.

.

Jan 31, 2012

ඇනෝ ආතල් - Anonymous Fun


පිස්සු බල්ලෙක් හපා කෑ විට කල හැකි කාරනා කිහිපයක් ඇත
  • සපා කෑ බල්ලාව සපා කෑම.
  • බල්ලා මරා දැමීම. 
  • බල්ලාට අභය දානය දීම. 
  • බල්ලා කොටු කර මැරෙන හැටි බලා සිටීම. 

Jan 29, 2012

දෙවියන්ටත් වැරදීම - Error in Creation


මැව්වෙමි
පෘතුවිය
ලදිමි විවේකයක්.....
ඉන්පසු
පුරුෂයා
ලදිමි විවේකයක්.....

Jan 28, 2012

සූරීයකන්දෙන් ගොඩ ගෙන ජපුරෙන් වළලෑම - Sooriyakanda mass grave


පිනා නිදිකල අපව
සැනසුනා සිසිලසෙන්
නෑවෙමින් කඳු මුදුන
ළෝ පත සූරියකන්ද
උඹ හොඳින් දැන උන්නා
නොවැ මගේ සුදු අම්මේ

වැට පැන වැල කෑම - Tasty ripen jack fruit


නාකි එවුන් නොපැන්නාට
විසේකාර ගොන් නාම්බෝ
රිංගනවා බම්බු මැදින්...
ඔහේට රහ නැති උනාට
හරි කැමතියි "වැල" කන්නට.....

Jan 26, 2012

ඩිල්ෂාන්.... ගහපාන්.... - Dil Scoop



ගම උපදින
වැඩ පෙන්වන
කොළඹට එන
ඇතුටට යන
කඩුළු රකින
මැද පෙල එන
ගලී ඉන්න
පන්දු ගිලින
බිම පෙරලෙන
පිනුම් ගහන
 පිලුම් නොවන
බඳින ලෙහෙන
එනමුත්, නොසැලෙන
ඕපන් එන
වටේ නෙලන
පුදුමකරන
ස්කූප් පුදන
පන්දු යවන
විකට් ගන්න
ළොවම දිනන
මෑන්ද වන
නෝ ...බෝල් දාන
උපදෙස් දෙන
දඩෙත් ගෙවන
දුන්නම එන
නායක වෙන
ෆේල්ම උන
කිව්වම යන
තවම ඉන්න
තිලකරතන
-o-

ටැලන්ට් සාගරයකි
ජාතික වස්තුවකි
අනාගතයේ හෝ
නායකත්වයට කිසිසේත් සුදුසු නොවේ......
තව දුරටත් අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙකි....

Jan 25, 2012

කොමුපිළි - Lingerei

 මොනවද මේ කොමුපිළි.. නැත්නම් ඉංග්‍රීසියෙන් ලෑන්ෂරි කියන්නේ. ඒ තමයි කාන්තා යට ඇඳුම් වලට කියන නම. ඊට උඩට සහ පහලට අඳින සියළුම ඇදුම් අයත් වෙනවා. නමුත් මාතලන් කතා කරන්න යන්නේ පහලට අඳින ඇදුම් වල එක ඇඳුමක් ගැන. ඒ තමයි පෑන්ටී. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජංගි". පොඩි කාලේ නම් කොල්ලොත් ජංගී අඳිනවා. ඒත් දැන් අඩුයි. කොල්ලො අඳින එකට ඉස්සර කිව්වේ සස්පැන්ඩර් කියලා. දැන් නම් කවුරුත් දන්නේ ජොකා කිව්වම තමයි. මේ ජොකා ගැන අපේ කතන්දර ශූරීන් පලු යන්න කතා ලියලා තියෙනවා. ඒ වගේම ටැබූ මුත්තත් "යටි වතට ඇයි මේ සරදම්" වගේ මාතෘකාවක් යටතේ පෝස්ට් එකක් දැම්මා.. නමුත් මම හිතන්නේ ජංගි ගැන ලියුවේ නෑ.

Jan 24, 2012

ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy



ලිංගික තෘප්තිය පිළිබඳව, පිරිමි විතරද වැරදි, කෙල්ලො විතරද ලව් කොරන්නේ. කොල්ලො දන්නේ ජැක් ගහන්න විතරමද. ගෑණූ සුරතාන්තය ගැන දන්නවද.. වගේ ප්‍රශ්ණ ගොඩාක් පිළිබඳව ලොකු සාකච්ඡාවක්  යනව මේ දවස්වල. ඉතින් මේ පිළිබඳව මාතලන් වැනි මේ කාරණා පිළිබඳ පස්චාත් උපාධියක් ලබපු කෙනෙක් නිහඬව ඉඳිම.. හැමටම ප්‍රශ්ණයක් වෙලා.. ඒ නිසා මමත් කල්පනා කලා මේ සඳහා බුද්ධිමත් සංවාදයක් ගොඩ නගන්න. ඔය හැම දේම කරන්නේ කාන්තාව හෝ පිරිමියා සතුටෙන් තියන්න නේ. ඒක ඔය හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ...

Jan 23, 2012

නෙළුම් පොකුණ, පළිඟු මැණිකේ, ලයනල් වෙන්ඩ්ට් සහ වන්දිබට්ටයෝ...



මැරුණු එකා මළා
කුමාරස්වාමි.. ඌ මොකෙක්ද...?
දෙමළෙක්නේ
පොත් ලිව්වලු කලාව ගැන..
පොත් කන්නද...?
ඒ වගේද ලොක්ක හදපු
බ්‍රෑන්ඩ්ම නිව්
ආලකමන්දාව

Jan 22, 2012

- 13, 13, 13 + and 13 + 1


ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියා කතාවක් තිබුනේය. එහෙම කිව්වේ ඒ කාළේ උන් බුද්ධිමත් ජනතාව දැන  උන් ලොකුම එකා මහමුදලි නිසා වෙන්ට ඇතිය. හැම දේම වෙනස් වෙන මේ කාළේ ඒකත් වෙනස් වෙනවා නම් හොඳයිය. ලැජ්ජා නැති කම ජනාධිපතිකමටත් වඩා ලොකුයි කියාය. මෙසේ ලැජ්ජා විය යුත්තේ අලි නම් නෙමේය. ජෙප්පෝය. ඒ මොකෝ කියා ඔහේලාට හිතෙනවා ඇතිය. පලා බබා ඡන්ද කොරොමේ වෙනස් කොරන්න පනතක් ගේන කොට ඒකට රෙද්ද උස්ස ගන්නේ ජෙප්පෝය. මුන්ට ලැජ්ජාව කියා දෙයක් ඇතිදෝ කියා සිතෙනවාය.

Jan 4, 2012

සුබ අනාගතයක්...!!! - Suba Anaagathayak...!!!



නිදහස දිණූ රට වැසියන් රජ වේවා
ගොන් මැටි ඇමතිවරුනට හෙට කෙල වේවා
කට හොඳ නැති ජෙනරල් එළියට ඒවා
කතරගමට හයිවේ එක දික්වේවා

පිස්සු කෙළින ලේඛම්ලා චුත වේවා
යූ ඇන් පීයේ ගොන් අලි ටික වඳ වේවා
රතු පාටියේ සෝමේ දිවි රැකදේවා
සම්බන්ධන්ගේ තැන කරුණට හිමි වේවා