.

.

May 17, 2010

ස්ටඩ් බුල් - Stud Bull

.

මහත්තයෙකුට නුවර-එළිය පැත්තෙ තරමක් ලොකු ෆාම් එකක් තිබුනා. මහත්තය ඉන්නෙ කොළඹ නිසා මැනේජර් මහත්තයෙක් එහෙම පත් කරල තිබුනේ.

ඉන්න ස්ටඩ් බුල් වයස නිසා, අළුත් එකෙක් ගේමූ කියන මැනේජර්ගෙ යෝජනාව අනුව එදාම අළුත් ස්ටඩ් කෙනෙක් ගෙනාවා.

ඊට පස්සෙ සුමානේ ෆාම් එකට ගියපු මහත්තය..

"කොහොමද මැනේජර් මහත්තය අපේ අළුත් ස්ටඩ්..?"

"කිසිම වැඩක් නෑ සර්, ඔහේ තණකොළ කකා ඉන්නව විතරයි, වැස්සියෙක් දිහා බලන්නෙවත් නෑ.."

"ම්.... ඒකත් එහෙමද..? ඇයි වෙටරන්ට කිව්වෙ නැත්තේ, එයා මොනව හරි කරයි, හොඳයි මම යන ගමන් කියන්නම්කො..."

ඊට පස්සෙ සුමානේ...

 "මොකද වූනේ මැනේජර් මහත්තය...? වෙටරන් ආවද....?"

"ඔව් සර්, ආවා..."

"දැන් කොහොමද අපේ ස්ටඩ් ගේ තත්වේ...?"

"ආ...... මාර වැඩේනේ උනේ සර්.... ටැබ්ලට් වගයක් දුන්න, ටික වෙලාවයි ගියේ, එක වැස්සියෙකුට ඉන්න දෙන්නෙ නෑ.... ඒ මදිවට.. වැටත් කඩාගෙන අනිත් ෆාම් වලට පැනල එවල උන්ට ඉන්න දෙන්නෙත් නෑ...."

"නෑ.............. මාර ටැබ්ලට් එකක් නේ.... මොකක්ද මැනෙජර් මහත්තය ඔය ටැබ්ලට් එක...?"

"නමනං කියන්න දන්නෙ නෑ සර්......."

"හැබයි "චෙස්ටො" රසමයි එන්නෙ......."

ප: ලි:
ස්ටඩ් ගේ රාජකාරිය දැනගත්තු සර් ජෝන් ප්‍රාර්ථනා කලාලූ "ලබන ආත්මේ මා ස්ටඩ් කෙනෙක් වී ඉපදේවා" කියල.

9 comments:

  1. කොහෙන්ද අප්පා මේ වගේ රස කතා ගලාගෙන එන්නෙ. බිපෙසි( බිම පෙරලී සිනාසෙමි )
    මැනේජර්ගෙ ගෙදර උදවිය සනීපෙන් ඉන්නවද දන්නෙ නෑ......

    ReplyDelete
  2. නෝනට බබෙක් හම්බ වෙන්නයි කියල ආරංචිය

    ReplyDelete
    Replies
    1. වෙටරන් කියන්නෙ ඕනෑම ක්ශේත්‍රයක ප්‍රවීනයෙකුට මිසක් වෙටෙරිනරි සර්ජන් ට නෙමෙයි.

      Delete
  3. මරේ මරු :)

    මම අහලා තීයෙන විදිහට අයියා සර් ජෝන් බලන්න ගිය ෆාම් එකේ හරකුන්ව නාවන්න කන්න දෙන්න ආදී කටයුතුවලට ඉදලා තියෙන්නේ ලස්සන ගෑණු ළමයි.

    අන්තිමට කොහොමින් කොහොම හරි සර් ජෝන් කිව්වාලුනේ මාත් මේ වගේ ෆාම් එකක හරකෙක් වුනා නම් කියලා.

    පහු වෙනිදා පත්තරේක කාටූන් එකකත් සර් ජෝන්ව හරකෙක් වගේ ඉන්නවා ඇඳලා තිබ්බාලු :)

    ReplyDelete
  4. @ හසිත...

    වෙන්න පුළුවන් මල්ලි.. මම අහපු කතාව තමයි ලීවේ... සර් ජොන් කියන්නෙ ප්‍රසිද්දියේ අන්තඃපුරයක් පවත්වා ගෙන ගියපු නියම කොල්ලෙක්..

    ReplyDelete
  5. එහෙම වෙන්නත් පුලුවන් අයියා.

    සර් ජෝන් කසාදයක් කාරියේ බැද ගත්තෙත් නැහැ කියනවනේ :) :) :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න