.

.

May 9, 2010

පාන් කවි - Bread Poetry


පුරුතුගීසී වයින් බිබි කනව දැකල           පාන්
අපේ උනුත් කාලා බලපි හොඳද කියල   පාන්
එතැන් පටන් රස විඳිනව සුදට සුදේ       පාන්
කොච්චර ආදරෙද උඹට ඇයිදෝ කිය     පාන්

සිරිමාගෙන් පෝලිම්වල කට්ට කාපූ           පාන්
අල කවන්න ඕන නිසා බතුත් නැතිලු         බන්
හැත්ත හතේ මුත්ත ඇවිත් දුන්න කන්න    පාන්
පාන් නෙවෙයි ඕන් දෙයක් තියෙනව කා   පාන්

නැති බැරි අය කාල කපල කන්න ගන්නෙ     පාන්
ඇති හැකි අය ගෙඩිය පිටින් කෙලල අරින    පාන්
එක එක ගනනට තියෙනව වෙළඳ පොලේ    පාන්
පාලන මිළ කීයද මට කියලා දී                       පාන්

ධන රිනයා සූත්තරෙන් වැඩි කරාපූ                 පාන්
ජොනිය ඇවිත් ආපූ ගමන් කෙලිය නේද        පාන්
මේ වැඩේට ජොනියාගෙන් වැඩක් නැහැනෙ   බන්
දොස්තර සිල්වට දුන්නොත් නරකද කිය         පාන්

12 comments:

  1. නියමයි බන් . . මම මේක කවියක් හදන්න හැදුව හැදුවා ම්ම්හූ . . එන්නේම කුනුහරුප . . .ඒක නිසා අතහැරලා දැම්මා . . හික් හික්

    මේක පට්ට . .. !

    ReplyDelete
  2. ජොනිය කන්නෙ කේක්නෙ බං ඔකුං දන්න පාන්
    පොඩි මිනිස්සු පාන් කාල ජීවත් වුණෙ බාන්
    නගරෙ ඉන්නෙ ලොකු මිනිස්සු විතරලු දැං ඕන්
    පොඩි එවුණුත් ලොකු කරන්න ගණන් කලා පාන්

    ReplyDelete
  3. මැඩම් ඇවිත් තුනයි පනහ ගානෙ දුන්නු පාන්
    ඒ කාලේ බත් තිබුනත් රෑට කෑවෙ පාන්
    ලංකාවේ වැඩි දෙනෙක්ගෙ කුස පුවපු පාන්
    බලං ඉන්න දුකයි මෙහෙම ගනං යනව පාන්

    පට්ට කවි සෙට් එක.හික්ස්!!!!

    ReplyDelete
  4. @ දුකා

    තෑන්ක්ස් මචෝ

    @ h

    ඒක ඇත්ත බන් ....

    @ මතක මං පෙත

    තැන්ක්ස් (හෙහ් හෙහ්.......)

    ReplyDelete
  5. නේක වර්ග පාන් දැක්කෙ මේ රටේදි බ...න්
    හත‍රැස් නං අපි ඒකට කිව්වෙ අච්චු පා..න්
    සිරිමා අපට කන්න දුන්නෙ වර්චස් මැටි පා..න්
    අපි හැදුනේ පාන් කාලා, නිවන් දකින් පා..න්

    හෙහ් හෙහ්... නියමයි. තව මේ වගේ ඒවා ලියන්න.

    ReplyDelete
  6. කරස් ගාලා හැපෙන පැතලි එව්වා රෝස් පා..න්
    ගල්කන්දේ බේකරියේ නියම, මාලූ පා..න්
    මතක් වෙච්ච ගමන් කටට කෙල උනනවා බා..න්
    මෙන්න මේහෙම වගේ එව්ව, තව තව ලිය..පාන්

    ReplyDelete
  7. බටර් ගාලා ටෝස්ට් කරලා සුද්දොත් කති පා..න්
    ගමේ කඩේ පරිප්පුවත් එක්ක ගිලින පා..න්
    බත් නැතිදා ලගින් ඉන්නේ කව්දැයි කියපා..න්
    පාන් කියන්නත් බැරිවෙයි නැතිවුනොතින් පා..න්

    ReplyDelete
  8. @ Siribiris

    එළම එළ.....

    හරියට රෝස් පානුයි පරිප්පුයි වගේ .......

    කොහොමද රස .........

    ReplyDelete
  9. @ Siribiris

    එළම එළ.....

    හරියට රෝස් පානුයි පරිප්පුයි වගේ .......

    කොහොමද රස .........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න