.

.

Jul 29, 2023

දීප්තිලාට වෙනස් විය හැකි මුත්, ගෝත්‍රික ත්‍රස්තවාදීන්ට එසේ විය නොහැක.

 


දීප්තිලාට වෙනස් විය හැකි මුත්,

ගෝත්‍රික ත්‍රස්තවාදීන්ට එසේ විය නොහැක.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


ඊයේ පත්තරෙන් එහා වැඩ සටහනට එනවා ඉරාජ්. පැයක වැඩ සටහන පැය දෙකකට ආසන්න වෙලාවක් යනවා දැනෙන්නෙත් නැතිව. එතනදි ලංකාවේ ඉන්න ඊනීයා ලිබරල් ගෝත්‍රික ත්‍රස්තවාදීන්ට දීප්ති හා ඉරාජ් දෙන්නම කුඩු වෙන්නම ගහනවා.


ඒ ගෝත්‍රික ත්‍රස්තවාදීන් කව්ද කියලා අද බුකිය හා අනෙකුත් සමාජ මාජ්ජ දිහා බැලුවාම ඔයාලට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්. 


අද මීඩීයා කියන්නේ සල්ලි මවන උල්පතක්... ඕන නම් ඉතා සුළු කළෙකින් කෝටිපතියෙක් වෙන්න පුලුවන්...

හැබයි හෘද සාක්ෂියට එකඟව නෙමෙයි...

ඇත්ත කියලා ලියලා නෙමෙයි..

ප්‍රොපගැන්ඩා වලින්...

මේක කැලණි නයාගේ ඉඳන්, බැංකු කඩාගෙන වැටීම දක්වා ගලා යනවා

ඔය අනුර කුමාර දිසානායකගේ ලැම්බෝගිනි කතා වගේ...

විමල් වීරවංශගේ බටහිර කුමන්ත්‍රණ වගේ..


මේ දේවල් කරන්නේ මීඩියා කාරයොයි (මීඩියා කාරයෝ කිව්වම පත්තර, ටී වී, සඟරා, වෙබ්, බ්ලොග්, යූ ටියුබ් ඇතුලු සමාජ මාජ්ජ සියල්ල අයිතියි) දේශපාලුවොයි ඉතරක් නෙමෙයි... වෘත්තිකයිනුත් ඇතුලත්. නැත්නම් එයාලටත් කොනට වෙලා ඉන්න වෙනවා නේ.


කොරෝනා මිනී වලලන්න නොදීම. අම්පාරේ මන්ද පෝෂණේ, බාල බෙහෙත්, පාන් ගේන්න විල්බැරෝ එකේ සල්ලි අරගෙන යාම, කොරෝනාවෙන් ඔක්කොම මිය යාම, ගැස් බ්ලාස්ට් ඒ වගේ සාර්ථක ප්‍රොපගැන්ඩා. ඒව බිඳින්න හරි අමාරුයි. 


කරුමය වෙලා තියෙන්නේ බෙල්ලේ පාලුවට ඔළු තියෙන ජීවීන් පිරිසක් ඉන්න රටක, පැන්ෂන් ගිය මයිනෝ පවා ඒ සුරංගනා කතා ඇත්ත කතා වගේ පිලිගන්නවා විතරක් නෙමේ, ඒවා වමනය කර කර අයෙත් කන එක. හරියට 🐄🐄 වගේ. 


මොකෝ... මොලේ තිබුනට හිතන්න බුද්ධියක් නැති නිසා, අර නිර්මාණකරුවෝ අඹරලා දෙන ගුලි, උන් ඕසෙට කාලා, ඊට පස්සෙ අපිවත් බය කරනවා.


ඉතින් අද මිනිස්සුන්ට නිව්ස් කියලා එන්නේ ඇත්ත නෙමෙයි අර කෝටිපතියෝ විසින් නිර්මාණය කරපු ප්‍රොපගැන්ඩා...


ඒක අද මාෆියාවක්, ත්‍රස්තවාදයක්, ව්‍යසනයක්, ඒවට ලීඩර්ස්ලා ඉන්නවා.. බොරු නම් තරිඳු බේරගන්න උසාවී ආපු පිරිස අතරේ ඉන්න හරක් කටා වෙනුවෙනුත් පෙනී ඉන්න පොදු සාධක කව්ද කියලා තමුන්ම හොයා ගන්න. අමතක කරන්න එපා තරිඳුත් මේවා වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක් කියලා.  හරියට අර මල් වට්ටිය යටින් පිස්තෝල අරගෙන ගිය සිස්ටම් වලට දෙවනි නෑ.


මේක අති භයානක තත්වයක්..

මොකද හැම එකාම ජනප්‍රියත්වය වෙනුවෙන් අර මාෆියා කාරයෝ පස්සෙ යන නිසා... රටේ විපක්ෂ නායකත් උන්ගේ දායකයෙක්... ජෙප්පොත් මේ ළණු කන්න රුසියෝ.. මොකෝ, කොහොමත් උන්ගේ මොළ සෝදලා ඉවත් කරලා, ඒ වෙනුවට ටොයිලට් එකක තිබුන ච්ප්ස් වගයක් දාලා තියෙන නිසා.


අරගලය ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ..

උන් එක එක තර්ජන කරන්නේ නිකමට නෙමෙයි...

ඒක අළු යට ගිනි පුපුරු වගේ තියෙන්නේ...

ඉතින් පොඩ් ගිනි අඟුරු කෑල්ලක් දැක්කත් නිවලා දාන්න ඕන..

මොකෝ ඇවිලුනොත් නිවන වැඩේ කරන්න ගිනි නිවන හමුදාව දාලා කරන්න බැරිව..

අනෙක් හමුදාවල් පවා කැඳවන්න වෙන නිසා.


මේක දීප්තිලාට දැන් අවබෝධ වෙලා තියෙනවා... සුදර්ශණ ගුණවර්ධන ඒක පාලකයන්ට පෙන්නලා දෙන එක ළොකු දෙයක්.


එතනදී ඒ ක්ෂේශ්ත්‍රයේම ඉඳගෙන (මීඩීයා ඇන්ඩ් සෝෂල් මීඩීයා) ඇත්ත කියන ඉරාජ්ට හා තම මතය වෙනස් කර ගත්ත දීප්තිට අනික් උන් ඔක්කෝම (ඊනියා ලිබරල් ත්‍රස්තවාදීන්) එකතු වෙලා ගහන්නේ ඒකයි...


වඩා වැදගත් වන්නේ 

පුද්ගලයකුගේ අතීතය නොව

මේ මොහොතේ තමන් සිටිනා මතයයි.


- මාතලන් යකා -


.

මුලු ලංකාවම දැන් දන්න මෝඩ තරිඳු රට යන්න ගිහින් කටුනායකදි වෙච්චි දේ

 


මුලු ලංකාවම දැන් දන්න මෝඩ තරිඳු

රට යන්න ගිහින් කටුනායකදි වෙච්චි දේ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖😁➖


තරිඳු උඩුවර කියන්නෙත් කලින් බොග දාපූ එකෙක්.. ඒ කියන්නේ බ්ලොග් ලියපු  එකෙක්. 


උන්ම තමා පසු කාළයක බුකියට එන්නේ. උන්ට තියෙන අති දරුණු රෝගයක් තමා මුලු ලංකාවම උන්ව දන්නවාය කියලා හිතන රෝගය. උන්ව තියා නිර්මාල් දේවසිරිවත් මහේෂ් හපුගොඩවත්, අපේ හෑලී කුවීන් චාන්‍යා හේරත් තියා ඔබේ ආර්ථිකය කෙසේද අහලා ගානක් කඩාගෙන මාරු වෙච්චි එකාවත් රටේම මිනිස්සු තියා, කොළඹ මිනිස්සුවත් දන්නේ නෑ.


ඒක නේ මෝඩ තරිඳු පොලීසියට කියන්නේ මාව ලංකාවම දන්නවා කියලා. හැබයි පොලීසිය පොරව දන්නේ නෑ. දන්නවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උන් වගේ කබ්බෝ ෆෝම් නොකර ඉන්නවා.


තරිඳුත් යූටියුබ් එකක් කරනවා. එයාලගේ මාකටින් වැඩක් තමා දැන් හිරේ යන එක. සේපාල් හිරේ ගිහින් ආවම බුවාගේ ක්‍රව්ඩ් එක වැඩි වෙනවා. තරිඳුටත් ඕන වුනේ ඒක. දැන් ඒ වැඩේත් හරි. අනිත් වැඩෙත් හරි. පොරට අද ඇපත් ලැබෙයි.


මේ තරිඳු කෑ ගහනවා දැක්කාම මට පරණ සුද්දන්ගේ කතාවක් මතක් උනා..


ඔන්න කටුනායක එයාර්පෝට් එකෙන් තරිඳු රට යන වෙලාවක පොර පෝලිම පැනලා ඇවිල්ලා කවුන්ටරේ ඉන්න කෙල්ලට තඟ දානවා... පෝලිමේ ඉන්න උනුත් කෑ ගහනවා... කවුන්ටරේ ඉන්න සිරි ලන්කන් එළකිරි කෑල්ල තරිඳුට කියනවා... 


කෑල්ල : සර් කරුණාකරලා පෝලිමේ එන්න..


තරිඳු : තමුසේ දන්නවද මම කව්ද කියලා 


කෑල්ල එයාර් පෝට් එකටම ඇහෙන මයික් එක ඔන් කරලා..


කරුණාවෙන් සවන් දෙන්න ... තමන් කව්දැයි නොදන්නා පුද්ගලයෙක් හත් වෙනි කවුන්ටරය අසල රැදී සිටි.. කරණාකර ඔහු කව්දැයි දන්නා කෙනෙක් සිටී නම් ඒ මහතාට තමන් කවුදැයි කියා දැනගැනීමට උදව් කරන්න... ස්තූතියි ...


May I have your attention please!!

We have a passenger here at the gate who does not know who he is. If anyone can help him find his identity, please come to gate 7.!


ඒකට තවත් මල පැන්න තරිඳු කේන්තියෙන් කෑල්ලට මෙහෙම කියනවා...


තෝ දැන ගනින් තොට #කනවා  දාලා...


අනේ සොරි සර්... ඒකටත් මේ පෝලිම පැනලා කරන්න බෑ නේ... පෝලිමේ කෙලවරට ගිහින් පේළියේ එන්න... ඒ ආවම බලමු...


▪️හුදී ජන පාන් සංවේගය උදෙසා සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්ය මාතලන් වන මා විසින්...


.

Jul 26, 2023

ශලිනි තාරුකා, ඉරාජ්, දමිතා, හිරුණිකා හරහා එන "Envy" තත්වය ඔබ මානසික රෝගියකු කළ හැක...

 


ශලිනි තාරුකා, ඉරාජ්, දමිතා, හිරුණිකා හරහා එන "Envy" තත්වය ඔබ මානසික රෝගියකු කළ හැක...

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


වත්මනෙහි ඇති වී ඇති තත්වය, ඉරිසියාව , ලිංගික ඉරිසියාව කියලා ලඝු කරන්න ගියාට එතන තියෙන්නේ ඉන්ගිරිසියෙන් Jelousy කියන වචනයට එහා ගිය Envy කියන තත්වය. 


ඉරිසියාව කියන දේ සුළු මොහොතකින් පහව ගියත්, Envy කියන තත්වය අවසානයේ පාලනය කර ගන්න බැරි තත්වයකට ඇවිත්, මානසික අවපීඩන තත්වයකට ගෙනිහින් ඔබව මානසික රෝගියෙක් කරනවා. මේකට ඉරිසියාවට වඩා ඇඟේ මාළු නටන තත්වය කිව්වා නම් වඩා හොඳයි.


ඔය වාමවාදී පක්ෂවල උන් සාමාන්‍ය නිරෝගී මානසිකත්වයක් තියෙන උනුත් සමාජයට වෛර කරන පිරිසක් කරන්න භාවිතා කරන්නේ මෙන්න මේ Envy කියන තත්වය. උන් යමක් කමක් තියෙන අඳින්න පලදින්න තියෙන දරුවොත් හිඟන්නෝ කරලා මහපාරේ දක්කලා මොළ හෝදලා, උන්ට අවනත මානසික රෝගීන් පිරිසක් කරනවා.


දැන් දැන් මුන් රෝගය උත්සන්න වෙලා රැල්ලක් ලෙස සියදිවි නසාගනිමින් ඉන්නවා. ඒ නිසා තමන්ගේ දරුවෝ එයින් මුදවා ගැනීම කළ යුතු දේ වුනත්, අමු ගොබ්බ දෙමව්පියනුත් ඉන්නේ ඒ දේවල් අනුමත කරන තත්වයක. ගෙදරට පෙට්ටිය එනකොට ටූ ලේට්. මේක පහළ මධ්‍යම පන්තියේ ඛේදවාචකයක්.


මේක ජාතියක් වශයෙන් ආර්ථිකව නැගී සිටින්න බැරි වීමටත් ප්‍රධාන හේතුවක්. උන් ප්‍රවර්ධනය කරන්නේ උත්කර්ෂයට නගන්නේ යැපීම් මානසිකත්වය. සියල්ල රජයෙන් වෙන්න ඕන කියනෙක. මෙයින් සම-හරක්, තමන් ආර්ථික වශයෙන් යම්කිසි තත්වයක උන්නත්, මේ වෛරීසහගත මානසිකත්වයේ ඉන්න නිසා තමා, අනුර කුමාර දිසානායකට ඔස්ට්‍රේලියාවේ සම්මන්ත්‍රණ තියන්න පුලුවන් වෙන්නෙ.


මේවට එන්නේ උපතින් ක්ලාස් එකක් තිබුන මිනිස්සු නෙමේ. පහළ මධ්‍යම පාන්තිකයින්. උන් අර ක්ලාසි මිනිස්සුන්ගේ පරිභෝජන රටාව අපිටත් තියෙනවා කියලා පෙන්නන්න දාහක් දේ කලාට, මානසිකව අමු ගෝත්‍රිකයෝ. උන් අර පන්තියට තාමත් වෛර කරනවා. ඒ පන්තියට අනුගත වෙන්න පුලුවන් වෙච්චි තමාගෙම එකාට වෛර කරනවා.


ඉතින් උන්ට ලෝකේ හොඳම තේ බ්‍රෑන්ඩ් එකක් හදපු ඩිල්මා ලොක්කත් හාල්පාරුවෙක් වෙනවා. තමන්ට වඩා කිසියම් දෙයක් හෝ රුවක්, (මෙහෙම ටොක්සික් රෝගීන් බොහෝවිට සම්මතයට අනුව රූපෙන් කැතයි) උසක් මහතක්, ඇඟක්, ප්‍රසිද්ධියක් තියෙන එකෙක් ඒවා ලබාගෙන තියෙන්නේ එක්කෝ කුඩු විකුණලා නැත්නම් හොරකම් කරලා. මෙයාලා රහසින්වත් චූටී පවක්වත් නොකරපු දේව දරුවෝ. 


මුන්ට ක්ලාසී අනන්‍යතාවයක් නැති ගන්ධබ්බයින් නිසාම, එක් අවස්ථාවක විරයෝ වෙන එකාම, මොහොතකින් උන්ගේ දරුණු ප්‍රහාරයන්‍ට, සමූහ දූෂණයට ලක් වෙනවා.


මෑතක විහාර මහා දේවියන් ලෙස වැඳුම් පිඳුම් ලැබූ දමිතලා හිරුණිකාලා (හිරුණිකා දේශපාලනය කරන කෙනෙක් උනත් එයාව මෙතනට ගන්නේ කාන්තාවක් හා මවක් ලෙස) දැන් උන්ටම වෙට්ට පාසියෝ වෙලා තියෙන්නේ ඒකයි.


ඉරාජ්ලා, නාමල් උඩුගමලා, ෂෙහාන් මිහිරංගලා, භාතිය සන්තුෂ්ලා, සංඝා එක්ක තියෙන ඇරියස් එක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ... විජය කුමාරණතුංගගේ සුන්දර මුහුණ කුඩු වෙන්නම තියන්න , විරූපී විජේ ඕඩර් එක දෙන්නේ, දේශපාලනිකව වගේම විජේ එක්ක තිබුන තුච්ඡ ලිංගික ඉරිසියාව නිසා. ඒ තමා ලංකාවේ උන්න නොම්මර එකේ ටොක්සික් රෝගියා. 


ලංකාවේ ජනප්‍රියම හා දක්ෂම නිලිය වෙච්චි ශලනි තාරුකාට මෙන්ම, කිසිම වැරද්දක් නොකල, ලෝකයේම ප්‍රසිද්ධියට පත් යොහානී එක්ක තියෙන්නෙත් අර ටොක්සික් මානසික රෝගයම තමා. දැන් ශලිනි නිලියක් නෙමේ, යොහානිට සින්දු කියන්නත් බෑ. අනේ මට අමතක වෙනවා තා ටිකෙන්.. අර උමාරියාටත් සින්දු කියන්නම බෑ හොඳේ. එහෙම වෙලා අමරදේව මාස්ටර් එයා එක්ක සින්දුවක් කිව්වේ උන්නැහෙගෙත් මොළේ අවුලක් තියෙන්න ඇති.


මාතලන්ට අනුව නම් දමිතලා ශලිනිලා ඉන්නේ මෙහේ ඉන්න අග්‍රගන්‍ය නිලියෝ සම්බහිය නිලියන්ට වඩා ගොඩාක් ඉදිරියෙන්. උමාරියාට තියෙන ගායන හැකියාවට කිට්ටු වෙන්න එකියක් නෑ.


හැබයි ඉතින් මේ ප්‍රබුද්ධ (ටොක්සික් රෝගීන්) පිරිස ගී තෝරන වැඩ සටහන් වලට ආවම, අමරසිරි පීරිස්ගේ ළඳුනේ කියන ගීතය ගැන මාර හෑල්ලක් කියවලා, සිංදුව යන අතරේ, නිවේදකයයි ප්‍රබුද්ධයයි හොටු පිහලා, උන්ගේ පුපේ අතුල්ලනවා දැක්කම, සිංදුව  රස විදින්න විදියක් කොහෙත්තම නොලැබෙන්නේ...


මගේ පුප හිනාවෙන නිසා ඕයි...


.

Jul 19, 2023

උපාධිධාරී වෘත්තිකයින් හොරා කෑවාට අවුලක් නැත.

 


උපාධිධාරී වෘත්තිකයින්

හොරා කෑවාට අවුලක් නැත.

➖➖➖➖➖➖➖➖➖🔴


මේ රට හිඟන රටක්වත් දුප්පත් රටක්වත් නොවේ. අස්වැසුම ඉල්ලාගෙන එන මූසලයන්ගෙන් ඒ බව මනාව පෙනුනි. උන් එන්නේ නිකන් ලැබෙන නිසා තව පොඩ්ඩක් ගොඩ වැඩිකර ගන්නටය.


අනෙක් අතට පිරමිඩ් ජාවාරම්වලට මෙන්ම පොලී සල්ලිකාරයන්ට මාට්ටු වෙන උන් මාට්ටු වෙන්නේ කෝටී ගනනිනි. එහෙම සල්ලි වලින් බය නැතිව සූදූ කෙලින්නේ ඒ සල්ලි කිචි මනී නිසාමය.


කෙසේ හෝ මේ මුදල් මහන්සි වී හරි හම්බ කළ දේ නොවේ. (සාමාන්‍ය රැකියාවන් කර ඉතිරිකරගත් ෆන්ඩ් එක හැර) විශේෂයෙන් සේවා ආර්ථිකය මූලික වූ ආර්ථිකයක ලාබ ලැබෙන්නේ එලෙසය. මහා බැංකුවේ මහා මංකොල්ලය ලෙස හදුන්වන එහෙත් නිත්‍යානුකූල ගණුදෙනුව, එවන් මහා පරිමාණ ලාබ ලැබූ ගණුදෙනුවකි.


පෞද්ගලික වෙළෙන්දන්ද සමාගම්ද ලාබ ලබන්නේ හෙන ගගනා ලාබයන්මය. රුපියල් 110 ට 120 ට දිය හැකි පාන් පිටි කිලෝව, රුපියල් 210 දෙන්නේ එම අධික ලාබයෙන් දේශපාලන පක්ශවලට දන් දීමට බව අන්‍රයියා පාර්ලිමේන්තුවේ කිව්වේ සහතික ඇත්තය. මහා පරිමාණ මත්පැන් සමාගම් කෝටි ගනනක මුදලක් යටිමඩි ගසා ඇත.


එම සමාගම් ජෙප්පන්ට කප්පම් නොගෙවන නිසා එම සමාගම්වල නම් හෙලිදරව් කලාට,ම්ම්ක් එයාලාට කම්පම් දෙන සමාගම්වල අධික ලාබයන් ගැන ඒ විප්ලවීය සඕදරයෝ කට පුප හොල්ලන්නේ නැතිය.


මේ ගණුදෙණු සියල්ලටම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධය. සෑම තැනම අරක්ගත් වෘත්තීයවේදී මාෆියාවන්‍ය. කස්ටම් ඔෆිසර්ලා යනු එවන් එක් මාෆියාවකි. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළධාරී මාෆියාව තා එකකි. රාජ්‍ය නිළධාරියකු කළ විශාලම මූල්‍ය වංචාව කළේ ඔයින් එකෙකි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාෆියාව ගැන කතාකරලා  වැඩක් නැත.


ඒ තබා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කම්බා හොරුන්ගේ ගසාකෑම් දැන් එලියට දමන්නේ ජොස්තරලාමය. ඒ හැර සෑම අමාත්‍යාංශයකම ගණුදෙණු සම්බන්ධයෙන් කෙලින්ම සහභාගී වන ටයි කෝට් හා ඔසරි අඳිනා නොනා මහත්වරුන් කොතරම් කම්බා හොරුන්ද යන්න කෝප් කමිටුවේදී දිනපතා හෙලිවන්නේය.


බිත්තර නෝනා මෑතක දුටු හොඳම උදාහරණයකි. බිත්තර ආනයනයට දස දහසක් රෙගුලාසී දැමූ උන්දෑ බිලියන ගනනක එළුවන් රටට ගෙනැවිත් ඇත්තේ කිසිඳු පරීක්ෂණයකින් තොරවය. ගෙනාපු එළුවන් බාගෙට බාගයක් රෝග වලින් මිය ගොසින්ය. එහෙත් ගාන නෝනාගේ පර්ස් එකේය.


හැම තැනකම වැඩ සිඳුවන්නේ මෙයාකාරයටමය. චාමර සම්පත් ගේම අදින්නේත් එවන් පඩත්තලයෙකුටය. ඌ බේරෙන්නට කියනා කතා වලින්ම ඌ කම්බා හොරෙක් බව හෙලිවී හමාරය. ඕකුන් හොරකම් කරන්නේ තනියෙන් නොවේ. බොහෝ විට ඇමතියාටත් කුට්ටියක් යන්නේය. 


එයද ඇමතියාට කෙලින්ම යන්නේ නැතිය. ඊටද වෙනම ක්‍රම හා විධි තිබෙන්නේය. මෙතන අවුල ඇමතියාට ගානක් නොගිය නිසා යැයි කියනා කතාවද උන්ගේ කෙරුවාවන් අනුව ඉවත නොදැමිය හැකි තර්කයකි.


අපේ රට ඩොලර් බිලියන 80 ක් පමණ දේශීය හා විදේශීය වශයෙන් ණය බව සැවොම දන්නා කාරණයකි. නමුත් ඔය ඩොලර් බිලියන 80 ම කුමනාකාරයකින් හෝ වත්කම් ලෙස අපේ භූමියේ හා අපේ උන් අතරේම තියෙන්නට ඕනාය. වැඩිම උනොත් 20% පිටරටවල ඇතිය.


එයින් වැඩිම ප්‍රමාණය තියෙන්නේ ඉහත සඳහන් කල උපාධිධාරී වෘත්තිකයින් සන්තකවය. දැන් උන්ගේ මාෆියාවන් චාමර සම්පත්ට විරුද්ධව කඳවුරු බදිමින් සිටී. හොරකම් ගැන තුන්තිස් පැයේ පුරසාරම් දොඩනා ජෙප්පන් පෙනී සිටින්නේද ඒ හොරුන් වෙනුවෙනි.


බුකියේ මතය අනුවත් උපාධිධාරී වෘත්තියවේදීන් හොරා කෑවාට කිසිම අවුලක් නැත්තේය. උන්ට අවුල් වන්නේ කැබිනට් මණ්ඩලේ උන් හා රාජපක්ෂලා විතරමය.


එහෙත්  ඇත්ත කතාව නම් මේ රට බංකොලොත් කළේ දේශපාලුවන් නොව. උන්ටද හොරකම කලාත්මකව කිරීමට ඉගැන්වූ රාජ්‍ය සේවයේ උපාධීධාරී වෘත්තිකයින් බවය.


උන් ප්‍රොෆෙෂනල් හොරුන්මය....

.

Jul 15, 2023

ජාත්‍යන්තරයෙන් කොන් වූ සෙලන්ස්කි අපට කියා දෙන උගත් පාඩම.


 ජාත්‍යන්තරයෙන් කොන් වූ සෙලන්ස්කි

අපට කියා දෙන උගත් පාඩම.

➖➖➖➖➖➖➖➖➖🔴➖


මේ පින්තූරය මේ මොහොතේ ලෝකයේ වැඩියෙන්ම වෛරල් වෙච්චි පින්තූරය.


මේකෙන් රුසියානූ යූක්‍රේන යුද්ධයේ මුලු කතාවම කියා පානවා. 


සෙලන්ස්කි කියන්නේ බටහිර විසින් කුමන්ත්‍රණයකින් පත්කරපු ජෝකර් කෙනෙක්. ඌ කොහොමත් කොමීඩියන් කෙනෙක්. ඌ අමු මෝඩයෙක් කියන්න තව උදාහරණ අවශ්‍ය නෑ. රුසීයාවට විතරක් දෙවනි වූ රුසියානූ සමූහාන්ඩුවට අයත්ව තිබූ යුරෝපයේ ධාන්‍යාගාරය මේ යකා අමු සොහොනක් කලා.


ඔය දේම නේටෝ එක බෙලරුස් හෙවත් බෙලරසියාවෙත් විපක්ෂ නායිකාව දාගෙන කරන්න ගියාට,එහේ ඉන්නේ නන්දසේන රාජපක්ෂ වගේ ගොබ්බසේන කෙනෙක් නොවන නිසා, අද ඒ ගෑනිට සරනාගතයෙක් ලෙස ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඌ පුටින් වගේම යකෙක්. රටක නායකයා වෙන්න ඕන එහෙම එකෙක් මිසක් නන්දසේන වගේ ගොබ්සන් හාල්පාරුවෝ නෙමෙයි.


බටහිර තානාපතිලා ඔක්කොම එකතුවෙලා අරගලයක් කියලා මෙහේ කරන්න ගියෙත් ඒක. දැන් උන් ගානියා බැරිස්ටර් සීන් එකෙන් රෙදි ගැලවිලා ඉන්නේ. අපි නම් ඒ කාළෙම ඕවා කිව්වා. උන්ගේ ප්ලෑන් එක උනේ පාර්ලිමේන්තුවත් ගිනි තියලා, රැට්ටා හෝ කුරුස අප්පුහාමී වගේ හාල්පාරුවෙක් මෙහේ නායකයා කරලා, උන්ට අවශ්‍ය විදියට රට පාලනය කරන්න. ඒ නායකයා ශවේන්ද්‍ර හෝ ෆනී සරත් වෙන්නත් ඉඩ තිබුනා. හිරුනිකා වෙන්නත් තිබුනා. ඒක දන්නේ එයාලා.


ඒ බලවේග විසින් ගොබ්බසේන පැනලා ගියායින් පස්සේ කතානායක නිල නිවසටම ගිහින් උන්නැහේට රට බාරගන්න කියන්නේ ඒ අනුව. ඒ සෙට් එකේ සජිත්, කරූ, සුමන්තිරන්, හර්ෂ වගේ අමන දේශපාලන කුර හා අං සහිත ජීවීනුත් සිටීම රටේ අවාසනාවක්. 


කෙසේ හෝ මේ කුමන්ත්‍රණය ගැන ඉව වැටිලා තිබ්බ රනිල් එයාගේ සෙට් එකකුත් අරගලයට ඔබලා තිබ්බේ. රනිල්ගෙ ගේ ගිනි තියන්නේ රනිල්ට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන්නෙ කියලා ඒකට බෑ කිව්වාම. ඒක කලෙත් සජිත් හා සිරස දාලා.


ඒ කරලා රනිල්ව බය කරලා ජනාධිපති කම බාරගන්න එපා, සර් අස්වෙන්න කියන්නේ ශවේන්ද්‍ර. රටේ මිනිස්සුන්ගේ වාසනාවකට රනිල් එතනදි අරුන්ට වඩා කපටි වුනා. කතානායකව කන්ට්‍රෝල් කළෙත් රනිල්. ඒ වෙලාවේ රනිල්ට බැක් කලේ කමල් ගුණරත්න විතරයි.


මෑතකදි අර මරු කියවන වජිර අබේවර්ධන කියලා තිබුනා, රනිල්, මුලු ලෝකෙටම බය නෑ කියලා. ඉතින් ඒ කතාව බොරුවකුත් නෙමේ වෙච්චි දේවල් එක්ක බැලුවාම.


රනිල් ජනාධිපති වුනයින් පස්සෙත් ජූලී නෝනා රට පාලනය කරන්න ගිය එකටත් රනිල් ගේම දෙන්නේ ඊළඟ දවසේ උදේ යන්නම් කියලා හිටපු අරගලියන්ස්ලට ඝෝඨාගෙ ගුණ කිය කියා දුවනකම් ආමි එක දාලා බෙදලා. මේවා මාර ටැක්ටික් ගේම්. 


එහෙම නොකර ඊළඟ දවසේ උදේ ගියා නම්, අරුන් වීරයෝ වෙනවා. අද උන් නගුට පුපේ ගහගෙන, කුක්කු බොන කුක්කෝ වගේ ඉන්නේ, ඊට පස්සෙත්, බේරේ වැවෙන්ම නාවලා ඇරිය නිසා. හීරෝ පාට් රඟන්න ගිය අන්‍රයියට දෙන්නේ, රෝලර් ඩෝ කඩාගෙන හැංගෙන්න.


ඒ නිසා රටට ආදරේ කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ඕන එකෙක්, මේ මොහොතේ රනිල්ව රැකගන්න අවශ්‍යමයි. හේතුව තාම කුමන්ත්‍රණය අවසන් නැති නිසා. පොහොට්ටුවේ උන් අරගලයෙන් පුප නැති වෙන්නම කාපූ නිසා උන්ට තේරෙනවා රනිල්ගේ අගය.


එහෙම රනිල් ආවේ නැත්නම්, පත්වෙන හාල්පාරු රූකඩ නායකයටයි රටටයි වෙන්නේ අර බුකියේ එකෙක් කියලා තිබ්බා වගේ, පොෂ් බඩුවක් සෙට් වෙලා ඒකිගේ බර්ත් ඩේ පාටියට ගිය හිඟන කොල්ලෙක් මෙන්, සෙලන්ස්කි වගේ මේ ලෙස අනාත වෙලා පීචං වෙලා ඉන්න.


එහෙම ජෝකර් කෙනෙක් 2015 ගෙනත් එක්ස්පීරියන්ස් තිබුන හේතුවෙන් තමා, රනිල් දෙවනි වර, රෑ වැටුන වලේ දවාලෙත් නොවැටි බේරුනේ.


ඒ වගත් මෙසේය.....

.

Jul 14, 2023

සංක්‍රාන්තික ලිංගිකයින්ට කිරුළ පලඳා කරනු ලබන කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කිරීම....

 


සංක්‍රාන්තික ලිංගිකයින්ට කිරුළ පලඳා
කරනු ලබන කාන්තා අයිතිවාසිකම් 
උල්ලංගනය කිරීම....
➖➖➖➖➖➖➖🔴➖

නෙදර්ලන්තයේ රූ රැජිණ කිරුළ රිකී කියලා සංක්‍රාන්තික ලිංගිකයෙක් දිනාගත්තයි පස්සේ ඒ ගැන නැවත කතාබහක් ඇති වෙලා තියෙනවාය.

මේ බියුටි කුවීන්ලා ගැන අපූරු විස්තරයක් මගේ ප්‍රියතම බුකි රචකයෙක් වෙන  Malcolm Sang  ලියලා තියෙනවාය. කැමති කෙනෙකුට එතනට ගිහින් බලාගන්නට පුලුවනිය.

මාතලන් LGBTQ සියල්ලන්ම දකින්නේ මිනිසුන් ලෙසය. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම මනුෂ්‍යත්වය වෙනුවෙන්ද පෙනී සිටිනවාය. (ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතිය) ඒ අනුව, එක එක අයගේ ආශාවන් අභිමතාර්තයන් වෙනස් වෙනවාය. සෙක්ස් හෙවත් ලිංගික අවශ්‍යතාවයන්ගේ තත්වයද එසේමය. ඔය උවිඳු වගේ අයට "ෆෝන් සෙක්ස්" වලින් වුනත් සුරතාන්තයට පත් වෙන්න පුලුවන්ය . ඒකත් අද ජාත්‍යන්තර බිස්නස් එකක් වී බොහෝ කල්‍ය.

සෙක්ස් කියන්නෙත් මූලීක මිනිස් අවශ්‍යතාවයක්මය. ආහාර නැති වුනාම එය ලබා ගැනීමට මිනිස්සු නොයෙකුත් නීතී විරෝධී දේවලට පෙළඹෙනවා වගේ සෙක්ස් වලදිත් එසේමය. එහිදීත් ආහාර වලට වගේම, එකිනෙකාගේ රුචි අරුචිකම් විවිධාකාරය.

කෙනෙක් Janaka Edirisinghe  වගේ ඌරූ මස්ම කාන්න ආසයි වගේ, තව සමහරු Janaka Wannaku  වගේ කන්න ආසය මාතලන් නම් අහුවෙන ඕන දෙයක් කනවාය. මොකෝ හැමදාම ඉන්න එකක් කියලාය. සමහර කෑම මිස් කලොත්  ආයේ ඒ වගේ කෑමක් ජීවීතේට නොලැබෙන්න පුලුවනිය.

කොහොමත් බියුටි කුවීන් කන්ටෙස්ට් වලට මේ ට්‍රාන්ස්ජෙන්ඩර් අය ඉදිරිපත් වෙන එකට මාතලන් නම් විරුද්ධය. එය  කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා උරුමයන් අමු අමුවේ උල්ලංගනය කිරීමක්‍ය. මොකෝ මෙයාලට "මිස්" වර්ල්ඩ්, "මිස්" යුනිවර්ස් වුනාට, කවදාවත් "මිසිස්" හෙවත් විවහක ටයිටල් ලබන්න බැරි නිසාය. ඒකට තම කුසින් උපන් දරුවන් ඉන්න ඕනාය.

මේ අය උපතින් කාන්තාවන් නොවන නිසාය. මොවුන්ට කවදාවත් තම කුසින් දරුවකු ලබන්න බෑරිය. ඒ සැත්කම් මගින් යෝනියක් ලබාගත්තත්, හෝමොන මගින් අනෙකුත් දෑ ලබාගත්තත්, ඔවුන්ට ගර්භාෂයක් නැති නිසාය. අනාගතයේ ලබා ගත්තත්, ඒකත් ආටිෆිෂල් එකක් හෙවත් කෘතිම බඩුය.

හෝමෝන අරගෙන ක්‍රීඩා කරන්න බැරි නම්, මේකත් ඒ වගේම වෙන්න ඕනය. 

ඒ හැරුනම මෙතන තව දෙයක් තියෙනවාය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට හා සමාජ සම්මතයන්ට විරුද්ධ, පුරුෂාධිපත්‍යයේ උපරිම හා නින්දිතම ලිංගික ක්‍රියාවලියක් වන "ගේ සෙක්ස්" සඳහා යොදාගන්නා පුරුෂ ශරීරය ඇන්දීමේ කලාවේ උපරීමයකයට ගෙන එනවාය. මේ වගේ තත්වයක් කලින් දැක්කා නම්, දෙවියන් වහන්සේ විසින්, ආදම් සහ ඒවාට අමතරව සංක්‍රාන්තික ලිංගිකයෙක් හා ඒවාට ලෙස්බියන් කෑල්ලකුත් මවනවාමය. 😁

පිරිමින් දෙදෙනෙකු අතර ලිංගික එක්වීම් වලදි බොහෝ විට සිඳුවෙන්නේ, එකෙක් කාන්තා චරිතය රඟපෑමය. ඒක පට්ට බ්‍රේන් වොෂ් කිරීමක් සහ ඒ කෙනාගේ මානව අයිතිවාසිකම් හා ආශාවන් අමු අමුවේ මරා දැමීමක්මය. දැන් ඒකට හෝමෝන් යොදා ගැනීමට අමතරව මේ වගේ පැජන්ට් පවා උපයෝගී කරගෙන එය සාමාන්‍යකරණයට ලක් කරමින් පවතිනවාය.

සෙක්ස් පැත්තෙන් ගත්තත්, පෂ්චාත් භාගයේ රමණය වෙනුවට, කෘතිම යෝනියක් ලබා ගැන්මට ඔවුන් පොළඹවා ලීමක්ය. ඒ සඳහා සැත්කම් කළ යුතුමය. එය කොතරම් මානුෂික දෙයක්ද යන්න ඔබේ තීරණයක්ය. මෙය හියුමන් ට්‍රැෆිකින් මෙන්ම තවත් ලිංගික මාෆියාවක් වී අවසානය.

අනෙක් කාරණය නම්, මේ අයට ඔය කාන්තා පැජන්ඩ් අස්සේ රිංගන්නේ නැතිව, ඩ්‍රැග් කුවීන් ( Drag Queen ) සහ සංක්‍රාන්ත්‍රික ලිංගිකයින් සඳහාම වෙන්වූ බියුටි පැජන්ට් ඕනෑ තරම් තිබීමය. 

ඉතින් ලෝකය දියුණුවෙන්නේ මෙහෙම තත්වයක නම්, අනාගතයේදි ඇනිමල් සෙක්ස් හා බාල අපරාධත් සාමාන්‍යකරණයට ලක්වී, හොඳම ස්ටඩ් බුල් හා හොඳම සාරුවා සුනිල් තේරීමේ තරඟත් තියන්න බැරි නැතිය.

ඒ වගත් මෙසේය....

⭕ පින්තූරවල සිටින්නේ කාන්තාවන්ගේ බියුටි පැජන්ට් අස්සේ රිංගා උන්ගේ කිරුළ සොරාගත් සංක්‍රාන්තික ලිංගිකයින්ය.
.

ඖෂද මාෆියාවක් ගැන බණ දෙසනා ඖෂධ ත්‍රස්තවාදීන්

 


ඖෂද මාෆියාවක් ගැන බණ දෙසනා

ඖෂධ ත්‍රස්තවාදීන් 

➖➖➖➖➖➖➖🔴


ඇත්තේ සෞඛ්‍ය සේවයේ, බාල ඖෂධ හෝ ඇමතිගේ ප්‍රශ්ණයක් නොව දේශපාලන ප්‍රශ්ණයක් බව..


⭕ දිනපතා කක්කා චෙකර්ගේ මාධ්‍ය හමුව..


⭕ බදු ගැසීමෙන් පසූ රෙද්දේම රෙවී රට පැන ගන්න බැරිව ඉතිරි වූ ගොම සංගමයේ රඹ ටෝක්ස්...


⭕ අතීතයේ සිට සාම්ප්‍රදායිකව නඩත්තු කරමින් පවතින ඖෂධ මාෆියාව මේ මොහොතේ පමණක් ප්‍රශ්ණ ගත වීම.


⭕ එලිබැස ඇති කිඹුලාඇල සෙනාගේ වොයිස් කට්...  (රාජිත සේනාරත්න යනු අධිකරණය මගින් වැරදිකරුවකු කොට ඇමතිධූරයෙන් පහකළ දේශපාලුවෙකි)


⭕ සජිත්ගේ හූනීයන් කාරයන් හා පැවැත්වූ රැස්වීමේ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ගැන බළලා මල්ලෙන් එලියට දැමීම... (සජිත්ට කුමන්ත්‍රණ සඟවාගෙන සිටීමේ දේශපාලන පරිනතභාවයක් නැත. සියල්ල වමාරා හත්පොලේ ගා ගනී.)


⭕ දැරිය මියගියේ එම එන්නත විශවීමෙන් බව හෙද සේවයේ ත්‍රස්තවාදීන් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම. (මරණය පිළිබඳ විවෘත තීන්දූවක් ලබා දී ඇති අතර, මරණයට හේතුව පිළිබඳ සෙවීමට විශේෂ පරීක්ෂණයක් වෙනම පැවැත් වේ)


⭕ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ එම දැරියගේ මරණය එන්නත් විශවීමෙන් නොව අසාත්මිකතාවයෙන් සිඳු වූවක් බව.


⭕ දැරියට ලබා දුන් එන්නත තවත් රෝගීන් 2500 කට පමණ ලබා දී ඇති බව හෙලිවීම. (එසේ නම් ඒ සියල්ලෝම මිය යා යුතුය)


⭕ පාරට බහින්නට බලාසිටිනා පෙරටුගාමී ත්‍රස්තවාදීන් කෙහෙළියට තර්ජණය කිරීම්.


⭕ ජවිපේ ත්‍රස්තවාදීන් නිලධාරීන් බේරා සියල්ල දේශපාලනීකරණය කිරීම. වහලුන් දමා කෙහෙළිය එලවීමේ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්බ කිරීම. (මෙය කෙහෙළිය එලවීමේ ආන්ඩුවේ හා ජවිපේ එක්ව කරනා කුමන්ත්‍රණයක්ද වීමේ සම්භාවිතාවයක්ද ඇත.)


යන සියල්ල විසින් ඉතා පැහැදිලිව පෙන්වමින් සිටී....


මේ සියල්ල වෙනුවෙන් අත දිගහැර කෝටී ගනනින් වියදම් කරනුයේ ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක නිසා කෙල වූ බටහිර ඖෂධ මාෆියාවටයි.


කෙසේ හෝ වේවා මීට පිළිතුරු දිය යුත්තේ ඇමතියා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් , ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව හා සෞඛ්‍ය අමාත්‍යාංශයයි.


මේ සිඳුවෙමින් පවතින්නේ ආන්ඩුව කෙරේ ඇති ජනතා ප්‍රසාදයට කෙලවීමේ ගෑස් බ්ලාස්ට් ප්‍රොපගැන්ඩා ප්‍රහාරයක් බව මාතලන්ගේ මතයයි...


.

Jul 13, 2023

ටෙස්ටින්ග් බෙහෙත්

 


ටෙස්ටින්ග් බෙහෙත්

➖➖➖➖➖➖🔴


විශේෂඥ ජොස්තර මහතා මුණගැසීමට පැමිණි සුරූපී මිසිස් පෙරේරා  නෝනා....


ඩොක්ට.... මේ මෑතක ඉඳලා මගේ හස්බන්ඩ් සෙක්ස් වලට කිසිම උනන්දුවක් නෑ... ඒත් මට එහෙම බෑ... මේකට මම මොකද කරන්නේ...


අපෝ ඒක ගනන් ගන්න එපා... මම පෙත්තක් දෙන්නම් ... මේක පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ... ඔයා නෙමෙනේ මේක ගන්නේ... මේක හොරෙන් හස්බන්ඩ්ගේ කෑම එක්ක දෙන්න... මේක අරගෙන බලන්නකෝ... මොකද වුනේ කියලා මට ඇවිත් කියන්න...


ඒකටත් ආයේ චැනල් කරන්න ඕනද ඩොක්ට...


නෑ නෑ... රිපෝට් පෙන්නන්න කියලා... ඇවිත් කියන්නකෝ...


ඊළඟ දිනයේ ඉතාමත් ප්‍රබෝධමත් ලෙස දොස්තර වෙත ආ පෙරේරා නෝනා....


ආ.... කොහොමද මිසිස් පෙරේරා ... මොකද වුනේ...


කියන්නත් ලැජ්ජයි ඩොක්ටර්.... මේ මිසීට පොඩ්ඩක් එලියට යන්න කියන්නකෝ...


ආ... එයා හිටියට කමක් නෑ... එයාට ඕවා සමාන්‍ය දේවල්...


අනේ තැන්කූ සෝ මච් ඩොක්ටර්... බැඳපු කාලෙවත් මම එච්චර සැපක් අරගෙන නෑ... මල්ටිපල් ඕගසම් ඩොක්ටර්...


ඔන්න මම කෑම මේසෙදිම හොරෙන් පිල් එක දුන්නා... 

විනාඩි පහක් ගියේ නෑ..... 

හබී මේස පුටු පෙරලගෙන නැගිට්ටා... 

මේසේ උඩ තිබ්බ ප්ලේට්ස් කප්ස් වාසස් ඔක්කොම කුඩේ කුඩූ... 

මාව බදාගෙන කිස් කරන ගමන්ම... ඇඳුම් ඔක්කොම ඉරලා දැම්මා... 

පෙරලගත්තා කෙලින්ම බිම... 

ආයේ ඉතින් මොනවද ඩොක්ටර්...

පපට් ජෙරොම් ආවේස වෙච්චි ක්‍රිස් ගේල් වගේ සික්සර් විතරමයි ගැහුවේ... 

වට් ඇන් ඉනින්ග් ඩොක්ටර්....

වට් ඒ ෆීලීන් ඩොක්ටර්....

ඕ මයි ගාඩ්....

අයි කාන්ට් ඩිස්ක්‍රයිබ් ඩොක්ටර්...

මට ඒක කියාගන්න තේරේන්නේ නෑ ඩොක්ටර්....

අනේ තෑන්ක්ස් ඩොක්ටර්....


හරි හරි.... ඉට්ස්සොකේ ... 

ඒත්.. ගොඩාක් ඩැමේජස් වෙලානේ... 


ආ ඒක ගානක් නෑ ඩොක්ටර්... 

මම ආවේ තව පිල්ස් ටිකක් ඉල්ල ගන්න...


ඒ ඩැමේජ් නෙමෙයි මිසිස් පෙරේරා...

අර පිඟන් කෝප්ප පුටු මේස වලට වෙච්චි ඩැමේජ් එක... 

ඒක අපිට ඒ ඩ්‍රග්ස් කොම්පැනි එකෙන් අරගෙන දෙන්න පුලුවන්...


ආ ඒක ඕන නෑ ඩොක්ටර්... 


අර මොකෝ ඒක එපා කියන්නේ....


ආයේ අපිට ඇඳුමක් ඇඳගෙන... ඒ රෙස්ටරොන්ට් එකට යන්න පුලුවන්ද ඩොක්ටර්....


▪️හුදී ජන පහන් සංවේගය උදෙසා.... සුද්දන්ගේ කතාවක්.... මගේ එකක් වගේ... අනුවර්තනය කොට ලියා පල කලේ.... මහාචාර්‍ය මාතලන් වන මා විසිනි....

.

Jul 1, 2023

දේශීය ණය ප්‍රශස්තිකරණය තුලින් ආර්ථිකය ගොඩ දැමිය හැකිද?

 


දේශීය ණය ප්‍රශස්තිකරණය තුලින්

ආර්ථිකය ගොඩ දැමිය හැකිද?

➖➖➖➖➖➖➖➖➖🔴➖


ඊයේ පාර්ලිමේන්තුවේ සිඳු වුනේ මොකක්ද කියලා සාමාන්‍ය ජනතාවට තියා විපක්ෂ නායකයටවත් තේරුනේ නැතිය. එක්කෝ ඌට තේරුනත් ඌට ඕනෑ වුනේ මේක තනිකර යකෙක් කියලා පෙන්නන්නටය.


බුවා දුප්පත් මිනිස්සුන්ගේ වීරයෙක් වෙන්න ගිහින් ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව නප්පියටම බය කෙරුවේය. මෙතෙක් ජෙප්පන්ගේ තියරියක් වෙච්චි සරදියෙල් න්‍යායය, පොර ඊයේ හැන්සාඩ්ගත කෙරුවේය. ඉතින් එවන් කුර හා අං සහිත පක්ෂ නායකයෙක් ගැන බලාගන්නෙක ධනපතියන්ගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ වැඩක් මිස අපේ වැඩක් නෙමේය.


මූ කියපු අමු ගොම කතා වලින් හොඳම ගොම කතාව වූයේ යූක්‍රේනයට ඩො: බි: 14 ක් දීලා අපිට දුන්නේ ඩො: බි: 3.5 කියන කතාවය.

ඒ කියන්නේ, මූට කතාව ලියලා දීපූ ගොඩහෑවා කියන කුරවැසියා, IMF ආධාර දෙන්න සලකා බලන නිර්ණායක මොනවද කියලා වගේ වගක් දන්නේ නැති බවය.


අනෙක් කරුණු සියල්ල පැත්තක තියෙද්දී පැහැදිලිව පේන දේ නම්, යූක්‍රේනයේ විදෙස් ණය ඩො: බි: 140 ක් විතර වෙද්දී, අපේ එම ප්‍රමාණය ඩො: බි: 40 වගේ වෙන එකය. ඉතින් ප්‍රතිශතය අනුව බැලුවත්, දීලා තියෙන ගනන නිවැරදිය. අනික යූක්‍රේනයේ මේ මොහොතේ ඉන්නෙ ඉල්ලාගෙනම කන අති බිහිසුණු යුද්ධයක පැටලිලාය. කව්දෝ මේස කොල්ලෙක් බුකියේ ලියලා තිබ්බේ, අපේ ලෝන් එක වැඩි කර ගන්න... ඉන්දියාවත් එක්ක යුද්ධයක පැටලුනා නම් හරි කියලාය.


අපේ රටේ යුද්ධයක් තිබුන කාලෙත් IMF එක අපිට ණය දුන්නේය. ඒවයෙන් යුද්ධය කලාද සුද්දය කලාද කියනෙක වෙනම කතාවක්‍ය. කොහොම වුනත් රටේ ණය ගැන මෙන්ම, යුද්ධයට වියදම් වූ මුළු වියදම් ගැන නිවැරදි තොරතුරු මහ බැංකුව සතුව නොතිබීම විශාල වැරද්දක් මෙන්ම පට්ට දූෂණයක්‍ය. මොකෝ යුද්දෙ කාළේ යුද්දේ වගේම සුද්දෙත් නියමටම ගිය නිසාය.


අපේ දේශපාලුවෝ වගේම මහ බැංකුවේ නිළධාරිනුත් අන්ත දූෂිතය. ඊයේ රාසමානික්කම් මහ බැංකුවේ නිලධාරින්ට එල්ල කළ චෝදනා ලේසියෙන් බැහැර කරන්න බෑරිය. කොහොමත් පොරට ඒ කතාව සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන්න නොදුන්න එක ගැන කතානායක ලැජ්ජා වෙන්න ඕනාය.


පොර සඳහන් කළේ රෙනෝ ද සිල්වා බැංකුවලට කිසි අනතුරක් සිඳු නොවන බව කලින් දැන සිටී නිසා, සම්පත් බැංකුවේ කොටස් වලින් 10% මිළදී ගත්තාය කියලා තමන්ට සැකයක් තියෙනවාය කියලාය. මොකෝ මෑතම කාළයෙත්, නිලධාරින් එවැනි ක්‍රියාවන් කළ බව, බුවා සිද්ධීන් සඳහන් කරමින්ම කිව්වේය. ඒ සියල්ල ඇත්තය. 


දැන් මේ යෝජනා අර්ථසාධකේට ඉදිරිපත් කරාම ඒක අනුමත කරන්න ඕනත් මුදල් පාලක මණ්ඩලයෙන්මය. ඒකේ ඉන්නෙත් මහ බැංකුවේ උන්මය. ඉතින් මේ යෝජනාව අනිවාර්යයෙන්  අනුමත වෙනවාය. මෙ වසර දෙකක් යනකන් 9% ගෙවන යෝජනාව නීතියක් කරන්න යනවාය කියන එක නම් හොඳ දෙයක්මය.


මොකෝ, බැරි වෙලා හෝ ආන්ඩු මාරුවක් උනොත්, ඒ එන පිස්සන්ටත් අර්ථසාධකේ එක්ක පිස්සු කෙලින්න බැරි වෙන නිසාය. රටේ ආර්ථිකය ගොඩ ගැන්මට තිබූ රන් කිකිලිය වූ පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එක නැවැත්තුවේ වෙන කවුරුත් නොව, අද ආයෝජකයෝ හොයමින් ලොව පුරා යන රනිල් වික්‍රමසිංහ උන්නැහේමය. ඒ අපේ කුප්ප දේශපාලන සඟිස්කුරුතියේ හැටිය.


සජියගෙ අනික් Gon කතාව වූයේ, අර්ජුන් ඇලෝසියස්ලාට, භාණ්ඩාගාර බිල්පත් වලට, ඒවායෙ ගණුදෙණු කරන කොම්පැනි වලට කෙලියේ නැතෙයි කියනෙකය. (ඒවාටත් පොඩ් ගේමක් යන බව මහ බැංකුවේ ලොක්කා කලින්ම කීවේය. අනුන් ලියා දෙන දේ කියවන උන් ඒවා දන්නේ නැතිය. ඒ වැඩ පිලිවෙල අඟහරුවාදා සිටම ආරම්බ වනු ඇත්තේය.) හැබයි මේ අම්බරුවා දන්නේ නැත්තේ, ඒ වගේ බිස්නස් වලට 30%  වගේ පත ටැක්ස් එකක් ගැහැව්වාය කියනෙකය. ඒවා එකතු කර ගන්නේ නැත්නම් ඒවාට වග කිව යුත්තේ වෘත්තිකයින් මිස දේශපාලුවන් නොවේය.


තව තවත් උන්ට කෙලින්න ගොස්, උන් මේ රට දාලා යන්නට ගියොත් හෙම අම්මට සිරි ලංකාවට අම්මට හැමිනිලාම යනවය කියලා මේ  කුර හා අං සහිත පක්ෂ නායකයාට වටහා ගැන්මට බුද්ධියක් ඇත්තේ නැතිය.


උන් මේක දාලා එරොප්පො ගියොත් හෙම, ඔය නාහෙන් අඬන හිඟන පින් පඩි ගන්න වෘත්තිකයෝ මේක දාලා ගියා වගේ නෙමෙයිය. ඒ හිඟන්නන්ගේ පඩියද, සජිත් ඇතුලු ඒ Gover රැලගේ පඩියද ගෙවන රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ මේ බදු ගෙවන ව්‍යාපාරික ප්‍රජාව හා ධනපතියෝය.


මුන් ආර්ථික විජ්ජාව මෙන්ම තියරිද දන්නවා ඇතිය. හැබයි ඒ එකෙක්කත් ආප්ප කඩයක්කත් නොකරපු අමුම අමු අම්බරුවන් රැලක් කියන එක නම් ඊයේ පාර්ලිමේන්තුවේ හොඳින්ම පෙනුනේය.


දැන් මාතෘකාවට එනවා නම්, දේශීය ණය ප්‍රසස්තිකරණය සියල්ලට තෛලයද යන්නට උත්තරය නම්... එය එසේ වන්නේ නැතෙයිය කියනා එකය. ඒ ගැන පසුව ලියනවාය.


ඒ වගත් මෙසේය......

.