.

.

Jul 23, 2024

ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය පොහොට්ටුව නොව, මහින්ද රාජපක්ෂය.

 


ජනාධිපතිවරණයේ 

තීරණාත්මක සාධකය

පොහොට්ටුව නොව, 

මහින්ද රාජපක්ෂය.

➖➖➖➖➖⭕➖


අරගලකාරයෝ මැයි 9 වනදා මහින්ද මහත්තයා හෙව්වේ... බදාගෙන උම්මා දෙන්න නෙමේය. හැබයි බැසිල්ලා නාමල්ලා හා එයාලාගේ පස්සෙන් යන මැක්කෝ ටික හිතාගෙන ඉන්නේ එදා තිරිකුණාමලේ මුහුද පිරෙන්න බෝට්ටූ බස්සා මහින්ද මහත්තයා හෙව්වේත්.... එයාර්පෝට් පාරේ ගාඩ් දාගෙන මහින්ද මහත්තයා හෙව්වේත්.. අමරකීර්තී අතුකෝරාල යැව්ව දිහා යවන්නට නොව, බදාගෙන උම්මා දෙන්නෙයි කියලාය.


එහෙව් රාජපක්ෂලා අද ජීවත් වෙන්නේ රනිල් වික්‍රමසිංහට පින් අත්වන්නටය. එහෙත් ප්‍රසන්න රණතුංග වටා එක්වූ බයි කඳවුර හැර සෙසු බයියන්ට දැන් ඒවා අමතකය.


ඒ අපේ ජාතියේ හැටිය. මේ තරම් ගුණමකු ජාතියක් තා ඉන්නවා නම් ඉන්නවා ඇත්තේ... බංගලාදේශයේ... ලිබියාවේ හා ඉරාකයේ වෙන්නැතිය. ඒකට... පාට පක්ෂ කුල මල ජාති ආගම් බේද කිසිවක් අදාල වෙන්නේත් නැතිය. 


දකුණේ ත්‍රස්තවාදය නිමාකොට රටට විශාල ආර්ථික වර්ධනයක් ගෙන ආ රණසිංහ ප්‍රේමදාස... ආමර් වීදියෙන් නිවන් ගිය දවසේ... පාර පුරා රතිඤ්ඤා දමා කිරිබත් කෑවේ අපේ ඒ ශ්‍රේෂ්ඨ ජාතියය.


ලෝකයේ එතෙක් මෙතෙක් පැවති මහා ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ, එදා රණවිරුවන් වූ හමුදාව අද වාතයක් වෙලා තියෙන්නේ එහෙව් ජාතියකටය. 


ආරක්ෂාව සඳහා මෙතරම් මුදලක් වියදම් කරන්නේ ඇයි කියා අසන්නේ ජහමනයාම නොව, උන්ගේ නායකයන් යැයි කියා ගන්නා... රටේ බලය ඉල්ලන පාර්ලිමේන්තුවේ ඉන්නා මී ගවයෝය. මහින්ද මහත්තයා කලේ මොනවාද කියා අසන්නෙත් ඒ වගේම නරුමයෝය.


තත්ත්වය එසේ වුවත්, ඔවුන්ටද ආදරය කරන පිරිසක්ද සිටිනා බවත් කිසිසේත් අමතක කළ යුතු නැතිය. අද සජිත් ප්‍රේමදාස වටා රොක් වී සිටින්නේ... එදා රණසිංහ ප්‍රේමදාසට ආදරය කළ පොඩි මිනිසාය. ආන් ඒ වාගේ...  මහින්ද මහත්තයාටත් ආදරය කරන බයියෝ සැට්ටෙකක් තවමත් සිටිනවාය. මහින්ද මහත්තයා නිසා උන් අනාගතයේදී නාමල්ටත් ආදරය කරන්නට ඉඩ තියෙනවාය.


එහෙත්... ගුණමකු රාජපක්ෂ බයියෝ.. ජෙප්පෝ හා එක් උනේය. උන්ටත් වරදක් හෝ දොසක් කියන්නට බැරි හේතුවත් රාජපක්ෂලාමය. 


මැයි නම වන දා රාජපක්ෂලා  හිතුවේ එයාලගේ ජීවිත ගැන විතරය. බංගලාදේශයේ මෙන් රට පුරාඇඳිරි නීතිය දමා බංගලාදේශයේ මෙන් සිද්ධාලේප අසමෝදගම් දී බයියෝ ටික බේරා ගත්තා නම්, අදටත් මේ රටේ සුපර්මෑන්ලා වන්නේ රාජපක්ෂ බ්‍රදර්ලාය. එහෙනම් එක බයියෙක්වත් ගෙම්බෙක් වී ජෙප්පෙක් නොවනාතර ජෙප්පෝ මෙච්චර චන්ඩි වෙන්නේත් නැතිය.


බයියෝ ජෙප්පෝ හා එකතු වෙලා ඉන්නේ පාක්ෂිකයින් වශයෙන් තමන් අන්ත අසරණව ඇති නිසාත්... තම ජීවිතවලට හා දේපළවලට ඇති ආදරය නිසාවෙන් මිස වෙන හේතුවක් නිසා නොවේය. තවමත් ඒ මර බිය පහව ගොස් නැත්තේය.


ප්‍රේමදාස මහත්තයා කළ කී දෑ මතක, ඔහුට ඉතා ආදරය කළ පුංචි මිනිසුන්ගේ සිතේ කොනක ඇති ආදරය අද භුක්ති විඳින්නේ, සජිත් ප්‍රේමදාස උන්නැහේය.. කලින් කීවාක් මෙන් නාමල් බේබිටද අනාගතයේදී එසේ ලැබිය හැකිය.


ඒ කෙසේ වෙතත්... මේ මොහොතේ රනිල් නැවත බලයට පැමිණිය යුතු නම් එහි තීරණාත්මක සාධකය වන්නේ පොහොටුවේ ඉතිරි වී ඇති චන්ද ගොඩය. ඒ චන්ද ගොඩ මේ මොහොතේ ඇත්තේ බැසිල්වත් නාමල්වත් ළඟ නොව මහින්ද මහත්තයා ළඟය.


එමෙන්ම මේ මොහොතේ රාජපක්ෂ පවුලේ අනාගතය රැඳී ඇත්තේද රනිල්ගේ බලය යටතේය. ඉඳින් ඔහුට නැවත බලය ලබා දෙන්නේද නොදෙන්නේද යන්න දේශපාලන බුද්ධියක් ඇති මහින්ද මහතාගේ තීරකයක්‍ය.


එසේ නොවුනහොත් රාජපක්ෂලාට සිඳුවන්නේ නැවත නැව් නැගීමටය. මන්ද සිර ගෙවල් තුල හෝ නිවනේ හැර... නැවත වරක් හමුදා කඳවුරු වල හෝ මේ රටේ කිසිම තැනක ඔවුනට තව දුරටත් රැකවරණයක් හෝ ආරක්ෂාවක් නොමැති නිසාය. ඔවුනට පමණක් නොව තවමත් ඔවුන් පස්සේම යන මැක්කන්ටද අත්වන්නේ ඒ ඉරණමමය.


කරුමය නම් ප්‍රසන්නලාට මහින්දානන්දලාට මේක තේරුම් ගතහැකි වුවත් බැසිල්ට හා නමල්ට මේ සරළ සත්‍යයය තේරුම් ගැනීමට නොහැකි වීමය.


ඒ වගත් මෙසේය......

.

Jul 22, 2024

ඇයි, පිරිමි ක්‍රිකට් මැච් බලන්න යාලුවෝ එක්ක හරි.... බාර් වල හරි සෙට් වෙන්නේ?

 


ඇයි, පිරිමි ක්‍රිකට් මැච් බලන්න යාලුවෝ එක්ක හරි.... බාර් වල හරි සෙට් වෙන්නේ?

➖➖➖➖➖➖➖🔴➖


හාමිනේ:

කොහේද ඔහේ යන්න ලෑස්ති වෙන්නේ?


මිනිහා:

අද ෆයිනල් මැච්චෙක බලන්න


හාමිනේ: 

ඇයි තමුසෙට මාත් එක්ක ගෙදර ඉඳන් බලන්න බැරි? හැමදාම බොරු කිය කිය මාරු වෙන්නේ?


මිනිහා:

යාලුවෝ සෙට් එකත් එක්ක බලද්දි ආතල්


හාමිනේ: 

ඒ කියන්නේ තමුසෙට මං එක්ක බැලුවම ආතල් නෑ?


මිනිහා:

හරි... හරි... එහෙනම් දෙන්නා එක්ක බලමුකො... මළ වදේ....


හාමිනේ: 

ඇයි අර දෙන්නෙක් නිකන් ඉන්නේ


මිනිහා:

 ඒ දෙන්නා ප්‍රොටෙස්ට් එකක් වගේ


හාමිනේ: 

තමුසෙ බොරු නේ කියන්නේ... කොහොමද මේ එනවුන්ස් කරන අය ඔක්කොගෙම නම් දන්නේ?


මිනිහා:

නැත්නම් උන්ට රස්සාව නැති වෙනවා..

ඇයි ඕයි පේන්නේ නැද්ද...

අර ටී ෂේට් එකේ හංවඩු ගහලා තියෙන්නේ...


අම්මට හුඩු .... හයයි ..

පට්ට හුක් එක.


හාමිනේ: 

මොකක්ද හුක් එක කියන්නේ... ඊයා... තමුසෙ කුණුහබ්බයක් නේ කිව්වේ?


මිනිහා:

නෑ...  නෑ....  හුක් එකක් නෙමේ... හයක්... හයක්...


හාමිනේ: 

හරි... මොකක්ද එතකොට හුක් එකක් කිව්වේ...?


මිනිහා:

නෑ... ඒ වැරදිලා... ඒක ෂොට් එකක්...


හාමිනේ: 

මොකක්... ෂොට් එකක්... උන් ග්‍රවුන්ඩ් එකේ බොනවද?


මිනිහා:

නෑ.... නෑ..... පිස්සුද අනේ...?


හාමිනේ: 

බොරු කියන්න එපා...

එහෙනම් දැන් ටිකකට කලින් උන් බිව්වේ... ඕකුන් සිගරට් බීලත් මාට්ටු වුනා නේ... තමුසෙත් උන් වගේම පච කෙලිනවා නේ...?


මිනිහා:

නෑ නෑ.... එහෙම බොන්න බෑ ප්ලේ කරද්දි... ඒ ඉවර වෙලා රෑට බොන්නේ...


හාමිනේ: 

කෝ එතකොට ෂේන් වෝන්....

අර ලස්සන කොල්ලා..


මිනිහා:

උගේ මොන ලස්සනක්ද? පෙට්ටියක් වගේ... ඌ මලා..... මට පේන්න බෑ ඕකව....


හාමිනේ: 

මොකක්... ඌ මලා... අනේ ඒ මොනවා වෙලාද?


මිනිහා:

ඌ උගේ වයිෆ් එක්ක මේ වගේම මැච් එකක් බල බල ඉඳල...


ඉතින් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි හිතවතියනි.... එහෙමයි වලිය පටන් ගත්තේ... දැන් ෆයිනල් ඉවරවෙලා සතියක් ඉතර වෙනවා... වලිය තාම  යනවා.... දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් වගේ...


ඔබ සැමට සුභ රාත්‍රියක්....


🔹ෆුට්බෝල් ගැන සුද්දන් ලියූ එකක් මගේ එකක් වගේ.... අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්‍ය මාතලන් වන මා විසිනි...

.

යකි නාරං



 යකි නාරං

➖🔹➖


නස්, ජම, හීන්, යකි නාරං ලෙසින්...... නෙක

නාරං බොහෝ විය අද නැති නිසයි......... දුක

දෝවා පැණින් තිසරුන් රන් රුවින්........ සක

ඇඹුලක් දැනෝදෝ කෑවොත් කැවුම්.... දෙක


- කාව්ව සිරෝමනී මාතලන් -


#කුප්පකවි 

.

Jul 21, 2024

පිස්සු කෙලින අධිකරණ

 


පිස්සු කෙලින අධිකරණ
➖➖➖➖➖➖➖➖⭕

ලෝකයේ බොහෝ අධිකරණ පිස්සුමයි කෙලින්නේ...
ඒකට හේතුව... දේශපාලකයින් හා අධිකරණය අතර තියෙන අධිකාරීමය බලය... මොකාද උත්තරීතර කියන බලය... වාසනාවකට අපේ රටේ එහෙම එකක් නැත්තේ... අපේ රටේදී උත්තරීතර වෙන්නේ පාර්ලිමේන්තුව කියලා අනුර බණ්ඩාරනායක කතානායක තුමා විසින් තීන්දුවක් දුන් නිසා. ඒ අනුව ලංකාවේ පිරමිඩ් එක තියෙන්නේ, විධායකය, ව්‍යවස්ථාදායකය, ඊට පස්සේ අධිකරණය...
ඒත් ජනාධිපති ධූරය ව්‍යවස්ථාදායකයේ අනුමැතියට යටත්....

දැන් බලන්න බංගලාදේශයේ අධිකරණය කරපු දේ.. රටක පාලන බලය ඉල්ලපු... ක්ලබ් වසන්ත වගේ වෙඩි තිබ්බම වදින්නේ නැතෙයි කියලා හිතපු.... රෝන්ග් ජැනරේසොන් දුසින් 10 ක් ඉතර සාරන්ලා ගාවට යැව්වා...

රට ගිනිජාලවක් කරලා විනාශ කරලා ඉවරවෙලා..... දැන් ඒ උක්තරීතර අධිකරණයෙන් දීපූ තීන්දුව අකුලගෙන තියෙනවා.... වාසනාවකට වගේ මෙහේ උන් උගත් පාඩම් නිසාද මන්දා... දැන් මොකා පික්ෂු කෙලියත්... ඒක මහපාරේ විසඳගන්නේ නැතිව... ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳාගැන්මට තරම් පරිනත වෙලා තියෙනවා....

ඒත් බංගලාදේශයේ මරිමෝඩ රෝන්ග් ජෙනරේෂන් හැත්ත අධිකරණයත් එක්ක විසඳගන්න ඕන ප්‍රශ්ණය විසඳගන ගියේ ෂේක් හසිනා එක්ක...

එයා අර එකෝමත් එක රටක උන්න... අනුන්ගේ ළණු කාලා රටින් පැනලා ගිය වදකහ ගොබ්බයා වගේ නෙමේ... එයා මේවට මුහුණ දෙන්නේ එයාගේ තාත්තගෙ කාළේ ඉඳලා... නොදන්න එකෙක් ඉන්නවා නම්, එයාව හදාරන්න... එයා දවසක් දෙකක් පෙනඩෝල් දීලා වැඩේ හරියන්නේම නැති නිසා...
දුන්නා සිද්ධාලේප අසමෝදගම්...
ලෙඩේ කොහේ ගියාද දන්නේ නෑ....

එයා බේත් දුන්නේ මොළේ උනෙන් පෙළෙන රෝන්ග් ජෙනරේෂන් එකට ඉතරක් නෙමේ... එයාව එලවගන්න මීගව තීන්දු තීරණ දෙන අධිකරණයටත් අසමෝදගම් ඉන්ජැක්සොන් එක පුප හරහාම දුන්නා...

මේ ගොබ්බ තීන්දු එන්නේ අදාල රටේ ආයතන පද්දතීන් වලින් එකක් වන අධිකරණයෙන්මත් නෙවෙයි... නොයෙක් විදේශ බලවේග හරහා ලැබෙන වරප්‍රසාද හා පඬුරු පාක්කූඩම් හමුවේ.... බලවත් රාජ්‍යයන් ගොඩ එන්න වලිකන පොඩි උන්ට ෂොට් එක දෙන්නේ එහෙමයි...

ඒවයෙන් කරන්නේ රට ගොඩදාන එකාට එරෙහිව අභ්‍යන්තර කැරලි නිර්මාණය කරන එක... මෑතක ඇති වෙච්චි කොවිඩ් අර්බුදේ එක්ක නිර්මාණය වෙච්චි... අර්ථික අවපාතයන් හා අධි උද්ධමනයන් යටතේ ජනතාවට අත් වෙලා තියෙන අපහසුතාවයන් තමා උන් ප්‍රයෝජනයට ගන්නේ.

බංගලාදේශය නෙමේ ලෝක ආර්ථික විශේෂඥයින් කියනාකාරයට රටවල් 191 කින් 70 ගනනක්ම මේ අර්බුධයට මේ වන විට මුහුණ දෙමින් සිටිනවා... ඔවුන් එය ආර්ථික අවපාතයේ 4 වන රැල්ල ලෙසත් හඳුන්වනවා...

ඒ නිසා මෙවන් අර්බුද ඉදිරියේදී තව තවත් ඇති වෙයි... ඊශ්‍රායල හා යූක්‍රේන ගැටුම් විසඳුනේ නැත්නම්... මේක ගෝලිය අර්බුදයක් දක්වා වර්ධනය වේවී.

එහෙම තත්වයක් පැය 24 නිවන්න පුලුවන් කියන ඩොනල්ඩ් ට්‍රම්ප්ට... FBI එකෙන්ම ෂොට් එක දෙන්නේ... අනෙක් රටවල ගැටුම් වලින් උන්ට ගොඩ යන්න බැරි වෙන නිසා...

බංගලාදේශ අධිකරණය අමු ගොබ්බ කැම්පස් කෝටා තීන්දුවක් දෙන්නේ... අර එකෝමත් එක රටේ වගේම විස්ස විජ්ජාල සිස්ස සිස්‍යාවන් ආන්ඩුවේ ජොබ්ම ඉල්ලන නිසා..  ඒ ඉල්ලීම් ප්‍රයෝජනයට අරගෙන... ෂොට් එක දෙන්නේ එතනට....

ඒවට පහසු විසඳුම් නෑ....
බේත් බොහොම තිත්ත වේවී...
හැබයි ඒ බෙහෙත් හෝ දෙන්න නම්..
ෂේක් හසීනා... මහතීර් මොහොමඩ්... ලී කුවාන් යූ... මෝදී වගේ ඉස්පැසොලිස් කෙනෙක් ඉන්නම වෙනවා....

ඒ වගත් මෙසේය....




Jul 19, 2024

අපාය සහායක ගොබ්බ පෝස්ට්


 අපාය සහායක

ගොබ්බ පෝස්ට්

➖➖➖➖🔹🔹


භෞතික විජ්ජාව, රසායන විජ්ජාව, ආර්ථික විජ්ජාව තියා , දේශපාලන විජ්ජාවත් නොදන්න ජවිපේ ගොබ්බ වහල්ලු වගේම... උන් එක්ක සෙට් වෙච්චි ගොබ්බ රාජපක්ෂ බයියෝ උස්සන් දුවන පෝස්ට් එකක් ඔය පින්තූරේ තියෙන්නේ....


🔴 ලෝක ආර්ථිකයම කඩාගෙන වැටුන වෙලාවක් තම 2008 වසර කියන්නේ... ඒ වෙලාවේ වැටුනට... ඊට පිලියම් හොයාගෙන.... ඒ රටවල් සියල්ලම නැවත ගොඩගත්තෙත් උන්න පාලකයෝ මිසක්..... දර ලිපේ උයමු කියන කොමියුනිස්ට් කාරයෝ නෙමෙයි...


🔴 මෑතක් වන තෙක් ලෝකයේ අංක එක දෙක ස්ථාන වල ආර්ථික වෙච්චි....ඇමරිකාව ජපානය කියන රටවල ආර්ථිකය ගොඩගත්තෙත් තිබ්බ පක්ෂ දෙකක නායකයෝ මිසක්ක....

සීනී නැතිව තේ බොමු කියන කොමියුනිස්ට් කාරයෝ නෙමෙයි...


🔴 ඉන්දියාව නැට්ටටම වැටිලා IMF ලෝන් එකක් අරගෙන...  IMF උපදෙස් ක්‍රියාත්මක කරලා... හෙට අනිද්දා ලෝක බලවතා වෙන්න යන්නේ.... බලයේ උන්න පක්ෂ එක්කම මිස.... 

රට ඉන්න උන්ට තව ඩොලර් 500 ක් වැඩිපුර එවන්න කියලා ගත්ත ලෝන් පස්සේ ගෙවන්නම් මචං කියන ගොබ්බ කොමියුනිස්ට් කාරයෝ එක්ක නෙමේ...


🔴 මැලේසියාව ගොඩ දැම්මේ ඒ වැඩේ කරගෙන යන කොට ඒ යකා කම්බා හොරෙක් කියපු මහතීර් මොහොමඩ්ම මිසක්.... ග්‍රැෆයිට් වලින් මිනිරන් හදලා... මූදූ වතුරෙන් සල්ෆියුරික් හදලා රට ගොඩගන්නවා කියපු පිළිකා විශේෂඥ කොමියුනිස්ට් කාර ගොබ්බ කොමියුනිස්ට් කාරයෝ නෙමේ....


💀 මේ හීනමාන.... ගං කබර.... මෙලෝ හසරක් නොදන්න.... වෛරක්කාර.... කඩාකප්පල්කාරී.... කෲර.... සාහසික.... මිලේච්ඡ.... කොමියුනිස්ට් කාරයෝ ආපූ හැම රටකම සිද්ද් වුනේ....

මහා මිනිස් ඝාතන, කෲර වද හිංසා, දේපල ගිනි තැබීම් සහ පාලකයින් පමණක් මහා ධනවතුන් වී... රට හා මහජනතාව අන්ත අසරණ පීඩාවට පත් හිඟන්නන් වීම පමණමයි.....


🔵 ළිඳේ වැටිච්චි එකා ළිං කටෙන්ම ගොඩ ඒම මිස.... ළිං පතුලේ ඉඳන් හාරන වෙනත් උමං ඔස්සේ ගොස්.... 

විප්ලව හා සිස්ටම් චේන්ජ් කොරන්න ගිය.... කියුබාව.... රුසියාව.... උතුරු කොරියාව.... යූක්‍රේනය.... ලෙබනනය.... ලිබියාව.... ඉරාකය.... ආර්ජන්ටිනාව.... වැනිසියුලාව.... වැටුන නිරයට වැටෙන්න එපා...


🔸ඒවයෙන් ගොඩ එන්න..... චීනයට රුසියාවට වගේ පරම්පරා ගානක් ගත වෙයි...


🙏ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ක්ස් හොඳේ ..!!!

.

Jul 13, 2024

චන්ද පෙත්සම හා ජනතා අභිලාෂය පෙන්වා... නීතිය නැමීමට සැරසෙන ජෙප්පන්ට ආවඩන අම්බරු දේශපාලුවෝ

 


චන්ද පෙත්සම හා

ජනතා අභිලාෂය පෙන්වා...

නීතිය නැමීමට සැරසෙන ජෙප්පන්ට ආවඩන අම්බරු දේශපාලුවෝ

➖➖➖➖➖➖➖➖➖⭕➖➖


ජනාධිපතිවරණය පැවැත්වීම නවතා දමා ඒ පිලිබඳ ඇති ගැටළුව නිරාකරණය කර ගැන්මට ජනමතවිචාරණයට යා යුතු බව සඳහන් කරමින් තවත් පෙත්සමක් ඉදිරිපත් වී ඇති අතර, මීට පෙර ඉදිරිපත් කල පෙත්සම විභාගයට නොගෙනම විසිකරන ලද්දේය.


ජහමනයා කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලුවෝ එහි අසුන් ගැන්මට පෙර දිවුරා පොරොන්දු වනයේ, ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව දිවි හිමියෙන් රකිනා බවය. එහෙත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් කර ඇත්තේ, එය අමු අමුවේ උල්ලංගනය කිරීමක් බව ජවිපේ ලෝයර් වටගලයාගේ මේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිය. (මේ සමඟ අමුනා ඇති පින්තූරය බලන්න)


ජනාධිපතිවරයාගේ ධුර කාළය වසර හයක් බව ව්‍යවස්ථාවේ සමහර තැන් වල තවමත් පවතින මුත්.... කර ඇත්තේ එවක පැවති ජනතා අභිලාෂය අනුව නීතිය නැමීමක් බව ඔහු  කියන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය. 


එය සත්‍යයක් නම්, පාර්ලිමේන්තුව හා අධිකරණත් ගිනි තබා, රනිල්ටද තෝත් පල කියා මේ රටෙන් එලවීමේ හෝ නිවන් යැවීමේ ජනතා අභිලාෂයක්ද තිබුන බව ලාල් සහ හඳුන්නෙත්ති සඕදරයා පොල්දූව හන්දියේදී කළ ප්‍රකාෂයත් යතාර්ථයක් විය යුතුව තිබුනා පමණක් නොව එය නීත්‍යානූකූල හා ව්‍යවස්ථානූකූලද වන්නේය.


අමරකීර්තී අතුකෝරාල නිවන් යැවූ උන් සියල්ලෝම නිදොස් කොට නිදහස් කළ යුත්තේ එය එවකට පැවති ජනතා අභිලාෂය වූ හෙයින් ව්‍යවස්ථානුකූල වන නිසාය.


එමෙන්ම ඔවුන්ගේ ජනතා අභිලාෂය අනුව මේ වන විට ජනාධිපති වරයා විය යුත්තේද, තඹුත්තේගම ගං කබරයාය. මන්ද යටත් විජිතට අනුව "ජනතා අභිලාෂයේ" ප්‍රතිශතය දැන් 90% ද ඉක්මවා ගොස් ඇත්තේය.


අනික නීතී විශාරද වටගලයා පමණක් නොව...


▪️ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ට අනුවද


▪️ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමට ආවොත් පුපට වෙඩි තියපන් කියු... හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය උන්නැහේ අනුවද


▪️නීතිය පිළිබඳ පොත් හතක් අටක් ලියු නීතී විකාරද මහාචාර්‍ය ජී ඇල් පීරිස් වියතානෝ අනුවද


▪️නඩු කාරයනුත් හිරේ දමනා මහා ප්‍රාඥයෙක් වන වෙන්ට ජනපති විජේදාස රාජපක්ෂ ශ්‍රීමතානන්ට අනුවද


▪️නඩු බලවන කස්ටිය හෙවත් නීතීග්නයෝ වන දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙර්‍රා යන හාදයන්ට අනුවද


▪️සියල්ල ඔවුන්ගේ මතය අනුව විය යුතු යැයි කියා පාස්කු බෝම්බකාරයෝ පමණක් නොව කංජිපානී ඉම්‍රාන්ලාටත් ඇප ලබා දෙන නීතීඥ සංගමයට අනුවද


▪️ලෝ කොලේජ් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියාවූ නාමල් රාජපක්ෂ අබ්බකාත් මහතානෝ පමණක් නොව...


▪️කොළඹ විස්ස විජ්ජාලෙන් ලද ලෝ උපාධියකුත් හිමි රනිල් වික්‍රමසිංහ උන්නැහේද පිලිගන්නා බව සඳහන් ලැටර් එකට අනුවද


සියල්ලෝ පිලිගන්නේ.... ජනමතවිචාරණයකින් අනුමත නොවී... නීතීවිරෝධී ලෙස නීතිය නමා සම්මත කොටගෙන ඇති ආකාරයට සියල්ල සිඳුවිය යුතු බවය.


ඒ... එය අනුමත කොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දූ කීපයක්ම දීලා තිබෙනා නිසාය.


එහෙත් මේ සියල්ලෝම වටහා ගත යුතු වැදගත් කරුණ නම්... ඔවුන්ගේ තර්කයන් සත්‍ය හා නීත්‍යානූකූල වන්නේ නම්....


වැරදිලා හෝ ජවිපේ ජනාධිපතිවරයෙක් බිහි වී, ඔවුන් කියනා පරිදි මේ ව්‍යවස්ථාව ගිනි තබා කොමියුනිස්ට් රාජ්‍යයක් බිහි කොට... නඩු අසා තීන්දූ දීම ග්‍රාමසේවා වසමේ ජෙප්පාට දුන්නාම.... එය මේ මොහොතේ රටේ පවතිත අභිලාෂය වන හෙයින්, කිසිවකුටත් කට පුප ඇරිය හැකි කරුනක් නොවන්නේ..


එසේ කිරීමට නොහැකියැයි කියා ව්‍යවස්ථාව තුල සඳහනක් නොමැති වීම නිසාත්, ජනතා අභිලාෂය හා ඔවුන් වත්මනෙහි නගන තර්ක අනුව කිසි අවුලකුත් නැති නිසාය.


මාතලන්ට ඇති ප්‍රශ්ණය නම් මින් පෙර  ජනාධිපතිවරයාගේ ධුර කාළය වෙනස් කිරීමට හෝ අහෝසී කිරීම ලේසී පහසු කාර්‍යයක් නොවනා බවත්....


ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් පමණක් නොව ජනමතවිචාරණයකින්ද අනුමත විය යුතු බවට මහින්ද දේශප්‍රියලා ජී ඇල් පීරිස්ලා විජේදාස රාජපක්ෂලා අපට කිව්වේ පට්ට පල් බොරුවක්ම නොවේද කියලාය. ..


දැන් බලාගෙන ගියාම මේ රටේ නීතියක් ඇත්තේ නැතිය....


තිබෙනවා නම් තිබෙන්නේ...

නීතී හදනා තැන උන්ට මෙන්ම නීතී ක්‍රියාත්මක කරනා තැන උන්ගේ අභිලාෂයන් අනුව, ටිපෙක්ස් කිරීම්, කාක්කා පාදය දැමීම්, කොමා දැමීම්, කැටයම් දැමීම්, නැවීම් පමණක් නොව කැඩීම්ද කළ හැකි... පෙරටුගාමී නුවන් බෝපගේ බුවාගේ නීතිය ජාතියේ මළ විකාරයකි.


මුන් ඔක්කොම යාලුවෝ විතරක් නෙමේ මල්ලි...


මුන් ඔක්කොම උන් උන්ගේ හිතු මතය අනුව නීතිය නවන පට්ට බොරුකාරයෝ ඕයි.....


අල්ලාහූ අක්බාර්.....


May God have mercy on us !!!!

Jul 12, 2024

චතුර අල්විස්,ක්ලබ් වසන්ත ජාතික අජ්ජාපනය සහ Z ඉස්කෝර්


 

චතුර අල්විස්,ක්ලබ් වසන්ත

ජාතික අජ්ජාපනය සහ Z ඉස්කෝර්

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


මේ දවස් ටිකේ මේ රටේ සමාජය, මාධ්‍ය හා ජනතාව ගැන විචක්ෂණශීලීව හදාරන කෙනෙක්ට හරි සුවිශේෂී කාළයක්ය. ඊට හේතු ගනනාවක් තිබුනත් කරුණු කාරනා දෙකක් ගැන පමණක් කතා කොරන්න හිතුවාය.


මේ රට මේ තත්වයට පත් වූවාට ගොබ්බ ජහමනයා හෙන ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නා 225 ටය. මේ 225න් කොයි කොලේ ඇදලා ගැහුවත් එන්නේ ඩොන්කියෙක් බව කිව්වෙත්, ඒකේම ඉන්නා.. ජනාධිපති වෙන්න පෙරුම් පුරනා හද්දා ගං කබර ඩොන්කියෙක්මය. කරුමය නම් ඒ ඩොන්කියා හිතන්නෙත් එසේම නම්... ඌ බලයට පැමිණ, මේ රටේ සිස්ටම් චේන්ජ් කොරන්නේ කොහොමද කියනා එකය.


ඌ ඇවිත් මේ රට ගොඩගන්නේ නැති බව අප ලියන්නේ, උන්ගේ ඉතිහාසය අප දන්නා නිසාත්, රාජ්‍ය සේවය කබාසීනියා කළේ උන්ගේ මානසිකත්වයේම ඉන්නා පට්ට ගං කබර නිළධාරී පැලැන්තිය නිසාත්ය. මුන් උසස් නිළධාරීන් වූවාට. උන්ගේ ඇඳුම් පැලදුමෙන් හා විශේෂයෙන් ටයි එකෙන් හා ගෑණියෙක් නම් හැට්ටයෙන්, මුන් පට්ට ගං කබරුන් බව ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. 


රාජ්‍ය සේවයට පසු මේ රට කබාසීනීයා කර දැමීමේ වගකීම ඒ හා සමානවම හිමි වන්නේ පඩත්තල ජඩමාධ්‍යවේදයට හා ජඩමාධ්‍යවේදීන්ටය.


චතුර අල්විස් කියන්නේ මේ රටේ ජනප්‍රියම මාධ්‍යවේදියාය. හැබයි, චතුර මෙන්ම සංඛත්, එම නාලිකාවේම කලිඳු දිල්කා හා සමන්ති තරම් හෝ සමාජය ගැන අවබෝධයක් නොමැති දෙදෙනෙකු බව මේ දිනවල ප්‍රදර්ශනය කරමින් සිටින්නේය. 


මාතලන් බොහෝ කළකට පෙර ලියූවේ සංඛ අමරජිත් ගැලපෙන්නේ ලෝකයා හා ලෝකයෝ වැඩසටහනට බවත්, චතුර අල්විස් ට්‍රැවල් විත් චතුර සඳහා බවත්‍ය. මොකෝ සංඛ අමරජිත් කියන්නේ අටපට්ටමේ බුවා වගේ ජෝකර් කෙනෙක් නිසාමය.


සමහරවිට ඔවුන් මෙසේ පිස්සු කෙලින්නේ තමන්ගේ බොසා ජනාධිපති කොරන්නට යන නිසා වෙන්නත් ඇතිය. එය එසේ නම්... ඔවුන්ට දොස් කීමත් වැරදිය.


එසේ නොමැතිව ඔහු ජනප්‍රිය මෙන්ම පරිනත ජනමාධ්‍යවේදියකු වූවා නම්, මේ රටේ අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමේ නොමැතිවීම ගැන සුසිල් ප්‍රේමජයන්තට පමණක් දොස් කියන්නේ නැතිය. 


තම දරුවන් ටියුෂන් පන්ති යවනා කුර හා අං සහිත දෙමව්පියෝ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවාට අදටත් විරුද්ධය. අධ්‍යාපනයේ නවීකරණය, සුහුරු අජ්ජාපනේ මෙන්ම ක්වොන්ටම් ලීප් ගැන කතාකරනා අම්බරුවෝ, මීට වසර 40 කට පෙර ජේ ආර් ජයවර්ධන විසින් අධ්‍යාපානය නවීකරණය සඳහා ගෙන ආ ධවල පත්‍රිකාවට අදටත් විරුද්ධය. සයිටම් ආයතනය පටන් ගත් උන් හා එක්ව එය වසා දැමුවේ අද මේ ක්වොන්ටම් ලීප් ගැන කතා කරන පට්ට ගං කබර ත්‍රස්තවාදියෝය. හතේ පොතට සෙක්ස් දැම්මා කියා සංඝයෝ යමා මහා පෙලහර පාන්නෝය.


එවන් රටක මේ වසර දෙක තුල රාජ්‍ය සේවය, ආයතන මෙන්ම සිස්ටම්, නීතී රීතී හා අනපනත් තුල මෙන්ම පාසල් අධ්‍යාපනය තුලද සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් රාශියක් සිඳු වූ බව පිලිගන්නේ නැත්තේ පට්ට කුහකයෙක්ම පමණය.


තත්වය එසේ තිබියදී... ඊයේ පාර්ලිමේන්තුවට, ඩලස් අලහප්පෙරුම නම් අමු ගං කබර දේශපාලුවා Z ස්කෝර් පිළිබඳ යොජනාවක් ගෙනෙනුයේ... තනිකරම රාජ්‍ය සේවයට තව තවත් පිරිස එකතු කිරීමටය. මෙවන් අම්බරුවෝ ජනාධිපතිවරු වූවහොත් නම් රටට අබ සරණමය.


කොච්චර දුන්නත් කෙරුවත් ඒවායින් සෑහිමකට පත් නොවනා.... අගයකිරීම් හෙවත් ඇප්‍රිශේෂන් නොදන්නා... ඩීප්ලී ඩිප්‍රෙස් ඩිප්‍රිශේෂන්  ජාතියකට, කොමිෂන් සභාවලට ගෙනත් හෝ ඒවා අමු අමු පට්ට ගෝත්‍රික අදහස් හා හැසිරීම් බව අවබෝධ කරවන්නේ නම් එය ඉතා අගනේය.


සමාජ මාධ්‍ය නියාමනයට වලිකන දේශපාලුවෝ.... ඊට පෙර මේන් ඉස්ට්‍රීම් ජඩමාධ්‍ය නියාමනයට පියවර ගත්තේ නම්... ක්ලබ් වසන්ත වැනි පාදඩ මිලේච්ඡ මිනීමරු පාතාල උද්දික පුතෙකුටත් නිවන් සුව පතනා කුර හා අං සහිත අම්බරුවන් රැලක් මේ රටේ බිහිවන්නේ නැතිය.


අනුර හොරේෂෂ් විසින් ආරම්බ කළ මහා සමාජයෙන් සැඟව තිබූ පාතල චරිත වීරයෝ කිරිම මේ වන විට සුදාලා හා චූ ටියුම් කාරයෝ විසින්, "වසන්ත අයියා" වන්දනාමාන කරනා මුණිවරුන් බවට පත් කොට අවසානය. එමෙන්ම හො ම ත ග යු අනෙක් කරුන නම් මොවුන්ද පාතාලයේ ගොඳුරු බවට පත්ව උන්ගේ මුදලට හා යෝනිවලට යටත් වූවන් බවය.


ටැටූ බුවාගෙන් පොලීසියේදී කට උත්තර ගෙන ඒවා ප්‍රචාරය කිරීමට කින්ඩිය දානා චමුදිත... උගේ බඩකඩුත්තුවට නිදහස් ජඩමාජ්ජවේදීන් ගෙනවිත් කරන්නේත් පොලීසිය කළදේම බව කියා දෙන්නට ජනමාධ්‍ය ගැන අවබෝධයක් නැති එකෙක් රටේ නැති වීමත් ඒ සඳහා නීතියක් නැතිවීමත් හේතුවෙන් නුදුරු දිනයකදීම මේ රට තවත් චිකාගෝවක් නොව මැක්සිකෝවක් වන බව ලියා තබා මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.


ඉස්ධූතී... නන්ඩ්‍රෙයි... ටෑම්ක්ස් හොඳේ....


ඒ වගත් මෙසේය... ..

.

එක වගේ දෙන්නෙක්

 


එක වගේ දෙන්නෙක්

➖➖➖➖➖➖⭕▪️


පෙර කළැ රහත් මග වැඩි අම්බා                    පාලී

ඒ වගෙ නෙවෙයි අරගල කළ මේ                  කෑලී

රවටා සඝුන් නටලා දහ අට                             පාලී

ධාතුන් වැඩමවිය කළු කුහරය වෙත          හෝලී


- කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

Jul 8, 2024

පඩි වැඩිකොට ඉල්ලන් කන ආන්ඩුව හා ජූලී 9 දෙවර්ෂපූර්ණය


 

පඩි වැඩිකොට ඉල්ලන් කන ආන්ඩුව හා

ජූලී 9 දෙවර්ෂපූර්ණය

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


ගෝඨාභය රාජපක්ෂට කෙලවූයේ රාජ්‍ය නිළධාරීන් දුන් ලණු කාපූ නිසාය. ටැක්ස් අඩු කළේත්, කොරෝනා වලට රට වැහුවේත්, ගෝල්ෆේස් එකේ උද්ඝෝෂණ භූමියක් දැම්මේත්, රසායනික පෝර නැවැත්තුවේත්, ණය ගැනීම නැවැත්වූයේත්, වාහන ආනයනය නැවැත් වූයේත්, රට වසා දමා මුදල් අච්චු ගැහුවේත් උන්ගේ උපදෙස් පරිදිය...


නැට්ටටම කෙලවුනායින් පස්සේ... මහ බැංකු අධිපතියා ගෙනත් රටටම පේන්න "ටූල්ස් පාවිච්චි කරපන් ඩෝ...."  කියා හමුදා පාට් දැම්මාට... මහ බැංකුවේ ඉන්නා මහා උගත් නිළධාරින් දන්නා ලබ්බක් නැති බව මුලු ලෝකයම දැක ගත්තේය. උන් හා රාජ්‍ය සේවයේ ඉන්නා මහ උන් හරියට වැඩ කලා නම්... රටට මෙහෙම වෙන්නේ නැති බව නොදන්නා ගොබ්බ හැත්ත.... වරද පටවන්නේ දේශපාලුවන්ට පමණය. 


උන් වැඩ කරන්නේ දේශපාලුවන් කියනා විදියට නොව.... රටට පිලිලයක්ව ඇති රාජ්‍ය සේවයේ AR, FR වලට අනුකූලවය. ඒ අනුව වැරද්දක් කලත්... උන්ව බේරා ගන්න හූනියන් කියා අටමගලයක් තියෙනවාය. මේ මාෆියාව කුඩු නොකර මේ රට ගොඩදැමිලි බොරුය. 


රාජ්‍ය නිළධාරී මාෆියාවට කෙලවූයේ ජේ ආර්, මහ ප්‍රේමේ හා මහින්ද පමණමය. ජේ ආර් නීතියෙන් දුන් අතර, ප්‍රේමේ නම් දුන්නේ පාතාල මැතඩ් එකෙන්‍ය, මහින්ද මහත්තයා නම් ඊට වඩා මානුෂික වූ අතර, උන්නැහේ කළේ අරලිය ගහ මන්දිරයේ කාමරයට කැඳවා බඩ කට පිරෙන්නම කන්න දුන්න එකය.


දැන් රනිල් වික්‍රමසිංහද කමින් සිටින්නේ එම පරිප්පුවේ හොඳම එකෙන්මය.... 70% උද්ධමනයක් තිබුන රටේ හැම එකාටම ජීවත් වෙන්න අමාරු බව ගෝනා ඔනෙකුට තේරෙන කාරනයක්මය. එනයින් වැඩි පඩි ඉල්ලන එක ජහමනයාට පේන්නේ සාධාරණ දෙයක් ලෙසටය.


එහෙත් පඩි වැඩි කරන්න නම්... රජයේ ආදායම වැඩි කරගත යුතු බවත්, එසේ වැඩි කර ගැන්මට කළ හැක්කේ... එක්කෝ තව තවත් බදු  වැඩි කිරීම හෝ කොහෙන් හෝ ණයට ගැනිම බවත්.... (බංකොලොත් රටකට ආයෝජකයෝ හෝ ආයෝජන එන්නේ නැතිය) සාමාන්‍ය ජහමනයාට මෙන්ම උපාධිදාරී බුද්ධිමත් ජොස්තරලාට හා විධායක නිළධාරීන්ටවත් තේරුම් ගොස් නැතිය.


රාජ්‍ය සේවකයාටත් බදු ගැසූ නිසා .... රට හැර යන එකෙකුට යන්න දෙන්නෙයි කියා අප ලිව්වේ එනිසාය. මොකෝ ඒ රටවල ගහන්නේ පුපෙන් යන්න ගහන බදු ප්‍රතිශත බව අප දන්නා නිසාය. එමෙන්ම වෙනත් බංකොලොත් වූ රටවල මෙන් වැටුප් හෝ දීමනා කපා හැරිමක් හෝ.... රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමක් හෝ රාජ්‍ය ආයතන වසා දැමීමක් සිඳු වූයේ නැතිය.


▪️ (වසා දැමුවේ මා වැඩ කළ ආයතනය පමණක් වනාතර.... අද වන තෙක් අපට වන්දි මුදල් ලබා දී නැතත්... අප දේශපාලුවන්ට හෝ ආන්ඩුවට කිසිවක් නොකියන්නේ... සියල්ල සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබියදීත්... ඒවා නවතා තිබෙන්නේ.... ආන්ඩුව අපහසුතාවයට පත් කරනා මූසල රාජ්‍ය නිළධාරින් බව අප හොඳින්ම දන්නා නිසාමය)


බංකොලොත් රටේ සියල්ලන්ටම රුපියල් 10,000/= කින් පඩි වැඩි කරන කොටම අපි අනතුරු හැඟවූයේ මුන් මෙතනින් නවතින්නේ නැතෙයි කියලාය.


ඉන්පසු වෛද්‍යවරුන්ට පමණක් ඉස්ම බේරේන වැටුප් වැඩි කිරීමක් හා දීමනා ලබා දෙද්දී.... ළඟදීම හොඳ පරිප්පුවක් කන්න වෙන බව අප එදාම ලියුවේ.... ටැක්ස් වලට අහුවෙන්නේ උන්දැලා පමණක් නොවනා නිසාය. අනෙක ඔවුන් අමතර ආදායමක් පහසුවෙන් සොයාගත හැකි වෘත්තිකයින් පිරිසක් වීමය. ගුරුවරුන්ද එසේමය.


ඉන්පසු අනෙක් උන්ද මහ පාරට බැස්ස අතරේ.... රට බංකොලොත් වෙනකන් කට පුප වසාගෙන සිටි මහ බැංකුවේ උන්... කන පැලෙන්න පඩි වැඩි කර ගත්තා පමණක් නොව.... උන්ගේ අර්ථසාධකේ පොලියද වැඩි කර ගත්තේය.


එපමණක් නොව ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ පඩි වැඩි කරන්න නම්... වැට් එක වැඩි කරන්න ඕනෑ සෑර් කිව්ව උන්නැහෙත් ඊයේ පෙරේදා රුපියල් 25,000/= කින් පඩි වැඩි කර ගත්තේ.... කොහොමද කියා අහන්න රනිල්ටත් අමතක වෙන්නට ඇතිය.


ණයක් ගන්න බැරි තරමට බංකොලොත් වූ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70 සිට ඩොලර් බිලියන 100 ක්ය කියා මඤ්ඤං රිපෝට් එකක් දුන්නේ මේ හාල්පාරුවෝය. දැන් ඒ වැරැද්ද හදන්න ලෝක බැංකුවේ මහ එකා ආවත් බැරිය.


කවදත් සිඳුවනාකාරයට මහ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්නා අස්සේ.... පොඩි උන් පාරට බැහැලා අපිටත් දියව් කියනා එක... එකාතකින් සර්ව සාධාරණය. මන්ද ආර්ථික පීඩනයෙන් වැඩියෙන් බැට කන්නේ සාමාන්‍ය රාජ්‍ය සේවකයා නිසාය. උන්ට ජරාව කෑමට ඉඩක්  හෝ වංචා හා දූෂණයෙන් ලාච්චුවලට සල්ලි වැටෙන්නේ නැති නිසාය.


එක්කෝ බදු ගසා හෝ මොවුන්ගේ ඉල්ලීම් ලබා දිය යුතුය... එසේ නැත්නම් දීපූ උන්ගේ ඒවා නැවත අකුලා ගත යුතුය. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමයටය...


.

Jul 7, 2024

පෝට්ටුවට මක්කැයි වුනේ


පෝට්ටුවට මක්කැයි වුනේ

➖➖➖➖➖➖➖🔷🔷🔷


පොහොට්ටුව හැදුවේ එයාලගෙ බලය පෙන්නලා රනිල් බය කරන්න... විශේෂයෙන් බැසිල් සහ බැසිල්ගෙ ගෝලයෝ.... මුලින් කැබිනට් ඇමතිකම් ලැයිස්තු යවලා තගෙන් රනිල් කන්ට්‍රෝල් කරන්න ගිය බැසිල්... අවසානෙදි රාජපක්ෂලා හලන බව කියනකන්  පාට් දාන්න ගිහින් කිචම වෙලා ගියා.


දැන් බයත් නෑ ණයත් නෑ කියන්නේ බයටම තමා... ඩන්ඩි කවදාවත් ඔය කතා කියන්නේ නෑ... බයම උන් තමා මම බය නෑ ඩෝ කිය කියා අඬන්නේ....


එයාලා ආන්ඩුවට බොක්කෙන් සප් එක දෙන ලංසට.. ප්‍රසන්නට... කංචනට... රිදෙන්නම ගැහුවා.... කැබිනට් මංඩලේ ඉන්න පිරිසට සහ රනිල්ට හිතවාදී අයට කරන්න පුලුවන් හැම දේම කලා.. හැබයි උනුත් අත ඇරියේ නෑ... 

එකක් විධායක බලය... අනෙක උන් හැම විටම කියන කෙලෙහිගුණය... 


රනිල් නොවන්නට රාජපක්ෂලා හා ඔය පරණ කම්බා හොර ඇමති සෙට්ටෙක හිටිය තැන් සොයාගෙන අමරකීර්ති අතුකෝරාල ඇරිය දිහාවේ අනිවාර්‍යයෙන් අරිනවා...


ඒවා දැන් රටෙත් නොයිද පැනලා ගිය බැසිල්ලට නාමල්ලට අමතකයි...

බොරු බොරු සෙල්ලම් දදා රනිල් පාලනය කරන්නයි ඒ දෙන්නා ට්‍රයි කලේ... හැබයි එයාලා නොදැන උන්න දේ තමා.... මේ ඉන්නේ නිකන්ම නිකන් රනිල් නොව, විධායක ජනාධිපතිවරයෙක්ය කියනෙක.


කාරියවසම් කියන දේශපාලන ළදරුවා රනිල්ට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න කියන්නේ ඒකයි... හැබයි රනිල් නෙමෙයි ඌව පයිසෙකට මායිම් කළේ. ඒ කංචනගේ රැස්වීමට බය වෙලා.


රාජපක්ෂලා තමන් ගැන බලන්නේ නැති බව රාජපක්ෂ බයියෝ මැයි 9 වෙනිදා තේරුම් ගත්තා... හාඩ්කෝ බයියෝ ඔක්කොම ජවිපෙට සෙට් වුනා... ඒ ජෙප්පන්ගෙන් මැරුම් කන්න වෙන නිසා... මොකෝ උන්ගේ ජීවත බේරුනාට... උන්ගේ බිස්නස් වලට ෂොට් එක දීපූ නිසා...


උන් නැතුව අනික් බයියෝ ගේන්න රාජපක්ෂලාට ස්පොන්සර්ලා නෑ.... රාජපක්ෂලා කවදාවත් එයාලගෙ සල්ලි හොල්ලන්නේ නෑ... අමාරුවෙන් අමාරුවෙන්... රට වටේ බලේ පෙන්නන්න තිබ්බ සංදර්ශන සියල්ල ෆේල්.. මැයි දිනේ අඩුම ජනම් එක උන්නේ පෝට්ටුවට. සෙනඟ ටිකක් උන්නේ ජොනීගේ එකට විතරයි.


රනිල් ගාව ඉන්න පෝට්ටුවේ සොලිඩ් බඩු වෙනුවට නාමල්ට ඉන්නේ වාචාලයෝ ටිකක් විතරයි. අවසානේ එයාලා තේරුම් ගත්තා ජනතාව දැන් එයාලා සමඟ නැති බවත්... රනිල්ට හේත්තු වෙනවා හැර වෙන එකෙක්වත් තමන් සෙට් එක පැත්ත පලාතේ වැද්දගන්නේ නැති බව.


මහින්ද හදපු රාජපක්ෂ නාමය...

ඝෝඨා එක දවසෙන් ව්නාශ කළා....

ඉතිරි වෙලා ඉන්න ටිකත් බැසිලුයි නාමලුයි නැති කරගන්න බව දැනගත්තු මහින්ද චීනේ ගිහින් ඇවිත් එහේ උපදෙසුත් එක්ක ගත්ත තීරණය තමා මේක...


මක්කා කලත් චන්දෙ දවසට මහින්ද මහත්තයට සලකලා සද්ද නැතිව රාජපක්ෂලාට චන්දය දෙන ලක්ෂ දහයක් විතර තාම ඇති.... 


හැබයි ඒකත් සෑහෙන බලපෑමක් කරන්න පුලුවන් චන්ද කුට්ටියක් බව රනිල් මෙන්ම සියල්ලන්ම දැන ගත යුතුයි....


ස්වස්ථි සිද්ධම් !!!

.

 

Jul 5, 2024

තඹුත්තේගම ගවරාලගේ නෝ පොලී... හරි ජොලී.... සංවර්ධන බැංකුව


 

තඹුත්තේගම ගවරාලගේ

නෝ පොලී... හරි ජොලී....

සංවර්ධන බැංකුව

➖➖🔷🔷🔷➖➖➖


හොම්බෙන් ගිය රට යාන්තමින් ගොඩ දැමූ රනිල් වික්‍රමසිංහ උන්නැහේ... "උරුමය" නමින් නොමිළේ ඉඩම් ඔප්පු සින්නක්කර ලබා දෙන එකට පහර ගහන්නේ හිඟන ජෙප්පන්‍ය....


ඊට හේතුව ලෙස උන් කියන්නේ... මේවා ලබා දෙන්නේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින.... උන්ගේම පන්තියේ උන්ට නිසා... උන් ඒවා විකුණා කසිප්පු බොන නිසාය කියලාය.


එහෙත් අර්ථ සාස්තරේ අනුව නම් ඒකේ ඇති වරදක් මාතලන් නම් දකින්නේ නැතිය... ඉන් සිඳුවන්නේ කසිප්පු කාරයාගේ බිස්නස් වැඩි වී... ඒ හාදයා ඉලෝන් මස්ක් හාදයා වාගේ... ධනපතියෙක් වෙන එකය.


වරද ඇත්තේ කසිප්පු ලීගලයිස් කොට.... උන්ට කන පැලෙන බද්දක් නොගහන ආන්ඩුවේය. 


ඇත්තටම කසියා කියන්නේ ඉස්කොට්ලන්තයේ විස්කි වගේ.... ජපානේ සකේ වගේ... ජාත්‍යන්තරයට යවන්න පුලුවන් ප්‍රොඩක්ට් එකක්‍ය. ගංජා ටික වවා ගොඩ එන්න බැරි වී තටමන ගොබ්බ පාන්ඩු වලට මේවා කියා වැඩක් ඇත්තේ නැතිය.


තඹුත්තේගම ගවරාල මේ කියන්නේ අලුත් දෙයක් නෙමේය... රාජ්‍ය අනුග්‍රහයෙන් අළුත් සංවර්ධන බැංකුවක් පටන් ගන්නා බව රනිල් ව්‍යවසාකයන් පිරිසක් ඉදිරියේ පොරොන්දු වුනේ ඊයේ පෙරේදාය. ඒ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් සඳහාය.


දේශපාලුවන්ගේ අනුග්‍රහයෙන් බැංකු ලෝන් අරගෙන ඒවා නොගෙවූ කෝටිපතියන් අල්ලා වැලිකඩ බත් කන්න යවනවා කියන්නේද හිඟන ජෙප්පන්‍ය...


එහෙව් ජෙප්පන්ට.... එහෙම සිස්ටම් එකක් දැනටමත් තියෙනවාය යන්න අමතක වෙලාය.


සියල්ල නොමිළේ හා සහනාධාර ලෙස ලබා දෙන බව කියා.. මඩකලපුවේදී ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්‍යාහුටත් පාට් දානා.... ආධාර සමුළුවක් තියා රට ගොඩ ගන්නවෝ කියා සජිත් කියද්දී.....


ත්‍රිකුණාමලයෙන්, මිනිරන් ග්‍රැෆයිට් කිරීමෙන්, රට ඉන්න උන්ගේ ඩොලර් 500 න් මෙන්ම කැන්සර් විජ්ජායග්නයෙන්ගෙන් ආර්ථිකය ගොඩ දානවෝ කියපු තඹුත්තේගම ගවරාලලා එක පාරටම සංවර්ධන බැංකුවක් ගැන කතා කරන්නට ගන්නේ.... රනිල් උන්නැහේ ඒ ගැන කීවායින් පසුවය.


මේ හෙමින් හෙමින් එලියට එමින් තිබෙන්නේ.... මේ හිඟන්නන් බලයට පැමිණි පසු දෙන්නට යන ගේම් මිස වෙන කිසිවක්ම නොවේය. ඇත්තටම උන්ට මක්කත් කියලා වැඩක් ඇත්තේ නැතිය. මුනුත් අනික් දේශපාලුවෝ වාගෙමය.

ඒ ගැන කිව්වේද තඹුත්තේගම ගවරාලමය. 


ඒ හාදයා කිව්වේ.... පාර්ලිමේන්තුවේ ඉන්නා 225 ම බූරුවෝ කියලාය. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඒකටය.


88/89 ත්‍රස්තවාදී භීෂණ සමයේදී... ග්‍රාමිය බැංකු, සම්පාකාර, තේ ෆැක්ටරි, ගොවි ජන සේවා මධ්‍යස්ථාන මංකොල්ල කෑ මේ චේ ගුවේරා කාරයෝ දැන් කරන්නට යන්නේ.... 


සියළු බැංකුවල තිබෙනා මුදල් ටිකට වැඩේ දෙන්නට යන එකය. මෙතෙක් බලයට පැමිණි දේශපාලුවන් වැඩේ දුන්නේ රාජ්‍ය බැංකුවලට වුවද... මුන් ආ පසු සියලු වානිජ බැංකුවලටත් අත්වන්නේ ඒ ඉරණමය.


මුන්ට ලාබය කියන දේ ඇලජික්‍ය. අරහංය. උන් රට හදන්නට යන්නේ සම්පාකාර සිස්ටම් එකටය. සියල්ලෝ හිඟන්නෝ කිරීම ඒ ඉකොනමි තියරි එකය. උදාහරණ ලෙස කියුබාව හා උතුරු කොරියාව දෙස බැලුවාම හරිය.


එහෙම නැත්නම්..... පොලී නැති බැංකු පටන් ගන්න වෙන්නේ සල්ලි අච්චු ගගලාය. ගොබ්බ ගෝටා කොරෝනා කාළේ නැටුවේ ඒ නාඩගමය. ඒකේ රිසාල්ට් එක සියල්ලෝම දැක්කේය.


 පොලියක් නොගෙන බැංකුව දුවන්නේ කොහොමද කියා අසන්නට තරම් බුද්ධියක්.... උන් පසුපස යන අම්බරු රැලට ඇත්තේ නැතිය. 


කලින් කීවාක් මෙන්.... උන්ට දොස් කියා ඇති වැඩක් නැත්තේමය. මේ ඇවිල්ලා.... ඇට අට, හඳෙන් හාල්, පේසාලේ තෙල්,මන්නාරමේ ගෑස්, මෝදර මෝය කටේ මැණික්... කතාවේ තවත් චන්ද මගඩියක්මය.


දොස් කිව යුත්තේ... අනුන්ගෙන් ඉල්ලාගෙන කන බොන සුකනා හිඟන්නෝ පිරිසක්... රට ගොඩ දමයි කියා හිතාන.... පුපෙත් ඉස්ටිකර් අලෝගෙන උන් පස්සෙ යන අම්බරු රැලටය.....


ඒ වගත් මෙසේය......


.

Jul 4, 2024

ලෙනවගේ පෙත්සම, ජනාධිපතිවරණය, අධිකරණ බලය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.


ලෙනවගේ පෙත්සම, ජනාධිපතිවරණය, අධිකරණ  බලය  හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.

➖➖➖➖➖🔹🔹🔹➖➖➖➖➖


ජනාධිපතිවරණට දින නියම කිරීම කට ළඟ තිබියදී... "ලෙනව" නම් හාදයෙක් අධිකරණයට පෙත්සමක් ඉඳිරිපත් කරමින් කියා සිටින්නේ... ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ වසර 5 කට වරක්ද 6 කට වරක්ද කියා අධිකරණයෙන් තීන්දුවක් ලබා දෙන ලෙසත්..... එතෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම කල් දමනා ලෙසත්‍ය.


පෙස්සම සලකා බැලීම සඳහා සඳුදාට දින නියම කොට ඇති අතර එදිනට පෙස්සම විභාග කරන්නේද... එසේ නැතහොත් කුණු කූඩයට දමන්නේද යන්න තීරණය කරණු ඇත.


මොකා මොන දේ කීවත්... බුවා ගෙන එන තර්කය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලය... නිවැරදිය. අනික් උන් මොන බයිලා ගැහුවත්... ඒ බව තේරුම් ගත්තේ ගොම්මන්පිල උන්නැහේ ඉතරමය.


ලෙනව බුවා කියන්නේ... හිටන්ගේ කාළයේ ජනාධිපතිවරයාගේ ධූර කාළය වසර 6 සිට 5 දක්වා අඩුකර ගැන්ම නීතී විරෝධී බවය.


මන්ද ව්‍යවස්ථාවට අනුව... ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය පමණක් නොව ජනමතවිචාරණයක් තුලින්ද අනුමතය ලබා ගත යුතුය.


ඒ අනුව යහපාලනය විසින් කර ඇත්තේ ව්‍යවස්ථාවට අනුකූල නොවන නීතී විරෝධි ක්‍රියාවකි.


නීතියට අනුව මෙය දරුණු නීතිය උල්ලංගනය කිරීමක් වනාතර... යුක්තිය පසිඳලීමේ ප්‍රධානම ආයතනය වන ස්වාධීන අධිකරණයද මේ නීතී විරෝධී ක්‍රියාව අනුමත කරයිද නොකරයිද යන්න දෙස සියල්ලෝම බලා සිටී.


අධිකරණය මෙය ප්‍රතික්ෂේප කරන්නේ නම්..... එහි වාසිය හිමි වන්නේද පාර්ලිමේන්තුවටය. මන්ද මහාචාර්‍ය් නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා කී පරිදි....


ජනතාවට පමණක් නොව..

ජනතා නියෝජිතයින්ටද....

ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කැකිය...


එහි වැඩිම වාසිය ලැබෙන්නේ ජවිපෙටය.

මන්ද.... 

ඔවුන් බලයට පැමිණ පැය 24 ක් යාමට මත්තෙන්... පාර්ලිමේන්තුව විසුරුවා හැර කොමියුනිස්ට් රාජ්‍යය පිහිටුවා....

අධිකරණ බලයද ග්‍රාමසේවක වසම දක්වා විමධ්‍යගත කොට ජනසතු කළ හැකි බැවිනි.


ස්වස්ථි සිද්ධම්....!!!!

.

 

Jul 2, 2024

පාවෙවි එන වස බෝතල් අල්ලන්නවත් හිතන්න එපා


 

පාවෙවි එන වස බෝතල්

අල්ලන්නවත් හිතන්න එපා

➖➖➖➖➖🔹🔹🔹➖➖➖


රනිල් ලොක්කා ඊයේ පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් හා පුතානෝගේ සුපුරුදු තප්පුලෑමෙන් මතු වූ ප්‍රධාන කරුණ වූයේ ආරංචිය සුභද අසුභද යන්නය.


එයින් මාතලන්ගේ සිත වඩාත් ඇදී ගීයේ "ගෝල්ෆේස් එකටවත් යන්න බැරිව උන් පක්ෂ නායකයින්ට රටේ උතුරේ සිට දකුණට බයිලා ගසමින් යන්නට නිදහස දුන්න එක සුභද අසුභද?" .... කියලා රනිල් දාපූ කින්ඩියටය.


ඒ හැරෙන්නට... රටේ ආර්ථිකය ගැන පුතානෝ හා කයියනායක සඕදරයා කෙලින කෙප්ප වලටද උන්නැහේ උත්තර දුන්නේය.


විශේෂයෙන් මේ ඩොලර් බිලියන 100 කතාව මවපු මුදල් අමාත්‍යාංශයේ ඉන්නා ජෙප්පෝ කව්ද කියා උන්නැහේ විමර්ශනයක් කරන්නේ නම් වඩා හොඳය. එහි නිළධාරීන් වැඩි පිරිස ආන්ඩු විරෝධී ජෙප්පෝය.


ආර්ථිකය ගැන තියා පෝට් සිටියට යන කළු ගල් ගානවත් හරියට කියා ගන්න බැරි තඹුත්තේගම බවු බවුතික විජ්ජාග්නයා... සුපිරි ගල් ආඳා නිසා... නෝන්ඩි නොවී... පාර්ලිමේන්තුව මගහැර සූරියවැව ගොයියන්ට බයිලා ගසන්නට ගිය අතර... පූරූ බුතානෝ පුටුවේ ඉන්දෙන්නම රනිල්ගෙන් කන පුරෝලා අහගත්තේය.


මේ හැම එකාම දැන් පම්පෝරී ගසන්නේ.... මොන්ගල් වෙලා තිබ්බ රට නොමල් තත්වයට ගෙන ආ නිසාය. මේ පිරිසට පමණක් නොව පණ බේරාගෙන රටින් පැන ගිය කපුටන්ටද? හමුදා කෑම්ප් අස්සේ හැංගුන බේබිලාගේ තත්වයද එසේමය. උන්දැලාටත් රනිල් ලොක්කා හීන් නූලෙන්ම දුන්නේය.


අයිස් කුට්ටියේ හැපී ගිලෙන්නට ගිය ටයිටැනික් නෞකාව... ගිලෙන්නට නොදී බේරගත්තේ කැප්ටන් වික්‍රමසිංහය. දැන් නැවේ ඉන්නා පැසෙන්ජර්ස්ලාට ඒක අමතකය. උන් දැන්... අළුත් අවුරුදු කන පැලෙන්න කා... වෙසක් හා පොසොන් වලට දන්සල් වලින් කා බී ප්‍රීතී වී.... ඉස්මුරුත්තාවෙන් ඉන්න නිසා... උන්න හැටි අමතක වෙලාය.


දැන් උන්ට මූදේ පාවෙන බෝතල් දෙකක් පේන්නේය. එකක් මාලිමාවය, අනික ටැලිපෝනයය. මාලිමාවේ නම් තියෙන්නේ තනිකර කොමියුනිස්ට් වසය. ඒකේ තියෙන ඒවා බිව්වොත් විදේශ නැවකින් ඇවිත් හෝ බේරගැනිලි බොරුය. අන්තර්ජාලේ වගේ "පොහ්" ගාලා රටට අබ සරණම වෙනවාය. 


අනික් එකේ තියෙනේවා බිව්වොත් මැරෙන්න වෙන්නේ කොටස් වශයෙන්‍ය. එයා ආපූ ගමන් බදු අඩු කරන්නේය. පඩි වැඩි කරන්නේය. සියල්ල නොමිළේය. රනිල් ලොක්කා තිත්ත බෙහෙත් දී ගොඩගත් ලෙඩ්ඩු ටික මැරෙන්නේ... උන්දෑ ඉතිරි කරගත්ත ඩොලර් බිලියබ 5.5 ටත් කෙලවලාය.


මේ බව නොදන්නා වදකහ අමන ගොබසන්ලා උන්ගේ පස්සේ ගියත්... මොළය අබ මල් රේණුවක් හෝ තියෙනා උන්ට... දැන් බොන රනිල්ගේ තිත්ත බෙහෙත්... අරුන්ගේ මූදේ පාවෙන වස බෝතල් වලට වඩා ගුණදායක බව කෙමෙන් කෙමෙන් තේරුම් යමින් තිබෙන්නේය.


තිත්ත බෙහෙත් දිරවා ගන්න බැරි වී තිබෙන්නේ... මෙතෙක් කල් හොරා කෑ රාජ්‍ය සේවයේ පින් බතාලාට හා 2019 තිබූ මිළට කන්න බොන්න බලාන ඉන්නා හිඟන්නන්ටය. 


ශානී හා රවී කියන්නේ උදාහරණයන් දෙකක්‍ය. මේ කම්බා හොරුන්ගේ රැකවරණය ඇත්තේ මොනෑක් ඉම්පීරියල් එකේය. 225 ට වඩා කම්බා හොරුන් රැස් වෙන්නේ එතනටය.


හැබයි පිනට කන්නට බලා සිටිනා වදකහ ගොබ්බයන් නොදන්නේ දේ නම්... ඔය බෝතල් දෙකේම 2019 තිබූ මිළට මක්කත්ම නැති බවත්, ඇත්තේ වස මුසු කල අමු පච පානයක් බවත්මය.


බීලා බලන්න...

ආස හිතෙයි...


ඒ වගත් මෙසේය.....

.

Jun 29, 2024

උඩුගමසූරිය කියපු ඇත්ත

 


උඩුගමසූරිය කියපු ඇත්ත

➖➖➖➖🔹🔹🔹➖➖➖


මොනවා උනත් ඒ මනුස්සයා ඇත්ත කියපු එකට අපි ගරු කරන්න ඕන. ඒ මිනිස්සු මේ රට දාලා යන්නේ දේශපාලනය නිසාවත් බදු ගැහිල්ල නිසාවෙත් නෙමෙයි.... මේ රටේ නිළධාරී පැලැන්තිය... පට්ට ඉරිසියාකාර කුහක හැත්තක් නිසා.


ඇමරිකාවේ විශ්ව විද්‍යාලය තුල සිඳුවන සියළුම ක්‍රියාපටිපාටියන් මෙහේ විශ්ව ව්ද්‍යාල තුලද සිඳුවන බවත් ඒ සඳහා රජයෙන් මුදල් වෙන් කරන බවත් ඔහු පිලිගත්තා.


එතකොට සිඳු නොවන්නේ කුමක්ද? ගොඩාක් උන් කිසිම පරීක්ෂණ හෝ සමීක්ෂණ කිසිවක්ම නොකිරීමත්... කළත්... ඒවා අවසාන ප්‍රථිපලය ලැබෙන තෙක් ක්‍රියාත්මක වීමට කෝඩීනේෂන් එකක් නැති කමයි.


කෝඩිනේෂන් එකක් නැති බව උන්නැහේ පිලිගත්තට... ඒකට හේතුව එයා කියන්නේ නෑ... මොකෝ එයත් ඒ කුලකයේම කෙනෙක් වූ නිසා.


එතකොට මොකක්ද මේ නොකියන හේතුව හා ඒක නොකියන්න හේතුව?


ඒ තමා අකාර්‍ය්ක්ෂම රාජ්‍ය සේවය සහ නිළධාරී මාෆියාව. දේශපාලුවෝ මේක කියන්න බය තැපැල් චන්ද ගොඩ නිසා. අනික් උන් ඒක නොකියන්නේ අරුන්ට තියෙන අධිකාරී බලයට ඇති බිය නිසා.


හංසමාලිට එරෙහිව පැමිනිල්ල කළ එකා අල්ලලා හිරේ දාන්නේ ආන් ඒ තුච්ඡ සිස්ටම් එක.


මේවා දරුණුවටම ක්‍රියාත්මක වන තැනක් තමා විශ්ව විද්‍යාල පද්දතිය. තවත් ප්‍රධානම හේතුවක් තමා පරිපාලනය 33 කෝටියක් අමාත්‍යංශවලට වෙන් කර තිබීම. 


ඒ දේශපාලුවන්ට හොරා කන්න හදපු සිස්ටම්. මේවා හැදුවේ රණසිංහ ප්‍රේමදාස. හැබයි උන් ඔක්කොම පාලනය කරන ක්‍රමේ උන්නැහේ දැනන් උන්නා. සිරිසේනට ඝෝටට කෙලවුනේ මේවා නොදැන සිටීම.


විධායකේ වගේම.... මේවා අහෝසි කරන්න එකෙක් කතා කරන්නේ නෑ. උන් කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන්නෙත් නෑ. ඒ කියන්නේ උන් විධායක ජනාධිපති පයිසෙකට මායිම් කරන්නෙත් නෑ.


ඊයේ කෝප් කමිටුවේ හෙලි වුනා රුපියල් කෝටී 100 ක් විනාශ කරන රාජ්‍ය නිළධාරීන් හා උන්ගේ පට්ට ෆේල් AR සහ FR ගැන. උන්ට ඒවා විහිළු. පාර්ලිමේන්තුව වගේම මේ කමිටුත් දැන් පාර්ලිමන්ට් ජෝක්ස්. ඒවයේ ඉන්න දේශපාලුවොත් කම්බා හොරු. ඒවට එන උන් ඊට එහා හොර හැත්ත.


උන් කාටවත් බය නෑ.... මොකෝ කවදාවත් උන්ගේ රස්සාව නැති වෙන්නේ නෑ. හොරා කාලත් දිගටම සේවයේ ඉන්නවා. අස්කලොත් උද්ඝෝෂණ වැඩ වර්ජන කරනවා. ඇමතියගෙ කාමරේ වටකරලා ඌට නෙලනවා. මේ මාෆියා එතරම් බලවත්.


සිස්ටම් එක වෙනස් කරනවා කියලා ජෙප්පෝ ගෙනාවත් වෙන්නේ ඔච්චරයි. රාජ්‍ය සේවයේ වැඩිපුර ඉන්නෙත් ජෙප්පෝ නිසා උන් මේක කිසි අවුලක් නැතිව කරගෙන යයි. මොකෝ දැනටත් පට්ට දූෂිත උන් හැම එකාම කවර් වෙන්නේ යුනියන් බලය තුල.


ඒකට නම් අවශ්‍ය වෙන්නේ... තවත් ජේ ආර් කෙනෙක්, රණසිංහ ප්‍රේමදාස කෙනෙක් විතරයි. උන් රනිල් වික්‍රමසිංහ පයිසෙකට මායිම් කරන්නේ නෑ. උන් ඔය ඉඩම් ඔප්පු දෙන ඒවා.. අස්වැසුම වගේ ඒවා සියල්ල කඩාකප්පල් කරනවා. මට මේ ගැන පෞද්ගලික අත්දැකීමකුත් තියෙනවා. ඒවා නිළධාරින්ට කියලා වැඩකුත් නෑ. කියන්න එකෙකුත් නෑ. කිව්වට වැඩකුත් නෑ.


ඒකට ප්‍රධාන හේතුව පෞද්ගලික අංශයේ වගේ, පවරන වැඩ වලට කිසිම ටාගට් ඩේට් එකක් ටයිම් එකක් හා පසුවිපරමක් නොමැති වීම. අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ ඒක. 


ඒත් කැබිනට් තීරණයක් වගේම ජනාධිපති තුමාගේ නියෝගයක් අවුරුද්දකුත් මාස 6 ක් තිස්සේ ක්‍රියාත්මක වෙලා නෑ කියලා කෝපා කමිටුවේ ප්‍රශ්ණ කරන දේශපාලුවොයි උත්තර දෙන්න ආපු නිලධාරිනුයි කන පැලෙන්න හිනා වෙලා ආතල් එකක් ගත්තා. උන්ටම ඒවා ජෝක් වෙලා ඉවරයි.


මගේ පෞද්ගලික කාරනයටත් දැන් අවුරුද්දක්. නිළධාරීන් දෙන්නෙක් එකතුවෙලා ඒවා යට ගහලා. ඒ නිළධාරීන් කෝප් කමිටුවට ඇවිත් ගල් පැලෙන බොරු කියන්නේ.


ඒ සිස්ටම් නොහදා රට හැදිල්ල සම්මා බොරුවක් විතරමයි. රාජ්‍ය සේවය හා නිළධාරීන් ඒ තරම් දූෂිතයි. උන් අති බහුතරය කම්බා හොරු.


ඔය ඇත්ත එකෙක් කියන්නේ නෑ.....


.

Jun 27, 2024

අසුභවාදීන්ගේ සුභවාදී ප්‍රාර්ථනා....

 



අසුභවාදීන්ගේ
සුභවාදී ප්‍රාර්ථනා....
➖➖➖➖➖➖➖⭕

🔶 ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්න ගොබ්බසේනලා කියන්නේ... ඇමරිකන් ඩොලර් බිලියන 80 ක්ව තිබූ ණය දැන් ඇ.ඩො.බි. 100 ක් වෙලාය කියලාය.

🔶 ගිණුම් වාර්තාවල ඇතුලත් නොවී මේ බංකොලොත් රටට ඇ.ඩො.බි. 20 ක් ආයෙත් ණයට ගන්න පුලුවන් උනා නම්, රනිල්...., රාජපක්ෂලාටත් එහා වැඩ කරුවෙක්මය.

🔶 ආතල්ම කරුණ නම්, මේ වදකහ ගොබ්බයෝ හිතන්නේ, ඇමරිකානු ඩොලර් බිලියන් වලින් කියන නිසා, මේ ඩොලර් බිලියන 80 ම ෆොරින් ඩෙබ්ට්ස් හෙවත් විදේශ ණය කියලාය.

🔶 එහෙත් ඇත්තම කරුණ නම් ගැටලුවකට ඇත්තේ, ද්වීපාර්ෂවික හා ද්වීපාර්ෂවික ණය ඇ.ඩො.බි. 10 ක් සහ වානිජ් ණය හෙවත් ජාත්‍යන්තර බැඳුම්කර හෙවත් මචංලාගෙන් ලබා ගත් ඇ.ඩො.බි. 15 කට ආසන්න ප්‍රමාණයක් සඳහාය.

🔶 ඊට හේතුව, මේ බංකොලොත්භාවය අස්සේත් රජය විසින් බහුපාර්ෂවික ණය ගෙවමින් සිටිනා බැවිනි. රනිල් සුභ ආරංචිය ගෙන ආවේ ද්වීපාර්ෂවික ණය හිමියන් හා ඇතිකරගත් එකඟතාවය ගැනය.

🔶 ආන්ඩු විරෝධී අමන වදකහ ගොබ්බයන් මක්කා කීවද, එය වසර දෙකක් තුල අත්පත් කරගත් විශේෂ ජයග්‍රහණයක් බව IMF සංවිධානය පිලිගෙන අවසානය.

🔶 ලංකාවේ ආර්ථිකය ගැන තව්සන් ටොක් ඉෂූ කරනා දේශපාලුවන් අතරින් ඒ පිලිබදව යම් කිසි දැණීමක් ඇත්තේ, හර්ෂ ද සිල්වාට හා පාඨලීට පමණි. ජේ වී පී එකේ ඉන්නේ ලෝකල් කැම්පස් ඩිග්‍රී ලබාගත් ඉටිකොල ඩිග්‍රි කාරයෝය.

🔶 එයින් හර්ෂ ද සිල්වා හිතාගෙන ඉන්නේ... IMF එක හොයාගත්තේ බුවා කියලාය. 1950 පටන් ගත්ත IMF එකෙන් අපි ලෝන් දාන්නේ 1965 ඉඳලාය. එතකොට හර්ෂ බුවා අප්පගෙ ඇටෙත් නැතිය. අනික මීට කලින් 16 වතාවක් IMF එකට ගියේ... උන්නැහේට හෝ උන්නැහේගේ ආච්චිට කියලා වෙන්නට ඇතිය.

රටට කෙලවෙන තෙක් බලා සිටිනා මේ වදකහ ගොබ්බයින්...

🔴 මුලින්ම කිව්වේ IMF ලෝන් එක ලැබෙන්නේ නැහැ කියලාය. හැබයි ලැබුනේය.

🔴 ඊළඟට කිව්වේ 2 වන වාරිකේ ලැබෙන්නේ නෑ කියලාය. ඒකත් ලැබුනේය.

🔴 ඊට පස්සේ සපත කර කීවේ... තුන නම් කීයටවත් හම්බ වෙන්නේ නෑ කියලාය. හැබයි එහෙම කියනා උන්ට තුනත් නැති බව පෙන්වමින් තෙවන වාරිකයත් ලැබුනේය.

🔴 රෙද්දේම රෙවීමෙන් ඉනික්බිති කිව්වේ. ලැබෙන්නේ ඔච්චරම තමා. චීනෙවත්, පැරිස් ක්ලබ් එකවත් නෙගෝෂේට් කොරගන්න සංසාරේ බැරිය කියලාය. දැන් ඒකත් කරගෙන සතිංඤ්ඤා දමා කිරිබත්ද කා අහවරය.

😁 දැන් මුන් කියන්නේ දරුණුම ගේම තියෙන්නේ මචංලාගෙන් ගත්ත ණයත් එක්කය. උන් ඒවාට නඩු දාන්න යනවාය කියලාය. සමහර විට ඒ නඩුවල ලීගල් ඇඩ්වයිසර් හර්ෂ ද සිල්වා හා හඳුන්නෙත්ති හාදයා වෙන්න ඇතිය.

👍 රනිල් හා ෂෙහාන්, ඒකත් ගොඩ දා ගත්ත දවසට මුන්ට නඩුවක් බලාගන්න වෙන්නේ... අළුත්කඩේට ගොස් නොව, තලවතුගොඩ පැත්තේ හෝ ජුලියානා එක පැත්තේ ගිහිල්ලාය.

ඒ වගත් මෙසේය.......

Jun 24, 2024

රටට සුභ වුනාට අපිට අසුභයි යකෝ....

 



රටට සුභ වුනාට
අපිට අසුභයි යකෝ....
➖➖➖➖➖➖➖💀➖

‍🔹රට බාරගන්න කිව්ව වෙලේ රනින් ෂූෂ් දාලා පස්ස නොබලා දිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹පාර්ලිමේන්තුවත් ගිනි ති‍යලා, පොල්පොට් පාලනේ ගේන්න ගියපු අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹රනිල්ගේ ගේ ගිනි තියපු අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹රනිල් තෝත් පල කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹රනිල් තොට දෙන්නේ මාස තුනයි කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ලංකාවට සත පහක් එවන්න එපා කියලා ධනවාදි රටවල ඉන්න අම්බරුවන්ගෙන් ගාන කඩාගෙන එන  අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ඩොලර් එක 600 ට යනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹සාගතයක් ඇවිත් ඔක්කෝටම කන්න නැති වෙනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹පාන් ගෙඩියක් ගන්න විල්බැරෝ එකේ සල්ලි ගෙනියන්න වෙනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹බැංකු වල තැන්පත් සල්ලි ටික ගනිල්ලා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹බැංකු පද්දතිය කඩා ගෙන වැටෙනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹IMF ලැබෙන්නේ නැතෙයිය, දෙවනි වාරික, තුන්වෙනි වාරික ලැබෙන්නේ නැතෙයිය කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹තිරිකුණාමලෙන් රට ගොඩදානවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹පිට රට ඉන්න උන් එවන ඩොලර් 500 න් රට ගොඩ දානවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹නැවේ කැප්ටන් බැහැලා ගියාම නැව් ගන්නවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියලා සමාව භාජනේට දානවැයි කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ජාත්‍යන්තර ණය කාරයන්ට පස්සේ දෙන්න මචං කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹සුපර් මාර්කට් සිල්ලර කඩ වහලා සම්පාකාරෙන් ආර්ථිකේ ගොඩ දානවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹මිනිරන් වලින් ග්‍රැෆයිට් හදලා රට ගොඩදානවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹වකුගඩු රෝගයට සොලියුෂන් නෑ කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹ආයෝජකයෝ ලංකාවට එන්නේ නෑ කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹මෙහේට එන්නේ සංචාරකයෝ නෙමේය, හිඟන්නොයි වේසියොයි කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...
🔹උද්ධමනය හා බඩු මිළ අතර වෙනස නොදන්න අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹මුදල් අමාත්‍යශයේ වාර්තා කියව ගන්න තරම් ආර්ථික දැණුමක් නැතිව, ණය බර ඩොලර් බිලියන 100 වෙලාය කියන ආර්ථික උස්තාද්ලස් ඉන්න අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹නීතිය ක්‍රියාත්මක කිරීම ගමේ මදාවියන්ට දීලා පොල්පොට් පාලනේ ගේනවා කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹පිටරට ළමයි මෙහේ එවන්න එපා, මෙහේ දරුවන්ටත් ආරක්ෂාවක් නෑ කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹තොපේ දරුවන්ට පෞද්ගලික විස්ස විජ්ජාල අකැප වුනාට, අපේ දරුවන්ට ඒවා කැපයි කිව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

🔹මැයි 9 වෙනිදා ගෙවල් ගිනි තියලා 13 ක් නිවන් යැව්ව අපිට මේවා අසුභ ආරංචි යකෝ...

ඒ විතරක් නෙමේ...

🔹ලක්ෂ 69 ක් අරගෙන දේශිය ආර්ථිකයක් ගෙනත් රට භංකොලොත් කරලා, ගොටත් එක්ක නැවෙන් පැනලා ගිහින්, පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි ඇමරිකා පනින, දැන් තවුසන් ටෝක්ස් ඉෂූ කරන උන්ටත් මේවා අසුභ ආරංචි තමයි යකෝ...
.


Jun 21, 2024

බැසිල්ගේ සුරතාන්තය හා රාජපක්ෂලාගේ අවසානය


 

බැසිල්ගේ සුරතාන්තය හා
රාජපක්ෂලාගේ අවසානය
➖➖➖➖➖➖➖➖🔴➖

රාජපක්ෂලාට කෙලියේ වෙන කවුරුවත් නොව රාජපක්ෂලාමය. ගෝටා බැලුවේ රාජපක්ෂ පවුලටම ෂොට් එක දී.. සීරෝ වන් ගේට්ටුව ගාව උන් ත්‍රස්තවාදීන් එක්ක රට කරගෙන යන්නටය.

රාජපක්ෂලා ඉල්ලාගෙනම කෑ මැයි 9 වනදා, මහගෙදර හා අම්මා තාත්තාගේ සොහොනත් ගිනි තබා.. තංගල්ල කාල්ටන් නිවස ඉදිරියේ විරාජමානව වැඩ හුන් කළක් ජාතියේ පියාව වුන්... ඩී ඒ රාජපක්ෂ ශ්‍රීමතානෝ බෙල්ලෙන් ඇද පොලොවේ ගසන්නටත් ඉඩ හැර... තම පාක්ෂිකයින්ගේ නිවෙස් ගිනි තබා විනාශ කරනායුරු ටැලිවිෂන් එකෙන් ආතල් එකේ බලාන උන්නේ ඒ නිසාය.

එහෙත් ගෝටා කෑ ළණුවේ තරම උන්දැට තේරුනේ ඉන් මාස 2 කට පසු බැසිල් හාමූ එක්ක බව්වෝ වගේ ජීවිත බේරාගෙන රටිනුත් පැන ගිය දිනයේය. රනිල් වික්‍රමසිංහ නොවන්නට එදා රාජපක්ෂලාට හා බයියන්ට කන්නට වෙන්නේ මැයි 9 වනදා කෑ පරිප්පුවටත් එහා ගිය පරිප්පුවකි. දැන් උන්ට ඒවා මතක නැතිය.

එමෙන්ම කිසියම් ආකාරයකින් ජෙප්පන්ට බලය ලැබුනහොත්... රාජපක්ෂලාට හා බයියන්ට අත්වන ඉරණම ගැන අනාවැකි දැනටමත් ජේවීපී නායකයින්ගේ මුඛරි කටවල් වලින් එලියට පැන අහවරය.

මේ බව තෙරුම් ගත් මොළේ කළඳක් හෝ ඇති බයියන් වැඩිම පිරිසක් ජෙප්පන් සමඟද, තා පිරිසක් සජිත් හා ජලනි බලවේගය සමඟද, ඉතිරි පිරිස රනිල් සමඟද එක් වී අවසානය. දැන් බැසිල් හා නාමල් වටා ඉන්නේ... ශිරන්ති හා යෝෂිතගේ දිරච්ච ළණුව කා .. මැයි 9 වනදා අරලිය ගහ මන්දිරයට පැමිණ... ඉල්ලාගෙනම පරිප්පු කෑ.... කුර හා අං සහිත අමුම අමු ගොබ්බයන් පිරිසක් පමණි.

බැසිල් හිතන්නේ උන්නැහේ මාර පොරක් කියලාය. ඒත් රාජපක්ෂ පවුලේ එකෙක්වත් නොදන්නා දෙය නම් මුන් සියල්ලෝම රැකුනේ... මහින්ද රාජපක්ෂගේ රැස් වලල්ලේ එලියෙන් බවය. මොළ හතක් තිබෙනවා යැයි කීවාට උන්නැහේ දන්නේ කෙලවී ගෙන එන කොට පැනලා මාරුවෙන එක පමණයි කියා දැන් බයියෝ දන්නවාය.

මේ වන විට, නිහාල් විසින් තල්ලු කරගෙන එන මහින්ද මහත්තයාගේ රැස් වලල්ල නිවී ගොස් ඇති බව ගෝනා ඔනෙකුට තේරෙනවාය. තව කාළයක් ෆුල් ෆිට් එකේ ඉන්න සිටී ආතල් බුවා... අරලිය ගහ මන්දිරයේ කකුල් දෙකෙන් එල්ලා යොගී කරන්නට ගොස් ලෙඩෙක් කළෙත් මේ මැට්ටන් පිරිසම හැර වෙන කවුරුවත් නොවේය. තවමත් ඩයි නාවා, සැන් පවුඩර් දමා, නිහාල් විසින් තල්ලු කරගෙන විත් වෙඩින් කේක් එක වගේ ප්‍රදර්ශනය කලාට, ඇතුලේ කේක් නැති බවත්, ඇත්තේ රිජිෆෝම් බවත් දැන් සියල්ලෝම දන්නවාය.

රටක් ගෞරවය කළ.. ආදරය කළ.. මහින්ද මහත්තයාට මේ සියල්ල නැති කළේත් සතුරන් හෝ මිතුරන් නොව හාමු නෝනා සමඟ දරුවෝ තිදෙනා හා විශේෂයෙන් බැසිල් බ්‍රෝ බවත් දන්නෝ දන්නවාය. මහින්දගේ මිතුරන් සියල්ල ඔහුගෙන් ඉවත් කොට, ප්‍රාදේශීය මැරයන් හා කම්බා හොර අන්තේවාසික වහල් බයියන් පිරිසකගේ නායකයෙක් බවට මහින්ද මහත්තයා පත් කලේ මොවුන්ය.

තවමත් නෙළුම් මාවතේ රංඟනයේ යෙදෙන්නේ මොවුන්‍ය. ඔවුන් කිසිඳු පක්ෂයකට හෝ සංධානයකට වැද්ද ගන්නේ නැතිය. තනියෙන් ගමනක් හිතන්නටවත් බැරිය. කරපු කරපු රැස්වීම්... සම්මන්ත්‍රණ... කුමන්ත්‍රණ... වැඩ මුලු සියල්ල... පට්ට ෆේල්‍ ප්‍රොජෙක්ට්ස්‍ය. ඉන්නේ අර හාල්පාරුවෝ ටික පමණය.

එකම පිහිට හා ආරක්ෂාව ඇත්තේ රනිල් ළඟ පමණය. තත්වය එසේ තිබියදි... උන්නැහේට හා උන්නැහේ වටා එක් වූ පිරිසට පාට් දාන්නේ... මොළ හතක් ඇති නිසා නොව, මොළේ පුපේවත් නැති නිසාවෙන් බව ලියා තබා මේ පල්හෑල්ල මෙතනින් අකුලා දමනවාය...

ඉස්ධූතියි... නන්ඩ්‍රෙයි.... ටැම්ක්ස් හොඳේ...

Jun 13, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය.


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය.
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️

ශ්‍රී ලංකට් ක්‍රිකට් නැවතත් විනාශයි කියා මාතලන් ලියූවේ... දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කළ දාය. මිනිසුන්ට එපා වෙලාම තිබූ ක්‍රිකට් වලට නැවත ආදරය කරන්න පටන් ගත්තේ... දසුන්ගේ නායකත්වයෙන් කණ්ඩායම තුල ඇති වූ... කණ්ඩායමම එකා මෙන් ක්‍රීඩා කළ කණ්ඩායම් හැඟීම නිසාය.

එය ක්‍රීඩා පිටියේදී මෙන්ම ක්‍රීඩාගාරය තුලදීද පැහැදිලිව දැක ගැන්මට ලැබින. එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු හා කළමණාකරුටත් වඩා ක්‍රීඩකයින් මෝටිවේට් කළ ක්‍රීඩකයෙක්ද කණ්ඩායම තුලම සිටියේය. ඒ චාමික කරුණාරත්නය.

ක්‍රිකට් ගැන නොදන්නා උන්ට මේ ක්‍රීඩකයින් දෙදෙනා කළ රෝල් එක ගැන කිසිඳු අවබෝධයක් නොමැති වීම නිසා ඔවුන් වෙත එල්ල වූ චෝදනා හමුවේ දෙදෙනාම කපා දැමීමට මාෆියාවට හැකි විය.

ඉන් පසු ආඬී හත් දෙනෙක් නොව හැට පහක්ම එක් වී..   විස්සයි විස්ස ලෝක ලෝක කුසලානය දිනන්නම යැවූ "දිනන කණ්ඩායම" මැච් දිණූ හැටි ලෝකයම දැක්කේය.

ක්‍රිකට් විචාරකටන්ට අනුවද... ශ්‍රී ලංකට් කණ්ඩායම අතිශය දුර්වල කණ්ඩායමකි. නායකයා නායකත්වයට කිසිසේත්ම නුසුදුසු නායකයකු බව පන්දු යවන්නන් කළමණාකරනයේදී මෙන්ම ඉන්පසු පැවති මාධ්‍ය සාකච්ඡා තුලදීද පැහැදිලිවම පෙනිනි.

අද ඔහු මාධ්‍ය සාකච්ඡා මගහරියි.. තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් ඇමරිකාවේ බඩු ගහන්න එක්ක යන්න වෙනත් ක්‍රීඩකයින් කැපූ එකා... දැන් කියන්නේ ක්‍රීඩාගාරයෙන් ඌට උපදෙස් ආවේ නැත කියාය. බක පණ්ඩිතයින්ට කිසුවකුත් උපදෙස් දෙන්න යන්නේ නැතිය.

මේ සියල්ල දැන් අතීතයට එක් වී අවසානය. කෙසෙල් වඟාවේදී වඳ පීදුන කෙසෙල් ගස් කපා ඉවත් කරන්නේය. ඒ පීදෙනා ගස් රැකගැන්මටය. එහෙත් පට්ටම ලොල් සහගත ක්‍රියාව වන්නේ අතීසාරයට අමුඩය ගසන්නා සේ... සිරි ලංකා ක්‍රිකට් විසින් බින්දුසාරයා නායකයා ලෙස නම් කිරීමය.

විය යුත්තේ එය නොවේ.

🔷 මුලින්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරිය යුතුය. (මෙහිදි ICC ය විසින් අපේ ක්‍රිකට් නැවතත් තහනම් කරණු ඇත. එය අනගත ක්‍රිකට් ක්‍රීඩාවට කරනා මහඟු සේවයක් වන අතර නැවතත් කණ්ඩායමේ දස්කම් පෙන්වා ලබාගත හැකි දෙයකි)

🔷 කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් පැතුම් නිශ්සංක සහ ඩිල්ශාන් මධුසංඛ, වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, සධීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත, නුවන් තුෂාර හා මතීෂ පතිරණ වැනි නැවුම් ක්‍රීඩකයින් හැර අනෙක් සියළුම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම් තුලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. වැඩ කාරයෝ නම් වෙන රටකට ක්‍රීඩා කර ඔවුන්ට අප වෙත පුප පෙන්විය හැක. (එහෙත් මේ එකෙකුටවත් ක්‍රිකට් තුල අනාගතයක් ඇත්තේ නැත.)

🔷 පුහුණුකරුවන්, කළමණාකරුවන්, තේරීම් බාර නිළධාරීන් ඇතුලු සියල්ලම එලවා දමා ඒ වෙනුවට විදේශිකයන් පත්කළ යුතුය. අර්ජුණලා, සනත්ලා, ඩිල්ශාන්ලා,මාවන්ලා, සංඝලා, මහේලලා තබා මුරලිලා දැම්මත් යන්නේ මේ සිස්ටම් එකමය.

🔷 කණ්ඩායමේ විනය මෙන්ම ඇඳුම් පැළඳුම් හා විශේෂයෙන් ඔවුන්ගේ කොන්ඩා හා රැවුල් ගැන සොයා බැලීමට විනය නිළධාරියකු පත් කළ යුතුය. මොවුන් නියෝජනය කරනුයේ ඔවුන් නොව රටක් ජාතියක් බව මොවුන්ට වෙනම දේශන පවත්වා පැහැදිලි කර දිය යුතුය.

🔴 ජාතික කණ්ඩායම තුල කිසිම ක්‍රීඩකයකුට පෞද්ගලික කළමණාකරුවන් පත්කර ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. (ක්‍රීඩාවට කෙලවීමේ මූලික හේතුව මෙය වන අතර, වැඩ බැරි නාකී  හාල්පාරුවන් කණ්ඩායම තුල රැඳී සිටීමේ මූලික හේතුවද මේ මාෆියාවය.)

🔴 මේ සියල්ල ක්‍රීඩා ඇමති විසින් ගත යුතු තීරණයන්‍ය. ඔහු  විසින් මෙය ඉටු නොකර පැරණි දක්ෂ ක්‍රීඩකයින්ට හා ෆේස්බුක් විචාරකයින්ට දෝෂාරෝපනය කරමින් මේ සිටිනා ගොබ්බයින් සමඟ ඉදිරියට යා හැකියයි සිතන්නේ නම්... ඔහේට මෙන්ම ඔහේගේ නායකයාටද සම්මා සම්බුදු සරණය.

🔴 අප කී දේ කළහොත්..  මෑතකදී නොව, 2048 දි හෝ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් හා ක්‍රීඩකයින් බිහිකර ගැන්මට රටට පුලුවන් වනු ඇත.

ස්වස්ති සිද්ධම්.... !!!!

.
 

කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන.. ඉටිකොල ජෙප්පන්ගේ... අනාගත කොමියුනිස්ට් රාජ්‍යය.



 


කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන..
ඉටිකොල ජෙප්පන්ගේ...
අනාගත කොමියුනිස්ට් රාජ්‍යය.
➖➖➖➖➖➖➖➖➖➖➖⭕

70-77 යුගයේ සිරිමාගේ මැයි පෙලපාලියේ ගිය බයි කම්කරුවන්ගේ සටන් පාඨය වූයේ....

සීනී නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව හොදි කන්නම්
මැතිනි අපේ කියනවා නම්
පිඳුරු වුනත් අපි කන්නම්

කියලාය..... ඒ කාළයේ නොව... මේ කාළයේද ඒ විදියට ගියා නම් රට ගොඩ යනවා කියන අමන අම්බරු බයියෝ ඕනෑ තරම් තවමත් ඉන්නවාය.

ගොබ්බ ගෝටා ගෙනෙගිය වැඩ පිලිවල වර්ණනා කරන්නේ එහෙව් ඔල්මොරොන්දම් මොරි මාඩ අම්බරු වහලුන්‍ ය. ඒ වහලුන් අති බහුතරය දැන් පෙරුම් පුරමින් ඉන්නේ... අනුර කුමාරයා රජ කරවා ඒ පරිප්පුව නැවතත් ඉල්ලාගෙනම කන්නටය.

මේ බව දන්නා ජෙප්පෝ... මේ මොහොතේ කිරි තේ එකක් බොන ජනතාවට අනතුරු අඟවමින් කියා සිටින්නේ... උන් ආ දා පටන්... නෝ කිරි තේ කියලාය.. ප්ලේන්ටිය බොන්න වෙන්නේත් සීනී නැතිවය. මන්ද උන්ගේ ප්‍රතිපත්තිය අනුව කිරි තේ එක අධි සුඛෝපභෝගී භාන්ඩයක්‍ ය.

බලය ලබා ගැන්ම බඩේ බත් වගේ විශ්වාසයෙන් උන් ජෙප්පෝ... දැන් බහුතරය 90% විතර යැයි කියූ ජෙප්පෝ... දැන් බලය ගත්තාට තොපිට සුර සැප දෙන්න වෙන්නේ නෑ... පරිප්පු කන්න රෙඩි වෙලා හිටපියව් කියා කිසිඳු පැකිලීමකින් තොරක කෙලින්ම කියන්නේය. ඒ උනට චන්දය දෙන්නේ අමු ගොබ්බ අම්බරුවෝ බව උන් අවබෝධ කොටගෙන අවසාන නිසාය.

උන්ගෙන් 2019 මිළට ගෑස් ගන්න බලාගෙන ඉන්නා උන්ට සම්මා සම්බුදු සරණය. පුප නමාගෙන ලිපට පිඹ පිඹ දර ළිපේ උයන කොට රනිල් ගෙදර යැවූ එක කෙතරම් අපරාධයක්දැයි කියා... එදාට උන්ට තේරෙනු ඇතිය.

ධනපති පන්තියට හා ප්‍රභූන්ට වෛර කිරීමේ පාපය මේ පරිප්පු කන දිනට උන්ට අවබෝධ වනු ඇත්තේය.

එහෙත් උන්ට තියා කිසිවෙකුටත්... ජේවීපි කොමියුනිස්ට් රාජ්‍යයට එරෙහිව කටක් හොල්ලන්න වෙන්නේ නැති බව ලාල් අයියා කියා අවසානය.

දේශපාලන බලය සමඟ රාජ්‍ය බලයද ලැබුන පසු ඒවා ක්‍රියාවේ යොදවන ආකාරය ඔවුන් දන්නා බවත්... ෂොට් එක දෙන්න ඕන සෙට් එක දැනටමත් මාක් කරලා ඇති බවත්... ෂොට් එක දීම සඳහා කණ්ඩායමක් ඉන්නා බවත්..  ලාල් මෙන්ම හඳුන්ද දැන් කෙලින්ම කියන්නේය.

අධි සුඛෝපභෝගි ජීවිත ගත කරනා රටේ බදු ගෙවනා ව්‍යවසායකයින් හා පෞද්ගලික බැංකු පද්දතියට මෙන්ම.... සුපර් මාකට් සංස්කෘතියේද අවසානය ඔවුන්ගේ පැමිණීම බව.... හඳුන්ගේ කතා තුල මෙන්ම චතුරංග අබේසිංහගේ සටහන් තුලද ඉතා නිරවුල්ව විග්‍රහ කර අවසානය.

උන්ට මේ රට දියුණු කිරීමේ කිසිඳු වැඩපිලිවලක් හෝ ප්‍රතිපත්තියක් ඇත්තේ නැතිය. උන් එවෙලෙට කටින් කියන දේ උන්ගේ ප්‍රතිපත්තිය බව කීවේ නලින්ද ජයතිස්සය.

ජනතාවට සිඳුවන්නේ... උන්ගේ පන්තියේම පිරිසක් අධි සුඛෝපභෝගි ජීවිත ගතකරනාකරය දෙස බලාගෙන.... සදාකාලිකව කියුබාවේ හා වැනිසියුලාවේ ජනතාව මෙන් ජීවත් වන්නටය.

නමුත් උන් එක දෙයක් කරනා බව විශ්වාසය. එනම් උන්ගේ ආර්ථික උස්තාද්ලා අනාවැකි පලකල ආකාරයට ඩොලර් එක රුපියල් 600 ට ගොස් සමස්ත ජනතාවම.. සම්පාකාර පෝලිමේ සිට පාන් ගෙඩියක් ගන්නා හිඟන්නන් පිරිසක් බවට පත් කරනා බවය.

ඇති නැති පරතරයක් නැති සමාජවාදී රටක 1970 - 77 දක්වා අප ඒ ජීවිතය අත්විඳ තිබුනද... සිස්ටම් චේන්ජ් ඉල්ල්න Z පරම්පරාවට ළඟදීම ඒ වාසනාව ජවිපේ විසින් ලබාදෙන බවත් දැන් ඔවුන් ප්‍රකාෂ කොට අහවරය....

දීලා බලන්න
ආස හිතෙයි......

Jun 10, 2024

ලාහෙට ගෙම්බන් එකතු කරමින් පොදු අපේක්ෂකයා විය හැකිද


 

ලාහෙට ගෙම්බන් එකතු කරමින්

පොදු අපේක්ෂකයා විය හැකිද

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මාතලන් නම් තවමත් කියන්නේ... පවතින තත්වය අනුව ජනාධිපතිවරණයක් නොතියා... රනිල්ට තව වසර පහකට බලය පවත්වාගෙන යා හැකි ක්‍රමයක් සකසා ගන්නවා නම් එය රටට මෙන්ම ජනතාවටද සෙතක් කියලාය.


එය කළ හැකි ක්‍රමයක් ව්‍යවස්ථාවේම තිබියදි.... එය භාවිතා නොකරන්නේ නම්... එය රටේ හා ජනතාවගේ අවාසනාවය. රංගේ බන්ඩාර එලියට දැම්මේ ඒ ක්‍රමයය. ඒ ජනමත විචාරණයක්‍ ය. ජේ ආර් මේවා ව්‍යවස්ථාවට ඇතුලත් කළේ ඔහු තුන් කල් දුටු දේශපාලුවෙක් නිසාය. ඒවා ඇත්තේ මෙවන් විශේෂ අවස්තාවන් වලදී භාවිතා කිරීමට මිසා පොත් ගුල්ලන්ට කන්නට නෙමේය.


යහපාලන සමයේ සිරිසේන නම් පිස්සා එලවා දැමීමට දෝෂාභියෝගයක් ගෙනාවේ නම්... එය පහසුවෙන් ජයගත හැකිව තිබියදි, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර වසර පහම පිස්සෙක් හා පිස්සු කෙලීමෙන් සිඳු වූ දේ මුළු ලෝකයම දැක්කේය. පිස්සා තවමත් පිස්සු කෙලිමින් සිටිනා අතර... අංගොඩ සිටිය යුතු පිරිසක් ඌ වටේ තවමත් කැරකෙමින් සිටීම මාර ලොල් සහගතය.


ජනමත විචාරණයකට යන්නේ වුවද, එහිදීද... දක්ෂිණාංශික පක්ෂ සියල්ල රනිල් වෙනුවෙන් පෙලගස්වා ගැන්මට රනිල් සමත් විය යුතුය. නැතිනම් ජවිපේ ජයග්‍රහණය ස්ථිර වන්නේ, ජනමතවිචාරණයද තම වාසියට හරවා ගැන්මට ඔවුන්ගේ ප්‍රචාරක ජාලය සවිමත් හා ප්‍රභල නිසාය.


රනිල් රට වැටුන අගාධයෙන් ගොඩ ගත්තාට...  සාමාන්‍ය ජනතාවට ඒ ගැන දැණුමක් ඇත්තේ නැතිය. එපමණක් නොව ජනතාවගේ ඇඟට දැනෙන වෙනසක්ද තවම ඇති වී නැතිය. උන් භාන්ඩ හා සේවා ඉල්ලන්නේ 2019 පැවති මිළටය. දන්සැල් දැම්මත් ඒ ගානට දෙන්න බැරි බව කියන්නට ආන්ඩුවේ එකෙක් ඇත්තේ නැතිය.


රජයට හා ආන්ඩුවට ඒ ගැන දැණුම්වත් කිරීමේ නිසි වැඩපිලිවලක් ඇත්තේම නැතිය. ඒ සඳහා ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් සමඟ ඇයි හොඳයියක් ඇත්තේම නැති අතර... ඔවුන් සියල්ල ආන්ඩු විරෝධි කඳවුරුවල සුවච කීකරු ගෝලයින් වී අවසානය.


එමෙන්ම රනිල් පොදු අපේක්ෂකයා යැයි කීවද... ඔහුගේම අලි ගාලේ හෙන අලි වලිය... ඊට හේතුව... ඉන්නේ ඇපත් නැති වූ අලි නිසා... උන් තවමත් ඉන්නේ පිස්සු වැටිලා වෙන්නට පුලුවනිය. සජිත් ළඟ ඉන්න අලි... ඕන් එනවා... මේන් එනවා කිව්වාට... අරගලේ එක්කම සජිත්ගේ ගාල කඩාගෙන ආ... හරීන් හා මනූෂ හැර... වෙන එක අලියෙක්කත් තමන්ගේ ගාලට ගන්නට රනිල් අසමත් වුනේය.


ඔහුට මේ වන තෙක් කිසිඳු පක්ෂයක හෝ සභාගයක හෝ සංධානයක සහාය කෙලින්ම ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කොට නැතිය. එවන් ප්‍රකාෂයන් පුද්ගලයින් වශයෙන් වෙන් වෙන්ව ලැබී ඇත්තේ කැබිනට් මන්ඩලේ ඉන්නා පෝට්ටුවේ මැති ඇමති කම් කරනා උන්ගෙන් පමණය.


එමෙන්ම පනත් සම්මත කර ගැන්මට තවම ලැබෙන්නේද පොහොට්ටුවේ චන්ද පමණය. 


ලංසා මුල සිටම රනිල් හා උන්නද එම කඳවුරටද යම් ශක්තියක් ගෙන ආවේ.... මහින්ද අමරවීරලාය. එය සිඳුවන්නේද පිස්සා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිකරණ ඇමතියාට විකුණූ නිසාය. එහෙත් ඔවුන්ද මේ වන තෙක් ඔවුන්ගේ සහාය රනිල්ට ලබාදෙන බව කෙලින් ප්‍රකාෂ කොට නැතිය.


එමෙන්ම ඒ කණ්ඩායම තුලද දැකගන්නට ලැබුනේ අනාත වූ සිරි ලංකා කාරයන් පමණි. රනිල්ට සහාය දෙන බව ප්‍රසිද්ධියේ කී ප්‍රසන්න ඇතුලු කැබිනට්ටුවේ තරුණ දක්ෂයින් රැල උන්නේ නැතිය.


දැන් හැම එකාම කියන්නේ මේ වැඩපිලිවල ඉදිරියට යා යුතු බවය.... සජිත් හා අනුර කියන්නේත් ඒකමය. අනුර කිව්වේ වැල් පාලමේ ඉතිරි භාගේ යන එක මහ දෙයක් නෙමේ කියලාය.


ඉදින් මේ රනිල් වටේ ඉන්න අයත් මේ වැඩපිලිවල ඉදිරියට ගෙන යන කෙනෙකුට සහාය දෙනවා කියන්නේ.....


අවසාන මොහොතේදී... දැන් යන රැල්ල අනුව... වළං ශානී වගේ අනුර සහෝදරයාට සහාය පලකිරීමට ඉන්නවාදෝ කියා සැකයක්.... මාතලන් වන මා හට තියෙන්නේය.


මන්ද යත්... රැල්ලේ සැරට... තඹුත්තේගම බන්ඩා ලන්ඩන් ගොස් පැමිණි පසු... ග්‍රෑන්ඩ් මොනෑක් එකේ පවත්වන ජවිපේ මීළඟ සමුළුව... ජවිපේ හා එකතුවන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ සමුළුවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති නිසාය.


ගෙනියන්නේ රනිල්ගේ වැඩපිලිවලම නම්.... රනිල් ලොක්කාත් ඒකට ගියාම.... අපිටත් අවුලක් නැතිව ජවිපෙට සප් එකක් දීලා....


ඔවුන් බලයට ආවාම අපිට වෙන දේ බලාගනින් කියා තර්ජන කරනා එම පක්ෂයේ උගත් බුද්ධිමත් අනුගාමිකයින්ගෙන් අප වැනි හාල්පාරු අශූචී අනුභව කරනා වගලුන්ගේ ජීවිත බේරාගත හැකි වන්නේය...


ඒ වගත් මෙසේය.....

Jun 8, 2024

ඇමරිකාවේදී ලංකාවේ ක්‍රිකට් ආදාහනය කළේය...

 


ඇමරිකාවේදී ලංකාවේ ක්‍රිකට්

ආදාහනය කළේය...

➖➖➖➖➖➖➖⭕


ලංකාවේ ක්‍රිකට් විනාශ කළේ ශම්මි සිල්වා ඇතුලු මාෆියා කල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැතිය. ඔවුන් කෙතරම් බලවත්ද යන්න රොෂාන් රණසිංහ විසින් කල්ලියට එරෙහිව ඇල්ලූ ජල්ලිය නිමා වූ අයුරු දෙස බැලීමෙන්... ගෝනා ඔනෙකුට තේරෙනවාය.


මාතලන් ඒ කාළයේම කිව්වේ රොෂාන් ගැසූ ගේම ගහන්න තිබුනේ රනිල් එක්ක කියලාය. එහෙත් ඒ ගැන වැටහීමක් නැති රොෂාන්.. සාගලට ගහන්නට ගොස් සියල්ල ඛේදවාචකයකින් නිම වී... මාෆියාව නැවතත්... සිටී තත්වයටත් වඩා ප්‍රභල තත්වයකට පත්ව සිටින්නේය.


ඊට රනිල් මෙන්ම, සජිත් හා අනුර කුමාර ඇතුලු සමස්ත දේශපාලුවන්ම වගකිව යුතුය. ඒ කිසිවෙක් රොෂාන්ගේ ගේමට සප් එකක් දුන්නේ නැතිය. බුවා තනි වුනේය. සජිත් හා අනුර කුමාර උන්නේත් මාෆියාව සමගය. 


දැන් ක්‍රිකට් ටීම් එකේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් නොව... කළමණාකරුවන් යැයි කියනා පිරිසක් හරහා උන් හා බිස්නස් කළ හැකි සුවච කීකරු ක්‍රිකට් සේවකයින් පිරිසක් පමණය.


සාමාන්‍යයෙන් ඕනෑම කණ්ඩායමක වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා අඩුම තුන හතරක් සිටිය යුතු වුවද... අපේ කණ්ඩායමේ ඉන්නේ කීයද කියා ක්‍රිකට් දන්නා වුන් දන්නවාය. 


දැන් කණ්ඩායමට පිවිසීමට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයින් විය යුතු නැතිය. මාෆියාවේ හිතවතෙක් හරහා සුවච කීකරු සේවකයකු වීම හොඳටම ප්‍රමාණවත්‍ය. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ දැන් ඉන්නේ රස්තියාදූකාරයින් පිරිසක් පමණි. උන්ට තරඟ ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැතිය. සාක්කුවට ගාන වැටුනාම ඇතිය.


එසේ අවශ්‍යතාවයක් තිබුනේ නම් දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කරන්නේ නැතිය. කළමණාකරුවන්, පුහුණුකරුවන්, භෞතචිකිත්සකයින්, කණ්ඩායම තේරීමේ කමිටු මෙන්ම, නමට වනිඳු හසරංඟ නම් නායකයෙක්ද සිටියද... සියල්ල සිඳුවන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සෘජු තීරණයන් යටතේය. 


ක්‍රිකට් මාෆියාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඈෂ්ලිද සිල්වා සිටිනා තුරාවට... ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමේ  සිටිනු ඇත. බෝනගේන් මාෆියාව එතරම් බලවත් මාෆියාවක්‍ය. 


උන්ට තරඟ දිනීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේ නැතිය. කණ්ඩායම් හැඟීමක් ඇත්තේ නැතිය. දසුන් නායකත්වය දරණ සමයේ තිබූ ක්‍රීඩකයින්ගේ ටීම් ඉස්පිරිට් එක ඇත්තේම නැතිය. අඩුම තරම මුණ සෝදන්නේවත් නැතිය.


පච්චා කොටන්නේ, රැවුල් කොන්ඩා වවන්නේ අපේ උන් පමණක් නොවේය. අනෙක් කණ්ඩායම් වල සිටිනා සුපිරි ක්‍රීඩකයින් අතරේද එහෙම වුන් ඕනෑ තරම් ඉන්නවාය. 


එහෙත් උන් තරඟයට එන්නේ මූණ සෝදලාය. රැවුල් කොන්ඩා නිසි ලෙස ට්‍රිම් කර නයිස් හෙයාර් ස්ටයිල් දමාගෙනය. ක්‍රිකට් ක්‍රීඩාවේ නොව ඕනෑම ක්‍රීඩාවක විනයක් තිබිය යුත්තේය. ඇඳුම් අඳින්නේත් අඳින්න ඕනෑ නිසාය.


හොඳම උදාහරණය ලසිත් මාලිංගය. ඔහු ඔහුගේ පන්දු යැවීම මෙන්ම ඔහුගේ කොන්ඩය හා ඇඳුම් පැලදුම්ද නිසි ලෙස මේන්ටේන් කළේය. දැන් අපේ උන් බංගලාදේශ කණ්ඩායමේ ඉන්නා මළපෙරේතයන් වගේය. බංගලියන් කියන්නේ ලොව ඉන්නා අපිරිසිඳුම ජාතියක්‍ය.


පළමු තරඟ පරාජයෙන් පසු සුපුරුදු බයිලා ගායනාවලට රැවටුන දේශපාලුවන් පාර්ලිමේන්තුවෙත් අපේ උන්ට වෙනස් කම් කරනා බව කීවේය. ඊට පිළිතුරු දුන් ක්‍රීඩා ඇමතිත් ඒවා ජාත්‍යන්තරයෙන්ම එන ඒවා කියා අත පිහිදා ගත්තේ මාෆියාව බබා කරමින්ය. 


එහෙත් ලසිත් මාලිංග උන්ගේ රෙදි ගැලෙව්වේ තමන් මීටත් වඩා කට්ට කා මැච් දිනලා තිබෙන බවද පෙන්වමින්‍ය.ම්ක්


අපි නම් කියන්නේ මේවා නටන්න බැරි එකා පොලොව ඇඳයි කිව්වා වගේ බයිලාම පමණය. එසේ නම් අනික් කණ්ඩායම දිනන්නේ කෙසේද?


තත්වය මෙසේ නම් මාෆියවටත් බිය නම්, අඩුම ගානේ ක්‍රිකට් ගහන්න පුලුවන් ක්‍රීඩකයින් 20 ක් හදාගැනීමට හෝ දේශපාලුවන් විසින් මාෆියාවට බලපෑම් කල යුත්තේ....


මේවා ගැන නොදන්නා සාමාන්‍ය ජහමනයා පලු අරින්නේ දේශපාලුවන්ට හා උන්ගේ අම්මාවරුන්ට නිසාමය.


දැනට නම් ලංකාවේ ක්‍රිකට් ආදාහනය කොට අවසානය.


කළ යුත්තේ නැවුම් ක්‍රිකට් ක්‍රීඩාවක් හා ක්‍රීඩකයින් පිරිසක් බිහිකිරීම පමණී. දැන් සිටිනා ක්‍රීඩකයින්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් එම කණ්ඩායමට සුදුසුකම් ලැබිය යුතු අතර, හාල්පාරුවෝ සියල්ල ගෙදර යැවිය යුත්තේය.


එහිදි කණ්ඩායමේ විනය ප්‍රධානම කරුණ විය යුත්තේ... මේ කරන්නේ උන්ගේ පෞද්ගලික විගඩම් ප්‍රදර්ශනය කිරීමක් නොව රටක සංස්කෘතිය හැදියාව සභ්‍යත්වය හා රටක ඉස්ටෑන්ඩර්ඩ් එකත් මුලු ලෝකයටම පෙන්වන වැදගත් ක්‍රීඩවක් නිසාමය.


ඒ වගත් මෙසේය...


.

Jun 2, 2024

මේ "හාදයන්ට පුලුවන්යෑ රට ගොඩගන්න


 

මේ "හාදයන්ට  පුලුවන්යෑ

රට ගොඩගන්න

➖➖➖➖➖➖⭕➖


🔴 මුලින්ම කිව්වා බලේට ආපු ගමන් IMF ගිවිසුම ඉරලා විසිකරලනවා කියලා... උන්ගේ මහ එකා දෙරණේ කලිඳුට කියනවා රනිල් යන මඟ හැර වෙන මගක් නෑලූ....


🔴 ඊළඟට කිව්වා සවරින්ග් බොන්ඩ්ස් හෙවත් ස්වෛරී බැඳුම්කර ගත්ත උන්ට මචං කියලා කතා කරලා වැඩේ ෂේප් කර ගන්නවා කියලා..


🔴 සේපාල් එක්ක කිව්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක්ම රටේ ආර්ථිකය ගොඩ දානවා කියලා... ඒ උක් වවලා... දන්න රෙද්ද මුළු දිස්ත්‍රික්කයේම වැව්වත් රටේ පරිභෝජනයට 10% ක් වත් එන්නේ නෑ. 


🔴 මූදෙන් ඉල්මනයිට් ගොඩ දාලා රට ගොඩදානවා කිව්වා.. මූදේ නෙමෙයි මූ ගොඩ ඉඳන් නෑවා...


🔴 නැවේ කපිතාන් බැහැලා ගියාම නැවට නැගලා නැව අයිති කර ගන්නවා කිව්වා... ග්‍රික් නැව් අයිති කාරයෝ මුගෙ පුපේ නැව් අරින්නේ පාරත් හිටින්න..


🔴 සංචාරකයින්ටත් සීගිරිය ලෝකල් ගානට පෙන්නනවා කිව්වා.. සංචාරක ව්‍යාපාරයට රටින් එන සුද්දොම ඕන නැතිය.... සිගිරි යන්න මෙහේ පෙන්ෂන් ගිය උන්ට ආන්ඩුවෙන් පැකේජ් එකක් දෙනවා කිව්වා.. පැන්ෂන් ගිය උන් ගල උඩට ගෙනියන්නේ මූ වෙන්නැති... මූ රන්ජන් එක්ක රට ගිහින් වතුර හුවමාරු කරන් ආවේ තලවතුගොඩ චාර්ජර්ස් වලටම වෙන්න ඇති.


🔴 නිශ්පාදන ආර්ථිකයකින් රට ගොඩ දානවලු... රටේ නිශ්පාදනයට අත්‍යාවශ්‍යම විදුලි බල බලාගාර දාන්න යනකොට මූ උසාවි ගිහින් ඒවා නැවැත්තුවා..


🔴 පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන එකා... ඊයේ පෙරේද උගෙ දරුවා කොතලාවල ඇකඩමියට දැම්මා... සල්ලි ගෙවනවා ඇත්තේ දයාසාන්ත වෙන්නැති...


🔴 මෙච්චර ආර්ථික උස්තාද් ලංකාවේ මොන්ටිසෝරි දරුවොත් දන්න.... "එලෝන් මස්ක්" මොකාද කියලා දන්නෙ නෑ... දැන් බව්වා වගේ රෙදි නැතිව උගෙන් සමාව ඉල්ලනවා...


🔴 ධනපතියා - දානපතියා (Capitalist - Philanthropist) දන්නේ නැති හාදයා තමයි NPP රජයේ මුදල් ඇමති. මුන්ට නෙමේ ගහන්න ඕන මුන්ට හොර උපාධිය දීපු අම්බරුවන්ට...


🔴 පව් අප්පා මේ මෝඩ සෙට් එකක් පස්සේ යන උගත්තු! 😂 ඇත්තටම උනුඝ් උගත්තු කිව්වට අමු ගිරා පෝතක වහල්ලු. මොලයක් තියෙන එකෙක් යයිද මුන් පස්සේ.....


අනේ "හාදයෝ " තොපි හදයි මේ රට....

.

May 29, 2024

ජූලී චන්ග් සුදු නෝනා වෙත,


ජූලී චන්ග් සුදු නෝනා වෙත,

➖➖➖➖➖➖➖➖➖⭕➖


සෙත් වේවා..!


මා ආදරණීය සුදු නංගී වෙත ලියමි,


ඔබේ සැප දුක් කෙසේද කියා අසන්නේ... ඒ අපේ 2500 ක සඟිස්කෘතිය නිසා මිස, ඔයා දුකෙන් ඉන්නේ නැති බව දන්නා නිසාය. ඒ උනාට ඔයා ගිහින් වෙන ජූලියෙක් එනවැයි නිව්ස්සෙකක් ඇවිත්... මට බෙල්ලේ වැල දාගන්න හිතුන බව කිව්වාම... අපේ හාමිනේ ඇහුවේ කොහේවත් ඉන්න ගෑණූ නිසා මැරෙන්න යන්නේ තමුසෙට මොළේ බරවාද වාහේ කියලාය.


මම එයාට කිව්වේ... සුදු නංගි ආපු දවසේ ඉඳලා මම ඉන්නේ ඔයාට පිස්සු වැටිලාය කියලාය. ඇත්තටම ඔයා ඇවිත් ටික දවසකින් මම හිතුවේ ඔයා ජැකී චෑන්ගේ නෑයෙක් කියලාය. ඔයා කෙරේ බැඳි මගේ ප්‍රේමය මෝරා දළු දාන්න එයත් හේතුවක් වුනේය.


මෙහේ ඉන්න ගොබ්බ හැත්ත දමිතලාට, හිරුණිකාලාට, දුලීකලාට, විහාර මහා දේවී කිව්වාට, කැළණියේ ඉඳන් රුහුණට ආ විහාර මහා දේවිය වාගේ... අපේ රට බේරාගන්නට ඇමරිකාවේ සිට ආ ඔයා මගේ විහාර මහා දේවියය.


ඊයේ ඔයා මැතිවරණ කොමිසමේ උන් හම්බ වෙන්න ගිය එකට ගොඩක් උන් පඩත්තල කතා කිව්වාට... ඔයා එතෙනට ගියේ ප්‍රජාතන්තරවාදේ රකින්නෙයි කියා මම අපේ හාමිනේට කිව්වාම... මහින්දවාදියෙක් වෙන එයැයි කිව්වේ... එහෙම යන්න ඔහේට අයිතියක් නැතෙයිය, මහින්ද හරි, මහ ප්‍රේමේ හරි උන්නා නම්, ඕකී එලවන්නේ පුපට පයින් ගහලාය කියලාය.


එයැයි තා දුරටත් කිව්වේ... අපේ මහින්ද මහත්තයා... ඩේවිඩ් මිලිබෑන්ඩ් කාරයයි බර්නාඩ් කුච්නර් කාරයයි ඇඹිලිපිටියට ගෙනත් කිචිම කරලා... ආප්ප එක්ක ලුණු මිරිස් කවලා එලවලා දාපු එකයි... ප්‍රේමදාස මහත්තයා ඩේවිඩ් ග්ලැඩ්සන් එංගලන්තේ ඩැට්සන් එලවන්න යැව්ව එකයි... තමුසෙට මතක නැද්දෝයි කියලාය.


ඒ උනාට මම එයැයිට කිව්වේ... උන්ට මහත්තුරු කිව්වාට... උන් කරන තරමක් කළේ ඩිප්ලොමැටික් වැඩ නෙමේය... ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩය... ආන් ඊයේ... අගවිනිසුරුයි නීතීපතියි ඔක්කොම කොමිසමේ උන්ගේ කලිසම ගලවලා තියෙන්නේ පලාත් පාලන චන්දේ තිබ්බේ නැතෙයි කියලා.. සමහර විට සුදු නංගී අරුන්ට කලිසම් අරගෙන යන්න ඇතෙයි කියලාය.


ඇත්තටම සුදූ.... අපේ රටට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදේ ආවේ ඔයා මෙහේට ආවට පස්සෙය කියනෙක දැන් හැම පඩත්තල ඩේසිගෙ පුතාලටම අමතක වෙලාය.... දළදා මල්වතු අස්ගිරි නොව ගංඟාරාමෙත් නමදින තෙරුවන් සරණ ගිය ඔයා ඕවායෙන් සැලෙන්නේ නැතෙයි කියා මම දන්නවාය.


එක එකාට ඕන ඕන විදියට නටන්නට රට බංකොලොත් කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ගෝටා නම් ගෝතකරුමේ... බව්වෙක් වගේ එලවලා දැම්මේ ඔයාය කියලා දැන් උන්ට අමතක වෙලාය... බුවා අරගලේට ආමි එක දම්මලා ගේමක් දෙන්න යද්දී.... සවේන්ද්‍රට කියලා උන්ව ආයේ බැරැක්ක වලට යැව්වා දැන් මුන්ට මතක නැතිය.. දැන් තෝත් පල කිව්වාම... ප්‍රජාතන්ත්‍ර විරෝධි අගමැති රනිල්.. එහෙම යන්න බැරියෙයි කිව්වාම... උගේ ගේ ගිනි තිබ්බ ඒවා දැන් උන්ට මතක නැතිය.


රනිල් එලවලා... කතානායක ජනාධිපති කරලා... සුමන්තිරන් අගමැති කරලා... මේක ඒකිය රාජ්‍යයක් කොරන්නට ගිය ඒවා උන්ට දැන් මතක නැතිය.. ඒවාට තැන්කිව් කියන්න ඔය පැලවත්තට ගිය එව්වා දැන් මුන්ට මතක නැතිය.


ඇත්තටම සුදු මට දුක... අපිට ඉන්න තානපතිලාට ඔයාගේ රෝල් එක කරන්නට බැරි හාල්පාරුවෝ වීමය... ඔයගේ රටේ ඉන්න මහින්ද සමරසිංහයාට මම ලියා යැව්වේ... අඩු ගානේ අර රොබට් ඩි නීරෝ වගේ... ට්‍රම්ප්ගේ මානුෂික අයිතිවාසිකම් කඩවීම් වෙනුවෙන්... වයිට් හව්ස්‍ එකට ගිහින් බයිඩන් කාරයා හම්බවෙලා... දෙකක් කතා කරලා එනවා ඕයි... එහෙම බැරිනන් ඕක ඇනරිකාවේ පොඩි එකෙක්ට දීලා... මෙන්න මෙහේ එනවා ඕයි කියලාය.


මම නම් කියන්නේ සුදූ... ඔයා අපිව දාලා යන්න එපාමය කියලාය. තා ටික දවසක් උන්නොත් රනිල් කාරයා ජනාධිපතිවරණය තිබ්බාම... ඔයත් ඒකට ඉල්ලන්නෙයි කියලාය. 


මගේ හිතේ පොඩි සැකයක් තියෙන්නේ ඔයා එහෙම දෙයක් සොයා බලන්නවත් කොමිසම් කාක්කෝ හම්බ වෙන්න ගියාදෝ කියලාය.


එහෙම චෑන්සෙකක් තියේ නම්.... ඇමරිකානු පුරවැසිබාවේ බව්වට දමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙයි කියා මම ඔයාගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවාය. 


සමහර විට සිරිසේන කාරයා විජේදාස කාරයාට සිරි ලංකා නිදහස් පක්ෂේ ලියලාම දුන්නා වගේ... අනික් ඕනම පක්ෂයක්.. ඩයනා ගමගේ වගේ ඔයාට නොමිළේම  ලියලා දෙන බවත් ඉර හඳ වගේ විශ්වාසය ... අනික ඉතින්... ඉතාලියේ සෝනියාට ඉන්දියාවේ එහෙම වෙන්න හැකි වුනා නම්... ඔයාට එහෙම වෙන්න බැරි ඇයි කියා පොඩ්ඩක් හිතලා බලන්නය.


ඔයාට ත්‍රිවිධ රත්නයේ සරණයි

ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාවයි සුදූ...


මීට,


ඔයාගේ සදා අදරණීය

මාතලන්


.

 

May 28, 2024

පාලිත රංගේ බණ්ඩාර, මුට්ටිය දමා ඇදගෙන නෑම.


 පාලිත රංගේ බණ්ඩාර,

මුට්ටිය දමා ඇදගෙන නෑම.
➖➖➖➖➖➖➖➖➖⭕➖

රංගෙ බණ්ඩාර කියන්නේ පොඩි බඩුවක් නොවේය. ඇපත් නැතිව ගෙදර ගිය බුවාලා වුවද, දැන් උන්නැහේ, වත්මන් විධායක ජනාධිපති තුමාගේ පක්ෂයේ ලේකමාය. හොයාගන්නවත් නැතිව කැලෑ වැඳුන අලි... ආයේ එලියට ආවේ රාජපක්ෂලාට පින්සිඳු වෙන්නටය.

පාර්ලිමේන්තුවේ උන් තනි අලියා විධායක ජනාධිපති වුයේ... රාජපක්ෂලාගේ 69 ලක්ෂයේ චන්ද කුට්ටියෙන්‍ය. ඒ නිසා අරගල හාල්පාරුවෝ මක්කා කිව්වත්... එයාට මැන්ඩේට් එකක් නැති වුනාට පෝට්ටු බයියන්ගේ මැන්ඩේට් එක ආයේ චන්දයක් තියන්කන් ව්‍යවස්ථානුකූලය. උන්නැහේ ජනාධිපති කොරලා බැසිලස්ලා බලාපොරොත්තු වුනේ... රනිල් පෝට්ටු බයියන් කියන විදියට ඉඳීය කියලාය.

බැසිල් ගාමිනි දිසානායක ළඟ උන්නාට... රනිල් ළඟ උන්නේ නැතිය. රනිල් කියන්නේ... ජේ ආර් උන්නැහේගේ බෑනාය. ජේ ආර් කිව්වේ... විධායක ජනාධිපති ධූරයෙන් කරන්නට බැරි ගෑණියෙක් පිරිමියෙක් කරනෙකත්... පිරිමියෙක් ගෑණියෙක් කරන එකත්‍ය කියලාය.

ඒ කිව්වාට මහින්ද මහත්තයා උන්නැහේගේ දෙවනි ඉනිමේදී... පිරිමි ගෑණු කිරීම කෙසේ වෙතත්... පිරිමි ඔක්කොම නපුංසකයෝ කරන ආකාරයත් රනිල් ලොක්කා දුටුවේය.

ඒ දෙවන ඉනිමේදී මහින්ද මහත්තයා ඇක්සෙකටිව් ප්‍රසිඩන්ට් ප්ලස් දුටුගැමුණුත් වෙච්චි නිසාය. හැබයි ඉතින් ධාතු කරඬුව වගේ නෙවිල් ලවා හැම තැනම උස්සාගෙන ගියාට දැන් උන්නැහේ පැන්ෂන් ගිය පොලිස් කාරයාගේ සයිස් එකේය.

දැන් උන්දෑගේ සැළුන් දොරෙන් එලියට යන උන් මිසක්... ඇතුලට එන උන් නැත්තේය. ඉන්න උන් ටිකත් බැසිලස් හා නාමල් කුමාරයා පුපට පයින් ගසමින් එලවනවාය. එයාලාගේ මැයි දිනේ මෙන්ම අනුරාධපුර රැස්සීමත් පට්ට ෆේල්‍ ය.

මේ සියල්ලත් රනිල් උන්නැහේ නරඹම්න්, විඳිමින්, ඉස්ටඩී කරමින් සිටිනා දේවල්‍ය. ඒ අස්සේ සජබෙත් මණ්ඩලේ කචල්‍ය. හමුදාවේ හාල්පාරුවේ රෙද්ද අස්සේ දාගන්න නිසා ෆොනී යන්න ගියේය. ජී ඇල්ලා ගොඩහෑවලා දාගත් නිසා හර්ෂලා කබීර්ලා එරාන්ලා අවුල්‍ය. ඒ අස්සේ පුතානෝ මැතිතුමා කරන්නේ ජලනි ආර්‍යා තොමෝ කියන දෑ කියා... මනෝ හා හකිම් යන්න බඩු පැක් කරනවාය.

මෙහෙම අවුල් අස්සේ ජනාධිපතිවරණයක් මක්කටෙයි කියා අලින්ට නොව අපිටත් හිතෙනෙක සාධාරණය.

ඇත්තටම ආර්ථිකය ගැන යම් අවබෝධයක් තියෙන හැම එකාම කියන්නෙ රනිල්ට තව කාළයක් ඉන්න දෙන්න ඕනෑ කියලාය. මහ බැංකුවේ ලොක්කාත් කෙලින් නොකියා කියන්නේ ඒකමය.

වැඩේ තියෙන්නේ එහෙම ඉන්නට ව්‍යවස්ථාවෙන් බලයක් නැති එකය. කයියනායක තුමා හා විප්ලවවාදී සහෝදර නඩය, එයාලා බලයට ආපූ ගමන් ව්‍යවස්තාව විසි කරනවා කියන්නේ මේ නිසාය. එහෙම නොකර එයාලාට චීනයේ, කියුබාවේ හා උතුරු කොරියාවේ සිස්ටම් එක ගෙනියන්නට බැරිය.

කරුමය කියන්නෙ... ආර්ථිකේ දන්න උන් රනිල්ම ඕනෑ කිව්වාට... රටේ අති බහුතරය තියා බලේට එන්න වලිකන ජනාධිපති අපේක්ෂක සැට්ටෙකටත් ආර්ථිකය ගැන මළපොතේ අකුරක් නොදන්නා එකය.

ඒ කරුණු සළකා බලන කළ රංගේ බංඩාර කියන්නේ මේ මොහොතේ කළ යුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය හා නිවැරදිම තීන්දුව ගැනය.

ඒ හේතුවෙන්... මාතලන් වන මා විසින් රංගේ බන්ඩාරගේ යෝජනාව අත් දෙකම ඔසවා අනුමත කරන ලද බවත්, එය ව්‍යවස්ථාවට අනුකූල බවත්, සියළු ලක් වාසීන් වෙත මෙයින් දන්වා සිටිමි.


ස්වස්ති සිද්ධම්....!!!

May 26, 2024

නිරුවත කියන්නේ කලාවක් - තරිඳි ප්‍රනාන්දු - (මයි රෙඩ් කොම්‍රෙඩ් සිනමා විකාරය)


නිරුවත කියන්නේ කලාවක්

- තරිඳි ප්‍රනාන්දු -

(මයි රෙඩ් කොම්‍රෙඩ් සිනමා විකාරය)

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


ඇත්ත තරිඳි... අපි ඕක දැනගෙන උන්නට ලංකාවේ වෙනම සත්ව කොට්ඨාසයක් වෙච්චි... ප්‍රබුද්ධ නිර්මාණශීලී සම්මාණනීය කෘතහස්ත සිනමාකාරයන්ට හා අප්‍රභංශ ලැකානියානූ විකාරකයින්ට තේරුනේ නෑ...


හැබයි අන්තර්ජාලයත් එක්ක සියල්ල සිල්ලර වුනායින් පස්සේ... දැන් සුනිල්සෝම පීරීස් කළෙත්... අවුරුදු 15 කට පස්සේ ෂෝ එකක් හදන සුදත් මහදිවුලානයනුත් කරන්නේ එකම දේ කියලා අපි වගේ හාල්පාරුවන්ටත් තේරෙනවා....


එහෙම කොපි කරන එකේ කිසි වරදක් නැතෙයි කියලා කෘතහස්ත නාට්ටිකාරයෙක් වෙච්චි සුගතපාලද සිල්වානෝ මාරාසාද් පෙරවදනෙත් ලියලා තිබුනලු.... 


බලන්න ඉතින් ඒකෙත් හැටි.. 

දැන් අපි ඒකත් දැනගත්තා...


ෂෝ හදන්න තියෙන්නේ "ප්ලොට් 60" කියලා සුද්දොත් කියන එකේ... මෙහේ ප්‍රබුද්ධ කෘතහස්ත සිනමා විකාරකයින්ට ඕක මීට කලින් තේරුනේ නෑ...


මේ ළඟදි මොකෙක්ද පිස්සෙක් ලියලා තිබුනා සිනමා විචාර කරන්න පුලුවන් ඒ ගැන දැනුමක් තියෙන උන්ට විතරය.... ෆේස්බුක් එකේ පල් හෑලී ලියන උන් කොනකට වෙලා ඉන්නය කියලා.. ඒ නිසා.. දැන් මම ඉන්නේ එහෙම ඇකඩමියකට යන්න..


වැඩේ කියන්නේ තරින්දී ඔයාගේ නිරුවත කලාවක් උනාට... පත්තරේක ඉස්සරහා පිටුවේ ෂර්ට් එකක් විතරක් ඇඳගෙන උන්න සමන්තා ඈපාසිංහලා .. ඇගේ වෛරයේ උන්න සුමනා ගෝමස්ලා නිකන්ම නිකං පීචං කෑලී වෙලා... ස්වර්ණා මල්ලවාරච්චිලා වගේ අය විතරයි සම්මාණනීය නිලියො වුනේ..


හැබයි.. ප්‍රබුද්ධ ෂෝ එකක් වෙච්චි විසිදැල ෂෝ එකේ රඟපාපූ අනුෂා සොනාලිට එහෙම වෙන්න බැරි වුනා.. ඒත් ඉතින්.. අර සම්මාණනීය නිලියන්ගේ පැවත්මයි අනූෂාව නිර්දය ලෙස විවේචනය කරපු පැවැත්ම අතරෙත් කිසි වෙනසක් නෑ... 

කොහේ හරි අවුලක් වෙන්නැති... පව්...


අපිට නම් ඔය කෝකත් කලාවක්... අපි ඔය කොයි එකත් බලනවා... ඔය ෆිල්ම් බලන්න එන්නෙත් නිරුවත නිසා... නිරුවත කිසි සේත්ම අවශ්‍ය නැති තැන්වලත් නිරුවත ඔබන්නේ ඒ නිසා.... අපි sex හොයලා වර්ල්ඩ් රැකෝඩ් තියලා තියෙන්නෙත් ඒ නිසා...


මේ ෆිල්ම් එකේ බලන්න තියෙන්නෙත් එච්චරයි... (පාන්කඩ වාමාංශිකයෙක්ගේ මොන ලබ්බක් බලන්නෙයි... මේ යකා මේ හැංගිලා ඉන්නේ 1987 නොවැම්බර් 27 වෙනිදා අනුරාධපුරයේ පොළ භූමියේදී ජෙප්පන්ම ෂොට් එක දීලා... විමුක්තිය උදාකර දුන් නන්දන මාරසිංහට වගේ බුවාටත් ගේම දෙයි කියලා ප්‍රාණ බයේ. මොකෝ උන්ගේ හැටි එහම නේ.)


ඒත් ඉතින් අපිට ඕක කලාවක් වුනාට... ෆිල්ම් හදන උන්ට ඕක බිස්නස් එකක්.... අනික සමහර ප්‍රඩියුසර්ලයි ඩිරෙක්ටර්ලයි ඉතරක් නෙමේ නලුවොත්... නිලියෝ ෆිල්ම් වලට ගන්නේ රඟපාන්න විතරක්ම නෙමේ කියලත් කියනවා... අනේ මන්දා ඕවා ඉතින් අපි ඇහෙන් දැකලා තියෙයි ඇත්තෙයි කියන්න.. සමහරක් විට එහෙම නැතිවත් ඇති.


ඒ නිසා ඔය දර්ශණවලට හිඟන ගනන් වලට විකිණෙන්න එපා...  ඕවට වෙන රටවල විශාල මිළක් ලැබෙනවා... නැත්නම් අනාගතේ ඔයාලට වෙන්නෙත්... අනූෂා සොනාලිට අනෝමා ජනාදරීට වෙච්චි දේ....


අනික ඔයා එහෙම වෙන්න ඕන නිලියකුත් නෙමේ... තරිඳි කියන්නේ දැන් ඉන්න හොඳම නිලිය කියලා කිව්වොත්.. ඒක බොරුවක් නෙමේ... 


මේ ෆිල්ම් එකෙන් වෙච්චි එකම දේ තමා... මින් පස්සේ ලංකාවේ ෆිල්ම් කල්ට් හදාගෙන පොරවල් වෙලා හිටපු උනුත් කරන්නේ ලුවී වැන්ඩස්ට්‍රාටන් කරපු දේම තමයි කියනෙක...

අපි නම් ඒක කලින් ඉඳලම දැනගෙන උන්න නිසා අවුලක් නෑ.. 


උන්ගේ ෆ්ල්ම් වෙනස් වෙන එකම දේ "වමාංශික"ප්ලොට් එක විතරමයි. ඒක එයාලගෙ සුරතාන්තෙ වුනාට... අපිට නම් වම කියන්නේ...


වමනේ.....

.