.

.

Mar 18, 2018

කූඹී හා ලාංකිය දේශපාලනය ගැන මගේ සත පහ - Koombiyo & Siri Lanka Politics



කූඹී ගැන අප දැන ගත්තේ කුඩා කාළයේය. ඒ ගැන මම කලින් ලියා ඇති මුත් මෙතනත් නැවත ලියමි. අපි කුඩා කාළයේ ගෙවල් වලත් කූඹී උන්නෝය. තාත්තා දකුණේ නිසා උන්ට කිව්වේ කොඬයෝ කියලාය. කළු උන්ට කිව්වේ කළු කොඬයෝ කියාය. කූඹින් ගැන කවිය අපට කියා දුන්නේ ආච්චි අම්මාය. එය කූඹියෝ ටෙලි ඩ්‍රාමාවේද තේමා ගීතය විය. එහෙත් ඊට එකතුකල තනුව හා ගායනය සියල්ලෝම වැළඳ ගත්තේය. ඔය ක්ළු කූඹීන්ගේ බිත්තර සුදු ඒවා විය.

මාතර පැත්තේ ඕකුන්ට කියන්නේ හින්නෝ කියාය. ඔය කළු කොඬයෝ සුදු බිත්තරත් අරගෙන එන්නේ වාසනාව නිසාය කියා, කුරා කූඹියෙකුටවත් හිංසාවක් නොකරන අපේ ආච්චි අම්මා කියන්නේය. ඒත් අද වෙනකන් මාතලන්, කුරා කූඹී නම් දැකලා නැත්තේය. මිනිස් ප්‍රජාවේද පොඩි උන් මාල් වාගේ උනත් ලොකු වෙන කොට ගල් වෙනවා වාගේ. අර කළු කොඬයන්ගෙද බිත්තර සුදු උනත් එලියට ආවේ කළු කොඬයෝමය.

තා තෙල් කූඹී කියා උන් වගයක්ද උන්නේය. ගෙදර අය කිව්වේ උන් ජීවත් වෙන්නේ තෙල් බීලා කියලාය. තෙල් බීලා ජීවත් උන කූඹී වාගේම, හොර තෙල් විකුණා ජීවත් වූ තෙල් බාලා කියලා එකෙක් කොළොන්නාව පැත්තේද, හිජින් කියා ගිවිසුමක් ගසා, තෙල් බී ජීවත් වූ ෆව්සි හා අසන්ත ද මෙල් කියා ගල් ආඳෝ දෙදෙනෙක්ද, බාල තෙල් ගෙන්වා තෙලෙන් බැඳුනු ප්‍රේම්ජයන්ත නම් රටේ වෙදෙක්ද උන්නේත් මේ අම්මට සිරි ලංකාවේමය.

මිනිස්සු අතරත් නා නා ප්‍රාකාරයේ සත්තු ඉන්නවා වාගේ, කූඹීන් අතරෙත් ශුක්‍ර කූඹියෝ වගයකුත් ඉන්නේය. උන්ට අපි කිව්වේ නයි කූඹී කියලාය. උන් ඇවිල්ලා අපේ පොලිටික්කෝ වාගේම සෙට් එකක්ය. අහු උන තැන එල්ලිලා කාගෙන කාගෙන යන්නේය. උන් කාලා ආතල් ගත්තාට විඳවන්නේ අපය. ඒ වගේ කූඹීන් නම් මේ ලෝකෙන් තුරන් වෙලා යනවා නම් බොහෝම හොඳයි කියා මාතලන් පොඩි කාළේ ඉඳන්ම කියන්නේය.

කූඹින් ගැන මුළු රටම කතා වෙන්න පටන් ගත්තේ, කූඹියෝ ටෙලි නාට්ටිය නිසාය. එය සමාජයේ සියළුම කොටස් වාගේ වැළඳ ගත්තේය. එසේ වීමට ප්‍රධානම හේතුවක් උනේ,  නයි ටී ඇන් එකේ විකාශනය වනවාට වඩා, විකාශය අවසානයේම වාගේ, මළ මූසල ඇඩ් වලින් තොරව, ගෙඩිය පිටින් යූ ටියුබයේ නරඹන්නට ලැබුන නිසාම විය හැක. මෑත කාළයේ සමාජයේ වඩාත්ම කතා බහට පත් වූ ටෙලි නාට්ටිය මෙය බව බොරු බයිලා නැතිව අප පිලිගන්නට වුවමනාය.

මුල පටන්ම අනෙකුත් ටෙලි බහු බූත වලට වඩා මෙය අමුතුම ආකාරයේ එකක් වීම ඊට ප්‍රධානම හේතුව විය. ඒ කාළයේ මේ ටෙලිය තහනම් වීම අරුමයක් නොවනා බව තේරුම් ගන්නට අවසාන කොටස පමණක් ඇතිය. එහෙත් ගොඩක් උන් කියන්නේ, මෙහි අවසානය වෙනස් කොට අළුතෙන් නිර්මාණය කලැයි කියලාය. එය එසේ වූයේ නම්, එහි සියළු ගෞරව ප්‍රේක්ෂකයාට ලැබිය යුතුමය. මන්ද අධ්‍යක්ෂකවරයාට ජනතාව බලාපොරොත්තු වූ දෙයට වඩා දෙයක් දීමට නොහැකි වූවා නම් සියල්ලම ලත් තැනම ලොප් වෙනවාය.

කූඹියෝ පිස්සෙක් අපේ ගෙදරත් උන්න නිසා මාතලන් මෙය නැරඹුවේ විවේකයක් තිබෙනා වෙලාවට පමණමය. එහෙත් මෙය අවසාන වන බව ප්‍රචාරය වීමෙන් පසු ලෝබ කම නිසාම පොඩි මාතලන්ගේ විචාරයෙන් හා ප්‍රෙඩික්සොන් වලින් පසුව අවසාන කොටස් කීපයම වාගේ බැලුවේය.

අජිත් පැරකුම් තමන්ගේ වෙබ් අඩවියේ කියා ඇති පරිදිම කළා නිර්මාණයකින් කරන්න පුළුවන් ලබ්බක් ඇතියි කියා මාතලන් සිතන්නේත් නැතිය. එහෙත් එය ජනප්‍රිය වීම පැරා කියනවාක් මෙන් මිනිසුන් මුලා වීමක් නම් නෙමේය. පැරා කියන්නේ මෙය ජනප්‍රිය උනේ මාකටින් නිසා කියලාය. එහෙම මාකටින් වලින් නිර්මාන ජනප්‍රිය කරනවා නම් අනගාරික ධර්මපාල සෝ එකට කෙලෙවන්නේත්, ජැක්සන්ගේ ඇඩ්‍රස් නැති වීමට ඇඩ්‍රස් නැති වෙලා යන්නේ කෙසේද කියා විමසිය යුතුය.

ඔය මොන මාකටින් තිබුනත් නියම මාකටින් එක කටින් කටින් යෑම හෙවත් කටකතා හෙවත් ගොසිප්ය. ඒ කියන්නේ ජනතාව අතරේ ජනප්‍රිය වීමය. මාතලන් දැන්, ෆිල්ම්, නාට්ටි හෝ පොත පත බලන්නේ, මගේ ටේස්ට් එකම තියෙනා එකෙක් ඒක වර්ණනා කලොත් පමණමය. ඒ අතරින් විචාරකයෝ කරන්නේ විශාල සේවයක්ය. මාතලන් අවස්ථා කීපයක්ම "හෝ ගානා පොකුණ" බොක්කටම සෙට් වෙලා දෙගමනක් තුන්ගමනක් බැලුවේ ඒ නිසාමය.

හෝ ගානා පොකුණට ඔය කියනා තරම් මාකටින් තිබුනේ නැති උනත්, කටින් කටින් වැඩේ නම් නැගලාම ගියේය. කූඹියෝ ෆෑන් බේස් හැදුනේ එහෙම නෙමේය. කූබියෝ කල්ට් එකක් උනේය. එකේ ඉන්නේ ඔය මහා ලොකුවට වෙනම ප්‍රජාවක් මෙන් පෙන්නන්නට හදන ප්‍රබුද්ධ කියන ලෙඩ්ඩු ඉතරක් නෙමේය. එහෙම ලෙඩ්ඩු නම් කියන්නේ අනෙක් එවා බැලුවේ නෑ, අනේ මේක ඉතරයි බැලුවේ කියලාය. තා සෙට් එකක් පීටර් ඩී අල්මේදාගේ ඇඟේ එල්ලිලා ගොඩ යන්නට දැඟලුවේය. ඒවාට හිනගලෙන් නම් කියන්නේ අමු ගොන් පඩ සෝ කියලාය. කොච්චර එල්ලුනාද කියනවා නම් එතෙක් ලව් කල ජෙහාන් සහ ප්‍රියන්ත බල්ලා මාක් කරලාම දැම්මේය. මේවා අමු මෝඩ චූන්ය. චූන් පාන්ය. ඒවා මාර රෝගය. ඒ රෝගවලට බෙහෙත් වඳ පෙති සොයාගත් අම්පාරේ තම්බි කඩෙත් ඇත්තේ නැතිය.

අනෙක් ආත්ලම කෑල්ල නම්... අපි කූඹියෝ බැලුවේම නෑ කියා හොරෙන් බැලූ උන් ගන්නා ආතල් එකය.. උන්ගෙන් අපිට හන්න තියෙන්නේ, උඹලා ඒක බැලුවේ නැතෙයි කියලා අපේ පුකේ ඉත්තෑවෝ දුවනවාද කියලාය. හැබයි ඉතින් යූ ටියුබ් ගිහින් හොරෙන් බලන්නත් ඔට්ටුම නෑ ඕන් කියලාය. 

මාතලන් කූඹි ගැන වැඩිපුර පඬි ටෝක් දෙන්නවත්, බයිලා ගහන්න ගියේ නැති උනත්, මෙලෝ රහක් නැති වමට නම්, මේකෙන් පුක නැති වෙන්නම ගහනවා කියලා පොඩි පෙඩික්සොන් එකක් නම් කිව්වේය. ඒ බව කලින් තේරුම් ගත් නිසාමදෝ, කලින් කූඹිත් එක්ක උන් ජෙප්පෝ, කූඹින්ට මෝර්ටින් ගසා සහෝදරයා එක්ක ගියේය. මාතලන් කියපු දේ දැකලාදෝ මන්දා, අන්තීමට ජෙහාන් "පුකේ" පක්ෂය කියන්නේ මොන පක්ෂයටද කියා, ඒ ඒ පක්ෂ වල උන් තේරුම් ගන්නවා නම් බොහෝම හොඳය. අන්තරේ හරක් මෙන්ම, ජේ වී පී වහළුන්ද උන්ගේ නායකයන් කරන්නේ මොනවාද යන්න, මේකෙන් හෝ තේරුම් ගන්නවා නම් බොහෝම හොඳය.

මජර වූ ලාංකිය දේශපාලනයේ රෙදි හෙමින් සීරුවේ ගලවා දැමීමෙන් නොනැවති, ශිරාල්, මාස් සකර්බර්ගේ පුක කෙනිත්තුවාක් මෙන්, ශිරාල් හා මලිත් වැ කේවට්ටය්න්ගේ රෙදිද ගලාවා පුකත් කොනිතතලාම දැම්මේය. අවසානය ප්‍රේක්ෂකයාට තීරණය කර ගන්නට දී නාට්ටිය නැවතීම තවත් ආතල් එකක්ම ගෙන ආවේය. අද කූඹි ගුල්වල උන් ඒ ගැන පල කරනා මත කියවීමත්, එකම එක ආතල් එකක්ය.

ඇත්තටම ජේහාන් කියනවාක් මෙන් ජෙහාන් ගේම් කාරයෙක් නෙමේය. මේකේ ගේම් කාරයා මෙකේ ඉස්කිරිප්ට් ලියපු උන් දෙන්නාය. ජෙහාන් එසේ කීවත්, ජෙහාන් උගේ චරිතයට 100% ක්ම පිවිසිලා උන්නේය. සමස්තයක් ලෙස මුල් කාලයේ පොඩි බෝරින් ගතියක් තිබුනද, අවසාන කාළයේ සියල්ලම ඉහළම මට්ටමේ තිබුනේය. පව්ඩර් බබෙක් මෙන් උන් "යුරේනී", සුපිරි නිලියක් කරන්නේ මේ නාට්ටියෙන්ය. ඇත්තටම ඇය ඕනෑම චරිතයකට ආවේස විය හැකි සුපිරිම නිලියකි. අනෙක් උන් සියල්ලෝ ගැනද කීමට ඇත්තේ එවන් දෑමය.

මාතලන්ට ඇති දුක නම් මෙවන් සුපිරි නාට්ටියක් තිබියද, දෙවනි ඉනිම වැනි මළහත්තිල්ලව්වක් ලංකාවෙ ජනප්‍රියම ටෙලි නාට්ටිය වීමය. එහෙත් මෙතරම් පිරිසක් කූඹින්ගේ ගොඳුරු බවට පත් වීම සිතට සතුට ගෙන දෙන කාරනයක්මය. මා මෙතෙක් දුටු ටෙලි නාට්ටි අතරේ කිසි දිනක අමතක නොවනා ටෙලි නාට්ටි ගොන්න අතරට කූඹියන්ද එක් වන බව කියමින්, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය. 

68 comments:

  1. අනෙක් ආත්ලම කෑල්ල නම්... අපි කූඹියෝ බැලුවේම නෑ කියා හොරෙන් බැලූ උන් ගන්නා ආතල් එකය.. උන්ගෙන් අපිට හන්න තියෙන්නේ, උඹලා ඒක බැලුවේ නැතෙයි කියලා අපේ පුකේ ඉත්තෑවෝ දුවනවාද කියලාය. හැබයි ඉතින් යූ ටියුබ් ගිහින් හොරෙන් බලන්නත් ඔට්ටුම නෑ ඕන් කියලාය

    ReplyDelete
  2. මට හිනෙන්නේ ම ජෙහාන් කියන්නේ රුවන් පර්ඩිනැන්ඩර්ස් කියාමය

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ සිරිසේන කියලා

      Delete
  3. සෝමවංශට ජවිපෙ නායකත්වය අහිමිවීම හා ඔහු මහින්ද සමඟ එකතුවීම දිහා අලුත් හිතකින් හිතන්නට කූඹියෝ අවසාන කොටස් මා පෙළඹවීය.

    ReplyDelete
  4. කලා නිර්මානයකින් කරන්න පුලුවන් ඇති ලබ්බක් නැතැකි කියා සිතීම යන පාඨයත් එක්ක මට නම් ටිකක් එකග වෙන්න අමාරුයි මාතලන්>.. කුඹියා ලබපු ජනප්‍රියත්වය ඊට පස්සේ යන සහෝදරයාට නැත්තේ ඇයි කියන එකත් මට ටිකක් ගැටලුවක් .ජවිපේ ඇතුලු අනෙකු් සම්ප්‍රදායික වමේ පක්ශ වලට ලොකුම කනේ පාර දෙන්නේ සහෝදරය ඇතුලේ. ජෙහාන්ලා මල්දෙනියලා නායක සහෝදරයාල වගේ ඩිල් කාරයෝ එක්ක ඇත්තටම මේ රටට ආදරය කරන මිනිස්සුත් ඉන්නව කියල සහෝදරයා පෙන්නනවා.මැත කාලින ලාංකිය දේශපාලනය ගැන අලුතින් හිතන්න ලොකුම අභිප්‍රේරනය දුන්නේ සහෝදරයා

    ReplyDelete
    Replies
    1. වෙන්නැති... ඒත් ඒක පට්ට බෝරින්ග්

      Delete
    2. සහෝදරයෝ එකේ තියෙන්නෙ ජෙප්පො හා වාමාංශිකයෝ එලියට පෙන්වන මානව හිතවාදී දූශන විරෝදී නිර්දන පාංතික වෙස් මුහුනය.

      කූඹියෝ එකෙ තිබුනේ වෙස් මුහුන යටින් ඇති යතාර්තය. ආනන්ද සහෝදරයෙගෙ මුහුනේ ලොකු ලපයකුත් හයි කරා නම් මොලේ වෙහෙසවන්ඩ අමාරු උන්ට අද දවසේ මගඩිය ලේසියෙන්ම තේරුම් ගන්ඩ තිබ්බා

      Delete
  5. කූඹියෝ ගැන දැකපු සවුත්තුම විචාරය තමයි පැරාගේ එක. ඒක විචාරයක් නෙවෙයි හිත් අමාරු අඬෝවැඩියාවක්. මම දිගටම නාට්‍ය බැලුවා. පොෂ් වෙන්න නෙවෙයි, කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුළුවන් නිසා. එක තැන පල්වෙන්නේ නැති නිසා. සහෝදරයෝනම් කොටස් දෙකයි බැලුවේ. පට්ට බෝරිං.
    මට නම් හිතෙන්නේ නාට්‍ය ජනප්‍රිය වෙන්න මූලිකම හේතුව, හැමෝම කතා වෙන හැබැයි හරියට දන්නේ නැති, "ගේම්" කියන්නේ මොනවද කියන එක කපලා, දිග ඇරලා, තේරෙන බාසාවෙන්, පෙන්නපු එකට.
    පට්ටම වැඩේ තමයි, ජෙප්පො හිත රිද්දගෙන කූඹි ක්ලෑන් එකෙන් අයින් වෙච්ච එක. තොප්පිය ඉල්ලලාම දාගෙන තියෙනවා. ඊලඟට දැකපු හොඳම එක තමයි, මල්දෙනිය කියන්නේ බණ්ඩාරණායක කියලා කියපු එක.

    ReplyDelete
    Replies
    1. හැබැයි පැරා කියල තිඉයෙන ඒක දෙයක් ඇත්ත
      //" ටෙලි නාට්‍යය මුලදී ඉතා විචිත්‍ර චරිතයක් වූ ප්‍රියන්ත මහඋල්පත අවසන් හරියේදී කලන ගුණසේකරට රඟපාන්නට දෙයක් නැති රූකඩ චරිතයක් විය. ප්‍රියන්ත මහඋල්පත චරිතය මරා දමන ලදී."//

      ඕක මටත් හිතුනා , ජෙහාන්ගේ දෙවෙනි නැගිටීම , ඒ කියන්නේ ටිරාන් ජෙහාන්ව මරන්න ගෙනියන තැනින් පස්සේ කලණට නාට්‍යයේ එහාට මෙහාට වැනෙනවට වඩා දෙයක් කරන්න තිබ්බේ නෑ

      Delete
    2. ඉතිං බං එක හරිනේ. ප්‍රියන්ත රූකඩයක් නේන්නම්. අවුරුදු ගානකට පස්සේ තමන් චෙස් බෝඩ් එකේ ඉත්තෙක් විතරයි කියලා දැනගත්තහම ඇතිවෙන ෆීලිංග් එක නියමෙටම ඌ කරනවානේ.
      එහෙම නැතුව ඌත් රඟන්න ගියානම්, වැඩේ අවුල් නේ. මම නම් නියම රඟපෑම කියන්නේ ඒකට.

      Delete
    3. ඌ නිසා මිනිහෙක් මැරුණා කියල දැනගත්තම ජෙහාන්ගෙන් අරවිදිහට ගේම ඉල්ලපු එකා. තමුන් අමු අමුවේ රැවටුනා කියල දැනගත්තම නිකම්ම රූකඩ පාට ඒක ඇට් කරන ඒක මට අවුල්.

      කොහොම වුනත් මේක නියම ෆැන්ටසියක්. මම ආස නාට්‍ය කියල ෆැන්ටසි බලන්නතමා , උඹට මතකනම් හඳගම ගේ සින්තටික් සිහින නාට්‍යය , ඒක බලන හැම වෙලාවේම අපි නාට්‍යක් බැලුවා කියන එක දැනෙනවා. කතාංගය යනකං කට අරගෙන ඉඳලා ඒක ඉවරවුනාම නිකං මොකද්ද වෙලා වගේ තියන ආතල් එකට.

      Delete
    4. අසංග සමග එකඟයි,

      අනේ බන් අයිවන් උඹයි පැරයි දෙන්නම එකවගේ බබ්බු දෙන්නෙක් නෙව. ලොල්.

      යකෝ ප්‍රියන්තය (කලණ) මුලින් ජෙහානයට පණ ඇරල හිටියත් සක්‍යා කේස් එකේදි එකපාර මළපැනල උගෙන් ගේම ඉල්ලන්නෙ. ඒකාලෙ ඌ ජෙහාන්ට සරෙන්ඩර් වුණත් පස්සෙ පලා බබා වුනාට පස්සෙ ඌට අං එනව පේන්නෙ නැද්ද? ලොකු පොර වගේ ජෙහානයගෙන් වැඩ ගන්න, ඌත් එක ඇර ගන්න යන්නෙ? ජෙහාන්ට මළ පැනල ගම්වල කාලකණ්ණි හැත්ත කියල බනින්නෙ?

      ඊට පස්සෙ ජෙහාන් ප්‍රියන්තගෙ කට වහන්න ඇඹරුව නියම ගුලියක්, ඌ ටිරාන්ටයි ප්‍රියන්තයටයි දෙන්නටම ඇබරුවෙ එක ගුලිය, උන්ගෙ වීක් පොයින්ට් එක උන්ගෙ පවුල, පවුල අන්තුරේ නම් උන් අල්ලෙ නැටවුවහැකි කියල අන්තිම එපිසෝඩ් වල පෙන්නුවෙ, අනෙක ප්‍රියා 55 එපියෙ විත්ර කියන්නෙ "අනෙ අම්මප මොකද්ද බන් අයියෙ අපි ඔක්කොම මේ රූකඩ වගේ නටවන්නෙ? යකෝ මම මැරෙන එක මැරෙනව" කියල, ජෙහා ඌට "ගොනෝ" කියල කීපාරක් බැන්නද? අනෙක "මම තෝව ඇමති කෙනෙක් කරනව" කියල ඌට තෙල බෙදන්නෙ? කොහෙද ඉතින් බොලා වගේ ළදරු ආතල් ඩෑල් තමයි කතාව උඩින් පල්ලෙන් බලල ඔහොම බහුබූත කියවන්නෙ, කොටින්ම කතාවෙ හැටියට ජෙහාන් ගෙ ගේමක් ම තමයි ප්‍රියාව ෆුල් අඥ්ඥකොරොස් කර දැමීමත්.

      Delete
    5. හොඳ සංවාදයක්

      Delete
    6. තමුන්ගෙ හොරකම්, මැරකම්, සල්ලාලකම් වල රෙකොර්ඩ් එකක් ගේම් කාරයෙක් අතට ගියාට පස්සේ අර කලින් තිබ්බ වීරකම් ඔක්කොම පැත්තකට දාලා රූකඩයක් වගේ තමා ඉන්ඩ වෙන්නේ. ප්‍රියන්තගේ චරිතය හරියටම ගොඩනගල තියෙනව.

      ප්‍රියන්ත මහ උල්පතට අන්තිම කොටස්වලදි සිවුරක් පටලවල ගත්ත නම්, රොටී පුච්ච ගන්ඩ තැටිය රත් කරන්ඩ ගිහින් වල කජ්ජ ගහපු උන්නන්සේ ට හරි යනව.

      Delete
    7. //පැරා කියන්නේ මෙය ජනප්‍රිය උනේ මාකටින් නිසා කියලාය.//පැරා ගේ කතාවට මමත් එකඟ නැහැ. ඒ වගේම ඇනෝගේ අදහසට එකඟයි. මාතා කිව්වා වගේ කටින් කට අහල තමයි මමත් බැලුවේ. සිරාවට හුක් වුණා එකට. මම සාමාන්‍යයෙන් හෝම්ලන්ඩ්, ගස් ලබ්බ කිව නිසා බ්ලක්ලිස්ට් සහ අයිරිෂ් ජෙහාන් රේ ඩොනවන් වගේ ඒවා බල බල හිටියේ. ඒකෙන් ලනක්වේ ට්ව එකටත් සෙට් වුණා . දැන් අර පැරිසියේ කතාවක් කියන එකත් බලනවා.

      Delete
  6. කූඹියෝ එකේ මට නං ආතල්ම කෑල්ල අර මල්දෙනියගේ ලේකම් තුමා , ආනන්ද සහෝදරයා මල්දෙනියගේ කාමරේට එනකොට කියපු ඒක , නාට්ටියටම ඇති ඒ කෑල්ල
    " හුකනවා පුන්සදේ , ලන්තෑරුම ළිඳේ "


    දෙවෙනි ඉනිම ගත්තම එතන තියෙන්නේ අර ජෙහාන් කියනවා වගේ වෙනම ආතල් එකක් , මං නං ඒක බලන්නේ අර ලස්සන ගැටිස්සියෝ ටික බලන්න , ඒ වගේ නාට්ටියක් ඇතුලේ ,පාලිත සිල්වා , රෙක්ස් කොඩිප්පිලි, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස් වගේ හැබෑ නළුවෝ පත්වෙලා ඉන්න තත්වේ දැක්කම දුක හිතෙනවා. දෙවෙනි ඉනිම පෙන්නන්නේ වෙන මොනවත් නෙවේ නිර්මාණ වල හිඟ කම අර වගේ සැබෑ නළුවෝ නිකං පචවෙලා යනන තරම්ම ක්ෂේත්‍රයට වෙච්ච වින්නැහිය .
    එතන තවත් එකක් තියෙනවා , මහින්දරාජපක්ෂ ආණ්ඩුව කාලේ නීතියක් ගෙනාවා මෙගා ටෙලි වලට උපරිම කොටස් සීයයි කියලා , කවදා කවුරු මේක නැති කලාද කියලා දන්නේ නෑ, සීමිත ගුවන් කාලයක් අසීමිත ලෙස නාස්ති කරන්න නොදී ආපහු ඒ නීතිය ගෙනාවනන් හොඳ බව මගේ හැගීම ,

    කූඹියෝ දුන්න පණිවිඩය වෙන මොනවත් නෙවේ . වෙනස් දෙයක් දකින්න ප්‍රේක්ෂකයෝ අසාවෙන් ඉන්නවා කියන එක. මේ සමානම ජනප්‍රියත්වයක් ඒ කාලේ ලැබුවා ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය . ප්‍රේක්ෂකයෝ තාමත ආසයි අඩෝ වැඩියාව නැති දැනෙන දෙයක් බලන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත.... කලෙකින් රහ ටෙලියක් බැලුවා...

      Delete
  7. කැහිපැනි කූඹියාMarch 18, 2018 at 11:22 AM

    ලංකාවේ වාමාංශික පක්ෂ පඩංගු වල ඉන්න නායක සහෝදරයොයි උන්ගෙ ඇම්බැට්ටයොයි නියමෙට හෙලිදරවුකරා. ලංකාවේ රියල් පොලිටික්ස් මේක තමයි.

    කොන්ද පණ ඇති කූඹියන්ට ජයවේවා!

    ReplyDelete
  8. කුරුටු ගාන්න දෙයක් නෑ මාතේ...
    සියල්ලම මෙතන තියෙනවා...
    සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... හොඳ ඇනෝ... :)

      Delete
  9. බැලුවෙම නෑ.. සුගතපාලගේ "බල්ලෝ බත් කති" පොත වගේ ආතල්ද?

    ReplyDelete
    Replies
    1. නෑ හරියට නිකන් සුජීව පෙසන්න ආච්චිගේ හැට්ටෙ "වඳ පීදුම්" නවකතාව වගේ පට්ටම ආතල්, ලව් සීන් හරියට "කෙකටිය" සීරීස් එකේ 12 වෙනි පොත වගේ හරිම සුවිට්. පයිට් සීන් "හබරලා මං ආදරෙයි" ඉස්ටෝරිය පරාදයි. යකෝ මලක් ගහල ආතල් එකක් ගනින් බැරිනම් කේජී පාරක් ඇදපන්, ඔයි ඔක්කොටම වඩා සැප.

      Delete
    2. නොදකින් ඇනෝ ඌරා !

      Delete
    3. ඒක වෙනම ආතල් එකක්... මේක වෙනම ආතල් එකක්...

      Delete
  10. මටනං ඕක නයි ටීඑන් එකෙන් කවදාවත් බලන්න සෙට් උනේ නෑ. අටම එකපාරක් ඕක ගැන පෝස්ට් එකක් දාල තිබ්බට පස්සෙ තමයි ඕක බලන්න සෙටි උනේ. එතකොටත් කොටත් හතරක් පහක් පෙන්නල. ඊට පස්සෙ ඉතිං දිගටම බැලුව. කාලෙකට පස්සෙ නාට්‍යයක් අන්තිම වෙනකල් බලපු අවස්ථාවක් තමයි මේක.

    ReplyDelete
    Replies
    1. දැන් අන්තිම වෙනකං නාට්‍ය බලන්න බෑනේ බං පෙසන්න අයියේ , නාට්‍යය ඉවර වෙනකොට අපි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා

      Delete
    2. අපි ඒව ඊගාව පරම්පරාවට කන්ටිනයු කරනව.

      Delete
    3. මාව මේක බලන්න පෙලබෙව්විවේ අපේ පොඩි මෑන් සහ මනෝරම වීරසිංහ

      Delete
  11. හුකනවා පුන්සදේ , ලන්තෑරුම ළිඳේ

    ReplyDelete
  12. කෝ යකෝ මේකේ කොමන්ට දාන එවුන් ඇමරිකාවේ නිව්යෝක්වල /ඔස්ට්‍රේලියාවේ/ එංගලන්තයේ/ කැනඩාවේ ඉන්න ලොන්ත පොල් සමරිසි සෙට් එක දැන් නෑනේ. මාතලන් උන් තාම නැගිටලා නැද්ද නැතිනම් නැගිටලා උන් ඉත්තෑවන් අල්ලන්න ගිහිල්ල ද උන්ට කුම්බියෝ බලන්න විදිහක් නැතිව ඇති එහෙ පේස්ට් කොන්ටෝල් කරලා නිසා

    ReplyDelete
    Replies
    1. ඔය ඔසී, ඇමරිකා, යූකේ, කැනඩා වගේ රට වල ඉන්නල සංක්‍රමණික සිරි ලංකන් කල්ලතෝනි පොල් බූරු මීහරක් රැල ගැන නම් කතා කරල වැඩක් නැහැ.

      දැන් මේ ඔස්ට්‍රේලියාවට ආවත්, සම හරක් මන්දමානසික අපතයෝ, අර මාතේ කියන්නැහේ, ඔසී ආණ්ඩුවෙන් මයිනොරිටි කල්චර දියුණුව වෙනුවෙන් දෙන ආණ්ඩුවේ පින් ග්‍රාන්ට්ස් ටිකට කෙළලා සිංහල සාහිත්තිය සමිති හදාගන එව්වයෙ ඉස්ටේජ් උඩට නැගලා මෙලෝරහක් නැති හිනා නොයන හිටං විහිලු කොරලා, තුන් වේලටම පානුයි ලුකයි දෙසාබාලා, පුලුවන්තරම් ඔස්ට්‍රේලියන් පුද්ගලික අංසයේ උන්ගේ ආදායමින් කපගන්නා බදුමුදලින් ඔසී ආණ්ඩුවේ රස්සාවක් කොරන් රජයෙන් ගන්න පුලුවන් පින් පඩිද, සියලුම ලාබ ප්‍රයෝජනද ගනිමින් මේ රටත් මෙහේ ඉන්න අසරණයින්ටත් අසික්කිත විදිහට බැන බැන, කැත කතා කිය කිය කිය උපන් රටට කෙලවෙනකම් කටවල් උල්කරගෙන කට බලියාගෙන, තැඹිලි වගේ තඩි ගෙඩි, විසාල අතු හිටිගමන් කඩාවැටෙන ගස් යට බුදු වෙන්න පෙරුම් පුර පුර, බුකියේත්, බොගවලත් ජනප්‍රිය ගෲප්, පිටුවලට යටිකූට්ටු ගේම් දිදී, බුකියෙ ඉන්න දුප්පත් වැඩිය දැන උගත්කමින් අඩු ගැමි ටයිප් පොරවල් හෙන ශ්‍රද්ධාවෙන් අදහන ආගම් වලට අපහාස කර කර උන්ව අවුස්සා උන්ගෙන් කුණුහබ්බ අහ අහ ඉන්න එකයි කරන්නෙ. ආයෙ වෙන මක් කොරන්නද බන් සුද්දෝ මේ වගේ හැළි වළන් _න්නයින්ව පඩේකට ගණන් නොගන්න කොට?

      Delete
    2. ලාංකිය දේශපාලනය ගැන මගේ සත පහ සහ හෙල්හා පාන්

      Delete
  13. ඉන්දියාව බංග්ලාදේශය පරද්දලා. කාටද ආඩම්බරේ? රනිල්ට ද? බැසිල්ට ද? අශෝක රජුට ද? විජයට ද? කුවේණිට ද? ශ්‍රී වික්‍රම රාජසිංහට ද? පිළිමතලාවෙට ද? ඉන්දියාව බංග්ලාදේශයට නයා පෙන්නලා. ප්‍රේක්‍ෂකයො නයි නැටුම නටලා. මේ ප්‍රේක්‍ෂකයන්ගෙන් අති මහත් බහුතරය සිංහලයන් වෙන්න ඕන. ඉනුත් බොහෝ දෙනා සිංහල බෞද්ධ වූ බවට සැකයක් නැහැ. ඉස්සර වගේ නොවෙයි දැන් ගම්වලත් සිංහල බෞද්ධයන් ඉන්නවා. ඒකට හේතුව දැන් ගම්වලත් ජනවර්ග සිටීම. සිංහල බෞද්ධයන් පමණක් හිටිය, එහෙමත් නැත්නම් වෙනත් සංස්කෘතීන්වල බලපෑමක් නොතිබුණු, අසන්නට නොමැති වුණු ගම්වල සිංහල බෞද්ධ කියන සංකල්පයට වැදගත් තැනක් තිබුණෙ නැහැ. එහෙත් දැන් හැම තැන ම සිංහල සංස්කෘතියට විරුද්ධකම් ඇති වෙලා. ඒ ගැන බොහෝ දෙනා දැනුවත්. ඒ නිසා ගමෙත් සිංහල බෞද්ධකමක් ගැන අද හැඟීමක් තියෙනවා. නැති කම්කරු පංතියක් ගැන හිතමින් කම්කරු පංතියට ඊනියා පංති විඥානය ගෙන ගොස් කම්කරු පංති රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන බටහිර චින්තනයේ මාක්ස්වාදී ප්‍රවාහයේ දීන දාසයන්ට නම් සිංහල බෞද්ධ සංස්කෘතියක් නැති වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පමණයි. ඒත් ඔවුන්ට ඒකෙ කිසිම නිර්මාණයක් කර ගන්න බැහැ.




    සිංහල බෞද්ධයන් ඉන්දියාවට සුබ පතනවා ඇති. ඒ අස්සෙ පුටින් දිනලා දැන් ඔහු හතරවැනි වතාවටත් ජනාධිපති. 2024 වන තුරු ඉන්න පුළුවන්. මෙරට 2019 ජනාධිපති කවුද? එතෙක් ජනාධිපති ක්‍රමය තියේවි ද? ජෙනීවාහි දී ඉන්දියාව අපට පක්‍ෂ වේවි ද? ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රෝ ඔත්තු සේවයේ අය සිටිය ද? සිංහල බෞද්ධයන් සිද්ධියෙන් සිද්ධියට යන පිරිසක්. සැලසුමක් නැහැ. සමස්තයක් ගැන හිතන්නෙ නැහැ. අර විශ්වාසභංගයට මොකක් ද වෙන්නෙ. ජ වි පෙ ඒකට අත්සන් නොකරන්න හේතුවක් හොයා ගෙන. හොරුන්ට විරුද්ධව රනිල් කිසිවක් නොකළ නිසා ඔහු ගැන විශ්වාසයක් නැති බව කියන්නලු. ජ වි පෙ නයා පෙන්නන්නෙ කාට ද? රනිල්ට වෙන්න බැහැ. මහින්ද කියනවා විශ්වාසභංගෙන් පස්සෙ ඒකාබද්ධ විපක්‍ෂෙ ආණ්ඩුවෙ නිලතල ගන්නෙ නැහැ කියලා. ඒ මොකද? ඊට පස්සෙත් තියෙන්නෙ රනිල්ගෙ ආණ්ඩුවක් ද? එහෙම නැත්නම් 2019ට එහෙමත් නැත්නම් 2024ට සූදානම් වෙන්න ද? ඒ වන විට පුටින් කොහොම වෙතත් මෛත්‍රිපාල දේශපාලනයෙ ඉඳියි ද? ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාසභංගෙ දිනයි ද? හැමෝම එකතු වෙලා දිනන්න උත්සාහ කරාවි ද? ඒ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රනිල් ක්‍රියා කරයි ද?



    කොහොමටත් ඉන්දියාව නිදහස් කුසලානය දිනාගෙන. ඒ තරගාවලියෙ අවසාන තරගයට එන්න ලංකාවට බැරි වුණා. මේ නිදහස් කුසලාන ලංකාවෙ ඊනියා නිදහසට හැත්තෑවසරක් පිරීම නිමිත්තෙන්. අප එහි අවසාන තරගයෙනුත් ඉවත් වෙලා. අප මහත්වරුන් නිසා අපේ නිදහස් කුසලාන ඕන කෙනෙක් ගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා අප හිතුව ද? හතුරුසිංහ මහත්මයෙක් ද? අර කුමා මහත්මයෙක් ද? මගෙන් අහන්න එපා මොන කුමාද කියලා. සුද්දන්ට නම් ඔහු මහත්මයෙක්. ඔහුගෙ නම කුමාර්. ඒක ඉන්දියන් නමක්. එය ඉංගිරිසියෙන් ලියලා ශබ්ද කරන කොට ආර් ශබ්දය නැති වෙලා කුමා කෑල්ල විතරක් ඉතිරි වෙනචා. ඉන්දියන් කාරයො නම් ආර් හොඳට ශබ්ද කරනවා. සුද්දන් කියන්නෙ දිව රෝල් කරලා ශබ්ද කරනවා කියලා. ඉංගිරිසියෙන් පවර් කියන එක ශබ්ද වෙන්නෙ පව(අ) කියලා. ඒක අපේ පවක් ද කුමාගෙ පවක් ද? නැත්නම් ඉන්දියාවෙ පවක් ද? මටත් කුමාර් කෑල්ල තියෙනවා. ඒත් කවුරුන්වත් මට කුමා කියන්නෙ නැහැ. ජ වි පෙ සම්භවයක් තියෙන අය නම් මට නලින්ද කියනවා. ඒ නලින් කියන එකට ද සිල්වා කියන එකෙ ද කොටස එකතු කරලා. ජ වි පෙ හරි නිර්මාණාශීලියි.
    con.....


    ReplyDelete
    Replies
    1. අපට හුඟක් දේ ඉන්දියාවෙන් හරි ඒ ප්‍රදේශයෙන් හරි ලැබිල තියෙනවා. ඒත් ක්‍රිකට් ලැබුණෙ එංගලන්තෙන්. සමහරු කියනවා ක්‍රිකට් එංගලන්තෙට ලැබුණෙ ප්‍රංශෙන් කියලා. ඉංගිරිසි කාරයො ඒකට නම් කැමති වෙන එකක් නැහැ. ඒ ඔවුන් මහත්වරු හින්ද? ඔවුන් අදාළ ඊනියා මුලාශ්‍ර ඔවුන්ට වුවමනා අන්දමට සකස් කර ගෙන ක්‍රිකට් එංගලන්තෙ ම ඇති වුණු බව පෙන්නාවි. මේ මූලාශ්‍ර සෙල්ලම ඉංගිරිසින් ගණනාථගෙන් ඉගෙන ගත්ත ද නැත්නම් ගණනාථ ඒක ඉංගිරිසින්ගෙන් ඉගෙන ගත්ත ද? ක්‍රිකට් මහත්වරුන්ගෙ සෙල්ලමක්ලු. අද භාෂාවෙන් නම් ගේමක්.



      ක්‍රිකට් ලංකාවට පුරුදු කෙළෙ රාජකීය විදුහල. පහුගිය දා රාජකීය ශාන්ත තෝමස් 139 වැනි තරගය පැවැත්වුණා. ඒ තරගයට එන විදුහල් දෙකේ ම ආදි ශිෂ්‍යයො මස්ටන්ග්ස් මඩුවට එකතු වෙනවා. මඩුව කිව්වට තරහ වෙන්න එපා. ඕන නම් සිංහලෙන් ටෙන්ට් එක කියලා කියන්න. එක් සිංහල මහාචාර්යවරයෙක් එක කියන නාම පදය වර නගලා පර්යේෂණ පත්‍රිකාවක් ලියලා තියෙනවා. මොන තරම් ශාස්ත්‍රීය අධ්‍යයනයක් ද? මස්ටන්ග්ස් මඩුවට මෙවර අවුරුදු සියයක් පිරුණා. ඒ සම්බන්ධයෙන් කේක් ගෙඩියක් ද කපලා තියෙනවා. ඒක කපලා තියෙන්නෙ රනිල්. ඔහු මහත්මයෙක්. ඒකට මහින්ද සාක්‍ෂි කියාවි. මා කියන්නෙ බටලන්ද ගැනවත් හොරු ඇල්ලිල්ල ගැනවත් නො වෙයි.



      මෑතක් වන තුරු ක්‍රිකට් ක්‍රීඩා කෙළේ මහත්වරුන්. ඒ කියන්නෙ ඔවුන් වෘත්තියක් ලෙස ක්‍රීඩාව සැලකුවේ නැහැ. ටික කලකට පෙර මහත්වරුන් හා ක්‍රීඩකයන් අතර තරග පැවැත්වුණා. ඒත් දැන් ක්‍රිකට් අනෙක් ක්‍රීඩා වගේ ම වෘත්තියක් වෙලා. අර කුමාගෙන් අහන්න. දැන් මහත්වරුන් ක්‍රිකට් ක්‍රීඩාවෙ නැහැ. එවැනි මහත්වරුන් ඉන්නෙ ක්‍රීඩා විචාරකයන්ගෙ ඊනියා විස්තර ප්‍රචාරවල.



      බංග්ලාදේශීයයන් අපට නයි නැටුම පෙන්නුවා. කී දෙනකු අප නටවලා තියෙනවා ද? අප දන්නෙ නයි අරින්න. බංග්ලාදේශ ක්‍රීඩකයන් මහත්වරුන් නොවෙයි කියලා වැඩක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවෙ මුදලට ක්‍රීඩා කරන වෘත්තිකයන් මීිස මහත්වරුන් නැහැ. සිංහලයන්ගෙ ජානවල වංග ජාන 25%ක් පමණ තියනවළු. විජය ආව කියන්නෙත් වංගයෙන්. ඔළිඳ තියෙන්නෙත් බංගලිදේශයෙ. ගෙනත් හදන්නෙ සිංහල දේශයෙ. ඔය හැම තැන ම තියෙන දේ ගෙනත් හදන්න සිංහල දේශය සුදුසුයි. අප මෞර්යය අශෝකගෙන් ලැබුණු බුද්ධාගම රැක බලා ගත්තා. ඉංගිරිසින්ගෙ ක්‍රිකට් රැක බලා ගන්නවා. එංගලන්තෙන් ක්‍රිකට් නැතිව ගියත් ලංකාවෙ ක්‍රිකට් තියේවි. අපි ඊයෙ ඉන්දීය ධජය වැනුවා. ඉන්දියාව අපට 13+ වනනවා. එට්කා වනනවා. ඉන්දියන් චිත්‍රපටි, වෙළෙඳ දැන්වීම් නැතිව අප රූපවාහිනි නාළිකා පවත්වගෙන යන්නෙ කොහොම ද? අපේ ශාස්ත්‍රීය නිර්මාණ ගැන මොනව කියන්න ද?. බුදුදහමටත් කිසිවක් එකතු කර නැහැ. පඬියකු කියන්න පුළුවන් බුදුදහමට එකතු කරන්න දෙයක් නැහැ කියලා. ඕනම නම් අපි බුද්ධාගම කියලා කියමු. අපි ශීල්පීය වශයෙන් නම් නිර්මාණ කරලා තියෙනවා. අපි නැටවෙන අතර නයි අරිමු.

      Delete
    2. හුටා නාථ දෙවියෝ වැඩලා. පුල් සීරියස් කෙස් එකක්, මාතලන්සූනියං දෙවියෝ බ්ලොගට.
      ,
      මල් ආතල් !!!!!

      Delete
    3. නලින්ද සිල්ල ගේ නාථ දෙයි වැනි ගොන් පාට් තිබුණත් පොරගේ සමහර ආටිකල් වල ගෙනෙන ගොඩක් පොයින්ට්ස් පට්ට ලොජිකල් වගේම් හෙන සිරා තර්ක. නලියා කියන්නේ නිකන් විහින්ම විනාශ වී ගිය වටිනා ලාංකීය මානව සම්පතක්.

      Delete
  14. අවසර, චැනල් සර්ෆ් කරන අතරතුර විනාඩි කීපයක් දැක්ක නිසා ඔය කැටගරි දෙකටම නැති කැතම කැත කැතගරි එකකට මං අයිතිවෙනවා. ඈන්ට්ස්ලට වඩා ආන්ට්ස්ලා බැලීම හොඳයි කියල එහෙම නෙමෙයි,ටෙලිදාමා දිගටම නොබලන නිසා.
    (හොඳවෙලාවට නුවර ප්‍රස්න නිසාද මංදා, ඉත්තෑවෝ එලිබහිනවා දැන් හොරයි.)

    ReplyDelete
    Replies
    1. කුම්බියෝ ඉත්තෑවෝ සොයා සොයා උන්ගේ කෙ ගුල හොයාගෙන රිංගන නිසා එලිබහිනවා දැන් හොරයි

      Delete
    2. //චැනල් සර්ෆ් කරන අතරතුර විනාඩි කීපයක් දැක්ක නිසා ඔය කැටගරි දෙකටම නැති කැතම කැත කැතගරි එකකට මං අයිතිවෙනවා. ඈන්ට්ස්ලට වඩා ආන්ට්ස්ලා බැලීම හොඳයි කියල එහෙම නෙමෙයි,ටෙලිදාමා දිගටම නොබලන නිසා//

      //චැනල් සර්ෆ් කරන අතරතුර විනාඩි කීපයක් දැක්ක නිසා ඔය කැටගරි දෙකටම නැති කැතම කැත කැතගරි එකකට මං අයිතිවෙනවා. ඈන්ට්ස්ලට වඩා ආන්ට්ස්ලා බැලීම හොඳයි කියල එහෙම නෙමෙයි, ටෙලිදාමා දිගටම නොබලන නිසා//

      හා ඇත්තද? එතකොට දැන් උඹ වගේ අබ්බ ගොබ්බ පුස් අන්දරේ කෙනෙක් දිගටම ඕක බැලුවේ නැහැ කියලා, නැත්නම් විනාඩි කීපයක් විතරක් බැලුවා කියලා අපේ පුකේ ඉත්තෑවෝ දුවනවාද ? ටෞකණ්ඩ නිකන් 'ක නොඩී පළාන් උට්ටො...

      Delete
    3. ඔහේ වගේම තත්වෙක තමා මාත් උන්නේ.. ඒත් මේක ඒ දේ වෙනස් කලා..

      Delete
  15. https://www.youtube.com/watch?v=3AZE5CFr_ig

    ReplyDelete
    Replies
    1. දිනුක ඌ නෙවෙයි බන් ජෙහාන් හැදුවේ අපේ බ ..බ ..බා ..චතුර පුතා

      Delete
  16. රුපවාහිනිය නරඹන්නේ නැති නිසා වැඩිය කුබියි බලන්න උනේ නැහැ. බලන්න ඕනි යු ටියුබ් එකෙන් වත් මාතලන් අයියේ.

    ReplyDelete
    Replies
    1. See this;

      https://www.youtube.com/watch?v=TeIsQrrbvn4

      It's too cute & soooo sweet ane, <3ly

      Delete
    2. අනී.... ඔව් අනිවා... මාතලන් වගේ උන්ට මීවා හරි වටි....

      Delete
    3. "මම TV බලන් නෑ" කියන එකත් මාර posh වැඩක්නේ .....මාතා.
      නිකං පේන TV නොබලා ඩේටා කපාගෙන you tube යන්න තරම් අපි මාර බිසි ජාතියක්නේ.

      Delete
    4. Oasis ක්ෂේම භූමිය

      ඕක බැලුවේ නැහැ කියලා, නැත්නම් විනාඩි කීපයක් විතරක් බැලුවා කියලා උඹේ ත් පුකේ ඉත්තෑවෝ දුවනවාද ?

      Delete
    5. කොහොම හරි බලන්න මුල ඉඳලා

      Delete
  17. මචං මටනං කූඹින්ගෙ ත්‍රිල්ම කෑල්ල Jayalath Aarachchilage Don Susantha Sagara Chandrasiri AKA Damitha Chandrasiri මීඩියා වලට මූන දාන්නැතුව ඌ ගන්න ආතල් එක බං.
    අම්මපා ...පට්ට සීන් එක ..ආා

    ReplyDelete
    Replies
    1. ගොඩක් කෑලී තිබුනා...

      Delete
  18. ඇත්තටම මාතලන් ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ශ්‍රී ලාංකාව පමණක් නොව සමස්ත ලෝකයම ගත්තත් එම බලලෝභී ඉතිහාසයේ හමුවන පළමු නිර්ලෝභී දේශපාලන නායකයාය. සාමාන්‍යයෙන් පහළ පැළැන්තියෙන් මතුවන දේශපාලන නායකයෝ බල කෑදරකමින් වෙලී ඇතැයි යන මෙතෙක් සත්‍යයක් වූ දහම බොරුකළ සැබෑ මානව හිතවාදියා මෛත්‍රීය. මෛත්‍රී දේශපාලනය කළේ පොත් පත් අතර න්‍යාය දහම් අතර සැරිසරමින් නොවේ. විවිධාකාර කෑදර අසික්කිත අශීලාචාර බලලෝභී දේශපාලකයන් අතරය. දේශපාලනය අවකල් ක්‍රියාවේ යෙදවීමට පොළඹවන පරිසරයකය.

    එහෙත් ඔහු එවැනි තක්කඩියන් අතර නොනැසී ජීවත්වෙමින් සැබෑ මිනිසුන්ගෙන් ඉගෙන ගෙන ඇත. මඩෙහි ඉපදී මඩ නොතැවරුණු නෙළුමක් සේ රජරට දුෂ්කර කොදෙව්වක පොළොන්නරුවේ ඉපදුනු ඔහු වැලි පොළොව හා ගැටෙන මිනිසුන්ගේ හද ගැස්මේ දුක්බර රාවයට මැනවින් සවන් දී ඇති බව ස්ථීරසාරව නිවැරදිව ඔප්පු කළේ 19 සංශෝධනය සම්මත කර ගැනීමට ඔහුට තිබූ දැඩි කැපවීමෙනි.

    සැබෑ නායකත්වයේ පෞරුෂයන් යනු මරහඬ තැලීම, චණ්ඩිකම් වැනි දෑට ඌනනය වී ඇති අම්මටසිරි ලංකාවේ එය ගැඹුරු වටිනා මානව අගයක් බව ජනතාවට තේරුම් කර දුන්නේ එම මහා වීර පුරුෂයාය.

    ප්‍රේත පිශාචයන් වන් මිනිසුන් රැලක් සමග විටෙක නම්‍යශීලී වෙමින්ද, විටෙක අනම්‍යව සිටිමින් ද අනාගතය දෙස බලා ඒකාධිපති ව්‍යවස්ථාවක අඬු දඬු කපා දැමීමට බුද්ධිමත්ව කැපවීම මගින් ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්යතුමා සිය දේශපාලන පරිනත භාවය සමග මේවන විට ආසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම දැන් සිටින ශූරතම දේශපාලන බුද්ධිමතා බව සාක්ශි සහිතව ඔප්පු කර පෙන්වා තිබේ.

    දැන් 37 වසරක් රට පෙලූ ව්‍යවස්ථාව වෙනස් කිරීමට අකමැති වූවෝ දේශපාලන බලය අවකල් ක්‍රියාවේ යෙදවූ, එහි රසය නොඅඩුව වින්දෝ වෙති. මේ සංශෝධනය වැලැක්වීමේ අරමුණින් කෙලසිය හැකි හැම තැනැක්ම ඔවුන් කෙලසුහ. උත්තරීතරයයි කියන පාර්ලිමේන්තුව බේබද්දන්ගේ හා කාමාතුරයන්ගේ නාඩගම් මඩුවක් බවට පත් කෙරිණි.

    සුගතපාල ද සිල්වා හැත්තෑ ගණන් මුල් භාගය විතර වන කාලය අලලා නවකථාවක් ලීවේය. එහි නම ‘බල්ලෝ බත් කති‘ ය. එ් බල්ලෝ වනාහි එතෙක් රට කරවූ නායකයෝය. එහෙත් හැත්තෑ හතෙන් පසු යුගය තෙක් ඔහු ඒ නවකතාව ලියන්නට පරක්කු වූවා නම් එහි නම විය හැකිව තිබුණේ “කීන බල්ලෝ ලේ බොති“ කියාය. බලූ රැලේ නායක හොරිකඩ නාකියා හතරමං හන්දි ගානේ, පන්සල් ගානේ බඩගාමින් වෛරයෙන් හා මුසාවෙන් උඩු බුරයි. කීන බල්ලෝ හඳ පෑයු කල එයට බුරන්නා සේ එම විසුළු නායකයා අනුගමනය කරති.

    අන්ත දූශිත අසික්කිත අනීතික මිනීමරු මහින්ද රාජපක්ෂට ඕනෑ වූයේ කෙසේ හෝ ව්‍යවස්ථා සංශෝධනය වළක්වා කීන රැල පිටින් අගමැති පුටුවට ගොස් එතනින් නැවත ජනාධිපති වී රටේ හපකරන්නට බැරි වූ ඉතිරි ටිකත් හප කරන්නටය. එහෙත් මෛත්‍රීගේ සහ රනිල්ගේ සාධාරණ ගුණයන, ශූර බුද්ධිය හා විශිශ්ඨ ජාත්‍යන්තර පිළිගැනීම හමුවේ අලව් යකු මෙන් ඔහු දැනට පරාද වී කුජීත ලෙස කිච වී තිබේ.

    යම් රටකට නායකයෝ ලැබෙන්නේ ඒ රටේ මිනිසුන්ගේ හැටියටයි ග්‍රීක කියමනක් තිබේ. අපේ රටේ සුර අසුර යුද්ධයට සමාන යුද්ධයකින් නන් වූ පරිද්දෙන් සුරයෝ ජය ගත්හ. දැන් රට සුර පුරක් කිරීමට රනිල් මෛත්‍රී සමග අත්වැල් බැඳගමු.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා ඒ දෙන්නට අත් වැල් බැඳගන්නෙයි කියහන් මචෝ

      Delete
  19. මචන් මාතලන්, සිය බාලවයස්කාර දියණියගේ පාසල් නිළ ඇදුමත් අනෙක් යට ඇඳුමුත් ගලවා සම්පූර්ණයෙන් නිරුවත්කර සිරුර පරික්ෂාකර ඇති බව කියමින් ගුරුවරියකට එරෙහිව ඇගේ පියා විසින් පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    දරුවාගේ පියා සදහන් කරන පරිදි මිට සති කිහිපයකට ඉහතදි වැඩිවියට පත්වු දැරිය පාසලේ පිහිටි කාමරයක් තුලට රුගෙන ගොස් ඇදුම් සියල්ලම ගලවා දමා සම්පූර්ණයෙන්ම නිරුවත් කර ඇය අපහසුවට පත්වන අයුරින් සිරුර අත පත ගා පරික්ෂාකර ඇති බව පැමිණිල්ලේ සදහන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිසියේ ළමා හා කාන්තා කර්යංශයට පැමිණිලි ඉදිරිපත්කල බව පවසයි.දින කිහිපයකයට ඉහතදි සිදුවු මෙම ක්‍රියාවෙන් දැරිය දැඩි මානසික අපහසුතායකට හා පාසලේ සිසු දරුවන් අතරේ කථාබහට ලක්වි ඇති බව පැමිණිල්ලේ සදහන්ය. එමෙන්ම ගුරුවරිය විසින් දැරිය සම්පූර්ණයෙන්ම නිරුවත් කිරිම බරපතල වරදක් බව එම පැමිණිල්ලේ සදහන්වේ.

    මේ සම්බන්ධව ආදාල පාසලේ ගුරුවරුන් හා සිසුන් කිහිප දෙනෙකු කියා සිටියේ පාසලේ තිබු රුපියල් 300 ක මුදලක් සොරා ගැනිම සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණයකදි සිසුවියන් කිහිප දෙනෙකුම කාමරය තුලදි මෙසේ පරික්ෂාකල බවයි. එය මෙම සිසුවිය පමණක් ඉලක්ක කර සොදිසි කිරිම් සිදුනොවුනු බවත් ඇය පමණක් අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර ඇති බව පැවසුවේය. මේ ගැන ඔබ දරණ අදහස කුමක්ද? මෙය ඇත්තක් විය හැකිද?

    ReplyDelete
    Replies
    1. ටීචර් නිරුවත් කර අත පත ගෑම සඳහා මා වෙත යොමු කරන්න.

      ස්තූතියි

      Delete
    2. කෙස් වැටියෙන් අල්ලා බිම දා, ඇදගෙන ඇවිත් ජීප් එකට උස්සා දා, කකුල් දෙක, මැද සීට් එකේ උඩට තියෙන විදිහට බිම දිගා කර ඕ.අයි.සී. පිටිපස්සෙන් නැග, බඩ උඩ කකුල් දෙක තියා ගත්තා. ඇඳ සිටි ඇදුම ඉවත්වී ඇය සම්පූර්ණයෙන් නිරුවත් වුනා. සම්පත් රාළහාමි වීඩියෝ කළා.

      වැඩ බලන නඩුකාරයාට ඉදිරිපත් කරලා, රිමාන්ඞ් කෙරෙව්වා. බන්ධනාගාරයෙන් ඇයව රෝහල් ගත කලා. වීඩියෝ ඉදිරිපත් කරන්න තියෙනවා කියමින් උසාවිය ලවා දවස් 23ක් රිමාන්ඞ් එකේ තිබ්බා.

      මිල්ලනිය පොලිස් වසමට අයත්, බෞද්ධ සිංහල මේ යුවල නීති විරෝධී මත්පැන් ජාවාරමේ නියැලූනු අය වෙති.

      පසුගිය වසරේ ඔවුන්ගේ යතුරු පැදිය පොලිසියට ගෙන ගිය හිටපු ස්ථානාධිපති පී.එන්.ලිහිණියකුල , එම යතුරු පැදියේ චැසි හා එන්ජින් අංක කොටා මකා දමනු ලැබීය.

      මෙම අපරාධය පිළිබඳව ඔවුන් පොලිස්පති ඇතුලූ බලධාරීන්ට පැමිණිලි කලද, පොලිස් පරීක්ෂක පී.එන්.ලිහිණියකුල නැමැති අපරාධකරු බේරා ගැනීමට ක‍්‍රියාකලා මිස රටේ නීතිය කි‍්‍රයාත්මක කළේ නැත.

      එදා සිට මේ දක්වාම කළේ යතුරු පැදිය පොලිසියෙන් ගෙන යන ලෙසට බලපෑම් කිරීමය.

      මෑතකදී ස්ථානාධිපති ලෙසට පත්ව ආ පො.ප. සංජීව ද, යතුරු පැදිය ගෙන යන ලෙසට ඔවුන්ට අණ කළේය.

      චැසි හා එන්ජින් අංක මකා දැමූ යතුරු පැදිය ගෙනියන්නේ නැති බව ඔවුන් ඔහුට කියා සිටින ලදි.

      එයට උරණ වූ මෙම ස්ථානාධිපතියා, ඉන්පසුව කරන ලද හදිය - ඇය විසින් පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුලූ වගකිව යුතු ආයතන වලට කර ඇති පහත දැක්වෙන පැමිණිල්ලෙන් පැහැදිලි වේ.

      Delete
    3. ‘‘මිල්ලනිය පොලීසිය සිදුකරන අපරාධ වහාම වළක්වාලන ලෙසට කරණු ලබන ඉල්ලීම.
      ----- වයස අවු: 38, විවාහක, දරුවන් 04යි, --------- 2018.01.13 වන දින දීය.

      (1) 2017.12.17 වන දින හෙරණ ම/උ --- නඩුවට අදාලව, අත්සන් කිරීම සඳහා මිල්ලනිය පොලිස් ස්ථානයට සැමියා ගියා.

      (2) ඔහු ගෙදර ඇවිත්, උදේ බත් කමින් සිටියදී, දවල් 11.30 ට පමණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති පො.ප. සංජීව, පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, පො.කො. චින්තක ඇතුලූ හත්දෙනෙකු පැමිණියා.

      (3) ස්ථානාධිපති නිල ඇඳුමින් සිටියා. අනෙක් අය හිටියේ සිවිල් ඇඳුමින්.

      (4) ස්ථානාධිපති පො.ප. සංජීව, බයිසිකලය ගන්නේ නෑනේ, බොලාට ගන්න බැරි වෙන්නම නඩු දානවා කියමින් ගේ ඇතුලේ හා වත්තේ සැරිසරමින් පැය දෙකක් පමණ සෝදිසි කර කිසිවක් සොයාගත නොහැකිව යන්න ගියා.

      (5) දහවල් 1.00 ට පමණ අඳුරන්නේ නැති මුස්ලිම් ජාතිකයන් හතර දෙනෙක් ත‍්‍රී රෝද රථයකින් පැමිණියා. එහි සිටි තිදෙනෙක් බැස, කඩුල්ල ළඟ සිටගෙන මාගෙන් අරක්කු පැකට් 05 ක්ඉල්ලූවා.

      (6) මම, මෙහේ අරක්කු නැහැ, ටිකකට ඉස්සරලා මෙහේට පොලීසියෙනුත් ආවා, බීලා නේද ඉන්නේ ඉක්මණට යන්න යැයි ඔවුන්ට කිව්වා.

      (7) ඔවුන් යන්න ගියා.

      (8) විනාඩි 15 කට පමණ පසුව එම මුස්ලිම් ජාතිකයන් හතර දෙනාව දාගෙන, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති පො.ප. සංජීව, පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, පො.කො. චින්තක හා බංඩාර ඇතුලූ තවත් කිහිප දෙනෙක් පැමිණියා. සියලූ දෙනා සිටියේ සිවිල් පිට.

      (9) පො.ප. සංජීව, උපුල් මෙහෙ වරෙන් යන්න යයි කියා මාගේ සැමියාට අඬ ගැහුවා.

      (10) මා එ් ගැන ප‍්‍රශ්න කරමින්, සැමියාව අත්අඩංගුවට ගන්න එක වැළැක්වීමට ඉදරිපත් වුණා.

      (11) එ් අවස්ථාවේ සැමියාට, පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, පො.කො. චින්තක හා බංඩාර යන අය අතින් පයින් පහර දෙමින් ජීප් එකට ඇදලා දැම්මා.

      (12) එ් අතර රථ වාහන අංශයේ ස්ථානාධිපති වැදිසිංහ, සැරයන් ජයන්ත හා තවත් පිරිසක් පැමිණියා.

      (13) සැමියාව දාගත්තේ දෙවනුව ආව ජීප් රථයට.

      (14) මා ගෙට යන්න හදනකොට ස්ථානාධිපති පො.ප. සංජීව ඕකිවත් දාගන්න යැයි කිව්වා.

      (15) පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, මාගේ පස්සෙන් ඇවිත් කොණ්ඩෙන් අල්ලා ඇදගෙන ආවා. මාව බිම වැටුණා. එසේ බිම දිගේ ඇදගෙන ඇවිත් හතර දෙනෙක් එකතු වී මාව ජීප් එකේ බිමට දැම්මා. ඔලූව ෙදාර පැත්තට දමා, කකුල් දෙක මැද ෂීට් එකේ උඩට සිටින සේ තමයි දැම්මේ. මා ඇඳ සිටි සාය ඉන ළඟටම එකතු වී ආවා. මට යට ඇඳුමක් ඇඳ සිටියේ නැහැ. මාය සම්පූර්ණයෙන්ම නිරුවත් වුණා. ස්ථානාධිපති පො.ප. සංජීව මා අසල ෂීට් එකේ වාඩිවී ඔහුගේ කකුල් දෙක බඩ උඩින් තියා ගත්තා. මැද ෂීට් එකේ වාඩිවී සිටි පො.කො. සම්පත් හැරී ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කළා. වීඩියෝ කරන අතර මගේ කකුල් ඇද පළල් කරා. මාගේ බෙල්ල පිටිපස්සෙ ෙදාරට තද වෙලා තිබුණා. මම හුස්ම ගන්න බෑ කියා කෑගහන කොට කට වහපිය බැල්ලි කියමින් ස්ථානාධිපති පො.ප. සංජීව මට බැන්නා.

      Delete
    4. (16) මිල්ලනිය පොලීසියට ගෙන ආවායින් පසුව සැමියාව කූඩුවට දැම්මා.

      (17) මාව, හතර දෙනෙකු ඇද උස්සා ජීප් එකෙන් එළියටගත්තා. කාන්තා පොලිස් නිලධාරීණියක් ඇවිත් ඇඟ මැදින් උස්සා, පස් දෙනාම එකතු වී පොලීසියේ පිටුපස පිහිටි පිලට ගෙන ගොස් දැම්මා.

      (18) එදින රාත‍්‍රියේ සැමියා කූඩුවේ සිටියා. මාව සවස 6.30 ට විතර නැගිට්ටවා දෙන්නෙක් අල්ලාගෙන සැමියා හිටිය කූඩුව ඉදිරයෙන් බිම පැදුරක් දමා නිදාගන්න සැලැස්සුවා. එසේ කළේ එ් වෙලාවේ රිසව් එකේ හිටිය සොයිසා නැමති නිලධාරියාය. මොනවා උනත් මනුස්සයොනේ කියා මට පැනඩොල් දෙකක් හා මේස රෙද්ද පොරවා ගන්න දුන්නා.

      (19) එළිවනතුරු පොලිස් කාන්තාවක් හිටියේ නැහැ.

      (20) උදේ 7.30 පමණ මාව හල්ගොට රජයේ රෝහලට ගෙන ගියා.

      (21) එහි වෛද්‍යවරයෙක් සිටයේ නැති නිසා නැවත මාව පොලීසියට ගෙන ආවා.

      (22) දවල් 11.00 ට පමණ මාව හා සැමියාව හොරණ මූලික රෝහලට ගෙන ගියා.

      (23) රෝහලේ දී, අපව එහි රෝහල් පොලීසියට ගෙන ගියා.

      (24) ඊට පසුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ගෙන ගියා.

      (25) පළමුව මාව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළා. වෛද්‍යවරයා මාගෙන් විස්තර ඇසුවා. පහරදුන් බව කියා සිටියා. පහරදුන් ස්ථාන පෙන්වා සිටියා. එම ස්ථාන සියල් ඔහු ළකුණු කර ගත්තා.

      (26) ඉන්පසු මාව හා සැමියාව හොරණ මහේස්ත‍්‍රාත් උසාවියට ගෙන ආවා. එවිට වේලාව 1.30 පමණ ඇති.

      (27) අපව වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතිඥ සුනිල් ගුණරත්න මහතා වෙත ඉදිරිපත් කළා.

      (28) වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතිඥ සුනිල් ගුණරත්න මහතා හිටියේ කාමරයක.

      (29) අපව කාමරයට ගත්තේ නැහැ. අප වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් මිරිහාන මයා, එළියේ සිටි අපව ජනේලයෙන් අස්සෙන් පෙන්වා, ඇඳුම් ඉරී ඇති බව, තුවාල තිබෙන බව කියා සිටියා.

      (30) මා හා සැමියා එළියේ සිට ඇඳුම් ඉරී ඇති හැටි හා තුවාල වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයාට පෙන්වා සිටියා.

      (31) ඉන්පසුව අප 2017.12.20 දක්වා රිමාන්ඞ් බාරයට පත් කළා.

      (32) බන්ධනාගාරයට ඇතුල් කරන විට රාත‍්‍රී 7.00 පමණ වුණා. බන්ධනාගාරයට ඇතුල් කළ පසු මට නැගිට ගන්න බැරිව ගියා. හුස්ම ගන්න බැරි වුණා. වමනය ගියා. මෙයාව මෙහෙ තියාගන්න බෑ කියා මාව එ් සමගම නාගොඩ මහ රෝහලට ගෙන ආවා.

      (33) නාගොඩ මහ රෝහලේදී මාව පරීකෂා කර 2 වාට්ටුවට ඇතුළත් කළා.

      (34) 2018.12.19 වන දින සවස මාව, අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කළා.

      (35) 2017.12.20 වන දින උදේ මාව බන්ධනාගාරයට ගෙන ගොස් දහවල් 12.30 ට පමණ ගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කළා.

      (36) ගරු අධිකරණයේදී, අප වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ නුවන් මිරිහාන මයා, කරුණු දැක්වූවා.

      (37) නැවත 2018.01.02 වන දිනට නඩු කල් තිබ්බා. එතෙක් අපව නැවත රිමාන්ඞ් බාරයට පත් කළා.

      (38) අපට තේරුම් ගිය පරිදි එසේ 2017.12.20 දින අපට ඇප ලබා නොදුන්නේ, සිද්ධිය පිළිබඳ වීඩියෝවක් ඉදිරිපත් කිරීමට තිබෙන බවට පොලීසිය කළ කරුණු දැක්වීමටය.

      (39) 2018.01.02 වන දින ද වීඩියෝව ඉදිරිපත් කළේ නැහැ. එ් සඳහා තවත් කල් පොලීසිය ඉල්ලා සිටියා.

      (40) පොලීසියේ එම ඉල්ලීම මත නැවත 2018.01.09 දින දක්වා රිමාන්ඞ්ගත කළා.

      (41) 2018.01.09 වන දින අධිකරණයට ඉදිරිපත් කළ විට, නැවත වීඩියෝව ඉදිරිපත් කරන්නට පොලිසියෙන් කල් ඉල්ලා සිටියා.

      (42 ) නමුත් එම ඉල්ලීම ප‍්‍රත්කෂේප කළ ගරු අධිකරණය අපව ශරීර ඇප මත මුදා හැරියා.

      මා ඉල්ලා සිටින්නේ,
      මිල්ලනිය පොලීසියේ හිටපු ස්ථානාධිපති පො.ප. පී.එන්. ලිහිනියකුල විසින් මාගේ සැමියාගේ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන එහි චැසි හා එන්ජින් අංක මකා දමා කරන ලද අපරාධය වසන් කිරීම සඳහා වර්තමාන ස්ථනාධිපති පො.ප. සංජිව යන අය, එම සිද්ධියට අදාල පොලිස් නිලධාරීන් එක්ව කරන ලද බලපෑම්වලට ඔහු අවනත නොවීම නිසා 2017.12.17 දින ඉහත විස්තර කළ අපරාධය වසන් නොකර කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසටය.

      මෙහිදී මොවුන් මා අත්අඩංගුවට ගෙන පහර දී බිම දිගේ ඇගෙන ගොස් උස්සා, නිරුවත් වන ආකාරයට ජීප් රථයට දමා නිරුවතින් සිටි මාව වීඩියෝගත කර ඉන් අනතුරුව පොලීසියේදී, මාව නින්දා අපහාසවලට භාජනය කර, අධිකරණයට බොරු ප‍්‍රකාශ කර, දින 23 ක් රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලද,

      මිල්ලනිය පොලිසියේ,
      01. ස්ථානාධිපති පො.ප. සංජීව, 02. පො.කො. සම්පත්, 03. පො.කො. දීපශාන්ත,
      04. පො.කො. චින්තක,
      සහ එයට සම්බන්ධ වූ අනෙක් නිලධාරීන්ට එරෙහිව නොපමාව පරීක්ෂණ ආරම්භ කර, නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

      මෙයට,

      -------------------------- ’’

      Delete
  20. ටීචර් සමරිසි කුලයට අයත් බැවින් මාතලන්ට කිසිවක් කිවනොහැක්කේ මාතලනුත් ඉඳහිට හෝ සමරිසි ආතල් එක ගන්න නිසාය දැන් මාතලන් අයත්වන්නේ ද ද්විලිඟකරිසි [ බයිසේක්සුවල් ] කුලයට ය

    ReplyDelete
    Replies
    1. බයිසේක්සුවල් යනු දෙවියන් දුන් ඉහලම දයාදයි. 100%

      Delete
    2. අනුන්ගේ රෙද්දව්ල් හොයන්න යන්නේ තමන්ගේ රෙද්ද අස්සේ ඇති දේ අවුල් උන් යැයි කියා... අපේ රෙදි නැන්දා කියා ඇත...

      Delete
    3. හුටස්! පටස්!, මාතලන් වයසක රෙදි නැන්දා එක්ක හැමිනෙන වෙලාවේ රෙදි නැන්දා කියලා තියන දේවල්! මුට

      Delete
  21. Anonymous වෙසින් එන ගැරඬියන් , බයගුල්ලන් සහ කාඩ්බෝර්ඩ් වීරයන්ගේ හිස් ප්‍රකාශ බලා වෙහෙසට පත්වෙන අපට යන්තමින් හෝ සහනයක් සහ සතුටක් ගෙනෙන්නේ මාතලන් ලොක්කා පමණය.මාතලන්ගේ සුවිශේෂත්වය වන්නේ යකෙකුට වුණත් කියන්නට තිබෙන දේ කෙලින්ම කීමට හැකියාවක් තිබීමය. මාතලන් මලක් ගසා සොමියෙන් සිටියාට මල් නොගසන අපට සොමියක් දැනෙන්නේ මාතලන් ලියන බ්ලොගක් හෝ බුකියේ සටහනක් හෝ දුටුවිට පමණය. දිගු කල් දිනේවා සොඳුරු බ්ලොගාණෙනි.

    ReplyDelete
    Replies
    1. ඔය නමින් එන ලොන්ත පොල් නාකි TA පොන්නයා ඇනෝ ඇවිත් ගැනුන්ගේ මුණු ගෙන පෙනී හිටියට උන්ට මලක සොමිය කවරදාකවත් තේ රෙන්නේ ද නැත මලක් ගසන්නවත් පන නැත ෆේස් බුක් එකක කොමන්ට් දා දා පින්ගුත්තරයෙක් වගේ ආතල් ගන්නේ ද නැත කෙලින්වන්නේ නැති නිසා මෙවැනි ආතල් උන්ට
      මාර ජෝලිය මෙයි ඔවුනට පජාත සුවයක් ලැබෙනවාය කියා ටෞ කන පක්කු සිතනවාය

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න