.

.

May 26, 2010

මෙත් මල් පිබිදේවා.....!!!!!!!

.
තොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ         වරෙල්ලා
බලුබ් දමපිය දනට දීපිය කොඩිත් ඇද පීකර්                      දමල්ලා
ඩෙනිම් ගහපිය කැප් දමාපිය ස්කිනී ගහගෙන මොඩ්      වෙයල්ලා
පාරේ නටපිය දෙකක් දාගෙන ප්‍රීතී වෙසඟක් ඇත             ඇවිල්ලා

දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර              වේවා
බයිල ගසනා පඬිවරුන්ගේ මොට්ට මොලයට නුවණ             ඒවා
මෝහයෙන් දන මුළා කරණා හොර සඟුන් දෙවියෝ          රකීවා
දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම           වේවා

පිනක් දහමක් කරගෙන බනක් දහමක් අසාගෙන නිවී සැනසී ඉන්න, මේ ටිකේ මම ගමේ යන්නෙයි කියල... ඉඩක් ලැබුනොත් මොන මොනව හරි ලියඤ්ඤං......

5 comments:

  1. patta . . .. patta kiyanne pattama patta . .. .

    ReplyDelete
  2. @ duka

    thanks diko...

    mama game inne. yaaluwekge gedara aapu gaman thanks kale

    ReplyDelete
  3. dheshapremaya kaala, jaathikaanuraagaya beela,chinthanaya balaagena swaynwindnaye yedena minissu inna rataka oya kawi kaata ahennada saho?

    ReplyDelete
  4. කියලා වැඩක් නැත මාතලෝ...!!!
    අපූරු අදහස් නෙව ඔහේට තියෙන්නෙ.
    දෙවෙනි එක සෙත් කවියක් වෙන්ඩ ඕනෙ මයෙ හිතේ...

    ReplyDelete
  5. @ ඉන්දික උපශාන්ත

    බලන කෙනෙක් බලයිනෙ... නැද්ද ගොයියෝ...
    බූන්දී එකේනම් මල පැනපු දෙන්නෙක් හිටිය...

    @ උන්නැහේ

    තෑන්ක්ස් ගොයියෝ... අනිවා... සෙත් කවියක් තමයි.. ඝන පියිටවල ලිව්වේ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න