.

.

Feb 23, 2015

ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු...!!! - Is justice equal for all...?


හෙඩින් එක දැක්ක ගමන්, සම හරක්ට මෙය ජෝක් එකක් කියා හිතන්නට පුළුවන්ය. තවෙකෙකුට, මාතලන්ගේ මොළේ දරුණු ලේසම මඤ්ඤං වෙලාදෝ කියා හිතෙන්නත් පුළුවන්ය. ඒත් මාතලන් නියම ලෙස හඳුනා ගත් කිසිවකුටත්, මේ හෙඩිම පුදුම සහගත දෙයක් නොවන්නේය. මේ ලියන්නේ, "කොළඹ ගමයා" ලියන, අජිත් කියන්නාක් මෙන්ම, ශෂීගේ දරු දෙදෙනාගේ සංවේදී ඡායාරුපය දැකීමෙන් නොවේ. මේ ලියන්නේ, සියල්ලන්ම දැනගත යුතු, ලාංකිය දේශපාළණයේද, ජරාජීර්ණ වූ පොලීසියෙද, තුප්පහි නීතියේද නිරුවත පෙන්වීමටය. යහ පාළණ ලෙසද, ආශ්චර්යයන් ලෙසද, එක එක ක්‍රමයට එන සෙප්පඩ විජ්ජාවන් තුල තිබෙනා, මජර කාළකන්නි ක්‍රමය පෙන්වා දීමටය.

මාතලන්, විමල් වීරවංශ, නමින් හෝ හැඳින්වීමට අකමැති කෙනෙක් බව මේ මළජරා බ්ලොග් පඩංගුව කියවන සියල්ලෝම දන්නා කරුණක්ය. ඒ ඔහුගේ ජාතිවාදී දේශපාළණ දැක්ම හේතුවෙන් මිස, පෞද්ගලිකව ඔහු හා ඇති කෙහෙල් මලක් නිසා නොවේය. ඔහුගේ පෞදගලික ජීවීතය කෙනෙකු ආදර්ෂයට ගත් යුතු ජීවිතයක්ය යන්න මාතලන්ගේ පෞද්ගලික මතයයි. නිර්ධන පංතිය තුල ඉපිද, තමා සතු දක්ෂතා හා කුසලතා තුලින්, රජ ගෙදරටම ගිය පුදගලයකු ලෙස මාතලන් ඔහු අගයයි. අගමැතිට හෝ නොමැති විශේෂ ආරක්ෂකයින් පිරිසක් ඔහුට විය. ඒ සියල්ල ඔහුගේ මුඛරි බව තුලින් ලබා ගත් දේ මිස, අහසින් කඩා පාත්වූ දේ නොවේ.

ඔහු, එජාපයේ කරූ ජයසූරිය වන් "ප්‍රභලයන්" (නමට පමණක්) මෙන්, හරකෙක් ලෙස මහින්ද ගාවට ගියේ නැත. ජෙප්පන්ගේ කැපීම් කෙටීම් තුලින් එලියට එන ඔහු, මහින්ද ලඟට යන්නේ තවත් සිරි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු ලෙස නොව, ජනතා විමුක්ති පෙරමුණේ බොක්කටම වදිනා, විශාල පිරිස් බලයක් හා උගතුන්, බුද්ධිමතුන් (නමට හෝ) පිරි, පක්ෂයක නායකයකු ලෙසය. 

මේ නායකත්වය ලෙහෙසි පහසු දෙයක් යැයි කවුරුන් හෝ සිතන්නේ නම්, ඔහු දේශපාළණ අඳබාලයකු මිස වෙන කිසිවකු නොවේ. ඔහු නියම නායකයෙකි, (සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයන් යැයි කියනා හාල්පාරුවන් මෙන්ම, ප්‍රගතිශීලී නායකයන් යැයි කියනා, වාසු, තිස්ස හා දිනේෂ් වැනි ගොබ්බයන්ද විමල් පස්සෙ වැටෙන්නේ ඒ හේතුවෙනි.) සංවිධායකවරයෙකි. කතිකයෙකි, රචකයෙකි. දේශපළණය කිරීම උගතුන්ට පමණක් සීමා කළ යුතු යැයි කියනා හාල්පාරුවන්ට දෙන, තද කනේ පහරකි. ඔහුගෙන්, බොක්කටම ලද පහර හේතුවෙන්, අදටත් ජවිපේ ඉන්නේ බඩ කොර වෙලා හොල්මන් වෙලාය.

මෙතුවක් ආර්ථිකයට හෝ ජනතාවට මෙළෝ හසරක් නොකල, එජාප ආන්ඩුවේ අධෝමුක රත් වී, හිරි වැටී ගියේ, විමල්ගේ නුගේගොඩ විප්ලවයෙනි. (ඉන්ධන මිල අඩුකළේ එජාපය නොවේ, චම්පික රණවකයි, චම්පික රණවක නොසිටින්න්ට, මේ ආන්ඩුව ඉන්ධන මිළ මෙතරම් පහත දමන්නේ නැත. එහි ගෞරවය තනිකරම හිමිවිය යුත්තේ චම්පික රණවකටමය.) ගලේ පැහරු බළලුන් මෙන් රක පුත්වූ ගොබ්බ අලියන්ට කළ හැක්කේ, තෝරු මෝරු ඇල්ලිම නොවේ. අල්ලන්න පුළුවන් පොඩිම හාල්මැස්සා අල්ලන එකය. නැව් ගිලපු හොරුන්ට එදිරිව කිසිම දෙයක් නොකළ ගොබ්බ පොලීසිය වීරයන් වෙන්න යන්නේ, විමල්ගේත් ගෑණී අත් අඩංගුවට අරගෙනය. උන්ට විමල් හෝ අත් අඩංගුවට ගැනීමට කොන්දක් නැත.

මේ ගොබ්බ අලි ආන්ඩුව තුල අත් අඩංගුවට පත් අය ගැන අපි පොඩ්ඩක් සලකා බලමු. ඉස්සෙල්ලාම ගත්තේ තෙවරක්ම පෙරන ලද සුපිරි බඩුවක් වූ, පාලිත තෙවරප්පෙරුමය. ඊළඟට ගත්තේ ඉන්න තැනට කොඩිවිනයක් වූ තිස්ස අත්තනායකය. එයිට පස්සේ හිඟන වෙළඳ ප්‍රජාවක් වන පදික වෙලඳුන්ගේ මහ රජා වූ මහින්ද කහනගමගේ සහෝදරයාය. එයිට පස්සේ රජ ගෙදර රිලවාගේ හාමිනා පොඩ්ඩය. දැන් අපි මේ සියල්ලන්ගේම සමාජ මට්ටම වෙන වෙනම ගෙන බලමු.

පාලිත තෙවරප්පෙරුම යනු ගමේ අහිංසක චන්ඩ්යෙකි. ඌ ගේමට එන්නේ කෙලින්ය. හරියටම අපේ ගරු ආචාර්ය මර්වින් සිල්වා මැති තුමා මෙනි. ඌ ජෝන් අමරතුංග මෙන්, "සිංගප්පුරු සරත්" සහ පිරිස වගේ, කුඩු කාරයෝ, බඩු කාරයෝ, කප්පම් කාරයෝ එවන්නේ නැතිය. ගේම නම් ගේමය. එහෙත් ජෝන් මෙන් නොව ඌ පීඩිත පංතියේ සෙවලයෙකි. එවන් උන් පක්ෂයේ උන්නත් එකය ගියත් එකය. ඒ වගේ උන්ට වෙන පක්ෂයකද තැනක් නැත. 

එහෙත් ජෝන් අමරතුංග යනු වතිකානුවේ එජාප නියෝජනයයි, ක්‍රිස්මස් කොමියුනිටියේ නායකයායි, කොටින්ම කතෝලික පල්ලියේ ගිහි නායකයායි. අනික පොර කළු කෝට් කාරයෙකි. ඒ නිසා පාලිතට ක්‍රියාත්මක වන නීතිය ජෝන්ට වලංගු වන්නේ නැතිය. පාලිත තෙවරප්පෙරුම ඉන්නා පාර්ලිමෙන්තුවේ ඉඳගෙන ඉන්න අප්පිරිය, සිරි ලංකා නිදහස් පක්ෂයේ ලේඛමාට, ජෝන්ට ගේන විශ්වාසබංගයත් රෝල් කරලා පුකේ ගහ ගැනීම කිසි සේත් අප්පිරිය නැත. මේ ලාංකිය දේශපාළණයේ සැබෑ නිරුවත නොවේද..?

ඊට පස්සේ පිස්සු අත්තනායකට එමු. ඔහු උපාධිදාරියෙකි. එහෙත් ඔහු සාමාන්‍ය ගැමි පවුලක කොල්ලෙකි. රජ පවුල් හෝ වලව් පැලැන්තියේ කෙනෙකු නොවේ, එසේ ඇති කරගත් සහ සම්බන්ධ කම් හෝ නැත. ඉතින් එජාපයේ හිටපු ලේඛම් වන ඒ ගොන් වහන්සේ, අනුන් හදා දුන් කෙප්ප ගිවිසුම් පෙන්වා, වැලිකඩ බයියා කන්න යනවාය. එහෙත්, හිටපු මහ රජ්ජුරුවන් වහන්සේගේ ආරක්ෂක ළේඛම් යුව රජ තුමා ප්‍රශ්ණ කිරීමට යන්නේ ඔහුගේ නිවසටය. 

ජාතික ආරක්ෂාවට පවා කෙලවෙලා යන. හමුදාවට පමණක් භාවිතා කළ හැකි අවි ගබඩා තියාගෙන, ඒවා පවත්වාගෙන ගිය මහ එකා කෙසේ වෙතත්, ඒ සමාගමේ ඩිරැක්ටර් කෙනෙකුට හෝ හෝ අද වන තෙක් පොලීසියේ නිල මැස්සෙක්ගෙන් වත් කිසිඳු අතුරු ආන්තරාවක් නැත්තේමය. මේවා උගෙ අම්මාගෙ නීතිය. මේ පෙන්වන්නේ අම්මට සිරි ලංකාවේ පට්ට සූක්සොමයි කියනා ගොබ්බ පොලීසියේ හෙලිවැල්ල නොවේද...?

ඉන් පසු ඇතුලට දැම්මේ, පදික වෙළඳුන්ගේ සම්මාදම් සල්ලි වලින්, ලක්ෂ කීයකද පොඩි ගනනකට කෙලිය, මහින්ද කහනගමගේ ගොයියාය. සම හරක් විට "මහින්ද ඇතුලට දැම්මා.." කියා ස්වයං වින්දනයේ යෙදීමේ පොඩි ආතල් එකක් මෙහි තිබෙන්නට ඇතිය. මුන් ඒ තරම් ගොබ්බයෝය. ඒත් මේ මහින්ද මහරජෙක් නොවේ, පාදඩ පන්තියෙ, පේමන්ට් වෙළෙන්දෙකි. සමසමාජ පක්ෂයේ යාව ජීව සමාජිකයෙකි. නිර්ධන පන්තියේ හිඟන්නෙකි. 

මාසෙකට රුපියක් 54,000.00 ක පඩියක් ගන්නා එකා, පැට්‍රෝල් ෂෙඩ් දමාගත්තා මදිවට, සුපියල්ල් කෝටි 17 ක් වෙනකන් ෂෙඩ් එකට බඩු ගෙනල්ලා තියෙන්නේ නොමිළේය. චම්පික බුවා ගේම ඇද්ද ගමන්, මේ කම්බ හොරා මුළු මුදලම සල්ලි වලින්ම ගෙනත් ගෙවා දැම්මේය. සජින් වාස් ගුනවර්ධන කියන්නේ පාර්ලිමේන්තු එන්න කලින් වාහනයක් වත් නොතිබූ එකෙකි. ඩුබායි හී කාගෝ සර්විස් එකක පඩියට වැඩ කළ එකෙකි.  එහෙත් ඌ රජ පවුලේ නම්බර් වන් මිතුරා හා උපදේශකයා වන්නේය. 

මූ එසේ මෙසේ පොරක් නොවේ, විදේශ අමාත්‍යශය තනිකරම පාළණය කලේ මූය. පක්ෂයේ උන් පමණක් නොව විපක්ෂයේ උන්ද උන්නේ මුගේ සාක්කුවේය. ලංකාවේ ප්‍රකෝටිපති බිස්නස් කාරයන් පමණක් නොව, ඉනටර්නැෂනල් බිස්නස් කාරයන් හා ඩීල් දාගත්තේ පොරය. පුටුං බුම් එකක්වත් තිබුනේ නැති එකා, කොස්පොලෝස්ද කොස්මෝස්ද මක්කදෝ කියා ෆ්ලයින්ග් ඉස්කූල් පටන් ගන්නේ ඒ නිසාය. 

වරක් මූ පාර්ලිමේන්තුවේදි කිව්වේ, ඌ හෙලිකොප්ටර් ගත්තේ බැංකුවෙන් ණයක් අරගෙන කියලාය. අනේ රනිල් මහත්තයෝ මටත් හෙලිකොප්පර් ඕනා නැතිය. සුද්දෝ අරගෙන රට වටේ යන්න, පොඩි පෙට්ටියක් ගන්න ණයක් දෙනවානම් බොහෝම පින් සිද්ද වෙනවාය. රජයේ බැංකුවල මෙන්ම, පෞදගලික බැංකුවලද තියෙන බෑඩ් ඩෙබ්ට්ස් (නැවත නොලැබෙන) කපා හල ණය ගත්ත උන්ගේ ලිස්ට් එක ප්‍රසිද්ධ කලා නම්, අපේ පොලිටික්කන්ගේ ගේම් පක්ෂ විපක්ෂ බේදයක් නැතිව බලා ගන්නට පුළුවන්ය. ඒක ලබා ගන්න මාතලන් ඉන්නේ රයිට් ටු ඉන්පෝමේසොන් පනත එනකන්ය.

දැන් වීරවංශ ගොයියාගේ හාමිනා පොඩ්ඩ අත් අඩංගුවේය. ඒ නීතී විරෝධි ලිය කියවිලි භාවිතය කියලාය. සම හරක් විට, උන්දෑ මේ මක්කත් නොදන්නවාත් විය හැකිය. ගේම දුන්නේ විමලේ වෙන්නත් ඇතිය. ආන්ඩුවේ කන්තෝරුවල ගේම් දන්නා උන්ට නම්, මේවා නිකං පුස් කේක් වගේ නිව්ස්ය. ඒත් ඇතුලට යන වරදක් නම්, ඇතුලට දැමිය යුතුමය. ඒවා භාවිතා කර නීතී විරෝධි ගණුදෙණු කර ඇත්නම්, ඒවාද හෙලි කල යුතුය. එහෙත් සමාජ තත්වය සාදා ගැනීමට මේ දේවල් කලා නම් ඇත්තෙන්ම ඔවුන්ට අනුකම්පා කළ යුතුය. 

පීඩිත පන්තියෙන් ආ විමල් වීරවංශලාට ක්‍රියාත්මක වන නීතිය, රනිල් වික්‍රමසිංහලාටත් නෑකම් තියෙන ශිරන්ති වික්‍රමසිංහටත් ක්‍රියාත්මක විය යුතුය. ඔය හොර පූස් පාට් ගේම ඇද්දේ, "රාවය" පත්තරෙන්ය. ඒ පත්තරේම තිබුනේ, ශිරන්ති වික්‍රමසිංහගේ "අයින්ටි" නොම්මරේ 222222222V කියා දමා, ලංකා බැංකුවේ ඇරපු එකවුන්ට එකක් ගැනය.

රයිට්...., රට බේරා ඇනීමට දේශපාළණ නායකත්වය දුන් නිසා, අපි රාජපක්ෂ පවුලේ සියළු වැරදි අමතක කරමු. එහෙත් කැබිනට් අනුමැතියක් හෝ නැතිව, ඉන්ටර්නැෂනල් බඩු කාරයෙක් වූ, "ස්ට්‍රාවුස් ඛාන්ට" ගෙඩි පිටින් ඩොලර් 750,000 ක් ගෙවපු, මහා බැංකුව අනුබව කළ, අජිත් නෙවාඩ් කබ්‍රාල්ලාට හෝ නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? පාදඩ පන්තියේ වෙලේ සුදා මරාගෙන කන්න හදද්දි, එජාපයෙන් බෞතීස්ම කරණ ලද දුමින්ද සිල්වලා බබාලා මෙන් ඉන්නේ කෙසේද..?

අපිට අලි පාටියේ රනිල් ලොක්කාට මෙන්ම අනික් ගොබ්බ අලියන්ටත් කියන්න තියෙන්නේ, මෙවන් "සක්කිලි" වැඩ නොකොට, හැකිනම් නීතිය සැමටම එක ලෙස ක්‍රියාත්මක කරනා මෙන්ය. හිඟන කූනිස්සන් ඇල්ලුවාට වැඩක් නැත. හැකිනම් දේශපාළණ සබඳතා තිබෙන, නැව් ගිලපු තෝරුන් මොරුන් බැරිනම්, කළුතර රත්තරන් වගේ, නයා ගහපු එකෙක් හෝ අල්ලලා පෙන්නන්න කියලාය.

මේ ගිනි විජ්ජුම්බර අස්සේ මාතලන්ට හිකෙන් පුනා ගියේ. රට බේරා ගත් නයකයන්ගේ පවුල් පිටින් ඇතුලට දාන්න කුමන්ත්‍රණයක් යනවා කියලා, රජගෙදර රිලවා කියපු වෙලාවෙය. කරුනා කර රජගෙදර රිලවා නායකත් වය දුන් බැටෑලියන් එක හෝ සේනංකය මොකක්දැයි කියා රිලවුන්ට පෙම් කරනා එකෙක් හෝ මා හට පවසන්නේ නම් මැනවි.

ප: ලි:
විමල්ට කරන්න තිබුනේ, කේස් එක පත්තු වෙන කොටම, පාස් පෝට් දෙක ගෙනත් ආගමන විගමන එකට
බාර දෙන එකය. මොකෝ ඒ විදිට අලි බාර දුන් පොල්මඃකාරයන්ටත්  කිසි කේස් එකක් නැති නිසාය. වැරද්ද කරලා තියෙන්නෙ අලි පැටවුන්ය. පාස් පෝට් දෙක දුන්නා නම්, සමහර විට හිරේ යන්නේ එහි කොමසාරිස්වරයා වන්නටත් ඉඩ තිබිනි.

115 comments:

  1. කතාව ඇත්ත තමයි. ඒ වුනත්, ඒ වුනත්....මේ මේ මේ මේ සාක්කි නැතුව කොහොමද මනුස්සයෙක් අත් අඩංගුවට ගන්නෙ? මේ මේ මේ සාක්කි හොයල දෙන්නෙ නෑනෙ කවුරුවත්.

    ReplyDelete
    Replies
    1. මාතලං ට ඉතින් චීත්තයක් දැක්කත් ධාතු පහ වෙනවානේ. අපිත් වැඳ ගමු. සාදු.. සාදු සාදු

      Delete
    2. හොරු අල්ලන්න වෙලා තියෙන්නෙත් අපට බං...

      Delete
    3. මාතලන් උඹ යූඇන්පී කියාගනිමින් මහින්දට කඩේ යන්න එපා පොන්නයො. තෝ වගේ පොන්නයින් යූඇන්පී එකේ නෑ.

      අනික තෝ හිතන් ඉන්නේ මහ පොරක් කියල. ලිපියේ වැරදි එමටයි. බලපිය අන්තිම්ට තෝ කියන දේ.

      [[මේ ගිනි විජ්ජුම්බර අස්සේ මාතලන්ට හිකෙන් පුනා ගියේ. රට බේරා ගත් නයකයන්ගේ පවුල් පිටින් ඇතුලට දාන්න කුමන්ත්‍රණයක් යනවා කියලා, රජගෙදර රිලවා කියපු වෙලාවෙය. කරුනා කර රජගෙදර රිලවා නායකත් වය දුන් බැටෑලියන් එක හෝ සේනංකය මොකක්දැයි කියා රිලවුන්ට පෙම් කරනා එකෙක් හෝ මා හට පවසන්නේ නම් මැනවි.]]

      මා තලන් පොන්නය මේ වීඩියෝ එක බලපන්
      http://youtu.be/16v1QdHu4u0?t=1m10s

      රජගෙදර රිලව මේකෙදි කියන්නෙ

      "කොටි ත්‍රස්තවාදය ඉවර කරන්න නායකත්වය ගත්තු ඒ වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සුන්ට ඒ අයගේ දරු පවුල් වලට හිර ගෙවල් ලැබෙන යුගයක්"

      ඌ කියපු දේ හරි.විමල් කැප වුනා තමයි පොන්නයෝ. නැතිව විමල් රට බේර ගත්ත කියල නෑ.

      තෝ යන්තම් මොකක්ද ඇහිල බ්ලොග් ලියනව පන්ඩිතය වගේ.

      විමල්ට මම අද විරුද්ධයි. ඒත් විමල් එදා කළ දේ හරි. එදා විමල් මහින්දව නොගෙනාවනම් තාමත් සාම යුද්ද සාම යුද්ද ඉවරයක් නෑ.

      විමල් අද රජ ගෙදර රිලව වුණත් එදා යමක් කළා. ඒත් තෝ පොන්නය වගේ හැමදාම බ්ලොග් ලිය ලියා ඉන්නවා.

      විමල්ව වත් විවේචනය කරගන්න බැරි තෝ යූඇන්පී කාරයෙක් කියා ගනිමින් අපේ පක්ශේ කන්න එපා පොන්න හුත්තෝ

      Delete
  2. meka nikam show eka thama maathala lokka,
    Ranil lokka hithan innwa athi mewayin goda yanna.
    Nedakin thuk.......

    ReplyDelete
    Replies
    1. හා හොඳයි ලේඩි ඩොක්ටර්!

      Delete
    2. මහින්ද ෂෝක් නේ මෙයා...

      Delete
  3. ගව පාලකයෝ කොපමන බොරු කිවුවත් මහින්ද මහත්තයා හෝ එතුමාගේ අනුගාමිකයන් නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකිය. ඒවට සාක්ශි අවශ්යය. නොකල වැරදි වලට සාක්ශි නැත. පොලිසිය දැන දැන ම මිනිහෙක් මරා ආපසු එන කල රතු ලයිට් එක පාස් කරන් ගියා කියලා නඩුවක් දමනවා නම් ආයෙත් ඒකාට මිනී මැරුවා කියා නඩුවක් දමන්නේ නැත. ස ර ස තුමා දන්න නීතිය ඒකය.

    http://mallepol.blogspot.com/2015/02/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. පහළම මට්ටමේ එවුන්ට දඩුවම් දෙයි. නීතිය කියන්නෙ පීඩිතයන් හා පීඩිතයන් අතර ආරවුල් විසදා පීඩකයන්ව පීඩිතයන්ගෙන් ආරක්ෂා කරන යාන්ත්‍රණයකි. හැමදාම එල්ලුම්ගස් ගියෙ සත විසි පහේ හොරු. එක කුඩු මුදලාලියෙක් අල්ලල තියනවද

      Delete
    2. මේ කතාව මම කිව්වෙ දඩුවම් ලැබූ අපරාධකරුවන් හා ඔවුන්ගේ සමාජ පසුබිම සොයාබැලීමෙන්, යම් දළ අධ්‍යනයක් කිරීමෙන් පසු . එකළ කිසියම් හෝ වැඩකාරයෙක් ලෙස දඩුවම් ලැබුවේ ඇල්ෆ්‍රඩ් සොයිසා පමනයි. ඔහුත් කලා කටයුතු කලාට වලව් සහ කූල්ටූර් ධනපතියන් සමඟ සබඳතා ගොඩ නගාගෙන තිබුනේ නෑ. මේ රටේ කිසිම දිනක ප්‍රභූන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැහැ. ගම්වල බොරු චන්ඩි, පුවක් කුරුට්ටට මිනී මරපු අය තමයි දඩුවම් ලැබුවෙ.
      නමුත් සුදු කරපටි අපරාධකාරයො හිටිය.
      නිර්ප්‍රභූ ජනතාව ජාති ආගම් කුල පක්ෂ භේදවලින් ඉවත්වෙලා නිර්ප්‍රභූ විඥානයක් ලබා ගන්න ඕන . නැත්නම් ලොකු වැරදි කරන ප්‍රභූන් නිශහස් වන සුලු වැරදිවලට නිර්ප්‍රභූන් දඩුවම් ලබන තත්වය හැමදාම තියෙයි.

      ඉගෙනගෙන හෝ සල්ලි හම්බකරගෙන මේ ප්‍රභූ සමාජයට සම්බන්ධ වෙන්න බෑ. එහෙම අයව ප්‍රභූ සමාජයෙන් ගනන් ගන්නෙ නෑ. ඒ වගෙ මිත්‍යා විශ්වාසයක ඉන්න අයත් ඒකෙන් මිදෙන්න ඕන

      Delete
    3. //ඉගෙනගෙන හෝ සල්ලි හම්බකරගෙන මේ ප්‍රභූ සමාජයට සම්බන්ධ වෙන්න බෑ. එහෙම අයව ප්‍රභූ සමාජයෙන් ගනන් ගන්නෙ නෑ. ඒ වගෙ මිත්‍යා විශ්වාසයක ඉන්න අයත් ඒකෙන් මිදෙන්න ඕන//

      පිස්සුද මොන බොරුද? දැන් මේ පහේ විබාගෙ පාස් වෙලා රෝයල් ගියපු ගමේ මාතලන් රනිල්ගෙ පංතියෙ කෙනෙක් වෙලා ඉන්නෙ?
      මොකද නැත්තෙ? රෝයල් එකේ ප්‍රභූ පංතිය එයාව ඉහ....ලින්ම ගනං ගන්නවා. හික්ස්

      Delete
    4. ඔළුව ගලක වැදුනු සා රස මිතුරානනි..

      මෙහිදි ගැලවීමට නොහැක. විමල් දේශප්‍රේමි රෙද්දෙන් හෙළුව වසා ගැනීමට තැත් කිරීමෙන් ඵලක් නැත. සාක්ෂී ඕනාවටත් වඩා ඇත.. මා සඳහන් කළේ වෙනත් දෙයකි.. ඔළුව ගලේ වැදිම නිසා එය ටපලාගෙන ඇත.

      Delete
    5. //ඔළුව ගලක වැදුනු සා රස මිතුරානනි..//

      ඕ යේස්... පර්මනන්ට් හෙඩ් ඩැමේජ්

      //සාක්ෂී ඕනාවටත් වඩා ඇත..//

      දෙය්යෝ සාක්කි!

      Delete
  4. ලිපියේ සියළුම කරුණුවලට එකඟවිය හැක. ඉන් නොනැවතී මෙහි අඩංගු කරුණු සමාජ කතිකාවතක් අවශ්‍යය.
    අප මාතලන්ට කැමති කියන්න තියන දේ සුපිරියටම කියන නිසයි. අප මේගැන ලිව්වානම් මෙහෙම බොක්කටම වදින්නට කියන්නට බැරිය.මේ වා පත්තරවල පළනොවීම දුකකි.
    හැමෝටම නීතිය ක්‍රියාත්මකවෙනවානම් කාටවත් කතා කරන්න දෙයක් නැත.

    තෙවරප්පෙරුමට ඉහළ සමාජ සම්බන්ධකම් නැත ඌ ගමේ චන්ඩියෙකි.
    තිස්ස යනු සාමාන්‍ය පන්තියෙ එකෙකි
    කහදගමගේ පහළම පන්තියෙ වෙළෙන්දෙකි
    විමලයා පීඩිත පන්තියෙන් ඔළුව උස්සපු එකෙකි.
    සුළු වැරදිවලට සිංහ සෙය්යාවෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ පොඩි එකාටය.
    කුඩු හොරු එතනෝල් හොරු ප්‍රභූවරුය.
    මේ ආණ්ඩුව කුඩු බොන එවුන්ට දඩුවම් දීමට ඉඩ ඇත.කුඩු ගේන ප්‍රභූන් ට නොමිනේෂන් දෙන නිසා.
    මේ රටේ ඔළුව උස්සගෙන ඉන්නනම් ප්‍රභූවරයෙක් වීම අවශ්‍යය. එහෙම නැත්නම් කලස් පෙන්නන්නේ නැතිව ගමකට වී සිටිය යුතුය.

    කූඨ ලේඛන වලට හිරේදානවානම් රටෙන් බාගයක්ම හිරේ දැමිය යුතුය. දෙමවුපියන්ගෙන් 90% ක්ම ඉස්කෝලවලට ළමයි දාන්නට කූට ලෙඛන සකස් කරති. දෙමවුපියන් තම දරුවන් ලොකු ඉස්කෝලවලට දාන්න උත්සාහ කරන්නේද ප්‍රභූ සමාජයට සම්බන්ධ කරවීමේ මනෝ විද්‍යාත්මක අවශ්‍යතාවය නිසාය. එහෙත් එහෙම වුනා කියා රටේ තීරණ ගැනීමේ බලය හිමි කොළඹ හතේ සමාජය උන්ව ගනන් ගන්නේ නැත.

    අපේ සමාජයේ ප්‍රභූ නිර්ප්‍රභූ බෙදීම සාකච්ඡාවට ගත යුතුය.නිර්ප්‍රභූ කෙනෙක් වැරදි කරන්නට පෙර දෙතුන් වරක්ම සිතා බැලිය යුතුය. මම නම් කියන්නෙ සමාජයෙ තිබෙන්නේ ජාති ආගම් භේද නොවෙයි ප්‍රභූ නිර්ප්‍රභූ බේදය බවයි.
    කිසිම ප්‍රභූවරයෙකු කිසි දිනක තම වැරදි වලට දඩුවම් නොළඹයි.

    ReplyDelete
    Replies
    1. ////මේ වා පත්තරවල පළනොවීම දුකකි.// ඔව් අයියේ පත්තර වල තියෙන්නේ පරිස්සමට ලියපු ප්‍රවුත්ති විතරනේ,, ලංකාවේ කීයෙන් කි දෙනාද බ්ලොග් කියවන්නේ,,

      Delete
    2. සමාජයේ තියෙන්න ජාති ආගම් කුළ හෝ පන්ති බේදයක් නෙමෙයි...

      නීතිය සැමට එකසේ ක්‍රියාත්මක නොවීම..

      සිරිමාවින්ගෙත් ප්‍රජා අයිතිය අහෝසි කළේ.. එතකොට සිරිමාවෝ ප්‍රභූ පන්තියේ නෙමෙයිද...?

      Delete
  5. "ඉන්ධන මිල අඩුකළේ එජාපය නොවේ, චම්පික රණවකයි, චම්පික රණවක නොසිටින්න්ට, මේ ආන්ඩුව ඉන්ධන මිළ මෙතරම් පහත දමන්නේ නැත. එහි ගෞරවය තනිකරම හිමිවිය යුත්තේ චම්පික රණවකටමය."

    මෙයට සම්පූර්ණයෙන් එකඟ වෙමි. චම්පික පසුගිය රජයේ සිටියදීත් මෙම මතය දැඩිව දැරූ අතර බලය ලැබූ පසු හැකි ඉක්මනින්ම තෙල් මිල අඩු කිරීමට කටයුතු කළේය. මාතලන් මෙසේ මධ්‍යස්තව අදහස් දැක්වීම ගැන සතුටු වෙමි.

    හැබැයි රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර ඇම්බැට්ටයා මේකෙ ක්‍රෙඩිට් එක තමන්ටත් එජාපයටත් පමණක් ලබාගන්නට ට්‍රයි කිරීම විහිලුවකි. කෙසේ හෝ එජාප රජයටද මෙයින් යම් ගෞරවයක් හිමිවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. පව් නේ බං රංගයත් ඉතින්..

      Delete
  6. මෙතන තියන වෙනස හැමෝගෙම වැරදි හොයන මිනිහම තමුන්ගේ ජීවිතයම බොරුවක් බව විමල්ට හෝ විමල් වටේ ඉන්න කොටලුවන්ට නොපෙනෙන එක

    ReplyDelete
    Replies
    1. සහතික කරන ලද සත්‍යය...

      Delete
  7. ඔබේ ලිපි කියවා ගතයුත්ත ගන්නේනම් ඒ හදවත පිරිසිදු අයම පමණි...එහෙත් කරුමෙකට මේ ලංකාවේ ඉන්නේ හැරෙන හැරෙන පැත්තට කතා කරමින් ආත්ම ගරුත්වය පාවා දෙන්නවුන් බහුතරයකි...උන්ට ලැජ්ජාවකුත් නැත...තමන්ගේ වරද වරද ලෙස දැකීමට ආත්ම ශක්තියක් ඇත්තවුන් සිටීනම් මුළු ජාතියක් විදිහටම ගොඩ යන ගමන්ම තමන්ටද ගොඩ යා හැක...

    ReplyDelete
    Replies
    1. මේව පත්තරවල යන්න ඕන.
      උබ කවුද කියන ප්‍රශ්නෙට මම අහවල් ජාතියෙ, අහවල් ආගමේ ,අහවල් පක්ෂෙ කෙනෙක්. අහවල් ආගමේ කෙනෙක් කියන්නෙ නැතිව මම නිර්ප්‍රභූ කෙනෙක් ,පීඩිත පන්තියෙ කෙනෙක් කියල කියන මට්ටමට මිනිස්සුන්ගෙ ඔළු හදන්න ඕන. එහෙම නැතිව ප්‍රභූ පීඩනය අවසන් වෙන්නෙ නැහැ.

      Delete
    2. සිඳු නොවන්නේද එයමය...

      Delete
  8. උබ දන්න ඉටි ගෙඩිය. සජින් වාස්ගෙ තාත්තා කලින් යූන්පී ආණ්ඩුවෙ BOI සභාපති (මෙදා සැරෙ ඒ වරදානය ලැබුනෙ උපුල් ජයසූරියට). තාත්තා BOI එකෙ සභාපති වෙලා හිටියම පුතා ඩුබායි වල කැබ් එලවන්නෙ ඔනෙද?

    ReplyDelete
    Replies
    1. http://www.thesundayleader.lk/archive/20060702/spotlight.htm

      Delete
  9. මාරයා හෙවත් චතුෂ කුමාර දැන් බ්ලොග් ලියන්නේ නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. අහපු නිසා කියන්නම්. ඉතා අවංක මිනිසෙක් වන මාරයා හෙවත් චතුශ තුශර කුමාර තමා නියෝජනය කරන මතය වෙනුවෙන් ( මුදලට නොව )නොසැලී පෙනී සිටියේය. මාතලන් සහ ඔහුගේ මානසික වහල්ලු වන කෙවුල්‍ය රාජ්, මෝඩ ඉවාන්,කුරුටු ගෑ ගූ රෙද්ද,වාසගම වෙනස් කල පුකලොජිස්ට්,හැලප ලඩේ, අරූට කෙලි අඩවිය ආදීන් විසින් එක දිගට මාරයාට ඇනෝ ගොස් වද දුන්නා.

      බැරි තැන මාරයා ඇනෝ වැහුවා.

      යක්පාලනේ ආවම පොරජාතන්තරේ ට වෙන අලකලංචිය දුර දීම දැකපු මාරයා බ්ලොග් එක වහලා ගියා. නැත්නම් මේ ගෝතයෝ ටිකට කොච්චර මහන්සිද රිකැප්චා දදා ඇනෝ ගහන්න. හිටියා නම් යහපාලනේට එකසිය ගානට ජම්බු දෙන පොරක් තමා මාරයා.

      නොම්මර එකේ අවංකයෙක් !

      Delete
    2. මාරයට මරාට වඩා ලැජ්ජාව කියලා දෙයක් තිබුනා.. ඒ නිසා ඒ යකා රටත් දාලා යන්න ගියා..

      පියඹා යනවා මා ආකාසයේ..
      අවසානයි ප්‍රේමාදරේ...

      Delete
    3. මාරයා ගැන නොව කිසිම කෙනෙක් ගැන ගැටළුවක් අපට නැත...එසේම කීමට ඇති දේ කීමටද කිසිම පැකිලීමක් නැත...හරි හෝ වැරදි වේවා අපේ මතය අපේ නමින්ම ඕනෑම තැනක, ඕනෑම බ්ලොගයක ප්‍රකාශ කිරීමට හැකියාවක් අපිට ඇත...ඔබ වගේ ඇනෝ ඇවිත් මෙහෙම කමෙන්ට් එකක් දාන අතරම අපි ඇනෝ යනවා යයි චෝදනා කිරීමම තමන් හෙළුවෙන් ඉඳගෙන අනුන්ගේ හෙළුව පෙන්නීමට යාමකි...හැකිනම් ඔබ නමින් ඇවිත් මෙය ප්‍රකාශ කරන ලෙස අභියෝග කරමි...ඔන්න මමත් නමින්ම එන්නම්...මම කුරුටු ගෑ ගී පවුරේ අසංක...

      Delete
    4. කුරුටු මුන්ට උත්තර දෙන්න යන්න එපා.. මේ ඇවිල්ල බොගක් දාගන්න බැරි, ඒත් හින්ගල බ්ලොග් වල අයිතිකාරයෝ කියලා හිතාගෙන ඉන්න මාන්සික ලෙඩ්ඩු ටිකක්. අවුරුද්දකට සැරයක් එක එක ළදරු වැඩ සටහන් කරනවා අපිත් ඉන්නවා කියලා පෙන්නන්න. උන්ට ලියන්න බෑ. ඒ නිසා, මාරයා, මාලන්, ටැබු, බියෝන්ඩ් හරි මොකාගේ හරි නමක් විකුණගෙන දැන් ඉන්න උන්ට මඩ ගහන ගොන් හැත්ත.

      මුන්ට අද බ්ලොග් වල තැනක් නෑ.. නිකං පඩ ෂෝ කාරයෝ.. මුන්ට කවදාවත් උත්තර දෙන්න එපා..

      Delete
  10. //ඉන්ධන මිල අඩුකළේ එජාපය නොවේ, චම්පික රණවකයි, චම්පික රණවක නොසිටින්න්ට, මේ ආන්ඩුව ඉන්ධන මිළ මෙතරම් පහත දමන්නේ නැත. එහි ගෞරවය තනිකරම හිමිවිය යුත්තේ චම්පික රණවකටමය.

    හරකො විදුලි බල ඇමති ලොක්කා වගෙ තෙල් මිල අඩු කරාට ඒ බදු මුදල හයිබ්‍රිඩ් කාර් එකෙන් හරි අය කරගන්න ඔනෙ ආණ්ඩුව. අය වැය බැලන්ස් කරගන්න ඔනෙ ආණ්ඩුව. උද්ධමනය පාලනය කරගන්න ඔනෙ ආණ්ඩුව. නැත්නම් ඉතින් චම්පිකට පෙට්‍රල් ලීටරෙ රුපියල් 5හකට උනත් දෙන්න බැරිද? මොකද උගෙ අතින් පයින් යනවද? එහෙම කරන්න බැරි අන්තිමට ආණ්ඩුව අය වැය බැලන්ස් කරන්න ඔනෙ නිසා. උබත් ඉතින් බයියාගෙ ඇගෙ අන්තිම මිනිත්තුව වෙනකම් එල්ලිලියා හිටපු එකාගෙ බොරු වලට රැවටිලා.

    ReplyDelete
    Replies
    1. වැරදියි. මෙහිදී ලබාදී ඇත්තේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාටයි. ඉදිරියේදී රජයට මිළ සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.

      අයවැයේදී සියලු අමාත්‍යංශ වලට සාමූහික වගකීමක් තිබේ. එක ඇමතිවරයෙකු පමණක් මෙසේ විශාල මෙන්ම සැලකිය යුතු සහනයක් දීමට මුදල් ඇමතිගෙන් ප්‍රබල ලෙස ඉල්ලාසිටින්නට ඇති අතර ඔහුට මයිත්‍රීගේ සහයද ලැබෙන්නට ඇත. චම්පිකගේ වැරදි තිබෙන නමුත් ඔහු කළ යහපත් දෙයද අගය කළ යුතුයි.

      Delete
    2. මා මිත්‍ර හරකාට පිලිතුරක් ලබා දී ඇත...

      Delete
  11. කතාව සහතික ඇත්ත.... සංදර්ශන , පලිගැනීම් විතරයි...

    ReplyDelete
    Replies
    1. අපි මේවට කියන්නේ, "පඩ ෂෝ" කියලා...

      Delete
  12. හෙඩිම දැක්කහම ජෝක් එකක් කියලා නොසිතුනේ වීගෙන යන දේ ඇත්තටම බොහොම පහත් තත්වෙක තියන බව හිතිල තිබ්බ නිසායි.

    වීරවංශ ගේ නෝනාට හෝ වීරවංශට චෝදනා ඇත්නම් ඒවා ට දඩුවම් දෙන්න ඕනා. ඒත් ඉතිං යහ පළනේ කරන්න අපේ ඡන්දෙ ඉල්ලුවේ රටේ උන මහාපරිමාණ දූෂන වංචා (එක රැයින් වගේ) එලිකරනවා කියලායි. අන්තිමේ වීගෙන යන්නේ පළිගැනිමේ ලිස්ට් එකක් ඉවරකරගෙන යාමයි. ඒකත් හරිම ලැජ්ජා හිතෙන විදියටයි. රවී කරුණානායක අයවැයෙන්ම පළිගැනීම රටට පෙන්නුවා කියලයි මට හිතෙන්නෙ. අරහේ මෛත්‍රී ජනාදිපති දුමින්ද සිල්වා එක්ක මඟුල් ගෙවල්වල පිංතූර වලට පෙනී ඉනන්නවා. මෙහේ වීරවංශ ගේ නෝනාට pass port දෙකක් තිබිලා කියලා අත්තඩංගුවට ගන්නවා. ඊට පස්සේ උප්පැන්න සහතික හොය හොය ඉස්කෝල ගානේත් යනවා. ඔය අතරේ කඩුවෙල බුද්ධදාස කඩුවෙල මහනගර සබාවේ පළවෙනි නගරධිපති වෙන්න තිබ්බ සටන කාලේ පෙළපාලියක් ගියාය කියලා වීරවංශට විරුද්දව කේස් අදිනවා. සමහරවිට වීරවංශගේ ඔබ කියන ගුණාංග හංදා මංජුල බුද්ධදාසට ඊළඟ නගරාධිපතිකම නැතිවෙයි කියලා බයේ වෙන්නැති.

    කොහොම උනත් ටික දවසකින් කට්ටිය නිදහස් වෙනවා. හැබැයි ඒ ටික දවස ඇතුලේ කරන්න පුලුවන් චෝදනා සේරෝම කරලා නැත්තටම නැති කරන්න හදනවා. මේ විදියට ගියොත් කොටියා අවෝ කියල කෑ ගැහුව ළමයට උනුදේ වෙයි.

    මහින්දලා වැරදි වැඩේ කලත් මොන පාරෙන් හරි බොහෝ ඒවා නීතියට අනුව අර බහුතර කැමැත්ත ඇතිව කරල තියෙන්නෙ බලංගියාම. ඒත් මෛත්‍රී මේ විදායක ක්‍රමේ කොච්චර අසීමිත බලතල තිබ්බත් තුනෙන් දෙකක් නැතුව මොකුත් කොරන්න බෑ බෑ කියල නාහෙන් ඇඩුවට උන්දෑ කොරපු බහුතර දේ කලේ බහුතරය නැතිව විදායකේ බලතල වලින් වෙච්චි එකේ අනිත්වාත් කරන්න බැරි ඇයි කියලා මට නම් හිතෙනවා. අපි කියන්නේ කළින් කෙනාවගේ අයුතු ලෙස නොව යුතු ලෙස පාවිච්චි කරලා හරි දේ කරන්න පුලුවං නේද කියලා.

    අනේ මංදා

    ReplyDelete
    Replies
    1. මේ උනන්දුවම, මහ උන් අල්ලන්නත් තියෙනවා නම් කොච්චර අගෙයිද....?

      Delete
  13. ලන්කාවෙ තිබුනෙ යුධ ශක්තිය පිලිබද ප්‍රශ්නයක් නෙවෙ හමුදාවට කවදාවත් යුද්දෙ කරන්න දුන්නෙ නෑ. යුද්දෙ කරන්න පුලුවන්, ත්‍රස්තවාදියොන්ට කප්පන් ගෙව්වොත් ඒ පව ගෙවන්න වෙන්නෙ අනාගත පරපුරට කියලා කියපු ගමන් ජාතිවාදී ලෙබලය ගහපු ණ්ඝ්O හැත්තක් මෙ රටෙ හිටියා. ඊට අමතරව යුද්දෙ හැමදාම කකුලෙන් ඇදපු ලොක බලවතුන් පිරිසකුත් හිටියා. උබට අමතක දෙය තමයි යුද්දය කරන්න පුලුවන් කරන්න ඔනෙ කියලා ජනමතය හදන එක තමයි අමාරුම දෙය උනෙ. එය කරෙ විමල් මූලික ජවිපෙ, අනිත් ජාතික බලවෙග සහ හෙල උරුමයයි. උබලා විමල්ට තාම ජාතිවාදියා කියන්නෙ යුද්දෙ කරපල්ලා කියලා කෑ ගහපු නිසා බව උබලටත් දැන් අමතකයි.

    ReplyDelete
    Replies
    1. පුදුම වෑඩෙ කියන්නෙ සෑබෑ වර්ගවාදි ජාතිවාදින්ගෙ රටට තියන තරජනය රටට පෙන්නල දෙන් උන්ට තමා දෑන් ජාතිවාදි ලෙබල් ඈලෙවෙන්නෙ ...

      Delete
    2. කෙටියෙන් කියනවා නම් චම්පික කියන්නේ ජාතිකවාදියෙක්.. විමල් කියන්නේ පට්ට ජාතිවාදියෙක්

      විමල් තනියෙන් කරපු රෙද්දක් නෑ. මහින්ද බලයට ගේන්න නම් ජෙප්පෝ එක්ක ඉඳලා වැඩක් කලා. විමල්ලා, චම්පිකලා අළුතෙන් මිනිස්සුන්ගේ මානසිකත්වය හදන්න ඕන නෑ. ඒ වෙනකොට කොටින්ට දෙමළ ජනතාවටත් එපා වෙලා තිබුනේ, මහින්ද සිංහල මිනිස්සුන්ට එපා උනා වගේම. ඒ වගේම විශාළම සාධකය තමයි ජාත්‍යන්තරයට කොටින් ත්‍රස්ථවාදය වනයක් වීම. කොටි පරද්දන්න ලේසි උනෙත් ඒ හේතු නිසා.

      විමල් කරපු ලබ්බක් නෑ.. චම්පිකලා නම් අඩු ගානේ මාවිලාරුවලට පා ගමනක් හරි ගියා..

      Delete
    3. විමල් ,චම්පික,වීර පුරන් අප්පුලා, කැප්පෙටිපොල නිලමෙලා පට්ට ජාතිවාදියෝ ...හකීම්ලා ,සම්බන්දන්ලා ,රායප්පු ජෝසේප්ල පට්ට ජාතික වීරයො.

      Delete
  14. සමහර බ්ලොග් වල කොමන්ට් දාලා තිබුනා කේ.පී. ට දඬුවම් කලොත් දෙමල මිනිස්සුන්ගේ හිත රිදෙනවලු. ඒ වගේම තමයි විමල් වීරවංශට කරන අරියාදු නිසා සිංහලයන්ගෙත් හිත රිදෙනවා.
    අර විග්නේශ්වරන් ජාතිවාදය අවුස්සද්දී එයාගේ වැරැද්දක් හොයලා නඩුක් දාන්නෙ නැතුව විංල් වීරවංශ කියන සිංහල දේශපාලඥයාට දඪුවම් කරන්නේ මොකද එයා සිංහල නිසාද?

    ReplyDelete
    Replies
    1. උඹෙත් මාර තර්කනෙ බං තියෙන්නෙ. කාගෙ හරි හිත රිදෙන හින්දා ඌට දඬුවම් නොකර ඉන්න ඕනැ. එතකොට විමලයා කරපු වැරදි වලට දඬුවම් කරන්නෙ උඹෙ බාප්පටද?

      Delete
    2. දෙකම වැරදියි තමයි.. ඒත්..
      සුළු ජාතිකයකුගේ ජාතිවදයට වඩා මහා ජාතියේ ජාතිවාදය මහා ව්‍යසනයක්..

      Delete
    3. සුළු ජාතියේ ජාතිවාදය සුළු වන්නෙත් මහා ජාතියේ ජාතිවාදය මහ වන්නෙත් කොහොමෙයි අයියා ?ඔක්කොටම කලින් ජාතිවාදේ ගැන අයියගේ නිර්වචනේ දාලා post එකක් දාන්නකෝ ජාතිවාදේ ජාතිවාදේ කියල කෑ ගහන්න කලින්.

      Delete
  15. Sinhala nisa nowe eyage hamineta danduwam nokaloth, oka eya rata wate Kaiyya gagaha anduwata Abiyoga karamin boru weerya charithyata andeewi Rilawa oka illuwa (Anith siyallatma 100% Ekagai) (Ranjan)

    ReplyDelete
    Replies
    1. ඉල්ලගෙන කාපු ගතියකුත් තියෙනවා තමා...

      Delete
  16. ඕනේ ...........ththak වෙන්න කියලා මේකෙන් කොපි ටිකක් ප්‍රින්ට් කරලා යවපන් My3 සිට පහලට ඉන්න එවුන් ඔක්කොටම.

    ReplyDelete
    Replies
    1. බඩු යනවා... බඩු යනවා... කලබල වෙන්ට කාරි නෑ..

      Delete
  17. පුලුවන්නම් අප් ආදිශිෂ්‍ය ගම්මන්පිල අයියාව හිරේ දාපියව්
    ඔන්න මගේ අභියෝගය.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ ගැඩිවිල්ලෝ මරලා පව් පුරව ගනීවී කියලා..

      මහින්ද මහත්තයගේ ඇමට ගන්න ගැඩවිල්ලා තමයි ඔය හිඟන්නා..

      Delete
  18. අනේ මන්ද මචෝ........
    මේ මාසෙ අඩු මාසයක් කියල සිත සනසගෙන ඉන්නව ....
    ලබන මාසය වෙන තුරා බං ........

    ReplyDelete
    Replies
    1. ඒ මාසෙත් මේ ටිකම තමයි

      Delete
  19. ඔලු දෙකේ හරකෙක් ඉපදිලා කියල පත්තරේ තිබුණ උඹ දැක්කද?

    ReplyDelete
    Replies
    1. සිරිසේන
      රනිල්
      සම්බන්දන් ගේ ඔලු එකතු වෙලා සිරස හැදිලා තිබුන කියල දැක්කෙ නැද්ද?

      Delete
    2. ඌ හොඳ සනීපෙනුත් ඉන්නවලු මචෝ...

      Delete
  20. මේහි අපිට (මහජනයාට ) නොපෙනෙන දෙය නම් මෙය ඇති විශිෂ්ට රංගනයක් බවයි.
    මුළු පාර්ලිමේන්තුවම එකම පවුලක් ලෙස පවතී (හොදම උදාහරණය අප්රෙයිල් 23 තෙක් පාර්ලිමේන්තුව පවත් වීමයි, අප්රෙයිල් 19
    දින වනවිට සියල්ල අවසන් උවත් ඉතිරි දින 4 පවත්වන්නේ ඔවුන්නේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමටයි)
    මාතලන්, ඉහත කරුණ සම්බදව ජාති බේද ආගම බේද කුල බේද නැත්තේ ඇයි ?
    එක්සත් ජාතික පක්ෂයට කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නැත (හිතන්න රජපක්ස අත්අඩංගුවට ගත්ත කියල මෙරටේ ගොත්රික ජනය එයට කැමතිවේද, නමුත් අජිත් කබ්රාල් හෝ සජින් වාස් අත්අඩංගුවට නොගන්නේ මන්ද ? මෙයට සරල හේතුව නම් පවතින රජයත් සමග ඩීල් දැමීමයි
    ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීමට කිසිම උවමනාවක් එක්සත් ජාතික පක්ෂයට නැති උනත්, පසුගිය දින වල මාද්‍යවේදීන් එල්ල කල දැඩි පීඩනය
    සන ජනතා විමුක්ති පෙරමුණ එල්ලකරන පිඩනයට අමතරව විමල් විරවන්ස ඔහුම මහන්තත්වයෙන් කියනලද පරිදි, පවතින රජයට පීඩනය එල්ල කිරීමේ ප්‍රතිපලයකි මෙය )

    මම නම් මෙය විමල්ගේ අහිංසක වැඩක් ලෙස නොදකිමි, නමුත් ඔබකියන පරිදි තෝරු මෝරු සිටියදී හල්මස්සන් ඇල්ලීම පිළිකුල් සහගතයි!
    මම කලිනුත් පැවසු කොමිසම් සබා මහින් ස්වාදීනත්වය ලබාදුන් පොලිසියක් මගින් මිට හොද තත්වයක් ඇති කර ගත හැකි වනු ඇති.

    මෙම දින 100 ජයග්ග්‍රහණය නම් මෙම කොමිසම් පිහිටවා ක්‍රියාත්මක වීමයි.

    ReplyDelete
    Replies
    1. මේවා රංගන කියලා අපි එදා ඉඳලම දන්නවා නේ..

      නමුත් මේ ලියන්නේ එක එක ප්ද්ගල චරිත දේවත්වයෙන් අදහන උන්ගේ ඇස් ඇරවන්න...

      Delete
  21. මමනම් ගෑනිව අත් අඩංගුවට ගත්තට විරුද්ද නෑ. ඒක මෙච්චර උඩදාගෙන නටන එකටයි ලොකු හොරු දකිනකොට නැට්ට පුකේ ගහ ගන්න එකටයි තමයි විරුද්ද..

    ලොකු පොඩි බේදයක් නෑ වැරැද්දනම් වැරැද්දමයි. පාරෙ යන මරුටියට හයිස්පීඩ් දඩ ගහන පොලොස් කොට්ටෝරුවෝ කළු පාට ප්‍රාඩෝ එකක් යනකොට පුක හරවනව.. පොලීසියේ පොඩි එකාගේ ඉඳල මහ එකාට යනකම්ම කොන්දක් ඇති එකෙකුත් නෑ ලැජ්ජාවක් ඇති එකෙකුත් නෑ.. එහෙම එකෙක් අහම්බෙන් හරි හිටියත් කාලකන්නි දේශපාලන හැත්ත ඌට වැඩක් කරන්න දෙන්නෙත් නෑ. මුන් ඔක්කොම මකල හුරු තුරුලට යවන්නෝනෙ හැතිකරේ.

    ReplyDelete
    Replies
    1. මහින්දලා කළෙත් ඕකම තමයි.. ඒකනේ ජිනීවා වල කේස් යන්නේ..

      Delete
  22. //ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු...!!! // දැක්කම ඔක්කොම කියවන්න හිතුණේ ලිපියේ අන්තරගතය ගැන ඉවෙන් තේරිච්ච හින්දා .

    අපේ රටේ ලෙඩේ හොයලා බෙහෙත් කරන්නේ නෑනේ. . රටේ ජනාධිපති ඉදලා හැම පුරවසියටම ඉහළ ස්ථරයක නීතිය තිබ්බනම් අපේ රට කොච්චර ලස්සන වෙයිද

    ReplyDelete
    Replies
    1. සිඳු නොවන්නෙත් ඒකම නේද මෙයා...

      Delete
  23. කලින් එකේ මම “ශෂී පව්“ කීව නිසා නේද මේක ලීවේ?
    සොරොව්ව ඇරලා තියලා අර මොකක්ද එකේ ඇඟිලි ගහගෙන ඉන්නවා කියන්නේ මේවට තමා මාතෙ.
    (කක්කුටු බෙනේ...කක්කුටු බෙනේ)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පවු..

      අර සූරියවැව පොලීසියෙන් මරලා තියෙන්නේ කසිප්පු කාරයෙක්නේ.. ඒ උනාට කුඩු ඔස්තාද්ලා තාම පාර්ලිමේන්තුවේ..
      කසිප්පු පෙරන එක වැරදියි තමයි.. ඒත් ඒක කරන්නේ ජීවත් වෙන්න..
      පාස් පෝට් හදලා තියෙන්නේ හොරකම් කරන්න නම් ඒක වැරදියි. ඒත් සමාජ තත්වය හදා ගන්න නම් අනුකම්පා කළ යුතුයි..

      Delete
  24. නිතිය සැමට සාධාරණ වෙන්න ඕනේ.එකේ තර්කයක් නැහැ.

    ශෂී වීරවංශ කරපු වරද ලොකුද,පොඩිද කියන එක නෙමේ වැදගත්.වැරැද්ද වැරැද්දමයි.විමල් නිර්ධන පංතියේ නිර්මාණයක් කියලා වරදක් කර තිබේනම් ඉන් ගැලවී යන්න ඉඩ දිය යුතුද ?
    ජෝන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොවීම යහපාලන ආණ්ඩුවේ විශාල වරදක්.එසේ කියා මහා මග පිස්සු බල්ලෙක් වගේ හැසිරුණු තෙවරප්පෙරුම ගමේ අහිංසක චණ්ඩියෙක් කියා අතහැර දැමීමද කලයුත්තේ?

    කොටින්ම තිස්සව,මහින්දව අත්අඩංගුවට ගැනීමේ වරදක් මම නම් දකින්නේ නැහැ.මාතා මෙතැන නම් සදහන් කරලා තියෙන අනෙක් අයට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගන්න ඕනේ.අනික මාතා අත්අඩංගුවට ගන්න යෝජනා කරන කලුතර රත්තරන් ප්‍රභූ පවුලක කෙනෙක්ද?මේ විදියට බැලුවොත් රත්තරන් අත්අඩංගුවට ගත්තුදවසටත් දවසටත් උඹ කියන්න බැරි නැහැ "රත්තරන් නිර්ධන පන්තියේ කොල්ලෙක්.එදා වේල කන්න නැති කමට කෝච්චියේ මාල කැඩුවට අවුලක් නැහැ.ඌ එක කෙරුවේ විරැකියාව නිසා.පස්සේ දේශපාලනය කරලා යමක් කමක් හරි හම්බ කෙරුවාට ඌ ගමේ මරණෙට,මගුලට,කොටහළුවට ඉන්න නියම කොල්ලෙක් ඌ අත්අඩංගුවට ගැනීම වරදක් කියලා"

    උඹ කියනදේ තුල ඇත්තක් තියෙනවා.නිතිය හැමෝටම එක විදියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.ඕක මැදමුලන බයියාගේ කාලෙත් ඊට කලින් යුග වල පවා සිද්ධ වුනේ ඒ විදියට.එක එහෙමයි කියලා අතීතයේ ඒ ආණ්ඩු කරපු වැරදි මේ යහපාලන ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.

    ශෂී වීරවංශව අත්අඩංගුවට ගත්තා වගේම ශිරාන්තිවත් පොලිසියට කැදවා ප්‍රශ්න කරන්න ඕනේ අර වාස් ගුණවර්ධනගේ බිරිඳ කරපු පැමිණිල්ල අනුව.අපි බලමු මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ජේසුස් හොරෙක් කියලා තව හොරු දෙදෙනෙක් දෙපැත්තෙ තියලා කුරුසෙ ඇන ගහපු ලෝකෙ නේ මේක... අද කී දෙනක් ඒ "හොරා" කීව ජේසුස් ව අදහනවද??

      Delete
    2. සම්පූර්ණ ළිපිය දිග වැඩි නිසා කියවා නොමැති බව පෙනේ..

      කරුණාකර හෙඩිම පමණක් කියවා කොමෙන්ට් කිරීමෙන් වලකින්න..

      Delete
    3. කිසි දිනක නොකියවා කමෙන්ට් නොකරමි.එම නිසා එවැනි උපකල්පන කිරීමෙන් වලකින්න.

      Delete
    4. එහෙනම් රජෝ, උඹ ප්‍රශ්ණ කරන කිසිවක්, මා එසේ ලියා නැත.

      Delete
  25. EHEMA UNATH WIMALE SIGIRI GIHILLA NEHELU NEDA

    ReplyDelete
    Replies
    1. තාම ගිහින් නැතුව ඇති, ඒ උනාට ඩිස්නි ලෑන්ඩ්, සී ෂෙල්ස් එහෙම නම් ගියා...

      Delete
  26. එතකොට චම්පික Lester ගේ ෆොටෝ එක වෙනස් කර එක ගැන මොකද කියන්නේ

    ReplyDelete
  27. කොහොමටත් කුරුමිණියෝ තමයි මකුළු දැන්වල පැටලෙන්නේ, වවුකෝ දැල කඩා ගෙන ඉගිලිලා යනවා.

    හැබැයි මේ කාන්තාව වුනත් අත්අඩංගුවේ කීවාට ඉන්නේ ප්‍රයිවේට් හොස්පිටල් එකක නේද? ලලක්කලාව අත්අඩංගුවට ගත්තා වගේ නොවෙයි.

    නීති දැලේ වවුලෝ පැටලෙන්නේ නැති එක ගැන මෙන්න එක මතයක්:
    http://www.lankaenews.com/news/1412/si

    ReplyDelete
    Replies
    1. මෙයාටත් ඇප දුන්නම.. අර යකා තවත් ස්කෝර් කරනවා.. මෝඩ චූන්...

      කරන කළට පව් මීරිය මී සේ....

      Delete
  28. බොක්ක උණූ වුණා......තව ඉස්සරහට යනකොට වැක්කරෛයි වගේ මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. මාතලං ට ඉතින් චීත්තයක් දැක්කත් ධාතු පහ වෙනවානේ. අපිත් වැඳ ගමු. සාදු.. සාදු සාදු

      Delete
    2. එහෙම නොවෙන්න තියෙන අවස්ථාව බොහෝම අඩුයි..

      Delete
  29. ~කුඩු ව්‍යාපාරයට රාජ්‍යය ආරක්ෂාව දුන් දුමින්ද නිදැල්ලේ ඉද්දි ශෂි වීරවංශ අත් අඩංගුවට ගන්නේ ඇයි?~

    ප්‍රශ්නයේ වලංගුභාවයක් නැතැයි කිසිවෙක්ට සාධාරණ තර්කයක් ඉදිරිපත් කල නොහැක. මෙහිදී නැඟෙන ගැටළුව නම් සමහරක් විසින් චූදිතයන් දෙදෙනාගෙන් එක් අයෙක් නිදැල්ලේ සිටීම යන කාරණය මත පදනම් වී අනෙකාව අත් අඩංගුවට ගැනීම විවේචනය කිරීමයි. එම විවේචනය සාධාරණ විවේචනයක් නොවන්නේ නීතිය කඩ වන සෑම අවස්ථාවකදීම චෝදනා විභාග කිරීම සිදුකර අදාල වරදකරුවන්ට දඬුවම් පැමිණවීම සිදුවිය යුත්තක් නිසාය.
    තමා රැකියාව කරන ස්ථානයේදී තමා අතින් එහි නීතියක් කඩවීම ගැන තම ප්‍රධානියා තමාට චෝදනා කිරීමේදී ඔහුගේ ගැත්තන්ගේ වැරදි ගැන ප්‍රධානියා අවධානය යොමු නොකිරීම තමාගේ වැරැද්දට නිදහසට කාරණයක් ලෙස ඉදිරිපත් කල නොහැක. තමා නීතියක් කඩ කලා නම් ඒ චෝදනාවට තමා වග උත්තර බැඳිය යුතු අතර එහි ප්‍රතිඵලද තමා අත්විඳිය යුතුය. ප්‍රධානියාගේ ගැත්තන්ගේ වැරදි, ප්‍රධානියා ඒවා ගැන අවධානය යොමු නොකිරීම වෙනම කතාවකි.
    ශෂි වීරවංශ හෝ දුමින්ද සිල්වා හෝ නීතිය කඩකොට ඇත්නම් රටේ අනෙකුත් සිවිල් වැසියන් සේම ඔවුන් දඬුවම් විඳිය යුතුය. එයින් එක් අයෙක්ට පමණක් චෝදනා ඉදිරිපත් වීම චූදිතයාගේ නිදහසට කාරණාවක් හෝ, වරදට සමාව ලැබීමට හේතුවක් හෝ, නීතිය ඉදිරියට නොපැමණවීමට හේතුවක්වත් නොවිය යුතුය.
    නමුත් මෙයින් නීතිය ක්‍රියාත්මක කිරීමේ සාධාරණත්වය සහ නීතිය ක්‍රියාත්මක වීමේදී තිබිය යුතු අපක්ෂපාතීත්වය ගැන විවේචනය කිරීමේ අයිතිය ප්‍රශ්න කෙරෙන්නේ නැත.
    රැකියාව කරන ස්ථානයේදී තමාගේ රාජකාරිය අපක්ෂපාතීව ඉටු නොකරන ප්‍රධානියා ඒ වරදට චෝදනා ලක් විය යුතු අතර ඔහු විසින් එයට නිදහසට කරුණු ඉදිරිපත් කල යුතු සේම, පවතින පාලන ක්‍රමය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමේ අපක්ෂපාතීත්වය පිළිබඳව නැඟෙන චෝදනා වලටද වග උත්තර බැඳිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බ්ලොග් අඩවි පැත්තේ ආවට...

      Delete
    2. JKudu csre wageda mewa.

      Aie kotiyata Buddi anshaya marana licence dunna hati owa monawada

      Hora upan dine thama warada

      Delete

  30. හාල්, පොල් අඩු මිලට දෙන්න බැරි ශෂීගේ පාස්පෝට් එක නිසා.. නැතිනම් තේ රබර්වලටත් හොඳ මිලක්..


    February 24, 2015 at 4:54 pm | lanka C news


    හාල්, පොල් අඩු මිලට දෙන්න බැරි ශෂීගේ පාස්පෝට් එක නිසා.. නැතිනම් තේ රබර්වලටත් හොඳ මිලක්..
    රුපියල් සියය ඉක්මවා ඇති සහල් මිල, රුපියල් අසුව ඉක්මවමින් අති පොල් මිල, ලෝක වෙළඳපලේ ඩොලර් 50 සීමාවේ පවතින බොරතෙල් මිලට සාපේක්‍ෂ බදු රහිත ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා සහන ලබා දීම සඳහා ප‍්‍රධානතම බාධාව ලෙස විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ පාස්පෝට් සිද්ධිය බවට ආන්ඩුව විසින් හඳුනාගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

    එම පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා අප වෙත කියා සිටියේ එම ප‍්‍රශ්ණය විසඳීමකින් තොරව පහත වැටී ඇති තේ, රබර් සඳහාවත් සාධාරණ මිලක් ලබා දීමට නොහැකි යයි පෙනී යන බවයි.

    ReplyDelete
  31. දැන් නම් දේශපාලනේ පැත්ත නිර්වින්දනය වෙලා , මධ්‍යස්ථ ලිපියක්. හැබැයි නම මාරු කරගන්න එපා මධ්‍යස්ථ මාතලන් කියලා , මධ්‍යස්ථ බව තීරණය කරන්නේ නමින් නෙවෙයි .

    මම හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වෙන සමාජයක්. ඒක හීනයක් විතරක් වෙන්න පුළුවන්, නමත් අපි මුහුණ දෙන ප්‍රශ්න වලින් 90% ක්ම විසඳන්න එකට පුළුවන්

    ReplyDelete
    Replies
    1. අනේ බං බදුල්ලෙනුත් එහා කැලෙං ආපු ඉවානෝ, උඹ ඔය ප්‍රහාරය එල්ල කලේ මධ්‍යස්ත මතධාරියා ට නේද?
      මීට පස්සෙ උං ප්‍රොෆයිල් හදන්න ඕන උඹෙන් අහලාද?

      පල යන්න ගම් බයියා. සරං අඳින ගෝත්‍රිකයා.

      Delete
    2. එහෙම ළෝකයක් ඇති වෙන එකක් නෑ..

      ඒත් අපි ඒ වෙනුවෙන් අපේ හඬ නඟමු..

      මේන් අර යකා මෙතනත් රීලා.. බලහන්කෝ බං.. එකට බිව්වත් බොකු වෙනස් කියන්නේ නිකමටය..

      Delete
    3. " මද්යපානස්ත මාතලන්දාරියා" වගේ නමක් කොහොමද ඉවාන්? මාතලන්? ඇනෝ?

      Delete
  32. පව් අප්පා මෙහෙම සිල්ලර දේවල් වලට රිමාන්ඩ් වෙන එකනං. මම හිතන්නේ ඕක නම් අර විමලය ඉල්ලලා කාගත්ත එකක්. මොනවා උනත් බලාපොරොත්තු වෙච්චි ඩේ වෙන්නේ නෑ කියල නම් තේරෙනවා. ඊලඟට චන්දෙ නොදෙන්න තමා හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙලින්න එපා.. අවුරුදු 20 ක් විනාෂ කරපු රටක්, දවස් 100 න් ගොඩ දාන්න බෑ.. අර කාළකන්නි අශුද්ධ සංධානයට එරෙහිව කාට හරි චන්දේ දියන්.. අඩුම ගානේ ජෙප්පන්ට හරි..

      Delete
  33. හ්ම්ම්ම්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මොකෝ බං... තාම ඩෝප්ද...?

      Delete
  34. මාත් මාතලන් වාගෙ හෙලා දකිනවා.

    ReplyDelete
  35. පන්තිය කොයි වෙලෙත් රකින බව ඔයා දන්නේ නැද්ද....? තමා අපි ඉන්නේ යටත් විජිතෙන් නැගිට්ට ගමන් ඒ මොලය තාම brain wash කරලා නැ

    ReplyDelete
    Replies
    1. පන්ති බේදය දියුණු රටවල පවා තියෙනවා නිහිංසා...

      නමුත් ඒ රටවල් දියුණු රටවල් වෙලා තියෙන්නේ නීතිය සැමට එක සමාන නිසා...

      Delete
  36. “පලිය“ මරු..
    විමලේ රට බේරගත්ත එකා කියලා ඌම කියද්දි මටත් හිනා ගියා ඕයි.. :ඩී

    මහ මැතිවරණයට පෙර මෝරු ඇල්ලුවේ නැත්තං අලි ගොඩක් ජවිපෙ පැත්ත හැරෙනවා ෂුවර්ය.

    ReplyDelete
    Replies
    1. අලි කලකිරෙනවා කියන්නේ රට ආයෙත් අගාධයට යන්න පුළුවන් දෙයක්..

      ඒ නිසා අලි පාටියේ ළොක්කෝ ඔළුව උදුම්මවා ගන්න නරකයි..
      පුළුවන් නම් ජවිපෙ හා විශේෂයෙන් චඉපුක රණවක වගේ කෙනෙක් එක්ක එකතු වෙන්න පුළුවන් නම් ජයග්‍රහණය ස්ථිරයි..
      ඕනවට වඩා සුළු පක්ෂ එල්ලා ගැනීම හින්ගල බෞද්ධ චන්ද අඩුවෙන්න හේතුවක්..
      මොකෝ අපි හිතනවා වගේ ඔක්කෝම හිතන්නේ නෑ නේ..

      Delete
  37. මාතලන්ගෙන් බලාපොරොත්තු නොවෙන විදිහෙ ලිපියක්. ඇත්ත , මේ කියන හැමෝම ඇති දක්ෂයෝ, වීරවංශ කියන්නෙ මට නම් දෑහට පේන්න බැරි උනත් හෙන පොරක්ම තමා. කුඩු දුමියල, බැසිල් ලා ඇතුලට දාන්නෙ නැතුව මේ හිපාටුවෝ බොරුවට හිරේ ඉස්පිරිතාලේ තිබ්බට වැඩක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම බලාපොරොත්තු නොවන ළිපියක් වෙන්නේ.. උඹ බ්ලොග් කියවන්නේ මෑතක පටන් නිසා වෙන්න පුළුවන්.. මාතලන් හරියට කියවන කීප දෙනයි ඉන්නේ..

      Delete
  38. විරුද්ධ මත දරන්නෙක් අගේ කරන්න කොන්දක් තිබීම ගැන මාතලන්ට මගෙන් සැලියුට් එකක්.

    නීතිය ක්‍රියාත්මක වීම හොඳයි. නීතිය 'selectively' ක්‍රියත්මක වීම අන්තිම නරකයි.

    අනිත් පැත්තෙන් මේක මහින්දව ආපහු ගෙන්න ඕනේ කියන අයට සටන්පාඨ හදලා දීමක්. කරන්න ඕනේ දේ හරි වෙලාවට නොකර පස්සේ නා ගන්න යහ පාලන ආණ්ඩුව බොහොම කැමතියි වගේ.

    කව්ද අප්පා... කිව්වේ රනිල් දක්ෂ පරිපාලකයෙක් කියලා..?

    ReplyDelete
    Replies
    1. එක ඔහු ඔප්පු කර අවසන්.. විශේෂයෙන් ජාත්‍යන්තර සබඳතා තුලදි..

      ඒත් මජර් ක්‍රමයෙන් එක වර ගැවීම ඔහුටත් අමාරු වෙන්න පුළුවන්..

      Delete
  39. වෙලාවකට මාතලන් ගැන දුකත් හිතෙනවා ... ප්‍රියන්තයා , මචං ඔයා හිතන්නේ මහාරාජාගේ කම්බ හොරු සමනල පැටව් වගේ කියලද... උන් විට්නස් තියලා හොරකම් කරන්න ඇති කියලද ඔයා කුක්කු පැටියා හිතන් ඉන්නේ .... අපේ පොලිසිය ඔය හොරු ටික අල්ලලා ගානට ගේම දෙයි .. ඔයා බලන් ඉන්න .. ඔයාට විමලයා පහලම තැනින් පටන් අරන් රජගෙදර ඉදුල් හෝදන ඉහලම තැනට ආපු ග්‍රේට් පොරක් වගේ පෙනුනට අපිට නම් ඒ තරම්ම පිස්සු පීකුදු වෙලා නෑ ..

    පක්ෂයේ අරමුදල් තර කරන්න පිටරට ගිහින් පක්ෂේ වෙනුවෙන් දරදිය ඇදපු එකෙක්ගේ ගැනිව අරන් පැනපු එකා ඕකා .. හොද වෙලාවට ඕකා ජේවීපී උනේ.LTTE උනානම් ප්‍රබාකරන් ඕකගේ ඇට දෙකට වෙඩි තියන්න ඕඩර් එක දෙන්නේ. ජේවීපී එක එදත් තරාදියේ බර පැත්තට පුක දුන්නා ..

    ඕකා තමා ලංකා ඉතිහාසයේ පහල උණු ආත්මාර්ථකාමීම දේසපාලකයා ..

    ඕනෑම නම් අපි දෙන්න ලිපි දෙකක් ලියමු .. ඔයා කියපු දේ සනාථ කරන්න ඔයා ලියන්න ... මම කියන දේ සනාථ කරන්න මම ලියන්නම්..

    සශි උනත් එකයි කුරුටුගාමි kumar උනත් එකයි. ඔය පාස්පෝර්ට් කතා ඇතුලේ තියෙන්නේ පාස්පෝර්ට් කතා විතරක් නෙමේ .. රටේ නීතිය බල්ලට දාලා අපයි නීතිය කියලා මුන් හිතාගෙන හිටපු උද්දච්ච මානසිකත්වයත් ඔය පාස්පෝර්ට් කතා ඇතුලේ තියෙනවා.

    අර පඩංගු කුමාර් කියන එකාට කඩේ යන උන්ටත් කියන්න තියෙන්නේ උගේ අයිතිවාසිකම් ඌට තියෙන්න ඕන වගේම ඌ එකෙන්ම රටේ නීතියට ගරු කරන්න ඕනා. tourist විසා ආවානම් tour එක ඉවර කරලා යන්න ඕනා. ගිහින් එහෙ ඉඳන් " මේ රට මගේ රට මා ඉපදුනු රට ......" සිංදුව කියල පිළිවෙලට එලට තිතට ක්‍රමේට එන්න ඕන ආපහු. අරයා එහෙමද කරේ .. මෙයාගේ පුක රවුන් නැද්ද ... ඒ බයිලා වැඩක් නෑ .. වෙන එකෙක් කරලා තියෙන වැරද්දක් නිසා තව එකෙක්ට ඒ වැරද්දම කරන්න පර්මිට් හම්බ වෙන්නේ නෑ සම හරක් මහාචාර්ය වරුන්ට ඕවා නොතේරුනාට පහ පාස් උන්ට පවා ඕවා තේරෙනවා....

    අන්තිමට කියන්න තියෙන්නේ අල තැම්බෙනකම් ඉදපල්ලා කියලා ... අනික මාතලන් මොනවා කිව්වත් යුඇන්පී එකෙක් දෙන්නෙක් පිස්සු කෙළියි ඒ උනාට මේ රට ගොඩ දාන්න පුළුවන් එකම පක්ෂය යුඇන්පී විතරම තමා .. පේනවා නේද මහාරාජාගේ සෙට් එක අවුරුදු දහයක් තිස්සේ දුව දුවා රීලා තියෙන හැටි

    ReplyDelete
    Replies
    1. උඹයි මායි එක කුසේ උපන් උන් බං... මම සියල්ලම පිලිගන්නවා.. ඒ නිසා මම ලියන අනිත් ලිපිත් කියවන්න..

      Delete
  40. මහින්‍ද පරදන්න මෛත්‍රී පාලට දෙමළ මුස්ලිම් වාර්ගික චන්ද ලැබුනට ඉදිරි මහ මැතිවරණයකදී එම චන්ද රනිල්ට ලැබෙන්නේ නෑ මුස්ලිම් චන්‍දවලින් කොටසත් කොහොමත්එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා ඉස්සරත් ලැබුනා නමුත් තව කොටසක් වර්ග වාදී දේශපාලනඥයන් හරහා ගන්න වෙනවා
    වතු දෙමල චන්දත් ඒ ආකාරයටම ගත හැකියි නමුත් උතුරේ හා නැගෙනහිර දෙමල චන්ද (ඍජුවම හෝ වක්‍රව) එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ නෑ. මහින්ද පරාජය කරන්ක දියත්කල වැඩ සටහන නිසා එක්සත් ජාතික පක්ෂයට ඍජු දෙමල චන්ද ගැනීමේ හැකියාව අවම වුනා. මෙම නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තැනීමට රනිල්ට සිංහල චන්ද කෙසේ හෝ ලබාගත යුතුයි
    මේ ආකාරයට සිංහල ජාතිකවාදී නායකයන්ගෙන් දේශපාලන පලිගැනීම් කරන්නේ සිංහලජාතිය අරාජික කර සිංහල චන්ද ඩැහැ ගැනීමේ අරමුණ නිසයි.

    ReplyDelete
  41. මහින්‍ද පරදන්න මෛත්‍රී පාලට දෙමළ මුස්ලිම් වාර්ගික චන්ද ලැබුනට ඉදිරි මහ මැතිවරණයකදී එම චන්ද රනිල්ට ලැබෙන්නේ නෑ මුස්ලිම් චන්‍දවලින් කොටසත් කොහොමත්එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා ඉස්සරත් ලැබුනා නමුත් තව කොටසක් වර්ග වාදී දේශපාලනඥයන් හරහා ගන්න වෙනවා
    වතු දෙමල චන්දත් ඒ ආකාරයටම ගත හැකියි නමුත් උතුරේ හා නැගෙනහිර දෙමල චන්ද (ඍජුවම හෝ වක්‍රව) එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ නෑ. මහින්ද පරාජය කරන්ක දියත්කල වැඩ සටහන නිසා එක්සත් ජාතික පක්ෂයට ඍජු දෙමල චන්ද ගැනීමේ හැකියාව අවම වුනා. මෙම නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තැනීමට රනිල්ට සිංහල චන්ද කෙසේ හෝ ලබාගත යුතුයි
    මේ ආකාරයට සිංහල ජාතිකවාදී නායකයන්ගෙන් දේශපාලන පලිගැනීම් කරන්නේ සිංහලජාතිය අරාජික කර සිංහල චන්ද ඩැහැ ගැනීමේ අරමුණ නිසයි.

    ReplyDelete
    Replies
    1. ජාතිකවාදීද, ජාතිවාදීද...?

      Delete
  42. //රට බේරා ගත් නයකයන්ගේ පවුල් පිටින් ඇතුලට දාන්න කුමන්ත්‍රණයක් යනවා කියලා, //

    මට ඒක ඇහුනෙ වාහනේ රේඩියෝ එකෙන් අහම්බෙන්. මට නිකම් ටයිම් ට්‍රැවල් වගේ. සීරියස්ලි මට හිතුන මේ කවුරුහරි ෆොන්සේකා ගැන කියපු එකක් ආයිත් දානවද කියල. කාලෙකින් හොඳට හිනාගියා දේශපාලනයට සම්බන්ද දෙයකින්

    ReplyDelete
    Replies
    1. සීරියස් පොරක් වගේ පෙන්නන්න හැදුවට විමලෙත් ටෙනිලා බන්දුලා වගේම හොඳ ජෝකර්...

      Delete
    2. maathalunuth Honda joker kenek thama natta hanga gena inne

      Delete
  43. Maathalanta goda yanna case ekak set una.
    Maathalan kiyanne hiwalek.
    Ranil Wicrkamasinghe kiyana pambyawa kelin karnana hadana hiwalek.

    Ranil Wicrkamsinghe me ratata karla thiyena aparad wala hatyata Wimala monawada karala thiyenne.

    Ranilge pati kiriya wahanna hadanna epa mithraya

    ReplyDelete
    Replies
    1. චම්පික රණවක නම් කිව්වේ මහින්ද රාජපක්ෂ මේ රටට ප්‍රභාකරන්ටත් වඩා හානියක් කළා කියලා..

      ඔය පෝට් සිටි වැඩේ තියෙනවා නේද..? ඕකම රනිල් කරා නම් කොහොමට තියෙයිද... නෑ මම මේ නිකමට අහන්නේ..

      Delete
  44. දේශපාලනේ එපා අප්පා වෙන මක්කවත් දැම්මොත් තමා බලන්නේ මං


    හැබැයි මුළු ලිපියමයිත් කොමෙන්ටු ඔක්කෙමයිත් කි‍යෙවුවා

    ReplyDelete
  45. මෝඩයො වගේ කෑනොගහ ටිකක් ඉවසල හිටියනම්.. ගෝටා, දුමින්ද, සජින් වාස් වගේ උන් ගැන දැනටමත් ඉන්වෙස්ටිගේෂන් යනවා..
    ඒවා ගැන බ්ලොග් කාරයො නොදන්නවාට දන්න මිනිස්සු දන්නවා...
    හොරු ඇල්ලිලි නිකන් හින්දි පිචර් වල වගේ කරන්න බෑ...
    ඒවා නීති උපදෙස් අරගෙන, චෝදනා ගොනුකරල නිවැරදිව කරන්න ඔනෑ දේවල්...

    ඉස්සෙල්ලා මැයි මාසෙ මහාමැතිවරනෙන් යූඑන්පියට පාර්ලිමේන්තුවෙ බහුතරය දීල ඉන්නකො..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න