.

.

.

.

May 16, 2010

සුදු කොඩි, කළු කොඩි, සිංහ කොඩි හා බඩ ගෙඩි.....

.

තම මවට හා උපන් රටට ආදරය කිරිම උතුම් දෙයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ. එහෙත් ලාංකිකයන් අවංකවම තම රටට ආදරය කරයිද? උත්තරය නැත යන්නයි. එසේ ආදරය කිරීමට තරම් බහුතර ජනතාවට, රටෙන් ආදරය ලැබී නැත. ජාතික දිනය දා ජාතික කොඩියක් ඔසවා තබන මෙන් ජනතාවගෙන් ආයාචනය කිරීමට සිඳුව ඇත්තේ එබැවිනි.

නමුත් ස්ව කැමැත්තෙන්ම තම ජාතික කොඩියට ගරුකල දිනයක් මෑතකදී උදාවිය. ඒ 2009 මැයි මස 18 වන දිනයි. පොලීසිය මඟින් තම නිවෙස්වල ජාතික කොඩිය ඔසවන ලෙස කරණ ලද අණකිරීම් පැහැර හැරි ජනතාව පවා, නිදහස යන හැඟීම නියමාකාරයෙන් තම සිත් තුල ජනිත වූ බැවින්, බේදයකින් තොරව ලාංකිකයන් ලෙස එක් ධජයක් යටට පැමිණියහ.

එහෙත් ඒ සතුට පැවතියේ කෙතරම් කලකටද? සටන් තිබූ කාලයටත් වඩා, ජිවත් වීමේ සටන අති දුෂ්කර තත්වයකට පත්ව ඇත. වීරයා සිර ගත කොට ඇත. (ඔහු, තමන් ගැන අධි තක්සේරුවකින් හා පුහු මමත්වයකින් සිටීනම් ඒ සඳහාද වගකිවයුත්තේ රජයයි. යුධ කළමණාකරනය හැර සොල්දාදුවන් මාධ්‍ය තුල හරඹ පෙන්වීමක කිසිම රටක අප දැක නැත. ඉතා විශේෂ අවස්ථාවලදී පමණක්, හමුදා මාධ්‍ය ප්‍රකශක අදහස් ප්‍රකාශ කරණු දැක ගත හැක.)

නමුත් සිඳු වූයේ එය නොවේ, යුද්ධය වාර්ථා කිරිමට ගිය මාධ්‍ය කරුවන් පවා වීරයන් කිරීමත්. මාධ්‍ය ප්‍රකාශ නිකුත් කල වුන්ද, කටින් බතල කොල සිට වූවන්ද, මුදල් වලට පක්ෂය පාවා දී ආන්ඩුවට එක්වූවන්ද, මෙකි නොකි සියල්ලන්ම විරුවන් බවට පත්වීමයි. (ජයග්‍රහණයට හිමිකරුවෝ බොහෝ ඇත.)

කිසිම දෙයක් නිසියාකාරව කල නොහැකි රජය නියමාකරයෙන් කල එකම කාර්යය 30 වසරක් පුරා පැවති යුද්ධය සහමුලින්ම නවතා දැමීමයි. එහි ගෞරවය ආරක්ෂක ලේකම් එම දූරයට පත්කල ජනාධිපතිටත්, හමුදාපති එම දූරයට පත් කල ආරක්ෂක ලේකම්ටත්, නිර්භීත නිලධාරින්ට උසස් වීම් ලබාදී කෙලින්ම සටන් බිමට යොමුකොට, සම්ප්‍රදායික යුධ උපක්‍රම පසෙකලා තමාගේම උපක්‍රම උපයෝගීකරගනිමින් සියලූම හමුදාවන්ට නායකත්වය දුන් හමුදාපතිටත්, සොල්දාදුවන්ටත් හිමිවිය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි.

ඒ අනුව පෙනී යන වැදගත්ම කාරණයනම්, මෙය සාර්ථක කණ්ඩායම් ප්‍රයත්නයක් බවයි. (Team Work). අනෙකුත් අංශවල මෙන්ම ජයග්‍රහනයෙන් පසු හමුදාවන් තුලද දක්නට නැති ගුණාංගයත් මෙයයි.

අප හට විවේචන කොතරම් තිබුනද, ලාංකිකයන් යනු ශ්‍රේෂ්ඨ ජාතියක් බව ලොවට පෙන්වූ එදා හදවතින්ම ජාතික කොඩියක් ගෙන ජයග්‍රහණය සැමරීම සඳහා එක්වූහ. එහෙත්, වසරකට පසුත් සමරණ උත්සවවලට, අරක්කූ බෝතලයට නටන හෙන්චයියන්ට හැර ජනතාවට අවංකව එක්විය හැකිද......?

5 comments:

  1. වෙලාවකට හරිම දුක හිතෙනවා අපේ රට ගැන. ඒක එහෙම වෙන්නේ / හිතෙන්නේ "හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම" කියලා හිතන රටින් පිට ගිය අපි වගේ අයට විතරක්ද . .

    ReplyDelete
  2. අපේ රටට සිද්ධ වෙන දේ ගැන ඇත්තටම අවබෝධ වෙන්න ගත්තෙ රටින් පිට උනාට පස්සෙ. ඇත්තටම රටට වෙන දේ ගැන නම් හරිම දුකයි.

    ReplyDelete
  3. සිංහල ජාතිය නම් කවදාවත් කිසිම දේකින් පාඩම් ඉගෙන ගන්නෙ නෑ. පුංචි පුංචි වාසි වලට කරන මහ ගොන්කම් නිසා තමයි හැමදාම මේ රට විනාශය කරා යොමුවුණේ.

    ReplyDelete
  4. " (ඔහු, තමන් ගැන අධි තක්සේරුවකින් හා පුහු මමත්වයකින් සිටීනම් ඒ සඳහාද වගකිවයුත්තේ රජයයි. යුධ කළමණාකරනය හැර සොල්දාදුවන් මාධ්‍ය තුල හරඹ පෙන්වීමක කිසිම රටක අප දැක නැත. ඉතා විශේෂ අවස්ථාවලදී පමණක්, හමුදා මාධ්‍ය ප්‍රකශක අදහස් ප්‍රකාශ කරණු දැක ගත හැක.)"

    Government was only responding to the claims made by the opposition that the Army Commander is not even suitable for the Salvation Army.

    For the same opposition he became more than enough for the executive presidency. So the leader of the Salvation army should be higher in rank than the executive presidency.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න