.

.

May 17, 2015

අභයාරාමේ මහින්දාගමනය - Mahindaagamanaya at Abhayaaraama



ළොකු හන්දුරුවනේ... ළොකු හාන්දුරුවනේ.. ගාගේන මර හඬ දීගෙන ගඳ කුටියට කඩා ගෙන වැඩ්ඩ පොඩි නමගෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද නර්ස් හාන්දුරුවෝ ඇහුවේ, මොකෝ යකෝ උදේ පාන්දරම මර හඬ දීගෙන කෑ ගහන්නේ කියලාය. වැඩ්ඩ වැඩිල්ලේ තරමේ සැරට දෙතුන් සැරයක් පැඩ්ඩ පොඩි නම හති හලන ගමන් දෙසා වදාලේ, ආන් මහ සජ්ජුරුවෝ පන්සලේ තාප්පෙ උඩ සර්කස් පෙන්නනවා කියලාය.

කාට සර්කස් පෙන්නන්නද බං තාම මේ උදේ පාන්දරනේ කියා දෙසා වදාල නර්ස් හාන්දුරුවෝ, පොඩි නමත් එක්ක අඳනේ පිටින්ම වැඩ්ඩේ, ලොක්කා මේ දවස්වල කෙලින පිස්සු වල හැටියට සරකස් පෙන්නන්නත් බැරි කමක් නැති බව සිතුනු නිසාය.

අන්තරේ අන්තරායකාරි හාන්දුරු දෙනමක් වගේ ගිනි කළබලේ පොඩි නමගේ පස්සෙන් වැටුනු නර්ස් හාන්දුරුවෝ, කළුවර මැද්දෙන් යාන්තමට චායාව වගේ දැක්කේ, මහ සජ්ජුරුවෝ උඩටත් මක්කාවත් නැතිව සරම කැහැපොට ගසාගෙන, මහා පොල්ලක් හරහට අල්ලාගෙන, සැර්කස් කාරයෙක් වගේ, තාප්පේ එහා මෙහා යන එකය.

ඇයි මල හත්තිලව්වේ ඔය මක්කැයි ඔය කොරන විකාරේ, ඇක්සයිස් කොරන්න ඕන නම් අර ට්‍රෙඩ් මිල් එක තියෙන්නේ. ඒකේ ඇක්සයිස් කොරන්න කම්මැලි නම්, අර චම්පික ඇමතිතුමාගේ ඇක්සයිස් කැම්පේන් එකට ගියා නම් අහවරයිනේ. මේ මොන නව නිග්‍රහයක්ද මේ කොරන්නේ. රෑකට එහෙම මිනිස්සු දැක්කා නම් හිතයි පොසොන් එකට මහින්දාගමනය යන්ත්‍රානුසරයෙන් පෙන්නනවය කියලා.

අනේ පින් සිද්ද වෙයි, ඔතනින් බිමට වැඩියානම් කියා කියපු නර්ස් හාන්දුරුවන්ට හිටපු ලොක්කා කිව්වේ නොදකින් විතරක් කෙමක්වත් නිවි හැනහිල්ලේ කොර ගන්න බෑ නේ. පාන්දර ජාමේ මේ වැඩේ කොලේ එකෙකුටවත් අහු වෙන්නේ නැති වෙන්න. අපේ හාන්දුරුවන්ට දිවැස් තියෙනවද, එහෙම නැත්නම් ඊයෙම මේක යහ පාළණේ වෙබ් සයිට් වල පබ්ලිස් වෙලා තිබුනද කියලාය.

කාගේ හෝ දිරච්ච ලණුවක් ගිලලා අමු පිස්සුවක් කෙලින බව තෙරුම් ගත්ත නර්ස් හාන්දුරුවෝ කිව්වේ, මොකා දීපු කෙමක්ද තාප්ප දිගේ බඩ ගගා කොරන්නේ, එවයෙන් වැඩක් නෑ, ඔබතුමා ඔතනින් වැටුනොත් හෙම අර පස්සෙන් එන උන් කාත් එක්කෙයි නැගිටින්නේ කියා පොඩ්ඩක් ලෙලෙඳෙන හඩින් දෙසපු යුනියන් හාන්දුරුවන්ට ළොක්කා කිව්වේ, වැටෙන්න නැති වෙන්න නේ හාන්දුරුවනේ පොල්ලක් අරගෙන යන්නේ කියලාය.

මම මේක මේ අද ඊයේ පටන් ගත්ත කෙමක් නෙමෙයි. දැන් කීප දවසක්ම කොරලා ප්‍රැක්ටිස් වෙලා ඉන්නේ. ඒ නිසා අපේ හාන්දුරුවෝ කළබල වෙන්න ඕන නෑ. ඒත් ඉතින් කතා කොරන්නේ නැතිව කරන්න ඕන කෙමක් නිසා, අද ආයෙත් කොරලා වැඩක් නෑ කියා, පොල්ල පැත්තකට විසි කරාපු හිටපු ලොක්කා තාප්පේ දිගේ සර්කස් කාරයා වගේ ගොස්, කොන්පරන්ස් රූම් එකේ ජනේලයක් උඩට පය තියලා, ජනේලේ එල්ලිලා එතනින් බිමට ජම්ප් එකක් දලා හාන්දුරුවො ගාවට ඇවිත් හම්මෙ හොඳටෝම හති වතුර ටිකක් බිව්වා නම් හොඳයි කියලාය.

පොඩි හාන්දුරුවෝ දනි පනි ගා මුළුතැන් ගෙට රිංගලා ආයෙත් කුරුල්ල වගේ අනෙක් පැත්තට ඇවිත් හිටපු ලොක්කාට පිස්තෝලයක් දිග් කලේය. අම්මට හුඩු පොල් කොලද බේරේ ආතල් කන දිගේ බේරේ කියා තමාටම කියා ගත්ත ළොක්කාට මතක් උනේ මහ බන්ඩට වෙච්චි දේමද යකෝ මටත් වෙන්න යන්නේකියලාය.

ඔය හාන්දුරුවනේ හාන්දුරුවනේ ගගා පස්සෙන් ගියාට ඔය ඝනයෝ එක්ක වැඩි ඇයි හොඳයි කම් තියා ගන්න එපා අනේ කියා, මැඩම් එදා ඉඳන්ම කියන කතාවක් මතක් උන ලොක්කා, බය වෙච්චි නැති බවක් පෙන්නමින් කට කනේ දාගෙන පොඩි සංඝාට ලව්ස්කීපර් වොයිස් එකෙන් කිව්වේ, අනේ පොඩි හාන්දුරුවනේ උදේ පාන්දර හොරා පොලිස් කරන්න බෑ, ඕන නම් ටිකක් හැන්දෑ වෙන්න හොරු ටිකත් ආවම කරමු කියලාය.

නෑ නෑ ජනාධිපති තුමා මේක පුරවලා තියෙන්නේ වතුර, දැන් වෙඩි තියන්න ගන්නේ වතුර බෝතල් කියලා කිව්වාම පර්මනන්ට්ලිම කූල් වෙච්චි හිටපු ලොක්කාගෙන් නර්ස් හාන්දුරුවෝ ඇහුවේ, මොකක්ද ඉතින් ඔය බෙල්ල ගහලා යන කෙම කියලාය. මෙහෙමයි අපේ හාන්දුරුවනේ, උදේ පාන්දරම නැගිටලා පොල්ලත් අරගෙන තාප්පේ දිගේ එහාට මෙහාට යන්න ඕන. එතකොට ටික වෙලාවක් යන කොට බැලන්ස් නැති වෙනවනේ. ආන්න එතකොට තමයි කෙම වැඩ කරන්නේ. ඒ කියන්නේ පොල්ලත් එක්කම පතහ් ගාලා ඇදගෙන වැටෙනවයි..? කියා අහපු ආනන්ද ඉස්තවිරට ලොක්කා කිව්වේ, පිස්සුද හාන්දුරුවනේ එහෙම වැටිලා කොහොමෙයි. එතකොට වැටෙන්න යන පැත්තට පොල්ල තියලා මම බේරෙනවා නේ කියලාය..

එතකොට ඔය පොල්ල තියලා බෙරෙන්නේ කාගෙන්ද කියා අහපු නර්ස් හාන්දුරුවොන්ට ලොක්කා කීවේ. කාගෙන්ද ඉතින් මට විශ්‍රාම ගිහිල්ලා බණක් දහමක් අහගෙන භාවනාවක් කොරගෙන ඉන්න දෙන්නේ නැති අර පිස්සු වාහෙලාට තමයි පොල්ල තියන්නේ කියලාය..

ඉතින් වැටෙන්න යන කොට පොල්ල තියන්නම වෙනවනේ, එතකොට ඔබතුමා උන්ට හැමදාම පොල්ල තියන්නද යන්නේ කියා, ඊළඟ කුස්සෙන් එකත් ඉදිරිපත් කොලාම ලොක්කා කිව්වේ, නෑ නෑ මෙහෙමයි, පන්සල පැත්තට පොල්ල තිබ්බොත් මහින්දත් එක්ක නැගිටින තොයිලෙට යන්නේ නෑ. පාර පැත්තට තිබ්බොත් යන්න හිතාගෙන ඉන්නේ කියලාය.

ටී බී ලා, වෙල්ගමලා, වගේම අනාථ වෙලා ඉන්න නාථයෝ හතර දෙන ගැනත් දුක හිතුන හාන්දුරුවෝ ඊළඟ දවසේ පාන්දරම හොරෙන් බලාගෙන උන්නේ වෙන්නේ මක්කැයි කියලාය. එදා උදේ පොල්ල තිබ්බේ පන්සල පැත්තට නිසා, කුරුණෑගලටම ගියත් රැස්වීම ළඟටම ගියත්, රැස්වීමට ගියේ නැත්තේ, කෙම අනුව වැඩ කරේ නැත්නම් කෙල වෙලාම යන්න පුළුවන් කියලා හිතලාය.

ඉස්ටේජ් එකට නගින්නේ නැතිව වෙස් වලාගෙන ගහක් උඩට නැගපු ලොක්කාට, පත වාතයක් ගියේය. මහ සද්දයක් ආවේ කොහෙන්ද යකෝ කියා මිනිස්සු උඩ බිම බලන්න යන කොට වැඩේ මාට්ටු වෙයි කියා හිතපු ගම්මන්පිල කිව්වේ, කුරහන් සුවඳක් මේ ළඟ ළඟම එනවා නේද හලෝ කියලාය. 

කුරහන් සුවඳ කෙසේ වෙතත්, වයඹ ගල් වල සුවඳක් නම් එනවා අනේ කියා මහ රජ්ජුරුවෝ එක්ක නැගිටින්න ආපු බවලත් කෙනෙක් කිව්වම, අනාථ වෙලා ඉන්න තවත් බවලත් කෙනෙක් කිව්වේ ඊළඟ එකත් පොල්ල තියයිද දන්නේ නෑ මෙයා කියලාය. ඒක ඇහුන ගහ උඩ හිටපු ලොක්කා හිතුවේ, හාන්දුරුවරු උනත්, මුන්ට කේලමක් ඇද බාන්නේ නැතිව ඉන්න බෑ නේ යකෝ කියලාය.

55 comments:

  1. හැක් හැක්.. හිනා කවල මරන්නද හදන්නෙ?

    ReplyDelete
    Replies
    1. මාතලංටත් සුරැකුම්පත් ලාබයෙන් ජුන්ඩක් ලැබිල වගේ. මහින්දට හතර අතේ වනන්නෙ. ඒහම නැතුව බැ ලැබුන වෙලාවෙ හම්බ කරගන්න එපායැ.

      Delete
    2. මහ මැතිවරණෙටත් ඉන්න එපාය. මරලා කොහොමෙයි..

      Delete
  2. //වැටෙන්න යන පැත්තට පොල්ල තියලා මම බේරෙනවා නේ//
    මේක පට්ටම ලිපියය.. කියලා නිමක් කරන්න බැරි තරම් ආතල්ය.. හැක්.

    ReplyDelete
  3. පොල්ල......පට්ට සිනා......
    සෙල්ෆි....................පොල්ල.........

    ReplyDelete
    Replies
    1. අයිසෙ කෙන්ජි FB ද පදිංචිය දැන්

      Delete
    2. ම්ම්ම්ම්....Yes ...Mr.අයිසෙ ........තාවකාලිකව.........
      සිත අවුල් කොරගන්න ඉපා......

      Delete
    3. සෙල්ෆි පොල්ල ඇවිත් අපේ නලියනේ...

      Delete
  4. අයිසෙ මාතලන්,
    +++++++++++++++++++++++

    ReplyDelete
  5. සුපිරි :D. පන යන්න හිනා. මේකෙ ලින්ක් එක ඔය අදාළ සෙට් එකට ඊමේල් කරන්න වටිනව.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ ආසද මාත් නිර්මාල්ලා වගේ ගුටි කනවට..

      Delete
  6. ඇත්ත කියන්න මෙයා, ඔයා රවී අයියගේ මල්ලි නේද?
    නැත්තං අර පාඩුවේ ඉන්න අහිංසකයට ඔහොමත් ගහනවද මෙයා?

    ReplyDelete
    Replies
    1. පාඩුවේ ඉන්නවන් මේවා ලියවෙනවය.. කාටුන් ඇඳෙනවය..

      Delete
  7. අර කාටුන් එක ඇන්දෙත් උබද බන් මාතේ ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං... මේ මම උඹට මේල් එකක් දැම්මා. දැක්කෙ නැතෙයි...?

      Delete
  8. නෑ නෑ නෑ . ඔය පුරුදු වෙන්නේ ඉස්සරහට එන ඉලැක්සොං කානිවෙල් එකේ බම්මන්නා ගේ චරිතය රඟපාන්න නේ.

    ReplyDelete
    Replies
    1. පට්ට ආතල එකයි දෙයි වගේ සෙට් එකම..

      Delete
  9. ජහපාලන අමන මරිමෝල් කාලකණ්නි ටිකක් හින්දා රටටම විඳවන්න වෙන කාලයක්නං අත ළග...වෙන්න තියෙන දේ උනාට පස්සේ කරන්න දෙයක් නැහැ.. හැමෝටම විඳවන්න වෙනවා ඇර.. හැබැයි මේ කාලකණ්නි පාලනේ ගේන්න උදව් කරපු.. ඒ වෙනුවෙන් කඩේ ගිය.. බොරු පැල කරපු හැම එකාගෙම උපදින්න ඉන්න දරුවට පවා මේ කල දේ සාපේ වදිනවා...

    චතුෂ තුෂර කුමාර

    ReplyDelete
    Replies
    1. බලේ ඉන්නකොට කරපුවගේ සාපේ වැදිලා තමා අභයාරාමේ අස්සේ රිංගන්න උනේ.

      දැන් වත් හිටුකෝ. නෑ තවත් කන්න එනවා රට. පෙරේත කමට

      Delete
    2. මචං මාරයෝ, සාප වදිනවා නම් වදින්නෙ ඉතින් රාජපක්ෂ සහෝදර සමාගමේ හැම නරි බලු වැඩක්ම ඉවසා දරා ගනිමින් උන්ටම කඩේ ගිය උඹලටයි උඹේ දරුවන්ටයි උඹේ දෙමව්පියන්ටයි මිස වෙන කාටවත් නම් නෙවෙයි. රාජපක්ෂ කියන හොරාට කත් ඇදලා උඹ කර ගත්තු පව නිසා උඹට නම් ජීවිතේට දරුවෙක් ඇති වෙතැයි හිතන්න බැහැ. මොනවා කරන්න ද තම තමන් කර ගන්න දේවල් තමයි.

      Delete
    3. මෙයා යුද්දෙ යනකොට නම් ගුවන් හමුදාවෙ ඉන්න බෑ කියලා පැණලා ආවා. දැන් පොර ටෝක් දෙනවා.

      Delete
    4. මෙයයි අභීතයි තමයි දන් බුකියේ මහින්ද වෙනුවෙන් මඩ ගෲප් කරන්නෙ.

      Delete
  10. මෙහෙම ලියනවනං දේශපාලනේ ගැන හැමදාම හරි ලියපං මාතයියෙ.. එකෙන්ම රෙෂ්පට් !!!!

    ReplyDelete
    Replies
    1. මේවා එහෙම ලේසියෙන් එන්නේ නෑ... කළාතුරකින් තමයි එන්නේ..

      Delete
  11. හක හක හක හිනා වෙලා පන නැ ඕයි :p

    ReplyDelete
  12. හහා මරු! ගොම්මන්පිල අර කුරහන් කතාව කියන්න ඇත්තෙ ඔය ව‍ාතෙ ගඳ ඇත්තටම දැනිලද කොහෙද?

    ReplyDelete
    Replies
    1. කස්ටිය කලින් සෙට් වෙලා ඇවිල්ලා තියෙන්නේ උදේ ඉඳන්..

      Delete
  13. ඉදලා හිටලා දේශපාලනයෙන් තොර වෙන ලිපියක් ලියහන් අයියන්ඩි..ඔයාගේ පරන ලිපි තියනවා එල ද බ්‍රා වගේ ඒවා.
    ඉල්ලිමක්.

    ReplyDelete
  14. +++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  15. පට්ට පට පට! හිනාවෙලා පණ නෑ :D

    ReplyDelete
  16. මේ විදිහට තමයි කණගා‍ටුව ප්‍රකාශ කරන්න අපි ඉගෙනගෙන තියෙන්නෙ. බොහොම ලාංකිකයි..

    ReplyDelete
    Replies
    1. මොකෝ මාතේ කොමෙන්ට් මකලා දාන්නේ ? කුණුහරුප වත් ද්වේශසහගත දෙයක්වත් මම ලිවේ නැහැ. මන් ලිවේ මට හිතුන දේ. සරත් අය්ය යාළුකමට වෙන්ටති මගේ කොමෙන්ට් එක මැකුවේ ? මහප්‍රාණ ටෝක් දුන්නට ඔයාටත් මිත්‍ර අනුග්‍රහය දක්වන්න වෙනවා නේද ? ඔහොම තමයි ගොඩක් හැකේ බුදු රැස් තියෙන අය. එකෙන් වෙන්නේ සැබෑ සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින මිනිස්සුන්ට ඒක එපා වීම.

      Delete
    2. නමක් ගමක් නැතිව තුන වන පාර්ශවයේ කෙනෙක්ට මඩ ගහන්න බෑ මෙතන. ඒ කොමෙන්ට් එක සරත්ගේ බ්ලොග් එකේ දාන්න. ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවා නම්, නම් ගම් වලින් එන්න.

      Delete
    3. මම බ්ලොග් ප්රෝෆිලේ හදාගෙන නම් නැහැ. එත් මට හැම විනාඩි 30 ම විනාඩි 5ක් විවේක ලැබෙන නිසා මම බ්ලොග් සහ පුවත්පත් කියවනවා. කොටසෙන් කොටස කීප සැරේකට. බ්ලොග් ලියන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒක ලෝකේ තියෙන ලොකුම රාජකාරිය කියල, ඒක හින්ද අපිත් ප්රෝෆිල හදාගන්න ඕනේ කියල. අනික ඔහේ ලියා තියෙන්නේ මොනවහරි ලියන්න කියලනේ. ඉතින් එහෙම කියල ඔහෙම පස්සේ රෙගුලාසි දාන ඒක සදාචාර සම්පන්න නැහැ...ඔහේ ඔයා අපි ලියන ඒවා මකනවා වගේ හොදට python දන්නා කෙනෙකුට ඔහේ ලියන දේවලුත් මකා දන්නා පුළුවන්. එත් ඒක සදාචාර සම්පන්න නොවෙන නිසා ඔහේගේ තත්වෙට වැටෙන්නේ නැහැ හැමෝම. මොනවහරි ලියන්න කියන්නේ නැතුව ඔහේ කිව්වනම් තුන්වැනි පාර්ශව ගැන ලියන්න එපා කියල ඒක හරි. නමුත් ඔහේ කියන කතාව ශිෂ්ට එකක් නෙවෙයි. ඔයා කරුණු සහ අදහස් කියන දෙකේ වෙනස දන්නේ නෑ වගේ. කරුණු මඩ ලෙස හඳුවන්න බෑ. මඩ කියන්නේ දේවේශ සහගත අසත්‍ය අදහස්. දැන් ඔහේ ඔයා හිටපු ජනාදිපති වරයෙකු ගැන ලියපු පොස්ට් ඒක නම් මඩක්. එවුනට දේවාලේ කපුවා රුන්නත් ගඳ නැහැලුනේ ! ඔහෙත් හරියට ඒ වගේ 2 ශත 50 පොරක්.

      Delete
    4. අනුන්ගේ කුණු ගොඩවල් අවුස්සන්නේ නැතිව කරන එකක් කරනවා හලෝ. ගූ වැඩ කර කර, තව පඬි ටෝක් දෙන්නත් එනවා..

      Delete
  17. මමනම් කැමතියි ලොක්කගෙ කකුල් දෙක තාප්පෙ දෙපැත්තට ගිහින් 'ජොහ්'ගාල තාප්පෙ උඩ ඉන්දවෙනවනම්.

    ReplyDelete
    Replies
    1. හපොයි මැදමුලන බලවේග කට්ටලේ...

      Delete
  18. හිකිස්..හිනාකාලා මැරෙනවා අප්පා..
    මටත් මේ තියෙන හෙන පුරස්නයක් තමයි අර නර්ස් හාන්දුරුවොත් ඇත්තටම නර්ස් කර්මෙ කොරනවද කියල??

    ReplyDelete
    Replies
    1. මේ වගේ උන් නිසා තමයි නර්ස්ලා යක්කු වෙලා තියෙන්නේ...

      Delete
  19. ඇත්ත ඇතිසැටියෙන් දකින තරුණ පරම්පරාවට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. මාතලන් නම් වයස උනත් තරුණයි තමයි...

      Delete
  20. ඇත්ත ඇතිසැටියෙන් දකින තරුණ පරම්පරාවට මගේ ප්‍රණාමය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න