.

.

Feb 1, 2015

ජෙම්ස් පැකර්, පුල් චාටර් - James Packer Crown Pulls



අඬන්නෙපා ජේම්ස් පැක          ර්
උනා නේද ෆුල් චාට                 ර්
යාපකෝට නැතේ පව              ර්
තනියෙන් ගහපන් පෝක         ර්

මහ රජිඳගෙ පත සික්ස             ර්
රටම කාපි නෝ ටෙන්ඩ            ර්
ලියමින් දැන් සෑඩ් ලෙට            ර්
රඟනවා චරිතය ජෝක              ර්

කොමිස් කාපු...
ටුවර් ගියපු...
යා.......ප.......කෝ.......?
යකෝ.....!


oOo


36 comments:

  1. යාපා දවසක් ගාල්ලේ හොල්සිම් එකට ඇවිත් ඕක ගැන කිව්වා.. හමුදුරුවරු දෙනමකුත් ඉන්න තැන.. දැනට පොඩ්ඩක් අඩිය පස්සට තියාගෙන ඉන්නේ ඔය විරුද්දතා ඉවර වෙනකං නේද හාමුදුරුවනේ.. ඔය කොයි දේටත් එහෙමයි.. තව ටික දවසකින් ඔය කවුරුත් දන් නැතුව අපි ඕක ගේනවා.. නේද හාමුදුරුවනේ.. එතන හිටපු හැමෝම වගේ අර සංගෙඩියෝ දෙන්නත් ඇතුළුව හැක් හැක් ගාලා හිනා වුනා.. මට ඇඬුණා යකෝ මුං ඔක්කොම මේ අපිටම නේද හිනා වෙන්නේ කියලා.. යා.. ප.. කයා..

    ReplyDelete
    Replies
    1. මූත් රාජ උශ්ණේ එකසිය ගානට තිබුන එකෙක් තමා.. මූ විතරක් නෙමෙයි පුතත් එහෙම මයි.. අනික කන්ටේනර් වගයක් ගෙනත් නෝන්ඩිත් උනා නේ..

      Delete
  2. සාරාංශගතව,
    එදා
    "මෙන්න පැකර් ආවෝ" (විපක්ෂය)
    "මෙන්න කැසිනෝ පනත සම්මත කලාාාාාාාාාාාා" (විපක්ෂය)
    "කැසිනෝ නැතෝ........ හෝටල් විතරො........"(ආණ්ඩුව)
    "හාමුදුරුවනේ මේකෙ කැසිනෝ නෑ හාමුදුරුවනේ........"(ජනාධිපති)

    අද,
    "අපි කැසිනෝ අයිං කලා........"(ආණ්ඩුව)
    "දැන්නං මට බෑ" (පැකර්)

    [හානා හීය පානා අඬහැරෙන් දැනේ.......]

    ReplyDelete
    Replies
    1. "හිකෙන් පුනා" කියන්නේ ඒවට තමයි රාජ් මහත්තයෝ..

      Delete
  3. අරෙහ... ඇත්තටම අඬලානෙ.

    ReplyDelete
    Replies
    1. ඔය් ඒ යකාගේ තාත්තා මැරුණ වෙලාවේ අඬපු එකක්...

      Delete
  4. දෙන්නං කාසියට අස්සං කල හින්දා
    අතයට සල්ලි පිටරට බැංකුවෙ බැන්දා
    මුං ටික ඇවිත් ඒකට කෙල උන සන්දා
    කොහොම එව්ව ආපහු ගන්නද මන්දා

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි කියලා තමයි කියන්න වෙන්නේ..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔය යාපා යකාත් ඊගාව පාර්ලිමේන්තුවට වද්දා ගන්න හොඳ පුද්ගලයෙක් නෙමේ.මතකනේ බඩු කන්ටේනර් පිටින් ගෙනත් තිබ්බා බෙදාහරින්න ජන්දේට පුතා ඉල්ලන කොට.

    ReplyDelete
    Replies
    1. කන්ටේනර් වල ආපු බඩු වල හැටියට මූත් ඒවල මොනවා ගෙනාවද කව්ද දන්නේ...?

      Delete
  8. http://www.divaina.com/2015/02/01/news04.html
    යකෝ ඇමරිකාවේ ඉන්නවද යකෝ අපිට වඩා දේශප්‍රේමියෝ , වහාම විදුලි පුටුවට මොකෙක්ව හරි අරන් පලයව්. අපේ දේශප්‍රේමය රීප්ලේස් කරන්න පුලුවන්ද ඇමරිකන් තානාපතිට

    ReplyDelete
    Replies
    1. යුද අපරාධ පරීක්‍ෂණය නවත්වන්න
      හිටපු ඇමරිකානු තානාපතිනිය ඉල්ලයි

      කීර්ති වර්ණකුලසූරිය

      ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්‍ෂණය වහාම අත්හිටුවන්නැයි හිටපු ඇමරිකානු තානාපතිනි තෙරේසා ෂෙපර් ඇමරිකානු රජයෙන් සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත.

      ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු බලවත් නිලධාරිනියක්‌ වූ ඇය ශ්‍රී ලංකාවේ මිතුරන්ගේ සහය මැද ජිනීවා මානව හිමිකම් කොමිසමට, සහජීවන හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සැලසුමක්‌ ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කර තිබේ.

      ඇමරිකානු රජය මෙතෙක්‌ අනුගමනය කළ දැඩි පිළිවෙත වෙනුවට මෘදු පිළිවෙතක්‌ දියත් කළ යුතු බවද තෙරේසා ෂෙපර් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

      ජිනීවා මානව හිමිකම් කොමිසම මෙහෙයවු යුද අපරාධ පරීක්‍ෂණයේ විමර්ශන වාර්තාව මාර්තු 27 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

      ශ්‍රී ලංකාවේ නව රජයට ඇමරිකාව සහ යුරෝපය සමග සබඳතා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණය නතර කළ යුතු බවද හිටපු ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කර ඇත.

      ඇගේ මෙම ඉල්ලීම හිටපු ඇමරිකානු තානාපති නිලධාරියකු වූ රොබට්‌ කේ බොග්ස්‌ද අනුමත කර තිබේ.

      ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශනයන් නතර කරන ලෙස හිටපු ඇමරිකානු තානාපති නිලධාරිනියක්‌ ඉල්ලා සිටියේ මුල් වරටය.

      තෙරේසා ෂෙපර්ගේ මෙම ඉල්ලීමට ඇමරිකානු රජය එකඟ වුවොත් එය කොටි ඩයස්‌ පෝරාවේ බරපතළ පරාජයක්‌ වේ.

      දිවයින

      Delete
    2. මේකෙන් ඉතාම පැහැදිලියි පහුගිය ආණ්ඩුවට තිබුන පීඩනය වෙන මොකක් වත් නෙමේ කලාපයේ ඇමරි ඉන්දියානු අවශ්‍යතාව බව.චීනය රිප්ලේස් කරන එක මිස වෙන දෙමළ කෙහෙල් මලක් නෙමේ. මේ සිස්ටම් එක ගෙනිච්චනම් තවම පහුගිය ආණ්ඩුව.
      ඇමරිකාව වෙනුවට මහින්ද චීනයට ලංවෙන්න හේතුව ලෙස මම දකින්නෙ නූතන ප්‍රජාතන්ත්‍රවාදී බටහිරට වඩා චීනය ඒකාධිපති වැඩවසම් පාලකයෙකුට රුචි වීමයි.

      Delete
    3. තියෙන්නෙ දිවයිනේ නං ලියල තියෙන්නෙ කීර්ති වර්ණකුලසූරිය නං සීරියස් අරගන්න එපා. ඉස්සෙල්ල කතාව ඇත්තද නැත්තද කියල තහවුරු කරගත්ත නං හොඳා.

      Delete
    4. මට ඔය පත්තරේ ඉස්සර නිකං හම්බ වෙනවා මෙරිල් පෙරේරගෙන්.. ඒත් මම ජීවීතේට බලන්නේ නෑ.. හැබයි ඔය කතාව මටත් වටෙන් පිටෙන් ආරංචි නම් උනා...

      Delete
    5. තියෙන්නෙ දිවයිනේ නං ලියල තියෙන්නෙ කීර්ති වර්ණකුලසූරිය නං සීරියස් අරගන්න එපා

      +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  9. මගේ මතය අනුව අලුත් ආණ්ඩුව පවත්වාගෙන ගියානම් හොඳ පරණ ආණ්ඩුවේ වැඩ:-

    1. නිසි පාලනයක් ඇතිව සීමිත ප්‍රදේශයක කැසිනෝ (සමග මිශ්‍ර එන්ටර්ටේන්මෙන්ට් Zසෝන් ) රටේ ආර්තික වර්ධනයට නරකක් නොවේ.

    2. ආරක්ශක අංශ ඉදිකිරීම් ආදී වැඩවලට හවුල් කර ගැනීම. (වැඩකරන අයට අමතර සුලු දීමනාවක් ගෙවා)
    සිවිල් අය සමග එක්ව නොව වෙන්ව කල යුතුය.

    ReplyDelete
    Replies
    1. //1. නිසි පාලනයක් ඇතිව සීමිත ප්‍රදේශයක කැසිනෝ (සමග මිශ්‍ර එන්ටර්ටේන්මෙන්ට් Zසෝන් ) රටේ ආර්තික වර්ධනයට නරකක් නොවේ.//
      මං හිතන්නේ රවිගේ කරුණානායකගේ මතයත් මෙයිට සමානයි.. නමුත් හැමෝත් එක්කම කතාබහ කරලලු තහනං කලේ..

      Delete
    2. මගෙ අදහසත් නම් ඒකයි.ඇත්තටම රටකට රාත්‍රී ආර්ථිකයක් තිබ්බට කමක් නෑ.හොර ගණයො බොරුවට කෑගහයි.ඒත් උන් තරම් උගුරට හොරා බේත් බොන එවුන් කොහෙවත් නෑනෙ.දැන් බලන්න තායිලන්තෙ ගණිකා වෘත්තිය නීත්‍යානුකූලයි.අපට පුළුවන් විදේශීය ධනවතුන් ඉලක්ක කර ස්ත්‍රිය සුරාව සූදුව සහිත විශේෂ කලාපයක් වෙන් කරන්න
      සිංගප්පූරුවෙත් ,ඩුබායි වලත් මුදලට ගන්න බැරි දෙයක් නෑ.ඩුබායි කුමාරය මොකද කිව්වෙ වෙළෙන්දන්ට හොඳ මොනවද ඒව ඩුබායි වලටත් හොඳයි කියල
      සුද්දො එන්නෙ අපේ පරණ ගල් ගොඩවල් බලන්න කියල හිතනවනම් ඒක මෝඩ කමක්
      දැන් එන සංචාරකයොත් එළවලු රොටී දවල්ට ඔතාගෙන යන අය,මම හිතන්නෙ නැගෙනහිර යුරෝපා රටවලින් එන අය වෙන්න ඇති.
      කොහොමටත් අපේ සංචාරක ව්‍යාපාරයෙ ලිංගික පැත්ත ගැනත් බලන්න ඕන.
      ළමා අපචාර වගෙ නීති විරෝධී දේවල් දැඩිව තහනම් කරල සුපිරිම නිදහසක් තියෙන කලාපයක් හදන්න ඕන.
      විදේශිකයන්ට ඉඩම් මිළදී ගැනීමේ පහසුකම් සළසන්න ඕන.තායිලන්තෙ පුකායා ද මොකක්ද කියල විදේශික සංචාරක පුරවර තිබෙනව.
      සුද්දො විතරක් නොවෙයි සල්ලිකාර චීන්නුන්ටත් මෙහෙ ඇවිත් කැසිනෝ ගහන්න ඉඩ පුළුල් කරන්න ඕන.
      මේ සේරටම පෙර හොර ගනයන්ටයි වමාංශික තක්කඩින්ටයි එරෙහිව ජනමතයක් හදන්න ඕන.මෙන්න මුන් තමයි සීග්‍ර ආර්ථික වර්ධනයකට බාධා කරන්නෙ කියල උන්ව ජනතාවට පෙන්නල දෙන්න ඕන.

      Delete
    3. දෙකටම එකඟයි ප්‍රා... මෙතන සිහළ උරුමය ඉන්න නිසා පොඩි කේස් එකක් තියෙනවා...

      Delete
    4. ඔව් ඉතින් ගැලරියට ප්ලේ නොකර බෑනෙ සිරි ලංකාවෙ

      හෙල උරුමය දැන් ජීවීපී වගේම සෑහෙන්න සාධාරණව හිතනව.
      ඉස්සර ඒගොල්ලන්ට තිබුනු අන්තවාදී අදහස් දැන් පෙරටුගාමීන් හා නාන සේනාව විසින් හයි ජැක් කරල තියන නිසා ඒ පාටි දෙකට සෑහන් හොඳක් වෙලා තියනව.

      ඒත් බුදු අම්මේ බැරි වෙලාව්ත් අර රිලා පාටි එකත් ආණ්ඩුවෙ කොටස් කාරයෙක් වුනානම් !!!

      හිසේ කෙස් නැති රිලව් කියනව බඩු බිල අඩු කිරීම ඇමරිකානු / ඉන්දියානු කුමණ්ත්‍රනයක්ලු. රිලා පෙරමුණ කොන්ත්‍රාත් පදනමට වැඩ කරන අය නිසා මේ ආණ්ඩුවට ආවොත් කියයි මැදමුලන සිට චීන කුමණ්ත්‍රණයක් වෙනවයි කියල දකුණට ෆෙඩරල් ගන්න

      Delete
    5. ප්‍රා දන්නේ නැද්ද රිලවුන්ටත් ජළ භීතීකාව වැළඳෙනව කියලා...

      Delete
    6. ඒකනෙ බොස් මං කියන්නෙ බල්ලන්ට අපහාස කරන්න එපා කියල. උන්ට අපි anti-rabies ගහනව. රිලවුන්ට කවුද ඕව කරන්නෙ?

      Btw, //"විලම්බීත" සුනඛයෝ// කවුද?

      Delete
  10. අපිත් පඩි අරගෙන කැෂිනෝ පාරක් ගහන්න යන්න හිටියෙ..ෂිට් අපරාදේ..

    ReplyDelete
    Replies
    1. විකාර නැතුව ගල් බාගයක් ගහගෙන ඉමු..

      Delete
    2. ඔවු දන්නෙම නැතුව ගාන වැඩිවෙන්න ඉස්සෙල්ල.
      අනික හෙටයි අනිද්දයි වහල ලු.

      Delete
    3. මුන්ට පික්ෂු බං.. ඕවට එක සාමාන්‍ය මිනිහෙකුට යන්න බෑ. ඒ වගේම ගන්නෙත් නෑ..

      Delete
  11. කෙලින්ම කැසිනෝ තහනං කරන් නැතුව "අනුශාංෂික පහසුකම්" කියන වචනේ අයින් කලානං පැකර් තාමත් ලංකාවේ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙයාලට මහින්ද මහත්තයගෙන් සෑහෙන දේ ඉඟෙන ගන්න වෙනවා.. කොහොම හරි පැකර් ගල් ආඳා.. ඌ දැනගෙන උන්නා චේන්ජ් එකක් එන වග... ඌ නෙමෙයි ඒ ඉඩමට අතවත් තිබ්බේ...

      Delete
  12. අළුත් ආණ්ඩුව ප්‍රමුඛත්වය දිය යුත්තේ සහන වලටවත් ව්‍යවස්ථා සංශෝධනයටවත් නොව හොරු ඇල්ලීමටය.අවුරුදු හයම හොරා පොලිස් සෙල්ලම් කළ යුතුය කියා නොකියමු.එහෙත් කලින් ආණ්ඩුවේ පල් හොරු මේ ආණ්ඩුවේ ත් යාළුවෝය.මෙහි මනෝවිද්‍යාත්මක පැත්තත් වැදගත්ය.පාර්ලිමේන්තුවේ නිතර හමුවන මගුලට මරනෙට යන එකට කන බොන පල් හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි කියා මට නම් සිතෙන්නේ නැත.මම වැරදි නම් මට සතුටුය.දැනටමත් පල් හොරු අළුත් ආණ්ඩුව සමඟ ඩීල් දමා ඇතිවාට සැකයක් නැත.මන්ද හොරුන්ට ගණදෙවි නුවණ ඇති බැවිනි.
    ප්‍රකට නීච හොරුන් පිරිසකට නාම යෝජනා නොදීමට ශ්‍රීලනිපය තීරණය කර ඇත.ඒ ගැන සතුටුය.

    ReplyDelete
    Replies
    1. ඕන් ඒ ගැන එකක් ලියලා දැම්මා.. මමත් සම්පූර්ණයෙන් එකඟයි...

      Delete
  13. මේ රටේ පුරවැසියන්ටත් පුනරුත්ථාපනයක් අවශ්‍යය.බොහෝ දෙනා හුරුවී ඇත්තේ යටත් වැසියන් සේ ජීවත් වීමටය.නිළධාරීහු මහරජුගේ නියෝජිතයෝය.පොලිස් භටයා නීතිය රකින නිළධාරියෙක් නොව රාජ තේජස පෙන්වන රාජපුරුෂයෙකි ,ලයිසන් චන්ඩියෙකි.මහම චන්ඩියා රජුය.
    එකළ මහින්දගේ හැසිරීම ( වේදිකාවලට පැනීම වැනි )දෙස බලන විට ඔහු තමන්ට කාය ශක්තියක් තිබෙන බව පෙන්වීමට සිතූ බව පෙනේ.එහෙත් වර්තමාන පාලකයෙකුට මහා කාය ශක්තියක් අවශ්‍ය නැත.අවශ්‍ය වන්නේ නුවණයි.එහෙම අවශ්‍ය නම් මල්ලවපොර කාරයෙක් පත් කර ගත හැක.

    ReplyDelete
    Replies
    1. බුද්ධිමතුන් කීවට මේ රටේ බුද්ධිමතුන්ටත් මොළයක් නැති එකේ, (වාසියට හෝ) අම්බරුවන් ගැන කුමන කතාද...?

      Delete
  14. 1. ජේම්ස් පැකර් අමතකම වෙලා තිබුනෙ.
    එයා බෑ කියන්න හේතුව මොකක්ද කියල කාට හරි කියන්න පුළුවන්ද?
    2. හොරු අල්ලන්න ආණ්ඩුවට බැරිනම් අපි හොරුන්ව පාර්ලිමේන්තුවෙන් එළවමු අප්‍රේල් චන්දෙදි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න