.

.

Feb 1, 2012

ටැටූ කතා සහ ටැබූ කතා - Tattoo


ටැටූ ගැන සියල්ලොම වගේ දන්නවාය. ඒ දැන්ය. ඉස්සර එහෙම නෙමේය. පච්ච කෙටුවේත්, කොටාගත්තේත් අයියලාය. දැන්නම් මල්ලිලා පමනක් නොව නංගිලාත් පච්ච කොටනවාය. ඉස්සර පච්ච කොටපු පොරවල් සැලකුවේ දාමරික කස්ටිය හැටියටය. හිරි වාතෙටත් පච්ච කොටන අය සිටියේය. එහෙම කොටපු එකක් අපේ පොඩි සීයාගේ අතෙත් තිබුනේය. ඒ කිනිස්සක්ය. පිටෙත් එකක් තිබුනේය ඒ කොටි මූනක්ය. හොඳ වෙලාවට කොටි ප්‍රශ්න ඒන්න කලින් උන්දෑ නිවන් ගියේය. නැත්නම් කොටි සාමජිකයෙක් කියා හමුදාවෙන් නිවන් අරින්නට පුළුවන්ය.


මේ පච්ච නිසාද මන්දා මුලු ගමම පොඩි සීයාට බයය. එහෙම ගම්වල හිටපු චන්ඩි බන්ඩි, බන්ඩි චන්ඩි ඔක්කෝම වගේ සිටියේ පච්ච කොටාගෙනය. අයියා කෙනෙක් හඳුනා ගන්න කොරොමේ ඒකය. ඒ කාළේ පච්ච මේ වගේ ලස්සන නැතිය. කළු පාට විතරක්ය. කොටී මූන කියා කිව්වාට, නිකන් ටොම් කැට් වගේය. රාජාලි, කොරවක්කෝ වගේය. දැන් ත්‍රී වීල් වල පස්සේ ලියලා තියෙන ඒවා අයියලා ඉස්සරහ ලියාගෙනය. ඉස්සරහ කිව්වේ පපුවේය. ඒ අකුරුත් නිකන්, සෙල්ලිපි වල අකුරු වගේය. ගොඩක් ලියලා තිබුනේ අම්මා ගැනය. "අම්මා බුදුවේවා" කියා මරු සිරා ගසාගෙන සිටියේය. එයාට පච්ච සිරාද කියනවාය. එයා එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ කියා ඇන්ටන් ජෝන් මගෙන් අහනවාය. මම කිව්වේ එල්ලපු එකාගෙන් අහගනින් කියලාය.

 පච්ච සෝමේ කියා තව පොරක් සිටියේය. නියම පාතාල පොරවල්ය. පච්ච සෝමේගේ කතාවක් "ඔබා" ලියලා තිබුනේය. ඒ නිසා මම ලියන්න යන්නේ නැතිය. දැන් නම් පච්ච කෙටිල්ල කලාවක් වෙලාය. විලාසිතාවක්ය. දැන් පච්ච කොටන්නේ පොෂ් පොරවල්ය. සැළුන් වලය. ඒකට කියන්නේ ටැටූ ආර්ට්ස් කියාය. ඒ සී දාලාය. කන් විදලාය. කට්ස් පිරිලාය. දැක්කම ආස හිතෙනවාය. ගානත් ඒ වගේමය. ඉස්සර කෙටුවේ ගස් යටය. කොටන එකත් බීලාය. මේව්වා එහෙම නෙමෙයිය. නිකන් පන පිටින් ලන්ඩන් ගියා වගේය. මාර මෝස්තර තියෙනවාය. කැමති එක පෙන්නුවම පාට පාටින් කොටනවාය. මේ ගැනම වැඩසටහනක් ටී එල් සී එකේ යනවාය. නම මියාමී ආර්ට්ය. කෙල්ලන්ගේත් කොටනවාය. ඒකට කෙල්ලෝ ඉන්නවාය. නැත්තම් ටැටූ කොටලා අහක්කවෙලා වෙන ඒවටත් කොටන්නට හැකිය. බඩෙත් කොටනවාය. පුකෙත් කොටනවාය. අතනත් කොටනවාය. කොටලා කරාබුවකුත් දානවාය. පුල් පන්ක්ය.

 පර්මනන්ට් ටැටූ මෙන්ම ටැම්පරි ඒවාත් තිබෙනවාය. ටැටූ ඉස්ටිකරුත් තියෙනවාය. අපේ පොඩි එකත් පාටී වලට එව්වා ගසාගෙන යනවාය. මට අපේ පොඩි සීයා මතක් වෙනවාය. ටැටූ කලාව වගේම තව කලාවක් බොඩි පේන්ටින් කියා තිබෙනවාය. ඒකත් පට්ට පට පට්ටමය. මේක ගල් යුගයේ පටන් එන කෙලියක්ය. හිට්ලර්ගේ වදකාගාර වල ඉන්න අයට නොම්මර කෙටුවේත් පච්චයෙන්මය. හිට්ලර් ගියත් ඒ පච්ච ඉතුරු උනේය. එහෙම නොම්මරයක් දකින්නට මමත් පින්කර තිබුනේය. මුලු ඇඟේම පච්ච කොටපු උනුත් ඉන්නේය. උන් කොටන්නේ ගිනස් රැකෝඩ් තියන්නටය. අපෙත් එහෙම එකෙක් සිටියේය. ඒ කතාව සම හරක් අහලාත් ඇතිය. නොදන්න උන්ට දැනගන්න මෙහි ලියනවාය.

මුලු ඇඟේම පච්ච කොටපු පොරක් සිටියේය. නම සෝමේය. උගේ ඇඟේ කොටලා තිබුනේ හිංගල චිත්තරටපටි වල නම්ය. දවසක් පොර ඇක්සිඩන්ට් උනේය. ඉස්පිටිතාලේ ගෙනිච්චේය. දවසක් චිත්තර පටිවලට ආස මිසි කෙනෙක්, මුගේ ඇඟේ තියෙන චිත්තරපටිවල නම් කියනවාය. රත්තරන් අම්මා. උන්නත් දාහයි මලත් දාහයි. හිත හොඳ චන්ඩියා, සැනසුම කොතනද, අල්ලපු ගෙදර, සූර සරදියෙල්, සළුපට අහසට, සාගර ජලය මදි ඇඬුවා ඔබ හන්දා, ආදර රත්නේ, ජනක සහ මංජූ, මාතලන් අරව මේවාය. ඔක්කොම කියවන්න ඕන නිසා මිසි මූ නිරිවස්තර කොට තව තවත් කියවනවාය. ඔහොම කියවගෙන යනකොට මුගේ මල්ලිගෙත් එකක් කොටලාය "මසින්" කියලාය.
ඉතින් සෝමේ මසින් කියලා සිංහල ෂෝ එකක් ආවේ නෑනේ..
මිසි පොඩ්ඩක් අතගාලා බලන්නකෝ ටික වෙලාවකින් පෙනෙයි ෂෝ එකේ නම.
කිව්වා වගේ මිසි ඒ නමත් බලාගත්තේය.
ඒ ච්ත්තරපටියේ නම "මල්දෙනියේ සිමියොන්ය"...

.... නම ටිකක් දිගයි නේද....?

 ටැටූ කයිය හා තවත් ටැටූ මෙතනින් බලන්න

78 comments:

  1. මං ගහගන්න යන්නේ එදත් සූරයා අදත් සූරයා කියලයි.
    ඉඩ ඉතුරු වුනොත් පොඩියට ගහනවා මරුවා සමග වාසේ කියලා!

    ReplyDelete
    Replies
    1. මම ගහන්න ඉන්නේ මහින්දාගමනය. හිතුනොත් ටොම් පචයා කියලත් ගහනවා

      Delete
    2. කතන්දර එක..
      මාතලන් දෙක..
      මම තුන..

      Delete
    3. කතන්දරකාරයා කියලම ගහගත්තනම් මොකද

      Delete
    4. "චු කතා .. පඩ කතා .. කක්කි කතා ... හැබය් මම කැමති එකක් විතරය් " වගේ එකක් ?

      Delete
  2. හොහ්, හොහ්, කතන්දර සින්ඩියටත් ලින්ක් එකක් දාලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ආ ඒක ඔහේගේ බව සඳහන් කොරන්න අමතක උනේය.. තෑන්ක්ස් ෆො ද සප් කතෝ.

      Delete
  3. උඹේ ටැටූ චිත්‍ර තිබුන අනෙක් බ්ලොග් පෝස්ට් එකත් මරුය... කමෙන්ට් දාන කෑල්ල ලෝඩ් වුනේ නැතිය.. ලෝඩ් එක ඩොංගලේට බර වැඩිවාගේ වුනේය..

    දැන් පච්ච කෙටුවට අයියලා වන්නේ නැතිය... ඉතිං සාතනුත් කොටන්න හිතන් ඉන්නේය...

    ReplyDelete
    Replies
    1. ගූ ගල් එකේ කචල් එකක් වගේය

      Delete
  4. Replies
    1. මතක නෑ මතක් කොලානම් නේද හොඳ....

      Delete
    2. මේ තියෙන්නෙ අමීර් කාන් රඟපාපු ගජිනි . . . . මේකෙ මුල් එක දෙමල චිත්‍රපටියක්

      Delete
    3. both of those tamil and hindi films were inspired by an english film called "memento" (2000)
      http://www.imdb.com/title/tt0209144/

      Delete
    4. මම බැලුවේ හිංදි එක.ඒකේ හැටියට අමීර් කාන් අනතුරකින් පස්සේ short term memory loss කියන රෝගයෙන් පෙලෙනවා.මතකය රදවගන්න ඔහු කරන උපක්‍රමයක් තමයි තමන්ට වැදගත් නම් ආදිය ඇගේ පච්ච කොටා ගැනීම.පස්සේ ඔහුගේ සතුරා(ගජිනි)මේ පච්ච සියල්ල පච්ච මගින්ම මකාදමනවා තමන්ගේ ගැලවීමට.

      Delete
  5. පච්චයක් කොටා ගන්න හොඳම තැන කොතනද කියා තවමත් සිතා ගත නොහැකි නිසා..ඒ අදහස අත හැර දැමීමි.

    ReplyDelete
    Replies
    1. මත විමසුමක් කලොත් නරකෙයි

      Delete
    2. වෙනියො... උබත් " මල්දෙනියෙ සිමියොන් " ගහපු තැනම ගහපන්

      Delete
  6. ඉංගිරිසි චිත්‍රපට පච්ච කොටාගෙන තිබුනේ නැත්ද? මන් බලපු චිත්තර පටියක් තමා "බබට් රෝස් ඇන්ඩ් හෑසන් මෙන්ද" . බලපු එකම දෙමල චිත්‍ර පටියේ නම ලියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. අර අනිත් බ්ලොග් එකේ ලියන්න

      Delete
  7. ප‍්‍රිසන් බ්‍රෙක් එකේ පච්චෙ දැකලා තියේද..... ඊට හපන් අර දොනියන්දැ බඩේ කොටා ගත්ත මාළුවා... දැකලා නැත්තං කියන්ට ඈ.. එවන්නං... ක්ලැසික් පොටෝ අස්සෙ දාන්න බැරියෑ...

    ReplyDelete
    Replies
    1. එවපන් ක්ලැසික් එකේ දාන්නම්

      Delete
    2. එව්වා..... හුක් හුක්.... මං නෑ ඔං අවුලක් උනොත් ඒක ක්ලැසික් වලට ගැලපෙන්නෙත් නෑ වගේ..

      Delete
  8. බේබදු පච්චා කොටන්නෙකුට අම්මා බුදුවේවා කියා හෝ මරුවා සමග වාසේ කියන දෙකෙන් එකක් කොටන්නට කි විට පපුවේ මරුවා බුදු වේවා කියා පච්චයක් කෙටු කතාවක් මගේ මතකයේ තිබේ.

    ReplyDelete
    Replies
    1. මරුවා බුදුවේවා. අම්මා සමග වාසේ කියා කෙටුවේය..

      Delete
  9. අපිත් ඉස්කෝලෙදි කවකට්ටෙන් අතේ අකුරු කෙටුවා.. එහෙම එකක් මගෙත් තාම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. එව්වට කියන්නේ හන ගහනවා කියාය.

      Delete
  10. පච්ච කතාව හොඳය...! ගෑණුන්ගේ පච්ච කොටන පිරිමි මම ටී.වී එකේ දැක ඇත...!

    ඕනෑම පච්ච කතාවක් ඉවර වෙන්නෙ මේ මසින් කතාවෙන්ය....!

    මම පච්චයක් කෙටුවොත් කොටන්නේ "සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා" කියලයි....

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු එච්චරම දිගද ඈ

      Delete
    2. නෑ බන් ෆොන්ට් සයිස් එක අඩු කරනවා?

      Delete
  11. ජාඇල බුවෙක් හිටිය කලව දෙකේ උගෙ අහවල් එකට වැඳං ඉන්න ගෑනු දෙන්නෙක් පච්ච කොටාගත්ත

    ReplyDelete
    Replies
    1. අහවල් එක කිව්වේ මොකක්ද දන්නේ නැතිය..

      Delete
    2. ඕනෙ අයිය, අපේ පැත්තෙත් එහෙම බුවෙක් හිටිය කියල මම අහල තියෙනව... හැබැයි සාතන් ජා ඇල නම් නෙමෙයි...

      Delete
    3. ඕනෙ අයියෙ උඹ කොහොමද ජා-ඇල එකාගෙ එක දැක්කෙ.

      උඹට අතවරයක් වත් කොළාද?

      Delete
    4. අහවල් එක කිව්වේ මොකක්ද දන්නේ නැතිය..
      -උබ දැනගෙන ඉන්න විදිහක් නැත ... ඒක පිරිමින්ට පමණක් ඇති දෙයකි .... ලොලේ ලොල් ය

      Delete
    5. ඒ අංකල් බුවා බීපු දවසට උජාරුවෙං ඕක පෙන්නනව

      Delete
  12. ඔය මල්දෙනියේ සිමියොන් පට්ටම කතා පොතකි..ඔය පොත මට අහම්බෙන් හම්බෙන කොට මම 10 වසරේ විතර ඇති මාතලං අයියා කියන්ට ඔන්නැනේව එකේ රහා..පට්ට

    සුනාමියටත් වඩා ලොකුයි ඉරිසියාව..මලේ..

    ඔන්න ඔකත් ලොරියක පිටිපස්සේ ගහල තිබුන නොවැ

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කතා කොරලා වැඩක් නැතිය. ෆ්ල්ම් එකත් එසේමය. පොත කියවා මවා ගත් දේ ෆිල්ම් එකෙත් තිබුනෝය. දැන් ඒ වගේ පොත් නැතිය. තියෙන තරමක් තියෙන්නේ මල් පොත්ය.. එව්වා මට නම් රස නැතිය..

      Delete
    2. අනිවා..දැන් තියෙන පොතුත් හරියට අර පුංචී තිරේ මේගා නාට්‍ය වගේ තනිකරම සල්ලි හම්බුකොරන් කන්ඩ ලියන ඒව්වා...

      Delete
  13. මාත් කියවල තියෙනව මල් දෙනියෙ සිමියොං...

    පොඩිකාලෙම ෂුවර් එකටම ඌරුපැටියෙක් පුකේ පච්ච කොටල ඌ දැන් තඩි ඌරෙක් කියල අපේ ඉස්කෝලෙ යනකාලෙ කොල්ලො කියනව එක වසරෙ මල්ලි කෙනෙක් බස්සන්න ආපු ඇන්ටිකෙනෙක්ට...

    පස්සෙ තුන් හතර දෙනෙක්ටම එහෙම පච්චයක් නෑ කියල දැනගන්න ලැබුනා...


    හැබැයි මෙහෙම හූනොනං වැටුනෙ නෑ ඒ කාලෙ...

    http://mamaiarui.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම පරීකෂන මගින් සනත කර ගන්න එක බොහොම හොඳ දෙයක්ය.. හූනූ කතාව කියෙව්වේය. පට්ටය

      Delete
  14. පච්චයක් කොටනවාට වඩා බොඩි පේන්ටින් හොදා වගේ නේද??ඕනෙ වෙලාවක අයින් කරලා දාත හැකි නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ අදහසට මාත් එකඟය...

      Delete
    2. නංගි එන්නකෝ වෙලාවක මේ පැත්තේ පෙන්ටින් පාරක් දාන්න....

      Delete
  15. මේ පච්ච වැකියක් නෙවයි..මතක් උන හින්දා කියන්නේ..ත්‍රිවිල් එහෙක පිටිපසේ ගහලා තිබ්බේ පොල් සයිස් එකෙන් " ඔබේ ද රූල්ස් " කියලා...
    තේරුම ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙනුත් අරගෙන බලන්නකෝ...

    ReplyDelete
    Replies
    1. පට්ට.. හැබයි ඔබාගේ එකක්ද දන්නේ නෑ

      Delete
  16. පච්චයක් කොටන්න කියල ඉස්සර ආසාවක් තිබුනා
    ඒත් දැන්නම් ඕනේ නැහැ නැහැ වගේ කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අමල් පෙරේරාගේ අතෙත් ලස්සන එකක් තියෙනවා. මාත් එකක් කොරන්න ඉන්නේ. කටු කම්බි වැටක්.

      Delete
    2. මගෙ මිත්‍රෙයකුත් ඔය පච්චෙ කෙටුව . . . . අපි ඒකට කිවුවෙ බෝංචි වැලක් කියල

      Delete
  17. අම්මෝ පච්ච සිරාලා

    ReplyDelete
    Replies
    1. එතකොට කොච්චි ඇලාලා... තව ඉන්නවා. ඇට ඉන්දික, නේවී රුවන්, කරාටේ ධම්මික. කුඩු නූර්, වම්බොට්ටා, තෙල් බාලා, නාවල නිහාල්, සොත්ති උපාලී, තට්ට සෝමේ, ආමී විජේ...

      Delete
  18. මම නම් පච්චයක් කොටාගත්තේ මීට වසර දෙකකට විතර කලින් මම ඒක නම් පර්මනට් එකක් . මම තවමත් මගේ පච්චෙට කැමතියි ඒත් වැඩේ තියෙන්නේ ඒක එපා වුණ දාට මම මොකද්ද කරන්නේ කියන එක .

    අනික තමා මට කවදාවත් ආරක්‍ෂක අංෂයේ කිසිම නිළයකට අයදුම් කරන්නත් බැරිලු . පච්චෙ නිසා !

    ReplyDelete
    Replies
    1. ආරක්ෂක අංසෙට නොයන තරමට හොඳයි. උඹ වගේ ටැලන්ට් එකක් එතනට ගැලපෙන්නේ නෑ..

      Delete
  19. සිරා කතාව. මම ගහනවා ලගින් ගියොත්... නැහැ කියල !

    ReplyDelete
    Replies
    1. හිස් තැනට දාන එකත් දැම්මනම් ඉවරනේ. දැන් ඉතින් අපි හිතාගන්න එපාය..

      Delete
  20. ඉස්සර අපි ඔය පච්ච්වල තියෙන ඒව කියවල හිනාවෙන කාලයකුත් තිබුන, පපුවෙ කොටල තිබුන සමහරක්.
    හොඳ පපුව, හිතට හිත,
    පපුවට පපුව,
    ගැහව්වොත් ගැහුවා,
    ඇයි මට ඔයා මෙහෙම කලේ,...

    මාත් ආසයි ටෙමපරි එකකට, මෙන්න මේ වගේ එකක්

    .......ට චන්දෙ දුන්නට මා තලන්

    ReplyDelete
    Replies
    1. පාවෙන චන්දයක් වගේ. එහෙමනම් දුක් වෙන්න ඕන නෑ....

      Delete
  21. 'මල් දෙනියේ සිමියොන්' පොත හොයාගෙන කියවන්න ආසාවක් ඇති වුනා. කොහෙන්ද හොයා ගන්න පුළුවන් කියල ඔත්තුවක් දෙනවද ? මේ වතාවෙ ලංකාවට ආවම හොයා ගන්න තියෙන පොත් ලිස්ට් එකට ඇතුල් කරගන්න.

    ReplyDelete
    Replies
    1. පිටකොටුවේ ගුණසේන එකේ දැක්කා. මරදානේ ගොඩගේ එකේ හොයාගන්න අමාරු ගොඩක් පොත් තියෙනවා...

      Delete
  22. මම නං කොටාගන්නෙ ඇනකොන්ඩා කියල. මාතලන් කියලම තමයි උඹට කොටාගන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ගහල නේ තියෙන්නේ. දැන් ගහන්න ඉන්නේ "දෙවියනි ඔඹ කොහිද" කියලා

      Delete
  23. අපේ පොඩි සීයත් පච්ච කොටාගෙන හිටියෙ. හැබැයි කවුරුවත් පොරට බය නෑ...
    මාත් පච්චයක් කොටාගන්ඩ ඉන්නෙ. මටවත් කවුරුහරි බය වෙයිද බලන්ඩ.

    ඔය 'මරුවා බුදු වේවා' කියල ගහගත්ත එකා දැන් ඒකෙ රු යන්නෙ දෑකැත්තයි වයන්නයි වැහෙන්ඩ ස්ටිකර් එකක් ගහගෙනලු යන්නෙ. මිනිහට මාර සැලකිලිලු.

    ReplyDelete
    Replies
    1. ක්‍රියේටිව් පොරක්නේ.. මාර සැලකීමක් ඇත්තේ...

      Delete
  24. Also, look at this website

    http://blogs.discovermagazine.com/loom/science-tattoo-emporium/

    ReplyDelete
  25. බොහෝම පරක්කු වෙලා ආවේ. මම නම් පුද්ගලිකව මේ ටැටූවලට එතරම් කැමති නැහැ. ඒකට මගේ දෝණි. මම මොනවා කරන්නද කෙල්ලගේ කැමැත්ත නොවැ.

    ReplyDelete
    Replies
    1. සයිබර් යුගයනේ වෙද මහත්තයෝ.. මක් කොරන්නේයි.. මමත් ඕකට එච්ච්‍ර කැමති නෑ. ඒත් එක දවසක් මම දන්න සුද්දියෙක් කකුලේ විළුබට උඩින් ලස්සන ගෙම්ම්බෙක්ගේ පීන්තූරයක් ගහන් ඉන්නවා දැකලා ඇහුවම් තමයි කිව්වේ මේ ටැටූ එකක් කියලා. එදා ඉඳන් මම මේවට ආසයි..

      Delete
  26. ඕනයකිව්ව වගේ නාරහෙන්පිට මහ වත්තෙ පොරක් නෑ කරෙක් හිටිය මාලු ලෑල්ලක් දාගෙන පොරගෙත් කලව දෙකේ හෙලුකොට්ටෙං ගෑනු දෙන්නෙක් වැඳන් හිටිය ජුන්ඩයියට.. මමත් දැක්ක බුවාව මරපුවෙලේ උස්සන් යනකොට... පොරට ඇත්තටම ගෑනු දෙන්නෙක් හිටියා මොකද පොරගෙ පුත්තුදෙන්න අපේ හොඳ බොකුදෙකක්.......

    මමත් එදා හිතාගත්ත කොටන්න පච්චයක්..... මේක කොටන්නෙ පුකේ වං තට්ටමේ..... කොටනව තඩි ඌරෙක් නහයෙන් දුං පිම්ම්බගෙන බලං ඉන්නව ගුල දිහා....බෙට්ටක් එනකං... කොරනේහ්.........

    X-Porter

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නේ වෙන ආතල් එකක් ගන්න වගේ..

      Delete
    2. පුක වටේට මකරෙක් පච්ච කොටපං . . . .කොර හොඳම එක

      Delete
  27. අප්පේ පොඩිමෑන් උඩින්ම ඌරව කාලනෙ.... බුදු චාටර්....

    මරියකඩේ දෙකේ හතරෙ පොරක් හිටිය අපි 5 -6 පංතිවල ඉන්නකොට පිටේ තඩි කොටියෙක් කොටාගෙන.. බලන්න බෑ ලස්සන..... අපි A/L කරල ඉවරවෙනකොට පොර කුඩු වලට සෙට්වෙලා...පොරගෙ කොටිය පූසවෙලා.... අයියෙ මොකෝ කොටිය පූසවෙල කියල ඇහුවම පොර දෙනව දිවිල්ලක් අහලපහල ගෑනුපරාන වලට දුවන්න.....නෑ..........

    E-Porter

    ReplyDelete
    Replies
    1. ඤාව් කීවානම් ඊට වඩා හොඳය..

      Delete
  28. මාලිංග කොලුවත් ඔය අතේ කොටාගෙන ඉන්නෙ සිරා පච්චයක්.....

    ReplyDelete
  29. කාට බලන්නද අප්පා "අහවල් තැන්වල" පච්ච කොටා ගන්නෙ??? කිසිම තේරුමක් නැති වැඩක්.

    ReplyDelete
    Replies
    1. හැමදාම කැලේ සෆාරී යනවට වඩා චේන්ජ් එකකටත් එක්ක..

      Delete
  30. Mamath me sathiye tatoo 1k gahanna ennne,
    I Love Ima kiyala Japanese walin

    ReplyDelete
  31. පච්චෙ ඇවිල්ල සොරි ඇ... ටැටූ ඇවිල්ල හෙන පොශ් කේස් එකක් නෙ දැන්.. සල්ලි වකාරක් ඕනි කොටන්න පිලිවෙලක් ඇති තැනකින්. මේ ලැලි සරීරෙට මොන පච්චද මට...

    ReplyDelete
  32. මිසි සිරාවටම අතගාලද මාතලන් අයියේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න