.

.
Showing posts with label Gaza Strip. Show all posts
Showing posts with label Gaza Strip. Show all posts

Apr 5, 2024

ඊශ්‍රායලය GPS සිස්ටම් එක බ්ලොක් කරයි ඉරාන ප්‍රහාරයකට බියේ සුපර් මාර්කට් සිඳී යයි


ඊශ්‍රායලය GPS සිස්ටම් එක බ්ලොක් කරයි

ඉරාන ප්‍රහාරයකට බියේ සුපර් මාර්කට් සිඳී යයි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


2023 ඔක්තෝබර් 7 වෙනිදා හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන්, පොලීසි හා හමුදා කඳවුරු එල්ල කර ගනිමින් කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන්, 1200 ක් මිලේච්ඡ ලෙස ඝාතනය කරලා 240 ප්‍රාණ ඇපකාරයෝ ලෙස ගාසා තීරයට පැහැරෙගෙන යාම මුලු ලෝකයේම අදාල ආගමට අයත් ත්‍රස්තවාදීන් විසින් ජයපැන් බොමින් සමරද්දී, ඒකට මෙහේ සෙට් එකත් එකතු වුනා... 


එයාල ඒදා ඊශ්‍රායලය ඉවරයි කියද්දී.. මාතලන් කිව්වේ... බලාගෙන හිටගන් ඊශ්‍රායල් කාරයෝ ගාසා කුඩු කරලා තමා නවතින්නේ කියලා... කිව්වා වගේම ඒ දේ වුනා... ගාසා තීරයේ 2/3 මේ වෙනකොට පොලොවට සමතලා කරලා ඉවරයි... මියගිය ගනන අති විශාලයි... දැන් යන්නේ ජෙනොසයිඩ් එකක්... ඒක අනුමත කරන්න බෑ වගේම.. ත්‍රස්තවාදයත් කිසිසේත් අනුමත කරන්න බෑ.. 


 වටේම තියන රටවල් වල ඉන්න ටෙරාලගෙන් පොඩි පොඩි ඇටෑක් ආවට, රාජ්‍යයන් වශයෙන් ඒ එක රටක්වත් ඊශ්‍රායලයට ඇටෑක් කරන්න ගියෙත් නෑ. දිනපතා නොකඩවා එල්ල කරන හමාස්ලගෙ අහස් ගුන්ඩු වලට වගේම අර වටේ පිටේ ඇටෑක් වලටත්, ඊශ්‍රායල් ජනතාව, බය වුනෙත් නෑ..


යුදෙව්වෝ ගැන නොදන්න උන් බෙන්ජමින් නෙතන්‍යාහූ උන්නැහේගේ අම්මට බැන්නට, ඔය ඇන්ජියෝ කාරයෝ වගේ ඉතා සුළු යුදෙව්වන් පිරිසක් හැර, අති බහුතරය යුදෙව්වෝ ඔක්කොම... බෙන්ජමින් නෙතන්‍යාහුලාම තමා... ඒ නිසා උන් එක්සත් ජාතින්ගේ සංවිධානය තියා දෙයියන්නාසෙවත් පයිසෙකට මායිම් කරන්නේ නෑ. 


හැබයි එහෙම කියලා... උන් අම්බ බය රටවලුත් තියෙනවා. ඒ කාළේ සදාම් හුසේන්ට උන් ගූ බයයි. දැන් ඉරානෙට ගූ බයයි. සදාම්ට බය වුනේ... "වෙපන්ස් ඔෆ් මාස් ඩිස්ට්‍රක්ෂන්" ඌ ළඟ තියෙනවා කියාලා ඇමරිකාව පතුරපු නැව් පචේ නිසා. ඉරානයට බය - උන් ළඟත් න්‍යෂ්ටික අවි වගේම කි:මි: 2000 ක් දුර ටාගට් වලට කෙලින්න පුලුවන් මිසයිල තියෙන නිසා.


බෙන්ජමින් ලොක්කගෙ ගාසා සුද්ද කරන වැඩේ හබක් වුනේ ... ඉතිරි වෙලා තියෙන රෆා ප්‍රදේශයත් පොලොවට සමතලා කරන්න යද්දි එංගලන්ත සහනාධාර කණ්ඩායම් සෙට් එකක බ්‍රිතාන්‍ය ජාතිකයින් 7 දෙනෙක්ම එක සැරේ ඊශ්‍රායල් ප්‍රහාරයකින් මිය යාමෙන්.


බයිඩන් ලොක්කා මුල ඉඳලා මිනිස්සුන්ට ආහාර යවන්න නොදී පලස්තීන දරුවෝ කුසගින්නේ මිය යනේකට මල පැනලා උන්නේ... ඒකයි, මේ ඝාතනයි, ඔක්කොම අල්ලලා, බයිඩන් ලොක්කා බෙන්ජමින් නෙතන්‍යාහූ ලොක්කගෙ ජාතිය ඇමතුවයින් පස්සේ... දැන්.... ඊශ්‍රායලයට ඔක්තෝබර් 7 ප්‍රහාර එල්ලවුනායින් පස්සේ ඒ ප්‍රදේශයෙන් වහලා දාපූ සැපයුම් මාර්ගත් ඕපන් කරලා... ජෝර්දානයේ ආධාර බෙදන්නට පවා අවසර දීලා තියෙනවා.


ඔය අස්සේ තමා නෙතන්‍යාහූ කාරයා සිරියාවේ ඩමස්කස් වල ඉරාන කොන්සල් කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ල කරන්නේ... ඒකෙන් ඉරාන විප්ලවීය හමුදාවේ රටවල් තුනකටම අණදෙන ඉහළම පෙලේ බුවෙක් වෙච්චි "මොහොමඩ් රෙසා සෙහේඩී" ඝාතනය වීම ඉරානයට වස ලැජ්ජාවක් උනා.


ඒ නිසා ඉරාන ජනාධිපති විසින් ඊශ්‍රායලයට මාරාන්ත්‍රික ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට වෝනින් දීලා ඉවරයි. මේකට නම් ඊශ්‍රායල් පාලකයොයි ජනතාවයි අම්බානෙට බය වෙලා සුපර් මාර්කට් ඔක්කොම සුද්ද කරලා බංකර්ගත වෙන්න සූදානමෙන් ඉන්නේ. වාර්තා වෙන අන්දමට ටෙල් අවීව් හා ජෙරුසලමේ පාරවල් පාලුවට ගිහින්, "ගෝස්ට් ටවුන්" වෙලා කියලා තමා ආරංචිය. 


මේ දේම ඉරාක ආක්‍රමණය කාළේ, මාතලන් එහේ ඉන්දැද්දිත් වුනා. ගෑස් මාස්ක් එක කරේ එල්ලගෙන නැත්නන්, පාරට එන්න දුන්නෙත් නෑ. බංකර්ගත වෙන්න සියල්ල ලෑස්ති කරගෙන උන්නේ.


මේ සැරේ GPS සිස්ටම් එකත් බ්ලොක් කරලා විතරක් නෙමේ හැක් කරලා... රටේ උන්ට GPS ඇක්සස් නෑ. පිටරට ඉන්න එකෙක්ට ජෙරුසලමේ ඉන්න එකා පේන්නෙ ඊජිප්තුවේ ඉන්නවා කියලා. ඉතින් ඉරාන කාරයා GPS වලින් මිසයිලයක් ජෙරුසලමට ගැහුවොත්, යන්නෙ කයිරෝ වලට 😁. ඒවා ඉතින් යුදෙව්වන්ගේ වැඩ.


ඒ කෙසේ වෙතත්... ඉරානේ මේ ත්‍රෙට් එක දාන්න බෙන්ජමින් ලොක්කට බයිඩන් ලොක්කත් සද්දෙ දාපූ නිස,  ඊශ්‍රායලය හුදකලා වෙලා වගේ තියන අවස්ථාවක. හැබයි ඉතින් ඉරානේ එහෙම ඇටෑක් එකක් ඊශ්‍රායලයට එල්ල කලොත්, ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානේ නිකන් ඉන්න එකකුත් නෑ.


.

 

Nov 6, 2023

ගාසා ගැන නාසා ඇති අය වෙනුවෙනි

 


ගාසා ගැන නාසා ඇති අය වෙනුවෙනි

➖➖➖➖➖➖➖➖➖➖➖👍➖


ගාසා හී අහිංසක වැසියන්ට සුපිරිම පරිප්පුවක් කන්නට වෙන බව මාතලන් ලීවේ අනපේක්ෂිත ත්‍රස්තවාදී ප්‍රහාරය කන වැකුණු සැනිනි. 


ඒ ඔය දෙපිරිසම සමඟ වසර ගනනක් ජීවත් වී ජීවමානවම ලබා ගත් අත්දැකීම් තුලිනි. සරළවම කියනවා නම්... ඔය ඉතිහාසගත වෛරය ලෝකය පවතින තුරා සමනය වන්නේ නැත. 


එක අතක ලෝකයම තම අනුගාමිකයින් කිරීමේ ඉලක්කයක් වෙත හබායන මිලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසකි... අනෙක් පස ඇත්තේ... තම ජාතිය ආගම හා ඉතිහාසයෙන් තමනට අයිති භූමිය වෙනුවෙන් ඇති රාජ්‍ය ත්‍රස්තවාදයකි.. ඒ වෙනුවෙන් ලොව අති බහුතර රාජ්‍යයන් පෙනී සිටින බව අද මනාව ඔප්පු වෙමින් තිබේ...


ගාසා තීරයේ පලස්තීනූවන් බහුතරය ත්‍රස්තවාදීන් බව අරාබී ලෝකයද පිලිගනී. එහි සිටී සාමාන්‍ය වැසියෝ උතුරු ගාසා අතැර දකුණු ගසාවට පසු බැස්සේ මේ සත්‍යයය තේරුම් ගැනීමට තරම් අබ ඇටයක් හෝ මොලයක් තිබූ නිසාය. අනික් උන් ඊශ්‍රායලය එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය උත්සවාකාරයෙන් සැමරු අමන හැතිකරයය.


කිසිඳු රටක් තබා අසල්වැසි ජෝර්දානය හෝ ඊජිප්තුවවත් ඔවුන් සරණාගතයින් ලෙස බාර නොගන්නේ... ගසා වැසියන් අති බහුතරය ත්‍රස්තවාදීන් බව ඔවුන් දන්නා නිසාය..


ගාසා තීරයට 1948 සිට ලැබුන ඩොලර් බිලියන ගනනක් මුදල් ආධාර.... නිසි ලෙස භාවිතා කළේ නම්... ඔවුන්ට ඊශ්‍රායලය පරදන ධනවත් රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඕනෑ තරම් කාළය තිබිනි.


එහෙත් ඔවුන්ගේ පරමාර්ථය එය නොව... මෙරට හිඟන මානසිකත්වය සහිත ජෙප්පන් හා ඒ වටා රොක්වන ජනතාව සේ... විදෙස් ආධාර වලින් කා බී... ඊශ්‍රායලයේ යුදෙව්වන් සියල්ල සෙත්තපෝච්චි කිරීමය.. 


උන් ඒ වෙනුවට කළේ ආයුධ රැස්කිරීම, නිශ්පාදනය හා භූගත බංකර් සෑදීමය... ඔය ඉස්පිරිතාල පාසල් හා විශේෂ ගොඩනැගිලි සියල්ල යට ඇත්තේ භූගත බංකර් හා ත්‍රස්තවාදී කඳවුරුය.


මෙය අපේ කුර හා අං සහිත අම්බරුවන් නොදන්නවා වූවාට... ලෝක භූ දේශපාලනය තුල ඉන්නා පාලකයින් සියල්ලෝම දන්නා රියැලටියයි...


මේ කිසිත් නොදන්නා අම්බරුවෝ ඊශ්‍රායලයේ යුධ ශක්තියට කින්ඩි දමමින් අන් ගෝතල් ගන්නවා දැක්කාම අපට හිනා යන්නේ පුපෙන්මය.


ඔවුන් යුධ තාක්ෂණයෙන් ලොව ජය නොගත්තේ නම් ගාසා වල ඇති දසුන් අප දකින්නේ ටෙල් අවීව් වලය.. 


මොළයක් සහිත ගාසා වැසියෙක් නම් කළ යුත්තේ.. ඊශ්‍රායලයේ නියෝගයන්ට අනුකූල වී ඔවුන්ගේ නියෝගයන් පිලිපැදීම පමනි.


ඉන් එහා විකල්පයක් ඇත්තේ නැත.


ත්‍රස්තවාදීන්ද මනුෂ්‍යයෝය කියා සිතන්නෝ අමනයෝය.


.

Oct 13, 2023

ගාසා තීරය, නන්දිකඩාල්, මායිම් ගම්මාන හා මහින්ද රාජපක්ෂ වෛරය...




ගාසා තීරය, නන්දිකඩාල්, මායිම් ගම්මාන හා

මහින්ද රාජපක්ෂ වෛරය...

➖➖➖➖➖➖➖➖➖🔴


සෙට් එකක් ඉන්නවා නේ මයිනා මැරෙනකන් බලාගෙන ඉන්න... 

උන්ට කියන්න තියෙන්නේ එයා නැත්නම් උඹලා අද මැරිලා කියලා...


එහෙම බලාගෙන ඉන්න වැඩිහිටි පිරිස ඇවිල්ලා සිහළ ප්‍රෝ එල්ටීටීඊ ප්‍රජාව.. මුන් හොඳ ඇන්ජියෝ කාරයෝ... අදටත් ජීවත් වෙන්නේ දෙමළ ඩයස්පෝරා සල්ලි වලින්.. යුද්ධය තනියෙන් කරා කියලා හිතන පැඩි ෆීල්ඩ් මාෂලුත් අද උන්ගේ පැත්තේ...


උන්ට එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට කෙලිය රාජපක්ෂලා .... කොහොමත් අරහන්...


අනෙක් පිරිස... එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගැන මෙළෝ අලබෝලයක් නොදන්න Z ජෙනරේෂන් එක කියන ඩිජිටල් යුගයේ චූටී බබාලා...

උන් ඉස්කෝලේ ගියේ ඉපදුනේ... අම්මලා තාත්තලා ඉස්කෝල ගාඩ් කරපු කාළේ... අම්මයි තාත්තයි වෙන වෙනම වැඩට ගිය කාළේ... හැම හන්දියක් ගානෙම චෙක්පොයින්ට් තිබ්බ කාළේ... අයිඩෙන්ටි කාඩ් එක නැතිව ළඟ කඩේටවත් යන්න බැරි කාළේ...


උන් ඒ කාළේ වෙච්චි දේ දන්නේ නැත්නම් දැන් ඊශ්‍රායලයේ සිද්ද වෙන දේ ගැන බලාගෙන උන්නාම හරි...


ගාසා තීරය වෙන් කරලා තියෙන ආරක්ෂිත වැටත් කඩාගෙන.... ඊශ්‍රායලය ඇතුලට ඇවිත්.... කුඩා හමුදා කඳවුරු, පොලීසී හා ගම්මාන වලට පහර දීලා.... පොඩි කෙල්ලො කොල්ලෝ රේප් කරලා.... පොඩි දරුවන්ගේ හිස ගසා දාලා.... ගෙයින් ගෙට ගිහින් කරපූ මිලේච්ඡ ඝාතනම තමයි... මෙහේ එල්ටීටීඊ ත්‍රස්තවාදීනුත් මායිම් ගම්මානවලට කඳවුරු වලට පැනලා කරේ... 


ඒ පාර තමා.... අද ඔය ගම්බට්ටෝ කියල ගරහන.... සිවිල් ආරක්ෂක හමුදාව හෙවත්, ග්‍රාමාරක්ෂක හමුදාවක් පටන් ගත්තේ ....


එහේ වගේම මෙහෙත්.... පොලිසියේ අය අත් අඩංගුවට අරගෙන 600 ක් කුරීරූ විදියට ඝාතනය කලා.. ඒ විදියෙම ගේමක් ගිනි දවාලේ කොළඹ රාජගිරියේ හන්දියෙත් කළා... මේවා අර ඩිජිටල් බේබී හීරෝස්ලා දන්නේ නෑ...


එදාම අර ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයකට උඩින් ඇවිත් ගැහුවා වගේම තමා.... අවසානයේදී කුරුම්බා ඇට්ටි මැෂින් වලින් ඇවිත් කොළඹට ගුවන් ප්‍රහාරත් එල්ල කළේ... ටාගට් එක වැරදිලා ගුවන් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානේ බේරුනයින් යුද්ධය ඉවර උනාට... ඒකට වැදුනා නම් යුද්ධය තව කාලයක් ඇදෙනවා....

මේවත් අර Z ජෙනරේෂන් බේබිලා දන්නේ නෑ...


ඊට පස්සේ තමා ඔය අද ගාසා එකේ උන් කන පරිප්පුවම උතුරේ අහිංසක දෙමළ ජනතාවට කන්න වුනේ... එයාලට සරණාගතයෝ වගේ ගම් බිම් අත් හැරලා යන්න වුනා නන්දිකඩාල් බිම් තීරුවට... හමාස් කාරයෝ වගේම ප්‍රභාකරනුත්  අර මිනිස්සු අස්සට රිංගලා... ඒ අය මිනිස් පලිහක් විදියට පාවිච්චි කලා...


හැබයි අන්තීමේදි එයාට නිවන් යන්න වුනා...


අපේ රට දූපතක් නිසා වැඩේ තාවකාලිකව එතනින් ඉවර වුනා... හොරකම් මැරකම් චෝදනා සියල්ල පසෙක තිබියදී... ඒකේ ගෞරවය මහින්දටයි හමුදාවටයි දෙන්න ඕන... මොකෝ ලෝකේ කොහේවත් පරිපූර්ණ මිනිස්සු නෑ...


එහෙම වුනේ නැත්නම්.... අපිට වෙන්නේ ගෝල්ෆේස් එකෙන් මුහුදට පනින්න...


විශේෂ ▪️

අපේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදය එතනින් තාවකාලිකව නැවතුනාට...  ඊශ්‍රායලයේ යන වැඩේ ඉක්මනට ඉවර වෙයි කියලා මාතලන් හිතන්නේ නෑ... ඒවා පස්සෙ ලියන්නම්..


.