.

.

Jun 30, 2023

ජනතා විශ්වාසය ලැබීම යනු රජයකට ලැබිය හැකි විශාලම ශක්තියයි.


 ජනතා විශ්වාසය ලැබීම යනු

රජයකට ලැබිය හැකි විශාලම ශක්තියයි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


වත්මන් රජය මේ රට වැටි තිබූ නරා වලෙන් ගොඩ ගත් බව අප ලියූ විට, එසේ සිඳු වූයේදැයි අසන අමනයන්ගෙන් අපට ඇසීමට ඇත්තේ, තොපි මීට වසරකට පෙර ජීවත් වූයේ වෙනත් ග්‍රහලෝකයකද යන ප්‍රශ්ණයම පමණමය.


රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමට පෙර, මේ රටේ ඉන්ධන, විදුලිය, ගැස් තිබුනේ නැතිය. ඒ වන විටත් ණය ගෙවීම නවතා දමා රට බංකොලොත් බව ප්‍රකාෂයට පත් කර තිබුනාතර, තෙල් රැගෙන හාබර් එකට ආපූ නැවේ තෙල් ටික බාගන්නවත් සල්ලි තිබුනේත් නැතිය. සල්ලි හොයාගන්නා තෙක් නැව වරාය වටේ කැරකි කැරකි උන්නේය. 


තෙල් පෝලිම් වල මිනිසුන් මිය ගියේය. ප්‍රොපගැන්ඩාවට හෝ ගෑස් පිපුරුනේය. සල්ලි වලට ගෑස් බ්ලාස්ට් කරන්නට ගොස් එක නෝනා කෙනෙක් වැලිගම්පිටිත් ගියේය.


රටේ නීතියක් තිබුනේ නැතිය. නීතිය බව්වාටම ගොස් තිබුනේය. පොලීසියේ පමණක් නොව හමුදාවේද කොඳු නාරටි කඩා දමා උන් නපුංසකයෝ කර තිබුනේය.


නීතිය මෙහෙය වුයේ අධිකරණය විසින් හෝ නීතීපති විසින් නොව, බෝනගේන් හා කොරිඩෝ කළු කෝට් කාරයෝය. උන් නඩු තීන්දූ ගත්තේ උසාවී ඇතුලේ උන්ගේ තග දමලාය. මහ පාරේ නඩු අසා තීන්දුවත් දුන්නේ උන්මය.


දැන් මේවා ගුණමකු කුරවැසියන්ට මතක නැතිය. ඒ තබා, උපන්දා සිට දේශපාලායෙන්ම බඩ කට පුරව ගන්නා අමන දේශපාලුවන්ටත් මතක නැතිය. පට්ටමාතල්ලෙක කියන්නේ, මැයි 9 වෙනිදා සිට මාසයක් දෙකක් යනකන් රෙද්දේම රෙවී, පණ බයේ වෙව්ල වෙව්ලා හැංගිලා උන්න පුපේ චන්ඩි දේශපාලුවන්ටත් දැන් එව්වා මතක නැති වීමය.


සාමාන්‍යයෙන් සිරි ලන්කන් දේශපාලුවන් ප්‍රසිද්ධ බොරුකාරයෝ කියලාය. උන් මේ තාක් දුන් පොරොන්දු ඉටු කරලා තිබුනා නම්, අද මොන්ටිකාලෝ තියෙන්න ඕනා අම්මට සිරි ලංකාවේය.


පාරට තාර දමා දීම, රැකියා දීම, දරුවාට පාසල් ලබා දීම, අරක දීම මේක දීම කියා කියනා කප්පරක් කෙප්පවල නිමක් නැත්තේමය. 


එහෙත් රනිල් හෝ නන්දලාල් වීරසිංහ රජය යටතේ මෙතෙක් ඔවුන් බොරු නොකී බවත්, දුන් පොරොන්දු ඉටු කොට ඇති බවටත් විශ්වාසයක් ඇති වීම, රට වැටි ඇති ආර්ථික අහේනියෙන් ගොඩ ඒමට මහඟු පිටිවහලක් වන්නේමය.


ඔවුන් මෙතෙක් භූමිතෙල් හා විදුලි බිලට දුන් සහණ කනගාටුවෙන් වුවත් ඉවත් කරන බව කීවේය. වට පඩත්තල හූනියන් කාරයෝ හා දේශපාලුවෝ මොන සෙල්ලම් දැම්මත් ජනතාව උන්ට එකතු වූයේ නැතිය. රට වැටී ඇති තත්වය ජනතාව තේරුම් ගත්තේය.


පෞද්ගලීකරණයට එරෙහිව කරනා උද්ඝෝෂණ වලට එම ආයතන වල සේවකයෝ තබා, රැකියාවක් වශයෙන් උද්ඝෝෂණ කරනා 100 ක් වත් හොයාගන්නට අද උන්ට බැරි වී තිබෙනවාය. සෙල්ලම් දාන්න ගිය බෙරේ නාපූ හූනියන් කාරයෝ ගෙදරය.


ඊයේ පෙරේදා මෙගාෆෝන් එකකුත් එක්ක කරේ දමාගෙන බැරල් එකක් උඩ නැගෙගෙන කම්කරු අයිතීන් වෙනුවෙන් කෑ ගැසූ අරගල ටොක්සික් කාරයෙක්ට, කම්කරුවෝ කොහේදෝ යන පිස්සෙක් කියා හිනා වෙවී ගියේය.


පිටරට ඉන්න මිනිසුන්ට සල්ලි එවන්න එපා යැයි කියූ වට පඩත්තලයින්, දැන් බිස්නස් ක්ලාස් වල යමින්, උන්ගෙන්ම සම්මාදම් එකතු කරගෙන එන්නේ විලි ලැජ්ජාවක් කියා දෙයක් නැති නිසාය.


මොරි මාඩ විපක්ෂ නායකයාද, ඩලස් නම් අමු ගොබ්බ දේශපස්ලුවාද, ට්‍රින්කෝ වලින් රට ගොඩ දානා ආර්ථික විශේෂඥයාද, කප්පම් වසන්තද, මේ ටිකේ පුප ඉරාගෙන දත කෑවේ තැන්පත්කරුවන් කුලප්පු කර බැංකු ටික විනාශ කොට රට විනාශ කර දැමීමටය.


එහෙත් ජනතාව මුන් එකෙක්වත් පයිසෙකට මායිම් නොකලේය. ඒ තාබා උන්වත් බැංකුවලට ගොස් තම ගිණුම් වසා දමා ආදර්ශයක් නොදුන්නේය.


ඒ වැඩේ හරි නොගිය නිසා, දැන් මේ  හැත්ත කියන්නේ අර්ථසාධකේට හා බැංකු වලට අත තියන්න දෙන්නේ නැතෙයි කියලාය.


ඒවට මක්කාවත් වෙන්නේ නෑ කියා රනිල් වික්‍රමසිංහද, නන්දලාල් වීරසිංහද, ෂෙහාන් සේමසිංහද, රංජිත් සියඹලාපිටියද කියන්නේ දැන් සති ගානක් තිස්සේ සිටය.


ඒ නිසා මුන්ගේ කෙප්ප ජනතාව පිලි නොගන්නවා වාගේම, මේවා ආරක්ෂා කරන්නේත් මුන්ය කියා, ජනතාව පිලිගන්නේත් නැතිය. 


මෙතක් කලක් සිඳුවූයේ, පවතින රජයේ දේශපාලුවන් හා රාජ්‍ය නිලධාරින් ජනතාවට විහිළු කාරයන් ලෙස පේනා එකය. ඒත් දැන් ජෝකර්ලා වෙලා තියෙන්නේ වගකීම් වගවීම් පැහැර හැරී විපක්ෂයේ අමු ගොබ්බ දේශපාලුවන් හා මොළේ අවුල් ජඩමාජ්ජ හා ජඩමාජ්ජවේදීන්ය.


අමු ගොබ්බ ළිං මැඩි ගෝත්‍රික වහලුන් සුළු පිරිසක් මුන්ගේ දිරච්ච ළණු කෑවද, අති බහුතරය රජයේ දේශපාලුවන්ගේ හා රාජ්‍ය නිළධාරීන්ගේ නිවේදන හා වචනය පිලිගැනීම, දේශපාලන සඟිස්කුරුතිය උඩුයටිකුරු කිරීමක්මය.


එම විශ්වාසය දිඟටම රඳා පවත්වා ගැනීම රජයේ හා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමය.


බොරුවට සැමදා ආයුෂ නොමැත.

සත්‍යය කවදා හෝ ජයග්‍රහණය කරණු ඇත.


ඒ වගත් මෙසේය....

.


Jun 28, 2023

හෝටල් වෙනුවට පන්සල් ඉල්ලන හතරවරම් අමනයෝ


 හෝටල් වෙනුවට 

පන්සල් ඉල්ලන හතරවරම් අමනයෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


කඳු මුදුන් වල පන්සල් පල්ලි ඉල්ලන ඕන එකෙක්  පාට පක්ෂ බේදයකින් තොරව අමන බයියෙක්.  (බයියා සඳහා ඇති අර්ථකථනය කියවා ගන්න).


උන් ගේන තර්කයක් තමා, එහෙනම් සංවේදී පරිසර පද්ධතීන් තුල හෝටල් හා සංනිවේදන කුළුණුත් ඉඳිකිරීමද නවත්තන්න ඕනය කියනෙක. උන්ට අමතක වෙච්චි තව එකක් තමා හයි වෝල්ටේජ් කුළුණු.


මේ හෝටල් හදන වැඩේට විරුද්ධ වෙන උන්ට පෙන්වන්න තියෙන හොඳම උදාහරණය තමයි ජෙෆ්‍රි බාවාගේ විශිෂ්ඨ නිර්මාණයක් වන කණ්ඩලම හෝටලය. 


හෝටලයක් ඉඳිකරන්නේ අනුමත ප්‍රමිතීන් අනුව එකම එක වරයි.. ඉන් එහාට කිසිම අනුමැතියක් ලැබෙන්නේ නෑ. කණ්ඩලම හෝටලය ඉඳිකිරීමට පෙර තිබූ කුඩා අතුරු මාර්ගයක සිට හෝටලයට යන තෙක් මාර්ගයට අද වන තෙක් තාර හෝ කොන්ක්‍රීට් දමා නැහැ. එතකොට අවට මිනිසුන්ට ලැබෙන වක්‍ර හා සෘජු රැකියා ප්‍රමාණය. රජයේ විවිධ ආයතනවලට වාර්ෂිකව හා මාසිකව ලැබෙන විවිධ බදු හා ආදායම්.


අනෙක් ප්‍රධානම කරුණ වන්නේ පරිසර පද්ධතිය නිසි කළමනාකරණයක් තුල අධීක්ෂණය හා නඩත්තු කිරීම. ඒ වගේම හික්මීමක් හා ක්ලාස් එකක් ඇති අයට පමණක් මේවා විවර වීම. මේ පොඩි දරුවෙක්වත් ගහක කොලයකටවත් හානියක් කරන්නේ නෑ. ඒ මිනිස්සු මේ පරිසර පද්දට්ජීන් වලට හදවතින්ම ආදරය කරලා විඳලා යන මිනිස්සු. මේ දේවල් මේවට නොගිය හාල්පරුවන්ට කවදාවත් තේරෙන්නේ නෑ.


එහෙම උන් තමයි වැව ඉවරයි, වැව් තාවුල්ල ඉවරයි, කන්ද ඉවරයි ලන්ද ඉවරයි, ගම විනාශයි, සඟිස්කුරුතිය අවසානයි ගගා නහින්න යන්නේ.


නමුත් පන්සලක් හෝ පූජා භූමියක් ඉඳි කලාම ඔය කිසිවක් සිඳු වන්නේ නෑ. ඕන එකෙක් දන්නවා පන්සල් කියන ඒවා බුද්ධ සාසනේ තියෙන තුරා හදලා ඉවර වෙන්නේ නෑ කියලා...


කිසිවකුට රැකියාවක් ලැබෙන්නේ නෑ. ගමේ හිඟන්නොන්ට තමා ඒකත් රකින්න වෙන්නේ. ඕනම නම් උපාසිකාවෝ කීප දෙනෙක් ගොඩ යයි.


අපි පොඩි කාළේ දුෂ්කර ගමක සුන්දර පන්සල් වගේ තිබුන, රුවන්වැලිසෑය,  කැලණි රජ මහා විහාරය, කොළඹ ගංගාරාමය, බෙල්ලන්විල රජමහා විහාරය, තව දුරටත් සිත නිවන පූජා භූමී නෙමෙයි. ඒ ඔක්කොම සියළු අච්චාරූ පිරි බහුරු කෝළම් මඩු.


ඉස්සර අති සුන්දර පරිසරයක් වෙච්චි දඹුළුගලේ පහළ ප්‍රදේශය ගොඩනැගිලි, පිළිම චෛත්‍ය හදලා විනාශම කරලා දැම්මා...


ඒත් ඒවයේ ඉඳිකිරීම් තව ඉවර නෑ.. තන්හාවේ තෘෂ්නාවේ කෙලවරක් නෑ. ඊට පස්සේ හෙමීට හෙමීට භූමිය ළොකු වෙනවා බෝ ගහ හැර සියළු ගස් නිවන් යනවා. 


පන්සල් කියන්නේ පිරිසිඳුකම රකින්නෙම නැති තැන්. පන්සලක වැසිකිලියකට යනවට වඩා හොඳයි නරකාදියට යන එක. ඒත් ඒකට මැරෙණකන් ඉන්න ඕන නිසා, උපාසක උපාසිකාවෝ රෙන්නේ කැළේ.


ඊට පස්සේ ඕවට වන්දනාවේ එන්නේ මේ හෝටල් හදනවට විරුද්ධ, දම් රැජිණ හයර් එකට අරන් බොංගෝ ගගහා ඇවිත් කහ කුරුල්ලගෙන් ආපු උන්ගෙන් ගේම ඉල්ලන හතරවරම් බයියෝ.


උන්ට කිසි චාරයක් නෑ. හැදියාවක් නෑ.කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නෑ. අවවාදයක් දෙන එකාටත් වටවෙලා කෙලින්නේ. අන්තීමට බොංගෝ පැලුනාම, ගෙදර යනකන් ගහන්න කුණු ටික විසිකරලා පන්සලේ ඩස්ට්බින් එක උස්සගෙන යනවා. ඕකුන් තමා පරිසර ත්‍රස්තවාදීන්.


ඒ පාර ඔය කුණු හතර වටේ වපුරන්නේ මේ උපාසක උපාසිකාවොම නිවන් යවන්න පෙට්ටි වල දාගෙන ගෙනත් පන්සලට පූජා කරපු පූසොයි බල්ලොයි. උන් එක්ක සෙට් වෙනවා බොංගෝ බුවාලගේ නෑයෝ වෙච්චි රිලව් ටික.


එහෙම රිලව් සෙට්ටෙකක් තමා ඔය හෝටල් වලට විරුද්ධව බුකියෙත් නටන්නේ.. ඉතින් එහෙව් උන්ට පොල් බයියෝ කියලා කියනවා හැර වෙන කියන්න නමක් කියහන් මයෙ පුතා...


කන්දෙ විහාරේ සීල සුඝන්දේ

පාවී එන්නේ ඝංඨා නාදේ

දෝත පුරෝලා නෙළුම් නෙලාලා

පන්සල් යමුකෝ චූටී නංගියේ...


.


Jun 26, 2023

පොලීසිය පීචං කොට, අපරාධකරුවන් නැලවූ, ඝෝඨ, ආරක්ෂක ලේකමා හා පොලිස්පති. (ඝාතන රැල්ලේ උපත)


 

පොලීසිය පීචං කොට, අපරාධකරුවන් නැලවූ,

ඝෝඨ, ආරක්ෂක ලේකමා හා පොලිස්පති.

(ඝාතන රැල්ලේ උපත)

➖➖➖➖➖➖➖➖➖➖💀💀💀➖➖


වෙඩි තබා මිනිසුන් දිනපතා ඝාතනය කිරීම, දැන් රැල්ලක් වී ඇත්තේය. ජනමාධ්‍ය තුල කිසියම් හෝ ප්‍රමිතියක් තිබූ ජාතික රූපවාහිනියද දැන් ඒවා ප්‍රවෘත්ති වල පෙන්වන්නේ, වෙඩි තැබීම් තව තවත් ප්‍රවර්ධනය හා සාමාන්‍යකරණය කිරීම සඳහා වෙන්නට ඇතිය. 


කොහොමත් දැන් හැම චැනල් එකේම පෙන්වන්නේ පිස්තෝල උස්සාගෙන දුවන පාතාලේ පඩත්තල ටෙලිපඩංගුය. පාතාලේ භාෂාව පොඩි උන්ට උගන්වන්නේ ඒවා එකක් නෑර බලනා දෙමව්පියෝය. ඊට පස්සේ ඔය චැනල් වලටම එන බක පණ්ඩිතයෝ, වත්මන් පරපුරට මොකක්ද වුනේ කියා අපෙන් අහනවාය.


ඒ එක පැත්තකි.. මෙලෙස පොලීසිය පයිසයකට ගණන් ගන්නේ නැති වෙලා ගියේ හිටපු ජනාධිපති හෙවත් වදකහ ගොබ්බයා නිසාය.


ඒ... හුජ්ජා කොල්ලන් හා කජුකිරි කෙල්ලන් පිරිසකට ගෝල්ෆෙස් එකේ කූඩාරම් ගසාගෙන, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ බජව් නටන්නට ඉඩ දී, පොලිස් කාරයෝ පීචංම කරලා දැමීම හේතුකොට ගෙනය. උන් කෙතරම් පීචං වූවාද යත් සමහර හාල්පාරුවෝ මේ අරගලියන්ස්ලා හා එක් වී ජොබටත් කෙලගෙන අද හිඟන්නෝ බවට පත් වී අවසානය.


ඒ කාළයේ මේ දේවල් වෙන කොටම අප කීවේ, අනාගතයේ මේවායේ දරුණු පල විපාක විඳින්නට වෙන බවය. වෙනදා පොලිස් ජීප්පෙකේ, ඩේලී රයිඩ් එකක් ගිය පාතාල සාමාජිකයින් වන, පිටකොටුවේ නඟර සෝභිනියෝ මෙන්ම අවට වතුවල කුඩ්ඩෝ, බැරියර් වල සිටි පොලීසියට ලෙච්චර් දුන්නේ ඉස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් ආපූ ආරක්ෂක විසේසග්නයෝ වගේය. මානව හිමිකම් ගැන පොලීසියට කියා දුන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් එකේ ලොක්කෝ වගේය.


කරුමය කියන්නේ කොන්ද කඩා දැමූ පොලීසියේ හිඟන්නෝත් උන්නේ උන්ගේ පැත්තේ වීමය. එපමණක් නොව මැයි 9 වනදා සිද්දීන්වලට පොලීසියේ සහායද උපරිමයෙන්ම ලබා දුන්නේය. 


මේවාට කෙලින්ම වගකිව යුත්තේ ආරක්ෂක ලේකමාය, ඉන් පසුව පොලිස්පතියා හා මාණ්ඩලික ප්‍රධානියාය. ජනාධිපති විතරක් නොව ඒවාට එදිරිව කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් මොවුන්ද අමු ගොබ්බයෝය. මුන් බැලුවේ රට අරාජික කර දමන්නටය.


කරුමය කියන්නේ... අදටත් උන් උන්ගේ පුටුවල ආතල් එකේ සිටීමය. ඒ මදිවාට මේ හාල්පාරු පොලිස්පතියා කියා ඇත්තේ උගේ ගෝලයෝ වැඩක් නැතෙයි කියාය. හරි නම් ඒකට වගකිව යුත්තේ උන්නැහේය. මෙහෙම උන් පොලීසියේ ලොක්කන් වීමට, උන්නැහේ මෙන්ම, උන් ඒ තනතුරුවල තව දුරටත් තබාගෙන සිටිනා පාලකයෝද හරි හරියට වගකිව යුතුය.


පාතාලය වහාම මැඩලිය යුතුමය. මරා ගන්නේ උන් උන්ම වුවද සමස්ත සමාජයට ඉන් ඇතිවන හානිය සුළුපටු නැත. මෙය නීතීයේ ආධිපත්‍යයක් නැති අරාජික වාතාවරණයකි. මේ ඊයේ පෙරේදා උන් මිලේච්ඡ ලෙස ඝාතනය කර දැම්මේ අහිංසකයෙකි.


මෙය වහාම මැඩ පැවැත්වූයේ නැති නම්, මුලු රටම තවත් චිකාගෝවක්, මැක්සිකෝවක්, රියෝ දි ජැනෙයිරෝවක් වන දින, වැඩි ඈතක නොවේය.


එහෙත් මුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු, මාකඳුරේ මදුෂ් මෙන්, කොස්ගොඩ තාරක මෙන්, මාංචු දමා ආයුධ පෙන්වන්නට ගොස් පීචං ලෙස ඝාතනය කර දැමීම, පොලීසියට නොව මිනිස්කමටත් නිගාවකි.


එගෙත් ඔසාමා බින් ලාඩන්ට දුන්නා මෙන්, ප්‍රභාට  දුන්නා මෙන්, අත් අඩංගුවට ගන්නට යාමේදී ගේම දුන්නාට කිසි අව්ලක් ඇති වන්නේ නැත්තේය. මන්ද මේ කුලී ඝාතකයෝ අධිකරණයෙන් ඇප පිට නැවතත් සමාජයට මුදා හරිනා නිසාය. අපේ නීතිය ඒ තරම් තදය.


මේවා ශිෂ්ඨ වැඩදැයි කියා ලංකාවේ කිසිවෙකුටත් දැන් ප්‍රශ්ණ කරන්නට බැරිය. මන්ද ආදරයේ අරගලයක් කළ මානව හිමිකම් ක්‍රියාකරුවෝද, නීතිය රකිනා කළු කෝට් කාරයෝද, අමරකීර්තී අතුකෝරාල හා 13 දෙනෙක් කුරීරු ලෙස ඝාතනය කොට, විරුද්ධ දේශපාලන මත දරනා උන්ගේ නිවාස වාහන දේපල සියල්ල ගිනි තැබූ මිලේච්ඡයින් නිසාය.


කරුමය කියන්නේ රාජපක්ෂ කඳවුරේ උන්, වත්මන් මැති ඇමතිවරුන් මෙන්ම සජිත් ප්‍රේමදාස නම් විපක්ෂ නායකයාත් පෙනී ඉන්නේ පාතාලය වෙනුවෙන් වීමය. ගුවන් තොටූපොලේ පාතාල ටැක්සි මාෆියාව වෙනුවෙන් උන්නැහේ පාර්ලිමේන්තුවේ කතා කරනා විට අපට පුපෙන්ම හිනා ගියේය. හැබයි පස්සේ එච්චර අවුලකුත් නැතිව ගියේ, පියානෝ සොත්ති උපාලිගේ ෆෑන් කෙනෙක් වූ නිසාය. අප්පා කළ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතෙක් කියා කොහේදෝ ලියා තිබුණේය.


පොලීසියේ උන්ට මෙන්ම අනෙකුත් වගකිව යුතු අංශවල උන්ට බැනාඬගසලා ඇති  වැඩකුත් නැතිය. ලංකාවේ,  නීතිය, අධිකරණය, පොලීසිය හා ආරක්ෂක අංශවලට අත් වී ඇති පිළිගැනීම හා ඉරණම පෙන්වන කදිම ඡායාරූපයක් මා විසින් තෝරාගත්තේ කංජිපානී ඉම්‍රාන්ගේ අවමන් සිනහවේ ඒ සියල්ල ගැබ්ව තිබෙනා නිසාමය. 


ඩුබායි සිට රැගෙන ආ කංජිපානී ඇප මත නිදහස ලැබ රටින් පලාගියේ සියල්ලන්ටම පුප පෙන්වමිනි.


කෙසේ හෝ වත්මන් පොලිස් ඇමති විසින් වහාම මේ අපරාධ මැඩ පැවැත්වීමට කටයුතු කරන මෙන් ආරක්ෂක අංශවලට හා පොලීසියට අණකර තිබීම සමාන්‍ය ජනයාට අස්වැසිල්ලක් වන්නේමය.


එහෙත් පාතාලය හා බැඳී සිටිනා පොලීසියට මෙන්ම අනෙකුත් ආයතන වලට මෙය මැඩ පැවැත්විය හැකියැයි මාතලන් නම් විශ්වාස කරන්නේ නැතිය. එබැවින් මෙය විශේෂ කාර්‍ය බලකාය, කොමාන්ඩෝ බලකාය මෙන්ම ගුවන් හමුදාව හා එක්ව කරනා පිලිපීන් මොඩල් එකේ මෙහෙයුමක් විය යුතුමය.


ඉවසුවා හොඳටෝම ඇතිය....

.

ගල් උඩ කඳු උඩ දාගබ් පමණක් නොව ඝාංඨාර කුළුණක්ද ඉඳි කරන්න..

 


ගල් උඩ කඳු උඩ දාගබ් පමණක් නොව 

ඝාංඨාර කුළුණක්ද ඉඳි කරන්න..

➖➖➖➖➖➖➖➖➖➖ 🔔🔔🔔


කඳු මුදුන් වල පරිසරය විනාශ කරමින් දාගබ් ඉඳිකිරීමේ පිස්සු රැල්ලක් වත්මනෙහි ඇති වී ඇති අතර, බලයට එන්නට බලා සිටිනා පිස්සෙක් කියන්නේ, ඒ යකා බලයට ආවොත් දාගබ් 1000 අළුතෙන් ඉඳිකොට බුද්ධ සාසනේ ගොඩදානවා කියලාය.


බුද්ධ සාසනේ ගොඩ දෑම කෙසේ වෙතත් , චීවර පොරවා ගත් බිස්නස් කාරයෝ මේ වන විටත් ජාතියේ දායාදයන් වන වටිනා පරිසර පද්ධතීන්, බුද්ධාගමේ නාමයෙන් උන්ගේ සින්නක්කර දේපල බවට රාජ්‍ය අනුග්‍රහයද සහිතව පවරා ගනිමින් සිටීම, වැහි නැති හෙන ගහනා අපරාධයකි.


හෙළ රජ සමයේ රජුගේ අණින් ආරක්ෂිත ප්‍රදේශ වූ මේ පරිසර පද්දතීන් මුලින්ම විනාශ කර දැම්මේ ඉන්ගිරිසීන් විසිනි. ඒ තේ වගාව සඳහාය. ඉන්පසු මේවා ජනාවාස වූ අතර, අද පිරිසිඳු ජලය නොමැති කමින් වැඩියෙන්ම පීඩා විඳින්නේ මේ නඟරවල මිනිසුන්‍ය.


කඳූ මුඳුන් වල ස්වාභාවික උල්පත් වලින්  ගලනා ජලය සියල්ල ඉතා අපිරිසිඳු හා දූෂිත වී අවසානය. ඊළඟට ජල උල්පත් වලට කෙලියේ කඳුකරයේ ජලාශ ඉඳිකිරීමෙනි. ඉන් උල්පත් සියල්ල සිඳී ගිය අතර, අද, මෝසම් වැසි වැස්සේ නැත්නම්, ජලාශ වලට ඇත්තේ දළදා හාන්දුරුවන්ගේ පිහිටය.


ඉතිරි ඒවා වලද දාගබ් ඉඳිකිරීමෙන් වන්නේ, ඒ අවට ඇති ජල සම්පත හා වන සම්පත විනාශ වීම පමණි. හොඳම උදාහරණය ශ්‍රීපාද සමයේ කරනා අති විශාල පරිසර හානියයි.

 

අපේ උන් මාරම ආගම් භක්තිකයෝ වුවද, උන් සියල්ලෝම පරිසර ත්‍රස්තවාදියෝය. මුන් මේවා ප්ලාස්ටික් වලින් පුරවති. බොන බෝතල් කුඩු කර විසි කරති. හැමනි ඉවතලන කොපුවත් කැළේටමය. ඒ සියල්ල කර, කැළේ රීලාත් එති.


කැළය, පරිසරය, ජල උල්පත්, සතා සීපාවා, සියල්ල විනාශය... මේවා විනාශ වූ පසු බත් ටික බඩට දාගන්නට කුඹුරු කිරිල්ලට වැස්ස වලාහක දෙයියෝ කෝටා එක දෙනකන් ඉන්න වෙනවාය.මන්ද දිය උල්පත් සිඳී යාමෙන් හා අවහිර වීමෙන් කුඩා දිය පහරවල් ඇල දොළ ගංඟා මඩ කඩිති සියල්ල සිඳී යන බැවිනි.


ඒ නිසා වැස්ස ඕනා බව වැසි වලාහක දෙයියන්ට දැණුම් දෙන්නට, හැම දාගබ් වහන්සේලා එක්කම, ඝාංඨාර කුළුණු වහන්සේලාත් ඉඳිකොට පූජාකරන්න වෙනවාය.


එවිට වැස්ස නැති නිසා කුඹුරු කරන්න බැරිව බෙල්ලේ වැළ දමාගෙන නිවන් පුරේ නොයා , අර ඝාංඨාරේ ළණුවේ එල්ලිලා වැනුවාම වැස්ස වලාහක දෙයියෝ අපි ගැන අනුකම්පා කරන්න චෑන්ස් එකක් තියෙනා නිසාය...  


ඒ නිසා ඝාංඨාර කුළුණු වහන්සේ වෙනුවෙන්ද  වැඩි පුර ගඩොල් වහන්සේලා ටිකක් මේ මෝල් වහන්සේලාට පූජා කිරීමෙන් ඔබ පතන්නා වූ සුගතිය එලොව නොව මෙලොවදීම ලබා ගත හැකි වන්නේය....


වස්සානයට අත වනලා

ඉමු මඟ බලන්...

උද්‍යනයක කෙළවරට වී..

උඹ දෑතිත් බදන් හොල්ලපන් රත්තරන්...

ගම දෙවනත් කරන් වැහි වහී...

.

Jun 20, 2023

මුළු රටම කාබාසීනියා කර දැමූ.... බන්ඩාරනායකගේ සිස්ටම් චේන්ජ්ජෙක

 



මුළු රටම කාබාසීනියා කර දැමූ....

බන්ඩාරනායකගේ සිස්ටම් චේන්ජ්ජෙක

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴▪️


ගැරැප්පුවෙන් ආප්ප කෑ, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරණායක හාමුගේ දියණියක් වන, හොරගොල්ල නීලපෙරුමාල් පන්ඩාරනායගම් පරම්පරාවේ අභිමානවත් දෙටු   එතනහාමී සුනේත්‍රා බන්ඩාරනායක තම පියානන් කළ අමනකම් ගැන ප්‍රසිද්ධියේ සමාව ගැනීම, ගස් ගෙඩ් කඩමින් සිට නිදහස් අජ්ජාපනේ පිහිටෙන් සීත කාමරවල හෝ සීත රටවල සිට, මසකට වරක් පොල් කඩනා උන්ගේ පුපේ ඉත්තෑවන් දුවා ඌයියා වීමට බලපා තිබෙනා බව පේනවාය.


මාතලන් මේ කණ්ඩායමට අයත් නොවන්නේ අපේ අප්පා මුත්තලා, ව්‍යවසායිකයින් වී ගොඩ ඇවිල්ලා තියෙන්නේ සුද්දා නිදහස දෙන්නටත් පෙර නිසාය. එහෙත් බන්ඩා කළ අමනකම් වල වින්දිතයින් වන්නට අපටද සිඳු වූ වේදනාව අපටද තියෙන්නේය. 


අප අජ්ජාපනය ලැබුවේ සුද්දාගේ කාළයේ ආරම්බ වූ මිෂනාරී පාසලක වුවද, ඒවා රජයට පවරා ගැනීමෙන් පසු ඒවායේ ඉන්ගිරිසියෙන් ඉගැන්වීමට කෙලවිලාම ගොස් තිබුනේය.

අපි හයේ පන්තියේ සිටියදි, එලකියුෂන් හා වෙස්ටර්න් මියුසික් කියා සුද්දාගෙන් ඉතිරි වූ නෂ්ඨාවශේෂ සබ්ජෙක්ට් දෙකක් තිබුනද, හතේ පන්තියේදී ඒවාටද නිවන් සුව අත් වූයේය.


“මොකක්ද ක්‍රිස් මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ ” කියා කිව්වේ මොකා වුනත් ඒ ප්‍රකාෂය කරපු එකා අමු වසලයෙක් බවට කිසි තර්කයක් ඇත්තේ නැතිය. 


කන්නන්ගර උන්නැහේ නිදහස් අජ්ජාපනය සඳහා මධ්‍ය මහා විජ්ජාල පටන් ගත්තාට ඉන්ගිරිසියෙන් අජ්ජාපනය ලබා දීම නතර කළේ නැතිය. මධ්‍ය මහා විජ්ජාලේ උන් සිංහළ සාහිත්‍යය හා බුද්ධාගම ඉගෙන ගත්තේත් ඉන්ගිරිසියෙන්මය.


අපේ කලාව, සඟිස්කෘතිය හා ආගම පිළිබඳ උන් ගිහි පැවිදි පොරවල් සියල්ලෝම ඉන්ගිරිසි ඇක්ස්පර්ට්ලා හෙවත් ද්වීභාෂා පරමේෂ්වරලා වූයේය. 


සමහරුන් ලියා තිබ්බේ රාජ්‍ය භාෂාව සිංහළ කිරීමේ යෝජනා මුලින්ම ගෙනාවේ එජාපයේ උන් යැයි කියාය. කොහොමත් වමේ අපතයන් හැර සෑම ජන කොඨ්ඨාශයක්ම නියෝජනය කල එජාපයට ඕක ගෙන එන්නට සිඳු වන්නේ නැති බව තේරුම් ගත් බන්ඩා එජාපයෙන් යන්නේ මේ අදහසත් මංකොල්ල කාගෙනය.


බන් ගොන්ඩා වන්දනා කරනා ප්‍රශස්ති පන්ඩිතයින් බොහෝමයක් ලියා තිබුනේ ඉන්ගිරිසියෙන් කතා කිරීම ගැන පමණි. එහෙත් ඉන්ගිරිසි අජ්ජාපනය තුල තිබූ සුද්දාගේ හැදියාව හා සඟිස්කුරුතිය උන්ට අමතකව තිබිනි. 


විශේෂයෙන් රාජ්‍ය සේවය හා දේශපාලනය තුල තිබූ මහත්මා කම්වලට හා සුද්දා වගේ වැඩ කරනා විදියට කෙලවෙලාම ගොස් එය නරා වලක් වූයේ, ඔය ගස් බන්ඩාගේ පිස්සුව නිසාමය. හින්ගල පමණක් දන්නා ගස් බන්ඩලාගේ දරුවෝ රාජ්‍ය සේවයට පැමිණ උන්ගේ හීනමානය කවර් කරගත්තේද උන්ගේ පන්තියෙන්මය. ඊටාමතරව ඉහළ පන්තියට ඊර්ෂ්‍යා කරමින් වෛර බැන්දෝය.


විස්ස විජ්ජාල උන්ගේ රුදුරු ග්‍රහණයට ලක් වුනේය... උන් ආචාර්‍ය මහාචාර්‍ය පට්ටම් ලැබීමෙන් පසු නවක වදයට ලයිසන් දී එවන් මිලේච්ඡයින්ගේ බොඩිගාඩ්ලා හා න්‍යායාචාර්‍යවරුන්ගේ රජ දහනක් විය. සමාජ විරෝධීන්ගේ මූලස්ථාන විය.


රටේ සෑම පන්තියකටම අයත් වුන් සමඟ එකම පන්තියේ සිටී පාසලකට ගිය අප, සුද්දාගේ මිෂනාරී අජ්ජාපනය අදත් ලබාදෙන සැන් තෝමස්, ට්‍රිනිටි වැනි පාසල් වලින් ආ උන්ගේ හැදියාවන් හා ක්ලාස් එක පැහැදිලිවම දුටුවෝය.


56 ගස් බන්ඩාගේ විකාරයෙන් පස්සේ අපේ රටේ එතෙක් තිබූ ෂේක්ස්පියර්ගේ ඉන්ගිරිස් හා ඉන්ගිරිසි සාහිත්‍යයට හැමිනිලාම ගොස් පඩත්තල රුසියන් සාහිත්‍යයක් බින්න බහින්නේ රටේ කරුමයටය. සුද්දා අරක්කු බෙදුවා වගේ ඒවා සිංහලට පරිවර්තනය කොට නොමිළේම බෙදාහැරියේය.


එමෙන්ම මහ රැජිණගේ අධිරාජ්‍යයේ ඉන්ගිරිසියෙන් උගත් සුද්දන්ගේ හැදියාවන් තිබූ වමේ නායකයින් නැත්තටම නැතිවී ගොස්, වමේ දේශපාලනයත් ග්‍රාමීය ගෝත්‍රික ළිං මැඩි ගස් බන්ඩලා අතට යන්නේය. වමේ දේශපාලනය තුල රෝහණ විජේවීර, විමල් වීරවංශ, නලීන් හේවගේ වැනි වාචාල ගෝත්‍රික මිලේච්ඡයින් බඩ පිණුම් ගසන්නේ අර හිඟන්නන්ගේ ඔල්වරසන් මැද්දේය.


උතුරේ හා දකුණේ ඒ පන්තිවලට අයත් උන්, ත්‍රස්තවාදයෙන් රට මිලේච්ඡයින්ගේ රඟමඩලක් කරන්නේත්..බන්ඩාගේ පස්සෙන් ගිය එකෙක්ගේ පුතෙක් උන්ට කෙලවා මහරජා වෙන්නේත් ඒ අනුවය.


සමහරු ලියලා තිබ්බේ මේ රටට කෙළවූයේ රටේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසා මිස, ඉන්ගිරිසියෙන් අජ්ජාපනේ දුන්නේ නැති නිසා නෙමේය කියලාය. 


එහෙත් උන්දැලාට අමතක වෙච්චි කාරනේ නම්, එසේ වීමට හේතූ වූයේ, මේ රටේ රාජ්ජ සේවය බන්ඩාරනායක වහලුන්ගෙන් පුරවා, රාජ්‍ය සේවය සාපයක් කළේ... ගස් බන්ඩාගේ ගෝලයන් විසින්ම බවය.


බන්ඩාගේ ඒ අමන ක්‍රියාව නිසා, රටේ සමස්ත සිස්ටම් එකම කඩා වැටී රට භංකොලොත් රටක් බවට ප්‍රකාෂ කළේත් බන්ඩාගේ පස්සෙන් ගිය බන් ගොන්ඩෙක්ගේ පුතෙක් බවත් දැන් ඉන්න ගොන් බන්ඩලා අවබෝධ කර ගත යුතුමය. උන්නැහේ විශ්වයෙන් එහාට රට ගෙනියන්නේ ගියේ වසර හතක් වමේ අපතයින් හා එක්ව රට විනාශ කළ හත් අවුරුදු සාපේ මැතඩ් එකෙන්‍ය.


වාසනාවකට අදින් වසර 10 - 12 කින් පසුව හෝ ඉන්ගිරිසි දන්නා පරම්පරාවක් බිහි කිරීමට වත්මන් රජය මුල පුරා ඇත. එමෙන්ම ඉන්ගිරිසි පමණක් නොව, සුද්දා සිතන පතන විදියේ පරම්පරාවක් ඇති කිරීමට නම්, රුසියානූ සාහිත්‍යය නොව, බටහිර සාහිත්‍යය විෂයන් තුලට ඇතුලත් කිරීමටත්, අජ්ජාපන බලධාරීන් ක්‍රියා කළ යුතුය. එමෙන්ම කසි කබල් සාම්ප්‍රදායික සබ්ජෙක්ට්ස් වෙනුවට, එමෙන්ම  STEAM ඇඩියුකේසොන් මොඩලය වහාම ඉස්තාපිත කළ යුතුමය.


එවිට රනිල්ගේ කුරුඳුවත්තේ ලෝකල් සුද්දන්ගේ 2.50 ඉන්ගිරිස් නොව, සජිත් ප්‍රේමදාසගේ, "ටු චේන්ජ් දී ඩ්‍රොකෝනියන් ඔටෝකැක්ටික් ඔතෝරිටේරියන් පවර් කන්සොන්ට්‍රේසොන්... මේජර් ට්‍රෙෂ් දැට් හෑව් බීන් කොන්කොක්ඩට්..." කියා ඉන්ගිරිසියෙන් සුද්දන්ට ටෝක්ස් එක දී ... සුද්දන්ටත් බඩ යන්නට දෙන්න පුලුවන් වෙනවාය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය..


ටෑන්ක්ස් හොඳේ...

සී යූ ලේටර්.. ඇලිගේටර්...

හව් ඉස් මයි ඉන්ග්‍රිස් ඈ.....

.

Jun 19, 2023

පෝට්ටුවේ දිස්ත්‍රික් නායකයින් ගයන්නේ.. ඔවුන්ගේ හංස ගීතයද?


පෝට්ටුවේ දිස්ත්‍රික් නායකයින් ගයන්නේ..

ඔවුන්ගේ හංස ගීතයද?

➖➖➖➖➖➖➖➖➖➖🔴➖


ජනතාවගේ වරමින් බලයට එන දේශපාලුවන් බලය ලැබීමෙන් ඉක්බිති කරන්නේ ජනතාව කැමති දේ නොව, නායකයා හා බිරින්දෑවරු කැමති දේය. බලයට එන්න ඉන්න උන්ගේත් පරම පවිත්‍ර චේතනාවද එයමය. 


එහෙත් ජනතාවට මල පැන්න විට සිඳුවන දෑ මේ රටේ කිහිප විටක්ම සිඳු වී තිබුනද, එහෙම එව්වා සිඳු වුනාදැයි කියා දැන් උන්ට මතක නැත්තේය. කොටින්ම අමරකීර්තී අතුකෝරාල වැලිගම්පිටි යැව්ව එකවත් උන්ට මතක නැතිය. 


පෝට්ටුවේ ලේකම්, සාගර කාරියවසම් චොප්පෙ අයියායේ පාට් එක රඟපාමින්, පුලුවන්නම් දැන් ගහපන් කියා ගේම ඉල්ලන්නේ ඒ නිසාය. 


ගේම ඉල්ලා දවසක් යන්නටත් මත්තෙන් කැළණියේ ප්‍රසන්න රණවීරගේ ගෙදෙට්ට බැස්ටිය දුන්නේ කින්ඩියටත් එක්ක වෙන්නැතිය. කෙසේ හෝ ප්‍රසන්න රණවීර නම් එයින් පුල් හොල්මන් වෙලා ඉන්න බව නම් වොයිස් කට් එකෙන් පෙනුනෝය. වෙනදා  දැමූ අයියා පාට් ඒ අයියාගෙන් නම් අප දැක්කේ නැතිය.


කොහොමත් පාලකයෝ අපි කියන දේ අහන්නේ නැතිය. උන් කරන්නේ උන්ට ඕනෑ දේය. මැතකම සිඳුවීම් උදාහරණ ලෙස ගන්නවා නම්, 


▪️අප උන්ට වාහන ආනයනය නවත්තන්න එපා කීවේය. ඒ රටේ සමස්ත ආර්ථිකය හා ජනජීවිතය හෙවත් ඉකොනමි කල්ට් එක බැඳී තිබුනේ ඒ වටා නිසාය. ආන්ඩුවට ඉන් අති විශාල බදු මුදලක් අහිමි වන බවත් කිව්වේය. උන් ඒවා පයිසෙකට මායිම් නොකළේය. අවසානයේ රට බංකොලොත් විය. වාහන ගෙනාපු උන් ඒවා ඩබල් කර විකුණා කෝටිපතියෝ වී උන්ගේ ඩොලර් ටික හංගා ගත්තේය. ආන්ඩුවට සත පහක් ලැබුනේ නැතිය. වාහන උපංග සියල්ලෙහි මිළ ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව සියල්ලටම කෙලවී උද්ධමනය සිම්බාබ්වේ ගියේය.


▪️අප උන්ට නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නෙයි කිව්වේය. ඒ අප වැඩියෙන් මුදල් හොයන්නේ ඉන්දියාවට කරනා ප්‍රතිඅපනයන්ගෙන් නිසාය. පාලකයෝ එය හූනියන් කාරයන්ට ලියා දී ඉන්දියාව හා ආයෝජකයෝ සියල්ල තරහා කර ගත්තේය. දැන්  හූනියන්කාරයෝ ඒකේ හාබර් බත් එකට කෙළවල්ලෝ බානවාය.


▪️අප උන්ට කොරෝනා නිසා රට වහන්නට එපා යැයි කිව්වේය. මෙරට නොව පිටරට ඉන්නා ලෝකල් බක පන්ඩිතයන්ගේද කීම් අසා, මුන් රට කීප වරක්ම වසා දැමුවා පමණක් නොව, මහා විශාල චීනයේ මෙන් සිතා මේ හූණූ බෙට්ටේ පලාත් අතර සංක්‍රමනයත් නවත්තා දැම්මේය. පට්ටම සීන් එක කියන්නේ... අර උපදෙස් දුන් ගොබ්බ විශේෂඥයින් උන්න රටවල් කිසි දිනෙක වැහුවේ නැති එකය.


▪️අප උන්ට කාබනික වැඩේ හොඳ වැඩක් උනත් එක වර කරන්න එපා කිව්වේ... කහ වලට වෙච්චි වැඩේ දැකලාය. අන්තිමට මෙහේ කහ වවලා,ගලවලා, වේලලා, ගිනි කන මිළකට කඩේට එනකන් පාරිභෝගිකයාට පුප කහ කහ ඉන්න වුනේය. කාබනික පෝර ගෙන්වා ඒක ගූ නැවක් කියා හරවා යැව්වේය. උන් කළේ ලෙඩාගේ බෙල්ල කපා බෙහෙත් කිරීමය.


▪️අප උන්ට ණය නොගෙන ඉන්න එපා කියා කීවේය. දේශීය අර්ථිකයකින් කිසිදා ගොඩ යන්න බැරි බව කිව්වේ, මේ රටේ ඇති  ලබ්බක් නැති නිසාමය. උන් කිව්වේ විදෙස් ණය නොගෙන සිරිමා අම්මාගේ ඉකොනොමියෙන් රට ගොඩ දානවා කියලාය. එහෙත් අවසානයේ බංගලාදේශයෙන්ද හිඟා කන්නට වුනේය..


▪️අප උන්ට සීනීයෝරොටි මාන්දම අනුව නාකි මයිනන්ට හා ඇමතිකම් දෙන්න එපා යැයි කිව්වේය. අවසානයේ දීපූ එකාගේ අම්මට හැමිනෙන්නටත් පෙර එවා කොල්ලන්ට දෙන්න සිද්ද වුනේය. මහින්ද මහත්තයාගේ ගෝලයන්ට, වන්දිභට්ටයන්ට හා පාක්ෂිකයින්ට හොම්බෙන් නොව පුපෙන්ම යන්න වැදුනායින් පස්සේ උන්නැහේටත් හැංගෙන්නට වුනේය.


දැන් රනිල් කරන්නට යන්නේත් එවන් පිස්සු කෙලිල්ලක්මය. මේවා ඇත්ත නිව්ස්ද ජඩමාජ්ජවේදීන්ගේ ප්ලාන්ට් නිව්ස්දැයි කියන්න අප දන්නේ නැතිය. 


කෙසේ හෝ මෙය ඇත්තක් නම්, සමහර විට උන්නැහේගේ හිතේ නැවත ජනපතිවරණයකට ඉදිරිපත් වීමේ අදහසක් ඇත්තේ නැති වෙන්ට හෝ 2030 වන තෙක් චන්ද නොතියා බලයේ සිටීමේ ප්ලෑනක් තිබෙනවා වෙන්නට පුලුවනිය.


එමෙන්ම පෝට්ටුවේ දිස්තිරික්ක නායකයෝ කළ යුත්තේ ඇමති සූට් ඉස්තිරික්ක කිරීම නොව, බේරෙන් නා ගුටි කා හෙලිවැල්ලෙන් ගොස් නිවාස වාහන දේපල අහිමි කර ගත් පාක්ෂිකයින් පිරිස නැවත සංවිධානය කරගැනීමය. 


හරියට මානවම්ම සජ්ජුරුවෝ කළාක් මෙන් මේ මොහොතේ අඩියක් පස්සට ගෙන මීළඟට එන මැතිවරණයකදි තමන්ගේ ශක්තිට පෙන්වා...අඩෝ මොකෝ ඩෝ දැන් කියන්නේ කියා... කෙලින්ම ගේම ඉල්ලීමය..


එසේ නොකර .. අපි බය නෑ ඩෝ කියනා මයික් ටයිසන්ලා වී ජෝක් වීම හෝ මළ පෙරේතයන් සේ ඇමතිකම්ම ඉල්ලා සිටීම නොවේය. 


සමහරක් විට ඔවුන් එසේ කරන්නේ, අපට වඩා දේශපාලනය දන්න උන්නැහේලාට තමන්ගේ දේශපාලනයඅහවරයි කියා ඔවුන්ට දැනෙනා නිසා වෙන්නටත් හැකිය...


ඒ වගත් මෙසේය......


.

Jun 15, 2023

ආන්ඩුවේ හා පෝට්ටුවේ පැවැත්මට... රනිල් බැසිල් සහසම්බධතාවය ... අත්‍යාවශ්‍යම සාධකයකි.



ආන්ඩුවේ හා පෝට්ටුවේ පැවැත්මට...

රනිල් බැසිල් සහසම්බධතාවය ...

අත්‍යාවශ්‍යම සාධකයකි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🟥➖


රනිල්ගේ දේශපාලන අරමුණ වී ඇත්තේ,ක් 2024 නැවත ජනාධිපති වෙන එකය. ඒ සඳහා සියුම් වැඩපිලිවලක් රනිල් හා එජාප හිතවාදීන් විසින් ගෙන යන බවත්, ආන්ඩුවේ මැති ඇමතිකම් දරණ පිරිස සමඟ පෝට්ටුවේ 40 පමණ පිරිසක් දැනටමත් රනිල් හා එකතු වී ඇති බවත් තව දුරටත් රහසක් වන්නේත් නැතිය.

ඉතිරි පිරිසෙන් කොටසක්ද බා ගැනීමට රනිල් දැරූ උත්සාහයට කෙලවූයේ, පෝට්ටුවේ සීනියොරොටි පොරවල් එය වර්ජනය කළ නිසාමය. එය බැසිල්ගේ ගේමක් බව සනාත වූයේ, පෝට්ටූ ලේකම් සාගර කාරියවසම් උන්නැහේ රනිල්ගේ මූණටම දුන් ටෝක්ස් එක නිසාය.

බොහෝ අය හිතුවේ ඒ අය ආවේ නැත්තේ එයාලට ඇමතිකම් නොදීපූ නිසාය කියලාය. ඔවුන්ට ඇමතිකම් ඉල්ලා බැසිල් උන්නැහේත් කීප වරක්ම ලිස්ට් ඇරියත් කැබිනට් රීෂෆල් එකක් වුනේත් නැතිය.

2024 ජනාධිපති වෙන්න පෙරුම්පුරනා මානවම්ම රජ්ජුරුවන්ට ... මේ දූෂණ චෝදනා එල්ලවූ පොරවල් වලට ඇමතිකන් දී හත්පොලේම ගා ගැනිමේ පිස්සුවක් ඇත්තේ නැතිය. අනික මෙයාලාගේ ඇමතිකන් වලට කෙලියේ මානවම්ම සජ්ජුරුවෝ නොව.... හිටපු කිං කැකිල්ලේය (ඝෝඨා). උන්දලාට ඉතරක් නොව යුද්ධය දිණූ යුව සජ්ජුරුවන්ගෙත් (මහින්දගේ) පුපට පයින් ගහලා එලෙව්වේත් ඒ කැකිල්ලේමය.  ඒ අරගලයේ හුජ්ජා කොල්ලන්ට බයේය. 

එහෙම එලවලා මදි නිසා, මැයි 9 වෙනිදා පොරට ගේම දෙන්න ආපු පෝට්ටු බයියන්ට, අරගල වීරයන් ලවා..  බේරෙන් නාවා .. හෙලිවැල්ලෙන් යවා ... කීපදෙනෙක් වැලිගම්පිටිද යවා.. පෝට්ටු මදාවියන්ගේ මාලිගා පමණක් නොව... තමුන්ගේ අම්මා අප්පාගේ සොහොනටත් කෙලියේ ඒ කිං කැකිල්ලේමය.

විරුවෙක් කියා ගෙන ආවේ දිරච්ච කරුවක් බව පෝට්ටු බයියෝ අත්දැකීමෙන්ම තේරුම් ගත්තේ එදාය.

අනෙක් අතින් බැසිල් උන්නැහේ ඔය ලිස්ට් මානවම්ම සජ්ජුරුවන්ට යැව්වාට, සීනියොරොටි පොරවලට තබා... පාර්ලිමේන්තුවේ ඉන්න පෝට්ටුවේ හාල්පාරුවෙකුටවත් තව මැති ඇමතිකම් දෙනවාට කිසිසේත්ම කැමති නැතිය. රජ වෙන්ට පෙරුම් පුරනා නාමල් කුමාරයාද කිසිසේත්ම ඒ වැඩේට කැමති නැතිය. ඒ මානවම්ම විසින් උන්ව අනිවාර්යයෙන් නවනා නිසාමය.

එහෙත් රාජපක්ෂලාගේ මෙන්ම පෝට්ටු බයියන්ගේ ජීවිත මෙන්ම... දේපල හා හරකා බානේ සුරක්ෂිතතාවය රැදී තියෙන්නේ මානවම්ම සජ්ජුරුවන්ගේ අතේය. 

ඒ නිසා රනිල් හා එක්ව 2030 තෙක් මේ ගමන යනවා විනා... සනත් නිශාන්ත වැනි ඇඟ පුරා මොලේ ඇති අමනයන් ඉදිරියට දමා රඹ ටෝක් දී වැඩේ අල කරගෙන... රනිල්ට කෙලවී.... සජිත් බලයට පැමිණයහොත්... නැවතත් සනත් නිශාන්තලාට ඉතරක් නොව පෝට්ටු බයියන්ටත් ඉස්ම බේරෙන්නම කන්න වෙන බව නම් අනිවාර්‍ය්යි කියා ලියා තබා... මේ පල් හෑල්ල නවතා දමනවාය.


ඒ වගත් මෙසේය....

Jun 13, 2023

රනිල්ගේ ඉතිහාසය ලැක්චරය අසා ලිංගික සංක්‍රාන්තිකයින් බවට පත් ඊලාම්වාදීන්



 රනිල්ගේ ඉතිහාසය ලැක්චරය අසා 

ලිංගික සංක්‍රාන්තිකයින් බවට පත් ඊලාම්වාදීන්

➖➖➖➖➖➖➖➖➖➖➖➖😁


රනිල් වික්‍රමසිංහ දිරවන්නේ නැති දෙපිරසක් සිටිනවාය.. පළමු පිරිස දේශපාලන වශයෙන් පසමිතුරු පිරිසය.. අනෙක් පිරිස නම් 2015 රනිල් හා මතවාදීව සිට, පසුව අරගලයට එක් වී රනිල්ගේ නිවස ගිනි තැබීමෙන් නොනැවති, රනිල් තෝත් පල කියූ ටොක්සික් අරගලියන්ස් සමඟ එක් වූ ජඩමාධ්‍ය හා ජඩමාජ්ජවේදීන්ය.


රනිල් බලයට පැමිණි දා සිට කරමින් සිටින්නේ රනිල් බලයට පැමිණීමට පෙර සිටි මතයන් ඉදිරියට ගෙනයාමක් වුවද, ඒ සියල්ලටම අර පිරිස විරුද්ධ වන්නේ, රනිල්ට බැක් කරන්නේ රාජපක්ෂලාගේ පොහොට්ටුවේ අමු බයියන් වීම නිසාය.


අප නම් ඉන් ප්‍රීතී ප්‍රමෝදයට පත් වී සිටින්නේ.. ඝෝඨා බලයට ගෙනැවිත් ඉටුකරගැන්මට සිතා සිටී සියල්ල.. ඊටත් වඩා හොඳින් සිඳුවන නිසාමය.


අනුරාධා යහම්පත් යනු දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වලට විරුද්ධව ජිනීවා ගිය තැනැත්තියකි. රාජපක්ෂලා ඇයව නැගෙනහිර පලාතේ ආන්ඩුකාරවරිය ලෙස පත් කරන්නේ නැගෙනහිර පලාත සිහලකරණය කිරීමේ වැඩේටය. සහායට ඩැනී ලෙස පත් කරන්නේ වියත් මගේ ප්‍රභල සාමාජිකයෙක් වූ මහාචාර්ය මනතුංග උන්නැහේය.


උන්ගේ එක වැඩක් වූයේ රජකාළේ සිස්ටම් අනුගමනය කරමින්... ගම් නියම්ගම් සාංඝික කිරීම හෙවත් පන්සල් වලට පූජා කිරීමය. ඉන් කෙළවූයේ පරම්පරා ගනන් කුඹුරු අස්වැද්දූ ගොවීන්ට, තම වගා ඉඩම් අහිමි වීමය. ඒ සියල්ල සිඳු කළේ පුරාවිජ්ජා පනතට මුවා වෙමින්ය. සමහරක් සංඝයෝ ඒ කුඹුරු ගොවීන්ට කුළියට දී හොඳ ගානකුත් කපා ගත්තේය.


දේශපාලන වශයෙන් ඔවුන්ගේ මතය හා එකඟ නොවූවද, සානික්‍ය රාසමානික්කම් පාර්ලිමේන්තුවේ හැමදා ගිරිය යටින් කෑ ගැසුවේ... මේ දෙදෙනාගෙන් ඔහු නියෝජනය කරන ජනතාවට සිඳුවන අසාධාරණයන් ගැනය. එහෙත් මැති ඇමතිවරුන් පවා ඔහුව බයිට් එකට ගත්තා මිස... ජනතාවගේ ප්‍රශ්ණ විසඳුවේ නැතිය.


අවසානයේ ඔවුන්ගේ නායකයින් හා එක්ව ජනාධිපති වෙත මෙම ජනතා ප්‍රශ්ණ රැගෙන යන්නේය. නැගෙනහිර ආන්ඩුකාරිවරියට බඩු බනිස් වන්නේ ඒ හේතුවෙන්‍ය. 


වැල් පාලමේ යමින් සිටිනා ගෲෂා ලෙස රඟමින් සිටින රනිල් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අසඩක්ගේ චරිතයට පණ පොවන්නේ මේ අතරේය. හුණුවටයේ කතාවේ දරුවා වන්නේ අසාධාරණයට ලක් වූ ද්‍රවිඩ ජනතාවය.


රනිල් වික්‍රමසිංහ හිස්ටරි ලැක්චර් එකක් සමඟ පුකෝගේ රෙදි ගලවා දමන්නේ සියල්ලන් ඉදිරියේය. පුකෝගේ කරුමය වූයේ පුකෝ හිතන්නට ඇත්තේ රනිලුත් රාජපක්ෂලා වාගේ හාල්පාරුවෝ ලෙස අන්දන්නට හැකියැයි කියලාය. රෙද්දේම රෙවුනු ඔහු හැම ඉදිරියේ පොරොන්දු වන්නේ ... අලුතෙන් සිට වූ මායිම් ගල් ගලවා දමනා බවය.


එසේ කියූ ඔහු එලියට විත් ඉල්ලා අස්වූයේ තව දුරටත් කලසන් කෝට් ඇඳගෙන ඒ පුටුවේ ඉඳගන්නට බැරි නිසාය. ඒ හෙතුවෙන් පුපේ ඉත්තෑවන් දිවිය යුත්තේ අමු ජාතිවාදී බයියන්ගේ වූවද...


ඉන් මල පැන ඇත්තේ.. එදා රනිල්, මංගල, චන්ද්‍රිකාලා ගෙනා ICCPR ... ජිනීවා කොන්වෙන්සොන්, හියුමන් රයිට්ස්, ප්‍රෙස් ෆ්‍රඩොම්, ෆ්‍රී එක්ස්ප්‍රෙසොන්.. මයිනොරොටි රයිට්ස්.. වලට හුරේ දැමූ ලිබ්බන්ටය...


දැන් උන් ඉන්නේ කාගේ පැත්තේද කියා උන් දන්නේත් නැතිය. ගෝල්ෆේස් කූඩාරම් අස්සේ එක එකා එක්ක නිදි වැදිලා උන් දැන්නේ ඉන්නේ සංක්‍රාන්ති ලිංගිකයින් වෙලාය. 


දෙවියනි ඔවුන් කෙරේ අනුකම්පා කළ මැනව...

අපි ඔවුන් වෙනුවෙන් යාඤා කරමූ...


ආ... මේන්...!


.

Jun 12, 2023

අනන්‍යතාවට හැමනිලාම ගිය.. අරගලියෝ හා වීකල්ප ජඩමාජ්ජවේදීයෝ



අනන්‍යතාවට හැමනිලාම ගිය..

අරගලියෝ හා වීකල්ප ජඩමාජ්ජවේදීයෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖😁➖


ටොක්සික් අරගලියන්ස්ලටයි... විකල්ප ජඩමාජ්ජවේදීන්ටයි ... දිගට හරහට ඔළුව ඔල්මොරොන්දන් වෙන වැඩමයි වෙන්නේ..


දැන් උන් කියන්නේ කරන්නේ මොකක්ද කියලා උන්ම දන්නේ නෑ..


උන්... බුදුන්ට අපහාස කළ නටාෂා ICCPR පනතට එරෙහිව කතා කර කර ඉද්දිම.... බුදුන්ට අපහාස කළ දිලිත් ජයවී‍රව ICCPR පනත යටතේම ඇතුලට දාන්නෙයි කිව්වා...


උන් නෙමේ අනේ.. උසාවියත් කොන්ෆියුස්

😁😁😁😁😁


නැගෙනහිර ආන්ඩුකාරවරිය ලෙස උන්න යහම්පත් නෝනට එරෙහිව කතා කළ සුමන්තිරන් හා පල්මානිකම්ට කඩේ යමින්..


උතුර හා දකුණ වෙන් කරන්න ඕනෙයි කියපූ... ටයිගර්ස්ලට ගොල්ෆේස් එකේ පෙලපාලී ගියපු.. බොරැල්ල කනත්තේ පහන් පත්තුකරපු අරගලියොයි, විකල්ප ජඩමාජ්ජවේදියොයි...


යහම්පත් එක්ක නැගෙනහිර බෞද්ධ රාජ්‍යයක් කරන්න ගොයියෝ එලවලා පන්සල් වලට ඒවා පූජා කරපු... පුරාවිජ්ජා මහ එකා ඉල්ලා අස්වුනාය කියලා පොලොවේ පස් කනවා...


අර පල්මානික්කම්ලට... සුමන්තිරන්ලට... පාදර් ජීවන්තට... ගල්කන්දේ ගල් ආඳාට.. ඕමල්පේ සෝභිතට... කාදිනල්ට... කුරුස අප්පුහාමිට... විදර්ශන කන්නංගරට... මොනවා හිතෙනවා ඇද්ද අප්පා....


ඌ ඉල්ලා අස් වුනාම හරි නම් අඬන්න ඕන... සරත් වීරසේකරලා ... ගොඩහෑවලා... යහම්පත්ලා... ටෝච් ඉල්ලපු ජොස්තර නෝනලා... නානෙලා සහ සිහළ බෞද්ධ බලවේගේ සිකුරිටි ගාඩ්ලා හෙවත්... පෝට්ටු බයියෝ


යකෝ පෝය දවසේ ගෝල්ෆේස් එකේ කොඩිවින කලාම ඒවා ආයේ බැක් ෆයර් වෙනවා...


කට්ටඩි එව්වෙත් මැදමුලනෙන්මද මන්දා අප්පා.. 😁😁😁😁😁

.

Jun 2, 2023

තිස්ස... තිස්ස.. පෝයට මොකද කරන්නේ...? -

 


තිස්ස... තිස්ස.. පෝයට මොකද කරන්නේ...? - Poson Full Moon Day

➖➖➖➖➖➖➖➖🟦🟨🟥⬜🟧➖➖➖


තිස්ස.. තිස්ස..


කවුද ඩෝ නම කියල කතා කරන්නෙ...?


මම මේ මිහිඳු..


මොන මිහිඳුද ඩෝ කෝ සිව්රූ..?


තිස්ස මචං මම මේ මහින්ද..


DP - මචං.. අංමුවාට හුඩූ මේ අපෙ 8 වෙනි මිහිඳු නේ.. මොකෝ මචං මේ කැලේ කරන්නෙ..?


උඹ මට කෝල් එකක් දුන්න නම් මම පැලස් එකට එනවනේ..


MR - ඒක හරි නෑනේ මචං උඹ නේ දැන් රජ්ජුරුවෝ... මං අටවන මිහිඳු.. උඹ අටවන ජනපති.. ඒකත් පට්ට නේ මචෝ... ඉකිඒත් මචං උඹ තාම මුවන් පස්සෙ එලවන්නෙ මක්කටෙයි..


DP - දැන් අපි මුවාට විඳින්නෙ නෑ පඳුරට තමයි විඳින්නේ ඒ උනාට උන්ගේ අවාසනාවට මුවාටමයි වඳින්නෙ. නම මුවා උනාට මුවා වෙන්න දන්නෙ නෑ..


MR - මොනවැයි මචං මේ ගස්...?


DP - ඇයි උඹේ ගොලයන්ට කියල මේ ටිකටත් වැඩක් දෙන්නද පලයන් බං යන්න.. තොපේ එවුන් කපල කපල දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ ටික විතරයි.


MR - ඉතිං බන් උඹ තාමත් දඩයමේ යන්නෙ විනෝදෙට වෙන්න ඇති..


DP - මොන පිස්සුද මචං මේ පොසොන් වෙසක් කියලා වෙනසක් නෑ දඩයමේම තමා. මුවෝ නෙමේ හාවෝ මීමෝ කොටි වලස්සු නෙමේ හිටපු අලින්ටත් විදිනවා. මේ ළඟදි උඹේ වල් ඌරන්ට විදින්න ගිහින් ලේකමාට මලත් පැන්නා


MR - ඉතිං ඉතිං උඹ මට කිව්වා නම් මම ඕකුන් නවනවා නේ මම රජා කාළේ නැව්වා වගේ.


DP - මොන පිස්සුද බන්... දැන් උන් උඹව ගනන් ගන්නේ නෑ... බැසිල් සරණ ගිහිල්ලා ඉන්නේ...


MR - ඒක නෙමේ උඹ මේ වලවා හැංගුන වැවේ බුවාට හෙන කැත වැඩේ නේ කළේ.. ලයිට් කපලා...


DP - පිස්සුද මචං මම කරයිද එහෙම වැඩක්.. උඹෙන් පස්සේ මම නේ බං සිංහල බෞද්ධ බලවේගේ රකින්න ඉන්නේ ... එහෙව් මම කරයිද ඔය වගේ වැඩක්... දැන් ඕමල්පෙ කස්සපලා නෙමෙයි දුලීකලා කූඹියොත් බුද්ධාගම වැළඳ ගන්නවා.. කොහොමත් මේ පොසොන් කාළේ නේ.. ඒ අස්සේ මපට් ජෙරමයි කුරුස අප්පුහමීත් අහනවා අපිත් එන්නෙයි කියලා...


MR - ඉතින් මචං උඹ මොකෑ කිව්වේ...


DP - මම කිව්වා... දෙවියන් වහන්සේ අවුලක් නැත්නම්... ආලෝකය නැති වෙලාවක හොරෙන් ඇවිත් ඕමල්පේ සෝභිත හම්බ වෙන්නෙයි කියලා...


MR - ඒ උනාට මචං වලවා හැංගුන වැවේ උන්නාන්සෙට කරපු වැඩේ හොඳ නෑ හරිය...


DP - මොන පිස්සුද මචං මමයි කංචනට කිව්වේ රටේ ජනතාව හිඟන්නෝ නෙමෙයිය.. හොඳ බර කාරයොය.. උන් තව දුරටත් සමෘධියෙන් ජීවත් වෙන්න ඕන නැති සමෘධිමත් පිරිසක්‍ය... උන් හොඳට කාලා බීලා රති කෙලියේ යෙදිලා.. පන්සල් පල්ලි නඩත්තු කරන්න පුලුවන් සයිස් එකේ ඉන්නවය කියලා IMF එකට පෙන්නන්න හොඳම අවස්ථාව මේකය... ඒ නිසා බුදුන් එපාය කිව්වත් ඔය සම්මාදමේ යන්න දෙන්නය කියලා...


MR -  ඒ කියන්නේ බුවත් ඔහේගේ පොරක්‍ය... කළේ ඔහේගේ ප්‍රොජෙක්ට් එකක්‍ය...


DP - ඇයි මචං උඹට සාරන්ලා මැල්කම්ලා දාලා ගේම් දෙන්න පුලුවන් උනා නම්... මට බැරි ඇයි... ජෙරොම්.. නටාෂා.. බෲනෝ... මංජූ... වලවා දාලා ගේම් දෙන්න.... මුන් ඔක්කොම මගේ බඩු තමා... මේ ගේම් ඔක්කොමත් මගේම තමා...


ඇයි උඹ දැක්කෙම නැද්ද... රහස් පරීක්ෂක ජංගි චින්තා සහ බුකියේ ඉන්න ෂැගීලා.. ෆ්‍රෙඩ්ලා... ඩෙෆ්නිලා... වෙල්මලා.. ස්කූබී ඩූලා... වගේ අය ලියලත් තිබ්බේ.... මේ ඔක්කොම කරන්නේ රනිල්‍ය... ආයේ බලේට එන්නෙයි කියලා...


MR - ඇත්තෙයි... මම හිතුවේ බුකියේ තියෙන්නේ ආතල් ගන්න විතරෙයිය කියලා ඕයි...


ඔබ සැමට පින්බර පොසොන් දිනයක් වේවා..!!

.