල් දානවා කියන්නේ...

      Delete
    2. වැරදියි. ජෙප්පෝ මේ ඩීල් ගැන බොරු ටෝක් දෙන්න ගිහින් හොට පැටලිලා දැන් ගලේ පැහැරූ බලලුන් වගේ හොඳටම නාගෙන ඉන්නෙ. ඉතින් ඇත්තටම ඕකෙ ඩීල් එකක් තිබ්බ නම් විජේදාස රාජපක්ෂයි නිශ්ශ්ංක ලොක්කයි එක්ක ප්‍රසිද්ධ වාදයක් තියල ඔප්පු කොරහල්ලකො. උන් දෙන්නම චැලේන්ජ් කරේ? ජෙප්පොන්ගෙ තියෙන්නෙත් ඩීල් එකක්. මෙම රජය විවේචනය කර රජය ගැන කොහොමත් කලකිරුනු ඡන්ද ටික කඩාගෙන නැවත ඊලඟ රජය සමගත් මේවිදිහටම යන එක. හැබැයි මට පේන්නෙ උපායශීලී රනිල් ජෙප්පන්ව නැතිකරන්නයි හදන්නෙ. මෝඩ රාජපක්ෂ කල්ලියේ බයියන් වගේ ජෙප්පන්ට නටන්න නොදී උන්ගෙ පදනම් විරහිත තර්ක බිඳ උන්ව ප්‍රසිද්ධ විවාදවලදි කිච කර දැමිය යුතුයි. නැත්නම් මේ ආණ්ඩුවට කෙලවන්නෙත් අඟේ ඉඳන් කණ කන කපටි ගුනමකු කුහක ජෙප්පො.රජගෙදර රිලවගෙ කට දැන් වැහිල. ඕකව තව ටිකක් බයකරල හිරකරන්න ඕන. ඊලඟට වර්ණසිංහල දාල ගම්මන්පිලය හිරකලොත් මරා පෙරමුණත් ඩවුන්. මයිත්‍රී කෙලින් හිටියොත් මරාව ශ්‍රී ලංකා එකෙන් කැපෙනව.

      Delete
  3. අනේ ගොං මාතලන් , ඒ පාර ආප්ප සිරා ව හෝදගන්න හදනවා. මූට නම් තියෙන්නෙ එසේ මෙසේ කැපී පෙනීමෙ ආශාවක් නෙමෙයි.

    අන්න උඹට ජනාධිපති උපදේශක කමට එන්න කිව්වා. පලයං මාතලං..! ඕල් ද බෙස්ට්!

    ReplyDelete
    Replies
    1. කෑ නොගහ හිටපල්ලා බංන්.. උඹලා මාර ඉරිසියාකාරයෝ නේ.. මාතලන්ට හරි ගියා කියන්නේ උඹලටත් දෙන්න බැරිය ඔය ටොයිලට් හෝදන ජොබක් හරි.. දැණුත් කරන්නේ එකනේ..

      Delete
    2. මේ ලිපියෙ මුඛ්‍ය අදහස:

      ''අනේ වඳින්නම් ජනපතිඳුනි, මගේ රනිල් ව නම් අසරණ කරන්න එපා...හ්!''

      Delete
  4. මෙතන කමෙන්ට් කරන කී දෙනෙක් දන්නවාද දැන් පවතින රජය විශේෂයෙන් මංගල හා රනිල් ජනතාවට දිපු පොරොන්දු වලට පටහැනිව වැඩ කරන බව? දීපු පොරොන්දුව දේශීය පරීක්ෂණයක් කරනවා කියලා නේද? දැන් මොකක්ද කරන්නේ? UN එකේ වාර්තාව පිළිගන්නවා නේද? UN එකේ පරීක්ෂණයට සහාය දක්වනවා නේද? UN අයව මෙහේ ගෙන්නනවා නේද? දැන් කරන්නේ කියපු දේ නෙමෙයි මේ ගොලලන් ඇමරිකාවටයි කොටින්ටයි පොරොන්දු වෙච්ච දේ නේද?

    අපේ අය ලැම්බෝගිනි බල බල ආප්ප කද්දි අරෙහේ උන් වැඩ දෙනවා

    ReplyDelete
    Replies
    1. යූ ඇන් එකෙන්වත් මෙහෙන් වත් දඬුවම් දෙන්න ඕන නෑ.. ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවකුත් තියෙනවා.. ස්වභාවධර්‍මයෙන් ඒ දඬුවම් ලබා දේවී.. මතකනේ ප්‍රේමදාසට උන දේ.. දෙමළු උනත් ඒත් මිනිස්සු..

      ත්‍රස්ථවාදය මැඩලීම වෙනම කතාවක්.. අහිංසක නිරායුධ මිනිසුන් හා යටත් වූවන් ඝාතනය කිසිම විදියකින් අනුමත කරන්න බෑ..

      Delete
    2. ඒ කියන්නේ ඔයත් පිළිගන්නවා මේ රජය කියන දේ නෙමෙයි වෙනම දෙයක් කරන්නේ කියන එක...

      Delete
    3. බස් බෝම්බ වලින් මැරුණේ, කපලා කොටලා මැරුණේ ඒත් මිනිස්සු තමයි. සිංහල මිනිස්සු වුණා කියලා ඒ ගොල්ලන්ගේ ජීවිත වල වටිනාකම අඩු වෙනවාද? ඒ වලට සල්ලි වියදම් කරපු මෙහෙ මිනි මරන්න සල්ලි යොදවපු පඩත්තරයින්ට පොරොන්දු වෙච්ච දේවල් නේද මේ රජය කරන්නේ?
      යුද්ධයක් වෙන කොට අනිවාර්යයයෙන් ම මිනිස්සු මැරෙනවා...ඒක නිසා තමයි ඒකට යුද්ධය කියන්නේ...ත්රමස්තවාදීන් මිනිස්සුන්ව සාමාන්යක පලිහක් විදිහට පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මිනිස්සු මැරෙනවා..ඒකට රජයේ හමුදාව වත් ලංකාව වත් වගකියන්න ඕනි නැ....අඩුම ගාණේ අන්තර්ජාතිකවවත් එහෙම වැරදි කියලා නෑ...
      ලංකා රජය හා හමුදාව යුද්ධයේදී මිනිස්සු මැරෙන එක නවත්තන්න පුළුවන් හැම දෙයක්ම කළා....දුප්පත් රටක් විදිහට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා.....ඇමරිකාවටයි, බ්රිරතාන්යුයි, චීනය හා වෙනත් බලවත් රටවල් හැම එකකටම කරන්න පුළුවන් හැම අපරාධයක්ම කරලා අත පිහදාන්න පුළුවන් නම් තමන්ගේ රටේ අවුරුදු 30 යුද්ධය නිමා කරාට මේ රටේ අහිංසක මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න බෑ කාටවත්....අසාධාරණ ලෝකෙක....අසාධාරණ සාධාරණයක් හින්දා මේ රට ට දඬුවම් කරන්න දෙන්න බෑ....
      මෙතන මහින්ද ගේ හෙංචයියෝ නීතිය අතට අරගෙන පොඩි මිනිහාට දඬුවම් දෙද්දි කෑ ගහපු අයම ලෝකේ හයිකා රයෝ වෙච්ච ඇමරිකාවට පොඩි මිනිහා ව (ලංකාව) තලන්න දෙන උල්පන්දම් දෙන තත්වයකට පත්වෙලා....

      Delete
    4. යුද්දෙට මුවා වෙලා සුද්දේ දැමීම ඊට භයානකයි...

      Delete
  5. බස් බෝම්බ වලින් මැරුණේ, කපලා කොටලා මැරුණේ ඒත් මිනිස්සු තමයි. සිංහල මිනිස්සු වුණා කියලා ඒ ගොල්ලන්ගේ ජීවිත වල වටිනාකම අඩු වෙනවාද?

    ඒ වලට සල්ලි වියදම් කරපු මෙහෙ මිනි මරන්න සල්ලි යොදවපු පඩත්තරයින්ට පොරොන්දු වෙච්ච දේවල් නේද මේ රජය කරන්නේ?
    යුද්ධයක් වෙන කොට අනිවාර්යයයෙන් ම මිනිස්සු මැරෙනවා...ඒක නිසා තමයි ඒකට යුද්ධය කියන්නේ...ත්‍රස්තවාදීන් සාමාන්‍ය මිනිස්සුන්ව පලිහක් විදිහට පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මිනිස්සු මැරෙනවා..ඒකට රජයේ හමුදාව වත් ලංකාව වත් වගකියන්න ඕනි නැ....අඩුම ගාණේ අන්තර්ජාතික නීති වලට අනුව වත් එහෙම වැරදි කරලා නෑ...
    ලංකා රජය හා හමුදාව යුද්ධයේදී මිනිස්සු මැරෙන එක නවත්තන්න පුළුවන් හැම දෙයක්ම කළා....දුප්පත් රටක් විදිහට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා.....ඇමරිකාවටයි, බ්‍රිතාන්‍යයි, චීනය හා වෙනත් බලවත් රටවල් හැම එකකටම කරන්න පුළුවන් හැම අපරාධයක්ම කරලා අත පිහදාන්න පුළුවන් නම් තමන්ගේ රටේ අවුරුදු 30 යුද්ධය නිමා කරාට මේ රටේ අහිංසක මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න බෑ කාටවත්....අසාධාරණ ලෝකෙක....අසාධාරණ සාධාරණයක් හින්දා මේ රට ට දඬුවම් කරන්න දෙන්න බෑ....
    මෙතන මහින්ද ගේ හෙංචයියෝ නීතිය අතට අරගෙන පොඩි මිනිහාට දඬුවම් දෙද්දි කෑ ගහපු අයම ලෝකේ හයිකා රයෝ වෙච්ච ඇමරිකාවට පොඩි මිනිහා ව (ලංකාව) තලන් හදද්දි උල්පන්දම් දෙන තත්වයකට පත්වෙලා....

    ReplyDelete
    Replies
    1. යුද්දෙට මුවා වෙලා සුද්දේ දැමීම ඊට භයානකයි...

      Delete
  6. ම්ම්ම්ම්ම්.......
    ගාන කැපෙන වනම් ලියපං .....
    මචෝ.....ඉදං .....

    ReplyDelete
    Replies
    1. සී ෂෙල්ස් වල බෑන්ක් ඔෆ් සිලෝන් එකේ එකවුන්ට් එකක් ඕපන් කළා මචෝ...

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මහින්ද කර ඇත්තේ ඔහුගේ පැත්තෙන් ඉතා ඥනවන්ත දෙයි, මෙය නොකරන්න ඔහු මේ වනවිට ජම්පරය අදිනු ඇත (මෙම රජය ට ඉතිරිවන එකම විකල්පය මෙය වන්නේ ඔහුව සිරගතකිරීමෙන් ලැබෙන ජන අප්‍රසාදයට සමාන ජන අප්‍රසාදයකට ඔහු විපක්ෂනායක ලෙස තබාගැනීමෙන් රජයට මුහුණ දීමට සිදුවන නිසයි )

      Sa rasa, නොදන්නා දෙයනම් මහින්දත් රනිලුත් My3 ත් සියලු දෙනා එකම club එකේ මිනිසුන් බවයි.

      දයාන් ජයතිලක මෙම කරුණ තේරුම් ගැනීමට The.Manchurian.Candidate නමැති සිනමා පටය බලන ලෙස පැවසු බැවින් පසුගිය දා මම මෙය බැලුවෙමි, ඔහු කියන ලෙස මහා බලවතුන් පාලකයන් ගේ මනස පාලනය කිරීමට ගන්නා විදි මෙයින් මානව පිලිබිබු කරයි.

      ඔබට පෙනෙන ලෙස මහින්ද බටහිරට නොනැමෙන බව පෙන්නුම්කල්ත් (මෙය පෙන්වන්නේ මහජනතාවටයි ) ඔහු රනිල් ට වඩා මෙරට බටහිරට පවා දීමට කටයුතු කල අයුරු ගොටාබය ඇමරිකාව සමග ගැසූ ආරක්ෂක ගිවිසුමෙන් පැහැදිලිවෙයි, මෙයට අනුව ඕනෑම වෙලාවක ඇමරිකාවට ශ්‍රී ලංකා බුමිය පරිහරණය කලහැක.

      මහින්ද සිදු කරන ලද්දේ අප රට සුද්දට සහ චිනට එකවර විකිණීමයි රටේ සිටින ගෝත්‍රිකයන් මෙය තේරුම් නොගැනීමයි ප්‍රශ්නය.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //දුමින්ද කුඩු රජෙක් බව දැන දැනම ඔහුට දේශපාලනයට එන්නැයි ඇරයුම් කර කොලඹ දිස්ත්‍රික් නාමයෝජනා ලබාදුන්නේ රනිල් ය. දැනුත් දුම්නින්ද ව ආරක්ශා කරන්නේ රනිල් ය. රනිල් අගමැති වී පලමු සහ එකම සම්මුකසාකච්චාව දුන්නේ දුමින්ද ගේ අයියා වන රෙනේ ගේ හිරු නාලිකාවේය!//
      ඉහත හේතුව නිසා තමයි
      //මහින්දත් රනිලුත් My3 ත් සියලු දෙනා එකම club එකේ මිනිසුන් බවයි.//
      My3 ගැන චෝදනාව ඉල්ලා අස්කරගන්නම් ඖෂද පනත සහ නිදහස් කොමිසම් පත් වූ පසු :)

      Delete
    5. @ සා රස

      ඔබ රාජකීයකු වීම මා හට ලැජ්ජාවකි. මාධ්‍ය නිදහස යනු රාජ්‍ය නායකයාට ගැරහීම නොවේ. මාතලන් කිසි දිනක නායකයන්ට ගරහා නැත. එම නිසා ඔබේ අශීලාචාර තුප්පහි කොමෙන්ටු ඉවත් කළෙමි. ස්වයං වාරණයක් පනවා ගැනීමට නොහැකි නම්, කොමෙන්ට් නොකලාට කම් නැත. අශීලාචාර කොමෙන්ට් වලට මෙහි කිසි ඉඩක් නැත..

      Delete
    6. //ලබන 13 දා මස්ටෑංග් ටෙන්ට් එකේදී රනිල් හමු වුනාම ඔබ කී දේ රනිල් ට ම කියන්නම්//මමත් එදාට රනිල් තුමාට ඔව්ව කියන්න එතුමා වටේ කැරකුණේ නැති උනාට ඔය ඉසව්වෙ ඉන්නවා. සා රස, එදාට මාතලන්ගේ බ්ලොගයේ කොමෙන්ට් ගැන ගතු කියල හිනා වෙලා ආතල් එකක් ගන්න වෙන්නැති ඔබතුමා එන්නෙ. රනිල් එන්නේ ඒවා අහල කින්ඩියක් දාල හිනාවෙන්න වෙන්නැති. අපි නම් එන්නෙ මැච් එක බලන්න. ඉස්කෝලෙට චියර් කරන්න. පරණ ඉස්කෝලෙ යාළුවො හම්බවෙන්න, ආගිය කතා ආයෙත් ආවර්ජනය කරන්න.

      Delete
    7. //@ සා රස

      ඔබ රාජකීයකු වීම මා හට ලැජ්ජාවකි.//

      මාතලන් ඔබ රාජකීයයකු වීම පාසලට ලජ්ජාවකි යයි මෙතන රාජකීයයන් කී දෙනෙක් කමෙන්ට් දමා තියනවද? රාජකීයන් හමු වෙන අව්ස්තාවලදිත් ඔය කැත කුනුහරුප ,හැමිනෙන වචන වලට බොහොම පිලිකුල් කරනවා.

      කේතලය ජග්ගුවට උඹ කලුයි කියනවා වාගේ දෙයකි, සරසා ට කියූ දෙය.

      Delete
    8. රාජකීයයන් හොඳට කුණුහබ්බ දන්නවා.. කුණුහබ්බෙන් කතාත් කරනවා.. ඒත් කවදාවත් රාජ්‍ය නායකයාට පොන්නයා කියා අමතන්නේ නෑ...

      නොදන්නා දේ සඳහා හොට නොදා.. තමන්ගේ රාජකියාත්වය තියා ගෙන සිටීම හොඳ යැයි මා යෝජනා කරනවා..

      Delete
  8. ඇනෝ කමෙන්ට් කියවන්න නිසා කමෙන්ට් එක දමා යමි..

    /// ඔබ බලයට පත් වූ වහාම, රනිල් වික්‍රමසිංහ අගමැති කරනවා කියූවේ ඔබමය. ඔහු එය කුමන්ත්‍රණයක් මගින් හෝ අසාධාරණ අයුරින් ලබා ගත්තේ නැත. ඔහු ඉටු කළේ ඔබගේ බලාපොරොත්තුවක් පමණි.///
    මෙවුවට ඇනොලාට කේන්ති නොයාවිද මාතලන්

    ReplyDelete
    Replies
    1. හොඳ ඇනෝලා සහ හරක් ඇනෝ කියා කොටස් දෙකක් සිටී...

      Delete
  9. එජාපය ඊළඟ මහා මැතිවරණයට සූදානම් වීමේදී පරණ කම්බහොරුන්ගේ පැටිකිරිය සියල්ල ජනතාවට හෙළිකර චන්දයකට පැමිණියහොත් සියලු වාසි එජාපය වෙතට ලඟා වේ. ඒ අනුව ගත කල දුමින්ද සිල්වා හිරේ යැවීම, හිටපු රජ පවුල සිදුකල සියල්ල හෙළි කර දඬුවම් දීම , හිටපු ඇමතිවරුන්ගේ හොරකම් ජඩකම් එලි කොට දඬුවම් දීම ආදී සියල්ල සිදුකල යුතුය. ඒ සියල්ල නවතාගෙන සිටින්නේ, පරණ හොරුන්ට කටමැත දෙඩීමට අවකාශය ලබාදී සිටින්නේ, ඔවුන්ට මාධ්‍ය මගින් පාරම් බෑමට ඉඩසලසාදී තිබෙන්නේ මට තේරෙන ආකාරයට මයිත්‍රී ය. එජාපයට හිටපු සියලු හොරුන් මංකොල්ලකාරයන් හිරේ යැවීමේ ඉක්මන් අවශ්‍යතාවයක් ඇත. අඩුමතරමින් ඊළඟ මැතිවරණය බහුතරයකින් ජයගැනීමට එය අත්‍යාවශ්‍යය. ඒ සියල්ල යටගසාගෙන සිටින්නේ ඔබ කිව්වක් මෙන් "අල්ලපු අත්ත මෙන්ම පයගැසූ අත්තත්" තමන් සතුකරගැන්මට කැසකවන නූතන විධායකයයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එතකොට මහින්ද බබාය. මහින්ද තාමත් රජාය. මයිත්‍රීත් අපේ ය. ඔක්කොම කලේ රනිල්ය.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. එපමනක් නොව, ඇවන් ගාඩ් මැරයෝ අද ජවිපේ කාර්යාලය වට කොට තම මැර බලයද ප්‍රදර්ශණය කරයි. විජේදාස රාජපක්ෂලා හොරුත් සමඟ හෙළිවැල්ලෙන් සිට ජවිපෙට චෝදනා කරයි. මේ මහත්වරුන්ගේ ටයි කෝට් ගලවා දමා නිරුවත් කළ යුතු කාළය පැමිණ ඇත..

      Delete
    5. ඇනෝ , මගේ මතය ඉදිරිපත්කිරීම මානසික වහල් භාවයක් ලෙස නොතකන්න. අම්මාට තාත්තාට වුවත් වැරැද්දට වැරද්දයයි කෙලින් කීමට තරම් කොන්දක් මට ඇත. මගේ බ්ලොග් කෙරුවාවෙදී මට ලොකුම ශක්තියක් වූවේ බ්ලොග් නොලියා බ්ලොග් කියවන මගේ අතිජාත මිත්‍රයෙකි. ඊළඟට අටම්පහුරේ අටං අයියා මට පුදුමාකාර බැකප් එකක් දුන් අතර අදටත් එලෙසම අතහිත ලබා දෙයි. අටමා විශ්වාස කරන්නේ මාගේ දේශපාලනික මතයට හාත්පසින් වෙනස් මතයකි. එසේ කියා මා අටමාගේ දේශපාලනික මතය මා වෙත ආරූඪ කරගන්නේ වත් අටමාට මාගේ මතය එල්ලන්නට යන්නේ වත් නැත. එකිනෙකාට තමන්ගෙ දේශපාලන මත දැරීමට ඒ ගැන සංවාද කිරීමට පරම අයිතියක් ඇති අතර පුද්ගලිකත්වය එයට ගාවාගැනීම අමනකමකි. මාතලන් සහෝදරයා මාහා සම්බන්ධ වන්නේ අටං අයියාගේ මාර්ගයෙනි. දෙදෙනාගේ දේශපාලන මතයන් නයි මුගටි ස්වභාවයක් ගත්තද ඒ දෙදෙනාගේ බ්ලොග් මිත්‍රත්වයට එය බාධාවක් නොවෙන බව මගේ අදහසයි. "කළු සුද්දා" යනුවෙන් මාතලන් හඳුන්වන අටමා පුද්ගලිකව එකට කන බොන යුරු බ්ලොග් තුලින්ම දැක ඇත්තෙමි. එකම සමාජයක එකට වෙසෙමින් විවිධාකාර විෂමාකාර අදහස් වෙනුවෙන් එකට ගැටීම සහ එකිනෙකා ඒ වෙනුවෙන් පෙනී සිටීම තරම් ප්‍රජාතාන්ත්‍රික බවක් තවත් තිබේද?? තම සින්ඩියේ "කුහුඹු බ්ලොග් කරුවකු" වන මා වෙනුවෙන් ඉඩක් වෙන්කර ,මා දමන පොස්ටුවකට එබිකම්කොට බලා අදහසක් දක්වා යෑමට තරම් නිහතමානී "මාතලන්" පිලිබඳ මසිත ලොකු ගෞරවයක් ඇති බව සැබෑය. එහෙත් එසේ යයි කියා මා ඔහුගේ හැම මගුලක්ම අනුමත කරනා එහෙයියෙකු නොවේ. මේ කාරනාවෙදී ඔහුගේ මතය මගේත් මතයයි. ඔහුගේ මතය මගේ මතය නොවේ නම් ඊට එරෙහිව අදහස් දැක්වීමට තරම් පිට කොන්දක් මට ඇත. බ්ලොග් කෙරුවාවේ සිදුවන සිදුවීම් සම්බන්ධව සුපරික්ෂාකාරී මනසකින් යුතු ඔබ, "ඇනෝ වරයකු ලෙසින්" විත් මෙවන් දේ පැවසීම තුලින් ගම්‍ය වන්නේ "පිටකොන්ද පිලිබඳ ප්‍රශ්නයක්" මා හට නොව ඔබහට තිබෙන බවකුයි.

      Delete
    6. මාතලන් සහෝදරයා, අර අනෝට මේ උත්තරේ කෙටුවේ බොහොම අමාරුවෙන්. බණින එවුන්ට බනින්න දෙන්න ඕන. මගේ ක්‍රමේ නං ඒකයි.

      Delete
    7. @ සජ්ජා
      බ්ලොග්වල අයිතිකරුවන් යැයි සිතා සිටී අමනයින් පිරිසක් අද අළුත් පරපුරේ බ්ලොග් කරුවන් නිසා අනාථව අසරණව ඇත. මුන් කිහිප දෙනා එකතුව සාර්ථක බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුගේත් විශේෂයෙන් බ්ලොග් ලියනා කාන්තාවන් කීප දෙනෙකුත් බ්ලොග් ලිවීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරණා ලදි. නවකයින්ට බ්ලොග් ළෝකය කාළකන්නි ස්ථානයක් බව පෙන්වා ඔවුන් අධෛර්යයට පත් කරණා මුන්ගේ ගොන් ආතල් වලට තව දුරටත් ඉඩ නොදී සිටීමට තීරණය කලෙමි.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. මේ ඇනෝ ලබ්බවයි මාවයි මාකට් කරන්න සෑහෙන්න මහන්සි වෙනවා වගේ..

      Delete
    11. මචන් සජ්ජෝ ,

      ඔය ඇනෝ හොල්මන් වලට උත්තර දෙන්න උඹේ වෙලාවයි, වචනයි ඩේට යි නාස්ති කරන්න එපා බන්.

      Delete
  10. Keheliyala,wimalla,Jarawa wenuwen Londarya kale,SARAS Athin kait karan Londrya Pawathwagena yanawa.Suba Anagathayak wenuwen,

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  11. //එහෙත් දින් 50 ක් යෑමටත් ප්‍රථම, පොදු හතුරා වී ඇත්තේ මිස්ට ක්ලීන් ලෙස නමක් දිනා සිටිනා, රනිල් වික්‍රමසිංහයන්ය. ඔහුට විරුද්ධව සෑම අතින්ම විරෝධතා මතු වෙද්දි, ඔබ නිහඬව සිටීමෙන් කරනුයේ එම මතවලට ශක්තියක් ලබා දීමය//

    ඇත්ත මාතලන්.
    මෛත්‍රී දැන හෝ නොදැන කරන්නනේ තමුන්ට උඩට නගින්න උදව් වෙච්ච ඉනිමගට අනිත් එවුන් පයින් ගහලා වට්ටනකන් මෛත්‍රී යෙන් බලා සිටීම නමැති ගුණමකු ක්‍රියාවයි. රනිල් සහ යූඇන්පී එක ඇරුනාම , මරණ වරෙන්තුවත් අතේ තියන් 8 වෙනිදාට කලින් තමුන් එක්ක එකතුවෙච්ච කීප දෙනා ඇරෙන්න සිරි ලංකා එකේ අනිත් ඔක්කොම වල් බල්ලෝ ටික කලේ මෛත්‍රී ට මඩ ගහපු එක. උන්ට කරගන්න බැරි වුනේ මෛත්‍රී ව ඇක්සිඩන්ට් කරවන එක විතරයි. එව්වා අමතක වෙන එකක් නැහැ කියල අපි තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    පොද්දා වෙලා එලි බැස්සට පස්සේ රනිල් ලොක්කා හෙමීට ගේම් එකෙන් දිරාමාරු වුනා නම් මෛත්‍රිපාල සිරිසේන කියන නමින් අද තියෙන්නේ අළු පිරිච්ච මැටි භාජනයක් විතරයි. සොභිතයි රතනයි, චම්පිකයි නෙමෙයි මෛත්‍රීට හැබෑම සප් එක දුන්නේ රනිල්. මේකත් ඒ එක්කම කියන්න ඕන.
    ගම් වල ඉන්න ගොඩේ බයියන්ටයි රටේ අවාසනාවට නගර වල ත් ඉන්න ඉගෙනගත්තු බයියන්ටයි පේන්න රතු පටි බෙල්ලේ ඔතාගෙන විකාර නැෂනල් සූට් ඇඳගෙන පපුවට ගහගන්න බොරු කපටි දේශප්‍රේමී එවුන්ට වඩා රනිල් දේශප්‍රේමියෙක්.
    මිනිහා නොහිටින්න , මිනිහා දාපු වෙළඳ කලාප නොතියෙන්න අද කොල්ලෝ කෙල්ලෝ කීයක් රස්සා නැතිව ඉන්නවද ? මොකද උන්ට හොරගොල්ල වලව්වෙන් එහෙම නැත්තම් මැදමුලනෙන් කාල්ටන් එකෙන් රස්සා දෙන්නද ?
    2001 මිනිහා ටික කාලෙකට හරි රට බාර නොගන්න චනද්‍රිකා කාපු රට ගොඩගන්න තාමත් අපි වලිකනවා.
    ඔය කීපයක් විතරයි.

    ඉතුරු ටික පොස්ටුවකින්ම කිව්වනම් හොඳයි කියලත් හිතෙනවා.

    -----------
    කෙසේ හෝ..

    මාතලන් ගේ ලිපිය නම් අකුරක් නෑර ඇත්ත.
    අපි එකෙක් වත් කියෙව්වේ නැතත් කමක් නැහැ. මෛත්‍රී හරි එයාගේ නෝනා පොඩ්ඩ හරි එහෙම නැත්තන් දරුවෙක් හරි මේක කියෙව්වනම් ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ලියාපන් මචෝ ලියාපන්.. අපේ හඬ එකෙකුට හෝ ඇසෙනවා නම් ඒ ඇති..

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. වෙළඳ කළාප ඇති කලේ රනිල්..?
      එතකොට ප්‍රේමදාස මහත්තය කියන්නේ කවුද... මට මතක නැහැ මෙයාලා

      Delete
    4. ප්‍රේමදාස මහත්තයාගේ කර්මාන්ත, විද්‍යා තාක්ෂණ ඇමති තමයි රනිල් වික්‍රමසිංහ.කොග්ගල නිදහස් වෙළඳ කලාපේ මනිහගේ සංක්ලපයක්.

      Delete
    5. --Under the Presidency of Ranasinghe Premadasa, Wickremasinghe was appointed as the Minister of Industry, under which he initiated industrial reforms and established the Biyagama Special Economic Zone. Wickremesinghe had competition from his senior colleagues in the UNP, Lalith Athulathmudali and Gamini Dissanayake, who had been rivals of President Premadasa. He was appointed the Leader of the House in 1989. On 7 May 1993, Wickremesinghe was sworn in as Prime Minister after President Ranasinghe Premadasa was assassinated by the Tamil Tigers and Prime Minister D. B. Wijetunga was appointed acting president.

      During his term he was credited for pushing the country through an impressive economic transformation and was generally backed by the business community.[6]--

      from WIKIPEDIA

      Delete
    6. මේ සංකල්පය මුලින්ම ඇතිවෙන්නේ ජයවර්ධන මහතාගේ කාලයේ. සංකල්පයක් කියන එකක් ඇතිවෙන්න පුළුවන් එක වතාවයි.
      කොග්ගල නිදහස් වෙළඳ කලාපය කියන්නේ ජයවර්ධන මහතාගේ සංකල්පයේ දිගුවක් පමණයි.

      1978 -කටුනායක, 1982 -බියගම සහ 1991 -කොග්ගල ඇරඹුනා.

      රනිල් දායක උනේ මින් කොග්ගල වෙළඳ කළාපය සඳහා පමණයි. නමුත් එය සංකල්පයක් නොවේ.
      ගමින් ගමට ගාමන්ට් ෆැක්ටරි ඇති කිරීමේ අදහස ප්‍රේමදාස මහත්තයාගේ කියල තමයි මට මතක. ඉන් ගමට සිදුවූ සේවය සෑහෙන විශාලයි.
      ගමේ ඉඳගෙන රැකියා කිරීමේ හැකියාව ලැබීම නිසා "නිදහස් වෙළඳ කළාප" නිසා ඇතිවන සමාජීය ගැටළු රාශියකට විසඳුම් ලැබෙනවා.

      කොග්ගල වෙළඳ කලාපය වෙනුවෙන් ඉතිරි සියළුම වෙළඳ කලාප සහ හුදෙකලා ගාමන්ට් (හෝ එවැනි වෙනත් කර්මාන්ත ශාලා) ඇති කිරීමේ ගෞරවය රනිල් ට පමණක් දෙන්න කතා කරනවා කියන්නේ විහිළුවක්.

      නිසි ගෞරවය හිමි විය යුත්තන්ට ලැබිය යුතුයි...

      මෙන්න මේ ලින්ක් එකේ තියෙන පොතේ පිටි අංක 144-145 හරිය බලන්න.

      https://books.google.lk/books?id=SxO0eISluqEC&pg=PA144&lpg=PA144&dq=history+of+free+trade+zones+in+sri+lanka&source=bl&ots=9jagT2ZkXg&sig=qn54WXymq22op9A_M4Cn5NMiTVw&hl=en&sa=X&ei=-Ar0VMLWEsXhuQSUw4KQDA&ved=0CCAQ6AEwATgU#v=onepage&q=history%20of%20free%20trade%20zones%20in%20sri%20lanka&f=false

      Delete
  12. ඔබගේ දේශපාලන ලිපි මා නිරන්තරයෙන් කියෙව්වත් මා ඒවාට උත්තර නොදෙන්නේ රට ගැන මිස දේශපාලනය ගැන මගේ උනන්දුවක් නැති නිසයි. දේශපාලනය ගැන වර්තමානයේ කොතෙකුත් පොත් තිබුනත් ලොව ඇත්තේ මුලික පොත් දෙකකි.
    1. මැකියාවෙලිගේ කුමාරයා (the prince) බටහිර දර්ශනය
    2. චානක්‍ය ලියු පොත පෙරදිග දර්ශනය

    අපි නිතරම බටහිර දර්ශනය අනුව කටයුතු කරන නිසා ඔබ මේ පොත බැලුවොත් හොඳයි.එවිට ඔබේ සමහර අදහස් වෙනස් වේවි.මේ හැම දෙනාම කරන්නේ මැකියාවෙලි අනුගමනය කරන බව ඔබට පෙනේවි. ඔබට මතක නම් JR සහ කොබ්බැකඩුව ජනාධිපති සටන එහිදී කොබ්බැකඩුව මහතාට සිදුවූ අසාධාරණයන් JR ජනාධිපති තුමා සාධාරණය කලේ මේ පොත කොබ්බැකඩුව මහතාට පෙන්වීමෙන් බව ඔබේ මතකයට එවි. මේ දිනවල සිදුවූ ( ජනාධිපති සටනට මෛත්‍රි සිරිසේන මහතා ඇතුල්වීම පවා)සහ සිදුවන ජාත්‍යන්තර ස හ දේශීය සෑම දෙයක්ම වෙන්නේ "කුමාරයා"පොතේ තියෙන න්‍යායන් අනුව බව ඔබට පෙනේවි.
    එබැවින් සිත සන්සුන් කර ගෙන වෙන්නේ මොකක්ද කියා ඉවසිල්ලෙන් බලා සිටින්න.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මාතලන් දන්න මැකියාවෙල්ලි. මේ ලඟදි ''ලුම්පන්'' ව්‍යාපාරිකයො වගයකුත් හොයා ගත්තා.

      Delete
    2. ස්තූතියි සමරසේකර මහත්මයා.. සියල්ලන්ම එසේ බකං නිලාගෙන උන්නා නම්, මේ විප්ලවය සිඳු වන්නේ නැත. ම කිසිවකු ලියු දෙයක් හෝ කියු දෙයක් එලෙසම ගිලගෙන වමාරන කෙනෙකු නොවේ. සෑම දෙයක් පිළිබඳවම මගේ දර්ශණයක් හා දැක්මක් මෙන්ම මතයක් ඇත. ඒවාද කාළය හා පරිසරය අනුව වෙනස්වේ. මා සාම්ප්‍රදාය ගරු කරන්නෙකු නොවේ. එම නිසා මා හට නම් නිහඬව බලා සිටිය නොහැක..

      Delete
  13. මාතලන්, ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඔබේ මතය සමග එකඟ නොවෙමි. ජෙප්පන් කරන්නේ කණා සෙල්ලමකි. උන් යම් යම් කරුණු මත ලස්සනට කතන්දර ගොතා ඇත්තමෙන් මඩ චෝදනා එල්ලකරති. මරාගේ කාලයේ වැඩේ නැගලා ගියේය. (උදා: නාමල්ගේ රේසින් කාර් 19 කතාව.) මරාගේ මැටිමෝල් සෙට් එකේ මෙව්වාට උත්තරදෙන්ට කටඇති එකෙක් නොසිටියේය. මේපාරත් උන් ඒකම කරමින් ආණ්ඩුව නෝන්ඩි කර උන්ගේ ගොඩ වඩාගන්ට හදති. දැන් මුන්ට ඉඩ දුන්නා ඇති. උඩ ඇනෝවකු කිවූ පරිදිම දැන් උන්ගේ හොට පැටලී තිබේ. උන් ඔච්චර විශ්වාසෙන් කිව්වනම් විජේදාස සහ නිශ්ශංක දෙන්නගෙ චැලෙන්ජ් එක බාර නොගන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. මමත් ඇවන්ට් ගාඩ් සීන් එකටනම් විරුද්ධයි. හැබැයි උන් ජවිපෙට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන පෙරට ඒම අගයකරනව. උන්ට මැරයො කුලීකාරයො කියනවනම් ජෙප්පොන්ටත් ඒකම කිව යුතුයි. ජවිපෙ අධික මහන්තත්ත කමකින් අනිත් හැමෝටම චෝදනා කලේ හරියට උන් සර්ව සම්පූර්ණ සුද්ධවන්තයො වගේ. ඇවන්ට්ගාඩ් ලොක්ක විජයදාස රාජපක්ෂ දෙන්නම මුන්ගේ කෙලවරක් නැති මඩගැහිල්ලට එරෙහිව යාම අගයකල යුතුයි. වත්මන් රජය බිහිකලේ ඉතාම අමාරුවෙන් සියලු පර්ශ්ව වල සහයෝගෙන්. ජවිපෙනුත් පුංචි සහයක් ලැබුණ එක ඇත්ත. ඒත් උන්ට අවස්ථාවාදීව බොර දියේ මාලුබාන්න නොදිය යුතුයි.

      Delete
    2. ඇවන් ගාඩ්ලා ක්ලීන් මිනිස්සු නම් ඇමතිවරුන්ට කෝටි 30 ක් දෙන්න යන්නේ ඇයි. එතකොට අහවල් එකටද පාස්පෝට් තහනම් කළේ. විජේදාස රාජපක්ෂ කියන්නෙත් බ්ලැක් ලිස්ටඩ් පොරක් බව පමණක් හොඳට මතක තියා ගන්න. චන්ද්‍රිකාගේ කාළේ නඩු කතා කරන්න ආන්ඩුවේ සල්ලි හොඳට කාපු පොරක්.

      Delete
    3. හොරු සමග හෙළුවෙන්...(?)

      Delete
  14. //නැවතත් බලයට පත් වූයේ නම්, ළොව මේ තාක් බිහි වූ කුරීරුම පාළකයාගේ හා මිනීමරු මැති අමතිවරුන්ගේ මෙන්ම, මිනීමරු ජනතාවකගේ බලයට මේ රට නතු වන්නට තිබූ බව, හිටපු ජනපති මැදමුලනේ මෙගා පෝන් එකකින් ආතල් දෙන වෙලාවේ, එතන උන් එකා කියූ දෙයින් බොහෝම පැහැදිලිය.//
    මෙන්න මේ “එතන උන් එකා“ වගේ තව කීදෙනෙක් ඇත්ද? පේනවා නේද අපි හිටගෙන ඉන්නේ කොහොම ගිනි ගොඩක් උඩද කියලා?

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය සා රස කියන්නෙත් එයින් එකෙක්නේ.. තව කීප දෙනෙකුත් ඉන්නවා. වත්මන් ජනපතිට ඉතා නින්දා සහගතව ලියලා තිබුන කොමෙන්ට්ස් තමයි අයින් කළේ.. ඇත්තටම ඔවුන් තමන් මනුෂ්‍යයන් වීම පිළිබඳව ලැජ්ජා විය යුතුයි.

      Delete
  15. තිබුන බිහිසුණු රජය පෙරලා දැමූ මෛත්‍රිපාල මැතිතුමාට අපගේ ප්‍රනාමය හිමි වෙනවා. එහෙම උනේ නැත්නම් මේ රටේ කාන්තා පරපුරම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා නැතත් මහින්ද මහත්තයා කාන්තා පරපුරට ලැදියි.

      Delete
    2. ඇනෝ උත්තරේ එල +++++++++++++++++

      Delete
    3. ඇනෝ උත්තරේ දීලනේ...

      Delete
  16. යකුනේ බ්ලොග් ලිය ලිය ඉන්න වෙලාවේ වීදි නාට්‍යයක් හදලා පාරට බස්සපල්ලකෝ. මේවා කියවන්නේ කීයෙන් කී දෙනාද. ලියන එකයි කොමෙන්ට් දාන එකයි ආතල් ගන්නවා ඇරෙන්න මට නම් මේකෙ කිසිම වැදගත් කමක් පේන්නැ.....

    හැම එකාම මේකෙ අයියලා වෙලා...... පාරට බැහැල බලහල්ලා..... උබලා මේවට කෙල ගන්න අතරේ මින්ස්සු දුක් විදින හැටි.......

    ReplyDelete
    Replies
    1. You are correct

      Delete
    2. මුලින් කියන්න බැරි උනා.... නැත්නම් ඇනෝලා වැඩි උනාම කොමෙන්ට් රිප්ලයි ඔක්කොම එකම ඇනොගෙ කියල උබල මාව පට්ට ගහයි.... මම

      සබරෙ ඇනෝ....

      Delete
    3. වීදී නාට්ටි පෙන්නුවේ ගල් යුගේ... මේ සයිබර් යුගය...

      Delete
  17. //
    මීට,
    කවදත්, රාජ්‍ය නායකයාට හිතැති...
    මාතලන්.//

    වෙන්ඩ බෑ. පහුගිය කාලෙ රජතුමාව පට්ට ගැහුවෙ. මේ ලිපිය එඩ්රස් කරපු පුද්ගලයට බලන්න ලැබුනොත් නියමයි.

    ReplyDelete
    Replies
    1. කලින් එක්කෙනාගේ සෙකට්‍රිලා නම් බැලුවා.. මෙයාගේ කොහොමද දන්නේ නෑ...

      Delete
  18. ඇවන්ට් ගාඩ් සීන් එකේ මට නම් තියෙන්නේ විජේදාසගේ සදාචාරය පිළිබද ප්‍රශ්නයක්.මේ සිද්දියේ විතරක් නෙමේ තිස්සගේ නඩුව දවසෙත් විජේදාස උසාවි ඇවිත් තිබ්බේ.අධිකරණ ඇමති ස්වාධින පුද්ගලයෙක් වෙන්න ඕනේ.ආයතනවල/පුද්ගලයින්ගේ නීති උපදේශක වෙන්න හොඳ නැහැ.

    කල් නොමරා ව්‍යවස්ථා සංශෝධන ගෙන්න රජය කටයුතු කරන්න ඕනේ.නැතිනම් වෙන්නේ මේ ජරා සිස්ටම් එකම වෙනසක් නැතුව ඉදිරියටත් එහෙම්ම තියෙන එකයි.

    ReplyDelete
    Replies
    1. සම හරක් හිතනවා ටයි කෝට් දාගත්තම ඒක මහත්මා දේශපාළණය කියලා... කොහොමත් ඔය මහත්වරු වැඩි පිරිසක් මහත්හොරු...

      Delete
  19. විජේදාස රාජපක්ෂ කියන්නේ දේශපාලකයෙක්. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් වෙලා අමාත්‍යධූරය ලබාගත්ත කෙනෙක්. එතකොට ඔහුට පුලුවන් දේශපාලන කටයුතු සාමාන්‍ය පරිදි කරන්න. අධිකරණ ඇමති කලයුත්තේ රටක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමත් රජය නියෝජනය කරමින් මහජනයා වෙනුවෙන් චූදිතයන්ට එරෙහිව අධිකරණයට පැමිනිළි ගොනු කිරීමත් වේ. මේ සමගම ඔහුට වෙනත් දේශපාලකයන් මෙන්ම දේශපාලන කටයුතුවල යෙදියහැකිය. නමුත් අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරුවරුන් අතිශය අපක්ෂපාතී සාධාරණ තීන්දු ලබාදීමට කැපවන බැවින් ස්වාධීන මෙන්ම ඉතා ප්‍රවේසමින් සියළු පුද්ගලික කටයුතු පවා කළයුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් අධිකරණ ඇමති, නීතිඥවරු, විනිසුරුවරු, අධිකරණ කාර්‍යයමණ්ඩල වල කාර්‍යයභාරය පිළිබඳ අනවබෝධයකින් අදහස් දක්වන්නෝය. මනා විනයක් පවත්වාගතයුත්තෝ විනිසුරුවරුවරුමය. මෙරට මෑතදී හිටපු අගවිනිසුරුවරු මේ අතින් බොහෝ විවේචනයට ලක්වූහ. වත්මන් අගවිනිසුරුතුමා ප්‍රමුඛ විනිසුරුවරුන්ගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ නැවත අධිකරණය වඩා විශ්වාසනීය සහ සාධාරණ ස්ථානයක් බවට පත්කරන ලෙසයි.

      Delete
    2. අදහස් වලට බොහොම ස්තූතියි...

      Delete
  20. කියන්න හිතට ආපු ගොඩාක් දේවල් හැමෝම කතා කරල තියෙනවා.. මෛත්‍රී මහත්තයා ගැන මට හිතෙන්නේ අර පෙනේ කරන්නැති නයාගේ කතාවේ වගේ.. ඕන වෙලාවටත් පෙනේ නොකර හිටියම ගෑණු දර බඳින්න ගන්නවලු.

    ReplyDelete
    Replies
    1. දැන් දැන් පෙනේ පුප්පනවා කියලයි ආරංචිය...

      Delete
    2. දැන් එයාට ඩිම්බ මෝචනය වෙන කාලය,ඒකයි

      සියලු ඇනෝලා ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ හඩු බ්ලොග් එකට නොපැමිනෙන ලෙස සහ කමෙන්ට් නොකරන ලෙසයි.

      Delete
  21. එජාපයත් මෛත්‍රීව බිල්ලට දෙනවා කියල හිතෙන්නේ නැද්ද? මට එහෙම හිතුනේ අගවිනිසුරු හබය ගැන තිබුන විවාදයේදී. අගවිනිසුරු පත්කිරීම වඩා නිවැරදි ලෙසට කිරීමට තිබුන බවමගේ මගේ අදහසයි. කෙසේ වෙතත් ඒ පිලිබඳ විවාදයේදී එජාපයේ මූලික හා එකම තර්කය වූයේ කුමක්ද? මෙවැනි අදහසක් නොවේද? :

    "මේ පත්වීම ජනාධිපතිගේ ක්‍රියාවකි, එනම් ඔබලාගේ (නිදහස් පක්ෂයේ) නායකයාගේ ක්‍රියාවකි. එබැවින් කරුණාකර ඔබගේ නායකයා ප්‍රශ්ණ කරන්න."

    නීති තර්ක ඉදිරිපත් කරමින් වඩා ප්‍රබුද්ධ සංවාදයක් කිරීමට තිබුණ අවස්ථාව මෙවැනි දෙකයි පනහේ තර්කයක් ඉදිරියට දමාගෙන කිරීම තුල එජාපය සිදුකලේ ඇඟ බේරාගැනීමක් නොවේද?

    ReplyDelete
    Replies
    1. ඔව්... පිලිගත් ක්‍රමයට පටහැනිව කරණ ක්‍රියාවන් වලට එක එක ආකාරයේ අර්ථ කථන දිය හැකියි

      Delete
  22. konda kelin nathi sinhala jathiyata kela wennama waadakaranna puluwan horu nathi anduwak palanaya karana janadipathi kenek , jaya wewa obathumata muslim rajyayak godanagala apita kelonawata

    ReplyDelete
    Replies
    1. මේ මුස්ලිම් අය ඔක්කෝම මහින්ද ගාවත් උන්නා.. එකෙක් නඩු කාරයට තර්ජනේ දාලා උසාවියට ගල් ගැහුවා.. මහින්ද මොකක්ද් කළේ.. එයා එක්ක ඕන එකක් කලාට අවුලක් නෑ නේ.. පට්ට දේශප්‍රේමේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න