.

.
Showing posts with label American Embassy. Show all posts
Showing posts with label American Embassy. Show all posts

Jul 24, 2022

ඩිප්ලොමැට්ටියෙකුට ප්‍රොටෝකෝල් කියාදුන් රනිල්..


ලංකාවේ ජනපති ලෙස උන්නේ යුද්ධය ජයගත් මහින්දගේ කීර්ති නාමයත් පීචං කළ ජනාධිපතිවරයෙක් බව දැන් මුලු ලෝකයම දන්නවාය. හුජ්ජා කොල්ලන්ට බියේ පැනගිය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී විධායක ජනාධිපතිවරයෙක් ලෝකයේ ඉන්නවාදැයි මා දන්නේ නැතිය. (ඒකාධිපති පිස්සෝ නම් කීප දෙනෙක්ම ඉන්නවාය)

උන්නැහේගේ ඔය ඕවර් ඩෝස් ප්‍රජාතන්තරවාදේ නිසා, ගෑණුන් විසින් උන්දැව දර මිටි බඳින්නට ගන්නා බව අප කිව්වේ, පිස්සු හෝන්තුවක් වන මෙත්තිකා විතානගේගේ බයිලා වලට නටන්නටත් කලින්ම ඉඳලාය.

ඒ කිව්වා වගේම, ඇමරිකාවේ සිට පැමිණි අළුත් ඇම්බැසිඩර් ජූලී චන්ග් නෝනා එම්බසියේ කෑවායින් පස්සේ ඩෙසර්ට් එකට ගත්තේ ඝෝඨාය. ඝෝඨා බය කරන්න ඇමරිකාවේ ඉන්නා ලොකු ලොකු ඩොප්ලොමැට්ටලා මැට්ටිලා ඔක්කෝම ගෙනත්, ඝෝඨාගේ ඔලුවට අත හේදුවේය. කොටින්ම ඝෝඨාගේ අවසන් සති කීපයේ රට පාලනය කළේ ඝෝඨා නොව ජූලී චන්ග් නෝනාය.

එයාලාගේ ප්ලෑන් එකේ පළමු පියවර හෙවත් ඝෝඨා එලවා දැමීම සාර්ථක වුවත්, දෙවෙනි වැඩේ උන්දැට ඕන විදියට කරගන්න පාර්ලිමේන්තුවේ පෝට්ටු බයියෝ ටික ඉඩ දුන්නේ නැතිය. උන් ජූලී චන්ගේ නෝනාගේ රූකඩ වූ, සජිත් හා ඩලස්ලාට රෙද්දේම රෙවෙන්න දී තනි අලියා ලංකාවේ ජනාධිපති කළේය.

 හිතේ අමාරුවෙන් උන් ජූලී චන්ග් උන්දෑ, ඇමරිකාවේ CIA ලොක්කා ලවා ලංකාවට කෙලවූයේ චීන ණය නිසා යැයි කියා පත බොරුවක් අත ඇරුයේය. ඇමරිකාවෙන් දෙන ඕන දිරච්ච ලණුවක් ගිලින්න බලාගෙන ඉන්නා, පරාජයෙන් වියරු වැටි සිටින ජඩමාද්දියවේදියෝද, බුකි මාද්දියවේදියෝද මෙය උඩ දමාගෙන ගැහුව අතර, මේ එක හාල්පාරුවෙක්කත් ලංකාවේ චීන ණය ප්‍රමාණය, ජපන් ණය ප්‍රමාණයටත් වඩා අඩු බව දැන උන්නේ නැතිය.

අඬන්න බලාගෙන උන් ජූලී නෝනාට උඩ පැන පැන අඬන්න පින පෑදුනේ, රනිල් වැඩ බාරගත් දිනම මහ රෑ ජනාධිපති ලේකම් කාර්‍යලය බලෙන් අල්ලාගෙන උන් ත්‍රස්තවාදීන්ට නෙලීමෙන් අනතුරුවය. එයා නැව් ගුටි නිමවෙන්නටත් කලින්, කුකුලා කක්කා ඩුඩුල් ඩූ කියන්නත් කලින්, ට්වීට් තුනක්ම දමා කිව්වේ, ගෝල්ෆේස් එකේ ඉන්න බබාලාට උයියා කරන්නට එපා, ඒක ගැන එයා මාර විදියට කන්සර්න්‍ය කියලාය. ඒ කියන්නේ රනිල් ඔයා පිස්සු නම් කෙලින්න යන්න එපා, අයි ඈම් ඒ නෝටී ගර්ල් කියලාය.

මේකෙන් උද්දාමයට පත් ෆේස්බුක් හාල්පාරුවෝ... හානේ බලන්නකො අනේ... රනිල් පටන්ගන්නකොටම නාගන්නනේ යන්නෙ අනේ.... එයා ජාත්‍යන්තරයෙන් කොන් වෙලා නේ  . තාම කවුරුත් එයාට විෂ් කලෙත් නෑ නේ... කිස් කලෙත් මෛත්‍රී නෝනා විතරනේ.... එයා ඩිප්ලොමැටික් දන්නෙත් නෑ නේ..... ප්‍රොටෝකෝල් දන්නෙත් නෑ නේ... කියා, රනිල්ට ඒවා කරනාකාරය ගැන ලැක්චර්ස් දුන්නේය.

හැබැයි ජූලි චන්ග් නෝනා වගේම මේ හාල්පාරුවොත් නොදැන උන්නේ, ජේ ආර් ගෙන් හා පියානෝගෙන් දේශපාලනය හදාරා, වසර 45 ක ඇක්ස්පීරියන්ස් ඇති රනිල් උන්නැහේ, ඩිප්ලොමැටික් ඉතරක් නොව පොලිටිකල් ඇරිත්මැටික් වලත් කෙල පැමිනියෙක් බවය.

වහ වහාම ඊයේ ඩිප්ලොමැට්ටෝ හා මැට්ටියන්ගේ රැස්වීමක් කැඳවූ රනිල් උන්නැහේ, පුද්ගලයෙක් නම් නොකර හීනියට සියල්ලන්ටම කියා ඇත්තේ, 

⭕ මීට පස්සෙ අපේ රටේ ප්‍රශ්ණ ගැන ට්වීට් ගගනවා නම්, සිද්ධිය පිළිබඳ වගකිවයුතු පාර්ෂව වලින් විමසීමෙන් පසුව වගකීමකින් ඒවා කරන ලෙසත්, 

⭕ තමුන්ගේ රටේ ජනාධිපති ලේකම් කාර්‍යාලයට, මර්මස්ථානවලට මෙහෙම දෙයක් උනොත් කරන්නේ බකං නිලාගෙන රිලව් නලවන එකද කියාත්, 

⭕ මොවුන්ට ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් පිටවන ලෙස ඉල්ලා සිටී මුත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් කල් මැරූ බවත්, ඇමරිකාවේ කැපිටල් බිල්ඩිම ආක්‍රමණය වෙලේ සිඳුවූයේ කුමක්ද කියාත්‍ය.

එයින්, ජූලි චන්ග් නෝනට රෙද්දේ රෙවුනාද කියන්න දන්නේ නැති නමුත්, මේ ඉන්නේ ඝෝඨා වගේ හාල්පාරුවෙක් නොවනා බව නම් අනිවාර්‍යයෙන් ඉගෙන ගන්නට ඇතිය.

හායි හූයි ගෑ අපේ හාල්පාරුවන්ට නම් මට කියන්න තියෙන්නේ, රනිල් දුන්නේ නියමම ගේමක් බවය. බැරි වෙලා හෝ අරුන් යනකන් උන්නා නම්, ලෝකයම හිතන්නේ මෙයත් අරයා වගේම හාල්පාරුවෙක් බවත්, රට පාලනය කරන්නේ අරගල හිඟන්නෝ බවත්‍ය.

රනිල්ගේ ගේම කෙතරම් සාර්ථකද යත්, අපේ හිතවත් සී ජින් පින් මහතාගෙන් හා චීන ජනතාවගෙන් සුභ පැතුම් එන්නේ ඉන් අනතුරුවය. උන්නැහේ කියලා තියෙන්නේ අපි ෆුල් සප් එක දෙනවා කියලාය. රනිල් ඒ වැඩේට ඉන්නා සොලිඩ්ම බඩුව දාලාත් අහවරය.

ලෝක නායකයෝත් ඉන්වෙස්ටර්ලාත් ඉල්ලන්නේ ඝෝඨා වගේ පීචං පොරවල් නොව, ජේ ආර්, රණසිංහ ප්‍රේමදාස, මහින්ද වාගේ කොන්දක් ඇති නිර්භීත නායකයෝය. ආධාර හා ඉන්වෙස්ට්මන්ට් එන්නේ රට ස්ථාවර කළ හැකි නායකත්වයක් හා ආන්ඩුවක් තිබුන විටය.

ජේ ආර්ගේ කාළයේ රාජ්‍ය සේවකයින් රැකියාවල් වලින් එලවා, යූනියන් කාරයන්ට, කලාකාරන්ට, ඝනයාට  එලව එලවා ගහද්දි, ආයෝජකයෝ වැල නොකැඩී ආවේත්, මහවැලියට හා අනෙකුත් සංවර්ධන වැඩ වලට ආධාර ආවෙත්, බබා හුකුං කරන්න ගිය නිසා නොවේය.

දකුණේ ත්‍රස්තවාදීන් අමානුෂික ලෙස සුනු විසිණු කර දැමූ කෲර පාලකයකු වූ ප්‍රේමදාසට, ඉන්පසු රට ගොඩනැගීමට ආධාර හා ඉන්වෙස්ට්මන්ට් ගලාගෙන එන්නේත්, ඇඟළුම් කර්මාන්තය රටේ ප්‍රධාන ආධායම වන්නේත්, රාජ්‍ය නිළධාරීන් තියා එකෙක්කත් පයිසෙකට මායිම් නොකල නියම නායකයකු වූ නිසාය.

ඉන් පසු කොටින් හා දීග කමින් සිට ප්‍රභා බේරාගන්නට ආ ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශයේ කුෂ්නර් කාරයා ඇඹිලිපිටියට ගෙන්වා, පරිප්පු එක්ක ආප්ප දී, මේක තව දුරටත් තමුසෙලාගේ යටත් විජිතයක් නොවන බවට හොඳට මතක හිටින පාඩමක් කියා දී, යුද්ධය නිම කළ නිසාවෙන්, රටවල් සෑහෙන ප්‍රමාණයක් ආයෝජනය කිරීමට එන්නේත්, ආර්ථිකය බලා සිටියදි ගොඩ යන්නෙත් එවන් නිර්භීත නායකත්වය නිසාය.

එමෙන්ම ගුණත් නැති අගුණත් නැති සැටලයිට් නෝනා, පඹ සිරා හා ඝෝඨාගේ කාලයේ බව්වෙක් වත් මේ පැත්ත පලාතේ නොඑන්නේත් ඇයි කියා දැන්වත් දැණුම් විය යුතුය...

ඒ නිසා ජූලී චන්ග් නෝනාටත් අපේ හාල්පාරුවන්ටත් කියන්නට තියෙන්නේ, රනිල්ට පොඩ්ඩක් කරගන්නට දී අයිනක් අල්ලගෙන බලාගෙන ඉන්ටෙයි කියලාය.

නාගන්නා එක හෝ ගොඩ යන එක රනිල්ගේ වැඩක් මිස අපේ වැඩක් නොවේය...


ඒ වගත් මෙසේය.....

.

By - මාතලන් යකා