.

.

Feb 21, 2015

මීළඟ ආන්ඩුවේ සංයුතිය - Combination of the next parlaiment


මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ කවදාද කියා, තවම අනාවැකි කියන්නට බැරිය. රනිල් විකුම්සිහ නම් කියනුයේ, දින 100 න් පස්සේ මහ මැතිවරණයට යනවා කියලාය. ඒ උනාට එයා ගාව ඉන්න ජෝන් බාස්ලා නිසා, ඊට කලින් ඉල්ලගෙන වළඳන්නත් ඉඩ තියෙනවාය. ජීවිත පරදුවට තබා සිරිසේන ලොක්කා දඹදිව වන්දනාවේ, තිරුපති වන්දනාවේ යවන්න සම්මාදම් වූ පිරිස නම් කියන්නේ, 2016 වෙනකන් මේ පාර්ලිමේන්තුවට ආයුෂ තියෙන නිසා ඒ වන තෙක් ඉන්න එක හොඳයි කියලාය.

හැමදාම, "සුරා මේරය මජ්ජපමා දඨ්ඨානා..." කියා පොරොන්දු දී, කන පැලෙන්න ගහන උන් ඉන්න රටක් නිසා, මාතලන් කියන්නේත්, දවස් 100 න් කරන්න බැරි පොරොන්දු දී, අවුරුදු දෙකකට කලින් ඉල්ලගෙන කාපු මැදමුලන සජ්ජුරුවන් වහන්සේ වගේ නොවි, අවුරුද්දක් හරි අරගෙන, දුන් පොරොන්දු ඉටු කරලාම මැතිවරණයකට යන එක ඇඟට හොඳයි කියලාය. මොකෝ මහින්ද මහත්තයා අගමැති උනොත්, සිරිසේන උන්නැහේට ඉන්න වෙන්නේ, වැලිකඩ මාලිගාවේ නිසාය. අනික පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කෝම දැන් ඇමතිවරු නිසා, උන්ගෙන් ගේමක් එන එකකුත් නැතිය. (දැන් ඔක්කෝම හවුලේ කනවාය.)

සම හරක් කියන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්න ඕන උගත්තු හා බුද්ධිමත්තු පමණක්ය කියලාය. ඒක මහා ගොන් තර්කයක්ය. ඒකෙන් පෙන්නන්නෙත්, අපේ තියෙන ගොන් කම සහ ළිං මැඩි මානසිකත්වය මිසක් වෙන එකක් නෙමෙයිය. මොකෝ දියුණු රටවල පාර්ලිමේන්තුවේ, සමාජයේ සෑම තරාතිරකම උන් නියෝජනය වෙන හින්දාය.  මාතලන් එක දියුණු රටක හිටපු කාළේ, ගෙයක් නැතිව පාරේ ඉන්න මිනිස්සු වෙනුවෙන් සටන් කරපු, ගෙවල් කුළී ගෙවාගන්න බැරිව පාරට වැටුන, "සින්ගල් මදර්" කෙනෙකුත්, වීරවරියක් වෙලා පාර්ලිමේන්තු ගියාය.

ඒ විතරක් නොව, ගේ පොරවල්, ලෙස්බියන්ලා, අම්බපාලිලා පවා පාර්ලිමේන්තුව නියෝජනය කරනවාය. එතකොට ඔය මෙහෙත් ඉන්නේ කියා සම හරක් කියන්න පුළුවන්ය. කතාව සහතික ඇත්තය. ඒත් එකෙක්වත් ඒ චරිතවල ජීවත් වෙන බව කියන්නට බය උන්ය. ඒවා පොරසිද්ද රහස් විතරමය. ඒත් ඉතින් අපේ රටේ වගේ කම්බ හොරු, මිනිමරුවෝ, පාතාල නායකයෝ, කුඩු කාරයෝ නම් ළෝකේ එකම රටක වත් නැතිව ඇතිය. ඒ මදිවට අපේ මහින්ද මහත්තයා සංධානේ ඔක්කොම උන් පොන්නයොත් කරලා තිබුනේය. මේ තරම් පොන්නයෝ පිරිසක් හිටපු පාර්ලිමේන්තුවක් තුන් ළෝකයේවත් නැතුව ඇතිය.

අනෙක් කරුන නම් උගතුන් උන්නත්, අපේ රටේ බුද්ධිමතුන් ඇත්තේම නැති වීමය. උගතුන් බහුතරයද නිබන්දන කට පාඩම් ගිරවුන් මිස ස්වාධීන චින්තනයක් ඇති පිරිසක් නොවේය. අනික සෑම පක්ෂයකින්ම ගිය උගතුන්ගෙන් සිඳු වූවට වඩා වැඩි දෙයක් සිඳු වූයේ, මහජනයා අතරින් මතුවූ දේශපාළකයන්ගෙන්ය. හොඳම උදාහරණ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂය. ජාතික ලැයිස්තු වලින් දාපු මහාචාර්යවරුන්ගෙන් සිඳුවූ දෙයක් ඇත්තේම නැතිය. මාහා ආචාරියෙක් වන ජී ඇල් පීරීස් ගොයියාට වඩා, ෆැෂන් ඩිසයිනින් වලට ඩිග්‍රියක් තියෙන මංගල සමරවීර ළොව දිනන්නේ ඒ නිසාය.

උගත් කම තිබුනාට දේශපාළණය කරන්න බැරිය. දේශපාළණය කරන එකා හොන්ද සමාජ විජ්ජා කාරයෙක් විය යුතුය. රට පාළණයේදි රනිල් ෆේල් වෙන්නේත්, මහින්ද වැඩර් වෙන්නේත් ඒ නිසාය. මිනිසුන් එක්ක ඉන්න බැරි එකාට, මහාචාර්ය පදවි තියා, නොබෙල් සම්මාන තිබුනත් තඹ දොයිතුවක වැඩක් නැතිය.

රට පාළණය නොකලත්, ජනතාව ගොනාට ඇන්දීම කැම්පස් වල උගන්වන්නේ නැත. ඒවාට ඩිග්‍රිද නැත්තේය. ඒවා මිනිසුන් අතරේ සිටම ඉගෙන ගත යුතු ඒවාය.

ඉඳ හිට බොගක් දාන පස් වන සියවසේ පොරක් වන "දයල් බතීගේ" බොග් කටුවේ, අපූරූ පෝස්ට් එකක් තිබුනේය. ඒ මීළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අය ගැනය. ඒ පෝස්ට් එක කැමති එකෙකුට මේ අකුරු උඩ කෙටුවාම බලා ගන්න පුළුවන්ය. 

සම හරක් නම් කියන්නේ, මහින්ද අගමැති කොරන්නෙයි කියලාය. සුසිල් ප්‍රේමජයන්තත් කියන්නේ අපිට ඕන ජාතික ආන්ඩු රෙද්දක් නැතෙයි කියලාය. එයාලා ජනාධිපති සිරිසේන උන්නැහේ එක්ක, ඊයෙයි, අදයි, එජාපයට ගහන හැටි, මීගමුවේ ඉඳන් ප්ලෑන් කරනවාය. ඒ අස්සේ රනිල් ලොක්කා ජාතික ආන්ඩු මලක් ගහලා ආතල් එකේ ඉන්නවාය.

පහතින් තියෙන්නේ, දයල් බතීගේ පෝස්ටුවේ, මාතලන් දාපු කොමෙන්ටුවට, අළුතෙන් ආරළු බූරළු එල්ලා සකස් කරනා ලද ලැයිස්තුවය. අඩු පාඩු ඇතොත් ඔහේලාට සම්පූර්ණ කොරන්න පුළුවන්ය.

මීළඟ ආන්ඩුවේ සංයුතිය....

උගතුන් හා බුද්ධිමතුන් නියෝජනය කරමින්
ගරු පවිත්‍රා දේවිය (ගිගාවොට් හා මෙගාවොට් අතර නව සම්බන්ධතාවය සොයා ගැනීම)
ගරු රජගෙදර රිලවා මැතිතුමා (පයිතගරස්ගෙන් පසු, උඩ දෙකට යට දෙක යට කැපුන විට, පිළිතුර ශුන්‍ය බව සොයාගැනීම)
ගරු බන්ධුල ගුණවර්ධන මැතිතුමා (රුපියල් 2,500.00 කින් මාසයක් ජීවත් වීමේ සූත්‍රය සොයාගැනීම)
ගරු නලීන් ද සිල්වා මැතිතුමා (නාථ බලෙන් සාස්තර කීම.)
ගරු දන්ත වෛද්‍ය අමරසේකර මැතිතුමා

මිනීමරුවන් නියෝජනය
ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමා
ගරු දුමින්ද සිල්වා මැතිතුමා
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා

කම්බ හොරු නියෝජනය කරමින්
ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා
ගරු සජින් වාස් ගුණවර්ධන මැතිතුමා
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා
ගරු අජිත් නෙවාඩ් කබ්‍රාල් මැතිතුමා
ගරු පී බී ජයසුන්දර මැතිතුමා
ගරු කළුතර රත්තරන් මැතිතුමා
ගරු නාවලපිටියේ අළුත්ගම මැතිතුමා
ගරු ප්‍රියත් බන්දු වික්‍රම මැතිතුමා
ගරු ගාමිණි සෙනරත් මැතිතුමා

කුඩු කාරයෝ නියෝජ්නය කරමින්
ගරු දී මූ ජයරත්න මැතිතුමා,
ගරු දුමින්ද සිල්වා මැතිතුමා,
ගරු මර්වින් සිල්වා මැතිතුමා (එක්ස්ටසී),
ගරු කුඩු ලන්සා මැතිතුමා,
ගරු නියෝමාල් පෙරේරා මැතිතුමා.
ගරු වෙලේ සුදා මැතිතුමා (පොදු පෙරමුණු ජාතික ලැයිස්තුවෙන්)

එතනෝල් නියෝජනය
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා,
ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා,
ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා,
ගරු මුත්තයියා මුරලිදරන් මැතිතුමා.

මල් නියෝජනය කරමින්
ගරු ජෝන් සෙනෙවිරත්න මැතිතුමා
ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා
ගරු සුමේදා ජී ජයසේන මැතිනිය

කාන්තාවන් නියෝජනය කරමින්
ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා,
ගරු ටී බී තෙන්නකෝන් මැති තුමා,
ගරු සම්පත් විදානපතිරණ මැතිතුමා (තංගල්ලේ),
ගරු සාරුවා සුනිල් මැතිතුමා (අකුරැස්ස)
ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා,
ගරු නයනා වෙල්ගම මැතිතුමා,
ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා

වට්ටි අම්මා නියෝජනය
ගරු පවිත්‍රා දේවිය 

වාචාල නියෝජනය
ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා
ගරු ඇස් බී දිසානායක මැතිතුමා
ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ගරු අස්වර් මැතිතුමා
 
මැරයන් නියෝජනය කරමින්
ගරු කළුතර රත්තරන් මැතිතුමා,
ගරු නාවලපිටියේ අළුත්ගම මැතිතුමා,
ගරු මහීපාල හේරත් මැතිතුමා
ගරු විජිත් විජිතමුනි සොයිසා මැතිතුමා
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා

රිලවුන් නියෝජනය
ගරු රජගෙදර රිලවා මැතිතුමා,

හිඟන්නන් නියෝජනය කරමින්
ගරු උදය ගොනාමංපිල මැතිතුමා

ගොක් කොල නියෝජනය කරමින්
ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා
ගරු අලෙවි මවුලානා මැතිතුමා
ගරු එළ පව්සි මැතිතුමා

ප්‍රගතිශීලී නියෝජනය  -
ගරු ඩීව් ගුණසේකර මැති තුමා,
ගරු පිස්සු විකාරද මැතිතුමා,
ගරු වාසිදේව නාලා යක් කාල මැතිතුමා.
(මනාපවලට දැම්මොත් ඇපත් නැත. ජාතික ලයිස්තුවේ පිහිට පමණි)

කැළෑ පාලුවන් නියෝජනය
ගරු චන්ද්‍රසේන සහෝදරයෝ මැතිවරු
ගරු ජීවන් කුමාරණතුංග මැතිතුමා

පරණ කෝට් කාරයන් නියෝජනය කරමින්
ගරු ජී ඇල් පීරිස් මැතිතුමා

නලාකරුවන් නියෝජනය
ගරු සෝමරත්න දිසානායක මැතිතුමා
ගරු ජනමූල ජැක්සන් මැතිතුමා
ගරු රෝහණ වීරසිංහ මැතිතුමා
ගරු එඩ්වඩ් ජයකොඩි මැතිතුමා
ගරු භාතිය හා සන්තුස් මැතිවරුන්
ගරු චන්න විජේවර්ධන මැතිතුමා
ගරු මාලනි පොන්සේකා මෙනවිය
ගරු ගීතා කුමාරසිංහ මැතිනිය
ගරු පබා මැතිනිය
ගරු ජින්ජර් මැතිනිය

ක්‍රීඩාව නියෝජනය කරමින්
ගරු එස් බී දිසානායක හා කුසන්තිකා ජයසිංහ යුවල
ගරු නිශාන්ත රණතුංග මැතිතුමා
ගරු අසන්ත ද මැල් මැතිතුමා
ගරු තිලකරත්න මොහොමඩ් දිල්ෂාන් මැතිතුමා
ගරු හොරා කෑ දන්දෙනිය මැතිතුමා
ගරු ඩ් එස් ද සිල්වා මැතිතුමා (ජාතික ලැයිස්තුව)
නවළෝක සමූහය

ජඩමාද්දිය නියෝජනය
ගරු ගූධර්මන් යකඩගොඩ මැතිතුමා
ගරු මොහාන් සමරනායක මැතිතුමා
ගරු හඩ්ඩා සමරසිංහ මැතිතුමා

පුලන්නන් (ඉල්ලාගෙන කන්නන්) නියෝජනය
ගරු පිස්සු අත්තනායක මැතිතුමා
ගරු ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමා

කොටි නියෝජනය
ගරු කුමරන් පද්මනාදන් මැතිතුමා
ගරු කරුණා අම්මාන් මැතිතුමා
ගරු පිල්ලෙයාන් මැතිතුමා

සංග නියෝජනය
අතිපූජ්ජ ගරු ඇල්ලට වට දෙක හිමි
අතිපූජ්ජ අස්ගිරි මහා නායක හිමි
අතිපූජ්ජ නානසාර හිමි
අතිපූජ්ජ ලිප්ස්ටික් ධම්මළෝක හිමි

70 comments:

  1. @ මාතලන් සහබ්,

    නලාකරුවන් අතරට අරයාවත් දාගමුකෝ....! (ඉගිල්ලෙන ගයේසා ජී)
    තව ඉරාජ් සහබ්ව්ත් එකතු කරගන්න ඕනෙ!!

    ප:ලි:- සුනිල් සීයාව ඇඩ් වෙන්න ඕනෙ මොන කැටගරියට ද???

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. @ මාතලන් සහබ්,

      හුටා!!! ඇයි දෙයියනේ අපේ අනුබුදු ඥානසාර හාන්දුරුවෝ....????

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. ඕන් නානසාර මහ රහතන් වහන්සෙත් දැම්මා...

      Delete
    3. //අතිපූජ්ජ නානසාර හිමි// ඔය ඉන්නේ!
      අපිනම් කියන්නෙ "නානසාදු" කියලා.

      Delete
  2. මේ ලිපිය සාමාන්‍ය මිනිස්සුන්ටත් කියවන්න මොනවා කරල හරි පත්තරේක දාගන්න පුළුවන් නම් !

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇත්ත මධ්‍යස්ථ මිනිස්සු ඇත්ත දැනගන්න එක වලක්වන්න සීමා මායිම් නැතිවෙන එකක් නෑ තමයි.

      Delete
    4. පත්තර වල දාන්න පුළුවන්ද අනේ මාතලන් ලියන් එවා... මේ බ්ලොග්...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. යම් හේතුවක් නිසා ඔයා චන්දේ ඉල්ලනවා කියා හිතන්න
    ඔයා ගම්මන්පිල වගේ රුපියල් 100 බැගින් ඉල්ලුවොත් ඔයාට කවුරුවත් සල්ලි දෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔය මාතලන් වාගෙ පිටි ගෝනි ඉන්නව නේද? උන්ට සපත්තුව ගන්න බිමට පාත් වුනත් පඩ යනව හැටහුට හමාරක්.

      එතකොට පඩ නොඇර සිටීමේ පොරොන්දුව පිට මිනිස්සුන්ගෙන් රුපියල් 100 නෙමෙයි දාහක් උනත් ගන්න පුලුවන්.

      වැඩිය ඕන නැහැ. මං වුනත් රු 1000 ක් දෙන්න කැමතියි මාතලන් පඩ අරින්නෙ නැත්නම්.

      Delete
    2. ලැජ්ජ නැද්ද බං 100 ඉල්ලන්න.. මම ඉල්ලනවානම් ඉල්ලන්නේ අඩුම 1000 ක්..

      ඒත් අපි හිඟන්නෝ නම් නෙමෙයි..

      Delete
  5. අනේ Iraj ටත් මොකක් හරි දෙන්නකෝ.

    ReplyDelete
  6. ඇයි යකෝ හම්බන්තොට සෙල්ලං පිස්තෝල මැති තුමා?එයාට මොකුත් නැද්ද?මගේ දැඩි විරෝධය.

    ReplyDelete
    Replies
    1. සෙල්ලම් බබාලා නියෝජනය වගේ මක්කා හරි එකකට තමයි. ඒත් අවුරුද්ය් 18 වෙනකන්ද කොහෙද පාර්ලිමේන්තු යන්න බෑ නේ.. ඒ නිසා එයා දාලා මම ළමා අපචාරවලට පැටලෙනවා..

      Delete
  7. list 1ක නම් මරු ..

    ReplyDelete
  8. නිධන් සහ අබිසරු ලියන් පිලිබඳ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය සරත් හා දිලුම් අමුඩගම මැතිවරු

    ReplyDelete
  9. // මීළඟ ආන්ඩුවේ සංයුතිය - Combination of the next parlaiment //

    හුටා ය

    මෙච්චර කියලාත් අයෙත් බිස්තියටම කෙලලාය...


    මීළඟ ආන්ඩුවේ සංයුතිය - පරිවර්තනය කරන්නේ Combination of the next Government කියා ය!

    Combination of the next parliament යනු මීලඟ පාර්ලිමේන්තුවේ සංයුතිය යි!

    තමුන්න්නැහේලා ගෙ ලදරු ආතල් කාරයන් හිතන්නේ පාර්ලිමේන්තුව යනු ආන්ඩුව කියා ද?

    ReplyDelete
    Replies
    1. ස ර ස +++++++++++++++++++++++

      Delete
    2. අම්මපා... සහතික ඇත්ත.. මම දන්න ඉන්ගිරිස් කිව්වලු

      ඒක නෙමෙයි කොහොමෙයි මහින්දගේ සෙට් එක... පට්ට නේ...

      Delete
  10. //ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමා// - දිව්‍ය ලෝකෙද අපායද මිනිහගෙ සීට් එක වෙන්නෙ?

    ඕකට රතු තොල් පිල වෙනුවෙන් අකිල විරාජ් මැතිතුමාව මේ පැත්තට අරගෙන පත් කරමු.

    තව රජාගෙ ප්‍රියතම සබ්ජෙට් එක වෙච්චි කේන්ද්‍රෝපසාරීන් වෙනුවෙන් - ගරු සුමනදාස මැතිතුමා ප්‍රමුඛ බයිල සෙට් එක දාන්නම වෙනව.

    ඊලඟට දේශීය ආදයම් වෙනුවෙන් අසරණ සරණ ගුණවර්ධන තුමා, දුටුගැමුණු සිල්වා මැතිඳු එහෙමත් එපාය!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි.. අසරණ සරණ අමතකම උනා නේ.. ඉන්නම් ඕන බඩුවක්...

      Delete
    2. කේන්ද්‍රෝපසාරීන් අමතක කිරීම හෙලාදකිනවා. ඔව්!

      Delete
  11. බදුල්ලෙන් කාන්තා මන්තිරියෝම දෙන්නෙක් දැම්මට විරුද්දය.. අඩුම තමින් සීනි ගැන හිතා හෝ හිටපු සීනි ඇමතියාත්, ගිය පාර පාර්ලිමේන්තුවේ හොඳම කථිකයාවූ තෙනුක විදානපතිරන (බැරිනම් එයාගේ අයියා මැර විදානේ) යන අයවවත් යෝජනා කරමි. සුසන්ත පුංචිනිලමේ ගේන්නේනම් යහපාලනෙන් නාලන්ද එල්ලවලටත් නොමිනේසන් දිය යුතුය. එතකොට චන්ද කාලේදී දෙන්නාට එහේදී ඇරියස් බේරා ගත හැක.

    ReplyDelete
    Replies
    1. අපායේ තමයි කට්ටියටම අන්තීමට ඉන්න වෙන්නේ...

      Delete
  12. එතකොට තිස්සගේ දුවට මෙතන තැනක් නැද්ද ............

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා දීපුවැයින් කීපයක් ඉතිරිවෙලා තිබ්බා...

      Delete
    2. ළමා අපචාර වලට සම්බන්ධ වෙන්න බෑ බං...

      Delete
  13. භාතිය හා සන්තුස් ව දාන්න වෙන්නේ බහු-ආසනයකට නේද?
    අර ඉස්සර තිබුණු මැද කොළඹ, බේරුවල, නුවරඑලිය-මස්කෙලිය, අකුරණ වගේ?

    ReplyDelete
  14. හි ක් හික් හික්....
    කැසිනෝ සහ සූදු නියෝජනය කරමින්

    ගරු ලකෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා...


    ජ ය වේ වා !!!

    ReplyDelete
  15. සුපිරි පෝස්‍ටුව ඈ..
    දැන් කොත්තමල්ලි අඩු නැද්ද කියලා ඇහුවම කඩෙන් කියනවා කොත්තමල්ලි කිලෝ 10ක් ගත්තම රු 100ක් අඩු කරනවා කියලා..!

    ReplyDelete
    Replies
    1. මම නම් තුන් වේලටම කොත්තමල්ලි බොනවා රවීට පින් දිදි...

      Delete
  16. පුරාවිද්‍යාව නියෝජනය කරමින්,
    සජිත් ප්‍රේමදාස
    සාලින්ද දිසානායක
    චක්‍රවර්තී හිමි
    කන්ගැට්ටා මහතා

    ReplyDelete
  17. මන්ද මානසික නියොජනයට අමුතුහෙට්ටිගම

    ReplyDelete
    Replies
    1. මනෝ විද්‍යා නියෝජනය

      Delete
  18. නෝටි ඇමරිකා නියෝජනය - සංගීතා වීරරත්න, සබීතා පෙරේරා, රෝසි සේනානායක, උපේක්ෂා සුවර්ණමාලි, ලක්ෂිකා රණසිංහ තව.. මතකෙට එන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. @ සජ්ජා ජී,

      ඇයි අර අරයා......! ෆ්ලයින් ෆිස්............!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. තව ගොඩාක් ඉන්නවා.. ලොක්කගේ ටිකටම සීට් මදි වෙනවා..

      Delete
  19. ෂර්ලොක් හොල්ම්ස් ප්‍රමුඛ රහස් පරීක්ෂකවරු නියෝජනය - රංජන් රාමනායක.

    ReplyDelete
    Replies
    1. එයා එතකොට විපස්සේ නේ මෙයා...

      Delete
  20. මාතලන්...
    කැබිනට් එකනම් ආයේ ලොවෙත් නැති ලොවි ගස්වලත් නැති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී එකක්.
    රෝමෙට වත් බැරිව ඇති මෙහෙම එකක් හදන්න.
    ---
    මාට යාන්තමට වගේ මතකයි මීට ටික කාලෙකට කලිනුත් බ්ලොග් ලියන කීප දෙනෙක්ම කැබිනට් හදලා නම් යෝජනා කරලා තිබුන.

    -------මගෙනුත් යෝජනාවක් තියෙනවා මෙන්න මෙහෙම්.

    හොරු සමග හෙළුවෙන් සිටින්නන් නියෝජනය ට.
    -----මෛත්‍රී පාලනය.

    ReplyDelete
    Replies
    1. ඉදිරි දින කීපය තීරණාත්මකයි...

      Delete
  21. සෙල්ලම් පිස්තෝලයා, අවුසදී මද්දුම හේවී, වගේ තව ඉන්නවා ඔය ලැයිස්තුවට දාන්න අය.

    කැබිනට් එකක් නෙවේ ආයේ සැරයක් ලොකු පුස්තකාල අල්මාරියක් හදන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම බැලිවාම අපේ කැබිනට් වලත් කට්ටිය දාන්න වෙනවා...

      Delete
  22. ඉතින් ඔය ඔක්කොම දැම්මට පස්සෙ සාමාන්‍ය ජහමනයා නියෝජනය කරන්න එකෙක් දාන්න ඉඩක් නැති වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවේ නම් නෑ.. විපස්සේ නම් ජෙප්පෝ ටික ඉන්නවා..

      Delete
  23. අවුරුදු දහයක්ම මෙහෙමයිනෙ.. ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි ඉල්ලංකෑවයි..

    ReplyDelete
    Replies
    1. 10 මදි වෙලා නෙ මේ මැරෙන්න හදන්නේ.. ඊයේ කට්ටියටම දීලා සබුක්කුව මීගමුවෙදි...

      Delete
  24. මහින්ද මහත්තයව අමතකම කොරලා දාලා...

    ReplyDelete
    Replies
    1. එයා නේ මේ ඔක්කොම හොරුන්ගේ "අලිබබා"

      Delete
  25. මාතා.............. ඔය කලබැගෑනිය අස්සේ අපිත් රිංගගත්තොත් බ්ලොග් නියෝජනය කරන අැමතිකමවත් ගන්න බැරිවෙන ඒකක් නැහැ නොවැ........... අපේ නම් සූජානම් ඒකටයි.......... අපිට ජයවේවා.......

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ අපේ අම්මා තාම ජීවත් වෙනවා...

      Delete
  26. මොකවත්ම නොකිය ඉන්නම් මාතා අයියේ..... හැමදාම ලියපන්කෝ.....

    ReplyDelete
  27. සත්වෝද්‍යානය නියෝජනය කරන්න සිංහයෙක් හා පින්නවල නියෝජනය කරන්න කඩොල් ඇතෙක් ඕනයි කියල ප්‍රබල මතයක් තියනව නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නේ නෑ බොරළුගොඩ සිංහයගේ පුතෙක් නම් ඉන්නවා.. හැබයි කෑ ගහන්නේ බුඃ බුඃ ගාලා..

      එයාගේ පුතාලූ ටෙන්ඩර් මක්කත් නැතිව ලංකාවෙම ජල නළ එලන්නේ..

      දැන් ඉතින් තාත්තට පාවඩ එලන්න තමයි වෙන්නේ...

      Delete
    2. සද්දන්ත කුලේ සිංහයෙක් ද? :P

      Delete
    3. ඇයි ඉවාන් අවුල්ද?
      කේසර ඇත්තු සහ අජානීය රිලවුත් ඕනෙනම් ඉන්නව

      Delete
  28. එතකොට ඔහේ සන්නස්ගලට තැනක් දෙන්නේම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එයා යූ ඇන් පී නේ...

      මේ මහින්ද මහත්තයා අග්මැති වෙලා හදන ආන්ඩුව.. සා රස කිව්ව වගේ හින්ගලෙන් ලියපු එක නෙමෙයි ඉන්ගිරිසියෙන් දාලා තියෙන්නේ..

      අපි දන්න ඉන්ගිරිසි කිව්වලු...

      Delete
  29. දිමු ට නම් දැන් පැන්ෂන් යන්න කාලේ හරි.

    (පැන්ෂන් = මැරෙන්න)

    ReplyDelete
  30. ඇයි යකෝ අපේ බේබිලා ටික දැම්මේ නැත්තේ ?

    ReplyDelete
  31. Obe post eka kiyawaddi mata mathak wennema Wimalanath Weerarathnage kolamayi!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න