අපේ ඇදගෙන නානා ආන්ඩුවේ මුදල් ඇමති කම හම්බ උනේ, රවී කරුණානායක උන්නැහේටය. මේ ආන්ඩුව ඇදගෙන නාන බව මාතලන් කීවේ, ආන්ඩුව පත්වූ පසු ලියපු පළමු ළිපියෙන්මය. ඒ, ආන්ඩුවේ පළමු පත් කිරීමට එරෙහිවය. එහෙම ලිව්වේ මේ ආන්ඩුව ගැන අහිතකින් නොවේය. ඇති ආදරය නිසාමය. මේ ආන්ඩුවේ පළමු පත්වීමම අමුම අමු පිස්සුවක්ය. ඒ පචවාහිනියේ මුල් පුටුවය. අදත් එය පචවාහිනියක්මය. ආන්ඩුවේ පම්පෝරි ඇර, මේ රටේ වෙන කිසිම නිව්ස් එකක් ඒකට නිව්ස් නෙමේය. අපි කිව්වේ මේ වාගේ කම්බ හොරු දාගත්තොත්, නාන්න වෙනවා කියාය. කිව්වා වාගෙම, රවි කරුණානායක චෝදනා එල්ල කළ, තැප්‍රොබේන් ගිණුම කිසි අවුලක් නැති ගිණුමක් කියා, රවී කරුණානායක කිච කරලා දැම්මේය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label cost of living. Show all posts
Showing posts with label cost of living. Show all posts
Jan 22, 2015
Jan 21, 2015
ජෙනරාල්, පැස්ටෝල් සහ ඇල්සයිමර් - General, Fuel & Alzheimer
![]() |
| පීඩනය විඳ වූයේ ජෙනරල් පමණක් නොවේ... |
මාතලන් මේ දවස්වල ඉන්න ගම්මානේ උන්ගෙන්, මාතලන්ට ගැලවීමක් තිබුනේම නැතිය. මේ ගම්මානේ වැඩි පුරම උන්නේ, මහ රජ්ජුරුවන්ගේ යටත් වැසියෝය. සිකැරට් එකක් ගන්න කඩේකට ගියත්, හවස් ජාමේ බාර් ඇසෝසේසන් එකේ මීටින් වලට ගියත්, මහ රජ්ජුරුවන්ගේ උන් කින්ඩිය දැම්මේ, මොනවද ලොක්කා යහ පාළණෙන් ඔහේට හම්බ උනේ කියාය. කොහොම හරි පචවාහිනියටයි, නයි ටී ඇන් එකටයි පින් සිද්ද වෙන්න, මහ රජ්ජුරුවන්ට දපනේ වැටිලා හිටපු උන්, දැන් දැන්, අපි කියපුවා ඇත්ත නේද යකෝ කියලාත් ඉඳ හිට අහනවාය.
Oct 1, 2014
Jul 31, 2013
Jul 12, 2013
බස් ගැමුණු පාපුවරුවෙන් විසිවීම - End of the Bus Gemunu
පලා බබා සුදු අලියෙක්ය යන මතයේ, මාතලන්ද සිටියේය. ඒත් තව දුරටත් එහෙම නම් ඉන්නේ නැතිය. පලා බබා, ජනතාවට බොහෝම හිතවාදී සීන් එකක් බව, මේ ලිවිල්ලේ අන්තීමේදි පෙන්වා දෙනවාය.
ගැමුණුට කෙලවිය. ගැමුණු හිතාගෙන හිටියේ ඌත් හෙණ පොරක් කියාය. ඕනෑ එකෙකුට පොරක් වෙන්න හැක්කේ, ඌ මහින්ද මහත්තයත් එක්ක ඉන්නවානම් විතරය. ඒ බව මේ ගොන්නුන්ට තේරෙන්නේ නැතිය. තේරෙන එකා ආතල් එකේ ඉන්නවාය. මේ ගැමුණු යුගය නෙමේය. හත් වන මහින්දගේ යුගයය. මේ ගැමුණුට මෙන්ම, කැළණියේ ගැමුණුටද බඩුම තමයිය.
May 16, 2013
යමං බන්ඩෝ උගන්ඩා යන්න... - Yaman Bando Uganda Yanda
![]() |
| With Gaddafi |
වෙසක් අත ලඟය, ලොක්කා පිට රටය,
පාරේ පිකටින්ය, යුද්දේ අමතකය,
ලයිට් බිල හරි වැඩිය,
ඒත් උද්ධමනය අඩුය. (මහ බැකුවේ අධිපති.)
ගල් කාලයි, මාළු පාන් ගෙඩියයි, එකදාස් පන්සීයයි..
(අපෝ... පන්සීයට නම් බෑ බොස්. ලයිට් බිලටත් කෙලලා.)
අපේ වෙදා අපිට හොඳා......
තවත් වැඩි කරන්න සුදා.....
එන්න.... එක්වන්න....
ලයිට් බිල වැඩිකිරීමට,
ඔබේ සහය පල කරන්න......
Apr 29, 2013
විදුලි මාෆියාව, පිරබාහරන්ටත් වඩා බලවත්ද? - Electricity Power & Man Power
හෙට මැයි පළවනදාය. කම්කරුවාගේ දිනය වගේම, කාන්තා ශෝක දිනයත් යෙදී ඇත්තේ හෙටය. (දන්නෝ දනිති) . 70-77 කාළේ මැයි පෙළපාලි බලන්න ගියා අද වගේ මතකය. මැතිනිගේ පෙළපාලියේ ගියපු දේශප්‍රේමී ජනතාව කෑ ගැහුවේ. "සීනී නැතිව තේ බොන්නම්...., මිරිස් නැතිව හොදි කන්නම්...." කියාය. ඒ මොකෝ, ඒ කාළේ ඒවා "අධි සුඛෝපභෝගී" භාන්ඩ වෙලා තිබුන නිසාය. හෙට ආන්ඩුවේ පෙලපාලියේ යන උන්, "ලයිට් නැතුව අපි ඉන්නම්....., ඒ උතුමා කියනවනම්....." කිය කියා ගියෝත් ඔහේලා එච්චර අප්ෂට් ගන්න එපාය. මොකෝ, අද බහුතරයක් ඉන්නේ දේශප්‍රේමී ජනතාව නිසාය. අනික ගෙදර ප්‍රශ්ණ ඕසෙට තිබුනත්, බත් පැකට් එකටයි, ගල් කාලටයි, මිනී මරන උනුත් ඉන්න එකේ, එහෙම කියන්නේ බොක්කෙන්ම නොවන බවත්, ඒවා බලා ආතල් ගන්න අය හිත ගත්තොත් හොඳය.
Apr 17, 2013
ඔසප් වේදනා (වැඩිහිටියනට පමණක් නොවේ.)- Menses Pain (Not Only for Adults)
මේක ලියන්න හිතුනේ, අපේ දුකා, ඕනම දෙයක් ගැන කතා කරාම, පිරිබාහරන් සිංහල ජාතිය ගැන කියපු කතාව මතක් කරන නිසයි. ඒ කියන්නෙ ඕන දෙයක් "සති දෙකයි" කියන කතාව. දැන් විදුලි බිල වැඩි කිරීමේ වේදනාවත්, සති දෙකයි කියලා තමයි එයා කියන්නේ. ඒත් එහෙම වෙන එකක් නෑ. මැයි මාසේ බිල වැඩි වෙනවා කියන්නේ දැන් පාවිච්චි කරපුවටත් එක්කමයි කෙලින්නේ. බස් ගැමුණුත් මිළ වැඩි කරන්න ඕන නෑ කියනවා. ඒ ආදරේට නෙමෙයි, දැන් වැඩිකලොත් 7% යිලු වැඩිවෙන්නේ, ජූනී වලදි 15% ක්ම කෙලින්නයි එයාගේ ප්ලෑන් එක. මම දැක්කා කව්ද කියලා තියෙනවා ඇමරිකාවේ ආධාර අපට ඕන නැතෙයි කියලා. අපි පෙත්සමක්වත් ගහමුද ඇමරිකාවට ආධාර දෙන්නෙයි කියලා අපේ විදුලි බිල වත් ගෙවන්න.
Mar 14, 2013
මත විමසා, කරන්ට් ඇල්ලීම - Electricity tariffs to rise by 60%
![]() |
| By - Awantha Atigala |
Nov 27, 2012
ආන්ඩුවට සල්ලි නෑලූ... පව්....!!! - No Money No Honey
![]() |
| කාටූනය - ඉන්දික දිසානායක |
Nov 22, 2012
Nov 20, 2012
මළ මගුල් (වැඩිහිටියන්ට පමණයි) - Happy Weddings (Adults Only)
මාතලන්ගේ කෙටි කතාවක්....
ධනපාලයා නිදා ගන්නේ පිලේ පැදුරේය. කුලියක් මලියක් සොයාගන්න යන්න ඕන නිසා, ධනපාලයා ඇහැ අරින්නේ කුකුලා බෙරිහන් දෙන්නත් කලින්ය. ධනපාල ඇහැ ඇරිය බව ගමට කියන්නේ කුකුලාය. ධනපාලයා නිදාගන්නේ තනියම නෙමේය. නිදි දෙව්දුවත් එක්කය. ඒකී උනත්, බොහෝ වෙලාවට නො එන්නේ, මේ කරුම දුප්පත් කම නිසා නොවේදයි ධනපාලයාට සිතුනු වාර අනන්තය අප්පරාමානය. ධනපාල කියන්නේ සල්ලි මැනේජ් කරන එකා කියන එක උනත්, මැනේජ් කොරන්න තියා ගෙදර උන්ගේ බඩ පුරවන්නයි, හෙළුවෙන් නොතියන්නයි කන කට්ට දන්නේ ඌම විතරය. පනසලේ චක්‍රවර්ති හාන්දුරුවෝ ධනපාල කියා දැම්මේ මේ යකාට දාන්න වෙන නමක් තිබුනේ නැද්ද යකෝ කියා ලොකු හාන්දුරුවන්ගේ අම්මා අප්පා පවා මතක් කොරන සුද්ද සිංහල ඒවා ප්‍රසිද්දියේ නොකිව්වාට හිතෙන්න පටන් ගත්තේ ඒ වචන් කන වැකුන කාලයේ ඉඳලාය.
Nov 8, 2012
2013 ණයවැය - Loan Investment 2013
![]() |
| ජනතාවට බජට් එකෙන් ලැබූනු දේවල්... |
Sep 26, 2012
අපේ ගම (අළුත් ගම) - My Home Town (Global Village)
ගොඩ මඩ දෙකම සරුසාරය ඵල බරය
කටුරොද ගම්මාන තරමක පිටි සරය
එගම මැදින් ගලනා ගඟ මන හරය
කඩ මන්ඩිය පිහිටියේ ඒ ගම කෙල වරය
කටුරොද ගම්මාන තරමක පිටි සරය
එගම මැදින් ගලනා ගඟ මන හරය
කඩ මන්ඩිය පිහිටියේ ඒ ගම කෙල වරය
මේ, "කේයස්" එහෙම නැත්නම්, "සාගර පළන්සූරිය" කවියාගේ, රටම දන්න කවියක්. එහෙම කවි ලියන්න පෙර පින් තියෙන්න ඕන. එවන් උතුමන් අමරණීයයි කියන්නේ, ඒ නිසයි. මට මතකයි පොඩි කාළේ මේ කවිය තිබුන "සුදෝසුදු" පොතේ හරි, වෙනත් පොතක හරි, අපේ හිතේ මැවෙන පින්තූරය, එහෙමම ච්ත්‍රයට නගා තිබුන බවත්. සාමාන්‍යයෙන් මම ළිපියක් ලියන්න ඉස්සෙල්ල, ගූගල් සෙවීමේ යන්ත්‍රයෙන් සොයා බලනවා ඒ ගැන කවුරුන් හෝ කළින් ලියලා තියෙනවද කියලා. එහෙම බැලුවම අපේ "බින්දි" නෝනාගේ, බොහොම අගේ ඇති කවි පන්තියක් ජාලේ තිලා හම්බ උනා. ඒක (මෙතනින් බලන්න)කො. මම ඉතින් ලියන්නේ වෙන ආරක කවි නිසා ඒකට ඒ නෝනා තරහා වෙන එකක් නෑ.
Apr 4, 2012
පිස්සු හරක් - Mad Cow Decease
මළම පැන්නේය. මළ කෙළියක්ම උනේය. ඒ නිසා පෝස්ට් එක ලියන්නත් පරක්කු උනේය. සිද්දිය මෙසේය. ඊයේ, අවුරුදු 15 ඉඳන් ආර්ථික විද්‍යාව කර, පන්ති සමාර්ථයක් සහිතව සමත්වී, නිසි තැන නොලැබ. අධ්‍යාපනය කන ඇමතිතුමා, 2500 න් මැරෙන්නේ නැතිව ඉන්න කියා දෙන ටියුෂන් පන්තියක් දෙරණේ ගියේය. මම අපේ ගෑනීට ඕක බලන්නට එන්න කිව්වේ, හැම තිස්සෙම බඩු ගනන්, හරි විදියකට කන්නත් නෑ, යුද්දෙ තියෙද්දිත් මීට වඩා හොඳට කෑවා, කිය කියා අඬෝවැඩියා තියන නිසා, මේ පන්තියට සහබාගී වෙන ලෙසය. උන්දෑ මට කිව්වේ තමුසෙ වගේම පිස්සෙක් නේ ඕයි ඌ. ඌගේ බයිලා තමුසෙම අහ ගන්නවා කියාය. එහෙම කියලා එයා නිදා ගන්නට ගියේය.
Mar 31, 2012
මෝඩයාගේ විහිළුව ගිය දුර - Fools Day Contrivacy
මාරම අප්ෂෙට් එකක් වෙලාය. මෝඩයාගේ දවසේ ඔහේලා ගොනාට අන්දන්න පෝස්ට් එකක් ලියාගෙන සිටියේය. ඒක තිබුනේ ඩ්‍රාෆ්ට් ගොඩේය. වෙබ් සයිට් ගැන සෝදිසි කොරන ආන්ඩුවේ මහත්තුරුන්ට බඩු මාට්ටු වෙලාය.. මේ තියෙන්නේ එම පෝස්ට් එකය.
ආන්ඩුවට බුද්ධිමත් ජනතාව සමග මළ පනී -
The Government's flower, jump over the intelligent civilians
Mar 26, 2012
අද රෑ නිකුත්වන, ඔබ මවිතවන ගැසට් නිවේදනය - The Best Gazette Ever
මේ ටිකේම අහන්න උනේ ආතල් නිව්ස්ය. ඉස්සෙල්ලාම බූමීතෙල්, පැස්ටෝල්, ඩීසල් 50% න් 30% න් අඩු කෙරුවාය. ඒ හේතුවෙන් පාන් මුදලාලි පාන් කියා ගන්න බැරිව හිටපු උන්ට රුපියල් පහක ආධාරයක් දුන්නාය. ලයිට් කපන ඇමති සීයට විස්සකින් බිල අඩු කෙරුවාය. බස් ගැමුණුත් අඩුම ගාන 10 දක්වා අඩු කරලා එයා පාඩූ පිට දුවන්න තිරණය කෙරුවාය. ඒ අස්සේ ජිනීවා වලදි අපි ඇමරිකාවට කෙළියේය. ඔය වැනි පුල් සොමි කාරනා මැද්දේ අද රෑ පිටවන ගැසට් නිවේදනයකින් ඔබගේ ගත සිතා පිනා යනු ඇතිය.
Mar 9, 2012
රුපියලද...? පතිවතද...? - One Rupee Fools
සිරි ලංකාව කියන්නේ අමුතු රටක්ය. ඉන්නේත් අමුතුම ජාතියේ සැට් එකක්ය. දේශපාලකයෝ, කළාකාරයෝ පමණක් නොව බුද්ධිමත් ජනතාවත් (පට්ට ගොන්නූ.) හිතන්නේත් කියන්නේත් මේක ළෝකෙන්ම හොඳම එක කියලාය. දේසපාලුවෝ හා කළාකාරයෝ නම් කෙලින්නේ කෙප්පය. මොකෝ හැම එකාම සිංගප්පූරුවට නැතිනම් අඩු ගානේ තායිලන්තය වගේ ජරා රටකට හෝ ගොහින් තියෙනවාය. නමුත් දූපතේම ඉන්න එකා හිතාන ඉන්නේ දිවිය ළෝකේ මේක කියලාය. අපි තරම් චන්ඩි ජාතියක්, වීර ජාතියක්, ශ්‍රේෂ්ඨ ජාතියක් තුන් ළෝකේම නෑ කියලාය. ඉතින් ඉන්නේ කොයි වෙලාවේත් උනෙන්මය. හැම එකාම චන්ඩිය. ඒ උනාට ඒ පාට් පෙන්නන්නේ. පහත් එකෙකුටය. මෙහෙම පාට් දාන්න අල්ලන් හිටිය සෙට් එකෙන් එකෙක් කොන්දාය. දැන් ඒ කෙලි හරියන්නේ නැතිය. දැන් කොන්දා කෑල්ලට පාට් දානවාය
Subscribe to:
Posts (Atom)







.jpg)










