මනෝරම වීරසිංහ මහත්මයා කපන්න බැරි අත සිඹිනවා වගේ පෝස්ට් එකක් දානවා "යොහානි" හා "මැණිකේ මගේ හිතේ.... " ගීතය ගැන...
අමිතාබ් බච්චනුත් අගය කරපු ඒ තනුව සංගිතය හා ගායනය එයාට දිරවන්නේ නැති උනත් එයා යොහානී ජාත්‍යන්තරය ජයගත්ත එක අගය කරනවාලූ...
ගීතයක් එක පාරින් බොක්කට වදින්නේ, ඒක අහන පලවෙනි වතාවෙම කලින් අහලා තියෙනවා වගේ ගතියක් ආවම...
තොටලඟ කුසුමපාල, ඒ සිරි, සැන්ටි ඉඳන්, ලුසියානෝ පැවරෝට් හරහා, චීනයේ හා ජපානයේ ගායිකාවන් පූසගෙ බෙල්ල මිරිකන කොට කෑ ගහනවා වගේ කියන සින්දුත් රසවිදින මාතලන්ට නම්, මේක පට්ට...
පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මේල් වොයිස් එකේ පන්ච් එක මදි... එහෙම පට්ටෙටම ඔක්කොම තියෙන සින්දුවක් තමා රයිනි හා චින්ති ගායනා කරන "තරුමිණි ඔච්චම් පාවී දැන්..." සින්දුව....
ඒ උනාට යොහානිගෙ වීඩියෝව දැන් මිලියන 48 ක් බලලා තියෙනවා. අමිතාබ්ගේ කොමෙන්ට් එකෙන් පස්සේ මුලු ලෝකෙම දැන් යොහානි හා මැණිකේ දන්නවා.
අනික ඉතින් සමාජ මාජ්ජ ජාල කාරයෝ හැටියට අපිටත් පොඩි ආඩම්බරයක් තියෙනවා.. මොකෝ යොහානිගෙ පටන් ගැන්ම එතන....
මට ඕන උනේ මේ ගැන කතාකරන්න නෙමේ.
මනෝගේ පෝට්ටුවේ සමහර කොමෙන්ට් අතර සමහර කුහකයෝ අයියෝ ඔය මොකක්ද මෙන්න ජාත්‍යාන්තරයට ගිය උන් කියලා නම් ලැයිස්තු එල්ලලා තියෙනවා දැක්කම මට පුපෙන්ම හිනා ගියේක ගැන කතා කරන්න...
ඒ නම් සඳහන් කරපු සමහර උන්, ජාත්‍යන්තරය තියා ලංකාවවත් දන්නේ නැති උන්... ඉතින් මුන්ගෙයි අර හරනල් කටු කාරයෝ අතරෙයි කිසි වෙනසක් නෑ... උන් ලෝකය කියලා හිතන්නේ උන් දන්න දේ විතරමයි...
අපේ රටේ ජනප්‍රිය මිත්‍යාවන් අතර තවත් ජනප්‍රියම මිත්‍යාවක් තමා, අපේ ක්‍රිකටර්ස්ලා ලෝකෙම දන්නවා කියනෙක.
ක්‍රිකට් අපේ එකම ක්‍රීඩාව උනාට ක්‍රිකට් ලෝකයට හඳුන්වලා දුන්න එංගලන්තයෙත්, ඔස්ට්‍රේලියාවේ තරම්වත් ජනප්‍රිය නෑ. එහේ ජනප්‍රිය පාපන්දු...
යුරෝපයේ, උතුරු ඇමරිකා දකුණු ඇමරිකා දෙකේ වගේම, ජපානයේ, චීනයේ, රුසියාවේවත් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ.. අප්‍රිකා මහද්වීපයෙත් රටවල් කීපයක විතරයි ක්‍රිකට් ගහන්නේ...
ඒත් මුලු ලෝකෙම ඔලිම්පික් බලනවා වගේම හින්දි සිනමාවත් අතිශය ජනප්‍රියයි...
ඉතින් ඔය දෙකෙන්ම ජාත්‍යන්තරයට ගිය අපේ කෙල්ලෝ දෙන්නෙක් ගැන අර කොමෙන්ට් වල සඳහනක් තිබුනෙම නෑ....
ඒ තමයි සුසන්තිකා ජයසිංහ සහ ජැකලීන් ෆර්ඩිනැන්ඩස්.
මේ දෙන්නා ගැන කතා කරන හැම තැනකම ශ්‍රී ලංකාව ගැන අනිවාර්‍යයෙන් කියවෙනවා...
සුසන්තිකාගෙ නම් මෙවර ඔලුම්පික් වලදි වගේම ජාත්‍යාන්තර කනිෂ්ඨ මළල ක්‍රීඩා උලෙලිදිත් කියවුනා....
ජැකලීන් කියන්නේ මුලු ලෝකෙම ජනප්‍රිය නිලියක්... මොකෝ මුලු ලෝකෙම කොරියන් සෝප් ඔපෙරා වගේම හින්දි සෝත් බලන නිසා...
ඒ වගේම සෙනසුරාදා ජාතික රූපවාහිනියේ පෙරවරු 11 ට යන "Coke Red" වැඩසටහනේ බාචි සුසාන් එක්ක සින්දු කියපු...පට්ට ටැලන්ටඩ්... "කාන්චනා අනුරාධිත්" දැන් ඉන්දියාවේ ගොඩක් ජනප්‍රියයි...
ඒ අතර ජාත්‍යන්තරයට ගිය ගොඩක් උන්ට අමතක වෙච්චි දෙන්නෙකුත් ඉන්නවා ඒ අර නයි ටී ඇන් එකේ ටැලන්ට් සෝ එකක, බෙල්ල කඩා ගත්තු කරාටේ කාරයයි... ඒකේ ජජෙක් වෙච්චි ජැකසන් ඇන්තනියි....
.