.

.

Feb 17, 2012

විය යුත්තේ කුමක්ද....? - What do we do...?


විපක්ෂයක් නැත්තේය. ඉන්න හාල්පාරූවෝත් ලැබෙන පඩිය මදි යයි කියමින් අඬන්නේය. ජේප්පෝද නාන්නේය. ඒත් ක්‍රමය ගැන වචනයක් නොකියන්නේය. උනුත් ජීවත් වන්නේ පප්පාට පින්සිදු වෙන්නටය. පප්පා මේ ක්‍රමය ගේන කාළයේ මේවාට විරුද්ධ උන උන්, අද මේකට වඳිනවාය. නිකන් නෙමේය. මල් පහන් තබාය. මේ සියළු දෙයම වැඩිවන්නේ. කාළකන්නීන් පිරිසක් නඩත්තු කිරීම සඳහාය. රටකට නායකත්වයක් අවශ්‍යය. ඔහුට ආරක්ෂාවක්ද අවශ්‍යය. එහෙත් යුද්ධයක් නැති රටක ආරක්ෂාව සඳහා මෙතරම් මුදලක් වෙන් කිරීම කිසි සේත්ම සාධාරන නැත. කාළකන්ණියන් කීව්වේ සත පහක වැඩක් නැති ලොව විශාලතම ඇමති මණ්ඩළය. බලෙන් පටවපු පලාත් සභා, නහුතයක් වූ ජනාධිපති උපදේශකවරු. සංස්ථා ගිලින සභාපතිවරු. විදේශ තානාපතිවරු, ජැකක් ගහන් කොව්වීයේ ඇවිත් නිදාගෙන සිට හවස ජැකක් ගහගෙන යන ආන්ඩුවේ සේවකයෝ, වැනි පිරිස්ය.


මේ රටට නායකයෙක් සහ ඇමතිවරු 20 ක් උවමනාවටත් වඩා ඇතිය. 77ට පෙර තිබූ ඡන්ද ක්‍රමය නියමටම ගැලපෙන්නේය. දේශපාලනයට පැමිනිය යුත්තේ රටට ගමට සේවය කිරීමට මිස. තමන්ට, පවුලට, හම්බ කිරීම නොවේය. ආසනයකට මන්ත්‍රි කෙනෙක් සිටියේය. අපේක්ෂකත්වය ලැබුනේ. වැදගත් පුද්ගලයන්ටය. සමහරුන් දුප්පතුන් ලෙසින්ම මිය ගියේය. පාර්ලීමේන්තුවට ආවේ පොදු ප්‍රවාහන සේවයේය.ඇමති මණ්ඩලය කවුරුත් දන්නවාය. ලේඛම් වරුන් පැමිණියේ පරිපාළන සේවයේ දක්ෂයන් තුලින්ය. අද වෙන්නේ ඥාති සංග්‍රහයන්ය. එසේ පැමිනියත් ආයතන දියුණු කරන්නේ නැත. අඩු ගානේ තමන්ට ලබා ගන්නටවත් වැඩ කරන්නේ නැත. කරන එකම දේ බංකොලොත් කිරීමය. මිහින් ලංකා, හෙජින්, ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳම උදාහරණයන්ය. යුද්ධය නියමාකාරයෙන් කලද, ආර්ථිකයේ මළ පොතේ අකුරවත් නොදන්නා බව තව දුරටත් කිව යුතු නැත.

ආන්ඩු වෙනස් කිරිල්ල බොරු වැඩක්මය. විය යුත්තේ, සටන් කළ යුත්තේ ක්‍රමය වෙනස් කිරීම සඳහාය. එක කල හැක්කේත් ලොක්කාටමය. නමුත් වෙනසකට සියල්ලෝම බයය. මන්ද මුන්ට ආරක්ෂාවක් නැතුව පාරේ බැහැලා යන්න බැරි නිසාය. ලොක්කාගේ උවද බලය කවදා හෝ නැති වන්නේය. නමුත් මේ තිබෙන අසීමිත බලය උපයෝගී කරගෙන අළුත් ව්‍යවස්ථාවක් ගෙනා යුතුමය.පළා බබා අහෝසි කළ යුතුය. ඇමති මණ්ඩලය අඩු කළ යුතුය, ජනාධිපති උපදේශකවරු ඉවත් කළ යුතුය, ඇමති ආරක්ෂාව ඉවත් කළ යුතුය, දුරකථන දීමනා, ඉන්ධන දීමනා ඉවත් කළ යුතුය. සුඛෝපබෝගී වාහන ඉවත් කොට සාමාන්‍ය වාහනයක් ලබා දිය යුතුය. ඇමතිවරුන්ට ටාගට් ලබා දිය යුතුය. මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යශයේ මහ පුටු ගෙදර යවා. පිටරටින් හෝ ආර්ථික විශේෂඥ්ඥයින් ගෙන්විය යුතුය. දූෂණය, නාස්තිය අවම කළ යුතුය.  එසේ උවහොත් දැන් මිනිසුන් තුල ඇති අප්‍රසන්නතාවය නැතිවී. ජනතාවගේ වීරයෙක් ලෙස ඉතිහාසයට එකතුවනවා නොඅනුමානය.

ජනතාව කළ යුත්තේ එසේ නොවන්නේනම්. මේ දේවල් සඳහා පෙලගැසෙන කණ්ඩායමක් හෝ පක්ෂයක් වටා පෙල ගැසීමය. උද්ඝෝෂන කොට වටිනා ජීවීත නැති නාස්ති කිරීම අපරාධයකි. එසේ කිරීමෙන් කිසිසේත්ම ජය ගත නොහැකි බව, දකුණේ දෙවරක්ද, උතුරේ අවුරුදු 30ක් පුරාත් අප ජීවීත කාළය තුලම ඇස් පනා පිට පෙන්වා හමාරය. අවශ්‍යවන්නේ බුද්ධිමතුන් හා මහත්මාවරු රජකරන යුගයකි. මේ කාළකණ්නි ක්‍රමය එහි බැස ආතල් ගන්නා උන්ටද එපාවි ඇති බව, කරන ප්‍රකාෂණවලින් පෙනෙන්නේය. එබැවින් මේ ඒ සඳහා හොඳම කාළයයි. 

90 comments:

  1. මේ දැන් මොහොතකට කලින් අභීතයියාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මා. මේකේ විස්තර කරලා තියෙන කරුණු කීපයක්මයි මං එතනත් කිව්වේ.
    "අවශ්‍යවන්නේ බුද්ධිමතුන් හා මහත්මාවරු රජකරන යුගයකි"
    හැබැයි දැනට පාලන පක්ෂයේ හෝ වේවා විපක්ෂයේ හෝ වේවා නායකත්වය බාරගනීයැයි කියලා හිතන්න පුළුවන් කට්ටිය අතරේ ඔය වගේ එක්කෙනක් ඉන්නවද?
    හරි එහෙම කෙනෙක් ආවයි කියමු. මේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්දැලා අතරේ ඔහොම අය ඉන්නේ කී දෙනයිද? උං එක්ක තමයි ආයෙත් වැඩ කරන්න වෙන්නේ.
    මේවා ගැන හිතලා ඇගේ ලේ පුච්ච ගන්නේ අපරාදේ!

    ReplyDelete
    Replies
    1. ඇයි මේ සෙට් එක ගැනම සිතන්නේ. (ඇත්ත වෙන්නේ ඒක තමයී). දැන් අලි පාටිය යන ක්‍රමේ හොඳයි. ඒකේ බොරු කාරයන්ට කුඩු කාරයන්ට, පචයන්ට තැනක් නෑ. නමුත් ජයලත් ජයවර්ධන වගේ අප්‍රිය චරිත ඉස්සරහට දාගෙන ඒ ගමන යන්න බෑ. අනික එරාන් වගේ මහත්තුරු තමන්ගේ පඩිය ගැන කතා කරන කොට. මුන් එන්නෙත් ඒකටම නේද කියලා හිතුනා. ඒ නිසා ක්‍රමයේ වෙනසක් අවශ්‍යමයි...

      Delete
  2. ඔව් දේවල් වෙනස් වෙන්න ඕන.වෙයිද? කියන එකයි පුරස්නේ.

    //ඇමති මණ්ඩලය අඩු කළ යුතුය, ජනාධිපති උපදේශකවරු ඉවත් කළ යුතුය, ඇමති ආරක්ෂාව ඉවත් කළ යුතුය, දුරකථන දීමනා, ඉන්ධන දීමනා ඉවත් කළ යුතුය. සුඛෝපබෝගී වාහන ඉවත් කොට සාමාන්‍ය වාහනයක් ලබා දිය යුතුය. ඇමතිවරුන්ට ටාගට් ලබා දිය යුතුය\\

    ඔය දේවල් කරනවා නම් හොදයි. නමුත් කරන්න ගියොත් ඇමතිලා ඔක්කොම අනිත් පැත්තට පනිනවා.විපක්සෙ විරුද්ධ වෙන්නේ කාරණා වලට‍ නෙමෙයිනේ. ආණ්ඩුව කරන ඕන දෙයකට උන් විරුද්දයි.උන් තටමන්නෙත් බලයට ඇවිත් රට කාලා උන්ගේ බොක්ක පුරවගන්නනේ.ඉතින් අපේ දේශපාලන සංස්කෘතිය අනුව ඔය වගේ දේවල් මහින්ද උන්නැහේට කොරන්න පුළුවන් වෙයිද කියලා සැක සහිතයි.

    කොහොම නමුත් මිනිස්සු බලපොරොත්තු උනේ ඒ විදියේ දේවල් මහින්ද කොරයි කියලා.නමුත් උන්න්හේ දැන් යන්නේ වැරදි පැත්තට.මේ විදියේ වෙනසක් කොරන්න ඉතිහාසයේ කාටවත් හිමි නොවිච්ච අවස්ථාවක් මහින්ද ගොයියාට ලැබිලා තියෙනවා.එකෙන් පොරයෝජනේ නොගෙන කලින් හිටපු ඈයෝ කරපු දේම උන්න්හෙත් කොරනවනම් උන්නැහෙට වෙන්නෙත් අන්ත බලු වෙලා පිචං වෙලා ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන එක තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් දැන් මහින්ද මහත්තයගේ මූනට හිනා උනාට. ගෙදර ගිහින් උන්දැගේ අම්මට දෙනවා ඇස්ටි හැලෙන්න. එයා ස්ටාර් කෙනෙක් නිසා මිනිස්සුන්ගේ බැල්ම තිබුනට. දැන් බනින්නේ නැති එකෙක් හොයාගන්න අමාරුයි.

      Delete
  3. ක්‍රිකට් පාලක මණ්ඩලේ වගේ තැනක් බංකලොත් කරන්න පුලුවන්ද හැබෑට මං අහන්නේ!සම්මාන දෙන්න වටින ඒ උත්තමයන්ට කරපු ඒ දස්කමට!

    ReplyDelete
    Replies
    1. දන්දෙනිය කියන එකා ළොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

      Delete
  4. මම හිතන්නෙ මේවට අපි මීටවඩා සංවිධානාත්මක වෙන්න ඕන. විරුද්ධ දේශපාලන පක්ශවලින් පිලියමක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කමක් නැහැ උන් හැසිරෙන විදිය දැක්කම.
    මේ මුලු ක්‍රමයටම විරුද්ධ සිවිල් බලයක් අපිට සුලුවෙන් හරි ගොඩනගන්න පුලුවන් උනොත් විතරයි මේකෙන් ගොඩ එන්න පුලුවන් වෙන්නෙ උත්සහ කලොත් බැරිවෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ අදහස නම් වටිනවා.

      Delete
    2. සිවිල් බලයක් සහිත පිරිසක් ඉහල ප්‍රභූ සමාජය පමණක් අමතමින් යනවා. (දැන් රජකරන්නේ සුපිරි ධනවත් පාදඩ පන්තිය.) නමුත් අවශ්‍ය වන්නේ ගොන් බූරූ මැද පන්තියට හා හිඟන්නන්ට කතාකරන්න පුළුවන් සංවිධානයක්.

      Delete
    3. සිවිල් බලයක් තියෙන ප්‍රභූන් විතරක් නෙව් මැද පන්තියෙ එවුනුත් ඇති තරම් ඉන්නව හැබැයි අර ප්‍රභූන්ටත් වඩා පාදඩයො ටිකක් උන් තමයි කලා කාරයොයි ආගමික කල්ලියි.
      ගොන් බූරු මැද පන්තියෙ මොලේ පාදන්න පුලුවන් වෙන්නෙ ඒ පන්තියෙන්ම එන දායකත්වයකින් තමයි නැතුව උන්ගෙ ගොන් බූරුකම් ප්‍රයෝජනයට ගන්න එවුන් කවදාවත් ඒව නැතිවෙන්න දෙන්නේ නැ

      Delete
  5. Nothing to add,
    the main thing we should change is this pattern.
    Well said,
    should put Euro in uncle Maathalans mouth :)

    ReplyDelete
    Replies
    1. Is it an Alcoholic Drink...?
      :) :) :)

      Delete
    2. Nop But You can buy 1/4 buy only 2 of them :D
      Any way shall we change the topic,

      " What do we do...?"
      To
      "What Should we do?"

      Delete
  6. හනේ මාතලන් අයියේ....පිං අයිතිවෙයි අයියවත් පක්ෂයක් හදාගෙන ඉස්සරහට එන්ඩකො අප්ප.....:(

    ReplyDelete
    Replies
    1. පක්ෂ හැදිල්ල කෙසේ වෙතත් පාන් කියා ගන්න බැරුව ඉන්නේ...

      Delete
  7. හ්ම්ම්ම්....නුවර එලියෙ වඳුරොන්ගෙ කතාව මතක් උනා. වහින කාලේ තෙමෙනකොට ගෙවල් හදන්න ඕනෙ කියලා ටෝක් දාන...!!!!

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කරන්න එපා මචන්... පරණ පෝස්ට් කියවලා බලපන්. මම චන්ද ක්‍රමයට හා පෙන්ෂන් ක්‍රමයට එදා ඉඳලා විරුද්ධයි...

      Delete
    2. කැන්ඩියන් කියන්නෙ මාතලන් ගැන නෙමේ කියලයි මට හිතුනෙ

      Delete
  8. ඇයි බැරි හැමොටම එකතුවෙලා මිනිස්සුන්ට සේවයක් කරන්න. ඒකනෙද ඇවැසි? කවුරු බලයට ආවත් සමාන්‍ය අපි දුක් විඳිනවා විනා අපිට වැඩක් වෙලා නෑ . අපි ශ්‍රිලංකා, අපි යූ.එන්.පී අපි ජේ.වී.පී. කියනවා විතරයි. අපිට වැඩක්වෙන ක්‍රමයක් නැද්ද ? හැමෝටම සතුටුවිය හැකි.

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් ලැබෙන එකක් නෑ. මේක හරි කාළකන්නි රටක. යුද්දේ තිබුන දවස් වලට වඩා මිනිස්සු දුක් විඳිනවා දැන්. මීට වඩා හොඳයි යුද්දේ දිගටම තිබුනනම්. අඩුගානේ කාළකන්නි එකෙක් දෙන්නෙක් හරි මැරෙනවනේ ...

      Delete
  9. ලියවෙලා තියෙන හැම කාරණාවක්ම ඇත්ත.. මේ වැඩියෙන් තියෙන ඕළු ගෙඩි ගාන අයින් කරන්නම ඕන.. ඒත් මෙන්න මේ කාරණාවනම් වෙයිද කියන එක සැකයි..

    "අවශ්‍යවන්නේ බුද්ධිමතුන් හා මහත්මාවරු රජකරන යුගයකි."

    ReplyDelete
    Replies
    1. 56 ට පෙර තිබුනේ එහෙම තත්වයක්. නමුත් බන්ඩා බලයට එන්න හාල්පාරුවෝ පාර්ලිමේන්තු ගෙනාවා. නමුත් උන්ට මැතිනිගෙන් චාන්ස් එකක් ලැමුනේ නෑ. ජේ ආර් පාදඩයන්ගේ සපෝට් එක ගත්තත්. උන්ව අතේ දුරින් තියා ගත්තේ. නමුත් දැන් උන් රජවෙච්ච යුගයක් උදාවෙලා.

      Delete
  10. //සටන් කළ යුත්තේ ක්‍රමය වෙනස් කිරීම සඳහාය. එක කල හැක්කේත් ලොක්කාටමය. //මේක සිරා ඇත්ත.මේවා කියවන්න කියවන්න අපේ ලේ කෝප වෙනවා මචං. කාලකන්නි හැත්ත........

    ReplyDelete
    Replies
    1. කාගෙත් මල පැනලා ඉන්නේ මේ දවස්වල.. අඩු ගානේ ගෑස් වලා වත් ගන්න පුළුවන්නම් ස්ටොක් කරලා තියාගන්න තිබුනා. ළඟදීම ඒකටත් දෙනවා ගේම.

      Delete
  11. "විය යුත්තේ, සටන් කළ යුත්තේ ක්‍රමය වෙනස් කිරීම සඳහාය."

    -ඇත්තටම මොකක්ද මේ වෙනස් කල යුතුයි කියන ක්‍රමය? මොකක්ද මේකෙ ආර්තික දර්ශනය? මොකක්ද මේකෙ දේශපාලන දර්ශනය? මේක ඉබේ ඇති වෙලා ඉබේම දුවන ක්‍රමයක්ද? කව්ද මේ ක්‍රමය ලෝක මට්ටමින් මෙහෙයවන්නෙ? අපේ රටේ විතරක් මේක වෙනස් කරන්න පුලුවන්ද? මේ ක්‍රමයට විරුද්ධව ගොඩනගන ව්යාපාරයට නායකත්වය දෙන්න පුලුවන් කාටද?
    මේ ක්‍රමය ඉවත් කරල අලුතෙන් හදන ක්‍රමය මොකක්ද?

    "ජනතාව කළ යුත්තේ එසේ නොවන්නේනම්. මේ දේවල් සඳහා පෙලගැසෙන කණ්ඩායමක් හෝ පක්ෂයක් වටා පෙල ගැසීමය."

    - වත්මන් ලංකාව තුල එවැනි කණ්ඩායමක් හෝ පක්ෂයක් තිබේයැයි ඔබ සිතනවාද?

    "අවශ්‍යවන්නේ බුද්ධිමතුන් හා මහත්මාවරු රජකරන යුගයකි"
    - ඇති වී තිබෙන තත්වයට හේතුව පාලකයන් ගේ බුද්ධියේ හිඟ කම යැයි ඔබ සිතනවාද?

    "උද්ඝෝෂන කොට වටිනා ජීවීත නැති නාස්ති කිරීම අපරාධයකි."
    -මේ ක්‍රමයෙන් වරප්‍රසාද ලබන කණ්ඩායම, කිසිදු ප්‍රතිරෝධයක් නොදක්වා සාමකාමී චන්දයක් මගින් තමන් අත ඇති බලය මෙම ක්‍රමයට විරුද්ධ පිරිසකට පවරාවියැයි ඔබ සිතනවාද?

    ReplyDelete
    Replies
    1. 1. මේ ක්‍රමය කිව්වේ සමානුපාතික ඡන්ද ක්‍රමය, පෙන්ෂන් ලැබෙන එක, වාහන ලැබෙන එක වගේ ඔරොත්තු නොදෙන දේවල්.
      2. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හොඳටම හොඳයි.
      3. එවැනි පක්ෂයක් ඇතිවේවා කියන බලාපොරොත්තුවක් තියෙන්නේ.
      4. ලංකාවේ උගතුන් හිටියට බුද්ධිමතුන් නෑ. ඒක ගැන ආයේ කතා දෙකක් නෑ.
      5. අනිවාර්යයෙන් පුළුවන්. අද නොවේ සමහර විට හෙට....

      Delete
  12. අපි දැන් ලිදේ වැටී අවසන්ය. ගොඩ ඒමට සිදුවන්නෙත් මේ ලිං කටින්මය. කියන කාරණා ටික ඇත්ත උවත් කරන්න පුළුවන් ප්‍රායෝගික විසදුම් කුමක්දැයි කල්පනා කලයුතුය. මක්නිසාද යත් මේ වනවිට බීප්ට ඇති අසීමිත බලයෙන් මේ සියළු කළු දෑ නැතිකිරීමේ ආරම්භයක් ලබාගතහැකි වුවත් බලය ලැබි පළමුව සිදුකලේ කුමක්ද යන්න අපට අමතක නැති බැවිනි.
    දැනට ඇති මේ විෂම ධාරාව චක්‍රයක් ක්‍රියාත්මක වන්නේ චක්‍රයක් ආකාරයෙනි.

    පක්ෂ වලින් මැතිවරණ වලට නම් කරන්නන් දූෂිතයන්ය. ජනතාව ඔවුන්ගෙන් කෙනෙකු පත් කරයි. ඉන්පසු ඔවුන් කරන දෑ නැවැත්වීමට නීතිය ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට නීති හදන්නේද ඔවුන්ය. කොතරම් දූෂිතයෙකු වුවත් ඊලග ඡන්දයෙන්ද පත්වීම අසීරු කරුණක් නොවේ.

    මේ චක්‍රය බිදීමට ඇත්තේ එකම එක ක්‍රමයකි. දැනට තියන බලය වැනි බලයක් ඇති හොද නායකයෙක් පත්විය යුතුය. මේ වතාවේ නම් i miss u ය!

    තවත් වචනයක්, මෙම ක්‍රමය තුල (නායකයා කවුරුන් වුවත්) විපක්ෂයට කලහැකි කාර්යක් නොමැත. 77-94 කාලයේ විපක්ෂයට සිදුවූ දෑ අමතක නැතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. නමුත් මීට වඩා සවිමත් විපක්ෂයක් මහින්දලා ළඟ තිබුනේය. එයට ආන්ඩුව මීට වඩා බිය විය. ජනතාවද ඔවුන් සමග සිටියේය. අද වෙලා තිබෙන්නේ ගොන් බූරූ ජනතාවට කතාකරන්නට එකෙකු නැතී වීමය. පචවංශ ගිය පසු ජෙප්පන් ළඟද එකෙක්වත් නැත. සෝමවංසයි අගමැතිතුමායි පැක් එකේ ජෝකර්ලා දෙන්නාය..

      Delete
  13. 77ට කලින් ක්‍රමයට ගියොත් විපක්ෂයක් නැත්තටම නැතිවෙනවා , සම්බන්ධන්ලාට තමයි ඒ පෝස්ට් එක යන්නේ . ක්‍රමේ වැරැද්ද නෙවෙයි ක්‍රමය භාවිතා කරන උන්ගේ වැරැද්ද . වඳුරන්ට කොම්පියුටර් දුන්නා වගේ , ජේ.ආර් ගේ ක්‍රමය කැලෑ වදින්න බලාන හිටිය ජාතියකට සැර වැඩියි , ඉතින් ඒක අව භාවිතා කරන එක තමයි දකින්න තියෙන්නේ . මහින්ද වගේ දේශපාලන නූල් සුත්තර කාරයෙකුට හොඳට තේරෙනවා ඒකෙන් නියම වාසිය ගන්න . අලි පාටියේ ලොක්කා සහ තවත් දෙතුන් දෙනෙක් ඇරුණාම අනික් උන් නම් මහත්වරු නෙවෙයි

    ReplyDelete
    Replies
    1. සම්බන්ධන්ලා එනවටත් බයනම්, ක්‍රමෙත් ඕනම නම් මෙහෙම හොඳයිනේ.. මක්කටෙයි වෙනසක්. නියම් දේශප්‍රේමී ආන්ඩුවක් තියෙන්නේ. ඔන්න ආයෙත් දේශප්‍රේමය සේල් දාලා...

      Delete
    2. වෙනස ඕනි වෙන්නෙ දේශප්‍රේමිය විකුණන්නේ නැති ,ගල් යුගයේ මතවාදයෙන් එලියට ආපු උපායශීලී නායකත්වයක් රටට ඕනි නිසා

      සම්බන්ධන්ට අකමැති

      01) ඔහු(ලංකාවේ දැනට පවතින ද්‍රවිඩ පක්ෂ සියල්ලා ) අන්තවාදියෙක් නිසා මිස දෙමල ජාතිකයෙකු නිසා නොවේ (කදිරගාමර් වැනි ද්‍රවිඩ නායකයෙකු රටේ ජනපතිවීමටත් සුදුසු යන්න මාගේ හැඟිමයි )

      02) දෙමල සංධානය රටේ ප්‍රධාන විපක්ෂය වන්නේ ඡන්ද ලක්ෂ 4-5ක් ලබාගෙනය , ඡන්දය ලක්ෂ 30කට එහායින් ලබාගෙන පරාජයට පත්වන එජාපය/නිදහස් පක්ෂය රටේ ප්‍රධාන විපක්ෂය විය යුතුය , බහුතරය සිටින්නේ එතනයි (විපක්ෂ බහුතරය )

      Delete
    3. ජාතීවාදය කියන්නේ ඕක තමයි....

      Delete
    4. //ජාතීවාදය කියන්නේ ඕක තමයි//
      ඒක ජාතිවාදය වෙන්නේ කොහොමද ? දෙමල පක්ෂයක් වෙනුවට සිංහල පක්ෂයක් වුනත් යම්කිසි දිස්ත්‍රික්ක දෙක තුනක චන්ද ලක්ෂ 5ක් 5ක් අරන් රටේ ප්‍රධාන විපක්ෂය වෙනවා නම් , අනික් ප්‍රදේශ ඇතුලු රටේ සමස්ථයක් වශයෙන් දෙවෙනි තැනට ඡන්ද ගත්ත පක්ෂයට ආසන ප්‍රමානය ඊට අඩු වෙනවා නම් මම ඒකටත් විරුද්ධයි . දෙමලද සිංහලද කියන එක නෙවෙයි ප්‍රශනය ,

      සම්බන්ධන් සහ දෙමල පක්ෂ අන්තවාදී වීම අතුරු කතාවක් , මම ජාතීය හෝ ආගම මත පදනම් වුනු පක්ෂ සියල්ලටම විරුද්ධයි . රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් තුලයි සියලුම ජාතීන් නියෝජනය වෙන්න ඕනි .

      Delete
    5. ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියන්නේ ඕනම පක්ෂයක් පවත්වාගෙන යන්න නිදහස තියෙන්න ඕන කියන එක. නමුත් එතකොට තලෙයිබාන් වගේ උනුත් එන්න පුළුවන්. ඕකට සොලුයුෂන් එක තමයි මම කිව්වේ. ඔය දේ උනේ 77 දී විතරයි. එහෙම එක සැරයක් උනා කියලා ඒක වැරදියි කියන එක මම අනුමත කරන්නේ නෑ. උඹේ තර්කෙට අනුව ජන අනුපාත නියෝජනය වෙන්න ඕන පාර්ලිමේන්තුවේ. ඒක තමයි බන් ජාතීවාදය කියන්නේ. මම නම් වැදගත් දේශපාලලයෙක් නම් ජාතිය බලන්නේ නෑ. එළ ෆවුසිටත් දීලා තියෙනවා. නමුත් උන්ගෙනුත් වැඩක් උනේ නෑ. මජර කෘමයටම ගියා..

      Delete
    6. කාරණා දෙකක් උබ පටලවා ගන්නේ , සිංහල දෙමල කථා අතැරල දාහන් . හිතහන් ලංකාවේ 100%ක් ඉන්නේ එකම ජාතියක් කියලා . ලංකාවේ පක්ෂ තුනක් තියනවා x,y,z කියලා .x and y තමයි ප්‍රධාන පක්ෂ දෙක ,Z තරඟ කරන්නේ පලාත් දෙකක විතරයි . ඒ ප්‍රදේශවල සියලුම ආසන ජයගන්නවා ඔවුන් . ඔවුන්ට ආසන 22ක් ලැබුනා කියමුකො . රටේ අනික් ආසන වලින් Y ට ලැබෙන්නේ 5යි .Z ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 5යි ,Y ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 30යි (ආසන මට්ටමෙන් පරාද වුනාට හැමාඅසනයකම පාහේ X ට ආසන්නවම ඡන්ද ප්‍රමාණයක් Y අරගෙන තියනවා ) , දැන් බලහන් ආණ්ඩුව පිහිටුවන්නේ X , ඒත් උන්ට රටේ සමස්ථ ජනඝහනයෙන්(ප්‍රකාශිත ඡන්ද ) 50%කටවත් වැඩිය අකමැතියි ,ඒත් පාර්ලිමේන්තුවේ 2/3 කට එහා බලයක් හිමියි . සමස්ථයෙන් 40%ක් විතර ගත්ත Y පක්ෂය ට විපක්ෂ නායක කමත් නැ , මොකක්ද එහෙම ක්‍රමයක තියන සාධාරණත්වය . වෙන මොකුත් එපා පහුගිය ඡන්දය අරන් බලහන් එපාජපයට ආසන කීයද ලැබෙන්නේ කියලා

      Delete
    7. නවතත් ජාතීවාදය, ප්‍රාදේශීයවාදයක් එක්ක පටලවගෙන. ආසන ප්‍රශ්නයක් නෙමෙයි ඔතන තියෙන්නේ. එජාපයට එකක්වත් හම්බ වෙච්ච එකයි වැරැද්ද. කරපු කාලකන්නි වැඩේට. උන් ඒ දේ කලේ අනිවාර්යයෙන් ඕන එවුන් ටික පාර්ලිමන්ට් එන නිසා. මේ ක්‍රමේ තිබුනොත් මේ කාළකන්නි හොරු රැල විපක්ෂෙන් හරි එනවා. ඒක නැති කළ යුතුමයි. ආසන ක්‍රමය තමයි ගැලපෙනම ක්‍රමය..

      Delete
    8. වාදයෙන් පලක් නැ , ඔබ දකින්නේ හොරුන්ට එන්නට මාර්ගය ලෙස , මම දකින්නේ ප්‍රභල විපක්ෂයක් ඇති , ජන මතය සැබැ ලෙස නිරූපණය වන ක්‍රමය ලෙස

      Delete
    9. එතකොට මේ ක්‍රමේ යටතේ ප්‍රබල විපක්ෂයක් තිබුනේ කවදද කියලා කිව්වා නම්. විපක්ෂේ උනුත් ආන්ඩු පක්ෂෙට යන ක්‍රමයක් මේක. පක්ෂේ මාරු කළ ගමන් ආසනේ අහිමිවෙනවා ඉස්සර. දැන් ඇමතිකමිනුත් පුදනවා. උඹලත් දැන් මේකට හුරුවෙලා. ප්‍රබල විපක්ෂයක් ඕන නෑ. අප්‍රිය නම් අවුරුදු 5න් ගෙදර යැවුවම් ඉවරයි.. නැත්නම් ඊටත් කලින්. ජපානයේ. ඊශ්‍රායලයේ වගේ...

      Delete
  14. ඔබේ ලිපියට 100%ම එකඟයි. නමුත් එක කොටසකට පමණක් විරුද්ධයි. සියල්ල කල හැක්කේ ලොක්කාටමයි මම නම් නොපිලිගනිමි. මගේ මතය නම් ලංකාවේ මේ අප පතනා වෙනස කිරීමට කෙනෙක් දැනට නැති බවයි. ඉන්න අය අතරින් වෙනසක් කෙරුමට වඩාත් සුදුස්සා රනි බවයි මගේ හැඟීම ඒත් 100% නොවේ. යමක් කිරීමට පමණයි. ඒ ලයිස්තුවේ මගේ අන්තිමයා ලොක්කායි. ජෙප්පෝවත් යුධ වීරයාවත් ඒ ලයිස්තුවට මම නොදමමි. කෙනෙක් ඇති විය යුතුයි. ඇතිවන බවත් සිකුරුයි. බලා නොසිට එවන් කෙනෙක් තනා ගැනීමට උත්සුක විය යුතු බව නම් සිකුරුයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම , ලොක්කාට වඩා නම් රනිල් දෙයක් කරන්න පුලුවන් , උගත් කම හොරකම් නොකරන එක සහ උපාය ශිලි බුද්ධිය තුනම තියනවා , බැරි චන්ද දිනන්න

      Delete
    2. සියල්ල කල හැක්කේ ලොක්කාටය යන අදහසක් මා තුල නැත. නමුත් ඔහු අති මහත් බලයක් සහිත අප රටේ නායකයාය. සියල්ලෝම ඔහුට අවනතය. එහෙම නැතිනම් බයය. අවශ්‍යතාවයක් ඇත්නම් මේ සියල්ල කිරීම ඔහුට මහ දෙයක් නොවේ. නමුත් ඔහුගෙන් එය ඉටු නොවන බව හොඳටම පැහැදිලිය. ප්‍රධාන හේතුව ආර්ථික ඥානයක් නොමැති වීමයි. රුපියල පාවෙන්නට නොදී විදෙස් සංචිත නිදහස් කොට බංකොලොත් කල කාලකන්නි අදටත් නිරුපද්‍රිතව සිටීම එයට හොඳම උදාහරණයයි.

      Delete
    3. මහින්දව හා රනිල්ව සංසන්දනය කරලා තියෙන නිසයි අදහස් දක්වන්නේ.අපේ රටේ ආණ්ඩුවක් ජනතාව අතර පිරිහෙන්න බලපාන සාධක අතර ආර්ථිකය කියන්නේ එක් සාධකයක් පමණයි.සධාචාරය,සංස්කෘතිය වගේ හුගක් සාධක ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සහ එහි පැවත්ම තිරණය කිරීමට බලපානවා.

      රනිල් වික්‍රමසිංහගේ රජය පෙරළීමට හේතු වූ සාධක අතර සටන් විරාම ගිවිසුම ප්‍රධානතම සාධකය වුවද එම රජය පාරිසරික සහ සංස්කෘතික කරුණු අරබයා ගෙන ගිය ප්‍රතිපත්ති පිළිබදවද ප්‍රබල මහජන විරෝධයක් එල්ලවීය.

      සරලවම පැවසුවොත් යු.එන්.පිය බල්ලන් මරා හෝ මව්පියන් විකුණා හෝ සල්ලි සොයන සොමියෙන් ආතල් ඒකෙන් ඉන්නා සමාජයක් කරා රට මෙහෙයවා ඇත. ශ්‍රීලංකා එක හෝ සන්ධානය දේශප්‍රේමය,සංස්කෘතිය පාරිසරික ලැදියාව ආදිය විකුණමින් යම් පමණකින් ඒවා ආරක්ෂා කරමින් කටයුතුකර ඇත.(ඇත්තටම ඔවුන්ගේ යැපීමට සහ පැවත්මට එලෙස ආරක්ෂා කිරිම අත්‍යවශ්‍යයි.)

      වික්‍රමසිංහ ආණ්ඩුව හා සැසදීමේදී රාජපක්ෂ ආණ්ඩුව රටට අවම හානියක් සිදුකර තිබේ.එනම් රනිල්ට වඩා වැඩක් මහින්ද කර ඇති බවයි.(යුද්ධය පමණක් නොවේ.)

      දුෂණය,හොරකම,වංචාව පාතාලය හා ඇති සම්බන්ධය අතින් සන්ධානය සහා යුඑන්පීය කරට කර සිටිති.කුණු නැති එකෙක් නොමැත. රනිල් පිරිසිදු පුද්ගලයෙක් බවට සහතික දිය නොහැක.ඔහුගේ ආණ්ඩුවේ වංචාව දුෂණය නොතිබුනේද?.මහින්ද ලොක්කා වෙතද කිසිදු චෝදනාවක් නැත.මල් තබා වැදිය හැකි චරිත සහතිකයක් ඔහුට තිබේ.සියලු චෝදනා එල්ල වන්නේ ඔහු යටතේ ඉන්නා අයට වුවද ජනාධිපතිවරයා ලෙස ඔහු ඒවාට වගකිවයුතුවේ.එම නියාය රනිල්ටද අදාළවේ.

      තවමත් රනිල්ට වඩා මහින්ද හොද බව මාගේ අදහසයි.නමුත් ඔහු ගමන් කරන දිශාව මාහටද ප්‍රශ්නාර්ථයක්‌ වී තිබේ.

      Delete
    4. රනිල්ගේ ආර්ථික හැකියාවන් වසර දෙකක් ඇතුලෙදි (-) ගානක තිබුන අර්ථිකයක් 4%ක් දක්වා ඉහලට ගෙනාපු බව අමතක කරන්න එපා , රජයේ දේවල් විකුණන්නේ නැය කිව්වට වැඩක් නැ ඒවායින් රටට බරක් වෙනවා නම්. පෞද්ගලීකරණය අවශ්‍යයි එතනට . සොමියේ ඉන්නවාය කියන්නේ මිනිස්සු ජීවිතය විඳින එක , ජීවිතය විඳින්නේ නැතුව බොරු දේශප්‍රේමිය විකුණ විකුන ඉන්න එකේ තියන ප්‍රයෝජනය මොකක්ද , මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තිය ණය ගැනීම විතරයි . කරල තියන ඔක්කොම සංවර්ධන ව්‍යාපෘති ණය , හම්බන්තොට , නොරොච්චෝලේ ණය විතරයි මේ දක්වා අසාර්ථකයි . ආර්ථික ප්‍රතිපත්ති වල හොඳ කමේ පේනවා වර්ථමානයේ උද්ගතවෙලා තියන තත්වයෙන් . කැමති නම් මේ ලිපිය කියවල බලන්න

      අන්කල් මයා මහින්දට කඩේ යන්නේක් බව ඉතාම පැහැදිලියි මේ දක්වා විවිධ තැන්වල දක්වලා තියන අදහස් අනුව , ඒත් කඩේ යන කොට මහින්ද ගේ කඩේ යන්න පුලුවන් ගති ගුන තෝරගත්තා නම් වැඩේ සාර්ථක වෙයි .

      රනිල්ට ලංකාවේ ගම්වල චන්ද දායකයින් හොයන සිල්ලර ලක්ෂන නැති වුනත් රටක් පාලනය කිරිමේ සුදුසුකම් ඉහටත් උඩින් , රටක් පාලනය කරන්න , ලෝකෙත් එක්ක සබඳතා පවත්වන්න සරම කරට ගත්ත චණ්ඩි පාට් වලින් ඇති වැඩක් නැ , උපාය ශීලී විය යුතුයි

      රනිල්ට එරෙහිව දූෂණ චෝදනාවක් සන්ධානයෙන්වත් එල්ල කරල නැ , අන්කල් මයා කැමති නම් රනිල් කරපු දූෂන හොයාගෙන යන්න . නමුත් රනිල්ට බනින බොහෝ දෙනෙක් පිලිගන්න කාරණාවක් ඔහු හොරෙක් නෙවෙයි කියන එක , රනිල් ගාව හිටපු දූෂණ වලට සම්බන්ධ වුන් දැන් ඉන්නේ ආණ්ඩුව ඇතුලේ


      මහින්දට එල්ලවූ සුනාමි වංචා චෝදනාවත් , තම අග්‍රාමාත්‍ය ධූරයේ බලතල භාවිතා කර එය අධිකරණයෙන් යටගැසූ ආකාරයත් අන්කල් මයාට අමතක වී ඇති බව පෙනේ , මල් තියා වඳින්නට යන්නේ ඒ නිසා විය යුතුය

      දූෂනය නැතත් , හම්බන්තොට නොරච්චෝලේ දැයට කිරුල ඇතුලු නාස්තිකාර දෑ සඳහා ඔහු ඍජුව වගකිව යුතුය , අනෙක් අතට 10% කොමිස් ඇතුලු දූෂන චෝදනා රාශියක් එල්ල වී ඇත්තේ ඔහුගේම පවුලේ අයටයි

      Delete
    5. කඩේ යෑම ගැන කියනවනම් දරුවෝ යම් පුද්ගලයෙක්ට පක්ෂව අදහස් දැක්වීම ඔහුට කඩේ යෑමක්නම් මෙතැනදී ඔබ රනිල්ටත්,මා මහින්දටත් කඩේ යනවා.ඒක අමුතුවෙන් මතුකරන්න වුමනා දෙයක් නොවේ.ඇස් පෙන ඕන එකෙක්ට කමෙන්ට්ස් ටික කියෙව්වම ඒක අවබෝධකරගන්න පුළුවන්.

      ආර්ථිකය 4%ක් දක්වා රැගෙන එන්න රනිල් ණය ගත්තේ නැද්ද?.ඔහු විශාල වශයෙන් ණය ගත්තා.විශාල වශයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කාලා.(පවත්වාගෙන යා නොහැකි පාඩු ලබන ආයතන පෞද්ගලිකරණය වරදක් නොවේ.නමුත් බොහෝවිට සිදුව ඇත්තේ කුණු කොල්ලයට විකිණීමයි) සහ සහනාධාර කප්පාදු කරා.

      ඉතින් මහින්ද ලොක්කත් 8% ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යනවා නෙව.ආණ්ඩුව ආර්ථිකය මත විශාල පීඩනයක් ඇති කරා.ඒක වැරදියි.නාස්තිය දුෂණය ආදිය වැරදියි.නමුත් මා මතුකලේ ආණ්ඩුවක පැවත්ම තීරණය කරන එකම සාධකය ආර්ථිකය නොවේය යන්නයි.ඔබ කියනා ලෙස රනිල් ආර්ථික පිබිදීමක් ඇතිකරානම් ඔහුගේ ආණ්ඩුව බිද වැටුනේ ඇයි?. පැහැදිලිවම ජනතාව ඔහුගේ ප්‍රතිපත්ති අනුමත නොකළ අතර මහින්දට මෙපමණ බලයක් ලබාගත හැකිවුයේද රනිල් අනුගමනය කල ප්‍රතිපත්ති නිසා බව මාගේ අදහසයි.

      ජාතික ආරක්ෂාව වැනි අතීශය සංවේදී කාරණා වලදී රනිල් කටයුතුකර තිබෙන්නේ වගකීම් විරහිත ආකාරයෙනි.සටන්විරාම ගිවිසුම ආදියේදී ඔහු ක්‍රියාකල ආකාරය පිළිබඳව සමාවක් දිය නොහැක.

      යුඑන්පිය සහ ශ්‍රීලංකා/සන්ධානය දුෂණයට නාස්තියට පාතාල සම්බන්ධකම් වලට කප් ගැසුවන් බව නැවත මතක් කරමි.එකෙකුට වඩා අනිකා හොදයි කීමේ හැකියාවක් නැත.

      වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ වංචාවට දුෂණයට ඇති ලැදියාව ආදී වැරදි නිවරදි කරගනිමින් රට ඉහළ තත්වයකට ගෙනයෑමේ හැකියාව තවමත් මහින්ද සතුව තිබේ.එසේ නොකර මේ ආකාරයෙන් කටයුතුකලහොත් ඔහුගේ ඇති ප්‍රබල රජය ඉතා ඉක්මණින්ම බිද වැටෙනු ඇත.

      අප ඕනෑ තරම් ආණ්ඩු මාරුකර ඇතත් අපේක්ෂිත ප්‍රතිපල අත්වුයේදැයි සැක සහිතය.යුඑන්පි රජයක් ආ පමණින් ජනතාව සුඛිත මුදිත කරනු ඇතැයි යමෙකු බාලාපොරොත්තු වේ නම් ඔහු මෙතෙක් කල් මේරටේ ජිවත්වුවෙක් විය නොහැක.

      Delete
    6. රනිල් ලබාගත්ත ණය හොංකොං බැංකුව ආදියෙන් ගත්ත වාණිජ ණය නෙවෙයි , ඒ වගේම වැටුණු ආර්ථිකයක් සිවිල් ගැටුමක් පවතින රටක ගොඩ ගැනීම කියන්නේ අභියෝගයක් . විධායක බලතල රහිතව අවුරුදු 2ක් කරපු දේවල් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් ,ඒ ආර්ථික ශක්තිය රටට නොතිබුනා නම් මහින්දට යුද්ධ කරන්න වෙන්නෙත් නැ . ඒ වගේම ඔහු ඉරාන ය පිලිබඳ ගැටලු කාරී තත්වයන් දැක්කේ වසර ගණනාවකට කලින් , සටන් විරාම ගිවිසුම පිලිබඳ මගේ අදහස ඔබට වඩා වෙනස් නමුත් ඒක වැරදියිම කීවත් මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය වෙන්නේ යුද්ධයක් කල හැකි නායකයෙක් නෙවෙයි රට ආර්ථික වශයෙන් ශක්තිමත් කල හැකි නායකයෙක් . 8% වර්ධනය යුද්ධයෙන් පසුව අනිවාර්යයෙන්ම සිදුවිය යුතුව තිබු දෙයක් , නමුත් මේ වෙන කොට රජයේ ආර්ථික ප්‍රතිපත්ති වල අසාර්ථක බව පෙන්න තියනවා . ලංකාවේ බහුතරයක් ජනතාව නායකයෙක්ගෙ වැඩපිලිවෙල මොකක්ද කියල බලන අය නෙවෙයි . බොරු දේශප්‍රේමයට පිරිමිකමට ඇන්දිලා කතිරය ගහනවා විතරයි

      ඔබම පිලිගන්නා පරිදි මහින්ද ආර්ථික වශයෙන් අසාර්ථකයි , රටක සියලුම කාරණා රඳාපවතින්නේ ආර්ථිකය මත (ඡන්ද දායකය ඒක නොදකින එක වෙනම කථාවක් ) , ඒ නිසා මහින්දට විකල්පයක් අවශ්‍යයි . මේ කියන්නේ කැරලි ගහන්න කියල නෙවෙයි . ඊලඟ මැතිවරණයේදී වෙනත් නායකයෙක් අවශ්‍යයි . මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තියටත් , රටේ වපුරලා තියන බොරු දේශප්‍රේමය ඇතුලු ග්‍රාම්‍ය සංකල්ප වලටත් එකම විකල්පය රනිල් . රනිල් ආවා කියල රට එක පාරට ආශ්චර්යක් වෙන්නේ හෝ රටේ තියන සියලු ගැටලු විසඳෙනවාය කියල මම කියන්නෙ නැ , එහෙම වෙන්නෙත් නැ , නමුත් මහින්දව නැවතවතාවක් ගේන ඒමට වඩා එය සාර්තකයි

      එජාපය හා නිදහස් පක්ෂය වශයෙන් නෙවේ ,මම කථා කලේ පුද්ගලයා වශයෙන් , ඔබ කියනවා මහින්ද ට මල් තියල වඳින්න පුලුවන් තරම් හොඳ සහතිකයක් දූෂන සම්බන්ධයෙන් තියනවා කියල , මම කියන්නේ ඒක අමූලික බොරුවක් ඔහුට ඍජුව එල්ල වුනු දූෂණ චෝදනා සහ කට කථා මට්ට්මේ දුෂන චෝදනා ඔහුටත් පවුලේ අයටත් විරුද්ධ තියනවා කියලා, රනිල්ට විරුද්ධව එහෙම චෝදනාවක් නැ . ඔහුට තියෙන්නේ දේශද්‍රෝහී වීම් , කේලාම් , පාවාදීම් චෝදනා

      සමාජයේ පවතින යථාර්තය පිලිනොගෙන දෙන්නම දූෂිතයි කියන්නේ රනිල්ගෙ තියන හොඳක් පිලිගන්නවත් ඔබතුමා අකමැතියි කියන එක

      Delete
  15. තනි පුද්ගලයෙකුට සියල්ල වෙනස් කල හැක දොලොස් දෙනා බැලුවද

    ReplyDelete
    Replies
    1. ඒක නාට්‍යයක්නේ බන්.... නමුත් වෙන්නත් පුළුවන්....

      Delete
  16. මාතලන් මහත්තයෝ මටත් දෙයක් කියන්න තියනව,
    මේ රටේ වෙනසක් වෙන්න නම් උගත් යහපත් මිනිස්සුන්ටත් තැනක් එන්න ඕන,
    නැත්තං අපෙ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න කෙනෙක් නැති වෙනව.
    ඒක නිසා රටේ පොඩිම පලාත් පාලන ආයතනේ ඉඳල පාර්ලිමේන්තුවට යනකං ඉන්නෙ මෝඩයෝ,
    ඕ ලෙවල් වත් පාස් නැති පංචායුධයා වගේ කපටි හිවල්ලු පත් වෙන්නෙ ඒකයි,
    ඒ නිසා ප්‍රාදේශීය සභාවල ඉඳල සියළු ඒවට උගතුන් ඡන්දය ඉල්ලිය යුතුයි,
    එවිට ඊට වඩා ටිකක් හරි හොඳ වෙයි,
    (හොඳ උගතුන් ආවොත්)
    මහින්ද ගැන කියන්න තියන්නේද ඒ ටිකමයි,
    හෙට ඡන්දයක් තිබ්බත් දෙන්න වෙන්නෙ මෑන්ස් ට තමා,
    මොකද වෙන මොකෙක්වත් නෑනෙ,

    ReplyDelete
    Replies
    1. //මේ රටේ වෙනසක් වෙන්න නම් උගත් යහපත් මිනිස්සුන්ටත් තැනක් එන්න ඕන//

      මහින්ද ඒ කැටගරියට අයත් කියල හිතනවද ?

      Delete
    2. මම කියන්නෙත් ඒකමයි. මේ ආන්ඩුවට පුළුවන් දැන්වත් හරි ට්‍රැක් එකේ යන්න. ඒ දේවල් තමයි මම යෝජනා කලේ..

      Delete
  17. ගොඩක් දේවලට එකඟයි.හැබැයි පුතෝ සමානුපාතික කුමය නැති‍කරෝතින් නම් කෙල වෙන්නේ අපටමයි.මේ ගැන ලිපි කීපයක් ම ලියුවා මේඝය බ්ලොගයේ .වෙලාව තියේ නම් කියවල බලන්න.

    ReplyDelete
    Replies
    1. මම උඹගේ ලිපි සියල්ලම කියවලා තියෙනවා. මගේ මතය මේකම තමයි. සමහරු කියනවා දෙකේ මිශ්‍රනයක් හොඳයි කියලා. මොකද එක එක විශයන්ගේ ප්‍රවීනයෝ පාර්ලීමෙන්තුව නියෝජනය කරන්න ඕන කියලා. ඉතින් ඒ ප්‍රවීනයොන්ට සීට් එකක් දුන්නම් ඉවරනේ ඉල්ලන්න කියලා. කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ දාන්නේ නැතුව..

      Delete
    2. කේවල ක්‍රමයේ දුර්වලතා වලින් එකක් ඔබේ පිලිතුරේම තියෙනවා.මොන පක්ාෂ් උනත් ලොක්කට ගොට්ට අල්ලන කෙනෙක් හැර වෙන කෙනෙකුට වැරදිලාවක් ආසන සංවිධායක ධූර ලැබෙයිද?(අද අඩුගානේ රනිල් කෘත්‍යෘදීකාර මණ්ඩලයටවත් පත්කරනව ද තමන්ට අහිතවත් උදවිය.සමානුපාත ක්‍රමය නිසා මේ අය ජනතා චන්දයෙන් පාර්ලිමේන්තුවට එනවා. හොද උදාහරණයක් රංජිත් මද්දුම බණ්ඩාර.ලොක්ක එපා කියද්දිත් මිනිස්සු චන්දේ දුන්නා.හැබැයි කේවල ක්‍රමයෙන් නම් ලොක්ක මිනිහව කෙලින් ම ගෙදර යවනවා.ජනතාවට මොකවත් කරන්න බෑ)

      Delete
    3. ඒ දේ මොන ක්‍රමේ තිබුනත් වෙනවනේ බන්...

      Delete
  18. හනේ හම්බේ මාතලන් මහත්තයෝ විහිලුවට වත් මෙහෙම අව කැපෙන කතා කියන්න එපා. මේ කොරමේ වෙනස් කෙරුවොත් එහෙම මෙච්චර දුරක් ආපු අර බ්‍රොයිලර් පුක් කුමාරය ඔය මහ පුටුවට යන්නේ කොහොමද?
    - හංබංතොටයා

    ReplyDelete
    Replies
    1. එතකොට මහින්දලා පාර්ලිමන්ට් ආවේ මේ ක්‍රමේටද. වැඩක් කරානම් පොරට බහු ආසනේකින් හරි එන්න බැරිය. අනුර ආවා වගේ...

      Delete
  19. විය යුත්තෙ කුමක් ද නෙමෙයි කලයුත්තෙ කුමක්ද වෙන්න ඔනෙ.. මොකද කිසිදෙයක් ඉබේ වෙන්නෙ නෑ අපිම කලයුතුයි.....ඔයා හොඳ දෙයක් කියල තියෙනව ක්‍රමය වෙනස් කරන්න ඕන... මොන ක්‍රමයද..... ආර්ථික ක්‍රමය ධනේෂ්වර අර්ථ ක්‍රමය යටතෙ අපිට මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ..... මේ අර්ථ ක්‍රමයෙ මුල් කාලයෙ නැත්තං ප්‍රගතිශීලී කාල වකවානුවෙ අපිට ඔය කියන සකල සියලු දේවල් දැක්ක ඒමේ අර්ථක්‍රමයට වර්ධනය වෙන්න ඉඩ තිබ්බ කාලෙ එතකොට සාමාන්ය ජනතාවට නැත්තං අතිරික්ත වටිනාකම නිර්මානය කරන ශ්‍රමිකයන්ට සහන දුන්න... නමුත් තව දුරටත් එහෙම බෑ සියලු සහන කප්පදු කලයුතුයි මොකද ධනේෂ්වර අර්ථක්‍රමය තව දුරටත් ප්‍රගතිශීලී ක්‍රමයක් නෙමෙයි.ඒ මේ ක්‍රමයේම පදනම උනු ජාතික රාජ්ය සහ පොවුද්ගලික දේපලම ඒකෙ වර්දනයට හරස් වෙලාතියෙන්නෙ.. තව දුරටත් ධනේෂ්වර අර්ථක්‍රමයට පැවැත්මක් නෑ. ඒනිසා අපිට මේ ක්‍රමය තුලින් ඔය බලාපොරොත්තුවෙන දේ ලැබෙන්නෙනෑ. මිනිස්සු මාරුකරාට පාලන ක්‍රමයෙ වෙනස්කම් කරාට ඒක ඔලුවෙ කැක්කුමට කොට්ටෙ මාරුකරනව වගේ.... නිශ්පාධන ක්‍රමයම අර්බුධයේ නං ආන්ඩුවට මොනාදකරන්න පුලුවං. දැන් අපි දකින්නෙ ඒකතමයි... මේක මහින්දගෙ හෝ රනිල්ගෙ හෝ වෙන කාගෙවත් පොවුද්ගලික වැ‍රැද්ද්ක් නෙමෙයි... මහින්ද උනත් අකමැති වෙයිද මේ සකල සියලු දේ වලට සහන සපයල ප්‍රශ්න නැතුව ආන්ඩුව ගෙනියන්න....හැම කෙනාම කැමති ඒකට තමයි. අපිට මේ ප්‍රශ්න පෙන්නන්නෙ ආන්ඩුවෙ හරි පාලක පක්ෂයේ හරි වැ‍රැද්ද්ක් විදිහට... නමුත් අපි මාරුකරන හැම එකාම කරන් යන්නෙ එකමදේ... උන්ට එතනින් එහාට පනින්න බෑ...... අපි හැම දාම කරේ එකම පක්ෂ මාරුවෙන් මාරුවට පත් කරපු එක....ඇයි අපිට තේරුම් ගන්න බැරි මේ ක්‍රමයෙ ඉන්න උන්ගෙ නෙමෙයි ක්‍රමයෙයි වැ‍රැද්ද කියල..(ක්‍රමය කිව්වෙ අර්ථක්‍රමයට මිස ඔබ ඉහත කියන ක්‍රමය නෙමෙයි)

    X-Porter

    ReplyDelete
    Replies
    1. 100% ඇග්‍රීඩ්... නෝ කතා.. නමුත් මහත්තයෝ.. මේ කාළකන්නි දේශපාලන ක්‍රමය කිසිසේත්ම මේ රටට ගැලපෙන්නේ නෑ. ඔරොත්තු දෙන්නෙත් නෑ. හැම කාළකන්ණියකම බලන්නේ දේශපාලනයෙන් හම්බ කරන්න නේ.

      Delete
    2. වු....මේ ක්‍රමයෙන්ම උත්තර හොයනවනං මහ ධනපතිපංතිය නියෝජනය කරන පක්ශයක් බලයට පත්කරන්න ඔනෙ.... උන් මේ සුලුධනපතියොවගෙ ඉහගෙන කන්නෙනෑ... බාගෙන කන්නෙ..... මොකද උන්ට මුන්ට තරං අහේනියත් නෑ මුන්ට තරං ලැජ්ජා නැතිකමත් නෑ උන්ගෙ රෙස්ප්ටෙකක් මහන් තත්හ්තයක් තියෙනවනෙ. ඒකට මුන්ට විලි ලැජ්ජාව නෑ මොකද මුන් ක‍ටු කාපු උන් ඒනිසා මුන්ට මස් හම්බුනාම බදාගෙන බෙල්ලෙ දාගෙන කන්නෙ. ඇත්තටම රනිල්ට ඔක්කොම බැන්නට ඒකා කියන දේ හරි. අපේ මිනිස්සු බලන්නෙ පොවුද්ගලික දේවල් මිස ඉදිරිපත් කරන වැඩපිලිවෙල නෙමෙයිනෙ.... රනිල් කරපු අවුරුදු දෙකේ මිනිහ ඩොලර් එක 98 තියාගෙන හිටිය... මිනිහ ඉරාන් ප්‍රශ්නෙ ගැන අවබෝදෙන් හිටිය ඒ නිසයි මිනිහ හම්බන්තොට පොඩි වරායක් හදල එතන තෙල් ටැන්කි ගහල ඉන්දියාවත් එක්ක එකතුවෙලා තෙල් ගබඩාවක් හදන්න ප්ලෑන් කරේ.... පොර ලෝක තත්වය ගැන හොඳ අව බෝදයක් තියෙන් උගතෙක් කරුමෙට සිංහලෙන් කතාකරන්න බෑ.....නමුත් මේ සිංහලවංශකතාවෙ මහා වීරය අවිල්ල මොකද කලේ... පඩ ශෝ දාල නැවු එන්නෑති වරායක් ගහල පරම්පරාවට හම්බුකරා...මේ ධනේශ්වර අර්බුධය අස්සෙ තරමක් හරි හරියට පාලනයක් ක්‍රන් යන්න පුලුවන් රනිල්ට විතරයි... මොකද මිනිහා මහා ධනපති පන්තිය නියෝජනය කරන නිසා....

      X-Porter

      Delete
    3. X-Porter - සරමට රැවුලට ඡන්දය දෙන දේශප්‍රේමී ජනතාව නොදකින පැත්තක් තමයි ඕක

      Delete
  20. ඔයා මේ මගුලක් කියෝනව මාතලං . . . ඔයා කියන ඒව කලොත් නාමල් බේබිට යන කලදසාව මොකද්ද???? ඇයි ඔයා ඔහොම කෘෘර විදියට හිතන්නෙ ???

    ReplyDelete
    Replies
    1. නාමල් බේබී ඒවී.. එයත් මිනිස්සුන්ට වැඩක් කලොත්...

      Delete
    2. ඇයි ඔය කරමින් ඉන්න හරිය මදිද තැනකට එන්න???

      Delete
  21. ඇත්තමයි මේ වෙනස් වෙන්න ඕනා කාලයයි.. ඉදිරියේදී බලමු නේද

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්.. ආන්ඩුවටත් දැනිලා තියෙන්නේ. ඒකනේ දේශප්‍රේමය තොරොම්බල් කරන්නේ...

      Delete
  22. වෙන්න යන දේ යන්තං පේනකොට, ලැබිච්ච චෑන්ස් එකෙන් ප්‍රයෝජනේ අරන්, රටිනුත් පැන්න මං වගේ එවුන්ට, මේ වගේ මාතෘකා ගැන කතා කරන්න අයිතියක් තියෙනවද කියන එකත් සැකයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අයිතියක් නැත්තේ. තමන් උපන් රටේ හොඳින් ජීවත් වෙන්න කවුද අකමැති..

      Delete
  23. අනේ පළයං බං යන්න. මේ උඹ මේ වගේ දෙයක් කියන දෙවනි පාර. උඹල ඔක්කොම එකයි. අර වාසු රාජිත වගේ කඩි යන ගමන්ම, කරන බලු වැඩවලට හිත් රිදිල ගැලවෙන, වැටෙන උන්ගෙ හිත හදන්න මේ වගේ එකක් කියනව. හැබැයි න්‍යාය මැක්ක. ලොක්ක ඉතුරු කරල අනික් උන් හදන්න ඕන. බයිලනෙ බං.

    ReplyDelete
    Replies
    1. ලොක්කත් ඉතුරු කරන්න ඕන නෑ වෙන නායකත්වයක් පේනව නම්... ඒත් එහෙම නායකයෙක් කෝ?...

      Delete
    2. සාතන් විකල්පයක් නෑය කියල කියන්නේ ලොක්කවම තියාගමුය කියන එකම තමයිනේ , නායකයෙක් කෝ කිය කිය ඒකාධිපතියෙක් බිහිවෙන්න දෙමු කියලද කියන්නේ ?

      Delete
    3. @ ඉන්දික උපශාන්ත
      උඹ බලාපොරොත්තු වෙන දේවල මගෙන් අනාගතයෙත් ලියවෙන එකක් නෑ. මම කාටවත් කඩේ යන්නේ නෑ. නමුත් අමතක කරන්න එපා මේ රටේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් පත්වෙච්ච ආන්ඩුවක් මේ තියෙන්නේ කියන එක. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මම කැමතියි. ඒ නිසා රනිල් හිටියත්, චන්ද්‍රිකා හිටියත්, විමල් හිටියත්, මහින්ද හිටියත් ඔවුන්ගේ වැරදි ගැන ලියනවා මිසක් කෙනෙක්ගේ ලේ කෝප කරන විදියට ලියන එකවත් ක්‍රියාකරන එකවත් මගේ ක්‍රමය නෙමෙයි. මේ රටේ විප්ලව කරන්න බෑ. ඒක ඉතිහාසයේ ඉඳන්ම ඔප්පු කරලා තියෙන දෙයක්. උඹ කියන්නේ බස් ගිනි තියලා, ඇමතිවරු මරලා, රට ගිනි තියන්න කියලද. දැන් ඔය ඇන්තනී මැරුණා. එතනින් සටන ඉවරයි. ඒ පවුල අනාතයි. කවුද උන් ගැන මීට පස්සේ බලන්නේ. අඩු ගානේ රොෂේන්ගේ පින්තූරේ එල්ලන් ඉන්න බොග් එකකවත් ඇන්තනීගේ පින්තූරයක් තියෙනවද. කී දෙනාද ඌ ගැන ලිපියක් වත් ලිව්වේ. මොකද ඌ මාළු කාරයෙක් නිසා අපිට අදාල නෑ. රොෂේන් එහෙම නෙමෙයිනේ අපෙ ඊ පී එෆ් එක බේරලා දුන්නා නේ. ඒ තරම් ආත්මාර්ථකාමියොත් එක්ක මොන විප්ලවද.

      Delete
    4. @බුවා: තර්කෙ නම් හොඳයි, හැබැයි මම නම් ඉඟුරු දීල මිරිස් ගන්න වැඩේ කරන්නෙ නෑ.. :) පහුගිය කාලෙ එහෙම කරන්න ගිය උන්ට ‍දැන් වෙලා තියෙන දේවල් උඹටම පේනව ඇතිනෙ...

      අනික් අතට මට උඹ කියන විදිහට ඒකාධිපතියො කියන උන් එක්ක ප්‍රශ්නයක් නෑ... සමාවෙයන් තාම මම ලියන්නම් කිව්ව එක ලියන්න වෙලාවක් සෙට් වුනේ නෑ...

      @මාතලන්: /* මේ රටේ විප්ලව කරන්න බෑ */ සහතික ඇත්ත මාතලන් අයිය.. අපි ඒත් තාම බෑ.. ඉස්සරහට පුළුවන් වෙයි කියල හිත සනසගමු..

      Delete
    5. ඒකාධිපතියෙක් ඉන්න රටකට ගිහින් පදිංචි වෙයන් එහෙම නම්

      Delete
    6. ඇමරිකාවෙන් තාම වීස දුන්නෙ නෑ බන් ;)

      Delete
    7. ඒකාධිපතියෙක් හොයාගෙන ප්‍රජාතන්ත්‍රවාදී රටකට වීසා ඉල්ලුවාම හරියන්නෙ නැනේ , චීනේ හරි උතුරු කොරියාව හරි ට්‍රයි කරහන්

      හැබැයි අපේ දේශප්‍රේමී නායකයො නම් ඔක්කොම ඇමරිකානු පුරවැසියොඅ

      Delete
    8. මාතලන්,

      උඹ ලියපුව උඹම පරිස්සමින් කියෙව්වොත් තේරෙයි දැන හෝ නොදැන කාටද කඩේ ගිහින් තීන්නෙ කියල.
      ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුවක් තමයි ඊජිප්තුවෙ ටියුනීසියාවෙ තිබ්බෙත්. පාළකය චන්ද ගත්තෙ සීයට අසූවට උඩ. ඒත් එක බක්කි කරත්ත කාරයෙක් සේරම වෙනස් කරා.
      මේ රටේ විප්ලව ඕන නෑ. ඒත් ලොක්කගෙ මූණට හිනාවට තුනෙන් දෙක දෙන එක අඩු කරන්න මිනිස්සුන්ට දැනෙන විදියට කියන්න ඕන.
      ඊයෙ ලොක්ක කිව්ව චන්දෙ අවුරුදු හතරෙන් තිබ්බලු, එයාට ප්‍රජාතන්ත්‍රවාදෙ දෙන්න තිබ්බ හදිසියට. කාටද බං මේ කියන්නෙ?

      රටින් පිට ඉන්න මට ඊපීඑෆ් එකයි මාළු කාරයයි දෙන්නම එකයි. මගේ තාත්තයි අක්කයි තව අපේ පවුලෙ ගාණකුයි ඔය "රණ විරුවො" තමයි. ඒත් එහෙම කියල මට දැනෙන දේ වෙනස් වෙන්නෙ නෑ.

      මෙතන අපි කැමති කාටද කියන එකට වඩා එහා ගිය අවශ්‍යතාවක් තීනව. ලොක්ක හොඳනං අනික් උන්ට ඔහොම නටන්න දීල බලං ඉන්නෙ නෑනෙ. දැං පාතාලය අල්ලන හැටි බලහං. වැඩේ හරි උනත් කරන විදිය හරිද? එතකොට මල්ලි ඒව කරන්නෙ අය්ය නොදැනද?

      එතකොට ඔය එකම නායකය මොන වැරදි තිබ්බත් වෙන එකෙක් නැති නිසා ඉවසල තියන් ඉන්න ඕන කියලද කියන්නෙ? ඕන කෙනෙකුට තමන් කරන වැඩේට කවුරුත් අභියෝග කරන්නෙ නැත්තං හරි හෝ වැරදි ඒ දේ දිගට කරන් යනව වගේම ඒ කරන දේ හරි වැරැදිද ප්‍රශ්න කරනවනම්, අභියෝග කරනවනම් තමන් කරන දේ ගැන දෙසරයක් හිතනව.

      අන්න ඒ නිසා අපිට ලෝකෙ හොඳම් නායකය හම්බ උනත් අපි මිනිහගෙත් වැරදි වලට විරුද්ධව කෑ ගහනව, ඒ වඩා හොඳ හෙටක් රටක් වෙනුවෙන්. එහෙම නැතිව කණට කොඳුරල මිනිස්ස්න්ගෙ ජනමතය වෙනස් කරන්න බෑ.

      Delete
    9. මිනිසුන්ට දැනෙන්න. විය යුතුදේ තමයි ලියන්නේ. නැතුව නන්දා මාලනිලා වගේ ෆෝම් කරලා. ඊට පස්සේ කොල්ලො මරලා ආතල් එකේ ඉන්න නෙමෙයි. විවේච්නය සාධාරන විය යුතුයි. පොලොන්නරූ යුගයෙන් පසුව මේ රටට වැඩක් කලේ සුද්දෝ. උන් දාලා ගියයින් පස්සේ ජේ ආර්. නමුත් ජේ ආර් ඇති කරපූ කාළ්කන්නි යුද්දය සමූලඝාතනය කළේ මහින්ද. අපි මේ රටේ ජීවත් වෙන මිනිසුන් හැටියට. මායිම් ගම්මාන වල නෑයන් සිටින අය හැටියට. යුද්ධය නවත්තපු එකම ඇති මහින්ද. මම කියන්නේ නෑ මෙයා හරි කියලා. නමුත් මොකා ආවත් ඔය ටික තමයි කරන්නේ. ඒක අපි කවුරුත් දන්නවා. උඹ ඔහොම හිතනවනම්. බලය තියෙන එකා හිතන විදියත් හරි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. මේ කාළකන්ණී දේශපාලන ක්‍රමය වෙනස් කරන්නයි. මේ ඔක්කොම හොරු ඉවත් කරන්නයි. උඹලට අවශ්‍ය මහින්ද අයින් කරලා. මහින්ද කරන දේ උඹ බලාපොරොත්තු වෙන එකා කරන එකට.

      Delete
    10. මචං ඔයිට වඩා ලොකු යුද්ධෙකින් ලංකාව දිනවල ගලවල දුන්න පළවෙනි විජයබාහු ගැන මහසෙන් රජ්ජුරුවො තරම්වත් ජනකතා වල, ජනතාව අතරෙ ( මං කියන්නෙ ඉතිහාස පොත්වල නෙමෙයි )කියවෙන්නෙ නෑ. ඒකට හේතුව මිනිහගෙ යුද්ධෙන් පස්සෙ කාලෙ ක්‍රියාකලාපය. හරියටම මේ වගේම තමයි. මහ සෙණවිය පස්සෙ රජාට විරුද්ධව ගියා.

      නන්දල ෆෝම් නොකලනං අදටත් උතුරෙ ඉන්නෙ ඉන්දියානු වඳුරු රැළ. එද නන්ද හරි වගේම අද බැරිය මට මහලු වයසේ කියල අකුලන් ඉන්න එක ගැන දුකයි,ඒත් තරහ නෑ. හැබැයි සුනිල් මාධවල අද සිළුමිනේ ලියන එක සහ ඩලස්ල ආන්ඩුවෙ ඇමතිල වෙලා ඉන්න එක ගැන තරහයි, දුකයි.
      ඉන්න එකා වැරදිනං ඒ වැරැද්ද කෙලිම්ම පෙන්නනව මිස මොකටද වහෙං ඔරෝ?
      මහින්දව අයින් කරන්න ඉස්සෙල්ල අපි බලන්න ඕන මිනිහගෙ මේ අති බහුතර බලය අඩු කරල හදා ගන්න. ඒකට කරන්න ඕන මිනිස්සුනුව නින්දෙන් අවදි කරල එන චන්දවලදි මේ දේ වලට ජනතාවගෙ විරෝධය රජයට පෙන්නන එක. නැතුව රජාට පෙර පින් සළකල හැමදාම වැඳ වැඳ අද කරන පව් සමා කරන්න නෙමෙයි.

      ඒත් උඹල කරන්නෙ වැරදි නොබල දේවත්වයෙන් අදහන එක. ඒකත් මචෝ නිවට කම.

      Delete
    11. උඹට වැරදිලා සහෝ. මට එකෙක්වත් දෙවියෙක් නෙමෙයි. නමුත් අන්තගාමියෙක් වෙන්න කිසි සේත්ම බැහැ.. ගඩාෆී අගය කරල ලිපියක් ලිව්වේ මම නෙමෙයි උඹ... අපි උත්සාහ කරමු මචං... 88-89 කාළේදී මීට වඩා අසාධාරන සිඳු උනා.. නමුත් ඒවත් නැතිවෙලා ගියා. මේ රටේ ඕන දෙයක් සුළු කාළයයි.. ආර්ථිකය ගැන කතාකරමු.. පුද්ගලයෝ කවුරුත් එකයි.. ක්‍රමය වෙනස් කර ගන්න බලමු..

      Delete
  24. උඹේ ලිපියත් එක්ක 100%ක් එකඟයි අයියෙ.. ඒත් අපේ මිනිස්සු මේ විදහට හිතන දවසක් එයිද කියන එක නම් ඉතිං... ;)

    ReplyDelete
    Replies
    1. එනවා ඇයි නැත්තේ.. නායකත්වයක් විතරයි අවශ්‍ය....

      Delete
    2. ඇයි බං අපේ සංවේදී නායකය, ආඩම්බර තාත්ත...විකල්පයක් නැති ආකල්පය...ඒකට මොකද වෙලා තීන්නෙ?

      බලං හිටහන් උඹලට ආයි දියසේන කෙනෙක් පහලවෙනතුරු...

      Delete
    3. යුද්දේ ඉවර කරන්න බෑ කියලා කිව්වේත් උඹ වගේ අය තමයි...

      Delete
  25. ඇමතිල මොකටද බොල උන් කෙලෝ ගත්තම ජනාධිපති තීරණය දෙන්නේ

    ජනාධිපතිත් වැඩක් නැහැ මයෙ හිතේ ජාත්‍යන්තරේට ඕන විදිහට තමා මෙහෙ බඩු වල මිල පාලනය වේනනේ.. :))

    ReplyDelete
    Replies
    1. බඩු මිළ තීරණය වෙන්නේ එහෙම නම් තමා. නමුත් ඒකට මුහුණ නොදි බොරුව කළාම මේ දේ වෙනවා. දේශප්‍රේමෙන් ආර්ථික තියරි වහන්න බෑ..

      Delete
    2. හිකිස් දේශප්‍රේමි නොවැ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න