.

.

Feb 8, 2015

ඉල්ලගෙන කෑම්, කුමන්ත්‍රණ, අලි සහ හරක් (23+) - Asking and Eating (13+)

 
ඒ කාලේ "සව්දන් ජෙමා" කියා ෂෝ එකක් ආවේය. මේන් කැරැක්ටරේට උන්නේ "ලයනල් දැරණියගල"ය. "සව්දම් ජෙමා" කන්නේ මාර කෑමක්ය. ඒ කෑම දැක්කාම අප්පිරිය හිතෙනවාය. සුද්දෙක් එහෙම දැක්කා නම් හිතන්නේ, මෙළෝ වශයෙන් උපන් මළ පෙරේතයෝ කියලාය. පෙරේත ළෝකයත්, දිවිය ළෝකයත්, ඔක්කෝම ළෝකත් තියෙන්නේ මේ ළෝකයේම කියා මාතලන් කියන්නේ ඒ නිසාය.

සුද්දොත් නොකා ඉන්නේ නැතිය. උනුත් කනවාය. ඒ කන්නේ ටික ටිකය. උන් අනික් උන් ගැනත් හිතනවාය. පෝලිමේ පිලිවලට ඉන්නවාය. තව ටිකක් කන්න ඕන නම්, ආයෙත් පෝලිමේ පිලිවලට ඇවිත්, අපේ "ආතල් ඇනෝ" වගේ බත් ඩිංගක් බෙදාගෙන කනවාය. ඒත් අවුරුදු 20 ක්ම රට කාපු නිමල් සිරිපාලලාට කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැති ගානය. එයා කියන්නේ ඊළඟ ඡන්දෙන් එයාලාගේ ආන්ඩුවක් පිහිටනවා කියාය.

මහින්ද අමනවීර කිව්වා වගේ ඉස්මුරුත්තෙට එනකන් කාළා නැති ගානය. උන්නැහේ නම් කිව්වේ, තව ඕන නම් වටලප්පමක් කන්න පෝඩ්ඩක් ඉඩ තියෙනවාය. ඒ නිසා බඩ පිරිලා ඉන්න එයාලට ආයෙත් දුන්නොත්, ජහ මනයාට කන්න පුළුවන් කියලාය. ඒත් ජහ මනයා ඒ කතා ඇහුවේ නැතිය. එයාලාගේ බඩ පිරුණු නිසා කාලා ඉස්මුරුත්තාවේ හදාගෙන මලොත්, ඒක කාළ මරණයක් වන නිසා, අකාල මරණයක අත් වේවා යන උතුම් පරමාර්තයෙන්, දන්සැල් දුන් ලොක්කාට කෑම කෙසේ වෙතත්, "හු" යන්න දාලාම කාළා එන්න කියා ගෙදර යැව්වේය.

ඊළඟ ආන්ඩුව ජාතික ආන්ඩුවක්ද...?

අපේ සිරිසේන මහත්තයයි, රනිල් උන්නැහෙයි කියන්නේ, ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ "ජාතික ආන්ඩුවක්" පිහිටවනවා කියාය. ඒ උනාට අවුරුදු 20ක්ම රට කාපු ඇස් ඇල් පී එෆ් (SLFP) ප්‍රමුඛ සන්ධානේ සැට් එකම කියන්නේ, එයාලා පිහිටවන්නේ යන්නේ ජාතික ආන්ඩුවක් නොව, සන්ධානේ ආන්ඩුවක් කියලාය. මාතලන්ට පේන ආකාරයට කුමන්ත්‍රණය සිඳුවෙලා තියෙන්නේ, ජනවාරි 9 පාන්දර ජාමේ නෙමේය. කුමන්ත්‍රණය සිඳුවන්නේ දැන්ය. අද රනිල් උන්නැහේද ඉන්නේ, ගලේ රීපූ පූසෙක් වගේ වගේ අනාථ වෙලාය. සිරිසේන මහත්තයාට තව අවුරුදු 6 කට කිසි අවුලක් නැතිය.

නිමල් සිරිපාලගෙන් පටන් ගත්තාම, කම්බ හොරුන් කියා, හැම එකාම කියන, ගරු නයා ගහපු වත්තේ රත්තරන් මැතිතුමා, ගරු නාවලපිටියේ මහින්ද ආනන්ද අළුත් ගම මැතිතුමා, ගරු ගුන්දුල බණවර්ධන මැතිතුමා, පමණක් නොව බස්නාහිර පලාතේ මහ බබා වන, ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමාත් කියන්නේ එසේය. එතුමා කියන්නේ පොදු හතුරා වෙනින් කවුරුවත් නොව එජාපය කියාය.

මෙයාලාට අමතරව, තනියෙන් ඉල්ලුවොත් වැලේ වැල් නැති, ප්‍රගතිශීලින්යැයි කියා ගන්නා, ජහ මනයාට විහිළු සපයන පට්ට දේශපාළන ජෝකරයන් වී සිටින, සිරි ලංකා කාරයන්ගේ ඡන්ද වලින් හත් මුතු පරම්පරාවට අමතරව, පක්ෂේ ඉන්න හිඟන්නෝ දහ පහළොස් දෙනාගෙත් බඩේ බත් පුරවන, රජ තුන් කට්ටුව හෙවත් වාසු, ඩීවු, තිස්සත්, රජ ගෙදර රිලවාත්, රුපියල් සීයේ රොඩී හිඟන්නාත්, කියන්නේ අපි කෑවා හොඳටෝම මදි, ආයෙත් මහින්ද මහත්තයා ගෙනත් තව කන්න ඕනයි කියාය. 

මාතලන්ට ප්‍රශ්ණයක් වෙලා තිබුනේ, මහත්තයෙක් කියා කියන, බොරළුගොඩ සිංහයාගේ ඔඩොක්කු කුක්කෝ දෙදෙනාගෙන් එක කුක්කෙකු වන දිනේෂ් උන්නැහේ, මහින්ද මහත්තයා ආයේ බලේ පිහිටුවන්න දත කන්නේ මොකෝ කියලාය. බලාගෙන ගියාම ආන්ඩුවේ ජළ නළ එලිමේ ප්‍රොජෙක්ට් ඔක්කෝම ටෙන්ඩරුත් නැතුව දීලා තියෙන්නේ, දිනේෂ් කුක්කාගේ පුත්‍රයාටය. ඉතින් මහින්ද නැතිව සිරිසේනලාගෙන් එයාලට කම් නැත.

මෙයාලාට චන්ද්‍රිකාට වඩා මහින්ද ළොකු වෙලා තියෙන්නේ මොකද කියා හොයලා බැලිය යුතුය. ඔය අවුරුදු 20 ඇතුලේ ජනතාවට දැනෙන දෙයක් කලේ රාජපක්ෂලා විතරය. ළොකුම දේ, 30 වසරක යුද්ධය නිමා කිරීමය. අනෙක ඇහැට පෙනන සංවර්ධනයය. ඒ කාළේ විපක්ෂයේ උන් මොන බයිලා ගැහුවත්, මේ රටේ යටිතල පහසුකම්වල සීඝ්‍ර සංවර්ධනයක් සිඳු උනේය. 

ඒවා හොර ගුහා කිව්වට. අද වෙනකන් එකෙකුටවත්, එකක්වත් ඔප්පු කරන්න බැරිය. ඒවා කරේ මහින්ද, ඝෝඨාභය හා බැසිල් යන රාජපක්ෂවරුන්ය. අද හැම එකාම ඔක්කෝම කුණු බැසිල්ගේ එකවුන්ට් එකට දාන්නට වලි කන්නේය. ඒ උනාට එදා ඔය හැම එකාම, බැසිල් ගාව උන්නේ නැට්ට දෙපරන්දේ ගහගත් බලු කුක්කෝ ගානටය.

මහින්ද ගේන්න කියන අනිත් කාරනේ මහින්ද එකෙකුටවත් බය නැති කමය. උන්නැහේ අදත් එකෙකුටවත් බය නැතිය. මොකෝ හැම තැනම ඉන්නේ එයාගේ පොරවල්ය. ඉතින් ගේම ගහන එක මහා ළොකු දෙයක් නෙමේය. අනික එයා "පොලිට්‍රික්ස්" දන්නේය. මහින්ද ළඟ, සිරිසේනලා, රනිල්ලා ,කුක්කු බොන චූච්චන් අත දරුවෝය. මේ ගේම් පිටිපස්සේ ඉන්නේ වෙනින් කවුරුවත් නොව, ලෙනින් මොරායස්ද නොව, මහින්ද රාජපක්ෂය. එය ඔහුගේ දක්ෂතාවයය. බලය ඇල්ලීමේ කුමන්ත්‍රණය නියමෙටම යන්නේ දැන්ය.

අලි රැලක්ද...? හරක් රැලක්ද...?

වත්මන් ජනපතිතුමාත් කියන කත්න්දර බොහෝම අපැහැදිලිය. අනික උන්නැහේ තනියෙන් ගොස් මහින්ද සමඟ කතා කළේ මක්කාද කියා එකෙක්වත් දන්නේ නැතිය. සිරි ලංකා නිදහස් පක්ෂේ සභාපතිකමට, ෆුල් කොක්කෙන් උන් මහින්ද මහත්තයා, කිසි අවුලක් නැතිව සභාපති කම දීලා දැම්මේ මොකෝ කියනා එක ප්‍රශ්ණයක්ය. එතන සිරි ලංකා එකේ 25 ක් 30ක් උන්න කාරනයත් අප අමතක නොකල යුතුය. කිසි සේත්ම සිරි ලංකා එකට කෙලවෙන තීන්දුවක් එතනදි නොගන්නා බව හරි පැහැදිලිය.

මේ අතරේ සිරිසේන උන්නැහේ ජනපති වීමේ පිනෙන්, තාවකාලික බලය ලැබුන අලි ටික හැසිරුනේ සහ හැසිරෙන්නේ අලි ගාලක් මෙන් නොව හරක් ගාලක් මෙන්ය. ලැබී ඇති බලය තාවකාලික එකක් බව තෙරුම් අරගෙන තියෙන්නේ, සජිත් ප්‍රේමදාස වීතරක්දෝ කියා බැලු බැල්මට හිතෙන්නේය. අනුර කුමාර දිසානායක කියනවා මෙන්, මේ කාළය අත්තිවාරමක්වත් දාගන්න පුළුවන් කාළයක් නෙමේය. ඒ නිසා මේ කාළය තුල කරන්නට තිබුනේ පොලිටික්ස් නොව පොලිට්‍රික්ස්ය.

පාර්ලිමේන්තුවේ බහුතරය සන්ධානයට තිබුනද, එකෙක් දෙන්නෙක් අල්ලා කූඩූ කලා නම්, බහුතරය පහසුවෙන්ම බ්ලැක් මේල් කරන්නට තිබිනි. එසේ ඇතුලට යවන්න පුළුවන් උන් ඕන තරම් ඉන්නවාය. ඒත් කරලා තියෙන්නේ කුමක්ද? උන්ට කප්පම් ගෙවීමය. මේක බලාගෙන ගියාම මහින්දගේ ආන්ඩුවටත් අන්ත ආන්ඩුවක්ය. අඩු ගානේ, ඒකේ කෑවේ ආන්ඩුවේ උන් විතරය. ඒත් මේකේ විපක්ෂේ උනුත් ජහ මනයාගේ සල්ලි වලින් කනවාය. ඒකට උන්ට දොස් කියලා වැඩක් නැතිය. ඒවාට දොස් කීමට ඇත්තේ ජනපති අගමැති ප්‍රමුඛ ආන්ඩුවටය. අද විපක්ෂේ උන් ජරාවත් කකා ආන්ඩුව බ්ලැක් මේල් කරනවාය. ආන්ඩුව අල්ලේ නටවනවාය.

අලි පාටියේ උන් බලයෙන් මත් උනේය. උන්ට මේය කළල අවස්ථාව කියා තේරුනේ නැතිය. කළල අවස්ථාවේ සංසර්ගය එතරම් හොඳ නැති වුවද, මුන් එකසිය ගානට දිවා රෑ නැතිව, හති ඇරීමක්වත් නොමැතිව සංසර්ගයේ යෙදුනේය. අදටත් යෙදෙන්නේය. මෙයාලා සංසර්ගයේ යෙදෙන අතරේ, අරුන් මුන්ගේ අධෝ මාර්ගයේ සංසර්ගයේ යෙදෙනවාය. ජහ මනයා බලාපොරොත්තු වූ දේ කරන්නේ ජෙප්පන්ය.

රනිල්ලාට තිබුනේ විස්වාශ බංග ගේන කම් ඉන්න එක නෙමෙය. තෙවරක් පෙරපු එකාට කළ දෙයම. පිස්සු අත්තනායකට කළ දෙයම, ජෝන් බාස්ටත් කරන එකය. යහ පාළණය කියන්නේ එයය. තෙවරක් පෙරුම වගේ පොඩි එකෙකුට කෙලපු කෙලිල්ල, ජෝන්ට කෙලින්න බය වෙන්න ඕන නැතිය. දැන් රට බලාපොරොත්තු වෙන්නේ කලින් තිබූ දේශපාළණ සංස්කෘතිය නෙමේය. රටේ මිනිස්සු හිතන්නේ කොහොමද කියා බලා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ, පක්ෂ විපක්ෂ බේදෙයෙන් තොරව බුකියේ පෝස්ට් ටිකක් බලනා එකය. එජාපයට බැක් කරන උන්වත් මේවා අනුමත කරන්නේ නැතිය. එක්කෝ එහෙම සෙල්ලම් දානවා නම්, අඩුම ගානේ ජනමාධ්‍ය නිදහස නොදි, පොර ටෝක් නොදි, මහින්ද පවත්වාගෙන ගිය ජාතියේම එකාධිපති පාළණයක් ගෙන යා යුතුය.

ව්‍යවස්ථා වෙනස් කොට ඉල්ලාගෙනම කෑම...

අවුරුදු 20 ක් තිස්සේ පුරුදු කරපු සිස්ටම් එකක්. දවස් 30 කින් වෙනස් කරන්න යාම හීනයකි. අවුරුදු 20 ක්ම රට කාපු මළ පෙරේතයෝ ඉතිරි ටිකත් කන්නට කෙළ හලමින් සිටි. තාවකාලික බලයක් ගත්ත උන්ටද කෑමට ඉවසීමක් නැත. අපි හිතුවේ අලි පාටියේ ඉන්නේ මොළේ තියෙන උන් කියලාය. බලාගෙන ගියාම මේ රටේ සිවිල් ජනයා වාගෙම, උගත් උනාට බුද්ධිය කියන් දේ, උකුණු පුකක් තම් වත් නැති හරක් රැලක්ය.

පුළුවන්නම් ජනාධිපති බලතලත් අහෝසි කරලා, 19 ගෙනල්ලා ඉල්ලාගෙනම කන්න කියා සුභ පැතුම් සමගම බොක්කෙන්ම කියනවාය. මල පෙරේතයන් සමග මොන යහ පාළණද..? මහින්ද අගමැති උනොත්, හොරුත් එක්ක එකතු වෙලා, ඉන්පීච්මන්ට් එක දාලා සිරිසේන උන්නැහෙත් පුලතිසි පුරේටම එලවනවාය. ඒත් ඉතින් එහේ දුර නිසා, වැලිකඩට උනත් යවන්න පුළුවන්ය. එයාලා දන්නා යහ පාළණේ ඒකය. ඒ නිසා අලි විතරක් නොව එයා වැඩ කරන්න ඕනාත් මොළෙන්මය. ඕනාවට වඩා ජැන්ටල්මන් කම් ඕනා නැතිය.

මහත්මාකම් හැම තැනටම හරියන්නේ නැතිය. මහත්තුරු සෙට් එකට යම පාළණේ යම පල්ලෝ ටික ඇරියායින් පස්සේ, පස්ස අතගාලා, සෙවල සෙවල වගේ ගතියක් දැනෙනවා නෝනාවරුනි මහත්වරුනි.. කිව්වට අනුකම්පාවක් නම් ලැබෙන්නේ නැතිය. එදාට ඉතින් ජහ මනයා වන අපටත් තියෙන්නේ, ඔහේලාගේ සෙවල ගෑවුනු පැත්තෙන්ම හිනා වෙන එක විතරය.

78 comments:

  1. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.

    ReplyDelete
    Replies
    1. වැඩිම උනොත් තව සුමානයක් තියෙයි වගේ. හොහොමත් තව ඉල්ලගෙන කන්නේ නැතුව දැන් විසිරුවොත් හොඳයි.. මොකෝ තව නාන්න ගියොත් ලැබුන ටිකත් නැති වෙනවා. මහින්දලා එන්නේ ජාතිවාදය හා බෙදුම්වාදය කරේ තියාගෙන.. මෙයාලා ඒවටත් පොයින්ට්ස් දුන්නා මේ ටිකට...

      Delete
  2. මේක හරියන් නැතියෝ........
    මම ගෙදර යනවෝ..........
    මු දාන පොස්ට් බලන්න බැරියෝ............
    දෙසපාලනේම බඩ යනවෝ

    කොමෙන්ටුවට කේන්ති ගන්න බැරියෝ
    උබ මොනවා දැන්මත් අපි බලනවෝ

    ReplyDelete
    Replies
    1. උඹේ පැත්තෙන් උඹලගේ කතාව සාධාරණයි. උඹලා පිරටක ඉන්න නිසා කිසි අවුලක් නෑ. මටත් මොකා හිටියත් එකයි.. ඒත් මේ ලියන්නේ පොඩි උන් වෙනුවෙන් හදාගත්ත ආන්ඩුවට කෙලෙවන නිසා.. ඒ ජයග්‍රහණය ආයේ ආපහු හරවන්න දුක නිසා..

      Delete
    2. Monada ban labune ubata nam labenna athi hondata neda. thwath labwei umbalata issarahata.
      Lankawe minisunwa meadia walin anduwa hondata.

      Eka horekwath alluwada.

      Delete
  3. oka mama kiwwa maathooo.
    Ranilgen nam moawth balaporottu wenna epa

    ReplyDelete
    Replies
    1. රනිල්ගෙන නැතුව වෙන කාගෙන් ඉල්ලන්නද...? මේ ලැබුන ටිකම මදිද..?

      Delete
    2. Monada ban labune ubata nam labenna athi hondata neda. thwath labwei umbalata issarahata.
      Lankawe minisunwa meadia walin anduwa hondata.

      Eka horekwath alluwada.

      Delete
  4. ඖෂධ පනත, 19 වන සංශෝධනය වත් සම්මතකරගන්න බැරිවුනොත් නම් වැඩක් නෑ. පක්ෂ දෙක්කම එකඟත්වයකට ඇවිත් තිබෙන මේ පාර්ලිමේන්තුවයි ඒකට සුදුසුම තැන.
    ඒත් ජෝන් වෙනුවෙන් දින සීය දන්දෙන්න තීරණය කලොත් දෙපිල බෙදිල ඡන්දෙ ඉල්ලන්න වෙනව.ආයෙත් විරසකය මතුවෙනව
    ඊලඟ චන්දෙන් එජාපය ජයගන්නවා.නමුත් බහුතරය ගන්න අමාරුවෙයි.රාජ්‍ය බලය නොමැතිව ඡන්දෙකට යන ශ්‍රීලනිපයෙ ඡන්ද විශාල ලෙස අඩුවෙනවා.ජවිපෙ ඡන්ද වැඩිවෙයි.
    මහින්ද ඉස්සරහට දාගෙන ශ්‍රීලනිපය ඡන්දෙකට ගියොත් ඊලඟ පාර්ලිමේන්තුවෙ ප්‍රබල විපක්ෂයක් බිහිවෙයි.චන්ද්‍රිකාටනම් කවුරුත් කැමති නෑ

    ඊලඟ ආණ්ඩුව එජාපය පිහිටුවන නමුත් ඒක හෙල්ලෙන දතක් වගෙ ආණ්ඩුවක්.හැබැයි මේ පාර්ලිමේන්තුවෙ වාගෙ පොල් කෝම්බ පත්වෙන එකක් නෑ.2010 ජනාධිපතිවරණ රැල්ලත් එක්ක ආපු එවුන්ට වඩා උගත් බුද්ධිමත් පිරිසක් ඊලඟ පාර්ලිමේන්තුවට එයි.රිමෝට් කොන්ට්‍රෝල් එක ජවිපෙට හෝ දෙමළ සංධානයට යයි.දැනට වඩා විසංවාදයක් තියෙයි.

    ඒ නිසා දින සීයෙ වැඩපිළිවෙළට හොඳම තැන මේ පාර්ලිමේන්තුවයි.එජපය උපක්‍රමශීලී වෙලා ජෝන් වෙනුවට දින සීය තොරගත්තොත් රටට හොඳයි.එහෙම නොවුනොත් යහපාලනය සිහිනයක්ම වෙයි.

    හොරු අල්ලන්න ප්‍රමුඛත්වයක් දෙන බවක් පේන්නෙත් නෑ.කලින් ආණ්ඩුවට කරපු චෝදනාවල සැරත් බාල වෙලා.සමහර ප්‍රොජෙක්ට් මේ අය කන්ටිනියු කරනව.යහපාලන ඝෝෂාව ටිකෙන් ටික අඩුවෙලා යයි.

    ReplyDelete
    Replies
    1. කලින් තිබුන විදියට සිරි ලංකා කාරයෝ බුලත් කොල සංධානෙන් උඩින්ම දිනනවා, මොකෝ ඒ එන්නේ මෛත්‍රිපාල, චන්ද්‍රිකා විතරක් නෙමෙයි මහින්දත් එක්ක. හිරිහැර කරන උන්ට කන පැලෙන්න ගහපන් කියලා චන්ද්‍රිකා කියන්නේ නිකන්.. එයාලා යන්නේ වෙනම ගමනක්.. රනිල්ලා ළොකු ගුලියක් කන්නේ.. ජනතා ජයග්‍රහණය බල්ලට යනවා... හේතුව තම්බි ටිකත් දිනන පැත්තට සෙට් වෙනවා....

      Delete
  5. ඔන්න ඔයාගේ රනිල් ලොක්කා පොඩි සත්තමක් දාල තියෙනවා විශ්වාස භංගයට විරුද්ධව.
    ඒක විපක්ෂය දිනුවොත් ආණ්ඩුව විසුරවනවා කියලා. අවුරුදු 5 පැනල නැති කුක්කු පැටව ටික බය කරන්න වෙන්ටැ.
    ඔව්ව හත්පොළේ ගාගන්න වෙන වැඩ කියල උන්දෑ ළඟදීම තේරුම් ගනියි, ආපහු පරණ පුටුවටම වැටිච්ච ගමන්.

    ReplyDelete
    Replies
    1. කන්න යන්නේ ඒ ජාතියේ පරිප්පුවක් වගේ තමයි...

      Delete
  6. සවුදන් ජෙමාට උන්නෙ ලයනල් දැරණියගල නේද.....
    කඩුවෙල පැත්තෙ බඩු පොට් එහෙම තිබ්බ එකෙක්ද කොහෙද නිෂ්පාදක....

    ReplyDelete
    Replies
    1. උඹ හරි මචෝ.. රසිකගේ කොමෙන්ට් එකට යටින් එල්ලුවා Sෂෝ එකේ ජාතකෙම. මම පොඩි කාලේ ඔය ෂෝ එක බැලුවේ.. විග් එකක් දාගෙන උන්න නිසා අද වෙනකන් හි.. දෙනවක හාමිනේ මට හොඳට මතකයි.. ඒ කාළේ අපේ ගෙදරින් ඔක්කෝම ෂෝ බලන්න යනවා...

      Delete
  7. සිස්ටම් එකට අලුතෙන් බවුන්ඩේසොම් කෑලි දෙක තුනක් දාලා ජහමනයා (යහපාලකයා) පැන ගියත් අපට කම් නැතිය..

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එකේ නෙමෙයි බං සීන් එක තියෙන්නේ.. මිනිස්සුන්ගේ.. මේ තියෙන්නෙත් කලින් තිබුන සිස්ටම් එකම නේද...? තවමත්...

      Delete
  8. //මාතලන්ට පේන ආකාරයට කුමන්ත්‍රණය සිඳුවෙලා තියෙන්නේ, ජනවාරි 9 පාන්දර ජාමේ නෙමේය. කුමන්ත්‍රණය සිඳුවන්නේ දැන්ය. අද රනිල් උන්නැහේද ඉන්නේ, ගලේ රීපූ පූසෙක් වගේ වගේ අනාථ වෙලාය. සිරිසේන මහත්තයාට තව අවුරුදු 6 කට කිසි අවුලක් නැතිය.//

    සැම දේම සාපේක්ශය....

    අප්‍රේල් මාසය වන විට මාතලං මහින්ද තුමා, My3 ට වඩා දහස් ගුනයක් හොඳ කෙනෙකු බව තේරුම් ගන්නවාය. එතකොට යහපාලන කෝච්චිය ගිහින් ය....

    සිරිපාල සිරිසේන ට ගොන් පාට් දමනවාය.

    සිරි ලංකා මංත්‍රීන්ට වාහන දෙක දෙක ගනනේ ලබා ගත්තේය. දැන් කියන්නේ සහයෝගය දෙන්න නම් සියලු අල්ලස් චෝදනා ඉවත් කර ගන්න කියා ය.

    සිරිසේනත් ඉල්ලන පරක්කුවෙන් සිරිපාලට දෙක පුනවාය.

    අපට හිකෙන් පුනාය.

    ReplyDelete
  9. දේශපාලන කතා කෙසේ වෙතත් සවුදන් ජෙමාට රඟපෑවේ ගාමිනී ෆොන්සේකා නම් නොවේ.

    මං ඔය චිත්‍රපටිය ටීවී එකේවත් දැකලා නෑ, නුමත් මං හිතන්නේ අර ටිකිරා කියන චිත්‍රපටියේ හිම හිටපු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වගේ පොරක් තමයි සවුදම් ජෙමාට හිටිෙයේ.

    සවුදම් ජෙමා ගැන කවි පන්තියක් හතේ පන්තියේ විතර සිංහල පාඩම් පොතේ තිබුණා. තිහාරියේ ටියුඩර් වගේ කෙනෙක් තමයි කවියා.

    කස්තුරි සුමුගුවද සිව් දරු සුවඳ කැට
    මා දිනු තිහාරිය සියනෑ තරුණ රට
    සවුදම් ජෙමා යන සිව් දෙය හැරුණු කොට
    මුළු ලෝකයම අමතක කළ හැකිය මට

    ReplyDelete
    Replies
    1. http://www.silumina.lk/2009/09/13/_art.asp?fn=at0909131
      සවුදම් ජෙමා

      කස්තුරි සුමුගුව ද සය දරු සුවඳ කැට
      මා දිනු තිහාරිය සියනෑ තරුණ රට
      සවුදම් ජෙමා යන මේ දෑ හැරුණු විට
      මුළු ලෝකය ම අමතක කළ හැකි ය මට

      හෝ තඹුවකු ගෙ වාගෙයි නිතර ම දැහේ
      පොල්ලෙලි ගහන්නට පන්කාදුයි නාහේ
      සවුදම් රසය නිතර ම මුවඟින් වෑහේ
      මොහු නම් හිඟන ලොව රජ කමට ම සෑහේ

      අලි බත් ගොඩක් ඇටයක් බල්ලෙකුට නොදී
      ලුණු බිංදුවක් හොදි කඳුළක් නැතිව බුදී
      සතයේ සුරුට්ටුව උගුරට දෙකට අදී
      අතමිට ඇතැයි දත් හැම දෙනෙකුට ම වඳී

      (දේදුන්න - 1948 ජූනි)

      තිහාරියේ පීටර් පෙරේරා

      Delete
    2. ළමයි දෙන්නෙක් වැඩි වෙලා!්

      මේ කවි පන්තියේ තව කවි තිබුණා. ඒ එක කවියක පදයක්-

      පුටුවක නමුත් පා ඉහලට රැගෙන ඉඳී...

      Delete
    3. ලයනල් දැරණියගල රසික.........
      සවුදන් ජෙමා ලෙසට රග පෑවෙ මම දන්නා ලෙසට....
      හැබැයි දෙක පහේ බයිස්කෝප් එකක් ද කොහෙද.....

      Delete
    4. සවුදන් ජෙමා

      තිරගත වූ දිනය – 1979 ඔක්තෝම්බර් 09
      ඉදිරිපත් කිරීම – ලංකා මාතා චිත්‍රපට
      නිෂ්පාදනය – ඩී. ජේ. කටුගම්පොල, ජී. ඩබ්. පෙරේරා, කේ. කරුණාසේන, සිරිල් පීරිස්, ඩී. එම්. ගුණසේකර
      කතාව දෙබස් සහ අධ්‍යක්ෂණය – ජයන්ත පී. සමරසිංහ
      තිර රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
      කැමරා අධ්‍යක්ෂණය – එම්. වී. හේමපාල
      කැමරා සහාය - චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
      වෙස් ගැන්වීම – ගිල්ටන් මෙන්ඩිස්
      සහාය අධ්‍යක්ෂණය – ඩී. ජේ. කටුගම්පොල
      නිෂ්පාදන කළමනාකරණය – එම්. සිරිල් පීරිස්, කේ. කරුණාරත්න
      සැකසුම – ලංකා චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
      ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
      ගීත පටිගත කිරීම – ජෝර්ජ් මනතුංග
      රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
      නිශ්චල ඡායාරූප – රංජිත් පෙරේරා
      සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
      ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, හඩ්සන් සමරසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

      ගීත සහ ගායන ශිල්පීන් -දෑසේ මල් හී වැදිලා ආදරෙන්– එච්. ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
      අපේ ගමට පුරහඳක් පායලා - මොරිස් දහනායක ඇතුළු පිරිස
      සැපතයි මට මහජන සේවේ – එච්. ආර්. ජෝතිපාල
      සැලේ සැලේ මාළු පැටව් – ලතා වල්පොල, ධම්මිකා වල්පොල
      ඔන්චිල්ලා තරු වැල් - ඇන්ජලින් ගුණතිලක
      සන්තානේ වේදනාවන් – එච්. ආර්. ජෝතිපාල

      ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන
      චිත්‍රපටයේ මුල් නම - දෙකටන යෝධයා

      නළු නිළියන් - ලයනල් දැරණියගල (සවුදන් ජෙමා), ගීතා කුමාරසිංහ (විනෝදනී), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (යුරේනියස්), පියදාස ගුණසේකර (කහතුඩුවේ රාලහාමි), සෝනියා දිසා (නොක්කි), මොරිස් දහනායක (ධර්මේ), දෙනවක හාමිනේ (සව්දන් ජෙමාගේ ආච්චි), රූබි ද මෙල්, ජී. ඩබ්. පෙරේරා, බන්දු මුණසිංහ, මාක් සමරනායක, ශාන්ති ලේඛා, බී. ඇස්. පෙරේරා, ඩී. ආර්. නානායක්කාර, දොන් සිරිසේන, ලිලියන් එදිරිසිංහ, පියදාස විජේකෝන්

      ප්‍රදර්ශනය – ගාමිණි, ප්ලාසා, අනූෂා - මහරගම, ඕඩියන් - මහනුවර, රාජ් – මීගමුව, සමුද්‍රා - වත්තල ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
      ප්‍රදර්ශන කාලය – දින 36 වන විට මුල්
      ශාලා 5 කට සීමා විය. මහරගම අනූෂා හි දින 48 ක්ද, ගාමිණී හා ප්ලාසා හි දින 53 බැගින් ද තිරගත විය.

      Delete
  10. රෑ වැ‍ටුන වලේ දවල් ආයිත් වැටෙන පාටයි මට පෙනෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. watila iwarai...
      raa wale watune 1977
      eda idan ithin wale thama

      Fort city eka nam hadanna ona moka awath.

      Delete
    2. ඒක නවත්තගන්න තමයි මෙහෙම තදින් ලියන්නේ.. ගිය පාර නම් අවුරුදු දෙකක්වත් උන්නා.. මේ විදියට ගියොත් මාස දෙකත් නම් ෂුවර් නෑ...

      Delete
  11. මම නම් ගම්මන්පි ආදිශිෂ්‍ය අයියට චන්දෙ දෙනවා මොකද එයාම කියපු හැටියට එයාගෙ අධ්‍යාපන මට්ටමට අනුව ලක්‍ෂ 7-8 ක වැටුපකට රස්සාවක් හොයා ගන්න පුලුවන්කම තියෙද්දිත් එයා පාඩු පිට දේශපාලනය කරනවා

    ReplyDelete
    Replies
    1. ඌ පට්ට හරකෙක් කියලා පේන්න ඒ කතාවම ඇති. ඌ හිතන්නේ ලංකාවේ ඉන්න එකම උගතා ඌය කියලා.

      Delete
    2. උගේ උගත්කම් මොකක්ද කියල මම හරියට දන්නේ නැහැ.
      ඔය කියන පඩියනම් දැන් කාලේ හැටියට ඔය වයසේ උගත්කම තියෙන සහ වකුගඩුව පාවිච්චි කරන්න පුළුවන් එකෙකුට ගන්න බැරි ගාණක්නම් නෙමේ... :)

      Delete
  12. හෙල උරුමෙ අයට කරනවනම් කරන්න හොඳ වැඩක් තියෙනවා ඒ තමයි ටී. මහේශ්වරන් ඝතනය ගැන කොමිසමක් පත්කරන්න යෝජනාවක් ඉදිරිපත් කිරීම.
    මොකද ටී . මහේෂ්වරන් තමයි දෙමල සමාජය තුල ආගම් ප්‍රචාරය ගැන දේශපාලන වේදිකාවෙදී ප්‍රසිද්ධ විරෝධයක් දක්වපු එකම දෙමළ දේශපාලඥයා. ඔහුව කෝවිලක් ඉදිරි පිටදීම වෙඩි තබා මැරුවා. ලංකාවේ අනිත් දෙමළ දේශපාලඥයෝ ඕනෑකමින්ම නිර් ආගමික වෙලා ඉන්නවා මොකද එයාලගේ ඊලාම් වැඩවලට අගම පටලවා ගැනීම පාඩු නිසා මෙම නිසා මේ ගැන ලෙඩක් ඇදීම සිංහලයන්ට වාසියි

    ReplyDelete
    Replies
    1. හෙළ උරුමයද..? පිවිතුරු හෙළ උරුමයද...?

      Delete
    2. හින්දු දෙමළා සහ ක්‍රිස්තියානි දෙමලා දේශපාලනිකව එක පැත්තේ, නමුත් සිංහල බෞද්ධයා සා සිංහල ක්‍රිස්තියානි කාරයා දේශපාලනිකව දෙපැත්තේ. යම් ක්‍රමයකින් දෙමල සමාජය තුල හින්දු ක්‍රිස්තියානි ගැටුමක් ඇතිවුනොත් දෙමල ඩයස් පෝරාවට වහ කෑවා වගේ වෙනවා.

      Delete
  13. මතා, මතකනේ 2001-2004 රනිල් මහත්මා ගති පාන්න ගොස් සිදුවූ දේ?
    "history repeats itself: but Ranil will never learn
    කලයුත්තේ මේ වංචා සහ දුෂණ පිළිබද වරද කරුවන් වන සියලු දෙනාට "කල්දේරම් බතේ රසය ලබාදීමයි "
    මිනිසුන් මොවුන් කල විශාල දුෂණ දැක්කනම් ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ රජයක හදනු ඇති.
    ප්‍රශ්නය රනිල් ට උවමනා කරන එඩිතරකම නොමැති වීමයි!

    ReplyDelete
    Replies
    1. Ranilge kapati kama wadi ekai hethuwa.
      Me parath summa thama.
      warenko matha umba campaign karnana meka asse

      Delete
    2. මම කිව්වට ඒකෙත් ඉන්නේ හරක් නෙමෙයි.. නමුත් මෙහම ලියන්නේ ජනතාවගේ හඬ ඔවුන්ට ඇහෙන්න. මොකෝ හොඳින් කිව්වට තේරෙන්නේ නැති නිසා.. මෙහෙම කිව්වම ඕන එකෙකුට තේරෙනවා.. ශ්‍රී ලංකා කාරයන්ට චන්දේ දෙන්නේ බයියෝ..

      Delete
  14. දින සීයෙ මගුල තමයි වැරැද්ද. පුලුවන් තරම් ඉක්මනට බජට් එකක් දාල පාර්ලිමේන්තුව විසිරුවා හැරියනම් හරි. එතකොට අඩු ගණනෙ ශ්‍රීලංකා එකේ මහින්දවාදී හොරු හා යූඑන්පී එකේ නාකි පිස්සො අතරින් ටිකදෙනෙක් හරි චන්දෙන් හැලෙනව. ඊට පස්සෙ ජාතික (වගේ ) ආණ්ඩුවකින් රනිල් + සිරිසේනට යහ පාලනේ හරි යමං පාලනේ හරි කරන්න තිබුන.
    පරක්කු වෙන තරමට මිනිස්සු ආයිත් ජාතිවාදී, රිලා කුමණ්ත්‍රණ නැටුම් වලට ඇබ්බැහි වෙනව

    ReplyDelete
    Replies
    1. koheda pra je hour inne . Horu kiyanne katada mama ahuwe adami oya nama

      Delete
    2. ජාතිවාදය අවුස්සන දෙන්නයි ඔතන ඉන්නේ. එකෙකුට හෙට අනිද්දම ගෑණි හිරේ දැම්මම බඩු බනිස්.. ඌත් එකසිය ගානට ගේම් දීලා තියෙනවලු අමාත්‍යශයේ. එහෙම නැතිව මිලියන් 20-30 ගෙවල් දෙකක්ම හදන්න බෑ නේ. අනිකා නම් උපන් ගෙයි ගොනා. හිනා වෙන කොටම පේනවා. ගිය සැරේ සිරසේ සටනට ඇවිල්ලා හත් පොලේ ගාගෙන ගියේ..

      මහ එක්කානෙගෙත් රෙදි ගැලවෙයි හෙට අනිද්දට. මෙහෙම ලියන්නේ නිකමට නෙමෙයි. දැක්කා නේ ඊයේ ලොක්කට මතක් වෙලා තියෙන්නේ එක්සෙකටිව් පවර් යූස් කොරන්න.

      Delete
  15. හලෝ මාතේ...හුඟ කාලෙකින්..
    .ඇවිත් ගියා...
    ඒකට කොමෙන්ට් කරන්න තරන් දේවල් එච්චරම තිබ්බෙ නැහැනේ...ඔහේ බලන් හිටියා මොනාද මේ වෙන්නේ කියලා...ගොඩාක් කස්ටිය හම්බ උනා අලුත් ආංඩුවේ...මට තේරෙන විදියටනම් මාතේ අලුත් සෙට් එක පොඩ්ඩ වෙන්න අනාගෙන ඉන්නේ...
    මාතා කෙසේ කීවත්, ලංකාවේ මිනිස්සු හරක්ම නොවෙන බව ජනවාරි 9 වෙනිදා පෙන්නලා දුන්නා සේ, නිකම්ම හම්බවෙච්ච බාගෙට රජකම දිගටම ගෙනියන්න බැරි බව රනිල් ලොක්කාට දැනෙමින් පවතින බව පේනවා නේද?
    මිනිස්සු හරක්ය කියා හිතාගෙන ආයෙත් අලිපාටියෙන් චන්දේ ඉල්ලුවොත් පුතෝ ලොක්කා සදහටම පැන්ෂොන්ය....මිනිස්සු දැන් පුන්නකු කන්නේ නැත...හේතුව අනිත් කෑම පාන්දරම ලාබ කල (ලබාකල රවි කියන්නේ එහෙමනේ) නිසාය. අපිට සුමාන දෙකයි මතක තියෙන්නේ කියන තියරියත් රනිල්ට අමතක වෙච්ච එකයි කරුමේ...දින 14ක කැලැන්ඩරයක් ගෙනාවනම් දින සීය වෙනුවට මෙලාට ගොඩනේ..
    දැන් චන්දේ කිට්ටුකොරලා ආයේත් දෙන්නවෙයි....නැතුව 100දි කරන්න බැරි බව දැනෙනකොට පාර්ලිමේන්තුව විසුරුවන්න කථාකරලා හරියන එකක් නැහැ වගේ...
    පව් කියලත් හිතෙනවා වෙලාවකට....
    ඒකට රජෝ..මැදමුලන නම් ආපහු එන්නේ නැහැ..ඒ ගැන ෂුවර්...ඕ යේස්..
    ඉරිදාට හම්බවෙමු ඈ...කුලියාපිටි පැත්තේදි..කොහොම හරි වරෙන්..

    ReplyDelete
    Replies
    1. නාගත්තේ පටන් ගන්න කොටම නේ මචෝ. රූපවාහිනි පත් කිරීමෙන්ම. මේ තදට ලිව්වේ නැත්නම් කාටවත් දැනෙන්නේ නෑ. ඒකයි මේ විදියට ලියන්නේ. කොහොමත් ඉදිරි සති දෙක ඇතුලේ ළොකු ළොකු ගේම් ටිකක් වෙයි..

      මගේ මතය නම් හැම එකාම තම තමන්ගේ පක්ෂයෙන් ඉල්ලන්න ඕන කියන එක. නමුත් ශ්‍රී ලංකා කාරයන්ට ඒක කරන්න කොන්දක් නැත්නම්. අලියා තනියෙන් ඉල්ලන් එකත් මෝඩ කමක්. මුස්ලිම් කොන්ග්‍රස් එක දැනටමත් අලියගෙන් ඉල්ලන්න එකඟ වෙලා තියෙනවා. ඒකේ වාසි වගේම අවාසිත් තියෙනවා. කොහොමත් හින්ගල කොටින්ට නම් මතු වෙන්න දෙන්න නරකයි. උන් මේ සැරෙත් ජාතිවාදය විකුණගෙන කන්නයි ලෑස්තිය.

      Delete
    2. ඉරිදට කුලියපිටියෙදි හමුවෙමු එහෙමනං ........

      Delete
  16. අපොයි! ය.
    පස්සෙ කමෙන්ට් එකක් දාන්නම්ය.

    ReplyDelete
  17. කරපු මෝඩකං දෙන්නට සරියේ
    නැවත මෝඩකං නොකරන් මරියේ..

    මමනම් යහපාලනේට කඩේ යන එක ගොඩක් දවසකට කලින්ම අතෑරියා.. වෙලේ සුදා පුංචි කේ.පී වෙච්චි දවස්වලම වගේ..

    ReplyDelete
    Replies
    1. වෙලේ සුදාගේ කේස් එකට දුමින්ද ගත්තට වැඩක් නෑ. මොකෝ ඒ දෙන කට උත්තරේ අනුව දුමින්දට ඇප ගන්න පුළුවන්. දැන් පොලීසිය උපරිම උත්සාහය දෙන්නේ පොරත් ගේමට සම්බන්ධයි කියලා ඔප්පු කරන්න. ඇත්තම කතාව නම්, දුමින්ද තමයි ගේම ගෙනිච්චේ වෙලේ සුදා දාලා. කොළඹ පාතාල සමාජය බොහොම පැහැදිලිව දන්නවා කුඩු බිස්නස් එක කළේ කවුද කියලා. භාරතගේ මරණෙන් පස්සේ, දුමියා සිංගප්පූරු ගියපු කාළේ පට්ට කුඩු හිඟයක් තිබුනා ලංකාවේ. හෙතුව ගෝඩ් ෆාදර් නැතුව බිස්නස් එක කරන්න තිබුන බය. ඔතනදි කොහොමත් වෙලේ සුදා විතරක් ඇතුලට යයි. ඒ උන්ගේ හැටි. උනුත් කවදාවත් මහ එකා මාට්ටු කරන්නේ නෑ. ගමේ උනත් එහෙම නේ බං.. කසිප්පු මුදලාලි පාර්ලිමේන්තුවේ, විකුණන උන්, පෙරන උන් ඇතුලේ.. ටික දවසක් යන කොට දන්නෙම නෑ බඩු එලියේ..

      ඒ නිසා දවස් 30ක් ඇතුලේ කළකිරෙන්න එපා. අවුරුදු 20 ක් කාපු රට දවස් 30න් හදන්න බෑ.. දිගටම ලියපන්..

      Delete
  18. Maathalnge dawal sihin iwaaarai...

    huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    ReplyDelete
    Replies
    1. මට තිබුනේ සිහිණ දෙකයි. දෙම ඉටු වෙලා ඉවරයි..
      (දන්නේ නැත්නම් පරණ පෝස්ට් දෙක තුනක් කියවන්න අම්මා..)
      මට දුක ඔයාලගේ සිහිණ ගැන..

      Delete
  19. නාන්න යන්නෙ නෑමක්. ඇත්තටම පට්ට දුකයි. අමාරුවෙන් ට්‍රැක් එකට දාගත්තු එක. :((

    ReplyDelete
    Replies
    1. යන්න දෙයක් නෑ , දැනටම නාගෙන ඉන්නේ

      Delete
    2. නෑවට නම් අවුලක් නෑ.. ඒත් ට්‍රැක් එකෙන් පිට පනින්න නම් දෙන්න බෑ.. කොහොම හරි අවුරුදු 5ක් වත් ගෙනිච්චොත් රටම ගොඩ.. මොකෝ අමාරුම වැඩේ මහින්ද මහත්තයා ෆිනිස් කොලා නේ.... (ඒක එයා තනියෙන් කරලා තියෙන්නේ...)

      Delete
  20. ගයන්ත කරුණාතිලක සහ සජිත් ප්‍රේමදාස හැරෙන්නට අනික් ඇමතිවරු හිතාගෙන ඉන්නේ බලය ලැබුනේ දින සීයකට නොව අවුරුදු සීයකට කියලාය.

    අනික අනුර කුමාර කියපු විදිහට දින සීයේදී අත්තිවාරමක් පමණයි දාන්න පුළුවන්, කෘෂිකර්ම අමාත්යන්ශේ නම එක කන්නයයි වගා කරන්න පුළුවන් කියන ගොන්පාට් එකනම් ගණන් ගන්න එපා . අනුර කුමාර වැව් දාහක් ප්‍රතිසංස්කරන්ය කරන්න ගිහිං නාගත්ත නෑම මතකනේ. දේශපාලන කියන්නේ අල්පේච්ච ජීවිතයක් ගතකිරීම විතරක් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. එයාලටත් මෙළෝ දෙයක් බෑ කියලා ඔප්පු කරලා ඉවරයිනේ.. මම ඒක නේ කියන්නේ මේ රටේ හතරවෙනි බලවේගේ කියන ජනමාධ්‍ය කියන දේ නැති නිසා. එයාලා කරන්නේ ඒ පාට් එක කියලා.. නමුත් අනුර කුමාර කියන ඔය කතාවේ නම් ඇත්තක් තියෙනවා.. ඒ කතාව සහතික ඇත්ත.. අලින්ට තෙරුනේ නැති දේත් ඒක. පක්ෂය ඇතුලේ කතිකාවක් කරලා.. ඇමති මණ්ඩලය 25 ට සීමා කරලා.. ආදර්ශයක් පෙන්නුවා නම්.. ඒක මේ නටන නාඩගම් වලට වඩා ඉදිරි මැතිවරණයට වටිනවා..

      Delete
  21. අර කියමනක් තියනවා නයා වුනත් පෙනේ පිප්පුවේ නැත්නම් දර කඩන ගෑණු නයා ගන්නවා ලනුවක් වගේ දර මිටි බඳින්න කියලා. එක්කෝ මෛත්‍රී පෙනේ පුප්පන්න ඕනෙ. නැත්නම් රනිල්ට පුප්පන්න දෙන්න ඕනෙ. එක්කෝ කම්බයින් පිප්පිල්ලක් පෙන්නන්න ඕනෙ. නැත්නම් සන්ධානේ ගෑණු මේ දෙන්නගෙන් ඡන්ද දරමිටි බඳිනවා.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව විචෝ... මේ කොමෙන්ට් එක දැකලද මන්දා.. ඕන් ඊයේ ජනාධිපති නයා නම් පෙනේ පුප්පලා.. තෝරු මෝරූ අල්ලන්න ඉස්පෙසොල් කොමිසොමක් දානවා කියන්නේ.. හැබයි කොමිසොන් කියන්නෙම පට්ට ජෝක් එකක්..

      Delete
  22. ජෝන් අමරතුංග එක්කෝ සමාව ගන්න ඕනේ . නැත්නම් ඉල්ලා අස්වෙන්න ඕනේ. පරණ කෙළිම දාන්න දෙන්න බැහැ කාටවත්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. මට තියෙන අවුල ඔය ප්‍රාදෙශීය සභා කේස් එකටත් වඩා.. මැර මර්වියා ගාව හිටපු සිංගප්පුරු සරත් කියන කුඩු කාරයන්ට සම්බන්ධීකරණ ලේඛම් කම් දීපූ එක.. ජෝන් කියන්නේ නොම්මර එකේ ගොනෙක්.. අලියෙක් නම් නෙමෙයි.. අනික කව්ද දන්නේ මහින්දගේ ගේම් ක්‍රියාවට නගනවද කියලා.. පොර ගැන හැමෝම දන්නවනේ..

      Delete
    2. බූරු ජොන්නා අනිවාර්යයෙන්ම සමාව අරගෙන ඌ මේ රජයට කල අපහාසයටත් වන්දි ගෙවීමක් වශයෙන් උගේ ඇමැතිකමින් ඉලා අස්විය යුතුයි.

      Delete
    3. මාතා හොඳම වැඩේ අපි බ්ලොග් ජාතික පෙරමුණක් හදමු.
      දැන් බලන්නකෝ ; රසිකලොජිස්ට් , කෙන්ජි , චිඑෆ් අර්කිටෙච්ට් ලට FUNDING භාර ගන්න පුළුවන් වැඩේට. විචාරක තුමා කුරුණෑගලින් ඉල්ලනවා. මධුමදාවී නිසා adults only චන්ද ටික හම්බ වෙනවා. කලාකාර පරම්පරාව ගොඩ දාන්න බස්සිට, සින්දු ඇනෝ ට මනා ට කියනවා. එතකොට බදුල්ල පැත්තේ මනෝජ් සඳරුවන් ඉන්නවා. ඉවාන් , දාසය , සි ජේ , විභීෂණ කොළඹට ට දානවා . බුද්ධාගමේ චන්ද ගන්න පැතුම් ව දානවා. පොඩ්ඩක් ජාතිවාදී පැත්තේ චන්ද ගන්න මකසි , ජගත් පතිරණ දානවා. උතුර නැගෙනහිර ෂේප් කර ගන්න අජිත් පැරකුම්, හෙනහුරා හෙම දාමු. කාන්ත චන්ද ගන්න ඔමා, කටුසු හදවත , නිදහස් සිතුවිලි රන්දිකා තව ඉන්නේ එතකොට විරහ කවි ලියන දුකා. මට අමතක වුන අය කව්ද? ආ සරසා හා ගයත්‍රී දකුණේ හා තංගල්ලේ චන්ද ගණන් දාමු. අනිත් එක මේ නම් ටික දැක්ක හමත් මිනිසුන්ට ජොලියක් යයි. නිකන් හිතන්න මාතලන් මාමා , බස්සි මැතිනිය , විභීෂණ දෙවිඳු , කටුස්ස මැතිතුමා, මහා කළු මැති තුමා පාර්ලිමේන්තු යනකොට. අනිත් එක මේ ඉන්න ඔක්කොම බලාගෙන ගියාම නියමනේ.

      Delete
    4. මඩ ගහන්න, බෝම්බ ගහන්නත් වෙනම හොයන්න ඕන නෑ.. මේකෙම ඉන්නවා බඩු.. හැබයි ඉතින් ජනමාධ්‍යවේදියෝ පාර්ලිමේන්තු ගිය එකේ අනාගතේ බ්ලොග් කාරයෙක් හරි ෆේස්බුක් පොරක් හරි එතනට ගියොත් පුදුම වෙන්න දේකුත් නෑ...

      Delete
  23. ගොරෝපු තරමට වැස්සක් අහලකවත් නෑ වගේ. මාතලන්ලා තරම් දේශපාලනය කෙරේ සංවේදී නැති බව අවංකවම පිළිගන්නවා. ඒක අපේ වරදක් වෙන්න පුලුවන්. නමුත් කළහැකි ලොකුම දේ මේ සංවේදීබව ඇති මිනිසුන්ගේ දැනගැනීම පිණිස මෙවැනි ලිපි බෙදාහදා ගැනීම (බුකියේ). එය කරන්නෙමු. දුන් ඡන්දය ගැන යම් කළකිරීමක් ඇති බව නොකියා බැරිය. ඒත් ඒ ඡන්දය නොලද පිරිස කෙරේ කිසිදු අනුකම්පාවක්ද නැත.

    ReplyDelete
    Replies
    1. හැම දේම කරන්න රටක් තියෙන්නේ ඕන. රටක් තිබුනට වැඩක් නෑ.. ඒකේ නිදහසේ කොන්ද කෙලින් තියාගෙන එකෙකුටවත් නැවෙන්නේ නැතුව, බය නැතුව ජීවත් වෙන්න බැරි නම්. මිනිසත්කම නැත්නම්..

      Delete
  24. වැඩේ ජොන් බාස්ට ගියා වගේ.. රනිල්ට තියෙන්නේ ජොන්ට තරවටු කරලා ඇමති කමෙන් ඉල්ලා අස්වෙන්න බල කරන්න.. ඡන්දෙට නොමිනේෂන් නොදී පැත්තකට කරලා තියන්න. පස්සේ ජාතික ලැයිස්තුවෙන් ගත්තට කමක් නෑ.. නිකන් යහපාලනේ පෙන්නන ඕන ඡන්දෙ ඉවරවෙනකංවත්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මම කියන්නේ, රනිල් පොලිටික්ස් දැනගත්තට පොලිට්‍රික්ස් දන්නේ නෑ කියලා.. මහින්ද අර පුත්තලමේ දනිස්සට නොමිනේසොන් දුන්නෙත් නෑ.. ඒත් ජනාධිපතිවරනෙට පොර බැහැලා වැඩ කලා.. පොලිට්‍රික්ස් කියන්නේ ආන් ඒවට. රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියලා.. ඒ මිනිස්සු ගෙදර ගෙනත් පුක් මූණ් දාලා ඒයත් දුක්වෙලා එයාගේ අම්මගෙ අප්පගේ එකවුන්ට් එකෙන් චෙක් එකකුත් දෙනවා.. ආන් ඒවට තමයි පොලිට්‍රික් කියන්නේ. පොඩි උන් උඩ දාන්නා.. නකී ගෑණු ඉඹින්න ඕන නෑ. අඩු ගානේ අර වගේ ගේම් වත් දෙන්න ඕන, මේ රටේ මී හරක්ට ආතල් දෙන්න..

      Delete
  25. ආපහු පාරක් මහජනතාව ගොනාට අන්දන්න දෙගොල්ලෝ ලෑස්ති වුනොත් හෙම මිනිස්සු පාරට බහින්න ඕන මේ තියෙන "පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය " කියන මහා ගරු ගාම්භීර විදියට ආමන්ත්‍රණය කරන මේ ගඳ ගහන අසූචි හැලිය ට විරුද්ධව ය.

    විභීෂණ නම් මේක ගූ බාල්දියට එදත් විරුද්ධ ය. අදත් එසේමය. එත් වෙනසක් කරන්න , මේ කුණු කන්ද සුද්ද කරන්න කියල හිටං මෛත්‍රී රනිල් ආපු හින්දා අකමැත්ත පැත්තකින් තියලා ආපහු පාරක් ඡන්දේ පාවිච්චි කළේය.

    ප්‍රතිපලය බලන් ඉන්න ගමන් ය. සමහර එව්ව් නම් එළිවෙන ජාමෙට පේන හොඳ හොඳ සෙල්ලම් වගෙය. තව 70යි. බලමු.

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව පිහිටවන්න ජීවීතය පරදුවට තියලා වැඩ කරපු උන්ගෙන් එන පීඩනය දැන් බොහෝම වැඩියි.. මිනිස්සු වැඩිම තව සති දෙකක් බලයි.. කොහොමත් ඊළඟට මිනිස්සු පාරට බහිනවා. උගත් සිවිල් පොරවල් කරපු වැරැද්ද තමයි. පළමු වැරැද්දටම විරුද්ධව ඉදිරියට ආවේ නැති එක. පටන් ගන්න තිබුනේ රූපවාහිනියට සෝමයා දාපු එකට විරුද්ධව...

      Delete
  26. ශ්‍රී.ල.නි.ප යේ අනාගතය අප හිතන තරම් සොදුරු නැත. මෛතිපාල සිරිසේන ජනාධිපති තුමාගේ සභාපතිත්වය පක්ෂයේ උන්නතියට හේතු පාදක වන ආකාරය පැහැදිලි නැත. ඔහු එකවර දීග දෙකක පැටළි සිටී.(Slfp+Unp) පෞද්ගලිකව ඔහුව විධායක ජනාධිපති ධුරය කරා රැගෙන යාමේ ගෞරවය එ.ජා.ප යට හිමිවේ. ඒ සඳහා එම පක්ෂයට ප්‍රති උපකාර කළ යුතුව ඇත. අවම වශයෙන් ද්‍රෝහි නොවි සිටිමට නම් එ.ජ.ප ය පරාජය කරවීමට තරම් පුළුල් මැතිවරණ ව්‍යාපාරයකට ඔහු පෞද්ගලිකව මැදිහත් නොවිය යුතුය. ඔහුට ජනාධිපතිවරණය ජය ගැනීමට පොලොන්නරුව දිස්තුික්කය හැර අන් ප්‍රදේශ වලින් ශ්‍රී.ල.නි.ප ඡන්ද ලැබුණේ 10%ක හෝ ඊට අඩු ප්‍රමාණයකිනි. එවන් පක්ෂයකට මහ මැතිවරණ ජයග්‍රහණයක් ළඟාකර දීමට ඔහු කටයුතු කරතැයි අපේක්ෂා කළ හැකිද? අනෙක් අතට මහින්ද, මෛත්‍රී. යන ප්‍රබලයින් දෙදෙනා මත මිස ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයින්ගේ විශ්වාසයක් හෝ ලැදියාවක් අනෙක් නායකයින් කෙරේ රැඳි නොමැත. මෙවන් පසුබිමකදි ඔවුන් ඡන්දය ප්‍රකාශකිරිමෙන් වැළකි සිටිමේ ප්‍රවනතාවයක් ඇත. මෙහි වාසිය නිතැතින්ම එ.ජා.ප. යට ලැබීමේ ඉඩ කඩ වැඩිය.

    ReplyDelete
    Replies
    1. ශ්‍රීලනිපය තුල විශාල බල අරගලයක් තියෙනවා. ඒක බන්ඩාරණායකලගේ පක්ෂය. ඒකේ නායකත්වය රදලයන්ගෙන් සාමාන්‍ය මිනිහෙකුට යන්නේ නොදීම බැරි නිසා. ඒ දෙන්නෙත් තොට කෙලවෙලා පල කියන පරම පවිත්‍ර චේතනාවන්. නමුත් රටේ වාසනාවට, පවුලේ අවාසනාවට මහින්ද බලයට එනවා. එහෙම නැත්නම් රාජපක්ෂලා කියන්නෙත් මෛත්‍රිපාලලා වගේම බත් බැලයෝ. මම හිතන්නේ නෑ චන්ද්‍රිකා සහ මෛත්‍රීපාල කියන චරිත දෙකම නැවතත් රාජපක්ෂලට ශ්‍රීලනිපයේ තැනක් දෙයි කියලා.

      නමුත් දේශපාළණයේ සදාකාලික සතුරන්වත් මිතුරන්වත් නෑ කියනලා කියමනක් තියෙනවා. ඒ වගෙම අවුරුදු 20 බලයේ හිටපු පිරිසකට ඒක නැති උනාම පිස්සු හැදෙනවා. පේනවනේ සම හරක් දෙන ටෝක්. ඉතින් ඉදිරියේ මොනවයින් මොනවා වෙයිද කියන්න බෑ. හැබයි රාජපක්ෂලා ආයේ වැද්ද ගත්තොත් ශ්‍රීලනීපය විනාශ කරන එක ඉර හඳ වගේ විශ්වාසයි. නමුත් ඒකෙන් වෙන්නේ මහ බන්ඩාරණයකගේ ප්‍රතිපත්තිවලට ආයෙම පක්ෂය ගෙනියන එක. ඒ කියන්නේ පට්ට ජාතිවාදය. සැටලයිට් ගාව ඒක නෑ.. අපි බලමු..

      Delete
  27. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෝපුවම බයත් හිතෙනවා ,අපේ රටේ දේශපාලනය ගැන

    ReplyDelete
    Replies
    1. එච්චර බය වෙන්න එපා.. අපි මේ නැති බිල්ලෝත් පෙන්නලා බය කරනවා.. නැත්නම් එයාලට තේරෙන්නේ නෑ ... ඒකයි..

      ඔහේ ආයේ ලියනවා කියලා තිබුනා.. ළොකු දෙයක්..

      Delete
  28. UNP එක මගින් පාලනය වෙන ITN එක දැනටම ගේම් එකට බැහැලා වගේ...

    ඔන්න ඊයේ නිවුස් වලට මනම්පිටිය පාලම ලඟින් මහවැලි ගඟේ වැලි ගොඩ් දැමීම නිසා ගඟ අඩි විස්සකින් ගිලා බැහැලාය එක්තරා වියාපාරිකයෙක් දිනකට වැලි ටිපර් තුන්සීයක් ගොඩදමනවාය කියලා ජහමනයා දැනුවත් කලා.....

    රනිල් තුමා සහ My3 තුමා ගේ ද්වන්ද යුද්දයක් අත ලඟ වගේ...

    ReplyDelete
    Replies
    1. සිහිණ දැකීමට එකාධිපති පාළණ්යක් තුල වුවද කිසිම බාධාවක් නැත...

      Delete
  29. පහ යාලනේ පටං ගන්නකොට හුගක් අය බලාපොරොත්තු වුණ දේ දැං දැං සිද්ද වෙනව
    අලි හරක්ට ඇදල ඉන්නෙ.... කොරන්ට දෙයක් නැති වෙන පාටක් තියෙන්නෙ...
    මේ යන විදියට ගියොත් ආයෙ ලොක්ක එන එක නවත්තන්න සක්කරය නෙවී උගෙ පුතා වයිම ආවත් බැරි වෙනව
    ඕ යේස්

    ReplyDelete
    Replies
    1. වයිමලාට බලේ නැතිව දවස් 30ක් ඉන්න බෑ.. තව ටිකක් දවස් යනකොට පිස්සු හැදෙයි...

      Delete
  30. මටනං හිතෙන්නේ ඊළඟට පාරට බහින්න වෙන්නේ පක්ෂ වලට විරුද්දව නෙමෙයි. දේශපාලනේට විරුද්දව

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න