.

.

Feb 19, 2017

බසයේ වමනය ගිය ගැබිනි මව ලවා එය බලෙන් සේදවීම



ඉස් පැසොල් දොස් තරලා හොහෙද බං        වන්නියේ
සල්ලි නෑ අල් ලන්න දොස් තරයා              හන්දියේ
වීල් එක කින් යන්න ගාන වැඩි                 සන්දියේ
ඒ නිසයි එල් ලුනේ උඹලගේ                     වංඩියේ

ඔරවලා ලබා දේ පින් වතුන් සීට්                     එක
හරවලා ගන්න කොට දෙක වෙලා පෙනෙයි      එක
කොරවෙලා ඉන්නේ බඩ වැඩියි මේ ස්පීඩ්         එක
බයවෙලා දරු ගැබත් වහන් ඔය සෙටප්            එක

පොඩි එකා නිසා කෑ පොල් රොටිය උදේ             මං
ඒ කාපු පෝෂණය වමනෙ ටම ගියා                    දැං
දෙස් දෙන්න එපා මට මහතුනේ වඳින්                නං
හිටින් මම හෝදන්න මේවා පෙර කරුම             කං

- Maathalan -

53 comments:

  1. කොන්ද පන තියෙන මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් හිටිය නම් ඔය බස් එකට ගිනි තියනවා අර අහිංසකයෝ දෙන්නට දීපු දඬුවමට. බලාගෙන ගියාම අම්මට සිරි ලංකාවේ ඉන්නේ පිනට කන්ඩ බලාගෙන ඉන්න උන් විතරයි වගේ.

    ReplyDelete
    Replies
    1. එක්කෝ බස් එකේ වෙන කවුරුත් ඉඳලා නෑ... එහෙම නැත්නම් පොන්නයෝ ගිය බස් එකක්...

      Delete
    2. ඕකට තියෙන්නෙ සුළු විසඳුමක් මාතා, සිඩ්නි එන්න, ප්‍රශ්න ඔක්කොම අහවරයි. ඔය ගැබිනි මවටත් ඉගැලිටේරියන් සමාජයක පුරවැසිකම ලබාදෙමු.

      Delete
    3. අම්මෝ බස් එකට ගිනි තියන්ඩ ...පිස්සුද

      Delete
  2. මේ ඇත්තටම උන සිදුවීමක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.... මේ අම්මට සිරි ලංකාවේ නම් නෙමෙයි..

      අර අවුරුදු 2500 ක මහා බෞද්ධ සිස්ටාචාරයක් අම්මට හැමිනෙන සඟිස්කුරුතියක් බව් බව්මික අන්ඩවාතයක් ඒකියභාවයක් ගර්භාෂයක් උන්ඩුක පුඡ්චයක් තියෙන ශ්‍රී ලංකා මාතා කියන උතුම් පින් බිම කියන රටේ කේස් එකක්...

      Delete
  3. ආගමක් දහමක් අවශ්‍ය නැත සිරිත් විරිත් ගුන ධර්ම අවශ්‍ය නැත ශිෂ්ඨාචාරයක් අවශ්‍ය නැත අපි බටහිර ක්‍රමයට හැඩ ගැසෙමු

    ReplyDelete
    Replies
    1. බටහිරට බනින්න එපා... බටහිර ඔය වගේ තිරිසන් මිනිස්සු නෑ...

      Delete
    2. ඇත්තෙන්ම නීති හරියට ක්‍රියාත්මකවීම සහ මිනිසුන් එකිනෙකා අතර ගනුදෙනුවලදී ශීලාචාරවීම (politeness) තියනව නම් බොහෝදුරට ඇති.

      ගෙදරකට ගිහිල්ලා එනකොට ඔක්කොටම වැඳලා එලියට ඇවිල්ලා නාකි මිනිස්සු පෙරල ගෙන බස් එකට නැගීම, පිලිමවලට වැන්දට පෝලිමක ඉන්න දන්නෙ නැති ජාතියේ සිරිත් විරිත් ගුන ධර්ම ශිෂ්ඨාචාරයක් නැති වුනාට කමක් නෑ තමයි

      Delete
    3. මාර පොලයිට් සමාජේ... කියලා වඩක් නෑ අප්පා. මැදපෙරදිගත් කිසිම ගෑණු කෙනෙක් හිටගෙන යන්නෙ නෑ පොදු ප්‍රවාහන සේවය.. පෝලිම් නෑ...

      Delete
  4. මුන් මාර එවුන් වගයක්නෙ...මුන්ටනෙ ගහන්න ඕනෙ ගස් බැදලා...

    ReplyDelete
    Replies
    1. ගස් බැඳලා නෙමෙයි බං... පුකට වෙඩි තියන්න ඕන... අශූචී කටෙන් එන්න...

      Delete
  5. ඒකට මොකද ඉතින් ,
    ලෝකෙන් උතුම් රට ලංකාවයි... සිරි ලංකාවයි

    ReplyDelete
    Replies
    1. අන්නේකයි... උතුම්ම එකෙත් හොඳම එක...

      Delete
  6. ඒ මනුස්සයාට කොන්ද පණ තිබ්බ අඩුම තරමින් ගිහින් වෙච්චි අසාධාරණේ පොලිසියට කියන්නවත්.. සමහරු ඔහොම ඒවා ලැජ්ජවටම කියන්නෙවත් නෑ. ඒක තමයි ලොකුම අවුල..

    උඹේ කවි තමයි කවි!!!!

    ReplyDelete
    Replies
    1. එක හරි... මිනිස්සු කට පුක වහගෙන ඉන්න ගියාම තමයි ඔක්කෝම වෙන්නේ..

      එකයි දුන්නේ... කෝ දැන් අර ඇනෝ පොන්නයෝ පෙන්නවත් නෑ නේ..

      Delete
    2. ඒයි ඒයි මේ අපි වගේ වැදගත් ඇනෝලත් ඉන්නව කියල මතක තියාගත්තොත් හොඳා

      Delete
    3. එයාලට අදාල වෙන්නේ නෑ...

      Delete
    4. //එකයි දුන්නේ...// මොක? මට පොස්ට් එකක් මිස් උනාවත්ද?

      Delete
  7. ඒකට මොකද අපෙ අර දෙදාස් පන්සීයකද කොහෙදො උටුම් මෙව්වා එක තියනවනේ ඒ මදැයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඒ කතන්දරේ මම උඩින් ලිව්වා කොමෙන්ට් එකක..

      Delete
  8. අම්මට...😡😡😡.. උබ කියල තිබ්බ වගේ බස් එකේ ගිහිල්ල තියෙන්නෙ පොන්නයෝ ටිකක්.

    හුකන 2500 ඉතිහාසේ.. තව බුද්ද ජයන්තියට ඉන්දියාවක් හදනවලු ලංකාවේ.

    ඔය ලංකාවේ මිනිස්සු උදේ හවස බලන අහන පිරිත් වෙනුවට බ්ලූ ෆිල්ම් ටිකක් පෙන්නන්න ඕනේ. අඩුම ගානෙ මෝල් අමාරුව හරි අඩුවෙයි.

    ඊයේ මම නිව්ස් බලනකොට කළුතර බෝට්ටුව පෙරළුණ එකේ සිද්දිය කොටස් කොටස් විදිහට ගිලෙන හැටි බොඩි ගේන හැටි මළ මිණි ට්‍රොලියේ තියං යන හැටි රස කර කර පෙන්වන්නේ මහා ලොකු දෙයක් වගේ. අප්පිරියාවේ බැරි කමටම නිවුස් බැලිල්ල අතඇරිය.

    තුක් නොදකින් බන්.. මෙහෙමත් රටක් සමාජයක්..

    ReplyDelete
    Replies
    1. මේ රට කෑවේ දෙශපාලුවෝ කියනවා නම් ඒක බොරුවක්...

      ඊට වඩා වග කියන්න ඕන ජඩ මාද්දිය වේදියෝ...

      මාධ්‍යවේදයේ "අ" යන්නවත් නොදන්න අම්බරුවෝ..

      අමු තිරිසන්නූ...

      Delete
  9. ඔය බස් ඒකේ ගිය අනිත් වුන් ඒකෙක්වත් අම්මාගේ බඩේන් ආපු වුන් නෙමේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... අර ලෝකෙන් උතුම්ම රටේ කට්ටියක්...

      Delete
  10. මේ ලංකාවේ දැන් ඉන්නේ මනුස්සකම් දන්නේ නැති අම්බරුවෝ ටිකක්. එන්න එන්න රට පරිහානියට යනවා.

    ReplyDelete
    Replies
    1. තිබුනටත් වඩා අන්තද මන්දා...

      Delete
  11. වැඩේ තියෙන්නෙ කට්ටිය දැන් රැල්ලට රැඩිකල් වෙන්නනෙ තදියම...
    අනිකාගෙ වැඩ අනිකා බලාගත යුතුය.. අනිකා වෙනුවෙන් කතා කිරීම ගොබ්බ ගොඩේ බයි කමකි.
    එහෙම නැත්තම් සහයෝගයෙන් වැඩ කිරීම,ආචාරශීලීවීම,අසුනක් පිරිනැමීම බයි කමකි.. ගොඩේ කමකි.. ඉන් රැඩිකල් රැස් වලල්ලට හානි සිදුවේ..
    එහෙම උනොත් අපිත් අර සංස්කෘතිය අගයන මිනිස්සු කියල හිතයි කියල මුන් දෙකොන මාරු කොරන් ඉන්නෙ..
    මූලික මනුස්සකම් වටිආකම් වත් අඳුනන්නැති රැල්ලට යන් සත්තු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕවා තියෙන්නේ ගම්වල... නඟරේ ඕවා අඩුයි...

      Delete
  12. සත්තු කියලා කියන එක සත්තුන්ටත් අවමානයක්. මේවා අහන්න ලැබෙන එකත් කරුමයක් බං. කට ඇරියොත් මව් ගුණ දෙසන ජාතියේ අයනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සත්තුන්ගේ මීට වඩා හොඳ ගතිගුණ අනන්ත තියෙනවා...

      Delete
  13. මේ හැම ප්‍රශ්නයක්ම බටහිරට ගැති වෙච්ච හින්ද. සිංහලය කියන්නෙ තමන්ගෙ කාන්තාවන්ට මෙහෙම අවම විදිහට සලකපු ජාතියක් නෙමේ. රටේ ඉතිහාසය හොයල බලන්න. සිංහල කාන්තාව කියන්නෙ උපරිම නිදහස විදපු ජාතියක්. සුද්දො වගේ ගෑනුන්ව වෙහෙසවපු ජාතියක් නෙමේ අපි. අද ඔය මහ ලොකුවට කෑගහන දියුණුයි කියන රටවල් කොච්චර උන්ගෙ ගෑනුන්ගෙන් වැඩ ගන්නවද. තව ටික දවසක් මෙහෙම ගියොත් අපේ කාන්තාවන්ටත් සිද්ධ වෙනව බටහිර කාන්තාවො තරමටම දුක් විදින්න. ඊට කලින් අපි අපේ කාන්තාවන්ට උරුමසැබෑ නිදහස දෙන්න ඕන.

    ReplyDelete
  14. මේ හැම ප්‍රශ්නයක්ම බටහිරට ගැති වෙච්ච හින්ද. සිංහලය කියන්නෙ තමන්ගෙ කාන්තාවන්ට මෙහෙම අවම විදිහට සලකපු ජාතියක් නෙමේ. රටේ ඉතිහාසය හොයල බලන්න. සිංහල කාන්තාව කියන්නෙ උපරිම නිදහස විදපු ජාතියක්. සුද්දො වගේ ගෑනුන්ව වෙහෙසවපු ජාතියක් නෙමේ අපි. අද ඔය මහ ලොකුවට කෑගහන දියුණුයි කියන රටවල් කොච්චර උන්ගෙ ගෑනුන්ගෙන් වැඩ ගන්නවද. තව ටික දවසක් මෙහෙම ගියොත් අපේ කාන්තාවන්ටත් සිද්ධ වෙනව බටහිර කාන්තාවො තරමටම දුක් විදින්න. ඊට කලින් අපි අපේ කාන්තාවන්ට උරුමසැබෑ නිදහස දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ කතා කරන්න එපා... බටහිර රටවල මේ වගේ තිරිසන්නු නෑ...

      Delete
    2. http://www.aljazeera.com/news/2016/09/uk-arrest-hate-crime-attack-pregnant-woman-160914133526680.html

      Delete
  15. පර පීඩක සමාජයක්

    ReplyDelete
  16. ෂිහ් අම්මපා මෙහෙමත් රටක්. අර කොන්දගේ .... දෙක ලාච්චුවට දාලා ගහන්න ඕන. ඕකට අම්මෙක්, ගෑණියෙක්, අඩුම තරමේ හොර ගෑණියෙක්වත් නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. පොලීසියත් අහිංසක උන්ට තමා ඔක්කෝම ගෙම්බර් දාන්නේ...

      Delete
  17. කියන්න තියන ටික ඔක්කොම කෙමෙන්ට් වල කියලා
    අරුගේ කන අත ගන්න එකෙක් හිටපු නැති හැටි

    ReplyDelete
  18. මේ වගේ වේසිගෙ පුතාලා ඉන්න රටක් කවදාවත් හැදෙන්නේ නෑ මාතො..

    ReplyDelete
    Replies
    1. එකයි මම කියන්නේ ඝෝඨා වගේ කෙනෙක් ඕන කියලා,,,,

      Delete
    2. ඇයි ඝෝඨා බස් හොදන්නද?
      රතුපස්වල වතුර ඉල්ලුව මිනිස්සු මරවපු , වැලිකඩ මිනිස්සු මරවපු අය බස් ඩ්‍රැයිවර් වඩා මාර මානුසික ඇතිනේ.

      Delete
    3. දැන් පාරක යන්න පුළුවන්ද...?

      ගෝත්‍රිකයින්ට් මොන් ප්‍රජාතන්ත්‍රවාද්ද...?

      Delete
    4. වමනෙ ගොඩෙන් ගූ මතුකිරීමේ පාරක යන ප්‍රජාතන්ත්‍රවාදය.

      Delete
  19. බං මාතලන්.. රට කරවන එවුනුත් එක පොරේට පාර්ලිමේන්තුවේ රෙදි කරට අරගෙන මරාගන්න රටක බස් රියදුරෙකුගෙනුයි කොන්දොස්තර කෙනෙකුගෙනුයි මීට වඩා සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවනිද ? රටට කරුණාව දයාව මයිත්‍රීය වපුරන්න භාරගතපු භික්ෂු පිරිසත් වයිරය වපුරන තැනට වැටුන රටක බස් රියදුරෙකුගෙනුයි කොන්දොස්තර කෙනෙකුගෙනුයි මීට වඩා සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවනිද ?

    ReplyDelete
    Replies
    1. එක අත්කින් ඒකත් ඇත්ත... අර වල්ගම කියන එකා කතා අහන කොට පොඩි ළමයි පවා බඩවෙනවා... පබා කියලා තිබුනේ ව්‍යවස්ථාව හදන වැදගත් මහත්තුරු එයාට සලකාපු විදිය...

      Delete
  20. කවිය නියමයි.
    මාත් කල්පනා කළේ දැන් මිනිස්සු හැසිරෙන්නෙ පොන්නයො වගේ නේද කියල. බස්කාරයන්ගෙ බලු වැඩ නොදැක්ක වගේ ඉන්න පුරුදු වෙලා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු දන්නේ නෑ එකමුතුකමේ අගය. මිනිස්සු බය කරලා තියෙන්නේ.. ඒක පොඩි කාළේ ඉඳන්ම කරන දෙයක්... අපි හදන්න ඕන හැම දේම ප්‍රශ්ණ කරන සමාජයක්..

      මම දැකලා තියෙනවා ගොඩක් පිටරට මිනිස්සු ඉන්ටර්වීව් කරන කොට උන් කෙලින්ම අහනවා.. මම ඒකට උත්තර දෙන්න ඕනද කියලා...

      Delete
  21. මාතලන්, මචෝ... ඔවා ඔහොම නොවෙනවනම් තමයි අපි පුදුම වෙන්න ඕනේ.
    අපේ රටේ මිනිස්සු වැඩිදෙනෙක් නිකම්ම නිර්වින්දනය වෙලා ඉන්නේ.

    ඉස්සර වාහනේ නැති කාලේ.. මම බස්වල යනකොය මම මේක අත්දැකලා තියෙනවා. මීගමුව - කුරුණෑගල ඉන්ටර්සිටිවල ඒසී වැඩ කරන්නේ ගිරිඋල්ලට යනකම් විතරයි. මම කී වතාවක් කතාකරලා තියෙනවද. අනිත් උන් කටයි පුකං වහගෙන ඉන්නවා. අන්තිමට යාළු වෙලා හිටපු කෙල්ල, දැන් වයිපරේ.. මාත් එක්ක බස්වල යන එක නැවැත්තුවා රණ්ඩු වෙනවා කියලා.
    අඩුගාණේ තමන් ගෙවලා ලබාගන්න දේවත් හරියට ලැබෙනවද කියලා බලන්න තරම් ඕනකමක් නෑ බං මුන්ට. දැන් මම බස් වල යන්නෙම නැති නිසා තත්වේ දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කොහෙද ලොක්කො ගියේ... තැන්ක්ස් කොමෙන්ට් එකට...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න