.

.

Feb 5, 2015

යහ පාළණයද..? යම පාළණයද..? - Good Governance and Bad Governance

 
අප්පච්චි මලා කිව්වාට අප්පච්චි මැරිලා නැතිය. ආසියාවේ ආස්චැර්ය වැහි වැහැලා දොරේ ගලා ගිය මේ රටේ, මළ උන් අවදීවම පුදුම උපදවන කාරණයක් නොවිය යුත්තේය. සමහර විට, මහා මුනි, විජිතමුනි කිව්වා වාගේ, ඇත්තටම මැරෙන්නත් ඇතිය. ඒත් මේ රටේ උන් මළවුන්ගෙන වැඩ ගන්නා හැටිද හොඳින් දනි. මළ ගිය ප්‍රානින් ගෙන්වා දෙන තැන්ද, මළගිය ප්‍රානින්ගෙන් අනවින කොඩිවින කරනා තැන් මෙන්ම, මළ ගිය ප්‍රානියා ගෙනවා කතා බහේ යෙදෙන තැන්ද, මළවුන් බැඳගෙන වැඩ ගන්නා උන්ගෙන්ද, අම්මට සිරි ලංකාවේ කිසිම අඩුවක් නැතිය.

මේ රට පාළණය කරලා තියෙන්නේ රජෙක් නෙමේය. යමයෙක්ය. තිබිලා තියෙන්නේ යම පාළණයක්ය. යමයා හා හැපෙන්න ගිය ප්‍රභාටත් කෙලවෙලාම යන්නේ, යමයා ප්‍රභාටත් වඩා බලවත් නිසාය. රට පාළණය කළේ යමයා බව අවභෝධ කරගෙන උන්නේ ඉතා සුළු පිරිසකි. එහෙත් කන්න තියෙන බත් පතට පවා යමයා හා යමපල්ලෝ කෙලිනා බව වැටහී ගිය කළ, දෙවියෙක් සේ වෙස්වලාගෙන බබා හුකුං පාට දාන්නේ, දෙවියකු නොව යමයකු බව වැටහී ගියේය.

මේ රටේ තිබුනේ කොතරම් අමානුෂික, මිනීමරු, කොල්ලකාරි, පජාත පාළණයක්ද කියා, ඊයේ වසන්ත සමරසිංහ විසින් හෙලිකරනා ළද හෙලිදරව්වෙන් ඉතා පැහැදිලිව පෙනෙන්නේය. පසු ගිය රජය පැවති සමයේ රුසියන් තානාපතිවරයා හැසිරුන ආකාරය ආන්ඩුවට පොඩි හෝ සම්බන්ධතාවයක් ඇති සියල්ලෝම දන්නා කාරනයකි. අළුතෙන් ඉඳිවන රුසියානු තානාපති කාර්යාලය ඉඳිවන භූමිය අත්පත් කර ගත් ආකාරය ඇඟ කිලිපොලා යන සුළුය. 

එම ඉඩම ආන්ඩුව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත. උසාවියෙන් අයිතිකරුට සාධාරණය ඉටු වී ඇති අතර, එහි කිසිඳි ඉඳිකිරීමක් නොකරන ලෙස උසාවි නියෝගයක් ලැබී ඇත. එහෙත් පැවතියේ නඩුත් හාන්දුරුවනේ, බඩුත් හාන්දුරුවනේ නේද අපේ හාන්දුරුවනේ ආන්ඩුවක්ය. උන්ට උසාවි නියෝග වලින් කම් නැත. සියල්ල මහ රජුට අයිතිය. සන්නස් පිරි නමා තිබෙනුයේ ඒ මානසිකත්වයෙනි. 

කෙසේ හෝ ඉඳිකිරීම් වලට ගේම ඇද්ද ඉඩම් හිමි කරුට, යම් කිසි ස්ථානයකට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලැබේ. එම ස්ථානයට ගමන් කළ ඉඩම් හිමි කරුට වාහනය තුල සිටියදීම එල්ල වන්නේ, T 56 අවිවලින් එල්ල කරන ළද වෙඩි වරුසාවකි. වෙලේ සුදාට එරෙහිවූ පොලීසියේ උසස් නිළධාරියා නැගෙනහිර පළාතට මාරු කිරීමෙන් නොනැවති, මඩකළපුවේ පොලිස් බැරැක්කයක් තුලදීම මරා දමන්නේත් මේ ආකාරයටමය. එමෙන්ම කොළොන්නාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය කුඩු මාෆියාවට එරෙහිව ක්‍රියා කල නිර්භීත පොලිස් නිළදරුවා, කුඩු බිස්නස් කළා යැයි කියමින් සිරගත කරන්නේත් එම යම පාළණයෙන්මය.

අද මේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව ඉදිරියට එන්නේ එම ඉඩමේ හිමිකරුගේ දරුවන්ය. අද ඔවුනට ඉඩම මෙන්ම තම පියාද නැත. මෙහිදි අප සලකා බැලිය යුතු වැදගත් කරුණක් ඇත. එනම් ඔවුන් තම අසාධාරණය ඉදිරිපත් කරන්නේ නව රජයට නොවේ. ඔවුන් එය ඉතිරිපත් කරන්නේ ජෙප්පන්ටය. ඒ ඇයි..? ඉතාම වැදගත් කරුණ මෙයයි. ඒනම් ඔවුනට මේ ආන්ඩුව කෙරේද කිසිම විශ්වාසයක් නොමැති බව නොවේද?

බහුතරයක් නොමැති මේ ආන්ඩුව රැකගැනීමට ඕනෑම පජාත වැඩක් කිරීමට වත්මන් රජයට කිසිඳු විලි ලැජ්ජාවක් නැත්තේය. වෙලේ සුදා සමඟ සම්බන්ඳත පැවත්වූ බවට CCTV සාක්ෂි පවා තිබියදි, කුඩු දුමියා එලියේ සිටින්නේ ඒ හේතුවෙනි. ආන්ඩුවට විරුද්ධව මරි මෝඩ සිංහල ජනතාවගේ ලේ කුපිත කරවන රජගෙදර රිලවාට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේද, චෝදනා එල්ලකිරීමෙන් ඔහු නිහඬ කර ගත හැකියයි කියා සිතනා නිසාය. රිලවා රිලා නැටුම් පෙන්වන්නට එන්නේ නැති බව ඇත්තය. එහෙත් ඌගේ පක්ෂයේ මූසල් මෝල් මාද්දිය ප්‍රකාසොකයා, ජනමාද්දිය නිදහස එකසිය ගනනින් බුක්ති විඳිමින්, පැය 24 තුලම කරන්නේ සිහළ බෞද්ධ ජාතිවාදය වැපිරීමයි.

ඒ මදිවාට අද දින "අද" පත්තරයේ හෙඩිම දකිනා විට, මේ ආන්ඩුව කෙරේ ඇතිවන්නේ පිලිකුලකි. එනම්, යම පාළණය තුල උන් මැති ඇමතිවරුන්ටද තවමත් වාහන දෙක බැගින්, ජනාධිපතිගේ ලේඛමා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මුදා හැර ඇති බවයි. මෙහෙම ආන්ඩු කිරිල්ල කප්පම් ගෙවමින් බිස්නස් එකක් ගෙනියනවා වාගේ වැඩකි. අල්විස් කොමිසමට දිනපතා එන දූෂණ චෝදනා හා හොරකම් ගැන අද වන තෙක් ගත් එකඳු ක්‍රියා මාර්ගයක් නැත. වාහන දෙකක් දෙන උන් කවදාවත් මෙවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරනු ඇත.

මේ ගොන් අලින්ට මේවායේ රඟ තේරෙනුයේ අලි පුක බිම ඇනුන දාටය. මන්ද මේ වාහන චෝදනාවට පිළිතුරු දුන් වත්මන් ආන්ඩුවේ රෙදි අපුල්ලන්නා වන, රාජිත සෙනාරත්න කිසි හිරිකිතයක් නැතිව මේ සියල්ල සාධාරනැයි කියමින් කතා කරනා නිසාය.

අලියනි ඔබට "අබ සරණ" උදාවූයේ නැත. යමයන්, මල පෙරේතයන් හා කුම්බාන්ඩයන් නැවතත් මේ රට පාළණය කිරීම නවත්වා ගැනීමට තවමත් ඔබට ඉඩ ප්‍රස්ථාව ඇත.. කොඩිවිනය වලලන්නට ඉඩ නොදෙනු.. බබ හුකුං වලට නොරැවටෙනු.. රෑ වැටුනු වලෙ දවල්ද නොවැටෙනු..

අල්ලස් හා දූෂණ කොමිසමේ දූෂණය මුලින්ම නැති කර දමනු..

ලියන්නට උන්නේ වෙන මළදානයක්ය. ලිය උනේ වෙන මළහත්තිලව්වක්ය.. කළින් ළිපියේ ඉතිරි කොටස පසුවට..

87 comments:

  1. අපි එක...කමෙන්ට් එක පස්සෙ දාන්නම් හරියට කියවලා...හැක්...

    ReplyDelete
  2. මේ යහ පාලනේ හරියට නොකෙරුවොත් පහුගිය ආණ්ඩු පාණ්ඩු වලට වැඩියෙ හපන් වැඩක් මුන්ට වෙන්නෙ...එච්චරයි දැන්නම් ඇඟට දැනෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ගිය සැරේ අවුරුදු දෙකක් උන්නා.. මේ සැරේ අවුරුදු දෙකක් උන්නොත් ළොකු දෙයක්..

      Delete
  3. හුණු ඇති කිල්ලෝටෙ අඩියට වෙන්න.

    ReplyDelete
    Replies
    1. මල්ලේ හුණු කියලා ගහලා තිබුනට අඩියෙවත් නෑ මයෙ හිතේ.. හිස් මල්ලක් වගේ බං..

      Delete
  4. මටනම් හිතෙන්නෙ ඔක්කොටම ඉස්සෙල්ල මහ මැතිවරණයක් ඕනැ. හැබැයි ඊට ඉස්සෙල්ල ජරා පප්පලා ටික එළිදරව් කරගත්තෙ නැත්තං අපේ විචක්ෂණශීලී චන්දදායකයො ටික මොකාට බලය දෙයිද දන්නෙ නෑ. මේක කොටි වලිගයක් (සමාවෙන්න දිවි වලිගයක්) අල්ලගත්ත වගේ කෙළියක්නෙ. යහපාලනෙත් ඕනැ. දූෂණ එළිදරව් කරන්නත් ඕනැ. බලය ස්ථාපනය කරගන්නත් ඕනැ. වෙලාවකට බයත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අද පවතින දේශපාළණ වාතාවරණය අනුව, මහින්ද අගමැති වෙන එක වලක්වන්න බෑ..

      Delete
  5. බය වෙන්න එපා මාතලන්...
    මහමැතිවරණයක් ඇවිත් ඒ ජන්දේ ඉවර උණත් උඹට මේ ලිවිල්ලනම් නවත්වන්න වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. කොහොමත් මැරෙණකම් ඒක නවතින එකක් නෑ...

      Delete
  6. ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කියන එක මින් ඉදිරියට හීනයක් විතරයි. ආපහු කවදාවත් ඒ ආකාරයේ දේශපාලන සංස්කෘතියක් ඇතිවෙන්නේ නෑ. මේ ඇතිකරපු,පවත්වාගෙන ගිය පාදඩ දේශපාලන සංස්කෘතියේ දිගුවක් ඇතුලේ තමයි අපිට හැමදාම ජීවත් වෙන්න වෙන්නේ . මෙතනින් එහාට පාදඩ කරණය වීමේ සීග්‍රතාවය විතරක් අඩුවෙයි. අපි ඡන්දේ දුන්නේ පාදඩකරණය වීමේ සීග්‍රතාව අඩු කරන්න මිසක් 100%ක් යහපත් තැනක් කරන්න නෙවෙයි කියන එක මම නම් අවෝධ කරගෙන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම ම සිතන්න එපා ඉවාන් අයියෙ .......

      Delete
    2. හානේ කෙන්ජි මල්ලා ............ දැක්ක කල් !!!!!!!

      Delete
    3. ආලෝ.......මැලේ අයිය.....
      මම දැන් fb පදිංචි..........

      Delete
    4. මහ මැතිවරණයත් මනාප ක්‍රමය යටතේ තියන්න යන නිසා අඩුවෙන් නරක අය තෝරාගැනීමේ චාන්ස් එක ලැබෙයි. ඒත් නරක කියන එක ගැන චන්ද දායකයින් සියලු දෙනාම එක මතයක නෑනෙ. අනාථ වෙච්ච ගෑණුත් ඉන්නවනෙ ආයිත් එයා එනකම් බලාගෙන

      Delete
    5. මේ කොමෙන්ටුව එක්ක මාත් සියයට සියයක් එකඟයි

      Delete
    6. ඉවාන් කියන දේ සාධාරණයි.. ඒත් මම හිතුවා අලියෝ දැන් හැදිලා ඇති කියලා.. කොහොමත් ජෝන් වැල් ජෝන්ට විස්වාශභංගයක් ගෙනත් පරද්දනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. අනික ප්‍රා කියනවා වගේ අනාථ වෙච්චි පිරස විශාලයි.. කාල්ටන් බණ පලේ හිටපු වැස්සි විතරක් නෙමෙයි.. මහරජ තුමාගේ පට්ටියේ වැස්සියෝ සූ ගාලා උන්නේ.. ඒ ඇරුණම ඇමති සෙට් එක ඇර අනික් හැම තැනම ඉන්නේ මහරජානන්ගේ පිරිස.. මේ කළබලේ කරන ගොන් වැඩත් එක්ක.. දැන් මහින්ද මහත්තයා ආයෙත් බලයට එන්න තියෙන ඉඩ කඩ බොහෝම වැඩියි.. සන්ධානෙන් ඉල්ලිවොත් නම් අලින්ට ඇපත් නැති වෙනවා..

      මහින්ද කන්ඩායම.. ජාතීවාදයෙන්, සන්නද්ධයි.. සම්පූර්ණයි.. තුමනි

      Delete
  7. අල්ලස් එකට එල අල ගෙඩියක් දැම්ම නේද.......

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් වල හරි කොමෙන්ට්ස් වල හරි.. කාන්තාවන්ට.. කෑල්ල, ගෙඩිය අරක මේක කියලා දාන්න එපා කෙන්ජි.. මේකේ ඉන්න වැදගත් ගෝත්‍රිකයන්ට කේන්ති යනවා.. ඒත් ඉතින් රේප් කේස් කරන්නෙත්.. අනුන්ගේ ගෑණුන්ට බණ කියන්න යන්නෙත් එයාලමයි.. :)

      Delete
  8. දෙයක් කරන්න ඕනෑකම ඇති සුළුතරයයි කොහොමහරි මඩිය තර කරගන්න බලං ඉන්න සුළුතරයයි හොරා කෑ එව්ව එහෙමම තියාගෙන සදාකල් ආණ්ඩුකරන පැත්තේම ඉන්න බලං ඉන්න බහුතරයයි එකතුවෙලා මොන යහපාලනයක්ද? මීට වඩා හොඳයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියානං.

    ReplyDelete
    Replies
    1. ඒක කරන්න තිබුනේ මුලින්ම.. දැන් හත්පොලේ ගාගෙන තියෙන්නේ.. කරපු චෝදනා එකක්වත් ඔප්පු කරලා නෑ.. ඇතුලට දාපු තුන් දෙනාගෙන්, දෙන්නෙක් අලි පාටියේ උන්.. ජෝන් වැල් ජෝන් නානවා.. සිංහළ කොටින්ට තලු මර මරා කන්න ටොපික් ඕසෙට.. උතුරේ අග්‍රාණ්ඩුකාරයා මාරු කලා.. හමුදා කඳවුරු වලට සීමා කරනවලු.. අධි ආරක්ෂක ඉඩම් දෙමළ අයට දෙනවලු.. ඕවා කරන්න තිබුනේ අලි බලයට ආවයින් පස්සේ.. මට නම් පේන්නේ මෛත්‍රී මහින්ද චන්ද්‍රිකා එකතු වෙලා නියම ගුලියක් කවනවා අලින්ට...

      Delete
  9. ඇත්තෙන්ම මාතලන්ගේ අපක්ෂපාතීත්වය නිරූපණය කෙරෙන ලිපියක්. වචනයෙන් සේම ක්‍රයාවෙන්ද ඔබ එය ඔප්පු කිරීම මහත් සතුටක්.

    ඒකනෙවෙයි, මේ පාරනම් සීනුවෙන් සෑහෙන වැඩක් ගන්නවෙයි හොඳේ.. වැඩි ප්‍රමාණයක් ඇතුලට තල්ලුකරගත්තොත් කාට කාටත් හොඳයි ඔන්න!

    ReplyDelete
    Replies
    1. http://www.thesundayleader.lk/20080210/Issues.htm

      JVP founder Rohana Wijeweera, whose dream was to create a Marxist state via popular revolution, utilised the 13th Amendment controversy to maximum effect. Seizing the opportunity to cause the administration system of the country to collapse, Wijeweera ditched his earlier support of India to capitalise on the chaos.

      When the killings began, the UNP government had to struggle to maintain order in the country. During the two-year JVP insurgency, some 6,577 persons were butchered out of which over 500 were police and armed forces personnel. The vast bulk of those who suffered the wrath of the Red brigade in the south were innocent civilians.

      A glance at the box on this page of the JVP's victims will reveal to readers a frightening truth when the calibre and position of those killed is taken into account. Not even the LTTE in its decades long war has managed to rack up such a combined total of southern school principals, doctors, Buddhist monks, politicians, intellectuals and public service officers. Even if the LTTE figures are comparable to those of the JVP, remember that the LTTE have been at it for over 30 years - the JVP accomplished comparable butchery in just under five years.

      Slaughtered

      The slaughtered Buddhist monks included Ven. Pohaddaramulle Premaloka Thero, Ven. Kotikawatte Saddhatissa Thero, Ven. Wewaltotha Pannadassi Thero, Ven. Thiranagama Ratanasara Thero and Welimada School Principal, Ven. Indrasumana Thero.

      Among the UNP legislators brutally wiped out were Keerthi Abeywickrama (Deniyaya), Jinadasa Weerasinghe (Tangalle), G. V. S. de Silva (Habaraduwa), Lionel Jayathileke (Kuliyapitiya), W. M. P. G. Banda (Welagedara), Merrill Kariyawasam (Agalawatte), Daya Sepali Senadhira (Karandeniya) and Lesley Ranagala (Borella).

      Two UNP Party Chairmen, Harsha Abeywardene and Nandalal Fernando were also killed in quick succession.

      Among politicians representing other parties, the JVP elimination list includes SLMP Leader, Vijaya Kumaratunga, S. B. Yalegama (Matale), Indrapala Abeyweera (Kalutara), Devabandara Senadheera and Hector Jayasinghe (Deraniyagala).

      Distinguished scholars put to death by the JVP violence include Vice Chancellor, Colombo University, Prof. Stanley Wijesundera and Prof. Patuwatawithana, their sin being their dedication to make the institution run despite the raging violence outside.

      Top police officials assassinated in the line of duty include DIG Terence Perera and DIG Bennet Perera. Public servants were not spared. Pharmaceutical Corporation Chairperson, Gladys Jayawardena was executed by the JVP for importing Indian medicine for sale to the public.

      Artistes were not spared either. Veteran broadcaster and pioneer Chairman of ITN, Thevis Guruge, popular broadcaster, Premakeerthi de Alwis, presenter/singer, Sagarika Gomes and several others were given JVP death sentences for reasons best known to them.

      The JVP's current leading role on workers' rights and trade unions is almost hysterical. Trade union leaders such as L.W. Panditha, Gamini Medaragedera and several other labour activists were either shot, cut to pieces or burnt alive in the JVP's "revolution."

      Delete
    2. චැහ්! මට ඉංගිරිසි ටිකක් ඉගෙනගන්න බැරිවුනානේ.

      Delete
    3. //චැහ්! මට ඉංගිරිසි ටිකක් ඉගෙනගන්න බැරිවුනානේ.//

      නරකද පැරනි ජවිපෙ ක්‍රියාදරයෙකු වූ පැරා ගෙන් ඉන්ගිරිසි ඉගෙන ගත්තනම්?

      Delete
    4. 17ක් විතර

      Delete
    5. අපි දිව දෙකේ ගැරඬි නෙමෙයි පුතා.. මාධ්‍යවේදය කියන්නේ මොකක්ද කියලා තවමත් ඉගෙන ගන්න පොරවල්.. ඒක ක්‍රියාවේ යොදවන්න උපරිමයෙන් වෙහෙසෙනවා...

      Delete
  10. ශ්‍රී ලංකා එකේ හොඳ එවුන් ,හොරු කියල දෙපිරිසක් නෑ. හැම එකාම හොරු.හැම එකාගෙම ෆයිල් මහින්ද ලඟ තිබුනනෙ.
    යූඇන්පී සමහරුන්ට ඕන මේ තැන්වලට ආදේශ වෙන්න.පරන ක්‍රමය වෙන නම් වලින් ගෙනයන්න.ජනාධිපතිතුමාට බලපෑම් ඇති ආයෙ පරණ ක්‍රමයට යන්න.
    මහින්දානන්දයත් පොර ටෝකක් දාල තිබුනෙ.

    හොරු ඇල්ලීම තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕන කාරණේ.හොරු එකෙක්වත් අල්ලන්නෙ නෑ.ශ්‍රී ලංකා හොරු යූඇන්පිය එක්ක ඩීල් දානව.රන්ජන් විතරයි ගොන් ආතල් එකක්වත් දෙන්නෙ.අනික් එකම එකෙකුටවත් ඕන නෑ හොරු අල්ලන්න
    දුමිය වාගෙ එවුන් පක්ෂ දෙකම අල්ලගෙන හිටපු එවුන්.පවුල් මට්ටමෙනුත් හිතවත් අයලුනෙ,

    හොරා පොලිස් සෙල්ලම විහිලුවක් වෙනව බොරු චෝදනා නිසා.
    ඒ නිසා නිසැකවම ඔප්පු කළ හැකි චෝදනා මත නඩු පැවරීමයි කරන්න ඕන.එහෙම නැතිව මාධ්‍ය සංදර්ශන තියලනම් වැඩක් නෑ
    2001 දි පොදු පෙරමුනේ හොරු බේරුන විදියටමයි මේ පාර සංධාන හොරුත් බේරෙන්නෙ.
    මේ ආණ්ඩුවයි කලින් එකයි වෙනසක් නෑ කියන මතය සමාජගත වෙන එක යහපාලනයට හොඳ නෑ.

    ඊයෙ ගෙනාපු ඖෂධ පනත නම් හොඳටම හොඳයි. ඒක අදහන්නත් බැරි තරම්. සාමාන්‍යයෙන් මේ වගෙ වැඩ කරන්නෙ සමාජවාදී ආණ්ඩුවලින්.

    ReplyDelete
    Replies
    1. හැම පක්ෂයකම සුළු පිරිසක් ඉන්නව සාපේක්ෂව හොඳ අය. හොරකමට අමතරව මැරකම, පාදඩ කම, කුඩු එතනෝල් බිස්නස් කාරයන් නැතිව අඩු නරක පිරිස එක්ක ගමන යන්න වෙනව. එහෙම නැතුව මුළුමනින්ම වෙනසක් කරන්න බෑ.

      Delete
    2. මට පේන්නේ ඔක්කෝමගෙම පොදු සතුරා වෙලා ඉන්නේ එජාපය. ගොන් අලි මෛත්‍රිගේ ගිලි එකසිය ගානට කනවා.. එහෙම නැත්නම් උන් එකසිය ගානේ පිස්සුවක් කෙලින්නේ.. මේ බලය බොහෝම තාවකාලික දෙයක්.. මොළෙන් ගේම නොදී.. පිස්සු කෙලියොත් මාස දෙකක් වත් ඉන්නේ නෑ.. සිරි ලංකා කරයන්ගේ ගේම කුකුළන් කෙටවීමේ වැඩසටහන් වලට එන දේශපාළුවෝ දෙන ටෝක්ස් වලින් බොහෝම ලේසියෙන් අඳුනගන්න පුළුවන්..

      Delete
  11. මෙහිදි අප සලකා බැලිය යුතු වැදගත් කරුණක් ඇත. එනම් ඔවුන් තම අසාධාරණය ඉදිරිපත් කරන්නේ නව රජයට නොවේ. ඔවුන් එය ඉතිරිපත් කරන්නේ ජෙප්පන්ටය. ඒ ඇයි..? ඉතාම වැදගත් කරුණ මෙයයි. ඒනම් ඔවුනට මේ ආන්ඩුව කෙරේද කිසිම විශ්වාසයක් නොමැති බව නොවේද?//

    මේ අය විතරක් නොවෙයි. ජනතාව හොරු ගැන වැදගත් සාක්ෂි එහෙම දෙන්නෙ ජේවීපී එකට. ආණ්ඩුවට දුන්නොත් ඒව හොරුන්ටම දැනගන්න ලැබෙන බව දන්නවා.

    ReplyDelete
    Replies
    1. හොඳම උදාහරණය ඊයේ බන්දුල ගුණවර්ධනයා අල්විස් කොමිසමට පැමිණීම. ජෙප්පෝ ඌට ගේම ඇද්දේ පෙරේදා.. ඊයේ ඌ ඒවට උත්තරත් අරගෙන කොමිසම ඉස්සරහා.. කොහෙන්ද මේවා ලීක් වෙන්නේ.. ඒ කියන්නේ ඇතුලෙන් ඔක්කෝම මහින්දලට යනවා...

      Delete
  12. හොරකම් ඇල්ලිල්ල සම්බන්ධයෙන් ජෙප්පන් හැර අනෙක් අය විශ්වාස කරන්න අමාරුයි. ආණ්ඩුව පැත්තෙන් තියන අවුලත් එ්කයි. කොහොම උනත් දින සීය ඇතුලත යම් විශ්වාසදායි දෙයක් මේ අංශයෙන් සිදුවුනේ නැත්තං යූඇන්පීයට ලෙහෙසි නෑ. මොකද බඩුමිල අඩු කිරීම වගේ දේවල් වලට අමතරව යහපාලනය ගැන බලාපොරොත්තුවෙන් ඡන්දය දීපු විශාල පිරිසක් ඉන්නව. (ජවිපෙ ආසන ගනන වැඩි වෙන්න පුළුවන්)

    කොහොම උනත් ජනතාවට සෑහෙන වගකීමක් තියනව වැරදි අඩු උදවිය පාර්ලිමේන්තුවට යවන්න

    ReplyDelete
    Replies
    1. පිස්සුද රාජ් මෙයාලට වරදින එකේ වාසිය යන්නෙ ජහ පාලන අයට

      Delete
    2. සරා සමඟ 1000% එකඟයි.. හේතු.. මම උඩින් රිප්ලයි විදියට දැම්මා...

      Delete
  13. මාතා, අප තෙරුම්ගතයුත්තේ එකස්ත්ජතික පක්ෂයටයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අවශ්‍ය දුෂණයෙන් තොර ලොවක් නොවෙයි!!
    මට කියන්න පවතින මැතිවරණ ක්‍රමයේ සිටිමටනම් අනිවාර්යෙන් දුෂණය අවශ්‍යවේ (මැතිවරණ ක්‍රමය වෙනස්වුවිට හෙළ උරුමය වැනි පක්ෂය වල
    බලය සේදීයාම නොවැලක්විය හැකියි ) ඉතිං මෙම ක්‍රමය වෙනස් කිරීමට කිසිදු දෙසපලන්නයකු ඉදිරිපත් නොවේ

    දැන් ඔබ ජනතාවිමුක්තිපෙරමුන මෙම ක්‍රමය වෙනස් කිරීමට කැමති කුමක් නිසාදැයි බලමු. ඔවුන් මෙසේ හැසිරීමෙන් වර්දනය වන්නේ ඔවුන්ගේ චන්ද පදනමයි , දැන් ඔබ මගෙන් අහයි එහෙ නම් එක්සත්ජාතික පක්ෂය මෙය නොකරන්නේ ඇයි දැයි ? කියා .

    හේතුව ඉතා සරලයි ඔබ කලින් කියා ඇති පරිදි අප රටේ සිටින්නේ ගෝත්‍රිකයන් බැවිනි!

    උදාහරණ :- මහින්ද ට විරුද්ද චෝදනා ගොනුකර නීතිමය පියවර ගත්තොත් කුමක් වේවිද ? ඔබ දැක්කද උපාසිකාවන් මැදමුලනේ වන්දනාවේ යන අපුරුව !
    ඔහුට විරුන්දව චෝදනා ඔප්පුවුවිට සිදුවන්නේ මහා විසල අනුකම්පාවක් මහින්ද වෙත ලැබීමයි (ලොක්ක කොහොමත් නළුවා )

    කරුණාකර දැනට පවතින නීතිමය තත්වය විමසා බලන්න සමහර විට ඉදිරි මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණේ අපේක්සකය ලෙස මහින්ද අවොත් කුමක් වේවිද ? ඊට සිරිසේන මහතා එකග වුනොත් කුමන තත්‍වයක් ගනීද ?

    රනිල්ට අස් ඇරෙන්නේ එතකොට තමයි !

    මට පෙන ලෙස සිරිසේන මහතාට අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම සගයන් ගේ වැඩි බලයක් ඇති ආණ්ඩුවක් (මෙය සිදු කර ගැනීමට ඔහුට කළහැකි හොදම දෙයනම් නැවත මහින්ද තමා ලගට ගැනීමයි )

    දෙසපලනයේ මිතුරන් මෙන් ම සතුරන් නොමැතිබව මතකතබා ගන්න

    ජනතාව ලෙස අප කලයුත්තේ දින 100 වැඩපිළිවල උපරිම ලෙස ක්‍රියාවේ යෙදවීමට බල කිරීමයි !

    ReplyDelete
    Replies
    1. දූෂණය පිළිබඳ කරුණු හැරුනම ඔබේ අනිත් මතයන් සියල්ලම සමඟ අකුරක් නෑර එකඟයි..

      ළෝකයේ දියුණුම රටවල පවා, 5% ක දූෂණයක් තියෙනවා කියන එක තමයි පිලිගැනීම...

      Delete
  14. චම්පිකගේ බිලියන 250 ඡන්ද ව්‍යාපාරය

    ලංකාදීපෙ ගරු චම්පික රණවක ඇමතිතුමාගෙ සාකච්ඡාවකදි කියනව මේ ජනතාව පැරැද්දුවෙ බිලියන 250ක ඡන්ද ව්‍යාපාරයක් කියලා. මේක වෙන තැන් වලත් මෙතුමා කියල තිබුණා. මාස් 3න් දෙනවයි කියපු සහන මාස 5 වෙන ඒවයි, අප්‍රෙල් වල තියෙනව කියල ලියල කියපු මැතිවරණය ජූනි වල තියෙනව කියන ඒවයිත් ඒ ඉන්ටර්විව් එකේම කියනව. ඒ ටික අයින් කරල මේ ඉලක්කම් වලින් කියන එක අනුව එතුමගෙ කතා වල දිග පළල බලමුකො.

    නිකන් උදේ පාන්දර හීනෙන් නැගිටල 5 වරක් 50, 250යි ඒ නිසා මහින්දගෙ ඡන්ද ව්‍යාපාරයට බිලියන 250ක් ගියා කියල හරි යන්නෙ නැහැනෙ. එතුම වෘත්තිකයින් ඇමතු ප්‍රබුද්ධ දේශපාලකයෙක් කියලනෙ කියන්නෙ. දැනට තියෙන 2013 දත්ත වලින් තමයි මේක කම්පෙයා කරන්න වෙන්නෙ.

    1) දක්ෂීණ අධිවේගී මර්ගයට දැනට තියෙන අවාසිම දත්ත දැම්මත් බිලියන 100ක් වැය වෙලා නැහැ. මහින්දගෙ මාසෙක ඡන්ද ව්‍යාපාරයට බිලියන 250ක්, ඒ කියන්නෙ දක්ෂිණ අධිවේගී මාර්ග 2ක් හදල තව ඕන නන් චොපර් ටිකකුයි බකින්හැම් මාලිගයෙන් රත්තරන් අස්සයො කීප දෙනෙකුයි ගන්නත් සල්ලි ඉතුරු වෙනවා !

    2) රජයේ ආදායම බිලියන 1153 ( ආදායමයි , දළ දේශීය නිෂ්පාදිතයයි දෙකක්. ඒකත් නොදන්න තොත්ත බබ්බුත් සමහර වෙලාවට නැට්ට පාගන් දඟලන හින්ද විශේෂයෙන් කියන්න වෙලා තියෙනවා. ). එතකොට ආණ්ඩුවෙ වසරක ආදායමෙන් හතරෙන් පංගුවක් වගේ මාසයක ඡන්ද ව්‍යාපාරයට මහින්ද වියදම් කරල තියෙනවා. !

    3) සෞඛ්‍ය සඳහා වෙන් කල මුදල රුපියල් බිලියන 116කි. වසරක සෞඛ්‍ය සඳහා වෙන් කරපු මුදල වගේ දෙගුණයකටත් වැඩිය මහින්ද මාසෙක ඡන්ද ව්‍යාපාරයට වෙන් කරල තියෙනවා. !

    4) මුළු අධ්‍යාපන බජට් එකම බිලියන 157යි. වසරක අධ්‍යාපන බජට් එකටත් වඩා බිලියන 100ක් මහින්දගෙ මාසෙක ඡන්ද ව්‍යාපාරයට ගිහින් තියෙනවා. !

    5) පොහොර සහනාධාරය සඳහා බිලියන 51ක් ගිහින් තියෙනවා. වසරක පොහොර සහනාධාරය වගේ 5 ගුණයක් මාසෙක මැතිවරණයට මහින්දට ගිහින් තියෙනවා. !

    6) එඬේරමුල්ලෙ ඉඳල අඹේපුස්සට හයිවේ එක හදන්න ඇස්තමේන්තු මුදල බිලියන 130යි. මහින්දට ඡන්ද ව්‍යාපාරයට මාසෙකට ගිය මුදල ගත්ත නන් ඒ පාර දෙගුණයක් පළල් කරන්න පුළුවන් !

    හිතල බලන්න. ඇත්ත නන් මහින්දව ගෝල් ෆේස් ගෙන්නල ගඩාෆිට කරපු දේම කරන්න ඕන කියල මාත් කියනවා. හැබැයි බොරු නන්, ඒත් ඒ බොරුව කියපු චම්පික මහත්තයටත් ඒ වැඩේම කරන්න ඕන. ඉන්ටර්නෙට් එකේ තිබුණ එකක්, මර්ජ් කරලද කියල අපි දන්නෙ නැහැ, වගකීම ගන්න බැහැ කියල හරි යන්නෙ නැහැ. බලන් හිටිය වගේනෙ කියන්නෙ. ඉලක්කන් විසි කරල නොදන්න මිනිස්සු මෙහෙම දැන දැනම නොමග යවන එක තක්කඩි කමක්.

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාලේඛන එක්ක යමක් කියන කොට මිනිස්සු ගිනිකණ වැටෙනව. අම්මප ඇත්තද දන්නෙ නෑනෙ කියල හිතෙනවා.මහින්ද හොරකම් කරපු දූපත්,ග්‍රහලෝක හම්බවෙනවලු.හොරකම් කළ ප්‍රමාණය බිලියන මෙච්චරලු ට්‍රිලියන මෙච්චරලු කියල කියනවා
      අපි දන්නව යූඇන්පියට කටකතා බලකායක් තිබෙන බව. රනිල්ට බෑ කියන කතාව මතුරල ඒක මිනිස්සුන්ගෙ ඔළුවලට දාපු මංගලය ගැනත් දන්නවනෙ.

      හැබැයි ශ්‍රී ලංකා එකේ උඩ ඉදන් පහලටම හොරකම් කෙරුව. රාජපක්ෂලත් හොරකම් කෙරුව. නමුත් ඔය බිලියන ට්‍රිලියන කතානම් අතිශයෝක්ති.ඕවගෙන් වාසි වෙන්නෙ රාජපක්ෂලට විතරක් නොවෙයි හොරාකාපු ඔක්කොටම.

      මේව මේ මාධ්‍ය සංදර්ශනවලට කරන්නෙ.මේ එකක්වත් උසාවි ගෙනියන කේස් නෙමේ.මේ වගේම සංදර්ශන කෙරුව 1994 දි. එජාප රජයෙ මිනීමැරුම් ගැන. නමුත් සංදර්ශනය ඉවරවුනා.ඡන්ද ගත්තා.එතනින් ඉවරයි.1994 ට පෙර එජාපයෙ හොරු මිනීමරුවො,කුඩුකාරයො ඔක්කොම බේරුනා.පොදු පෙරමුණේ හොරු ටික 2001 දි බේරුනා.එක හොරු ටිකක් වෙනුවට තව හොරු ටිකක් පත්කරගැනීමයි කරන්නෙ

      ඔය සෙල්ලමම තමයි දැනුත් යන්නෙ. මාතලන්ල වගෙ අය මෙහෙමවත් අවංකව කතා කරනව.අපිට මේ හොරකම් බලන් ඉන්න බැරි නිසා කොමෙන්ට් කරනව .
      මම නම් කියන්නෙ ගැලරිය ඉලක්ක කරගෙන කරන මේ බොරු චෝදනා නවත්වන්න. මේ බොරු ඔප්පු කරන්න බෑනෙ.මේව උසාවි ගෙනියන්න බැරි බව කියන අයම දන්නවනෙ.මේව පච වුනහම ඇත්ත චෝදනා ගැනත් මිනිස්සු සැක සිතනව.

      Delete
    2. ඔය ගනන් හිලව් නෙමෙයි තිබෙන ප්‍රශ්ණය. ප්‍රශ්ණය ඇවිල්ලා කොයි තරම් හොරකම් කරලා තියෙනවද කියන එක. හොඳම උදාහරණය වාහන. ජනාධිපති යටතේ පමණක් වාහන 707 ක්. පවුලේ අයට වාහන එකසිය ගනනක්. ආරක්ෂකයෝ 4000. ඒ මදිවට යහ පාළණයෙනුත් විරුද්ධ පක්ෂේ උන්ට වාහන දෙකක්.. මහින්දලා, සිරිසේනලා හිතනවද දන්නේ නෑ මේවා එයාලගේ අම්මගේ අප්පගේ බූදලේ කියලා.. මේ අපේ බදු සල්ලි..

      Delete
    3. චම්පික මහත්තයා හොරු, රටේ දූෂන වංචා, මොගා ඩිල් ගැන දන්න එයෙක් ඉන්නවානම් විස්තර දෙන්න කියා මාධ්‍යයෙන් ඉල්ලුවා. මම චම්පික රණවකගේ ආලාපාළු ආර්ථිකය පොත තැපැල් කළා චම්පිකටම.

      Delete
  15. පාලනයද පාළනයද??? කියනු මැන සකි සද... කෝ මේ ප්රාරාරා???

    ReplyDelete
    Replies
    1. දේශක යා ද? දේශකයා ද?

      Delete
    2. මාත් දැනුයි ඒක නෝට් කලේ. මොකෝ බන් ඒ දේශක යා?

      Delete
    3. සිරාවටම දේශක යා ද? දේශකයා ද?

      Delete
    4. බූරුවා.

      Delete
    5. දේශය කා ද? දේශ යකා ද?

      Delete
    6. මොකක් උනාම මොකද බං... ලියලා තියෙන දේ තේරෙනවා නම්.. භාෂාව හා අකුරුත් පරිනාමය වන දේවල් නේ.. උඹට පුළුවන්ද අර පොලොන්නරුවේ තියෙන ගල් පොත කියවන්න.. සීගිරියේ කුරුටු ගී කියවන්න..

      Delete
  16. දැන් දැන් යහපාලනේ රෝන්ග් ට්‍රැක් යනු පෙනෙයි. කොහොමහරි නියම පාරට තල්ලු කොර ගන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට තල්ලු කරන්න හොඳම අවස්ථාව ලැබෙන්නේ කතිර ගැහිල්ලේදී පමණයි.
      දැන් ඒ වෙලාව පහු වෙලා. දැන් එක්කෝ කට බලියන් ඉන්න වෙනවා.
      එහෙම නැත්නම් පාරට බහින මල්ලිලා එක්ක සෙට් වෙලා පාරට බහින එක තමයි කරන්න වෙන්නේ.

      Delete
    2. ප්ලස් පොයින්ට් එකකට තියෙන්නේ බජට් එක විතරයි.. අනිත් ඔක්කෝම හත් පොලේ ගාගත්තා...

      Delete
  17. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඡන්දෙට ඉස්සර තිබුණ උවමනාව දැන් නෑ වගේ නේද?. දිස්තිරක්කයක් පුරා පොර කකා මනාප හොයන්න දුවන්න සල්ලි කාරයො (හොරු, තක්කඩි පාහර චන්ඩි)පැන ගනීවි. පක්ෂෙ ලේකම්ගෙ කණෙන් රිංගන එක මහ දෙයක් වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලේඛම්ලගේ කනෙන් රිංගන්න, ලේඛම්ලා බබ්බුද.. එහෙම නැත්නම් නහය විදින්න දෙන හරක්ද...?

      Delete
  18. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඡන්දෙට ඉස්සර තිබුණ උවමනාව දැන් නෑ වගේ නේද?. දිස්තිරක්කයක් පුරා පොර කකා මනාප හොයන්න දුවන්න සල්ලි කාරයො (හොරු, තක්කඩි පාහර චන්ඩි)පැන ගනීවි. පක්ෂෙ ලේකම්ගෙ කණෙන් රිංගන එක මහ දෙයක් වෙන එකක් නෑ.

    ReplyDelete
  19. ආ.......මාතලන් අයියා..........

    ReplyDelete
    Replies
    1. හලෝ ලොක්කා... උඹ තාම බිසිද...?

      Delete
    2. ඔව් බං අයියෙ....ජොබ් එකට වැඩිය වෙන වැඩ වැඩියි......මට මේ පෝස්ට් එක බැලුවාම,චන්දෙට කලින් පෝස්ට් එකකට මම දාපු කොමෙන්ට් දෙකක් මතක් උනා....අයියට මතකද දන්නෙ නෑ......අර උදාහරණ කතාව...

      Delete
  20. පරන කතාවම අලුත් නලු නිලියො දාල අපිට බලන්න දෙන්න වගෙ හදන්නේ

    ReplyDelete
    Replies
    1. හදන්නේ මොකක්ද බං... ඒකම තමයි.. ඒමදිවට උන් නියමෙට ඇඳලා ඉන්නේ...

      Delete
  21. අනෙක් සියලුම දෙනාම වාගේ තම පුද්ගලික/දේශපාලනික එදිරිවාදිකම් මත පළි ගැනීමේ චේතනාවෙන් නීතිය ක්‍රියාත්මක කළත්, ජවිපේ තම දේශපාලනික එදිරිවාදිකම් පසේක තබා ජනතා ප්‍රශ්ණ වලට මැදිහත්වීමට ප්‍රමුඛතාවය දීම හේතුවෙන් ජනතාව සිය ප්‍රශ්ණ ජවිපෙට ඉදිරිපත් කරයි.

    නමුත්,වත්මන් රජය ද දේශපාලන පළිගැනීම් හැරුණ විට කිසිම ජනතා හඩකට සවන් දෙන බවක් පෙනෙන්න නැතිය.
    තිස්ස අත්තනායක අත්අඩංගුවට ගැනීමට පෙර රටේ විසඳීමට නීතිය කරවීමට බොහෝසාධක ඇත. රනිල් මහතාට ගල් ගැසූ අය සිර කිරීමට පෙර රටේ විසදීමට බොහෝ ප්‍රශ්ණ ඇත.
    මහින්ද මහතා මෛත්‍රීගේ සොයුරාට මනම්පිටිය වැලි නොදුන් බැවින් එහි වැලි ප්‍රවාහනය නතර කිරීමට වඩා මූලිකත්වය දිය යුතු සාධක අනන්තය.
    නමුත්, මොහුන් තම දේශපාලනික එදිරිවාදිකම් පමණක් බලයෙන් පිරිමසා ගනී.
    දුමින්ද සිල්වා ට එරෙහිව නීතිය කෙ‍රුනෝත් ඒ හිරුණිකාගේ බලපෑමට මිසක, රටට කුඩූ පෙවූ වරදට නොවේ.
    වැලිවේරිය, කටුනායක, හලාවත සිද්ධි මේ අනුව තව දුරටත් යට යයි කියා සැකයක් මතු වීම සාධාරණය.

    ReplyDelete
    Replies
    1. // ජවිපේ තම දේශපාලනික එදිරිවාදිකම් පසේක තබා ජනතා ප්‍රශ්ණ වලට මැදිහත්වීමට ප්‍රමුඛතාවය දීම හේතුවෙන් ජනතාව සිය ප්‍රශ්ණ ජවිපෙට ඉදිරිපත් කරයි.//

      http://www.divaina.com/2011/10/17/feature.html

      ඉකුත් සතියේ මුල්ලේරියාවේදී සිදුවුණු ෙ€දවාචකයෙන් අද කවුරුත් ඉගෙන ගත යුතු පාඩම් කීපයක්‌ ඇත. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචJද්‍ර යනු මගේ ද සගයෙකි. මට ඔහු අවසන් වරට හමුවූයේ පසුගිය අවුරුද්දේ රාජිත සේනාරත්න ඇමැතිවරයා විසින් විටින් විට සංවිධානය කරන "ශ්‍රම අභිමානී" ජාතික සම්මාන උළෙලේදීය. ඒ අවස්‌ථාවේදී ජාතික ශ්‍රම අභිමානී සම්මානය මටත්, සිරස නාලිකාවේ කිංස්‌ලි රත්නායකටත් ලැබිණි. එහිදී කලකට පසු භාරත හමුවූ අවස්‌ථාවේදී ඔහු මට කියා සිටියේ "ඔයාව දැකල මට අතීතය මතක්‌ වුණේ" යන්නයි. ඔහු එය කීවේ 1987-89 ජනතා විමුක්‌ති පෙරමුණේ භීෂණ සමය ගැනයි. එකල ඔහුත් මමත් එක්‌සත් සමාජවාදී පෙරමුණේ සිටියෙමු. ඉන්දු - ලංකා ගිවිසුමට සහයෝගය දැක්‌වූවාය යන කාරණය මත ජ.වි.පෙ. විසින් අප සියලු දෙනාටම මරණ දණ්‌ඩනය නියම කොට තිබිණි. රට පුරාම ඒ මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමද කෙරිණි. ඇත්ත වශයෙන්ම ඉන්දු - ලංකා ගිවිසුමට සහයෝගය දක්‌වන නිසා මාවාංශිකයන් මරණවාය යන අදහස ජ.වි.පෙ. විසින් මහ ජනතාවට දුන්නද එවන් වාමාංශිකයන් මැරීමට පටන් ගත්තේ ඊට බොහෝ කලකට පෙර සිටය. ඒ සියලුම වාමාංශික බලවේග සුනුවිසුනු කොට රටේ එකම වාමාංශික බලවේගය බවට පත්වීමට ජ.වි.පෙ. ට තිබුණු වුවමනාව නිසාය. මේ නිසා ඔවුන් තම දෙවැනි සන්නද්ධ කැරැල්ල ආරම්භ කළේ ද බලයේ සිටි එ.ජා.ප. යේ කවුරුවත් ඝාතනය කිරීමෙන් නොව වමේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීමෙනි. ඔවුන් තම දෙවැනි කැරැල්ල පටන්ගත්තේ ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණ ඝාතනය කිරීමෙනි. මා ඒ අවස්‌ථාවේදී මගේ අවසන් උපාධි පරීක්‍ෂණයට පෙනී සිටිමින් සිටි නිසා දයා පතිරණගේ මරණයට සහභාගි වීමට නොහැකි විය. දිනක්‌ මට කොළඹ කොටුව තැපැල් කන්තෝරුව අසලදී නන්දන මාරසිංහ මුණගැසුනි. ඔහු කලක්‌ ජනතා විමුක්‌ති පෙරමුණේ සිටි ප්‍රබල හා වීරෝදාර චරිතයක්‌ මෙන්ම කලාකරුවෙක්‌ හා වමේ ප්‍රසිද්ධ ක්‍රියාකාරිකයෙක්‌ද විය. දයා පතිරණගේ මළගෙදර විස්‌තර මට කීවේ නන්දන මාරසිංහය. ඔහු කී වදනක්‌ මට තවමත් මතකය. ඒ "කොල්ලො පස්‌ කාගෙන හඬා වැලපුන" බවය. ඊට ටික කලකට පසු ජ.වි.පෙ. තුවක්‌කුකරුවන් විසින් නන්දන මාරසිංහට ද වෙඩි තබා ඝාතනය කරන ලදී. එයින් පටන්ගත් වාමාංශික සංහාරය අවුරුදු 3 කට ආසන්න කාලයක්‌ තුළ පැවතුණි. ජ.වි.පෙ. මේ වාමාංශික සංහාරය පටන්ගත්තේ ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණ ඝාතනය කිරීමෙන් වූවා සේම එය අවසන් වූයේ ද 1989 ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේම ඊළඟ නායකයා වූ කේ. එල්. ධර්මසිරි ඝාතනය කිරීමෙනි. ඒ අතරතුර විජය කුමාරතුංග, දේවබණ්‌ඩාර සේනාරත්න, සමසමාජ පක්‍ෂයේ ජෝර්ඡ් රත්නායක, පී. ඩී. විමලසේන ඇතුළු විශාල සාමාජිකයන් පිරිසක්‌ ඝාතනය කරන ලදී. ඇතැම් අය බේරුනේ අනූනවයෙනි. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ සිරුර තුළ ජ.වි.පෙ. උණ්‌ඩ තවමත් තිබෙනවා විය හැක. මට මතක හැටියට දේව බණ්‌ඩාරට වෙඩි තැබූ තැනදී වික්‍රමබාහු කරුණාරත්න මහතාටත් වෙඩි වැදුනි. ඒ භීෂණයේ තරම කොතෙක්‌ දැයි දන්නේ එය තුළින් ජීවත් වූ අයෙක්‌ පමණි. භීෂණය අවසන් වී අවුරුදු 10 කට ආසන්න කාලයක්‌ ගතවන තුරුත් මට ද කොතැනකටවත් ගොස්‌ ජනේලයකට හෝ දොරකට පිටුපලා වාඩි වීමට නොහැකි විය. මා හැමවිටම වාඩි වූයේ ජනේලයට හෝ දොරට මුහුණලාය.

      Delete
    2. අනේ එහෙම එකක් නම් නෙමෙයි නිර්මලා.. ජෙප්පොත් අගේට සැටලයිට් නෝනගේ ඇමති කම් අරගෙන හොරුත් එක්ක හෙළුවෙන් හිටගෙන උන්නේ.. නමුත් මෙතනදි එහෙම එන්න බැරි උනේ එජාපය ගේම් එකේ ලීඩර්ලා නිසා.. එකක් හීනමානය.. අනෙක වෛරය.. කොහොම හරි ඒක ජනතාවගේ වාසියට හිටියා.. ජෙප්පො මේ රටේ දේශපාළණයට අත්‍යාවශ්‍යයි.. නමුත් පාළණයට නෙමෙයි. විරුද්ධව හඬ නගන්න.. උද්ඝෝෂණ කරන්න.. ආන් ඒවට.. මොකෝ මේ රටේ කොන්ද පණ තියෙන මාධ්‍යවෙදියෝ නැති නිසා.. ඇත්තටම ජෙප්පෝ කරන්නේ වෙන රටක මාධ්‍යවේදින් කරන කාර්යය..

      Delete
    3. තව කෙනෙකුට එහෙමත් කියන්න පුලුවන් නේද මාතලන්?

      Delete
    4. සරා,
      මා "ශ්‍රම අභිමානී" සම්මානය ලත් අයකු නොවේ.
      ආචාර්ය්‍ය උපාධි ලත් අයෙකුද නොවේ. රටේ විධායක ශ්‍රෙීණියේ සිටින අයෙකුද නොවේ.
      එමෙන්ම එය දේශපාලන සාධාරණය පෙන්වන සාධකයක්ද නොවේ.
      මා එය කියුවේ ඔබව විවේචනය කිරීමට නොවේ.
      ඒ මතින් ඔබේ අදහස පැහැදිලි කළ නොහැකි බව පැවසීමටයි.

      ඔබට සමානව සමකාලීනයෙකු ලෙස මට 89 ගැන කිව නොහැකියි.
      නමුත් කරුණු බොහෝ දනිමි.
      71 අරගලයටත්, 83 ජූලියත්, 89 අරගලයටත්, එතනට තල්ලු කළ පාලන පක්ෂය සම්පූර්ණ වගකිව යුතු අයය.

      71 දී විසි දහසකට ආසන් පිරිසක්ද, 83 දී ගණනය නොවූ දමිළ ජනතා සංභාරයද, 89 දී හැට දහස ඉක්මවූ පිරිසක්ද ඝාතනයට ලක් කිරීම පිළිබඳව ඒ පාලකයින් වග කිව යුතුයි. එල් ටී ටීය නිර්මාණය කරවීම, ඔහුන්ට ආයුධ දීම, දිරි දීම, මුදල් දීම, ඉන්දු ලංකා ගිවිසුම් ගැසීම වාගේ සියල්ලටම එවකට පාලනය වග කිව යුතුයි. එකී පාලනයට හිස නැමුවෝ බොහෝ පිරිස් වන බැවින්, එය, ඔබ ඔබේ මතය සනාත කරගැනීමට එක සධකයක් ලෙස සිතයි.

      විජය කුමාරතුංග මැරුවේ එජාපයෙන් කියා චන්ද්‍රිකා ම කියනවා.
      ප්‍රේමකිර්ති මැරුවේ එජාපයේ (දැන් ශිලනිප මාධයකරු) හඩ්ඩා යැයි විරුදාවලිය ලත් අය බව ප්‍රේමකිරී මහතාගේ නෝනා පවසයි. එපමණක්ද නොව සාක්ෂිද ඉදිරිපත් කරයි. මේ සියල්ලත් ජවිපේ එකවුන්ට් එකට දමපු ඒවාය.
      ජවිපෙන් මිනිසුන් 5000-6000 ක් විතර 89 දී මැරූ බව මම දනිමි. ඒ සමාන්‍ය මිනිසුන් නොවේ. ජවිපේ ගෙන ගිය ව්‍යාපාරයට පහර දුන් සහ පහර දීමට පැමිණි පිරිසටය. පෙළපාළියක් කරද්දී ඇමරිකන් තානාපති කාර්යාලයකට පෙට්‍රල් බෝම්බ ගසා එය ජවිපේ මත පටවා ජවිපෙට පහරදුන් ආකාරය සමකාලිනයෙකු වී සිටියද ඔබ දන්නේ නැතුව ඇති. ප්‍රා, කොළ බළල්ලු, ගෝනි බිල්ලන් පමණක් නොව අද සුදු වෑන් ගැනද ඔබ අමතක කරනවා ඇති. නැතිනම් කියන්න අකමැති විය හැකිය. සමකාලීනයෙකු උවද එජාපය 60,000 කට ආසන්න පිරිසක් මරා දැමූ බව කියන්න ඔබ මැලි බව පැහැදිලිය.
      ** ජවිපේ අතින් කළ/නොකල සියල්ලටම එවකට ඉතිරිවූ සමාජිකයන් නායකයන් නීතිය ඉදිරියට ගෙන ගියා. ඔහුන්ට ණීතිමය දඩුවම් දුන්නා. අනීතිකවද දඩුවම් දුන්නා. ඒ එවකට ප්‍රේමදාසගේ දේශපාලනයයි. මැතිණිගේ පාලනයද එසෙමය. හුදෙක්ම එයද අද මෙන් දේශපාලනික පලි ගැනීමක් පමණි.
      නමුත්, අද දිනයේද, ජනතාවට සිදුවූ අසාධාරණ වෙනුවෙන් මේ සිටිනා කිසිවෙකු නීතිය හමුවට ගෙන්නේ නැත.
      එදා, එජාපය, ශිලනිප හෝ වෙතන් සංධාන, ජවිපෙට පැමිණිලි කළා. එය 71 දීත් 83 දීත් 89 දීත් එකසේ සිදුවිය. අද, ජවිපේ ඒ සියලු පක්ශවල අවශේෂ ඌ අයට මෙන්ම නැවත පුනරුප්පත්ති ලැබූ අයට පැමිණිලි කරයි. නමුත්, බලයක් නැති කළ නීතිය ක්‍රියාවට නංවන්නේ කෙසේද?

      ------------------------

      මාතලන්, 2004 දී ආණ්ඩු පිහිටුවීමට දායක වූයේ හොරුන් සමග එකතුවීවේ ආශාවකින් නොවේ. ප්‍රධාන වශයෙන් රටේ පැවති තත්වය සන්ධාන ගත වීමට හේතු විය. නැතිනම් අද රට කෙසේද? ඒ ගැන සිතන්න ඔබට හිත දෙන්නේ නැතිව ඇති. එදා ආණඩු පිහිටුවීමෙන් ජවිපෙට කිසියම් ප්‍රමාණයක බලයක් ලැබුණා. එය කාලයක් යන තුරු රදා පැවතියා. ජවිපේ එදත් අධිකරණයට ගියා. කොටියට දුන් සුනාමි සහන මණ්ඩලය, උතුරු නැගෙනහිර ඒකාබද්ධය, අවලංගු කළා පමණක් නොව, සටන් විරාමය ඉවත් කිරීමට බලපෑම් එල්ල කලා. අවසානයේ ජනතා මතවාදය ගොඩනගා එය නොකළ හැකි තත්වයට පත් කරනු ලැබුවා. මහින්ද මහත්තයා ගෙන ඒමට වෙර දැරුවේද රටේ ප්‍රධාන සාධක කීපයක් මතය. එය ඔබ දන්නවා. නැතිනම් මහින්ද මහතා ජවිපේ සගයින් මැරෑ බව දන්නේ නැතිව නොවේ. ඒවා ලියා වෙහෙසීම නැවත පලක් වේද?
      මේ සියල්ල සිදු නොවිනිනම්, අද රට කොතනද.
      විවෘත්තව සිතන්න.
      අසාර්ථක වුවත් ෆොන්සේකා ගෙන එන්න කටයුතු කළේත් එවැනිම හේතු සාදක සහිතවය. නැතිනම් ෆොන්සේකා මහතා, රනිල් මහතා ජවිපේ සගයින් මැරෑ බව නොදැන නොවේ.
      ජවිපෙට මාධ්‍ය කරුවෙකුගේ භූමිකාවක් කිරීමට අවශ්‍ය නැහැ.
      අවශ්‍ය බලය ලබා ගැනීමයි.
      නමුත්, ශිලනිප සහ එජාපය බොහෝ පිරිස් (බිම් මට්ටමේ) කැමති ජවිපේ විරුද්ධ පක්ෂයේ තියාගෙන තම පක්ෂ නියෝජිකයින් නිවැරැදිකරුවන් කර ගැනීමටය.

      Delete
    5. මේ පිළිබඳ මාතලන් සමඟ කෙසේ වෙතත් සා රස සමඟ කරන සංවාද හෝ විවාද ගඟට කපන ඉණි වැනියි. සරස යනු හිස්කබලටම බද්ධ කරගත් පාට කණ්නාඩියක් දමාගත් අයෙකුයි. ඔහු පවසන ගලක් වන මැණික අපද මැණිකක් සේ සලකා නිහඬව සිටීම වඩා යෝග්‍ය වේ.

      Delete
    6. ඔහුන් නැවත නැවත එයම කියයි. අපිද නැවත නැවත උත්තර දෙයි.
      එහෙම වෙන තත්ත්වයට ලංකාවේ දේශපාලනය ගමන්කර අවසන් ද?

      Delete
    7. ජවිපේ මේ අවස්ථාවේ බලයට එන්නේ නෑ.. ඔවුන්ට ශ්‍රිලනීපය ඩැහැගිනීමේ අනගි අවස්ථාව ඔවුන්ගේ උඩඟු බව නිසා අහිමිව ගියා. නැතිනම් මෙවර ඡන්දයෙන් බලය තහවුරු කරගන්නේ ඔවුන්..

      අතීතය ගැන කතා කරලා වැඩක් නෑ කියායි මාතලන්ගේ මතය. එකෙක්වත් හරිත් නෑ.. එකෙක්වත් වැරදිත් නෑ.. මේක නිකං පිස්සු තර්ක කිරීමක්.. ඉතිහාසය මගේ රැකියාව උනාට.. ඒකට මාතලන් එච්චර කැමති නෑ..

      Delete
    8. සාරස ඔබට යමක් කිව යුතුයි. ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා වල යෙදුන බව ඇත්ත. නමුත් ඊට වැඩිපුර වගකිවයුත්තෙ එජාපය. 100% ක්ම බොරු චෝදනා දාල ජවිපෙ තහනම් කළේ.83 ජාතිවාදී කලබල කළේ එජාපයෙන්. රැල්ෆ් බුල්ජන්ස් පැහැරගෙන ගියෙ කවුද .ඉතින් මෙව්ව ඔක්කොම ජවිපෙ පිට දැම්මා.
      සාමකාමීව දේශපාලනය කළ ජවිපෙ ක්‍රියාධරයන් පැහැරගෙන ගොස් මරා දැමීම පටන් ගත්තා.
      ජවිපෙ මෝඩ වෙලා ඒකට උත්තර දෙන්න ගියා ත්‍රස්තවාදයෙන් .ඒකයි ඇත්ත.

      නිර්මලා කියන විදියට ජවිපෙන් මැරුවෙ ඔවුන්ගෙ විප්ලවයට එරෙහිවුන අය නොවෙයි. 90 % ක්ම අහිංසකයො.
      පළමුව ඡන්දෙ දාපු අය
      ජවිපෙ නියෝග නොතකා එජාප දේශපාලනය කළ අය
      ජවිපෙ ඇදිරිනීතිය කඩ කළ අය
      ජවිපෙ ඉල්ලීම මත කඩ නොවැසූ අසරණයන්
      ජවිපෙ උද්ඝෝෂන වලට එන ලෙස බල කල විට පවා ඊට සහභාගි නොවූ අය

      ජවිපෙ ස්ට්‍රයික් වලට සහාය නොදුන් අය. ( ගිරිඋල්ලෙ ඩිංගිරි බන්ඩ කියල ඩ්‍රැයිවර් කෙනෙක් බස් එක පාරට දැම්ම කියල ඩිංගිරි බන්ඩල පස් දෙනෙක් මැරුව.වැරදිල මරපු අනික් හතර දෙනා වෙනුවෙන් දේ.ජ.ව්‍ය එකෙන් ශෝකය පළ කරල බැනර් දැම්ම .අං හිතන්නෙ ඊට පස්සෙ පණ එන්න ඇති.

      විප්ලවය සාර්ථක වුනා නම් මේ කතා ඇදෙන්නෙ නැහැ.මාවෝ සේතුන් චීන ජනගහනයෙන් හතරෙන් එකක් මැරුවත් ඒ ගැන කතා නැහැනෙ.
      පාට කන්නාඩි දාගෙන ඉන්න ජේ වී පී ,යූඇන් පී, ශ්‍රී ලංකා ඔක්කොටම අතීතය මතක් කරල දෙන්නයි මේ කොමෙන්ට් එක දැම්මෙ

      Delete
    9. අපට ඉතිහාසය ඉතා වටින්නේ අමිහිරි සිදුවීම් යළි සිදුනොවීමටයි.ශිෂ්ට සම්පන්න ජනතාව ආන්ඩු වලට මෙන්ම ජනතාවගේ නියෝජිතයන් තමන් යැයි කියා ගන්නා ත්‍රස්තයන්ටත් ප්‍රචන්ඩත්වයෙන් බැහැර වන ලෙස බලපෑම් කළ යුතුයි
      දෙමල ජනතාවගේ එකම නියෝජිතයා තමන් යැ‍යි කියා ගත් කොටි ළමා සොල්දාදුවන් බදවා ගත්තා.ඔවුන් හමුදාව ඉදිරියට දැම්මා.මැරුන පසු මළමිනී වෙන්දේසි කලා
      ජවිපෙ පාසල් සිසුන් හමුදාව ඉදිරියට දැම්මා .මළ මිනී වෙන්දේසි කළා.දෙමවුපියන් ළමයි ඉස්කෝලෙ යවන්නෙ ඔය මගුලට නොවෙයිනෙ.සිසුවෙක් මැරුනම පන්ති අරගලයට දිවි පිදුව කියල මිනිය වෙන්දේසි කරනව.
      අවුරුදු 16,18 කොල්ලො රවට්ටලනෙ ජේවීපී එකට ගත්තෙ .18 කියන්නෙ නොමඟ යන වයස.මේ මනෝවිද්‍යාත්මක පැත්ත විජේවීර දැනගෙන හිටිය.ඒකයි බ්‍රේන් වොෂ් කරන්න ඉස්කෝලවලටනෙ පැන්නෙ

      අද ඉන්නෙ ඉස්සර ජේවීපී එක නෙමේ කියල ජනතාව හිතනව.ඒකයි ඡන්දෙ දෙන්නෙ.දූෂනයට එරෙහිව අපි ජේවීපී එකත් එක්ක ඉන්නව. හැබැයි ඔවුන් කළ මිනීමැරුම් ,දේපළ විනාශය සාධාරණීකරනය කරන්න ගියොත් නම් අපටත් අපේ මතය ප්‍රකාශ කරන්න සිදුවෙනව.

      Delete
    10. මධ්‍යස්ථ මතධාරියා............
      අපේ ගමේ ජවිපේ ලෙස එදා වැඩකරපු කීප දෙනෙක් සිටිනවා. නමුත් දෙතුන් දෙනෙක් ඒ දිනවල සිටම නිදහස් පාක්ෂිකයෝ. ඉතිරිය එජාප. පරම්පරාගත් එජාප. එයකු අද ග්‍රීන් කාඩ් අරගෙන ඇමරිකන්. නමුත්, අවස්ථාව අනුව ඔහුන් කළ කී දෑ වලට අද ජවිපේට වග කියන්න වී ඇත. නමුත්, ඔහුන් එදාද, අදද ජවිපේ සමාජිකයන් නොවේ. මා මේ සියල්ලටම පොදුවේ නොවේ කියුවේ. ඔබේ ගිරිඋල්ල ඩිංගිරි බංඩා වාගේ කතා මාද දන්නා බැවිනි.

      මධ්‍යස්ත මතධාරියා යනු දෙපැත්තටම සමබර කිරීමක්ද?

      90% මැරුවේ අහිංසකයෝ නොවේ. තමන්ව මරන්න ආපු අයවයි.
      ඒ විතරක් නොවේ.
      හමුදාවේ පවුල්වලට වෙඩි තබා, ගෙවල් ගිනි තියා මේ ජවිපේ වැඩ බව පෙන්වා හමුදාවද ජවිපෙට විරුද්ධව උස් ගැන්වීම නීචයි.
      ඒ අනුව අපේ 1 කුට තොපේ 10 ද කොහෙද ගානක් කියලා හමුදාව ජවිපේ සමාජිකයන් සොය සොයා මැරුවා.
      ජවිපෙත්, තමන් මරන්න එන, තමන් ගැන ඔත්තු දෙන අයව මැරුවා.
      එවැනි තත්ත්වයකදී මරන්න එන අයට මල් පුදා පූජා කිරීමට ජවිපේ සමාජිකයන් සූදානම් නැති.
      අතීතය අමිහිරියි. අප ඉන් උග්ත් පාඩම් ඇත.
      නමුත් බහුතරයක් මිනිසුන්ට උගත් පාඩම් නැත.

      Delete
    11. //18 කියන්නෙ නොමඟ යන වයස.//
      නිල් බලකායට එය අදාලයි. ජවිපේ සමාජිකයෙක් කියා සලකන්නේ සමාජික කාඩ්පතක් ගත් පමණින් නොවේ.

      //අද ඉන්නෙ ඉස්සර ජේවීපී එක නෙමේ කියල ජනතාව හිතනව.ඒකයි ඡන්දෙ දෙන්නෙ.//
      රෝහන විජේවීර ද ජනාධිපතිවරණයකදී 5% කට ආසන්න චන්ද ගත්තා.

      Delete
    12. //දෙමල ජනතාවගේ එකම නියෝජිතයා තමන් යැ‍යි කියා ගත් කොටි ළමා සොල්දාදුවන් බදවා ගත්තා.ඔවුන් හමුදාව ඉදිරියට දැම්මා.මැරුන පසු මළමිනී වෙන්දේසි කලා
      ජවිපෙ පාසල් සිසුන් හමුදාව ඉදිරියට දැම්මා .මළ මිනී වෙන්දේසි කළා.දෙමවුපියන් ළමයි ඉස්කෝලෙ යවන්නෙ ඔය මගුලට නොවෙයිනෙ.සිසුවෙක් මැරුනම පන්ති අරගලයට දිවි පිදුව කියල මිනිය වෙන්දේසි කරනව.//

      හැමෝම ජීවත් වෙන්නේ ඔය වැඩ කරන්න නොවේ. ජීවත් වෙන්න අයිතිය ඉල්ලීම, සාධාරණය ඉල්ලීම, නිදහස පැතීම ඔබට අනුව වරදකි.

      Delete
    13. @ Nirmala MadushaniFebruary 6, 2015 at 9:12 PM

      //සරා,
      මා "ශ්‍රම අභිමානී" සම්මානය ලත් අයකු නොවේ.
      ආචාර්ය්‍ය උපාධි ලත් අයෙකුද නොවේ. රටේ විධායක ශ්‍රෙීණියේ සිටින අයෙකුද නොවේ.
      එමෙන්ම එය දේශපාලන සාධාරණය පෙන්වන සාධකයක්ද නොවේ.
      මා එය කියුවේ ඔබව විවේචනය කිරීමට නොවේ.
      ඒ මතින් ඔබේ අදහස පැහැදිලි කළ නොහැකි බව පැවසීමටයි.//

      ඔබ මට දුන් ගරු නම්බු නාම සහ අද්යාපන සුදුසුකම් වලට ඉස්තූතිය. එහෙත් එම ලිපිය ලියා තිබුනේ මා නොවේ... මා එහි අඩංගු කල වෙබ් ලිපිනයෙන් පෙන්වන පරිදි කලු ප්‍රියන්ත නොහොත් C A චන්ද්‍ර ප්‍රේම ය.


      http://www.divaina.com/2011/10/17/feature.html

      *************************

      අනෙක් පොඉන්ට්ස් ගැන කතා කුමටද?

      මා ජ වි පෙ දෙබරයට මාතලං ගේ බොගයේ දී ගලක් ගැසුවා පමනි. දෙබරුන් ඇවිස්සී ජ වි පෙ සැබෑ ගති පෙන්වන විට මා පැත්තකට වී බලා සිටිමි.

      ජ වි පෙ වේවා එ ජා පෙ වේවා ඔවුන් එකිනෙකා වෙත පෙන්වන්නේ ඔවුන් ගේ ආවේනික ගති ය.

      එහෙත් එම දෙකොටස අතරින් පැත්තක් ගන්නට සිදු වුවහොත් මා ඉතා සන්තෝසයෙන් ගන්නේ රනිල් මාක් එ ජා ප යේ පැත්තය.

      Delete
    14. @ Manosh SandaruwanFebruary 6, 2015 at 9:31 PM

      //මේ පිළිබඳ මාතලන් සමඟ කෙසේ වෙතත් සා රස සමඟ කරන සංවාද හෝ විවාද ගඟට කපන ඉණි වැනියි. සරස යනු හිස්කබලටම බද්ධ කරගත් පාට කණ්නාඩියක් දමාගත් අයෙකුයි. ඔහු පවසන ගලක් වන මැණික අපද මැණිකක් සේ සලකා නිහඬව සිටීම වඩා යෝග්‍ය වේ//.

      අධ්යාත්මවේදී සඳරුවං මහතා සාත්තර කියන්නත් පටන් අරගෙනය...

      මේ ඔවදන මහාචාර්ය මාතලං ගෙනි:
      ජෙප්පො මේ රටේ දේශපාළණයට අත්‍යාවශ්‍යයි.. නමුත් පාළණයට නෙමෙයි. විරුද්ධව හඬ නගන්න.. උද්ඝෝෂණ කරන්න..

      *******************

      ඉන් අදර් වර්ඩ්ස්, ජ වි පෙ ස්වේච්චාවෙන් ම රනිල් ගේ වැසිකිලිය පිරිසිදු කලාට එහි කක්ක කරන්නේ රනිල් තුමා පමනි. ජ වි පෙ වැනි අය ගේ පාවිච්චියට සර්වන්ට්ස් ටොයිලට් ගොඩ නගා තිබේ.....

      Delete
    15. @මධ්‍යස්ථ මතධාරියාFebruary 6, 2015 at 10:56 PM

      //සාරස ඔබට යමක් කිව යුතුයි. ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා වල යෙදුන බව ඇත්ත. නමුත් ඊට වැඩිපුර වගකිවයුත්තෙ එජාපය. 100% ක්ම බොරු චෝදනා දාල ජවිපෙ තහනම් කළේ//

      ඔන්න එල කොල්ලෙක්!

      සීයට සීයක් ම ඔබ සමග එකඟ වෙමි!

      Delete
    16. //මා ජ වි පෙ දෙබරයට මාතලං ගේ බොගයේ දී ගලක් ගැසුවා පමනි. //
      පෙළපාලි යන විට ජේ ආර් මහතා විසින් පෙට්‍රල් බොම්බ තානාපති කාර්යාලවලට ගැසුවා වාගේ?
      නෑ නෑ
      ජවිපේ විදිහට ප්‍රේමදාස මහතා මෙන්, හමුදාවේ ගෙවල් වලට ගසා හමුදා නිලධාරීන් කුලප්පු කළා සේ.
      මහින්ද ගෝඨා, බොදු බල ලවා බෞද්දයින් කුලප්පු කලා සේ.
      මොනවා උනත්, ගල් ගසා විනෝදයක් ලබන අයද සමාජයෝ බොහෝ සේ සිටී.

      Delete
    17. //මොනවා උනත්, ගල් ගසා විනෝදයක් ලබන අයද සමාජයෝ බොහෝ සේ සිටී. //

      පිටකෝට්ටේ හංදියේ ඇති සිරිකොත දිහාට එල්ල කල නාම පුවරුව බලන්න. එහි ලියා ඇත්තේ "ගල් අම්බලම" කියා ය.

      රනිල් තුමා ගේ රජ පාසලේ හක්කලං කල අපිත් හොඳ ගල් කාරයෝ වම්හ....

      නරකද ඉතින් ගලක් දෙකක් ගැහුවට... ??

      අද්යාපන ඇමති කං එහෙමත් ලැබෙන්න පුලුහං

      Delete
  22. මේ යන විදියට ජේවීපී එක ඉස්සරහට ගේන්නම වෙනවා. නැත්තන් මහා එවුන් දෙගොල්ලොම එකතු වෙලා යහමෙට පාලනය කරයි.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ට පොඩි ඡන්ද ගානක් එකතු වෙයි.. ඒත් වෙන්නේ ඒක නෙමෙයි.. ඊළඟ මැතිවරණයේදි ප්‍රකාෂිත ඡන්ද ප්‍රමාණය නැවතත් අඩු වෙනවා.. ඒ කියන්නේ යූ ඇන් පී උන් ආයේ පස්ස ගහනවා.. මහින්දලා ජාතිවාදය විකුණලා ආයෙත් බලයට එනවා.. දැන් සිඳුවන දේවල් අනුව වෙන්නේ නම් ඒකයි..

      Delete
    2. දැන සිදුවන දේ අනුව ශිලනිව 2 ට කැඩෙනවා. එය තහවුරුය.

      Delete
  23. මහින්ද ගේ ආණ්ඩුවේ දූෂණය වැඩිය... කුඩු එතනෝල් කාරයන්ගෙන් ගහනය කියා එදා එජාපය කෑ ගහන කොට රටේ අය ඇත්ත තේරුම් ගෙන මහින්ද ගෙදර යැව්වා. ඒ වැඩේ හොඳයි. මොකද නාමල් , බැසිල් ගේ කෙරුවාව නවත්තන්න තිබුන හොඳම වැඩේ ඒක. මාතලන් කියන්නා වාගේ තව ටික කාලයක් හිටියා නම් ඒක පුද්ගල ආදායම කෙසේ වෙතත් ඒක පුද්ගල ණය නම් වර්ධනය වේවි. ඒත් ජනතාව මෛත්‍රීට ඡන්දය දුන්නේ මේ වින්ඳ දුක් වලින් මිදී වෙනසක් බලන්නයි. ඒත් දැන් එජාපය නටන පිස්සු දැක්කම රටේ අය තවත් අසරණ වෙනවා. දැන් බලාගෙන යනකොට ගිය අයගෙයි,ඉන්න අයගෙයි ඒ හැටි වෙනසක් නෑ .ඇයි දෙයියනේ අවු 20 කට පස්සෙවත් මුන්ට මොළේ කල්පනා කරලා වැඩ කරන්න බැරි.... මෙහෙම කරන කොට මහ ඡන්දෙදි ලැබෙන ඡන්ද ටිකවත් ලැබෙයි ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න