.

.
Showing posts with label India. Show all posts
Showing posts with label India. Show all posts

Apr 9, 2025

තුප්පහි දේශපාලනයට කනේ පාරක්

 


තුප්පහි දේශපාලනයට කනේ පාරක් හා

Rising Namal in Rising Bharath 

➖➖➖➖➖➖➖➖➖🔸🔶🔸➖➖


මෝදිගේ ලංකාවේ සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලූ මුත්, ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැතිය.... සාමාන්‍යයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපතිවරුන්ට ආරාධනය කරන මුත්, මේ ගං කබර ගෝත්‍රික හැත්ත ඒ මිනිස්සුන්ට ආරාධනය කළේත් නැතිය....


මේ ගොබ්බ හැතිකරේ හිතාගෙන ඉන්නේ.... ඒ මිනිස්සුන්ට අවශ්‍ය නම් මෝධිව හම්බවෙන්න බැරිය කියලාය.... ඔවුන්ට ඇති පිළිගැනීම මුන්ට තාම ඇත්තේ නැතිය.....


මුං මෝදිම දළදාව වඳින්න සෙට් කරත්... මෝදි ගියේ අනුරාධපුරේ සිරිමා බෝධිය වඳින්නටය.... ඒ යන ගමන් ආදම්ගේ පාලම බලාගෙන යන්නටය.... ඒ හේතුවෙන් මුන්ට ගැසට් එකක් ගසා මෙහෙයුම් කුළුණක් හෝ නැති අනුරාධපුර එයාපෝට් එක international කරන්නට සිදු වුණේය...


ඒ ගිහින් පුබ්බම් පාලම ඕපන් කරලා... ඉන්දියාව සහ ලංකාව අතර තියෙන දුර තවත් අඩු කළේය... ලංකාවේ කොතරම් දේශපාලනඥයෝ හිටියත් Ricing Bharath හෙවත් නැගිටින භාරතය නම් සමුළුවට ආරාධනා කලේ නාමල් රාජපක්ෂටය....


 ඒක අනුර හා ආණ්ඩුවෙන් බක පණ්ඩිතයන්ට දුන් හොඳ කනේ පහරක්ය.....


එහිදී පල්කි ෂර්මා හා තිබුණ වැඩසටහනේදී නාමල් හොඳට ස්කෝර් කළේය.... මේ මොහොතේ අපිට ඇති එකම පිහිට ඉන්දියාව බව නාමල් නොකියා කීවේය.... 


ඒ කතා බහේදී නාමල්ගේ දේශපාලන පරිණතභාවය අගයට පෙන්නුම් කළේය.... ඔහු පවතින ආණ්ඩුවට හෝ කිසිවකුටත් චෝදනා නොකළේය... ජවිපේ ගෝත්‍රික දේශපාලනඥයන් තුළ නැත්තේත් ඒ ගතියය....


මෝදි ආදම්ගේ පාලම උඩින් ගියේ ඇයි කියන එක මගේ වීඩියෝ එකේ තියෙනවාය.... කැමති කෙනෙකුට ඒක බලන්නට පුළුවන්ය.... ඉන්දියාවේ ඇති වැදගත්කම මම ඒකෙදි කතා කරනවාය...


කැමති කෙනෙකුට වීඩියෝව මෙතනින් බලන්නට පුළුවන්ය


ඒ වගත් මෙසේය.....


.

Dec 20, 2024

මෝදි සඕදරයා වෙත ලියමි

 



මෝදි සඕදරයා වෙත ලියමි

➖➖➖➖➖➖➖➖💝➖


සෙත්වේවා.....!!!


පැලවත්තේදීය.....


ඔබේ සැප දුක් හොඳින් යැයි සිතමි.... අපේ රටේ ඇපත් නැති බංකොලොත් විපස්සේ උන් කුච් කුච් හෝතාහේ වර්ගයේ පඩත්තල කතා කිව්වාට.... බහුතරයක් ජනා සිටින්නේ සල්මල් ඛාන්ටත් වඩා ආතල් එකේය. 


ඒ කියන්නේ සඕදරයා අපි අපේ කොම්‍රරඩ්ලාට බලේ දුන්නේ අනෙක් පක්ෂ වල උන් වගේ නිකං කන්න බොන්න අදින්න හෝ සහනාධාර බලාපොරොත්තුවෙ නොවේය.


පැය 24 ක් යන්නටත් කලින් එක පෑන් පාරින් ඩඩ්ලිටයි නිපුනටයි ආයේ ලොවෙත් නැතිවෙන්නට ඇරියේ හික් ගෑවෙන්නටය... දැන් ගුල්ලන් වැනි පෝෂ්‍යදායි ජීවීන් පිරි ස්වර්ණ නාඩූ දෙන්නේ සතොසටත් පාඩු නොවනා ලෙසය. නිශ්පාදන වියදම වැඩි නිසා ඉහළ ගියැයි කියූ බිත්තර මාෆියාවේ බිත්තර දැන් රුපියල් 28 දෙන්නේ මාෆියාවේ උන් අඩද්දීය. පොල් 130 යිය.


අපේ කොම්‍රඩ් ශාස්ත්‍රපති දිසානායක දැක සුළුදිය පහවූ තුරඟා සේ.... බියට පත් සීයාගේ කිකිලියන් දැන් බිත්තර දෙක දෙක දමන්නේය.


වැඩි මිළට හාල් විකුණන කැම්‍රි කළු කඩ කාරයෝ ඔක්කොම අල්ලලා හිරේ දාන්නේ ආයේ උන්ට කඩ තියා පරිප්පු වඩයක්කත් විකුණන්න බැරි වෙන්නටය.


ඇත්තටම අපි ප්‍රාර්ථනා කළේ පෝසතුන් නැති සියල්ලන් එක සමාන ලෝකයක්‍ය.


අපිට ඕනා ඔය ඩඩ්ලිලා නිපුනලා වගේම හන්දියේ කඩේ එකාත් පාරේ හිඟාකනවා දකිනෙකය. 


ඕකුන්ගේ මෝල් නැති වුනාට... මීළඟ කන්නයේ සිට.... ආන්ඩු පක්ෂයේ මෝල් කාරයෝ දාලා වී අලෙවි මණ්ඩලේ එක ලොරියෙන් මුලු ලංකාවටම බත සපයන කොට ආයෙත් හික් ගෑවෙනවාය.


පාරිභෝගිකයා ගසාකන කළුකඩකාරයෝ සුපර් මාර්කට් කාරයෝ ග්‍රොසරිකාරයන්ට කෙලවෙන්න අපි සම්පෙන් කිසිඳු ලාබයක් නැතිව බඩු දෙන කොට අරවා ඉබේම වැහෙනවාය.


එසේ සතුටින් තන්තෝසෙන් ආතල් එකේ ඉන්න අපිට.... අපේ කොම්‍රෙඩ්ලා අපහසුතාවයට පත් කරන්න ඔහේ එයැයිලා නොකී කතා කියා.... නිකං රුවිතන් ටෝක්ස් දෙනේක වැරදිය. මේ ඉන්නේ ඔහේ වගේ අටවාගෙන කොරන ආන්ඩුවක් නොව.... 2/3 බලයක් තිබෙනා අයියලාගෙන් පිරි ආන්ඩුවක් බව ඔහේ මෙන්ම රෝ එකේ හාල්පාරුවෝත් දැනගන්නා එක හොඳය.


දැන් තානාපති කෙනෙකුටවත් නිකන් ඉන්නට බැරිය එයාලත් අමාත්‍යාංශවල නිරීක්ෂණ චාරිකාවලට දාලාය. ආරම්බ කරේ මහා බලවතා කියනා ඇමර්කාවේ ජූලී සඕදරියගෙන්‍ය.


ඔහේ කැමති උනත් නැතත්.... අපේ ඔනරබල් නලින්ද දනහිස්සයි, රවී සෙනෙවිරත්නයි, වළං සානියයි, පොලිස් ඇමතියයි, කාදිනල් දෙවියන් වහන්සේයි ඔහේට ඇවිත්.... මැලේසියාවෙන් KP ගෙනාවා වගේ.... පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා කනෙන් අල්ලාගෙන එන කොට ඔහේලා අඬන්න කෙඳිරි ගාන්නට ලැහැස්ති වෙන්න එපාය.


අපි එලෙස කියන්නේ ඇවිත් පැය 24 න් ඔක්කෝම හොරු අල්ලා ඇතුලට දානවා අපි මේස් දෙකෙන් දැකපු නිසාය.


මහ බැංකුව මහ දවාලේ කැඩූ මහා හොරකමේ මහා හොරා රනිල් සීයා ඇතුලේය. ඩොලර් බිලියන 18 ක් වත්කම හිමි රාජපක්ෂලාගේ පවුලම ඇතුලේය. හෙට අනිද්දාට නෙවිලුත් ඇතුලට දානවාය. ඒ විතරක් නොව ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළා #කයා මහතාද හිරේ දාන්නේ ආචාර්ය කිනිතුල්ලාගේ නෑකම් නොසලකාය.


අපේ ක්‍රොම්‍රඩ් අනුර කුමාරයා කියන්නේ ආයේ ලොවෙත් නැති නායකයෙක්‍ය.... වැරද්දක් කරා නම් එයාට අම්මද අප්පද කියා අදාල නැතිය. කෙලින්ම පුපට පයින් ඇදලා අරින්නේය. ඒ නිසා ඔහේ මේ අපේ අය නොකී කතා කිව්වා කියා අපිත් එක්ක තියෙන ඇයි හොඳැයිය නැතිකර ගන්න එපාය. මොකෝ ඒකෙන් කෙලවෙන්නේ ඔහේටය.


අපේ කොම්‍රඩ්ලා 88/89 දී.... රජිව් ගාන්ධිට රයිපල් පාර දී පටන් ගෙන දිවි පුදා සටන් කළේ ඔහේලා එක්ක හැමිනෙන්නට නොවේය. එහෙව් එකේ ඔහේ මේ අපේ කරන්ට් එක ඔහේට ගන්නයි... ග්‍රිඩ් ගගන්නයි... බ්‍රිජ් ගහන්නයි... පයිප්ප දාන්නයි... නළ එලන්නයි ලෑස්ති වෙන්න එපා කියන්නේ බොහෝ කරුණාවෙන්‍ය.


ඔහේගේ අදානිලා අම්බානිලා නැති වුනාට..... අපිට අපේ දයාසාන්තලා ඉන්නවාය, 

ඔහේලාගේ කෝලිලා නැති වුනාට..... අපිටඅපේ බිංදුසාරලා ඉන්නවාය, 

ඔහේලාගේ සාරුක් ඛාන්ලා දීපිකාලා නැති වුනාට..... අපිට අපේ ලැම්බෝගිනි ජගත්ලා අරගල සමනලීලා ඉන්නවාය.


කොටින්ම වඩිවේල් වගේ ජෝකර්ලා නැති වුනාට අපිට අපේ කප්පම් වසන්තලා ඉන්නවාය. 

ඔහේලාගේ වගේ බොක්ස් ඔෆීස් හිට් සෝ නැති වුනාට.....  දියවන්නාව මැද ගවගාල දැන් කොළඹ සන්නියටත් එහා ආතල් ලෝකයක්‍ය.


ඒ නිසා අපේ කොම්‍රඩ්ලා ඔහේ ඇවිත් නොකී කතා වෙන.... එට්කා ගැහිලි.... 13 දිවිලි.... උතුරට ෆෙඩරල් දකුණට ෆියුනරල් රාජ්ජ දිවිලි.... ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිරවිලි වගේ.... සංසාරේ නොවන වැඩ ගැන කියා බාබා කාළේ හිටන්  සීඩී පටි වලින් ඇබා අහන අපේ මීටර් 100 ධාවන ශූරී යටත් විජිත කොම්‍රඩ්ගේ මල පන්නා නිකං ඉන්ගිරියෙන් අහගන්න ලෑස්ති වෙන්න එපාය.


එයැයි අර ටැක්ස් ෆ්‍රී ඇග්‍රිමන්ට් එක වුනත් සයින් කළේ දෙරටේ අපනයනයන්ගේ ප්‍රතිශතයක් ලෙස ගත්කල ඔහේලාගේ අපනයනේ 10% වගේ හින්දා අනුකම්පා හිතිලා මිසා බයකට නෙවේය.


කොහොමත් ඉදිරි වසර දෙක තුන ඇතුලත ආර්ථික වර්ධන වේගය 8-10% වගේ සංවර්ධනයක් අත්පත් කරගැන්මට සිටිනා අපි වගේ දියුණු රාජ්‍යයක් එක්ක... ඔහේලා වගේ පාරේ රෙණ හිඟන රාජ්ජයක් හැප්පෙන්නට එන්න එපාය.


මොකෝ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටී හමුදාවත් රටේ හමුදාවට අනුයුක්ත කොට.... හමුදා බලය ශක්තිමත් කර තිබෙනා නිසා යුද්ධයක් කළත් හොම්බෙන් යන්න වෙන්නේ ඔහේලාටය කියා නවතිනවාය.


ඔහේට 

33 කෝටියක් දෙවිවරුන්ගේ 

ආරස්සාව හා පිහිටය....


වී ආ සී ලංකන්ස් ලයන්ස් විත් කඩුවස් ඉන් අවර් හෑන්ඩ්...

ඕල් ඔෆ් අස් ආ හැපී 

සී ලංකන් පීපල් ආ හැපී

ඉන්දියා වානා

මෝදි වානා

මයිසූර් පරිප්පු වානා

බොම්බයි ළූණූ වානා

වඳුරු හමුදා වානා...


වී ලව් අවර් කන්ට් ට්‍රී

ගෝඩ් බ්ලෙස් සී ලංකා මාතා....

.

Dec 16, 2024

ඉකොනොමැට්ටාට අමතක වූ ශෙහාන් සේමසිංහ හා වැල් පාලමේ ඉන්දියා යාම

 



ඉකොනොමැට්ටාට අමතක වූ

ශෙහාන් සේමසිංහ හා

වැල් පාලමේ ඉන්දියා යාම

➖➖➖➖➖➖➖➖🔴➖


අනුර කුමාර ජනාධිපති සඕදරයාගේ ඉන්දියානු ගමන දේශපාලනිකව ගත්කල අති සාර්ථක  ධනාත්මක සංචාරයක් බව මාතලන්ගේ මතයය. එයට අදාලව රනිල්ගේ ඉන්දියානු පෙරගමන මෙන්ම පසුගමනද පෙන්වා දෙමින් සිටිනුයේ ජවිපේ ගොබ්බයන්ගේ ඉන්දියානු විරෝධය බව්වට දමා... රාශ්‍රපඨි දිසානායක... ජියෝ පොලිටික් බලවතුන්ගේ ආශීර්වාදය හා අනුග්‍රහය මධ්‍යයේ.... රනිල්ගේ වැල් පාලමේ ඉදිරියටම යාමට නියමිත බවය.


ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමාවට පත්වීමත්.... කොටස් වෙළඳපල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සිඳුවූයේ.... මේ ආන්ඩුවේ සෙල්ෆි ගහනා වදකහ ගොබ්බයන්ගේ ලබ්බක් නිසා නොව... පෙර ආන්ඩුව ඒ වෙනුවෙන් සිඳුවිය යුතු කරුණු කාරනා සියල්ලම නිමකළ තිබූ නිසාවෙන්මය.


ඒ ගැන පරිපූර්ණ මට්ටමේ ලිපියක් ඉකොනොමැට්ටා විසින් ලියා තිබුනද... ඒ තුල, ඊට වල කැපු හිඟන දේශපාලුවන් ගැන සිහිකැඳවීම් ඇතත්.... ප්‍රශංසාවට ලක්විය යුතු දේශපාලන චරිත අමතක වීම කනගාටුවට කරුණය.


රට වැටී තිබූ තත්වයෙන් ගොඩ ගැන්ම ගැන ජාත්‍යන්තර සංවිධාන හා දැවැන්ත චරිත මඟින් රනිල් වික්‍රමසිංහ අගය කිරීමට ලක් වූ බව සත්‍යයක්ම වුවද,.... ඉකොනොමැට්ටාගේ ගෞරවාදරයට පාත්‍රවන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මෙන්ම.... ඔහුට අමතක වූ කණ්ඩායමේ දේශපාලන නායකත්වය දරූ ශෙහාන් සේමසිංහද ඇතුලත් විය යුතුම බව මාතලන්ගේ මතයය.


ඔහු පාර්මේන්තුව තුලද ජාත්‍යන්තරයේද මේ වෙනුවෙන් අති විශාල කාර්‍යභාරයක් ඉටු කළේ... ආර්ථික ශාක්ෂරතාවයක් නොමැති, ජවිපේ හා ජජබ ගොබ්බයන්ගේ පමණක් නොව.... දේශපාලන කුහකයකු වන මහා ආර්ථික උස්තාද්ලා සේ පෙනී සිටින හර්ෂ ද සිල්වා, එරාන්, කබීර් වැනි කුහකයින් සේම මැටිමෝල් සජිත්ගේ පාර්ලිමේන්තුවේ ගොන් දෙපැයටද තාර්කිකව නිවැරදි  හා සත්‍ය උත්තර බඳිමිනි.


උන්ගේ කියුම් හා කෙරුවාවන් අමතක වුවද.... වසන්ත සමරසිංහ හා චතුරංග අබේසිංහ යන ජවිපේ හා ජාජබ ගොබ්බයන් දෙදෙනෙකුගේ කියුම් කෙරුම් එම ලිපිය තුලින් ගෙන මෙහි සඳහන් කරණුයේ...., රනිල් හා කණ්ඩායම කළ සියල්ල අමතකව... අද හාල්, පොල් නොව, ලුණුත් නැතිව ඉන්නා ගුණමකු හාල්පාරූ ජනතාවගේ දැණුම්වත් භාවය උදෙසාමය.


වසන්ත සමරසිංහ ගැන

උපුටාගැන්ම

___________________⭕___


// කොටින්ම එකල ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එම සිදුවීමට පෙර දිනයක ප්‍රකාශ කර සිටියා, අර්ථ සාධක අරමුදලට කිසිදු අතක් නොතිබන බවත්, බැංකුවලින් ලබාගත් ණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවත්. 


එය ඇසුණු වර්තමාන ආණ්ඩුවේ එක ඇමතිතුමෙක් එකල ජනතාව ඇවිස්සීමට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා බැංකුවල තැන්පත් කළ මුදල් ආණ්ඩුව විසින් මංකොල්ලකෑමට යන බවත්, ඊට කලින් ජනතාවගේ මුදල් බේරගන්නා ලෙසත්. 


ඒත් මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් එම දෙපාර්ශවයෙන්ම කරපු බියවැද්දීම් වලට යට වීමකින් තොරව, දින කීපයකට බැංකු නිවාඩු දී ජාත්‍යන්තර බැඳුම්කර මිලදී ගැනීම නිසා, දැනටමත් පාඩු ලබා ඇති බැංකුවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තොරව, ධනාත්මක මූල්‍ය ප්‍රවාහයන්(positive cash flow) ඇති අර්ථ සාධක අරමුදල නිවැරදිව ජනතාවට ලොකු පාඩුවක් නොවන සේ නිවැරදි පරිදි ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා. 


එසේ නොකර වඩා ජනප්‍රිය මතය වෙච්ච බැංකු පද්ධතියෙ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා නම් සිදු වෙන්නට තිබූ හානිය කියල නිම කරන්න බෑ.


( ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුකිරීමට බැංකු නිවාඩු දුන් සතියේ , ඒ නිවාඩුව දුන්නේ කාටත් හොරා බැංකු ටික මංකොල්ල කෑමට බව වර්තමාන ආණ්ඩුවේ ඇමතිතුමෙක් ප්‍රකාශ කළා කාටත් මතක ඇති) //


චතුරංග අබේසිංහ ගැන

උපුටාගැන්ම

___________________⭕___


// ඉන්පසු තමයි ඔවුන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ISB ප්‍රතිව්‍යුහගතකරණයට අත ගැහුවේ. මේක තමයි සංකීර්ණම ක්‍රියාවලිය වුණේ. මොකද එවැනි බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව ඒවා නැවත ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලේ ඒවායේ වෙළඳපල වටිනාකම් අනුව විකිණෙනවා(bond trading). එවිට එම ISB විශාල කණ්ඩායම් ප්‍රමාණයක් අතරට බෙදී යනවා. ඔවුන්ව එක සාකච්ඡා මණ්ඩපයකට ගෙන ඒම බොහොම අමාරුයි. 


නමුත් එම ISB හිමිකරුවන් වැඩි ප්‍රමාණයක් සාකච්ඡා වට වලට ගෙන ඒමට ඔවුන් දෙදෙනාට හැකි වුණා. මුල් වට වල සාකච්ඡා වලින් එකඟ වූ ප්‍රතිව්‍යුහගතකරණයන් සාර්ථක වූයේ නෑ. 


ඊට හේතුව එම ප්‍රතිව්‍යුහගතකරණයන් imf එකේ ණය තිරසාර කර ගැනීමේ ව්‍යුහයට (DSA) අනුකූල වූයේ නැති වීමයි.


( නව රජයේ තරුණ කේවට්ටයෙක් එකල එම DSA එක ඔවුන් ඉදිරියේදී වෙනස් කරන බවත් දැනටමත් ඒ නව DSA එක සකස් කර ඇති බවත් එකල ප්‍රසිද්ධියේ වහසි බස් දෙඩුවා ඔබලාට මතක ඇති. එහෙත් එම කේවට්ටයන්ගේ වෘෂභ කතා නොසලකා හරිමින් කිසිදු වෙනස් කිරීමකින් තොරව එම DSA එක වර්තමානය දක්වාම පවත්වා ගැනීමට කටයුතු කිරීම ගැන නව රජයේ ඉහළ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්ටත් මෙහිදී ස්තූතිය පුද කරන්න ඕනේ) //


ඉකොනොමැට්ටා කියන්නාක් මෙන්ම... මෙවන් දේශපාලන අඳබාලයන් පමණක් නොව, මහා ආර්ථික උස්තාද්ලා සේ පෙනී සිටිමින්.... මැතිවරණ සමයේද ඔලමොට්ටල ප්‍රකාශයන් සිඳුකල හඳුන්නෙත්ති සහ නලීන් හෑවගේ මෙන්ම වසන්ත සමරසිංහ හා චතුරංග අබේසිංහ වැනි ගොබ්බයින් හලා දමා.... 


ආර්ථිකය නිවැරදි මාවතේ ඉදිරියට ගෙනයාම.... එහි ගෞරවය හිමි විය යුතු නිළධාරින් හා ආයතන වලට මෙන්ම.... වැදගත් මහත්වරුන් සේ පෙනීයන.... මහාචාර්යවරයකුට හා ආචාර්‍යවරයකුට පවරා තිබීම පිළිබඳව.... අපේ ගෞරවය අනුර කුමාර ජනාධිපති සඕදරයාට පිරිනොනමා සිටීමට තරම් අප කුහකයන් නොවනා බවත් ලියා තැබිය යුතුමය.


සීයාගේ වැල් පාලමේ යාම හැර

වෙන ගමනක් නොමැති බව

සියල්ලෝ අවබෝධ කරගනු ඇත.


ස්වස්ති සිද්ධම්.....!!!!


.

Feb 21, 2024

ඉන්දියාවේ Part එකැයි කී හරීන්ට පුස් පාට් දානා ජාතිවාදී හාල්පාරුවෝ

 


ඉන්දියාවේ Part එකැයි කී හරීන්ට

පුස් පාට් දානා ජාතිවාදී හාල්පාරුවෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


බංකොලොත් වූ අම්මට සිරි ලංකාවේ උන් යාන්තන් ජාම ගැට ගසා ගත්තේ ඉන්දියාවෙන් දුන්න ක්‍රෙඩිට් ලයින්නෙකකට පින් අත් වෙන්නටය. එය නොලැබුනා නම් අපිට ආයෙත් යන්නේ වෙන්නේ සිද්ධාර්ථ ගෞතම යුගයට හෝ විජේ කුවේණී යුගේට හෝ මහින්දාගමන යුගයටය.


රනිල් ලොක්කා ලෝකේ පුරා රවුම් ගැහුවත්  මේ වනතෙක් එක ආයෝජකයේ මේ පැත්ත පලාතේ හෝ ආපු නැති කාළේක හූනියන් කාරයන්ට බයේ  ගොබ්බ ගෝටා එලවා දැමූ අදානි ඉතරක් නොව අම්බානී හා අමුල් සමාගමත් ඉන්දියානූ ආයෝජකයෝත් මෙරටේ ආයෝජනයට පැමිණීම ...


ඉතිහාසයේ සිඳූ වූවාක් මෙන්ම බුදුන්ගේ ආගමනය, විජයානුගමනය හා මහින්දාගමනය මෙන්ම තවත් ශිෂ්ඨාචාරයක ආරම්බයක් වනු ඇති අතර... අපට දූපත්වාසී ළිං මැඩි ගෝත්‍රිකත්වයෙන් මිදී සිවිලයිස් මිනිසුන් වීමේ යුගයක් වනු නොඅනුමානය.


ඉදින් රනිල් විකුම්සිංහ විසින් අනුර කුමාරයා ඇතුළු පිරිස ඉන්දියාවේ යවා කරඅඹා ඇති මොහොතක හරීන්ලා කංචනලා කළ යුත්තේ... විමල් වීරවංශ හා ගොම්මන්පිල වැනි දේශපාලනය මැක්කන්ගේ අඬෝවැඩියා හා පන් ගෝට්  පයිසයකට ගනන් නොගෙන තමන්ගේ වැඩසටහන ඉදිරියට වඩාත් වේගවත්ව කරගෙන යාමය..


⭕ ඉන්දියානූ ආර්ථිකයේ ප්‍රසාරණය හා වර්ධනය ගැන...  ඇමරිකාවේ S&P Global Ratings පළකල අනාවැකි අනුව...

----------------------------------------


🇮🇷 2030 වන විට ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට සූදානමින් සිටී.


🇮🇷 දැනට, ඉන්දියාව ලොව  පස්වන විශාලතම ආර්ථිකය වනාතර ඔවුන්ට ඉදිරියෙන් සිටිනුයේ ... එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ ජපානයයි.


🇮🇷 2026-27 මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාවේ ඇස්තමේන්තුගත 7% GDP වර්ධනයක 7% කි.


 🇮🇷 2024 මාර්තු වලින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 6.4 ක් ලෙස සලකන අතර... එය පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා වූ සියයට 7.2 ට වඩා අඩු වීමකි.


🇮🇷 වර්ධන වේගය මීළඟ මූල්‍ය වර්ෂයේදී (2024-25) සියයට 6.4 ක් ලෙස පවතිනු ඇති අතර... එය ඊළඟ වසරේ සියයට 6.9 දක්වාත්... 2026-27දී සියයට 7 දක්වාත් ඉහළ යනු ඇති බව ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.


🇮🇷 එමෙන්ම... ඉන්දියාවට මීළඟ විශාල ගෝලීය නිෂ්පාදන කේන්ද්‍රස්ථානය බවට පත් විය හැකි බවටද ඔවුන් විසින් අනාවැකි පලකර අවසන්‍ය.


🇮🇷 ඉන්දියාවේ ශ්‍රම වෙලඳපොල ජීවන තත්වයේ විශාල ඉහළ යාමක් මෙන්ම ඉහළ ආදායම් සහිත මධ්‍යම පන්තිය අති විශාල වශයෙන් ප්‍රසාරණය වනු ඇත.


🇮🇷 ඉදිරි දශකය තුළ... විශේෂයෙන් මූල්‍ය සහ පාරිභෝගික තාක්‍ෂණ ක්ෂේත්‍රයන්හි එහි දියුණු වන ආරම්භක පරිසර පද්ධතිය පුළුල් කිරීමට හැකියාව ඇති බවත්... එය ඉන්දියාවේ දේශීය ඩිජිටල් වෙළඳපොලේ ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගැන්මත් සිඳුවනු ඇත.


🇮🇷 මීට අමතරව, S&P ට අනුව, මෝටර් රථ අංශයේ, ඉන්දියාව සංවර්ධනය, යටිතල පහසුකම්, ආයෝජන සහ නවෝත්පාදන සඳහා ස්ථානගත වී ඇත.


🇮🇷 ඔක්තෝම්බර් අග නිකුත් කරන ලද වාර්තාවක, එස් ඇන්ඩ් පී පවසා ඇත්තේ 2022 දී ඩොලර් ට්‍රිලියන 3.5 සිට 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වනු ඇති බවයි.


🇮🇷 මීටාමතරව වඩාත් සිත්ගන්නා සුළු කරුණ නම් අපේ අසල්වාසීන් වන දකුණු ඉන්දියාවේ ඇති වන සීඝ්‍රගාමී ආර්ථික වර්ධනයයි...


🇮🇷 ඉන්දියාවේ ඩොලර් ට්‍රිලියන 7 ක ආර්ථිකයෙන් 35% ක් දකුණු ප්‍රාන්ත දායක වනු ඇත. එය 2030 වන විට රට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 


🇮🇷 තමිල්නාඩුව සහ කර්නාටක දකුණේ ලැයිස්තුවේ පෙරමුණ ගනු ඇත.


🇮🇷 ආන්ද්‍ර ප්‍රදේශ්, කර්නාටක, කේරළ, තමිල්නාඩු, තෙලංගනා යන ප්‍රාන්ත... සමස්ත ඩොලර් ට්‍රිලියන 7ක ආර්ථිකයෙන්... ඩොලර් ට්‍රිලියන 2.5ක් සාමූහිකව බෙදා ගන්නා බවයි.


🇮🇷 දැනටමත් දකුණු ඉන්දියාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 31%ක දායකත්වයක් සපයයි. මෙම කොටස 33 සහ 35% අතර වර්ධනය වනු ඇත. 


🇮🇷 සමස්තයක් ලෙස ගත් කල, ඉදිරි දශක ගණනාවකට දකුණු ඉන්දියාව රටේ වර්ධන එන්ජිම වනු ඇත.


🇮🇷 මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු, ගුජරාට් සහ කර්නාටක රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 50% කට ආසන්න ප්‍රමාණයකට දායක වන බවත් ඒ අනාවැකි අතර වේ.


ඉදින් මෙවන් තත්වයක් තුල අප කළ යුත්තේ අසල්වැසියාට ප්‍රේම කිරීම නොව කරකාර බැඳගැනීම බව මහතිර් මොහොමඩ්ලා ලී කුවාන් යූ ලා ගෙනා ගස් ගෙම්බන්‍ට නොතේරීම උන්ගේ නොදැනුවත් කමට වඩා පට්ට දේශපාලන කුහකකමම මිස වෙන කිසිවක් නොවන්නේමය.


.

Feb 5, 2024

ඉන්දියානූ ව්‍යාප්තවාදයේ සිට ඉන්දියානූ ස්වයං වින්දනය දක්වා...


 ඉන්දියානූ ව්‍යාප්තවාදයේ සිට

ඉන්දියානූ ස්වයං වින්දනය දක්වා...

➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


වර්ෂ 2024 ක් වූ ෆෙබෘවරි මස 4 වනදා... එනම් අපේ නිදහස් දිනයදා වනතෙක් ජෙප්පෝ යනු උග්‍ර ඉන්දියානූ විරෝධීන්ම විය... ජවිපේ පන්ති පහෙන් එකක් වූයේ "ඉන්දියානූ ව්‍යාප්තවාදය" යන සබ්ජෙක්ට් එකය. 


ඉදින් ඔවුන් ජේ ආර් හා රජීව් අත්සන් කළ සාම ගිවිසුමට විරුද්ධව "ජේ ආර් මරමු" කියා අපේ හන්දියේ ටොනික් කඩේ ලෑල්ලේ රතු අකුරෙන් ළොකුවට ලිව්වේය. ඉන්දියානූ සාම සාධක හමුදාව ඔවුන් හැඳින් වූයේ වානර හමුදාව කියලාය.. ඒ කරලා කොළඹ කොටුවෙන් පටන් ගෙන මුළු රටම ගිනි තිබ්බේය. බොම්බේ ළූණූ ළොකු ළූණූ විය... මයිසූර් පරිප්පු රතු පරිප්පු විය....


දේශමාමක ස්වේච්ඡා කොම්‍රඩ්වරුන් හා කොම්‍රඩ්වරියන් 60,000 කට... නිවන් පුර රුවන් දොරටු විවෘත කර දුන්නේය. අවසානයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියානෝ විසින්... රෝහණ විජේවීර නම් චේ ගුවේරා නායකයා බොරැල්ල කනත්තෙන් ස්වර්ගස්ත කළ අතර... ඔවුන් පාවා දුන්නෝ දිවි රැකගෙන පක්ෂය මෙතෙක් දුර ගෙන ආවෝය. 


අප මේවා ලියන්නේ දැන් ඉන්නා ජේවීපී හුලිජ්ජා කොල්ලන්නට හා කෙල්ලන්ට මෙන්ම, 70 දශකයෙන් පසු උපන් හාල්පාරුවන්ගේ දැනගැන්ම පිණිසය.


අපරාදේ කියන්නේ... ඉන්පසු විප්ලව කරන්නට ගියහොත් වන්නේ බාබෙකිව් දමාගැන්ම බව අවබෝධ කරගත් ජෙප්පෝ... ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගත්තේය. එහෙත් ඒ බලය ලබා ගන්නා තෙක් කළ රඟපෑමක් පමණක් බව... මැයි 9 වනදා ඔවුන් ලෝකයටම පෙන්වා දුන්නේය.


ඇමරිකානූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහායෙන්... රනිල් වික්‍රමසිංහ විසින් ජූලී චන්ග් නෝනාගේ මානුෂික මෙහෙයුම නතර නොකරන්නට... ජෙප්පෝ හා ජූලී චන්ග් රෙඩි වී උන්නේ... රනිල්ගේ නිවසට පසු, ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල වන... දියවන්නාවේ ගවගාලද ගිනිතබා පොලොවට ෆ්ලැට් කරන්නටය.  ඒ ජේවීපි දේශපාලනයයි. එහි ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය හෝ දියුණුව නැති අතර.. ඇත්තේ අධිකාරිවාදය හා විනාශය පමනි.


රනිල් විසින් මේ සියල්ල බෙල්ලෙන් අල්ලා පොලොවේ ගසා දැමීම... ජූලී චන්ග් මෙන්ම අරගලය පිටුපස උන් සියළු බලවේගයන් හොල්මන් කරනා තීරණයක් විය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා කියන්නේ මෙවන් ගේම් වලට මිස.. වෙනත් රාජ්‍යයක ආධාරයෙන් චාරිකාවක යෙදී... සාකච්ඡා කර... අතට අතදී පැමිණීම නොවේ.. රාජ්‍යතාන්ත්‍රික බව කියන්නේ ඒවාට නම්... මෛත්‍රිපාල සිරිසේනට  එංගලන්තේ මහරැජිණ ඉතරක් නොව පුටීන් මෙන්ම බරක් ඔබාමාද අතට අත දී... පිටට තට්ටුත් දමා තිබෙනවාය.


වාමාංශිකයින්ගේ මේ මිලේච්ඡත්වය... ජේවීපීයේ වරදක් නොවේ... එය ලොවපුරාම පැවති හා තවමත් පවතින වාමවාදයේ, ෆැසිස්ට්වාදයේ, මාක්ස්වාදයේ, ට්‍රොට්ස්කිවාදයේ, බොල්ෂෙවික්වාදයේ නියමුවන් වූ... ලෙනින්ලා, කැස්ත්‍රෝලා, මාවෝලා, පොල්පොට්ලා, චේ ගුවේරාලා මෙන්ම කිම් ඉල් සුන්ලාගේ... සුන්නද්දූලී මිලේච්ඡ හා මිනීමරු දේශපාලනයයි... එහි අන් මතවලට... විපක්ෂවලට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ නොමැති අතර... ඇත්තේ භීෂණයම පමණි.


මේ අව් අස්සේ ඉන්දියානූ ජනමාධ්‍ය විසින් වාමාංශික මාක්ස්වාදී පක්ෂයක් ලෙස හඳුන්වන ජවිපෙට ඉන්දියානූ රජයේ ආරාධනාවකින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ... වෙන්ට ජනපති අතිගරු කොම්‍රඩ් අනුර කුමා‍ර දිසානායක ශ්‍රීමතානන්ට හා පක්ෂයේ කිහිප දෙනෙකුට ආරාධනා ලැබෙනුයේ... එතුමා හා ජවිපේ නිලධාරීන් දෙසැම්බර් මාසයේ රහසේම සිඳුකළ චීන සංචාරයෙන් පසු වීම සුවිශේෂී කරුණක්ම වන්නේය.


මෙය... ඉන්දීය ප්‍රධාන පෙලේ මාධ්‍ය තුල මෙන්ම ජනප්‍රිය රැල්ලේ ගසාගෙන යන නියත ජයග්‍රහණයකින් ගිණිකන වැටී සිටිනා... ජවිපේ මෙන්ම ජාජබ ක්‍රියාකාරකයින්ගේ... කවි, කෙටිකතා, නිසදැස් හා හෑලී රචනා සියල්ලෙන් කියා සිටියේ... මීළඟ ජනාධිපති වීමට සිටිනා අනුර කුමාරයන්ට බිය වී... ඔහු ෂේප් කර ගැන්මට ඉන්දියාව විසින් කරනා ලද ආරාධනාවක් වශයෙනි.


එමෙන්ම ටිල්වින් සිල්වා මෑතකදි මේ රට තුල කළ ප්‍රකාෂයට සමාන අදහසක් එරට ජනමාධ්‍යයන් වෙත ලබා දුන්.... යටත් විජිත මැතිතුමා කියා සිටියේ... ඔවුන් තව දුරටත් වාමාංශික දේශපාලන වහලුන් නොව ලොව සියළු රාජ්‍යයන් හා නොබැඳි පිලිවෙතක් අනුගමනය කරමින් එම රාජ්‍යයන්ගේ සහායෙන් රට ආර්ථික වශයෙන් ගොඩ ගන්නා බවයි. කොටින්ම පිනට කෑමේ වර්ල්ඩ් චෑම්ස්ලා වන ජෙප්පෝ ඉන්දියාවේදී කියා සිටින්නේ... 


කන්න දෙනවා නම්, අපිට බොන්ඩ දෙනවා නම්...

මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ.... කියලාය...


ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක සඕදරයාගේ ඇඳුම හා බොඩි ලැන්ග්වේජ් එකද කියා පෑවේ එයාගේ ගෝලයන්ගේ මානසිකත්වයමය. ඇත්තටම ඉන්දියාව ජෙප්පන්ට තියා ඇමරිකාවේ රූකඩයක් වූ යැංකි ඩිකී හෙවත්... ජේ ආර් ජයවර්ධනට තබා.... ඔවුන්ගේම නිශ්පාදනයක් වූ... ප්‍රභාකරන්ටද බිය වූයේ නැත. වාතයක් වූ ප්‍රභාට ගේම දෙන්න ෆුල් සප් එක එන්නේ ඉන්දියාවෙන්මය. 


අනුර කුමාරලා මෙහි පැමිණි විගසම... කෙලින්ම මෝදී මැතිතුමා මුණගැසීමට යන්නේ... දෙමල සංධානයේ නව නායක ශ්‍රීධරන්‍ය. ඒ ශ්‍රීධරන් ජනාධිපති වෙයි කියලා බයට නොවේය. ඒ ඔවුන් ලංකාවේ තවත් ප්‍රබලම දේශපාලන සාධකයක් වන නිසාවෙනි. ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ ෂේප් එකේ තබා ගැන්ම ඔවුන්ගේ ඒකායන අරමුණය.


ලංකාවේ අගය ලාංකිය දේශපාලන ගල් ඉබ්බන්ට තවමත් නොතේරුනද... ඉන්දියාව තේරුම් ගෙන අහවරය. ඉන්දියාව මේ මෑතක් වන තෙක්ම.... ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීමට එරෙහිව කටයුතු කළද, චීනා හම්බන්තොට අයිති කර ගැන්මෙන් පසු... ලංකාව ඔවුන්ගේ ආයෝජනයන්ට කෙතරම් වැදගත් තැනක්ද යන්න තේරුම් ගෙන අවසානය. විශේෂයෙන් වරායන් හා නාවුක ක්ෂේත්‍රයේ ඇති කැපෑසිටිය ඔවුන් හොඳින්ම අවබෝධ කරගෙන ඇත... එපමණක් නොව ගුවන් තොටුපල හා ගුවන් ගමන් ක්ෂේත්‍රය මෙන්ම පුණර්ජනනීය බලශක්ති හා සංචාරක ක්ෂේශ්ත්‍රයන්හී ආයෝජන විශාල වශයෙන් සිඳුකිරීමට ආයෝජකයෝ පෙලගැසී සිටිති... එබැවින් කුමන පාලනයක් යටතේ වුවද.... ඔවුන්ගේ ආයෝජනයන්ට කිසිඳු අවහිරයක් නොවනා බවට සහතිකයන් ලබා ගැන්ම ඔවුන්ගේ අභිලාෂයයි.


මින් මතු ජවිපෙටද ඊට අනුකූලව කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් ඇත්තේ නැතිය. චීනා ලංකාවේ ආයෝජනයන්ට යලිඳු එන්නේ නැති බව මාතලන් මීට පෙර කීප අවස්ථාවකම ලියා ඇති අතර අද එය සනාථ වී අවසානය.. එකම පිහිට ඉන්දියාව පමණමය. ඉදින් මින් මනතට ජෙප්පන්ට ඉන්දියාවට හෝ ඉන්දියානූ ව්‍යාපෘතීන් කිසිවකට හෝ විරුද්ධව කටක් හොල්ලන්නට වන්නේ නැතිය. ඇත්තටම මෙය ජේවීපි චන්ඩි නොන්ඩි කිරීමකි.


කෙසේ හෝ මේ සියල්ල සිඳුවන්නේ රනිල් වික්‍රමසිංහ, මෝදී, චන්ද්‍රිකා හා රෝ සංවිධානයේ මැදිහත්වීමෙන් බව නොදන්නා.... මතුපිට දේශපාලනය මත පමණක් හැදෑරීමෙන් ස්වයං මෝහණයට පත්ව ස්වයං වින්දනයේ යෙදෙන්නන් දැක්කාම... අපට ඔවුන් ගැන අප සිත් තුල ඇති වන්නේ... සානුකම්පිත අනුකම්පාවක් පමණමය.


වත්මන් ජාත්‍යන්තර දේශපාලනයේ... ඉන්දියාවට මෙන්ම, ඉන්දීය රාජ්‍ය නායක මෝදිටද ඇත්තේ... කිසිවකුටත් දෙවන නොවන තත්වයකි. ඒ බව යූක්‍රේන යුද්ධයේදී මෙන්ම හමාස් යුද්ධයේදීද ඉතා පැහැදිලිව දක්නට ලැබින. 


කිසිවකුටත් බිය නැති එවන් රාජ්‍යයක්.... ජවිපේ නායකයාට හා පාලනයකට බිය වී ඇතැයි සිතන්නෝ... අමු ගං කබර ළිං මැඩියෝම මිස... දේශපාලනය යන විෂයයෙහි මළ පොත අකුරක් හෝ නොදන්නා අඳබාලයෝම බව සඳහන් කරමින් මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය......

Dec 14, 2021

හර්ෂලාගේ ගුලි නොකා ලොකු අයියා ළඟ දනින් වැටිය යුතුය..


පී බී ගේ ගුලි කා හත් පොලේ ගාගෙන ඉන්නා ආන්ඩුවට, හර්ෂ ද සිල්වා හා විපක්ෂය එක්වී දෙන්න යන්නේ සුපිරිම ගුලියක්‍ය. මේක මුලින්ම දුන්නේ ඇපත් නැතිව පක්ෂයත් කා ගෙදර ගිය රනිල් වික්‍රමසිංහය. ඒ වැටි ඇති වලෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF ලෝන් එකකට යන්නෙයි කියලාය. මේ ගුලිය කාපු ගමන් වෙන්නේ, ණය ගන්න නම්, IMF එක අපට දමනා කොන්දේසි ඉටුකරන්නටය. 

ඒවා ඉටුකරන්න ගිය ගමන් ආයෙත් ගහන්නේ හර්ෂ ද සිල්වලා හා රනිල් වික්‍රමසිංහලාමය. එයාලාගේ ප්‍රධානම යෝජනාවක් වන්නේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමය. එහෙව් එකකට විරුද්ධ වෙන්න අලුතෙන් විපක්ෂයක් ඕනා නොවන්නේ, ආන්ඩුවට විරුද්ධව උසාවි යන පසුගාමී වාමාංශික ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේම ඉන්නා නිසාවෙන්‍ය. උන් දැනටත් IMF ගෙනෙනා තවත් යෝජනාවක් වන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයට එරෙහිව උසාවි ගොස් සිටිනා කාළකන්නීන්‍ය. ඒ යුගදනවි ගිවිසුමට එරෙහිවය. නැගෙනහිර ජැටිය යුනියන් එකකට දීලා බකං නිලාගෙන ඉන්නේත් උන්මය.

චීනා විපක්ෂයට ෆුල් සපෝට් එක දෙන මෙ වෙලාවේ, IMF යනවාට වඩා ඉන්දියාවේ ටෝටල් පැකේජ් එක ළඟ දන ගැසීම හැම අතින්ම වාසියක් වන්නේ, IMF යනු ණය දෙන ආයතනයක්ම පමණක් වීමත්, ඉන්දියාව යනු ඊට වඩා බලවත් රාජ්‍යයක් වීමත්‍ය. කවුරු මොන බයිලා කෙසේ කීවත් අපේ අසල්වැසියා වන ඉන්දියාව තරහා කරගෙන අපට ඉදිරි ගමනක් ඇත්තේ නැතිය. 
මේ අමන වැඩේ ජේ ආර් මෙන්ම මහින්දද කළේය. 

යුද්ධය ආරම්බ කිරීම, අවුලා පවත්වාගෙන යාම මෙන්ම, යුද්ධය අවසාන කිරීමටත් කෙලින්ම සම්බන්ධ වූයේ ඉන්දියාව බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස් වී අවසානය. ජේ ආර් ඉන්දියාව ඉදිරියේ බව්වා මාක් වී 13 ව්‍යවස්ථා සංසංශෝධනය ගෙනාවා වාගේ, මෙවරත් ආර්ථික අගාදයෙන් ගොඩ ඒමට ඉන්දියාව විසින් ටෝටල් පැකේජ් එකක් දීලා තියෙනවාය. 

දැන් ආන්ඩුවට හා රාජපක්ෂලාට ඒ පැකේජ් එක ඉදිරියේ දන නමනවා විනා වෙන සොලියුසොන් එකක් ඇත්තේ නැතිය.  එය ඇත්තටම ටෝටල් පැකේජ් එකක් වනාතර, ආහාර සෞඛ්‍ය හා ආරක්ෂක පැකේජ් එකකින් ආරම්බ වේ. ඇත්තටම අපේ රටට වඩා ඉන්දියාවේ ආහාර මිළ බොහෝ අඩුය. අපේ කාළකන්නි හිඟන පන් ගොයියන්ට කෙලවෙලාම යන්නේ මින් පසුවය. ඩඩ්ලිලාට හැමිනිලාම යන්නේ මින් අනතුරුවය. ඖශධ මාෆියා කාරයන්ට බොන්න බෙහෙත් නැති වෙන්නේ මින් අනතුරුවය. අයිසිස් කාරයන්ට නන්නපෝල් වෙන්නේ මෙයින් පසුය.

ඇත්තටම ලංකාව කියන්නේ ඉන්දියාවට අනුව රටක් නොවේය. උන්ට මෙය තවත් ප්‍රාන්තයක් පමණි. මුම්බායි වල ජනගහනයම මිලියන 20 කි. දිල්ලියේ මිලියන 30 කි. මිලියන 23 පමණ ඇති ලංකාව දෙස උන් බලන්නේ රටක මානසිකත්වයෙන් නොව ප්‍රාන්තයක මානසිකත්වයකිනි. ඇත්තටම මේ රට පාලනය කරන්න මහ ඇමතියෙක් උන්නාම හොඳටෝම ඇතිය. යටත් විජිත කාළයේ මේ රට පාලනය කරේ එක ආන්ඩුකාරවරයෙක් විසින්‍ය. දැන් ආන්ඩුකාරවරුම 9 ක් ඉඳලාත් සත පහක වැඩක් ඇත්තේ නැතිය.

ඉන් අනතුරුව එන්නේ බලශක්ති සුරක්ෂිතතාවය හා බංගලාදේශය සමඟ ගිවිසුම් ගත වූවාක් මෙන් SWAP Currency මූල්‍ය ගණුදෙණුවකි. එමෙන්ම ඉන්දීය ආයෝජකයින් ලංකාවට ගෙන ඒමේ වගකීමද ඉන්දීය රජය විසින් දරනු ඇත. පට්ට ෆේල් BOI එක වහලා දාන්නම පුලුවන්‍ය. මන්ගොන්පිලගේ බලශක්ති බයිලා වලට කෙලවිලා යන්නේත්, විදුලි මාෆියාවට වොට් 33000 වදින්නේත් මින් පසුවය. මහ කැළයේ දිර දිරා යමින් තියෙනා ත්‍රිකුණාමල තෙල් ටැංකි මෙන්ම පැස්ටෝල් ෂෙඩ් ටිකත් දැනටත් ලාබ ලබන IOC සමාගම අත්පත් කරගන්නේය.

ඇත්තටම අප මේ රජයෙන් බලාපොරොත්තු වූ සියල්ල මේ පැකේජය  හරහා ක්‍රියාත්මක විමට නියමිතය. 225 එපා, මේ රට වෙන කාට හරි දියෝ කියපු උන්, 88/89 වාගේ ඉන්දියාව එපෝ කියා රට ගිනි තියන්නට ගියොත්, ඒකත් ශවේන්ද්‍රට නොකියා. ඉන්දියන් හමුදාව මෙහේට බස්සා උන්ගේ පුචට වෙඩි තබනවා මිස, ජනාධිපති හා සාකච්ඡා දෙන්නෙට ගොස්, ඉන්දියන් කාරයෝ පැකේජ් එකත් උස්සාගෙන දුවන්නට වැඩ කටයුතු නොකල යුතුය.

අපට තියෙන්නේ තව කැසිනෝ දෙක තුනක් දමා, සීතා කෝවිල වාගේ රාමා කෝවිලකුත් සාදා ඒවා වඳින්නට එන ඉන්දියන් උන්ගෙන් ගානක් කඩා ගන්නා එකය.

May 13, 2017

මෝදිගේ ලංකාගමනය හා ලංකාවේ ආර්ථිකය - Modhi's Visit to Lanka & ETCA






බුදු හාන්දුරුවෝ ලංකාවට කිසි කළෙක වැඩම කර නැතත්, වැඩම කළා යැයි සඳහන් සුරඟන කතා තුල පවා ඇත්තේ, මේ රට කොතරම් ගෝත්‍රික රාජ්‍යයක්ද කියනා කාරනයයි. සුරඟන කතාවල කියනාකාරයට වැඩම කළ අවස්ථා තුනේදීම වැඩම කොට ඇත්තේ, පාලකයන්ගේ කචල් සෙටල් කිරීම සඳහායි. මහියංගනයට වැඩි අවස්ථාවේ, අද යක්කු මෙන්ම එදා යක්කුත් පුළුවන්නම් වැඩම කරපන් ඩෝ කීවාට, වැඩම කලායින් පස්සේ නැට්ට පුකේ ගසාගෙන දිව යන ආකාරය දැක්වෙන බිදු සිතුවමක් කැළණිය විහාරයේ සෝලියස් මැන්දිස් ලොක්කා විසින් අපූරුවට සිත්තම් කොට ඇත්තේය.

Mar 24, 2016

ECTA - ගැහුවොත් ගැහුවාමද...?

 

මාතලන් "එක්ටා" ගැන මක්කත් නොලියන්නේ මන්දැයි කියා ඊයේ පෙරේද හම්බ උන බොක්කේ ඩොකෙක්ද ඇහුවේය. මම ඌගෙන් ඇහුවේ ලියන්න මොනවද ඒ ගැන දන්නේ කියාය. එතකොට ඌ කිව්වේ උන්ගේ වෙබ් සයිට් එක බලන්නෙයි කියලාය. ආන්ඩුව කියන්නේ ගිවිසුම ඒක නෙවෙයි කියලාය. ඇත්ත කියන්නේ මොකාද කියන්න මාතලන් දන්නේ නැතිය. ඒ නිසා මූද හත් ගව්වක් තියා අමුඩ ගහන්නවත්, අන්ධයෝ සෙට් එක අලියා අත ගාලා දුන් උත්තර වගේ ඒවා ලියා චොර වෙන්නවත් මාතලන් නම් කැමති නැතිය.

Nov 16, 2014

ධවල ශෝධනය හෙවත් බඩ යන්න කෑම... (23+) - Humilating Defeat (White Wash)



ඉන්ගිරිසියෙන් මේකට කියන්නේ, වයිට් වොෂ් කියලාය. හින්ගලෙන් කියන්නේ, බඩ යන්න වදිනවා කියලාය. අළුත් ජැනරේසොන් එකේ උන් කියන්නේ, ඇට්ටි හැලෙන්න කනවා කියලාය. කොහොමත් අපි ඉන්දියාවේදි කනවාය. අද වෙනකන් එකම සීරීස් එකක් වත් දිනලා නැතිය. ඒත් මේ විදියට නම්, සංසාරේදි තියා අම්පාරේදීවත් පැරදුනාද කියා, මට නම් ම්තක නැතිය. කන එක ජීවීත කාලේදි මතක හිටින්න කෑවේය. අනික කෑවේත් කජු කිරි කොල්ලන්ගෙන්ය. කෝලී, රයිනා, රොහිට් ෂර්මා, ජඩේජා වගේ කීප දෙනෙක් ඇර අනික් උන් ඔක්කෝම වගේ පොඩි කොල්ලෝය, ඒ ක්‍රිකට් වලින් බැලුවොත්ය, වයසෙන් බැලුවොත් උන් තුන් හතර දෙනාත් පොඩි කොල්ලෝය.

Sep 28, 2014

ජයලලිතා, කුප්ප දේශපාළණය හා අධිකරණය - Jayalalitha, Dirty Politics & Justice


ජෙයලලිතා අවුරුදු හතරකට කූරූ ගනින්නට, කූඩුවට ගියේය. අඬනවාද, හිනාවෙනවාද, බෝතලයක් ගසා ප්‍රීතී වනවාදයි සිතා ගැනීමට නොහැකිය. ඕනෑ නම් චෞර රැජිණ පන්නයේ පෝස්ට් කටුවක් දමා, ආතල් එකක් ගත හැකිය. අපේ දේශප්‍රේමී ආන්ඩුව නම්, මේක එකසිය ගානට සැලබ්‍රේට් කරනා බව, නයි ටී ඇන් එක බැලුවාම පේනවාය. ඉන්දියාව එක එකාගේ වොයිස් කට් දැම්මත්, තවම අපේ මහ සජ්ජුරුවන්ගේ රීලා පැටියාවත් කටක් හෙල්ලුවේ නැත්තේ, ආරක්ෂක අමාත්තන්සේ වෙබ් පේජ් එකේ සීන් එක මතක් වෙලා වෙන්නත් ඇතිය. (ඒ උනාට අක්කා ඇතුලේ නිසා, අපේ ජාතිමාමක පොලිටික්ක්කෝ සහ ගොබ්බ මාද්දියවේදියෝ, බෙලි කටු මල්ල හොල්ලනවා, අද රෑ නිව්ස් වලින් බලා ගන්නත් බැරි වන එකක් නැතිය.)

May 28, 2014

මෝදී, මහින්ද හා තර්ටීන් ප්ලස් (13+) - Modi meets MR


ඇට්ටි හැලෙන මැජෝරටි එකකින් දිනපු නිසා, දිවුරුම් දීමේ උතසවේට එන්න කියලා, හිතවත් එකාටයි, විරුද්ධ එකාටයි, ඔක්කෝටම කෝල කරපු මෝදී, ජයලලිතාටත් කෝල් කලේය. ලලිතා මම මේ මෝදි කතා කරන්නේ කියා කිව්වාම, ලලිතා කිව්වේ, මොකක්ද අනේ ඔයා කල කැත වැඩේ, අපි ඔයාට අගේන්ස්ට් තමයි, ඒත් ඉතින් එහෙම කියලා මහින්දට ඉන්විටේෂන් දෙන එක වැරදියි නේ කියාය.

May 23, 2014

මෝදී, විගා සහ ආරාධනා - Future of our Foreign Policy


නයි ටී ඇන් එකයි, රූපවාහිනියයි කියන්නේ, මෝඩී අපේ එක්කෙනාට විතරක්ම එන්න කිව්වා වාගේය. වෙලා තියෙන්නේ එහෙම හුටප්පරයක් නෙමේය. සාෆ් කළාපේ ඔක්කෝම රටවල නායකයන්ට එන්නෙයි කියා, ඕපන් ඉන්විටේෂන් එකක් දීලා තියෙනවාය. එනවයි කියලා මෙහෙන් කොන්ෆෝම් කරලා, දැන් දඹදිව වන්දනාවේ යන්න නඩේ රැස් කොරනවාය.

Nov 12, 2013

පොන්න අගමැතිවරු හා ගුණමකු ගාන්ධිවරු.. - India's Foreign Policy


චෝගම් එක නැගලා යනවාය. පක්ෂ පිරිස වගේම විපක්ෂ පිරිසද බොහෝය. මාතලන් නම් ඉන්නේ පක්ෂ පැත්තේය. මොකෝ පවුලේ මංගල්ලයක්, කොටහළු ගෙයක්, උපන් දින උත්සවයක් හෝ, කුමක් හෝ ප්‍රිය සම්භාෂණයක් තියෙනවා නම් මාතලන් කැමතිය. ඒක කොරන්නේ ණය වෙලාද, ඉඩම් විකුණලාද, ලැබෙන්න තියෙන ගානකින්ද කියන එක, මාතලන්ට අදාල නැත.

Mar 27, 2013

ලාංකීය දෙමළා මුරලි පමණද...? - Where are the Tamils of Mother Lanka?


රටේ ජනතාවගෙන් 15% වන ජනතාවක්, රටෙන් 1/3 ඉල්ලන එක, මටනම් එදා ඉඳලා තේරෙන්නේ නැතිය. ලංකාව මෙන් 52 ගුණ්යක් විශාල රටක තියෙන සිස්ටම්, මුම්බායි නගරයේ ජනතාවට සමාන ජනතාවක් සිටින රටක, ඇප්ලයි කරන්න යන්නේ කුමන තියරියටදැයි යන්නත්, මට නම් තේරෙන්නේ නැතිය. එහෙම තුනෙන් එකක් ඉල්ලපු කස්ටිය ඇමරිකාවේ, ඉන්දියාවේ උදව්වෙන් දිවිය ළෝකේ යැව්වත්. උදව් කරන එකාට කොන්ඩොම් තියරියෙන් සලකන්න ගිහිල්ලා, අද ශුක්‍රාණු කෑ රිලවාගේ තත්වයට පත්වෙලා තියෙන බව නම් නොකියාම බැරිය.

Mar 20, 2013

කරුණා නිදි නෑ වගේ - Karunanidhi The Actor


ආන්ඩු කිරිල්ල, අපි මේ කතා කොරනවා වගේ, ලේසී වැඩක් නෙමේය. ඊටත් වඩා අමාරු කේස් එක, ජාත්‍යන්තරයත් එක්ක ගණුදෙනු කරනා එකය. ඒවාට ඩිග්‍රි වලට උගන්වන විදේශ සේවය වගේම, ගල් ආඳා වැඩ සටහනුත් තියෙන්න ඕනාය. පිළිගත් සම්ප්‍රදායන් තිබුනත්, ඕන එකෙක් බලන්නේ යටි කූට්ටූ වැඩක් කොට, ෂේප් එකේ ඉන්නය. හැබයි ඉතින් ඔහොම දෙන ගේම් වල, හරියන ඒවාත් තියෙනවාය, කෙලවෙන ඒවාත් තියෙනවාය. ජේ ආර් දුන්න ගේම් කෙලවෙලා, අන්තීමට ගාගත්ත ටිංකිරි, අද වෙනකනුත් ඉවත් කර ගන්න බැරුව දඟලනවාය. අපිට කිට්ටුවෙන්ම තියෙන රට නිසා, ඉන්දියාව එක්ක ගහන ගේම් ගහන්න ඕනා ඉතාම පරෙස්සම් සහගතවය.

Dec 19, 2012

ආයෙත් පරිප්පු කන්න වෙයිද....? - Indian Warning



මේ ගැන අපේ W3Lanka ලියා තිබෙන්නේය. ඔහු කියන්නේ, රාජපක්ෂ පාළණයේ වසන්තය නිමාවෙමින් පවතින බවයි. රටේ එවන් මතයක් පතුරුවන්නට තැත් කලද ඇත්ත එයද.....? නැත. ඔවුන් කෙලිනා පිස්සු එකසිය ගානට කෙලි. බඩු වැඩි කිරීමේත් නිමක් නැත. තෙල් බාලා, නඩු බලවා අවසානයේ, පැස්ටෝල් වලටත් කෙලියේය. කොළඹ ලස්සන වෙයි. ගහන්න යන බිල්ඩින් වල තට්ටු ගනන් කරන්න වෙනෙම ඇමතියෙක් දාන්න වෙයිය. නයිට් රේස් යයි. ඉඳගෙන බලනවානම් 5000 ය. 50 ටිකට් ගත්තොත් සද්දේ විතරක් අහගෙන ඉන්න පුළුවන්ය. හැබයි අපරාදේ කියන්නේ රටේ තත්වයට ගැලපෙන්න සයිකල් රෙසුත් යනවාය. ත්‍රී වීල් රේසුත් යනවාය. ලැම්බෝගිනි බලන්න උන්නාට, ගල් ෂොට් එකේ පවර් එකට එහෙමම නින්ද ගිහිල්ලාය.

Sep 5, 2012

ආදරණීය ජයලලිතා වෙත, - To Dearest Jayalalitha,


D. මාතලන්
කොළොම්පූර්,
ඊලන්කයි.
05-09-2012
බුදු සරණයි !

මා ආදරණීය ජෙයලලිතා අක්කා වෙත,

අක්කා කියා ඇමතුවාට අමනාපයක් නැතයි සිතමි. අපේ මාලනිට, රවින්ද්‍රට, රෙක්ස්ලාටත්, අවුරුදු 10-15 අය කියන්නේත් අයියේ අක්කේ කියාය.කොටින්ම රනිල් අයියා, එයාගේ මුණුබුරාල වගේ උන්ට කතා කරන්නේත් නංගි මල්ලි කියාය. රවින්ද්‍ර අයියාගේ නම් මූන කචල් උනාට කොන්ඩේ තවමත් කලුය. මාලනි අක්කා නම් ඔයා වගේමය. ඔයා නම් ෆිගර් කොන්චස් නැති උනාට මාලනී නම් එහෙම නැතිය. ගීතා අක්කාත් තවම එක එක රඟපැම් කොරනවාය. එයාගේ අළුත්ම සෝ එක "ගෝනී අරන් කඩේ යාම" බොක්ස් ඔෆීස් ගැහුවේ නැතිය. ඔය ඔක්කෝටම වඩා අපි අක්කාගේ සෝ වලට කැමතිය. MGR අයියා එක්ක නටපු නැටුම් මතක් වෙනකොට ඇඬෙනවාය.