.

.
Showing posts with label Elections. Show all posts
Showing posts with label Elections. Show all posts

Jul 30, 2022

අර්බුධයට විසඳුම මහමැතිවරණයක්ද?


අර්බුධයට විසඳුම 
මහ මහමැතිවරණයක්ද?
➖➖➖➖➖➖➖▪️

දැන් රනිල්ගෝහෝම් වෙනුවට, මේ ආන්ඩුවට අකමැති අයගෙන් මහ මැතිවරණයක් ඉල්ලලා මළ අඬෝවැඩියාව.

ඒ පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ කොහේ හරි ගුබ්බෑයමක තිබුනා. දැන් ඒවට සෙනඟ එන්නෙත් නෑ. එතනත් 25-30 ක් වගේ හිටියා.

සජබෙන් වෙනදා එන හර්ෂලා තියා සුමන්තිරවත් දැක්කෙ නෑ. හිටියේ මන්ද බුද්ධික. එයා කිව්වා මන්ත්‍රිවරුන්ට වෙන වෙනම ලියුම් යවන ජනාධිපති කෙනෙක්ගේ සර්වපාක්ෂිකයකට එයා හා සජබෙ නැතෙයි කියලා. 

කොහොමත් රනිල්ට මේ වගේ මළහෝන්තුවකට ඇමතිකමක් දෙන්න තරම් පිස්සු ඇතෙයි කියලා මම නම් හිතන්නේ නෑ. ඊට හොඳා මොන්ටිසෝරී බබෙක්ට ඒ ඇමතිකම දෙනේක.

මෙතනදි මැතිවරණයක් ඉල්ලලා පුප පොලොවෙ ගහගන්න ජෙප්පන් වෙනුවෙන් ලාල්කාන්ත කතා කරා. එයත් ආස ඇති නේ පාර්ලිමේන්තුවට ඇවිත් බයිලා ගගහා පුටු රත් කරන්න.

හැබයි මෙතනදි අරගලයට අවංකව ඇත්ත කිව්වේ පෙරට්ටන්ගේ දුමින්ද නාගමුව ඉතරයි. ඇත්තටම අරගලයෙන් ඉල්ලුවේ, සම්පූර්ණ  සිස්ටම් චේන්ජ් එකක් මිස, පවතින සිස්ටම් එක ඉදිරියටත් පවත්වාගෙන යන මැතිවරණයක් නෙමේ.

උන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් පිට බලයක්, ඒ කියන්නේ වම්මුන්ගේ මිලිටරි පාලනයක්, දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පාලනයක්.

ඒ සිස්ටම් එකේ මැතිවරණ නෑ. මාධ්‍ය නිදහසත් නෑ. උද්ඝෝෂනත් නෑ. පෙලපාලිත් නෑ.  රැස්වීමුත් නෑ. මානව අයිතිවාසිකමුත් නෑ. යුනියනුත් නෑ. වෙන පක්ෂක් නෑ. ඔක්කොගෙම පස්සත් නෑ.

රජයෙ සියල්ල පරිපාලනය වන අමු ගොබ්බ AR & FR සිස්ටම් එක එක්ක මේ රට ගොඩදාන්න බෑ කියනෙක අපි කියන්නෙත් මෙයාලා කියන්න කලින් බොහෝ කාළයකට පෙර ඉඳලා. ඊටත් කලින් වික්ටර් අයිවන් සුනන්ද දේශප්‍රිය එහෙම කිව්වා.

මේ දේශපාලන ක්‍රමය තුල ආර්ථිකයේ යම් කිසි විප්ලවයක් කලා නම්, එහෙම කරපු උන් ඒ දේ කලේ මේ ගොබ්බ සිස්ටම් පයිසෙකටවත් මායිම් නොකර ගත්ත නිර්භීත තීන්දූ තිරණ නිසා.

අනික වාමවාදි පාලනයකින් මේ රට ගොඩගන්න පුළුවන් කියාලා යමෙක් හිතනවා නම් ඌ හෝ ඈ කෙලින්ම යවන්නෝන කියුබාවට. මොකෝ රට ගොඩ ගන්න බැරි ඒ වැහි නැති හෙණ ගහන සිස්ටම් ගොඩකුත් මේ සිස්ටම් එක අස්සෙ ඔබලා තියෙන නිසා. ලොකුම කොඩිවිනේ හූනියම් හෙවත් දේශපාලන වෘත්තීය සමිති.

මේ මොහොතේ මැතිවරණයක් තියන්න පුලුවන් පරිසරයක් රටේ කොහොමත්ම ඇත්තේ නෑ. මිනිස්සුන්ට දැන් 225 නෙමෙයි, එකෙක්වත් පෙන්නන්න බෑ. උන්ට අරගල කාරයොත් අරහං.

අනික අරගලේ ඉවරයි, දැන් අර 30 අවුරුදු යුද්ධයේ ජයග්‍රහණයේ අයිතිකාරයෝ වැහි වැහැලා ඉන්නෝ වගේ, මේකටත් අයිතිවාසිකම් කියන පිරිස කුණුහබ්බ වපුරනවා. හම්බ කර ගත්ත උන් සියල්ල වමාරනවා පාවා දෙනවා...

සරළවම කියනවා නම් මෙච්චරයි....

මහ මැතිවරණයක් තියන්න වෙන්නේ මේ තියෙන සමානුපාතික මනාප ක්‍රමයටමයි..

එතකොට එන්නේ 225 ම එපා කියපු මේ පිරිසමයි. එකෙක් දෙන්නෙක් හැලෙයි. ඒ වෙනුවට ඒ ජාතියෙම උන් එයි.

ජනාධිපති රනිල්මයි.

එයා එලවන්න 2/3 ක් ඕන.

ඒ 2/3 බලය මේ මොහොතෙ පවත්වන මැතිවරණයකින් කිසිසේත්ම කාටවත්ම එන්නේ නෑ.

අනික අරගලකාරයෝ කියලා පෙන්වන ජෙප්පන්ට ලැබෙන්න තිබුන ගානමයි. 3% යි. ඒකත් ෂුවර් නෑ.

මොකෝ මැතිවරණයකට ගිය ගමන් අරගලේට අයිතිකාර කණ්ඩායම්, උනුන් එකිනෙකා මරාගෙන ඕක ජෙප්පන්ගෙ වැඩක් නොවන බව හෙලිවනවා.

පෙරටුගාමින් ඉල්ලුවත්, උන්ට එක ආසනයක් තියා රටෙන්ම ඡන්ද 20000 ක් ලැබෙන්නේ නෑ.
මිනිස්සුන්ට දැන් උන්වත් පේන්න බෑ.

උන් රට පාලනයට තියා ගෙදරකටවත් වැද්ද ගත යුතු නැති මිලේච්ඡ ගෝත්‍රික හොරු රැලක් කියලා ඔප්පු වෙලා ඉවරයි.

චන්ඩි දැන් නොන්ඩි වෙලා හැංගිලා ඉන්නේ.

අරගලේට ඇවිත් පිම්බිච්ච අනික් පොලිටික්කන්ට නම් මනාප ටිකක් වැඩිවෙයි..

ඒ වගේම ඔතනට ඇවිත් චරිත වෙච්චො ගල් ආඳෝ කිහිප දෙනෙක් මහ පක්ෂ වලින් පාර්ලිමේන්තු එයි.

හැබයි එක දෙයක් නම් ටක්කෙටම වෙයි...

කිහිප දෙනෙක් ඝාතනය වෙලා...
ඉතිහාසයේ තිබූ කෲරතම ප්‍රචන්ඩ මැතිවරණය වෙයි.

හිතන්න එපා මහින්දගෙ, රනිල්ගේ, සජිත්ගේ මැරයෝ මේ අයට බයේ හැමදාම හැංගිලා ඉඳියි කියලා...

උන්ට අවස්ථාවක් ලැබුන ගමන් උන් ඉන්නේ රිටර්න් එක දෙන්න බලාගෙන...

නම් ගම් ඇඩ්‍රස් පොලිසියෙන්ම අරගෙන, ලැයිස්තු ගත කරලා ලිස්ට් හදලා ඉවරයි....

එවරි ඇක්සොන් හෑස් ඒ රියැක්සොන්..

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ටේන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමනෙවති
චක්කංච වහතො පදං

(ධම්ම පදය යමක වර්‍ගය)

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුය. ඒ ගති සිතම ශ්‍රේෂ්ඨකොට පවතින්නෝ ය. සිතින්ම උපදින්නෝ ය. 

ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියයි නම්; කරයි නම් කරත්තය අදිනා ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබඳී. 

ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ .....!

® Priyantha Hewage Maathalan 
.

Jun 10, 2022

ත්‍රස්තවාදී විදුලි මාෆියාවේ හා ඩෙන්ඩර් මාෆියාවේ රෙදි ගැලවූ යුගයේ වීරයා.

 


2019 බලයට ආ ජනාධිපතිවරයා මෙන්ම ඉන්පසු ආන්ඩුව පිහිටවූ පොහොට්ටු පක්ෂයට උදා වූයේ ලෝකයම මුහුණ දෙන වසංගත හා ආර්ථික ව්‍යසනයන්ට මුහුණ දෙන්නටය. 

ඊටාමතරව පී බී ජයසුන්දර නම් ආර්ථික ඝාතකයා කළ විනාශයන්ද සුළු පටු නොවේ. බදු අඩුකිරීම, කාබනික පිස්සුව, තරමක නිදහසක් තිබූ ආනයන අපනයන විවෘත ආර්ථිකයට බාධා පැමණවීම මෙන්ම විශේෂයෙන් ඩොලරය බලෙන් අල්ලාගෙන රනිල්ගේ ISB හිතවතුන් පිනවීමට කටයුතු කිරීම ඒ අතරින් ප්‍රධානවේ.

මෙතෙක් ජයග්‍රහණයකට තිබුනේ අපේ උන් මක්කා කීවත්, කොරෝනා වැක්සීන්කරණයෙන් ජාත්‍යන්තරය තුල ලත් ප්‍රසාදය පමණමය. ඉන් පසු මේ ආන්ඩුව යම් ජයග්‍රහණයක් ලද්දේ නම්, ඒ ඊයේ කංචන විජේසේකර ලබාගත් ජය පමණමය. එය තනිකර ඔහුගේම ජයග්‍රහණයක් මිස වෙන කිසිවකුගේ ජයග්‍රහණයක් නොවේ.

කරුමය කියන්නේ, බලයට ආ දවසේ සිට ඩිමොක්‍රසියා රෝගය වැළඳි, සියල්ල රිවස් කරනා ජනාධිපතිවරයා මෙයත් රිවර්ස් කරයිද යන්නය. එහෙත් පාර්ලිමේන්තුවේ වැඩි චන්දයෙන් සංශෝධනය කරන ලද පනතක්නැ, නැවතත් සංශෝධනය කරයි නම්, එය යලිත් සිඳුවිය යුත්තේද පාර්ලිමේන්තුවෙන්ම වීම පමණක් මෙහිදී වාසියකට ඇති එකම කරුණය.

විදුලි බල මණ්ඩලයේ ඩීසල් මාෆියාවේ ඉංජිනේරුවන් හා යුනියන් මාෆියාව මේ වෙනුවෙන් කොතරම් මුදලක් වියදම් කර ඇත්තේද යන්න ඊයේ කංචනගේ වගෙන් ඔරෝ කතා වලින් මොනවට පැහැදිලි විය. ඩීසල් මාෆියාවේ පාර්ලිමේන්තු සාමාජිකයින්, විපක්ෂය මෙන්ම ආන්ඩු පක්ෂයේද සිටිනා බවත්, ඊටාමතරව ටෙන්ඩර් මාෆියා කාරයෝද පාර්ලිමේන්තුව ඇතුලේම ඉන්නා බවත්, උන් ඇමතිවරයා අදානිගේ මිනිහෙක් බවට චෝදනා කරනා බවත්, මෙය තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දක් නොවන බවත්, එහෙත් මේ අවස්ථාවේ රට මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුධය හමුවේ ඇමතිකම නැති වූවත් මෙය අනිවාර්‍යයෙන්ම සම්මත කර ගන්නා බවත් කීවේ සියල්ලන්ම හොල්මන් කරමින්‍ය.

ආන්ඩු පක්ෂයේ ඉන්නා කම්බ හොරෙක් වන මහින්දානන්ද අළුත්ගමගේ වැනි උන් ආන්ඩුවේ සිටිනවාට මුළු ආන්ඩුවම ලැජ්ජා විය යුතුය. පෙරේදා රංජන් ජයලාල් හා එමිල් යන ත්‍රස්තවාදීන් දෙදෙනා පාර්ලිමේන්තුවට රැගෙන විත් ඔහේගේ ඇමතිකමට හෙට කෙලවනවා කියා තර්ජනය කරන්නේ මේ අපතයාය. මොහු කළක් විදුලි ඇමති වී සිටී බවත් එදා පමණක් නොව අදත් උන්ගෙන් කන බවත් මොනවට හෙලිවිය. 

හැබයි උන් සියල්ලටම කන පැලෙන්න සංග්‍රහ කර යැවීමට කංචනගේ සහායට වුන් හරීන්ටද රටේ ජනතාවගේ ගෞරවය අනිවාර්‍යයෙන් හිමි විය යුතුමය. එමෙන්ම විවාදයේදී විපක්ෂයේ මූසලයන්ගේ රෙදි ගැලවූ අලී ෂබ්‍රී, ලන්සා හා මනූෂටද අප ස්තූතීවන්ත විය යුතුය.

ඇමතිකම් කරනා කාළයේ නිවාස අධිකාරියේ මහල් නිවාස ටෙන්ඩර් දී හොරා කෑ විමල් වීරවංශ ඩෙන්ඩර් පටිපාටිය ගැන ඇසූ බබා හුකුං ප්‍රශ්ණ දැක්කාම මගේ පස්චාත්භාගයට ආ සිනහව වලකා ගත්තේ බොහෝ අමාරුවෙනි. ගොබ්බ බයියන් ඕවාට ඇන්දුනාට සතා කව්දැයි දන්නා අපි වගේ උන්ට එයා නැගිටින කොටම සිනහ පහළ වන්නේ ඉබේමය.

මෙහිදි විපක්ෂ නායකවරයාගේ හැසිරීමද ඉතාමත් පිලිකුල් සහගතය. ඔහු විපක්ෂ ආන්ඩුවට පමණක් නොව රටටද විපක්ෂ, රටේ අවාසනාවට පහළ වූ මූසල නායකයෙක්මය. උන් මෙහිදි ගෙන ආ තර්කය වූයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංගනය කර අදානිට පිරිනැමීම නිවැරදි තීරණයක් නොවන බවත්, එය අඩුම මිළට ටෙන්ඩර් කරනා අයට පිරිනැමිය යුතු බවත්‍ය.

මෙතෙක් ආන්ඩුවේ ටෙන්ඩර් මාෆියාව ගැන නොදන්නා උන්ද ආන්ඩුවේ ටෙන්ඩර් මාෆියාවේ කෙරුවාවන් දැන ගත්තේ ඊයේය. සුමිත්‍රබල අධිකාරියෙන් අනුමත කරනා ව්‍යාපෘති වලට, විදුලි මණ්ඩලයෙන් ගේම  දෙන්නේ කෙසේද යන්න ඊයේ ඒවාට මුහුණ දුන් ආයෝජකයින් බුකියේ අපූරුවට ලියා තිබින. ඒ තබා ගෘහස්ත සූර්‍ය බල ශක්තිය ලබා ගන්නට විදුලි මාෆියාවේ උන් පාරිභෝගිකයාට කෙතරම් පරිපුවක් දෙනවාද යන්නද පාර්ලිමේන්තුවේ මෙන්ම බුකියේද අපූරුවට සටහන් විය.

මුන්ට අවශ්‍ය වන්නේ පද්දතියට නව ධාරිතාවක් එක් කිරීම නොව, විදුලි බිල වැඩිකරමින්, විදුලිය කපා පාරිභෝගිකයා බෙල්ලෙන්ම හිර කොට උන්ගේ ඩීසල් බලාගාරවලින් හම්බ කර ගැනීමය. නැවත වරක් 25% කින් පඩිය වැඩිකර ගැනීමය. ඇත්තටම ඩීසල් විදුලි බලාගාර වලින් පද්දතියට එකතු කරන එකකයට වඩා ඉන්දීය රජය ඉදිරිපත් කර ඇති අදානීගේ ටෙන්ඩරයේ ඩොලර් ශත 7 ට ගත්තත් වැය වන්නේ ඩීසල් ඒකකයකට ගෙවන මුදලින් 1/5 කි. මෙය අවාසියක් වන්නේ කෙසේද කියා මට නම් වැටහෙන්නේ නැතිය.

අනෙක් කරුණ නම් පුච කහන්නවත් සතේ අතේ නැතිව ක්ෂේශ්ත්‍රය ගැන සඛ්‍යතාවයක් නැති උන් ලබා ගන්නා ටෙන්ඩර් ඉන් පසුව වැඩි ලන්සුවලට ලබා දෙන බවත්, ව්‍යාපෘතිය ආරම්බ කරනා මොහොතේ මිළ නැවත වෙනස් කරන බවත් අපූරුවට ඔප්පු විය. මේ ක්‍රමය වැඩියෙන්ම ක්‍රියාත්මක වන්නේ වරාය හා වෙළද අමාත්‍යශයේය. අනෙක් මාෆියාව ක්‍රියාත්මක වන්නේ අමාත්‍යාංශ තුල සිඳුවන වෙන්දේසී තුලය.

සියල්ලෝම හිතන්නේ මේ රට විනාශ කළේ දේශපාලුවෝ කියලාය. උන් හොරුන් නම් උන් වසර පහකින් එලවා දැමිය හැකි වුවත්, මේ රට විනාශ කල අධිකරණය, ජඩමාධ්‍ය හා රාජ්‍ය නිළධාරී මාෆියාව ගෙදර යන්නේ විශ්‍රාම වැටුපක්ද සහිතවය.

මේ මොහොතේ සිඳුවිය යුත්තේ මුන් සියල්ලන්ගේම නම් සියල්ල හෙලි කිරීමය. එමෙන්ම මෙවන් මූසලයින් අඩුම තරමේ දීමනාවන් සියල්ල කපා දමා පඩි සහිතව පූල් එකට හෝ දැමීමය.

කම්කරු නීතී අකුරට ක්‍රියාත්මක කරමින්, යූනියන් කාරයන්ට හා නිළධාරින්ට බියේ මේ රට දියුණු කිරීමට සිතන්නේ නම්, මෙය විකාරයක්ම පමණි. මුන් හා සාකච්ඡා හා රැස්වීම් පැවැත්වීමද එකම ජෝක් එකක් වී ඇති බව දැන් මුළු රටටම පෙනිලා හමාරය. බලයට පැමිණ රට විනාශ කලා මිස, මුන් හා එක්ව මේ රටට කලේ මොකක්ද කියා අපි කෙලින්ම ජනාධිපතිවරයාගෙන් අසනවාය.

අද වෙන තෙක් මුන්ට කිසිම වැඩපිලිවලක් ලබා දී ටයිම් ටාගට් එකක් දීලා නැතිය. සැමදාම කතා කරන්නේ එකම බයිලාවය. දැන් හෝ මේ විකාර නවතා දමා ආයෝජකයෝ ගෙන්වා ගැනීමට මුල් තැනදී, ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා අගනේය.

මන්ද විදෙස් ආයෝජකයින්ගෙන් තොරව මේ රට ගොඩ ගන්නට හැකියයි යමෙකු සිතන්නේ නම්, ඒ උන් සිටිය යුත්තේ රට කරවන තැන්වල නොව පිස්සන් කොටුවකය.


ඒ වගත් මෙසේය.....

Aug 3, 2020

අවසන් චන්ද ප්‍රතිඵලය…?




ආන්ඩුවට හැර වෙන එකෙක්ටවත් මේ චන්දය තියන්න ඕනෑ කමක් තිබ්බේ නැතිය. හැම එකාම දැඟලුවේ අපි ඝෝඨාට සප් එක දෙන්නම් කියා… පට්ට ෆේල් යහපාලන කැඳ හැලිය තව දුරටත් පවත්වාගෙන යාමටය. උන් සියල්ලෝම සිතුවේ ඇමරිකාවේ වගේ කොරෝනා වසංගතේ උග්‍ර වෙලා එක පිට එකා මැරි වැටේය කියලාය. උන් එහෙම හිතූ එක සාධාරණය. ඒ මොකෝ උන් හිටියා නම් වෙන්නේ ඒ සැන්තෑසියමය. ආයේ කතා දෙකක් නැත.

කොහොම හෝ අපේ පිස්සු බුවාලා එක්ක කොරෝනාත් මැඩගෙන හෙට චන්දේ තියනවාය. හැම එකාම තම තමන් කැමති එකෙකුට චන්දය දාන්න යනවා නම් බොහෝ අගේය. මොකෝ චන්දයත් හරියට ආදරේ වගය. ඕකේ අගේ තේරෙන්න චන්ද අයිතිය නැති වෙන්න ඕනෑය. අන්ධ ජනතාවටත් අනෙකෙකුගේ සහයෝගයක් නැතිව චන්දය ප්‍රකාෂ කිරීමට පහසුකම් සලසා තිබීමත් අප අගය කළය යුතුය.

මාතලන් මේ අනාවැකිය කියන්නේ දත්ත කීපයක් ආධාර කරගෙනය. ඊට ඉතිහාසයේ පැවති විවිධ මැතිවරණවල දත්ත ඇතුලත්ය. ඒ අනුව එන පත්තරේ විස්තරේ මෙහෙමය…

පෝට්ටුව

මැතිවරණ දිස්ත්‍රික්ක 16 ක් උඩින් ජයග්‍රහණය කරනවාය. නුවර එළිය දිස්ත්‍රික්කයත් ජයග්‍රහණය කලහොත් එය 17 ක් වනවාය. ඒ කියන්නේ උතුරු නැගෙනහිර හැර අනෙක් සියළුම දිස්ත්‍රික්කවල ජය පොහොට්ටුවට ලැබෙනවාමය. ඊට ප්‍රධානම හේතුව එජාපය දෙකඩ වීමයි. ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්කද පෝට්ටුව ජයග්‍රහනය කලහොත් එය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වනවා ඇතිය.

ගේමේ ඉන්න අය මොරාල් එක සඳහා මොන කතා කීවත් ආසන 120 කට වැඩියෙන් ගත හැකි නම් එයත් සුපිරි තත්වයක් වෙනවාය. මාතලන්ගේ අදහස ඔවුන් ආස 116 – 122 අතර ප්‍රමාණයක් ගත හැකි බවය.

ටැලිපෝන්

ටැලිපෝන් එක ගේම ඉල්ලන්නේ සිරිකොතේ බලය අල්ලන්නටය. ඒ 2025 ටාගට් කරගෙන වෙන්න ඇතිය. ඒ නිසා සජිත් ප්‍රේමදාස වන් බුද්ධිමත්, සියල්ල දත් අගමැතිවරකුගේ සේවය රටට ලැබීම මේ මොහොතේ අහිමි වීම රටේ අවාසනාවය.

ඒ මහතා රටේ අගමැති වන දිනෙක, අම්මට සිරි ලංකාව පින්ලන්තය වනවා නොඅනුමානය. මන්ද සියල්ල නොමිලේය. ඒ නිසා ජනතාවට කරන්න තියෙන්නේ ගෙදරට වෙලා හැමිනෙන එක විතරමය. මන්ද සියල්ල එයා අපේ දෙපතුල ලඟට ගෙනල්ලා දෙනවාය. තේ එකක්කත් දෙන්න ඕනා නැතිය. මොකෝ එයා කිසිම ගෙදරකින් කිසිවක්ම කන්නේ බොන්නේ නැති නිසාය. හැබයි කියන්නේ නම් අපේ කිහිලිවල ගඳට එයාට මාර ශක්තියක් එනවා කියලාය. ඒකත් හරියට කරනවාද බලන්න, එතුමානෝ රෑට රෑට ගෙවල් වලටත් එනවාය.

මෙහිදි මාතලන් අනුමාන කලේ එජාපයේ චන්දවලින් 75% පමණ ටැලිපෝනයට ලැබේ යැයි කියාය. කෙසේ වෙතත් දෙපිරිසම එකතු වී ආසන 75 – 80 පමණ ලබා ගනු ඇත.

ඒ අනුව ටැලිපෝනය 57 – 63 ක් අතර ප්‍රමාණයක් ලබා ගනු ඇත.

පින්නවල

අලි අනාථාගාරය දැන් තියෙන්නේ පිටකෝට්ටේ සිරිකොතේය. ඒ නිසා අනාථ අලි බලන්න යනවා නම් එතන්ට ගියාට කිසි අවුලක් ඇත්තේ නැතිය. සජිත් සිරිකොත අල්ලන්න කඳවුරු බඳිද්දී, රනිල් දැන් සිටම අඬ අඬා කියන්නේ එයා අළුත්කඩේ යනවා කියලාය.

රනිල් මැරෙනකන් ඔය පක්ෂේ නායකත්වය එකෙක්ටවත් දෙන්නේ නැතිය. අනික රනිල්ට වෙනත් තනතුරු ඕනා නැතිය. අරගත්තත් කරන්නේ ඇඟේ හලාගන්නා එක පමණය. එයාට ඕන, මොනිටර් කම ඉතරය. එජාප කෑ පියා ලෙස රනිල් ඉතිහාසයට එක් වනවා ඇතිය.

ඒ අනුව අනාථ අලි ආසන 15 -18 අතර ප්‍රමාණයක් ගනු ඇත.

ජවිපාවුන්

දැන් එයාලාම එයාලාව හඳුන්වා ගන්නේ ජවිපාවුන් ලෙසය. පේටන්ට් බලපත්තරේ ඉරාජ් වීරරත්න සතුය. ඒ අනුව ඇත්ත කලාකරුවන් කප්පරක් උන්නද, ජෙප්පන් වෙනුවෙන් යමක් කලේ ඉරාජ් ඉතරයි කියා වාමාංශික දේශපාලන ඉතිහාසය තුල ඉරාජ්ගේ නම රතු ලේ වලින් ලියවෙනවා නොඅනුමානය.

ජනතා විමුක්ති පෙරමුණට උනේ මක්කාද කියා ලිපි කීපයක්ම ලියා ඇති හෙයින් මෙහිදි ආයෙත් ඒ පල් හෑලි ලියන්න ඕනා නැතිය.

ජවිපාවුන් ආසන 3 පමණ ලබා ගනු ඇතයි යන්න මාතලන්ගේ මතයය උපරිමය 5 කි.

උතුරු නැගෙනහිර සහ-ජීවන්ලා

උතුරු නැගෙනහිර බලය සුළු ජාතික පක්ෂවලට හිමි වනු ඇත. පෝට්ටුව වඩාත් ජාතිවාදී වීම තුල ඔවුන් ලද සුළු චන්ද ප්‍රමාණය හෝ ඔවුනට අහිමි වීම කිසිවකුටත් වැලක්විය නොහැක. එජාපයේ චන්දද බෙදි යන නිසා ඉතා පහසු ජයග්‍රහණයක් දෙපලාතේම සහජීවන්ලාට ලැබෙනු ඇත.

බොහෝ විට ඔවුන් ආන්ඩුව හා එක්වීමටද ඉඩ ඇත. එමෙන්ම පින්නවල සෙට්ටෙකේ සියළුම දෙනා පාහේ ආන්ඩුවට එක්වනු ඇත යන්න මාතලන්ගේ විශ්වාසයයි. මන්ද ඔවුන්ට මින් පසු දේශපාලන අනාගතයක් නැති වන නිසාය.

ඒ අනුව නව ආන්ඩුව පෝට්ටුවන් අනාථ අලි සමඟ උතුරේ සහජීවන්ලාගෙන් සමන්විත ආන්ඩුවක් වන බව මාතලන්ගේ විශ්වාසයයි.

සුළු ජාතික පක්ෂ ආසන 20 -24 ක ප්‍රමාණයක් ලබා ගනු ඇත.

ඒ අනුව අවසාන ප්‍රතිඵලය මෙසේය

පෝට්ටුව…………….. 120
ටැලිපෝන්…………… 62
පින්නවල…………….. 17
ජවිපාවුන්……………… 3
සහ ජීවන්……………… 23

Jul 2, 2020

සිරිසේන කොඩිවිනේ පෝට්ටුවටත් වදියිද...?




බිත්තර ආප්පයක්ද කා රාජපක්ෂලාට පස්ස පෙන් වූ සිරිසේන උන්නැහේ හැංගිලා උන්න පොල් වත්තෙන් එලියට ඇවිල්ලා කිව්වේ, රාජපක්ෂලා මහ පාරේ ඇවිද්දනවා කියලාය. කිව්වා වගේම උන්නැහේ රාජපක්ෂලා නුවර ඉඳන් කොළඹටම ඇවිද්දුවේය. ඊයේ දිනයේ මංගල සමරවීර ස්වර්ණවාහිනියේ වැඩ සටහනකට සහභාගී වෙමින් කියා සිටියාක් මෙන් සිරිසේන ගොනාට අඳින්න පටන් ගත්තේ ජපානයේ පැවති ඝ්7 සමුළුවෙන් පස්සේය. ඒකේ නම ඝ්7 වූ නිසාමදෝ එදින ඉඳන් උන්නැහේ ඝ් හත් පොලේම ගාගෙන ඇදගෙනම නෑවේය. පොරට උනේ නිල් බාල්දියට වැටුන නරියාට වූ දේමය.


Feb 10, 2018

ගුණමකුවන්ට පාඩම් කියා දෙන බුද්ධිමත් ජනතාව - A Lesson to Ungrateful Stupid Politicos



ප්‍රතිඵලය ඉතා පැහැදිලිය. මහින්ද ලොක්කා පැහැදිලි ජයග්‍රහණයක් ලබා ඇත. දෙවන තැන සුපුරුදු පරිදි රනිල් ලොක්කාට ගොස ඇත. පචවංශයා ගලවගෙන ගිය පසු අහිමිවූ ඡන්ද ප්‍රතිශතය, මාතලන්ලා කඩේ ගිය ජෙප්පන්ට නැවත්ත් ලැබී ඇත. උනුත් එකයි මුනුත් එකයි, මහින්දත් හොරා රනිලුත් හොරා කියමින් කම්බා හොරු සැට් එකක් රෙද්ද අස්සේ දාගෙන, මං සුදනා වෙන්නට ගිය එතෙක් මෙතෙක් ලංකාවේ පහලවු අසාර්ථකම රාජ්‍ය පාලකයාගේ සරම, ඔහු පත් කල ජනතාව විසින්ම ඔළුවෙන් ගලවා දමා ඇත. 


Aug 18, 2015

අලි මෙන්ම මී ගව සම්පතද ආරක්ෂා කළ යුතුය... - Keep calm and protect our Buffaloes



පැතූ පැතුම් සියල්ල එසේම ඉටුවෙලාය. ටොයියන්ටවත්, බයියන්ටවත් ඔළු ඉදිමෙන රිසාල්ට් එකක් ඇවිල්ලා නැතිය. බොහෝ උන්ට සැකයක් තිබ්බේ, ජහ මනයා ඡන්දේ ප්‍රකාෂ කොරන්න එන එකක් නැතයි කියාය. එහෙත් වැල නොකැඩි ආපු ජහ මනයා නිසා, ගොබ්බ, ගෝත්‍රික, ජාතිවාදි, කාළකන්නි බයියන්ට රට යන්නට තිබු චෑන්ස් එකට කෙලවෙලාම ගියේය. එහෙම උනා නම් ඉතින් අපිටත් වෙන්නේ කෙහෙල් කොටන් පාරුවක හරි නැගලා, නන්දයි සුනිලුයි පැන්නා වාගේ, අඩුම ගානේ තමිල්නාඩුවටවත් පැන ගන්න එකය.

Aug 15, 2015

ඡන්ද අනාවැකි හා කයි පද..... - Predictions for 2015 Election



මෙළෝ රහක් නැති මේ වර              ඡන්දය
සෑම එකාටම වහ උන                      ඡන්දය
ගෙවල් ගානේ එති හිඟාන                ඡන්දය
පොල්ලක් අරගෙන දීපිය                  ඡන්දය

Aug 4, 2015

මාතලන් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ ඇයි...? - Why I choose JVP for this Election



උණපුරුකෙ දැම්මද බල්ලාගේ නැට්ටේ වංගුව කෙලින් කොරන්නට බැරිය. ඒ වාගේම මාතලන්ටත් කලටි පොල් නොකඩා සිටිය නොහැකිය. පොඩි කාළේ හොර පොල් කැඩූ පුරුද්ද අත් හැර ගැනීමට සෑහෙන කාළයක් ගියා සේ, කලටි පොල් නොකඩා සිටීමද, කුඩු ගහපු එකා සේ බොග දැමීමට පුරුදු වී සිටිනා මාතලන්ට බොහෝ හිත් වේදනා ගෙන දෙන කරුනක් වන්නේය.

Jun 27, 2015

අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change



කියමනට කියන්නේ, හවුලේ කැඳත් එපා කියලාය. කේන්දර කෙප්ප සුමනයාගේ අනාවැකි කෙලවලා ගියද, බයියන්ගේ අනාවැකි සියල්ල සත්‍ය කරමින්, මෛත්‍රී, රනිල්, සෝභිත, රතන, නිර්මාල් හා තවත් හතලිහක් ඉතර එක්කාසු වී කාල් ගාමින් සිටි කැඳ හැලි ආන්ඩුවට කෙලවෙලාම ගියේය. එහෙම උනේ නිකං නෙමේය. දින 100 න් රට හදනවා කියා අම්බ පචයක් කෙලලාය. මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තියෙද්දී ඉල්ලගෙන කෑවා වගේම, මෛත්‍රී රනිල් කැඳ ආන්ඩුවට කෙලවෙලා ගියේ ඔය දින 100 කෙප්පය නිසාය. අන්තිමට ඒ පචේ වහන්න පච 100 ක් නොව, නහුතයක්ම කියන්න උනේය. අන්තීමේදි, එකාට එකෙක් නැතිව ඔක්කෝම පච් වෙලාම ගියේය.

Jun 4, 2015

යහපාලනේ, මළ යකා සහ මළ පෙරේතයෝ - Yaha Paalanaya, Evils & The Parliment


අම්මට සිරි ලංකාවේ හැම මළදානෙට වගේම, මළ මගුලටත් තාමත් තියෙන්නේ ගෝත්‍රික ලක්සොනමය. "අනේ අපිවත් අරගෙන පලෝ...." කියා, පෙට්ටියට නැගලා, එරොප්පෙ යන්න පුක ඉරාගෙන කෑ ගැහුව්වාට, වලට පස් ටික දාන්නෙත් ඒකට වැටෙයිදෝ කියලා බයේය. මැරිච්ච එකාට ගිනි තියලා හෝ පස් දාලා ගෙදර ඇවිත්, එක්කෝ මාරි බිස්කට් ආතල් එකක් ගන්නවාය. එහෙම නැතිනම් කරවල වට්ටක්කා ඩාන්ස් එක දානවාය. මේ ඔක්කෝම සෙල්ලම් දාන්නේ මැරිච්ච එකා ආයෙත් එයි කියලාය.

Apr 17, 2015

ඉල්ලං කෑමට නියමිතයි... - Live or let Die


අම්මට සිරි ලන්කාවේ ජනතාව ගොනාට අන්දන කාළකන්නි දේසපාලුවන්ගේ ජනප්‍රිය කෙප්පයක් වන්නේ, "මේ රටේ ජනතාව බුද්ධිමත්..." යැයි කියනා සොලෝගන් එකය. මේ රටේ ජනතාව බුද්ධිමත් බව කෙසේ වෙතත්, රටේ ජනතාවගෙන් බහුතරය, රටවල් රාශියකින් පිරි මහද්වීපයක් අසල දූපතක සිරවී සිටිනා, අම්බ මැටි මෝල්, තකතීරූ, ගෝත්‍රිකයන් පිරිසක් බව නම්, මේ රටේ මොළේ කඳුලක් තියෙන එකාට හා දවස් දහයක් මේ රටේ සැරිසරන විදේශිකයකුට උනත් තේරුම් යන කාරනාවක්ය.

Mar 27, 2015

හොරු 25 කට ඇබෑර්තු ඇත.. - Is the national list serving its purpose?

බුකියේ එකෙක්ගේ පට්ට නිර්මාණයකි..
අපේ රටේ දේශපාළණයේ යථාර්තය පැහැදිලිව දැක ගත හැකි සිඳූවීමක් ඊයේ පෙරේද හික්කඩුවේදී සිඳු උනේය. ඒ "රජ්ජම" ප්‍රාදෙශීයේ චෙයාර් මෑන්ස්ට, මුන කට කුඩු වෙන්නම පිස්ටොල් එකකින් ගේම් එක දීමය. පොර එතනම ඔන්දස්පොට් වී නිර්වානයට ගියේය. හොයාගෙන ගියාම පොරත් නොම්මර එක ගේම් නමයක් දහයක් දීපු පාතාලේ සුපිරි බඩුවක්ය. පොරට ගේම දීපු ලසීද ලැසීද කියන එකා හොයා ගන්නත් නැතිය. යහ පාළණයක් තුල සිඳුවන මේ සීන් වලිනද මනාව පෙනෙන්නේ, වත්මන් දේශපාළණයේ සැබෑ මුහුණුවරයි.

Mar 6, 2015

සර්ව ජන ඡන්ද බළය අහෝසි කරණු...!!! - Why we need the Right to Vote....?

 

සර්ව ජන ඡන්ද බලය කියන්නේ ප්‍රජාතන්තරවාදයේ තියෙනා, ජය මනයාට හිමිව ඇති, අති උතුම්ම බලයයි. ජනතාවට පාර්ලිමන්ට් ජෝක්ස් පෙන්නන්න බැරි නිසා. දන්න කියන කුඩු කාරයෙක්, බඩු කාරයෙක්, මිනීමරුවෙක්, රේප් කාරයෙක්, කම්බ හොරෙක් හරි, උන්ටත් අන්ත, මහා ආචාර්යය, ආචාර්යය, උගත්ය, බුද්ධිමත්ය කියනා, නොම්මර එකේ හරකෙක් දියවන්නාවේ මොන්ටිසෝරියට යවන්නේ අපේ ගොන් කම ප්‍රදර්සොනේ කරන්නය.

Nov 15, 2014

පොදු අපේක්ෂක, ලාල්කාන්ත..? - Lal Kaantha, The Common Candidate


නන්දන ගුණතිලක බස් එකෙන් බැහලාය. චම්පිකයි රතනෙයි ඉන්නෙත්, පුට් බෝඩ් එකේය. ඇතුලට නගියිද, බැහැලා යයිද, පුට් බෝඩ් එකෙන් පැනලා, කොන්ද කඩාගනීද කියලා කියන්න, අපිට බැරිය. දවස් පහෙන් රිසාල්ට් එක දෙනවා කිව්වාට. තව දවස් තුනක් ආයෙත් ඉල්ලලා ඇත. මෛත්‍රිපාලත් හිනාවෙන්නේ බොක්කෙන් නෙමේය. ඒක මවාගත්තු හිනාවක් කියා ඕන එකෙකුට තේරෙනවාය. ඒ අස්සේ අව කැපෙන් කතාත් කියනවාය. මංගල යන එකත් ටැම්පරරි නැවතිලාය. ඒ කියන්නේ ඒ ගේමෙන් චන්දිකා දිණුම්ය. ආන්ඩුව පරාදය.


Nov 8, 2014

මහින්දට බැරිද..? - Yes, He Can



ඉස්සර පාර පුරා පෝස්ටර් ගැහුවේ සිංහල සෝ වලය. එයිට පස්සේ, මේ මනාප අමනාප ක්‍රමේ ආපු නිසා, දිස්ත්‍රික්කෙන් ඉල්ලන හැම එකාගේම මූනත්තහඩුව, අහුවෙන අහුවෙන හැම තැනම පාප්ප උලා කෙලලා ඇරියේය. ගෙදරටත් වඩා තාප්පෙට වියදම් කරපු උන් "දැන්වීම් ඇලවීම් තහනම්" කියා තාප්පේ ගහන්න ගත්තේ ඊට පස්සේය. ඒ කාලේ එක රැයින් මුළු රට පුරාම ගහලා රැකෝඩ් එකක් තිබ්බ පෝස්ටරේ උනේ, "මේ කව්ද? මොකක්ද කරන්නේ ?" කියනා පෝස්ටරේයය.

Oct 17, 2014

ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද? - Who needs an economic policy ?


 
- මාතලන් -

(චානුක වත්තේගමයන්ගේ ළිපිය පිලිබඳ, මාතලන්ගේ අදහස්...)

හදිසි ජනපතිවරණයක් එන බවට ඇති කට කතාවන් බොහෝමැයි. කටකතා කෙසේ වූවත්, "ඌවේ හූව" ආන්ඩුවට කන පුපුරන්න වැදී තිබෙනා බව, ඔවුන්ගේ හැසිරිම් වලින් පහසුවෙන් වටහා ගත හැකිය. දැන් බලන්නේ, හොඳින් හෝ නරකින් ආන්ඩු කිරීමට බව, කුකුළන් කෙටවීමේ සජීවී වැඩසටහන් තුල, පිස්සු බල්ලන් මෙන් හැසිරෙන, මැති ඇමතිවරුන් (ඇමතිවරියද ඇතුලත්ව) මෙන්ම, වෙන්න ඇමති පෙරුම් පුරනා, නඟරං කාරයෝ දුටුවාම, මොළේ කළඳක් ඇති ඕනෑම ජහමනයෙකුට වැටහී යනවා ඇත. (රන්ජන් රමන යකාට ගේමක් දීමට, හිරු නාලිකාව වටලන්නේ, විවාදයේදි මතු වූ දේ සත්‍ය නිසාද? අසත්‍යයක් නම් අපහාස නඩු වලට යා හැකියි නේද? මොකෝ බඩුයි, නඩුයි, ජජුයි, ඔක්කෝම එයාලගෙ නිසා...)

Mar 30, 2014

ආන්ඩුව පරාදද? - Is this a Victory?


ආන්ඩුවේ බත් බැලයන් වන, අයියෝ සිරි සේනලා කෙසේ කීවද, රාජ පක්ෂයේ යුව රජානන් වහන්සේ නමක් වන, බැසිල් තුමානෝ කියනා පරිදි, ජනතාව දෙන පණිවිඩය කෙරේ සිත යොමු කරවන එක, රාජ පක්ෂයේ අනාගතයට බොහෝ හොඳය. මන්ද, බලේ ඇති විටද, මොළේ ඇතුව ජීවත් වීම, පරම්පරාවට මෙන්ම, සුබ අනාගතයටද යහපතක්ම වන නිසාමය. මාතලන්ට පෙනෙන පරිදි පොදු පෙරමුණ සෝදා පාලුවකට ලක්ව නැත. නමුත් මේ තරමින් හෝ පවතින්නේ වෙන එකෙක්වත් නිසා නොව, රාජ පක්ෂලා නිසාම බවද නොකියාම නොහැකිය.

Mar 27, 2014

ඡන්ද අනාවැකි, අයිතිවාසිකම් හා ජිනීවා - Predictions, Rights & Geneva


දකුණට හා බටහිරට පලා බබාලා තෝරාගන්නේ හෙටය. සත පහකට වැඩක් නැති උනත්, දේශපාළණෙන් හම්බ කරනා උන්ට, මේක ඉන්දියාවෙන් ලද උතුම්ම තෑග්ගය. ඉන්දියාවෙන් අපට ලද උතුම්ම දායාදය මොකක්ද කියා අපේ පොඩි එකා ඇහුවාම. මම ඌට කිව්වේ පලාත් සභා කියලාය.

ගුරුතුමී කියලා තිබුනේ, පුතා හොඳ බුද්ධිමත් දරුවෙක් වනවා නොඅනුමාන බවය. එහෙම නැතිව මහින්ද ගෙනාපූ බුද්ධාගමවත්, හේමමාලී ගෙනාපු දන්ත ධාතුවවත් නොවේය. පක්ෂ විපස්ස බෙදයකින් තොරව හැම එකාම මල් පහන් පුදන්නේ රජීව් ගාන්ධිටය.

Feb 26, 2014

ජනාධිපති තුමා විදුලි පුටුවට යාම - President Sits on Electric Chair

 
බස්නාහිරයි, දකුණෙයි, පලා බබාලා තෝරාගන්න, ඡන්ද කොමසාරිස් තුමා ඡන්දයක් කැඳවලාය, එයාගේ හැටි එහෙමය, ප්‍රජාචන්ච්‍රවාදේ රැක ගන්න දිවි හිමියෙන් කැපවෙලා ඉන්න එතුමාට, නියමිත කාළය එනකන් ඉන්න වත් ඉස්පාසුවක් ඇත්තේම නැතිය. අනික හැමදාම ඡන්ද තිබ්බේ නැත්නම් එයාව මිනිස්සුන්ට අමතක වෙන්නත් පුළුවන්ය. ඒ නිසා එයා කල් පිරෙන්නත් කලින්, පලා බබාලා, පාර්ලිමේන්තු, ප්‍රදේශිය බබාලා විසුරුවන්න කියා ගැසට් එක ගහන ආන්ඩුවේ අච්චු කන්තෝරුවට කියනවාය. එතනින් ගැසට් එක ගහපු ගමන් එයා කැමති දිනේක ඡන්දේ තියලා, ටික දවසකට පොරක් වෙනවාය.

Feb 9, 2014

සුනිල් පෙරේරාගේ දුව, මධුමාධව හා ජයලාල් රෝහණ - Dirty Artists


නිලියන් දේශපාළණයට පැමිනීම, සිරි ලංකාවේ උත්තම පුරුෂයන්ගේ, මොළ කටු දෙදරා ගිය කාරණයක් විය. සම හරක් කීවේ දුලීකා මරපණ වැනි ප්‍රබුද්ධ නිලියන් පැමිනියත්, දෙකයි පනහේ නිලියන් පැමිනීම, රටේ පරිහානියට හේතුවක් බවයි. නිලියන් ගැන හොඳින් දන්නා අය, ඔය මොන කැටගරියේ හිට්යත්, කොරන්නේ රඟපෑමක්ය යන දේ, මේ හාල් පාරුවන්ට තේරෙන්නේ නැතිය. ප්‍රසිද්දියේ එසේ පැවසුවද, අසු හාරදාහක් වූ ටෙලි නාට්ටි ඔක්කෝම බලන්නේත් මුන්දලාමය. මේ කතා හරියට අර ගොන් ඇමතියෙක් ඊයේ පෙරේදා කියාපු කතාව වගේය.