.

.

Feb 15, 2015

කුඩ්ඩන්ට බය පොලිස් දෙපාර්තමේන්තුව - Cops & Drug Dealers


වෙලේ සුදාගේ අම්මා..., වෙලේ සුදා බබා කාළේ, නලවපු ගීතය, එකෙක් බුකියේ ලියලා තිබුනාය.. "රස කර ගී ගයන "වෙලේ."... සැනසෙන්න නැලවෙන්න "සුදෝ"..." ඒ ගීතයය. මුන් නම් පට්ට ටැලන්ට් බුවාලාය.

මේ ආන්ඩුවේ හොරු ඇල්ලිම, අපි පොඩි කාළේ හොරා පොලිස් කොලා වාගේය. ඔන්න කට්ටියක් හොරු වෙනවාය. කට්ටියක් පොලිස් වෙනවාය. පොලිස් කාරයෝ උණ බට තුවක්කුවේ දාපු තෙත පත්තර කොල බුලට් වලින්, හොරුන්ට වෙඩි තියනවාය. සමහර උන් ගාව සෙල්ලම් පිස්තෝලත් තිබුනේය. ඒවාට දාන වෙඩි බෙහෙත් රොල් වගේකුත් තිබුනේය. රෝල ඉවර උනා කියා වෙඩි තැබිල්ල නතර වන්නේත් නැතිය. ඊට පස්සේ කටින් වෙඩි තියනවාය.

හොරු අල්ලලා, දෙකක් ඇන ඇන, අත් පිටුපසට තබා බැඳලා අරගෙන එනවාය. (පොඩි උන්ට පොලීසීයේ උන්ට වඩා මොළේ තියෙනවාය. අත් ඉදිරියට තබ මාංචු දැම්මොත්, උන් පොලෝසියට ගේන අතරේ, ඩැයිවර්ගේ බෙල්ල මිරිකන්න ඉඩ තියෙනවාය. ඕ අයි සී ගේ, ඇට දෙක මිරිකන්න ඉඩ තියෙනවාය. කාන්තා පොලිස් හාමිනේ කෙනෙක් උන්නොත්, වෙන මළ හත්තිලව්වක් වෙන්නත් ඉඩ තියෙනවාය. ඒ නිසා පොඩි උන් හොරාට මාංචු දාන්නේ, ඉන්ටර්පෝල් එකේ සිස්ටොම් එකටය.) ඊට ටික වෙලාවකට පස්සේ, පොලිස් කාරයෝ ටික හොරු වෙනවාය. හොරු ටික පොලිස් කාරයෝ වෙනවාය.

දැන් වෙලේ සුදා පොලිස් කාරයෙක් වෙලාය. ගරු වෙලේ සුදා මැතිතුමා ඉහළ ආරක්ෂාවක් යටතේ දැන් පොලිස් මූලස්ථානයට මාරුවීමක් ලබලාය. එයා දැන් ඉස්සර පොලිස් කාරයෝ ලෙස උන් හොරුන් ගැන, තොරතුරු වමාරනවාය. කුඩු නූර් කියා එකෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තුමෙක් බල්ලෙක් මෙන් මරලා දැම්මේය. මේ යකා, ඒ කාළේ සැටලයිට් නෝනාගේ පාටි වලටත් වියදම් කොරලා තිබුනේය. පොලිසීයේ ලොකු මහත්තුරුන්ට, හිල්ටන් එකේ පාටි දාලා තිබුනේය. ඒ කාළෙ උන්න, දියවන්නාවේ ඔය අයිනේ කාර් එකක් ඇතුලේ නඩුවක් බලවපු, චීප් ජස්ටිස් එක්කත් සම්බන්ධකම් තිබුනේය. කට්ටියම සෙට් වෙලා නීතිය අකුරට ඉටු කරපු එකා, බල්ලෙක් වගේ මරලා දැම්මේය. ඒ එදාය.

දැන් තියෙන්නේ යහ පාලනයක්ද මොකක්ද මළ හත්තිලව්ක්ය. සිඳුවෙන සීන් කෝන් අනුව නම් හිතෙන්නේ, ඒක යහ පාළණේ නොව, ජහ පාළණයක් කියලාය. පොලීසිය දන්නේ නැති උනාට, කොළඹ ඉන්න සමාජය ගැන දැනීමක් ඇති උන් දන්න දේ නම්, වෙලේ සුදා විකුණුවේ දුමින්ද සිල්වාගේ කුඩු කියලාය. දුමියා සිංගප්පුරුවේ ඉන්න කාළේ, කුඩු ගහන උන්, කුඩු නැතිව, ෆාමසි වල තියෙන පිස්සු ටැබ්ලට් එක ගැහුවේ, කුඩු නැති උනාම එන කුඩු සික් එක ඉවසන්නම බැරි උන නිසාය. ඒ කාළේ ෆාමසි කාරයෝ ඔක්කෝම වාගේ ගොඩ ගියේය. ඔය අහු වෙන හැම අගු පිලේම ෆාමසි දාන්නේ මොකෑ කියා නිකමට හොයලා බැලුවානම් හේතුව බොහෝම ලේසියට හොයා ගන්නට පුළුවන්ය. වැඩිපුරම ෆාමසි තියෙන්නේ, වැඩි පුරම කුඩුකාරයෝ ඉන්නා පෙදෙස්වලය.


වෙලේ සුදා රට පැන්නා කියා, එහෙම කුඩු අහේනියක් තිබුනේ නැතිය. ඉතින් කුඩු බිස්නස් එක කරන්නේ වෙලේ සුදාද, කොළොන්නාවේ සුදාද කියා, ඕනෑම එකෙකුට බොහෝම පැහැදිලිව පේනවාය. අනික පොලීසිය අපිට වඩා හොඳට ඕවා දන්නවාය. ගරු වෙලේ සුදා මහතා කියන්නේ රොෂෙන් චානකට වෙඩි තියපු පොලිස්පතියාට අමතරව කුඩු වලට සම්බන්ධ වෙලා උන්නේ තව පොලිස් කාරයෝ තුන් දෙනෙක් විතරක්මය කියලාය.

මේවාට හිකෙන් පුනා වෙනවා ඇර, වෙන කොරන්න පුළුවන් රෙද්දක් නැත්තේය. ගමේ වැලි ගොඩ දාන එකාගෙනුත් නොමිලේ බොන, කුත්තු කඩෙන් නොමිලේ කන, සත් ගුණවත් පොලීසියේ..., වෙලේ සුදාගෙන් කාලා තියෙන්නේ "හතර" දෙනෙක් විතරය. අර දේශබන්දුද මොකාද කියන පොලිස්කාරයා, දුමියා සමඟ භාරත මරණ වෙලේත් උන්නා කියා, ඒ කාළේ සාක්කි තිබුනේය. අද උන් පොලීසියේ ලොක්කෝය. ඒ දුමියලාගේ පිහිටෙන්ය. සුදු වැන් වලින් වැඩියෙන්ම මිනිස්සු ඉස්සුවේ කොලොන්නාවෙන්ය. ඒ ගනන 12 හෝ දහතුනක් බව ඒ පැත්තේ මිනිස්සු කියන්නේය.

ඒ පැත්තේ කොල්ලෝ සෙට් වෙලා, එහෙම සුදු වෑන් එකක ආපු සෙට් එකක්ම පොලීසියට අල්ලාලා දුන්නේය. ඒ කාළේ ලංකාවේ හිටපු නිළ නොලත් පොලිස්පති අනුර සේනානායක, සීන් එක දැනගත්ත ගමන් පොලීසියට ආවෙය. සුදු වෑන් කල්ලියම, ඒ නීතිගරුක නිළධාරියාගේ බාරයට පත් විය. අද වෙනකන් සිද්ද උනේ මොකක්ද කියලා දන්නේ නැතිය. කොලොන්නාව ප්‍රාදේශිය සභාවේ ඉන්නා බහුතරය, දුමියාගේ කුඩු ඒජන්ට්ලාය. ලැජ්ජාවට කරුණ නම්. දුමියාගේ උදව් උපකාර ගන්න හොර සංඝයෝත් ඒ අතර ඉන්නා එකය. 

වෙලේ සුදාට තියෙන්නේ මහා නිවසක් කිව්වාට මැන්ෂන් එකක් නෙමේය. ඒක මේ සාමාන්‍ය ගෙයක්ය. වාහනෙත් හයිබ්‍රිඩ් එකක්ය. දුමියා යන්නේ ලොරි වගේ ජීප්පූ වලය. දුමියාගේ රිය පෙරහර හරියට මහින්ද මහත්තයාගේ රිය පෙරහර වාගේමය. දැන් නම් ඒක පෝඩ්ඩක් අඩු කරලා තියෙනවාය. ඒ කාලේ අර ලොරි වාගේ සුදූ ජීප්පු පහකුයි, කළු ඩිෆෙන්ඩර් හතරකුයි, අනිවාර්යයෙන් ඉස්කොඩ් එකේ තිබුනේය.

බොඩි ගාඩ්ලා නැත්නම්, ශරීර ආරක්ෂකයෝ එක 100 ක් විතර උන්නේය. මුන් අර කරෝකේ බාර් වල ඉන්න උන් වාගේ අඳින්නේ, තනිකර කළු කිට් එකක්ය. එක්කෝ මුන්ට පඩි ගෙවන්න ඇත්තේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රියෙන්ය. එහෙම නැත්නම් මුන්ට ගෙවන්න ඇත්තේ දුමියාගේ පොකැට් එකෙන්ය. එහෙමත් නැත්නම් දැන් කියන සුරංගනා කතාව වාගේ, වෙලේ සුදා නිවන් පතා දුන් ආධාරයෙන්ය.

වෙලේ සුදාගෙන් එලියට ඇවිල්ලා තියෙන්නේ දුමියාගේ නමයි, හිටපු බූරු පොලිස්පතියාගෙයි නම් විතරක් නෙමෙයිය. ඒ යකා නම් 72 ක් වමාරලා තියෙනවාය. ඔය නම් මොනවාද කියා දැන ගැනීමේ අයිතියක් ජහ මනයාට තියෙනවාය. ජය පාළනේ මහත්තුරු, "රයිට් ටූ ඉන්පෝමේසොන්" නොහොත්, "තොරතුරු දැනගැනීමේ අයිතිය" කියා පනතක්ද මොකක්ද මළදානයක් ගේනවා කියනවාය. අපි ජෝන් බාස්ට කියන්නේ, මේ ලිස්ට් එක එලියට දාන්න කියලාය. එයාට බැරිනම් ඒ වැඩේ කොරන්න මිස්ටර් ප්‍රසිඩොන්ට්ට පුළුවන්ය. එයා ජෙනුයින් පොරක් කියනවා නම්. කරුණාකරලා මේ නම් ලැයිස්තුව එලියට දාන්න ඕනාය.

එහෙම නැත්නම් වෙන්නේ, මහා ළොකුවට කෑ ගහගෙන අල්ලන්න පටන් ගත්ත සජින් වාස් ගුණවර්ධන, අද කිසි අවුලක් නැතුව ඉන්නවා වාගෙම. මේ රටේ වසංගතයක් වෙලා තියෙන, තරුණ පරපුරු විනාශ කොරන, වැඩි පිරිසක් සිරගතවි අපා දුක් විඳින. දෙමව්පියන් නෑ හිතවතුන් කඳුළු වගුරුවන. මේ ව්‍යසනය මේ රටේ පතුරුවා හල, සුදු පිරුවට තවරා ගත් කාළකන්නින්, තව දුරටත් මේ රට කාබාසීනියා කර දැමීමය. සිකැරට් පැකට් රූපමය අවවාදෙට වඩා, ලංකාවෙන් කුඩු තුරන් කරනා එකට මුල් තැන දිය යුතුමය.

මන්ද.., දැන් හැම එකාම කියන්නේ, පොලීසියේ උන්ගේ එවාට ඇඟිලි ගහන්න යන්නේ නැතෙයි කියලාය. ඒත් එහෙම පොලිස්පති තුමාගේ එකේ ඇඟිලි ගහන්න එනවා නම්, එක්කෝ එයා හෝ.. පොලීසියේ පෙත්තප්පු හෝ, මාධ්‍ය සාකඡ්චාවක් තබා කිව යුත්තේ, අනේ අපිට මුකුත් කරන්න බෑ... මුන් අපේ එක ඇඟිල්ල ගහනවා කියලාය. එහෙම කියන්න කොන්දක් තිබෙන්න ඕනාය.

එහෙම එකම එක කොන්දක් තිබුන නිළධාරියෙක් නිසා, අද අප නිදහසේ හුස්ම ගනිමින් සිටින්නෙමු. ඒ නීතිපති තුමායි. කරුණාකර පොලීසියටත් කොන්දක් තිබෙනවා කියා පෙන්වන්න..

එහෙම නොකළොත් අපට කියන්න වෙන්නේ,

"තුඃ නොදෝකින්.. අම්මට සිරි ලංකාවේ පොලීසිය...." කියලාය..

105 comments:

  1. මාතා......................

    පොඩි උන්ගේ හොරා පොලිස් කතාව කිව්වා ම යි මතක් වුනේ.. අම්මපා මේ අාණ්ඩු කෙරුවාවත් අපි පොඩි කාලේ කරපු සෙල්ලම වගේමයි.... ඒක වෙලාවකට හාෙරා මාරු වෙනවා.... අා... නැහැ නැහැ පොලිස් මාරු වෙනවා ඒතකොට ඉතින් කොහොමත් අනිකා හොරා වෙන්නම ඒපැයි........

    ReplyDelete
    Replies
    1. පොලීසියේ අය ළොකු උනාම කරන්නේත් පොඩි උන් කරන සෙල්ලම්මයි... අනේ මන්දා...

      Delete
  2. 1. //ඒ නිසා පොඩි උන් හොරාට මාංචු දාන්නේ, ඉන්ටර්පෝල් එකේ සිස්ටොම් එකටය.//
    ගඟට පැනල සමනල ආරට පීනන්න පුලුවන් ඒ සිස්ටම් එකට දැමම්මහමද?

    2. ඒක නමෙයි ඩොක්ටර් මහේෂි විජේරත්න කොන්ට්‍රොවර්සි එක ගැන මාතලන්ගෙ අදහස
    මොකක්ද

    3. //ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තුමෙක් බල්ලෙක් මෙන් මරලා දැම්මේය//
    .සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරු. මාතලන්ගෙ ඉස්කෝලෙ :-D

    ReplyDelete
    Replies
    1. ඒ දොස්තර නෙමෙයි ගොඩාක් දොස්තරලා.. කොටින්ම මාතාගේ ෆැමිලි ඩොක්ටරුත් අත් අඩංගුවට ගන්න වෙනවා එහෙම නම්.. මොකෝ අපේ එක්කෙනෙත් මෙඩිකල් සැටිපිකට දෙනවා.. වෙනම ගානක් අරගෙන.. දවස් ගානට චාජර්ස්..

      පිස්සෙක්ට පිස්සු නෑ කියලත් සැටිපිකට් එකක් දුන්නේ..

      Delete
    2. අත් බැඳපුවහම ආයෙ මොන සමනල ආරද බන්. උබයි මමයි දන්න සුවිමින්

      Delete
    3. අපි දන්න irony නේද? ;-D

      Delete
    4. අපි දන්න irony නේද? ;-D x 2 :P

      Delete
    5. @ ප්‍රා ජේ ජී,

      විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කලේ "පොට්ට නවුෆර්" නෙමෙයි ද??

      මම ජීට හොඳට මතකයි පස් දෙනෙක්ව එල්ලුම් ගස් යැවුවා! (බූරුවා ගහන්න.)
      හික්z!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  3. අප්පට සිරි මොඩරේශන් තියනව නේද? මේකත් ශීලාචාර බෝරින් බ්ලොග් එකක් වෙයිද?
    චෙෆ්-ආර්කි & others?

    ReplyDelete
    Replies
    1. ෂොරි ඈ.. අමතක උනා මෙයා.. තාම ඩෝප්...

      ප්‍රා, චෙෆාකි සහ කෙන්ජිගේ ඉල්ලීම පිට දැන් මෙය සියල්ලන්ටම ඕපන්ය..

      Delete
    2. අන්න එහෙමනෙ කරන්න ඕන..බොහොම ස්තුතියි මාතේ..පොලිස් කාරයො පව් බං..මතකනෙ ඊයෙ ටී 56ක් අතේ තියාගෙන් පිලියන් රයිඩ් එකේ ගිය දෙන්නාට උන වැඩේ..
      ජෝනව ගෙදර අරින්නම වෙනවා මචෝ..

      Delete
    3. ජෝනා නෙමෙයි කස්ටියටම යන්න වෙයි වගේ..

      දුකට හේතුව නම් එයමැයි...

      Delete
    4. මාතලං, දුකට පුං ගහගෙන, සැකේ පුලුං දාගෙන,රේසිස්ට් අතේ ගහල දොයියන්න රත්තරං!

      ඇනෝ වහලා, කොමෙන්ට් මොඩරේසං දාල, සරස කිව්වම ඉක්මනට ඉස්පෙලිං හදල, ටොයි භාවය අවදානමට ලක් වෙලා, පොන්නයෝ ඇවිත් කඩ්ඩෙ දෝසෙ පාසල් මවුට පවරලා,...අනේ මන්දා මොන ඉස්ට්‍රෙස් එකක්ද මේ බොග් කෙරුවාව?

      ඉතිං ආන්ඩු කොරන කොට ඊට වඩාමොනතරම් ඉස්ට්‍රෙස් එකක් ඇත්ද අම්මප?
      රේසිස්ට් අතේ ගහං දොයියන්න කො වෙලේ සුදෝ!

      Delete
  4. පාලනය කොහොම උනත් කෙලවෙන්නේ පොඩි ඒකාටමය....!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් ළෝක නීතියනේ... එතනින් ඉහළට එන්නයි ට්‍රයි කරන්න ඕන...

      Delete
  5. අම්මට සිරි රටේ පොලිසිය කියන්නේ අමුතු ආයතනයක් නෙමේ.සුදාගේ කතාව සුද්ධ කරන්න කලින් පොලිසිය හරි ඇමතිකෙනෙක් යටතට පත් කොරන්න ඕනේ.ජෝන් වගේ පිස්සු පොරක් එක්ක කොහොමද පොලිසියෙන් සාධාරණයක්,හරි සේවයක් බලාපොරොත්තු වෙන්නේ.?

    යහපලනේත්,රාජපාලනේට දෙවනි නැති හැඩයි දැන්නම්.

    ReplyDelete
    Replies
    1. මේක හරියන දීගයක් නෙමෙයි.. ගෑණියි මිනිහයි දෙන්නටම සැකයි.. සැකේ පුළුන් ගහගෙන තමයි නවතින්නේ..

      Delete
  6. කුඩු පොඩ්ඩක් ගහන්නෙ නැතුව මේ වෙන දේවල් තේරුම් ගන්න අමාරුයි මචෝ.ඒ නිසා එහම කරල පේන දේ ගැන තව පෝස්ට් එකක් ලියපං.

    ReplyDelete
    Replies
    1. ඒකත් මම දෙසරයක් විතර ගහලා තියෙනවා.. ගහන උන් මොන රෙද්දකට ගහනවද මන්දා...

      Delete
    2. ආය මෙනවටද සුකුරැත්තං...කියන්න තියන එක කියනවා බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ මම කිව්වේ අර දෙසරයක් ටෙස්ට් කරපු එක ගැන

      Delete
    3. මාතලන් ඇත්තටම කුඩු කියල
      ගැහුවේ,
      පැනඩෝල් කුඩු.
      උඹට කොයින්ද මාතලන්?
      "රියල් බ්‍රවුන් ශුගර්"
      දැන් හික්කා පැත්තේ ගියේ නැද්ද කාලෙකින්?
      ගාල්ලේ හොඳම වයිට් ශුගර් ඩීල් කරන්නේ හික්කඩුවේ... අරන් ගහපන් මාතලන්
      මොලේ ප්‍රකෘතිමත් එවුන්ට ලංකාවේ
      ජීවිතේ හරිම දුෂ්කරයි සහෝ
      ඉතින් අපි කුඩුවෙන්න කුඩු ගහමු.
      (හොයල බලල ශෝක් ගවේෂණාත්මක වාර්තාවක් දෙන්නම් මොරටුව කැම්පස් ආශ්‍රිතව කුඩු ලයිෆ් එක ගැන)

      Delete
  7. /* ඒ යකා නම් 72 ක් වමාරලා තියෙනවාය. */

    එතකොට දුමින්ද දවස් තුන හතරක් තිස්සේ වමාරපු නං ලිස්ට් එක? ඒ ලයිස්තුවේ, දුමින්ද ඒ කාලේ හිටිය යුඇම්පී එකේ ලොක්කන් ගේ නම් පවා තියෙනවාය කියා ගොසිප් එකක් දැක්කා!

    ReplyDelete
    Replies
    1. දුමින්ද දවස් තුනම කියලා තියෙන්නේ "මට මතක නෑ" කියලා විතරලු..

      Delete
  8. Maathaln lokka Ranilta kade yanwa

    Oka yata inne Ranila .

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ට එපා රන් සකු. මාතලන් වැඩ කරන්නෙ විනය තකා මිසක් පඩි තකා වත් ,පට්ටම් තකා වත් නෙවෙයි. මේ වචන අනිත් පැත්ත ගහනව නෙමෙයි.

      Delete
  9. පොලිස් ලොක්කන්ට අන්තිමට දෙකට නැවිලා තමන්ගේම කිරිජ්ජපල්ල තමයි අල්ලගන්න වෙන්නේ.

    කුඩු කේස් එක වගේම බරපතල තව එකක් තියනවා. ඒ තමයි ගෝටාභය මොන බලයක් හෝ අවසරයක් ඇතුවද පුද්ගලික ආරක්ෂක සමාගමකට, ආරක්ෂක හමුදා පාවිච්චි කරන ආකාරයේ, සම්පූර්ණ ස්වයංක්‍රීය ගිනි අවි ලබා දුන්නේ කියන එක. ඔහුව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි. අමාත්‍යංශ ලේකම් කෙනෙකුට එහෙම බලතල නැහැ.

    එතකොට වර්තමාන ආණ්ඩුව මෙන්න මෙව්වා අමතක කරන්නද හදන්නේ

    https://www.youtube.com/watch?v=o21koHAm6vY

    ReplyDelete
    Replies
    1. // ඔහුව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි. අමාත්‍යංශ ලේකම් කෙනෙකුට එහෙම බලතල නැහැ. //

      ඔහු ව අත් අඩංගුවට ගන්නේ නැත්තේ ඔහුට ඇති බයට වෙන්න ඇති නේද??

      Delete
    2. පිංවතුනි .. බලාගන්න .. තවමත් පවස සං නොසිඳුණු ලේ මාපිලෙක්

      Delete
    3. vicharaka mahathmaya Policiya or army eka wewa karanne rate nayakaya kiyana de..

      Mahindata athka ussanna UNP eke ekekwath na. mama meka meeta kalinuth kiwwa.
      UNP eke Inna okkotama Mahinda help karala thiyeawa .
      Ranil lokkata kela wenna giya hama parama bera gate mahinda .\

      e waegma amathaka karanna epa kalayak Dumiyata kiwwe ranilge kola kiyala

      oya wage dewal walata UNP Sri lnka kiyala bedayak na.

      Delete
    4. කිරිජ්ජපල්ල අල්ලගෙන බේරෙන්න පුළුවන් උනොත් ළොකු දෙයක්... මචෝ...

      Delete
    5. දුමින්ද කියන්නෙ රනිල්ගෙ ගල් හිච් එකක්.

      Delete
  10. ආන්ඩුව ඔබලාගේය....

    දුමින්ද ඔබලාගේ ආන්ඩුවේ අගමැති තුමා විසින් නාම යෝජනා දී දේශපාලනයට ගෙන ආ අයෙකි.

    දැන් ඔහු ඔබලාගේ ජනාදිපති හිටං ගේ පක්සයේ මන්ත්‍රී තුමෙකි. හිටපු අදීක්සන බුවෙක් නිසා වාහන දෙකක් ම ලබන්නෙකි. ....

    ලැජාව නැති හිටං දුමින්දව සිරි ලංකා පක්සෙන් වත් එලවීමට පියවර ගන්නේ නැත...

    අපි ට හිනාය!

    ReplyDelete
    Replies
    1. අපිටත් හිනා මචං...

      Delete
    2. මාතලන් ට අපේස්ස බංගත්තෙ ලොකු එක හැදිල.

      මට පව් බොල කියල හිතෙනව.

      Delete
  11. ඇනෝලා දාන කුනුහබ්බ වලට බයවෙන්ට මොකැ මාතා ඕවා නොදන්න එකෙක්යැ.... හැබැයි ඉතින් පරම්පරාවම ගාවා ගත්තොත් සුදු වෑන් එකක්ම යවපන් මතෙ............

    ReplyDelete
    Replies
    1. අපෝ... නොම්මර එකෙන්ම දන්නවා..

      Delete
    2. ඇනෝ කොහොමද , අනිත් ඇනෝලා කුනුහබ්බ දාන බව දන්නෙ? මේ බ්ලොග් එකේ විශේෂත්වය තමයි, මාතලන් නමිනුයි, ඇනෝ වශයෙනුයි දෙකෙන්ම කමෙන්ට් කිරීම.

      ඇත්තටම අප බලාපොරොත්තු වූ වෙනස මෙයයි.ආන්ඩුවයි විපක්ශයයි දෙකම මාතලන්.හරියට අපේ පාර්ලිමේන්තුව වගේ.

      Delete
    3. මාතා කෙන්ජිට කියල තිබුනා ඇනෝිලා කියන කුනු කතා නිසයි ඇනෝ අයින් කලේ කියල. ඒකෙන් තමා දැන ගත්තේ. වෙන ඇනා්ලා ගැන මම දන්නෙ නැ ඒත් මේ ඇනෝ මාතා නෙවී.

      Delete
    4. සැක කරන්ට පුළුවන් ලංකා සිතු ඒත් කාටවත් නිකරුනේ චෝදනා කරන්ට එපා බං....... මොකද මාතා ආයෙ ඇනෝලා වැහුවොත් මාතව විවේචනය කරන්ටවත් ඇනෝලට බැරි වෙනව

      අපි ඇනෝලගෙන් ලොග් වෙන්නෙ ඇනෝ තරම්වත් අපේ නම් පුරසිද්ද නැති නිසා බං

      අපේ නමින් ලිවුවොත් ඉන්ටපෝල් එකටවත් අපිව හොයාගන්න බැ මාතට තියා.......

      ඇනෝල හොරු නෙවී. වැරැද්දක් මිසක් නිකන් විවේචනය කරන්නැ....

      Delete
  12. හොරු සමග හෙළුවෙන්..කියල රන්ජාම කිව්වනෙ..ආයිත් මොනවා කියන්නද ?

    ReplyDelete
    Replies
    1. පොලීසියේ උන්ට කොන්දක් නැද්ද.. නීතිපතිට පුළුවන් නම් රෙජීම් එකේ ඔක්කෝම ඉන්න තැන මිනිහෙක් වගේ ඉන්න. මේ දෙපාර්තමේන්තුවේ කොන්දක් තියේ එකෙක් නැද්ද..

      Delete
  13. කියෙව්ව. නමුත් කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතාගෙන හිටියනම් තාමත් ඉන්නේ මහින්ද මහත්තයා...

      Delete
  14. බුදු හාමුදුරුවෝ වැඩ හිටි ජේතවනාරාමයට අල්ලපු වැටේ ඌරො මරන තැනක් තිබුනලු. ඔයා මුලින් දාපු පින්තූරෙ දැක්කාම මට මතක් වුනේ ඒක.
    කුඩු බිස්නස් එකත් හරියට ගනිකා වෘත්තිය වගේ නේද වින්දිතයෙක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ පින්තූරේ දැක්ක්ම මතක් උනේ.. බුදු හාමුදුරුවන්ටත් අගසව් දෙනමක් උන්නා නේද කියලා..

      Delete
  15. සහසික අපරාධකරුවන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හට ලබා දෙන ලොකුම දඬුවම.

    පැය ගනන් ඔවුව ප්‍රශ්ණ කිරීමට භාජනය කිරීම හෝ පැය ගනන් ඔහුන් සමඟ සාකච්ඡා කිරීමය.

    මේ දඬුවම මඟින් සැලකියයුතු තරමින් සහසික අපරාධකරුවන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්ධනය වන බව සහ, ඔහුන් තමන් කළ වරදට දැඩි සිත් තැවුලට පත්ව සිය වරැදි අත්හරින බව මෙම ආණ්ඩුව විසින් සොයා ගෙන ඇත. මීට සමගාමීව පසුගිය ආණ්ඩුවේ සොයා ගැනීම වූයේ "මට මතකනෑ" කියා වෛද්‍ය සහතික නිර්මාණය කිරීමය.

    කෙසේ නමුත්, සුළු පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයන් සහ සුළු අපරාධකරුවන් සඳහා අධිකරණ මට්ටමෙන් දිය හැකි උපරිම දඬුවම (අවශ්‍යනම් මරණ දඬුවම) ලබා දෙන බවත්, ඊට හේතුව ඔහුන්ට එම දඬුවම් ලබා නොදුන්නොත් මහා පරිමාණ අපරාධකරුවන් හෙළිවී ඔහුන්ව සි අයි ඩී යෙන් ප්‍රශ්ණ කරවන මට්ටමට වැටීම නවතා දැමීමටයි.

    ReplyDelete
    Replies
    1. මාර යහ පාළණයක් නේ... මේ කොමෙන්ට් එක පට්ට...

      Delete
  16. ඔන්න වෙලේ සුදා කුඩු ඇද්දේ කන්ටේනර් වලින් නොවේ. ට්‍රැක්ටර් වලින්..........

    ReplyDelete
    Replies
    1. පව් අප්පා දුප්පත් කුඩු කාරයෙක්...

      Delete
  17. Replies
    1. එසේම වේවා... හික්ස්.. ඊයේ මතක් උනා...

      Delete
    2. VX අමුර්තෙ වාගෙ !!
      ඕ යේස් එකෙන්ම

      Delete
    3. VX සාදර අනුග්‍රහය අප රියුදුරු චෙෆාකි මහතාගෙනි..

      ටෑන්ක්ස් පෝ ඇවරිතින්ග්.. ඉස්පෙසොලි පෝ මයි පෙවරිට් ඩිස්...

      Delete
    4. තවම නිකන් පාවෙනවා වගේ..
      බුලත්විට එක්ක ඇපල් කැවා එනකොට මගදි නැද්ද මචං සී. ඡේ?

      Delete
  18. Aththa thamayi.Mun serama apiwa gonata andawanawa!

    ReplyDelete
    Replies
    1. සුද්දා ගිය දවසේ ඉඳලා වෙන්නේ ඒක තමයි...

      Delete
  19. දුමින්ද සිල්වා අයිති වෙන්නෙ හයිපයි එජාප සමාජ තීරුවට. දුමින්ද ආණ්ඩුවට යවලා රෙඩියො ලයිසන් එක බෙරගත්තට දුමින්දගෙ අයියා එජාපෙ එක්ක තියෙන සම්බන්ධකම් ඔක්කොම නවත්තන්න තරම් මොඩ වෙන්න බෑ. පොලීසිය දවසට පැය ගානක් දුමින්දගෙන් ප්‍රශ්න අසා මුදා හරින්නෙ වෙන මොකටවත් නෙවෙ ගොඨාව මොකකට හරි අල්ලලා දුමින්දව නිදහස් කරන්න පුලුවන්ද බලන්න.

    ඔය මුකුත් නොදන්න, හිතෙන් එජාප හයිපයි තීරුවට අයිති වෙන, එහෙත් එජාප ලොක්කන්ගෙ දෑසින් බයි තීරුවට අයිති වෙන එවුන්ට හරි පුදුමයි මෙවට. අපිනම් කුරුදුවත්තෙ යහපාලනය ගැන හොදට දන්නවා.

    ReplyDelete
    Replies
    1. මගේ සමාජ තීරුව මම හොඳට දන්නවා.. ඒ ගැන මම ලියලත් තියෙනවා.. හැබයි ඒ පන්තිය.. ඔහේ වගේ බයියන්ගේ පන්තියට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නේ..

      කොහොමත් කුරුඳුවත්තේ පාළණේ ගම් බයියන්ගේ පාළණේට වඩා කෝටි ගුණයක් හොඳයි..
      නමුත් පරම්පරා ගනන් ආන්ඩු කරාම සමාජයේ තරුණ පරපුරට ඒ දේවල් පේන්නේ නෑ..
      එහෙම අතීතයක් නොදන්න ගොබ්බ බයියෙක්ගේ කොමෙන්ට් එකක් මේ..

      Delete
    2. // අර ඇලි පෙනුම තියන ගොඩක් මහත කෙනාද මාතලන් කියන්නේ.?//

      නෑ ඕයී....,ඒ පාටියට මසට ගෙනා ඌරු තඩියෙක්....,ඇලි ඌරෙක්....! ඒ ඇලි පෙනුම නිසා ඌ හිතනවා ඌ සුද්දෙක් වගේ කියලා

      Delete
  20. කුඩු ගැනනම් කතා කරලා වැඩක් නැහැ මාතේ.
    එක වතාවක්වත් බොන්න ලැබුනේ නැති ජාතියක් කියල විතරයි මට ඒ ගැන කියන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ළොකු දෙයක් ළොකු පුතේ...

      Delete
  21. ඔහොම එකෙක් අල්ලගත්තම ඉස්සර නං උගේ දෙක ලාච්චුවට දාල වහනවලු. දැන් මට නං හිතෙන්නෙ සුදා පැත්තක ඉද්දි පොලිස් කාරයෝ අපරාධ පරීක්ෂණ මෙව්වා එකේ මේස වල ලාච්චු වලට උන්ගේ එව්ව දාල වහගෙන ඉන්නෙ. එතකොට කොහොමද හොරු, කුඩ්ඩො අල්ලන්නේ. කොහෙවත් යන්න පුළුවන් යැ..

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එක බං වෙන කියන්න දෙයක් නෑ.. සර් කොයි ලාච්චුවටද දාගන්න ඕන කියලා අහනවත් ඇති...

      Delete
  22. පාටලී රට ගිය හැටි දැක්කයි මාතලං? පොද්දල්ගොඩ ඒබරං උන්දෑ පිං හාල් ඉල්ලන්න එන්නෙ ඕන්න ඔය යුනිෆෝම් එක ගහගෙන.අම්මපා අර වාගෙම බෑග් එකකුත් තිබුනා.

    කොහොමද හැබෑට, එලයිමන්ට් අප්සෙට් ගියපු,විරවිච්ච,කුදු ගැහුනු,අවුරුද්දකට සැරයක් වත් සීරුවෙන් ඉන්න බැරි,( මයිත්‍රී )කතා කරන ගමන් ඇහැක් ගහලා වහු පැටියා වාගෙ බෙල්ල ගස්සන( රාජිත )වගේ ජාති ටිකක්ම මේ ආන්ඩුව හදන්න එකතු කරගත්තෙ?
    ඊලඟට සිරිපාල..!

    අය්යෝ කට්ටිය හෙනම කැතයි අනේ.

    ReplyDelete
    Replies
    1. අකුරු පුළුවන් ළදරුවකුගේ කොමෙන්ටුවක්...

      Delete
    2. මූ කියන විදිහට කුඩු දුමින්දයා තමයි ජනාධිපති කමට සුදුසු ඌ ඉන්නවානෙ ඌරෙක් වගේ..

      Delete
  23. අහිංසක දුමියව මේකට පටලවන්න මේ බ්ලොග් කාරයෝ දඟලන දැඟලිල්ලක් , අම්මපා මාතලන් අනර්කලීගෙන් පගාව අරගෙනද දන්නේ නෑ ..:P.

    ඇයි අපි නොදන්නවා වගේ අපේ රටේ පාලකයොන්ගෙන් යුක්තිය ඉටුවෙනකම් බලන් ඉන්නේ ?
    ඊකත් නිකං වැස්ස නැති වෙලාවට රියර් වයිපරේ දාගෙන වහිනකන් බලන් ඉන්නවා වගේ වැඩක් :D , නැද්ද ප්‍රා :D

    ReplyDelete
    Replies
    1. මේවා නම් චොකා බයිලා කියලා හොඳටෝම දන්නවා... මගේ බලාපොරොත්තු දෙකම ඉටුවෙලා ඉවරයි... මේ බෝනස් ඉල්ලනවා...

      පස්සෙන් ප්‍රා වගේ එකෙක් එද්දි වයිපරේ දාගෙන යන එක කොහොමත් ඇඟට හොඳයි...

      Delete
    2. මං 70 ට යන පාරවල් වල 80 ට යන එක මොකක්ද අනිත් අයගෙ ඉක්මන බැලුවහම.
      1. ඉවාන් කලුවර වෙන්න ඉස්සෙල්ල හෙඩ්ලයිටුත් වහින්න ඉස්සෙල්ල වයිපරුත් දානව
      2. බ්‍රා මෙන්ඩිස් බොන්න ඉස්සෙල්ල වෙරි වෙනව
      3. පත්තරේ වයිෆ් බනින්නත් ඉස්සෙල්ල බය වෙනව
      4. මාතලන් හැමදාම තරහ එන්නත් කලින් බනිනව

      Delete
    3. 5. සුදික අයියා සිංදුව පටන් ගන්න ඉස්සර හැදි වලට තට්ටු කරනවා
      6. අටමා සෝඩා ඉවරවෙන්න කලින් සෝඩා ගෙන්න කඩේ යනවා
      7. සී.ඡේ ගෙදර අයිතිකාරයෝ නැගිටින්න කලින් කූකුලා අතේ අරන් පාටි වලට එනවා.

      Delete
  24. කවුරු කොහොම වෙනස් උනත් පොලීසියනම් එහෙමමද මන්දා.. කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. කවුරුවත් වෙනස් වෙලා නෑ නේද....?

      Delete
  25. මාතලන් මමත් අද එකක් ලිව්වා නිතිය ගැන. පොලිසියව පහුගිය අවුරුදු විස්ස තිහ කලේ ඉඳන්ම පුරුදු කරලා තියෙන්නේ කුක්කන් ලෙස වැඩ කරන්න. ස්වාධීනව හොරු අල්ලන්න නෙමෙයි. අනික ලංකාව වගේ දුෂණයෙන් ඉහ වහ ගිය රටක ...

    ReplyDelete
    Replies
    1. කුක්කන් ලෙස දේශපාලුවන් ඉදිරියේ..
      සිංහයන් ලෙස අහිංසකයින් හමුවේ...

      Delete
  26. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. දුමින්ද සිල්වාට හැමෝම කුඩු දුමිය කියන්නේ ඇයි ? කවදද එයාව කුඩු වලට අල්ලලා හිරේ දාල තියෙන්නේ? ඕක නිකන් කට කතාවක් වෙන්න බැරිද? කලින් UNP එකේනේ හිටියේ. එතකොට ඕව දැනගෙන හිටියේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කෝම පට්ට පල් බොරු නේ... කලිනුත් කරන්න ඇති.. ඒත් රජයේ ව්‍යාපාරයක් හැටියට නම් නෙමෙයි..

      Delete
    2. දොන් ජුවන් අවුරුදු 2ක් රටපාලනය කරද්දී දුමියා කුඩු විකුනපු එක නවත්තන්න ඇති මගෙ හිතෙ. ඊලගෙ චන්දෙට දුමියගෙ අයියා මුන්ගෙ පක්ශෙන් චන්දෙට ආවොත් මූ කියයි දුමියා කුඩ්ඩා උනාට අයියා ඕවට නැති හරි හොද ජෙන්ටල්මන් කියලා.

      Delete
    3. මහින්දත් හරි හොඳයි අනේ.. ගෝඨත් එහෙමයි.. නාමලු.. නාමලක් වගේම පිරිසිඳුයි.. කුඩු කේස් තියෙන්නේ දුමියට විතරයි..

      කුඩු ලන්සා බදා ගනා රජවරුන්ට කියන නම් මොකක්ද දන්නේ නෑ..

      දොන් ජුවන් කිව්වේ මහින්ද රාජපක්ෂ වෙන්න ඇති..

      චීනට මාර දීමක් නේ දුන්නේ..

      Delete
    4. මෙ නූගත් වෙන්ඩ පොශ් ටොයියන්ට මොල පාදන්න හදන්නෙ නැතුව ඉදපල්ලා. මුන් හිතන්න ලොකෙ වෙගෙන්ම දියුනු වෙන රටක් එක්ක කරන ආර්ථික සම්බන්ධදා සහ ත්‍රස්තවාදි/බෙදුම්වාදී සන්විධානයක් සමග ගිවිසුම් ගසා මායිම් ලකුනු කරදීම එක වගෙ ක්‍රියා දෙකක් කියලා. නූගත් එහෙත් සල්ලිකාර ටොයි පන්තිය කියන්නෙ නිවටයො පිරිසක්. මුන් හිතන්නෙ බටහිර රටවල් දෙන නියොගයක් පිලිපැදගෙන ඔහෙ ඉන්න එක හරි දියුනු ලක්ශනයක් කියලා. මුන්ටනෙ ධර්මපාලතුමා කලු සුද්දො කිව්වෙ.

      Delete
    5. මූට කලු සුද්දා කියන්න එපා. සන්තොසෙට පපුවෙ අමාරුවක්වත් හැදෙයි.

      Delete
    6. අනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..

      එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..

      පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..

      Delete
    7. අනගාරික ධර්මපාල? එක්කො ඕනෙ නෑ මුකුත් නොකියම ඉන්නම්කො

      Delete
    8. //මූට කලු සුද්දා කියන්න එපා. සන්තොසෙට පපුවෙ අමාරුවක්වත් හැදෙයි.//

      කලු සුද්දා නෙමෙයි බං ඇලි සුද්දා..!

      Delete
    9. අනගාරික ධර්මපාල තුමා හිටපු කලේ ඔහුගේ අවශ්‍යතාවයක් තිබුන. 1864 .කාලෙ හා ඊට පසුව රට යටත් වී තිබුනේ අඅධිරාජ්‍යයකට. ඒ නිසා ඔහුගේ භූමිකාව එදා සාධාරණයි. ඔහු කියපු ඇතැම් කතා අන්තවාදී විය හැකියි. ඉංග්‍රීසින්ගේ බෙදා වෙන් කිරීමේ පාලනයට ඔහු දුන් පිළිතුරු තමා ඒ. ඒ දවස්වල වාමාංශයක් නැති නිසා ඒ අඩුව ඔහු විසින් පිරවීම වරදක් කියා කිව නොහැකියි. එදා ඒක රැඩිකල්. ප්‍රශ්නය වන්නේ ඒ තත්වය අද නොමැති වීම තුල අනගාරික ධර්මපාල තුමා ගෞරවයෙන් මතක් කර මතක බණක් පිලි ගැන්වීම හැර ඒ අදහස් අදටත් වලංගු යයි සිතීමයි. දැන් තත්වය වෙනස්.

      Delete
    10. පිස්සුද යුරොපා අධිරාජ්යවාදීන් ලොකෙන් බාගයක විතර ලෙ හලලා හදා ගත්තු ලොක ක්‍රමය හොදයි. වෙල්ලස්ස සමූලඝාතනය කිරීම හරි පොශ්. ලන්කාවෙ අන්තිම රජතුමා කූඩුවක මහජන ප්‍රදර්ශනයට තියලා, රටෙන් පිටුවහල් කරලා, විදෙශයක හිර ගෙයක මරණයට පත් කිරීම යහපාලනය. රටෙ නිදහස වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරපු අනගාරික ධර්මපාල පිස්සෙක්.

      අමු බයියෙක් තමන්ගෙ පක්ශෙට ගැලපෙන්න කියලා තම උරුමය නැති කරගත්තම ඔන්න ඔය වගෙ දෙවල් තමයි හිතෙන්නෙ.

      Delete
  27. අපි හොරා පොළිස් සෙල්ලම කරන කාලෙ අපේ කළු ගාමිනිය හොරා වුනහම අපි ඌව අල්ලන්න බයයි. කාටවත් පේන්නෙ නැති තැනකදි ඌ අහුවුනොත් උෟ අපේ ඇට මිරිකල බඩට ඇනල එළවලා දානව.

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙත් ඒ වගේම ගේමක් තමයි යන්නේ...

      Delete
  28. පොඩි ට්‍රිප් එකකට පස්සෙ ආවෙ මාතෙ. ගියපාර එකට මොකුත් කියන්න බැරිවුනේ ඒ නිසා.
    ඔය හොරා පොලිස් සෙල්ලමේ දානවා නේද පොලිස් ගැටේ කියලා එකක්? එතනදි එකම විකල්පය හැකි විදිහට පොලිස් කාරයාව කිචිකවන එක. මේ වෙන්නෙත් ඒකෙද?

    ReplyDelete
    Replies
    1. අඩෝ මදාවියා ..ලියපිය ඉක්මනට සම්බාහිය කයියක්

      Delete
    2. ඉටපිය පොඩ්ඩක්...(හෙට (19) එළිවෙනකං)

      Delete
    3. මේක වෙනස්.. මෙතනදි පොලීසියම කිචි කවා ගන්නවා...

      Delete
  29. සිගරට් පැකට් එකට ඉස්සර කුඩු නැත්තටම නැති කරලා දාන්න ඔනේ..
    කුඩු බොන යාලුවෝ (සික් කාරයෝ) දෙතුන් දෙනෙක් එක්ක කතා කරලා තියනවා උන් පව් අයියන්ඩි ගොඩක් උන් දැන් බොන්නෙ ආතල් එකට නෙමෙයි කරන්න දෙයක් නැතිකමට..

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියා, අපි පොඩි ළමයි , එල ද බ්‍රා

      Delete
    2. මාතවාන් පවුලූශා

      Delete
    3. පවුතවාන් මවුලූශා...

      Delete
    4. දැන් එහම නෑ අපි කිරිත් එක්ක සමහන් බොනවා...බුලත්විට එක්ක ඇපල් කනවා.

      Delete
    5. එතන සෙට් වෙච්ච සෙට් වීමට.. වචනෙකින් දෙකකින් කොහොමද නේ මෙනඩා ෂේප් වෙන්නේ..

      Delete
  30. මාත, ඔය වෙලේ සුදා කියන්නෙ මෙන්න මේ වැල්ලවත්ත දිහාවෙ ඇලක් සුද්ද කරත්දි ගල්කිස්සෙ මඩ වලකට ගෙනත් අතෑරපු පවුල් කිහිපයෙන් එකක හිටපු, ජීවිතේ පොළොවෙන් නෙමෙයි මඩෙන් පටන් ගත්තු එකෙක්. ඌ කුඩු විකුණල හරි ඔය තත්වෙට ආවෙ යම් හැකියාවක් නිසා, නමුත් මිනිහට කුඩු වෙනුවට අර ධම්මිකට වගේ සල්ලි පොළියට දෙන්න ලැබුනනං මුල ඉඳලම, අද කොහොම වෙයිද!

    ජහ පාලනේ ආන්ඩුවෙ රනිල් ගොය්යල දුමින්දගෙ කුඩු කෑවෙ මහ්න්දටත් කලින්නෙ. ඒ හ්න්ද එහෙම ලේසියෙන් දුමිය ගස් යවන්නෙ නෑ, අර කවුද උඩ කිව්ව වගේ බලන්නෙ ඔය අස්සෙන් ගෝඨට කෙලින්න ක්‍රමයක් හොයන්න.

    අපි හරි යහ පාලනයක් හොයනවනම්, දැම්ම ඉඳල සෙට්වෙමු එන පාර්ලිමේන්තු ඡන්දෙදි මේ හොරු වෙනුවට සාපේක්ෂව හොඳ ශ අළුත් උන් ටිකක් එකතු කරන්න!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නෙමෙයි කොයි රටෙත් පාතාලයක් තියෙනවා.. නමුත් රාජ්‍ය අනුග්‍රහගෙන් පාතලයක් තියෙන්නේ අපේ රටේ විතරක් වෙන්න ඇති. අගමැතිත් කුඩු ගේනවා කිව්වම් තව මොන කතාද. අනිත් දේ තමයි පාතාලේ උන් පාර්ලිමේන්තුවේ සිටීම..

      Delete
  31. පහල වෙලේ ඇලේ
    මම මලක් ගහන වෙලේ
    සුදා ඇවිත් අහපි මගෙන්
    මොකද බොලේ කලේ

    සුදෝ උඹට මොකෝ
    මම මලක් ගහන කොට
    වැඩිය පාට් දම්මෝතින්
    කපනව උඹෙ කට

    අඩෙ එහෙම කියන්නෙපා
    අපි පුවක් නෙ එක වල්ලේ
    උඹ මල ගහනව කිව්වම
    මගෙ මල පනිනව වැල්ලේ

    හොර-කං කරන්නකෝ
    කුඩු උරන්නකෝ
    චන්දෙ දෙන්නකෝ
    අපි රකින්නකෝ..

    දවස් 5කිං වෙලකට බැස්සේ.. තාම මඥ්ඥං වගේ..

    ReplyDelete
    Replies
    1. යතා තත්වෙට පත් උනාම එන්නකෝ එහෙනම්..

      Delete
  32. අපේ ගෙවල් පැත්තේ කොල්ලෙකුත් කුඩු ගහල ඉද්දි සර්පයෙක් කාලා දැන් අයි.සි.යූ.
    බුවා සර්පයා කාලා ඉද්දි යාලුවොන්ට මැසේජ් යව යව ඉඳල උට පොළඟ කෑවා කියල. පස්සේ වෙන එකෙක් තමා ඌ හොස්පිටල් එක්කෙගෙන ගිහිං තියෙන්නේ. අපේ ගමට කුඩු ආව කියන්නේ ආයි කුඩු නැති පැත්තක් හොයාගන්න වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කොහේද බං කුඩු නැත්තේ.. යාපනෙත් තියෙනවා.. ප්‍රභාකරන් හිටියනම් කුඩු ගහන උන් කුඩු..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න