.

.

Feb 28, 2012

මාතා බැලිල්ල - Maatha (A True Story)


මන්ද පෝෂනේ හැදිච්ච එකා වගේ ඉන්න විදේශ ඇමතියා මෙළෝ මළදානයක් නොකරන නිසා ජිනීවා වල කතා කරන්න මහින්දට පැවරු ලොක්කා.. මහින්දගේ බුරිය කරකවන ගමන් කීවේ මහින්දලා ඉතින් කොහොමත් වැඩ කාරයෝනේ කියාය. හරි ලොක්කා මම ඒක ගානට කරන්නම් කියූ මහින්දට ලොක්ක කිව්වේ. ගේම ගහලා එනවකෝ ඊට පස්සේ මම ඔහේ ගැන සලකලා බලන්නම්කෝ කියාය. දුප්පත් කමත් නැතිවෙලා, ඉන්කම් එකත් වැඩිවෙලා, ආර්ථිකේ ශක්තිමත් කියා, තෙල් ගනන් දැම්මේ අහවල් එකටදයි මල පැන සිටි ලොක්කා ලලිත්ට කිව්වේ කබරාලටයි ජයසුන්දරයටයි එන්න කියන්න කියලාය. කඩාගෙන ආපූ බූරූ පුත්තරයන් දෙන්නාගෙන් ලොක්කා ඇහුවේ ඇයි ඕයි ආර්තිකේ හොදනන් බූමීතෙල් එකටත් කෙලියේ කියාය. දෙන්නා ඇඹරි ඇඹරී කිව්වේ ඔව් සෑර් දැන් දුප්පත් කම අඩුවෙලා හැම එකාම අවුරුද්දකර ඩොලර් දෙදාහක් ඉතර ගන්න නිසා අපි පාඩු විඳගෙන බූමිතෙල් දෙන්න ඕන නෑ, සහනාධාරේ කපලා දැම්මා කියාය. අනිත් උන්ගේ කපලා දැම්මට මුන් දෙන්නාගේ කපලා දාන්න බැරි උන එක ගැන දුක් උන ලොක්කා හිතුවේ. මුන් ෂේප් එකේ මගේ එක කපන්න හදනවද දන්නේ නෑ කියාය.

මගෙන්ම කන උන් මටම කෙලින්න යනවාදයි සිතු ලොක්කා කලබල උනේ ලලිත් ඇවිත් අන්න සැර් අරුන් කැබිනට් එකට ඇවිල්ලා කිව්වාමය. ඒ චාන්ස් එකෙන් ආර්තික විසේසග්නයෝ දෙන්නා අරලිය ගස් තියෙන ගෙදරින් පැන පස්ස බලන්නේවත් නැතුව සිනමන් ග්‍රෑන්ඩ් එකට රින්ගුවේ ඊළඟට ලොක්කාට අඹරන ගුලිය ගැන කතා කොරන්නය. මෙලෝ රහක් නැති කාළකන්නි ටික අදත් ඇවිත් ඉන්නේ බඩජාරී කමට බව දන්න ලොක්කා අර අප්සට් පිට හිටියේ මූඩ් ගසාය. ලොක්කාගේ අරන් හදා ගන්න පුතා, උපුල් ජෝසප් ප්‍රනාන්දුගේ අම්මාගේ ගුන වැයුමක් කල අතර, අනික් උන් ටික එකිනෙකාට කිව්වේ මූ එකෙක්ගේ අම්මා මතක් කොලාට. මුළු රටම මුගේ අම්මා මතක් කොරනවා කියාය. ඒ අස්සේ එකෙක් ලකුණු දමා ගන්නත් එක්ක කිව්වේ සෑර් ඔක්කොම අමතක වෙලා යන්න තියමුද උද්ගෝසනයක් කියාය. අපිටත් ගමේ යන්න බැරුව ඉන්නේ, මේක තමයි සෑර් ආයෙත් හරක් ටිකත් එක්ක සෙට් වෙන්න නියම වෙලාව කියාය. ලොක්කා ඇහුවේ මොන මළදානෙටද ඕයි උද්ගෝසන තියන්නේ කියාය. ඇයි සෑර් ඔය ගේන්නේ යෝජනාවක් නෙමෙයි කුමන්ත්‍රණයක් කියලා ගොන්නු ටික පාරට බස්සමු කියා කස්ටියම එක හඩින් යෝජනා කලේය.

එහෙන් මෙහෙන් එන ආරන්චිත් අප්සෙට් එකේ උන්න ලොක්කා හිටියේ පුතා උනත් ෂුවර් නැති ලෙවල් එකේය. වැඩිපුරම ඉන්නේ 2005 දිත් කෙලීන්න ආපු එවුනුයි අලි පාටියෙනුයි ආපු එවුන් නිසා මුන් මාත් එක්ක ඉන්නවද කියලා බලාගන්න හිතුන නිසාත් ලොක්කා කිව්වේ ඕන පුකක් කර ගන්නවා මාත් පුළුවන් උනොත් එන්නම් කියාය. එහෙනම් සෑර් සඳුදාට අපි පාරේ කියූ ඇමැට්ටෝ පෝලීමේ ඇවිත් ලොක්කාට දන ගසා වඳින කොට ලොක්කා කිව්වේ අබ සරණයි කියාය. චරපුරස සේවයෙන් ලොක්කාට දැනගන්න ලැබුනේ උද්ගෝසනේ නැගලාම යන සයිස් එකක් තියෙන බවය. ඒ අස්සේ පනිවිඩයක් ආවේ මුතුහෙට්ටියා දවස් පටලවගෙන ඉරිදාම ගේමට බැහැලා කියාය. අරූටනම් පිස්සු නෑ කියලා සැටිපිකට් එකක් තියෙනවා ඒත් චන්දිමයි, ශාන්තයත් දොස්තර කෙනෙක් ගාවට යවනවා, පව් ඕයි කියා ඒලියන්තට කිව්වේ පොඩ්ඩක් උන් දෙන්නා ගැන බලන්න කියලාය.

උදේම ගිහින් නාලන්ද ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහපු ලොක්කා. කලබලෙම කොල්ලුපිටියේ ගෙදර දිව්වේ සන්ගනනෙට කස්ටිය එනවයි කියපු නිසාය. ගෙදර ආපු ගමන් තේ එකකුත් අරන් අපූ නෝනා කිව්වේ ඔන්න අනේ වැඩේ නැගලාම යනවා පුදුම සෙනගක් නේ ඉන්නේ කියාය. තාමත් ඔහේට මිනිස්සු ආදරයිනේ කියා ආදරෙන් කියු නෝනාට ලොක්කා නිකම්ම හූම් කිව්වේ සෙනග ආවේ කොහොමද කියලා දන්න නිසාය. ඒ උනාට ගොඩක් උන් තවමත් සැප කාර් වලට ආදරේ බව සිතුන ලොක්කා ප්‍රීතියෙන් උද්දාම වී සිටියේය. ජෝඩුව එක්ක ටී වී එක දිහා බලා ඉන්න ගමන් කැළණියේ එකා දැකපු ලොක්කා සිනහවෙමින් නෝනාට කිව්වේ අරූ පුතත් එක්ක ඇවිත් ඉන්නේ ගමේ උන්ගෙන්ම කන්න වෙන නිසා කියාය. ඒ අස්සේම අගමැතිතුමා ගම්පොල අඬනවා දැක්ක ජනාධිපති තුමාගේ ඇස්වලද කඳුළු පිරුනේය. ඇත්තටම් මූ ආදරේ අගමැතිකොමට රටටද කියා නෝනාගෙන් ඇහුවාම නෝනාත් අඬන්නට පටන් ගත්තේය. ඇයි අනේ ඔයා අඬන්නේ කියු ලොක්කාට නෝනා කිව්වේ නෑ අපේ මුත්තා මතක් උනා කියාය.

ඒ අස්සේ එකපාරටම ලොක්කා දෙපැත්තෙන්ම හිනාවෙනවා දැක නෝනා ඇහුවේ ඇයි අනේ මොකද උනේ එක පාරටම කියාය. නෑ අර ඇමරිකන් ඇම්බසිය ඉස්සරහා බැරියර් එකේ කෑ ගහපු එකා ඇදගෙන වැටුනේ පොලීසිය හිටිය පැත්තට. අනික් උද්ගෝසනේක ඕක උනානම් කොහොමට තියෙයිද කියාය. මහ වැස්සේත් ඉට්ටේසම ඉස්සරහා ඔබාමාට කස්ටිය බනින බව ආරන්ච් උන ලොක්කා අනුර සේනානායකට කෝල් එකක් අරගෙන ඇහුවේ මුන් වැස්සේත් තෙමෙනවා ගෙදර යන්න කියනවා ඕයි කියලාය. සර් මුන් ඉන්නේ සර් එනකන් කියූ අනුර සේනානායකට ලොක්කා කිව්වේ මුන් මගේ ගුලි තාමත් කනවනේ. අනේ මෙහෙමත් හරක් කියාය. මට එන්න වෙන්නේ නෑ සන්ගනන නෝනා එන නිසා ඔන්න ඔහේ ඉඳලා එපා උනාම යයිනේ කියා කෝල් එක කට් කලේය. ඒ අස්සේම ටීවී කාරයෝයි පත්තර කාරයොයි හැත්ත බුරුත්ත එක්කම සන්ගනනේ නෝනා ආවේය. ආපු ගමන් එයා ඇහුවේ ගෘහ මූලීකයාගේ නම කියාය. නෝනා මෙන්න මෙයා ඔයාගේ නම අහනවා කියු ලොක්කා එතනින් පිටත් උනේ තවත් කොරන්න දෙයක් එතන නැති නිසාය.

කොරන්න දෙයක් නැති තැන කම්මැලි කමේ වත්තේ කෙසෙල් ගෙඩියක් කන ගමන් වත්ත අතුගාන එකෙක් ලොක්කාට කිව්වේ සෑර් අද මාතා පෙන්නන්නේ බාගේට කියාය. මූ නිකන් අවකැපෙන කතාවක් කිව්වාද කියා සැක සිතු ලොක්කා ඇහුවේ මොන මාතාද කියාය. ඇයි සෑර් අර බුඩී මහත්තයගේ මාතා නේ කියු කොලුවා කිව්වේ මම සික්ස් තර්ටී එක බලන්න යනවා කියාය. පොඩ්ඩක් හිටහන් මාත් එනවා කියූ ලොක්කා දඩි බිඩි ගා ෆිල්ම් බලන කිට් එකකුත් ගහගෙන කොල්ලාත් එක්ක සෝ එක බලන්න ගියේ මුගේ සෝ නිකන් අමුතු ඒවා නිසා පට්ට කෑල්ලක් බලන්න ඇහැක්ක වෙයි සිතාගෙනය.

ටික වෙලාවක් යන කොට බුඩීගේ මාතා මතක් කොරමින් එලියට ආපු ලොක්කා අර සංජය ලීලාරත්නගේ ගූ ගොඩ බැලුවයින් පස්සේ මට රම්බෝලත් එපා වෙලා ඉන්නේ පුතා කියා සංජයගේ මාතාත් මතක් කලේය. එහෙනම් සෑර් කුස පබා බලමුද කියු කොලුවාට ලොක්ක කිව්වේ උස වගේ පෙනුනට පබා එච්චර උස නෑ පුතා කියාය. නෑ සර් සුනිල් ආරියරත්නයි සෝමේයි හදපු කුස පබා සෝ එක කිව්වාම ලොක්කා ඇසුවේ කවුද කෙල්ල කියාය. කෙල්ල සෑර් අර පූජා කියන ඉන්දියන් කෑල්ල කියූ කොලුවාට ලොක්කා කිව්වේ එහෙනම් නියමෙට ඇති එතකොට කවුද කුස කියාය. ජැකා සර් ජැකා අර කුස්සිය පැත්තෙන් එන ජැකා හරි සෝක් මහත්තයා සෑර් මටත් පාට් එකක් දෙන්නම් කිව්වා. ආ එහෙමද උඹට නෙමෙයි මගේ බල්ලටත් පුධන චරිතයක් දෙයි ඌනම් කීයු ලොක්කා හිතුවේ මූත් දෙන්නේ මාරම ගේම් නේද යකෝ එහෙනම් පූජාටත් බඩු ෂුවර් තමයි කියාය. ඌගේ එකක් මේ ළඟදී නෙළුම් පොකුන ඕපනින් එකේ බලලා එපා උනා බන් කියු ලොක්කා කොල්ලාගේ මාතාද මතක් කරමින් නැවතත් කොල්ලුපිටිය පැත්තටම ගියේය.

65 comments:

  1. කියල වැඩක් නෑ මාතලන් අයිය සුපිරි... මම සෙනඟ ගොඩ බලල කල්පනා කලේ පෙට්‍රල් ඩීසල් තව රු 50කින් වැඩි කරල ඡන්දයක් තිබ්බත් ලොක්ක ගොඩනෙ යකෝ කියල....

    අනිත් අතට එලියට බහින්නවත් බැරුව ඉන්නව කිව්ව ආචාර්යතුමා ගෙනාපු සෙනඟ ගොඩ... අන්තිමට මිනිහත් තැලුන සෙනඟ වැඩි වෙලා ;)

    *මාතා බලන්න කියල හි‍ටියෙ... ඇත්ත කියපන් අයියෙ ඒකත් චා ද?..

    ReplyDelete
    Replies
    1. මට නම් ඒක සැටිස්..

      කැමරාකරණය-සුද්දෙක්
      අංගරචනය-සුද්දෙක්
      සංස්කරණය-සුද්දෙක්

      ඒකමද මන්දා මට හිතට ඇල්ලුවේ..
      හැබැයි පිටපත නම් චොර..40%

      Delete
    2. කතාව නම් වැඩක් නෑ.. සවුන්ඩ්ස් නම් මරු.. ඒ උනාට අපරාදේ සල්ලි දීලා බලන එක..

      Delete
  2. සිද්ධ වෙච්චිදේ ඒ ආකාරයෙන්ම ලියලා තියනවා ...... ෆැන්ටැස්ටික් කිව්වා!
    උන් මාතා බලනවා..ජහමනයා උන්ගේ මාතා ලා මතක් කරනවා!
    එතකොට මොකක් උනාද ඔය යැංකියන්ගේ යෝජනාවට??? උනුත් මාතා බලනවාද දන්නෑ...:-)

    ReplyDelete
    Replies
    1. උන් අපේ උන්ගේ මාතා ලා මතක් කරනවා..

      Delete
  3. ඔන්න ඔහොමයි උනා කියන්නේ . .. . .

    ReplyDelete
    Replies
    1. උඹටත් ආරංචියි වගේ වැඩේ

      Delete
  4. සූපිරියි....කොහෙන් හම්බෙනවද මන්දා මේ නිවුස්..

    ReplyDelete
    Replies
    1. ගවේසනසීලී ජඩමාද්දියවේදියෙක්නේ...

      Delete
  5. මේ උඹ අර මගේ විරූස් කොම්පැනිය ගැන ඇඩ් එක මේ බ්ලොග් එකේ දැම්මේ කොහොමද කියපන්කෝ මගේ බ්ලොග් එකේත් ඒක දාගන්න

    ReplyDelete
    Replies
    1. Add Gadget,Picture... That's it... පින්තූරේ සේව් කර ගත්තේ බ්ලොග් පෝස්ට් එකේ තියෙන එක... ලින්ක් ඇඩ්‍රස් කියන එකට ෆේස් බුක් ඇඩ්‍රස් එක පේස්ට් කොරපන්

      Delete
  6. www.ceylonlanka.info

    All About srilanka....
    Starting soon...

    ReplyDelete
  7. අනෙ කවුරුහරි ලොක්කව දන්න එකෙක් මෙවා ලොක්කට පෙනනහන්කො ....

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ එයාට ඉති මේවා නිව්ස් නෙමෙයි නේ..

      Delete
  8. හොක්කි හොක්කි හූ .. . . !!

    ReplyDelete
  9. මම නම් ඔය "මාතා" ගැන නිවුස් එකක්වත් බැළුවෙ නෑ. හිතේ තියෙන දේශප්‍රෙමෙත් නැතිවෙනවා මේව හන්දා..

    සුපිරිම සුපිරි ලියවිල්ලක් මේකෙ නම් ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මම නම් ගිහිල්ලා ෂොට් එකක් දාගෙන ආවා..

      Delete
  10. නියමයි අයියේ.. ඒ කියන්නේ මාතා ෆිල්ම් එක හරි නැද්ද?

    ReplyDelete
    Replies
    1. ෆිලිම් එක හොඳයි කතාව අමම කැමති එකක් නෙමෙයි.. මට දිරවන්නේ නෑ.. හැබයි කොලිටි...

      Delete
  11. දේශප්‍රේමීත්වය දේශපාලනීකරනය කරලා... මුන් ඒක වවාගෙන කනවා. රට කන ගමන්ම !

    ReplyDelete
    Replies
    1. රට කනව මදිවට අපිවත් කනවානේ

      Delete
  12. niyamai...mathalan... mara sarthka livimak supiri upahasayak...siyalu dawal adangui..Wimalanath Weerarathne ge kolom lipyan pasu dutu hodama lipiyak...jaya wawa...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඉන්දික.. ඒ උනාට ඒකට කිට්ටු කරන්නවත් බෑ.. මගේ ප්‍රියතම තීරූ ලිපිය...

      Delete
  13. //ජිනීවා වල කතා කරන්න මහින්දට පැවරු ලොක්කා.. මහින්දගේ බුරිය කරකවන ගමන් කීවේ//

    මාතලන්,
    අන්න ඒ කෑල්ල ටියුබ් ලයිට් මට. මහින්දට වඩා ලොක්ක කව්ද ?
    [සමස්තයක් වශයෙන් ලිපියෙන් කියන අදහස තේරුනා, පොඩ්ඩක් අංජ බජල් වුනේ ඒ චුට්ට]

    ReplyDelete
    Replies
    1. මේ මහින්ද සමරසිංහ ගැන කියන්නෙ ඔබා මාමෙ

      Delete
    2. වැඩේ හරිනේ ඔබා මාමේ....

      Delete
  14. ආයෙ කියන්න දෙයක් නෑ. සුපිරියි ඕං

    ReplyDelete
  15. නියමයි මචං. හැබැයි විමලනාත්ගෙ බඩට ගහන්නනම් හදන්න එපා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද ආයිබෝවන්ඩ.. ඒ අහලින් වත් තියන්න ඇහැක

      Delete
  16. ලිවිල්ල නම් සුපිරියි...

    ReplyDelete
  17. අන්තිමට කොහොමහරි ලොක්ක බබා වෙලා.මාතලන් දැන් වික්ටර් අයිවන් වගේ

    ReplyDelete
    Replies
    1. ඔන්න මාතලන් චෝදනාව. මටත් ඕකම හිතුන. මේ වගේ රොත්තක් වටකරන් ඉන්න එකම ලොක්කගෙ වරදක් නේද?

      Delete
    2. මටත් හිතුන ඕක. සරමේ චූ කරගෙන ඉන්න ලොක්කට හීන් නුලෙන් සුදු හුණු පාරක් ගාල වගෙයි පෙන්නේ. මාතලන්, මමත් මේ ලගක් වෙනකන් හිතන් හිටියේ මෙතුමා බොහොම දැනුම් තේරුම් තියෙන කෙලින් ඉන්න කාලෙකින් බිහිවුන පතාක යොදයෙක් කියල. බලනකොට යුද්දේ විතරයි සුදුසුකමකට තියෙන්නේ (යුද්දෙට ඇදගෙන ගියෙත් ටොමියා නවන්න ලිඳ ලගට ඇදගෙන යනවා වගේ කියලයි දැන් නම් හිතෙන්නේ). ඒ ඇරුනහම අර රජ සළුව අද ගත්ත ප්‍රේමදසගෙයි මෙයගෙයි ලොකු වෙනසක් නැහැ.

      Delete
    3. @ ඇනෝ & අසේල
      මේ කොමෙන්ට් එකට මම කීප සැරයක් උත්තර දුන්නත් ආයෙත් ලියන්නම්. සත්‍ය මොකක්ද කියලා හැමෝම දන්නවා. මඩ නාගෙන ඉන්නවනම් මම හුණු ගෑවා කියලා ඒවා වැහෙන්නේ නෑනේ. නමුත් මගේ තියරිය තමයි.. වෙද හී ඉස් රයිට් ඕ රෝන්ග් බොස් ඉස් ඕල්වේස් රයිට් කියන එක. අනික මොකා ලොක්කා උනත් මේ ක්‍රමය යටතේ මේ දේවල් සිඳුවෙනවා අඩු වැඩි වශයෙන්. එදා ජිනීවා ගියපු කෙනෙක්ගේ ආන්ඩුව යටතේ අද ජිනීවා නොයන ඒවුනුත් මරන් කන්න හදනවා..

      Delete
    4. මං හිතපුව මුං කියලනෙ. තව මොනා කියන්නද. උඹ ඉතින් කොහොමත් ලිඅවිල්ලට දස්සය නිසා සුපිරියි තමා, ඒත්..... චොර!

      Delete
    5. @ ඉන්දික..
      හෙහ් හෙහ්... චොර කියන්න හේතුව මම දන්නවා.. ඒ උනාට මට බෑ බන්. හති...

      Delete
  18. ලිවිල්ල නම් උපරිමයි

    ReplyDelete
  19. මාතලන්
    වැඩේ නම් එක්සලන්ට් සිංහලෙන්ම කියනව නම්. විමලනාත් වීරරත්නගෙ ගානටම තියනවා.මේ හැකියාව තවත්වත් දියුනු වේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්... විමලනාත් මගේ හීරෝ කෙනෙක්.. මානිට.. බන්ඩගේ වාක්කියටත් මනාපයි...

      Delete
  20. තව තවත් තෙල් මිල වැඩි වේවා කියලා පතනවා ....
    දැන් ඔය ජිනීවා කේස් එක ඉස්සරහට මොකද වෙන්නෙ .....

    ReplyDelete
  21. හික්... මේවා අහලා පණ පලයන් පෙරේදා....

    ReplyDelete
    Replies
    1. ආයෙත් වරෙන් ලබන බදාදා

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. නොදකින් දැක්කා වගේ ලියලා තියෙන හැටි..
    ඒ උණාට මරු ඈ....

    ReplyDelete
  24. බොහොම හුරුපුරුදු ශෛලියක් වගේ දැනුන නිසා බැලින්නම් විමලනාත් ගොයියගේ කොලම වගේනේ... පට්ටයි හොඳේ!

    ReplyDelete
    Replies
    1. මේ වගේ කීපයක්ම ලිව්වා... ඌ මගේ ප්‍රියතම.. ඉතින් ඉඳලා හිටලා ඒ විදියටත් ලියනවා

      Delete
  25. කව්ද ඔය විමලනාත් ?

    ReplyDelete
    Replies
    1. විමලනාත් වීරරත්න... රාවයට ලියන්නේ...

      Delete
  26. තෙන්නකෝන්ගේ සමාජ සමයං ,අනේ ඌ නොහිටියනම් එහෙම මතක් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ කවුද ඒ... නෝ අයිඩියා....

      Delete
  27. Hi there just wanted to give you a brief heads up and let
    you know a few of the images aren't loading correctly. I'm not sure why but I think
    its a linking issue. I've tried it in two different browsers and both show the same results.

    Here is my blog post: quick payday loans

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න