.

.

Feb 10, 2015

හිටපු ජනපති සමඟ සාකඡ්චාවක්... An Interview with Former President


කතරගම දෙයියෝ වඳින්න වන්දනාවේ යන උන්ට කුෂ්ඨරාජගල දෙවියොයි, දෙවිනුවර විශ්ණු දෙයියොයි වැන්දයින් පස්සේ, කතරගමට යනකන් වඳින්න දෙයියෙක් උන්නේ නැති නිසා, උන්නේ පුල් අප්සැට් එකේය. දෙවිනුවර ඉඳලා කතරගමට සෑහෙන දුර නිසා, අතරමගත් තව දෙයියෙක් වත් උන්නා නම් කියන එක, බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් නොවුනද, දේව ධර්මය අදහන උන්ගේ එකම ප්‍රාර්ථනාව විය. "යහපත් චේතනා.. ගෙනදේ වාසනා.." කියන්නැහේ, ජාති හිතෛශීන්ගේ පෙර පිනට හෝ වාසනාවට දැන් ඒ අතර මැද්දෙත් බ්‍රෑන්ඩ් නිව් දෙවියෙක් ඉන්නවාය.

දැන් කතරගම වන්දනාවේ යන හැම බස් එකම තංගල්ල ටවුම මැද්දේ නවත්වා මැදමුලන දෙවියෝ වැඳ නමස්කාර කොට නොයන්නේ බොහෝම කළාතුරකිනි. එහෙම නොයන උන් එක්කෝ බෙදුම්වාදියෝය. නැතිනම් බටහිර කුමන්ත්‍රණ කාරයෝය. එහෙම නැත්නම් ඒ දෙවියන් වහන්සේ කිව්වැහේ දෙශද්‍රෝහී ජහ මනයාය. මොකෝ උන් වහන්සේ දෙසා වදාලේ මේ රටේ ඉන්නේ ජාතීන් දෙකක් කියලාය. එක ජාතියක් දේශප්‍රේමීන්ය. අනෙක් සැට් එක දේශද්‍රෝහීන්ය.

කොහොම හරි දෙවනි සෙනෙහෙ කොළයත් එව්වයින් පස්සේ මහින්ද මහත්තයා බලන්න නොගිහින් ඉන්න හිතට හරි නැති හින්දා, මාතලන් තකහනියේම කතරගම බස් එකකට ගොඩ උනේ, තංගල්ලේ ඒවාට ඒ තරම් කැමති නැති නිසාමය. ඔය "තන්" කියන වචනය උනත් මාතලන්ට ඇලජික් නිසාමය.

තංගල්ලෙන් බැහැලා කාල්ටන් එකට ගොඩ උන මාතලන්ට සෑහෙන වෙලාවක් ඉන්න උනේ, බැතිමතුන් පිරී ඉතිරි ගිය නිසාය. සම හරක් නම් කියන්නේ, සන්ධානේ මීටින් වලට ගෙනාවා වාගෙම, බත් පැකට්, ගල් බෝතල්, සිල් රෙදි, සුපියල් පන්සීය වගේ ජරාව දීලා, ගෙනියන මාද්දිය සංදර්සොනයක් කියලා උනත්, එහෙම එන්න හරි, මේ වගේ එන එක කොච්චර සෝක්ද අනේ කියා..., මාතලන්ට හිතුනේය.

මහින්ද මහත්තයා : අම්මට හුඩු මාතා.. කොහොමෙයි බන් ජීවිතේ.. ඇති උඹලටවත් අපිව මතක් උනා.. මගෙන් කාපූ බීපු එකෙක්වත් මේ පැත්ත පලාතේ එන්නේ නෑ බං.. 

මාතලන් : මේ එන්නේ සෑර්..... හෝ ගාලා.... කතරගම පූජාවට වගේ...

මහින්ද මහත්තයා : මේ බං ජහ මනයොනේ.. මුන්ට සිල් රෙද්දක් දුන්නම, එකෙන් ඕන විදියට ඇඳුමක් මහගෙන ඇඳගන්න උන්.. මම කියන්නේ මේ හරක් නෙමෙයි බං..අභීත, ජේෂ්ඨ, ශ්‍රේෂ්ඨ ජනමාද්දියවේදීන්ද මක්කුන්ද කියන උන් බං....


මාතලන් : සම හරක් නම් රට  පැන්නා, ජීවිත ආරක්ෂාව පතා.. අනික් උන් නම් යහ පාළණේට කඩේ යනවා සෑර්..

මහින්ද මහත්තයා : ඒ කාළේ මෙහෙමෙයි..? එක්කෝ ඉඩම් ඉල්ලගෙන එයි, නැත්නම් ගෙවල් ඉල්ලගෙන එයි. කාර් ලෝන්, පර්සනල් ලෝන්, පොඩි උන්ට ඉස්කෝල, මොකුත් නැත්නම් ලැප් ටොප්. ඒත් බැරිනම් පොටෝ එකක් හරි ගහගෙන යන්න එන උන්ගෙන් බේරිල්ලක් නෑ නේ බං..

මාතලන් : සෑර්ගෙන්, බබෙක් එහෙම ඉල්ලුවේ නැද්ද...?

මහින්ද මහත්තයා : උඹ ඉතින් ඇහුවොත් අහන්නේ ඔය වගේ නොසන්ඩාල කතාවක් නේ.. පිස්සුද බං...? අමු මඩනේ.. අවුරුදු 70 ක එකෙක්ට චා...ච්...චේ.... ගාන්න, මොකාද බං කැමති....?

මාතලන් : ඒ උනාට.... බහ තෝරන එකා හිටන් කියන්නේ....., "මහින්ද මාමේ..." කියලනේ... එකෙක්වත් මම අහලා නෑ "සීයේ "කියනවා..

මහින්ද මහත්තයා : ඒ..තින් චාන්දනි බන්ඩාරට පින් සිද්ද වෙන්න නේ බං.. මම මොකාද..? බලාපන්කෝ මැඩම් ...... 35 හේ කිරි කෑල්ල වගේ ඉන්නේ.. මේකප් බං මේකප්.. ඩයි නැත්තං...... රනිල් වගේම..... සීයා..


මාතලන් : එහෙනම් ඔය කාල්ටන් බණ පිංකමට ආපු, ටිකක් පෙනුම තියෙන කෑල්ලක් කිව්වේ, අපි අනාථ වෙලා ඉන්නේ ජනාධිපති තුමා.... කියලා....?

මහින්ද මහත්තයා : පිස්සු ගොන් වැස්සියෙක් නේ බං.. ඕවා මේ ප්‍රසිද්දියේ කියන කතාය.. උඹට කියන්න මාතා... හොඳ වෙලාවට මැඩම්ට ඇහුනේ නෑ.... නැත්නම් කාල්ටන් එකේ ඉඳිල්ලටත් හැමිනෙනවා...

මාතලන් : එතකොට...... ඒ සෑර්ගෙන අනාථ වෙච්චි කෙනෙක් නෙමේද..?

මහින්ද මහත්තයා : පිස්සුය බං..... මම මේ පෝයට බණ අහන, කපුටු බෝගස් වලටත් වඳින මනුස්සයා... එක්කෝ චන්ද්‍රපුෂපයා හරි සාරුවා සුනිල් හරි වෙන්ඩ ඇති.... නැත්නම් අපේ කොළොන්නාවේ දුමියද දන්නෙත් නෑ..... ඕකා නේ අනර්කෙලීවත් අනාථ කොලේ.. කෙහෙළිය උනත් ෂුවර් නෑ.. ඔස්ට්‍රේලියාවේ කොටු පනින්න ගිහින් කොන්දත් කඩාගෙන ආවේ.....

මාතලන් : ඒ ජනෙල් මාරු වෙන්න ගිහින් නේ...?

මහින්ද මහත්තයා : ජනෙල් වල එල්ලෙන එකත් ලේසි නෑ බං.... මාත් ඔය කොල්ලා කාළේ ,ජනෙල් වල එල්ලිලා ඇතුලට පැන්නට, දැන් එහෙම එල්ලිලා ඉන්න එක හෙන අමාරුයි.. ඒකයි මම මෙගා පෝන් එකක් ගත්තේ....

මාතලන් : ඒක ඇත්ත සෑර් ජනෙල් පඩිය උඩ දේශනාවට වඩා නැගලා ගියේ, මෙගා පෝන් දේශනාව තමයි..

මහින්ද මහත්තයා : නැගලා ගියා....? නැගලා ගියා තමයි.. ජිනීවා වල කේස් අදින්න ඒකම ඇති..

මාතලන් : ඒකත් ඇත්ත.. දැන් සෑර් උදේට දුවන්නේ එහෙම නැද්ද.. ?


මහින්ද මහත්තයා : ඒ කාළෙත් දිව්වේ නෑ බං.. මීටර් දහයක් දුවන කොට රෑ ගහපුවා උගුරට එනවා... ට්‍රැක් කිට් එක ගහගෙන... ඔය කෑළි ටිකක් බලලා.... පොටෝ ටිකක් අල්ලලා එනවා.. වැඩේ වනේ වෙනකොට.... ගාඩ් එක පැනලා මාව බේරනවා.. දැන් එහෙම බෑ බං.. මෙහේ දුවන කොට බල්ලෝ එලවනවා.. උන්ට පොල්ලකින් කෙලලා අරින්නවත් එකෙක් වත් නෑ.. ගාඩ් එක ගල් ගහලා 9-10 වෙනකන් බුදි.. පව් බං... "ෂිවා" ගහපු කොල්ලෝ..

මාතලන් : දැන් ඉස්සර වගේ නෙමෙයිනේ සර්.... ෆුල් ෆ්‍රී ඇති නේ... ඉතින් ඒ ෆ්‍රී වෙලාවේ මොනවද කරන්නේ...?

මහින්ද මහත්තයා : ඒ කාළෙත් එහෙම තමයි බං..... මම ෆුල් ෆන් එකේ උන්නේ..., මල්ලිලා දෙන්නා නේ ගෙම ගෙනිච්චේ....., පුංචි බන්ඩා ණයට අරගෙන එනවා...., අරුන් දෙන්නට දීලා....., ඉතිරි එකක් මෝල්ලු ටිකට දෙනවා.....


මාතලන් : එතකොට ඒ දෙන්නා තමයි පාළණේ කොරලා තියෙන්නේ හිටං....?

මහින්ද මහත්තයා : නැතුව බං......, මම පාළණේ කොරා නම්....., එක එක වෙසිගේ පුතාලා දෙන ගුලි කනවද බං..?

මාතලන් : ඒ උනාට හැමෝම කිව්වනේ ඉල්ලගෙන කන්න එපාය කියලා...

මහින්ද මහත්තයා : කිව්වා නේන්නම් බං.. ඒත් සුමනයයි, බන්ඩාරයි කිව්වනේ බඩු ෂුවර් කියලා..

මාතලන් : එතකොට...., උන්ද රට පාළණේ කලේ..?

මහින්ද මහත්තයා : පිස්සුද බං...., උන් තමයි නැකත් බැලුවේ...., රජ පාළණයකදි එහෙමයි...

මාතලන් : සර් අර මිරික මිරික උන්නේ... බෝලේ..... කෝ....?

මහින්ද මහත්තයා : ආ.... ඒක මම බොලේ දීපු එකාගෙ බෝලෙටම හයි කලා...., තුනක් තියෙන එකෙක් අහු උනොත් බය වෙන්න එපා....., ඌ තමයි පොර....


මාතලන් : එතකොට සෑර් මක්කැයි ඒ දොහේ කොලේ....?

මහින්ද මහත්තයා : මම ඉතින් ඔය පොඩි උන් එක්ක අරලිය ගස් වටේ දුවනවා...., පොටෝ ගන්නවා...., සින්දු අහනවා...., මළ ගෙවල් වල පෙට්ටිය කර ගහන්න යනවා...., මගුල් ගෙවල් වල විට්නස් සයින් කොරන්න යනවා...., කොටහළු ගෙවල් වල ගැටිස්සියෝ නාවන්න යනවා..., දෙවනි ගමන් වල සුදු රෙද්ද චෙක් කරන්න යනවා....., නලාකාරයන්ගේ මුහුරත් වලට යනවා...., උන්ගේ වමනේ යන ෂෝ බලන්න යනවා...., පොඩි උන්ගේ කාර් රේස් බලනවා....., රගර් මැච් බලනවා...., කතරගම යනවා...., අනුරාජපුරේ යනවා...., සී ෂෙල්ස් යනවා...., ඔය වගේ ඒවනේ බං.....

මාතලන් : ඒ උනාට... දැන් එහෙම යන බවක් පේන්න නෑ නේ.. ?

මහින්ද මහත්තයා : එකෙක්වත් එන්නෙයි කියන්නේ නෑ නේ බං...., දැන් ඉතින් ඒවා කොරන්න වෙන එක්කෙනෙක් ඉන්නවනේ.., මම දැක්කා එයා සිසිර සේනාරත්නගේ පෙට්ටියට කර ගහන්න ගිහින් උන්නා...., ඉන්ඩිපෙන්ඩන්ට් එකේ වෙඩින් පොටෝවලට එහෙම ඉන්නවා...., තව ටික දොහකින් ඕවා තමයි කොරන්න වෙන්නේ...., තාම එක මල්ලියි නේ ආවේ.. අනිත් අය ආවම, එයාටත් ආතල් එකේ ඉන්න පුළුවන්...

මාතලන් : එතකොට සෑර් කියන්නේ... සෑර්ට වෙනම ප්ලේන් එකක් ඕඩර් කළේ නෑ කියලා...

මහින්ද මහත්තයා : අහවල් එකටෙයි බං මට වෙනම ප්ලේන්.., ඒ කාළේ තිබුන ඔක්කොම හෙලිකොප්පරුයි...., ප්ලේනුයි..., ජෙටුයි...., ඔක්කොම මගේ කොට...., කෑලි ටික මස්සිනාගේ...., එතකොට රොකට්..., ඇයි උඹට මතක නැතෙයි, පොඩි එකා, "චිචිගේ ",චූච්චන් කෑල්ලට කුක්කෙක් ගේන්න, ෆ්ලයිට් එකක් වෙනම ගියා....

මාතලන් : ඒ ගෝඨාභය මහත්තයගේ මොකක්ද මළහත්තිලව්වකට නේද..?

මහින්ද මහත්තයා : ඔය ඉතින් දැක්කයි.. අපිට එහෙම තිබුන එකේ, තව මක්කටෙයි බන් වෙනම ප්ලේන්.. අමු මඩ නේ.. ඒක මාතේ.. එහෙන් තන්තෝසෙට දීපු එකක්.. අනික ඉතින් ඕක ගෙනාවයි කියලා...., දැන් මම ඔය බඩ කඩුත්තුවේ යන්නය.. 


මාතලන් : බල්ලො කිව්වම මතක් උනේ.. දැන් ඔය බල්ලො ටිකට මොකෑ කරන්නේ සෑර්..?

මහින්ද මහත්තයා : බල්ලෝ කිව්වේ.. කකුල් දෙකේ උන්ද.. හතරේ උන්ද...?

මාතලන් : දෙකේ උන් නම් එදාම මාරු නේ මම අහන්නේ හතරේ උන්..?

මහින්ද මහත්තයා : රනිල් මහත්තයා හරි මෛත්‍රී නෝනා හරි බලා ගන්නේ නැතෑ...., මොකෝ ඔය පොරින් ඩෙලිගේට්ස්ලා ආවම...., එයාල කකුල් දෙකේ බල්ලොන්ට වැඩිය, හතරේ උන්ට තමා කැමති...., දෙකේ උන්ට මාර බයයි...

මාතලන් : එතකොට සෑර් රිලවා..?

මහින්ද මහත්තයා : රිලවා නම් මාත් එක්කම ඉන්නවා...... අපරාදේ කියන්නේ, කියන කියන පදේට තාමත් නටනවා...... නෑ ගම් යනවා.... කඩේ යනවා..... දර පලනවා.... කෑ ගහනවා.... මේ දවස්වල මම ඌට උලේ ඉන්න හැටි පුරුදු කරනවා...


මාතලන් : ඒක හොඳයි....
 

මහින්ද මහත්තයා : මක්කෙයි හොඳය කිව්වේ..?
 

මාතලන් : උලේ ඉන්න පුරුදු කරන එක.. ඒ ගමන්ම කූඩූවේ ඉන්නත් පුරුදු කලා නම් හරි.. මම හිතන්නේ එලියේ උන්නා ඇති කියලා..

මහින්ද මහත්තයා : ඇත්ත තමයි.. මම නම් කූඩුවේ උන්නට..., ඕකා කවදාවත් ඉඳලා නෑ මයෙ හිතේ...


මාතලන් : නාමල් බේබිගේ ඔරලෝසු වගයක් දාලා තිබුනා...., මිලියන්ද බිලියන්ද ගානක කොලෙක්සොන් එකක් කියලා..

මහින්ද මහත්තයා : අනේ.... බලහන් මාතේ...., හෙන හත ගහන්න එපයි ඔය වෙසීගේ පුතාලගේ හත්මුතු පරම්පරාවටම..... මම ඔය කතරගම, අනුරාජපුරේ යන වෙලාවට...., අර අරුමෝසම් කඩවල තියෙන ලැම්බෝගිනි, හෙලිකොප්පර් වගේ ටෝයිස් ගෙන කොට..., ඔය හොං කොං ඔරලෝසුවකුත් තුන් දෙනාටම ගේනවා..... හැබයි ඉතින් ඒ මූසල හැත්ත, මගෙන් සල්ලි ගන්නේ නෑ..,, එහෙම ගෙනාපු ප්ලේන් වගයක් සජින්ටත් දුන්නා..... පව් නේ බං...., කාගේ උනත් දරුවෙක්නේ.. උඹ
ත් ඕන නම්.... ඔය පිටකොටුවේ බෝ ගහ යටත් තියෙනවා.. බොරුනම් සිරිසේනට හෙන ගහන්න ඕන.... ගිහින් බලහන් මම කියනවට..

මාතලන් : ඇත්ත ඇත්ත.. මම දාන්නෙත් ඒවා තමයි.... සුපියල් 350 - 400 යි


මහින්ද මහත්තයා : ආන් බලහන්කෝ ඉතින්.. මුන්ගේ අම්මලට හැමිනෙන්න දාලා...

මාතලන් : එතකොට සර්.... අර කුමන්ත්‍රණ කතාව...?

මහින්ද මහත්තයා : ඒක ඇත්ත බං....

මාතලන් : හුකා.... අම්මටම හැමනියන් කිව්වලු..... එතකොට චීප් ජස්ටිසුත් එතන උන්නද....?

මහින්ද මහත්තයා : මක්කු හිටියද කියලා මතක නෑ බං...... මට ඒ වෙලාවේ ගොක්කොල..., කම්බි කූරූ..., මළගිය ඥාතීන්..., යම පල්ලෝ තමයි වැඩියෙන් පෙනුනේ..... බඩු බනිස් කියලා හැම තැනින්ම කෝල්ස් ආවා.....
හරිය....

මාතලන් : හරි... හරි...  ඉ..........ති........න්..........!!!

මහින්ද මහත්තයා : ඒ පාර රනිල්ට කතා කලා.... මම කිව්වා...., රනිල් අපි ඉලැක්සොන් එක කැන්සොල් කරමු....., අගමැති කම ඔහේ ගන්න.... මක්කෙයි කියන්නේ කියලා.... හරිය....

මාතලන් : හරි... හරි...  ඉ..........ති........න්..........!!!

මහින්ද මහත්තයා : මේ යකා කියපි... හෙට ඉඳන් කොහොමත් මම ජනාධිපතිය.... ඒ නිසා මෙහම කරමුය.. මම ජනපති, ඔයා අගමැති, සිරා විපක්ෂ නායකයය කියලා.... හරිය...


මාතලන් : හරි... හරි...  ඉ..........ති........න්..........!!!

මහින්ද මහත්තයා : ඒකත් හරිය කියමුකෝ... මම මක්කත් දොඩන්නේ නැතිව ඇහැව්වා.... එතකොට ෆොන්සේකා කව්දෙයි කියාලා... හොඳෙයි...

මාතලන් : හොඳා.. හොඳා.. ඉ..........ති........න්..........!!!


මහින්ද මහත්තයා : ෆොන්සේකා තමයි කිව්වා ආරක්ෂක ඇමති..

මාතලන් : ඉ..........ති........න්..........!!!

මහින්ද මහත්තයා : ඉතින්...... ඉතින් කිතුල්... තව මොන රෙද්දක් බල්ලන්නෙයි බං.. කාපු ගුලිය මදිවට.. හත් පොලේම ගාගෙන ගූ හතේ වෙන්න ඕන් නෑ කියලා... ඊට හොඳා.... සිරා ජනපති වෙන එක කියලා.. රනිල්ටත් අම්මට හැමනියන් කියලා.. මම බැස්ස එලියට..

82 comments:

  1. කියල වැඩක් නෑ බං. මරේ මරු.. හිනා කනවා ස්ථාන කීපයකදීම.. එළස්

    ReplyDelete
    Replies
    1. උඹගෙන් හැලපෙගෙන් හොඳක් අහනවා කියන්නේ, රන්ජන් අමරරත්න පොතක් හොඳයි කිව්වා වගේ තමයි...

      Delete
  2. එන ගමන් අපට දොදොල් කෑල්ලක්වත් ගෙනාවේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. දොදොල් නෙමෙයි ලැප් එක ගැන නම් ඇහුවා...

      Delete
  3. Replies
    1. පුදුමයි... ඒත් ඇත්තයි...

      Delete
  4. මාතලන්, අර රිලා රංචුව ලොක්කා අගමැති කරමු කියලා අඬලා දොඩලා මර හඬ දීලා අපිට කිව්වට ලොක්කට කියල නෑනෙ. ඊයෙ ප්‍රිසන් එකේදි ලොක්ක කිව්වෙ මං මොනවත් දන්නෙ නෑ කියල රිලා මීටිමට යනවද කියල ඇහුවම. හරිම නෝටි රිලව් නේ?

    ඒක නෙමෙයි තාම පිස්ස ඇට්ටනායකවගේ යූඑන්පී කාරයන්ගේ දුකසැප විතරයිද බලන්නෙ? චොකා මල්ලිද මොකාදවගේ සිරිලන්කා කාරයන්ව බලන්න ගියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලොක්කා බබා... කතානයක් නිල නිවාසේ වාහන් පුරවලා.. කොයි වෙලාවෙත්..


      චොකා මල්ලි අර රත්නපුර පැත්තේ එකට ගෙනිහින්ය කිව්වේ...

      Delete
  5. සෙවන් ෆ්ලවර්ස්!!

    ReplyDelete
  6. එහෙනං ඒකයි මේ වුණේ... වෙන වැඩ මදිවට මාතලනුත් පිස්සු හදනවා අප්පා අපට!

    ReplyDelete
    Replies
    1. ඔහේලා මොකක්ද අනේ මටත් පිස්සු හැදුනු...

      Delete
  7. බොලාගේ මෙච්චර දිග බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වේ කාලෙකින් . . මල් හතයි ඕයි . . වෙලාවක ෆේස් බුක් එකේ සෙයා කරනවා ඈ

    ReplyDelete
    Replies
    1. උඹලා කොහේ දැම්මම මොකද මචෝ.. උඹලා තමයි මාතලන් කෙනෙක් හැදුවේ..

      Delete
  8. මරු කියන්නෙ මරෙ මරු

    ReplyDelete
  9. ඒක තමයි අද පෝස්ට් එක දාන්න පරක්කු උනේ.
    එනකොට හයිවේ එකේද ආවේ නැත්නම් මේ වෙලාවටවත් පෝස්ට් එක දාන්න වෙන්නේ නැහැ
    උඹ නිකං වන වනද ලොක්කව බලන්න ගියේ... (මම කිව්වේ මේ අත්දෙක, හොඳේ.)

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් මොන ලබ්බක් ගෙනියන්නෙයි බං රජවරුන්ට.. පෙන්සොන් ගියත් කින්ග්ස්ලා නේ බං.. දෙන දෙයක් අරගෙන එනවා මිසක්..

      Delete
  10. පට්ට යකෝ........
    තාමත් හිනා ගිය ඒවට ඇස් බොඳ වෙලා හුත්තෝ......
    උය ලියන උඹෙ දෑතට.......
    සම්මා සම්බුධු සරණයි''''''''''''!..............
    සිලි ලංකාවට .....තෙවරක් වැඩම කල.............................

    ReplyDelete
    Replies
    1. මෙන්න කෙන්ජි කමෙන්ට් එකක් ..

      Delete
    2. ඉවාන කිව්වා වගේ ඔරිජිනල් මී පැණි..

      ටැන්කූ බොක්කෝ...

      Delete
  11. අපිට කතරගම යනකොට ඔය පොට් එක අහුවෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනොවැ

      Delete
    2. උඹලට කතරගම යන්න පුළුවන්.. එහේ යන්න තමයි බැරි.. හුම්මානෙත් බලාගෙන.. ලොක්කත් බලාගෙන වරෙන් මචෝස්..

      Delete
  12. ඉතිං ඉතිං ගගා ඔහෙට වෙලා ඉන්නේ නැතුව ඉකමනින් මෙහෙ වරෙන්, ඉරිදා ගමනක් යන්න තියෙනවා .

    පට්ට ඕයි ඉල නෑ.

    ReplyDelete
    Replies
    1. බෑරක් වෙන්ටෑ !!!! යන හත්ඉලව්වක මාත් ඇරං පලයව් ..

      මං මේ දවස් වල හලාවත - කොළඹ ඉන්ටසිටියක් එලෝනවා .චැහ් .. :D

      Delete
    2. පත්තර අයියේ අපට බැරිවෙයිද ඒ ඉන්ටසිටියේ කුලියාපිටියට ගිහින් එන්න

      Delete
    3. පව් ඉතාලියට වෙලා රජා වගේ හිටපු කොල්ලා :P

      Delete
    4. දැනුත් රජෙක් වගේ තමයි. රැජින කියන දෙයක් අහගෙන කරගෙන ඉන්නව

      Delete
    5. මිරිවැඩි සඟළ උනත් දානවා අප්පා....
      අන්න රජවරු....

      Delete
    6. එනවා.... එනවා.... අනිවාර්යයෙන් එනවා...

      Delete
  13. හැමතිස්සෙම අර්ශස් කාරයා වගේ තදවෙලා ඉන්නේ නැතුව මේවගේ පෝස්ට් ටිකක් වැඩිපුර දාපන්කෝ......
    අද පෝස්ට් එක ඉවරවෙනවා තේරුනේ නෑ.
    //ඔය "තන්" කියන වචනය උනත් මාතලන්ට ඇලජික් නිසාමය.//
    චැක්...මොකෙක්ද මූ....

    ReplyDelete
    Replies
    1. මල පැන්නම නිර්මාණ ඕන නෑ.. ගඟ වගේ ලියවෙනවා...

      Delete
  14. ඇත්ත එකක් කියලා හිතුනේ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවත් ඕකම තමයි...

      Delete
  15. හිනාවෙලා පනගියා ලොක්කෝ ............
    හොඳ වෙලාවට සුදුවැන් නෑ දැන්

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල යාඩ් වල පාක් කරලා තියෙන්නේ.. ඉස්සරහට ඕන වෙයි නේ...

      Delete
  16. Niyamai Kollo,,,Aththa ethi setiyenma kota etha Adambarai Mathlan,,umba gena,,

    ReplyDelete
  17. Niyamai kollo...Aththa ethi setiyenma kota atha,,,,Adambarai omba gena,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිචිකෝ...

      Delete
  18. මචං..මීට වඩා හිනාවෙන්න දේවල් ඕන තරම් තියෙනවා..මම බොක්ක උනත් මේ පෝස්ට් එක නම් (අර උඹලගෙ අලුත්ම යාලුවා චම්පිකගේ වචන වලින්) සහගහන පෝස්ට් එකක්..හිරිකිතයි මචෝ..මෙච්චරම පල්ලෙහාට වැටෙන්න අවශ්‍ය නැහැ අපි..

    ReplyDelete
    Replies
    1. මචෝ මේක තමයි රියල් ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ.. කෙලින්ම මූණටම කියන එක.. මම කැමතිත් එහෙමමයි.. මාත් එක ගොඩක් උන් හොඳ නැත්තෙත් ඒකයි.. එහෙම නැතුව එකට කාලා බීලා, බදාගෙන ඉඹලා ගිහින්, ඇනෝ ඇවිත් කුණුහබ්බ කොමෙන්ට් දාන එක නෙමෙයි..

      මෙහෙම එකක් තියෙනවා සත්තරනේ.. "සහගනන", "හිරිකිත", "පල්ලෙහාටම වැටුනු" රියැක්ෂන් එන්නේ කරපු ඒවත් ඒ වගේම නිසා.. ඇත්ත හරි තිත්තයි මචං.. ඒවා කවදාවත් රිටර්න් ගන්නත් බෑ..

      උදා :- බටලන්ද, සූරියකන්ද..

      Delete
    2. මචෝ මේක තමයි රියල් ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ.. ++++

      Delete
  19. ඊලග සැරේ කතරගම යද්දී මේහෙත් මතක ඇතුවම යන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ගියාට පාඩු නෑ... රජෙක් බලන්න පුළුවන් නේ ඇස් දෙකෙන්ම..

      Delete
  20. Niyamai.....Mathooooooo Aththa Elasinma Kota etha,,,,Alagec walata beheth ganna..Elaga sere math ennam Thangalla yanna,,,deerga ayu wewa mathalan umbata,,

    ReplyDelete
  21. පලමුවැනි දේශපාලන ප්‍රබන්ධකරුගේ සම්මානය නුඹට හිමිවෙනවා මාතලං

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලිව්වත් මේකම තමයි ඉන්ටවීව් එක..

      Delete
  22. හිරේ ඉන්න පිස්ස බලන්න ගිය ෆොටෝ එකෙත් බෝලෙ අතේ තිබ්බා බං

    ReplyDelete
    Replies
    1. සුමනෙගේ එකද දන්නේ නෑ...

      Delete
  23. අප්සට් වැඩිද මංද...
    හිනාවෙන්න හොදයි හොදයි කියල කීවට නිකං මට දැනෙන්නෙ මාතෙත් නිකං වීරවංස වෙග් වුණා කියල.. තරහගන්ට කාරි නෑ හිතිච්ච දේ කිවෙ

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් ඕන එකෙකුට කඩේ යන එකා නේ බං..

      Delete
  24. මාතා ඉල අැදිලා මචං ඉන්න බෑ............. උඹට අාප්ප ඒහෙම දුන්නේ නැතෙයි........... කලු කෝපි

    ReplyDelete
    Replies
    1. බෙලිඅත්තේ, තංගල්ලේ එක ආප්ප කඩයක් නෑ දැං

      Delete
  25. මෙයා මෙව්වා ලියල අපිව ඔපිස් එකේ හිනාගස්සල ජොබ් එකටත් කෙලවන්ඩයි යන්නේ... හයියෝ හිනා වෙලා ඉල නැත!!!

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඔපීස් යන්නේ වැඩ කරන්නය කියලා...

      Delete
  26. ලොක්කා මේ දවස්වල අන්ඩර් වැයාර්ස් අඳින්නේ නැතිලු. බුලත් කොක්කනේට හෙණ ගැහුවම හුණු කිල්ලෝටෙන් ඇති වැඩක් නෑ කියනවලු.

    මේ සම්මුඛ සාකච්ඡාවේදි ලොක්කා මෙව්වා කිව්වේ කටින්ද පුකෙන්ද?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී මුඛයෙන්.... ශ්‍රී මුඛයෙන්...

      Delete
  27. ෆට්ට කතාව බොල..

    ReplyDelete
  28. මම හිතන්නේ ලොක්ක රෙදි නැතුව නාන්න හදන්නේ අර කඩප්ප්පුලියන්ගේ කතා අහල ආපහු චන්දෙ ඉල්ලලා

    ReplyDelete
    Replies
    1. ඔව් බන් කරත්ත රොදෙන් ඉල්ලන්න හදන්නෙ unp එක උඩින්ම දිනනවා

      Delete
    2. කොහොමත් ඉස්සරහට නානවා ඇර වෙන මක්කත් කොරන්න හම්බ වෙන එකක් නෑ..

      Delete
  29. ඈ මාතෙ උබට විනඩි 19 ක් කුනුහබ්බෙන් බෑන්නෙ නෑතෙය් ලොක්ක

    ReplyDelete
    Replies
    1. බැන්නත් ගානක් නෑ.. මගෙත් ප්‍රියතම භාෂාව නේ...

      Delete
  30. මං උන්නෙ නියම යූ ඇන්පී කාරය, රටේ රජා කියල ඉස්සර ලොක්කව උඩ දාපු උඹ අන්තිම මොහොතෙ දුන්න ගේමට මල පැනල ඉඳල බුවා අනියි කියල උඹෙ බුරිය හිල්වෙන්නම.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ.. දේශපාළකයෝ දන්නවා නියම මාධ්‍යවේදියා කව්ද කියලා...

      ඒ වගේම මොළේ තියෙන එකා සීමාව දැනගෙන වැඩ කරන්නේ..

      Delete
  31. මේ දවස්වල ලොක්කගෙ මානසික තත්වේ පොරගෙ බොඩි ලැන්ග්වේජ් එකෙන් හොයා ගන්න පුළුවනි.උඹව වඩාගන්න හැදුවෙ නැද්ද?ඉන්ටවිව් එක නං එළටම කරලා තියෙනව බං.

    ReplyDelete
    Replies
    1. බුරියට නම් ඇන්නා.. හිතවත් කමටද.. ඔරොප්පුවටද දන්නේ නෑ... මමත් මිනිස්සු මනින්නේ ඕකෙන් තමයි...

      බුරියට නම් ඇන්නා.. හිතවත් කමටද.. ඔරොප්පුවටද දන්නේ නෑ... මමත් මිනිස්සු මනින්නේ ඕකෙන් තමයි... මම උඹ දැක්කේ එක දවසයිනේ.. ඕන නම් මම උඹ කව්ද කියලා හරියටම කියන්නම්.. සාත්තර කාරයොත් කරන්නේ ඕකමයි බං... අපේ මාමන්ඩි කියලා දුන්නේ...

      Delete
  32. ස්ධූධී ☺😊😀😁😂😃😄😅😆

    ReplyDelete
  33. ඇති යන්තං වටින කියන කතාවක් දාලා තියෙනවා...
    කාලෙකින් ආවෙ මේ පැත්තෙ...
    ඔහොම යං...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න