.

.
Showing posts with label Valentine. Show all posts
Showing posts with label Valentine. Show all posts

Feb 13, 2021

හැපි වැලන්ටයින් විත් කොරන්ටයින්

 


විරිඳු තාලයට කියා සැනසෙන්න..


ඒ කාළේ හිටියෙ කොහෙද.  කියපන් උඹ වැලන්ටයින්.. 

ලව් කෙරුවේ බේරිලා අපි.. අයියලාගේ අතින් පයින්...

දැක ගත්තෙත් අමාරුවෙන්..//


ලියුමක් ලියලා දෙන්නෙත්... මිල්ටන්ලට පිහිට වෙන්න...

ඒකට උත්තර එනකන්... ඉවසිල්ලක් නෑනේ ඔන්න...

ලිව්වා බං ලව්ලි ලෙටර්...//


රූම් කොහෙද ඒ කාළේ.. රිංගන්නෙ ළඳු කැලේට...

සියොතුන් ඉගිලිලා ගියා... කැළේ තිබ්බ කලබලේට...

නයි මුගටියි මොන සටන්ද..//


ඔත්තු බලන්නට උන්නේ.. පට්ට ෂුවර් හොදම බොක්ක..

වැඩි වැඩියෙන් ලැබෙන්නෝන... දෙයියෝ වගේ අපිව රැක්ක..

බානවා ගල් ලෝඩ් පිටින්...//


ඇතුල් කෝට්ටේ නොගොහින්.. ගල්කිස්සෙන් එදා බැස්ස...

නිසයි මචෝ බෙරුනේ අපි... අද උන් නම් ගනියි කොස්ස...

කොන්ඩොම් නෑ ඒ කාළේ..//


කැළෑ පත්තරේ වදිනවා... එකෙක්ට අහු උනොත් පුතේ...

ළිඳ ළඟ සංඟම වගේම... චීත්ත ඇත හතර අතේ...

රොයිටර් නම් එදත් උන්නා..//


රෙඩ් රෝසස් දැකලත් නෑ... සැන් පව්ඩර් තමයි දුන්නේ...

ඒකී මැහුවා කියලා දුන්න... ලේන්සුවත් කඩෙන් ගන්නේ...

අමුඩ ලේන්සුවක් නෙමේ...//


වැඩේ සීරියස් ගියොතින්... ගොඩ වෙද්දුත් ඕන තරම්...

මාරිගෙ ඉස්ටොප් නැතිවට... අන්නසි ගැට නම් වෙල්කම්...

බේබි කමින් ෆුල් හොල්මන්..//


ඉඳ හිට බැලුවත් දෙන්නා... එක්ක ගිහින් බයිස්කෝප්...

ගීතද මාලනිද උන්නේ.. දන් නෑ ජෝඩුවම ඩෝප්..

බැල්කනියේ චෙකින් ඔයිල්..//


මාමා කිව්වේ දෙන්නෙම නෑ... කෑලී කපලා දමමි මූදේ...

බල්ලා මාක් මුලු පව්ලම... නැවතුනාය සිංහ නාදේ...

ඉස්සුවා මහ රෑක හොරෙන්...//


කොවිඩ් ඇවිත් කෑවා වැඩේ... අල්ලනවා පොලීසියෙන්...

වැලන්ටයින් උඹ පලයන්... මුලු රට දැන් කොරන්ටයින්...

ෆයිසර් ගහ ගනින් පුකේ...//


හොරෙන් වරෙන් කොහාට හරි... මයි ඩාලින් ස්වීට් හනී...

රෙඩ් රෝසස් නැතේ පනේ... දෙන්නම් ධම්මිකගෙ පැණි...

අයි ලව් යූ මයි ඩාලීන්...//


ෆයිසර් ෆුට්නික් චයිනිස් ... ගහගෙන ඇස්ට්‍රා සෙනිකා...

මාස්ක් දමන් ලව් කරපන්.. සැනටයිසර් දාගෙන මිරිකා...

නැතිනම් ලොක් ඩවුන් පුතේ...//



- කාව්ය සිරෝමනී මාතලන් -


Feb 12, 2016

වැලන්ටයින්, වැලා සහ ටාසන් (23+) - Valentine, Alex & Cougar


පිස්සු හැදෙන පස්ස නේද බං..?
.
වැලා.., කෑ ගහන්න එපා බං හරකා වගේ, මෙතනෙ වැදගත් මිනිස්සු ඉන්නේ. නිකං නෝන්ඩි වෙනවා..

වැදගත්ද නැද්ද මංදා..., හැම එකාම බලන්නේ ඒක දිහා.. මුං අඳුනන සුද්දියෙක් වෙන්න ඇති බං..
 
මාර ෆිගර් එක බං.. කොන්ඩෙත් මරූ... මූණත් ඒ වගේම ඇති... වරෙන්කෝ යන්න අර පැත්තට..
 

Feb 12, 2015

Sex, Love & Cricket (23+) - ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+)


හෙට, "වැලා" සැලබෙරේට් කොරනා දවසය. අපිත් ඒ කාළේ හොඳ වැලන්ටයින්ලාය. අදත් එහෙම වැල්න්ටයින්ලා ඕනා තරම් ඉන්නවාය. වැල කාරයෝ ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙන නිසා, ඒ කතන්දරේ මෙතනින් නවත්තනවාය. ඒ අස්සේ හෙට ඕවර් 50 හේ කිරිකැට්  වර්ල්ඩ් කප් එකත් පටන් ගන්නවාය. අද මේ දෙකම මාධ්‍යවලින් වවාගෙන කනවාය. උන්ට වැලන්ටයින් සැමරුවත් එකය, නැතත් එකය. වර්ල්ඩ් කප් දින්නත් එකය, කෙල උනත් එකය. උන් හැමදාම ගොඩය.

Feb 12, 2013

අහෝ වැලන්ටයින් සහ මදන කුලප්පුව - Oh No Valentine & Sex Maniac



අහෝ වැලන්ටයින්....!!!

අහුවෙන්නට එපා පුතේ.
අවුවෙන්නට එපා දුවේ.
කුරු මන්තන කරු වෙකි බටහිර,
වැලන්ටයින් උතුමානෝ....!!!
ආවේ නැතත් එයා.... මෙහේ...
පැනි හැලුවා..., මල් කැඩුවා....
ඉතිහාසෙත් ලව් කෙරුවා....