.

.
Showing posts with label JJB. Show all posts
Showing posts with label JJB. Show all posts

Jan 19, 2024

සමන්මලී සහෝදරී... ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී..

 


සමන්මලී සහෝදරී...

ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා 

බොහෝ ඉදිරියෙන් සිටී..

➖➖➖➖➖➖➖➖⭕⭕⭕➖➖


ජනතා විමික්තිපෙරමුණේ ඉන්නා හාල්පාරුවන්ට... ඇමතිකම් තබා ප්‍රාදේශිය සභාවක් හෝ කරගැන්මට නොහැකි බවට.... අත්දැකීම් තුලින්ම ලබාගත් අවබෝධය හේතුවෙන්... සිවිල් සමාජයේ යම් කිසි දැණුමක් සහිත පිරිස් එකතු කර ගැන්මට අලුතෙත් ගොඩනගා ගත් සංවිධානය.... ජාතික ජන බලවේගය ලෙස හැදින්වෙනවාය.


ඒ තුලද සම්පාකාර ක්‍රමයෙන් හා ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් ඝාතනය කොට ඔවුන්ගේ මුදල් මංකොල්ලකෑමෙන් රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට යෝජනා කරනා චතුරංග අබේසිංහ වැනි.... ජවිපේ ආර්ථික විශේෂඥයින්ටම ගැලපෙන වෘත්තිකයින් සිටියද, 


සමාජවාදය හා කියුබාව ගැන මනා හැදෑරීමක් කර ඇති බව පෙනෙනා.... සමන්මලී වැනි අය සිටීම යම් කිසි ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කරවන සුළුය. 


එමතුද නොව... ඇය කාන්තාවක් ලෙස ඩයනා ගමගේටත් වඩා රැඩිකල් කාන්තාවක් බව.... ඇයගේ යෝජනාව සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇති ආකාරයෙන්ම පෙනී යන්නේය.


විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් 500 ක් ඉල්ලාගෙන, ත්‍රිකුණාමලයෙන් පමණක් රට ගොඩ දමා, විදෙස් ණය හිමියන් හා මචං ලෙවල් එකෙන් කතා කොට ණය බරින් නිදහස්  වී, මිනිරන් වලින් ග්‍රැෆයිට් නිශ්පාදනය කොට, සම්පාකාරයෙන් රට ගොඩ දමන බවට දිවුරා පොරොන්දු දෙන.... මොන්ටිසෝරී ආතල් විහිළු කාරයන් ඉදිරියේ.... සමන්මලීගේ යෝජනාව ප්‍රායෝගික වන්නේ කෙසේද කියා අප සොයා බලමු...


ඇය මේ ගෙන එනු ලබන්නේ කියුබාවේ ක්‍රියාත්මක වන ආර්ථිකය ගොඩගැන්මේ ක්‍රමයයි. 


රුසියානූ සමූහාන්ඩුවේ සහනාධාර මත ජීවත් වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ පාලනය හොම්බෙන් යෑම ආරම්බ වන්නට හේතු වන්නේ... සෝවියට් සමූහාන්ඩුව කඩා වැටී එම සහනාධාර කියුබාවට නොලැබී යාමයි...


එතෙක් නීතී විරෝධීව රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරය... රටේ ප්‍රධානම ආදයම් මාර්ගයක් ලෙස වැඩී වර්ධනය වෙන්නේ.... 1990 දශකයේ එහි ආර්තිකය විවෘත වීමත් සමඟිනි.


ඒ සමඟ සංචාරක ව්‍යපාරය සීඝ්‍ර ලෙස වර්ධනය වීමට හෙතූ වූයේ... ආසියාවේ බැංකොක් මෙන්... ධන කුවේර සංචාරකයින්ට පමණක් සීමා වූ කැරීබියානු හෙවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතරේ...  කියුබාව... ඉතා අඩු මිළට සංචාරයේ යෙදීමටත්... ඉතාමත් අඩු මුදලකට ලිංගික ශ්‍රමිකයින් (කාන්තා, පුරුෂ දෙපක්ෂයේම) ලබා ගත හැකි රටක් වීමත් නිසාය.


දැන් කියුබාව ඇමරිකාණුවන්ගේ පමණක් නොව... යුරෝපයේ, දකුණු ඇමරිකාවේ හා අප්‍රිකාවේද බැග් පැකර්ස්ලාගේ මෙන්ම කාමාතුරයන්ගේ.... සංචාරක සුරපුරයක් වී අවසානය.


ඇත්තටම ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කියා මහා දේවල් කළ යුතු වන්නේ නැත... ඩයනා ගමගේ කියන්නාක් මෙන් කළ යුත්තේ රාත්‍රී සමාජයක් ඇති කිරීම පමණි... (ලංකාවේ අගනගරයේ "ඩච් හොස්පිටල්" පරිශ්‍රයේ ඉදිරිපසද... හවස 6 න් පසු ඝන අන්ධකාරයෙන් වැසී ඇත... ඒ අවට හෝ ඒකාලෝක කිරීමට.... ක්ෂේත්‍රයේ ව්‍යවසාකයින් හෝ ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි...)


83 ජූලී කලබලවලට පෙර ලංකාවේ සංචාරක කර්මාන්තයේ මෙන්ම කොළඹ සමාජයේද, රාත්‍රී සමාජයක් පැවතියද... එය නැවත ඇති කිරීමට  ප්‍රධානම බාධාවන් වී ඇත්තේ.... සංචාරක පුරවරයන්හි පවා මත්පැන් අලෙවිහල් රාත්‍රී 10 ට වසා දැමීමත්... ගණිකා වෘත්තියෙහි නියැලෙන අය පොලිස් අත් අඩංගුවට පත් වීමත් බව... හරීන් ප්‍රනාන්දු වැනී මොඩර්න් බුවෙකුටත් නොතේරීම රටේම අවාසනාවකි.


අවම වශයෙන් පෝට් සිටිය මෙන් මේ සංචාරක පුරයන් තුල පොලීසියේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ පිස්සන් පිස්සු කෙලීමෙන් වැලකිය යුතුය... මෙයින් අදහස් වන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාවන් සැපයීමද අත් හිටුවීම නොවේ....


ඇත්තටම කළ යුත්තේ සංචාරක ඇමතිකම ඩයනා ගමගේට ලබා දී.... අමාත්‍යාංශ ලේකම් ලෙස සමන්මලී ගුණසිංහ සහෝදරිය පත් කිරීමය....


ජනාධිපති තුමනි...

ඔබට තවමත් ඒ සඳහා අවස්තාව ඇත.


.


Oct 29, 2023

තඹුත්තේගම අනුර කුමාර යැංකි ඩිකී වීම හමුවේ.... කිතලංගමුවේ නිර්මාල් දේවසිරිට මල පැනීම...

 



තඹුත්තේගම අනුර කුමාර යැංකි ඩිකී වීම හමුවේ....

කිතලංගමුවේ නිර්මාල් දේවසිරිට මල පැනීම...

➖➖➖➖➖➖➖➖➖➖➖➖🇺🇸🇺🇸🇺🇸🇺🇸


සමාජවාදී රුසියාව මොඩරේට් කළේ මිහායෙල් ගොර්බචොව්... සමාජවාදී චීනය මොඩරේට් කළේ ඩෙං ක්ෂියාඕපෙං... ඒ වගේම ජේවීපී එක මොඩරේට් කළේ අනුර කුමාර දිසානායක..


ඒකට හේතුවක් තියෙනවා... රෝහණ විජෙවීර ජවිපේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආරම්බ කලාට... දේශපාලණය සුපිරි ව්‍යාපාරයක් බව ජෙප්පන්ට අවබෝධ කරලා දුන්නේ විමල් වීරවංශ... 


නමුත් කුළ ප්‍රශ්ණ හමුවේ... ටිල්වින් ප්‍රමුඛ දේශපාලන බල මණ්ඩලය... විමල් සහ සෝමවංශ එලවලා දාලා... අනුරගේ යටතේ... විමල් පෙන්නපු පාරේ යන්න පටන් ගන්නවා...


දැන් ඒක සුපිරි ව්‍යාපාරයක්... වමේ පක්ෂයක් ලංකාවේ ධනවත්ම පක්ෂය වෙනවා... ඇත්තටම මෙයාලට බලයට එන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ... ජේවීපී හෝ ජාජබේ බලයට එනවා කියලා හිතාන කවුරුන් හෝ අතින් කයිට් කරගෙන එයාලට කඩේ ගියා නම්.. එයාලා හරි පව්...


නමුත්...  සජිත් ප්‍රමුඛ විපක්ෂයේ ඉන්නේ ලෝකෙම හිනස්සන විහිළු කාරයෝ පිරිසක් නිසා... ජවිපේ එකම විකල්පය ලෙස මතුවෙලා තියෙනවා... 


දැන්... කවුරුත් කරපු අරගලයේ ක්‍රෙඩිට් එකත් එයාලා බලෙන්ම එයාලගෙ ගිණුමට බැර කරගෙන තියෙනවා... ඇත්තටම අරගලේ කරපු උන් නිශ්ශබ්දව ඉන්නවා... මොකෝ ඒක නීතිමය ගැටළු මතුවෙන්න පුලුවන් දෙයක් නිසා... 


ඒ විතරක් නෙමේ... රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පෙරලියත් එක්ක.. ඇමරිකාව වගේම ඉන්දියාවත් දැන් රනිල්ට එදිරිව ක්‍රියා කරන්න අරගෙන තියෙනවා...


 පොහොට්ටුවෙන් රනිල්ට එන තර්ජන  වගේම ජූලී චන්ග් සුදු නෝනා පැලවත්තටම ගොස් අනුර කුමාර මුණගැසීම හා ඊට විශල ප්‍රචාරණයක් ලබා දීම සිඳු වෙන්නේ ඒ අතරතුර... 


එපමණක් නෙමේ... චීන හිතවාදී රනිල්ට එදිරිව... බටහිර බලවේගවල දේශීය නියෝජනයන් සියල්ලම වගේ පැලවත්තට යවන්න ජූලී නෝනා සමත් වෙනවා...


රනිලුත් අරින්නේ නෑ... ඒ ඔක්කොම මැද්දේ චීන නැව කොළඹ වරායට එන්නේ ඒ නිසා... මේක එච්චර නැගලා යන්නේ නැත්තේ... ඇමරිකාව ඊශ්‍රායලයේ යුද්ධයට කෙලින්ම සම්බන්ධ නිසා... 


ඒ යුද්ධය පවතින කාළය හා පරිමාව අනුව මෙහේට සිඳුවන ගෝලිය දේශපාලන ඇඟිලි ගැසීම් පමාවේවී...


කෙසේ වෙතත් ලංකාවේ ඇමරිකානූ නියෝජිතයින් ලෙස ජාජබය තෝරාගෙන අවසන්.. අපට ලැබෙන තොරතුරු අනුව තඹුත්තේගම අනුරට ඇමරිකාණු රජයේ පූර්ණ අනුග්‍රහය මේ චාරිකාවෙදි ලැබෙනවා...


මේක විප්ලවවාදී ඩයිහාඩ් වම්මුන්ට දිරවා ගන්න බැරි බව අවන්ත ආටිගලගේ කාටුන් වලින් හා... කිතලංගමුවේ නිර්මාල් දේවසිරිගේ ෆේස්බුක් වෝල් එකෙන් පේනවා... මොකෝ ඔවුන් දෙදෙනාම ඇමරිකාණු හා අධිරාජ්‍ය විරෝධී කඳවුරේ අය වීම...


මීට පස්සේ මැයි රැලිවලදි... දෑකත්තයි මිටියයි වගේම... කාල් මාක්ස්ලා ලෙනින්ලා ට්‍රොට්ස්කිලා  ස්ටාලින්ලා වෙනුවට ජූලී නෝනා ඇමරිකන් කොඩියක් අරගෙන යන්නත් ඉඩ තියෙනවා....


හැබයි ඉතින් 2015 රනිල් වික්‍රමසිංහ යටතේ පාරම්පරික අති සාර්ථක ව්‍යාපාරිකයින් වූ පිරිසකට...  මේ කිතලංගමුවේ හාල්පාරුවන්ගේ අඬෝවැඩියාවන් කිසි සේත්ම අදාල නෑ වගේම... අන්‍රයියට ජූලී චන්ග් නෝනා දීපූ ඉනාවෙන් ගැලවීමකුත් ලැබෙන්නේ නෑ.


ඇමරිකාණු විරෝධී... ඉන්දියානූ ව්‍යාප්තවාදයේ ආදිනව ගැන මීටීන් තියලා මයික් පැලෙන්න බෙරිහන් දීපූ මේ පක්ෂයේ නිර්මාතෘ තුමා.... ඉල් මගේ විරුවොත් එක්ක .... බොරැල්ලේ කනත්තේ ඉඳන් ... ඉනට අත් තියාගෙන .... මේවට හිනා වෙනවද අඬනවද කියන්න නම්.... මාතලන් දන්නේ නෑ ආයිබන්ඩ....


ඒ වගත් මෙසේය....

.

Mar 17, 2023

අධික වේගය මරු කැඳවයි

 



අධික වේගය මරු කැඳවයි

➖➖➖➖➖➖➖➖🔴➖


මම මෙයාව දාලා තිබ්බේ....


රසික ජයකොඩි, පැතුම් කර්නර් සහ මිලින්ද රාජපක්ෂලාගේ කැටගරියට...


ඒ කියන්නේ... අනාගතේ හෝ ජේවීපි එකත්, ලෝකයේ නව ප්‍රවනතාවයන් හා එක්වෙයි කියන සුබවාදී බලාපොරොත්තු තියාගෙන..


මෙයා පලාත් පාලන චන්දය වෙනුවෙන් කරපු කැම්පේන් එකේ පෙන්නුවෙ එහෙම ගමනක්. 


ඒත් දැන් එහෙම චන්දයක් නැති බව තේරුම් ගත්තයින් පස්සෙ නගරාධිපති සිහිණය කුඩුවෙලා ගියායින් පස්සේ, මිනිහා යන්නේ සුපුරුදු කුහක මජර ග්‍රාමීය ජනප්‍රියවාදී රැල්ලේ..


මේ වගේ වෙලාවට තමා ඇත්ත සත්තු එලියට එන්නේ. මෙයත් බලයට කෑදර කිසිම දැක්මක් වැඩපිලිවලක් නැති කෙනෙක් කියන දේ මේ ඔප්පු කරමින් ඉන්නේ.


නැත්නම් ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්න ජයසාන්තගෙන් කාලා බීලා ඉන්න ත්‍රිකුණාමලයෙන් රට ගොඩගන්න හඳුන් වගේ කෙනෙක් උඩ දාන්නේ නෑ ජිවිතේට.


ඒ අතින් ජෙප්පන්ගේ සාර්ථක ව්‍යාපාරිකයින් වෙන යටත් විජිත, බිමල්, වසන්ත සමරසිංහලා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. 


සියල්ලන්ටම වඩා හරිනි අමරසූරියට ආර්ථිකය ගැන ඉතා පැහැදිලි දැක්මක් තියෙනවා.. ඊට හේතුව ඇය ලේ උරුමයෙන්ම ලාංකිය ප්‍රභූ ව්‍යාපාරික පැලැන්තියේ සාමාජිකාවක් වීම.


ඉතින් මේ වගේ කෙනෙකුගේ ව්‍යාපාරික සමුළුවලට යන උන්ට කාල් මාක්ස්ගෙම පිහිටයි. ඊයේ සමාගමක ලාභය ගැන හූල්ලලා නහින්න ගියේ මේ වගේ අය. මෙයාලට ලාභය කියන දේ අරහං...


සමහර බස් ඇතුලේ රියැදුරු අසුනට උඩින් ගහලා තියෙනවා...

"අධික වේගය මරු කැඳවයි" කියලා...

ඒක ගහලා තියෙන්නේ මගීන්ට පේන්න නෙමෙයි. රියැදුරු මහත්තයට පේන්න.

ඒත් සමහර රියැදුරෝ බස් එක එලවන්නේ ඒක පරම සත්‍යයක් බව ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නන්න. වංගු ගන්නේ කනේ වැලි ගෑවෙන්න... දකුණු මං තීරුවේ එන වාහන වලට හික් ගෑවෙන්න...


ඒ වගේම තා ලස්සන එකක් තමයි..

" රියැදුරු දෑතට සියළු දෙවි පිහිටයි.." කියන එක..


ඉතින් මේවා ගහලා තියෙන බස්වල යන එක මගීන්ට ළොකු රිස්ක් එකක්...


මේ ටික කියන්න හිතුනේ මේකයි..

ඕනම තැනක එකෙක් පිස්සු කෙලලා නැතිවෙන්න යනවා නම් කවුරුත් ඒ ගැන අවවාද කරන්නේ නෑ. කෙලවෙලා යන්නම ඉඩ හරිනවා. විශේෂයෙන් දේශපාලනයේ කලාවේ හා මාධ්‍ය ක්ෂේත්‍රයේ මේක බහුලයි...


වැරද්ද පෙන්වලා අවවාද කරන්නේ එහෙම එකෙක්..


හැබයි ඉතින් අවවාදය බාර ගන්නෙත් කෙලීමක් විදියට නම්, උන්ට ඉතින් මාක්ස්ගෙම පිහිටයි.....


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ....!!!

.

Feb 20, 2023

බල්තසාර් සඕදරීගේ පරණ කෝට්, අල්පේච්චතාවය හා රෝයල් පාක් ෆැන්ටසිය

 


බල්තසාර් සඕදරීගේ පරණ කෝට්,

අල්පේච්චතාවය හා

රෝයල් පාක් ෆැන්ටසිය

➖➖➖➖➖➖➖➖🔴


ජනපතිවරණය හැර අනෙක් සෑම ඡන්දයකදීම මගේ චන්දය මා ලබා දෙන්නේ ජවිපෙට බව, මාතලන් සයිබරයට පැමිණි මුල් කාලයේ සිට දන්නා වුන් හා මා පෞද්ගලිකව දන්නා වුන් දන්නවාය. ඒ ..., උන්ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල අනිවාර්‍යයෙන් සිටිය යුතුයැයි මා විශ්වාස කරනා හේතුවෙන් හා විවිධ හේතූන් මත මා ආදරය කරනා උන්ද එහි සිටිනා නිසාමය.


එය එසේයැයි කියා, කිසිවකු හෝ මගේ මතයට අනුව කරනා අමණ මොරිමාඩ වැඩ විවේචනය නොකර සිටිමේ පුරුද්දක් මෙන්ම, ඒවා දේශපාලයේ ඇති උපහාසය සෝපාහසය තුල විවේචනය කිරීමද මගේ සිරිතය. ඊට කඩේ යන නොයන කියා අදාල නොවන්නේමය.


මාතලන්ට මතක කාළයේ සිට, චන්ද සමයක් කියන්නේ මාතලන්ට ආතල්ම කාළයක් වන්නේය. පොලිටික්කෝ ඔය තරම් කෙප්ප කෙලිනා කාළයක් තවත් ඇත්තේ නැතිය. ඉස්ටේජ් වල අමු කෙප්ප පලන්නේ තරඟයටය. හරියට වාද බයිලා තරඟ වගේය.


මේ නිර්මාණාත්මක කෙප්ප කෙලීමේ කතා අඩංගු කර පොතක් ගැහුවා නම්, ජේ කී රෝව්ලින්ග්ස් නෝනාට දුවන්න වෙන්නේ හැරි පොටර් කරේ තියාගෙනය.


මට මතක කාලයේ සිට පේසාලෙන් තෙල් එනවාය. දැන් අලුත් සියවසේ ඊට අලුත් මුහුණුවරක් එක් කොට තිබෙනවාය. දැන් තෙල් එන්නේ පුත්තලම් යෝනියෙනි. 


කොච්චර එනවාද කියනවා නම්, රටේ විදෙස් ණයත් ගෙවා චීනෙට ජපානෙට දෙන්න පුලුවන් සයිස්සෙකක් තියෙනවාය කියපු එකාගේම කාලයේ තෙල් පෝලිම් වල මිනිස්සු වැලිගම්පිටිද ගියේය.


හදෙන් හාල්, ඇට අට, ධනවාදෙට මානුෂික මුහුණුවර, දින 100 ගොඩයෑම, යාපාලනේ මෙන්ම සිතිජයෙන් එහා සවු භාගේ තවත් ආතල් දුන් ඒවාය.


මෙවන් ආතල් දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාෂණවලින්ම විතරක් නෙවේ, ව්‍යවස්ථාවෙන් දෙන ඒවාත් තියෙනවාය. සැමට සමාන නීතිය වගේම, තර්ටීන්, තර්ටීන් ප්ලස් හා බලය විමධ්‍යගත කිරීම එවැනි ඒවාය.


දැන් ජෙප්පො ඇදගෙන නාන්නේ එවන්  ප්‍රතිපත්ති ප්‍රකාෂණයක් නිසාය. ඉස්සර කෙප්ප කෙලියේ ඉස්ටේජ් වල හා මුද්‍රණයෙන් එන කොල කෑලී වල උනත්, දැන් ඒවා අන්තර්ජාලයෙනුත් එනවාය. පරණ ඒවා අප්ඩේට් කරේ නැත්නම් හත් පොලේම ගාගන්න වෙනවාය.


මෙවන් කෙප්ප ඇද අරින්න උපන් හපන්නු ජෙප්පෝය. එයාලා අඳින පලදින දේ ගැන ඇති කෙප්ප දැන් මුලු රටේම ජෝක් වී අවසානය. හැබයි මක්කා කිව්වත් නායකයෝ බ්‍රෑන්ඩඩ් ඒවා ඇඳීම පට්ට ධනවාදිය. මන්ද උන් ඒවා පිනාට ඇන්දත්, ඒවා ඩේසී ආච්ච්ගේ මැණික් මල්ලෙන් ලැබුන ඒවා නොව, තෑගි දෙන ආර්ථිකයට ෆුල් බැකප් එකක් දෙන බදු ගෙවන සාර්ථක ව්‍යවසායකයෝ වෙන දයාසාන්තලාට අයත් දේ වීමය.


එහෙත් බල්තසාර් සහෝදරියගේ කෙප්පය එවන් ධනවාදී කෙප්පයක් නොව, අසරණ සරණ, සරණාගත එකක් වීම මෙහි ඇති අභාග්‍යයය. මෙවන් අනුකම්පා කෙප්පයක් චන්ද්‍රිකාද ඇද බෑවේය. ඒ එයා ලන්ඩන් ඉන්නා කාළයේ දරුවෝ ඇන්දේ හිතවතුන් දුන් ඇඳුම් කියලාය.


පරණ කෝට් හා බේල් අඳුම් ලංකාව වැනි බංකොලොත් රටකට අලුත් දෙයක් නොවේ. අපි පොඩි කාළයේ පරණ කෝට් කාරයෝ නඟරයේ මෙන්ම ගමේද ඕනෑ තරම් උන්නේය. එය සමාජය සමඟ කෙතරම් බැඳී තිබුනේද යත්, ප්‍රේමකීර්තී ද අල්විස් ලියා ප්‍රෙඩී සිල්වා ගායනා කළ පරණ කෝට් කියා අතිශයින් ජනප්‍රිය ගීතයක්ද තිබුනේය. අදද නුවරඑළියේ මෙන්ම කඳුකරයේ සෑම නඟරයකම පාහේ බේල් ඇඳුම් කඩ ඕනෑ තරම් තියෙනවාය. කරුමය කියන්නේ මේවා ඇන්ජීඕ කාරයන්ට නොමිළේ ලැබෙනා ඒවා වීමය.


ආර්ථිකයේ මර්මස්ථානය වෙන කොළඹ නඟරයට අවශ්‍ය වන්නේ, මෙවන් මානසිකත්වයක සිටිනා බල්තසාර් සහෝදරී වගේ කෙනෙක් නොව, කෝට්ටේ නඟරාධීපති අපේක්ෂක චතුරංග අබේසිංහ වැනි රෝයල් පාක් මානසිකත්වයක ඉන්නා බඩුවක්‍ය.


රාජගිරියේ උන්නත් බණ්ඩාරනායකපුර වතු ජනතාව දැකලා නොතිබූ උන්නැහේ දැන් ඉන්නේ ඉන් කම්පිත වෙලාය. මේ ජනතාව වෙනුවෙන් මක්කා හෝ කළ යුතුයැයි කියා උන්නැහේට පිළිබඳ සිතක් පහලවීම ඇත්තටම සතුටට කරුණක්‍මය.


එය....., මීට පෙර වැඩසටහනක් තුල නරඹන්නෙක් බල්තසාර් සහෝදරියගෙන් ඔබ නඟරාධීපතිනිය ලෙස පත් වුවහොත් වතු ජනතාව වෙනුවෙන් කරනා දේ තුනක් කියන්නැයි කී වීට පාරේ කාණු කපන වඳුරු කුණුහබ්බ කෙලියාට වඩා ජජබෙටත්, ජවිපෙටත් වාසි දායකය.


රටේ කරුමෙට ධනවාදී යැයි කියනා පක්ෂ වලින් ආපු උන් මෙන්ම ඉන්න එකාද වෙන්ට ජනපතිලාද ඉන්නේ ජනතාවට බිලී පිත්තක් දෙනවා වෙනුවට, මාළුවෙක් දෙන ආර්ථික ප්‍රතිපත්තියේය. 


උන්ගේ විශේෂත්වය වන්නේ, උන් මාළුවා විතරක් නොදී, මාළූ ඉල්ලන එකගේ ටේස්ට් එක අනුව පිලියෙල කොට, පිඟානටත් බෙදලා දෙන එකය.


ඒ වගත් මෙසේයෑ.......

රටට සම්මා ජනරජ සරණය...

.

Jan 3, 2022

ජාතික ජන බලවේගය අනුර ලාල් හරිනි බලවේගයක් විය යුතුය.


මහ පක්ෂ වල සිටිනා සියල්ලන්ම මේ වන විට බලය හොබවා අවසාන අතර, මේ මොහොතේ පවතින ආන්ඩු විරෝධය ජවිපේ වෙත හරවා ගැනීමට ඔවුන් සමත්ව ඇති බව රහසක් නොවේය.

ඊට හේතුව වී ඇත්තේ, මහ පක්ෂ තුල සිටිනා මෛත්‍රී, සජිත්, පාඨළි, රනිල්, දයාසිරි පමණක් නොව රඹ ටෝක්ස් දෙන සුසිල් ප්‍රේමජයන්තත්, ජනපති, අගමැති, මැති ඇමතිකම් දැරුවාට, මේ රටට මෙලෝ ලබ්බක් නොකෙරූ ජෝකර්ලා වී අවසාන නිසාය.

ඒ හේතුවෙන්, මේ කිසිවකුටත් පොදු අපේක්ෂක තනතුර කිසිදාක හිමි නොවනාතර, රාජ්පක්ෂලා පරාජයට පත් කිරීමට නම් පොදු අපේක්ෂකයා නොමැතිව ඒ සිහිණය සැබෑ කර ගැනීමට නොහැකි බවත් මේ සියල්ලෝම හොඳින් දන්නවාය.

ජාතික ජන බලවේගයේ මොනේක් හී පැවති සම්මේලනය හා එහි පැමිණි පිරිස දැකීමෙන් පසු මේ සියල්ලන්ගේම චුක පූන්වී ඇත්තේ එබැවින්ය.

මේ පැමිණි අමන්දානන්දට  ජවිපේ තේරුම් ගෙන ඇත්තේ වෙනත් ආකාරයකින් බව මගේ මතයයි.

ඔවුන් දැන් ජාතික ජන බලවේගයද පසෙකින් තබා අනුර කුමාර පිම්බීමේ ගරිල්ලා මාකටින් ව්‍යාපාරයක් ගෙන යන බව බොහෝ පැහැදිලිය.

නැවතත් විමල්ට හා කුමාර් ගුණරත්නම්ලාට තමන් හා එක්වන්නට කියන්නේද එබැවින්ය.

යූ ටියුබ් කාරයන්ට ඉන්ටර්වීව් ලබා දෙන්නේ අනුර කුමාර පමණය. රූපවාහිනි චැනල් වල කුකුලන් කෙටවීම් වලට එන්නේ ජෙප්පන් පමණි. ජාජබය පැත්තකය.

නමුත් ජවිපේ වටහා ගත දේ නම් ඔවුන්ගේ ජවිපේ ගමට යන වැඩ සටහන පට්ට ෆේල් වූ බවත්, මේ මොරාල් එක එන්නේ ජාතික ජන බලවේගයේ මොනේක් සමුළුව නිසා බවත්ය.

ජාතික ජන බලවේගයේ සැලකිය යුතු තරමේ සිවිල් චරිත උන්නද, මිනිසුන් දන්නේ හරිනි අමරසූරිය පමණක්ය. අනෙක් උන් ඉන්නේ ජාතික ජන බලවේගය සමඟද නැතිනම් වෙන උන් සමඟද යන්න ජනතාව තබා ජෙප්පන්වත් හරියට නොදන්නා බවද මොනෙක් රැස්වීමෙන් හෙලි උනේය.

මගේ අදහස නම් ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යාමට නම් එය අනුරගේ තනි නායකත්වයෙන් නොව,

අනුර, ලාල්, හරිනි යන ත්‍රිපුද්ගල නායකත්ව මණ්ඩලයකින් යා යුතු බවය.

සෑම පක්ෂයකම ඇත්තේ ඒකාධිපති පාලනයකි. ඒවායේ මහ පුටුවල ඉන්නා උන් පැරදුනත් නායකත්වයෙන් මෙන්ම ඉහළ තනතුරුවලින්ද බිමට බහින්නේ නැතිය.

අනුරගේ නායකත්වයේ තත්වයම එයද වන නමුත් ඒ බව එතරම් එලියට නොඑනුයේ ඔවුන් වටා සිටිනා පිරිස සුලු පිරිසක් වීමත්, ජවිපේ බලමණ්ඩලේ ඒකාධිකාරී පාලන රටාව හේතුවත් නිසාවෙන්ය.

බොහෝ අය ලාල් කාන්ත ඉල්ලන්නේ එබැවිනි.
එහෙත් අනුර ජවිපේ නායකත්වයේ සිටිනාතරම, ලාල් කාන්ත ජාතික ජන බලවේගයේ නායකත්වය තත්වයටම ගත යුතුය.

මන්ද ජවිපේ තුල සිටිනා ලාංකිය දේශපාලන සංස්කෘතියට ගැලපෙන එකම හා ජනප්‍රියම බල මණ්ඩල සභිකයා ලාල් කාන්ත වන නිසාය.

අනෙක් පිරිස සමාජයේ විවිධ ස්ථරයන්  අතර පිලිගැන්මක් තිබෙනා අය වුවද, සෑම සමාජ ස්ථරයන් තුලම එකසේ ජනප්‍රිය මෙන්ම පිලිගැනීමක් ඇති චරිතය ලාල් කාන්ත පමණමය.

හරිනි අමරසූරිය කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පමණි. එහෙත් ඇය එතනට සීමා විය යුතු චරිතයක් නොවේය.

ඇය සමාජයේ ඉහළ තලයන් කීපයකම නියෝජනයකි, කුළය, පවුල් පසුබිම, වෘත්තිය අනුවද ඇය ඉහළ සමාජ පන්තිය උපතින්ම නියෝජනය කරයි.

ඒ කාළයේ රට පාලනය කළේද රාජ්‍ය සේවයේ උන්නේද හොරු හා වංචා කාරයන් නොව මෙවන් උගත් බුද්ධිමත් ප්‍රභූ පන්තියේ පිරිසය. ඊට අමතරව ඇය කාන්තා පාර්ෂවයද උපතින්ම නියෝජනය කරන්නීය.

මේ කිසිවකින් ජවිපේ හෝ ජාතික ජන බලවේගය කිසිඳු ප්‍රයෝජනයක් මේ වන තෙක් ගෙන නැතිවාක් මෙන්ම, දැන් නටනා නාඩගම් වලින් පෙනෙන්නේ, ඉදිරියටද ඒ මගේම ගමන් කරනා බවක්ම පමණය.

එය එසේ වුවහොත් ඉතා සුළු නවක චන්ද ප්‍රමාණයක් හා පාවෙන චන්දවලින් ඉතා සුළු ප්‍රමාණයක් ජාජබයට එකතු විය හැකි වුවත්,

මහ පක්ෂ කෙරේ කළකිරීමට  පත් චන්ද කිසිවක් එකතු වන්නේ නැති බව නම් ඉර හද මෙන්ම විශ්වාසය.

ඒ වගත් මෙසේය...

.