.

.

Feb 1, 2015

සන්නස්ගල, සන්නස් හා අලි හොරු - Donations, Promotions & Corruptions


අගවිනිසොරු සිද්දිය, මීට වඩා මහත්මා ලැවල් එකෙන් බේරා ගන්නට තිබුනා යැයි මාතලන් අදටත් හිතන්නේය. එයින් ආන්ඩුව කෙරේ, අපුලක් ඇති වූ පිරිස බොහෝය. එවන් ක්‍රියා අනුමත කරනුයේ හදවතින්ම යහපාළණයක් පතන්නවුන් නොව, අරූ කළා නම් වැරදියි, අපි කරා නම් හරි කියනා පිරිස පමණය. පඩ ෂෝ එසේම පවති. රට පාළණය කිරීම කෙසේ වෙතත්, බට්ටෝ පත්තු කිරීම්, මල් මාලා දැමීම්, රථ පෙලපාලි, බැකප් වෙහිකල් පිරිවරා ගත් ඇමතිවරු, නියෝජ්‍ය උන්, රටපුරා පිළිගැනීම් උත්සව පවත්වති. 

ඇත්තටම මුන් අර වතුර රත් වෙනකන් හැලියේ ඩාන්ස් කරණා කකුළුවෝ වාගේය. මුන් හිතනවා ඇත්තේ, ඉන්නේ ඒ වගේ හැලියක නෙමේ කියාය. ඒත් ජාතිවාදයේ ගිනි දැල් අතින් ගත්, "විලම්බීත" සුනඛයෝ, රිලවුන් හා සීයේ හිඟන්නන් මෙන්ම, නාථ බැඳගෙන වැඩගත් මහාචාර්යවරුද, කරුමක්කාර දත් දොස්තරලාද, නානසාරලාද, හැලියට ගිනි තියමින් සිටි. කකුළුවන්ට වගේ වගක් නැත. උන් කියන්නේ, අප්‍රේල් වලින් පසුව අලි ආන්ඩුවක් හදනවා කියලාය.

ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාද ඒ ගැන කෙලින් කතාවක් නැත. මුලින් කිව්වේ කිසිම දේශපාළණ වේදිකාවට ගොඩ වෙන්නේ නෑ කියලාය. දැන් කියන්නේ මම ඒ පක්ෂේ සභාපති නිසා, මා විසින් ඉටුකළ යුතු යුතුකම්ද ඇතයි කියලාය.

මහ රජානෝ මැදමුලන විශ්‍රාම දිවියකට පිටත් කර හැරිමේ සටනේ පෙරමුණ් ගත් සෝභිතලා, නිර්මාල්ලා පමණක් නොව, මහ මොළකරු චන්ද්‍රිකාද සිටිනුයේ කළකිරීමෙනි. පොර ටෝක් දුන් ජයම්පතිලා දැන් කියන්නේ, ව්‍යවස්ථා සංශෝධන දින 100 ක් ඇතුලේ ගේන්න බෑ කියලායා. ඒ උනාට ඉස්සර කිව්වේ දින 100 ක් වැඩිත් එක්කය කියලාය. එතකොට මේ ලෙස පුකෙන් කතා කරන්නට හේතු උනේ, කරන්න බැරි කමද කරන්නට අවශ්‍යතාවයක් නොමැති කමද? 

සිඳුවීම් සිඳුවන ආකාරයට නම් අපට පෙනී යන්නේ ඒ සඳහා අවශ්‍යතාවයක් නැති කමයි. මාතලන් නම් ඕවා නැව් බොරු බව දැන ගෙන උන්නත්, අප මේවා ලියන්නේ, ප්‍රශ්ණ කරන ජනතාව වෙනුවෙනි. එපමණක් නොව, එකඳු හොරෙකුට විරුද්ධව ක්‍රියා කිරීමේ උවමනාවක් ඇති බවක් පෙනෙන්නෙත් නැත. ගංජා අහුරක් අතේ තිබුන එකා පොලීසියෙන් ගුටි කන්න බැරිව ජලාශයකට පැන නිවන් යන්නේත්, කුඩු නැව් ගනන් ගෙනා දී මූ ලා, වෙලේ සුදාගේ බිස්නස් රන් කල දුමින්ද සිල්වලාට කිසිම අවුලක් නැත්තේ ඇයි කියා බොහෝම පැහැදිලිව තේරුම් ගත හැක. ගොඨාභයලා බේරා ගැනීමට අද ඉතිරිපත්ව ඉන්නේ තිලක් මාරපනලාය. 

අලි හොරු

අද වෙනකන් අත් අඩංගුවට ගත් එක හොරෙක් හෝ නැති. ආන්ඩුවේ ආයතනවල ඉන්නා මහින්දගේ උන් පුකෙන් හිනාවෙන්නේ, කෝ යකෝ එකෙක්වත් ඇල්ලුවාද කියලාය. සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමති කරන්නේ, අලි අල්ලන්න යන එකය. ඇත්තටම මේ කුක්කු පැටවුන්, ඇමති කෙනෙක් කියන්නේ කව්ද කියලාවත් නොදන්නා උන්ය. පරිසර වේදීයෝ කියන්නේ, අලි 130-140 ක් පමණ හොර පාරේ ගොස් රාජපක්ෂලා ගාව ඉන්නා බවය. උන් අහු වෙන නිසා මරා දැමීමේ ප්‍රවණතාවයක් ඇතයිද කියන්නේ ඔවුන්මය.

නියෝජ්‍ය ඇමති අලි පස්සේ පන්නන්නේ නැතිව, මේ වැඩේට පරිසර වේදින්ගේ සහාය ඇතිව, පොලීසියට හා වන ජීවී එකේ උන්ට ඒ සඳහා බලය දුන්නා නම්, දවස් තුනෙන් අලි 130 ම අල්ලාගෙන අහවරය. මේ කරන්නේ සෙප්පඩ විජ්ජාය. මුලින්ම කල යුත්තේ, සැක කටයුතු අලින් සියල්ලම අල්ලා ගෙන එන එකය. මොකෝ මේ රටේ හීලෑ අලි ඇතුනට පැටව් හම්බ වෙන්නේ නැතිය. ඒ නිසා මේ හැම පැටවාම නීතී විරෝධි ලෙස ළඟ තබා ගෙන ඉන්නා උන්ය.

අනෙක් හිකෙන් පුනා යන කාරනය නම් ගෝඨාගේ අලි "සන්නස් අලි" කියලා කියන එකය. ඒ අලි එයාට දීලා තියෙන්නේ මහින්ද අයියාය. ඒ සන්නසකිනි. බැලුවම රජවරු ඉඳලා තියෙන්නේ සින්දුවලම විතරක් නෙමේය. ඇත්තටම ඉඳලා තියෙන්නේ මහ රජානෝ කෙනෙක්මය. අපි නම් අහලා තියෙන්නේ සන්නස් වලින් දන් දෙන්නේ රජවරුන් කියාය. එත කොට අලින්ට කන්න දීලා තියෙන්නේත් අපේ සල්ලි වලින්ය.

අද ගෝඨා කියන්නේ එයාට ඇත් පැටවු දෙදෙනා මේන්ටේන් කොරන්න බෑ කියලාය. ඒක නම් සහතික ඇත්තය අද ගෙයක් වත් නැතිව නෝ ලිමිට් කාරයාගේ ගෙදර ඉන්න මනුස්සයාට මොන ඇත්තුද. ඇත්තු තියාඅද එයාලාට බලු බල්ලෙක් වත් නැතිය. එයාටත් තිබුනේ අර පුරහඳ වගේ හිටිය බැසිල් අයියත් එක්කම ඒ ප්ලේන් එකෙන්ම ඇමරිකාව බලා යන එකය.

පින්නවල අලි පැටවුන්, බලාගෙන සිටියදීම අතුරුදන් වනවා අපි දැක ඇත්තෙමු. මුන්ට තිබිලා තියෙන්නේ එසේ මෙසේ පිස්සු නෙමෙය. අලි පිස්සුය. තමන්ට විතරක් තනියෙන් යන්න සුපිරි ජම්බෝ ජෙට් ගේන්නේ ඒ හේතුවෙනි. මෙහේ ගෙදර යන්න බස් එකක් නැතිව කට්ට කළුවරේ පාරේ යන මිනිසුන්ය. දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව ගෙල වැලලා ගන්නා මවුවරුය, ගඟේ පනින අම්මලාය, දරුවන් ගඟට, ළිඳට විසිකරනා මව්වරුය, දරුවන්ටද වස පොවා පවුල් පිටින් දිවි තොර කර ගන්නා දෙමව්පියන්ය. 

සන්නස්ගල ඇඳගෙන නා ජනපති ඇන්දවීම

ඒ ජනාධිපති නැති කළේ වටේ හිටපු වන්දිභට්ඨ නලාකරුවෝය, උන් ජනපති මහරජානෝ කළේය, බුදු හාන්දුරුවන්ගේ පරපුරේ කෙනෙක් කළේය, දුටුගැමුණුගේ නෑයෙක් කළෙය. ජනමූල නායකයෙක් කළේය. ඉන් පසු නළුවෙක් කළේය. අන්තීමට සීතාම්බර සළුවද අන්දවා රජ්ජුරුවෝ හෙලුවෙන් යවා, උන් රජවරු උනේය. රජ්ජුරුවෝ අමු හෙළුවෙන් පිස්සු කෙලියේය.

අපි කෑ ගහලා, ලොක්කා ඔයා ඉන්නේ අමු හෙලිවැල්ලෙන් කිව්වත්, ඒවා එයාට ඇහුනේ නැතිය. සාටකේ කරේ දාගෙන අමු හෙළුවෙන් 18 සන්නිය නැටුවාම. මළ පෙරේතයන්, ගෙවලයන්, කුම්බාඩයන්, මහසෝනුන්, රීරී යකුන් ඉතරක් නොව සක්‍රයාත් දපනේ වැටෙයි කියා හිතුවේය. නලාකරුවෝ රජ්ජුරුවෝ ගොනාට අන්දන විට, සජ්ජුරුවෝ ගොන්නු ඔක්කෝම මී හරක් කලේය. මොළේ කළඳක් හෝ තිබුන පිරිස පොඩ්ඩකින් හෝ වැඩි උන නිසා, යාන්තම් ඒ 18 පාලියෙන් රට ගැල උනේය.

දැන් ජැක්සන් ඇන්තනී වෙනුවට ඇවිල්ලා ඉන්නේ උපුල් ශාන්ත සන්නස්ගලලාය. ජැකා මෙන්ම සන්නාද අප ආදරය කරනා මිනිසුන්ය. සමාජයේ පහළම ස්තරවලින් විත්, රට ජයගත්ත උන්ය. අප උන්ට ආදරේය. උන් පජාත වැඩ කරනා විට අපේ සිත් පෑරෙන්නේය. සන්නාටද සියල්ල කරන්නට බැරිය. "රෑ ඉරපාන" වෙනුවට "සිහින ඇහිදින්න" ආ සන්නා, එතනදි පට්ට ෆේල්ය.

නගන තර්කවලට කන පැලෙන, බොක්කටම වදින සාමාන්‍ය ජනයාට දැනෙන භාශාවෙන් ප්‍රතිතර්කයෙන් ප්‍රශ්ණය කුඩු කර දැමීමේ හුරුබුහුටි කම් ඇතත්, ඔහු සාර්ථක ඉදිරිපත් කරන්නෙක් නොවේ, නිවේදකයෙක්ද නොවේ. එමෙන්ම සන්නාට ෆිල්ම් හැදුවාට රඟපාන්නත් බෑ කියා මාතලන් හිතන්නේය. ඒ නිසා මුලින්ම සන්නලා හැදිලා ඉන්න ඕනය.

ජනාධිපති තුමාගේ පළවෙනි ඉන්ටවීව් එක කරන්නේ එන්නේ සන්නාය. මට පේන්නේ ප්‍රශ්ණ මෙන්ම පිළිතුරුද කලින් සකසා ගත් ඒවා බවය. සාකච්චාව අතර සින්දුද දමා තිබිනි. එමගින් සාකඡ්චාව හෑල්ලුවටම ලක් කල බව මාතලන්ගේ මතයයි. මන්ද මේ ජනාධිපතිගේ පළවෙනි සාකඡ්චාවයි. සාමාන්‍යයෙන් ජනාධිපති එපා වෙන්නේ, අවුරුදු දෙක තුනක් ගියායින් පසුය. අන්න ඒ කාළයේදී නම් සාකඡ්චා මැද්දේ සින්දු බැරි නම් ඇඩ් උනත් දමා ගත්තාට අපට අවුලක් නැතිය. එහෙත් පළවෙනි සාකඡ්චාවට ඒවා අවශ්‍ය නැත.

අනෙක් කරුණ, සමහර ප්‍රශ්ණවලට පැහැදිලි උත්තර ලබා ගැනීමට නොහැකි වීමයි. එමෙන්ම වෙනදා සිංහයෙක් ලෙස ඉන්නා සන්නා වෙනුවට, අපි දැක්කේ, බොහෝම බයාදු ලීලාවෙන් මෛත්‍රිපාලයන් ඉදිරියේ ගිනි කන වැටි සිටිනා, සුවච කීකරු බයාදු පුද්ගලයෙකි. රජා හමුවේ තියා මොකා හමුවේ වත්, කළාකරුවෝ කොන්ද කඩා ගත යුතු නැත. ඒ නිසා අප සන්නාගෙන් ඉල්ලා සිටින්නේ, කරන්න පුළුවන් දෙයක් කරගෙන. තවත් ජැක්සන් ඇන්තනි කෙනෙක්, හඩ්සන් සමරසිංහ, කෙනෙක් වෙන්නේ නැතුව ඉන්න කියලාය.

එමෙන්ම ජනාධිපති තුමාගෙන්ද ඉල්ලීමක් කිරීම්ට ඇත. ඔබ තුමා එම සාකඡ්චාවේ කියු බොහෝ දේ අපි අගය කරන්නෙමු. ඒවා ඒ ලෙසම ක්‍රියාත්මක වනු ඇතයිද අපි බලාපොරොත්තු වෙමු. එමෙන්ම අද රූපවාහිනි චැනල වල මුලින්ම ප්‍රචාරය වන්නේ, ඔබ ගස් ගල් වලට වඳිනා දර්ශණයන්ය. ඔබ මේ රටේ ජනාධිපති කලේ ඔය ගස් ගල් නොවේ. මේ රටේ ජනතාවය. ඒ නිසා ඔබ පුරුද්දක් ලෙස මේවා කරනවා නම්, එය ඔබේ පුද්ගලික කාරනයකි. ඒවා මාධ්‍යවලින් ප්‍රදර්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔබ ජනපති ලෙස ජනතාව වෙනුවෙන් ඉටුකල කිසිම දෙයක් අද වන තෙක් අප දැක නැත්තෙමු. සමහර විට ඒවා ඔබේ යෝජනා වුවද, එලියට එන්නේ එජාපයේ වැඩ ලෙසිනි.

ජනතාවට සතුටු විය හැකි ආකාරයට, ඔබේ අධීක්ෂණයෙන්, දුෂණ චෝදනා එල්ලවූ, කුඩු චෝදනා එල්ලවු, එක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ හෝ මන්ත්‍රි ධුරය අහෝඅසි කර පෙන් වුවහොත්, ඔබත් වචනයෙන් නොව ක්‍රියාවෙන්ම නිර්භීත පුදගලයකු බවට පිලිගැනීමට හැක. එතෙක් ඔබට විරුද්ධව හඬ නඟනා උන්ගේ කතා සාධාරනයැයි සිතා සැනසෙන්නද?

අවම වශයෙන් දුෂණ චෝදනා එල්ලවී ඇති අල්ලස් හා දුෂණ කොමිසමේ සභාපතියාවත් නියමිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින් එම තනතුරෙන් පහ කොට, සමාජය පිළිගත් නීතී ගරුක පුදගලයකු එම තනතුරට පත් කොට, වහාම එල්ලවූ චෝදනා විභාග කර හෝ පෙන්වන්න.

71 comments:

  1. ගෝඨා ඉන්නේ ෆැශන් බග් කාරයාගේ ගෙදරක නේද?

    සිරිපාලගේ උදැල්ල කැපෙනව මදි.. විශේෂයෙන්ම වංචාව, දූශණය හා හොරකම නවත්තන පැත්තට.. නම්බු නාම අත ඇරීමයි නාස්තිය අඩු කිරීමයි විතරක් කරල මේ නරා වලෙන් ගොඩ එන්න වෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. එවා මහ ළොකු දේවල් නෙමෙයි. ඇත්තටම නොවිය යුතු දේවල්. සම හරක්ට නම් ඕවා මහා දේවල්.. ඔය පඩ ෂෝ වැඩක් නෑ..

      හොරු අල්ලනයි ඕන. නැත්නම් ඒක නවත්තන්න ඕන. විකාර නොකර..

      Delete
  2. ජනාධිපතිතුමා ජනාධිපති කෙනෙක් වගේ කතා නොකල බව මගේ හැගීමයි..ඒ කියන්නේ රජ කෙනෙකු මෙන් නොව... එහෙත් ඔහුගේ දැක්ම ඉදිරිපත් කර ගැනීමට බැරි වුවා යයි මට සිතුනි.

    සන්නස්ගලව ගිය සතියේ දෙසැරයක් රූපවාහිනීයෙන් දුටිමි. වාද පිටියේ කොල්ලා කළ අමන විහිලුවකට ටියුශන් පන්තියේ මෙන් තදින් තරවටු කරනවා මුලින් දුටිමි. ඔබ කීවා මෙන් සෙනසුරාදා හිටියේ ඔහුමදැයි මට විටෙක සිතුනි

    ReplyDelete
    Replies
    1. බලයට තනතුරු වලට කෑදර උනාම මිනිස්සුන්ගේ කොන්ද නැති වෙලා යනවා. ඊට වඩා නොදන්න මළඳාන කොරන්න ගියාම හත් පොලේ ගාගන්නවා..

      සිරිසේන කියන්නේ හොඳ කතිකයයෙක්. ඒත් සන්නස්ගල සිරිසේනට ටියුෂන් පන්තියේ කොල්ලෙක් කරා... දෙන්නම කුඩු..

      Delete
  3. /* එමෙන්ම අද රූපවාහිනි චැනල වල මුලින්ම ප්‍රචාරය වන්නේ, ඔබ ගස් ගල් වලට වඳිනා දර්ශණයන්ය. ඔබ මේ රටේ ජනාධිපති කලේ ඔය ගස් ගල් නොවේ. මේ රටේ ජනතාවය. ඒ නිසා ඔබ පුරුද්දක් ලෙස මේවා කරනවා නම්, එය ඔබේ පුද්ගලික කාරනයකි. ඒවා මාධ්‍යවලින් ප්‍රදර්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ නැත. */

    ඉතා වැදගත් කතාවක්.

    තිස් වසරක යුද්ධෙන් අපේ ඇස් කණ වෙලා, කන් බිහිරිවෙලා තිබුණ නිසා යුද්ධය ඉවර වුනායින් පස්සේ චංචා, දූෂණ ගැනත් ඇස් නොපෙනී, කන් නොඇසී තිබුණා වගේ, ඔය මාධ්‍යවල පහුගිය කාලේ වැඩ කරපු අයට කීමෝ තෙරපි දීලා මොලේ ඔඩු දුවපු පිළිකා අයින් කරලා ගන්න වේයි.

    හැබැයි, මෛත්‍රීට තියෙන්නේ එපා කියන්න විතරයි. දැනටමත් මැතිතුමා/ආර්යාව කියන්න එපා කියලා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ජනපතිතුමා ගැන දන්න අය කියන්නේ උන්නැහේ බොහොම චාම් සරළ මනුස්සයෙක් කියලා.. ඒ දේවල් නම් ඉතා පැහැදිලිව පේනවා.. නමුත් ඒ දේවල් පුදුම වෙන්න දේවල් නම් නෙමෙයි.. ඒක තමයි නියම දේශපාළඥයකුගේ චරිතය විය යුත්තේ. බෙන්ජමින් නෙත්න්යාහුටවත් නෑ අපේ ජනාධිපතිට දැන් තියෙන ගාඩ් එක. ඇම්බියුලන්ස් එකකුත් යනවා.. මොන විකාරයක්ද.. හර්ස් එකක් විතරයි අඩු..

      Delete
  4. /* ඔබ ජනපති ලෙස ජනතාව වෙනුවෙන් ඉටුකල කිසිම දෙයක් අද වන තෙක් අප දැක නැත්තෙමු. සමහර විට ඒවා ඔබේ යෝජනා වුවද, එලියට එන්නේ එජාපයේ වැඩ ලෙසිනි. */

    Welcome to the future.
    This is how a PM led-government with a non-executive president will work, isn't it?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කරපු වැඩේ වස කැතයි නේ.. අළුත්කඩේ සිද්දිය.. කළේ කව්ද මන්දා. නමුත් ජනපති බලතල නේ භාවිතා කළේ..

      Delete
    2. මෙයින් අපට පේන්නේ අගමැති මූලික රජයක් සහ නාම-මාත්‍රික ජනාධිපතිවරයෙකු වැඩ කරන විදියයි නේද? අනාගතයෙන් වර්තමානයට!

      Delete
    3. මට නම් පෙනුනේ එහෙම දෙයක් නෙමෙයි ඔක්කොම පිස්සු කෙලින කේස් එකක්.. ඉස්සර වගේම..

      Delete
  5. මම නම් කැමති පාප් වහන්සේ වගේ අල්පේච්ඡ විධායක බලතල සහිත ජනාධිපති කෙනෙක්ට

    ReplyDelete
    Replies
    1. මම නම් මනාප නානසාර වගේ, මහින්ද රාජපක්ෂ වගේ, විමල් වීරවංශ වගේ කෙනෙකුට...

      Delete
  6. මේ සාකච්චාව බලන්න බැරිවුනා..ඔයාගේ ලිපියෙන් දැනුවත් වුනා

    ReplyDelete
    Replies
    1. ඒක හරි ළොකු දෙයක් නේ...

      Delete
  7. පගා, කමිෂන්, හොරකම් හා කුඩු ජාවාරම් උසාවියේ ඔප්පු කල හැකි සාක්කි හෙවීම අපහසු , කාලය ගතවෙන වැඩකි.
    ඊට වඩා ලේසි ක්‍රමයක් ඇත.
    මිනීමැරුම් ආදී නොයෙකුත් චෝදනා තිබුනත් මාෆියා බොස් කෙනෙක් වූ ඇල් කැපෝන්ව හිරේ දැම්මෙත් බදු පැහැර හැරීම මතය.
    වත්කම් බැලුවොත් ලංකාවේ tax evasion හරි ලේසියෙන් අල්ල ගත හැකි අය ඕනෙ තරම් ඇත. ප්‍රශ්නෙකට තියෙන්නෙ දේශපාලකයන් 90% ට වැඩි ගානක් හිරේ වුනාම ආණ්ඩු කරන්නෙ කවුද ?????
    ඔය ප්‍රශ්නෙ නිසා තමයි කුඩු ජාවාරම් හා පගා ගැන ලිඛිත සහ/හෝ ඇසූ දුටු සාක්කි ඕනෙ. නැත්නම් වත්කම් කොහොම හම්බුවුනාද කියලවත් හොයන්න ඕනෙ නෑ. income tax ටැක්ස් ගෙවල නැත්නම් හිරේ.

    P.S. ලංකාවෙ තමයි ටැක්ස් කේසස් එක්කො සමතයකට හෝ දඩයකට යටත් වෙන්නෙ. වෙන හුඟක් රට වල දේශපාලකයින්, වියාපාරිකයින්, ක්‍රීඩකයින්, නලුවන් ඔක්කොම tax evasion වලට හිරේ

    ReplyDelete
    Replies
    1. ඒක වෙන රටවල් වල කරාට මෙහේ කොරන්න බැරි.. ටැක්ස් ගහන්න යන දේ රජයට පවරලා උන් වෙස්සන්තරලා වගේ තපසට යන නිසා.. එහෙම නැත්නම් චූදිතයා රජයේ සාක්කි කාරයෙක් වෙන නිසා.. මොකෝ හම්බ කරපුවා අම්මා අප්පගේ බූදලේ නෙමෙයිනේ.. ඉතින් කිසිම දුකක් නෑ.. ජනතාවගෙන් කොල්ල කාපුවා.. ආයේ ජනතාවට දෙනවා.. හොඳම උදාහරණය දයා ගමගේ..

      Delete
  8. කියපුවා කෙරෙන්නැති එකනම් ජයග්‍රාහී කීවෙනි වතාවටද මන්දා මේ වෙන්නේ. අඩුම ගානෙ 10-15 දෙනෙක්ටවත් නඩු දැම්මෙ නැත්නම් අලි ටික සේරම පින්නවල තමා නවතින්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ සැරෙත් නොකරනවය කියන්නේ.. අළුත් අයත් හොරා කන්න රෙඩි කියන එක...

      Delete
  9. සමහර සිඳුවීම් දිහා බැලුවාම හිතෙනවා තාමත් තියෙන්නේ මහින්දගේම ආණ්ඩුවමද කියලාත්.

    ReplyDelete
    Replies
    1. දැනට නම් පේන්නේ පුද්ගලයන් හා සිඳුවීම වෙනස් වීමක් පමණයි...

      Delete
  10. සාකච්ඡාව නං බලන්න උනේ නෑ. කොහොම උනත් අපේ රටේ බොහොමයක් සිංහයො ජනාධිපතිගෙ ලඟදි මීයො.

    දින සීය ඇතුලෙ උනත් කරන්න පුළුවන් වයවස්ථා සංශෝධන තියනව. ජනාධිපතිගෙ බලතල කැපීම එකක්. ස්වාධින කොමිෂන් වගේ දේවල් නං ටිකක් කල්පනා කරල කරන්න වෙනව. නමුත් තවමත් ව්‍යවස්ථාවට අතගහල නෑ.

    අපි නං දින සීයෙන් බලාපොරොත්තු වුනේ සුළු හෝ ව්‍යවස්ථා වෙනසක්. ආර්ථිකය සම්බන්ධ කාරණා දින සීයෙන් එපිට වැඩ. දැන් වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. පඩි වැඩිකරල බඩුමිල අඩු කරල ව්‍යවස්ථාව එහෙමමයි.

    මහ මැතිවරණයේදි නං සෑහෙන්න බ‍ොන්න වෙනව කාටද ඡන්දෙ දෙන්නෙ කියල තීරණය කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර ප්‍රශ්ණයක් කර ගන්න එපා.. අලියට දෙන්න.. මොකෝ උන් තනියෙන් කන්නේ නෑ..

      Delete
    2. හා අහ් හා නියම කතාව "උන් තනියෙන් කන්නෙ නෑ"

      Delete
  11. කියන්න ඕන දේවල් සේරම කියල තියනවා.මට නම් හිතෙන්නෙ ලංකාවෙ ඉතිහාසය තුලවත් හොරුන්ට දඩුවම් දීල නෑ.ඒකට හේතුව මේ අය අලුත් අය එක්ක ඩීල් දාන එකයි.ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්.හොරකම් ගැන කතා කරන්නෙ ඡන්ද ගන්න විතරයි.හොරකම් හෙවිල්ලක් නෑ1994 ආපු ආණ්ඩුව ඊට පෙර අය කළ ඒව හෙව්වෙ නෑ.බොරු කොමිසම් නාඩගමක් නැටුව මිස.
    2001 යූඇන්පී ආණ්ඩුව කලින් පෙරමුණේ හොරකම් ඇල්ලුවෙ නෑ.
    2004 ආපු සංධානෙ කලින් අවුරුදු දෙකේ හොරකම් ඇල්ලුවෙ නෑ.ඒ වාගෙම මේ ආණ්ඩුවත් සංධානෙ හොරකම් අල්ලන්නෙ නෑ ඒක සහතිකයි.
    මොකද හැමදාම හොරු අනාගතයට ඩීල් දමනව.මේ අය දන්නව අනාගත ශ්‍රී ලංකා ආණ්ඩුවකින් තමන්ගෙ වැරදි වලට රක්ෂනයක් ලැබෙන බව.

    නමුත් අද වෙනසක් තියනව.ඇත්තටම ලැබිල තියෙන්නෙ විකෘති ඡන්ද ප්‍රතිපලයක්.ඇත්තටම යහපාලනයක් ඕන වුන අය ඉන්න ඇති.ඒත් සිංහල ජනතාවගෙන් 55 % ක් මහින්දට දීල තියනව.55% වෙනකම් අඩුවුනේ හොරකම්,නාස්තිය,පවුල් පාලනය වගෙ හේතු නිසා.සුළු ජාතීන් ඡන්දය දුන්නෙ ජාතික අවශ්‍යතා වලට.මේ තත්වය මීට පෙර කිසිම ඡන්දෙකදි නොදුටු ලක්ෂනයක්.යහපාලන කතා වගෙ ඒව අදාල සිංහලයන්ටනෙ.දෙමළ අයට ඊළම, මුස්ලිම් අයට ඉස්ලාමීය රාජ්‍යයක්.ඒකනෙ ඇත්ත කතාව.

    දැන් මේ හොරකම් අල්ලන්නෙ නැතිවුනහම ජනතාව පෙළඹෙනව අනේ මේ චෝදනා බොරු වෙන්න ඇති වත්ද කියල හිතන්න
    එතකොට මොකද වෙන්නෙ අර 55% 60% හෝ 65 % වෙනව.
    සහන වල කෙළෙහිගුණ කතා නම් කියන්න එපා.මහින්දගෙ ආණ්ඩුවෙන් රස්සා ගත්ත අයත් හංසයට දුන්න එකේ ඔය සහන මතක තියෙන්නෙ නෑ.අනික හංසයට කෙළෙහිගුණ කියන කතාව කියන්න සදාචාරාත්මක අයිතියකුත් නෑ.

    හොරකම් අල්ලන්නෙ නැතිව එකට කැන්ටිමේදි හම්බවෙන ප්‍රිය සම්භාෂනවලදි හම්බවෙන යාළුවො නිදහස කරල ජනතාවට සහන දීල ව්‍යවස්ථා ජංජාලයක් දාල ඉස්සරහට යන්න හිතනවනම් වැරදියි
    අයවැය සහන මතින් එජාප ආණ්ඩුවක් බලා ඉන්න පිරිසක් ඇති.ඇත්තටම අයවැය හොඳයි.ඒක අපි ගැන විතරක් බලල හදපු එකක් නොවෙයි.අපි විතරක් කාල හරියනවයැ.ඉන්දියන්කාරය ,ඇමරිකන් කාරය ගැනත් හිතල තියනව.වන්දනාවෙ යන අය දකිනව ඉන්දියාවෙ තියන දරිද්‍රතාව .ඉතින් කොත්තමල්ලි,කහ සූදුරු වගෙ ඒව අඩුකරන එක හොඳයි.ඇමරිකන් තිරිගු ගොවිය ටත් සහන දීල තියනව ඒක හොඳයි.

    ඇත්තෙන්ම මේ ආණ්ඩු පෙරළිය රටක් හැටියට හොඳයි.චීනය වෙනුවට ඉන්දියාව රිප්ලේස් වෙලා.ඒක මෙහෙම නොඉවුනනම් අසූ ගනන් වල කළා වගේ දෙමළ ජාතිවාදය අවුස්සන තැනට ඉන්දියාව තල්ලු වෙන්න ඉඩ තිබුනා.එහෙම වුනානම් ලොකු ප්‍රශ්නයක්.ජේ ආර් ඉවත්කරගන්න දෙමළ සන්නද්ධ කල්ලි පුහුණු කිරීම මතකනෙ.
    ඒ වුනත් හොරු ඇල්ලිල්ලයි අංක එක.දෙවනුවත් හොරු ඇල්ලීම,තෙවනුවත් හොරු ඇල්ලීම

    මේකයි රටේ තත්වෙ.ඉතින් මොන හේතුවක් නිසා හෝ අලුත් ආණ්ඩුවක් පත්වෙලා තියනවනෙ.මෙතනදි ජනතාව දක්ෂ වෙන්න ඕන අලුත් ආණ්ඩුවට බල කරන්නට පරණ ආන්ඩුවෙ හොරකම් අල්ලන්න.එහෙම ඇල්ලුවොත් ( එසේම වේවා ) ඊට පස්සෙ හොරාකන සංස්කෘතිය දුරුවෙනව.මුන්ටත් හොරාකන්න බෑ ඊලඟ එවුන් අල්ලනව කියල දන්නව .අන්න ඒ සිස්ටම් එක එනව.එහෙම නැත්නම් වෙන්නෙ හොරු හැමදාම අනාගතයට ඩීල් දාන එක.

    ReplyDelete
    Replies
    1. හොරු ඇල්ලීම හැරුණු කොට වැඩිපුර කාරනා හා එකඟ නෑ.. මම හිතන්නේ නෑ ජනාධිපතිට නම් හොරු අල්ලන්න උවමනාවක් තියෙනවය කියලා. මහ ළොකුවට කෑ ගහපු මාතර සුනිල් නියෝජ්‍ය එකක් දීපූ ගමන් කොහේද කියලා හොයා ගන්නත් නෑ.. ජයග්‍රහණයේ නියමුවා හොරුත් එක්ක හෙළුවෙන්.. ඔක්කෝම මාධ්‍ය සංදර්ශන තියනවා.. මල්වතු අස්ගිරි යනවා.. ඇත්තටම මුන්ට පිස්සු.. මහින්ද කට්ටිය එක්ක සෙට් වෙලා ජාතිවාදය අවුස්සනවා.. ඒකට එකෙක් ලඟ උත්තර නෑ.. අලි හිතාගෙන ඉන්නේ පැරදුනත් ජාතික ආන්ඩු හදන්න.. දේශපාළණයෙදි මෛත්‍රී නෙමෙයි සිද්ධාර්තත් අන්විස්වාසබල්.. ඒක නොතේරන මෝඩ අලි එජාපයේ ඉන්නේ...

      Delete
  12. ගෑනු ෙදන්ෙනක් බැද ගත්තු මිනිෙහක් වෙග්

    ReplyDelete
    Replies
    1. ජනතාවට නම් වෙලා තියෙන්නේ එක ගෙයි කෑම වගේ සීන් එකක්.. අයියා පොරි හැලෙන්න නෙලලා ගියා.. දැන් මල්ලි ඇවිත් නෙලනවා.. ගෑණී වහලේ හිල් ගනන් කරනවා...

      Delete
  13. මේ යන විදිහට ගියොත් නම් අරුන් කක්කා කරලා ගිය තැන් ටික හෝදගන්නවත් දින 100 යන්න පෙර වෙලාවක් නැතිවෙනවාය. My3 සහ පිරිස කක්කා බවට පත්වෙනවාය. ජේවීපී කාරයන්ටවත් දුන්නානම් උන් මෙලහකට වැරදි කාරයෝ ඔක්කොම හක්කේ තියා සෙම ඇරලා ඉවරය. පොනීටවත් නැගිටින්න දුන්නේ නැත්නම් ඔක්කොම හමාරය.

    ReplyDelete
    Replies
    1. හොරුන්ට එරෙහිව දැඩි පියවර ගන්න ඕන විචාරක.මේ රිලේ දිවිල්ල නවත්වන්න ඕන.හොර රක්ෂනය කියන රිලේ එක පරණැ ආණ්ඩුවෙන් අලුත් ආණ්ඩුවට මාරුකරන එක හැමදාම කළේ.වෙනද වගෙ නොවෙයි දැන් සමාජ ජාල ප්‍රබලයි.හොරු එකා නෑර අල්ලන්න බල කරමු.හැබැයි හොරු ඇල්ලුවට පස්සෙ ශ්‍රී ලනිපයට නොමිනේෂන් දෙන්නවත් කෙනෙක් ඉතිරි වෙයිද මන්ද

      Delete
    2. වැඩේ තියෙන්නෙ මේකයි.
      හොරු ඇල්ලීමේ සන්දර්ශනය පටන් නොගෙන හොරු ඇල්ලීමේ යාන්ත්‍රණය හැදුව නං ඔය අවුල එන්නෙ නෑ. නමුත් සිදුවුනේ හොරු ඇල්ලීම රියැලිටි තරගයක් වගේ වුනා. රියැලිටිය ජනප්‍රිය වෙන්න නං හොරු දෙතුන් දෙනෙකුට ක්ෂණිකව දඬුවම් දෙන්න ඕන. ඒක එහෙම නොවෙන බව මිනිස්සුන්ට පෙනුනොත් වෙන්නෙ "කවුරු ආවත් මෙහෙම තමයි" කියන තැනට වැටීම.

      Delete
    3. //හොරු ඇල්ලුවට පස්සෙ ශ්‍රී ලනිපයට නොමිනේෂන් දෙන්නවත් කෙනෙක් ඉතිරි වෙයිද මන්ද//
      ඔතන ශ්‍රී ලනිපයට වෙනුවට ආදේශ කරන්න පුළුවන් තව වචන තියෙනවා

      Delete
    4. පොනීට දුන්නෝත් වෙන්නේ අළුත්කඩේ වහලා මාෂල් ලෝ එකෙන් ගේම දීම. මොකෝ උන්දැට දුන්නෙත් එහෙමනේ.. දින 45 කට පස්සේ අපි ගේම දෙමු...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මම නම් ඔය රෙද්ද බැලුවේ නැහැ. වෙලාවේ හැටියට මහ රජා ගෙදර යවාගන්න මේ මනුස්සයව ගෙන්නගන්න ෆුල් සප් එක දුන්නා මිසක මුනුත් උන්ට වඩා ලොකු වෙනසක් තියෙන එව්වෝ නෙවෙයි කියලයි මම හිතන්නේ. ඒ උනත් තාම අලුත් පිට නිසා ජනතාව පොඩ්ඩක් හෙන්ඩුව වැනුවා නම් මොනවා හරි කරගන්නත් බැරිම වෙන එකක් නෑ මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. ජෙප්පො තමයි ගේමට ඉන්නේ.. අලින්ට මදන කුලප්පුව හැදිලා.. මට පේන විදියට නම් සිරිසේන සීනී බෝල දීලා අලින්ව රවට්ටලා, ඊළන්න ගේමේදි 20 වසරක පාළනේ ඉදිරියට ගෙනියයි වගේ.. ඒකේ මහින්දත් ඉන්න පුළුවන්.. ඒ නිසා අලින්ට මීට වඩා මොළෙන් ගේම දෙන්න වෙයි..

      Delete
  16. මාතලන්, දේශපාලනඥයකු වීමට යන වියදමට වඩා අඩු අදායමක් දේශපාලනඥයකු වූ විට ලැබෙනවානම්. දේසපාලනය කිරීමට කවුරුන් ඉදිරිපත් වේවිද ?
    අවංකව මේගැන සිතන්න මට තේරෙන විදියට දේශපාලනඥයකු ට ඉහල ප්‍රතිලාබ ලැබෙන අතරම යහපාලනයක් ක්‍රියාත්මකකරණ අයුරු සකච්චකලොත් නරකද ?

    https://www.youtube.com/watch?v=WQR0gx0QBZ4
    Jimmy Wales Wikipedia සංකල්පය ඉදිරිපත් කිරීමේදී පුරවැසියන්ගේ අදහස් ගොනු කරන අයුරු අපට අපරටේ දේසපාලනය වෙනස් කිරීමට මත පලකරන
    විට යොදා ගතහැකි නම්, උගත් බුද්ධිමත් බහුතරයේ තීරණාත්මක හඩක් පාලකයන් වෙත ඉදිරිපත් කල හැක.

    මෙය මතුපිටින් නොබලා ප්‍රයෝගික බව ගැන සිතන්න !!

    ReplyDelete
    Replies
    1. මචෝ මේ අම්මට සිරි ලංකාව. ඒක මතක තියා ගන්න.. මේ රටේ 50% පට්ට ගෝත්‍රිකයෝ කියලා මීට මාසයටත් කලින් මුළු ළෝකයටම පෙන්නුවා..

      Delete
  17. මාධ්‍ය සංදර්ශන වලට සීමා නොකර හොරු ටික ඇල්ලුවනම්
    වටිනවා... හැබැයි කිව්වත් වගේ හොරු අල්ලල ඉවරවෙද්දි
    විපක්ෂයක් නැතිවෙයිද මන්දා.. එක්කො ඔක්කොම ඇතුලෙ
    නැත්නම් ඔක්කොම ආන්ඩුවෙ.

    ReplyDelete
    Replies
    1. ඇමති කම් ලැබුනයින් පස්සේ දූෂන අල්විස් ගම්බ වෙන්න ගියේ හර්ෂ විතරයි. ඒ ගියාම එතන ඉන්න උන් නාහෙන් අඬනවලු අරක නෑ මේක නෑ කියලා. ඉතින් ආන්ඩුවේ යුතුකමක් තියෙනවා එතනට අවශ්‍ය දේ දෙන්න. ඒ වගේම දූෂන චෝදනා තියෙන එතන මහ එකා එලවන්න ඕන ඔක්කෝටම කලින්..

      Delete
  18. "පැරදුනානම් අද මං පස් යට " කතාව අමතකවීමට කලින් සියල්ල සිදුකල යුතුය. සිරිසේනෝ... කියපු උදවිය "අපේ නායකතුමා" කියාගෙන එන විට, එනපොට හොඳ නෑ, කෙල්ල ගෙට ගතයුතුය.

    ReplyDelete
    Replies
    1. මුන් කරන්නේ රඟපෑමක්.. අගවිනිහොරා එලවපු සීන් එකේ පාර්ලිමේන්තු විවාදෙදි ඒක හොඳට පෙනුනා...

      Delete
  19. අල්ලන උන්ගෙන් පොඩි අලි පැටියෙක් ඉල්ලගන්න බැරි වේවිද දන්නෙ නෑ නේද බං.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන් සන්නස්ගලගෙන අහන්නම් සන්නසකින් දෙන්න පුළුවන්ද කියලා.. ඊළඟ ආන්ඩුව එනකොට සන්නා ගාව අලියෙක් හිටියොත් උඹ අවුට් යන්න එපා...

      Delete
  20. ජනතාවට සතුටු විය හැකි ආකාරයට, ඔබේ අධීක්ෂණයෙන්, දුෂණ චෝදනා එල්ලවූ, කුඩු චෝදනා එල්ලවු, එක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ හෝ මන්ත්‍රි ධුරය අහෝඅසි කර පෙන් වුවහොත්, ඔබත් වචනයෙන් නොව ක්‍රියාවෙන්ම නිර්භීත පුදගලයකු බවට පිලිගැනීමට හැක.//

    දුමින්ද මන්ත්‍රී කමින් පහ කරන්න අමාරු නං ඒක කරන්න ඕනෑ නැත.....

    පුලුවං නං එතුමාව සිරිසේන වන ඔබ තුමා නායකත්වේ දරන සිරි ලංකා පක්සෙන් පන්නන්නය....

    ඒසේ පන්නන්නේ නැත්තේ ඔබත් දුමින්ද ගේ කුඩුසල්ලි වලින් පොඩි අතමාරුවක් වත් අරං දැයි අපට සිතෙමි....

    එහෙමත් නැත්නම් "ජීවන් ලා සහ දඩුවේ උම්මාලෝකලා" නිකං අහක යන කේස් වලට ටැපලෙයි කියලා බයටද?

    // එතෙක් ඔබට විරුද්ධව හඬ නඟනා උන්ගේ කතා සාධාරනයැයි සිතා සැනසෙන්නද?//
    අන්තිම දුකය.... හිටං ඇඬෙමි...

    ReplyDelete
    Replies
    1. උනුත් එකයි, මුනුත් එකයි, ඔක්කොම එකයි..

      Delete
  21. මම ඔයි ඉන්ටවීව් එක බලන්න අරගෙන අර ආදරයේ උල්පත සින්දුව දාපු තැනින් නවත්තල ලක්සපති බලන්න ගත්ත.

    රටේ නායකයෙක් චාම් වෙන්න ඕන, ඒක හරි. නමුත් ඒ එක්කම ඔහු යම් විශ්වාසයකින් හෙබි කෙනෙක් කියල පෙන්වන්න ඕන. රූපවාහිනී සාකච්ඡා වලට පුරුදු නැති මෛත්‍රීට මේව කියල දෙන්න තිබ්බ. මෙන්න මම දැක්ක වැරදි.

    1. සංවාද මන්ඩපයෙ පසුබිම ඉතාම අඳුරුයි.
    2. මෛත්‍රීගෙන් ප්‍රශ්ණ අහනකොට හෝ ඔහු උත්තර දෙනකොට බලා සිටියෙ සන්නගෙ මුහුණ හෝ කැමරාව දෙස නොව වෙන අන්තයක්. ඒක විශ්වාසවන්ත පිළිතුරක් දෙන කෙනෙකුගෙ ලක්ෂනයක් නෙමෙයි.
    3. ජනාධිපතිවරයකු හා සාකච්ඡාව මීට වඩා වෘත්තීමය සහ කරුණු මත යන එකක් විය යුතුයි ( මාස කිහිපිඅයකට පෙර කිංස්ලි රනිල්ව ඉන්ටවීව් කරා නියමෙට ).


    මෙන්න මේ නිසා මට ඒ සාකච්ඡාව ඉතාම බොළඳ ගතියක් දැනුනෙ. මෛත්‍රිපාල කියන්නෙ මහින්දට වඩා දක්ෂ කථිකයෙක්. ඒ හැකියාව ඉස්මතුකරගන්න පුළුවන් නියම වෘත්තිමය සුදුස්සො එක මිසක්, නිකන් පුස්සො එක්ක ජනාධිපතිල සාකාච්ඡාවලට යන්න හොඳ නෑ!

    ReplyDelete
    Replies
    1. //"මාස කිහිපිඅයකට පෙර කිංස්ලි රනිල්ව ඉන්ටවීව් කරා නියමෙට "//

      කිංස්ලි කියන්නේ වෘත්තීමය ජනමාධ්‍ය වේදියෙක්,
      රනිල් කියන්නේ ජෙෂ්ට සහ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ දේශපාලකයෙක් . ඉතිං ඒ ඉන්ටවිව් එක කොහොමද මේකට සම වෙන්නේ ?

      ඔන්න ඕකයි කතාව

      Delete
    2. මම ඕක පෝස්ට් එකේ ලියන්න හිටියේ. උඹ විතරයි ඕක මතු කලේ.. මම කියන්න ගියේ අර ඉස්සර වෙඩි කාලා මළ ලසන්ත වගේම එකෙකුත් ඉන්නවා සිරසේ ඌ හිතාගෙන හිටියට ඌ මාධ්‍යවේදියෙක් කියලා. ඌ මාධ්‍යවේදියෙක් නෙමෙයි, ලෝයර් කෙනෙක්. ඒ කියන්නේ ඌ ප්‍රශ්න කරන්නේ උසාවිය කියලා හිතාගෙන, ජනමාධ්‍යවේදියෙක් කියන්නේ වෙනම ක්ෂේශ්ත්‍රයක්.. මම කිව්වේ මේ අර සුරංග කියන පොර ගැන. අනික සිරසෙන් යන්නේ වෙනම ගේමක්. උන් මාද්දියවේදියෝ කියලා පොලිටික්කෝ සෙට් එකක් හදන්නේ. හදලා උන්ව හැම තැනටම රිංගවනවා. රංගා, බුද්ධික, කිදෙල්පිටිය, මරික්කාර්, සුසාර දිනාල්, චන්දන සූරියබන්ඩාර කියන්නේ එහෙම සෙට් එකක්. එතකොට උන් මාද්දියවේදියෝ වෙන්නේ නෑ. සුරංග කියන්නේ ඊළඟ ප්‍රොඩක්ට් එක. බොහෝ විට ඊළඟ චන්දෙදි නොමිනේසොන් ලැබෙන්නත් පුළුවන්.

      ඒත් ඔය ගොඩට අහු උනේ නැති එකම එකා කින්ග්ස්ලී.. අද අපේ රටේ ඉන්න හොඳම මාද්දියවේදියා ඌ.. මම කියන්නේ හින්ගල උන්ගෙන්. ඔය වැඩ සටහන කින්ග්ස්ලිට දුන්නා නම්. ඒ යකා විනාඩි 30 කින් සිරේන සිරා පොරක් ක්‍රනවා. සන්නගේ එක හොඳයි සීනී බෝල කොල්ලන්ට කෙල්ලන්ට..

      ඒ වගේම ඉවාන් කියපු එකත් 100% ඇත්ත...

      Delete
  22. සාකච්ඡාව මැද්දෙන් සින්දුවක් දාපු එක නම් මොන "ප" යන්නක් ද කියලයි මාත් බැලුවේ . සන්නාට වැරදිලා හීන ඇහිඳින මාළුවෝ කරනවා කියලා හිතුවද දන්නේ නෑ. අර එකසැරයක් ලූෂන් රාජකරුණානායක චන්ද්‍රිකා එක්ක කරපු එක වගේ එකක් වුනා මේකත්

    ReplyDelete
    Replies
    1. අපේ රටේ උන් මාධ්‍ය කියන්නේ මොකක්ද කියලා හිතාගෙන ඉන්න එකට හොඳම උදාහරණයක් තමයි එදා පෙන්නුවේ..

      Delete
  23. ඊයේ ඔය ඉන්ටර්වීව් එක මම නෙට් එකේ බැළුවා.. ඊලග ඡන්දේ ගැන එහෙම ප්‍රශ්ණ අහපු වෙලේ ජනාධිපති තුමා වටේ ගිහින් ප්‍රශ්ණේ මග ඇරියා කියලා දැනුනා.. සිංදු ගැනනම් කියන්න තියෙන්නේ ඔබතුමා කිවුව දේම තමයි..

    හොරු නේද? කැළෑ නීතියෙන් අල්ලන්න බෑ කිවුවේ.. ඒ හන්දා කට්ටිය හෙමීට කැළේ පනිනකන් ඉදිවි වගේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න.. එතකොට 100 පැනලා..

    ReplyDelete
    Replies
    1. පෙරහැර ගියයින් පස්සෙ ඇහැරිලා අඬන පොඩි උන් මම අනන්ත දැකළා තියෙනවා.. උන්ට පෙර්හැර බලන්න තව අවුරුද්දක්ම ඉන්න වෙනවා...

      Delete
  24. පලමුවෙන්ම විය යුත්තේ රටේ ජනාධිපති කිසිම ආගමක් අදහන එක ප්‍රචාරය කරන එක නවත්තන එකයි. නැත්නම් වෙන්නේ සෑම ආගමකම ජාතියකම ඡන්දයෙන් පත්වුන ජනාධිපති අප්‍රසාදයට ලක්වෙන එක. එතුමාට කැමති ආගමක් අදහන්න එතුමාට පෞද්ගලිකව අයිතියක් තියෙනවා නමුත් ඒක ජනාධිපති විදිහට ප්‍රසිද්ධියේ කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට නම් මට එකග වෙන්න බෑ. එක එක්කෙනා සතුටුවෙන විදිහට ආගම් අදහන්න බෑ. ඕනම කෙනෙකුට ආගම අදහන්න අයිතියක් තියෙනවා. ජනාධිපතිවරයා බෞද්ධයෙක් විදිහට යම් උත්සවයකට සහභාගී වෙනවා නම්, ඒක ඔහුගේ කැමැත්ත සහ අයිතිය. අනෙක් ජාතීන් එය තේරුම්ගත යුතුයි. මේ රටේ තවුරුවත් හැංගි හැංගි ආගම් අදහන්න ඕන නැහැ.

      Delete
    2. KAS සමඟ 100% එකඟයි. එහෙනම් සිරිසේන කක්කා කරනවා පෙන්නන්ත් ඕන.. එයා විතරක් නෙමෙයි.. පවුලේ අයත්.. ඉස්සර සිස්ටම් එක එහෙමනේ.. අනික රටේ නායකයා ගස් වලට වඳින එක කොහොමද නිව්ස් එකක් වෙන්නේ..

      Delete
  25. කතාව හරි. කමෙන්ට් පස්සෙ.

    ReplyDelete
    Replies
    1. උඹේ කොමෙන්ට් එක වටිනවා. මොකෝ උඹත් හැමදේම නුහුරට දකින එකෙක්.. මම එහෙම උන්ට මනාපයි...

      Delete
  26. අනිවාර්යෙන්ම මේක ප්‍රශ්න සහ පිළිතුරු කලින් හදාගත්ත එකක්. මේ සාකච්චාව වගේම පසුගිය දිනවල ගිය බොහෝ සාකච්චා ඒහෙම ඒවා තමයි.

    කියන්න වෙන්නේ අලුත් ෂොපින් එකේ පරණ කසිප්පු කියලා තමයි. සිදුවූ වෙනස මහින්ද ගෙදර යාම සහ ගෙදර ගිය මහින්දට මදි නොකියන්න අපහාස කිරීම පමණි

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම සීරු මාරුවට උත්තර දෙනකොට තේරෙනවා අර පත්තරවල යන සාකච්ඡාවකට වඩා එහා ගිය එකක් නෙවෙයි කියලා. පත්තරවලත් කරන්නේ අදාළ කෙනාට ප්‍රශ්න ටික යවනවා. අදාළ කෙනා තමන්ට කැමති උත්තර ලියලා දෙනවා. සමහර වෙලාවට ප්‍රශ්න සහ උත්තර දෙකම හදන්නේ එක්කෙනෙක්.

      Delete
    2. කලිනුත් එහෙම තමයි. මොකෝ එයා හිතලා කතා කරන්නේ මක්කයි කියලා අපි අර ටකරන් බස් වල ආපු උන්ට දුන්න ලෙක්චර්ස් වලදි දැක්කනේ. එයාගේ ඒවා හදලා දුන්නේ ලේඛම් තුමයි. ඩලස් කොට්ටෝරුවයි...

      Delete
  27. ඊයේ ගුවනතොටුපල ආසන්නයේ දැඩි මාර්ග තදබදයක දකින්න ලැබුනි..සමරැපොත් අතින් ගත් ගැහැනු ළමුන් කිසියම් කෙනෙකුගෙ පැමිනිම බලාපොරෝත්තුවෙන් දැඩි අව් රෂ්මිය පවා නොසලකා රැදි සිටිනු දක්නට ලැබිනි..
    නිලනාලත් ආරංචි වලට අනුව මෙම යෞවනයා පත්තර බෙදිමට සම්භන්ද බවත් යම්කිසි පානයකට සම්භන්ද බලකායක කැදවුම්කරැ බවත් දැන ගන්නට ලැබිනි.
    කිසිම මාධ්‍යකට හෝ පුද්ගලයයෙකුට මුනගැසිමට ඉඩ නොදි ඔහුගේ කායආරක්ෂකයන් මොහුව ගුවන්තොටුපලින් රැගෙන ගොස් ඇත...මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත..හැකි ඉක්මනින් මධුපාන උත්සවයක් පවත්වන බවටත් බ්‍රෑන්ඩ් එක ගල් ලෙස දැනුම් දෙන ලෙසත් ඔහු විසින් දැනුම් දි ඇත..

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු ඌ එනවා කිව්වා නේන්නම්.... සම්පූර්ණයෙන් අමතක උනා..

      Delete
  28. මටත් ඔය මගුල් සකච්චව බලන්න ගිහින් මල පැන්න. පොඩිකාලෙ කැවෙ බත්ද, තිබුනෙ බෙලෙක් පිගන් ද, අම්මට බාදරෙයිද ඔව ජනාධිපතිගෙන් අහන ප්‍රශ්නද.අපිට වැඩක් නැ එයා පොඩිකාලෙ මොනවද කලෙ, දුක් වින්දද නැද්ද කියල.අපිට ඔන දැන් කරන වැඩ මොනවද කියල.ගන්න දැන. එකට එය පොඩිකාලෙ දුක් විදත් සැප වින්දත් අපිට වැඩක් නැ.

    ReplyDelete
    Replies
    1. හුජ්ජා කළේ ජුන්ඩා අල්ලගෙනද, නැත්නම් වන වනද, පුක හේදුවේ දකුණතින්ද, වමතින්ද් කියන ඒවා ඇහුවේ නෑ නේ බං...

      Delete
  29. //"රෑ ඉරපාන" වෙනුවට "සිහින ඇහිදින්න" ආ සන්නා, එතනදි පට්ට ෆේල්ය.//

    අඩෝ.... මාතා කතාව සීයට සීයක් අැත්තයි........ සන්නාට බන්දුගේ ළගටවත් ඒන්නට බෑ... . ඒක සන්නාගේ දැනුම පිළිබද ගැටලුවක් නෙමෙයි.... කටහඩ සහ හැසිරවීම ගැන ගැටලුවක්...........

    සන්නා ජැකාගේ චරිතය රගපාන බව නම් හැබෑවයි... මාතා.... සන්නාගේ බලාපොරොත්තුව මොකක්ද දන්නෑ.... ඊළග පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ඒන්නද??? නැතිනම් මොන සමාගමේ සභාපතිකමද?? නැත්තං තානාපතිකමක්වත්ද?????

    ReplyDelete
    Replies
    1. වෙන මක්කද බං.. ඌත් අපි වගේ පෘතග්ජන මනුස්සයෙක් නේ.. ආශාවන් වල සීමාවක් නෑ.. හැබයි අද උදේ නම් නයි ටී ඇන් එකේ නියම සන්නා දැක්කා.. අපි කැමති ඒ සන්නට.....

      Delete
  30. දැන් වැඩේ තියෙන්නේ අවිද්‍යාවෙන් මිනිස්සු ඈත් කර තැබීමය.එහෙත් තවමත් වන්දනාමාන වලට මුල් තැනය.ජනාධිපති අදහන දේ දැක බඩ පිරෙනවානම් මිනිස්සු මහින්ද ඉවත් කරන්නේ නැත.ඔහු ඒ තරමටම ප්‍රදර්ශනය වෙන ආකාරයෙන් වන්දනාමාන කළේය.සිවිල් සමාජයේ පෙළගැසිම 8 වන දා නිමා වූ බවක් පෙනේ.එය කණගාටුදායක තත්ත්වයකි.ඒ පෙළ ගැස්මේ පළමු විහ්වාසය පළුදු කරමින් රූපවාහිණියේ මුල් පුටුවේ ඉදගත් සෝමේ හෙළු වසුරු පිඩෙන් සියලු අපේක්සාවන් වැනසී ගියේද........?

    ReplyDelete
    Replies
    1. ඒත් නිෂ්මා අමතක කරන්න නරඛ කාරනයක් තියෙනවා.. ගෙදර ඇරියා වගේ නෙමෙයි.. ඊයෙත් මම දැක්කා තරුණ වැස්සියෙක් කියනවා අපි අනාථ වෙලා ඉන්නේ, ඔබතුමා ආයේ එන්නේ නැද්ද කියලා.. හැබයි ඒ වැස්සි කියපු කතාව සහතික ඇත්ත. මොකෝ ඇත්ත්ටම උන් මහින්ද රාජපක්ෂගෙන් අනාථ උන් ඈයෝ. ගතින් නෙමෙයි සිතින්.. ඒ කියන්නේ ස්ව කැමැත්තෙන්ම.

      Delete
  31. ඒ උනාට සන්නා අහන්ව නේද? ....ආප්ප කෑවේ නෑද්ද කියලා...හිටO........

    ReplyDelete
    Replies
    1. ඇහැව්වා නේන්නම් හිටං

      Delete
  32. මම ඇඩ් එක යන කොටම ඕක බලන්නෑ කියල හිතාගෙන හිටියේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න