.

.

Mar 30, 2014

ආන්ඩුව පරාදද? - Is this a Victory?


ආන්ඩුවේ බත් බැලයන් වන, අයියෝ සිරි සේනලා කෙසේ කීවද, රාජ පක්ෂයේ යුව රජානන් වහන්සේ නමක් වන, බැසිල් තුමානෝ කියනා පරිදි, ජනතාව දෙන පණිවිඩය කෙරේ සිත යොමු කරවන එක, රාජ පක්ෂයේ අනාගතයට බොහෝ හොඳය. මන්ද, බලේ ඇති විටද, මොළේ ඇතුව ජීවත් වීම, පරම්පරාවට මෙන්ම, සුබ අනාගතයටද යහපතක්ම වන නිසාමය. මාතලන්ට පෙනෙන පරිදි පොදු පෙරමුණ සෝදා පාලුවකට ලක්ව නැත. නමුත් මේ තරමින් හෝ පවතින්නේ වෙන එකෙක්වත් නිසා නොව, රාජ පක්ෂලා නිසාම බවද නොකියාම නොහැකිය.

Mar 27, 2014

ඡන්ද අනාවැකි, අයිතිවාසිකම් හා ජිනීවා - Predictions, Rights & Geneva


දකුණට හා බටහිරට පලා බබාලා තෝරාගන්නේ හෙටය. සත පහකට වැඩක් නැති උනත්, දේශපාළණෙන් හම්බ කරනා උන්ට, මේක ඉන්දියාවෙන් ලද උතුම්ම තෑග්ගය. ඉන්දියාවෙන් අපට ලද උතුම්ම දායාදය මොකක්ද කියා අපේ පොඩි එකා ඇහුවාම. මම ඌට කිව්වේ පලාත් සභා කියලාය.

ගුරුතුමී කියලා තිබුනේ, පුතා හොඳ බුද්ධිමත් දරුවෙක් වනවා නොඅනුමාන බවය. එහෙම නැතිව මහින්ද ගෙනාපූ බුද්ධාගමවත්, හේමමාලී ගෙනාපු දන්ත ධාතුවවත් නොවේය. පක්ෂ විපස්ස බෙදයකින් තොරව හැම එකාම මල් පහන් පුදන්නේ රජීව් ගාන්ධිටය.

Mar 25, 2014

MH370, අධ්‍යාත්මවේදීයෝ හා ටොම් පචයෝ - MH370, Predictions & Tom Pachaya


මැලේසියාවේ සිරා කොලුවා MH 370 ගැන ලියාපු සවිස්තරාත්මක පෝස්ටුවකත්, තවත් පෝස්ටුවලත්, මාතලන් කිව්වේ, අහස් යන්තරේට බඩු බනිස් කියලාය. එහෙම කිව්වේ අඳුනෙන් බලාවත්, හඳහන් බලාවත් නොව, 9/11 කේස් එකේ, වෙච්ච සිඳුවීම හින්දාය. අද ඉස්මාර්ට් ෆෝන් එකක් නැති එකෙක් හොයා ගන්නට බැරිය. මේ ජැට් වල යන හැම එකාගේම අතේ, මේවා ඕන තරම් තියෙනවාය. ප්ලේන් එක හයිජැක් කරා නම්, ඒ බව සඳහන් ටෙක්ස්ට් මැසේජ්, එකක් හෝ අනිවාර්යයෙන් එනවාය.

Mar 23, 2014

බිග් මැච්, ලව් ලෙටර් හා තෝරූ - Big Match, Love Letters & Thora


ලව් ලෙටර් ගැන ලියන්න ගිහින්, ලිය උනේ වෙන මක්කාවත් නේ. ඒකට, සමහරු කැමති උනාට, සමහරු කැමති නෑ. ඒ, මේ ළෝකේ හැටි. ලව් ලෙටර් පැත්තක තියෙද්දි, මම ලිව්වේ අති භයානක රෝගයක් ගැනනේ. මම කිව්වා වගේ, 6-7 පන්තිවලදි මට ඔය් රෝගය බෝ උනේ නෑ. ඒත් 8 පන්තියේදි රෝගයේ ගොඳුරක් බවට පත් වෙන්නේ මගේ වරදකින් නෙමෙයි. ඒකටත් වැරදි කෙල්ලෙක්ම තමයි ඉතින්.

Mar 19, 2014

ලව් ලැටර් සහ ලව් මාන්දම - Love letters & Enamored


පළමු කොටස...

රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගියයින් පස්සේ, කෙල්ලෝ නැති උන සාංකාව නැති වෙලා ගියේ, ඒ කාලේ මම වැඩියෙන්ම ආදරේ කරපු, අල හොදියි පානුයි ඒ ඉස්කෝලේ තිබුන නිසා. ධර්මාළෝකේ කෙල්ලො දෙන්නෙකුට තුන් දෙනෙකුට තිබුන ක්‍රෂ් එකත්, එහෙමම නැතිවෙලා ගියා. දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ක්‍රෂ් එකක් තියෙන්න පුළුවන්ද? එක හිතින් ප්‍රේම කරන්න පුළුවන්ද? මම නම් හිතන්නේ එහෙම කරන්න පුළුවන්, ඒක තමයි ඇත්ත. අපි හිතින් කී දෙනෙකුට නම් ලව් කරනවද?

Mar 18, 2014

මිල්ටන්, ලව් ලෙටර් සහ දුර දක්නා නුවණ - Milton, Love Letter & Fortune Teller


පිදුම - හිතවත් හැලපයාට...

අද උදේම, කාළෙකින්, බොහෝම අපූරූ බ්ලොග් ළිපි කීපයක්ම කියවන්න ලැබුනා. එයින් වඩාත්ම සිත් ගත්තේ, "සරත් ලංකාප්‍රිය" ගේ, "ඉතින් ආයුබෝවන් සබඳ යලි හමුවෙනතුරු සසරේ.." බ්ලොග් පෝස්ට් එක. ඒ වගේම මම කවදත් ප්‍රිය කරණ "හැලපයගෙ", "මදුමල සහ ගොඩ්ෆ්‍රිගෙ මඤ්ඤොක්ක හැළිය.." කියන බ්ලොග් පෝස්ට් එකත්, මාව අතීතයට අරගෙන ගියා. ඒ කියන්නේ, අපේ කොළු කාලේට. එදා අද කියලා නෑ, මියෙන තුරා අපු හදවතින් කොල්ලො තමයි.

Mar 16, 2014

පැරකුම් ජයසිංහ සමඟ චැට් කල නංගියා මාතලන් සමඟ - Chatting With a Confused Girl


මේ ලඟකදි, අපේ පැරා සහෝ එක්ක, නංගියෙක් පොඩි චැට් එකක් දාලා තිබුනා. නංගියා, මේ තියෙන සමාජ ක්‍රමය ගැන, මට පේන විදියට, හරි දැක්මකින් ඉන්නේ. ඒත් පැරා එක්ක දාන චැට් එකෙන්, නංගියා ෆුල් කොන්ෆියුස් වෙලා යනවා. මොකෝ, පැරා කෙල්ලට ධනවාදී පරිභෝජන රටාව ගැන, ලෙක්චර් එකක් දෙන්න යන නිසා. ඒ උනාට දෙන්නට චැට් එක දාන්න වෙන්නෙත්, ඔය කියන ධනවාදී පරිභෝජන රටාවට අයත් ගැජට් බැජට් එක්ක.

Mar 15, 2014

සිංහලෙන් බ්ලොග් ලිවීම.. - Blogging in Sinhalese Language


ගොඩක් දෙනෙක් සිංහල බ්ලොග්කරණය ගැන දන්නෙ නෑ වගේම, දන්න එකාට තියෙන ප්‍රශ්ණයක් තමයි, තමන්ගෙම බ්ලොග් එකක් පටන් ගන්නේ කොහොමද කියන එක. බ්ලොග් ගැන මෙළෝ හසරක් නොදැන, "රාවයෙන්" දැකලා, "ටැබූ සබ්ජෙක්ට්", "බියෝන්ඩ් ෆ්‍රේම්", "බූන්දී" කියවන කාලේ, මමත් හිතාගෙන උන්නේ, ඒවා වෙබ් සයිට් කියලා. බ්ලොග් කියන්නේ මොනවද කියලා දැන ගත්තේ, අහම්බෙන් "කතන්දර" බ්ලොග් එක කියවන්න ගත්තයින් පස්සේ.

Mar 13, 2014

චන්ද්‍රිකාගේ සංහිදියා නාඩගම - Chandrika comes with SAPRI


බන්ඩාරණායකවරු කියන්නේ, මේ රට ජාතික වශයෙන්ද, ආර්ථික වශයෙන්ද, සංස්කෘතික වශයෙන්ද කාබාසීනීයා කර දැමු දේශපාළණ පවුලක්ය. එම පවුලේ අද දින දේශපාළණයේ ඉතිරිව සිටින්නේ, වාර දෙකක් ජනපති කම් කර, රට ජාතිය සෑම අංශයකින්ම කබාසීනීය කර දැමු සැටලයිට් නෝනා පමණය.

Mar 11, 2014

අළුගෝසුවාගේ අස්වීමේ ළිපිය... - Hangman's Resignation


රාජකාරියට වාර්ථා කර නොමැති අළුගෝසූවා විසින්, බන්ධනාගාර කොමසාරිස් වෙත යොමු කල අස්වීමේ ළිපියේ පිටපතක් මා වෙත ලැබී ඇත. පහත් පළවන්නේ ඒම ළිපියයි..

Mar 7, 2014

මා ආදරය කළ කෙල්ලන්ට - To all the Girls I Love Before..



අද දිනය කාන්තා දිනයලු, අද නෙමෙයි අනේ හැමදාම එයාලගේ දිනේ. අපේ කටවල් හොඳ නිසා, ගල් ආඳෝ නිසා, යාන්තම එයාලගෙන් බේරිලා, අමාරුවෙන් ජීවත් වෙනවා.. මේක කියවන එකා කොල්ලෙක් නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හැමදාම කෙල්ලෙක්, එහෙම නැත්නම් කාන්තවකගේ අනසක යටතේ නේද ඉන්න ඕන කියලා. ඉතින් එහෙව් එකේ තව මොන අයිතිවාසිකම්ද අනේ.. අපියි හරි නම්.. අසරණ පිරිමින් සඳහා දිනයක් වෙන් කරන්න ඕන කියලා.. "අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා හිටින්න ඕන.."