.

.

Jul 30, 2022

අර්බුධයට විසඳුම මහමැතිවරණයක්ද?


අර්බුධයට විසඳුම 
මහ මහමැතිවරණයක්ද?
➖➖➖➖➖➖➖▪️

දැන් රනිල්ගෝහෝම් වෙනුවට, මේ ආන්ඩුවට අකමැති අයගෙන් මහ මැතිවරණයක් ඉල්ලලා මළ අඬෝවැඩියාව.

ඒ පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ කොහේ හරි ගුබ්බෑයමක තිබුනා. දැන් ඒවට සෙනඟ එන්නෙත් නෑ. එතනත් 25-30 ක් වගේ හිටියා.

සජබෙන් වෙනදා එන හර්ෂලා තියා සුමන්තිරවත් දැක්කෙ නෑ. හිටියේ මන්ද බුද්ධික. එයා කිව්වා මන්ත්‍රිවරුන්ට වෙන වෙනම ලියුම් යවන ජනාධිපති කෙනෙක්ගේ සර්වපාක්ෂිකයකට එයා හා සජබෙ නැතෙයි කියලා. 

කොහොමත් රනිල්ට මේ වගේ මළහෝන්තුවකට ඇමතිකමක් දෙන්න තරම් පිස්සු ඇතෙයි කියලා මම නම් හිතන්නේ නෑ. ඊට හොඳා මොන්ටිසෝරී බබෙක්ට ඒ ඇමතිකම දෙනේක.

මෙතනදි මැතිවරණයක් ඉල්ලලා පුප පොලොවෙ ගහගන්න ජෙප්පන් වෙනුවෙන් ලාල්කාන්ත කතා කරා. එයත් ආස ඇති නේ පාර්ලිමේන්තුවට ඇවිත් බයිලා ගගහා පුටු රත් කරන්න.

හැබයි මෙතනදි අරගලයට අවංකව ඇත්ත කිව්වේ පෙරට්ටන්ගේ දුමින්ද නාගමුව ඉතරයි. ඇත්තටම අරගලයෙන් ඉල්ලුවේ, සම්පූර්ණ  සිස්ටම් චේන්ජ් එකක් මිස, පවතින සිස්ටම් එක ඉදිරියටත් පවත්වාගෙන යන මැතිවරණයක් නෙමේ.

උන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් පිට බලයක්, ඒ කියන්නේ වම්මුන්ගේ මිලිටරි පාලනයක්, දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පාලනයක්.

ඒ සිස්ටම් එකේ මැතිවරණ නෑ. මාධ්‍ය නිදහසත් නෑ. උද්ඝෝෂනත් නෑ. පෙලපාලිත් නෑ.  රැස්වීමුත් නෑ. මානව අයිතිවාසිකමුත් නෑ. යුනියනුත් නෑ. වෙන පක්ෂක් නෑ. ඔක්කොගෙම පස්සත් නෑ.

රජයෙ සියල්ල පරිපාලනය වන අමු ගොබ්බ AR & FR සිස්ටම් එක එක්ක මේ රට ගොඩදාන්න බෑ කියනෙක අපි කියන්නෙත් මෙයාලා කියන්න කලින් බොහෝ කාළයකට පෙර ඉඳලා. ඊටත් කලින් වික්ටර් අයිවන් සුනන්ද දේශප්‍රිය එහෙම කිව්වා.

මේ දේශපාලන ක්‍රමය තුල ආර්ථිකයේ යම් කිසි විප්ලවයක් කලා නම්, එහෙම කරපු උන් ඒ දේ කලේ මේ ගොබ්බ සිස්ටම් පයිසෙකටවත් මායිම් නොකර ගත්ත නිර්භීත තීන්දූ තිරණ නිසා.

අනික වාමවාදි පාලනයකින් මේ රට ගොඩගන්න පුළුවන් කියාලා යමෙක් හිතනවා නම් ඌ හෝ ඈ කෙලින්ම යවන්නෝන කියුබාවට. මොකෝ රට ගොඩ ගන්න බැරි ඒ වැහි නැති හෙණ ගහන සිස්ටම් ගොඩකුත් මේ සිස්ටම් එක අස්සෙ ඔබලා තියෙන නිසා. ලොකුම කොඩිවිනේ හූනියම් හෙවත් දේශපාලන වෘත්තීය සමිති.

මේ මොහොතේ මැතිවරණයක් තියන්න පුලුවන් පරිසරයක් රටේ කොහොමත්ම ඇත්තේ නෑ. මිනිස්සුන්ට දැන් 225 නෙමෙයි, එකෙක්වත් පෙන්නන්න බෑ. උන්ට අරගල කාරයොත් අරහං.

අනික අරගලේ ඉවරයි, දැන් අර 30 අවුරුදු යුද්ධයේ ජයග්‍රහණයේ අයිතිකාරයෝ වැහි වැහැලා ඉන්නෝ වගේ, මේකටත් අයිතිවාසිකම් කියන පිරිස කුණුහබ්බ වපුරනවා. හම්බ කර ගත්ත උන් සියල්ල වමාරනවා පාවා දෙනවා...

සරළවම කියනවා නම් මෙච්චරයි....

මහ මැතිවරණයක් තියන්න වෙන්නේ මේ තියෙන සමානුපාතික මනාප ක්‍රමයටමයි..

එතකොට එන්නේ 225 ම එපා කියපු මේ පිරිසමයි. එකෙක් දෙන්නෙක් හැලෙයි. ඒ වෙනුවට ඒ ජාතියෙම උන් එයි.

ජනාධිපති රනිල්මයි.

එයා එලවන්න 2/3 ක් ඕන.

ඒ 2/3 බලය මේ මොහොතෙ පවත්වන මැතිවරණයකින් කිසිසේත්ම කාටවත්ම එන්නේ නෑ.

අනික අරගලකාරයෝ කියලා පෙන්වන ජෙප්පන්ට ලැබෙන්න තිබුන ගානමයි. 3% යි. ඒකත් ෂුවර් නෑ.

මොකෝ මැතිවරණයකට ගිය ගමන් අරගලේට අයිතිකාර කණ්ඩායම්, උනුන් එකිනෙකා මරාගෙන ඕක ජෙප්පන්ගෙ වැඩක් නොවන බව හෙලිවනවා.

පෙරටුගාමින් ඉල්ලුවත්, උන්ට එක ආසනයක් තියා රටෙන්ම ඡන්ද 20000 ක් ලැබෙන්නේ නෑ.
මිනිස්සුන්ට දැන් උන්වත් පේන්න බෑ.

උන් රට පාලනයට තියා ගෙදරකටවත් වැද්ද ගත යුතු නැති මිලේච්ඡ ගෝත්‍රික හොරු රැලක් කියලා ඔප්පු වෙලා ඉවරයි.

චන්ඩි දැන් නොන්ඩි වෙලා හැංගිලා ඉන්නේ.

අරගලේට ඇවිත් පිම්බිච්ච අනික් පොලිටික්කන්ට නම් මනාප ටිකක් වැඩිවෙයි..

ඒ වගේම ඔතනට ඇවිත් චරිත වෙච්චො ගල් ආඳෝ කිහිප දෙනෙක් මහ පක්ෂ වලින් පාර්ලිමේන්තු එයි.

හැබයි එක දෙයක් නම් ටක්කෙටම වෙයි...

කිහිප දෙනෙක් ඝාතනය වෙලා...
ඉතිහාසයේ තිබූ කෲරතම ප්‍රචන්ඩ මැතිවරණය වෙයි.

හිතන්න එපා මහින්දගෙ, රනිල්ගේ, සජිත්ගේ මැරයෝ මේ අයට බයේ හැමදාම හැංගිලා ඉඳියි කියලා...

උන්ට අවස්ථාවක් ලැබුන ගමන් උන් ඉන්නේ රිටර්න් එක දෙන්න බලාගෙන...

නම් ගම් ඇඩ්‍රස් පොලිසියෙන්ම අරගෙන, ලැයිස්තු ගත කරලා ලිස්ට් හදලා ඉවරයි....

එවරි ඇක්සොන් හෑස් ඒ රියැක්සොන්..

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ටේන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමනෙවති
චක්කංච වහතො පදං

(ධම්ම පදය යමක වර්‍ගය)

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුය. ඒ ගති සිතම ශ්‍රේෂ්ඨකොට පවතින්නෝ ය. සිතින්ම උපදින්නෝ ය. 

ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියයි නම්; කරයි නම් කරත්තය අදිනා ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබඳී. 

ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ .....!

® Priyantha Hewage Maathalan 
.

Jul 24, 2022

ඩිප්ලොමැට්ටියෙකුට ප්‍රොටෝකෝල් කියාදුන් රනිල්..


ලංකාවේ ජනපති ලෙස උන්නේ යුද්ධය ජයගත් මහින්දගේ කීර්ති නාමයත් පීචං කළ ජනාධිපතිවරයෙක් බව දැන් මුලු ලෝකයම දන්නවාය. හුජ්ජා කොල්ලන්ට බියේ පැනගිය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී විධායක ජනාධිපතිවරයෙක් ලෝකයේ ඉන්නවාදැයි මා දන්නේ නැතිය. (ඒකාධිපති පිස්සෝ නම් කීප දෙනෙක්ම ඉන්නවාය)

උන්නැහේගේ ඔය ඕවර් ඩෝස් ප්‍රජාතන්තරවාදේ නිසා, ගෑණුන් විසින් උන්දැව දර මිටි බඳින්නට ගන්නා බව අප කිව්වේ, පිස්සු හෝන්තුවක් වන මෙත්තිකා විතානගේගේ බයිලා වලට නටන්නටත් කලින්ම ඉඳලාය.

ඒ කිව්වා වගේම, ඇමරිකාවේ සිට පැමිණි අළුත් ඇම්බැසිඩර් ජූලී චන්ග් නෝනා එම්බසියේ කෑවායින් පස්සේ ඩෙසර්ට් එකට ගත්තේ ඝෝඨාය. ඝෝඨා බය කරන්න ඇමරිකාවේ ඉන්නා ලොකු ලොකු ඩොප්ලොමැට්ටලා මැට්ටිලා ඔක්කෝම ගෙනත්, ඝෝඨාගේ ඔලුවට අත හේදුවේය. කොටින්ම ඝෝඨාගේ අවසන් සති කීපයේ රට පාලනය කළේ ඝෝඨා නොව ජූලී චන්ග් නෝනාය.

එයාලාගේ ප්ලෑන් එකේ පළමු පියවර හෙවත් ඝෝඨා එලවා දැමීම සාර්ථක වුවත්, දෙවෙනි වැඩේ උන්දැට ඕන විදියට කරගන්න පාර්ලිමේන්තුවේ පෝට්ටු බයියෝ ටික ඉඩ දුන්නේ නැතිය. උන් ජූලී චන්ගේ නෝනාගේ රූකඩ වූ, සජිත් හා ඩලස්ලාට රෙද්දේම රෙවෙන්න දී තනි අලියා ලංකාවේ ජනාධිපති කළේය.

 හිතේ අමාරුවෙන් උන් ජූලී චන්ග් උන්දෑ, ඇමරිකාවේ CIA ලොක්කා ලවා ලංකාවට කෙලවූයේ චීන ණය නිසා යැයි කියා පත බොරුවක් අත ඇරුයේය. ඇමරිකාවෙන් දෙන ඕන දිරච්ච ලණුවක් ගිලින්න බලාගෙන ඉන්නා, පරාජයෙන් වියරු වැටි සිටින ජඩමාද්දියවේදියෝද, බුකි මාද්දියවේදියෝද මෙය උඩ දමාගෙන ගැහුව අතර, මේ එක හාල්පාරුවෙක්කත් ලංකාවේ චීන ණය ප්‍රමාණය, ජපන් ණය ප්‍රමාණයටත් වඩා අඩු බව දැන උන්නේ නැතිය.

අඬන්න බලාගෙන උන් ජූලී නෝනාට උඩ පැන පැන අඬන්න පින පෑදුනේ, රනිල් වැඩ බාරගත් දිනම මහ රෑ ජනාධිපති ලේකම් කාර්‍යලය බලෙන් අල්ලාගෙන උන් ත්‍රස්තවාදීන්ට නෙලීමෙන් අනතුරුවය. එයා නැව් ගුටි නිමවෙන්නටත් කලින්, කුකුලා කක්කා ඩුඩුල් ඩූ කියන්නත් කලින්, ට්වීට් තුනක්ම දමා කිව්වේ, ගෝල්ෆේස් එකේ ඉන්න බබාලාට උයියා කරන්නට එපා, ඒක ගැන එයා මාර විදියට කන්සර්න්‍ය කියලාය. ඒ කියන්නේ රනිල් ඔයා පිස්සු නම් කෙලින්න යන්න එපා, අයි ඈම් ඒ නෝටී ගර්ල් කියලාය.

මේකෙන් උද්දාමයට පත් ෆේස්බුක් හාල්පාරුවෝ... හානේ බලන්නකො අනේ... රනිල් පටන්ගන්නකොටම නාගන්නනේ යන්නෙ අනේ.... එයා ජාත්‍යන්තරයෙන් කොන් වෙලා නේ  . තාම කවුරුත් එයාට විෂ් කලෙත් නෑ නේ... කිස් කලෙත් මෛත්‍රී නෝනා විතරනේ.... එයා ඩිප්ලොමැටික් දන්නෙත් නෑ නේ..... ප්‍රොටෝකෝල් දන්නෙත් නෑ නේ... කියා, රනිල්ට ඒවා කරනාකාරය ගැන ලැක්චර්ස් දුන්නේය.

හැබැයි ජූලි චන්ග් නෝනා වගේම මේ හාල්පාරුවොත් නොදැන උන්නේ, ජේ ආර් ගෙන් හා පියානෝගෙන් දේශපාලනය හදාරා, වසර 45 ක ඇක්ස්පීරියන්ස් ඇති රනිල් උන්නැහේ, ඩිප්ලොමැටික් ඉතරක් නොව පොලිටිකල් ඇරිත්මැටික් වලත් කෙල පැමිනියෙක් බවය.

වහ වහාම ඊයේ ඩිප්ලොමැට්ටෝ හා මැට්ටියන්ගේ රැස්වීමක් කැඳවූ රනිල් උන්නැහේ, පුද්ගලයෙක් නම් නොකර හීනියට සියල්ලන්ටම කියා ඇත්තේ, 

⭕ මීට පස්සෙ අපේ රටේ ප්‍රශ්ණ ගැන ට්වීට් ගගනවා නම්, සිද්ධිය පිළිබඳ වගකිවයුතු පාර්ෂව වලින් විමසීමෙන් පසුව වගකීමකින් ඒවා කරන ලෙසත්, 

⭕ තමුන්ගේ රටේ ජනාධිපති ලේකම් කාර්‍යාලයට, මර්මස්ථානවලට මෙහෙම දෙයක් උනොත් කරන්නේ බකං නිලාගෙන රිලව් නලවන එකද කියාත්, 

⭕ මොවුන්ට ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් පිටවන ලෙස ඉල්ලා සිටී මුත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් කල් මැරූ බවත්, ඇමරිකාවේ කැපිටල් බිල්ඩිම ආක්‍රමණය වෙලේ සිඳුවූයේ කුමක්ද කියාත්‍ය.

එයින්, ජූලි චන්ග් නෝනට රෙද්දේ රෙවුනාද කියන්න දන්නේ නැති නමුත්, මේ ඉන්නේ ඝෝඨා වගේ හාල්පාරුවෙක් නොවනා බව නම් අනිවාර්‍යයෙන් ඉගෙන ගන්නට ඇතිය.

හායි හූයි ගෑ අපේ හාල්පාරුවන්ට නම් මට කියන්න තියෙන්නේ, රනිල් දුන්නේ නියමම ගේමක් බවය. බැරි වෙලා හෝ අරුන් යනකන් උන්නා නම්, ලෝකයම හිතන්නේ මෙයත් අරයා වගේම හාල්පාරුවෙක් බවත්, රට පාලනය කරන්නේ අරගල හිඟන්නෝ බවත්‍ය.

රනිල්ගේ ගේම කෙතරම් සාර්ථකද යත්, අපේ හිතවත් සී ජින් පින් මහතාගෙන් හා චීන ජනතාවගෙන් සුභ පැතුම් එන්නේ ඉන් අනතුරුවය. උන්නැහේ කියලා තියෙන්නේ අපි ෆුල් සප් එක දෙනවා කියලාය. රනිල් ඒ වැඩේට ඉන්නා සොලිඩ්ම බඩුව දාලාත් අහවරය.

ලෝක නායකයෝත් ඉන්වෙස්ටර්ලාත් ඉල්ලන්නේ ඝෝඨා වගේ පීචං පොරවල් නොව, ජේ ආර්, රණසිංහ ප්‍රේමදාස, මහින්ද වාගේ කොන්දක් ඇති නිර්භීත නායකයෝය. ආධාර හා ඉන්වෙස්ට්මන්ට් එන්නේ රට ස්ථාවර කළ හැකි නායකත්වයක් හා ආන්ඩුවක් තිබුන විටය.

ජේ ආර්ගේ කාළයේ රාජ්‍ය සේවකයින් රැකියාවල් වලින් එලවා, යූනියන් කාරයන්ට, කලාකාරන්ට, ඝනයාට  එලව එලවා ගහද්දි, ආයෝජකයෝ වැල නොකැඩී ආවේත්, මහවැලියට හා අනෙකුත් සංවර්ධන වැඩ වලට ආධාර ආවෙත්, බබා හුකුං කරන්න ගිය නිසා නොවේය.

දකුණේ ත්‍රස්තවාදීන් අමානුෂික ලෙස සුනු විසිණු කර දැමූ කෲර පාලකයකු වූ ප්‍රේමදාසට, ඉන්පසු රට ගොඩනැගීමට ආධාර හා ඉන්වෙස්ට්මන්ට් ගලාගෙන එන්නේත්, ඇඟළුම් කර්මාන්තය රටේ ප්‍රධාන ආධායම වන්නේත්, රාජ්‍ය නිළධාරීන් තියා එකෙක්කත් පයිසෙකට මායිම් නොකල නියම නායකයකු වූ නිසාය.

ඉන් පසු කොටින් හා දීග කමින් සිට ප්‍රභා බේරාගන්නට ආ ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශයේ කුෂ්නර් කාරයා ඇඹිලිපිටියට ගෙන්වා, පරිප්පු එක්ක ආප්ප දී, මේක තව දුරටත් තමුසෙලාගේ යටත් විජිතයක් නොවන බවට හොඳට මතක හිටින පාඩමක් කියා දී, යුද්ධය නිම කළ නිසාවෙන්, රටවල් සෑහෙන ප්‍රමාණයක් ආයෝජනය කිරීමට එන්නේත්, ආර්ථිකය බලා සිටියදි ගොඩ යන්නෙත් එවන් නිර්භීත නායකත්වය නිසාය.

එමෙන්ම ගුණත් නැති අගුණත් නැති සැටලයිට් නෝනා, පඹ සිරා හා ඝෝඨාගේ කාලයේ බව්වෙක් වත් මේ පැත්ත පලාතේ නොඑන්නේත් ඇයි කියා දැන්වත් දැණුම් විය යුතුය...

ඒ නිසා ජූලී චන්ග් නෝනාටත් අපේ හාල්පාරුවන්ටත් කියන්නට තියෙන්නේ, රනිල්ට පොඩ්ඩක් කරගන්නට දී අයිනක් අල්ලගෙන බලාගෙන ඉන්ටෙයි කියලාය.

නාගන්නා එක හෝ ගොඩ යන එක රනිල්ගේ වැඩක් මිස අපේ වැඩක් නොවේය...


ඒ වගත් මෙසේය.....

.

By - මාතලන් යකා

Jul 22, 2022

මෝඩයෝ නොවී දැන්වත් ගෙදර පලයල්ලා

 


මෝඩයෝ නොවී

දැන්වත් ගෙදර පලයල්ලා

➖➖➖➖➖➖➖➖➖


ඊයේ කොටුව ඉට්ටේසම ඉස්සරහා උද්ඝෝෂණේ ඉඳලා ගෝල්පේස් එකට පෙලපාලියෙන් ගිහින්...,


නේවී එකෙන් අම්බානට කාපූ උන් අතරේ..


වසන්ත සමරසිංහ

මහින්ද අබේසිහ

ජෝෂප් ස්ටාලින් 

කුමාර් ගුණරත්නම් 

දුමින්ද නාගමුව

පුබුදු ජයගොඩ

ලහිරු හෝ

මුදලිගේ


යන අය අතරින් කවුරුන් හෝ උන්නොත්..

අටපට්ටමට කියන්නම ඕන හොඳේ...


ඒ වගේම

22 පාන්දර ගෝල්ෆේස් නෙලපු වෙලාවේ

ඒ අය අතරත්...,


අර පිරිසෙන්ම කෙනෙක් හෝ

කාදිනල්

බෝනගේන් සෝභිත

පීරිස් පාදිලියා

රැට්ටා

කුරුස අප්පුහාමි

මහඋල්පත්ගම කූඹීයා

ජෙහාන්

යූ ටියුබ් හිඟන්නෝ

නන්දා මාලනී

වික්ටර් රත්නායක

ෂෙහාන් මිහිරංග

සමනලී

සන්නා

මෝටිවේසමා 

පැතුම් කර්නර්

දමිතා

දුලීකා

යන අයගෙන් කෙනෙක් උන්නොත් 


එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට කියන්නම ඕන හොඳේ....


උඹලා කරන්න ආපු වැඩේ ජයගත්තා

ඒක සුපිරි ජයක්

ඝෝඨා එලෙව්වා

රාජපක්ෂ පවුලම අයින් කලා...


හැබයි අරුන් ඔක්කොම උන් ඕවා කරන්නේ උන්ගේ රස්සාව විදියට...

උන්ගේ ගිණුම් පිරෙන්න ඩොලර් එනවා..

කෙල වුනෝතින් පිටරට වීසා ලැබෙනවා ආධාරත් එක්ක.

එහෙම ගිය උනුත් මේවට උදව් කරනවා

නැත්නම් උන්ගේ දීමනා අත් හිටවනවා...


සුනන්ද

උවිඳු

වෙඩ්ඩා 


කියන්නේ මේ වගේ චරිත...


උඹලට මොනවද ලැබුනේ..

නැව් ගුටියි කුඩාරමුයි විතරයි..

ඔය ඔක්කොම හතරවටේ තරු හෝටල්වල සැප ගත්තා...

උඹලට නෙලනවා උඩ ඉඳන් බලාගෙන උන්නා..

රජ්ජුරුවෝ උඩයි උඩයි

මිටි කොල්ලෝ බිමයි බිමයි කියලා...

උන් උඹලට හිනා වුනා...

පහුවදා උදේ ඇවිත් ආයෙත් වොයිස් කට් දීලා වීරයෝ උනා..

හරිනම් උඹලා නෙලන්න ඕන 

කුණුහබ්බ කියන්නෝන ඕකුන්ට..


ඉතින් උන් ජීවත් වෙන්න.. 

රනිල් තෝත් එපා කියනවා...

රනිල් එලෙව්වොත්...

දිනේෂ් තෝත් පල කියනවා...

දිනේෂ් එලෙව්වම සජිත් තෝත් පල කියනවා

ටික කාළෙකින් ඩලසුත් ද්‍රෝහියෙක් කියනවා..

ඔය මක්කත්ම නැත්නම්..

අජ්ජාපනේට වෙන් කරන ප්‍රතිශතේ වැඩි කරපිය කියනවා..

මක්කත්ම නැත්නම් 

මයිසූර්වල පරිප්පුයි

බොම්බේ ළූණූයි එපා කියලා පෙලපාලි යනවා..

ඉතිහාසයේ ඉඳන් එහෙමයි...

නැති බිල්ලෝ මවනවා

ඇමරිකන් අධිරාජ්‍යවාදියාගේ ප්ලග් එක ගලවනවා..

ප්ලග් එක ගලවන්න ගිය උන් වැලිගම්පිටි යනවා...

ප්‍රොපගැන්ඩා එකේ නිර්මාතෘ පාර්ලිමේන්තු යනවා

ඊට පස්සේ පරම්පරාවම ගොඩ යනවා..


මේවා ඔය පොරි හැලෙන්න කන කොල්ලෝ කෙල්ලෝ දන්නේ නෑ...

ඔය මහපොල ලබන කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ දන්නේ නෑ..


කුමාර් ගුණරත්නම්ගේ මුළු පවුලම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.. නෝනා දොස්තර.. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා එහේ..


අනුර කුමාරගෙ පුතා නයිට් ක්ලබ් යන කාලා බීලා ආතල් එකේ ඉන්න එළ කොල්ලෙක්..


දේශපාලන බල මණ්ඩලේ ඉන්න ඔක්කොගේම දරුවෝ පිටරට... හොඳට ඉගෙන ගන්නවා..


මොකෝ උන් දන්නවා තාත්තලා මේ කරන්නේ රස්සාවක් කියලා....


ඒ දරුවෝ ඔය උද්ඝෝෂණයකට පෙලපාලියකට එනවා උඹලා ජීවිතේට දැකලා තියෙනවද?


ඔය ලහිරුලාට 

මුදලීගේලට ඉගෙන ගන්න ඕන නෑ..

උන්ව නඩත්තු කරන්න වෙනම උන් ඉන්නවා..


ඒ නිසා මෝඩයෝ වෙලා උන්ගේ බිලි බෝයිස්ලා වෙන්න එපා...


උන්ට විප්ලව දිනන්නවත්,

බලය ලබා ගන්නවත්

කිසිම ශක්තියක්, හැකියාවක් හෝ වැඩපිලිවලක් නෑ කියලා දැන් පෙන්නලා ඉවරයි...


දැන් ගෙදර පලයල්ලා...

ගිහින් මේ දේවල් ඇත්තද බොරුද කියලා 

උඹලගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන

වෛරය මිලේච්ඡත්වය පුරවලා තියෙන

ඔලුගෙඩි වලින් ආයේ හිතපල්ලා..

මොළයක් දීලා තියෙන්නේ

කාගෙවත් රොබෝලා වෙන්න නෙමේ

බුද්ධිමත්ව හිතන්න...


හොඳින් ඉගෙනගනිල්ලා...

විශේෂයෙන් කලා විශයන් කරන උන්

කැම්පස් එකේ මළහත්තිලව් වලට පිටින්

නවීන ලෝකයේ කුමක් හෝ විශයයක් ඉගෙන ගනිල්ලා.

ඒවට මහා ළොකු වියදම් යන්නේ නෑ.

උඹලට ඉගෙනගෙන ජීවිතේ ජයගත්ත මිනිස්සු ඕන නම්

සන්නස්ගල හා නදීෂා චන්ද්‍රසේන

උදාහරණවලට ගනිල්ලා...


ආයෙත් කියන්නේ...

දැන් ගෙදර පලයල්ලා...

බැරි නම් ...... 

ඕන විගඩමක් නටා ගනිල්ලා...


ඉස්ධූතී...නන්ඩ්‍රෙයි... ටෑන්ක්ස්.. හොඳේ ...!


.

ඩිප්ලොමසි හා ඉකොනමි නොදන්නා මෝඩයකුට වඩා, පරිනත අවස්ථාවාදී කපටි නරියකු බලයට පත් වීම් වඩාත් යහපත් වේ.

 


රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ලබාගත් ජයග්‍රහණය සියළුම විදෙස් මාධ්‍ය ආයතන වාර්ථා කරණුයේ ඉතා පක්ෂග්‍රාහීව බව, මේ දිනවල ඒවා නැරඹු, කියවූ, ඕනෑම මධ්‍යස්ථ පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිය.

ඊට ප්‍රධාන හේතූන් දෙකක් මාතලන් දකින්නේය. 

පළමු කාරණය මේ මාධ්‍ය ආයතන සියල්ලේම පාහේ දේශීය වාර්ථාකරුවන් කොටි හිතවාදීන් වීමය. 

දෙක ඔවුන් සියල්ලෝම අරගලයෙන් ගිනි කන වැටුන දේශීය ජඩමාජ්ජවේදීන් මෙන්ම රාජපක්ෂ විරෝධීන් වීමය.

සියල්ලෝම වාර්ථා කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ජනතාව පිලි ගන්නේ නැති බවය. ඔවුන් මේ ජනතාව කියා කියන්නේ අරගලයේ ඉන්නා ඔවුන්ගේ නියෝජිතයින් හා හිඟන්නන්‍ය.

එම නිසා ඔවුන්ට රට පුරා කිරිබත් කන, රබන් ගසන, කොඩි බැනර් එල්ලන, රතිඤ්ඤා දල්වන, ජයග්‍රහණය නිසා නැවත පිබිදී ඇති එක්සත් ජාතික පාක්ෂිකයින් පේන්නෙම නැත. ඇත්තටම නොපෙනෙනවා නොදන්නවා නොව, ඒ සත්‍යයය ලොවට කියන්නට බැරිය.

ඊයේ ගංගාරාමයට පැමිණි විදෙස් මාධ්‍යවේදියා රනිල්ගෙන් කන රත්වෙන්න මාධ්‍යකරණය ගැන අසාගන්නේ, ඔබ රාජපක්ෂලාගේ හිතවතෙක් නේද යන්න විමසීමේ හේතුව නිසාය. ඇත්ත වශයෙන්ම මොහු විදේශීය මාධ්‍යවේදියකුද යන ප්‍රශ්ණය මට ඒ මොහොතේම පැන නැගිනි.

මොහු සඳහන් කරනාකාරයට දේශපාලනය කල යුත්තේ ජෙප්පන් මෙන් නයි වෛරක්කාරයයින් ලෙසද? දේශපාලනය තුල සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැත යන ප්‍රසිද්ධ කියමන හෝ මොහු නොදන්නේද?

අනෙක් කරුණ නම්, පසුගිය යහපාලන සමය තුල රාජපක්ෂ පවුලේ බොහෝ පිරිසක් මෙන්ම හිතවතුන් හා නිළධාරීන් සිරබත් කෑ බවවත් මොහු නොදන්නේද? මෙවන් ගොබ්බයන් විදෙස් මාධ්‍ය ආයතන තුලත් සිටින්නේද? එසේ නොවන්නේ නම් මේ යන්නේ වෙනත් ඇජෙන්ඩාවක්ද?

කෙසේ හෝ ජාත්‍යයන්තරයේ රනිල් වික්‍රමසිංහ පිළිබඳ යන ප්‍රචාරයන් ගැන සැලකිලිමත් වීම වහාම ආරම්බ කළ යුතු අතර, දේශීය නියෝජිතයන්ගේ පැටිකිරිය පිළිබඳවද සොයා බැලීම ඔහුගේ අනාගතය සඳහා සුභ දායකය.

කොටි ඩයස්පෝරාව රාජපක්ෂ විරෝධි කඳවුරේ නියෝජිතයා වූ ඩලස් අලහප්පෙරුම දිනවීමට කළ හැකි සියළුම උපක්‍රම යෙදූ බව අද වන විට රහසක් නොවේ. සජිත් තරඟයෙන් ඉවත් වූ පසු ඔවුන් සියල්ලන්ගේම අවසන් රැස්වීම පැවැත්වෙන්නේ, රටෙන් තුනෙන් දෙකක් ඉල්ලන, කැමෆ්ලාජ් වෙනුවට ටයි කෝට් අඳින, කොටි මහත්වරුන් සමඟ වීමත් අද රහසක් නොවේ.

ඉඳින් ඔවුන් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයෙන් උන්මතකයින් වීම පුදුමයක්ද?

අනෙක් අතට තරඟයට ඉඳිරිපත් වූ තරඟ කරුවන් තිදෙනාගෙන් එක් අයෙක් බඩ රස්සාවට දේශපාලනය කරනා විකටයකු වනාතර තරඟය පැවතුනේ දෙදෙනෙකු අතරය.

එය රාජපක්ෂ හා පොහොට්ටු විරෝධී කඳවුරේ මෙලෝ අලබෝලයක් නොකල අකුරු වලින් හා වචන වලින් කැටයම් දමනා ඩලස් සහ අවුරුදු 45 ක් දේශපාලනය තුල පරිනත, නියෝජ්‍ය ඇමති, ඇමති මෙන්ම අගමැති දූරයේත් අත්දැකීම් ඇති, විරුද්ධ පාක්ෂිකයින් අතර පවා ඇවිදින මොළයක්, දැණුම් ගබඩාවක්, විදේශයන් පවා පිලිගන්නා ලිබරල්වාදියකු ලෙස හඳුන්වන පක්ෂ නායකයකු අතර පැවති සටනකි.

අනෙක ඔහු ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය බාරගත් නිර්භීත නායකයෙකි. දේශපාලනමය වශයෙන් දෙදෙනා සම කළහොත්, ඇරිස්ටෝටල් හා මර්වින් සිල්වා සමකිරීමක් වැනිය.

රටේ ඇති අර්බුධය රාජපක්ෂ පවුල නොවේ, ලංකාවේ සියල්ලෝම රාජපක්ෂ පවුල වගේ වෙන්නට ගොස් ඇතිකරගත් ආර්ථික අර්බුධයකි. ඒවාට පිලියම් යෙදීමට රදම්පල සිට පැමිණ තාත්තා බුලත් විඩ කෑවා යයි කියමින් හඬනා ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා ගැමියකුට කිසි දිනෙක කල නොහැකි දෙයකි.

ඊට සුදුසු වන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන්හී නිපුන රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයකුමය. IMF ප්‍රධානීන් ආධාර වැඩසටහන වහාම ආරම්බ කළ යුතුයැයි කියන්නේ ඒ නිසාය.

මේ රනිල් ලද අවසාන අවස්ථාවය. ඔහුගේ රිගේනින් ශ්‍රී ලංකා ආර්ථික වැඩ සටහන හා එජාපයේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් තම මාමා මෙන් මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්ම ඔහුට ඇති එකම අභියෝගය වන්නේය.

Jul 19, 2022

විමල්ගේ අරමුණ ඩලස් තුලින් ඉටුකරගැන්ම හෙවත් සජබය ඩැහැගැනීමේ කුමණ්ත්‍රණය.


විමල් ඩලස් එකතුවේ දේශීය අනුග්‍රාහකයා දිලිත් ජයවීර වනාතර, විදේශීය සාදර අනුග්‍රහය චීන සමුහාන්ඩුව බව අප කී දෑ අද මහපොලොවේ සත්‍යයන් වී හමාරය.


මෙහිදි අප වඩාත් විමසිලිමත් විය යුත්තේ ඩලස්ගේ ඉදිරිපත් වීම නොව, මේ තුල ක්‍රියාත්මක වන විමල්ගේ භූමිකාවයි. විමල්ට රටේ නායකත්වයට පත්විමේ තද බල ආශාවක් තිබෙනා බව කාටත් පැහැදිලිය.


ජවිපේ තුලින් විමල් එලවා දැමීමට තීරණය කරන්නේත් මේ හේතුවෙනි. එහිදි ඔහුගේ කුමන්ත්‍රණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සංධාන ගතව එහි බලය ඩැහැගැනීමයි. ඊට ජවිපේ සෝමවංශ මෙන්ම අනෙක් අයද එකහෙලා විරුද්ධ වන්නේ, ඔවුන්ගේ දේශපාලන අරමුණ වෙනත් එකක් වන හේතුවෙනි.


2005 දී මහින්ද බලයට ගෙන ඒමට ක්‍රියාකල ජවිපේ, මහින්දගේ යුධ බජට් එක පරාජයට පත් කිරීමට යන්නේත්, විමල් ඊට එරෙහිව පක්ෂයේ 50% පමණ කුට්ටියකුත් කඩාගෙන ගොස් ජනිපේ නායකයා වී, මහින්දගේ අගසව් හෙවත් ලොකු පුතා වන්නේත් මේ හේතුවෙනි.


ඉන්පසු 2012 මහින්ද විනාශ කිරීම ආරම්බ කර, මහින්ද මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලීමේ නිර්මාතෘ වන්නේද විමල්මය. ඒ බැසිල් හා පී බී සමඟ ගේමක් ඇදගෙන ආර්ථික ඝාතකයා නාටකය රඟදක්වමිනි.


එහිදි අතන මෙතන පනින රතන හා පාඨලි පමණක් ඊට එක්ව, පසුව යහපාලන ජෝගියේ සාමාජිකයින් වූවද, විමල් ඊට සහභාගී නොවන්නේ, මහින්දට කෙල වූ පසු මහින්දගේ බයියන් සියල්ලෝම තමන්ගේ ග්‍රහණයට පහසුවෙන් ගත හැකි බව ඔහු දැනගෙන සිටී බැවිනි.


එය කෙතරම් සාර්ථකව සිඳු කලේද යත්, මැදමුලනේ පැත්තකට වී සිටී මහින්ද මහත්තයා චක්කාට අන්දාගෙන, නුගේගොඩට උස්සාගෙන විත්, බයියන් නැවත බලයට ගෙනාවේ විමල් වීරවංශ බව අදටත් පනිට්ටු බයියන්ගේ විශ්වාසය වනාතර, උන් කියන්නේ පුලුවන්නම් විමල් නැතුව මහින්දලාට දිනලා පෙන්නනෙයි කියලාය.


එහෙත් විමල්ගේ මේ සැලසුම දුටු ජොනී හා ප්‍රසන්න, ඇමරිකාවේ උන් බැසිල් මෙරටට ගෙන්වා, අළුත් පක්ෂයක් බිහි කර, විමල්ගේ ජාතික නිදහස් පෙරමුණෙන් චන්දයට ඉදිරිපත් වීම වලක්වමින්, බයියන්ටම වෙන්වූ පොහොට්ටු පක්ෂය නිර්මාණය වන්නේ ඒ අනුවය.


එය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත් අතර, බැසිල්ලා සමඟ තම සිහිණිය සැබෑකර ගත නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු, නැවත වරක් රාජපක්ෂ පවුල බේද බින්න කොට, අවලස්සන ඇමරිකානූ නාට්ටිය රඟ දක්වමින් ඝෝඨාත් ඩැහැගෙන දාන්නට ගිය සෙල්ලම බැසිල් විසින් කුඩුකර දමන්නේ, ඇමතිකම්ද නැතිකර පුචට පයින් ගසා දොට්ට දැමීමෙන්‍ය.


ඇත්තටම ඝෝඨා විනාශ කළේ වෙන කවුරුවත් නොව මුලින්ම "2025 ඝෝඨා ජනපති විමල් අගමැති" සිහිණය ඝෝඨාගේ ඔලුවට දැමූ විමල් වීරවංශය. මහින්ද හා ඝෝඨා විරසක කළේද ඔහු වනාතර, මෙවන් ගේම් වලට ප්‍රසිද්ධ ඩලස් ඒවාට උපරිම සහයෝගය දුන්නේය.


ඉන්පසු පුලන්නන් කිහිප දෙනෙක් හා ස්වාධීන කණ්ඩායම් විගඩමක් සාදාගෙන, ඩලස් හා එක්ව දැන් කරන්නට යන්නේ, 


පොලිට්‍රික්ස් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා, ජනප්‍රිය තීන්දූ තීරණ ගෙන අවසානයේ නාගන්නා, සජිත්ගේ ලක්ෂ 55 ක් පමණ වන පන් ටොයියන්ගේ ඡන්ද ප්‍රමාණය ඩැහැගැනීමක් බව සජිත්ට තේරුම් කර දීමට,


ඒ පක්ෂයේ ඉන්නා ෆොනී, රාජිත, කිරිඇල්ල තබා තිස්ස අත්තනායකටවත්, මහින්දගේ ගෝලයන් වූ ජොනීට, ප්‍රසන්නට තිබූ දේශපාල ඉව නැතිවීම කනගාටුවට කරුණකි.


සජිත් අද දින ගත් මේ අමන තීන්දුව ගැන අනාගතයේ කනගාටු වනු ඇත්තේ, ඒ යන පිරිසද, හරීන් හා මනූෂ මෙන්ම, "ආසයි බයයි" ලේබලය ගසා පක්ෂය හැර යන දිනයේය.


ඒ වගත් මෙසේය.....

.


Jul 18, 2022

හිතවත් සජිත් මැතිතුමා වෙත,

 


හිතවත් සජිත් මැතිතුමා වෙත,

➖➖➖➖➖➖➖➖➖➖➖


සෙත් වේවා,


ඔබ තුමාගේ සැප දුක් කෙසේද, නිතරම ආසයි බයයි ලෙඩේ හැදිලා අසනීප වෙන නිසා, මේ ගින්විජ්ජුම්බරේ අහවර වෙනකන් ඉහෙන් බහින රෝගයක්, අතුරු ආන්තරාවක්, කරදරයක් උපද්‍රවයක් සිඳු නොවේවා කියා මුලින්ම පතනවාය.


එක එකා කියන ඒවාට බයේ ඔබ තුමා ජනපති තරඟෙට ඉදිරිපත් නොවී ඉන්න ඕනෑ නැතිය. බය, බව්වාට දමා, ඔබ තුමා අනිවාර්‍යයෙන් මේකට ඉදිරිපත් වෙන්න ඕනෑමය.


මොකෝ ඔබතුමා ජනාධිපති වෙනකන් මක්කු නැතත් මේ රටේ කාන්තාවෝ බලාගෙන ඉන්නේ, ඔබතුමා නොමිළේ දෙනවා යැයි කියූ පෑඩ් අඳින්නටය. එහෙම ඇඳලා ඒවා පෙන්න පෙන්න යන කොට බයියන්ට වෙන්නේ පොලොව පලාගෙන ඔබ තුමාගේ පියානෝ ගිය දිහාවට යන්නටය.


ඒ දුන් කප්පරක් පොරොන්දු පැත්තක තබා, දැන් ඔක්කොම බලාගෙන ඉන්නේ මෑතකම ඔබ තුමා දුන්න පොරොන්දුව දිහා බලාගෙනය.


ඒ රටවල් තුනකින් මාස හයක් යනකන් නොමිළේ දෙනවා යැයි කියූ පැස්ටෝල් හා ඩීසල් ටික ගන්නටය. කංචන ලොක්කා පෝලිමේ ඉන්නේ නැතුව ගෙදර පලයල්ලා කිව්වාට, උන් එකෙක්වත් යන්නේ නැත්තේ, තෙල් දන්සැල් වලින් තෙල් ගන්න ඔක්කෝම එන්නට ඉඩ තිබෙනා නිසාය.


ඔක්කෝම කියන්නේ ඔබ තුමා තෙල් නොමිළේ දෙනවා කිව්වා වගේ ගෑසුයි පෝර ටිකත් අඩු ගානකට දෙයි කියලාය.


විදුලිය නම් පැය 24 පුරාම අකන්ඩව ඔබ තුමාගේ ඩයිනමෝවෙන් දෙන්න පුලුවනිය.


ඒ ඇරෙන්න ඔබතුමාගේ රට හදන වැඩ පිලිවල 20 වනදාට කලින් එලියට දැම්මොත්, රනිල් ලොක්කාට යන්න වෙන්නේ හොම්බෙන්මය. 


ඒ ප්‍රතිපත්ති ප්‍රකාෂණය සිරසෙන් ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරාම, සියතෙනුත් නොමිළේම ප්‍රචාරණය කරනා බව ඉරහඳ වගේ විශ්වාසය.


ඔබ තුමාට කියන්න,දැන් රංගෙ බණ්ඩාරලැයි ගෙවල් පැත්තේ ගෙම්බෝ ඉතරක් නොව, අපේ වෙලේ ගෙම්බොත් කෑ ගහන්නේ සජිත්... සජිත්... කියලාය.


ගෝල්පේස් එකේ කොල්ලන්ට බයේ ගමේ යන්න බැරි වෙන නිසා, පාර්ලිමේන්තුවේ ඉන්න පෝට්ටු බයියෝත් ඔක්කෝම චන්දේ දෙන්නේ ඔබ තුමාටෙයි කියලා උන් ඔක්කෝම වගේ මට කෝල් කරලා කිව්වාය.


ඒ කොල්ලෝ ඔබ තුමාගේ පියානෝගේ පණ පිටින් බාබේකිව් සැනකෙළිය දැකලා නැති නිසා, උන්ට ඒවා පෙන්නුවායින් පස්සේ, පියානෝ මුළු රටේම පෝස්ටරෙන් කිව්වා වගේ...


මේ කව්ද? 

මොනවද කරන්නේ?


කියා...එදාට දැන ගන්නා බවත් බුදු ෂුවර්මය.


බටන් එක ඔබපු ගමන් ඩොලර් එන ක්‍රමයක් ඔබතුමා හදනා බව මට විශ්වාසය.


ඔබ තුමාට ජයෙන් ජයම වේවා


මීට,

සදා හිතවත්,


මාතලන්

.

Jul 9, 2022

සිස්ටම් චේන්ජ් කිරීමට විකල්ප තුනක් ඇත.

 


සිස්ටම් චේන්ජ් කිරීමට
විකල්ප තුනක් ඇත.
➖➖➖➖➖➖➖

මුලින්ම කිව යුතුව ඇත්තේ ඉදිරි පාලනයක් තුල ආගමික නායකයින් සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කළ යුතු බවය.

රටේ ඇතිවන ජනවාර්ගික ගැටුම්, ආගමික ගැටුම් හා ඇති වූ ත්‍රස්තවාදී වාතාවරණයන් හා ආන්ඩු පෙරලීම් පත්කිරීම්වලද නිර්මණකරුවෝ ඔවුන්‍ය.

එමෙන්ම පෙරටුගාමි කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලේ කඳුළු දහඩිය මතින් ලබාගත් ජයග්‍රහණය ඔවුන්ට මෙන්ම නීතීඥ ප්‍රජාවටද රංගන ශිල්පීන් හෙවත් කලාකරුවන්ටද අත්පත් කරගත දිය යුතු නැත.

ඊයේ අරගලය ජයගත්තේ අන්තරේ උන් හා ඔවුන් හා එක්වූ සාමාන්‍ය ජනතාව මිස ලෝයර්ලා හෝ කලාකාරයෝ හෝ ජූජකයෝ නොවේ.

නීතීඥ ප්‍රජාව කොටුව ඉට්ටේසම හරියේදීම ගමන අඩාල කර මාරු වූ අතර, කලාකාරයෝ පැත්ත පලාතේ ආවේ නැතිය. ජෙප්පන්ගෙන් දැක්කේ මහින්ද ජයසිංහ පමණි.

උන් කියනා සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන් මමද පෙනී සිටිමි. එමෙන්ම දූෂණයේ මුදුන්මල්කඩ වූ අධිකරණය හා නීතියද සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය යන මතයේද මම එදා සිටම පෙනී සිටිමි.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවා නම් මේ රටට මේ ඉරණම කිසි දිනෙක අත් නොවනා බව මගේ විශ්වාසයයි.

එමෙන්ම රට ආර්ථික වශයෙන් අගාධයටම ගෙන ගිය මහ බැංකුවේ වගකිව යුතු නිළධාරින් සියල්ලම එලවා දැමිය යුතුය.

සෑම දිනකම අන්ඩ දමමින් ගෙනයබ මේ ව්‍යවස්ථාවද, පාර්ලිමේන්තුවද එකම විකාරයක්ම පමණි.

එමනිසා සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් ලබාගැනීමට නම් මේ දේශපාලුවන්ගෙන් අති බහුතරයද එලවා දැමිය යුතු අතර සාධාරණ අධිකරණමය ක්‍රියාමාර්ග මගින් ඔවුන් සොරකම් කළ වත්කම් සියල්ල නැවත පවරා ගත යුතුය. මීට රාජ්‍ය නිළධාරීන්ද ඇතුලත් විය යුතුය.

‍රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ඇති බැවින්, දැන් පාලනය බාර ගත යුතු විකල්ප තුනක් මම දකිමි.

1. අරගලයේ ජයග්‍රාහකයින් වන කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් නව ව්‍යවස්ථාවක් සහිත පාලනයක්. මීට චීනයේ සහාය අනිවාර්‍යයෙන් ලැබෙනු ඇත. ඊට ජවිපේ සම්බන්ධ කර ගැන්ම හෝ නොගැන්ම ඔවුන්ගේ කැමැත්තය.

2. සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් හමුදා පාලනයක්. මීට ඉන්දියාවේ පූර්ණ සහාය ලැබෙනු ඇත. 2010 සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේ ඉන්දියාවේ පූර්ණ සහායෙනි.

3. මොවුන් දෙදෙනාගේ නායකත්වය තුලින් යුත් කුමන ආකාරයේ හෝ පාලනයක්. ඊයේ අන්තරේ උන්ගෙන් සරත් ෆොන්සේකාට විශාල පිලිගැනීමක් හිමිවිය.

අප පිලිගත යුතු ප්‍රධානම කරුණ නම්, ජනාධිපති ක්‍රමයට වඩා මේ රටට කෙලවූයේ සමානුපාතික චන්ද ක්‍රමය බවයි. මුදල් විසිකල හැකි පාතාලේ වුන් රටේ ව්‍යවස්ථාධායක බලය ගෙන පිස්සු කෙලියේ මේ මජර දූෂිත චන්ද ක්‍රමයෙන්‍ය. 

 විධායක ජනාධිපති ධූරයට සමාන ආඥාදායී නායකත්වයක් නොමැතිව මේ රට ගොඩ ගැනීමට නොහැකි බවට මම ඉදිරියටත් විශ්වාසය තබනාතර,

සර්ව පාක්ෂික, නිර්පාක්ෂි හෝ මැතිවරණයක් දක්වා කරගෙන යනවා යැයි කියන කුමානාකාරයේ හෝ කැඳ හැලි පාලන ක්‍රමවලින් මේ රට ඉදිරියටත් කන්නේ 2015 සිට 2019 දක්වා කෑ පරිප්පුවෙනුත් එහා පරිප්පුවක් බව අනිවාර්‍යය.

ඉදිරියටත් මගේ අදහස් මත දිගටම දේශපාලනය පිළිබඳ ලියනාතර, කිසිම හාල්පාරුවකුගේ තර්ජනයන්ටද බිය නොවන බවත් ලියා තබමි, අදහස් ප්‍රකාෂ කිරීමේ හා භාෂණයේ නිදහස වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටිමි.

ඒ වගත් මෙසේය.....

©® Priyantha Hewage Maathalan 
.

Jul 5, 2022

IMF කියලා තියෙන්නේ මොකක්ද? අපේ උන් ඒවා හෙලි නොකරන්නේ ඇයි? අපේ උන්ට ඒවා කරන්න පුලුවන්ද?

 

IMF එක කියලා තියෙන්නෙත් රෝන්ග් ජෙනරේෂන් එක කියපු එකමයි.


ඒ කියන්නේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් ඕන කියනෙක.


ඊයේ පාර්ලිමේන්තුවේ හර්ෂ ද සිල්වා මේක කිව්වා. IMF Reforms කරන්න නම් ඔක්කොම පක්ෂ එකතු වෙන්න ඕනෙයි කියනෙක. ඒ කියන්නේ ඔක්කෝම පක්ෂ ඉන්න ආන්ඩුවක්. ඇත්තටම මුන් එහෙම එකක් ඉල්ලන්නේ රිෆෝර්ම්ස් කරන්නද? සංසාරෙදි කරන්න වෙන්නේ නෑ. උන්ට ඕන ඇමතිකමක් ගන්න විතරයි.


මේ බයිලා ගහන්නේ, ඊයේ පෙරේදා සපුගස්කන්ද පෞද්ගලීකරණය කරන්න යනවට ඒකට ජීවීතේට ඉඩ දෙන්නේ නෑ කියපු, සිරිසේන කියන පිස්සත් එක්ක රජයක් පිහිටුවන්න යන බූරුවෙක්ගේ ආන්ඩුවක මුදල් ඇමති.


මේ රටේ ජාතික ආදායම ආන්ඩුවේ උන්ගේ පඩි හා විශ්‍රාමය ගෙවන්නයි, ණය ගෙවන්නයි මදි කියලා ඊයෙත් බන්ධුල ආචාරියා කිව්වා.


IMF වල ප්‍රධාන යෝජනාවක් වෙන්නේ මේ පාඩු ලබන ආයතන ගැන මොනවා හරි කරන්න කියලා විතරක් නෙමෙයි. ඒවයෙ තියෙන අදට නොගැලපෙන AR & FR පවා වෙනස් කරන්නෙයි කියලා. කොටින්ම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කල යුතුයි කියලයි. ඒ කියන්නේ නීතිය පවා වෙනස් කරන්න වෙනවා.


කොටින්ම තව අවුරුදු 15 කින් එන ලෝකයට යන දරුවට තාම උගන්වන්නේ සුද්දගෙ සිලබස්.


අපේ AR & FR කියන ඒවා තියෙන්නේ දෙයක් කරන්න නෙමෙයි, නොකර ඉන්න. මේ අර්බුධය අස්සෙත් වැඩ වර්ජන කරන 1/4 කන්නි ඉන්න රාජ්‍ය සේවයක් ගැන කවර කතාද?


තෙල් ගේන වැඩේ කරන්න නිළධාරීන් 400 ක් ඉන්නවලු, උන් කරන්නේ තෙල් ගේන නැවත් හරවලා යවන එක. මෙච්චර සේවකයෝ ඉන්න පෙට්‍රෝලියම් එකේ ඉරිදට නිවාඩු. තෙල් බෙදාහැරීම නෑ. ඔය ඉන්න සේවක කන්දරාවෙන් ෂිෆ්ට් ක්‍රමයට පැය 24 ම සේවය දෙන්න පුලුවන්.


විදුලිබල මණ්ඩලයේ ඉඦිනේරුවෝ 2015 ඉඳන් එක වොට් එකක් ජාතික විදුලි බල පද්දතියට එකතු කරලා නැතිව විතරක් නෙමෙයි. තමන්ගේ වියදමෙන් කොම්පැනියකින් සෝලා පැනල් එකක් සවිකරගන්න පාරිභෝගිකයට, ඒකට අවසර දෙන්නෙත් නෑ. ඒ උන්ගේ ඩීසල් මාෆියාව රැකගන්න.


ජාතික සම්පතක් කියන ශ්‍රී ලන්කට් ගුවන් සේවය වසරකට බිලියන 60 ක් පාඩුයි. තෙල් සංස්ථාවත් එහෙමයි. එක ඇරොප්ලේන් එකකට සේවකයෝ 270 යි. ලංගම බස්සෙකේ තත්තෙත් එහෙමයි. 


මේවා තියාගෙන ඉන්නේ ඒ ඒ ආන්ඩුවේ හෙංචයියන්ට රැකියා දෙන්න. කොටින්ම අනුර කුමාර දිසානායකගෙ පුතා මිහින් එයාර් එකට දාන්නේ නාමල් රාජපක්ෂ. ඉතින් මේ එකක්වත්, ඔය එකෙක්වත් ප්‍රතිව්‍යූහගතකරන්නේ නෑ.


ලංගම හා කෝච්චි අනික. ඒත් මේ සියල්ලම අධික ලාබ ලබන්න පුලුවන් බිස්නස්. ඒත මේවා රන් කරන්නෙ සමාජවාදී රටවල වගේ ආන්ඩුවෙන්. ඉතින් සංසාරෙදි මේ ආයතන ලාබ ලබන්නේ නෑ. හොරකම දූෂණය නාස්තිය රජකරන හොර ගුහාවල.


අනික කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. සත පහක වැඩක් ඇති තැනක්ද? සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුයි. පර්‍යේෂණාගාර ඕන නම් විස්ස විජ්ජාලවලට අනුබද්ද කරන්න පුලුවන්.


කවුරු හරි කියනවා නම්, මේ 225 එලෙව්වාම මේක හරියනවා කියලා, මාතලන්ට නම් ඒ අමණයන්ට කියන්න තියෙන්නේ ඒ ආතල්ලෙකේ ජීවත් වෙයල්ලා. හැබයි අපි ඉස්සර ඉඳන් කියන, දැන් IMF ඇවිත් කියන ඔය රිෆෝම්ස් කරනකන් මේ රට ගොඩයෑම බොරු කියලා.


ඕවත් රැකගෙන කරනවා නම් කරන්න තියෙන්නේ එක ක්‍රමයයි. මම හිතන්න IMF එකත් පුච පෙන්නලා ගිය වෙලේ කස්ටිය කරන්න යන්නේ ඒක. ඒ තමයි බැසිල් මෙතඩ් එක.


එක්කෝ ඒක කරන්න ඕන. නැත්නම් IMF කියන දේ කරන්නෝන. මතක තියාගනිල්ලා මොකා ආවත් ඔය එනවයි කියන නැව් ටිකට ගෙවන්නවත් ආන්ඩුවට සල්ලි නෑ.


අනුර කුමාරයා නෙමෙයි, ප්‍රේමදාස කුමාරයා තියා රාජපක්ෂ කුමාරයා ආවත්, ඔය සිස්ටම් දෙකෙන් එකක් නොකර, නන්දලාල්ලගෙ කුමාරස්වාමිලගෙ ඉකොනමි තියා ලෝක බැංකුවේ ඉකොනමි තියරි වලින්වත් මේ රට ගොඩගැනිලි බොරු.


ඒ වගත් මෙසේය.....


.

Jul 2, 2022

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රැක ගැන්ම අප සැමගේ වගකීමය.

 


ඝෝඨා යනු රාජ්‍ය පාලනය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා පාලකයකු වන බව ඔප්පු කළේ බලයට පත්වීමටත් පෙර කුප්‍රකට මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහෙත් අප ඔහුට රෙදි නැතිව කඩේ ගියේ, මහින්දගේ පාලන කාලයේ පැවති සංවර්ධන ක්‍රියාදාමයන් ඔහුගේ පාලනය යටතේ හොරකම හා දූෂණයෙන් තොරව සිඳු වේයැයි යන උපකල්පනයෙන්මය.

එවකට පැවති යහපාලන පිස්සන්ගේ, එදා වේල කා ආතල් එකේ සිටීමේ, ක්‍රෙඩිට් කාඩ් ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට, පෙර පැවති කළු සල්ලි ආර්ථිකය නැවත ස්ථාපිත වෙතැයි යන පූර්ව නිගමනයෙන්‍ය.

එහෙත් සිඳු වූයේ ඊට හාත්පසින්ම වෙනස්, සිරිමා තියරිය ක්‍රියාත්මක කරන්නට යෑමය. සම 🐄🐄🐄 මෙයින් උද්දාමයට පත්ව, ලෝකෙන් උතුම් රටේ ෆැන්ටසියක් තුල සැරිසැරූවද, අප මෙයට විරුද්ධ වූයේ, එම ක්‍රමයෙන් දියුණු වූ රටක් අප දන්නා ලෝකයේ තිබුනේ නැති නිසාය. අර ෆැන්ටසියේ ජීවත් වූ උන්ට සිඳු වූයේ, අප කියූ පෝලිම් වල දින ගනන් සිහිණ දකින්නටය.

කෙසේ හෝ ඝෝඨා ගෙදර යා යුතු බව මේ රටේ ජනතාවගෙන් 97% කියනා බව සමීක්ෂණයකින්ද ඔප්පු වී අවසානය. අපද කියන්නේ ඔහු දේශපාලනයෙන්ම ඉවත් විය යුතු බවය. ඔහු පමණක් නොව මෙතෙක් ජනපති අගමැති මැති ඇමතිකම් කල සියල්ලෝම දේශපාලනයෙන් සමුගත යුතුය.

එහෙත් එය සිඳුවිය යුත්තේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවට අනුකූල ජනමත විමසුමකින් හෙවත් සර්ව ජන චන්ද බලයෙන් පවත්වන මැතිවරණයකින් මිස, ජනතා ප්‍රසාදයක් නොමැති එක එක කණ්ඩායම්වල ප්‍රචන්ඩ හා මැර බලයෙන් නොවේ.

ජනතා චන්දයෙන් කිසි දිනක බලය ලබාගත නොහැකි පිරිස් පාර්ලිමේන්තුවෙන් පිට බලයක් පිහිටුවීමට ගොස් බලය ලබා ගත්තද, ජනතාවට කන්නට සිඳුවන්නේ, මීට එහා පරිප්පුවක් බව හැඟීම් වලට වහල් වූ මල පැන සිටින මරිමෝඩ ජනතාව අවබෝධ කරගත යුතුමය. 

මේ අර්බුධයට ආන්ඩුව හා ඝෝඨා සම්පූර්ණයෙන්ම වගකිව යුතු වූවද, මුළු ලෝකයම ආර්ථික අර්බුධයකින් වෙලාගෙන ඇති බවත් අප අවබෝධ කර ගත යුතුය. ඒ නිසා බොරුවට බලය ඉල්ලන හාතයි බූරුවන් කරන්නේ පට්ට රංඟනයක් බවත්, මේ මොහොතේ බලය ලබා ගැන්මට ඔවුන්ට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත්, උන්ට අභියෝගය බාර දුන් මොහොතේ එය ප්‍රතික්ෂේප කළ බවත්, දැන් ගහන්නේ අරකොන බයිලාම බවත් සිහි තබා ගත යුතුය. 

උන් කරන්නේ බොරදියේ මාළු බෑමක් පමණි. ඒ නිසා ජනතාව කළ යුත්තේ අර පැනගිය වැඩ බැරි මුස්පේන්තුවන්ගේ මුසා බස් වලට නොරැවටි අභියෝගය බාරගත් උන්ට අවස්ථාවක් දී සුළු කාළයක් බලා සිටීම මිස, තුවාලය තව තවත් පෑරීම නොවේ. තුවාලය කැසීම ආතල් එකක් වූවද, එයින් තුවාලය සුව වන්නේ නැත.

විප්ලව නැමැති මැර බලයෙන් බලය ලබා ගත් රටවල් වල සිඳු වූයේ, මිලේච්ඡ සමූහ මිනිස් ඝාතන හා ආර්ථික වශයෙන් වල පල්ලටම ගොස් දීර්ඝ කාලීන අර්බුධයන්ට ලක්ව ලෝකයෙන් වෙන් වී හුදකලා වීම පමණමය.

එහෙත් කරුමය කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැන්මේ එක් කුළුනක් වන අධිකරණයේ නියෝජිතයන්ද නිල ඇඳුමෙන්ම මේ අමන ක්‍රියාවන් සඳහා, ඊට එක් වී සිටීමය.

උන් කරමින් සිටින්නේ, රටේ ආරක්ෂ අංශයන් නිර්වින්දනය කරමින්, ඔවුන්ට එරෙහිව තම ආධිපත්‍ය ප්‍රදර්ශනය කිරීමය. එහෙත් මේ අම්බරුවන් වටහා ගත යුත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක උන් භුක්ති විඳිනා මේ නිදහස, පාර්ලිමේන්තුවෙන් පිට පිහිටුවන බලයක් තුල අහිමි වනවා පමණක් නොව, එම පාලනයේ ගොඳුරු බවටද පත් වන්නට සිඳු වන බවය.

දැන් කළ යුත්තේ පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනා පිරිස් එම ක්‍රමය රැක ගැන්මට එකමුතුව ක්‍රියා කිරීමය. නැත්නම් උන්ටත් කිසි දිනෙක මේ රටේ බලය ලබා ගැනීම සිහිණයාක්ම වන්නේය.

රන්ජන් විජේරත්න නම් පුද්ගලයෙක් මේ රටේ ජීවත් වූ වග පාර්ලිමේන්තුවේ සිටිනා අම්බරුවන් සියල්ලෝම දැනගත යුතුය. ඔහු නොසිටින්නට අද අපටත් ජීවත් වන්නට සිඳු වන්නේ කියුබාව වාගේ රටකය. වැනිසියුලාව වාගේ රටකය.


ඒ වගත් මෙසේය...

.

.

©® මාතලන් යකා