මුලින්ම කිව යුතුව ඇත්තේ මාතලන් දුමින්ද සිල්වලාගේ භාරත ලක්ෂ්මන්ලාගේ පාදඩ දේශපාලනයවත්, එජාපයේ මැර දෙශපාලනයවත්, ජවිපේ ත්‍රස්තවාදි දේශපාලනයවත් කිසි ලෙසකින් හෝ අනුමත කරන්නේ නැති බවය.
එනයින් බැලූ කල, ඝෝඨාභය රාජපක්ෂ චැප්ලින් කෙනෙක් ලෙස හැඳින්වීම මෙතෙක් පැවති පාදඩ සිස්ටම් එක කනපිට පෙරලීමක්ය. විරුද්ධවාදීන් මෙන්ම අපද බලාපොරොත්තු වූ හිට්ලර් වෙනුවට ලැබී ඇත්තේ, එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වූ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයාය. එය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගය කරනා ඕනෑම එකෙක් පිලිගන්නවා ඇත.
දුමින්ද සිල්වා ඊයේ එලියට ආවේය. ඔහුට නීතියෙන් සිඳු වූ අසාධාරණය ගැන මැදිහත් සිතින් බලා ලියූ සටහන් දැක්කේ අතේ ඇඟිලි වලටත් අඩු ප්‍රමාණයකි. ඔහුගේ නඩු තීන්දූව තේරුම් ගත නොහැකි තීන්දුවක් බව නීතී ක්ෂේශ්ත්‍රයේ කීප දෙනෙකුම මාතලන් හා ඒ කාලයේ කියා සිටියේය.
එය තනිකරම දේශපාලන කුමන්ත්‍රණයක් වනාතර. දුමින්ද සිල්වා සිරගත වන්නේ මිනීමරුවකු ලෙස නොව අරලිය ගහ මන්දිරයේ සිට පොලීසිය හා අධිකරණය එක්ව සිඳුකල දේශපාලන කුමන්ත්‍රණයක ගොඳුරක් වෙමින් දේශපාලන සිරකරුවකු ලෙසය. අප විරුද්ධ වන්නේ මෙන්න මේ දෙයටයි.
දුමින්ද එලියට ඒම වෙනුවෙන් විරුද්ධ මැරෙන්නට හදනා මෙම දේශපාලන කුමන්ත්‍රණයට එක් වූ පිරිස් හා ඔවුන්ට සහාය දක්වන කණ්ඩායම්, සංවිධාන හා රටවල් ටික බැලුවාම එය තව දුරටත් සනාත වී හමාරය. අද දුමින්ද එලියට ඒමට හේතු වූ නීතිමය කරුණු මොනවාද යන්න අහනා නීතීඥ්ඥ සංගමය, එදා දුමින්ද ඇතුලට යාමට හේතූ වූ නීතිමය කරුණු කාරනා මුලින්ම අපට කියා සිටින්නේ නම් බොහෝ අගනේය.
දුමින්ද සිල්වා දේශපාලන සිරකරුවකු බව ඇමරිකානූ එම්බසියට මෙන්ම ජිනීවා මානව හිමිකම් කමිටුවටත් අමතක වී තිබේ. ඔවුන්ගේ ප්‍රකාෂ පට පට ගා බුකියේ දමනා, මේ කුමන්ත්‍රණයේ තවත් හවුල් කරුවකු වන, අසාම් අමීන් නම් මාජ්ජවේදියා ඒ කාළේ කටයුතු කල ආකාරය අද අපට අමතක නැත.
අරලිය ගහ මන්දිරයේ සිට ශානී පිටපත් ලියා ගෙන ආ සියළු කුමන්ත්‍රණ පිටුපස, අසාම් අමීන් උන් බවට තොරතුරු එන්නේ ඒ කාලයේමය. මේ සියල්ල්ලෝම හෙලිදරව් වූයේ රන්ජන් නැමති මොන්ටිසෝරි දේශපාලුවාගේ දුරකතන ඇමතුම් සියල්ල පටිගත කිරීමේ මරි මෝඩ වැඩේ නිසාය. ඒ සියල්ල අවශ්‍ය කෙනෙක් වේ නම් යූ ටියුබයේ තියෙනවාය. අමතක අය එතනින් එවා අහගන්නා එක කොහොමත් හොඳය.
මෙහිදි මුලින්ම ලැබෙන්නේ බෙදුන තීන්දුවකි. සමහරුන් සාධාරණය කරන්නේ එය උපරිමාධිකරණයෙන් සම්මත වූ නිසා වඩාත් නිවැරදි තීන්දුවක් බවකි. එහෙත් මුල් තීන්දුව ආපු හැටි දන්නා අපට, ඒ තීන්දුව ආ හැටිත්, සිරිසේනගේ ඔක්තෝබර් විප්ලවයේ තීන්දුව ආ හැටිත්, ඒ තීන්දු දුන් අයට ඇමරිකන් එම්බසිය ගානේ ෆොරින් ටුවර් දුන් හැටිත් අහගන්නට වෙන්නේ, ආයෙත් රන්ජා එලියට ආපු දවසකය.
ආන්ඩු විරෝධීන් මෙම තීරණයට විරුද්ධව හඬ නැගීම සාධාරණීකරණය කළ හැකි වුවද, ආන්ඩුවට ඉක පුරාගෙන කඩේ ගිය උන්ගේ විරෝධය නම් උගුරට හොරා බෙහෙත් ගිලීමක් බව නොකියා සිටිය නොහැකිය. පොහොට්ටුව්ට චන්දය දුන් හැම එකාම පමණක් නොව විරුද්ධව දුන් හැම එකාම දුමින්දට ජනාධිපති සමාව ලැබෙනා බව දැනගෙන උන්නේය.
එහෙත් එය සිඳු වූ ආකාරය සාධාරණද යන දේ මතුකර තිබුනේ හිරන්ත හේරත් පමණි. ඒ ඔහු නීතීඥ්ඥයකු වන නිසාය. මාතලන් ඔහුගේ මතය හා 100% එකඟ වුවද, මේ ආ ක්‍රමයේත් කිසිඳු වැරද්දක් දකින්නේ නැත්තේ, ඔහු දේශපාලන සිරකරුවකු නිසාය.
රෝහණ විජේවීර වන් අය එලියට එන්නේද දේශපාලන සිරකරුවන් නිසාය. ස්ත්‍රී දූෂකයකු මෙන්ම මිනීමරුවකු වූ ගෝනවල සුනිල්ගේ ජනාධිපති සමාව අමතක කලද, මෛත්‍රිපාල සිරිසේන විසින් මරණ දඬුවමට නියමිතව උන් 96 දෙනෙකු පමණ එලියට දැමීම සියල්ලන්ටම අමතකව ඇත. ඒ.., මිනීමරුවකු බව ඔප්පු වූ රෝයල් පාක් මිනීමරුවාට අමතරවය.
මෙහිදි අප සොයා බැලිය යුතු කරුණ නම්, මීට විරුද්ධව කෑ ගසනා පොහොට්ටු බයියෝ එසේ කෑ ගසන්නේ ඇයිද යන්නය. එහිදි මා කළ සමීක්ෂණයකට අනුව මින් වැඩි පිරිසක් පිරිමි අය වීම විශේෂිතය. එය එසේ වීමට මානසික කරුණු කීපයක් බලපායි. එය ග්‍රස්තික නියුරෝසීය තත්වයක්ද එසේ නැත්නම් වෙනින් රෝගයක්දැයි අහගන්න වෙන්නේ දීප්ති කුමාර ගුණරත්නයන්ගෙන්ය.
දුමින්ද පට්ට හැන්ඩියකු වීම. (හීනමානය)
ඔහු ප්ලේ බොයි හෙවත් බඩු කාරයකු වීම (කුහක ලිංගික ඉරිසියාව.)
මහා ධනවතෙකු වීම. (පන්ති වෛරය)
ප්‍රසිද්ධ පුද්ගලයකු වීම. (ගං කබර මානසිකත්වය)
දුමින්දගේ ආරම්බය එජාපයේ වීම. (දේශපාලන කුහකත්වය)
එවන් පුද්ගලයකු නැවත සමාජයට පැමිනීම. (තමන්ගේ තත්වයට හා ඉමේජ් එකට කෙලවීම)
දුමින්දගේ දේශපාලන ආගමනය එන්නේ එජාපයෙනි. දුමින්දලා ප්‍රකෝටිපතියන් වන්නේත් එජාපයෙනි. දුමින්දලා රෙනෝලාට ගුවන් විදුලි නාලිකා රූපවාහිනි නාලිකා ආරම්බ කිරීමට ගුවන් තරංග ලබා දෙන්නේ එජාපයෙනි. ඒ කියන්නේ ඔවුන් ප්‍රකෝටිපතීන් වී තිබෙන්නේ එජාප පාලනයක් යටතේය. (ඔවුන් කුඩු කාරයෝ නම්. ඒවා කර තිබෙන්නේත් එජාපයේ පිහිටෙනි.)
එහෙත් මහින්දට විරුද්ධ වූ නිසා රෙඩියෝ චැනල් හා රූපවාහිනි නාලිකාවලට කෙලවන බව දුටු රෙනෝ කරන්නේ, දුමින්ද රාජපක්ෂලාට බාර දෙන එකය. දුමින්ද දේශපානය කළේ කොලොන්නාවේය. කොලොන්නාවේ ඉන්නේ පාදඩ සමාජ පන්තියකි. එය කවුරුත් දන්නා ප්‍රසිද්ධ දෙයකි.
දුමින්දට කොලොන්නාව බාර දෙන්නේ එවිට රාජපක්ෂලාට හිසරදයක්ව තිබූ කප්පම් කාරයකු වූ භාරත ලක්ෂ්මන් හලා දැමීමටය. සෝලංග ආරච්චි කියන්නේ භරතගේ ගෝලයෙකි. භාරත දුමින්ද හා පැටලෙන්නේ තමන්ගේ නැති වී යන අභිමානය රැක ගැන්මටය.
දුමින්ද එලවාගෙන යන්නේ භාරතය. ගිහින් ගේම ඉල්ලන්නේත් භාරතය. දුමින්දට මුලින් වෙඩි තියන්නේත් භාරතගේ පොරකි. ඉන් පසු වූ දෙයක් දුමින්ද දන්නේ නැත. මට මතක නෑ කියන්නේ බොරුවට නොව ඇත්තටය.
භාරත ළඟත් දුමින්ද ලඟත් උන්නේ පාතාලේ පාදඩයෝය. තමාගේ එකාට ගේම දුන් එකාට යහතින් යන්නට දුමින්දගේ උන් ඉඩ දුන්නේ නැතිය. ගේම කෙලවර වන්නේ භාරත හා තවත් කීප දෙනෙක් දිවිය ලෝකේ ගිහිල්ලාය. ඇත්ත කතාව ඕකය.
ඊට පසු බලයට පැමිණි භාරතගේ දුව රඟපෑමට ගියේත් භාරතගේ අර කැරක්ටර් එකය. දුමින්දට නඩු වැටී තිබිනි. . එයාගේ ඔපරේසොන් ඩිෆෙන්ඩර් සෝ එක පලමු ෂූට් එකෙන්ම නැවතුනේ මෛත්‍රිපාල සිරිසේනට පින් සිඳු වන්නටය. රඟන්නට ගියේ භාරතගේ කැරක්ටර් එකය. එහෙත් කොළොන්නාවේ උන්ට එයාව දිරෙව්වේ නැතිය. ඒ දුමින්දට ගේම අදින නිසාය. දුමින්ද ඒ වන විට කොලොන්නාවේ හීරෝ වී අවසානය.
සජිත් ප්‍රේමදාස හිරුණිකාට ෂොට් එක දී අවසානය. එය එසේ විය යුතුය. හිරුණිකා රන්ජන් සමඟ සජිත්ගේ පමණක් නොව ජලනිගේත් පලු අරින්නේ ලංකාවටම ඇහෙන්නය.
මාතලන්ට ඇති එකම අවුල නම් නිදහස් කිරීම නොවේ. දුමින්දලා ආයෙත් දේශපාලනයට ඒවිද යන්නය. එසේ කරනවා නම් රාජපක්ෂලා තරම් මෝඩයෝ මේ මුලු විශ්වයේම ඇත්තේ නැතිය.
ඒ වගත් මෙසේය...