.

.

May 18, 2010

බොරතෙල් ආතල් - Mistry of Crude Oil

.
ලංකාවේ බුද්ධිමත් ජනතාව (හෙහ් හෙහ්) සිහින ලෝකවල ජීවත් වීමට ඉතා කැමතිය. ඉන්දියාවේ නම් මෙම කාර්යය, ජනතාව පැයක් දෙකක් තුල සිනමා ශාලා තුල රඳවමින්, එරට සිනමාකරුවන් විසින් ඉටු කරණු ලබයි.

සිහින දකින්නට කවුරුත් කැමතිය. එහෙයින් ගංජා උගුරක් බී සමහරුන් සිහින ලෝකවල සැරිසරයි. මෙමගින් කරනුයේ සුළු නිර්වින්දනයකි. එහෙත් හැමටම එය කළ නොහැකිය. ඇරත් එය නීතී විරෝධි කටයුත්තකි. එම හේතුව නිසාවත්දෝ එම කාර්යය අප හිතවත් දේශපාලුවන් විසින් සාර්ථකව සිරි ලංකවේ ක්‍රියාත්මක කරයි.

මේ නිර්වින්දනීකරණය විවිධ මුහුණුවලින් විවිධ කාලවලදී ජනතාව අත්විඳී. 56 දී දිව්‍ය ලෝකය පංච මහා බලවේගය තුලින් ලබා දෙන බව කී අය, මෙය අපායක් කොට, වෛද්‍ය කන්ඩායමේම සාමාජිකයකුගේ එන්නතකින් සදා කල් සිහින දැකීමට හියේය.

හාල් නොමිළේ එන්නත, දේශීය ආර්ථික එන්නත, ඇට අටේ එන්නත, ජනසවි එන්නත කලින් කල ජනතාවට ලබා දෙන ලදී. යුධ ෆෝබියාව දුරුකොට පාන් 3.50 එන්නත රැගෙන ආ වෛද්‍යවරිය එම එන්නතට අමතරව සිරි ලංකාවම බේබද්දන් කොට සාර්ථක නිර්වින්දණීකරනයක නිරතව සිටියදී. මැදමුලන සිට පැමිණි නාහෙට නාහන වෛද්‍යවරයකු එන්නතක් දී ඇයව අංශභාග තත්වයට පත් කරණ ලදි.

ඉන් පසු එම වෛද්‍යවරයා විසින් යුධ ෆෝබියාව, පෝලියෝ මෙන්, සහමුලින්ම නැතිකර දමා ජනතාවගේ සිත් සතන් සුවපත් කලද, ඔහුගේම කණ්ඩායමේ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ එය සහමුලින්ම තුරන් කර නැති බවකි.

ඔහු විසින් සොයාගන්නා ලද චින්තන එන්නත හා පංච බල එන්නත මේ වන විට සාර්ථකව ලබා දෙන අතර සාර්ථක පර්යේෂනයකින් පසු නවතම එන්නතක් සොයගෙන ඇත. එනම් බොර තෙල් එන්නතයි. මෙය අනෙකුත් එන්නත් වලට වඩා නිර්වින්දනය සඳහා සුදුසු බව ජන මත විචාරනවලින් පැහැදිලිව පෙනී යයි.

රාත්‍රී දේශපාලන ප්‍රහසනවලදී විපක්ෂයේ රෝගීන්ටද, පුවත් පත් සාකච්ඡාවලිදී ජඩමාධ්‍යවේදීන්ටද සාර්ථකව ලබා දෙන මෙය, අධ්‍යාපනය වැරදි එන්නතකින් මරාදමන ලද ගොඩ වෙදා විසින් තමන් සන්තක කරගැනීමට දරන ලද උත්සාහය ප්‍රධාන වෛද්‍යවරයා විසින් වලකන ලදි.
නැත්නම් ජනතාවට එන්නත ලබා දීම කෙසේ වෙතත් මහ මඟ වෙල වල් වල එන්නත තිබෙනු දැක බලා ගන්නට තිබින.

හදිසියේ හෝ තෙල් ලැබුනාමයයි සිතමු. එහෙත් මේ රටේ ගොනුන්ට නොතේරන දෙය නම් තෙලෙන් පමණක් රටක් ගොඩ ගත නොහැකි බවයි. තෙල් ස්ම්පත ලැබෙන බොහෝ රටවල් විශ්ලෙෂණය කර බැලීමේදී පැහැදිලිව පෙනී යන කරුණ නම්, පාලකයන් පිස්සු කෙලින රටවල ජනතාවට ලැබී ඇති සෙතක් නොමැති බවයි. ඒ සඳහා ලබා දිය හැකි හොඳම උදාහරණය නම් ඉරාකයයි. අද එරට ජනතාව උපන් බිමේම අසරණයන් බවට පත්ව ඇත.

එබැවින් බොරතෙල් ආතල් ගන්නෙ නැතුව ගංජා උගුරක් බී ආතල් ගන්නා මෙන් ඉල්ලා සිටිම්. එසේ කල නොහැකි අය පමණක් තවත් එන්නතක් පැමිණෙන තෙක් මෙම එන්නත ලබාගෙන ආතල් ගත්තාට අමනාපයක් නොමැත......

ප: ලි:

මා කුඩා කාලයේදී මැතිවරණ වේදීකාවකදි දේශපාලුවෙකු පැවසූවේ රත්නපුරයෙන් කැළණි ගඟ දිගේ පැමිණෙන මැනික් මෝදර මෝය කටේ හිරවී ඇති බවත්. තමා බලයට පැමිණි විගස ඒවා ගොඩගෙන මුලු ලංකවම ගොඩගන්නා බවත්ය. (කොහොමද කතන්දර අපේ කතන්දර මලය කියන්නෙ කතන්දරද කියල හිතෙනව නේ)

5 comments:

  1. කවුද බං අර මැණික් කතාව කියපු ගොබිල..

    ReplyDelete
  2. හැබෑටම මේ කතාවේ ඇත්තක් තියනවා... තෙල් හම්බවුනාය කියලා ඔක්කොම හරියන්නේ නැ තමා... තෙලුත් එක්ක අවුරුදු පහලොවක් විතර ගැවසෙන එකෙන් මටත් ටිකක් විතර එහෙම හිතෙනවා... පහසුවෙන්ම කරගන්න පුලුවන් දේවලුත් අතපසු කරල අනෙක් මිනිහගෙ දේම විවේචනය කර කර ඉන්න මිනිස්සු ඇබ්බෑහි වේගන එනවා මගේ හිතේ... නයිජීරියාව ෂෙල් කොම්පැණියටයි, විමුක්තිකාමීන්ටයි හිරවෙලා... බෲනායි රාජ්‍යය සම්පූර්ණයෙන්ම ෂෙල් සමාගම අතේ... ඉරාකය සුඩානය ගැන කථා කරලා වැඩක් නැහැ... මුල්ම ඔපෙක් රටක් වන ඉන්දුනීසියාවේ විසාල තෙල් ඇති පලාතක් වන ඊස්ට් ටීමොරයේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් තෙල් තියනවා කියලා දැනගත්ත කාලේම විමුක්ති අරගලයක් බිහිවෙනවා... නතර වෙන්නේ ඕස්ට්‍රේලියාවේ අනියම් පාලනයට නතු වෙනම රටක් බිහිවෙලා...

    දැනට අපේ රටේ මේකට අවශ්‍ය නීතිමය දේ කෙරිලා තියෙන්නේ... 1963 බිහිවෙච්චි ඛනිජ තෙල් පනත අදටත් හොඳින් වැඩක් ගන්න පුලුවන් තරම් බලගතු එකක්... ඒත් ඉතින් ඒ සියලු අනපනත් එසේම තිබියදී ඉන්දියානු සමාගමකට තෙල් විකිණීම කරගෙන යන්න ඉඩදුන්නා.. චීන වරායේ අදටත් ඔවුන් කටයුතු කරන්නේ නෛතික ලියවිල්ලක් නැතිව...

    ක්ෂේත්‍රයේ දක්ෂයෝ, රටට ආදරේ ඇති, ටිකකුත් ඕනේ කරනවා මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න... මම පුද්ගලිකවත් ලෑස්තියි වැඩේ හරි පැත්තට යනවනම් පුලුවන් හැටියකින් උදව් වෙන්න ලංකාවට ඇවිත්... තව එහෙම බොහෝ දෙනක් ඉන්නවා...

    ReplyDelete
  3. @ දියරකුස්

    මට නම නම් මතක නෑ හොඳට රූපේ මතකයි. මැතිනිත් හිටිය 77 පරාජයේ රැලියක කිව්වෙ හැබයි. මම පොඩි නිසා මං හිතුවා මූ ඇත්ත කියන්නේ කියල.

    @ තිස්ස දොඩන්ගොඩ

    ටිමොරයේ තත්වය ගැන දැනුවත් කලාට පින්. මෙහේ එන්න නෙමේ. දරුවෙක් වත් මෙහේ තියන්න හිතන්න එපා. මම ඇවිල්ල දුක් වෙන කෙනෙක්. පුලුවන් ඉක්මනින් නැවත යනව. මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ.

    ReplyDelete
  4. I would like to exchange links with your site maathalan.blogspot.com
    Is this possible?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න