.

.

Sep 29, 2014

රත්නපුරේ පොලිස්, ජර්නිලිස්ට්ස් සහ ශෝෂල් නෙට් වර්ක්ස් (23+) - Indecent Police, Journalists & Social Media (13+)


රත්නපුරේ පොලිස් බල්ලා, සේවයෙන් පහ කර ඇත. බ්ලොග් අවකාශයේ කිසිවකුත් මේ ගැන හඬක් නොනැගූ මුත්, පැරාගේ වෙබ් අඩවියේ "මේ බල්ලාට එරෙහිව ක්‍රියාමාර්ග පමා ඇයි?" යනුවෙන් ළිපියක් පලවිය. නමුත් මේ වීඩියෝව මුලින්ම එලියට එන්නේ, "ෆේස්බුක්" සමාජ ජාලය තුලිනි. අද එය අපේම දෙයක් වී ඇති අතර, කවුරුත් එය හඳුන්වන ජනප්‍රිය නාමය වී ඇත්තේ "බුකිය" යන සුරතල් නාමයයි. මේ, බුකිය තුලින් එලිදැක, මුළු ලංකාව පුරාම කතාබහට ලක්වූ දෙවන සිඳුවීමයි.

Sep 28, 2014

ජයලලිතා, කුප්ප දේශපාළණය හා අධිකරණය - Jayalalitha, Dirty Politics & Justice


ජෙයලලිතා අවුරුදු හතරකට කූරූ ගනින්නට, කූඩුවට ගියේය. අඬනවාද, හිනාවෙනවාද, බෝතලයක් ගසා ප්‍රීතී වනවාදයි සිතා ගැනීමට නොහැකිය. ඕනෑ නම් චෞර රැජිණ පන්නයේ පෝස්ට් කටුවක් දමා, ආතල් එකක් ගත හැකිය. අපේ දේශප්‍රේමී ආන්ඩුව නම්, මේක එකසිය ගානට සැලබ්‍රේට් කරනා බව, නයි ටී ඇන් එක බැලුවාම පේනවාය. ඉන්දියාව එක එකාගේ වොයිස් කට් දැම්මත්, තවම අපේ මහ සජ්ජුරුවන්ගේ රීලා පැටියාවත් කටක් හෙල්ලුවේ නැත්තේ, ආරක්ෂක අමාත්තන්සේ වෙබ් පේජ් එකේ සීන් එක මතක් වෙලා වෙන්නත් ඇතිය. (ඒ උනාට අක්කා ඇතුලේ නිසා, අපේ ජාතිමාමක පොලිටික්ක්කෝ සහ ගොබ්බ මාද්දියවේදියෝ, බෙලි කටු මල්ල හොල්ලනවා, අද රෑ නිව්ස් වලින් බලා ගන්නත් බැරි වන එකක් නැතිය.)

Sep 26, 2014

සාමූහික කැබිනට් වගකීම හා චම්පික රණවකගේ දෙබිඩි දේශපාලනය - Collective Cabinet Responsibility and Champika Ranawaka's politics

-

- චානුක වත්තේගම -

1970 දී එඩ්වඩ් හීත්ගේ කන්ස’වේටිව් කැබිනට්ටුවේ අධ්‍යාපනය හා විද්‍යාව පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරය හිමි වන්නේ එවකට හතළිස් පස් වැනි වියෙහි හුන් මාග්‍රට් තැචර්ටයි.  ඇමැතිවරියක සේ තම ධුර කාලයේ පළමු මාස කිහිපය තුළම ඇය දැඩි අප්‍රසාදයට ලක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් කැපීම් නිසාය. ඉන් එක් වියදම් කැපීමක ප්‍රතිඵලය වන්නේ වයස අවුරුදු හතේ සිට එකොළහ දක්වා වූ දරුවන්ට එතෙක් පාසලෙන් නොමිළයේ ලබා දුන් කිරි වීදුරුව අහිමි වීමයි. මේ ජනප්‍රිය නොවන තීරණය විරුද්ධ පක්ෂය ඉක්මණින් හා සාර්ථකව ප්‍රයෝජනයට ගනියි. "මාග්‍රට් තැචර් - මිල්ක් ස්නැචර්" කුප්‍රකට සටන් පාඨය බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. ජන ජීවිතයට ඍජුව බලපාන මේ තීරණයට එරෙහිව රට පුරා ඇතිවන උද්ඝෝෂණයන්හි තාපය කෙතෙක්ද යත් තමන් එක් අවස්ථාවක දේශපාලනයට සමු දෙන්ට පවා අදහස් කළ බව තැචර් පසුව සිය ස්වයංචරිතාපදානයෙහි සඳහන් කරන්නීය. එහෙත් ඇය නොකඩවා ඒ තීරණය වෙනුවෙන් පෙනී සිටියි. කිරි වීදුරුව නොමිළයේ ලබා නොදීම නිසා විරුද්ධ පක්ෂය අදහස් කරන පරිදි දැවැන්ත පෝෂණ ගැටළුවක් පැණ නොනඟින බව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ප්‍රකාශ කරයි.

Sep 25, 2014

දැන් (ඔක්කෝම) හරි(ද..?) - Ready to go cotton eyed joe

 
අම්මට සිරි ලංකාවෙ තියෙන්නේ අමුතු දේශපාළනයක්ය. උන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, රට හදන එක උනත්. දැන් ඉන්න හැම එකාම කරන්නේ, උන් හැදෙන එකය. ඒත් ඉතින්, ඒක උන්ගේ බිස්නස් එකක් උනත්, අපේ ජීවිත වලට බලපාන ඔක්කෝම දේවල් පාළණය කරන්නේ උන් නිසා, අපිට දේශපාළණේ ගැනත් කතා කරන්න වෙනවාය. අනික උන්ටත් අපිව නැතිව බැරිය. ඒ උන් ජීවත් වෙන්නේත්, අපි හම්බ කරන එකෙන් නිසාය. අනික උන්ගේ බිස්නස් කර ගන්න, අපේ මනාපේ ඕන නිසාය. ඉස්සර නම් ආවේ අවුරුදු පහ හයකට සැරයක් උනාට, දැන් උන් හැමදාම මනාපේ ඉල්ලගෙන එනවාය. ඡනදේ විතරක් නොව, ඡන්ද කොමසාරිසුත්, පට්ට් ජෝක් එකක් වෙලා තියෙන්නේ ඒ නිසාය.

Sep 24, 2014

නිවසක් ඕනෑ කර තිබේ..... - House Wanted


නිවසක් ඕනෑ කර තිබේ....!!!

වස්සාන කාළයේ...
කනක් ඇහිලා,
නිදහසේ වසන්නට.
පන්සලක්..
පැත්ත පලාතක නොමැති,
පෙදෙසකින්....
නිවසක්
ඕනෑ කර තිබේ....!!!

-x-

Sep 20, 2014

ඌවේ හූව කාටද...? - Uva Election Results



ඌවේ රිසල්ට්ස් ඇවිල්ලාය. නයි ටී ඇන් එකේ හා රූපවාහිනියේ හතර වරම් බයිලා ගැහුවාට, ආන්ඩුව නූලෙන් ජාම බේරගෙන ඇත්තේය. හරි විදියට බැලුවොත් නම් ආන්ඩුව පරාදය. එජාපේ උඩින්ම දිණුම්ය. ජෙප්පෝ එතනමය. ජනරාල් ඉවරය. ආන්ඩුව කෑවේ, අද උදේ නෙමේය. මිනිස්සු ඡන්දේ දාන වෙලාවෙත් ආන්ඩුව කෑවේය. ඒ චන්ඩි පාට් දාන්න ගිහිල්ලාය. පොලිසිය ඇතුලේ නගරාධිපතිට ගහලා එලියට ආපු ආන්ඩුවේ චන්ඩින්ට, ගමේ උන් එකතුවෙලා ඇති නොකියන්න බෙදුවේය. එහෙම පොලිසිය ඇතුලේ ආන්ඩුවේ චන්ඩින්ට පාට් දාන්න තරම්, ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් තියෙන රටක් නේ යකෝ මේක කියා, වෙලාවකට ආඩම්බරත් හිතෙනවාය.

Sep 18, 2014

සුන්දර ජයසුන්දර සිහිනයේ යථාර්ථය - Is PBJ a dreamer?


- චානුක වත්තේගම -

අපේ රට ආයතනයක් වී නම් එහි 'චීෆ් ඉකොනොමිස්ට්' හෙවත් මුඛ්‍යාර්ථික විශේෂඥයා සේ සැලකිය හැක්කේ මුදල් හා සැලසුම්කරණ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරයි. රාජ්‍ය නායකයාගෙන් පරිබාහිර මුදල් අමාත්‍යවරයකු නැති රටක ඔහුගේ වගකීම් එක්තරා මට්ටමකට එක්සත් රාජධානියේ මුදල් අමාත්‍ය 'චාන්සලර් ඔෆ් ද එක්ස්චෙකර්' ගේ වගකීමට සමානය. එසේම රාජ්‍ය බල පිරමීඩයේ ඉහළින්ම සිටින ආර්ථික විද්‍යාඥයා ඔහුයි. (මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෘත්තීය ගිණුම්කරුවෙකි.) මේ නිසා ආචාර්ය ජයසුන්දර ලංකාවේ ආර්ථිකය ගැන කරන ප්‍රකාශ කිසිසේත් සුළු කොට තැකිය නොහැකිමැයි.

Sep 14, 2014

හඳයාගේ වේදනාව, සුනිල් ටී ගේ අඳෝනාව සමඟ ඉදිරියටම යන හින්ගල සිනමාව (අතිශයින් වැඩිහිටියන්ට පමණයි) - The Other Side of The Sinhala Cinema


 - වැඩිහිටියන්ට පමණයි - 

අපේ සිනමාව ගැන දන්නේත් අපි විතරමය. අපිට මහා ළොකු සිනමාවක් ඇත්තේ නැත. ජාත්‍යන්තර සම්මාන හම්බ උනා කියන්නේ, ඒවා පිටරට එවා මිසක්ක, මහා සිනමා සම්මාන වල ඒවා නෙමේය. හරියට රයිගම් කුළු බඩු කාරයෝ, බඩු වලට සම්මාන දෙනවා වාගෙය. ගාමිණි මාලනි, විජේ මාලනී, කාළයේ තිබු සිනමාවක් අද ඇත්තේ නැත. ඒ කාළේ ඒවා නැගලා ගියේ, මිනිස්සුන්ට බලන්න වෙන සෝ තිබුනේ නැති හින්දාය. ඒ සෝ නැගලා ගියේ, ජෝතිගේ සින්දු හින්දාය. ජෝති කිව්වේ, හින්දි සෝ වල තිබුනු සින්දුය. හින්දි සෝ ලංකාවට ගේන්න තහනම් නිසා, මෙහේ සෝ නැගලාම ගියේය. මොහොමඩ් රාෆී මැරුණ වෙලාවේ, ජෝති දිවි නහගන්න ගියෙත් ඒ හින්දාය. මම දැන් කියන්නේ කාගේ සින්දුද ලොක්කා කියා ජෝති ඇඬුවේ ඒ නිසාය.

Sep 11, 2014

සින්සෝ අබේ ආවෝ ගියෝ - Sinzo Abe Tour of Sri Lanka


කක්කා බර තදවී, හදිසියේ එළිබහින්න ගෙදරට ගොඩ උන එකා වගේ, කළබලේ ඇවිල්ලා ගියාට, මල පැනලා උන්න ජනාධිපතිතුමාට, ඊටත් එහා මල පැන්නේ, නයි ටී ඇන් එක කරකවපු වෙලේ, පැය විසි හතරක් වත් මෙහේ නොඉඳපු එකා, දවස් දෙකක සංචාරයක් කලාය කියන කතාව ඇහුවායින් පස්සේය. මේ යක්කු ඇවිල්ලා, චීනාගේ හිත අප්ෂට් යන නිසා, අබේ එනවාට ලොක්කාගේ ඒ තරම් කැමත්තක් තිබුනේත් නැත. ඒත් ඉතින් ඒ කාළේ ඉඳන් ඉන්න එකම ජපන් යාළුවාටත් පොඩි චෑන්ස් එකක් දෙන්න ඕන නිසා, ලොක්කා යසුසි ආකාෂිට කීව්වේ ඔන්න ඔහේ ඇවිල්ලා යන්නෙයි කියලාය.

Sep 10, 2014

මම කැමතිම පොත් දහය - My favorite books


මෑතකදි.. අපේ දේශකයා, බුකියේ මටත් අභියෝග කරලා, එයා කැමති පොත් 10 ගැන ලියලා තිබුනා. මේක මහ පණ යන වැඩක්. පොත් කීයක් නම් කියලා කියවලා ඇද්ද. කරුමේ කියන්නේ කොච්චර කියෙව්වත්, මට ඕවයේ තියෙන කිසිම දෙයක් මතක නෑ. එහෙම මතක තිබුනා නම් මේ තත්වේ ඉන්නෙත් නෑ නේ. සමහර උන්ට නම් පොතක විස්තරයක් කියෙව්වාම තිබුන පිටුව හිටන් මතකයි. පොත් කියවන එක විනෝදයක්ම විතරක් නෙමෙයිනේ. කොයි තරම් දැණීමක් ලබා දෙන දෙයක්ද?

Sep 9, 2014

ජනාධිපතිතුමාගේ ලව් හුට පට - President's Angels



"එයා ප්‍රසිද්ධියේ කියන්නේ, එයා පොහොසත් අයට අකමැති.., දුප්පතුන්ට ආදරේ කරන කෙනෙක් කියලා. ඒවා අමූලික බොරු... ඇත්තටම එයාට දුප්පත් අය පේන්න බෑ.. එයා පෞද්ගලිකවම මට ඒවා කියලා තියෙනවා. එයා දුප්පත් අයට කියන්නේ "දත් නැති ලොම්බෝ" (The toothless) කියලා. ඔව්.. මුකුත්ම කන්න බැරි "ලොම්බෝ" කියලා."... මෙහෙම කියන්නේ ජනාධිපති තුමත් එක්ක අවුරුදු හතක්ම ප්‍රසිද්ධියේම ජීවත් උන කෙනා.

Sep 8, 2014

කතන්දර - ඔබ නැති ළොව මට කුමටද කමළා ? - Come Back, Baby Come Back..!


මේ ටිකේ මාතලනුත් පට්ට බිසි. දවස් පහළොවක ටුවර් එකකට පස්සේ, ආයෙත් පොඩි පොඩි ඒවා දෙක තුනකුත් තියෙනවා. ඒ අස්සෙ කරන්න තියෙන පෞද්ගලික රාජකාරිත් වැහි වැහලා. ඒත් ඉතින් හින්ගල බ්ලොග් කලාවට තියෙන ආදරේ හින්දම, වෙලාවක් හම්බ උන ගමන් පෝස්ට් එකක් ලියනවා.

Sep 5, 2014

මම කැමතියි නෝනට, නෝනා කැමති නෑ මට // - I love my Wife (Virindu Sural )


ඇස් කරකව කව හතර වටේ, බලන විටදි නෙතඟ ගැටේ...
ගැහුවම ඇස් දැලේ වැටුන, මගෙ පණ මගේ මැණික් කැටේ...
මම කැමතියි නෝනට..., නෝනා කැමති නෑ මට... //

Sep 4, 2014

සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි. - Is Sinhalese becoming a minority?


- චානුක වත්තේගම

හුදෙක් දේශපාලන වාසි පිණිසම වර්තමානයෙහි වැපිරෙන මිථ්‍යාවෝ නැතකි. ඉන් මුල් තැන ගන්නක් නම් සිංහලයා (හෝ සිංහල බෞද්ධයා) වඳවෙමින් පවතින ජනවර්ගයක්ය; අනාගතයේ සිංහලයා මේ රටේ සුළුතරයක් වන්නේය යන කැත බොරුවයි. ස්වාභිවෘද්ධිය පිණිස දත්ත හා සංඛ්‍යාන විකෘති කරන්ට තමුන්ට ලයිසමයක් ඇත්තාක් සේ හැසිරෙන එක්තරා වර්ගවාදී දේශපාලන නායකයකුට අනුව මේ සිංහලයා අපේ රටේ බහුතරයක් වන අවසාන සියවසලු!

Sep 2, 2014

ජෙප්පන්ට බිය වීම හා මැර දේශපාළණය.. - Election Violence & JVP Phobia



මහින්ද රාජපක්ෂ පාළනය යටතේ මෙතුවක් කාළයක් පැමිණි "මැතිවරණ රැල්ල" (ඒක මැතිවරණයකට පසු, තවත් මැතිවරණයක්) යටතේ පැවති සෑම මැතිවරණයක්ම, සාමන්‍යකරණය යටතේ ගත් කළ, සාධාරන මැතිවරණයක් ලෙස හැඳින්වීමේ ගැටළුවක් නොවූයේ, ඒවා මැතිවරණ ප්‍රචන්ඩත්වය අවම මට්ටමක පැවති මැතිවරණයන් වීම නිසාමය. "මොනවා කළත්, අන්තීමේදී මිනිස්සු ගිහිල්ලා කතිරේ ගහන්නේ මහින්දටමයි.." යන සංකල්පය, සමාජයට එකතු වන්නේද එම කාරණය හෙතුවෙන්මය. 2010 ජනාධිපතිවරණයේදි මහින්ද මහතාගේ ජයග්‍රහණය "කොම්පුටර් ජිල්මාට්" වලට බැර වන්නේත්, ආන්ඩුවේ මැති ඇමතිවරුන් පවා විදේශ ගත වීමට සියල්ල පිලියෙල කොට පැවැත්වු එම තීරණාත්මක මැතිවරණය පවා, මැතිවරණ ප්‍රචන්ද ක්‍රියා අවම මට්ටමක හෝ කිසි සේත්ම එවන් තත්වයක් නොපැවතීම යන කරුණු කාරනා අනුව බව ඕනෑම කෙනකු හට වැටහී යනවා ඇත.