.

.

Feb 4, 2015

සිරිකොත අලි අනාතාගාරයක් වෙයිද..? - Destiny of Baby Elephant


දේශපාළණය තුල අවංකත්වය සොයන්නට යෑම හරියට ප්‍රොස්ටිටුයිට් කෙනෙක්ගේ වර්ජිනිටි එක හොයන්න යනවා වාගේ පිස්සුම පිස්සු වැඩක්ය. මේ අවංකත්වය ප්‍රශ්ණ කළ යුතු කාලයක්ය. මාතලන්ගේ අදහස නම් , කිසිම අවස්ථාවකදි අම්මා තාත්තා උනත් ට්‍රස්ට් නොකල යුතු බවය. සෑම දේ පිළිබඳවම සැකයෙන් බැලීම ඉතාමත් හොඳය. ට්‍රස්ට් කිරීමෙන් වන අවාසිය නම්, බලාපොරොත්තුව බිඳ වැටුනු විට ඇතිවන කම්පාවයි. මිනිසුන් සිය දිවි නසාගන්නේ, බලාපොරොත්තු සුන්වූ විටයි. සිංහාසනයේ උන් රජවරු, ජනෙල් පොල්ලේ එල්ලෙන්නේ, එල්ලෙන්නට වැලේ වැල් නැති උන විටයි.

මාතලන් දන්න තරමින්, සිරිසේන මහතා ගේමට බැස්සේ "ප්ලෑන් බී" එකක්ද අතැතිවය. ඔහු සිරගතවීමට හෝ නිවන් දැකීමට, සිත හදාගෙන තිබිනි. එවන් කැපකිරීමක් අප ඉතා අගය කළ යුතුමය. අප සැම ජීවත් විය යුත්තේත්, ඔනෑම දෙයක් කළ යුත්තේත්, ඕනෑම අවස්ථාවකට මුහුණදිය යුත්තේත්, "ප්ලෑන් බී" එකක් ඇතිවය.

අද කඳුළු වගුරුවමින්, පෙම් හසුන් ලියමින්, කිඹුල් කඳුළු හෙලමින්, මී හරකුන්ගේ අනුකම්පාව ලබා ගැනීමට නටනා නාඩගම්, පිටපතේ තිබූ "ප්ලෑන් බී" එකේ තිබුනා වූ චරිත නොවේ, කුමන්ත්‍රණයකින් හෝ බලයේ රැඳිමේ "ප්ලෑන් බී" එකද කුඩු වූ කළ, සිහිනයකදි හෝ පැතූ පැතුමන් නොවේ. දැන් සියල්ලන්ටම අවම වශයෙන් "ප්ලෑන් බී" එකක ඇති වටිනාකමවත් තේරෙනවා ඇත. එම අවස්ථාවේදි සිඳු වූයේ, ප්ලෑන් බී ගැන විරුද්ධවාදියා දැණුම්වත්ව සිටීම හා එවන් අවස්ථාවක් උදා වුවහොත්, ඒ සඳහා ලබා දිය යුතු ඉන්ජැක්සන් වලින්ද සතුරා සන්නද්ධව සිටීමයි.

පිටපතේ නොමැති චරිත හා දෙබස්, සම හරක් විට සාර්ථක වන අතර සම හරක් විට විකාරයන්ම පමණි. ඒවායේ කිසිම තාත්විකත්වයක් නැත. රංඟනය ගැන මළ පොතේ අකුරක් හෝ දන්න උන්ට ඒවා පෙනෙනුයේ අසාර්ථක විකට රංගනයන් මෙනි. හරියටම කියනවා නම්, සම හරක් ෂෝ වල මිනිසුන් හිනා ගැස්වීමට බන්දු සමරසිංහ ජෝකා පිටින් ගිනි මහ දවාලේ කොළඹ පාරවල් වල දුවනවා වාගේය. හේතුවක් නැතිව ආඩම්බර වන තාත්තලාට හා මී ගවයින්ට ඒවා පට්ට ආතල් ගෙන දුන්නද, අපට නම් ඒවා විලම්බීත කාරයන්ගේ විලම්භීතයන්ම පමණි.

දැන් අපට සිඳුව ඇත්තේ ඇත්ත කතා කරන්නේ මොකාද කියා තේරුම් ගැනීමේ විශාල ගැටළුවකි. රාජිත සේනාරත්න කියන්නේ, සියල්ල කළේ ඔහු බවයි. ඒ අතර ගරු ආචාර්ය මර්වින් සිල්වා මැතිදුන් පෙරහරේ මුලින්ම පැමිණි බවක් කියයි. රතන හාමුදුරුවන් මුලින්ම නිවන් අවබෝධ වූයේ උන්වහන්සේට බව දෙසා වාදාරන සේකය. ඒ අස්සේ පෝදා රෑ රොෂාන් වටවල සමග අපේ චන්ද්‍රිකා මැඩම් කියන්නේ සියල්ල කළේ ඒයාගේ පොඩ්ඩක් තියෙනවා කියා හිතෙනා චූටීම චූටි මොළයෙන් කියාය. ඕන් දැන් ඉතින් අපේ මොළේ මඤ්ඤංම වෙනවාය. (සන්නා මේ වැඩසටහන නැරඹුවා නම්, රියැලටි ෂෝ වල කොමෙන්ට්ස් දීම හා රාජ්‍ය නායකයකු සමඟ සම්මුඛ සාකඡ්චාවක් පැවත්වීමේ වෙනස ඉඟෙන ගන්නවා ඇත.)

අතීතයෙන් කම් නැත. දැන් අප බැලිය යුත්තේ ඉදිරිය දෙසය. මෙතුවක් කල් පැවති සෑම ජනපතිවරණ හා මහ මැතිවරණයකදීම, මැතිවරණ පොරොන්දු කියා පච පොතක්,  ගෙදරටම ගෙනත් දීලා යනවාය. ප්‍රතිපත්ති ප්‍රකාසොනය, එහෙම නැත්නම් මැනිෆැස්ටෝ එක කියන්නේ ඒකටය. නමුත් මේ සැරේ ඒකත් එක්කම සිරිසේන මහත්තයාගේ දින 100 යේ ළොකු පොතකුත් බෙදලා ගියේය.

ඒ පොතේ මුල් පිටුවේ හෝ පොතේ කිසිම තැනක අලියෙක් නම් උන්නේ නැතිය. සිරිසේන උන්නැහේ නම් පනාවයි කන්නඩු කුට්ටමයි දාගෙන හිනා කටයි මල් දෙවටයි වගේ උන්නේය. හැබයි දැන් කරුමේ කියන්නේ, ඒ දින 100 පච සැට් එක යතාර්තයක් බවට පත් කොරන්න වෙලා තියෙන්නේ අලියාට වීමය. ඒවා හදපු උන්ම කියන්නේ මේකේ තියෙන ඒවා නොකලොත් අපි පාරට බහිනව කියලාය. මේක නම් හතර බීරී කතාවක්මය.

දැන් පෙරහරේ ඉන්නේ අලි විතරය. සැටලයිට් නෝනා මොන බයිලා ගැහුවත්, මේ පෙරහර නයිස්ලි ඕගනයිස් කොලේ කෝට්ටේ නාග විහාරයේසෝ භිත මහා නායකයන් වහන්සේය. පෙරහර කොමිටයට ඉන් පස්සේ සැට් උනේ නිර්මාල් උපාසක ප්‍රමුඛ පුරවැසි පෙරමුණද මොකක්ද සන්ධානයක්ය. එයාලා ඕගනයිස් කොරපු පෙරහර තමන්ගේ කොර ගත්තේ, පිවිතුරු හෙටක් පාවාඩේ කරේ තියාගෙන ආපු රතන හාන්දුරුවෝය.

මොකා ආවත් නාග විහාරෙට පොඩ්ඩක් එහායින් තියෙන, සිරිකොත අලි ගාලේ අලි ටික නැතිව ,පෙරහර කොරන්න බෑ කියලා හැම එකාම දැන ගෙන උන්නේය. ඒ වගේම මැදමුලන පෙරහරට එහා පෙරහරක් කොරන්න නම්, කාවඩි ඩාන්ස් වගේම මුස්ලිම් උන්ගේ "පොල්ලඩි" හා "කලිකම්පු" ඩාන්ස් එකත් ඇතුල් නොකලොත් නම්, මේ සැරේ පෙරහරත් මැදමුලන පෙරහරට පරදිනවා කියා වීරවංශ මහතා විසින් මහාවංශ පොතේ ලියල තිබුනේය. නානසාර මහ රහතන් වහන්සේ එම යෝජනාව අනුමත කලේ එයාගේ ගානේ ලක්ෂ 50 ක ආධාරයක් මැදමුලන වලව්වට ප්‍රධානය කරමින්ය.

මාර සීන් එක කියන්නේ දැන් පෙරහරේ ගිය උන් ටිකත් පෙරහර නරඹන උන්ගේ ගොඩේ හිටගෙන ඉන්නා එකය. කස කාරයෝ පාරේ ඉඳන් අලින්ට කසේ පෙන්නනවාය. ගිනි බෝල කාරයෝ උන්ගේ බෝල නිවලා බෝලේ කහ කහ ඉන්නවාය. පන්දම් කාරයෝත් එහෙමය, නැට්ටුවෝත් එහෙමය. බෙරකාරයෝ නම් ගියන්නේ ගහපු බෙරේකුත් නැතිය බෙරේ පලුවකුත් නැතිය කියලාය. ඒත් ඉතින් සිරිසේන දියවඩන නිළමේ උන්නැහෙත් එක්ක පෙරහර තවම යනවාය. සමහරක් නම් කියන්නේ මේක පෙරහරක් නොව තවලමක් කියලාය..

වෙනදා ඔය පොරොන්දු ගැන වගේ වගක් නැත්තේ, ආයෙත් ජහ මනයා ඉදිරියට එන්නේ, අවුරුදු පහ හයකට පස්සේ නිසාය. ඒත් මේ සැරේ කේස් එක, එහෙම කේස් එකක් නොවේය. මේ දින 100 ට පස්සේ ඉලැක්සොන් එකක් එනවාය. දැන් මෙතන ගේම තියෙන්නේ මෛත්‍රිපාල ජනාධිපති තුමාට නෙමේය. මොකෝ එයා අවම වශයෙන්, තව අවුරුදු පහකට සෙට්ය.

ළිඳ ළඟ කොමිසමේ වාර්ථාවලට අනුව, විධායකේ නැති වෙන්නෙත් නැතිය, අනික ඒ මළදානේ කොරන්න ඕන කමකුත් නැතිය. ඒත් දින 100 යේ ගේම රනිල් විකුම්සිහ ප්‍රමුඛ අලි රංචුවටය. ඒ නිසා ජනතාව අතර චෙක් වෙන්නේ අලියාය. හැම එකාම දත කන්නේ අලියාට ගේම දෙන්නය. චන්ද්‍රිකා උනත් අලින්ගේ පාට් එක අවතක්සේරු කලේය.

ඒත් සිරිසේන ජනපති කළේ, අලීන්ය. සිරි ලංකා එකේ එක ඡන්දයක් හෝ සිරිසේන මහත්තයාට ලැබුනේ නැත. මහරගම හෝමාගම, පානදුර, කඩුවෙල, ගම්පහ, මේ පහ, අර පහ, තුන පහ ගගා, බස් කොන්දොස්තරලා වාගේ, ආසන ටිකක් හරි දිස්තිරික්කයක් හරි, මොකෙක් හරි පෙන්නන්න පුළුවන්ය. ඒ වෙලා තියෙන්නේ, මෙතුවක් කල් ඡන්දේ දැම්මේ නැති අලි පාටියේ උන්, ඡන්ද පොලට පැමිණ තිබීමය. ඒ නිසා එජාපය කළ යුත්තේ කුමක්ද කියා, ඊළඟ පෝස්ට් එකෙන් කියනවාය.

එජාපයේ ඉරණම කුමක් වෙයිද...?
ශ්‍රීලනීපය කුමක් කරයිද...?
සිරිසේන මහතා අවංකද...?
කුඩු සිල්වා, නිදහසේ නිදහස් උත්සවයේ ඉන්නේ කෙසේද...?
හොර පාස් පෝට් හදපු ගුණවති වැලිකඩ ඉඳිද්දි... ශෂි වීරවංශ මැඩම් මැක්ඩොනල්ඩ්ස් කන්නේ කෙසේද..?
යටින් යන ගේම් මොනවාද...?

ඉතිරිය පසුවට...

47 comments:

  1. ඔව් ඔව් දින සීය රනිල්ගේ ගේමක්.. කෝම උනත් ප්ලෑන් බී එකක් තියෙන එක හොදයි අර සැටලයිට් නෝනගේ පඩ කතා වලක්වගනන්..

    ReplyDelete
    Replies
    1. අලි පාටිය බොහෝම පරෙස්සම් වෙන්න ඕන. එක ගෙයි කෑවත් සිරිසේන උන්නැහේවත් විශ්වාස කොරන්න නරකයි. ඒ වගේම අලි පිස්සු කෙලීමත් නවත්ත ගන්න ඕන. මොකෝ යහපාලනය බලාපොරොත්තු වෙන්නෙත් එජාපයෙන් නිසා. මම හරි කැමති තෙවරක් පෙරන ලද කසිප්පු උසාවී දාලා කූඩු කලා වගේ, ජෝන් වැල් ජෝන්ගෙත් ඇමති අමුඩේ ගලවලා දානවා නම්. ගේම හරියට අවබෝධ කරගෙන තියෙන්නේ ප්‍රේමදාස කොලුවා විතරයි. (කොලුවා කිව්වට අපි වගේම නාකියි.) පිස්සු කෙලින්නේ නැතිව, නෝන්ඩි වෙන්නේ නැතිව, ගුලි කන්නේ නැතිව අතුරේ යන ගමනක් තියෙන්නේ. ලණු කපන මීයෝ හැම තැනම. ජනප්‍රිය ඒ කියන්නේ ජනතාවට ප්‍රිය තීන්දු ඉක්මනටම අරගෙන පඩත්තලයෝ එකෙක් දෙන්නෙක් වත් කූඩු නොකලොත්. අනික් හොරුත් බය නැති වෙනවා. පේන්නේ නැද්ද අර නාවලපිටියේ කම්බ හොරා දීලා තියෙන පොර ටෝක්..

      Delete
    2. හොරු ටික ,කුඩුකාරයො ටික ඇතුලට දාල ඡන්දෙට ගියොත් එජාපයට අවුලක් නෑ. හොරු අල්ලන එක ගැන නම් හැමෝටම තියෙන්නෙ ලොකු සැකයක්.දැනටමත් හොරු ඩීල් දාගෙන බව පේනව.
      දැන් තියෙන්නෙ අලුත් එජාපයක් බව ජනතාවට ඒත්තු ගන්වන්න ඕන.රටේ ඉන්න මධ්‍යස්තව හිතන අයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.
      දැන් සහනත් දුන්නනෙ . දැන් අලිය හොඳයි කරඩුව වඩම්මන්න

      Delete
  2. එජාපයේ ඉරණම කුමක් වෙයිද...?
    ශ්‍රීලනීපය කුමක් කරයිද...?
    සිරිසේන මහතා අවංකද...?
    කුඩු සිල්වා, නිදහසේ නිදහස් උත්සවයේ ඉන්නේ කෙසේද...?
    හොර පාස් පෝට් හදපු ගුණවති වැලිකඩ ඉඳිද්දි... ශෂි වීරවංශ මැඩම් මැක්ඩොනල්ඩ්ස් කන්නේ කෙසේද..?
    යටින් යන ගේම් මොනවාද...?

    ඇයි අෆ්පා අපි වගේ පොඩි ළමයින්ගෙන් ඔය ප්‍රශ්ණ අහලා අමාරැවේ දාන්නෙ?

    ReplyDelete
    Replies
    1. චන්ද අයිතිය තියෙන උන් කොහොමෙයි බං පොඩි උන් වෙන්නේ....

      Delete
    2. මම ඔයාගේ ලිපි වලින් දැනුමක් ලබනවා..ඒත් දේශපාලනය ගැන ලොකු මිටරයක් නෑ

      Delete
  3. කැලෑවක ගස් පෙරළල දාල තියනව දැකල මේ මොකද කියල අහපුවම කටුස්සෙක් උත්තර දුන්නලු අලින්ගෙ අපේ වැඩ තමයි කියල.ආණ්ඩු පෙරළියට ගෞරවය ලැබෙන්න ඕන ඇමරිකාවට සහ ඉන්දියාවට.
    ප්‍රායෝගික පැත්තෙන් බැලුවම මේ පෙරළිය කාගෙත් සෞඛ්‍යයට හොඳයි.බැරිවෙලවත් මේක අසාර්ථක වුනානම් ඇමරිකාව සහ ඉදියාව මීට ව්ඩා රළු ක්‍රියාමාර්ගවලට යන්න ඉඩ තිබුනා.
    ජේ ආර් ආණ්ඩුව පෙරළන්න උතුරෙ දෙමළ සංවිධාන නිර්මාණය කරල ශක්තිමත් කළා .ඒක උතුරෙ සහ දකුණෙ මහ ලේ වැගිරීමකින් අවසන් වුනේ.
    ලංකාවෙ ඉන්න භූතයො ටිකක් වැඩ්ඩො වෙන්න හදනව.මුන්ගෙ හූණු මොළවලින් කරපු මගුලක් නෑ.

    මේ ආණ්ඩුවට දින සියය නෙමෙයි කාලය අවශ්‍යයි.ජනපති පත්වුනේ අවුරුදු හයකට.
    කොහොමටත් අලියට තමා කොටන් අදින්න වෙන්නෙ.ලක්ෂ හැට දෙකෙන් සුළු ජාතික පක්ෂ මහ ඡන්දෙදි ලැබෙන්නෙ ඔවුන්ගෙ ජාතිවාදී පක්ෂවලට.55% ක් ජනාධිපතිවරණෙදි සිංහල ඡන්ද මහින්දට ලැබුන.ඉතින් එජාපය තමන්ගෙ ඡන්ද පදනම වර්ධනය කරගන්නම වෙනව.මේ කරන වැඩවල වාසිය අනිවාර්යයෙන්ම ලැබෙන්නෙ එජාපයට.ඒ වගේම රාජ්‍ය බලය නැතිවීමේ අවාසිය මැද ඊලඟ ඡන්දෙ කරන්න ශ්‍රීලනිපයට සිද්ධ වෙනව.ශ්‍රී ලනිපය දෙකඩ වීමේ අනතුරකුත් තියනව.
    දින සීයෙ වැඩ හරියට කරන එකේ වාසිය අලියටම තමයි.මට හිතෙනව අලිය හරියට වැඩ කරල ගොඩ දාගනියි කියල.හැබැයි සංවර්ධන වැඩ නම් මහින්දගෙ කාලෙ තරම් වේගවත්ව ඉදිරියට යන එකක් නෑ.
    අලිය කොට ටික බිම දාගෙන හොරා පොලිස් සෙල්ලම් අප්සැට් ගැහුවොත් ඔක්කොම ටික අනික් පැත්ත ගහන්නත් ඉඩක් නැතිවාම නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව ඉන්දියාව නෙමෙයි ගොඩාක් රටවල් ඉලෙක්ෂන් එකකදි එක එක පක්ෂයට උදව් කරනවා. ඒක මේ රටේ ඉලෙක්ෂන් වලට විතරක් නෙමෙයි. ගොඩාක් රටවල ඉලෙක්ෂන් වලට කරනවා. හොඳම උදාහරණය යුක්‍රේනය.

      නමුත් ආන්ඩු පෙරලන්නේ රටේ ජනතාව. මහින්ද පිස්සු කෙලින්න බය උනේ එයත් ඒක දැනගෙන උන්න නිසා. එයා කොච්චර කෑ ගහුවත් එයා දැනගෙන උන්නා චීනයට වඩා ඇමරිකාව බලවත් කියලා. මහින්ද කරපු ළොකුම ගොන්කම තමයි ඒ. යුද්ධය දිනන්න උදව් කරපු ඇමරිකාවට පයින් ගහලා. එයා හොර බිස්නස් කාරයෙක් වන චීනෙත් එක්ක එල්ලුනා. ඒකේ පරිප්පුව එයා කෑවා.

      මේ හැම එකාම එන්නේ සිරිසේන නිසා නෙමෙයි. එජාපය නිසා. එජාපයේ ඉන්නේ හූණූ මොළ කියනවා නම්. මට කියන්න තියෙන්නේ ඔහේගේ මොළේ පොඩ්ඩක් චෙක් කර ගන්න කියන එක තමයි.

      මහින්දගේ සංවර්ධනය රටට වැඩක් ඇති සංවර්ධනයක් නෙමෙයි. සංවර්ධනයේ ප්‍රලාබ ජනතාවට ලැබෙන්නේ නැත්නම් මොකක්ද ඒ සංවර්ධනයේ ඇති ඵලය. කෙනෙක් කියයි, යටි තල පහසුකම් මුලින් සපුරන්න ඕන කියලා. ඒක ගොන් තර්කයක්. ඒක ළෝකේ ෆේල් වෙච්චි තියරියක්. අධිවේග හැදුවට ඒකේ වාහන ටිකක් යනවා. එච්චරයි. අඩුම ගානේ ප්‍රවෙෂ මාර්ග වලවත් කිසිම සංවර්ධනයක්. අළුත් කර්මාණ්තයක් මෙළෝ දෙයක් නෑ. ක්‍රිෂිකාර්මික හෝ කාර්මික. අනික් ඒවා ගැන කතා කරන්න ඕන නෑ නේ. එජාපය දැනටම කතා කරන්නේ ඉන්වෙස්ට්මන්ට් ගැන. විය යුත්තේ එයයි.

      අන්තීම චේදය හා එකඟයි.. ඒකයි මේ පෝස්ට් ලියන්නේ..

      Delete
    2. එජාපයෙ එවුන්ට නෙමෙයි බං හූණු මොළ කිව්වෙ.ආණ්ඩුව පෙරළුවෙ අපි ,අපි මෙහෙමයි ලයිට් නිමල රෑ කුමන්ත්‍රන කෙරුවෙ , මං තමයි පෙරහැරේ ඉස්සරවෙලම ගියෙ,අපි අහවල් වාහනෙන් අහවල් තැන කුමන්ත්‍රනේ කෙරුවෙ කියල කියන එවුන්ට
      එහෙම කියන එවුන් යම් බුමිකාවක් රඟ දක්වන්න ඇති.ඒත් උන් නිකම් ඉත්තො විතරයි.
      ඇමරිකාව අත ඇරල චීනෙ පස්සෙ ගිය එක මහින්ද කරපු ගොන් කමක්.නැත්නම් අදත් බලයේ ඉන්නවා.ඇමරිකාවට විරුද්ධ වුනොත් තමයි ඕනම එකෙක් ඒකාධිපතියෙක් වෙන්නෙ.ඇමරිකාවට උපාය මාර්ගිකව හිතවත් නම් ඕන එකෙක් සාන්තුවරයෙක්

      Delete
    3. අධිවේගී මාර්ග රටට ඕන. ජනතාවට ඒවගෙන් ප්‍රතිලාභ ලැබෙනව.ඊට අමතරව ගම්වල ,උපනගරවල විශාල මාර්ග සංවර්ධනයක් සිදුවුනා.ඒක නෑ කියන එක කුහක කමක්.සමහර ගම්වල පාරවල් තිබුන ලෙඩෙක් ගෙනියන්න බැරි.ඒ පැත්තෙන් සංවර්ධනයක් වුනේ නෑ කියන්න බැහැ.
      මත්තල ගුවන්තොටුපොළ, සම්මන්ත්‍රන ශාලා, සිනමා ගම්මාන වගේ ඒව නාස්ති. ඒ වගේම හම්බන්තොට ඉලක්ක කරගෙන අනවශ්‍ය මුදල් නාස්තියක් සිදුවුනා.ඒක හරි.
      මාර්ග සංවර්ධනයෙන් ජනතාවට ප්‍රතිලාභ නොළැබෙනව කියන එකනම් විකාර කතාවක්.දුෂ්කර ප්‍රදේශවල තවත් සංවර්ධනය කළයුතු මාර්ග තිබෙනවා.මොන ආන්ඩුවකින් වුනත් කළයුතුයි.
      ප්‍රශ්නය වුනේ මේ දේවල් කළේ ණය අරගෙන වීම.ඊට සමගාමීව නිෂ්පාදන හා සේවා ආර්ථිකයන් වර්ධනය නොවීම

      Delete
    4. පාරවල් හදන එක විතරක් සංවර්ධනයනම් ඔබ කියන එක හරි

      Delete
  4. දැන් තියන අවුල තමයි ඔය ප්‍රශ්න එකකටවත් නිශ්චිත උත්තර නැතිවීම. ඒ නිසා අනාගතය පුරෝකථනය කිරීම අසීරුයි. ඔන්න කාලයත් එක්ක ‍උත්තර කිහිපයක් ලැබුනොත් අනෙක්වා විස්තර කිරීම පහසුයි. එතකල් ඉඳිමු......

    ReplyDelete
    Replies
    1. මේක පුරෝකථනයක් නෙමෙයි. අනතුරු ඇඟවීමක්.. ආයේ සිරි ලංකා කාරයෝ එනවා කියන්නේ ලද ජයග්‍රහණය කන පිට හැරවීමක්..

      Delete
    2. ආය ශ්‍රී ලංකා ආන්ඩුවක් එයි කියල හිතන්න බෑ.මෙවර ශ්‍රීලනිපය ඡන්දෙට යන්නෙ රාජ්‍ය බලය නැතිව. යම් ප්‍රමාණයකට දෙකඩ වෙලා. ඒ වගේම කලින් තිබුන රාමුවෙන් බැහැරව. ඒ කිව්වෙ ජිනීවා කතා අරක මේක මොකුත් නැතිව. ඒ මදිවට හොර චෝදනා . ඒවගෙන් යම් ප්‍රතිශතයක් බොරු වුනත් හොර නාමය සමාජගත වෙලා. මේ නිසා මාස කිහිපයකින් ශ්‍රීලනිපයට දිනන්න අමාරුයි.

      එයින් අදහස් වෙන්නෙ නෑ ශ්‍රීලනිපය ඉතාම පහළ මට්ටමක කියල.මේ ඡන්දයෙන් එජාපය ජයගත්තත් ඒක ජනතාවට කලින් ආණ්ඩුව එපා වෙලා පැරැද්දුව නොවෙයි.යහපාලන කතා ,බඩුමිල,හොරකම් කතා ඔක්කොම අදාල සිංහල සමාජයට.සිංහල සමාජය කලින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේ නෑ. දෙමළ ජනතාව කොටි පරද්දපු වෛරෙට මහින්ද කියන වචනෙ ඇහෙනකොටත් දත්මිටි කනව.කලින් ආණ්ඩුව මුස්ලිම් ඡන්ද නැතිකරගත්තෙ විශාල පරිශ්‍රමයක් දරලයි.විශාල මහන්සියක් දරල බල සේනා හදල ලෝකෙ නැති විකාර කරල මුස්ලිම් ඡන්ද පදනම නැතිකර ගත්ත. මේ ජනකොටස් ඡන්දය දුන්නෙ ජාතිවාදී ආස්ථාන වල ඉදලයි.ඒත් මේව ශාස්ත්‍රීය ප්‍රශ්න විතරයි.

      එජාපය සහන මල්ලක් දීල, හොරා පොලිස් සෙල්ලම් කරල ගෙදර වැඩ හුඟක් කරල ඊලඟ ඡන්දෙට එන්නෙ.රාජ්‍ය බලය නැති ශ්‍රීලනිපයට ඊලඟ ඡන්දෙ ටිකක් අමාරුයි අලුත් වාතාවරණයට අනුව.

      Delete
  5. ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
    අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
    මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
    අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

      Delete
    2. ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

      Delete
    3. පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

      Delete
    4. ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?

      Delete
  6. //මේ සැරේ පෙරහරත් මැදමුලන පෙරහරට පරදිනවා කියා වීරවංශ මහතා විසින් මහාවංශ පොතේ ලියල තිබුනේය//
    +++ අර ලක්ස විස්සෙ බහුතරයෙන්ද?
    ටෙක්සාස්වල එයාපෝර්ට් එකේ අනාවැකිය මොකක්ද?
    අති ගරු ජන මූල ජැක්සොන් උතුමා මොනවත් කිව්වෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එයා දැන් කියන්නේ එයා ස්වාධීන කළාකරුවෙක්ය කියලා... සුවාධීන කිව්වේ, ස්වාධීන රූපවාහිනිය වගේද දන්නේ නෑ...

      Delete
  7. ප්‍රභා මැරෙන්න කලින් කිව්වා වගේ රනිල්ට තියෙන්නෙ නරි නුවණක්නෙ.. ගානට වැඩේ දෙයි

    ReplyDelete
    Replies
    1. ට්‍රස්ටවාදියාFebruary 5, 2015 at 12:45 AM

      ට්‍රස්ට් කියන්නේත් මේකටම තමයි. මා !
      දෙවියන් මැරුනට විස්වාසේ මැරෙන් නෑ බං.

      Delete
    2. එහෙම ගතියක් පේන්නේ නෑ.. රනිල් පොලිටික්ස් දැනගෙන උන්නට, පොලිට්‍රික්ස් දන්නේ නෑ....

      Delete
    3. රනිල්ට නරි නුවන තිබුනට ලන්කාවෙ දේශපාලුවෝ ගල් ආදෝ උන් එක්ක රනිල්ට අමාරුයි

      Delete
  8. මාතයියයෙ, ‍උපසම්පදා වෙච්චි හාමුදුරු කෙනෙකුට මහරහතන් යැයි කීම අනුචිත යැයි මා සිතමි

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං ගිය ආන්ඩුවෙන් නිවන් දැකලා උන්නේ...

      Delete
  9. මේක අපිට හම්බ වෙච්ච බුල්ටෝ එකක් වෙලා දැන්. රසයි තමයි. හැබැයි හපන්න හපන්න දත්වල ඇලෙනවා. බලමුකෝ අප්‍රේල් වෙනකොට දැන් තියන බුල්ටෝ එක දියවෙලා යහපාලන රසය විතරක් අපට ඉතුරුවෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ දේ උනොත් නම් ඉඳලා වැඩක් නෑ...

      Delete
  10. 1. වර්ජින් ප්‍රොස්ට්ටියුට්ලා දෙන්නේ් පුක විතරය.
    2. අලින්ට ගේම අදින්නට සිදු වී ඇත්තේ ඇමතිකම් වැඩි ගණනක් කර ගහ ගත් නිසාය.
    3. ගේම හරියට ගැහුවොත් වාසියත් අලින්ටම ය.
    4. රතන සූත්‍රය හරහා ආණ්ඩුවට මුල්ම ප්‍රහාරය එල්ල වූ බව බොරුවක් නොවේ.
    5. මෛත්‍රිපාලට ශ්‍රී ලංකා කාරයෝ චන්දෙ දුන්නෙ නැතැයි කීම වැරදිය. මා ඇතුළු යූ එන් පී එකට ඡන්දය නොදුන් (සහ සමහර විට ඉදිරියටත් නොදෙන්නට ඉඩ ඇති) මා දන්නා විශාල සංඛ්‍යාවක් මෛත්‍රිපාලට චන්දය දුන්නෝය.
    6. ශ්‍රී ලංකා එකේ හොර නඩය නැවත බලයට පත් වුනොත් ජනාධිපතිතුමාටත් වැඩක් දීමට ඉඩ තිබේ. ඒ නිසා, ඔවුන් මෙවර ප්‍රතික්ෂේප කළ යුතුමය.

    ReplyDelete
    Replies
    1. \\ගේම හරියට ගැහුවොත් වාසියත් අලින්ටම ය.//

      දැනටම ගහන පාටයි. අලි හැමදාමත් මිනිස්සුන්ගෙ දුප්පත්කම එහෙමම තියෙන්න ඇරලා බඩට කන්න දීල මිනිස්සුන්ගෙ හිත් දිනාගත්තා. ඒකම ඇති ජය පාරට. අලි මඟ ඒකයි, මිනිස්සු දුප්පත් කමේම දිගටම තියාගන්නවා, ඊළඟට ආණ්ඩුව ගානෙ කන්න දෙනවා, මිනිස්සු ඉතින් ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ කියලා ඔහේ ඉන්න්වා.

      Delete
    2. මහින්ද ඇතුලෙන් ළොකු ගේමක් ගෙනියනවා.. එයාලට මේකේ රහ ලේසියෙන් අමතක වෙන්නේ නෑ..

      Delete
  11. එජාපයට ජය ගන්න හැකියාවක් තියෙනවා , එත් බහුතරය හදාගැනීමේදී ප්‍රශ්නයක් වෙයි.
    මහින්ද ආපහු ආවොත් ඒකෙ වාසිය සහ අවාසිය දෙකම ශ්‍රී.ල.නි.පෙට . වාසිය කියන්නේ මහින්ද පෙරමුණ එක්ක සභාග ආණ්ඩුවක් හදයි . මහින්ද එකට ඕන තැන හදා ගනියි. අවාසිය කියන්නේ ආසන මට්ටමේ ජය ලැබීමේ හැකියාව ශ්‍රී.ල.නි.පයෙන් යම් තාක් දුරකට ගිලිහී යන නිසයි .

    කොහිම් වුනත් ඉදිරි මැතිවරණයත් අමුතුම තාලේ එකක් වෙයි. මහා මැතිවරණය ගැන නම් මගේ උනන්දුවක් නැත.

    ReplyDelete
    Replies
    1. ඔතන මහින්දට තිබ්බ ඡන්ද 58ලක්ෂෙන් බාගෙට බාගයක් දැනටමත් ඉවරවෙලා තියෙන්නේ. දන්න යකා හොඳයි කියන ඡන්ද ටිකත්, මවල පෙන්නපු ඩයස්පෝරාවට පින් සිද්ධ වෙන්න ලැබුනු ඡන්ද ටිකකුයි එකතුවෙලා හැදුනු 58දැන් සී සීකඩ වෙලා. අනිත් එක්ක දීල තියෙන ගේම් දැනුයි මිනිස්සු හරියට දන්නෙ. ඒ නිසා මහින්දගෙන් ලොකු බලපෑමක් වෙන එකක් නෑ. ගල් දැක දැක මැණික් කියන බමුණු කුලේ උන් ටිකකගේ ඡන්ද ටික තියෙයි.

      Delete
    2. මේ රටේ ඉන්නේ ගොන් හරක්... උන්ට මේ ටිකට තිබුනේ මොන වගේ රටක්ද කියන එක මතක නෑ.. දැන් සිරි ලංකා කාරයෝ වැටෙන්න තියෙන පහත්ම තත්වයට වැටිලා තියෙන්නේ. ඒ නිසා දැන් තියෙන විකුණගෙන කන්න පුළුවන් පහත්ම දේ කිසි අප්පිරියක් නැතුව විකුණගෙන කනවා. ඒ ජාතිය හා ආගම. ඔවුන් ඒක ඉතාම සාර්ථකව කරනවා. මට නම් තිබුන ඡන්දයටත් වඩා, ඉදිරි මැතිවරණය තීරණාත්මකයි..

      Delete
  12. තියෙන ප්‍රශ්න ටික සේරම් ආයෙම අපෙන්ම අහලනේ. හිටින්න වෙනව දැන් එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් උත්තර දානකල්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් එතකන් ඉවසං ඉන්නම්...

      Delete
  13. මරා ශිරානිව අයින් කරන්න උදව් කරපු පවිත්‍රාට විදුලිබල ඇමතිකම දුන්නා. සිරා මොහාන් පීරිස් ව එලවන්න උදව් කරපු අලුත්කඩේ කලුකෝට් දාගත්ත තගාට BOI එකේ සභාපති කම දුන්නා. මොකක්ද වෙනස. යහපාලනේද යහ පාචනේද . එතකොට මරා = සිරා

    ReplyDelete
    Replies
    1. බලේ තියෙන කොට මොළේ නෑ කියන්නේ නිකමටය...

      Delete
  14. මේ දවස් වල ඇත්ත කතා කරන්නේ කවුද කියන එක ගැන හිතා ගන්න කාට කාටත් අමාරුයි.. ඇයි ඉතින් පැරදුන පැත්තේ ඉදලා හැව අරින කට්ටිය කියන දේවල් එක්ක අපේ මොළත් මඤ්ඤං වෙනවා තමයි..

    ReplyDelete
    Replies
    1. හොල්මන්ද බේරේ පොල් කොල...

      Delete
  15. හරියට චිත්තරපටේක කමිං වගේ. හෙට වෙන්නේ මොකක්ද? අනිද්දා වෙන්නෙ මොකක්ද? ජනතා කුතුහලය හොඳටම අවුස්සනවා. නෑ.... ඇවිස්සිලා දැනටමත්!

    ReplyDelete
    Replies
    1. ෂෝ ගොඩයි.. එකකවත් කතාව මතක නෑ..
      සද්දේ විතරයි... ගඳ නෑ..

      Delete
  16. මම දකින විදිහට දේශපාලනේ කියන්නේ හැමදාම අබිරහසක් ප්‍රෙහෙලිකාවක් තනිකරම පැටලුනු නූල් බෝලයක්. සිරිසේන මහත්තයත් එක දැනගෙනම ඔය බී පාර්ට් එක තියාගෙන ආවා කියන එකනම් හොදටම පැහැදිලි. මම නම් කැමති අලි අලි වගේම ගේමට බහිනවානම් අනුන්ගේ පන්දම් එළියෙන් මග බලන්නේ නැතුව. එක නිසා සිරිකොතේ අලි විතරක් ගාල් උනාට අවුලක් වෙන එකනම් නැ.

    ReplyDelete
    Replies
    1. අලියා යන්නේ නිසි මග නෙමෙයි.. අවුරුදු ගානකට පස්සේ බලය ලැබිලා ගිනි කන වැටිලා ඉන්නේ..

      Delete
  17. ඔන්න ප්‍රසිඩෙන්ට් යහපාලන තින්දුවක් අරගෙන.හිටපු ඇමති,නියොජ්‍ය ඇමති සහ අධික්සන ඔක්කොටම ආන්ඩුව ගානෙ වාහනයි තෙලුයි මාතලියි දෙන්න කියන්නෙ. දෙමු දෙමු මෙ සල්ලිවලට කොරන්න දෙයකුත් නැ නේ.

    ReplyDelete
  18. කාලයක් මැද මුලනත් අලි අනාතාගාරයක් උනා නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න