.

.

Feb 18, 2015

නාමල් උඩුගම සැත්කම සඳහා... - Namal Udugama's Operation...

 
මාතලන් මේ දින ටිකේ උන්නේ අනුරාජපුරේ නිසා, කොළඹ ආවේ ඉඳලා හිටලාය. ඒ විශේෂ අවශ්‍යතාවයක් සඳහාම පමණි. ඒ ඇර අනුරාජපුරෙන් පිට වූයේ, මුලින් "චෙෆාකි" නම් සොඳුරු බ්ලොග් කරුවා හමුවීම වෙනුවෙනි. ඊට පස්සේ ආවේ, අප කාගෙත් හිතවත්, "පත්තර මල්ලිගේ" කුප්‍රසිද්ධ පාටිය වෙනුවෙනි. ඒ සොඳුරු දින දෙකම ජීවීතයේ කිසිදා අමතක නොවන සොඳුරු මතක සටහන්මය. මේ දින ටිකේ පෞද්ගලික වෘත්තිය අරගලයක නිරත වෙමින් සිටින නිසා, ඉන්නේද කොළඹය.

හාමිනෙත්, පුත්‍ර රත්නයත් නාමල් බලන්නට ගොස් තිබිනි. අනිවාර්යයෙන් යා යුතු ගමනක් වූ නිසා, මස්සිනා පොඩ්ඩත් කොළඹ ආ ඊයේ රාත්‍රියේ, අපේ කාළයේ සිහින කුමරා වූ නාමල් බලන්නට ගියෙමු.

රියල් නාමල් යනු සමාජය දන්නා චරිතය නොවේ. අපේ භාෂාවෙන් කියනවා නම්, නාමල් උඩුගම යනු පිස්සු සාගරයකි. ඕනෑම දෙයක් විහිළුවට හරවා ගත හැකි, සෑම මොහොතකම සෑම දෙයක්ම සැහැල්ලුවෙන් දරා ගත හැකි නියම මිතුරෙකි. කෙල්ලන්ට පිස්සු හැදෙන රූප සොභාවකි. කොල්ලන් ගල් ගහන්නේ ඒ නිසාවෙන්මය. ඒත් ගල් වලින් සංග්‍රහ කළ කොල්ලෝත් හොරෙන් හොරෙන් ඇසුවේ නාමල්ගේ සින්දුය.

නාමල්ගේ පළවෙනි කැසට් එකේ තිබුනු ගීත සියල්ලම, ඒ කාළේ කෙල්ලන්ට පමණක් නොව, කොල්ලන්ටද කට පාඩම්ය. එය එසේ නොවනවායි කියන්නේ නම්, එය පට්ට බොරුවකි. කෙල්ලන් නාමල්ට කොතරම් පිස්සු වැටි සිටියාදැයි, සංගීතවලදි මෙන්ම, පාර තොටේදී පවා අප අත්දැකීමෙන්ම දැක ඇත්තෙමු.

සිහිණ කුමාරයකු වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. කළක් සිහිණ කුමරුන් සිටියේ සිනමාවේය. එයින්ද විජයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඒ තැන ගත හැකි කිසිවකු හෝ අප ජීවීත කාළය තුල නම් නැවත් පහලව නොවන බව ඉඳුරාම විශ්වාසය.

විජයගේ කුරීරු ඝතනයෙන් පසු ඒ තැන යම් තරමකට සනත්ට තිබිනි. සැටලයිට් නෝනාගේ ඔඩොක්කු කුක්කකු වන්නෙත් ඒ පිනෙනි. කමල් අද්දරආරච්චිද යම් තරමකට ඒ තැන ගත්තද, රමණි බර්තොලමියුස්ගේ හුටප්පරෙන් පස්සේ, කෙල්ලෝ කමල්ට බිය වන්නට ඇත. අද සිනමාවේ සිහිණ කුමරුන් ඇත්තේම නැත. ටෙලි නාට්ටිවල තත්වයද් එසේමය.

ජෝති අතිශයින් ජනප්‍රිය ගායකයෙක් වුවද, සිහින කුමාරයෙක් නොවීය. එහෙත් විජයගෙන් පසු උන්මාදයක් මෙන් ඒ තැනට පත් වූයේ නාමල් උඩුගමය. ඉන් පසු ෂෙහාන් මිහිරංග, නාමල්ද අභිබවා ගිය බව සඳහන් නොකරන්නේ නම් මේ පෝස්ට් එක බල්ලාට දැමිය යුතුය.

අප නිවසට යන විට නාමල් පුත් නෝමිත හා දුව දැහැමි සමග වාහනයෙන් රවුමක් ගැසීමට ගොස් තිබිනි. ඒ ගෙදරටම හිරවෙලා ඉන්නට බැරි නිසාය. ටික වෙලාවකින් ගෙට ගොඩ වූයේ වයසක මුත්තා කෙනෙකි.

මාතලන් ඇසුවේ ආ නාමල් සීයා කොහොමද කියාය. සුපුරුදු උත්තරය කටෙන් එලියට ආවේ නිමේෂයකිනි. සීය නෙමෙයි මචං... දැං මම දෙසියා... ඒ කාළේ කරපු පිස්සු විකාරද, නාමල් මිය ගිය පුවත අසා නිවසට පැමිණි පිරිස් හා සම්බන්ද රස කතාද, සියල්ලන්ගේම සිනා හඬ මැද දිගටම ගලා ගියේය.  නාමල් තරමක සුවයක් දැන් ලබා ඇත.

ලබන 23 වෙනිදා නාමල් සහ ඔහුගේ ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් ශෛල‍යකර්මය සඳහා ඉදිරිපත්වූ හිතවතුන් දෙදෙනාද සමඟ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්වේ. ඒ සියල්ල සඳහා වැය වන මුදල අති විශාලය. වත්මන් ආන්ඩුවෙන් මේ වන තෙක් කිසිම උපකාරයක් ලැබී නැත. ඒත් මහින්ද මහත්තයා සිටියා නම්, මේ සියල්ලම රජයෙන් සිඳුවන බවත් මාතලන් විසින් උන්නැහේට උපහාර පිණිස ලියා තියනවාය.

ඔහුට උපකාර කිරීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වී සිටිති. එහෙත් නාමල් පැවසුවේ යම් කිසි කෙනෙකුට උපකාරයක් කිරීමට කැමති නම්. කෙලින්ම ඔහුගේම ගිණුමට එය බැර කරන්නේ නම් එය ඉතා පහසු බවකි.

කිසිවකු හෝ උදව් කිරීමට කැමති නම්, ගිණුමේ තොරතුරු පහත සඳහන් වේ.

B.P.N. Udugama
NSB Wattala
A/c No. 100850402613

ලංකාවේ වී පර්යේෂන ආයතවලට අමතරව, නාමල් විසින්ද වී වර්ගයක් සොයාගත් බව අපට කීවේ තිලක් කුමාර රත්නායකය. ඒ නාමල්, කුමාරසිරි පතිරණ හා ෂශී විජේන්ද්‍ර එකතුව කළ, "තුන් සිතක ගී" ප්‍රසංගයේය. කලක් කුමාරසිරි පතිරණද දරුණු ලෙස රෝගාතුර වූයේය. ශෂී නම්, සිංහල සිනමාවේ පෙර පිනකට සිනමාවෙන් මෙන්ම ගායනයෙන්ද සමු ගත්තේය.

නාමල්ට උපහාර පිණිස, බත්තිරම්ගේ නාමල් ප්‍රසන්න නාමල් උඩුගම විසින් සොයා ගත් වී වර්ගයෙන්ම මේ පෝස්ටුව ලිවීම නවතනවාය.

තනි"වී"...........
තනි"වී" නෑ ඔබ ළොව සොඳුර..


"සමුගන්නේ නෑ.... වෙන් වන්නේ නෑ.... කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්, ඉටුවේවී......"

47 comments:

  1. නාමල් වී වර්ග කිහිපයක්ම හොයාගත්තා..

    ඔහුට ඉක්මන් සුවය පතමි...

    ReplyDelete
    Replies
    1. අමතක උනා.. අපිත් ඒ කාලේ නාමල්ට හූ කිව්වා... එකසිය ගානට..

      Delete
  2. මාතේ ලියන්නම ඕනෑ ලිපියක් .මට මතකයි එක දවසක් කැලණියේ 6කණුවේ ෂෝ එකකට ඇවිත් පිස්සු කෙලියා .සොඳුරු මනුස්සයෙක් ...අපි දවසකට වියදමිි කරන මුදලටම තව රැපියල් සීයක් එකතු කරලා දුන්නොත් එකත් මෙිි වෙලාවෙ නාමල්ට ලොකු මුදලක් වෙනවා ...
    ඔහුට ඉක්මන් සුවය පුාර්තනා කරනවා ....

    "රජෙකු වුනත් ගිලන් වෙලා
    එක්තැන් වුණ දා
    කියනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා "
    -----------------------------------------------------

    ඔබ මුලාවී මා සොයාවී
    ඔහුගෙ ආදරෙන් ඉවත් වෙලා
    ඔබ සිතාවී මතු දිනේ
    මාගේ ආදරේ ලැබෙයි කියා....
    බඹරු මලින් වෙන්වන්නේ නෑ
    රොන් අරගෙන ආයේ නොයන් නෑ
    රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ
    එලෙස ඔබට ඔහු කරන්නෙ නෑ
    ළහිරු කිරණ දුටු සැනෙකින් වාගේ
    විකසිත වුණ මල ඔබ ඒ වාගේ
    පැතුවත් හදවත ගන්න මට මාගේ
    මගේ ආදරේ ඔබට දෙන්නෙ නෑ

    ගායනය - නාමල් උඩුගම

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සින්දූර් ජී,

      //කැලණියේ 6කණුවේ //

      මේ වනාහී පිල්ලි ජීගේ එක්ස්-රාජධානිය නොවැ. ඔබ තුමාගේ පදිංචියත් එහෙ ද??
      (පිල්ලි ජී කියන්නෙත් 6 කනුවේ වික්ටරි බේකරියෙන් උණු උණු බනිස් අරන් කෑම පෙට්ටියෙ දාගෙන ඉස්කෝලෙ ගියපු පොරක් තමයි.)

      එක දවසක් කැළණිය කෝපියාවත්ත පාරේ මියුසික ෂෝ එකක් තිබ්බා! මතක විදිහට 2010 අවුරුද්දේ වෙන්න ඕනේ. සීදුව සකුරා එකේ කන් අඩි පැලෙන බීට් එකට දඟල දඟලා හිටපු පිල්ලියා ඇතුලු පිරිවරගේ ආතල්, නාමල් සහබ් ඇවිත් "සිතුල් පව්ව වෙහෙර ලන්ග්ගට සඳක් පායලා" කියනකොටම කුඩේ කුඩු වෙලා ගියා...!!!

      ඊට පස්සේ ඉතින් මොන ඩාන්සින් ද?? මග දිගටම ඒ තුමාගේ මවු පාර්ශවයට පින් දිදී අපි ගෙදර ආවා......!!!
      මොනා උණත් නාමල් සහබ් කියන්නේත් එක්තරා විදිහක ලිවින්-ලිජන්ඩ් එකක් තමයි...!!!
      ජස්ට් ලයික් පිල්ලී.........!!!

      හික්z!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. අනේ යකෝ තෝ හැමදාම ඔය එකම ගූ හින්දි කෑලි දාන්න විතරයි දන්නේ. ජයි හෝ නෙවෙයි තොගේ පුකට පයින් ගහලා එලවන්න හිතෙන්නේ.

      Delete
    4. @ ඇනෝ දෝස්ත්,

      යාළුවා, ඔයාට පේන්නේ මගේ කමෙන්ට්ස් වල අගට දාන ජයි හෝ කෑල්ල විතරම ද??

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. කපියෝ මම අවුරුදු ගානක් ඔය ඒරියා එකේ නැවතිලා හිටියේ මචෝ ....ඉතින් පොඩ්ඩක් ඔය ඒරියා එක ගැන දන්නවා ..

      Delete
  3. නාමල් උඩුගම අපි ඉස්කෝලේ යනකාලේ නම් නාමල් කියන්නේ අපිට මල පනින චරිතයක්, මොකද කෙල්ලෝ නාමල් කිව්වම මැරෙන්න හදනවානේ , ඉතින් මියුසිකල් ෂෝ එකකට නාමල් එනවා කිව්වොත් යන්නේ හූ කියන්න. නාමල් නැත්තම් යන්නේ නටන්න . එත් ඒ කාලේ නාමල් ගේන්නේ නැතුව ෂෝ තිබ්බෙම නෑ මොන යකෙක් වත්.

    ඉතිං අපිත් ෆුල් ට්‍රයි නාමල් වෙන්න , නාමල් වගේ කොන්ඩේ හදන්න . ඔන්න ඉතිං මාත් නාමල් වගේ කොන්ඩේ හදන් ඉස්කෝලේ මැදින් බොහොම උජාරුවෙන් යනවා ,කෙල්ලෝ බලනවා ඇති කියලා හිතාගෙන ,
    මොන....
    එකෙක් නිකමට හැරිලා බැලුවේ නෑ. ඔහොම් යද්දී ඉස්සරහට එනවා අපේ විනය පාලක , " ඇති පූජ්‍ය හේමාලෝක ස්ථවිර " (කළාහිතේ කළනයාගේ යාලුවා ) .
    මම දැන් අර කෙලින් කරන් ගිය කොන්ද තුනට නවාගෙන බිම බලාගෙන පොරව මග අරින්න ෆුල් ට්‍රයි එක .

    " අයිසේ මෙහෙ එනවා " මම වටපිට බැලුවා, වෙලාව කියන්නේ බලු නැට්ටෙක් නෑ ළඟක

    " තමුසෙට තමයි අයිසේ .. කොහෙද හිකනලා වගේ ඔලුව හංගන්නේ ,,
    මොකක්ද අයිසේ ඔය කොන්ඩේ "

    "සාදු ... නෑ හාමුදුරුවනේ මේ .."

    " වර යන්න ..."

    " ගියා ඔපිස් එකට , දුන්නා තුන්ඩුවක් ...

    " මේක අරන් දැන්මම යනවා ඔරලෝසු කනුව ඉස්සරහ බාබර් සාප්පුවට "

    අනේ අර කොළ කෑල්ලේ තිබ්බ නියමයෙන් මාගේ අර ආදරණීය කොණ්ඩය හතර වටින්ම මිලිමීටර් පහක් වෙන්න කපා හෙලන ලදී .

    ඔන්න ඊට පස්සේ ආවා ඉස්කෝලෙට ,,

    අම්මේ අර නිකන් වත් බලපු නැති කෙල්ලෝ , මූණ ඉස්සරහටම ඇවිත් උඩ පැන පැන හිනාවුනේ, හරිය පිටසක්වලින් ආපු එකෙක් දැක්කා වගේ .. නෙද්දකින් .



    ඉතින් නාමල් උඩුගම කියන නම නම් අමතක වෙන්නේ නෑ ජීවිතේට . මාතේ කිව්වා වගේ ලොක්කා හිටියනම් මෙලහටත් සියල්ල ලැස්ති කරලා නාමල්ව පිටරට යවලා ඉවරයි . අපි නාමල්ට ඉක්මන් සුවය පතමු.

    ReplyDelete
    Replies
    1. ඒයි උඹල පන්තිවල නේද හිටියේ අර 'වෙන්ඩ නාමල්' කියල කාඩ් එක වැදිච්චි කෑල්ල.. සේනානායක පිට්ටනියෙ සංගීතේ බලල ගෙදර යන ගමන් 'නමල් එනෝ' කියල අම්මගෙ අත ගසල දාල දුවල තිබ්බේ.. එතකොට හිඟුරුගමුව පැත්තෙ බුවෙකුත් හිටියා වෙන්ඩ නාමල් කෙනෙක්.. ඌටනම් නාම්ල්ගෙ වගේම කොන්ඩෙකුත් තිබ්බා.. ටිකක් සින්දු කියන්ඩත් පුලුවන්.. දැන් මොනා වෙලාද දන්නෙ නෑ..

      ඒක නෙවෙයි කොහොමද හු*&^%&* 'අතිපූජ්‍ය හේමාලෝක හිමි' මගේ යාළුවා වෙන්නේ. බුවා මගේ පුටුවත් එක්කනම් මාර යාළුයි. වැරදිලාවත් පුක තියන්න දෙන්නෑ.. මොකක් හරි නොදන්න ප්‍රශ්ණයක් අහල නැගිට්ටවනව.. දවසක් කරණීය මෙත්ත සූත්තරේ අර 'සල්ල වුඛ වුත්ථී' කියන එක මහ හයියෙන් නිවැරදිව ප්‍රොනවුන්ස් කරල කෑව කෑමක්.. ලොවෙත් අමතක වෙන්නෑ.. හැක් හැක්

      Delete
    2. ඔව් , වෙන්ඩ නාමල් කෑල්ලක් හිටියා අපේ පන්තියෙත් , උඹ කියන එක්කෙනාද දන්නේ නෑ, උඹ දන්නවද එකී බැන්දේ සිම්බාබ්වේ පොරක්ව .ඌ හරියටම හීත් ස්ට්‍රීක් වගේ .

      Delete
    3. අපහාසෙකට කියනව නෙවෙයි ඕන්.. අපිනම් ඒ කාලෙම හිතුව එයාට ගැලපෙන්නේ 'හීත් ස්ට්‍රීක්' වගේම එකෙක් කියල.. අන්තිමට අපේ විශ් එක වෙලා.. හැක් හැක්..

      Delete
  4. පුරේ ඉතිං මගේ රාඡධානිය..
    පත්තර මල්ලිගේ ගෙදර අමතක නොවන දිනයක්.
    බලමු අයියන්ඩි පොඩි මුදලකින් උදව්වක් කරන්නම්.

    ReplyDelete
  5. සද්ද බද්ද නැතුව, කළයුත්ත කරන්නම්.

    ReplyDelete
  6. "ශෂී නම්, සිංහල සිනමාවේ පෙර පිනකට සිනමාවෙන් මෙන්ම ගායනයෙන්ද සමු ගත්තේය"

    පෙර පින ඌ තම්බියෙක් උන නිසාද?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඇනෝ උගේ ෆිල්ම් එකක්වත් බලල නැති පාටයි. ඒ වගේ අජුත රඟපෑමක් මමනම් වෙන කාගෙන්වත් දැකල නැහැ.

      Delete
    2. ලොකු පුතා ඔය දීල තියෙන්නෙ උත්තරයක් හිහි

      Delete
    3. //ඒ කියන්නේ ඇනෝ උගේ ෆිල්ම් එකක්වත් බලල නැති පාටයි. ඒ වගේ අජුත රඟපෑමක් මමනම් වෙන කාගෙන්වත් දැකල නැහැ.//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++
      පිච්චුද ලොකු පුතේ .ඒවගේ අතීසාර නළුවන්ට අපහාස කරන්න එපා ...හැක්
      හුකැස් ..ඇයි මචෝ ඌත් එක්ක තව හිටියේ ලාල් වීරසිංහ කියලා එකෙක් .අය්යෝ සල්ලි .සෂිගේ ඇස් වලින් පණ ගිහින්නේ හැම වෙලේම .....ඇත්තටම උන් දෙන්නා රංග පෑවේ සල්ලි දීලා වෙන්න ඇති ..

      Delete
  7. ගම්බද අපි කෙදිනකවත් මේ කියන පුද්ගලයා දැකල නෑ. ඒත් ඔහුගේ ගීතයක් රේඩි‍යෝ එකේ ගියොත් ඒ කටහඩ නාමල් උඩුගම නම් ්ද්විතීය ගායකයාගේ බව පොඩි එකා පවා දනී. ඒ සුවහසක් ලාංකිකයින් ඔහුගේ කටහඩට ආදරය කල බැවිනි.

    නාමල් උඩුගම කලාකරුවාණෙනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි

    ReplyDelete
  8. නාමල් උඩුගම!!

    ජීවිතේ ඇති තරම් කීර්තිය වගේම බැට කාපු ගායකයෙක්. මං ගාව තියෙනව 92 තරුණය පත්තරයක මුල් පිටුවක්. නාමල් ඉන්නව බිම ඉඳගෙන උළුවස්සක හේත්තුවෙලා. ඒ නාමල්ව මම හිතන්නෙ නෑ කිසි කෙනෙකුට අඳුන ගන්න පුලුවන් වෙයි කියල. මිනිහ ඒ තරම් කෙට්ටුයි.

    නාමල් උඩුගම, කුමාරිසි පතිරණ, ග්‍රේෂන් ජයමහ සහ ආත්මා ලියනගේ. මේ "අපේ කාලෙ" ජනප්‍රියම ගායක පිරිස. මේ අයට කලින් එතන හිටියෙ රූකාන්ත. රූකගෙ තණු, සින්දු වලින් තමයි ආත්ම හැර අනිත් ඔක්කොම ආවෙ. නමුත් රූකට වඩා උන් ජනප්‍රිය වෙනව දැක්කම රූක ඒ අයට සින්දු හදන එක නැවැත්තුව.

    කුමාරසිරියි, ග්‍රේෂනුයි, තිලක් කුමාරයි ( නාමල් සිටි බව මතක නෑ ) සුදු මීදුම කියල අපූරු ප්‍රසංගයක් කරා.

    නමුත් ඒ ඔක්කොමල අමතකවෙලා ඉතිහාසෙට එකතුවෙත්දි නාමල් දිගටම කාගෙන හිටිය. මට මතකයි එක පාරක් කඩුගන්නාවෙදි නාමල්ගෙ ඉන්ටකූලර් එක පහලට පෙරලිල නූලෙන් බේරුනා.

    මමත් අක්මාවෙ පොඩි අවුලකින් තරමක් හිතේ අවුලක තමයි ඉන්නෙ. එහෙව් එකේ නාමල් ඉන්න තැන නිසා ඌට දැනෙන දේ ගැන සෑහෙන්න හිතා ගන්න පුලුවන්. මාත මේ වැඩේ ගැන දාපු පෝස්ට් එකට ස්තූතියි, මොකද පොඩි අවුලක හිටියෙ මේ ආධාර සීන් එක ඇත්තද බොරුද කියල, යමක් කරන්න භයේ.

    ReplyDelete
    Replies
    1. //රූකගෙ තණු, සින්දු වලින් තමයි ආත්ම හැර අනිත් ඔක්කොම ආවෙ. නමුත් රූකට වඩා උන් ජනප්‍රිය වෙනව දැක්කම රූක ඒ අයට සින්දු හදන එක නැවැත්තුවා//

      මේක ඇත්තක්ද?මම හිතං හිටියේ රූකාන්ත නවකයින්ට අතදෙන රියල් පොරක් කියලානේ.

      Delete
    2. තුන් සිතක ගී මට මතක විදියට නාමල්-ග්‍රේෂන් - කුමාරසිරි තුන් දෙනා එක්ක තිලක් කුමාර එකතු වෙලා කරේ.

      Delete
    3. //මේක ඇත්තක්ද?මම හිතං හිටියේ රූකාන්ත නවකයින්ට අතදෙන රියල් පොරක් කියලානේ.//

      අපි හිතන විදිහයි උන් ඉන්න විදිහයි වෙනස් මනෝ. සුදු මීදුම සින්දුවත් රූකගෙ.

      Delete
  9. ඉවානයාගේ මළ මගුල් නිසා නාමල් ගැන විස්සෝපෙන් කියන්න ආපු ටිකත් අමතක උනා.. පෞද්ගලිකව නම් වැඩි විස්තරයක් දන්නෙ නෑ.. කළපලුවාව එකසත් මාවතේ පදිංචි වෙලා උන්නු කාලෙනම් IDH පැත්තෙදි දෙතුන් වතාවක් දැකල තියෙනවා.. එතකොටනම් බොහොම න්‍යුට්‍රල් මනුස්සයා.. හැබැයි අපි ඇටෙන් පොත්තෙන් එන කාලේ ඒ කිව්වේ අසූ ගනන් වල අන්තිම අනූවෙ මුල වගේ කාලෙ 'පොරක්' තමයි නාමල් කියන්නේ. මං නම් කවදාවත් ගල් ගහන්ඩ ගිහින් නෑ.. මං හැමදාම පොරගෙ සින්දු වලට ආසයි.

    නිසල වෙලා හද.. නොසැලී හසරැල්.. ආදර රතඳර මුවින් ඔබේ.. ඇන්ඩ් වෙස්සන්තර බිසෝ උඹව දන් දෙන්න බෑ නාටකේ.. රූ සෝබා අලංකාරෙ උන්මාද වේ ජීවිතේ.. කිව්වම ඔය දෙවිදියේම සින්දු වලට මං අදත් කැමතියි. රුවන්ති මංගලත් පස්සෙ පස්සෙ පොඩි පොඩි පිස්සු කෙලියට මුල් කාලෙ මං කැමතිම නිළියක්.. පුළුවන් විදියකට උදව්වක් කරන්න ඕනි. දැනට.. නාමල් අයියා.. උඹට ඉක්මන් සුවය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. අපෙත් එක්ක වැඩ කරන කෙල්ලෙක්ගෙ අල්ලපු ගෙදරට නාමල් නිතරම රිංගනවා කියලා ඒ කෙල්ල කිව්වා. ඒ ගෙදර වෙන කාගේවත් නෙවෙයි රුවන්ති මංගලාගේ.

      Delete
  10. පිස්සු හැදෙයි මාතලන්. අන්න නියෝජ්‍ය පොලිස්පති අනුර අංකල් සින්දු කියල හොයපු සල්ලි වලින් කෝටියක් දීලලු රණවිරුවන්ට. යකෝ එහෙම සල්ලි හොයන්න පුලුවන්නං නාමල් ල අද සල්ලි වල පීන පීන ඉන්න එපැයි. හැබැයි ඉතිං අපරාදේ කියන්න බෑ. නාමල් අංකල්ටත් ලක්ෂයක් දීල.

    ReplyDelete
  11. නාමල් කිව්වාම උගෙ සිංදු කෙලවරක් නැතුව මතක් වෙනවා.

    “සොඳුරියනේ ඔබට මගෙ හද නොලැබෙන්නේ...“ සිංදුව පට්ට...

    නාමල් මලා කියලා බුකියෙ මලගෙවල් තිබ්බ උන් නාමල් වෙනුවෙන් සුවපත් වේවා යැයි කියයි කියලවත් හිතනවා. හැකි උපකාරයක් කරමු..

    ReplyDelete
    Replies
    1. මා මුව අගින් මා මුව අගින් හිනහුනා
      ඈගේ හැඟුම් පිබිදුනා
      ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
      සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ
      රුව දැකලා සිත පිරිලා
      හද බැඳිලා තැවෙනු එපා //
      මා මුව අගින්...............
      මා තනිවී නෑ ලෝකේ
      මටද කුමාරියක් ඇතේ //
      මා මුව අගින්...............

      ගායනය - නාමල් උඩුගම
      පද රචනය - නාමල් උඩුගම
      සංගීතය - නාමල් උඩුගම

      Delete
    2. මේක තමයි මම ආසම එක ..... හැබැයි අර ඌරා මේක කියලා සින්දුව කෑවා

      රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා
      මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා

      මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ
      ආදරිය කියා කෙදිනද මා අමතන්නේ
      අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ

      ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
      මේ මිහිරි ලොවේ සැනසුම් මා ලැබගන්නම්
      කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

      Delete
    3. ඊයේ පෙරේදා දවසක් එකෙක් ඌරාට නාමල් ගලපන්න හැදුවා..

      අඩෝ ඉස්සර නාමල්ට කෙල්ලො පිස්සු වැටිලා හිටියේ අද ශිහාන්ට පිස්සු වැටිලා ඉන්නවා වගේලු නේ??

      ශිහාන් දක්ෂයෙක් බව සැබෑය. එහෙත් නාමල්ට තරම් ඇලුම් කළ පිරිසක් ඔහුට නොසිටියේය. කරේ තිබූ රත්තරං චේන් එක පවා ගලවා නාමල්ගේ ස්ටේජ් එකට විසික් කල උමතු කෙල්ලන් සිටි යුගය මම ඔහුට සිහි කර දුන්නේය. අපි ඒ කාලේ ඇච්චංය.

      නාමල් දෙරණ ටීවි එකේ (ද කොහෙද) වැඩසටහනකට ආපු විඩියෝ සැට් එකක් තියෙනවා බලපල්ලා. සුප්පා.

      Delete
    4. //ශිහාන් දක්ෂයෙක් බව සැබෑය. එහෙත් නාමල්ට තරම් ඇලුම් කළ පිරිසක් ඔහුට නොසිටියේය.//
      +++++++++++++++++++++++++
      මේකත් ලස්සනයි ...



      මෙහෙණියක වී සසර කතරින්
      එතෙර වන්නට පාරමී පුරනා
      ඔබ පෙම්වතියක ලෙසින්එදා මා
      පෙමින් එදා මා ළඟ උන්නා
      අවිහිංසක ඔබ අවිහිංසක මා
      දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
      මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
      දහස් වරක් දෙගුරුන් රිදවූවා
      පළිගන්නට මිස පිළිගන්නට මා
      දෙගුරුන් ඔබගේ නොකැමති වූවා
      ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
      කසාවතට ඔබෙ වත දන් දුන්නා

      ගායනය - නාමල් උඩුගම

      Delete
    5. මේක කටකතාවක්ද මන්දා ?

      ඉස්සර නාමල් ගීත ගයන්න ගිය තැනක ඉස්කෝල කෙල්ලෝ පපුවේ නාමල්ට කියලා අත්සන් කරව ගත්තලු. (ඔව් ඔව් ඇඳුම් එහාට මෙහාට කොරලා තමයි). වැඩේ තියෙන්නේ නාමලුත් වැරදුණා කියලා මක-මකා කීප පාරක් අත්සන් කලාලු. මමනම් නෙවෙයි කියන්නේ. රට්ටු කියන කථා ඕවා.

      Delete
  12. නාමල්ට ඉක්මන් සුවය ලැබේවා

    ReplyDelete
  13. කලාව විකුණා නලාව ගත් එවුන් රජ වෙද්දී කලාව නොවිකුණා මිනිසුන් සනසවපු එවුන් අසරණ වන හැටි.

    ReplyDelete
    Replies
    1. නාමල් ට ඉක්මන් සුවය පතමි/ පතමු.

      Delete
  14. නාමල් ගැන බොහෝ දෙනා බොහෝ දේ කියා ඇති නිසා මට කියන්නට ඇත්තේ එකම එකම දෙයකි. ඒ නාමල් ඉක්මණින් සුවවේවා යන්න පමණකි.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සිහිනෙන් සිහිනෙන්
      මා හඬවනවා//
      සැබෑ ලොවේ දී ඔබ මා නෑ මුණ ගැසිලා
      නෑ හමු වීලා

      අදුරු අතීතේ කදුලු සළාලා
      තනි වු කාළේ ඔබ ළත වීලා

      සෙනෙහේ පුදා හමු වුනු දා
      ඔබ හිනහුණු දා
      මට සිහි වෙනවා

      සොදුරු සෙනෙහේ පැතුම් බිදීලා
      අපගේ වටා මේ පවුරු බැදිලා
      දෙතන රැදී අප දෙදෙනා අද තනි වෙනවා
      සිත් සසලෙනවා

      අමුතුම ආරම්භක සංගීතයක් තියෙන ගීතයක්. පහල ස්වර පරාසයක ඉඳලා ඉහලටම යන. මේ වගේම තමා “පුර හඳ ලෙස ඔබ සමකල මගෙ මුහුණේ“ ගීතයේ ආරම්භක ස්වර පරාසයත්. සින්දුවා දෙයි තව අදහස්.

      ඉක්මන් සුවය පතමු!

      Delete
  16. ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියා පතනවා...!

    ReplyDelete
  17. අපි ඉතිං ගමේ එකාල නෙව ඒ දවස් වල නාමල් ගෙ නෙවී මොකාගෙ වත් සෝ එකක් බලන්ට යන්ට වුන් නෑ... මොකද ගියොත් ආපහු එන්න වෙන්නෑ.... (බස් නෑ බස් නෑ වෙනකක් නෙවී)
    ඒත් නාමල්ගෙ සිංදු වලට නං මාර ආසයි.... මොකද ඒ කටහඩ මරු ඒකයි....හිහි....

    දැං නං ඕන තරං සෝ ඒත් නාමල් නෑ.... ගම්බට්ටො එන්නෙ අඩල යන්ට....

    මාත් කලයුත්තක් කරන්නම්.... ඇති හැකි විදියට...
    නාමල් ට ඉක්මන් සුවයලැබේවායි පතමි

    ReplyDelete
  18. ඉක්මන් සුව පතනවා.දෙසවන් පිනවපු මිනිස්සු.

    ReplyDelete
  19. මේ ඇත්තද නාමල් බොනවා කියන්නේ.

    ReplyDelete
  20. ඔන්න දැන් තමයි එකවුන්ට් එක දැක්කෙ,ඊට කලින් අර තට්ට හොර ගෙඩියාගෙ (අවුට්ස්ටැන්ඩින් සොන්ග් ක්‍රියෙටර්ස් ) එකට සල්ලි ටිකක් දැම්මා.

    ReplyDelete
  21. ඒ කාලේ නාමල්ගේ සිංදු කටපාඩම්. දැනුත්. සිරස එෆ්.එම්. පටන් ගත්ත කාලේ නාමල්ව තමයි පට්ට ගැහුවේ. හරිනම් උන් තමයි නාමල්ට වියදම් කරන්න ඕනේ. උන්ගේ ජනප්‍රියත්වයට නාමල් සෑහෙන දායක වුණා. රස රිසි ගී කියන එකේ නාමල්ගේ සිංදු දෙක තුනක්ම තිබුණා ඒ කාලේ.

    අපි ගමේ සංවිධානය කරපු මියුසිකල් ෂෝ එක්ක උදේ 6:00 ට නාමල් සිංදු කියනකොට, සංවිධානය කරපු අපි ඇරුණම කෙල්ලේ 200ක් හිටියා. හරියටම 200 කියන්නේ ආරාධිතයින්ට දාපු පුටු 200ක් තිබුණ නිසා. හැබැයි ඒ කෙල්ලෝ එකෙක්වත් ආරාධිතයෝ නොවෙයි. මට අදටත් මැවිලා පේනවා එලිය වැටිච්ච වෙලාවක ඉද්ද ගහලා වගේ මේ කෙල්ලෝ ටික දෑස් අයාගෙන බලා හිටපු හැටි. ඇත්තටම මේ වගේ රසික රසිකාවියන් ග්‍රහණය කරගත් කිසි කලාකරුවෙක් මා දැක නෑ.

    ReplyDelete
  22. මට ඉස්සර මතකයි...අපේ..........ගේ කාමරේ නාමල් ගේ ලොකු පින්තූරයක් ගහල තියනව. ඕකට උදේ හවස වෑන්දේ නෑති එක විතරයි....හීක්...හික්....

    ReplyDelete
    Replies
    1. ආ....කියන්න අමතක උනා...ඒ කාලේ මම බට්ටිත්තO කොල්ලා....හීක් හීක්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න