අර සුද්දන්ට ගනිකාවන් සප්ලයි කරපු රියැදුරු රැකියාවක් කරපු කාළේ...
ලංකාවේ දාගැබ් හෙවත් ස්ථූප ගැන සුද්දන්ට බයිලා ගහන්න අපිව පුරුදු කරන කොට...
ලංකාවේ දාගැබ් ගැනත් විශාල හැඳින්වීමක් කරනවා... මම ඉතින් ඕවට ආරළු බූරලූ තුන පහ එහෙම වැඩියෙනුත් දාලා දෙන්නේ...
ඒ ජොබ් එකේ රසමුසු තැන් අලලා කවදා හෝ පොතක්ම ලියන්න හිතේ තියෙනවා..
ඒ රැකියාව ඒ තරම් රසවත්....
දාගබ්වල ඉතිහාසය එහි එක එක කොටස් වලින් සංකේතවත් වන දේ දාගබ අවට පරිසරය හා වෙනත් දේ ලියන්න ගියොත් මේක ලොකු වෙන නිසා දාගැබ් වල හැඩය ගැන විතරයි මේ..
ලංකාවේ තියෙන දාගැබ් වර්ග කීපයක් තියෙනවා...
ඕවට දාගැබ් කියනවට වඩා වෙහෙර කියන වචනෙ අපට හුරු වචනය..
මෙයින් සමහර හැඩයන් වල වෙහෙර ලංකාවේ නැති උනත්, ධාතු කරඬු නම් හැම වර්ගයෙන්ම හමුවෙලා තියෙනවා... මොකෝ ඒවත් හදන්නේ වෙහෙරෙ හැඩේට...
අපි මුලින්ම ගමු ඊයේ පෙරේදා සසුනට පූජා කළ සඳ හිරු සෑය... ඒක
බුබුලාකාර - Bubble Shaped
--------------------------------------------
ඒ කියන්නේ දිය බුබුලක හැඩය එහෙම නැත්නම් වෘත්තයකින් හරි අඩක හැඩය...
උදා - රුවන්වැලිසෑය, පොලොන්නරුව කිරි වෙහෙර, තිස්සමහාරාම වෙහෙර..
ඝංඨාකාර - Bell Shaped
-------------------------------------
ඒ කියන්නේ සීණුවක හැඩයට... සයිකල් සීණූ නෙමේ යකෝ.. ඔය ඉස්කෝලේ කෝවිලේ ටාං ටාං කියලා ගහන්නේ... ආන් ඒ හැඩේ..
ලංකාවේ පළමුවන චෛත්‍ය වෙන අනුරාධපුරයේ ථූපාරාමය හා ලංකාවේ ජනප්‍රියම හැඩය ඒක..
උදා - මයියංගන වෙහෙර
ඝඨාකාර - Pot Shaped
-----------------------------------
කළයක හැඩය.. මේ හැඩේ ඒවයි බබල් ෂේප් එකෙයි තියෙන්නේ පොඩි වෙනසක් බුබුලාකාර එකේ උඩ කොටසේ රවුම් හැඩය අඩුයි...
උදා - සිතුල්පව්ව වෙහෙර, සෝමාවතී වෙහෙර, මඟුල් මහා වෙහෙර
ධාන්‍යාකාර - Paddy Heap Shaped -
---------- ----------------
ඕකේ හරි තේරුම ඉන්ගිරිස් වලින් ගත්තම ලේසියි... ඒ කියන්නේ ගොයම් කපලා ගොඩ ගහන හැඩය..
උදා - කැළණිය වෙහෙර, අභයගිරි වෙහෙර, ඡේතවනාරාම වෙහෙර
පද්මාකාර - Lotus Shaped
----------------------------------- ----
මේක මට උගන්වද්දි මෙන්ම උදාහරණ පෙන්වද්දිත් මට නම් ගැටළු තිබුනා.. මේකට උදාහරණයකට උගන්වන වෙහෙර දැන් දකින්න නෑ. හැබයි පින්තුරෙට උගන්වන එකත් මට නම් පිලිගන්න බෑ.. නමුත් නෙළුම් මලේ හැඩේට හදපු වෙහෙර ලෝකයේ වගේම ලංකාවෙත් එක තැනක තියෙනවා...
ඔය මහින්ද මහත්තයට ඇඹුල් තියාල් ගේන්න හදපු පාරේ මහින්ද මහත්තයගෙ ගෙවල් පැත්තට යනකොට කළුතර එක්සිට් එක ළඟම වම් පැත්තේ වෙලේ තියෙනවා..
උදා ලෙස උගන්වන්නේ - පොලොන්නරුවේ දෙමළ මහා සෑය... ඒක ගඩොල් ගොඩක් විතරයි... තිවංක පිලිම ගෙට යන පාරේ තියෙන්නේ...
ආම්ලාකාර - Nelli Fruit Shaped
-------------------------------------------------
මේවත් ලංකාවේ දකින්න නෑ... තිබ්බා කියලා උගන්වනවා...
අළුතෙන්ම ඔය පොෂ් පංසල්වල හදන එක තමා...
චතුරශ්‍රාකාර - Box Shaped ---
-------------------------------- ------
දඹදිව පිහිටි ස්තූපයේ හැඩය...
ඒක ගොඩාක් පොෂ්
මේ දහම් කරුණු ඔබ වෙත ගෙන ආවේ
පින්වත් මාතලන් උපාසක මහතාගේ පින්බර අනුග්‍රහයෙනි..
.
