.

.

May 30, 2010

දුම් බීම ශරීරයට අහිතකර විය හැක - Smoking Kills

.
අද ළෝක දුම්වැටි විරෝධී දිනය. සිගරට් බොන එක හොඳ නැති බව ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැහැනේ. ඒ ගැන නොබොන අයට වඩා කාලයක් ඇබ්බැහි වෙලා සිටි මම හොදින්ම දන්නව. දැනුත් ඉඳල හිටල එකක් දෙකක් බොනව. ඒකට සිංහලෙන් කියන්නෙ ෂෝෂල් ස්මොකින් කියල.

ඔය ඩ්‍රින්ක් එකක් ගන්න කොට ඩ්‍රින්ක් එකට වඩා වදින්නේ සිගරට් එකෙන් ඒකේ වෙනස බලන්න. දුම් පානය නොකර ඩ්‍රින්ක් එකක් අරගෙන බලන්න වෙනස. සිගරට් ගඳයි කියන කෙල්ලො වගේම සුවඳයි කියන අයත් ඉන්නවා. දැන්නම් කෙල්ලොත් සිගරට් බොනව ලංකාවෙත්. විජාතික කුමන්ත්‍රණ උනාට ඒක එයාලගෙ නිදහස.

අපි පොඩිකාලේ තාත්ත සිගරට් බොනව. දැන්නම් නවත්තල ගොඩක් කල්. එයා බිව්වෙ බ්‍රිස්ටල්. ඔයාලට මතකනේ අපේ ගෙදර හිටපු මැනික ගැන. එයයි මමයි මරු මරු වැඩ කොලේ සමහර ඒවා මේකේ දාන්න බෑ. කවුරුත් ගෙදර නැති වෙලාවට ඉස්සෙල්ලම අපි දෙන්න බිව්වේ, අර ළිපට දාන කෝටුවල මැදින් එන දුම.

කැස්සත් හදාගෙන, ඇස්වල කඳුළු පුරවගෙන තමයි දෙන්න මේව බොන්නේ. ඉතින් ගෙදර අය එන්න කලින් දත් මැදල කට හෝදල හොඳ ළමයි වගේ ඉන්නව. මේ වෙනකොට මම හතරෙ පංතියේ. අපි කෝටු කෑලි බොන එක ජෝතිට (ඉස්සරහ ගෙදර පොර මට වැඩියෙ අවුරුද්දක් වැඩිමල්) කිව්වම මිනිය හොරෙන් දුම් බොන ක්‍රමේ අපිට කියල දුන්න.

ඒ තමයි පොල් කොල පත්තර කොලේ ඔතල බොන එක. මේක හරි සැරයි අනික හරි අනතුරුදායකයි. වැඩේ කචල් නිසා මැනිකයි මමයි කෝටු කෑලිම තමයි බ්ව්වේ. දැන් අපි දෙන්නගේ ට්‍රයි එක කොහොම හරි ඇත්ත සිගරට් එකක් බොන්න. ඔන්න දවසක් මැනික කොහොම හරි සිගරට් එකක් හොරකම් කරගෙන. දැන් අපි දෙන්න ඉන්නේ මේක බොන්න දවසක් එනකම්.

ඔන්න ඉරිද දවසක පන්සල් යන්න කට්ටිය සෙට් උනා. මැනික කිව්ව එයාට සනීප නෑ කියල. මට කොහොමත් පන්සල් යන වැඩේ අරහං. කට්ටියම ඔන්න පිටත් උනා. අපි දෙන්න සිගරට් එක පත්තු කරන් වැඩේ පටන් ගත්ත විතරයි. කට්ටියම ආපහු එනව. දැන් මේක විසිකරන්නත් බෑ.

"බේබි ඕකත් අරන් හැංගෙන්න මම බලන්නම් මොකද කියල"

"හරි මැනික අක්කේ මම ආච්චි කාමරේ හැංගෙන්නම්"


දුවල ගියා ආච්චි කාමරෙට වැඩි හොඳටත් එක්ක පැදුරක් රොල් කරන් පැදුරු ගොඩේ හැගිලා උඩ බලාගෙන මගේ වැඩේ මම කරනව. මොනව හරි අමතක වෙලානේ එන්න ඇත්තේ. ටක් ගාලා යයි.

"නෑ... නෑ... ලොකු නෝනා මම මල් ටික කඩල ඉස්සරයින් තිබ්බේ ලොකු නෝනගේ කාමරේ තිබ්බෙ නෑ..."

මැනික මාව බේරන්න. ෆුල් ගේමක්. මම බය නෑ මොකෝ හැංගිලා නේ ඉන්නේ...

"මෙන්න පුතේ... පැදුරු ගොඩ ගිනිගන්නවෝ.... ආච්චි කෑ ගහපි.."

කට්ටියම ආවා කාමරේට.. "අප්පේ ඇත්ත නේන්නම්".... ඒ අම්ම... මම තාම ඇතුලේ.. කාට පේන්නද...?

තාත්ත ආවා ඇදල ගත්ත එලියට. දුන්න පාරවල් දෙක තුනක්ම හොඳට කිස් කන්න. අම්ම පැනල මාව බේර ගත්ත.. අම්මගෙනුයි ආච්චිගෙනුයි දෙන්නගෙන්ම බැනුම් තාත්තට, සිගරට් බොන එකට..

ප: ලි:
අපේ තාත්ත හරිම හොඳයි. අපි තුන්දෙනාගෙන්ම ගුටි කෑවේ මම විතරයි. ඒත් ජීවීතේටම තුන් පාරයි. ඔය තමයි පළවෙනි සැරේ....

8 comments:

  1. මල්ලියි මමයිත් පොඩි දවස්වල ඔය වගේ වැඩ කලා. අපි කලේ පැපොල් කොල වේලලා දුම්කොල වගේ පොඩි කරලා කඩදාසියකින් ගොට්ටක් ගහලා ඒකට දාලා අඹ ගහේ අපි දෙන්නා හදපු අට්ටාලෙට නැගලා ඕක අදින එක. :D අඹ ගහ උඩ නිසා කාටවත් අහුවෙන්නේ නැහැ. එතකොට මම 5 වසර. පස්සේ අපිටම තේරුනා වැඩේ හොද නැහැ කියලා. පස්සේ අත් හැරලා දැම්මා. කිවුවට විස්සාස කරයිද මන්ද අත්හදා බලන්නවත් මම තවම ඇත්ත සිගරට් එකක් බීලා නැහැ කිවුවම

    ReplyDelete
  2. බ්ලොග් ගඩොල් පූසොත් මොන දේ කළත් සිගරට් බොන්නෙ නම් නෑ!

    ReplyDelete
  3. ඉස්කෝලේ යන කාලෙනම් "පළමුව බ්‍රිස්ටල් දෙවනුව පාසල" තමයි. සෑහෙන කාලයක් සිගරට් බිව්වා. ඒත් දැං ටික කාලෙක ඉදන් නතර කරලා තියෙන්නේ. එක දවසක් භාගයක් ගහන්න සිගරට් 19ක් බීලා තිබුනා. සිගරට් බීම නවත්තපුවාම තමයි කෑම වල රස දැනුනේ.

    සමහර කියන දුම්බීම නවත්වන්න බෑ කියන කතාව නම් අමූලික බොරැවක්.

    ReplyDelete
  4. @ ගීත්
    නියම කොල්ලෙක්නේ....
    @ බ්ලොග් ගඩොල්
    අනිත් ඒවා බොනවද දන්නෙ නෑ...
    @ දුකා
    හෆෝයි... මොකෝ.....
    @ තිසර
    සතික ඇත්ත තිසර කොලුවෝ....

    ReplyDelete
  5. මට නම් හිතුණේ දුම්කොළ කොම්පැණියේ කෙනෙක්ගේ බ්ලො‍ගයක් ද කියලා...

    ReplyDelete
  6. @ Accurate reporting on Sri Lanka

    ...hapoi netho.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න