.

.

Apr 29, 2014

කක්කා ටැක්ස්... - Drainage Tax


ජෝ අබේවික්‍රම යනු, මට නම් මේ ළෝකයේ සිටී හොඳම නළුවාමය. ඒ, මා ඉපදුනේ මේ රටේ නිසා වෙන්නට පුළුවන්ය. ඉන්දියාවේ ඉපදුනේ නම්, කමලා හසන් හෝ නසෘදීන් ෂා වෙන්නත් පුළුවන්ය. ජෝ කියන්නේ පට්ට නළුවෙක්ය. කොටින්ම කියනවානම්, වල්ලා පට්ටාය. ඒ කියන්නේ පට්ටෙත් හොඳම එකය. මට නම් සිනමා සක්විති ඔහුමය. 

Apr 27, 2014

පිස්තෝල ජාතකය - Another Jathaka Story


පිස්තෝලයක් ඉස්සෙල්ලාම ගෙනත් දුන්නේ, ඉන්දියාවේ ගිහින් ආපු රන්ජන් අයියාය. රන්ජන් අයියා කියන්නේ, ළොකු අම්මාගේ තුන් වෙනි පුතාය. පොර ඉන්දියාවේ ගිහින් තියෙන්නේ, ටුවර් එකකටය. ඒ උනාට, පොර එයා පෝර්ට් එකට ඇරලවලා එන්න, වාහන තුනක් විතර ගියා කියා මට මතකය. වැට අද්දරට වී ප්ලේන් එකට නගිනවාත් බලාගෙන උන්නේය. සුමානෙකට දෙකකට පස්සේ පොර ප්ලාස්ටික් මල්ලක මොන මොනවාදෝ උස්සගෙන අවා යාන්තම් මතකය. මට ගෙනත් තිබුනේ පිස්තෝලයක්ය. ඒකත් අර නගරාධිපති තුමාගේ එක වගේ, සෙල්ලම් පිස්තෝලයක්ය.

Apr 25, 2014

පුකේ කෙටූ ටැටූ... - We are sorry Naomi


සමාව ඉල්ලා ඇත සුදු නඕමි ගෙන්,
කරපු පිටුවහල් හරකෙක් උසාවියේ....
ආගමන විගමනේටත් නැති අමාරුවක්,
ටැක්සි කාරයන් ටනේ බොල තියෙන්නේ....

Apr 23, 2014

පොලීසියේ කනා මුට්ටි බිඳිම - Wow what a Brave Police


Picture - Hiru Gossip

අපේ ටාට්ටා ඊයේ ගෙදල ආවේ මාලම ආඩම්බරයෙන්මි. එයා එහෙම එන්නේ, කාගෙන් හලි ජලාවක් හලි, පගාවක් හලි හම්බ උනොත් වන්නෙමු. ඒම දවතත, අම්මාද ටාට්ටාට බනින්නේ නැති වන්නේමි. නැත්නම් හැමදාම කාගෙන් හලි පිනත බීලා ඇවිත්, මෙතන මළ කලදලේ කියා අම්මා කීවෙමු. තාත්තාගේ හදු ගඳ ගහන පොකත් ඔක්කෝම ඇවිත්තුවත්, තල්ලි තිබුනේ නැති නිසා, අම්මා කොක්ක ඇද්දේමි. තමුතේ තතයක්වත් ගේන්නේ නැතිව අත වන වනා ඇවිල්ලා, ආතල් එකේ ඉන්නේ කොහොමද ඕයි කියා, අම්මා තාත්තාගෙන් ආදරයෙන් විමසුවෙමු. ටාට්ටා කිව්වේ, අද එකෙක්ත පැණි බේලෙන්න ඔළුවටම දුන්න නිතා, පට්ට ආතල් එකේ ඉන්නේ ඔයි කියා, එයා අම්මාට කීවෙහුය. ටාට්ටා අවුලුදු උත්තවේටත්, කනා මුට්ටිය කුඩු වෙන්නම දීලා තෑග්ග ගෙනාවේත්, පෙරේදා වන්නෙමු. මේ මුට්ටිය බින්දාට මොනවද ටාට්ටේ හම්බ උනේ කියා මම විමසා සිටියෙමු. ටාට්ටා කිව්වේ ඒවා දෙන්නේ පස්සෙ වෙලාවක ලොක්කාගේ අතින් කියා වෙමු.

Apr 22, 2014

ක්‍රිකට් පාළක මණ්ඩලයට විනය පරීක්ෂණ තියන්නේ කව්ද...? - Cricket, as an Underworld game in Sri Lanka


1996 ට පසු කුසළාන දෙකක්ම හිමි කර දීමට දායක වූ, පෝල් ෆාබ්‍රේස් ලංකාවත් දාලා යන්න යන බව දැන් ස්ථිරය. එවන් කෙනෙකුගේ සේවය තව දුරටත් ලබා ගැනීමට නොහැකිවීම අපේ කාළකන්නිකමක් මෙන්ම, ක්‍රිකට් පාළක මණ්ඩලයේ කළමාණාකාරිත්වයේ ඇති මන්ද බුද්ධික භාවය මැනවින් පිලිබිඹු කරනා කාරනයකි. අපේ ක්‍රිකට් කීඩාව, දේශපාලුවන්ගේ හා බිස්නස් කාරයන්ගේ ඉල්ලමක් බවට පත්වන්නේ, 1996 දි, පකිස්ථානයේදි ළෝක ශූරයන් වීමෙන් අනතුරුවය.

Apr 21, 2014

නෝ වලි, ෆුල් ජොලී - No Fighting, Happy Ending...

Atam & Kaka - Pic. by Maaraya

උදෑසන ඇමතුමක්, හිත් මිතුරු සුදීගෙන්,
එන්නේ නැද්ද අද, අපි ඉන්නෙ වෙන තැනක.
උඹ වරෙන් ඒ තැනට.
ඊට පසු නලියගෙන්,
පෝ..ඩ්ඩක් ඉන්නකෝ..යාළුවෙක් ඇවිල්ලා.
කෝ බලමු කව්ද මේ... ?

Apr 18, 2014

හම්බන්තොට හා මත්තල අලි ප්‍රහාරය. - Elephant Attack at Down South


අලියෝ ඇවිත් හම්බන්තොට වරායට,
පන බේරාන අපි දෙන්නා දුවමු මලේ.
සෙල්ලම් පිස්ටල් වලට අලියෝ බය නැතියෝ
වැටුනොත් සරම අස් චර්යේ හෙළුව පෙනේ.

Apr 17, 2014

කුළු නැටුම්, වැදි නැටුම් හා අන්නෝන්න සුහඳතාවයද මොකක්ද එක - Winnowing Fan Dance, Kiri Koraha & Mutual Understanding



මා හිතමිත්‍ර W3Lanka - අජිත් පැරකුම් සහෝදරයා, මා වෙනුවෙන් බ්ලොග් ළිපියක් ළියා පළකිරීම ගැන මාගේ ප්‍රණාමය ඔහුට මුලින්ම පිරිනැමිය යුතුව ඇත. ඔහු ඒ ළිපිය ළියා ඇත්තේ කීප දිනක් "විවේකයෙන්" ගත කොට නිවෙසට පැමිණ, (මන්ද විප්ලව කාරයෝ නැකත් වලට කිරිබත් උයා අවුරුදු කන්නේ නැත.) කොම්පියුටරේ ඔන් කරපු ගමන්, එයාගේ පෝස්ටුවේ තිබු සංවාසය දැක, ඔහු මවිතයටත්, වික්ෂිප්තභාවයත් පත්වීමෙන් පසුය. ඔහු සඳහන් කරන්නේ, එම බ්ලොග් පෝස්ටුවට ප්‍රස්තුත වූ කාරණය පිළිබඳ මා සඳහන් කල, "ඉතා සුළු" කරුණ ආඩපාලි කීමක් ලෙසිනි.

Apr 13, 2014

දෙමළාගේ අවුරුද්ද - Tamil New Year


අපට අපේම යයි කිව හැකි කිසිවක් නැත. අනුන්ගේ දෙවල් බදාගෙන, ඒ සියල්ල අපේ යයි අප පාරම් බාන්නෙමු. බුද්ධාගමද, පාර්ලිමේන්තු ක්‍රමයද, ඔටුන්න සිහසුනද, සාරියද සරම පමණක් නොව සිවුර හා සාටකයද අපේ නොවේය. මේ අළුත් අවුරුද්දද එසේමය. එයද දෙමළාගේය. එයද සිංහල දෙමළ කරගෙන සිංහල ඉදිරියට දමාගෙන ඇත. නිවැරදිව නම් එය දෙමළ සිංහල ලෙස නිවැරදි විය යුතුය. ඒ නිසා, සියල්ල පැත්තක තබා අපට අවුරුද්දක් දුන් දෙමළාට සුබ පතමු.

Apr 12, 2014

සැණකෙළියේ පුක එළියේ හැවොම කතාවෙයි... - Cuber Carnival


හැම එකාම සයිබර් සැණකෙළිය ගැන ලියන නිසා මාත් ඒ ගැන බොක් පෝස්ට් එකක් දාන්න උන්නේ, නලියත් එක්ක කරන ඉන්ටවල් එකක් විදියට. ඒ උනාට ඒකව අල්ල ගන්න අමාරුයි වැඩේට. අනික ඉතින් ආයේ මට ලියන්න දෙයක් නෑ. බ්ලොග් ළෝකේ රස සාගරේ නොහොත් කෙන්ජියා දීලා ඇදලා තියෙනවා පෝස්ට් එකක් ආයේ මදි නොකියන්න. මේ සැණකෙළියේ පුක එළියේ ගැන දන්නෙම නැති එකෙක් ඉන්නවා නම් කෙන්ජියගේ එකෙන් බලාගන්න පුළුවන් පත්තරේ විස්තරේ.

Apr 10, 2014

එදා සිට අද දක්වා ලංකාවේ වාමංශිකයාගේ හෙළුව - Sri Lankan Marxist


ජිනීවා ගියේ අපි දෙන්නා එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
තව තව දේ කලත් අපි දෙන්නා තරඟයට
මක්කැයි උනේ බුදු මස්සිනෙ උඹ පුකට

Apr 9, 2014

ජීවීතේ සුන්දරද මෙතරම්..? (23+) - What a Life (13+)


මාතලන්ගේ කෙටි කතාවක්..

ජීවීතය මේ තරම් සොඳුරුද..?

සරත්ගේ උණුසුම් අතක්, ශාන්තිනිගේ උරහිස් ප්‍රදේශයේ දැවටුනේ කොයිතරම් කාළයකින්ද..? ඇගේ සිත අවුරුදු 30 ක් තරම් ඈතට දිව ගියේ කෙසේද.? සිතිවිලි වලට මේ තරම් වේගයෙන් ගමන් කළ හැකිද..? ශබ්දයේ වේගයට වඩා, ආලෝකයේ ගමන වේගවත් බව දැන උන්නත්, ආලෝකයක් නොමැති අඳුරු කුටිය තුල, සිතිවිලි වේගයෙන් ගමන් කරනා බව සොයා ගත්තේ, තමා යැයි ශාන්තිනීට සියුම් ආඩම්බරයක්ද සිත තුල ඇතිවිය.

Apr 8, 2014

මාලනී ෆොන්සේකා, කළු කුස්සිය හා අළුත් අවුරුදු - Malani, Black Kitchen and New Year


කරුණාවතී අපේ ගෙදරට ගොඩවෙන්නේ, කළාතුරකිනි. ඒත් අවුරුදු කාළයේ එක දිනක්, දිවා කාලයේ සම්පූර්ණයෙන්ම අපේ ගෙදරට ගොඩවන්න යයි කියනා අරාධනාව කරන්නේ, ආච්චි අම්මාය. කරුණාවතිගේ මව චාලට් නෝනාය. බංගලාවල හාමු පවා, චාලට් අමතන්නේ චාලට් නෝනා කියාය. කරුණාවතීට නෝනා කෑල්ලක් තිබුනේ නැත. ඒම නිසා ලොකු කුඩා කොයි කවුරුත් කරුණාවති ඇමතුවේ එම නාමයෙන්මය.

Apr 7, 2014

ළෝක ශූරයෝ (අතිශයින් වැඩිහිටියන්ට පමණයි !) - We are the Champions of the World !


සුද්දා උඹ කොහේද ඉන්නේ...? ටුවර් එකක්ද...? හැන්දෑවට මොකද කරන්නේ...?

මොනවා කරන්නද...? අනිවාර්යයෙන් මැච් එක බලන්න ඕන. ඒත් මචෝ, මම මේ ළොකු වැඩක් කරන ගමන් ඉන්නේ...

එහෙනම් වරෙන් හැන්දෑවට xxx එකට, අපි එතන සෙට් වෙන්න ඉන්නේ.

Apr 4, 2014

දර, කුස්සිය හා පොල් ගහ යට කොටියා.. - Fire Wood, Kitchen & Old Arrack


තොරණහංදියෙන්, වරාගොඩ පාරේ ටික දුරක් යන විට, "කැබීස්"  රෙස්ටොරොන්ට් එක හම්බ වෙනවාය. මේ රෙස්ටොරන්ට් එක තියෙන මුළු වත්තම අයිතිය තිබුනේ කබ්රාල් පවුලටය. ඒ පවුලේ බොහෝ දෙනෙක්, රටේ පරසිද්ද උගතුන්ය. ඔවුන්ගේ මහ ගෙදර තිබුන භූමිය, අද රෙස්ටුරන්ටුව පවත්වාගෙන යයි. මහ ඉඩම කොටස් කර විකිනීමෙන් පසු, අද සිටින්නේ අළුතෙන් පදිංචියට පැමිණි පිරිස්ය. මහ ගෙදර වටේට තිබුනේ පොල් ගස් හා තන තිල්ලයි. පිටුපස වෙල පැත්තට වෙන්නට, විශාල උණ පඳුරු පිරී පැවතිනි. අද ඒ කිසිවක් නැත.

Apr 1, 2014

අමරදේව, වින්දනය හා කළා පොලීසී - Maestro, Music Taste & Cultural Police


මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන, බොහෝ ජනප්‍රිය වීඩීයෝවක් හේතුවෙන්, නොලියා අමතක කොට දමා සිටිය යුතු යැයි තීරණය කළ කතාවක්, නැවතත් ලියා දැමීමට සිත් විය. වීඩියෝව නම්, පන්ඩිත් අමරදේවයන්ගේ ගීයක් වන, "පෙර දිනයක මා පෙම් කළ යුවතිය..." නම්  ගීතයයි. එහෙත් එය ජනප්‍රියව ඇත්තේ, අමරදේවයන් විසින් ගීතය ගැයීමට පෙර, එම ගීතයට රසිකයින් ලබා දී ඇති වෙනත් අරථකතනයන්, ඉතා රසවත්ව, මහා සංගීත ඝාන්ධර්වයා විසින්ම පැවසීමයි.