.

.
Showing posts with label Panama Papers. Show all posts
Showing posts with label Panama Papers. Show all posts

Oct 7, 2021

තිරු නඩේසන්ගේ කළු සල්ලි, කෝවිල්, පන්සල් හා කැසිනෝ

 



ඔහේලට මතකද ඔය පැන්ඩෝරා පේපර්ස් වගේ කීපයක්ම ලංකාවෙත් සිඳු උනා කියලා.


සිද්ධීන් ලෙස කියනවා නම්...


🔺 බඩී වෙත්තසිංහ (සමාගමේ නම මතක නැත)

🔺 ප්‍රමුඛ බැංකුව - රොහාන් පෙරේරා

🔺 ගෝල්ඩන් කී - කාවන් පෙරේරා

🔺 ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි - මර්වින් පෙරේරා

🔺 සක්විති ඉන්වෙස්ට්මන්ට් - සක්විති රණසිංහ

🔺 දඬුවම් මුදලාලී

🔺 EAP ඉන්වෙස්ට්මන්ට්ස් - එදිරිසිංහ පවුල


මේ කීපයක් පමණයි.. තා පොඩි පොඩි ඒවා රාශියක් තිබුනා..


කාළයක් මූල්‍ය සමාගමකත් වැඩ කරලා තියෙන එකෙක් වෙන නිසා මට කියන්න ඕන උනේ..


මේවයේ සල්ලි දැම්මේ ඔය පාර පුරා අඬන තමන්ගේ අර්ථ සාධකේ දාපූ, මුලු සේසතම දාපූ අහිංසක තැන්පත් කරුවන් විතරක් නෙමේය කියනෙකයි..


ඕවයේ වැඩිපුරම තිබුනේ කළු සල්ලී. උන් හැබයි අඬන්න වැලපෙන්න එන්නේ නෑ. මොකෝ රෙදි ගැලවෙනවා නේ.


අන්තීමට ඕකුන් ගාව තිබුන සල්ලි ඔක්කොටම කෙලිය කැසිනෝ කාරයා අද ලංකාවේ ලොකුම සල්ලි කාරයා..

😜😜😜😜😜


විශේෂයෙන් ගෝල්ඩන් කී පේපර්ස් වල තිබුන නම් ගම් ටික එලියට ආවා නම්, තිරු නඩේසන් මොන කබ්බෙක්ද කියලා හැමෝටම හිතෙයි. 


අපේ උන් තවත් බර ගානකගේ නම් පැන්ඩෝරා පේපර්ස් වල තිබුනට, තිරු නඩේසන් ඉස්මතු කරන්නෙත් නැතිව, නිරූපමාගේ නම ඇදලා දැම්මේ රාජපක්ෂලාට කෙලින්න.


ගෝල්ඩන් කී පේපර්ස්වල තිබුනු නම් ගම් අතරේ, දේශපාලුවන්, රජයේ උසස් නිළධාරීන්, ක්‍රීකට් ක්‍රීඩකයින්, හමුදාවේ ලොක්කන්, පොලීසියේ ලොක්කන්ගේ නම් විතරක් නෙමේ..


ඔතන තිබුනා ලංකාවේ සුප්‍රසිද්ධ බෞද්ධ ක්‍රිස්තියානි හින්දු පූජකයින්ගේ නම් ලැයිස්තුවක්. මම හිතන්නේ සන්නත් ලලිත් කොතලාවලටම ගැහුවා මිසක් මේ එක නමක්වත් එලියට දැම්මේ නෑ. 


මිත්‍යාව කියන්නෙ ලෝකේ හොඳම බිස්නස් එක. පට්ටම ආතල් එක කියන්නේ.... ඒවා ටැක්ස් ෆ්‍රී.. ජලය විදුලියටත් සහන... ඒ මදිවට අපේ උනුත් පුප උඩ දාගෙන පුලුවන් ලොකුම ගාන පූජා කරනවා ඉතරක් නෙමේ... ඒවා ලවුස්කීපරේ දාලා රටටම කියනවා..


තොරණට ආධාරයක් දීලා පීකරෙන් නම අහපු උන් , දැන් එක එක චැනල් වලින් නම කියවගන්න දාස් ගනන් ලක්ෂ ගනන් පූජා කරනවා.


තිරු නඩේසන්ට මෙච්චර සල්ලියක් කොහෙන්ද කියලා හොයන්න අද පොර අල්ලස් හා දූෂණ එකටත් කැඳවලා.


ඒත් මොන රටද, මොන ආන්ඩුවද, මොන අධිකරණයද පූජ්‍ය ස්ථානවලින් ලැබුන සල්ලි වලට කළු සල්ලි කියන්නේ  ...


ඒවා මේ හෙන ගත වදින, සහ ගහන අපරාධ... ඉතින් මොකාද කැමති වෙන්නේ ඒවට ලෙඩේ අදින්න...


මොකෝ දන්නවද?....


තිරු නඩේසන්ට කොළඹ ප්‍රධාන කෝවිල් ගානක් අයිතියිලු... 

ඉතින් කෝවිල් යන්නේ හින්දු අය විතරෙයි...

බෞද්ධයෝ ඕසෙට යන්නේ...


ගොඩක් අය නොදන්න දෙයක් තමා ලක්ෂ ගනන් පඬුරු වැටෙන කළුතර බෝධියත් එක පවුලකට අයත් දේපලක් කියලා..

අසපු ගැන නම් කියන්න ඕනම නෑ නේ..

කස්ටිය අනේපිඬු සිටානෝ වගේ ඉඳන් බණ කියන්නේ..


මටත් හිතෙනවා මේ කෙලවෙලා ඉන්න වෙලාවේ... ඇසටු ගසක් යට පොඩියට කුටියක් අටවගෙන චීවරයක් දාගෙන වැඩ වාසය කරන්න...


මොකෝ සතෙන් සතේ

සුපියලෙන් සුපියල හෙමීට එකතු කරලා තමා

මහා අසපු හැදෙන්නේ...

මිත්‍යාව විජ්ජාව වෙලා...

විජ්ජාව මිත්‍යාව වෙන්නේ....


මෙතන තියෙන එකම වෙනස නඩේසන් මෙහේ උන්ට මාට්ටු නොවී ඒවා ඕෆ්ෂෝ බිස්නස්වල ඉන්වෙස්ට් කළ එක විතරයි...


ඒ වගත් මෙසේය...


.

Apr 5, 2016

කෙහෙල් කොලේ කෑම, හොරා කෑම හා ඉල්ලාගෙන කෑම - Panama Papers, Corruption & Lumprice



අද රනිල් ලොක්කා පව් සමා කොර ගැනීම සඳහා චීනෙට යනවාය. යහපාචන ආන්ඩුව කාපු ළොකුම ඉල්ලාගෙන කෑම කෑවේ පෝට් සිටි එක නවත්තලාය. ඒ කාපු කෑම කොහොමද කියනවා නම්, අවුරුදු එකහාමාරක් වෙන්නත් ඇවිත් තාමත් දිරව ගන්න බැරිව, බඩ කොර වෙලා, අනාත නාත වෙලා ඉන්නවාය. මොකා කලත් ඒක ඉතා හොඳ වැඩක්ය. මේ රට ළෝකෙන් උතුම් රටෙයි කිව්වාට මෙහේ ඇති ලබ්බක් නැතිය. අපිට ගොඩ එනවා නම් ගොඩ එන්නේ වෙන්නේ, අනුන්ගේ පිහිටෙන්ය. අපිට ඕක මහා ළොකු ප්‍රොජෙක්ට් එකක් උනාට, චීනාට ඕක පඩයක් තරම් වත් වටින්නේ නැතිය. යහපාචනේට කොරන්න තිබ්බේ, ඕක තවකාලිකව හෝ නවත්තන එක නොව. අනේ චීනෝ පුළුවන්නම් තවත් එකක් හදපන් කියා චීනාට වඳින එකය.