.

.

May 31, 2010

අග්ග මහා පන්ඩිත උදය ගම්මන්පිල මහා ප්‍රඥ්ඥාවන්තයා .. - Udaya Gammnpila the Genius

.
කීප දිනක් ජනහඬ දේශපාළන ප්‍රහසනය තුල කරන ලද අදහස් දැක්වීම් අධ්‍යයනය කිරීමෙන් පසු මා සොයාගත් කරුණ නම්. වත්මන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා අප පුන්‍ය බූමීයේ පහළව ඇති බවයි. තුන් සිංහලයම එක්සේසත් කල දියසෙන් කුමාරයා රජ කරන සමයෙහි. මෙවන් බුද්ධිමතුන් බිහිවන්නේ එතුමාගේ මෙන්ම. මෙරට වාසනාවන්ත ජනතාවගේ පින් මහිමයෙනි.

අප රජතුමාගේ වගකීම වනුයේ. මෙතුමාට, විජාතික කුමන්ත්‍රණ වලින් අප බේරා ගන්නා පචායුධ මැතිතුමට දෙනු ළබන ආරක්ෂාවටත් වඩා වැඩි ආරක්ෂාවක් ලබාදීමයි. විශේෂයෙන් වැහි පොදකටවත් නොතෙමෙන ලෙස මේ ඇවිදින මොළය ආරක්ෂා කර ගැනීම අප කාගේත් යුතුකමය.

එතුමාගේ සම්පුර්ණ නම ලියන ආරච්චිගේ උදය ගම්මන්පිලදයි නොදන්නා තරමට විවාදයෙ නොයෙදන අවස්ථාවලදී, අනෙකුත් බූරූවන් මෙන් නොව, එතුමාගේ බුද්ධියට පහළ වන අති ශ්‍රේෂ්ඨ අදහස් ලේඛන ගත කිරීම අප ඉතා අගය කළ යුතුය.

අනෙක් කරුණ නම් එතුමා ජනතාවගේ හාස්‍යයට ලක්වන මොන්ටිසෝරියකට වැස්සකටවත් ගොඩ නොවූ අඳබාලයන්, ගායකයන්, තුට්ටු දෙකේ විප්ලවකරුවන්, නළුවන්, මෝඩ නිතීවෙදීන් හා කිසිම දෙයක් නොදන්නා හරකුන් සමඟ සංවාදවලට එවීම වහා නැවැත්විය යුතුය. මේ සඳහා එතුමාගේ පක්ෂයේම, මේ තරම් උගත් කමක් නැති චම්පික රණවක මැතිතුමාට, කීර්ති ශ්‍රී රාජසිංහ මැතිතුමාට හෝ දෙශපාලන සාදු මැතිතුමා සහභාගී කරවිය හැක.

මෝඩ අපට මෙතුමාගේ දැනීම ගැන වැටහීමක් නැති වුවද, බස්නාහිර පලාතේ බුද්ධිමත් ජනතාව අති විශාල මනාප ප්‍රමානයකින් මොහුව බස්නාහිර පලාත් සභාවේ පාරිසරික ඇමති වශයෙන් පත් කරණ ලදී. එතුමාගේ පැමිනීමෙන් පසු එක් රැයකින් මුළු බස්නාහිර පලාතම මොන්ටිකාලෝ නගරයටත් වඩා සුපිරිසිඳු ප්‍රදේශයක් බවට පත් කරණ ලදි.

බ්ලූමැන්ඩල්, පංචිකාවත්ත, තොටලඟ හා පෑලියගොඩ ප්‍රදේශවල වෙනදා නැගෙන දුගඳ වෙනුවට දැන් නැගෙනුයේ ලොව ඉස්තරම්ම වර්ගයේ සුවඳ විළවුන් වලින් හමනා සුවඳයි. හන්දියක් ගානේ දක්නට ලැබුනු කුණු ගොඩවල් වෙනුවට දක්නට ඇත්තේ ඉස්තරම් වර්ගයේ ආවරණය කල හැකි කසළ බඳුන්ය. ඒවාද දවසකට අට වතාවක් පමණ රැගෙන යයි. නගර සභාවල පිරිසිඳු කරන සේවකයන්ට ටයි පටියක් හැර අනෙකුත් සියළුම දෑ ලබදී ඇත. බේරේ වැවේ වතුර බෝතල් කිරීම සඳහා කර්මාන්ත ශාලා රාශියක් ඒ අවට පිහිටුවා ඇත. ගංඟාවල ජලය ක්ලොරීකරනයකට ලක් නොකොට බීමට ගත හැක.

අහසින් වැටෙන එක දිය බිඳක් ගලා යාමටවත් නොදී අතුරුදහන්වේ. තත්වය එසේ වුවද මෙවර වට අනපේක්ෂිත වර්ෂාවෙන්  මුලු මහත් බස්නාහිර පළාතම යටවිය. එයට හේතුව එතුමාගේ බුද්ධියට ගෝචර වී ඇති බව ජනහඩේදි අපට දැනගැනීමට ලැබින.

එතුමාට අනුව මේ ආකරයේ වැසි වසින්නේ 1948 ටත් පෙර මෙරට යටත් කරගෙන වුන් පර සුද්දන් විසින් කරණ ලද කඳුකරය එළි කිරිමයි. ළෝකයේ සියළුම කාළගුන විපර්යාසවලට මුල එය බව එතුමා විසින් සොයාගෙන ඇත. නැතුව ඔල මොට්ටල බූරූවන් කියනා පරිදි. සැලස්මක් නොමැති ගොඩකිරිම්වත්, ජල බස්නා මාර්ග වසා දැමීමවත්, මුතුරාජවෙල ගොඩකිරීමවත් නොවේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අඩ් 3000 ට ඉහළින් පිහිටි ඉඳිකිරීම් හා වගාවන් අනවසර බවට පනතක් ගෙන ඒමටත්, මේ සිඳුවූ අලාබය බ්‍රිතන්‍ය කිරීටයෙන් ලබා ගැනීමටත් එමගින් අසරණ වූ ජනතාවල ලබා දුන් රු.48 ට අමතරව තවත් රු. 50 ක් හෝ ලබා දීමටත් එතුමා කටයුතු කරනු ඇත.

කොහොමද ටිකිරි මොළේ.. දැන් තේරෙනව නේද මම කියන්නේ බොරු නෙමෙයි කියල......

ප: ලි:

මම මේක පොස්ට් කරන්න යනකොටම පත්තරේ දැක්ක නිව්ස් එකක්... "දෙහිවල-ගලිකිස්ස කුණු ගොඩවල් සති දෙකකින් ඉවත් කරලා නෑ.."

May 30, 2010

දුම් බීම ශරීරයට අහිතකර විය හැක - Smoking Kills

.
අද ළෝක දුම්වැටි විරෝධී දිනය. සිගරට් බොන එක හොඳ නැති බව ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැහැනේ. ඒ ගැන නොබොන අයට වඩා කාලයක් ඇබ්බැහි වෙලා සිටි මම හොදින්ම දන්නව. දැනුත් ඉඳල හිටල එකක් දෙකක් බොනව. ඒකට සිංහලෙන් කියන්නෙ ෂෝෂල් ස්මොකින් කියල.

ඔය ඩ්‍රින්ක් එකක් ගන්න කොට ඩ්‍රින්ක් එකට වඩා වදින්නේ සිගරට් එකෙන් ඒකේ වෙනස බලන්න. දුම් පානය නොකර ඩ්‍රින්ක් එකක් අරගෙන බලන්න වෙනස. සිගරට් ගඳයි කියන කෙල්ලො වගේම සුවඳයි කියන අයත් ඉන්නවා. දැන්නම් කෙල්ලොත් සිගරට් බොනව ලංකාවෙත්. විජාතික කුමන්ත්‍රණ උනාට ඒක එයාලගෙ නිදහස.

අපි පොඩිකාලේ තාත්ත සිගරට් බොනව. දැන්නම් නවත්තල ගොඩක් කල්. එයා බිව්වෙ බ්‍රිස්ටල්. ඔයාලට මතකනේ අපේ ගෙදර හිටපු මැනික ගැන. එයයි මමයි මරු මරු වැඩ කොලේ සමහර ඒවා මේකේ දාන්න බෑ. කවුරුත් ගෙදර නැති වෙලාවට ඉස්සෙල්ලම අපි දෙන්න බිව්වේ, අර ළිපට දාන කෝටුවල මැදින් එන දුම.

කැස්සත් හදාගෙන, ඇස්වල කඳුළු පුරවගෙන තමයි දෙන්න මේව බොන්නේ. ඉතින් ගෙදර අය එන්න කලින් දත් මැදල කට හෝදල හොඳ ළමයි වගේ ඉන්නව. මේ වෙනකොට මම හතරෙ පංතියේ. අපි කෝටු කෑලි බොන එක ජෝතිට (ඉස්සරහ ගෙදර පොර මට වැඩියෙ අවුරුද්දක් වැඩිමල්) කිව්වම මිනිය හොරෙන් දුම් බොන ක්‍රමේ අපිට කියල දුන්න.

ඒ තමයි පොල් කොල පත්තර කොලේ ඔතල බොන එක. මේක හරි සැරයි අනික හරි අනතුරුදායකයි. වැඩේ කචල් නිසා මැනිකයි මමයි කෝටු කෑලිම තමයි බ්ව්වේ. දැන් අපි දෙන්නගේ ට්‍රයි එක කොහොම හරි ඇත්ත සිගරට් එකක් බොන්න. ඔන්න දවසක් මැනික කොහොම හරි සිගරට් එකක් හොරකම් කරගෙන. දැන් අපි දෙන්න ඉන්නේ මේක බොන්න දවසක් එනකම්.

ඔන්න ඉරිද දවසක පන්සල් යන්න කට්ටිය සෙට් උනා. මැනික කිව්ව එයාට සනීප නෑ කියල. මට කොහොමත් පන්සල් යන වැඩේ අරහං. කට්ටියම ඔන්න පිටත් උනා. අපි දෙන්න සිගරට් එක පත්තු කරන් වැඩේ පටන් ගත්ත විතරයි. කට්ටියම ආපහු එනව. දැන් මේක විසිකරන්නත් බෑ.

"බේබි ඕකත් අරන් හැංගෙන්න මම බලන්නම් මොකද කියල"

"හරි මැනික අක්කේ මම ආච්චි කාමරේ හැංගෙන්නම්"


දුවල ගියා ආච්චි කාමරෙට වැඩි හොඳටත් එක්ක පැදුරක් රොල් කරන් පැදුරු ගොඩේ හැගිලා උඩ බලාගෙන මගේ වැඩේ මම කරනව. මොනව හරි අමතක වෙලානේ එන්න ඇත්තේ. ටක් ගාලා යයි.

"නෑ... නෑ... ලොකු නෝනා මම මල් ටික කඩල ඉස්සරයින් තිබ්බේ ලොකු නෝනගේ කාමරේ තිබ්බෙ නෑ..."

මැනික මාව බේරන්න. ෆුල් ගේමක්. මම බය නෑ මොකෝ හැංගිලා නේ ඉන්නේ...

"මෙන්න පුතේ... පැදුරු ගොඩ ගිනිගන්නවෝ.... ආච්චි කෑ ගහපි.."

කට්ටියම ආවා කාමරේට.. "අප්පේ ඇත්ත නේන්නම්".... ඒ අම්ම... මම තාම ඇතුලේ.. කාට පේන්නද...?

තාත්ත ආවා ඇදල ගත්ත එලියට. දුන්න පාරවල් දෙක තුනක්ම හොඳට කිස් කන්න. අම්ම පැනල මාව බේර ගත්ත.. අම්මගෙනුයි ආච්චිගෙනුයි දෙන්නගෙන්ම බැනුම් තාත්තට, සිගරට් බොන එකට..

ප: ලි:
අපේ තාත්ත හරිම හොඳයි. අපි තුන්දෙනාගෙන්ම ගුටි කෑවේ මම විතරයි. ඒත් ජීවීතේටම තුන් පාරයි. ඔය තමයි පළවෙනි සැරේ....

May 26, 2010

මෙත් මල් පිබිදේවා.....!!!!!!!

.
තොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ         වරෙල්ලා
බලුබ් දමපිය දනට දීපිය කොඩිත් ඇද පීකර්                      දමල්ලා
ඩෙනිම් ගහපිය කැප් දමාපිය ස්කිනී ගහගෙන මොඩ්      වෙයල්ලා
පාරේ නටපිය දෙකක් දාගෙන ප්‍රීතී වෙසඟක් ඇත             ඇවිල්ලා

දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර              වේවා
බයිල ගසනා පඬිවරුන්ගේ මොට්ට මොලයට නුවණ             ඒවා
මෝහයෙන් දන මුළා කරණා හොර සඟුන් දෙවියෝ          රකීවා
දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම           වේවා

පිනක් දහමක් කරගෙන බනක් දහමක් අසාගෙන නිවී සැනසී ඉන්න, මේ ටිකේ මම ගමේ යන්නෙයි කියල... ඉඩක් ලැබුනොත් මොන මොනව හරි ලියඤ්ඤං......

May 25, 2010

"අයි නෝද රෝඩ්" - පුතා........ - Road Directions

.
පොඩි කාළේ ඉඳන්ම සුද්දොන්ටයි, හිමේ ඉන්නයි පුදුම ආසාවක් තිබුනේ. ඒ දෙකම දැන් එපා උනත්, තවමත් සුද්දියන්ට තියෙන කැමැතෙනම් අඩුවක් නෑ.

මම බැඳල ඉන්නෙත් සුද්දියෙක්, ඒ කියන්නෙ එයාගේ පවුලේ ඔක්කොම එයාට කියන්නේ සුද්දී කියල. (ඇත්තටම සුදුයි, බොරුවක් එහෙම නෙමෙයි. උතුරු ඉන්දියනූ සුදු පාට.) අපේ තාත්තගෙ මහ ගෙවල් උනවටුනේ, මහරඹ කියන ලස්සනම ලස්සන ගම්මානේ.

ලෝකයේ සුන්දරම මුහුදු තීරයන්ගෙන් එකක් වන උනවටුන වෙලරට යන්නෙ කන්දක් එහෙම තරණය කරල. ඔය වැල්ලේ දේවාලේ පෙරහැර ඒ කාලෙත් තිබුනා. එතනදි සුද්දො දැක්කත් අපිට කතා කරන්න ඉඩක් නෑ. නමුත් මට හරිම ආසයි උන් එක්ක කතාකරන්න. (ඒ උනාට කඩුව අන්තිමයි ඒ කාලේ)

ඔය අස්සෙ තමයි පුංචී පහේ හපනෙක් වෙලා. කුරුඳුවත්තේ කොලීජීයේ විභාගෙත් ඉහලින්ම සමත් වෙලා එතනට යන්න එන්න පටන් ගත්තේ. මේ පංතියේ වැඩියෙන්ම හිටියේ ගල්කිස්සෙ කොලීජියෙන් ආපූ ඇම්ඩන්ල. ඉතින් උන් මට කඩුවෙන්මයි කොටන්නෙ. (මේකට හේතුව මමත් සුද්ද වගේ, තාමත් හොඳ හැන්ඩියා)

වැඩේ හරියන්නෙ නෑ, ඇද්ද ෆුල් කොක්ක ගෙදරට, දැම්ම මාව බොරැල්ලෙ ‍YMBA එක ගාව පාරේ තැනකට කඩු සටන් පුහුණුවට. මාර කැමත්තෙන් යන්නෙ. මොකද එළකියුෂන් කිව්වට මේක එළම එළ කියුෂන්. මැඩම් මාර ලස්සනයි. (මහ වල් එකෙක් කියන්න එපා ඇත්ත කියන කොට.) ලස්සන අක්කි කෙනෙක්.

ඒ කාලේ බොරැල්ල මේ තරම් ජනාකීරණ නෑ. YMBA එකෙත් පරන හෝල් එකක් තිබුනෙ. කිරිබත්ගොඩ බස් එක නවත්තනෙ දැන් නවත්වන තැන නෙමෙයි. අර ඇතුලට තියෙන පොඩි ලේන් එක ගාව තාප්පෙ මැද්දෙන් ගහක් ආපු ලස්සන ගෙයක් තිබුන එතන. ඔන්න දැන් ක්ලාස් ඉවරවෙලා බස් ඉස්ටෑන්ඩ් එකේ ඉන්නව ගෙදර එන්න.

බොරැල්ල පැත්තෙ ඉඳල සුද්දෙකුයි සුද්දියෙකුයි එනව කනත්ත පැත්තට. බස් හොල්ට් එකෙත් දෙන්නයි තුන් දෙනයි ඉන්නෙ. පාරක් හොයනව වගේ පේන්නේ. අද තමයි මගේ දවස. බස් හොල්ට් එක පැත්තටමයි එන්නෙ. ලඟට ආවා විතරයි හොල්ට් එකේ හිටපු අන්කල් කෙනෙක් පැනල දුන්න. නිකන් නෙමෙයි එකසිය ගානට.

"යස් සර් කැන් අයි හෙල්ප් යූ"

"යස් ප්ලීස්, වී ආ ලුකින් ෆෝ කාසල් රෝඩ්." සුද්දි කිව්ව. (සුද්දටත් කඩු සටන් බෑ වගේ.)

"ම්.. ම්... අයි ඈම් සොරි අයි ඩොන්ට් නෝ මැඩම්" (හොඳ වෙලාව පඬ්ය දන්නෙ නෑ)

ඔන්න අවා හීරෝගේ චාන්ස් එක. දැන් මම පාර දන්නව කියන්න තේරෙන්නෙ නෑ. එහෙම හිතල හරියන්නෙ නෑනේ ගත්ත කඩුව එලියට.


"හී ඩොන්ට් නෝ, බට් අයි නෝ"

"ගුඩ් බෝයි, වෙයාර් ඉස් ඉට්"...

හහ්... එව්ව කොහෙද මාත් එක්ක. ආව හෝල්ට් එකෙන් එළියට. අල්ල ගත්ත සුද්දිගෙ අත.

"යූ කම් විත් මී"

එක්කගෙන ආවා දැන් පෙට්‍රල් ෂෙඩ් එක තියෙන තැනට..

"දිස් ඉස් කාසල් රෝඩ්"

"ඕ කේ වෙයාර් ඉස් ද කාසල් හොස්පිටල්"

"දැට් සයිඩ් හොස්පිටල්"  (ඒකි හිතන්න ඇති මම හොස්පිටල් එක ගාවටත් එක්කගෙන යයි කියල)

"ඕ තෑන්ක්ස්... තැන්ක්යු වෙරි මච්"

"ඩොන්ට් මෙන්ෂන්"

කොහොමද මගේ කඩු ශිල්ප...?.  හෙහ් හෙහ්..

ප: ලි:
ඔයාල හිතන්න ඇති මූ නම් මාර පිස්සෙක් කියල. මොනවද දන්නවද සුද්දි දුන්නේ. චුයිං ගම් පැකට් තුනයි පාට හතරේ කාබන් පෑනයි. (සිරිමාවොන්ගේ කාලේ මෙව දකින්නවත් නෑ.)

මේ ජාතියෙ තව කතාවක් තියෙනව ඒක පස්සෙ දවසක, ............

May 20, 2010

මහ වැසි පිළිබඳ කොමිසම් වාර්ථාව එලිදකී - Commision report for heavy floods

.
මහවැසි පිළිබඳ පත්කළ අති විශේෂ (ගල්) ජනාධිපති කොමිසන් වාර්ථාව එලි දක්වා ඇත. එහිදී ඔවුන් විවිධ තාරාතිරමේ පුද්ගලයින්ගේ අදහස් විමසා ඇති බව පෙනී යයි....

කාළගුණ විද්‍යාඥ මහාචාර්ය වර්ෂා ගඟබොඩ මහත්මිය :-
මේක පෙර මෝසම් තත්වයක් බව දවස් දෙකක් විතර වහින කොට අපි නිරීක්ෂනය කලා. මේ තත්වය පහව යන්නෙ වැස්ස පෑව්වම තමයි. ඒක වැස්ස පායල දවස් දෙක තුනක් ගීයහම, දත්ත නිරීක්ෂන මගින් අපි ප්‍රකාශ කරනව.ව්දුලි කෙටීම් වලින් ආරක්ෂා වීම සඳහා අප නිශ්පාදනය කරන ලද 108 වරක් මතුරන ලද ජලනන්දන පිරිත අඩංගු සුර රාජයා පළඳින මෙන් අපි අවදාරනයෙන් මතක් කර සිටිනවා.

ගූභෝලය පිළිබද සම්මාන මහාචාර්ය භූමින්ද මිහිපති මහතා:-
වැස්ස කියන විෂය අපිට අදාල වන්නේ නැහැ. මේ පිළිබඳ බුද්ධිමය සංවාදයක් කුඩ යට ශාලාවේ මේ දිනවල පවත්වාගෙන යනවා. දැනට ජනතාවට අපිට කියන්න තියෙන්නෙ චූ කරන්නවත් පස් කන්ඩියක් ගාවට යන්න එපා කියල.. මොකද නාය යාම් සිඳු විය හැකි අවදානමක් තියෙනව. මධ්‍යම කඳුකරයද ඇතුලත්ව අඩි තුනට වඩා උස සියලුම පස් කන්ඩි ඉවත් කරණ යෝජනාව දැනටමත් අපි වග කිව යුතු අය අතට පත් කරලයි තියෙන්නේ.

ගරු විමල් පචායුධ ඇමතිතුමා:-
මළහත්තිලව්වක් නේ උනේ. ගෝල්පේස් එකේ අපිට ඉත්තමාචාර තියාගන්න යන එක කඩාකප්පල් කිරීම සඳහා ජාත්‍යන්තර බලවේග මගින් කල විදේශීය කුමන්ත්‍රණ්යක් මේ. රජයට අපේ බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ. ඇයි වදේ කී සැරයක් කිව්වද සටන් විරාමය කාලේ තානාපති කාර්යාලවලට ගෙනාපු වළාකුළු ඇද ගැනීමේ යන්ත්‍ර අත් අඩංගුවට ගන්න කියල. මේ යක්කු ඒක කොරන්නෙ නෑනේ.

හිටපු අහිංසකම අහිංසක පදික වෙළෙන්දෙක් :-
ඇත්ද දොරේ අපිට ලොක්ක දීපු ගේමට රිටන් එක. එයාල මොනාද...? එයි, කයි, බොයි, දොයි. අපිව චාටර් කරෙ නැත්නම් පට් පට් ගාලා සීන් කෝන් එන්ටර් වෙලා, හිර වෙච්ච ජරාව වැනිෂ් කොරනවනේ. දැන් ඔය කන්නෙ ටොපිය. කෝමද ලොක්ක ශනීපය් නේ....?

මෝදර ප්‍රදේශයේ ධිවරයෙක්:-
අපි නම් වහිනවට කැමතියි ලොක්කා. දැන් මූදූ යන්න ඕන් නෑ. කරිජ්ජෙ රිංගන්නෙ අහවල් කාරිය කොරන්නය. මෝය කටවල් හාරල තියෙන්නේ. මිරිජ්ජෙන් කරිජ්ජ මාළු අල්ලල ආෂියාවේ ආෂ්චයිරෙ පෙන්නනව අපි.
"ආ.... එන්න ලාබයි ලාබයි සාලයො 500 ම 200 යි. දෙන්නද ලොක්ක හොඳම බඩු මූදේ හිටියට වැඩියේ අයිස් පෙට්ටියෙ හිටපු බඩු"

ගරු ප්‍රවාහන ඇමති වෙල්ගම මහතා:-
සෑම බස් රථයකම උඩත්, සෑම දුම්-රිය පෙට්ටියකම උඩත් බෝට්ටු ගෙන යාම අනිවර්ය කිරීමේ පනතක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා....
"මහත්තයලත් එන්න මම පොඩි ෂොට් එකක් දාන්න යන්නෙ. වැඩේට නියම් වෙදර් එක.....".

ගරු දිනේෂ් ගුනවර්ධන බොරළුගොඩ සිංහ පැටියා:-
යටි ගිරියෙන් කෑ ගසමින් "මේකට සම්පූර්නයෙන් වගකියන්න ඕන එක්සත් ජාතික පක්ෂය, මොකද එයාල 94 ඉඳන් විපක්ෂෙට ගිහින්, රාජ්‍ය පාළනය ගැන කිසීම දේකට අපට සහයෝගය දෙන්නෙ නෑ. අපිට රජ්‍ය පාළනය කරන්න බෑ කියල උන්ට තෙරෙන්නෙ නෑ ඕයී..... ඉහි... ඉහි... ඉහි....."

හෙළු කරුමයේ මාධ්‍ය ප්‍රකාශක කීර්තී ශ්‍රී රාජසිංහ මැතිතුමා:-
මේකට සම්පූර්නයෙන් වගකියන්න ඕන එජාපය හා වර්තමාන ආන්ඩුවේ මැති ඇමතිවරු, අපිට දුන්නනම් අපි දන්නව කරන හැටි. 30 වසරක් පුරා පැවති යුද්ධය නිමා කලේ අපි. කොතරම් බලවේග එදිරිව ආවත් අපි නොසැලි නොනැමි.... බ්ලා බ්ලා බ්ලා බ්ලා...... (මැක්කාගේ කතාව.)

දේව සභාවේ සාමාජිකයෙක්:-
අප ගැන වරදවා වටහා ගන්න එපා. අර කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ යන යන තැන ධාරානීපාත වැහි වැහල ජනතාව ස්වර්ගස්ත වෙනවා. එම නිසා අපි යොජනා කරනවා උන් වහන්සේ වියලි කළාපයෙ අසපුවකට වඩම්මන ලෙස. ඒ වගේම ඔබව පාපහෙන් මුදවාගැනීම සඳහා දෙවියන් වහන්සේ අප වෙත නැවත පැමිණෙන බවත් සුභ ආරංචියත් අප ඔබ වෙත පවසා සිටිනවා. දෙවියනි ඔඹ කොහෙද........?

ජාතික විනාශ පෙරමුන :-
අපි ඉතා පැහැදිලිව හා වගකීමෙන් ප්‍රකාෂ කරනවා කලවැද්දා හිර බාරයේ තබා ගැනීම මෙයට හේතුව බව. වහාම කලවැද්දා නිදහස් කොට ජනතාව මේ ව්‍යසනයෙන් ගලවා ගන්නා ලෙස අපි ආන්ඩුවට බලකර සිටිනවා. අපිට ඉත පැහැදිලිව හා වගකීමෙන් උද්ගෝශනයක් වත් තියාගන්න බෑ. අපේ බෝධි පූජාව ගැන ඕකේ සඳහන් කරන්න එපා මචං......

ගරු ආචාර්ය කල්‍යාන දුටුගැමණු නියෝජ්‍ය ඇමතිතුමා :-
ඔය එකක්වත් නෙමෙයි හේතුව. අර ෂෙහාන් මිහිරංග කියන එකා ලව්වා "වහින්නේ වස්සානේ......." කියන වස් කවිය කියවල. ඊට පස්සෙ හෙලිකොප්ටරෙන් ගිහින් ජනතාව ගන්න ආතල් එක දුකක් කියල පෙන්නල රජය අපහසුතාවයට පත් කරන්න සිරසෙන් කරපු වැඩක් මේක. හෙටම රාජ්‍ය අනුග්‍රහය සහිත ගල් පොරීයක් ඕකුන්ට දිල තොරණ හංදියේ විශිණු කෝවිලේ සෙත් කවියක් කියපු ගමන් ඔක්කොම ඉවරයි මචං......
මං යනවා ආතල් බලන්න උඹලත් වරෙන් මාත් එක්ක....

ප: ලි:
තවත් බොහෝ අය අදහස් ප්‍රකාශ කර තිබුනද, ඉඩ කඩ මදි කමෙන් පල නොකල බව කරුණාවෙන් සලකන්න. මෙම වාර්ථාව අධ්‍යනය කිරීම සඳහා තවත් කමිටුවක් පත්කල බව බ්‍රේකීන් නිව්ස් මගින් දැනගන්නට ලැබින..

පොඩ්ඩක් ඉන්න අනේ.. තාම වෙව්ලුවේ නෑ....

.
මේ දවස්වල චූ කතා යන නිසා මටත් හිතුනා චූ කතාවක් දෙකක් කියන්න.

මගේ යාලුවෙකුගේ දෙවෙනි කොල්ල මම පොඩි කාලේ වගේමයි. කිසි බයක් නෑ කියන එක කෙලිනම කියනවා. අපේ කාර්යාලයේ උත්සවයකට සභාපතිට මල් මාලේ දාන්න තෝරගෙන තිබුනේ මේ පොඩි මෑන්.

අලුත් ඉඩමක් කෑලී කඩල විකුනන එක තමයි උත්සවේ. සභාපතිතුමා එන නිසා සෑහෙන පිරිසක් ඇවිල්ලා උත්සවේට. (ලකුණු දාගන්න,) ඔන්න දැන් ඈත ලොක්ක එනවා පේනවා. පොඩි එකා එකපාරටම "තාත්තේ මට චූ බරයි" කියපි. තාත්ත ඉතිං සුපුරුදු තර්ජනය දැම්ම.

"පොඩ්ඩක් ඉන්න, වැඩේ ඉවර කරල දාමූ.."

"ඉන්න නම් බෑ තාත්තේ, මම සරමෙම දානවා" කොල්ලත් දැම්ම තර්ජනේ.

අධ්‍යක්ෂක මණ්ඩලේ හොල්මන්, අපිට මැරෙන්න හිනා. මමත් කියල පොඩි එකාව පැත්තකට අරන් ගියා ටක් ගාලා වැඩේ කරල ගේමූ කියල. සරමත් උස්සල පෙම්පතා පහත් කරල (අපේ පොඩි මෑන් යටට අඳින එකට පොඩි කාලේ ඉඳල කියන්නෙ එහෙම. පොඩිම කාලේ අන්දන්නෙ පැම්පස් නේ, ඒවට එයා කියන නම තමයි ඒක.) දැන් තාත්ත චූ කරවනවා. (නැත්තම් ඇඟේ හැම තැනම දාගන්නවනේ)
"ඉක්මන් කරල දාන්න."

"පොඩ්ඩක් ඉන්න." පොඩි එකා චූ සාගරයක්ම දානව.

"ආ.. හරි ඉවරයිනේ..... යං යං ටක් ගාලා.."

"පොඩ්ඩක් ඉන්න අනේ..."

මාත් ඇහුව මොකද ඒ පාර කියල
"ඇයි දන්නෙ නැද්ද...? පොඩ්ඩක් ඉන්න තාම වෙව්ලුවේ නෑ..."
"බලන්නකො මාමී මෙයාට ඒකවත් තේරෙන්නෙ නෑනේ"

කොල්ලන්ට මේක තේරුම් කරල දෙන්න ඕන නැහැනේ......

May 18, 2010

බොරතෙල් ආතල් - Mistry of Crude Oil

.
ලංකාවේ බුද්ධිමත් ජනතාව (හෙහ් හෙහ්) සිහින ලෝකවල ජීවත් වීමට ඉතා කැමතිය. ඉන්දියාවේ නම් මෙම කාර්යය, ජනතාව පැයක් දෙකක් තුල සිනමා ශාලා තුල රඳවමින්, එරට සිනමාකරුවන් විසින් ඉටු කරණු ලබයි.

සිහින දකින්නට කවුරුත් කැමතිය. එහෙයින් ගංජා උගුරක් බී සමහරුන් සිහින ලෝකවල සැරිසරයි. මෙමගින් කරනුයේ සුළු නිර්වින්දනයකි. එහෙත් හැමටම එය කළ නොහැකිය. ඇරත් එය නීතී විරෝධි කටයුත්තකි. එම හේතුව නිසාවත්දෝ එම කාර්යය අප හිතවත් දේශපාලුවන් විසින් සාර්ථකව සිරි ලංකවේ ක්‍රියාත්මක කරයි.

මේ නිර්වින්දනීකරණය විවිධ මුහුණුවලින් විවිධ කාලවලදී ජනතාව අත්විඳී. 56 දී දිව්‍ය ලෝකය පංච මහා බලවේගය තුලින් ලබා දෙන බව කී අය, මෙය අපායක් කොට, වෛද්‍ය කන්ඩායමේම සාමාජිකයකුගේ එන්නතකින් සදා කල් සිහින දැකීමට හියේය.

හාල් නොමිළේ එන්නත, දේශීය ආර්ථික එන්නත, ඇට අටේ එන්නත, ජනසවි එන්නත කලින් කල ජනතාවට ලබා දෙන ලදී. යුධ ෆෝබියාව දුරුකොට පාන් 3.50 එන්නත රැගෙන ආ වෛද්‍යවරිය එම එන්නතට අමතරව සිරි ලංකාවම බේබද්දන් කොට සාර්ථක නිර්වින්දණීකරනයක නිරතව සිටියදී. මැදමුලන සිට පැමිණි නාහෙට නාහන වෛද්‍යවරයකු එන්නතක් දී ඇයව අංශභාග තත්වයට පත් කරණ ලදි.

ඉන් පසු එම වෛද්‍යවරයා විසින් යුධ ෆෝබියාව, පෝලියෝ මෙන්, සහමුලින්ම නැතිකර දමා ජනතාවගේ සිත් සතන් සුවපත් කලද, ඔහුගේම කණ්ඩායමේ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ එය සහමුලින්ම තුරන් කර නැති බවකි.

ඔහු විසින් සොයාගන්නා ලද චින්තන එන්නත හා පංච බල එන්නත මේ වන විට සාර්ථකව ලබා දෙන අතර සාර්ථක පර්යේෂනයකින් පසු නවතම එන්නතක් සොයගෙන ඇත. එනම් බොර තෙල් එන්නතයි. මෙය අනෙකුත් එන්නත් වලට වඩා නිර්වින්දනය සඳහා සුදුසු බව ජන මත විචාරනවලින් පැහැදිලිව පෙනී යයි.

රාත්‍රී දේශපාලන ප්‍රහසනවලදී විපක්ෂයේ රෝගීන්ටද, පුවත් පත් සාකච්ඡාවලිදී ජඩමාධ්‍යවේදීන්ටද සාර්ථකව ලබා දෙන මෙය, අධ්‍යාපනය වැරදි එන්නතකින් මරාදමන ලද ගොඩ වෙදා විසින් තමන් සන්තක කරගැනීමට දරන ලද උත්සාහය ප්‍රධාන වෛද්‍යවරයා විසින් වලකන ලදි.
නැත්නම් ජනතාවට එන්නත ලබා දීම කෙසේ වෙතත් මහ මඟ වෙල වල් වල එන්නත තිබෙනු දැක බලා ගන්නට තිබින.

හදිසියේ හෝ තෙල් ලැබුනාමයයි සිතමු. එහෙත් මේ රටේ ගොනුන්ට නොතේරන දෙය නම් තෙලෙන් පමණක් රටක් ගොඩ ගත නොහැකි බවයි. තෙල් ස්ම්පත ලැබෙන බොහෝ රටවල් විශ්ලෙෂණය කර බැලීමේදී පැහැදිලිව පෙනී යන කරුණ නම්, පාලකයන් පිස්සු කෙලින රටවල ජනතාවට ලැබී ඇති සෙතක් නොමැති බවයි. ඒ සඳහා ලබා දිය හැකි හොඳම උදාහරණය නම් ඉරාකයයි. අද එරට ජනතාව උපන් බිමේම අසරණයන් බවට පත්ව ඇත.

එබැවින් බොරතෙල් ආතල් ගන්නෙ නැතුව ගංජා උගුරක් බී ආතල් ගන්නා මෙන් ඉල්ලා සිටිම්. එසේ කල නොහැකි අය පමණක් තවත් එන්නතක් පැමිණෙන තෙක් මෙම එන්නත ලබාගෙන ආතල් ගත්තාට අමනාපයක් නොමැත......

ප: ලි:

මා කුඩා කාලයේදී මැතිවරණ වේදීකාවකදි දේශපාලුවෙකු පැවසූවේ රත්නපුරයෙන් කැළණි ගඟ දිගේ පැමිණෙන මැනික් මෝදර මෝය කටේ හිරවී ඇති බවත්. තමා බලයට පැමිණි විගස ඒවා ගොඩගෙන මුලු ලංකවම ගොඩගන්නා බවත්ය. (කොහොමද කතන්දර අපේ කතන්දර මලය කියන්නෙ කතන්දරද කියල හිතෙනව නේ)

May 17, 2010

ස්ටඩ් බුල් - Stud Bull

.

මහත්තයෙකුට නුවර-එළිය පැත්තෙ තරමක් ලොකු ෆාම් එකක් තිබුනා. මහත්තය ඉන්නෙ කොළඹ නිසා මැනේජර් මහත්තයෙක් එහෙම පත් කරල තිබුනේ.

ඉන්න ස්ටඩ් බුල් වයස නිසා, අළුත් එකෙක් ගේමූ කියන මැනේජර්ගෙ යෝජනාව අනුව එදාම අළුත් ස්ටඩ් කෙනෙක් ගෙනාවා.

ඊට පස්සෙ සුමානේ ෆාම් එකට ගියපු මහත්තය..

"කොහොමද මැනේජර් මහත්තය අපේ අළුත් ස්ටඩ්..?"

"කිසිම වැඩක් නෑ සර්, ඔහේ තණකොළ කකා ඉන්නව විතරයි, වැස්සියෙක් දිහා බලන්නෙවත් නෑ.."

"ම්.... ඒකත් එහෙමද..? ඇයි වෙටරන්ට කිව්වෙ නැත්තේ, එයා මොනව හරි කරයි, හොඳයි මම යන ගමන් කියන්නම්කො..."

ඊට පස්සෙ සුමානේ...

 "මොකද වූනේ මැනේජර් මහත්තය...? වෙටරන් ආවද....?"

"ඔව් සර්, ආවා..."

"දැන් කොහොමද අපේ ස්ටඩ් ගේ තත්වේ...?"

"ආ...... මාර වැඩේනේ උනේ සර්.... ටැබ්ලට් වගයක් දුන්න, ටික වෙලාවයි ගියේ, එක වැස්සියෙකුට ඉන්න දෙන්නෙ නෑ.... ඒ මදිවට.. වැටත් කඩාගෙන අනිත් ෆාම් වලට පැනල එවල උන්ට ඉන්න දෙන්නෙත් නෑ...."

"නෑ.............. මාර ටැබ්ලට් එකක් නේ.... මොකක්ද මැනෙජර් මහත්තය ඔය ටැබ්ලට් එක...?"

"නමනං කියන්න දන්නෙ නෑ සර්......."

"හැබයි "චෙස්ටො" රසමයි එන්නෙ......."

ප: ලි:
ස්ටඩ් ගේ රාජකාරිය දැනගත්තු සර් ජෝන් ප්‍රාර්ථනා කලාලූ "ලබන ආත්මේ මා ස්ටඩ් කෙනෙක් වී ඉපදේවා" කියල.

May 16, 2010

සුදු කොඩි, කළු කොඩි, සිංහ කොඩි හා බඩ ගෙඩි.....

.

තම මවට හා උපන් රටට ආදරය කිරිම උතුම් දෙයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ. එහෙත් ලාංකිකයන් අවංකවම තම රටට ආදරය කරයිද? උත්තරය නැත යන්නයි. එසේ ආදරය කිරීමට තරම් බහුතර ජනතාවට, රටෙන් ආදරය ලැබී නැත. ජාතික දිනය දා ජාතික කොඩියක් ඔසවා තබන මෙන් ජනතාවගෙන් ආයාචනය කිරීමට සිඳුව ඇත්තේ එබැවිනි.

නමුත් ස්ව කැමැත්තෙන්ම තම ජාතික කොඩියට ගරුකල දිනයක් මෑතකදී උදාවිය. ඒ 2009 මැයි මස 18 වන දිනයි. පොලීසිය මඟින් තම නිවෙස්වල ජාතික කොඩිය ඔසවන ලෙස කරණ ලද අණකිරීම් පැහැර හැරි ජනතාව පවා, නිදහස යන හැඟීම නියමාකාරයෙන් තම සිත් තුල ජනිත වූ බැවින්, බේදයකින් තොරව ලාංකිකයන් ලෙස එක් ධජයක් යටට පැමිණියහ.

එහෙත් ඒ සතුට පැවතියේ කෙතරම් කලකටද? සටන් තිබූ කාලයටත් වඩා, ජිවත් වීමේ සටන අති දුෂ්කර තත්වයකට පත්ව ඇත. වීරයා සිර ගත කොට ඇත. (ඔහු, තමන් ගැන අධි තක්සේරුවකින් හා පුහු මමත්වයකින් සිටීනම් ඒ සඳහාද වගකිවයුත්තේ රජයයි. යුධ කළමණාකරනය හැර සොල්දාදුවන් මාධ්‍ය තුල හරඹ පෙන්වීමක කිසිම රටක අප දැක නැත. ඉතා විශේෂ අවස්ථාවලදී පමණක්, හමුදා මාධ්‍ය ප්‍රකශක අදහස් ප්‍රකාශ කරණු දැක ගත හැක.)

නමුත් සිඳු වූයේ එය නොවේ, යුද්ධය වාර්ථා කිරිමට ගිය මාධ්‍ය කරුවන් පවා වීරයන් කිරීමත්. මාධ්‍ය ප්‍රකාශ නිකුත් කල වුන්ද, කටින් බතල කොල සිට වූවන්ද, මුදල් වලට පක්ෂය පාවා දී ආන්ඩුවට එක්වූවන්ද, මෙකි නොකි සියල්ලන්ම විරුවන් බවට පත්වීමයි. (ජයග්‍රහණයට හිමිකරුවෝ බොහෝ ඇත.)

කිසිම දෙයක් නිසියාකාරව කල නොහැකි රජය නියමාකරයෙන් කල එකම කාර්යය 30 වසරක් පුරා පැවති යුද්ධය සහමුලින්ම නවතා දැමීමයි. එහි ගෞරවය ආරක්ෂක ලේකම් එම දූරයට පත්කල ජනාධිපතිටත්, හමුදාපති එම දූරයට පත් කල ආරක්ෂක ලේකම්ටත්, නිර්භීත නිලධාරින්ට උසස් වීම් ලබාදී කෙලින්ම සටන් බිමට යොමුකොට, සම්ප්‍රදායික යුධ උපක්‍රම පසෙකලා තමාගේම උපක්‍රම උපයෝගීකරගනිමින් සියලූම හමුදාවන්ට නායකත්වය දුන් හමුදාපතිටත්, සොල්දාදුවන්ටත් හිමිවිය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි.

ඒ අනුව පෙනී යන වැදගත්ම කාරණයනම්, මෙය සාර්ථක කණ්ඩායම් ප්‍රයත්නයක් බවයි. (Team Work). අනෙකුත් අංශවල මෙන්ම ජයග්‍රහනයෙන් පසු හමුදාවන් තුලද දක්නට නැති ගුණාංගයත් මෙයයි.

අප හට විවේචන කොතරම් තිබුනද, ලාංකිකයන් යනු ශ්‍රේෂ්ඨ ජාතියක් බව ලොවට පෙන්වූ එදා හදවතින්ම ජාතික කොඩියක් ගෙන ජයග්‍රහණය සැමරීම සඳහා එක්වූහ. එහෙත්, වසරකට පසුත් සමරණ උත්සවවලට, අරක්කූ බෝතලයට නටන හෙන්චයියන්ට හැර ජනතාවට අවංකව එක්විය හැකිද......?

May 13, 2010

ආදරණීය සනත්, කරුණාකර සමුගන්න ..........

.
ඕනෑම කෙනෙකුට ලැජ්ජාව කියා දෙයක් ඇත, ජාතික වීරයකු, වීරයකු ලෙස මිය යා යුතුය. අපේ රටෙහි සිඳුවන්නේ මෙය නොවේ. කලක් අප වීරයන් ලෙස පිලිගත් කලාකරුවන්, උගතුන් බුද්ධිමතුන් පමණක් නොව, අපගේ ඇස් පැදූ ජනමාධ්‍යවේදීන් පවා අද ජඩමාධ්‍යවේදීන් බවට පත්ව, නිරුවතින් ගමන් කරයි.

කවුරු කෙසේ කීවත්, කවුරුන් එය තමන්ගේ වික්‍රමයක් යැයි කීවත්, කළුවිතාරන හා එක්ව මුලු ලොවම මවිතයට පත් කරමින්, එක් දින තරඟ රටාව උඩු යටිකුරු කලේ ඔබයි. ටෙස්ට් ක්‍රිකට් වලද, මහානාම හා එක්ව දැක්වූ දස්කමත්, ඉන් අනතුරුව පෑ දස්කමුත් අපට කිසි දා අමතක නොවේ. එංගලන්තය සමඟ ලෝඩ්ස් පිටියේ තරඟය ජයග්‍රහනය සඳහා, උඩුගුවනේ සිට ඔබ එල්ල කල හයේ පහර ඡායරූපයක් සේ අප සිත් තුල ඇඳි පවතී.

ඔබ ජවසම්පන්න යයි ඔබ තුල අධි තක්සේරුවක් ඇති බව පෙනේ. නමුත් කනගාටුවට කරුන නම් ඔබට පන්දුව දැකීමට නොහැකි බව, ඔබට සහ ඔබව ලජ්ජාවට පත් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති අය හට නොතේරීමයි.

සනත් ඔබ වීරයකු ලෙස සමුගැනීමට තිබුනේ මීට සෑහෙන කලකට පෙරයි. ඔබ වීරයකු ලෙස සිටී විට ඉවත්වූවානම්, ජනතාව පසුතැවෙන්නට ඉඩ තිබින. එහෙත් අද ඔබ බින්දුවට දැවී යන විට ඔබ පමණක් නොව, ඔබ වැදූ මවද, නින්දාවට පත්වේ.

වීරයකු ලෙස මියෙම්ද?. මුදලට වහල්වූ තවත් ද්‍රෝහියකු ලෙස මියෙම්ද?. (දක්ෂතා වලින් හෙබි ක්‍රීඩකයන් රැසක් සිටියදී, දේශපලන බලයෙන් ක්‍රීඩා කොට රටට පරාජය ගෙන ඒමෙන් ඔබ කරන්නෙ ද්‍රෝහි කමකි.) යන්න තීරණය කිරීම ඇත්තේ ඔබ අතයි.

කරුණාකර වඩා වගකීමක් ඇති නව රැකියාවට මුල් තැනදී. ජාතියේ නාමයෙන් ක්‍රිකට් වලට සමුදෙන්න.

May 12, 2010

තත්තේ මං ආවේ කොහේ ඉඳලද?........

.
මේක මම ලියපු "ප්‍රීතීමත් යුග දිවියකට" පොස්ට් එකට "දුකා" දාපූ කොමෙන්ට් එක දැකල ලියන්න හිතුවේ.

බොහෝ දෙනෙක් දන්නව මේ කතාව..

ඔන්න ප්‍රොෆෙසර් කාරයෙක් හිටිය. මෙයාගෙ ලොකු පුතා කොළඹ ජනප්‍රිය පාසැලකට ඇතුලත් කරන්න කොච්චර උත්සාහ කරත් බැරිඋනා. නමුත් මිනිහ අඳුනන ඇමති කෙනෙක් පොරට කිව්ව, "දැනට ඔය ලඟ පාත ඉස්කෝලෙකට දාන්න, 3 පංතීයේදී විතර මම හොඳ ඉස්කෝලෙකට දාලා දෙන්නම්" කියල.

අනේ බොරුවක් එහෙම නෙමෙයි, කිව්ව වගේම ඇමතිතුමා පොරොන්දුව ඉටු කලා. අපේ ප්‍රොෆෙසර් කාරයට මාර ත්‍රිල්. පළවෙනි දවසෙ මිනිහ වැඩට යන්නෙත් නැතුව, ටයි පොල්ලකුත් දමාගෙන ඉස්කෝලේ ගෙට්ටුව ගාව තමයි හිටියෙ සිකුරිටි කාරය වගේ.

පොඩි එකා ඉස්කෝලේ ඇරිල ඇවිල්ල දෙන්නත් එක්ක ඩුයුටි ෆ්‍රී කාරෙකේ යන ගමන් පොඩි එකා කතාව පටන් ගත්ත. (පොඩියි කිව්වට ඌටත් ආචාර්ය කෙනෙකුගෙ මොලේ.)

"අප්පච්චි, පොඩි කාළේ ඉඳලම මට බොරු ඉගැන්නුව, මට ඇත්තම කියන්න. අපි කොහේ ඉඳලද ආවේ."

පොර දැනගත්ත මේ සැරේ නම් බොරු කියල බේරෙන්න බැරි බව.

"ඕක පුතේ ලොකු කතාවක්, මම ගෙදර ගිහිල්ල කියල දෙන්නම්."

ගෙදර එක්කෙනා එක්කත් මේ ගැන සාකඡ්චා කළා.

"අනේ මං දන්නෙ නෑ. මටනම් ඕව කියන්න බෑ. තමුසෙම කියා ගන්නව."

"පුතේ මම මේක ඔයා තව ටිකක් ලොකු උනාම කියල දෙන්නයි කියල හිතන් හිටියෙ. ඒත් ලොකු ඉස්කෝලෙකට යන එකේ ඔයා මේක දැනගත්තට කමක් නෑ.. මෙහෙන් ඉඳගන්නකෝ....." කියල කතාව පටන්ගත්තා.

මේ යකා, ගෑනීයෙකුයි මිනිහෙකුයි කසාද බඳින හැටි. සංසර්ගය කියන්නෙ මොකක්ද, යෝනිය කියන්නෙ මොකක්ද, පුරුෂ ලිඟුව කියන්නෙ මොක්කද ඒ කාරිය කෙරෙන්නෙ කොහොමද, ආදී වශයෙන් සම්පූර්ණ "ප්‍රජනන පාඩම" පොඩි එකාට දේශනා කලා.

පොඩි එකා ඇස් ලොකු කරන්, කන් කෙලින් තියාගෙන මේක අහගෙන හිටිය.

"දැන් තේරූනාද පුතේ?..., ඒත් ඇයි ඔයා අදම ඕක ඇහුවේ?....."

"ඔයා කියපු මුකුත් මට නම් තේරුනේ නෑ අප්පච්චි....."

"මට එහා පැත්තෙ ඉන්න කසුන් කිව්ව, එයාලා ආවේ අනුරධපුරේ ඉඳන් කියල....."

ප: ලි:

ඉස්කෝලෙකට දාගන්න පොඩි එවුන්ට බොරු කීයක් උගන්වනවද?

May 11, 2010

සැරද මැතිසඳ ? - Yes, Minister.?

සැරද මැති සඳ ? ඔව් මම සැර තමයි යකෝ.
අසාධරනේ දුටු තැන මට කට වහගෙන ඉන්න බෑ. වැරදි ගැනම ලියන්නෙ පෙන්නන්නෙ, ඉඳල හිටල හරි අපි කරණ හොඳ දෙවල් ගැනත් කතා කරපියකො.

අවසර දොස්තර, මේ කතා කරන්න යන්නෙ එහෙම දෙයක් ගැන තමයි. අපි ගාල්ලේ කියල කිව්වට, මට දැනෙන තේරෙන කාලේ ඉඳලම ඉන්නෙ කැළණියේ. කැළණියෙත් තොරණ හංදියේ. වරාගොඩ පාරේ පොඩ්ඩක් දුර. ඒ වටපිටාව, පරිසරය, අපි කරපු කියපු දේවල් ගැන කතන්දර පස්සෙ ටික ටික කියන්නම්.

තොරණ හංන්දිය කිව්වට මෙතන තොරණක් තිබුනෙ නෑ. රජතුමා විවේකය ගතකල කැලේ පිහිට් මාලිගාවේ (වනවාසල.) ඉඳල කැළණි රාජධානියට පිවිසෙන මෙතන ඒ කාලෙනම්, තොරණක් තිබූ බව කියවෙනව. (බයිල චක්‍රවර්ති ගෙන් වැඩි දුර වීස්තර ලබා ගත හැක.) අවට ප්‍රදේශය සීඝ්‍ර දියුණුවක් ලැබුවත්, මෑතක් වන තුරුම රජ කාලේ වගේ තමයි හංදිය තිබුනේ. තමන් උපන් ප්‍රදේශය දියුණු වෙන කොට ලස්සනට තියෙන කොට පෘතග්ජන මනුස්සයෙක් වන මට, සතුටක් දැනෙන එක කාටවත් වලක්වන්න බෑ.

දැන් මෙතනට බය නැතුව තොරණ හංදිය කියල කියන්න පුලුවන්, ලොක්ක ලොකු තොරණක් හදල තියෙනව. හංදියත් සෑහෙන එලියයි. කාලයක් ධීවර සංස්ථාවට අයත්ව වූ, වරාගොඩ පාර, වනවාසල පාර. ඉස්තරම්ම තත්වයෙන් තියෙනව.

ආචාර්ය තුමා, නාවලපිටියෙ කළවැද්දා වැනි චරිතවලට මම කැමතියි. මොකද මේ අය තමාගේ චරිතය තාත්විකව හා සාර්ථකව ඉඳිරිපත් කරනවා. අනෙත් සියලූම නළු නිලියොත් කරළියෙන් පිටතදී සාර්ථකව රඟපෑවත්. කරළියට පැමිණිවිට ඉඳිරිපත් කරණ බූමීකාව අන්තිම අසාර්ථ්කයි. කොටින්ම කියනව්නම් දෙබස් පවා පටලවගෙන, මහත්තරුන්ගේ සහ නෝනාවරුන්ගේ බූමීකාවන්ට එළබීමට දරණ උත්සාහය, සැබෑ ලෝකයේ එවැනි චරිතවලට පවා අපහාසයක්.

ඔවුන්ට, ගොන් සෝමේගෙන් හෝ ජනමූල ජැකී ගෙන් රංඟනය ගැන වැඩි දුර හැදැරිය හැක. මෙමගින් මෙලෝ දෙයක් නොකරන (ඔවුන් කිසි දෙයක් නොකල බවට ඔවුනොවුන්ම බැන අඬගහ ගනී) ඔවුනට සාර්ථක රංගන ශිල්පීන් හෝ විය හැක.

May 9, 2010

පාන් කවි - Bread Poetry


පුරුතුගීසී වයින් බිබි කනව දැකල           පාන්
අපේ උනුත් කාලා බලපි හොඳද කියල   පාන්
එතැන් පටන් රස විඳිනව සුදට සුදේ       පාන්
කොච්චර ආදරෙද උඹට ඇයිදෝ කිය     පාන්

සිරිමාගෙන් පෝලිම්වල කට්ට කාපූ           පාන්
අල කවන්න ඕන නිසා බතුත් නැතිලු         බන්
හැත්ත හතේ මුත්ත ඇවිත් දුන්න කන්න    පාන්
පාන් නෙවෙයි ඕන් දෙයක් තියෙනව කා   පාන්

නැති බැරි අය කාල කපල කන්න ගන්නෙ     පාන්
ඇති හැකි අය ගෙඩිය පිටින් කෙලල අරින    පාන්
එක එක ගනනට තියෙනව වෙළඳ පොලේ    පාන්
පාලන මිළ කීයද මට කියලා දී                       පාන්

ධන රිනයා සූත්තරෙන් වැඩි කරාපූ                 පාන්
ජොනිය ඇවිත් ආපූ ගමන් කෙලිය නේද        පාන්
මේ වැඩේට ජොනියාගෙන් වැඩක් නැහැනෙ   බන්
දොස්තර සිල්වට දුන්නොත් නරකද කිය         පාන්

බුද්ධිමත් ජනතාව - ඉල්ලන්ම කයි - The Wonder of Asia

ආරම්භය ලබා ගන්නේ පදික වේදිකාවේ කඩ, කඩා ඉවත්කිරිමෙනි. එම ඉවත්කිරිම්වල ශිෂ්ඨ සම්පන්න බාවයක් දක්නට නොලැබින. (රජයක් ශිෂ්ඨ සම්පන්නව කටයුතු කලයුතුය. නැතිනම් රජයත් පේමන්ට් කඩ කාරයන්ගේ තත්වයටම පත්වේ.) ඊයේ දෙනෝදහක් බලා සිටියදි, රූපවාහිණි කැමරා ඉදිරියේ කොම්පඤ්ඤ වීදීයේ ස්ථිර නිවාස කඩා බිම හෙලන ලදී. හේතුව ලෙස සඳහන් වූයේ, අනවසර ඉඳිකිරීම් බවයි.

මා හට ඇති ප්‍රශ්නයනම්, ඒවා අනවසර ඉඳිකිරීම් වන්නේ කෙසේද යන්නයි. ශීතකරණ, රූපවාහිනි, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි පංකා ඉවත් කල භාන්ඩ අතර විය. මේවා පාවිච්ච් කිරීම සඳහා විදුලි බලය අත්‍යාවශ්‍ය අතර ඒ සඳහා ඔවුන් බිල්පත් ගෙවන්නටද ඇත. එසේනම විදුලි බළ මණ්ඩලයට විරුද්ධවද කටයුතු කළ යුතුය. නිවාස වලට ජලය සපයා තිබුනි නම් ඒ සඳහාද නීතීයට අනුව කටයුතු කළ යුතුය.

ඔවුන් වැරදි කරුවන්යැයි මොහොතකට සිතමු. මාසයක කාලයක් ඉවත්වීම සඳහා ලබා දුන් බවද සඳහන් විය. එහෙත් එම කාළය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත. අවම වශයෙන් මාස තුනක් වත් ඒ සඳහා ලබා දිය යුතු බව මගේ හැඟීමයි. නිවසක් සාදා ගැනීමට හා නිවසක් සොයා ගැනීමට කොතරම් කාලයක් ගතවනවාද යන්න ඕනෑම කෙනෙකු දන්නා කාරණයකි.

අනෙක් කරුණ වන්නේ මෙම ඉවත් කිරීම ශිෂ්ඨ සම්පන්නව කල නොහැකිද යන්නයි. වයසක පුද්ගලයකු නිවසින් පිටතට රැගෙනවිත් සංග්‍රහ කල ආකාරය දුටු මාගේ මුලු ශරීරයම හිරි වැටී ගියේය. සමහර විට ඔහුගේ ජීවිත කාලයම මෙම නිවස තුල සිටින්නට ඇත. (උතුරේ ජනතාවට සලකන ආකාරය ගැන දැනීමක් මෙමගින් ලබා ගත හැක.)

මෙවැනිම සිඳුවීමක් මට ඊශ්‍රාලයෙදි දැක ගැනීමට ලැබින. අරාබී ජනාවාස වල විසූ යුදෙව් ජනතාව ඉවත්කිරීමේ මෙහෙයුමක් දින ගනනාවක් තුල සජීවීව, රූපවාහිනී මඟින් පෙන්වල ලදි. ජනයාට පහර දීමක් සිඳුවූයේ එකම එක අවස්තාවකදී පමණි. එය ඉතා ශිෂ්ඨ සම්පන්න ආකාරයෙන් සිඳුකල අතර නිවාස ලබා දෙන තෙක් ඔවුනට හෝටල් පහසුකම් ලබා දෙන ලදී.

මෙම පහල පංතිවල ජනතාව අන් අය මෙන් නොව තම ශ්‍රමය වත්මන් ජනාධිපති තුමා වෙනූවෙන් උපරීම ලෙස කැපකල ජනතාවයි. නමුත් අද ඔවුන් වෙනුවෙන් කතා කිරීමට කිසිම පුද්ගලයකු හෝ ආයතනයක් නොමැත. ලංකාවේ බුද්ධිමතුන් මෙම ක්‍රියාමාර්ග එක හෙලා අනුමත කරණු ලබයි.

මුලින්ම දුප්පත් ජනතාවට බස් රථ තුල සිඟමන් සහ වෙළඳාම තහනම් කරලීය. ඉන් පසු පේමන්ට් කඩ ඉවත් කරන ලදි. දැන් ස්ථිර නිවාස කඩා බිම හෙලනු ලබයි.
සුපර් ස්ටාර්ට සුගතදාස ක්‍රීඩාංගනය අහිමිවේ. ඒ සඳහා එවන SMS නතර කිරීමට බොරු SMS යව‍යි. පාන් සහ ගෑස් වැඩිවීමෙන් සියළුම ආහාර ද්‍රව්‍ය වල මිළ ඉහල ගොස් ඇත. ලබ්බට තැබූ අත පුහුලටත් තැබීමට දැන් කිසිම බියක් නැත. බුද්ධිමත් ජනතාව තුනෙන් දෙකක්ම ලබා දී ඇත. දෙකක් නොව තුනම දී. මැදපු කමිස තුනම නැතයි යන හැඟීමක් ඇති වූවාට පුදුම විය යුතු නැත.

සුභ අනාගතයක් !!!  තෙරුවන් සරණයි !!!

May 7, 2010

ප්‍රීතිමත් යුග දිවියකට .... - Happy Family Life



මම කලින් කතාවෙ කීව්ව නේ මගේ ප්‍රශ්න කිරිල්ල ගැන, මේකත් ඒ වගේම පැහැදිලි උත්තරයක් නොලැබුනු නිසා වෙච්ච සිද්දියක්. හැම වෙසක් කාලයකදීම මට මේ කතාව මතක් වෙනව.

ඒ කාලේ වෙසක් එකට ලස්සන ලස්සන බකට් එල්ලනව. කොච්චර ලොකු කූඩුවක් හැදුවත් හැම ගෙදරම වගේ බකට් ටිකකුත් එල්ලනව. මේ තරම් ලයිට් ගැජට් නැති ඒ කාලේ, රෑට බකට් එලියෙන් ලැබුනෙ පුදුම ලස්සනක්.

පොඩිම කාලේ වෙසක් සිරි නරඹන්න යන්නෙ අපේ ගෙදර නැවතිල හිටිය ලොකු අම්මගෙ පුතාල දෙන්නයි එයාගේ යාලුවොත් එක්ක. එක අයියා කෙනෙකුගෙ ආදරේට කියන නම ප්‍රීතී. බකට් අතරෙ එක බකට් පේලියක් තිබුන "ප්‍රීතී වෙසක්" කියල, මේක දැක්කම කට්ටියම හිනා වෙනව. මම ඇයි හිනාවෙන්නෙ කියල ඇහුවම, කට්ටිය එක්ක තවත් හිනාවෙනව මිසක් උත්තරක් දෙන්නෙම නෑ.

ඔය දවස්වලම තමයි, පත්තරේ දැන්වීම් ගියේ "ප්‍රීතිමත් යුග දිවියකට - ප්‍රීතී" කියල, යුග දිවිය කියන එකට උත්තරේ ලැබුනත් "ප්‍රීතී" කියන එකට පැහැදිලි පිළිතුරක් "දයිය" ගෙන්වත් ලැබුනෙ නෑ. එයත් කිව්වෙ මල්ලි තව චූට්ටක් ලොකු උනාම කියල දෙන්නම් කියල. මැනිකගෙන් ඇහුව, කඩේ ප්‍රේමසිරි අයියගෙන් ඇහුව, ඒත් ලැබුන උත්තරේ තමයි "පස්සෙ කියල දෙන්නම් කියන එක."

ගමේ සීය ඇවිල්ල (තත්තගෙ තත්තා), අම්මටයි ආච්ච්ටත් (අම්මගෙ අම්මා) හොරෙන්, ඉස්තොප්පුවේ රහස් සාකඡ්ඡාවක්. මමත් පත්තරේකුත් අරගෙන ගිහිල්ල දෙන්නට කිට්ටුවෙන් බිම දිගා වෙලා පත්තරේ බලනව වගේ කතාව අහගෙන හිටිය. (ලොකු අය කතා කරන තැන්වල ගැවසෙන හොඳ පුරුද්ද ප්‍රගුන කල කෙනෙක් මම.)

දෙන්න කතාවෙන්නෙ, මැතකදි කසාද බැඳපු බාප්ප ගැන. (තත්තගෙ මල්ලී ගැන, එයාගෙ පෙර වැරදි ගොඩක් තිබුන කියල දැනගත්තෙ පසු කාලෙක, ඒත් අර හොඳ පුරුද්ද නිසා).

කතාව දිගටම යනව.

"හැමදාම රන්ඩු, දැන් අහල පහල අයත් දන්නව, මමත් අවවාද කලා, ඒත් අඩුවක් නෑ", "ඔහේවත් මල්ලි එක්ක මේ ගැන කතා කරල බලන්නයි කියල යන්න වැඩිපුරම ආවේ."

"මටත්, එහෙන් මෙහෙන් ආරංචි උනා. (ඒ කාලේ සන්නිවෙදනය බොහොම දුර්වලයි.), අනේ මං දන්නෙ නෑ තාත්තෙ, තාත්තා කියන නිසා මම කතා කරල බලන්නම්"

මගේ දැනුම ප්‍රදර්ශනය කරන්න හොඳම අවස්ථාවක් මේ.

"ඉතිං සීයේ, බාප්පට කියන්නකො සතුටෙන් ඉන්න "ප්‍රීතී" ගන්නෙයි කියල."

කතාවේ ඉතුරු ටිකත්, මම ම කියන්න ඕන නැහැනේ..........

May 6, 2010

"හඳේ කොහෙද හාවෙක් ?"...... - "What?, Bunny on moon?"........


පොඩි කාලේ ඉඳලම අහුවෙන ඕනම දෙයක් කියවන ලෙඩේ දරුණුවටම තිබුනත් ළමා පත්තරේකට තිබුනෙ මිහිර පත්තරේ විතරයි. සති අන්තේ ගේන ලොකු පත්තරත් කියවනව. ඊට පස්සෙ තාත්තට දෙනව ප්‍රශ්න පත්තරයක්ම. ලොකු උනාම උත්තර දෙන්නම් කියන ප්‍රශ්න දයියට (දයානන්ද අයියට.) ඉදිරිපත් කරනව. එයා තමයි අපේ හීරෝ. අපේ ගුරු. ඕනම දෙයක් ගැන දන්නව. නොම්මර එකේ පොත් ගුල්ල. මිනිහ තමයි ගොඩක් දේවල් කියල දුන්නෙ. (හික් හික්........)

අලුත් පංන්තියකට පාස් වුනාම ගන්න පාඩම් පොත්වල හිතට වදීන ඒව, පංතියට යන්න ඉස්සෙල්ල කියවල ඉවරයි. (මාරයි නේ). එච්චර කැමති නැති වුනත් බුද්ධාගම පොතත් බලන්න වෙනව. ඒ ආච්චි නිසා. උන්දැ පොත ලියපු උපදේශක මණ්ඩලයෙ හිටිය වගේ ඒ සබ්ජෙක්ට් එක නම් නියමෙටම දන්නව. පස්සෙ පොතේ තියෙන ඒවා අතේ ඇලෙන්නෙ නැති චිකන් කියුබ් එකක් එහෙම එකතුකරල, රස වැඩිකරල ඔක්කොටම බෙදනව. (දැන් කොහෙද් ඒව, දැන් ආච්චිල පොඩි එකාගෙ බීස්කට් එකටත් විදල, උගෙන්ම මකුළු මෑන්ගෙ , වවුළ් මෑන්ගෙ  කතා අහනව.)

දැන් ඉතිං කතාවට එමුකො. අලුත් බුද්ධාගම පොතේ තිබුන "සස ජාතකය" ඕක අපේ ආච්ච්ගෙන් අහගෙන, උන්දැයි මායි අතර බුද්ධිමය සංවාදයකුත් ගියා. ඔන්න ඉතින් ඔය පාඩම පංතියෙ කියල දෙන දවස ආව. බුද්ධාගම ඉගැන්නුවට බුදු සාදු ගාව තිබුන කරුණාව මයිත්තිරිය සර් ගෙ ගුරුවරු සර්ට උගන්නල නෑ මගේ හිතේ.

"ඉතිං, ශක්‍ර දේවේන්ද්‍රයො ඒ සා නායකයගෙ රූපය සඳ මත සිතුවම් කලා"
කියන කොටම තවත් තද කරගෙන ඉන්න බැරුව, පැන්න හිනාව "බකාස්" ගාලා හෙන සද්දෙටම.
"මොකද තෝ හිනාවෙන්නෙ මෙහාට වර" ..
"නෑ සර්, හඳේ කොහෙද හාවෙක්, ඒ පේන්නෙ හඳේ තීයෙන ආවාට.....)
විස්තර කරල දෙන්න වුනේ එච්චරයි, සර් ගෙ අතක් වේගයෙන් මගේ කන දිහාවට එනව පෙනුන.
"චටා.............ස්"
සඳ කෙසේ වෙතත් රන් තරුනම් නොමිලේම බලා ගත්ත මහ දවල්.

"හඳේ හාවෙක් නෑ කියල මම දන්නව බොල, මං තොපිට කියල දෙන්නෙ සිලබස් එකේ තියෙන ඒව. පල යන්න, ගිහිල්ල ඉඳගනින් පන්ඩිතය වෙන්න නැතුව."
(ඉඳගන්න කිව්වෙ, දුක හිතෙන්න ඇති ඇත්ත කියපු එකෙකුට ගැහැව්වට, නැත්තං ද ණ  ගහන්න කියනවමයි.)
                                                       නිමි.

"උගන්නන එකත් දන්නවනම් බොරු කියල, මොන මඟුලට උගන්නනවද කියල, එදාම අහන්න හිතුනත්, ඇහුවෙ නෑ සර්"

කියල කිව්වේ, අස්වෙන වෙලාවේ කකුල් දෙක අල්ලල වඳින කොට, කඳුළු පිරුණූ දැසින් සර් මේ කතාව මතක් කල වෙලාවේ.


May 4, 2010

ධනවාදයද?..... මළදානයද? ...... - What do you mean by Capitalism? ....

w3lanka, රාමචන්ද්‍ර හා ටැබූ විසින් ගෙනෙයන විවාදයට එකතුවූ  Beyond Frame ගේ බ්ලොග් ලිපිය සඳහා මා විසින් ලියන ලද අදහස් දැක්වීමකි..............


ඔබගේ ලිපිය මම එක හඬින් අනුමත කරමි. පෞද්ගලික ආයතන පිළිබඳව ඔබ පලකල අදහස් එකහෙලා පිලිගනිමි. ඒ පිළිබඳ බොහෝ අද්දැකිම් මම ලබා ඇත්තෙමි. මේවා පාලනය වන්නෙ තනිකර බොරුවෙනි. විගණන ආයතන විසින් සහතික කොට පුවත් පත් වල ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්ථා පට්ට පල් බොරුය. මෙහි හොඳම විහිළුව වන්නේ, ඒවා අධික්ෂනය සඳහා පත් කර ඇති ආයතනවල නිලධාරින් බෝතලයට, ගණිකාවන්ට (ගණිකා රැකියාව ගැන මගේ ඇත්තෙ ඉතා සුභවාදී ආකල්පයකි.) වහල්වීමෙන් අන්ධ බාවයට පත්ව ඇත.

අවංක නිළධාරින් සුළු පිරිසක් සිටියද, ඔවුනගෙ හඬට ඉඩක් නොමැත. පෞද්ගලික අංශයේද Beyond Frame සඳහන් කල පරිදිම පවතින්නේ බොරුව සහ වංචාවයි. එවා මුල් පුටුවලට ඉදිරිපත් කරනු ලබන ඉහල පෙළේ නිළධාරියකුට වුවද (අධ්‍යක්ෂකවරයකුට පවා) සිඳුවන්නෙ එදිනම ගෙදර යාමටයි. නැතිනම් පල නොකියා පලා බෙදීම ආරම්බ කරනු ඇත.

මෑතකදී දැක ගැනීමට ලැබුනු සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ඇදවැටීම හොඳම උදාහරණයයි. එම සමූහයේ, රක්ෂන සමාගම, බැංකුව සහ ප්‍රධාන මූල්‍ය සමාගම යම් යම් හේතූන් මත, අනතුරුදායක තත්වයෙන් මිඳුනද, අනෙකුත් සියළුම සමාගම් ඇද වැටින. වැටීමට පෙර එය ලංකාවේ ප්‍රධානම සමූහ ව්‍යාපාරය විය. එම සමාගම තුල සිඳුවූ අකටයුතුකම් පුවත් පත් තුලින් අපට දැනගත හැකි විය. ලංකාවේ අනෙකුත් ව්‍යාපාරවලද පවතින්නෙ මීටත් වඩා මජර පාලනයක් මිස හොඳ තත්වයක් නොවේ. මගේ අත්දැකීමට අනුව, මහ ඉහලින් අගය කරනු ලබන ISO ප්‍රමිතියද, කිසිම ප්‍රමිතියක් නැතත් මුදලට ලබාගත හැකි දෙයකි.

මෙය ලංකාවේ පමණක් නොව, මගේ දැනීම අනුව ඇමරිකාව, ඩුබායි වැනි රටවලද, තත්වය එසේමය. එම රටවලද ආර්ථිකය කඩා වැටුනේ මෙම බොරුව නිසාවෙනි. .w3lanka, රාමචන්ද්‍ර සහ ටැබූ විසින් ගෙනයන ධනවාදය ගැන Beyond Frame, එක්වෙමින් ඉදිරිපත් කරන්නේ සත්‍යය සහ යථාර්තයයි.

ධනවාදය නියම ලෙස පවත්වාගෙන යන රටවල් ලෙස පෙනෙන්නේ දියුණු ස්කැන්ඩනේවියානු රටවල්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ යුරෝපයේ රටවල් කිහිපයක්  හා ආසියාවේනම් සිංගප්පූරුව සහ ජපානය පමණි. එම රටවල ජනතාව, සුපිරි ජීවන තත්වයක් පමණක් නොව, රටක දියුණු බව මැනීමට යොදාගන්නා මිනුම් දඬු බොහෝමයක් බුක්ති විඳි.

මැතකදී ධනවත් බවට පත්වූ ආසියානු මකරුන් සිටියද, එම රටවල ජනතාවට ව්සඳාගත යුතු තවත් ප්‍රශ්න පවතී. එබැවින් මෙම රටවල් හැඳින්වීමට ධනවාදී යන නම හැර, අළුත් නමක් සොයා ගත යුතුව ඇත. සිහිනයකින් හෝ අප රට මකරුන්ගේ තත්වයට පත්වුවහොත් පොදුවේ මෙම රටවල් ජනමූල-ධනවාදී රටවල් ලෙස හැඳින්විය හැක.

අපගේ දේශපාලකයන් හා නිළධාරී පන්තිය සමඟ ධනවාදය වෙත ගමන් කිරිමක් කිසි ලෙසකත් බලාපොරොත්තු විය නොහැක. නව ඇමති මණ්ඩලය එකිනෙකා වෙත දොස් පවරා ගන්නා ආකාරයෙන්ම මේ බව පැහැදිලිව පෙනේ. අපට බුද්ධිමතුන් සිටියද ඔවුන් දැනුම ප්‍රදර්ශනය කරන්නන් මිස (රූපවාහිනි චැනල් තුලින්) ප්‍රායෝගික බුද්ධිමතුන් නොවේ. (ඔවුනට වඩා දෙයක් CIC සමාගම හා එක්ව දුක්ගන්නා රාළ විසින් කරනු පෙනේ.)

විය යුතුව ඇත්තේ වැඩවසම් ක්‍රමයකින් හෝ, ධනවාදය කෙසේ වෙතත්, JR ලබා දුන්නා මෙන් දැනෙන හා පෙනෙන වෙනසක්, (බොහෝ විවේචන ඇතත්), යම්කිසි සහනයක්, දහ දුක් විඳින ජනතාවට ලබාදීමයි. නැතිනම් වන්නේ, ඉතුරු ළමයින්ට හෝ මහල් නිවාස සහ ඇඳුම් පැළඳුම් ලබගැනීම සඳහා එක ළමයකු ගඟට විසිකිරිමේ රියැලටි වැඩසටහනක් ස්වර්ණවාහිනිය විසින් ආරම්භ කිරිම පමණි.


Congratulations !!! "GL" Uncle ...

" මගේ සුභ පැතුම් අංකල් " !!!  .....

" තාත්ත කිව්ව, අංකල් යන හැම ටුවර් එකටම, මාවත් එක්ක යන්න කියල "  ...

" තාත්ති යන ටුවර් හැම එකටම, ඔයාව එක්ක යන්න කියල මම කියන්නම් " ......

May 3, 2010

සරා - දේශපාලන ප්‍රහසනය - Sara - Political comedy

ආනන්ද වික්‍රමගේ මම ගොඩක් ප්‍රිය කරන නළුවෙක්. ගොඩක් පුංචි කාලේ "වැනීසීයේ වෙළෙන්දා" නාට්‍ය බලපු දවසෙ ඉඳල ඒ. ඒ කාලෙ හරි හැන්ඩිය එයාගෙ නෝනා මානෙලුත් එහෙමයි බෝනික්කෙක් වගෙ.

"වැනීසීයේ වෙළෙන්දා" නාට්‍යත් හරිම ලස්සනයි. ටෝනි රණසිංහගෙ දෙබස් අදටත් මතකයි මට. ඒ වගේමයි සංගීතයත්. කේමදාස මාස්ටර්ගෙ. නට්‍යය පටන් ගන්න කොටම යන ම්යුසික් එක මාරයි.

සරා ගැන කියන්නෙ නැතුව ආනන්ද වික්‍රමගේ ගැන කතාකලේ, ජනනන්දන කියන නගරාධිපතිගෙ චරිතෙ කරන්නෙ එයා. මේක මම ඉස්සර ඔහේ දැක්කොත් බලනව මිසක ෆෙවරිට් එකක් නම් නෙමෙයි. (කියන්න ඕන නෑනේ මෙගා ගැන සංසාරෙ වගේ - කළකිරෙනව.) හැබැයි දැන්නම් මිස් උනොත් නෙට් එකේ හරි බලනව.

ඇත්තටම TV එකෙ තියෙන හොඳම දේශපලන කොමඩිය තමයි මේක. (ජනහඬ, රතුඉර, සංවාද, අංශක 360 කැලේ, තුලාව කොමඩි ගනයට වැටෙන්න නෑ. එවට කියන්නෙ "ටෝක් ෂෝ", තවුසන්ඩ් ටෝක් දෙන්නෙ.). සරා පාර්ලිමේන්තුවට තේරුනත් නාට්ටිය නැගල ගියේ නෑ. ජනනන්දන මහත්තය නගරාධිපති වුනයින් පස්සෙ පට්ටම ආතල්.

අද දේශපාළුවො කරන සියළුම මගඩි, මරූමූස් වැඩ නියමෙටම බලාගන්න පුළුවන්. මේක දේශපාළුවො දැක්කොත් අනිවාර්යයෙන්ම තහනම් කරනව. එහෙම නැත්තං පබා ට වෙච්ච දේ ජනනන්දන ටත් වෙනව. ඊට ඉස්සෙල්ල කොහොම හරි බලන්න.

කොච්චර ආතල්ද කියනවනම්. මගෙ කොල්ල යවන්නෙත් ජනනන්දන මහත්තය ගියපු ඉස්කෝලෙටමයි. (නාට්ටියෙ ගිය දෙබසක් මේක. මොකද මුදලාලිල, අනිත් මන්ත්‍රිවරු ජනනන්දන මහත්තයන්ගෙන් නිතරම මේක අහනව.)



May 2, 2010

පරාක්‍රම රජතුමා - King Prakrama

රජකම ලබාගැනීම සදහා මෙහෙයවන ලද අසාර්ථක කැරලි කිහිපයකින් පසුව, චෞර නම් රැජිනගේ ප්‍රධාන ඇමති සහ මුල් පෙලේ ඇමතිවරුන් පිරිසක් රන්මසු සහ පුර අඟනන් ප්‍රදානය කොට තම සේනාවට එකතු කර ගනු ලදුව, රැජින සිරගත කොට පරාක්‍රම කුමරු අගමැති කම දරමින් රාජ්‍ය පාලනය ගෙන ගියේය.

කුමරු ඉතා දැහැමි, ප්‍රඤ්ඤාවන්ත, බොහෝ ශිල්පයන් ප්‍රගුණ කල, එවැනිම වූ සෙනෙවියන් දරා සිටියද, පාලනයට පැමිනි පසු රට වැසියාට මෙන්ම තම සේනාවටද අයහපත් කාලයක් උදාවිය. එසේ වූවද, මායා රට සිට තුන් සිංහලයම යටත් කර ගැන්මට කැරලි මෙහෙයවූ පිරබාහරන් නම් කැරළි නායකයා සමග සටන් නවත්වා, ගිවිසුමක් මඟින් මායා රට පාලනය කැරළි නායකයාට පවරා දෙන ලදි. මෙමගින් සතුරු ප්‍රහාර නැතිවී ගියද, ප්‍රමුඛ පෙලේ  චරපුරුෂයන් අභිරහස් ලෙස මිය යන්නට විය.

රට වැසියන්ගේ ප්‍රසාදය පරාක්‍රම කුමරු වෙත නොමැති බව දැනගත් චෞර් නම් රැජින, පෙර කල රුහුණේ සිට දරුණු ගනයේ කැරළි දෙකක් මෙහෙයවූ කැරළිකරුවන් සමග, චරපුරුෂයන් මගින් සාකච්ඡා පවත්වා, කුමන්ත්‍රන කොට, පරාක්‍රම කුමරු බලයෙන් පහ කරන ලද්දාය

පරාක්‍රම කුමරු තම ජීවිතය බේරාගෙන පසු බැස ගියේය. එසේ වූවද, තමා පාලනය කල කාලයේ රජ්‍ය සම්පත්, භාන්ඩාගාරය, ඉඩ කඩම් මංකොල්ල කෑ සෙනෙවිවරුන්ගෙන් තම නායකත්වයට එල්ල වූ අභ්‍යන්තර කැරළි, තම සහජ හැකියාවෙන් සහ අත්දැකීම් උපයෝගී කරගෙන සාර්ථකව මැඩ පවත්වන ලදි.

 මේ අතර තුර කාලයේ, චෞර නම් රැජින සසර කළකිරී,  මිහිඳු නම් ඇමැතියෙකුට රාජ්‍ය පවරා තපස් රැකීමට යන බව අඞබෙර කරුවන් මගින් ප්‍රසිද්ධ කරණ ලදි....

මේ බව සැලවූ පරාක්‍රම කුමරු තම සේනා සමග මිහිඳු සෙනෙවි හා දරුණු ගනයේ සටනකට පිවිසුනද, මායා රට පිරබාහරන් යුව රජුගෙ සහායද ඇතුව සටන් කල මිහිඳු සෙනෙවි කරට කර සටනකින් පසු, 8 වන මිහිඳු නමින් රජ කමට පත්විය.

ඉතාමත් ගෞරවයෙන් තම පරාජය පිළිගත් පරාක්‍රම කුමරු තෙමේ තම සේනාවද සමග වන ගත විය. නැවතත් තම ප්‍රධාන සෙනෙවිවරුන්ගෙන් එල්ල වූ අභ්‍යන්තර කැරළි පෙර මෙන්ම සාර්ථකව මැඩ පැවැත්වූවද, බොහෝ ප්‍රධාන පෙලේ සෙනෙවිවරුන්, කුමරු අතහැර මිහිඳු රජතුමාගේ රාජ සභාවට ඇමති වරප්‍රසාද ද සහිතව එකතුවිය.

මේ අතරතුර කාලයේදි මායා රට පිරබාහරන් යුව රජුගෙන් රාජ්‍යයට එරෙහිව නැවතත් කැරළි එල්ල වන්නට විය. තම සොයුරු ඝෝඨාභය කුමරු සේනාධිනායක ලෙස පත්කල මිහිඳු රජු, මුහුණට මුහුණ කරන ලද අති බිහිසුණු සටනිකින්, කෘර පිරබාහරන් ඇතුළු පිරිස සමූලඝාතනය කොට ඉතිහාසයෙහි ප්‍රථම වරට තුන් සිංහලයම එක් සේසත් කරන ලද්දාහුය.

එහෙත් සුළු කලක් ඇවෑමෙන්, චෞර රැජිනගේ කැලැ හමුදාව, රට එක් සේසත් කල සටනේදී, රට වැසියන් විසින් කලවැද්දා යන සුරතල් නමින් හඳුන්වන ලද ප්‍රධාන යෝධයා රජ කරවීමට, කැරැල්ලක් මෙහෙයවන බව දැනගත් පරාක්‍රම කුමරු, අගමැති කමෙන් හෝ සැනසෙමියි සිතා තම සේනාවද සමග කැරැල්ලට එක්විය. 

රට වැසියන්ගේද සියලු ප්‍රාර්ථනා සුන් කරමින් අති දරුණු පරාජයකට ලක්වූ සතුරු සේනා වනගතවූ අතර කැලැ හමුදාව මං මුලා විය. යෝධයා (කලවැද්දා.) සිර අඩස්සියට පත්විය. මොහුත් සමග මොන ඇමතිකම්දැයි සිතු පරාක්‍රම කුමරුගේ තරුණ සෙනෙවිවරුන්, කාලයක් රජකම් කල රණසිං පෙම්දස් රජුගේ පුත් සජිත් පෙම්දස් කුමරුන් නායකත්වයට ගෙන ඒමට තැත් කලද.. මැරිලා හෝ රජවෙමියි සිතූ පරාක්‍රම කුමරු තෙමේ, සජිත් කුමරුට නියෝජ්‍ය නායකත්වය පිරිනමමින් එම අභ්‍යන්තර කැරැල්ලද සාර්ථකව මැඩ පැවැත්වීය..

අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද මිහිඳු රජ තෙමේ වසර 18 ක්ද, බැරිසිල් රජතුමා වසර 12 ක්ද, නාමල් කුමරුන් වසර 18 ක්ද දැහැමින් සෙමෙන් රට පාලනය කල බවත්. මෙම කාලයෙදි ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වූ බවත් මහාවංසයේ සඳහන් වේ..

පරාක්‍රම රජතුමා ලෙස වීරවංස කතාවල සඳහන් වුවද, පරාක්‍රම කුමරුන් රජකමට පත්වූ බවට සාක්ෂී සොයා ගැනීමට අපහසු විය...

සොමවංස ගෙන් ලද මහවංසයෙන් උපුටා ගන්නා ලදුව.. සඳේ පස් පරීක්ෂා කොට එහි දියුණු බෞද්ධ ශිෂ්ඨාචාරයක් වූ බවට සනාත කල බයිලා චක්‍රවර්තීන්ද, හාවඩ් විශ්ව විද්‍යාලයේ ලෝක ඉතිහාසය පිළිබඳ ජනමූල මහාචාර්ය පනාපුත්‍ර කුහුඹු පැනියාද, ත්‍රිපිඨකාචාර්ය බක පන්ඩිත සූරියප්පෙරුමයන්ද පරික්ෂාවට ලක් කොට නිවැරදි බව තහවුරු කරන ලදුව...

මහජනතාවගේ හිත සුව පිණිස, ප්‍රකාශයට පත් කරන ලදි ................

තන්හා අශා .. ඔලඟු කරේ ලා ..... - Fighting Monks ...

ජාතික හෙළු උරුමයට පිනා ලැයිස්තුවෙන් පිරිකරක් ලෙස ලද මන්තිරි දූරයට පොඩි කචල් එකක් යන බව පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් දැන ගන්නට ලැබින..

එය දැනට බුක්ති ව්ඳින්නෙ චක්‍රවර්ති හාමුදුරුවො, රජතුමාගෙ කැමත්තත් ඒක. මොකද "ඔය යන්නෙ මතු රජවෙන දරුවෙක්" ය කියල ගල් පැලෙන මුසාවාදයක් වදාරපු එකේ ගුනේ තියන්නත් එපැය.

හෙළු උරුමයේ භික්ෂූන් වහන්සේලා සහ ඇබිත්තයන් සෑහෙන වෙහෙසක් දරනවලු ඕමල්පෙ සෝභිත වහන්සෙ එතනට ගේන්න.ඒ මොකද ඇබිත්තයෙකුට මැති සභයට යන්න උන්වහන්සෙගෙ ධර්මාසනය පරිත්‍යාග කරපු ආනිසංස මේ ආත්මෙම පලදින්න ඕන කියන යහපත් අධිෂ්ඨාන්යෙන්...

අනේ මෙහෙම තන්හාවක්..... අනේ මෙහෙම ආශාවක් ....
මිනිසුනි ලැබේද මින් සැනසීමක් .... //

ප්‍රශ්නය - ධර්ම රාජ්‍යයට යන පාර කොහෙද තියෙන්නෙ?

පිළිතුර - ම් ම් ....  ප/ලි ...


තෙරුවන් සරණයි !!! .....



අධි ආරක්ෂිත කලාපයකි..., ඇතුල්වීම තහනම් !!! - High Security Zone, No Entry !!!

නිමිත්ත -
"ටැබූ" ගේ..සිංහලෙන් ලියපු "යටිවතට ඇයි මේ තරම් සරදම්?" පෝස්ට් එකට, කොමෙන්ට් එකක් දාලා මහත්මයෙක්......
"ඉංග්‍රීසියෙන් ලීවනම් නරකද"  කියල.........

අන්තර් ජාලේ.. මලේ.. බලාපල්ල බොලේ ...
සැරිසැරූවෝතින් එහි ඔබ .....
දැනගන්නට ලැබෙනවමයි .....
සැරිසරන්නෙ බොහෝ දෙනෙක් ....
වැඩිහිටි අඩවියේ කියල ....
දන්නෙම නැත්තම් උඹැහේ ...
දන්න කෙනෙක් විමසාපං ....
මං කියන්නෙ බොරුවක්නම් ....

ජාලේ බැලිලි කෙසේ වෙතත් ....
තම එකවත් නොබලන්නයි ....
බඩ ගෙඩියක් හදාගන්නෙ ...
ඒත් බොලව් ලද විගසින් ...
මම නම් බලනවා ඒක ...
අත ගෑවත් සනීපයිනෙ ...
අරුම පුදුම නිමැවුමක්නෙ ...
අප සිරිලක රජකරනා ...
පුරුෂාධිපත්‍යයේ .... ලෝගෝ එක ...

ටැබූ, තරිඳු, දුකා සමග ....
කතන්දරත් ලියල තිබුන .....
මේ ගැන පොඩි කතා ටිකක් ...

එපා අනේ බ්ලොග් ලියන්න ...
බොගක් දාලා නිදාගන්න ....
ලීව්වෙ නැතොත්, කහනවනම් ....
බබාලාට බ්ලොග් ලියන්න .....